විසාලක‍්ඛී විමානං
3. 9.
3. 9.
667. කා නාම ත්‍වං විසාලක‍්ඛි රම‍්මෙ චිත‍්තලතාවනෙ, සමන‍්තා අනුපරියාසි නාරීගණපුරක‍්ඛතා.
667. මහත් ඇස් ඇති දෙව්දුව, තී (පෙර අත්බැව්හි) කවර නැමැත්තියක් වූවා ද? දිවසරන් සමූහයෙන් පිරිවරන ලද්දී සිත්කලු සිතුලිය වෙනෙහි හාත්පස හැසිරෙයි.
668. යදා දෙවා තාවතිංසා පවිසන‍්ති ඉමං වනං, සයොග‍්ගා සරථා සබ‍්බෙ චිත්‍රා හොන‍්තී ඉධාගතා.
668. යම් කාලෙක තව්තිසා වැසි දෙවියෝ මේ සිතුලිය වනයට පිවිසෙත් ද, (එකල) මෙහි පැමිණියා වූ යාන සහිත වූ රිය සහිත වූ සියල්ලෝ ම විසිතුරු අයුරු ඇත්තෝ වෙත්.
669. තුය‍්හඤ‍්ච ඉධ පත‍්තාය උය්‍යානෙ විචරන‍්තියා, කායෙ න දිස‍්සති චිත‍්තං කෙනරූපං තවෙදිසං දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.
669. මෙහි පැමිණි මේ උයනෙහි හැසිරෙන තීගේ සිරුරෙහි (පුෂ්පාදීන්) අමුතු විසිතුරෙක් නොපෙනේ. තීගේ රූපය මෙබඳු (පැහැපත්) වූයේ කවර පිනෙකින් ද? (එම්බා) දෙව්දුව, විචාරණ ලද්දී මේ විපාකය කවර පුණ්‍යකර්‍මයක්හුගේ දැයි කියව.
670. යෙන කම‍්මෙන දෙවින්‍ද රූපං මය‍්හං ගතී ච මෙ, ඉද‍්ධි ච අනුභාවො ච තං සුණොහි පුරීන්‍දද.
670. දෙවිඳුනි, යම් පිනෙකින් මාගේ මේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් වී ද, සක්දෙව්ඳුනි, එය අසනු මැනවි.
671. අහං රාජගහෙ රම‍්මෙ සුනන්‍දානාමුපාසිකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා.
671. මම පෙරැ මනරම් වූ රජගහනුවරැ ශ්‍රද්ධායෙන් හා ශීලයෙන් යුක්ත වූ සියලු කල්හි දන්දීමෙහි ඇලුනු සුනන්‍දා නම් උපාහිකාවක් වීමි.
672. අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා.
672. (එකලැ මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් ද පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
673. චාතුද‍්දසිං පඤ‍්චදසිං යාච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරිය පක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.
673-74. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් වීසිමි. සියලු කල්හි නිති සිල්හි ද පිහිටියෙමි. කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා බෙදා දෙන්නී ගෙහි විසීමි.
674. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සඤ‍්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං
675. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.
675. (එකල්හි මම) පණිවායෙන් දුරුවීමි, මුසවායෙන් සංයතවීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරුවීමි.
676. පඤ‍්චසික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො.
676. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි.
677. තස‍්සා මෙ ඤාතිකුලා දාසී සදා මාලාභිහාරතී, තාහං භගවතො ථූපෙ සබ‍්බමෙවාභිරොපයිං.
677. ඒ මට දිනපතා නෑ කුලයෙන් දැස්සක් මල්මාලා ගෙන එයි. මම ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ධාතුචෛත්‍යයට පූජා කෙළෙමි.
678. උපොසථෙ චහං ගන‍්ත්‍වා මාලාගන්‍ධවිලෙපනං, ථූපස‍්මිං අභිරොපෙසිං පසන‍්නා සෙහි පාණිහි.
678. පොහෝ දිනයෙහි ගොස් මම පහන් සිත් ඇත්තී සියතින් ම මල් ගඳ විලවුන් සෑයට පිදුවෙමි.
679. තෙන කම‍්මෙන දෙවින්‍ද රූපං මය‍්හං ගතී ච මෙ, ඉද‍්ධි ච අනුභාවො ච යං මාලං අභිරොපයිං.
679. දෙව්ඳුනි, යම් මාලාවක් පූජා කෙළෙම් ද, ඒ (කුශලකර්‍මයෙන්) මාගේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් විය.
680. යඤ‍්ච සීලවතී ආසිං න තං තාව විපච‍්චතී, ආසා ච පන මෙ දෙවින්‍ද සකදාගාමිනී සියන‍්ති.
680. යම් හෙයකින් මම සිල්වත් වීම් ද ඒ ශීලය මෙතෙක් විපාක නො දෙයි. දෙව්ඳුනි, කෙසේ නම් මම සෙදගැමිනියක් වන්නෙම් දැ යි මාගේ පැතුමෙක් ද වන්නේ යි.