යෙදුමෙන් කියවන්න

අලගද‍්දූපමසුත‍්තං

1. 3. 2.

1. 3. 2.

අලගද‍්දූපමසුත‍්තං

අලගද්දූපම සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට‍්ඨස‍්ස නාම භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි - යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. අස‍්සොසුං ඛො සම‍්බහුලා භික‍්ඛූ: අරිට‍්ඨස‍්ස කිර නාම භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි - යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති.

1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ගද්‍ධබාධිපුබ්‍බ (ගිජුලිහිණියන් නසන කුලයෙහි උපන්) අරිට්‍ඨ නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන: “භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අන්තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි යම් සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ (අන්තරායකර නොවෙති) යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි යි” කියා යි. බොහෝ භික්‍ෂූහු “ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධර්‍ම කෙනෙක් ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට අන්තරායකරයහයි යම්සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙති යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි මෙබඳු පාපදෘෂ්ටියක් උපන්නේල’ යි ඇසූහ.

2. අථ ඛො තෙ භික‍්ඛූ යෙන අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතදවොචුං: සච‍්චං කිර තෙ ආවුසො අරිට‍්ඨ එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති?

2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු කරා එළඹියාහු ය එළඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට තෙල කීහ: “ඇවැත් අරිට්‍ඨයෙනි, තට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) බාධකයහ’යි යම්සේ වදාරන ලද්දාහු ද, සෙවුනා හට ඒ ධර්‍මයෝ අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ’යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි යන පවිටු දෘෂ්ටියෙක් උපන්නේ සැබෑ දැ”යි කියා යි.

3. “එවං ව්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි - යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

3. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිද්දකින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු ද, සෙවුනාහට ඒ ධර්‍මයෝ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථයහ යි එවැනි සේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දිනිමි”යි කී ය.

4. අථ ඛො තෙ භික‍්ඛූ අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ‍්ජන‍්ති සමනුගාහන‍්ති සමනුභාසන‍්ති: “මා හෙවං ආවුසො අරිට‍්ඨ අවච, මා හෙවං ආවුසො අරිට‍්ඨ අවච. මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙනහාවුසො අරිට‍්ඨ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය.

4. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරනු කැමැත්තාහු ප්‍රශ්න කරති. ලබ්ධිය පිහිටුවත් . කරුණු විචාරමින් බෙණෙත්: “ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව. ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක් ම ය. ඇවැත අරිට්‍ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරයහ යි වදාරන ලදහ. ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් ම ය.

5. අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- මංසපෙසූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- තිණුක‍්කූපමා කාමා වුත‍්තා භගවතා -පෙ- අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- සුපිනකූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- යාචිතකූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- අසිසූනූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- සත‍්තිසූලූපමා කාමා වුත‍්තා භගවතා, -පෙ- සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො”ති.

5. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇත්තාහු ය යි ද, බොහෝ දුක් ඇත්තාහු ය යි ද, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහු ය යි ද, මෙහි අදීනව බොහෝ ය යි ද, වදාරන ලද්දාහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා අත්තාහ ... කාමයෝ මාංශපේශියකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ පිරිළුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ රුක්පලයට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ බොහෝ දුක් ඇත්තාහ, බොහෝ උපායාස ඇත්තාහ, මෙහි අදීනව බොහෝ ය’යි වදාරන ලදහ” යනු යි.

6. එවම‍්පි ඛො අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙහි භික‍්ඛූහි සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තමෙව පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස වොහරති: “එවං ව්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

6. මෙසේ ද, ඒ භික්‍ෂූන් විසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විචාරනු ලබනුයේ ඒ පවිටු දෘෂ්ටිය ම දෘෂ්ටිබලයෙන් පරාමර්‍ෂ කොට ගෙන් එයට බැසගෙන මෙසේ කියයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (සගමොක් දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු නම්, ඒ ධර්‍මයෝ සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නොවෙත් ද, ඇවැත්නි, එවැනි ලෙසින් ම මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි කීයේ ය.

7. යතො ඛො තෙ භික‍්ඛූ නාසක‍්ඛිංසු අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං, අථ තෙ භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං:

7. යම් හෙයකින් ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරන්නට නො හැකි වූවාහු ද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළාහු ය:

8. “අරිට‍්ඨස‍්ස නාම භන‍්තෙ භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. අස‍්සුම‍්හ ඛො මයං භන‍්තෙ, අරිට‍්ඨස‍්ස කිර නාම භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

8. වහන්ස, ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ‘යම් මේ අන්‍තරායකරධර්‍මකෙනෙක් අන්‍තරායකරයහ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දැනගෙන සිටිමි’යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන. වහන්ස, අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ නම් මහණහුට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්‍තරායික ධර්‍මයහ යි වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම් සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මය දැනගෙන සිටිමි’ යන මෙබඳු පවිටු දෘෂ්ටියෙක් උපන්නේ ල’යි ඇසුම්හ.

