උපොසථා විමානං
2. 7.
2. 7.
228. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.
228. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
229. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
229. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
230. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතී’ති.
230. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යාර්ද්ධි ඇත්තී වෙහි ද?
231. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.
231. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මෙසේ පැවසූ ය.
232. උපොසථාති මං අඤ‍්ඤිංසු සාකෙතායං උපාසිකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා.
232. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) සාකේත නුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා උපෝසථා යැ යි දත්හ.
233. අච‍්ඡාදනං ච භත‍්තඤ‍්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා.
233. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන් තෙල් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
234. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.
234-235. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනා කොට බෙදා දෙන්නී ගෙහි විසීමි.
235. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සඤ‍්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.
236. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.
236. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි, මුසවායෙන් සංයත වීමි, අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.
237. පඤ‍්ච සික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො.
237. පස් සිකපද රැකීමෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂ වූ මම යශස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.
238. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
238. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
239. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.
239. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
240. අභික‍්ඛණං නන්‍දනං සුත්‍වා ඡන්‍දො මෙ උදපජ‍්ජථ තත්‍ථ චිත‍්තං පණිධාය උපපන‍්නම‍්හි නන්‍දනං.
240. නිතර නඳුනුයන ගැන අසා (එහි උපත පිණිස) ඡන්‍දය උපන. එහි සිත පිහිටුවා නඳුනුයනෙහි උපන්නී වෙමි.
241. නාකාසිං සන්‍ථුවචනං බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො, හීනෙ චිත‍්තං පණිධාය සාම‍්හි පච‍්ඡානුතාපිනීති.
241. ශාස්තෘ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන්ගේ වචනය නො කෙළෙමි. ඒ මම හීන වූ භව සැපතෙහි සිත පිහිටුවා පසුතැවිලි වූවා වෙමි.
242. කීව චිරං විමානස‍්මිං ඉධ වච‍්ඡසුපොසථෙ, දෙවතෙ පුච‍්ඡිතාචික‍්ඛ යදි ජානාසි ආයුනොති.
242. එම්බා උපෝසථා දෙව්දුව, මේ විමනෙහි කොපමණ දිගුකලක් වසහි ද? විචාරන ලද්දී වූ තී ඉතින් ආයුෂය දන්නෙහි නම් එය කියව.
243. සට‍්ඨිවස‍්සසහස‍්සානි තිස‍්සො ච වස‍්සකොටියො ඉධ ඨත්‍වා මහාමුනි ඉතො චුතා ගමිස‍්සාමි මනුස‍්සානං සහව්‍යතන‍්ති.
243. මහා මුනිවරය, තුන් කෙළ සැටදහසක් හවුරුදු මෙහි සිට මෙයින් ච්‍යුත ව මිනිසුන්ගේ සහභාවයට යන්නෙමි.
244. මා ත්‍වං උපොසථෙ භායි සම‍්බුද‍්ධෙනාපි ව්‍යාකතා සොතාපන‍්නා විසෙසයි පහීනා තව දුග‍්ගතීති.
244. එම්බා උපෝසථාව, තෝ නො බව. සෝවාන් වූ තෝ මාර්‍ගඵල සංඛ්‍යාත විශේෂයට පැමිණියා යයි සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලද්දී වෙහි. තීගේ දුගතිය ප්‍රහීණ විය.