සුවණ‍්ණවිමානං
7. 4.
7. 4.
1135. සොවණ‍්ණමයෙ පබ‍්බතස‍්මිං විමානං සබ‍්බතො පභං හෙමජාලකපච‍්ඡන‍්නං කිඞ‍්කිණිජාලකප‍්පිතං
1135. (එම්බා දේවපුත්‍රය) රුවන්දැලින් සැරසූ කිකිණිදැල් ඇති හාත්පසින් බබළන (මේ) විමානය රන්පවුවෙකැ පිහිටියේ වෙයි.
1136. අට‍්ඨංසා සුකතා ථම‍්භා සබ‍්බෙ වෙළුරියාමයා එකමෙකාය අංසියා රතනා සත‍්ත නිම‍්මිතා
1136. අටැස් වූ සුදුපැහැති සියලු ටැම්හු වෙරළුමිණියෙන් මොනවට කරන ලදහ. (ඒ ටැම්හි) එක් එක් කොටස සත් රුවනින් නිමවන ලදී.
1137. වෙළුරියසුවණ‍්ණස‍්ස ඵළිකා රූපියස‍්ස ච මසාරගල‍්ලමුත‍්තාහි ලොහිතඞ‍්කමණීහි ච
1137-1138. වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදියෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. එහි ධූලි නො නගියි. නිර්මිත වූ රන්වන් වූ ගොනැස් සමූහයෝ (සත්රුවන් පුවා) කැණිමඬල දරත්.
1138. චිත්‍රා මනොරමා භූමි න තත්‍ථුද‍්ධංසතී රජො ගොපාණසීගණා පීතා කූටං ධාරෙන‍්ති නිම‍්මිතා
1139. සොපානානි ච චත‍්තාරි නිම‍්මිතා චතුරො දිසා නානා රතනගබ‍්භෙහි ආදිච‍්චොව විරොචති
1139. සිවු දිගුහි හිණි සතරෙක් මවන ලදි. නොයෙක් රුවනින් කළ ගබඩාවන් කරණකොට ගෙන (මේ විමන) හිරුමෙන් බබළයි.
1140. වෙදියා චතස‍්සො තත්‍ථ විභත‍්තා භාගසො මිතා, දද‍්දල‍්ලමානා ආභන‍්ති සමන‍්තා චතුරො දිසා
1140. එහි සිවු දිගුහි අවට අතිශයින් දීප්තිමත් වූ කොටස් වශයෙන් පමණට බෙදූ සිවු වේදිකාවෝ බබළත්.
1141. තස‍්මිං විමානෙ පවරෙ දෙවපුත‍්තො මහප‍්පභො අතිරොචති වණ‍්ණෙන උදයන‍්තොව භානුමා
1141. ඒ උතුම් විමන්හි සිටින උදාවන හිරුමෙන් මහත් කැලුම් ඇති දෙවිපුත් වූ (තෝ) සිරුරු පැහැයෙන් අතිශයින් බබළහි.
1142. දානස‍්ස තෙ ඉදං ඵලං අථො සීලස‍්ස වා පන අථො අඤ‍්ජලි කම‍්මස‍්ස තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො ති.
1142. (එම්බා දිව්‍යපුත්‍රය) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද, නැතහොත් සීලයක්හුගේ ද, නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
1143. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං
1143. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
1144. අහං අන්‍ධකවින්‍දස‍්මිං බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො විහාරං සත්‍ථු කාරෙසිං පසන‍්නො සෙහි පාණිහි
1144. (වහන්ස) මම (පෙරැ) අන්‍ධකවින්‍ද නම් රටෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතැතියෙම් සියතින් (ඒ ඒ කිස කරමින්) විහාරයක් කරවූයෙමි.
1145. තත්‍ථ ගන්‍ධඤ‍්ච මාලඤ‍්ච පච‍්චග‍්ඝඤ‍්ච විලෙපනං විහාරං සත්‍ථුනො දාසිං විප‍්පසන‍්නෙන චෙතසා
1145. ඒ අන්‍ධකවින්‍ද රටෙහි (මම) වෙසෙසින් පහන් සිතින් ශාස්තෲන් වහන්සේට අභිනව සුවඳ ද මල්ද විලවුන් ද විහාරය ද පූජා කෙළෙමි.
1146. තෙන මය‍්හමිදං ලද‍්ධං වසං වත‍්තෙමි නන්‍දනෙ නන්‍දනෙ පවනෙ රම‍්මෙ නානාදිජගණායුතෙ රමාමි නච‍්චගීතෙහි අච‍්ඡරාහි පුරක‍්ඛතොති.
1146. ඒ පිනෙන් මා විසින් මේ විපාකය ලබනලදී. නදුන් වෙනෙහි අනුන් අභිභවා වෙසෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරනලද මම නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්ත වූ සිත්කලු වූ නදුන් වෙනෙහි ගී නැටුම්වලින් සිත් අලවා වෙසෙමි.