9. අථ ඛො මයං භන‍්තෙ යෙන අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතදවොචුම‍්හ: සච‍්චං කිර තෙ ආවුසො අරිට‍්ඨ එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති?

9. වහන්ස, ඉක්බිති අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු කරා එළඹියහ. එළඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට තෙල කීම්හ: “ඇවැත අරිට්ඨය, යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් අන්‍තරායකරයහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම්, ‘ඒ ධර්‍මයෝ සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ ද, මම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එසේම දනිමි’යි කියා පවිටු දෘෂ්ටියක් උපන්නේ ල යනු සැබෑ ද? යනුයි.

10. එවං වුත‍්තෙ භන‍්තෙ අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො අම‍්හෙ එතදවොච: එවං ව්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති.

10. වහන්ස, මෙසේ කීකල්හි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ අපට තෙල කී ය: ‘යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍තරායිකහ යි වදාරන ලද්දාහු ද, ‘ඔහු සෙවුනාහට අන්තරාය පිණිස යම් සේ අසමර්‍ත්‍ථ ද භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එසේම දනිමි’යි කියා යි.

11. අථ ඛො මයං භන‍්තෙ අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ‍්ජිම‍්හ සමනුගාහිම‍්හ සමනුභාසිම‍්හ: “මා හෙවං ආවුසො අරිට‍්ඨ අවච, මා හෙවං ආවුසො අරිට‍්ඨ අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙන හාවුසො අරිට‍්ඨ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය. අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා භගවතා -පෙ- සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො”ති.

11. වහන්ස, ඉක්බිති අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරනු කැමැත්තමෝ ප්‍රශ්න කළම්හ. ලබ්ධිය පිහිටුවම්හ. කරුණු විචාළම්හ: “ඇවැත් අරිට්ඨය, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨය, මෙසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවැත අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් අන්‍තරායිකධර්‍මයෝ අන්‍තරායික ධර්‍මයහ යි වදාරන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ ම වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අල්‍පාස්‍වාදයහ. බොහෝ දුක් ඇත්තාහ බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි ආයාස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ” කියායි.

12. එවම‍්පි ඛො භන‍්තෙ අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො අම‍්හෙහි සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: එවං ව්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. යතො ඛො මයං භන‍්තෙ නාසක‍්ඛිම‍්හ අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං. අථ මයං එතමත්‍ථං භගවතො ආරොචෙමාති.

12. වහන්ස, මෙලෙසිනුත් අප විසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ භික්‍ෂූ තෙමේ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විචාරන ලබනුයේ ඒ පවිටු දෘෂ්ටිය ම දැඩි ලෙසින් ගෙන එයට වැද ව්‍යවහාර කරයි: ‘යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ යි මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එවැනි සේ ම දනිමි’ කියා යි. වහන්ස, යම් හෙයකින් අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරන්නට අසමර්‍ත්‍ථ වූවමෝ ද, ඇපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ.

13. අථ ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි: එහි ත්‍වං භික‍්ඛු, මම වචනෙන අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං ආමන‍්තෙහි “සත්‍ථා තං ආවුසො අරිට‍්ඨ ආමන‍්තෙතී”ති. ‘එවං භන‍්තෙ’ති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා යෙන අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතදවොච: ‘සත්‍ථා තං ආවුසො අරිට‍්ඨ ආමන‍්තෙතී’ති.

13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූසේක: ‘මහණ තෝ මෙහි එව, මාගේ බසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු අමතව: ඇවැත අරිට්ඨය, ශාස්තෲන් වහන්සේ තා අමතන සේකැ’යි කියා ය. එසේ ය, වහන්සැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු වෙත එළඹියේ ය. එළැඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට ‘ඇවැත අරිට්ඨය, ශාස්තෲන් වහන්සේ තා අමතන සේකැ’යි කී ය. ඇවැත්නි, එසේ ය යි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

14. ‘එවමාවුසො’ති ඛො අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තස‍්ස භික‍්ඛුනො පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං භගවා එතදවොච: සච‍්චං කිර තෙ අරිට‍්ඨ එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං - තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා’ති?

14. යම් මේ අන්‍තරායකර ධර්‍මකෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නො වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූධර්‍මය දැනගෙන සිටිමි”යි. අරිට්ඨය, තට මෙබඳු පවිටු දෘෂ්ටියෙක් උපන්නේ ල යනු සැබෑ ද?

