නාග විමානං
4. 3.
4. 3.
706. අලඞ්කතා මණිකඤ්චනාචිතං සුවණ්ණජාල චිත්තං මහන්තං අභිරුය්හ ගජවරං සුකප්පිතං ඉධාගමා වෙහාසයං අන්තළික්ඛෙ
706. සියලු අබරණින් සැරසුණු තෙපි මිණි කසුනෙන් කරන ලද රුවන් දැලින් ගැවසීගත් මහත් වූ (ගමන සන්නාහයෙන්) සන්නද්ධ වූ අහස්ගත උතුම් ඇතකු මත නැගී අහසින් මෙහි පැමිණියහු.
707. නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා අච්ඡොදිකා පදුමිනියො සුඵුල්ලා පදුමෙසු ච තුරියගණා පභිජ්ජරෙ ඉමා ච නච්චන්ති මනොහරායො
707. ඇත් රජුගේ දෙදළෙහි, පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති පොකුණු දෙකෙක් පහළ විය. පියුම් මත පසඟතුරු සමූහයෝ ප්‍රභේදයට යෙත් (වාදනය වෙත්). මේ මනහර දෙවඟනෝ ද නටත්.
708. දෙවිද්ධිපත්තාසි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
708. මහත් ආනුභාව ඇති දෙව්දුව, (තී) දිව්‍යර්ද්ධියට පැමිණියා වෙහි. මිනිස් දුවක් වූවා කවර පිනක් කෙළෙහි ද? තිගේ සිරිරි පැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යාර්ධි ඇත්තී වෙහි ද?
709. බාරාණසියං උපසඞ්කමිත්වා බුද්ධස්සහං වත්ථයුගං අදාසිං පාදානි වන්දිත්ව ඡමා නිසීදිං චිත්තා චහං අඤ්ජලිකං අකාසිං
709. මම බරණැසට එළඹ බුදුරජුන්ට වස්ත්‍ර යුග්මයක් දුනිමි. පා වැඳ බිම හිඳගතිමි. තුටු වූ මම ඇඳිලි ද කෙළෙමි.
710. බුද්ධො ච මෙ කඤ්චනසන්නිභත්තවො අදෙසයී සමුදයදුක්ඛනිච්චතං අසඞ්ඛතං දුක්ඛනිරොධසස්සතං මග්ගං අදෙසෙසි යතො විජානියං
710. යම් ධර්මදේශනාවකින් (මම) සිවුසස් දහම් පිළිවිදුයෙම් ද, කසුන්වන් සිවි ඇති බුදුරජාණන් වහන්සේ සමුදය දුඃඛ සත්‍යයන්ගේ අනිත්‍යතාව මට දේශනා කළසේක. තවද, අසංස්කෘත වූ ශාශ්වත වූ දුඃඛ නිරෝධය වූ නිර්වාණය ද කෙලෙස් නසන ආර්ය්යමාර්ගය ද දේශනා කළසේක.
711. අප්පායුකී කාලකතා තතො චුතා උපපන්නා තිදසගණං යසස්සිනී සක්කස්සාහං අඤ්ඤතරා පජාපතී යසුත්තරා නාම දිසාසු විස්සුතා’ති.
711. මඳ ආයු ඇති ඒ මම කලුරිය කළා එයින් ච්‍යුත වූවා දෙවියන් අත්රැ උපන්නී යසස් ඇත්තී වීමි. සක්දෙව් රජහුගේ එක්තරා භාර්‍ය්‍යාවක් වූ මම (දෙදෙව්ලොවැ) දිගුන්හි පතළා වූ යසුත්තරා නම් වෙමි.