10. කොකාලික සුත්තවණ්ණනා අට්ඨකථා
10. කොකාලික සුත්තවණ්ණනා
10. කෝකාලික සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති කොකාලිකසුත්තං. කා උප්පත්ති? ඉමස්ස සුත්තස්ස උප්පත්ති අත්ථවණ්ණනායමෙව ආවි භවිස්සති. අත්ථවණ්ණනාය චස්ස එවං මෙ සුතන්තිආදි වුත්තනයමෙව. අථ ඛො කොකාලිකොති එත්ථ පන කො අයං කොකාලිකො, කස්මා ච උපසඞ්කමීති? වුච්චතෙ – අයං කිර කොකාලිකරට්ඨෙ කොකාලිකනගරෙ කොකාලිකසෙට්ඨිස්ස පුත්තො පබ්බජිත්වා පිතරා කාරාපිතෙ විහාරෙයෙව පටිවසති “චූළකොකාලිකො”ති නාමෙන, න දෙවදත්තස්ස සිස්සො. සො හි බ්රාහ්මණපුත්තො “මහාකොකාලිකො”ති පඤ්ඤායි.
එවම්මෙ සුතං කෝකාලික සූත්‍රයයි. මෙම සූත්‍රයට හේතු වූ කරුණ කුමක්ද? එය විස්තර ලෙස, එවම්මෙ සුතං යනුවෙන් සූත්‍රයෙහිම සඳහන් වෙයි. එහි ‘ඉක්බිති කෝකාලික’ යැයි දැක්වෙන පරිදි මේ කෝකාලික නම් කවුද? කුමක් නිසා (භාග්‍යවතුන් වහන්සේ වෙත) එළඹියේදැ’යි. මෙසේ විස්තර කරනු ලැබේ. මොහු කෝකාලී රටෙහි, කෝකාලී නගරයෙහි, කෝකාලි සිටුවරයාගේ පුතාය. සුළු කෝකාලික නමින් පැවිදිව පියා විසින් කරවන ලද විහාරයෙහිම වාසය කරයි. දෙව්දත් තෙරුන්ගේ සිසුවකු නොවේ. බමුණු පුතෙකු වූ ඔහු මහා කෝකාලික නමින් පතළ විය.
භගවති කිර සාවත්ථියං විහරන්තෙ ද්වෙ අග්ගසාවකා පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සද්ධිං ජනපදචාරිකං චරමානා උපකට්ඨාය වස්සූපනායිකාය විවෙකවාසං වසිතුකාමා තෙ භික්ඛූ උය්යොජෙත්වා අත්තනො පත්තචීවරමාදාය තස්මිං ජනපදෙ තං නගරං පත්වා තං විහාරං අගමංසු. තත්ථ තෙ කොකාලිකෙන සද්ධිං සම්මොදිත්වා තං ආහංසු – “ආවුසො, මයං ඉධ තෙමාසං වසිස්සාම, මා කස්සචි ආරොචෙය්යාසී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා තෙමාසෙ අතීතෙ ඉතරදිවසං පගෙව නගරං පවිසිත්වා ආරොචෙසි – “තුම්හෙ අග්ගසාවකෙ ඉධාගන්ත්වා වසමානෙ න ජානිත්ථ, න තෙ කොචි පච්චයෙනාපි නිමන්තෙතී”ති. නගරවාසිනො “කස්මා නො, භන්තෙ, නාරොචයිත්ථා”ති. කිං ආරොචිතෙන, කිං නාද්දසථ ද්වෙ භික්ඛූ වසන්තෙ, නනු එතෙ අග්ගසාවකාති. තෙ ඛිප්පං සන්නිපතිත්වා සප්පිගුළවත්ථාදීනි ආනෙත්වා කොකාලිකස්ස පුරතො නික්ඛිපිංසු. සො චින්තෙසි – “පරමප්පිච්ඡා අග්ගසාවකා ‘පයුත්තවාචාය උප්පන්නො ලාභො’ති ඤත්වා න සාදියිස්සන්ති, අසාදියන්තා අද්ධා ‘ආවාසිකස්ස දෙථා’ති භණිස්සන්ති, හන්දාහං ඉමං ලාභං ගාහාපෙත්වා ගච්ඡාමී”ති . සො තථා අකාසි, ථෙරා දිස්වාව පයුත්තවාචාය උප්පන්නභාවං ඤත්වා “ඉමෙ පච්චයා නෙව අම්හාකං න කොකාලිකස්ස වට්ටන්තී”ති චින්තෙත්වා “ආවාසිකස්ස දෙථා”ති අවත්වා පටික්ඛිපිත්වා පක්කමිංසු. තෙන කොකාලිකො “කථඤ්හි නාම අත්තනා අග්ගණ්හන්තා මය්හම්පි න දාපෙසු”න්ති දොමනස්සං උප්පාදෙසි.
භාග්‍යවතුන් වහන්සේ, සැවැත් නුවර වැඩවසද්දී, අගසවු දෙනම, පන්සියයක් මහණුන් සමග ජනපදචාරිකාවෙහි යෙදෙමින්, වස් සමාදන් වන කාලයෙහි විවේකීව වාසය කිරීමට කැමතිව, ඒ මහණුන් පිටත්කරවා, තම පාසිවුරු ද ගෙන, කෝකාලි ජනපදයෙහි එම විහාරයට ගියහ. එහිදී කෝකාලික හිමි සමග සතුටු පිළිසඳර කතාවෙන් පසු ‘ඇවැත්නි, අපි මෙහි මේ තුන්මාසය වසන්නෙමු. කිසිවෙකුටත් ඒ බව සැළ නොකරව’යි කීහ. කෝකාලික හිමි ‘යහපතැ’යි පිළිවදන් දී, තුන් මාසය ඉකුත්වීමට දිනකට පෙර, කලින්ම නගරයට ගොස්, ‘ඔබලා අගසවු දෙනම මෙහි වසන බව නොදනිවුද? කිසි කෙනෙක් සිවුපසයෙන් වත් ආරාධනා නොකළේ යැයි සැළ කළේය. නුවර වැසියෝ, ‘හිමියනි, අපට නොදැන්වූයේ ඇයිදැ’යි ඇසූහ. දැනුම් දෙන්නේ කුමකටද? ඇයි දෙනමක් වසන බව නුදුටුවෙහිද? (එසේනම් ඒ) අගසවු දෙනම නොවේදැ’යි (සළකා) වහා රැස්වී, ගිතෙල්, හකුරු, රෙදි ආදිය ගෙනවුත් කෝකාලික හිමි ඉදිරියේ තැබූහ. අගසවුවෝ ලද දෙයින් සෑහීමට පත් වෙති. දැනුම් දීම නිසා ලැබුණු දේ බව දැන භාර නොගනිති. එසේ භාර නොගෙන, නිසැකවම ‘මෙහි වසන හිමියන්ට දෙව’යි කියන්නාහ. එබැවින් මම මේ ලැබුණු දේවල් ඔවුන් ලවාම ගෙන යමි’යි කෝකාලික හිමි සිතුවේය. එසේ කටයුතු කළේය. තෙරුන්වහන්සේලා දෙනම එය දුටු කෙණෙහිම දැනුම් දීමෙන් ලද බව දැන, ‘මේවා අපට නොව කෝකාලිකටම වටී’ යැයි සිතා, ආවාසයෙහි වසන හිමිට දෙව’යි නොකියාම බැහැරකොට ගියහ. ‘තමන් නොගන්නේ නම්, මටවත් නොදුන්නේ යැ’යි කෝකාලික හිමි දොම්නස් විය.
