යෙදුමෙන් කියවන්න

දද‍්දල‍්ල විමානං

3. 6.

3. 6.

620. දද‍්දල‍්ලමානා වණ‍්ණෙන යස‍්සා ච යසස‍්සිනී, සබ‍්බෙ දෙවෙ තාවතිංසෙ වණ‍්ණෙන අතිරොචසි.

620. යසස් ඇති දෙව් දුව, රූප සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද අතිශයින් ද බබළන තෝ තව්තිසා වැසි සියලු දෙවියන් ඒ වර්‍ණාදී සම්පත්තියෙන් අබිබවා බබළනෙහි.

621. දස‍්සනං නාභිජානාමි ඉදං පඨමදස‍්සනං, කස‍්මා කායා නු ආගම‍්ම නාමෙන භාසසෙ මමන‍්ති.

621. (මම මින් පෙර තී) දුටු බවක් නො දනිමි. මෙය පළමු දැකීමය. කිනම් දිව්‍යනිකායෙකින් ච්‍යුත ව අවුත් නමින් මා අමතනෙහි ද?

622. අහං භද‍්දෙ සුභද‍්දාසිං පුබ‍්බෙ මානුසකෙ භවෙ, සහ භරියා ච තෙ ආසිං භගිනී ච කණිට‍්ඨිකා.

622. භද්‍රාවෙනි, මම පෙරැ මිනිසත් බවෙහි සුභද්‍රා නම් වීමි. තීගේ කනිටු බුහුන වූ මම (තොප සැමියාගේ) සම බිරියක් ද වීමි.

623. සා අහං කායස‍්ස භෙදා විප‍්පමුත‍්තා තතොචුතා, නිම‍්මානරතීනං දෙවානං උපපන‍්නා සහව්‍යතන‍්ති.

623. ඒ මම කාබුන් මරණින් මතු මිනිසත් බැවින් මිදුණි එයින් ච්‍යුත ව නිර්‍මාණරතී නම් දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.

624. පහූතකතකල්‍යාණා තෙ දෙවෙ යන‍්ති පාණිනො, යෙසං ත්‍වං කිත‍්තයිස‍්සසි සුභද‍්දෙ ජාතිමත‍්තනො.

624. මහ පින්කම් කළ ඒ සත්ත්‍වයෝ යම් නිර්‍මාණරතී නම් දෙවියන් වෙත යෙත් ද, සුභද්‍රාවෙනි තෝ ද එම නිර්‍මාණරතී නම් දෙවියන් මැද තම උපත ප්‍රකාශ කෙරෙහි.

625. කථං ත්‍වං කෙන වණ‍්ණෙන කෙන වා අනුසාසිතා, කීදිසෙනෙව දානෙන සුබ‍්බතෙන යසස‍්සිනී.

625-626. යසස් ඇත්තී ය, කවරක්හු විසින් අනුශාසිත වූ තෝ කෙසේ කිනම් කරුණෙකින් කෙබඳු දනෙකින් කිනම් මනා ව්‍රතයකින් මෙබඳු යසසකට පැමිණියා මහත් වූ වෙසෙසක් ලැබූයෙහි ද, (එම්බා) දෙව් දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.

626. යසං එතාදිසං පත‍්තා විසෙසං විපුලමජ‍්ඣගා, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ කිස‍්ස කම‍්මස‍්සිදං ඵලන‍්ති.

627. අට‍්ඨෙව පිණ‍්ඩපාතානි යං දානං අද‍්දං පුරෙ, දක‍්ඛිණෙය්‍යස‍්ස සඞ‍්ඝස‍්ස පසන‍්නා සෙහි පාණිහි.

