පභස්සර විමානං
4. 2.
4. 2.
698. පභස්සර වරවණ්ණනිභෙ සුරත්තවත්ථ නිවාසනෙ මහිද්ධිකෙ චන්දනරුචිරගත්තෙ කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමං
698. ප්‍රභාස්වර වූ උතුම් වූ වර්ණයෙන් බබළන අතිරක්ත වූ වස්ත්‍ර හැඳි මහත් ඉදුහ ඇති සඳුන් අලෙව් කළාක් වැනි මනරම් සිරිරි අවයව ඇති (එම්බා) හොබනා දෙව්දුව, මා වඳනෙහි. තී කවරක් ද?
699. පල්ලඞ්කො ව තෙ මහග්ඝො නානාරතනචිත්තිතො රුචිරො යත්ථ ත්වං නිසින්නා විරොචසි දෙවරාජාරිව නන්දනෙ වනෙ
699. නඳුනුයනෙහි සක්දෙව් රජු සේ තී ඇසනෙකැ හුන්නී බබළන්නෙහි ද, තිගේ (මේ) පලඟ මහඟු ය, නන් රුවනින් විසිතුරු කරන ලද්දේ මනහර ය.
700. කිං ත්වං පුරෙ සුචරිතමාචරි භද්දෙ කිස්ස කම්මස්ස විපාකං අනුභොසි දෙවලොකස්මිං දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්සකම්මස්සිදං ඵලන්ති
700. සොඳුර, පෙරැ තී කිනම් සුචරිතයක් කෙළෙහි ද? දෙව්ලොවැ කිනම් කර්මයක්හුගේ විපාකය (මෙසේ) අනුභව කෙරෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්මයක්හුගේ දැ යි කියව.
701. පිණ්ඩාය තෙ චරන්තස්ස මාලං ඵාණිතඤ්ච අදදං භන්තෙ තස්ස කම්මස්සිදං විපාකං අනුභොමි දෙවලොකස්මිං
701. වහන්ස, පිඬු පිණිස හැසිරෙන ඔබවහන්සේට දෑසමන් මල්දමක් ද උක්කුරුපැනක් ද දුනිමි. (මම) ඒ කර්මයෙහි මේ විපාකය දෙව්ලොවැ විඳිමි.
702. හොති ච මෙ අනුතාපො අපරද්ධං දුක්කතඤ්ච මෙ භන්තෙ සාහං ධම්මං නාස්සොසිං සුදෙසිතං ධම්මරාජෙන
702. වහන්ස, මට විපිළිසරෙක් ද වෙයි. මට ම වැරදිණි. නපුරෙක් ද කරන ලදි. ඒ මම ධර්මරාජන් වූ බුදුරජුන් විසින් මැනවින් දෙසූ ධර්මය නො ඇසීමි.
703. තං තං වදාමි භද්දන්තෙ යස්ස මෙ අනුකම්පියො කොචි ධම්මෙසු තං සමාදපෙථ සුදෙසිතං ධම්මරාජෙන
703. වහන්ස, එහෙයින් එය ඔබට කියමි. යම්කිසිවෙක් මට අනුකම්පා කරන්නේවේ ද (හෙතෙම) ඒ මා ධර්මරාජයන් වහන්සේ විසින් මනාකොට දෙසනලද (සීලාදී) ධර්මයන්හි සමාදන් කරවනු මැනව.
704. යෙසං අත්ථි සද්ධා බුද්ධෙ ධම්මෙ ච සඞ්ඝරතනෙ ච, තං තෙ මං අතිවිරොචන්ති ආයුනා යසසා සිරියා
704. බුදුරුවන්හි ද දමුරුවන්හි ද සඟුරුවන්හි ද යම් දෙව් කෙනෙකුන්ගේ සැදැහැ ඇත්තේ නම් ඒ දෙවියෝ ආයුෂයෙන්, යසසින් හා සිරියෙන් ඒ මා ඉක්මවා බබළත්.
705. පතාපෙන වණ්ණෙන උත්තරිතරා අඤ්ඤෙ මහිද්ධිකතරා මයා දෙවාති
705. අන්‍ය දෙවියෝ ආනුභාවයෙන් වර්ණයෙන් මට වඩා උත්තරීතරයහ. මහත් ඉදුහ ඇතියහ.