තෙ භගවතො සන්තිකං අගමංසු. භගවා ච පවාරෙත්වා සචෙ අත්තනා ජනපදචාරිකං න ගච්ඡති, අග්ගසාවකෙ පෙසෙති – “චරථ, භික්ඛවෙ, චාරිකං බහුජනහිතායා”තිආදීනි (මහාව· 32) වත්වා . ඉදමාචිණ්ණං තථාගතානං. තෙන ඛො පන සමයෙන අත්තනා අගන්තුකාමො හොති. අථ ඛො ඉමෙ පුනදෙව උය්යොජෙසි – “ගච්ඡථ, භික්ඛවෙ, චරථ චාරික”න්ති. තෙ පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සද්ධිං චාරිකං චරමානා අනුපුබ්බෙන තස්මිං රට්ඨෙ තමෙව නගරං අගමංසු. නාගරා ථෙරෙ සඤ්ජානිත්වා සහ පරික්ඛාරෙහි දානං සජ්ජෙත්වා නගරමජ්ඣෙ මණ්ඩපං කත්වා දානං අදංසු, ථෙරානඤ්ච පරික්ඛාරෙ උපනාමෙසුං. ථෙරා ගහෙත්වා භික්ඛුසඞ්ඝස්ස අදංසු. තං දිස්වා කොකාලිකො චින්තෙසි – “ඉමෙ පුබ්බෙ අප්පිච්ඡා අහෙසුං, ඉදානි ලොභාභිභූතා පාපිච්ඡා ජාතා, පුබ්බෙපි අප්පිච්ඡසන්තුට්ඨපවිවිත්තසදිසා මඤ්ඤෙ, ඉමෙ පාපිච්ඡා අසන්තගුණපරිදීපකා පාපභික්ඛූ”ති. සො ථෙරෙ උපසඞ්කමිත්වා “ආවුසො, තුම්හෙ පුබ්බෙ අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා විය අහුවත්ථ, ඉදානි පනත්ථ පාපභික්ඛූ ජාතා”ති වත්වා පත්තචීවරමාදාය තාවදෙව තරමානරූපො නික්ඛමිත්වා ගන්ත්වා “භගවතො එතමත්ථං ආරොචෙස්සාමී”ති සාවත්ථාභිමුඛො ගන්ත්වා අනුපුබ්බෙන භගවන්තං උපසඞ්කමි. අයමෙත්ථ කොකාලිකො, ඉමිනා කාරණෙන උපසඞ්කමි. තෙන වුත්තං “අථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමී”තිආදි.
අගසවු දෙනමද භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. බුදුරජාණන් වහන්සේ ද පවරාණය කොට, තමන් ජනපද චාරිකාවෙහි නොහැසිරෙත් නම්, ‘මහණෙනි, බොහෝදෙනාගේ හිත පිණිස චාරිකාවෙහි හැසිරවු’ යැයි අගසවු දෙනම පිටත්කර හරිති. මෙය තථාගතයන් වහන්සේලාට ආවේණික වූවකි. මේ වේලාවෙහි තමන් නොයනු කැමතිව, ‘මහණෙනි, යව, චාරිකාවේ හැසිරෙවු’ යැයි නැවත පිටත්කර හැරියහ. උන්වහන්සේලා තවත් මහණුන් පන්සියයක් සමග චාරිකාවේ යෙදෙමින් පිළිවෙලින් කෝකාලි නුවරටම ගියහ. නගරවාසීහු තෙරුන් වහන්සේලා හැඳින සපිරිකර දානය පිළියෙල කොට, නගර මැද වේදිකාවක් කරවා දානය පිරිනැමූහ. පිරිකරද පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ඒවා පිළිගෙන අනෙක් හිමිවරුන්ට දුන්හ. ඒ දුටු කෝකාලික හිමි ‘කලින් මේ තෙරුන් වහන්සේලා ලද දෙයින් සතුටු වූහ. දැන් ලෝභයෙන් වෙළී පවිටු බවට පත්වූහ. පෙරදී ද ලද දෙයින් සතුටුවීමේ සිතිවිල්ලෙන් ඈත් වීදැයි හැඟේ. මේ නැතිගුණ පෙන්වන ලාමක මහණුන් යැයි සිතුවේය. කෝකාලික හිමි, තෙරුන්වහන්සේලා වෙත පැමිණ, ඇවැත්නි, ඔබලා පෙර ලද දෙයින් සතුටුව, විවේකීව මෙන් සිටියාහුය. දැන් පවිටු පැවිද්දන් සේ යැයි’ කියා, ‘ඉක්මනින්ම ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කරන්නෙමි’යි පා සිවුරු ගෙන, එදිනම සැවැත්පුරට ගියේය. කෝකාලික හිමි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ මේ කරුණු නිසාය. එහෙයින්, අථ ඛො කොකාලිකො භික්ඛූ යෙන භගවා තෙනුපසංකමි යැයි කියන ලදී.
භගවා තං තුරිතතුරිතං ආගච්ඡන්තං දිස්වාව ආවජ්ජෙත්වා අඤ්ඤාසි – “අග්ගසාවකෙ අක්කොසිතුකාමො ආගතො”ති. “සක්කා නු ඛො පටිසෙධෙතු”න්ති ච ආවජ්ජෙන්තො “න සක්කා, ථෙරෙසු අපරජ්ඣිත්වා ආගතො, එකංසෙන පදුමනිරයෙ උප්පජ්ජිස්සතී”ති අද්දස. එවං දිස්වාපි පන “සාරිපුත්තමොග්ගල්ලානෙපි නාම ගරහන්තං සුත්වා න නිසෙධෙතී”ති පරූපවාදමොචනත්ථං අරියූපවාදස්ස මහාසාවජ්ජභාවදස්සනත්ථඤ්ච “මා හෙව”න්තිආදිනා නයෙන තික්ඛත්තුං පටිසෙධෙසි. තත්ථ මා හෙවන්ති මා එවමාහ, මා එවං අභණීති අත්ථො. පෙසලාති පියසීලා. සද්ධායිකොති සද්ධාගමකරො, පසාදාවහොති වුත්තං හොති. පච්චයිකොති පච්චයකරො, “එවමෙත”න්ති සන්නිට්ඨාවහොති වුත්තං හොති.
කොකාලික හිමි වහ වහා පැමිණෙනු දුටු භාග්‍යවතුන් වහන්සේ ‘අග සවුවන් කෙරෙහි දොස් නැගීමට කැමතිව එසේ පැමිණෙන බව දැන, එය වළක්වාලීමට හැකිදැයි මෙනෙහිකොට’ එය නොහැකිය, තෙරුන් වහන්සේලාට දොස් නගා නිසැකවම පදුම නම් නිරයෙහි උපදින්නේ යැයි දිවැසින් දුටහ. එහෙත්, සැරියුත්, මුගලන් තෙරුන්ට ගරහනවිට, එය නොවැළැක්වීයැයි නැගෙන පොදු චෝදනාවෙන් මිදෙනු පිණිසත්, උතුමන්ට ගැරහීම බරපතල වරදක් බවත් දැක්වීමට ‘එසේ නොකරන්නැයි’ තෙවරක්ම වැළැක්වූහ. මාහෙවං මා එවමාහ, ‘එසේ නොකියව’යි අදහසයි. පෙසලා සිත්, සද්ධායිකො ඇදහිය හැකි, පහදන සුළු, පච්චයිකො හේතු සහිතව ‘එය මෙසේ’ යැයි තීරණයකට පැමිණෙතැයි ද කියන ලදී.
