නාගවිමානං
5. 10.
5. 10.
962. සුසුක‍්කඛන්‍ධං අභිරුය‍්හං නාගං අකාචිතං දන‍්තිං බලිං මහාජවං අභිරුය‍්හ ගජවරං සුකප‍්පිතං ඉධාගමා වෙහාසයමන‍්තළික‍්ඛෙ.
962. (දිව්‍ය පුත්‍රය) ඉතා සුදු කඳක් ඇති මහත් දළ ඇති නිදොස් වූ බල ඇති මහාජව ඇති මොනවට සැරසූ නැග යාමට සුදුසු වූ උතුම් ඇතකු පිට නැගී අහසින් මෙහි පැමිණියෙහි.
963. නාගස‍්ස දන‍්තෙසු දුවෙසු නිම‍්මිතා අච‍්ඡොදිකා පදුමිනියො සුඵුල‍්ලා පදුමෙසු ච තුරියගණා පවජ‍්ජරෙ ඉමා ච නච‍්චන‍්ති මනොභරායො.
963. ඇත්රජුගේ දෙදළෙහි පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති දෙපොකුණෙක් මැවිණ. පියුම් මත පසඟතුරු මුළුහු වැයෙති. මේ මනහර දෙවඟනෝ ද නටත්.
964. දෙවිද‍්ධිපත‍්තොසි මහානුභාවො මනුස‍්සභූතො කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.
964. මහත් අනුභාව ඇති දිව්‍යපුත්‍රය (තෝ) දිව්‍යර්ද්ධියට පැමිණියෙහි මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇති වෙහි ද?
965. සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡෙතා, පඤ‍්හං පුට‍්ඨො වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.
965. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසී ය.
966. අට‍්ඨෙව මුත‍්තපුප‍්ඵානි කස‍්සපස‍්ස මහෙසිනො ථූපස‍්මිං අභිරොපෙසිං පසන‍්නො සෙහි පාණිහි.
966. පහන් සිත් ඇති මම නටුයෙන් ගිලිහුණු මල් අටක් සියතින් කාශ්‍යප බුදුරදුන්ගේ සෑයෙහි පිදුවෙමි.
967. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
967. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
968. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතො යමකාසි පුඤ‍්ඤං තෙනම‍්හි එවං ජලිතානුභාවො වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.
968. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද? (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.