627. (භද්‍රාවෙනි) යම් හෙයෙකින් පෙරැ අත්බැව්හි පහන් සිතැත්තී සියතින් දක්‍ෂිණාර්‍හ සඞ්ඝයාට පිඬු පා අටක් දාන වශයෙන් දිනිම් ද,

628. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

628. එම පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

629. අක‍්ඛාමි තෙ දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

629. මහත් අනුභාව ඇති දෙව් දුව, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ධි ඇතියෙම් වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

630. අහං තයා බහුතරෙ භික‍්ඛූ සඤ‍්ඤතෙ බ්‍රහ‍්මචාරිනො කප‍්පෙසිං අන‍්නපානෙන පසන‍්නා සෙහි පාණිහි තයා බහුතරං දත්‍වා හීනකායූපගා අහං

630. (සුභද්‍රාවනි, එකල) පහන් සිතැති මම ද සන්හුන් ඉඳුරන් ඇති බ්‍රහ්මචාරී වූ බොහෝ භික්‍ෂූන් තිට වඩා සියතින්ම අහර පැනින් සැතැප්පවීමි. මම තිට වඩා ඉතා වැඩියක් දී පහත් දෙව්ලොවට (තව්තිසාවට) පැමිණියෙම් වෙමි.

631. කථං ත්‍වං අප‍්පතරං දත්‍වා විසෙසං විපුලමජ‍්ඣගා, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ යස‍්සකම‍්මස‍්සිදං ඵලන‍්ති.

631. තෝ ඉතා ස්වල්පයක් දී කෙසේ මහත් වූ වෙසෙසකට පැමිණියෙහි ද? (එම්බා) දෙව් දුව විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක් හුගේ දැ යි කියව.

632. මනොභාවනීයො භික‍්ඛු සන්‍දිට‍්ඨො මෙ පුරෙ අහු, තාහං භත‍්තෙන නිමන‍්තෙසිං රෙවතං අත‍්තනට‍්ඨමං.

632. පූර්‍ව කාලයෙහි (උදාර ගුණ ඇති බැවින්) මනවඩවන (රේවත නම්) භික්‍ෂුනමක් මා විසින් නිමතන ලද්දේ විය. මම ඒ රේවත තෙරුන් තමන් සහිත අට නමක් කොට බතින් පැවරීමි.

633. සො මෙ අත්‍ථපුරෙක‍්ඛාරො අනුකම‍්පාය රෙවතො, සඞ‍්ඝෙ දෙහීති මං අවොච තස‍්සාහං වචනං කරිං.

633. ඒ රේවත තෙරණුවෝ මා හිතයෙහි පෙරටුවූවෝ අනුකම්පා පිණිස සඟනට දෙවයි මට වදාළහ. මම උන්වහන්සේගේ වචනය කෙළෙමි.

634. සා දක‍්ඛිණා සඞ‍්ඝගතා අප‍්පමෙය්‍යෙ පතිට‍්ඨිතා, පුග‍්ගලෙසු තයා දින‍්නං න තං තව මහප‍්ඵලන‍්ති.

634. ඒ සඞ්ඝගතදක්‍ෂිණා තොමෝ අපමණගුණ ඇති සඟන කෙරෙහි පිහිටියාය. තී විසින් පුද්ගලයන් කෙරෙහි දෙන ලද ඒ දානය තිට මහත්ඵල නො වී.

635. ඉදානෙවාහං ජානාමි සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලං සාහං ගන‍්ත්‍වා මනුස‍්සත‍්තං වදඤ‍්ඤූ වීතමච‍්ඡරා සඞ‍්ඝෙ දානානි දස‍්සාමි අප‍්පමත‍්තා පුනප‍්පුනන‍්ති.

635. සඟුන් කෙරෙහි දුන් දානය මහත්ඵල යයි මම දැන් දනිමි. ඒ මම මිනිසත් බවට ගොස් (ප්‍රතිග්‍රාහකයන්ගේ) වදන් දන්නී පහ වූ මසුරුමල ඇත්තී අප්‍රමත්තව පුන පුනා සඟනට දන් දෙන්නෙමි.

636. කා එසා දෙවතා භද‍්දෙ තයා මන‍්තයතෙ සහ, සබ‍්බෙ දෙවෙ තාවතිංසෙ වණ‍්ණෙන අතිරොචතීති.

636. භද්‍රාවනි, (යම් දෙව් දුවක්) තව්තිසා වැසි සියලු දෙවියන් ශරීරවර්‍ණයෙන් ඉක්මවා බබළා ද තී සමග කථා කෙරේ ද මේ කවර දෙව්දුවක් ද?

637. මනුස‍්සභූතා දෙවින්‍ද පුබ‍්බෙ මානුසකෙ භවෙ සහභරියා ච මෙ ආසි භගිනී ච කනිට‍්ඨිකා සඞ‍්ඝෙ දානානි දත්‍වාන කතපුඤ‍්ඤා විරොචතීති.

