පල‍්ලඞ‍්කවිමානං
3. 3.
3. 3.
308. පල‍්ලඞ‍්කසෙට‍්ඨෙ මණිසොණ‍්ණචිත‍්තෙ පුප‍්ඵාභිකිණ‍්ණෙ සයනෙ උළාරෙ තත්‍ථච‍්ඡසි දෙවි මහානුභාවෙ උච‍්චාවචා ඉද‍්ධි විකුබ‍්බමානා.
308. මහත් අනුභාව ඇති දෙව්දුව, මිණියෙන් හා රනින් විසිතුරු වූ මලින් ගැවසීගත් මහත් යහනක් වූ උතුම් පළඟෙහි කුදුමහත් ඍද්ධි විකුර්‍වණය කරන්නී එහි සිටිනෙහි ය.
309. ඉමා ච තෙ අච‍්ඡරායො සමන‍්තතො නච‍්චන‍්ති ගායන‍්ති පමොදයන‍්ති දෙවිද‍්ධිපත‍්තාසි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.
309. තීගේ මේ අප්සරාවෝ හාත්පස නටති, ගයති, සතුටු කරවත්. මහත් අනුභාව ඇති දෙව්දුව, දිව්‍යර්ධියට පැමිණියා වෙහි. මිනිස් වූවා කිනම් පිනක් කෙළෙහි ද? කවර හේතුවකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
310. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා අඩ‍්ඪෙ කුලෙ සුණිසා අහොසිං අක‍්කොධනා භත‍්තුවසානුවත‍්තිනී අහොසිං අප‍්පමත‍්තා උපොසථෙ.
310. මිනිසුන් කෙරෙහි මිනිස්දුවක් වූ මම ආඪ්‍යකුලයෙක ලේලියක් වීමි. ක්‍රෝධ නො කරන සුලු ස්වාමියාගේ වසයෙහි පවත්නාසුලු මම පෙහෙවස්හි අප්‍රමත්ත වීමි.
311. මනුස‍්සභූතා දහරාස’පාපිකා පසන‍්නචිත‍්තා පතිමාභිරාධයිං දිවා ච රත‍්තො ච මනාපචාරිණී අහං පුරෙ සීලවතී අහොසිං.
311. මිනිස්දුවක් වූ තරුණ වූ මම පතීව්‍රතාවක් විමි. පහන්සිත් ඇත්තී ස්වාමියා සතුටු කෙළෙමි. දවරෑ දෙක්හි මනවඩන්නියක් ව හැසුරුණු මම පෙර සිල් ඇත්තී වීමී.
312. පාණාතිපාතා විරතා අචොරිකා සංසුද‍්ධකායා සුචිබ්‍රහ‍්මචාරිණී අමජ‍්ජපා නො ච මුසා අභාණිං සික‍්ඛාපදෙසු පරිපූරකාරිණී.
312. ඒ (මම) සතුන් මැරීමෙන් වෙන් වීමි. සොරකම් නො කරන්නියක් වීමි. පිරිසිදු කායකර්‍ම ඇත්තියක් ද පිවිතුරු බඹසර ඇත්තියක් ද මත්පැන් නො බොන්නියක් ද වීමි. බොරු නො ද කීමි. ශික්‍ෂාපදයන් සම්පූර්‍ණ කරන්නියක් වීමි.
313. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී පාටිහාරියපක‍්ඛඤ‍්ච පසන‍්නමනසා අහං අට‍්ඨඞ‍්ගුපෙතං අනුධම‍්මචාරිණී උපොසථං පීතිමනා උපාවසිං.
313. මෙසේ ආර්‍ය්‍ය ධර්‍මානුගත වූ ප්‍රීතිසිත් ඇති ඒ මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද අටවක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද (යන පොහෝ දිනයන්හි) පහන් සිත් ඇත්තී අටඟින් යුත් පෙහෙවස් විසීමි.
314. ඉමඤ‍්චාරියට‍්ඨඞ‍්ගවරෙහුපෙතං සමාදියිත්‍වා කුසලං සුඛුද්‍රයං පතිම‍්හි කල්‍යාණි වසානුවත‍්තිනී අහොසිං පුබ‍්බෙ සුගතස‍්ස සාවිකා
314. මේ උතුම් ආර්‍ය්‍ය අෂ්ටාංගයෙන් යුක්ත වූ සැප විපාක ඇති කුශලය සමාදන් ව යහපත් තැනැත්තියක් වූවා ස්වාමියා අනුව පවත්නී පෙරැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වීමි.
315. එතාදිසං කුසලං ජීවලොකෙ කම‍්මං කරිත්‍වාන විසෙසභාගිනී කායස‍්ස භෙදා අභිසම‍්පරායං දෙවිද‍්ධිපත‍්තා සුගතිම‍්හි ආගතා.
315. දිව්‍ය සම්පත්තියට හිමි වූ මම මිනිස් ලොව මෙබඳු කුශල කර්‍මයක් කොට මරණින් මතු පරලෙව්හි දිව්‍යර්ධියට පැමිණියා සුගතියට ආයෙමි.
316. විමාන පාසාදවරෙ මනොරමෙ පරිවාරිතා අච‍්ඡරාසඞ‍්ගණෙන සයංපභා දෙවගණා රමෙන‍්ති මං දීඝායුකිං දෙවවිමානමාගතන‍්ති.
316. සිත්කලු වූ උතුම් වූ විමානයෙකැ අප්සරා සමූහයෙන් පිරිවරන ලද මම ස්වකීය ශරීරාලෝක ඇත්තියක් වීමි. දීර්‍ඝායුෂ ඇති දිව්‍ය විමානයට පැමිණි මා දිව්‍ය සමූහයෝ රමණය කෙරෙත්.