යෙදුමෙන් කියවන්න

සෙසවතී විමානං

3. 7.

3. 7.

647. ඵලිකරජතහෙමජාලච‍්ඡන‍්නං විවිධවිචිත්‍රතලමද‍්දසං සුරම‍්මං ව්‍යම‍්හං සුනිම‍්මිතං තොරණූපපන‍්නං රුචකුපකිණ‍්ණමිදං සුභං විමානං.

647. පළිඟුමිණිමුවා බිතින් හා රන්රිදී දැලින් හාත්පස වසන ලද නන්වැදෑරුම් විසිතුරු තල ඇති ඉතා රම්‍ය වූ තොරණින් සැදුම් ලත් රුවන් වැල්ලෙන් ගැවසුණු මිදුල් ඇති මැනැවින් බබළන මේ විමන දිටිමි.

648. භාති ච දසදිසා නභෙව සුරියො සරදෙ තමොනුදො සහස‍්සරංසි තථා තපතිමිදං තව විමානං ජලමිව ධූමසිඛො නිසෙ නභග‍්ගෙ.

648. අඳුරු දුරලන දහස් ගණන් රස් ඇති හිරු සරා කල්හි යම්සේ අහස දසදෙස බබළා ද, එසේම රෑ ගිනිසිළ අහස් පෙදෙස යම්සේ බබළා ද, එමෙන්ම තී ගේ මේ විමන අතිශයින් බබළ යි.

649. මුසතීව නයනං සතෙරතාව ආකාසෙ ඨපිතමිදං මනුඤ‍්ඤං වීණාමුරජසම‍්මතාලඝුට‍්ඨං ඉද‍්ධං ඉන්‍දපුරං තථා තවෙදං.

649. අහසෙහි තිබූ තීගේ මේ මනරම් විමන විදුලියක් සේ ඇස මුසපත් කෙරේ. (එසේම) මේ විමන වෙණබෙර මිහිඟුබෙර අත්තල කස්තල නදීන් ඝෝෂිත වූ සුදසුන්පුරය සේ දෙව්සැපතින් සමෘද්ධ ය.

650. පදුම කුමුදුප‍්පල කුවලයං යූධික බන්‍ධුකනොජකා ච සන‍්ති සාලකුසුමිත පුප‍්ඵිතා අසොකා විවිධ දුමග‍්ග සුගන්‍ධ සෙවිතමිදං.

650. (මෙහි) පියුම් හෙලපුල් රතුපුල් නිලුපුල් යන ජලජ පුෂ්පයෝ වෙති. සීනිද්ද බඳුවද අනෝජ වෘක්‍ෂයෝ ද වෙති. පිපිමල් ඇති සල් හෝපලු වෘක්‍ෂයෝ ද වෙති. (තීගේ) මේ විමන මෙසේ නන්වැදෑරුම් උතුම් ගස්වල සුවඳින් සුවඳ කැවුණේ ය.

651. සළල ලබුජ භුජක සඤ‍්ඤතා කුසකසුඵුල‍්ලිත ලතාවලම‍්බිනීහි මණිජාල සදිසා යසස‍්සිනී රම‍්මා පොක‍්ඛරණී උපට‍්ඨිතා තෙ.

651. යසස් ඇති දෙව්දුව, ඉවුරෙහි පිහිටි හොර දෙල් බුජඟ රුක්වලින් යුක්ත වූ තල් පොල් ඈ තෘණ ජාතීන්ගෙන් හා මනා සේ පිපි මල් ඇති එල්බෙන වැල්වලින් යුත් මිණිදැල් බඳු දිය ඇති මනරම් පොකුණු තීට පහළව ඇත.

652. උදකරුහා ච යෙත්‍ථි පුප‍්ඵජාතා ථලජා යෙ ච සන‍්ති රුක‍්ඛජාතා මානුසකාමානුසකා ච දිබ‍්බා සබ‍්බෙ තුය‍්හං නිවෙසනම‍්හි ජාතා.

652. දියෙහි හටගන්නා යම් (පදුමාදී) පුෂ්පජාතයෝ වෙත් ද, ගොඩ හටගන්නා යම් සීනිද්ද ආදී වෘක්‍ෂ ජාතයෝ වෙත් ද, (එයින් අන්‍යවූත්) යම්බඳු මල්රුක් පලරුක්හු වෙත් ද, මිනිසුන් අයත්වූත් නො මිනිසුන් අයත් වූත් දෙවියන් අයත් වූත් ඒ සියලු ම වෘක්‍ෂයෝ තී ගේ විමන් සමීපයෙහි ඇත්තා හු මැ යි.