අචිරපක්කන්තස්සාති පක්කන්තස්ස සතො න චිරෙනෙව සබ්බො කායො ඵුටො අහොසීති කෙසග්ගමත්තම්පි ඔකාසං අවජ්ජෙත්වා සකලසරීරං අට්ඨීනි භින්දිත්වා උග්ගතාහි පීළකාහි අජ්ඣොත්ථටං අහොසි. තත්ථ යස්මා බුද්ධානුභාවෙන තථාරූපං කම්මං බුද්ධානං සම්මුඛීභාවෙ විපාකං න දෙති, දස්සනූපචාරෙ පන විජහිතමත්තෙ දෙති, තස්මා තස්ස අචිරපක්කන්තස්ස පීළකා උට්ඨහිංසු. තෙනෙව වුත්තං “අචිරපක්කන්තස්ස ච කොකාලිකස්සා”ති. අථ කස්මා තත්ථෙව න අට්ඨාසීති චෙ? කම්මානුභාවෙන. ඔකාසකතඤ්හි කම්මං අවස්සං විපච්චති, තං තස්ස තත්ථ ඨාතුං න දෙති. සො කම්මානුභාවෙන චොදියමානො උට්ඨායාසනා පක්කාමි. කළායමත්තියොති චණකමත්තියො . බෙලුවසලාටුකමත්තියොති තරුණබෙලුවමත්තියො. පභිජ්ජිංසූති භිජ්ජිංසු. තාසු භින්නාසු සකලසරීරං පනසපක්කං විය අහොසි. සො පක්කෙන ගත්තෙන අනයබ්යසනං පත්වා දුක්ඛාභිභූතො ජෙතවනද්වාරකොට්ඨකෙ සයි. අථ ධම්මස්සවනත්ථං ආගතාගතා මනුස්සා තං දිස්වා “ධි කොකාලික, ධි කොකාලික, අයුත්තමකාසි, අත්තනොයෙව මුඛං නිස්සාය අනයබ්යසනං පත්තොසී”ති ආහංසු. තෙසං සුත්වා ආරක්ඛදෙවතා ධික්කාරං අකංසු, ආරක්ඛදෙවතානං ආකාසට්ඨදෙවතාති ඉමිනා උපායෙන යාව අකනිට්ඨභවනා එකධික්කාරො උදපාදි.
අචිරපක්කන්තස්ස ඉවතට ගිය නොබෝ වේලාවකින්, සබ්බො කායො ඵුඨො අහොසි, කෙස් අගක් පමණකුදු ඉඩක් නොතබා, මුළු සිරුරම ඇට බිඳගෙන මතු වූ පීළකාහි, වසා පැතිරී ගියේය. කළ දෙයක මෙබඳු විපාකය බුදු බලය නිසා බුදුරජාණන් වහන්සේලා හමුවේදීම පල නොදෙයි. බුදුහිමි දැකීමට නොලබන විටකදී (එතැනින්) ඉවත් වූ කල විපාක ලැබෙයි. එහෙයින් කෝකාලික හිමි බුදුහිමි වෙතින් ඉවතට ගිය නොබෝ වේලාවකින් බිබිලි මතුවිය. අචිරපක්කන්තස්ස කොකාලිකස්ස යැයි ඒ අනුව කියන ලදී. කුමක් නිසා එතැනම නොසිටියේ යැයි කියන ලද්දේ ද? කරන ලද දෙයෙහි බලපෑමයි. ඉඩලද විට ඒකාන්තයෙන් එය විපාක දෙයි. එබැවින් එතැන සිටීමට (සිත) ඉඩ නුදුනි. කෝකාලික හිමි තමන් කරන ලද දෙයින් (සිත) මෙහෙයවමින්, උට්ඨායාසනා පක්කාමි, කාලයමත්තියො කඩල ඇට පමණ, බෙලුව සලාටුකමත්තියො නොමේරු බෙලිගෙඩි තරම්, පභිජ්ජිංසු පැලුනාහ. එසේ ගෙඩි පිපිරි ගිය කල මුළු සිරුරම ඉදුණු කොස්ගෙඩියක් මෙන් විය. කෝකාලික හිමි සිරුර කුණු වී, බොහෝ විපතට පත්ව දුකින් පෙළී ජේතවන විහාර දොරටුවෙහි නිදා සිටියේය. දහම් ඇසීමට එනයන මිනිස්සු ඒ දැක, ‘කැතයි, කෝකාලික, ලැජ්ජයි කෝකාලික, නුසුදුසු දෙයක් කළෙහි, තමන්ගේම කට නිසා බොහෝ විපතට පත්වී’ යැයි කීහ. ඔවුන්ගේ කීම ඇසූ රැකවලෙහි සිටි දේවතාවෝ එකසේ නින්දා කළහ. රැකවල දේවතාවන්ගේ කීම ඇසූ අහසෙහි වසන දේවතාවුන්ගේ සිට අකනිටාව තෙක් එක්බදුම නින්දා ගැරහුම් විය.
තදා ච තුරූ නාම භික්ඛු කොකාලිකස්ස උපජ්ඣායො අනාගාමිඵලං පත්වා සුද්ධාවාසෙසු නිබ්බත්තො හොති. සොපි සමාපත්තියා වුට්ඨිතො තං ධික්කාරං සුත්වා ආගම්ම කොකාලිකං ඔවදි සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තප්පසාදජනනත්ථං. සො තස්සාපි වචනං අග්ගහෙත්වා අඤ්ඤදත්ථු තමෙව අපරාධෙත්වා කාලං කත්වා පදුමනිරයෙ උප්පජ්ජි. තෙනාහ – “අථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙවාබාධෙන…පෙ… ආඝාතෙත්වා”ති.
එකල්හි තුදු නම් වූ කෝකාලික හිමිගේ ගුරු හිමියෝ අනාගාමී ඵලයට පත්ව, සුද්ධාවාසයෙහි ඉපිද සිටිති. ඒ හින්දා හඬ අසා සමවතින් නැගිටි එතුමෝ එහි අවුත්, සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා කෙරේ සිත පහදවා ගන්නා ලෙස අවවාද කළහ. කෝකාලික හිමි එම වචනයද නොපිළිගෙන, ඒ අපරාධයෙන්ම කළුරියකොට පදුම නිරයෙහි ඉපදුණේය. අථ ඛො කොකාලිකො භික්ඛූ තෙනෙවා බාධෙන...... ආඝාතෙත්වා යැයි එහෙයින් කියන ලදී.
අථ ඛො බ්රහ්මා සහම්පතීති කො අයං බ්රහ්මා, කස්මා ච භගවන්තං උපසඞ්කමිත්වා එතදවොචාති? අයං කස්සපස්ස භගවතො සාසනෙ සහකො නාම භික්ඛු අනාගාමී හුත්වා සුද්ධාවාසෙසු උප්පන්නො, තත්ථ නං “සහම්පති බ්රහ්මා”ති සඤ්ජානන්ති. සො පන “අහං භගවන්තං උපසඞ්කමිත්වා පදුමනිරයං කිත්තෙස්සාමි, තතො භගවා භික්ඛූනං ආරොචෙස්සති. කථානුසන්ධිකුසලා භික්ඛූ තත්ථායුප්පමාණං පුච්ඡිස්සන්ති, භගවා ආචික්ඛන්තො අරියූපවාදෙ ආදීනවං පකාසෙස්සතී”ති ඉමිනා කාරණෙන භගවන්තං උපසඞ්කමිත්වා එතදවොච. භගවා තථෙව අකාසි, අඤ්ඤතරොපි භික්ඛු පුච්ඡි. තෙන ච පුට්ඨො “සෙය්යථාපි භික්ඛූ”තිආදිමාහ.
අථ ඛො බ්රහ්මා සහම්පතී ‘මේ බ්‍රහ්මයා කවරෙක්ද? කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, මෙසේ කීවේද යත්, මොහු කස්සප බුදු සසුනෙහි සහක නම් මහණකුව අනාගාමීව, සුද්ධාවාසයෙහි උපන්නේය. එහිදී සහම්පතී බ්‍රහ්ම නමින් හඳුන්වති. ‘මම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, පදුම නිරයෙහි තොරතුරු කියන්නෙමි. ඊට පසු, උන්වහන්සේ පිරිසට පවසන්නාහ. කරුණු වටහාගත හැකි සංඝයා වහන්සේලා එහි ආයු කාලය විමසන්නාහ. භාග්‍යවතුන් වහන්සේ උතුමන්ට ගැරහීමේ ආදීනවද එහිදී පවසන්නාහ’යි සහම්පතී බ්‍රහ්මයා එහි පැමිණ ඒ තොරතුරු කීවේය. භාග්‍යවතුන් වහන්සේ එපරිදිම කටයුතු කළහ. එක්තරා මහණක් ඒ තොරතුරු විචාළේය. එසේ විමසන ලද පරිදි මහණ, ඒ කෙබඳුදැ’යි යනුවෙන් විස්තර කළහ.
