යෙදුමෙන් කියවන්න

ගොපාල විමානං

7. 6.

7. 6.

1160. දිස‍්වාන දෙවං පටිපුච‍්ඡි භික‍්ඛු උච‍්චෙ විමානම‍්හි චිරට‍්ඨිතිකෙ ආමුත‍්තහත්‍ථාභරණං යසස‍්සිං දිබ‍්බෙ විමානම‍්හි යථාපි චන්‍දිමා.

1160. (සිය) දෙව්විමන්හි සඳදෙව්පුත් යම්සේ බබළා ද, එසේ (බබළන) උස් වූ බොහෝකල් පවත්නා වූ විමානයෙහි පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇති දෙවියකු දැක මෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ (මෙසේ) විචාළ සේක.

1161. අලඞ‍්කතො මාලභාරී සුවත්‍ථො සුකුණ‍්ඩලී කප‍්පිතකෙසමස‍්සු ආමුත‍්තහත්‍ථාභරණො යසස‍්සී දිබ‍්බෙ විමානම‍්හි යථාපි චන්‍දිමා.

1161. (එම්බා දේවපුත්‍රය), අලඞ්කෘත වූ මල්මාලා දරන්නා වූ මනාවත් ඇති මනා කොඬොල් ඇති සැරහූ කෙස්රැවුළු ඇති පැළඳි අත් අබරණ ඇති පිරිවර ඇත්තා වූ (තෝ) මේ දෙව්විමන්හි චන්‍ද්‍රයා මෙන් (බබළහි).

1162. දිබ‍්බා ච වීණා පවදන‍්ති වග‍්ගුං අට‍්ඨට‍්ඨකා සික‍්ඛිතා සාධුරූපා දිබ‍්බා ච කඤ‍්ඤා තිදසචරා උළාරා නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති

1162. (එහි) දිව්‍යවීණාවෝ මිහිරි සේ වාදනය වෙති. සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොවැ සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති, ගයති, ප්‍රමෝද වෙත්.

1163. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

1163. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි වෙහි ද?

1164. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං

1164. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.

1165. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතො සඞ‍්ගම‍්ම රක‍්ඛිස‍්සං පරෙසං ධෙනුයො තතො ච ආගා සමණො මමන‍්තිකෙ ගාවො ච මාසෙ අගමංසු ඛාදිතුං

1165. (වහන්ස) මම (පෙරැ) මිනිසුන් අතරැ මනුෂ්‍ය වූයෙම් අනුන්ගේ දෙනුන් එක්රැස් කොට රැක්කෙමි. එකල්හි මහණෙක් මා වෙතට පැමිණියේ ය. ගවයෝ ද මෑකෙත කන්නට ගියහ.

1166. ද‍්වයජ‍්ජ කිච‍්චං උභයඤ‍්ච කාරියං ඉච‍්චෙවහං භන‍්තෙ තදා විචින‍්තයිං තතො ච සඤ‍්ඤං පටිලද‍්ධ යොනිසො දදාමි භන‍්තෙති ඛිපිං අනන‍්තකං

1166. වහන්ස, එකල්හි මම (මා විසින්) කළයුතු කිස දෙකක් ඇතැ යි සිතීමි. වහන්ස, ඉක්බිති නුවණින් ධර්‍මසංඥාව පිළිලැබ (කොමුපිඬු) දෙමි යි රෙදිකඩ බැහැර කෙළෙමි.

1167. සො මාසඛෙත‍්තං තුරිතො අවාසරිං පුරා අයං භඤ‍්ජති යස‍්සිදං ධනං තතො ච කණ‍්හො උරගො මහාවිසො අදංසි පාදෙ තුරිතස‍්ස මෙ සතො

1167. මේ ගවසමූහය තෙමේ යමක්හුගේ මේ මාෂශස්‍යය මඩනේ ද, ඒ (මම) එයට පෙරැ යුහුසුලු වූයෙම් මෑකෙතට පැමිණියෙමි. එහි වේගයෙන් ගිය මාගේ පය මහාවිෂ ඇති කෘෂ්ණසර්‍පයෙක් දෂ්ට කෙළේ ය.

1168. ස‍්වාහං අට‍්ටොම‍්හි දුක‍්ඛෙන පීළිතො භික‍්ඛු ච තං සාමං මුඤ‍්චිත්‍වා නන‍්තකං අහාසි කුම‍්මාසං මමානුකම‍්පයා තතො චුතො කාලකතොම‍්හි දෙවතා

1168. ඒ මම සර්‍පවිෂයෙන් උපද්‍රැත වූයෙම් මරණදුකින් පෙළුණෙම් වෙමි. මහණ ද මට අනුකම්පා පිණිස තෙමේ ම ඒ රෙදිකඩ මුදා කොමුපිඬු වැළඳී ය. (මම) කලුරිය කෙළෙම් ඒ මිනිසත් බවෙන් චුත ව දෙවියෙක් වෙමි.

1169. තදෙව කම‍්මං කුසලං කතං මයා සුඛඤ‍්ච කම‍්මං අනුභොමි අත‍්තනා තයා හි භන‍්තෙ අනුකම‍්පිතො භුසං කතඤ‍්ඤුතාය අභිවාදයාමි තං

1169. මා විසින් ඒ කුශලකර්‍මය ම කරන ලදි. වහන්ස, ඔබ විසින් බොහෝසේ අනුකම්පා කරනු ලැබූ මම ඒ කර්‍මයෙන් සැප ද විඳිමි. කළගුණ දන්නා බැවින් ඔබ වහන්සේ වඳිමි.

1170. සදෙවකෙ ලොකෙ සමාරකෙ ච අඤ‍්ඤො මුනී නත්‍ථි තයානුකම‍්පකො තයා හි භන‍්තෙ අනුකම‍්පිතො භුසං කතඤ‍්ඤුතාය අභිවාදයාමි තං

1170. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතාශයින් අනුකම්පා කරනු ලැබූ (මම) කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.

1171. ඉමස‍්මිං ලොකෙ පරස‍්මිං වා පන අඤ‍්ඤො මුනී නත්‍ථි තයානුකම‍්පකො තයා හි භන‍්තෙ අනුකම‍්පිතො භුසං කතඤ‍්ඤුතාය අභිවාදයාමි තන‍්ති.

1171. මෙලොව ද පරලොව ද ඔබ වහන්සේ හා සම වූ අනුකම්පා ඇති අන්‍ය වූ මුනිවරයෙක් නැත. වහන්ස, ඔබ වහන්සේ විසින් අතිශයින් අනුකම්පා කරනු ලැබූ මම කළගුණ දන්නා බැවින් ඔබ වඳිමි.

ගොපාල විමානං.

ගෝපාලවිමාන යි.