යෙදුමෙන් කියවන්න

ආචාමදායිකාවිමානං

2. 3.

2. 3.

183. පිණ‍්ඩාය තෙ චරන‍්තස‍්ස තුණ‍්හීභූතස‍්ස තිට‍්ඨතො, දළිද‍්දා කපණා නාරී පරාගාරං අවස‍්සිතා

183-4. වහන්ස, පිඬු පිණිස හැසිරෙන්නා වූ ඔබ නිහඬව සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් ඔබ වහන්සේට දමුබතක් පිදී ද ඕ තොමෝ මිනිස්සිරුර හැර (උපත් විසින්) කිනම් දිශාවකට ගියා ද?

184. යා තෙ අදාසි ආචාමං පසන‍්නා සෙහි පාණිහි, සා හිත්‍වා මානුසං දෙහං කන‍්නු සා දිසතං ගතා

185. පිණ‍්ඩාය මෙ චරන‍්තස‍්ස තුණ‍්හීභූතස‍්ස තිට‍්ඨතො, දළිද‍්දා කපණා නාරී පරාගාරං අවස‍්සිතා

185-6. (සක්දෙව් රජුනි,) නිහඬ ව මා පිඬු පිණිස හැසිරෙමින් සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් මට දමුබතක් පිදී ද, ඕ තොමෝ මිනිස්සිරුර හැර මිනිස් දුබග බැවින් මිදුණී මෙයින් ච්‍යුත වූවා ය.

186. යා මෙ අදාසි ආචාමං පසන‍්නා සෙහි පාණිහි, සා හිත්‍වා මානුසං දෙහං විප‍්පමුත‍්තා ඉතො චුතා

187. නිම‍්මාණරතිනො නාම සන‍්ති දෙවා මහිද‍්ධිකා, තත්‍ථ සා සුඛිතා නාරී මොදතාචාමදායිකාති

187. මහත් ඍද්ධි ඇති නිර්‍මාණරතී නම් දෙව් කෙනෙක් ඇත. දමුබත් දුන් ඒ ස්ත්‍රී තොමෝ ඔවුනතර සුවපත් වූවා සතුටු වෙයි.

188. අභො දානං වරාකියා කස‍්සපෙ සුපතිට‍්ඨිතං, පරාභතෙන දානෙන ඉජ‍්ඣිත්‍ථ වත දක‍්ඛිණා

188. මහසුප් තෙරුන් කෙරෙහි පිහිටුවන ලද ඒ දීන වූ ස්ත්‍රියගේ දානය අනේ පුදුමයි. සිඟීමෙන් මෙරමා ගෙයින් ගෙනෙනලද දියයුතු දෙයින් දක්‍ෂිණාව සමෘද්ධ වූවා ය. පුදුමයි.

189. යා මහෙසිත‍්තං කාරෙය්‍ය චක‍්කවත‍්තිස‍්ස රාජිනො නාරී සබ‍්බඞ‍්ගකල්‍යාණී භත‍්තු චානොමදස‍්සිකා එතස‍්සාචාමදානස‍්ස කලං නාග‍්ඝති සොළසිං.

189. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාට ලමු නො වූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජක්හට අගමෙහෙසිබව කරන්නී ද, මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවටත් එය නො අගී.

190. සතං නික‍්ඛා සතං අස‍්සා සතං අස‍්සතරීරථා සතං කඤ‍්ඤා සහස‍්සානි ආමුත‍්තමණිකුණ‍්ඩලා එතස‍්සාචාමදානස‍්ස කලං නාග‍්ඝන‍්ති සොළසිං

190. සියක් දහසක් රන් නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස්වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.

191. සතං හෙමවතා නාගා ඊසා දන‍්තා උරූළ‍්හවා සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා හෙමකප‍්පනවාසසා එතස‍්සාචාමදානස‍්ස කලං නාග‍්ඝන‍්ති සොළසිං

191. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන්මුවා ගෙළබරණින් සැරැසූ රන් එබූ ඇත්අබරණින් හොබන සියයක් හේමවත ඇත්හු මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.

192. චතුන‍්නම‍්පිච දීපානං ඉස‍්සරං යොධ කාරයෙ, එතස‍්සාචාමදානස‍්ස කලං නාග‍්ඝති සොළසින‍්ති

192. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විති රජබව කෙරේ ද, එය මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගී.

ආචාමදායිකාවිමානං.

ආචාමදායිකාවිමාන යි.