15. “එවං ව්‍යා ඛො අහං භන‍්තෙ භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

15. “වහන්ස, යම් මේ අන්‍තරායික ධර්‍ම කෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම්, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නො වෙත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ඒ ධර්‍මය මම එවැනි සේ ම දනිමි.”

16. කස‍්ස ඛො නාම ත්‍වං මොඝපුරිස, මයා එවං ධම‍්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය? අප‍්පස‍්සාදා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා මයා - මංසපෙසූපමා කාමා වුත‍්තා මයා - තිණුක‍්කූපමා කාමා වුත‍්තා මයා - අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා මයා - සුපිනකූපමා කාමා වුත‍්තා මයා - යාචිතකූපමා කාමා වුත‍්තා මයා - රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා මයා - අසිසූනූපමා කාමා වුත‍්තා මයා - සත‍්තිසූලූපමා කාමා වුත‍්තා මයා - සප‍්පසිරූපමා කාමා වුත‍්තා මයා, බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අථ ච පන ත්‍වං මොඝපුරිස, අත‍්තනා දුග‍්ගහිතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛසි. අත‍්තානඤ‍්ච ඛණසි. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස, භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති.

16. මෝඝ පුරුෂය, කවරකුහට මා විසින් මෙසේ දෙසූ ධර්‍මයක් තෝ දැන සිටිනෙහි ද? මෝඝ පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් අන්‍තරායකර ධර්‍මයෝ අන්‍තරායකරහ යි වදාරන ලද්දාහු නො වෙත් ද? සෙවුනාහට ඒ ධර්‍මයෝ අන්‍තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙත් ද? මා විසින් ‘කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇත්තාහ බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලද නො වේ ද? මා විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා අත්තාහ’... ‘කාමයෝ මස්වැදැල්ලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ රුක්පල බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ’, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝය’යි වදාරන ලද්දාහ. වැලිදු, මෝඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දෘෂ්ටියෙන් අපට අභ්‍යාඛ්‍යානය කෙරෙහි. තෝ තමන් ගුණ කණිහි. බොහෝ අකුසල් ද රැස් කෙරෙහි. හිස් පුරුෂය, එය තට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතියි.

17. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ අපි නායං අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො උස‍්මීකතොපි ඉමස‍්මිං ධම‍්මවිනයෙති? ‘කිං හි සියා භන‍්තෙ, නො හෙතං භන‍්තෙ’ති. එවං වුත‍්තෙ අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තුණ‍්හීභූතො මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො අධොමුඛො පජ‍්ඣායන‍්තො අප‍්පටිභානො නිසීදි. අථ ඛො භගවා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං තුණ‍්හීභූතං මඞ‍්කුභූතං පත‍්තක‍්ඛන්‍ධං අධොමුඛං පජ‍්ඣායන‍්තං අප‍්පටිභානං විදිත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතදවොච: ‘පඤ‍්ඤායිස‍්සසි ඛො ත්‍වං මොඝපුරිස එතෙන සකෙන පාපකෙන දිට‍්ඨිගතෙන. ඉධාහං භික‍්ඛූ පටිපුච‍්ඡිස‍්සාමී’ති.

17. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ තෙමේ මේ ශාසනයෙහි ඥාන නමැති උෂ්‍ණයෙන් උණුසුම් කරන ලද්දේ ද? “වහන්ස, ඒ කෙසේ වන්නේ ද, හංස, මේ නො වේ ම ය.” මෙසේ කීකල්හි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ නිශ්ශබ්ද ව මකු ව නැමූ ගෙල ඇති ව යටිකුරු කළ මුව ඇති වැ කල්පනා කරමින් වැටහුම් රහිත වැ සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ මකු වූ නැමූ ගෙල ඇති යටිකුරු කළ මුහුණු ඇති කල්පනා කරමින් වැටහීම් රහිත ව හුන් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු දැන වදාරා ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට “හිස් පුරුෂය, මේ ස්වකීය වූ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් තෝ ප්‍රකට වන්නෙහි ය. මෙහි ලා මම භික්‍ෂූන් විචාරන්නෙමි”යි වදාළසේක.

18. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: තුම‍්හෙපි මෙ භික‍්ඛවෙ එවං ධම‍්මං දෙසිතං ආජානාථ, යථායං අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති. අත‍්තානඤ‍්ච ඛනති, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතීති? “නො හෙතං භන‍්තෙ, අනෙකපරියායෙන හි නො භන‍්තෙ, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය. අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො. අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා භගවතා -පෙ- සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො’ති.