637. සක්දෙව්රජුනි, පෙරැ මිනිසත් බැව් හි මිනිස් දුවක් වූ ඕ තොමෝ මාගේ කනිටු බුහුන වූවා සැමියාගේ සම බිරිය වූවා ය. කළ පින් ඇත්තී සඟනට දන් දී වෙසෙසින් බබළා යැ යි.

638. ධම‍්මෙන පුබ‍්බෙ භගිනී තයා භද‍්දෙ විරොචති, යං සඞ‍්ඝස‍්මිං අප‍්පමෙය්‍යෙ පතිට‍්ඨාපෙසි දක‍්ඛිණං.

638. භද්‍රාවනි, (තීගේ) බුහුන පෙරැ අපමණ ගුණ ඇති සඟන කෙරෙහි යම් දක්‍ෂිණාවක් පිහිටුවා ලූ ද, ඒ කාරණයෙන් තිට වඞා වෙසෙසින් බබළා යැ යි.

639. පුච‍්ඡිතො හි මයා බුද‍්ධො ගිජ‍්ඣකූටම‍්හි පබ‍්බතෙ, විපාකං සංවිභාගස‍්ස යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

639. යම් සඟ රුවනක් කෙරෙහි දුන් දෙය මහත්ඵල වේ නම් දානයේ විපාකය මා විසින් ගිජුකුළු පව්වෙහි දී බුදුරජාණන් වහන්සේ විචාරන ලද්දේ (උන්වහන්සේගෙන් අසා දැනගන්නා ලද්දේ) ය.

640. යජමානානං මනුස‍්සානං පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ‍්ඤං යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

640. පින් කැමති ව දන් දෙන්නා වූ මිනිස්නට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, එබඳු ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.

641. තං මෙ බුද‍්ධො වියාකාසි ජානං කම‍්මඵලං සකං, විපාකං සංවිභාගස‍්ස යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

641. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, සත්ත්‍වයන්ගේ සිය කම්පල දන්නා වූ බුදුරජානන් වහන්සේ දානයෙහි ඒ විපාකය මට වදාළ සේක.

642. චත‍්තාරො ච පටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ‍්ඝෙ උජුභූතො පඤ‍්ඤාසීලසමාහිතො.

642. මාර්‍ගස්ථයෝ සිව් දෙනෙක, ඵලස්ථයෝ සිව් දෙනෙකැ යි මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍යවූ) ප්‍රඥා ශීල සමාධි ඇත්තේ යැ.

643. යජමානානං මනුස‍්සානං පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ‍්ඤං සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලං.

643. පින්පල කැමැති ව දන්දෙන්නා වූ මිනිසුනට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද (එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.

644. එසො හි සඞ‍්ඝො විපුලො මහග‍්ගතො එසප‍්පමෙය්‍යො උදධීව සාගරො එතෙහි සෙට‍්ඨා නරවීරසාවකා පභඞ‍්කරා ධම‍්මමුදීරයන‍්ති.

644. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත් බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නො කොට හැක්කේ ය. ශ්‍රේෂ්ඨ වූ ලොවට නැණලු කරන්නා වූ තෙල නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වත්.

645. තෙසං සුදින‍්නං සුහුතං සුයිට‍්ඨං, යෙ සඞ‍්ඝමුද‍්දිස‍්ස දදන‍්ති දානං සා දක‍්ඛිණා සඞ‍්ඝගතා පතිට‍්ඨිතා මහප‍්ඵලා ලොකවිදූහි වණ‍්ණිතා.

645. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙන ලද ය. ගෙනවුත් පුදන ලද ය. (මහදන් විසින්) යාග කරන ලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලද.

646. එතාදිසං යඤ‍්ඤමනුස‍්සරන‍්තා යෙ වෙදජාතා විචරන‍්ති ලොකෙ විනෙය්‍ය මච‍්ඡෙරමලං සමූලං අනින්‍දිතා සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති.

646. මෙබඳු (සඟුන් උදෙසා දුන්) දාන සිහිකරන්නා වූ හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරුමල දුරු කොට ලෝකයෙහි හැසිරෙද්ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.

දද‍්දල‍්ල විමානං.

දද්දල්ල විමන යි.