තත්ථ වීසතිඛාරිකොති මාගධකෙන පත්ථෙන චත්තාරො පත්ථා කොසලරට්ඨෙ එකො පත්ථො හොති, තෙන පත්ථෙන චත්තාරො පත්ථා ආළ්හකං, චත්තාරි ආළ්හකානි දොණං, චතුදොණා මානිකා, චතුමානිකා ඛාරී, තාය ඛාරියා වීසතිඛාරිකො. තිලවාහොති තිලසකටං. අබ්බුදො නිරයොති අබ්බුදො නාම කොචි පච්චෙකනිරයො නත්ථි, අවීචිම්හියෙව අබ්බුදගණනාය පච්චනොකාසො පන “අබ්බුදො නිරයො”ති වුත්තො. එස නයො නිරබ්බුදාදීසු.
වීසති ඛාරිකො යනු මගධ පතින් (නැළියකින් හතරෙන් එක් කොටසක්) සතරක් කොසොල් රටෙහි පත් එකකි. එයින් පත් හතරක් ආළහක එකකි. ආළහක හතරක් ද්‍රොණ එකකි. ද්‍රොණ සතරක් මානික එකකි. මානික සතරක් ඛාරි එකකි. ඛාරි තුනක් වීසති ඛාරික නම් වෙයි. තිලවාහො තල පිරවූ කරත්තයක්, අබ්බුදො නිරයො අබ්බුද නමින් කිසියම් වෙනම නිරයක් නැත. අවීචියෙහිම අබ්බුද ගණනාවක් දුක්විදීමට, තැවීමට සිදුවන බැවින්, අබ්බුද නිරය යැයි කියන ලදී. නිරබ්බුදා ගැනද ආකාරයෙන් දතයුතුය.
තත්ථ වස්සගණනාපි එවං වෙදිතබ්බා – යථෙව හි සතං සතසහස්සානි කොටි හොති, එවං සතං සතසහස්සකොටියො පකොටි නාම හොති, සතං සතසහස්සපකොටියො කොටිප්පකොටි නාම, සතං සතසහස්සකොටිප්පකොටියො නහුතං, සතං සතසහස්සනහුතානි නින්නහුතං, සතං සතසහස්සනින්නහුතානි එකං අබ්බුදං, තතො වීසතිගුණං නිරබ්බුදං. එස නයො සබ්බත්ථ. කෙචි පන “තත්ථ තත්ථ පරිදෙවනානත්තෙනපි කම්මකරණනානත්තෙනපි ඉමානි නාමානි ලද්ධානී”ති වදන්ති, අපරෙ “සීතනරකා එව එතෙ”ති.
ඒ ගැන අවුරුදු ගණනින් මෙසේ දතයුතුය. යම් සේ සිය සිය දහස කෝටිය වේ. එසේ කෝටි සියසිය දහසක් පකෝටි වේ. පකෝටි සියදහස් සියයක් කෝටිපකෝටි වේ. කෝටිපකෝටි සිය සිය දහසක් නහුතයකි. නහුත සියසිය දහසක් නින්නහුත එකකි. නින්නහුත සිය සියදහසක් අබ්බුද එකකි. එහි විසි ගුණයක් නිරබ්බුදයකි. ඉතිරි සියල්ලටද මෙසේය. ඇතැමෙක් ඒ ඒ තැන්හි තමා විසින් කරනු ලබන හඬාවැලපීම් හා තමා කරන ලද දරුණු දේවල් අනුව වේ නම් ලැබුවේ යැයි ද කියති. තවත් සමහරෙක් ඒවා ‘සීතල නිරය’ සේ ද කියති.
අථාපරන්ති තදත්ථවිසෙසත්ථදීපකං ගාථාබන්ධං සන්ධාය වුත්තං. පාඨවසෙන වුත්තවීසතිගාථාසු හි එත්ථ “සතං සහස්සාන”න්ති අයමෙකා එව ගාථා වුත්තත්ථදීපිකා, සෙසා විසෙසත්ථදීපිකා එව, අවසානෙ ගාථාද්වයමෙව පන මහාඅට්ඨකථායං විනිච්ඡිතපාඨෙ නත්ථි. තෙනාවොචුම්හ “වීසතිගාථාසූ”ති.
අථාපරං යනුවෙන් එම කරුණු ගාථා මගින් වෙසෙසින් දැක්වීමට කියන ලදී. පාඨ ලෙසින් (පද) ඇති මෙම ගාථා විස්සෙහි ‘සතං සහස්සානි’ යන එක් ගාථාවක්ම ඉහත සඳහන් කළ කාලය පැහැදිලි කිරීමට දක්වා ඇත. ඉතිරි ගාථා වෙනත් වෙසෙස් කරුණු පැහැදිලි කිරීමටය. අවසාන ගාථා දෙක ගැන මහ අටුවාවෙහි තහවුරු කරන ලද සඳහනක් නැත. එහෙයින් ගාථා විස්සකැයි කීවෙමු.
තත්ථ කුඨාරීති අත්තච්ඡෙදකට්ඨෙන කුඨාරිසදිසා ඵරුසවාචා. ඡින්දතීති කුසලමූලසඞ්ඛාතං අත්තනො මූලංයෙව නිකන්තති.
කුඨාරී තමන් කැපෙන අරුතින්, කෙටේරියක් බඳු නපුරු වචනය, ඡින්දති මුලින්ම තමාගේ යහපත වනසා ගනී. (තමන්ම වැනසෙයි.)
නින්දියන්ති නින්දිතබ්බං. තං වා නින්දති යො පසංසියොති යො උත්තමට්ඨෙන පසංසාරහො පුග්ගලො, තං වා සො පාපිච්ඡතාදීනි ආරොපෙත්වා ගරහති. විචිනාතීති උපචිනාති. කලින්ති අපරාධං.
නින්දියං ගැරහුම් කටයුතු, තං වාපි නින්දති යො පසංසියො උසස් ලෙසින් පැසසුම් කළයුතු පුද්ගලයෙකු වේද, ඔහුටද පවිටු අදහස් දක්වමින් නින්දා කරයි. විචිනාති රැස්කරයි. කලිං අපරාධය,
අයං කලීති අයං අපරාධො. අක්ඛෙසූති ජූතකීළනඅක්ඛෙසු. සබ්බස්සාපි සහාපි අත්තනාති සබ්බෙන අත්තනො ධනෙනපි අත්තනාපි සද්ධිං. සුගතෙසූපි සුට්ඨු ගතත්තා, සුන්දරඤ්ච ඨානං ගතත්තා සුගතනාමකෙසු බුද්ධපච්චෙකබුද්ධසාවකෙසු. මනං පදොසයෙති යො මනං පදූසෙය්ය. තස්සායං මනොපදොසො එව මහත්තරො කලීති වුත්තං හොති.
අයං කලී මේ අපරාධය, අක්ඛෙසූ දූ කෙළියෙහි යොදාගන්නා දාදු කැටවල, සබ්බස්සාපි සහාපි අත්තනා තමන් සමගම තමාගේ සියළු ධනයෙන්, සුගතෙසු යහපත් ලෙස ගිය බැවින් ද යහපත් තැනකට ගිය බැවින් ද සුගතෙසු නම් වූ බුදු පසේබුදු සව්වන් කෙරෙහි, මනං පදූසයෙ මෙසේ යම් කෙනෙක් සිත කිළිටි බවට පත් කරගන්නේ නම්, එය සිතෙහි ඇතිවන මහත් වැරැද්ද මහන්තරො කලී යැයි කියන ලදී.
කස්මා? යස්මා සතං සහස්සානං…පෙ… පාපකං, යස්මා වස්සගණනාය එත්තකො සො කාලො, යං කාලං අරියගරහී වාචං මනඤ්ච පණිධාය පාපකං නිරයං උපෙති, තත්ථ පච්චතීති වුත්තං හොති. ඉදඤ්හි සඞ්ඛෙපෙන පදුමනිරයෙ ආයුප්පමාණං.