18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ යම් සේ වරදවා ගත් මිථ්‍යාදෘෂ්ටියෙන් අපටත් අභ්‍යාඛ්‍යානය කෙරේ ද, තමන් ගුණ කණී ද, බොහෝ අකුසලුත් රැස් කෙරේ ද, මා විසින් දේසනා කළ ධර්‍මය එලෙසින් තෙපි දු දනිවු ද? “වහන්ස, මෙය නො වේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ලෙසින් අන්තරායිකධර්‍ම අන්තරායිකධර්‍ම යයි වදාරන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස ද සමර්‍ත්‍ථයහ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි නොයෙක් ලෙසින් අපට වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනියහ ... කාමයෝ සර්‍පහිසක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ.”

19. සාධු භික‍්ඛවෙ, සාධු ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ එවං ධම‍්මං දෙසිතං ආජානාථ. අනෙකපරියායෙන හි වො භික‍්ඛවෙ අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා මයා. අලං ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය. අප‍්පස‍්සාදා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො, අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා මයා -පෙ- සප‍්පසිරූපමා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො. අථ ච පනායං අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති. අත‍්තානඤ‍්ච ඛනති. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. තං හි තස‍්ස මොඝපුරිසස‍්ස භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. සො වත භික‍්ඛවෙ අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර කාමසඤ‍්ඤාය අඤ‍්ඤත්‍ර කාමවිතක‍්කෙහි කාමෙ පටිසෙවිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

19. මහණෙනි, මැනවි. මා විසින් දෙසූ ධර්‍මය තෙපි දන්නහු ය. එය මැනවි. මහණෙනි, මා විසින් තොපට නොයෙක් ලෙසින් අන්තරායික ධර්‍මයෝ අන්තරායිකධර්‍ම යහ යි දෙසන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස පවතිත්. මා විසින් ‘කාමයෝ අල්පවූ ආස්වාද ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ. මා විසින් ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනියහ’ ... කාමයෝ සර්‍පහිසක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි දෙසන ලදහ. එතෙකුදු වුවත් මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ තෙමේ තමා වරදවා ගත් මිථ්‍යාදෘෂ්ටියෙන් අපට ද අභ්‍යාඛ්‍යානය කරයි. තමන් ගුණ ද කණියි. බොහෝ අකුසල් ද රැස් කරයි. එය ඒ හිස් පුරුෂයාට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය. මහණෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් ව කාමසංඥාවන්ගෙන් වෙන් ව ම කාමවිතර්‍කයන්ගෙන් වෙන්ව ම කාමයන් සේවනය කරන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.

20. ඉධ භික‍්ඛවෙ එකච‍්චෙ මොඝපුරිසා ධම‍්මං පරියාපුණන‍්ති: සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලං. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං න උපපරික‍්ඛන‍්ති. තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං අනුපපරික‍්ඛතං න නිජ‍්ඣානං ඛමන‍්ති. තෙ උපාරම‍්භානිසංසා චෙව ධම‍්මං පරියාපුණන‍්ති ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච. යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති තඤ‍්චස‍්ස අත්‍ථං නානුභොන‍්ති. තෙසං තෙ ධම‍්මා දුග‍්ගහීතා දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ ධම‍්මානං.

20. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම උගනිත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය ප්‍රඥාවෙන් පරීක්‍ෂා නො කරත්. නුවණින් අදහස මෙනෙහි නො කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ මැනැවින් නො වැටහෙත්. ඔහු පරවාදයන්හි දොස් නැඟීම අනුසස් (ප්‍රයෝජන) කොට ඇත්තාහු, ‘මෙසේ වාදයෙන් මිදෙමු’ යි යන්න අනුසස් කොට ඇත්තාහු ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය හදාරත් නම්, ඒ ප්‍රයෝජන ද නො ලබත්. ඔවුන්ට වරදවා ගත් ඒ ධර්‍මයෝ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. එය කවරහෙයින යත්: මහණෙනි, දහම් වරදවා ගත් හෙයිනි.

21. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අලගද‍්දත්‍ථිකො අලගද‍්දගවෙසී අලගද‍්දපරියෙසනං චරමානො - සො පස‍්සෙය්‍ය මහන‍්තං අලගද‍්දං. තමෙනං භොගෙ වා නඞ‍්ගුට‍්ඨෙ වා ගණ‍්හෙය්‍ය. තස‍්ස සො අලගද‍්දො පටිපරිවත‍්තිත්‍වා හත්‍ථෙ වා බාහාය වා අඤ‍්ඤතරස‍්මිං වා අඞ‍්ගපච‍්චඞ‍්ගෙ ඩසෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. තං කිස‍්ස හෙතු: දුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ අලගද‍්දස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චෙ මොඝපුරිසා ධම‍්මං පරියාපුණන‍්ති: සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලං. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං න උපපරික‍්ඛන‍්ති. තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං අනුපපරික‍්ඛතං න නිජ‍්ඣානං ඛමන‍්ති. තෙ උපාරම‍්භානිසංසා චෙව ධම‍්මං පරියාපුණන‍්ති ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච. යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති තඤ‍්චස‍්ස අත්‍ථං නානුභොන‍්ති. තෙසං තෙ ධම‍්මා දුග‍්ගහීතා දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: දුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ ධම‍්මානං.

21. මහණෙනි, සර්‍පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ සර්‍පයන් සොයන්නා වූ සර්‍පයන් සෙවීමෙහි යෙදුණා වූ පුරුෂයෙක් යම්සේ වෙයි ද - හෙතෙම මහත් සර්‍පයකු දන්නේ ය. ඒ සර්‍පයා ශරීරයෙහි හෝ නගුටෙහි හෝ අල්ලා ගන්නේ ය. ඒ සර්‍පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අන් අඟපසඟක් හෝ දෂ්ට කරන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණ පමණ වූ දුකට හෝ පැමිණෙයි. ඒ කවරහෙයින යත්: මහණෙනි, සර්‍පයා වැරදි ලෙසින් අල්ලා ගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම හදාරත්. ඔහු ඒ ධර්‍ම ප්‍රගුණ කොට ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා නො කරත්. නුවණින් අර්‍ත්‍ථය පරීක්‍ෂා නො කරන ඔවුන්ට ධර්‍මයෝ මැනවින් නො වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහු ද ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය උගනිත් නම්, ඒ අර්‍ත්‍ථය ද නො ලබත්. වරදවා ගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවරහෙයින යත්: මහණෙනි, ධර්‍මය වරදවා උගත් බැවිනි.

22. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චෙ කුලපුත‍්තා ධම‍්මං පරියාපුණන‍්ති: සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලං. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං උපපරික‍්ඛන‍්ති. තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං උපපරික‍්ඛතං නිජ‍්ඣානං ඛමන‍්ති. තෙ න චෙව උපාරම‍්භානිසංසා ධම‍්මං පරියාපුණන‍්ති න ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච. යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති තඤ‍්චස‍්ස අත්‍ථං අනුභොන‍්ති. තෙසං තෙ ධම‍්මා සුග‍්ගහීතා දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: සුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ ධම‍්මානං.

22. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍ර කෙනෙක් සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම හදාරත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා කරත්, නුවණින් අර්‍ත්‍ථ පරීක්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැංවීම අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත් . ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත්. යමක් සඳහා උගනිත් නම් ඒ ධර්‍මයාගේ ඒ ඵලය ද ලබත්. ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස සුව පිණිස පවතිත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධර්‍මයන් මැනවින් උගත් බැවිනි.

23. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අලගද‍්දත්‍ථිකො අලගද‍්දගවෙසී අලගද‍්දපරියෙසනං චරමානො - සො පස‍්සෙය්‍ය මහන‍්තං අලගද‍්දං, තමෙනං අජපදෙන දණ‍්ඩෙන සුනිග‍්ගහීතං නිග‍්ගණ‍්හෙය්‍ය, අජපදෙන දණ‍්ඩෙන සුනිග‍්ගහිතං නිග‍්ගහෙත්‍වා ගීවාය යුග‍්ගහීතං ගණ‍්හෙය්‍ය; කිඤ‍්චාපි සො භික‍්ඛවෙ අලගද‍්දො තස‍්ස පුරිසස‍්ස හත්‍ථං වා බාහං වා අඤ‍්ඤතරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං භොගෙහි පලිවෙඨෙය්‍ය, අථ ඛො සො නෙව තතොනිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. තං කිස‍්ස හෙතු: සුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ අලගද‍්දස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ ඉධෙකච‍්චෙ කුලපුත‍්තා ධම‍්මං පරියාපුණන‍්ති, සුත‍්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත‍්තකං, ජාතකං, අබ‍්භුතධම‍්මං, වෙදල‍්ලං. තෙ තං ධම‍්මං පරියාපුණිත්‍වා තෙසං ධම‍්මානං පඤ‍්ඤාය අත්‍ථං උපපරික‍්ඛන‍්ති. තෙසං තෙ ධම‍්මා පඤ‍්ඤාය අත්‍ථං උපපරික‍්ඛතං නිජ‍්ඣානං ඛමන‍්ති. තෙ න චෙව උපාරම‍්භානිසංසා ධම‍්මං පරියාපුණන‍්ති න ඉතිවාදප‍්පමොක‍්ඛානිසංසා ච. යස‍්ස චත්‍ථාය ධම‍්මං පරියාපුණන‍්ති තඤ‍්චස‍්ස අත්‍ථං අනුභොන‍්ති. තෙසං තෙ ධම‍්මා සුග‍්ගහීතා දීඝරත‍්තං අත්‍ථාය හිතාය සුඛාය සංවත‍්තන‍්ති. තං කිස‍්ස හෙතු: සුග‍්ගහීතත‍්තා භික‍්ඛවෙ ධම‍්මානං. තස‍්මාතිහ භික‍්ඛවෙ යස‍්ස මෙ භාසිතස‍්ස අත්‍ථං ආජානෙය්‍යාථ තථා නං ධාරෙය්‍යාථ. යස‍්ස ච පන මෙ භාසිතස‍්ස අත්‍ථං න ආජානෙය්‍යාථ අහං වා පටිපුච‍්ඡිතබ‍්බො යෙ වා පනාස‍්සු වියත‍්තා භික‍්ඛූ.

