ලතාවිමානං
3. 4.
3. 4.
317. ලතා ච සජ‍්ජා පවරා ච දෙවතා අච‍්චිමුඛී රාජවරස‍්ස සිරීමතො සුතා ච රඤ‍්ඤො වෙස‍්සවණස‍්ස ධීතා රාජීමතී ධම‍්මගුණෙහි සොභථ.
317. සිරිමත් වූ සක්දෙව් රජහුගේ (පිරරිවර වූ ද) වෙසවුණු රජුගේ දූවරු වූ ද වෙසෙසින් බබළන සිරුරු ඇති ලතා-සජ්ජා-පවරා-අච්චිමුඛී-සුතා යන දෙවඟනෝ දැහැමි ගුණයෙන් බබළන්නාහු ය.
318. පඤ‍්චෙත්‍ථ නාරියො අගමංසු නහායිතුං සීතොදිකං උප‍්පලිනිං සිවං නදිං තා තත්‍ථ නහායිත්‍ව රමෙත්‍ව දෙවතා නච‍්චිත්‍ව ගායිත්‍ව සුතා ලතං බ්‍රුවී.
318. එම දිව්‍යස්ත්‍රීහු පස්දෙන හිමවත් පෙදෙසෙහි සිහිල්දිය පිරුණු උපුල් මලින් ගැවසීගත් යහපත් ගඟට දියනෑමට ගියාහු ය. ඒ දෙවඟනෝ එහි ස්නානය කොට සිත් අලවා නටා ගී ගයා ක්‍රීඩා කළහ. (ඔවුනතුරෙන්) සුතා දෙව්දූතොමෝ ලතා දෙව්දුවට මෙසේ කීවා ය.
319. පුච‍්ඡාමි තං උප‍්පලමාලධාරිණී ආවෙළිනී කඤ‍්චනසන‍්නිභත‍්තචෙ තිමීරතමබක‍්ඛි නභෙව සොභනෙ දීඝායුකී කෙන කතො යසො තව.
319. උපුල්මල්දම් දරන රුවන්මුවා මලින් නැඟුණු රැළි ඇති රන්වන් සිවි ඇත්තීය, තී විචාරමි. මිදෙල්ල මලක රොන් වැනි තඹවන් රොදින් ගැවසීගත් ඇස් ඇති ශරදාකාශය වැනි පිරිසිදු අඟපසඟින් බබළන දීර්‍ඝායු ඇති ලතාවෙනි, තීගේ මේ පරිවාර සම්පත්තිය හා කීර්තිය කවර පිනෙකින් උපනු ද?
320. කෙනාසි භද‍්දෙ පතිනො පියතරා විසිට‍්ඨකල්‍යාණිතරස‍්සු රූපතො පදක‍්ඛිණා නච‍්චනගීතවාදිතෙ ආචික‍්ඛ නො ත්‍වං නරනාරිපුච‍්ඡිතා ති.
320. සොඳුර, කවර පිනකින් සැමියාට අතිශයින් ප්‍රිය වූවා වෙහි ද? රූපයෙන් උතුම් වූ ඉතා සොඳුරු බැව් ඇත්තී වෙහි ද? නැටුම් ගැයුම් වැයුම්හි දක්‍ෂ වූවා වෙහි ද? (දිව්‍ය) ස්ත්‍රී පුරුෂයන් විසින් විචාළ තී අපට කියව.
321. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා උළාරභොගෙ කුලෙ සුණිසා අහොසිං අක‍්කොධනා භත‍්තුවසානුවත‍්තිනී උපොසථෙ අප‍්පමත‍්තා අහොසිං.
321. මිනිසුන් අතරැ මිනිස් දුවක් වූ මම මහත් සම්පත් ඇති කුලයෙකැ ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වශයෙහි එක්වන් පවත්නා සුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
322. මනුස‍්සභූතා දහරාස’පාපිකා පසන‍්නචිත‍්තා පතිමාභිරාධයිං සදෙවරං සස‍්සසුරං සදාසකං අභිරාධයිං තම‍්හි කතො යසො මම.