කවර හෙයින්ද? වසර සියදහස් ගණනින් මෙපමණකැයි කාලය දැක්විය නොහැකි හෙයිනි. යං කාලයක්, අරියගරහී වාචං මනඤ්ච පණිධාය පාපකං නිරයං උපෙති එහි පැසෙති’යි කියන ලදී. මේ කෙටියෙන් පදුම නිරයෙහි ආයු කාලයයි.
ඉදානි අපරෙනපි නයෙන “අයමෙව මහත්තරො කලි, යො සුගතෙසු මනං පදූසයෙ”ති ඉමමත්ථං විභාවෙන්තො “අභූතවාදී”ති ආදිමාහ. තත්ථ අභූතවාදීති අරියූපවාදවසෙන අලිකවාදී. නිරයන්ති පදුමාදිං. පෙච්ච සමා භවන්තීති ඉතො පටිගන්ත්වා නිරයූපපත්තියා සමා භවන්ති. පරත්ථාති පරලොකෙ.
වෙනත් ආකාරයකින් යම් තැනැත්තෙකු සුගතයන් වහන්සේලා කෙරෙහි සිත කිලිටි කරගතහොත්, එය මහත් වූ අපරාධයක් වන බව පහදා දෙමින් දැන් අභූතවාදී යන ගාථාව කීහ. අභූතවාදී එබඳු උතුමන්ට අපහාස ලෙසින් බොරු දොස් කියන තැනැත්තා, නිරයං පදුම ආදී නරකාදිවල, පෙච්ච සමා භවන්ති මේ ජීවිතයෙන් පසු නිරයෙහි උපදී. පරත්ථා පරලොව ගැන
කිඤ්ච භිය්යො – යො අප්පදුට්ඨස්සාති. තත්ථ මනොපදොසාභාවෙන අප්පදුට්ඨො, අවිජ්ජාමලාභාවෙන සුද්ධො, පාපිච්ඡාභාවෙන අනඞ්ගණොති වෙදිතබ්බො. අප්පදුට්ඨත්තා වා සුද්ධස්ස, සුද්ධත්තා අනඞ්ගණස්සාති එවම්පෙත්ථ යොජෙතබ්බං.
වැඩි කතා කුමටද? යො අප්පදුට්ඨස්ස වැරදි නැති, නපුරු නොවන, අවිජ්ජා නමැති කිලිටි නැති බැවින් සුද්ධො පව් සිතිවිලි නොමැති බැවින් අනංගණො යැයි දතයුතුය. නපුරුකම් නොමැති බැවින් හෝ පිරිසිදු, පිරිසිදු බැවින් සිතෙහි කිලිටි නැති ලෙසද මෙසේ අරුත් යෙදිය යුතුය.
එවං සුගතෙසු මනොපදොසස්ස මහත්තරකලිභාවං සාධෙත්වා ඉදානි වාරිතවත්ථුගාථා නාම චුද්දස ගාථා ආහ. ඉමා කිර කොකාලිකං මීයමානමෙව ඔවදන්තෙනායස්මතා මහාමොග්ගල්ලානෙන වුත්තා, “මහාබ්රහ්මුනා”ති එකෙ. තාසං ඉමිනා සුත්තෙන සද්ධිං එකසඞ්ගහත්ථං අයමුද්දෙසො “යො ලොභගුණෙ අනුයුත්තො”තිආදි. තත්ථ පඨමගාථාය තාව “ගුණො”ති නිද්දිට්ඨත්තා අනෙකක්ඛත්තුං පවත්තත්තා වා ලොභොයෙව ලොභගුණො, තණ්හායෙතං අධිවචනං. අවදඤ්ඤූති අවචනඤ්ඤූ බුද්ධානම්පි ඔවාදං අග්ගහණෙන. මච්ඡරීති පඤ්චවිධමච්ඡරියෙන. පෙසුණියං අනුයුත්තොති අග්ගසාවකානං භෙදකාමතාය. සෙසං පාකටමෙව. ඉදං වුත්තං හොති – යො, ආවුසො කොකාලික, තුම්හාදිසො අනුයුත්තලොභතණ්හාය ලොභගුණෙ අනුයුත්තො අස්සද්ධො කදරියො අවදඤ්ඤූ මච්ඡරී පෙසුණියං අනුයුත්තො, සො වචසා පරිභාසති අඤ්ඤං අභාසනෙය්යම්පි පුග්ගලං. තෙන තං වදාමි “මුඛදුග්ගා”ති ගාථාත්තයං.
මෙසේ බුද්ධාදී සුගතයන් වහන්සේලා කෙරෙහි සිත කිලිටි කරගත් කෙනෙකු මහත් අපරාධයක් කරන බව තහවුරු කොට, මීළඟට තුරිත වත්ථු ගාථා නමින් ගාථා දහහතරක් කීහ. එම ගාථා කෝකාලික හිමියන් මිය යද්දී, අවවාද ලෙසින් ගරුකටයුතු මහමුගලන් තෙරුන් විසින් කියන ලදී. මහා බ්‍රහ්මයා විසින් කියන ලදැයි තවත් කෙනෙක් කියති. ඒ ගාථාද මේ සූත්‍රය සමගම අදාල වන පරිදි ඇතුලත් කර ඇත. යමෙකු ලෝභයෙන් යුතුනම්, එම ගතිගුණය මෙවැනි විටකදී ද නොයෙක් ලෙසින් (නොයෙක් මුහුණුවරෙන්) පවත්නා බැවින්, එය ලෝභයම බව ඒ මුල් ගාථාවෙන් ලෝභ ගුණෙ අනුයුත්තො යැයි දක්වනු ලැබීය. එය තණ්හාවටම සමාන වචනයකි. අවදඤ්ඤූ වචන පිළිනොගෙන, බුදුවරුන්ගේ වුවද අවවාද නොසැළකීමෙන්, මච්ඡරි පස්ආකාර වූ මසුරුකමින්, කේලාම් කීමෙන් අගසවුවන් බිඳවනු කැමතිව, ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය. ඇවැත්නි, කොකාලික ලෝභ තණ්හාවෙන් යුතු ඔබ වැනි කෙනෙකු, ලොභගුණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤං පුද්ගලයෙකුට නින්දා කිරීමේ අරමුණින්, මුඛදුග්ගා ආදී ගාථා තුනක් එහෙයින් කියමි.
තස්සායං අනුත්තානපදත්ථො – මුඛදුග්ග මුඛවිසම, විභූත විගතභූත, අලිකවාදි, අනරිය අසප්පුරිස, භූනහු භූතිහනක, වුඩ්ඪිනාසක, පුරිසන්ත අන්තිමපුරිස, කලි අලක්ඛිපුරිස, අවජාත බුද්ධස්ස අවජාතපුත්ත.
මේ එහි පැහැදිලි නොකල පදවල තේරුම්ය. මුඛදුග්ග විසම මුවක් ඇති තැනැත්ත, ඇති තතු නොකියන, බොරු කියන්නා වූ, අනරිය අයහපත් මිනිසාණනි, භුණාහු දියුණුව වනසන තැනැත්ත, පුරිසන්ත ජීවිතය කෙළවර කොට ඇති මිනිසාණනි, කලි අවාසනාවන්ත තැනැත්ත, අවජාත බුදුරජාණන් වහන්සේට (ගරු නොකරන) බුදුපුතකු නොවන තැනැත්ත,
රජමාකිරසීති කිලෙසරජං අත්තනි පක්ඛිපසි. පපතන්ති සොබ්භං. “පපාත”න්තිපි පාඨො, සො එවත්ථො. “පපද”න්තිපි පාඨො, මහානිරයන්ති අත්ථො.
රජං ආකිරසි කෙලෙස් දුවිලි තමන්ම තවරා ගත්තෙහි, පපතං අපිරිසිදු වතුරවළ පපාතං යනුද මෙම අදහස ඇති වචනයකි. පපද යන වචනයක්ද වේ. මහා නිරය යනු ද තේරුමයි.
