ජරා සුත‍්තං
4. 6.
4. 6.
ජරා සුත‍්තං
ජරා සූත්‍රය
808. අප‍්පං වත ජීවිතං ඉදං ඔරං වස‍්සසතාපි මීයති, යො චෙපි අතිච‍්ච ජීවති අථ ඛො සො ජරසාපි මීයති.
808. මෙ මනුෂ්‍ය ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. හවුරුදු සියයෙකින් මෙපිට (කලලාදි අවස්ථායෙහි) දූ මියෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු මියයන්නේ යි.
809. සොචන‍්ති ජනා මමායිතෙ න හි සන‍්තා නිච‍්චා පරිග‍්ගහා, විනාභාවං සන‍්තමෙවිදං ඉති දිස‍්වා නාගාරමාවසෙ.
809. සත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් මමත්‍වයෙන් ගත් වස්තුයෙහි ශෝක කෙරෙති. එතෙකුදු වුව නිත්‍ය වූ පරිග්‍රහයෝ නො මැ වෙති. මෙ විනාභාවය විද්‍යාමාන මැ වේ යයි මෙසේ නුවණින් දැකැ විඥපුරුෂ ගිහිගෙහි නො වසන්නේ යි.
810. මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන‍්ති මඤ‍්ඤති, එතං දිස‍්වාන පණ‍්ඩිතො, න මමත‍්තාය නමෙථ මාමකො.
810. පුරුෂ යම් රූපාදියක් ‘මේ මාගේ’යයි මඤ්ඤනා වශයෙන් හඟනේ නම්, එය මරණනිදු දුරුකරණු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැකැ මමත්‍වයට නො නැමෙන්නේ යි.
811. සුපිනෙන යථාපි සඞ‍්ගතං පටිබුද‍්ධො පුරිසො න පස‍්සති, එවම‍්පි පියායිතං ජනං පෙතං කාලකතං න පස‍්සති.
811. පුරුෂ සිහිනෙන් දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දක්නේ ද, එසෙයින් පරලොව ගිය, කලුරිය කළාවූ ප්‍රිය සත්‍වයා නො දක්නේ යි.
812. දිට‍්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච‍්චති, නාම මෙවාවසිස‍්සති අක‍්ඛෙය්‍යං පෙතස‍්ස ජන‍්තුනො.
812. ක්‍ෂත්‍රියාදි යම් කෙනෙකුන් ගේ මේ නාමප්‍රඥප්තියයැ යි කියනු ලැබේ නම්, එ සත්ත්‍වයෝ වනාහි චක්ඛු විඤ්ඤාණාභිසම්භූත වූ චතුසමුට්ඨානිකරූපයෝත් සෝතවිඤ්ඤාණාභිසම්භූත වූ ද්විසමුට්ඨානික ශබ්දයොත් වෙති. මියැ පරලොව ගිය සත්ත්‍වයාගේ නාමමාත්‍රය මැ කියන්නට ඉතිරි වේ.
813. සොකපරිදෙව මච‍්ඡරං න ජහන‍්ති ගිද‍්ධා මමායිතෙ, තස‍්මා මුනයො පරිග‍්ගහං හිත්‍වා අචරිංසු ඛෙමදස‍්සිනො.
813. මමායන කළ වස්තුයෙහි ගිජු වූවාහු ශෝකපරිදේවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මැ මුනිහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂේමසඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්මින් වාස කළහ.
814. පතිලීනචරස‍්ස භික‍්ඛුනො භජමානස‍්ස විවිත‍්තමාසනං, සාමග‍්ගියමාහු තස‍්ස තං යො අත‍්තානං භවනෙ න දස‍්සයෙ.
814. ඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති, විවේක සෙනසුන් සෙව්නා වූ කලණ පුහුදුන් වූ හෝ ශෛක්‍ෂ වූ හෝ මහණහට ද, නිරායාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නො දක්වන එ රහත්මහණහට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා (නිරයාදි භවනෙහි තමා නො දැක්වීම) අනුරූප යයි කියත්.
815. සබ‍්බත්‍ථ මුනී අනිස‍්සිතො න පියං කුබ‍්බති නොපි අප‍්පියං, තස‍්මිං පරිදෙව මච‍්ඡරං පණ‍්ණෙ වාරි යථා න ලිප‍්පති.
815. ද්වාදශායතන නම් වූ හැම තන්හි තෘෂ්ණා - දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූ මුනිතෙම (සත්ත්‍ව සංස්කාර කෙරෙහි) ප්‍රිය නො කෙරෙයි, අප්‍රිය ද නො කෙරෙයි. එ රහත්මුනිහු කෙරෙහි පරිදේව හා මාත්සර්‍ය්‍යය පියුම්පත්හි දිය සෙයින් නො ඇලේ.
816. උදබින්‍දු යථාපි පොක‍්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප‍්පති, එවං මුනි නො පලිප‍්පති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා
816. පොකුරුපත්හි යම්සේ දිය බිඳු නො ඇලේ ද, පියුම්පෙතෙහි යම්සේ දිය නො රැඳේ ද, එසෙයින් ක්‍ෂීණාස්‍රව මහණ දිට්ඨ සුතයෙහි හෝ මුතයෙහි හෝ නො ඇලේ.
817. ධොනො න හි තෙන මඤ‍්ඤති යදිදං දිට‍්ඨසුතං මුතෙසු වා, නාඤ‍්ඤෙන විසුද‍්ධිමිච‍්ඡති න හි සො රජ‍්ජති නො විරජ‍්ජතීති.
817. ධුතපාප වූ ක්‍ෂීණාස්‍රව තෙම යම්බඳු මෙ දිට්ඨ - සුත - මුත යන ආලම්බන වේ නම් එ වස්තුයෙන් මඤ්ඤනා විසින් නො සිතයි, හෙ අනෙක් අශුද්ධමාර්‍ගයකිනුදු ශුද්ධිය නො පතයි. හේ එහි (බාල පෘථුජ්ජනයන් මෙන්) නො ඇලෙයි, කල්‍යාණ පෘථජ්ජනයන් හා ක්ශෛෂයන් මෙන් විරාග ද නො වේ.
ජරාසුත‍්තං නිට‍්ඨිතං.
ජරා සූත්‍රය නිමි.