322. මිනිස් දුවක් වූ තරුණ වූ මම පතිව්‍රතාවක් වීමි. පහන්සිත් ඇත්තී සුහුරුබඩු සහිත වූ නැදිමයිලන් ද දැසි දසුන් ද සහිත වූ සැමියා සතුටු කෙළෙමි. එහි දී (ඒ කුලයෙහි හෝ කාලයෙහි හෝ) මා විසින් මේ පින කරන ලදී.
323. සාහං තෙන කුසලෙන කම‍්මුනා චතුබ‍්භි ඨානෙහි විසෙසමජ‍්ඣගා ආයුඤ‍්ච වණ‍්ණඤ‍්ච සුඛං බලඤ‍්ච ඛිඩ‍්ඩාරතිං පච‍්චනුභොමනප‍්පකං.
323. ඒ මම ඒ කුශලකර්‍මයෙන් ආයුෂ-වර්‍ණ-සැප-බල යන කරුණු සතරින් විශිෂ්ඨත්‍වය ලැබීමි. අපමණ කෙළිසුව ද විඳිමි.
324. සුතං නු තං භාසති යං අයං ලතා යං නො අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො පතිනො කිරම‍්හාකං විසිට‍්ඨනාරිනං ගතී ච තාසං පවරා ච දෙවතා.
324. මේ ලතා තොමෝ යමක් කියා ද එය (තොප විසින්) අසන ලද්දේ නො වේ ද, අපගේ යම් සැකයෙක් වේ ද, එය අපි ඇසුවෙමි. (ඕ තොමෝ) අපට එය ඇති සැටි ප්‍රනාශ කළා යැ. උතුම් ස්ත්‍රීන් වූ අපට ස්වාමි පුරුෂයන්ගේ පිහිට උතුම් ය. අපට (ඔහු) උතුම් දෙවියෝ ද වෙත්.
325. පතීසු ධම‍්මං පචරාම සබ‍්බා පතිබ‍්බතා යත්‍ථ භවන‍්ති ඉත්‍ථියො පතීසු ධම‍්මා පචරිත්‍ථ සබ‍්බා ලච‍්ඡාමසෙ භාසති යං අයං ලතා.
325. සිය සැමියන් කෙරෙහි යම් ඒ හැසිරීමක් නිසා සියලු ස්ත්‍රීහු පතිවත ඇත්තෝ වෙත් ද, අපි සියලු දෙනා ද එම පතිවත රකිමු. මේ ලතා තොමෝ යම් සැපතක් ලබා ය යි කියා ද, ඒ පතිව්‍රතා ධර්‍මෙයහි හැසිර අපි සැපත ලබමු.
326. සීහො යථා පබ‍්බතසානු ගොචරො මහින්‍ධරං පබ‍්බතමාවසිත්‍වා පසය‍්හ හන‍්ත්‍වා ඉතරෙ චතුප‍්පදෙ ඛුද‍්දෙ මිගෙ ඛාදති මංසභොජනො.
326. කඳු වනලැහැබ් ඇසුරු කළ මාංසාහාර කොට ඇති සිංහයා (මහීධර) පර්‍වතය ආශ්‍රය කොට වෙසෙමින් අන් සිවුපා සතුන් මැඩ නසා බල විසින් හීන වූ සතුන් යම්සේ මරා කයි ද.
327. තථෙව සද‍්ධා ඉධ අරියසාවිකා භත‍්තාරං නිස‍්සාය පතිං අනුබ‍්බතා කොධං වධිත්‍වා අභිභුය‍්හ මච‍්ඡරං සග‍්ගම‍්හි සා මොදති ධම‍්මචාරිනීති.
327. එසේ ම මේ ලෝකයෙහි ධර්‍මචාරී වූ සැදැහැති යම් ආර්‍ය ශ්‍රාවිකාවක් වී ද, ඕතොමෝ සිය සැමියා නිසා වසන්නී ඔහු අනුව පතිවත රකින්නී ක්‍රෝධය මසුරුමල මැඩ ස්වර්‍ගයෙහි සතුටු වෙයි.