එති හතන්ති එත්ථ හ-ඉති නිපාතො, තන්ති තං කුසලාකුසලකම්මං. අථ වා හතන්ති ගතං පටිපන්නං, උපචිතන්ති අත්ථො. සුවාමීති සාමි තස්ස කම්මස්ස කතත්තා. සො හි තං කම්මං ලභතෙව, නාස්ස තං නස්සතීති වුත්තං හොති. යස්මා ච ලභති, තස්මා දුක්ඛං මන්දො…පෙ… කිබ්බිසකාරී.
ඉතිහතං මෙහි හ ඉති නිපාත පදයි. තං ඒ යහපත් අයහපත් කටයුතු, නැතහොත් හතං ගිය, පිළිපන්, රැස්කරන ලද යනු ද තේරුමයි. සුවාමී එබඳු දෙයක් කරන ලද බැවින් එය ඔහුට හිමිය. ඔහුම එය ලභතෙව එයින් ඔහු වැනසේ යැයි කියන ලදී. ලැබෙන දේ දුක්ඛං මන්දො........ කිබ්බිසකාරී යැයි දැක්වූහ.
ඉදානි යං දුක්ඛං මන්දො පස්සති, තං පකාසෙන්තො “අයොසඞ්කුසමාහතට්ඨාන”න්තිආදිමාහ. තත්ථ පුරිමඋපඩ්ඪගාථාය තාව අත්ථො – යං තං අයොසඞ්කුසමාහතට්ඨානං සන්ධාය භගවතා “තමෙනං, භික්ඛවෙ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කරොන්තී”ති (ම· නි· 3.250; අ· නි· 3.36) වුත්තං, තං උපෙති, එවං උපෙන්තො ච තත්ථෙව ආදිත්තාය ලොහපථවියා නිපජ්ජාපෙත්වා නිරයපාලෙහි පඤ්චසු ඨානෙසු ආකොටියමානං තත්තං ඛිලසඞ්ඛාතං තිණ්හධාරමයසූලමුපෙති, යං සන්ධාය භගවතා වුත්තං “තත්තං අයොඛිලං හත්ථෙ ගමෙන්තී”තිආදි. තතො පරා උපඩ්ඪගාථා අනෙකානි වස්සසහස්සානි තත්ථ පච්චිත්වා පක්කාවසෙසානුභවනත්ථං අනුපුබ්බෙන ඛාරොදකනදීතීරං ගතස්ස යං තං “තත්තං අයොගුළං මුඛෙ පක්ඛිපන්ති, තත්තං තම්බලොහං මුඛෙ ආසිඤ්චන්තී”ති වුත්තං, තං සන්ධාය වුත්තං. තත්ථ අයොති ලොහං. ගුළසන්නිභන්ති බෙලුවසණ්ඨානං. අයොගහණෙන චෙත්ථ තම්බලොහං, ඉතරෙන අයොගුළං වෙදිතබ්බං. පතිරූපන්ති කතකම්මානුරූපං.
මීළගට යම් දුකක් එබඳු තැනැත්තකු විඳීද, එය පහදා දෙමින්, අයොසංකුසමහතට්ඨානං ආදී ගාථාව කීහ. එහි මුල් ගාථා පද දෙකෙහි අදහස - යකඩ කූරුවලින් ඇනීමෙන් පීඩා විඳීමට සිදුවීම ගැන, භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘මහණෙනි, ඒ නිරයපාලකයන් ඔහුට පස්ආකාර වූ බැඳීම් නම් වූ (දඬුවම් කාරණ) කරතැයි කියන ලද පරිදි මෙහි අදාළය. එසේ දක්වා ඇති පරිදි, ගිනියම් වූ පොළවෙහි හොවා, නිරයපාලකයන් විසින් සිරුරෙහි පස් තැනකට යකඩින් කළ තියුණු මුවහත් රත් වූ උලකින් අනිනු ලබයි. රත් වූ උල් සහිත යකඩ කූරක් අතෙහි තබති ආදී ලෙසින් භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව වදාරන ලදී. ගාථාවේ පසුපේළි දෙකෙහි අරුත මෙයයි. නොයෙක් අවුරුදු ගණනක් එහි දුක්විඳ ඉතිරි වී ඇති තවත් දුක් විඳිනු පිණිස අනුපිළිවෙලින් ලුණු හා කහට රසැති ගංතෙරට ගිය ඔහුට ‘රත් වූ යකඩ ගුළි මුවෙහි දමතැයි ද, රත් වූ ලෝදිය මුවෙහි ඉසිතැයි ද කියන ලදී. අයො ලෝහ, ගුළ සන්නිභං බෙලිගෙඩි හා සමාන, යකඩ ලෙසින් තඹ ලෝහ ද අනිත් පදයෙන් යකඩ ගුළි යැයි ද දතයුතුය. පතිරූපං කරන ලද කටයුතු අනුව,
තතො පරාසු ගාථාසු න හි වග්ගූති “ගණ්හථ, පහරථා”තිආදීනි වදන්තා නිරයපාලා මධුරවාචං න වදන්ති. නාභිජවන්තීති න සුමුඛභාවෙන අභිමුඛා ජවන්ති, න සුමුඛා උපසඞ්කමන්ති, අනයබ්යසනමාවහන්තා එව උපසඞ්කමන්තීති වුත්තං හොති. න තාණමුපෙන්තීති තාණං ලෙණං පටිසරණං හුත්වා න උපගච්ඡන්ති, ගණ්හන්තා හනන්තා එව උපෙන්තීති වුත්තං හොති. අඞ්ගාරෙ සන්ථතෙ සයන්තීති අඞ්ගාරපබ්බතං ආරොපිතා සමානා අනෙකානි වස්සසහස්සානි සන්ථතෙ අඞ්ගාරෙ සෙන්ති. ගිනිසම්පජ්ජලිතන්ති සමන්තතො ජලිතං සබ්බදිසාසු ච සම්පජ්ජලිතං අග්ගිං. පවිසන්තීති මහානිරයෙ පක්ඛිත්තා සමානා ඔගාහන්ති. මහානිරයො නාම යො සො “චතුක්කණ්ණො”ති (අ· නි· 3.36) වුත්තො, නං යොජනසතෙ ඨත්වා පස්සතං අක්ඛීනි භිජ්ජන්ති.
එයින් පසු ගාථාවල (සඳහන්) න හි වග්ගු ‘අල්ලා ගනිවු, පහර දෙව් යැයි, වදන්තා, නිරය පාලකයෝ මිහිරි වචන නො කියති. වදන්ති, නා භි ජවන්ති මුදු මොළොක් ලෙසින් (සුහද ලෙසින්) ඉදිරියට නොදුවති. මුදු ලෙස (සෙනහසින්) නොපැමිණෙති. බොහෝ විපත් පමුණුවමින්ම එළඹෙතැයි කියන ලදී. න තාණං උපෙන්ති රැකවරණයක්, පිළිසරණක්, පිහිටක් වෙමින් නොපැමිණෙති. අල්ලා ගනිමින්, වනසමින්ම එතියි කියන ලදී. අංගාරෙ සන්ථතෙ සෙන්ති අඟුරු පව්වකට නැංවූවා සේ, නොයෙක් අවුරුදු දහස් ගණනක් අතුරන ලද ගිනි අඟුරු මත නිදති. අග්ගිනිසමං ජලිතං හාත්පස දිලිසෙන, හැම පැත්තෙන්ම සමව ඇවිලෙන ගින්න, පවිසන්ති මහා නිරයෙහි වැටුනු හා සමානව බැසගනිති. ඒ මහා නිරය ‘චතුක්කණ්ණ’ යැයි කියන ලදී. යොදුන් සියයක් දුර සිට බැලූවිට ඇස් බිඳී යයි.