23. මහණෙනි, සර්‍පයන්ගෙන් ප්‍රයෝජන කැමැත්තාවූ සර්‍පයන් සොයන්නා වූ සර්‍පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් යම්සේ වේ ද හෙතෙමේ මහත් සර්‍පයකු දකියි. ඒ මේ සර්‍පයා එළුකුරයක් වන දණ්ඩකින් මැනවින් දැඩිව අල්ලා ගන්නේ ය. එළුකුරදණ්ඩෙන් මැනවින් දැඩි ව අල්ලා ගෙන මැනවින් ගෙල අල්ලා ගන්නේ ය. ඒ සර්‍පයා ඒ පුරුෂයාගේ අත හෝ බාහුව හෝ එක්තරා අඟපසඟක් හෝ දරණයෙන් වෙළා ගන්නේ ය. එසේ වුවත් ඒ හේතු කොට ගෙන් හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේය. ඒ කවරහෙයින යත්: මහණෙනි, සර්‍පයා මැනවින් අල්ලා ගත් බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍මයන් හදාරත්. ඔහු ඒ ධර්‍ම හදාරා ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පිරික්සත්. නුවණින් පරීක්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ධර්‍මය නො උගනිත් . ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න අනුසස් කොට ඇත්තාහු ඒ ධර්‍මය නො උගනිත්. යමක් පිණිස ධර්‍මය උගනිත් නම් ඒ ප්‍රයෝජන ද ලබත්. ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස පවතිත්. ඒ කවරහෙයින යත්: මහණෙනි, දහම් මැනවින් උගත් බැවිනි. මහණෙනි, එහෙයින් මෙහි මා විසින් දේශනා කළ යම් ධර්‍මයක්හුගේ අර්‍ත්‍ථය දන්නහු නම්, එය එසේ දරවු. මා දේශනා කළ යම් ධර්‍මයක්හුගේ අර්‍ත්‍ථය නො දන්නහු නම්, එහි දී මම හෝ පිළිවිසිය යුත්තෙමි. යම් ව්‍යක්ත භික්‍ෂූහු වෙත් ද, ඔහු හෝ පිළිවිසිය යුත්තාහු ය.

24. කුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිස‍්සාමි නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථාය. තං සුණාථ, සාධුකං මනසිකරොථ. භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

24. මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ගැනීම පිණිස නො වේ. එය අසවු. මැනැවින් මෙනෙහි කරවූ. දෙසන්නෙමි යි වදාළසේක. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

25. සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො අද‍්ධානමග‍්ගපටිපන‍්නො - සො පස‍්සෙය්‍ය මහන‍්තං උදකණ‍්ණවං, ඔරිමං තීරං සාසඞ‍්කං සප‍්පටිභයං, පාරිමං තීරං ඛෙමං අප‍්පටිභයං, න චස‍්ස නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනාය; තස‍්ස එවමස‍්ස: “අයං ඛො මහා උදකණ‍්ණවො ඔරිමං තීරං සාසඞ‍්කං සප‍්පටිභයං. පාරිමං තීරං ඛෙමං අප‍්පටිභයං. නත්‍ථි ච නාවා සන‍්තාරණී උත‍්තරසෙතු වා අපාරාපාරං ගමනාය. යන‍්නූනාහං තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තරෙය්‍යන‍්ති.”