653. කිස‍්ස සංයමදමස‍්සයං විපාකො කෙනාසි කම‍්මඵලෙනිධූපපන‍්නා යථා ච තෙ අධිගතමිදං විමානං තදනුපදං අවචාසු’ළාරපඛුමෙති.

653. මනහර ඇස්පිය ඇත්තිය, මේ විපාකය කිනම් කායාදි සංයමයක්හුගේ ද? කිනම් ඉන්‍ද්‍රිය දමනාදි දමයක්හුගේ ද, (විපාක දෙන්නට ඇරැඹූ) කිනම් කර්‍මබලයෙකින් මෙහි උපන්නී වෙහි ද? තී විසින් මේ විමන යම් සේ ලබන ලද ද, ඒ කර්‍මය (මට) අනුරූප පද විසින් කියව.

654. යථා ච මෙ අධිගතමිදං විමානං කොඤ‍්චමයූරචකොර සඞ‍්ඝචරිතං දිබ‍්බපිලවහංසරාජචිණ‍්ණං ද‍්විජකාරණ‍්ඩව කොකිලාභිනදිතං.

654. කොස්වාලිහිණි මොනර ඇටිකුකුළු සමූහයා හැසුරුණු දිව්‍යමය වූ දියකාවුන් හා හස්රජුන් විසින් සෙවුනා ලද විලිකුළු කොවුල් ඈ විහඟුන් විසින් නිතර නද දෙන ලද මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද,

655. නානා සන‍්තානක පුප‍්ඵරුක‍්ඛවිවිධා පාටලි ජම‍්බු අසොක රුක‍්ඛවන‍්තං යථා ච මෙ අධිගතමිදං විමානං තන‍්තෙ පවදිස‍්සාමි සුණොහි භන‍්තෙ.

655. නන්වැදෑරුම් අතුපතරින් ගැවසීගත් මල්රුක්වලින් විසිතුරු වූ පළොල් දඹ හෝපලු රුක් ඇති මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද, වහන්ස එය ඔබවහන්සේට කියන්නෙමි, අසනු මැනවි.

656. මගධවරපුරත්‍ථිමෙන නාළකගාමො නාම අත්‍ථි භන‍්තෙ තත්‍ථ අහොසිං පුරෙ සුණිසා සෙසවතී තත්‍ථ ජානිංසු මමං.

656. වහන්ස මගධරට නැගෙනහිරදිග නාළක නම් ගමෙක් ඇත. මම පෙරැ ඒ නාළක ගමෙහි (එක් ගැහැවි කුලයෙකැ) ලෙහෙළියක් වීමි. ඒ මා සේසවතී යන නමින් අන්‍යයෝ දත්හ.

657. සාහං අපචිතත්‍ථධම‍්මකුසලං දෙවමනුස‍්සපූජිතං මහන‍්තං උපතිස‍්සං නිබ‍්බුතං අප‍්පමෙය්‍යං මුදීතමනා කුසුමෙහි අබ‍්භොකිරිං.

657. ඒ (සේසවතී නම් වූ) මම සතුටුසිත් ඇත්තී ධර්‍මාර්‍ත්‍ථයන්හි දක්‍ෂ වූ බුදුරජුන් විසින් බුහුමන් කරන ලද දෙව්මිනිසුන් විසින් පුදන ලද ගුණයෙන් පමණ නොකට හැකි ශීලාදී ගුණයෙන් මහත් වූ පිරිනිවියා වූ සැරියුත් තෙරණුවන් මලින් පිදුවෙමි.

658. පරමගතිගතඤ‍්ච පූජයිත්‍වා අන‍්තිමදෙහධරං ඉසිං උළාරං, පහාය මානුසකං සමුසස්‍යං තිදසගතා ඉධමාවසාමි ඨානන‍්ති.

658. (ඒ මම) නිරුපධිශේෂ නිර්‍වාණයට පැමිණි පැසුළු සිරුරු දැරූ උදාර ගුණවත් (සැරියුත්) මහතෙරුන් වහන්සේ පුදා මිනිස් සිරුර හැර තව්තිසාවට පැමිණියෙම් මෙහි වෙසෙමි.

සෙසවතී විමානං.

සේසවතී විමාන යි.