ජාලෙන ච ඔනහියානාති අයොජාලෙන පලිවෙඨෙත්වා මිගලුද්දකා මිගං විය හනන්ති. ඉදං දෙවදූතෙ අවුත්තකම්මකාරණං. අන්ධංව තිමිසමායන්තීති අන්ධකරණෙන අන්ධමෙව බහලන්ධකාරත්තා “තිමිස”න්ති සඤ්ඤිතං ධූමරොරුවං නාම නරකං ගච්ඡන්ති. තත්ර කිර නෙසං ඛරධූමං ඝායිත්වා අක්ඛීනි භිජ්ජන්ති, තෙන “අන්ධංවා”ති වුත්තං. තං විතතඤ්හි යථා මහිකායොති තඤ්ච අන්ධතිමිසං මහිකායො විය විතතං හොතීති අත්ථො. “විත්ථත”න්තිපි පාඨො. ඉදම්පි දෙවදූතෙ අවුත්තකම්මකාරණමෙව.
ජාලෙනච ඔනහියානා යකඩ දැලෙන් වෙලා, මුවන් දඩයම් කරන වැද්දන් මෙන් හනන්ති මේ දේවදූත සූත්‍රයෙහි සඳහන් නොවූ දෙයකි. අන්ධං ව තිමිසං ආයන්ති (ඇස් අඳ වූවාක් මෙන්) තද අඳුරමය. ඝන අඳුර බැවින්, එසේ හඳුන්වනු ලබන, දුම් දමන ‘රොරුව’ නම් නිරයට යති. එහිදී ඒ රළු දුම හුස්ම ගැනීමෙන් ඇස් තද දුබල බවට පත්වෙයි. එහෙයින් අඳ වේ යැයි කියන ලදී. තං විත්තං හි යථා මහිකායො ඒ තද අඳුර මීදුම මෙන් පුළුල්ව පැතිරේ යන අරුතයි. විකත යනුද වචනයෙකි. මෙයද දේවදූත සූත්‍රයෙහි නොකියන ලදී.
අථ ලොහමයන්ති අයං පන ලොහකුම්භී පථවිපරියන්තිකා චතුනහුතාධිකානි ද්වෙයොජනසතසහස්සානි ගම්භීරා සමතිත්තිකා තත්රලොහපූරා හොති. පච්චන්ති හි තාසු චිරරත්තන්ති තාසු කුම්භීසු දීඝරත්තං පච්චන්ති. අග්ගිනිසමාසූති අග්ගිසමාසු . සමුප්පිලවාතෙති සමුප්පිලවන්තා , සකිම්පි උද්ධං සකිම්පි අධො ගච්ඡමානා ඵෙණුද්දෙහකං පච්චන්තීති වුත්තං හොති. දෙවදූතෙ වුත්තනයෙනෙව තං වෙදිතබ්බං.
අථ ලොහමයං මේ ලෝසැලිය පොළව කෙළවර කොට ඇති නහුත සතරකුත් දෙසිය දහසක් යොදුන් ගැඹුරැති, මුවවිටටම පිරවූ ලෝදියෙන් යුතුය. පච්චන්ති හි තාසු චිරරත්තං ඒ හැලිවල දිගුකලක් පැසෙති. අග්ගිනිසමාසු ගින්න හා සමාන වූ, සමුප්පිලවාසො වරක් උඩටද, වරක් යටටද යමින් පෙණ බුබුළු නැගෙන ඒ හැලිවල උඩුයටිකුරු වෙයි. එය දේවදූත සූත්‍රයෙහි සඳහන් පරිදි දතයුතුය.
පුබ්බලොහිතමිස්සෙති පුබ්බලොහිතමිස්සාය ලොහකුම්භියා. තත්ථ කින්ති තත්ථ. යං යං දිසකන්ති දිසං විදිසං. අධිසෙතීති ගච්ඡති. “අභිසෙතී”තිපි පාඨො, තත්ථ යං යං දිසං අල්ලීයති අපස්සයතීති අත්ථො. කිලිස්සතීති බාධීයති. “කිලිජ්ජතී”තිපි පාඨො, පූති හොතීති අත්ථො. සම්ඵුසමානොති තෙන පුබ්බලොහිතෙන ඵුට්ඨො සමානො. ඉදම්පි දෙවදූතෙ අවුත්තකම්මකාරණං.
පුබ්බලොහිතමිස්සෙ සැරව, ලේ මුසු වූ ලෝහ සැලියෙහි, තත්ථ කිං එහි, දිසතං දිසාවට, අධිසෙති යයි, අභිසෙති යනුද පාඨයකි. යං යං දිසාවකට ඇලේ, පිහිටක් නොලබයි යනු තේරුමයි. කිලිස්සති අවහිර කරනු ලබයි. කිලිජ්ජති යනු ද වචනයකි. කුණුවෙයි යන තේරුමයි. සම්ඵුසමානො ඒ සැරව ලේල තැවරි, මෙයද දේවදූත සූත්‍රයෙහි සඳහන් නොවූවකි.
පුළවාවසථෙති පුළවානං ආවාසෙ. අයම්පි ලොහකුම්භීයෙව දෙවදූතෙ “ගූථනිරයො”ති වුත්තා, තත්ථ පතිතස්ස සූචිමුඛපාණා ඡවිආදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ඛාදන්ති. ගන්තුං න හි තීරමපත්ථීති අපගන්තුං න හි තීරං අත්ථි. “තීරවමත්ථී”තිපි පාඨො, සොයෙවත්ථො. තීරමෙව එත්ථ “තීරව”න්ති වුත්තං. සබ්බසමා හි සමන්තකපල්ලාති යස්මා තස්සා කුම්භියා උපරිභාගෙපි නිකුජ්ජිතත්තා සබ්බත්ථ සමා සමන්තතො කටාහා, තස්මා අපගන්තුං තීරං නත්ථීති වුත්තං හොති.
පුළවාවසථෙ පණුවන් වසන, මෙම ලෝහ සැලිව දේවදූත සූත්‍රයෙහි ‘අසූචි නිරය’ යැයි කියන ලදී. ඉඳිකටු තුඩු වැනි මුව ඇති ජීවීහු එහි වැටුණු තැනැත්තකුගේ සම ආදි තැන් සිදුරුකොට, ඇට මිදුළු කති. ගන්තුං නහි තීරමපත්ථි ඉවත්වීමට ඉවුරක්වත් නැත. තීරවමත්ථි යයිද වචනයකි. ඒ තේරුමයි. සබ්බසමාහි සමන්තපලලා ඒ හැළියෙහි උඩ කොටස යටිකුරු කරන ලද බැවින්, හැම තැනම සමාන පමණ වූ කටාරම් (තාච්චි) නිසා එයින් ඉවත්ව යාමට තෙරක් නැත.
අසිපත්තවනං දෙවදූතෙ වුත්තනයමෙව. තඤ්හි දූරතො රමණීයං අම්බවනං විය දිස්සති, අථෙත්ථ ලොභෙන නෙරයිකා පවිසන්ති, තතො නෙසං වාතෙරිතානි පත්තානි පතිත්වා අඞ්ගපච්චඞ්ගානි ඡින්දන්ති. තෙනාහ – “තං පවිසන්ති සමුච්ඡිදගත්තා”ති. තං පවිසන්ති තතො සුට්ඨු ඡින්නගත්තා හොන්තීති. ජිව්හං බළිසෙන ගහෙත්වා ආරජයාරජයා විහනන්තීති තත්ථ අසිපත්තවනෙ වෙගෙන ධාවිත්වා පතිතානං මුසාවාදීනං නෙරයිකානං නිරයපාලා ජිව්හං බළිසෙන නික්කඩ්ඪිත්වා යථා මනුස්සා අල්ලචම්මං භූමියං පත්ථරිත්වා ඛිලෙහි ආකොටෙන්ති, එවං ආකොටෙත්වා ඵරසූහි ඵාලෙත්වා ඵාලෙත්වා එකමෙකං කොටිං ඡින්දෙත්වා විහනන්ති, ඡින්නඡින්නා කොටි පුනප්පුනං සමුට්ඨාති. “ආරචයාරචයා”තිපි පාඨො, ආවිඤ්ඡිත්වා ආවිඤ්ඡිත්වාති අත්ථො. එතම්පි දෙවදූතෙ අවුත්තකම්මකාරණං.
