යෙදුමෙන් කියවන්න

මල‍්ලිකා විමානං

3. 8.

3. 8.

659. පීතවත්‍ථෙ පීතධජෙ පීතාලඞ‍්කාරභූසිතෙ, පීතන‍්තරාහි වග‍්ගුහි අපිළන්‍ධාව සොභසි.

659. රන්වන් වත් ඇත්තිය. රන්වන් ධ්වජ ඇත්තීය, රන්වන් අබරණින් බබළන්නීය, තී සිත්කලු වූ මනරම්වූ රන්වන් උතුරුසළුයෙන් නො සැරසුනී ම හොබනෙහිය.

660. කා කම‍්බුකෙයූරධරෙ කඤ‍්චනාවෙළභූසිතෙ, හෙමජාලක පච‍්ඡන‍්නෙ නානාරතනමාලිනි.

660. රන්වන් වළලු දරන්නීය, රන්මුවා මුදුන්මල්කඩින් සැරසුනිය, රන්දැලින් වැසුණු සිරුරු ඇත්තීය, නන් රුවන් මල්දම් ඇත්තිය, තී කවරක් ද?

661. සොවණ‍්ණමයා ලොහිතඞ‍්කමයා ච මුත‍්තාමයා වෙළුරියමයා ච මසාරගල‍්ලා සහ ලොහිතඞ‍්කා පාරාවතක‍්ඛීහි මණීහි චිත‍්තිතා.

661. (තීගේ කෙස් කලඹෙහි හා අත්හි) රනින් කළ මල්මාලා පියුම්රා මිණියෙන් කළ මල්මාලා, මැසිරිගල් මිණියෙන් කළ මල්මාලා, රත්පැහැ මිණියෙන් කළ මල්මාලා, පරෙවි ඇස් වැනි මිණියෙන් විසිතුරු වූවාහු ද වෙත්.

662. කොචි කොචි එත්‍ථ මයූරසුස‍්සරො හංසස‍්සරඤ‍්ඤො කරවීකසුස‍්සරො තෙසං සරො සූයති වග‍්ගුරූපො පඤ‍්චඞ‍්ගිකං තුරියමිවප‍්පවාදිතං.

662. මේ මල්දම්හි මොනරුන්ගේ නාදය මෙන් හස් රදුන්ගේ හඞ මෙන් කුරවි කෙවිල්ලන්ගේ කූජන මෙන් මනහර නද ඇසෙයි. ඔවුන්ගේ නාදය වැයූ පසඟතුරුනද මෙනි.

663. රථො ච තෙ සුභො වග‍්ගු නානාරතනචිත‍්තිතො නානාවණ‍්ණාභි ධාතූහි සුචිභත‍්තො ච සොභති.

663. නන් රුවනින් විසිතුරු කරන ලද තීගේ රථය ද යහපත්ය. මනහරය. නන්වැදෑරුම් රිය අවයවයෙන් මොනවට බෙදන ලද්දේ ම හොබනේ ය.

664. තස‍්මිං රථෙ කඤ‍්චනබිම‍්බවණ‍්ණෙ යා ත්‍වං ඨිතා භාසසිමං පදෙසං දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.

664. රන්බිඹුවන් රියෙක් හි සිටියා වූ යම්බඳු තී මේ පෙදෙස බබළවහිද, (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.

665. සොවණ‍්ණජාලං මණිසොණ‍්ණචිත‍්තිතං මුත‍්තාචිතං හෙමජාලෙන ඡන‍්නං පරිනිබ‍්බුතෙ ගොතමෙ අප‍්පමෙය්‍යෙ පසන‍්නචිත‍්තා අහමාභිරොපයිං.

665. මම පහන් සිත් ඇතියා රන්රුවනින් විසිතුරු කළ ඔබ්බන ලද මුතුපෙළ ඇති රන්මුවා කැලුම් රැසින් වැසුණු රන් දැලක්, පමණ නොකට හැකි ගුණ ඇති පිරිනිව් ගොයුම් බුදුරදුන් කෙරෙහි පිදුවෙමි.

666. තාහං කම‍්මං කරිත්‍වාන කුසලං බුද‍්ධවණ‍්ණිතං, අපෙතසොකා සුඛිතා සම‍්පමොදාමනාමයා’ති.

666. මම බුදුරජුන් වර්‍ණනා කළ ඒ කුශලකර්‍මය කොට පහ වූ ශෝක ඇත්තී සැප ඇත්තී නීරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.

මල‍්ලිකා විමානං.

මල්ලිකාවිමානය යි.