ගුහට‍්ඨකසුත‍්තං
4. 2.
4. 2.
ගුහට‍්ඨකසුත‍්තං
ගුහට්ඨක සූත්‍රය
776. සත‍්තො ගුහායං බහුනාභිඡන‍්නො තිට‍්ඨං නරො මොහනස‍්මිං පගාළ‍්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප‍්පහායා.
776. මනුෂ්‍යයෙක් ගුහා සංඛ්‍යාත ශරීරෙයහි රාගාදි විසින් ඇලුනේ බොහෝ වූ රාගාදි ක්ලේශ ජාතයෙන් වැසුනේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සංඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ හේ ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වේ. යම්හෙයකින් සත් ලොව්හි කාමයෝ සුවයෙන් හළ නො හැකියාහු ද එහෙයිනි.
777. ඉච‍්ඡානිදානා භවසාතබද‍්ධා තෙ දුප‍්පමුඤ‍්චා න හි අඤ‍්ඤමොක‍්ඛා, පච‍්ඡා පුරෙ වාපි අපෙක‍්ඛමානා ඉමෙ ව කාමෙ පුරිමෙ ව ජප‍්පං.
777. කාම තෘණ්හාව නිදාන කොට ඇති, (සුඛවේදනාදි) භවසුඛයෙහි බැඳුනු, අතීත වූ හෝ අනාගත වූ කාමයන් අපේක්‍ෂා කරණ වර්‍තමාන කාමයන් හෝ පෙර කී අතීතානාගත කාමයන් පතන, එ සත්ත්‍වයෝ දුකසේ මිදිය යුත්‍තාහු වෙති, ඔහු සෙස්සනුදු මුදා ලිය නො හෙත්.
778. කාමෙසු ගිද‍්ධා පසුතා පමූළ‍්හා අවදානියා තෙ විසමෙ නිවිට‍්ඨා, දුක‍්ඛූපනීතා පරිදෙවයන‍්ති කිං සු භවිස‍්සාම ඉතො චුතාසෙ.
778. ඔහු ක්ලේශ කාමයන් වස්තු කාමයෙහි ගිජු වූවාහු කාම වස්තු පර්‍ය්‍යෙෂණාදියෙහි නියැලියාහු සම්මෝහයට පැමිණියාහු (අවංගමනතායෙන් හෝ මසුරු බැවින් හෝ බුද්ධාදීන්ගේ වචන නොගන්නා හෙයින් හෝ) අවදානිය වූවා හු, විෂමකාය කර්‍මාදියෙහි බැස ගත්තාහු එ සත්ත්‍වයෝ මරණ දුකට පැමිණියාහු, මෙ අත්බැවින් සැව ගියමෝ කුමක් වනුමෝ හෝ’යි පරිදේවනා කෙරෙත්.
779. තස‍්මා හි සික‍්ඛෙථ ඉධෙව ජන‍්තු යං කිඤ‍්චි ජඤ‍්ඤා විසමන‍්ති ලොකෙ, න තස‍්ස හෙතු විසමං චරෙය්‍ය අප‍්පං හිදං ජීවිතං ආහු ධීරා.
779. එහෙයින් මැ සත්ත්‍වතෙමේ ලෙව්හි යම්කිසි කාය දුශ්චරිතාදීයක් විෂම යැයි දන්නේ නම් ඒ විෂම කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ ය. යම් හෙයකින් (බුද්ධාදි) ධීරයෝ මේ ජීවිතය අල්ප යයි දෙසූහු ද, එහෙයින් මැ මෙ බුදු සස්නෙහි ම ත්‍රිවිධ ශික්‍ෂාහි හික්මෙන්නේ ය.
780. පස‍්සාමි ලොකෙ පරිඵන්‍දමානං පජං ඉමං තණ‍්හාගතං භවෙසු, හීනා නරා මච‍්චුමුඛෙ ලපන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසු.
780. කාමභවාදියෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති, හීන වූ කායකර්‍මාදිය ඇති සත්ත්‍වයෝ මරුමුවෙහි හෙවැ වැලැපෙත්. ලොව් හි කාමාදිභවයන්හි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදි ස්පන්‍දනයෙන් පොපියන මෙ සත්ත්‍වසමූහයා මසැස් ඈ පසැසින් දක්මි.
781. මමායිතෙ පස‍්සථ ඵන්‍දමානෙ මච‍්ඡෙව අප‍්පොදකෙ ඛීණසොතෙ, එතම‍්පි දිස‍්වා අමමො චරෙය්‍ය භවෙසු ආසත‍්තිමකුබ‍්බමානො.
781. සිඳී ගිය දියත්තෙක්හි පොපියන මසුන් මෙන් මාගේ යැයි ගන්නාලද කාමවස්තුයෙහි, පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනව දැක, මමායන නැතියේ කාමාදිභවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ ය.
782. උභොසු අන‍්තෙසු විනෙය්‍ය ඡන්‍දං ඵස‍්සං පරිඤ‍්ඤාය අනානුගිද‍්ධො, යදත‍්තගරහී තදකුබ‍්බමානො න ලිප‍්පතී දිට‍්ඨසුතෙසු ධීරො.
782. ඵස්ස-ඵස්ස සමුදයාදි දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය දුරු කොට චක්ඛු සම්ඵස්සාදි ස්පර්‍ශය ත්‍රිවිධපරිඥායෙන් දැන, රූපශබ්දාදියෙහි නො ගිජු වූයේ කළ නොකළ හෙයින් තම හට ගරහ උපදවන කායදුශ්චරිතාදිය නොකරන ප්‍රාඥයා (රූප ශබ්දාදී) දෘෂ්ට ශ්‍රැතාලම්බනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලෙයි.
783. සඤ‍්ඤං පරිඤ‍්ඤාවිතරෙය්‍ය ඔඝං පරිග‍්ගහෙසු මුනි නොපලිත‍්තො, අබ‍්බූළ‍්හසල‍්ලො චරං අප‍්පමත‍්තො නාසිංසතී ලොකමිමං පරඤ‍්චාති.
783. කාම සංඥාදි සංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධපරිඥායෙන් දැන, චතුරෝඝ තරණය කරන්නේ ය. තෘෂ්ණා දෘෂ්ටි පරිග්‍රයන්හි නො ඇළුනු ක්‍ෂීණාස්‍රව මුනි උපුටා ලූ රාගාදි ශල්‍ය ඇතියේ අප්‍රමත්ත ව හැසිරෙන්නේ ( ස්වාත්මභාව සංඛ්‍යාත) මෙ ලොවත්, (පරාත්මභාව සංඛ්‍යාත) පරලොවත් නොපතන්නේ යි.
ගුහට‍්ඨකසුත‍්තං නිට‍්ඨිතං
ගුහට්ඨක සූත්‍රය නිමි.