25. මහණෙනි, අදන්මගට පිළිපන් පුරිස්තෙමේ යම් සේ වේ ද, හෙතෙමේ සැක සහිත වූ බිය සහිතවූ මෙතෙර ඇති, සැක රහිත බිය රහිත එතෙර ඇති, මහත් වූ ජලසකන්‍ධයක් දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නො වන්නේ ය. ඔහුට මෙවැනි අදහසෙක් වන්නේ ය: “මේ මහාජලසකන්‍ධයෙකි. මෙගොඩ සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. ප්‍රතිභය රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නැත. මම තණ, ලීදඬු, අතුකොළ කඩා එකතු කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් උත්සාහ කරමින් සුව සේ එතෙර වන්නෙම් නම් මැනැව” කියා යි.

26. අථ ඛො සො භික‍්ඛවෙ පුරිසො තිණකට‍්ඨසාඛාපලාසං සංකඩ‍්ඪිත්‍වා කුල‍්ලං බන්‍ධිත්‍වා තං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තරෙය්‍ය. තස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්ස: ‘බහුකාරො ඛො මෙ අයං කුල‍්ලො. ඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තිණ‍්ණො. යන‍්නූනාහං ඉමං කුල‍්ලං සීසෙ වා ආරොපෙත්‍වා ඛන්‍ධෙ වා උච‍්චාරෙත්‍වා යෙන කාමං පක‍්කමෙය්‍ය’න‍්ති. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සො පුරිසො එවංකාරී තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්සාති? ‘නො හෙතං භන‍්තෙ’.

26. ඉක්බිති මහණෙනි, ඒ පුරුෂ තෙම තණ, දඬු, අතුකොළ කඩා රැස් කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් වෑයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට - ‘මට මේ පසුර බොහෝ උපකාරී වී ය. මම මේ පසුර හිස තබා ගෙන හෝ කර තබා ගෙන හෝ කැමැති මගකින් යන්නෙම් නම් මැනැවැ’යි මෙබඳු අදහසෙක් වන්නේ නම්, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළයුතු දෑ කරන්නෙක් වන්නේ ද? ‘වහන්ස, මේ නො වේ ම ය’.

27. කථංකාරී ච සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්ස? ඉධ භික‍්ඛවෙ තස‍්ස පුරිසස‍්ස උත‍්තිණ‍්ණස‍්ස පාරං ගතස‍්ස එවමස‍්ස: බහුකාරො ඛො මෙ අයං කුල‍්ලො, ඉමාහං කුල‍්ලං නිස‍්සාය හත්‍ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්‍ථිනා පාරං උත‍්තිණ‍්ණො. යන‍්නූනාහං ඉමං කුල‍්ලං ථලෙ වා උස‍්සාදෙත්‍වා උදකෙ වා ඔපිලාපෙත්‍වා යෙන කාමං පක‍්කමෙය්‍යන‍්ති. එවංකාරී ඛො සො භික‍්ඛවෙ පුරිසො තස‍්මිං කුල‍්ලෙ කිච‍්චකාරී අස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ කුල‍්ලූපමො මයා ධම‍්මො දෙසිතො නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථාය. කුල‍්ලූපමං වො භික‍්ඛවෙ ධම‍්මං දෙසිතං ආජානන‍්තෙහි ධම‍්මාපි වො පහාතබ‍්බා, පගෙව අධම‍්මා.

27. මහණෙනි, කෙසේ කරනසුලු ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණි ඒ පුරුෂයාහට මෙවැනි අදහසෙක් වන්නේ ය: ‘මට මේ පසුර බොහෝ උපකාර ඇත්තේ විය. මම මේ පැසුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පසුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙම් නම්, මැනැවැ’යි. මහණෙනි, මෙසේ කරන සුලු වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් මැ මා විසින් පසුර උපමා කොට ඇති ධර්‍මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින් (ශමථවිදර්‍ශනා) ධර්‍ම යෝ ද හළ යුත්තාහ. අධර්‍මයෝ කැලමැ යි.

28. ඡයිමානි භික‍්ඛවෙ දිට‍්ඨිට‍්ඨානානි. කතමානි ඡ? ඉධ භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො–

28. මහණෙනි, මේ දෘෂ්ටිස්ථාන (දෘෂ්ටි අරමුණු) සයෙකි. කවර සයෙක යත්: මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යන් නො දක්නාවූ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණා වූ, සත්පුරුෂයන් නො දක්නා වූ සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණා වූ නූගත් පෘථග්ජන තෙමේ -

රූපං ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති. වෙදනං ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති. සඤ‍්ඤං ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති. සඞ‍්ඛාරෙ ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති. යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති. යම‍්පිදං දිට‍්ඨිට‍්ඨානං ‘සො ලොකො සො අත‍්තා, සො පෙච‍්ච භවිස‍්සාමි: නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව ඨස‍්සාමී’ති. තම‍්පි ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති සමනුපස‍්සති.