අසිපත්තවනං දේවදූත සූත්‍රයෙහි කියන ලද පරිදි එය දුරින් පෙනෙන්නේ මනහර අඹ උයනක් මෙනි. නිරයෙහි වෙසෙන්නෝ ඊට ආසාවෙන් එහි පිවිසෙති. එහිදී සුළගින් ගිලිහුණු කොළ ඔවුන්ගේ ඇඟට වැටී අඟ පසඟ කැපේ. එහෙයින් තං පවිසන්ති සමච්ඡිදගත්තා යැයි දැක්වීය. එසේ සිරුරු දැඩි ලෙස ජීවහං බළිසෙන ගහෙත්වා ආරජාරජයා විහනන්ති වේගයෙන් දිවවිත් ඒ අසිපත් වනයට වැටුනු (පෙර) ජීවිතයේ බොරු කී තැනැත්තන්ගේ දිව නිරය පාලකයෝ බිළි කොකුවෙන් පිටතට ඇද, තෙත සම් බිම එළා පොලු කැබලිවලින් පහරදෙන මිනිසුන් සේ, තලා, පොරෝවලින් පලා එක් එක් කෙළවර කපා හිංසා කරති. කැපූ කැපූ කෙළවරින් නැවත උඩට ඔසවයි. ආරචයා රචයා යනුද වචනයකි. උඩට ඇද ඇද යන තේරුමයි. මෙයද දේවදූත සූත්‍රයෙහි සඳහන් නොවූ දෙයකි.
වෙතරණින්ති දෙවදූතෙ “මහතී ඛාරොදකා නදී”ති (ම· නි· 3.269) වුත්තනදිං. සා කිර ගඞ්ගා විය උදකභරිතා දිස්සති. අථෙත්ථ න්හායිස්සාම පිවිස්සාමාති නෙරයිකා පතන්ති. තිණ්හධාරඛුරධාරන්ති තිණ්හධාරං ඛුරධාරං, තික්ඛධාරඛුරධාරවතින්ති වුත්තං හොති. තස්සා කිර නදියා උද්ධමධො උභයතීරෙසු ච තිණ්හධාරා ඛුරා පටිපාටියා ඨපිතා විය තිට්ඨන්ති, තෙන සා “තිණ්හධාරා ඛුරධාරා”ති වුච්චති. තං තිණ්හධාරඛුරධාරං උදකාසාය උපෙන්ති අල්ලීයන්තීති අත්ථො. එවං උපෙන්තා ච පාපකම්මෙන චොදිතා තත්ථ මන්දා පපතන්ති බාලාති අත්ථො.
වෙතරණී යනු දේවදූත සූත්‍රයෙහි කියා ඇති පරිදි කර-ලුණු දිය පිරි ගඟකි. ඒ දියෙන් පිරි ඇති සේ පෙනේ. එවිට ‘එහි නාන්නෙමු, දිය බොන්නෙමි’යි නිරයට ගිය තැනැත්තෝ එහි වැටෙති. තිණ්හධාරං ඛුරධාරං තියුණු ඉතා මුවහත් මතුපිට, මුවහත් තල පිළිවෙලින් තබන ලද සේය. ඒ තියුණු මුවහත් වූ ජලයෙහි උපෙන්ති ඇලෙනු ලබති යන තේරුමයි. මෙසේ ඒ පවෙහි විපාකයෙන් අලලන ලද්දේ, තත්ථ මන්දා පපතන්ති මෝඩ යන අදහසයි.
සාමා සබලාති එතං පරතො “සොණා”ති ඉමිනා යොජෙතබ්බං. සාමවණ්ණා කම්මාසවණ්ණා ච සොණා ඛාදන්තීති වුත්තං හොති . කාකොලගණාති කණ්හකාකගණා. පටිගිද්ධාති සුට්ඨු සඤ්ජාතගෙධා හුත්වා, “මහාගිජ්ඣා”ති එකෙ. කුලලාති කුලලපක්ඛිනො, “සෙනානමෙතං නාම”න්ති එකෙ. වායසාති අකණ්හකාකා. ඉදම්පි දෙවදූතෙ අවුත්තකම්මකාරණං. තත්ථ වුත්තානිපි පන කානිචි ඉධ න වුත්තානි, තානි එතෙසං පුරිමපච්ඡිමභාගත්තා වුත්තානෙව හොන්තීති වෙදිතබ්බානි.
සාමා සබලා මෙයට පසුව බල්ලෝ යනුවෙන් මෙසේ යෙදිය යුතුය. සුදු පැහැති, කබර පැහැති බල්ලෝ සපා කති. කාකොළ ගණා කළු පැහැති කපුටු සමූහයා, පටිගිද්ධා දැඩි කුසගින්නෙන්, ‘මහාලිහිණි’ යැයි ඇතැමෙක් කියති. කුල්ලා උකුස්සෝ ‘සෙන’ නමින්ද සමහරෙක් හඳුන්වති. වායසා කළුපැහැ නොවූ කපුටෝ, මෙයද දේවදූත සූත්‍රයෙහි නොකියන ලදී. එසේ සඳහන් කළද, කිසියම් තැනක සඳහන් නොවූවද, එය ඒ ආකාරයෙන් මුලදී හෝ පසුව හෝ කියා ඇති සේ දතයුතුය.
ඉදානි සබ්බමෙවෙතං නරකවුත්තිං දස්සෙත්වා ඔවදන්තො “කිච්ඡා වතාය”න්ති ගාථමාහ. තස්සත්ථො – කිච්ඡා වත අයං ඉධ නරකෙ නානප්පකාරකම්මකරණභෙදා වුත්ති, යං ජනො ඵුසති කිබ්බිසකාරී. තස්මා ඉධ ජීවිතසෙසෙ ජීවිතසන්තතියා විජ්ජමානාය ඉධ ලොකෙ ඨිතොයෙව සමානො සරණගමනාදිකුසලධම්මානුට්ඨානෙන කිච්චකරො නරො සියා භවෙය්ය. කිච්චකරො භවන්තොපි ච සාතච්චකාරිතාවසෙනෙව භවෙය්ය, න පමජ්ජෙ මුහුත්තම්පි න පමාදමාපජ්ජෙය්යාති අයමෙත්ථ සමුච්චයවණ්ණනා. යස්මා පන වුත්තාවසෙසානි පදානි පුබ්බෙ වුත්තනයත්තා උත්තානත්ථත්තා ච සුවිඤ්ඤෙය්යානෙව, තස්මා අනුපදවණ්ණනා න කතාති.
මීළඟට මේ ආකාරයෙන් නිරයෙහි තොරතුරු දක්වා, අවවාද කෙරෙමින්, කිච්ඡා වත අයං ඉධ යන ගාථාව කීහ. නිරයෙහි නොයෙක් ආකාරයෙන් (දඬුවම් සේ ලැබෙන) කටයුතු වුත්තා කියන ලද යඤ්ජනො පස්සති කිබ්බිසකාරී තස්මා ඉධ ජීවිතසෙසෙ ජීවිත පරම්පරාවෙන් මේ ලොව ජීවත්වෙමින්, සරණ ගමන ආදී කුසල් දහම්හි යෙදෙන, කිච්ච කරො නරො වන්නේය. ඒ යහපතෙහි යෙදී, නොනැවතීම කටයුතු කරන්නෙක් වෙයි. න පමජ්ජෙ මොහොතකුදු පමා නොවන්නේය. මේ මූලික කෙටි විස්තරයයි. කලින් විස්තර දැක්වූ වචන, ඒ ආකාරයෙන් අරුත් පැහැදිලි කොට ඇති බැවින්, එසේ දැනගත යුතුය. එබැවින් වචනයක් වචනයක් පාසා විස්තර නොකරන ලදී.
පරමත්ථජොතිකාය ඛුද්දක-අට්ඨකථාය සුත්තනිපාත-අට්ඨකථාය කොකාලිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
කෝකාලික සුත්‍ර විස්තරය නිමි.