යෙදුමෙන් කියවන්න

සුනන්‍දා විමානං

2. 9.

2. 9.

257. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්ති දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

257. එම්බා දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.

258. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

258. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තිගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?

259. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

259. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙහි ද?

260. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා, පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්සකම‍්මස‍්සිදං ඵලං.

260. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.

261. සුනන්‍දාති මං අඤ‍්ඤිංසු රාජගහස‍්මිං උපාසිකා, සද‍්ධා සීලෙන සම‍්පන‍්නා සංවිභාගරතා සදා.

261. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ නිතර දන්දීමෙහි ඇලුණු (මම) රජගහනුවරැ උපාසිකාවක් වීමි. (අන්‍යයෝ) මා සුනන්‍දා යැ යි දත්හ.

262. අච‍්ඡාදනඤ‍්ච භත‍්තඤ‍්ච සෙනාසනං පදීපියං, අදාසිං උජුභූතෙසු විප‍්පසන‍්නෙන චෙතසා.

262. (එකල මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් හා පහන්තෙල්ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.

263. චාතුද‍්දසිං පඤ‍්චදසිං යා ච පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාගතං.

263-264. මම පක්‍ෂය පිළිබඳ වූ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා මනාකොට බෙදා දෙන්නී ගෙහි විසීමි.

264. උපොසථං උපවසිස‍්සං සදා සීලෙසු සංවුතා, සඤ‍්ඤමා සංවිභාගා ච විමානං ආවසාමහං.

265. පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ‍්ඤතා, ථෙය්‍යා ච අතිචාරා ච මජ‍්ජපානා ච ආරකා.

265. (එකල්හි මම) පණිවායෙන් දුරු වීමි. මුසවායෙන් ද සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරු වීමි.

266. පඤ‍්ච සික‍්ඛාපදෙ රතා අරියසච‍්චාන කොවිදා, උපාසිකා චක‍්ඛුමතො ගොතමස‍්ස යසස‍්සිනො.

266. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍ය සත්‍යයෙහි දක්‍ෂ වූ (මම) යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරදුන්ගේ උපාසිකාවක් වීමි.

267. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

267. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

268. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමහං අකාසිං තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

268. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

සුනන්‍දා විමානං.

සුනන්‍දා විමාන යි.