‘මේ මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි රූපය තණ්හා මාන දිට්‍ඨි වසයෙන් දකී. ‘මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි වේදනාව තෘෂ්ණා මාන දෘෂ්ටිවශයෙන් දකී. ‘මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සංඥාව තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් දකියි. ‘මෙ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සංස්කාරයන් තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් දකියි. යම් මේ රූපායතනයක් වේ ද, ශබ්දායතනයකුත් වේ ද, මුත වූ ගන්‍ධ රස ඵොට්‍ඨබ්බායතනයෝත් වෙත් ද, විඤ්ඤාත වූ සෙසු සප්තායතනයෝත් වෙත් ද, පැමිණෙන ලද සොයන ලද සිතින් අනුගමනය කරන ලද (විඤ්ඤාණාරමමණයෙහි වූ) තණ්හා මාන දිට්ඨිහු වෙත් ද, එය ද ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සලකයි. ‘ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් එහි නිත්‍ය, ධ්‍රැව, ශාශ්වත, අවිපරිණාම ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වත ය (මහාමේරු ආදිය) සේ ම සිටින්නෙමි’යි යම් මේ දෘෂ්ටිස්ථානයකුත් වේ ද, එයත් ‘මෙය මාගේ ය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්ම ය’යි දකියි.

29. සුතවා ච ඛො භික‍්ඛවෙ අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො–

29. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණා වූ, සත්පුරුෂයන් දක්නාසුලු වූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි හික්මුණා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ -

රූපං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. වෙදනං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. සඤ‍්ඤං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. සඞ‍්ඛාරෙ ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. යම‍්පි තං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. යම‍්පිදං දිට‍්ඨිට‍්ඨානං, සො ලොකො සො අත‍්තා, සො පෙච‍්ච භවිස‍්සාමි: නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව ඨස‍්සාමී’ති. තම‍්පි ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති සමනුපස‍්සති. සො එවං සමනුපස‍්සන‍්තො අසති න පරිතස‍්සතීති.

‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි රූපය දකියි. ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි වේදනාව දකියි. ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි සංඥාව දකියි ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි සංස්කාරයන් දකියි. යම් මේ රූපායතනයක් වේ ද, ශබ්දායතනයකුත් වේ ද, මුත වූ ගන්‍ධ රස ඵොට්‍ඨබ්බායතනයෝත් වෙත් ද, සෙසු සප්තායතනයෝත් වෙත් ද, සිතින් පැමිණෙන ලද සොයන ලද අනුගමනය කරන ලද තෘෂ්ණාමාන දෘෂ්ටිහු වෙත් ද, එය ද ‘මාගේ නො වේ. එය මම නො වෙමි. එය මාගේ ආත්ම නො වේ ය’යි දකියි. ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් එහි නිත්‍ය, ධ්‍රැව, ශාශ්වත, අවිපරිණාම (නො පෙරළෙන) ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වතයක් සෙයින්ම සිටින්නෙමි’යි යම් මේ දෘෂ්ටිස්ථානයකුත් වේ ද, ඒ දෘෂ්ටියත් ‘මෙය මාගේ නොවෙයි මේ මම නොවෙමි මෙය මාගේ ආත්ම නො වේය’යි දකියි. හෙතෙමේ මෙසේ නුවණින් දක්නේ (පරමාර්‍ත්‍ථ වශයෙන්) රූපාදිය නැති (අවිද්‍යාමාන ය යි පෙනෙන) කල්හි තැති නො ගණි යි.

30. එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: සියා නු ඛො භන‍්තෙ බහිද‍්ධා අසති පරිතස‍්සනාති? සියා භික‍්ඛූති භගවා අවොච: “ඉධ භික‍්ඛු එකච‍්චස‍්ස එවං හොති අහු වත මෙ, තං වත මෙ නත්‍ථි, සියා වත මෙ, තං වතාහං න ලභාමීති. සො සොචති කිලමති පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. එවං ඛො භික‍්ඛු බහිද‍්ධා අසති පරිතස‍්සනා හොතී”ති.

30. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් වේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට ධනලාභයක් වීය. දැන් එය මට නැත. මට (ලැබියයුතු) (යම් ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි යි මෙබඳු අදහසෙක් වෙයි. හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි වැලපෙයි. ළය අත්පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දෙ නැති කල්හි තැති ගැන්ම වේ ය”යි වදාළ සේක.

31. සියා පන භන‍්තෙ බහිද‍්ධා අසති අපරිතස‍්සනාති? සියා භික‍්ඛූති භගවා අවොච: “ඉධ භික‍්ඛු එකච‍්චස‍්ස න එවං හොති ‘අහු වත මෙ, තං වත මෙ නත්‍ථි, සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. එවං ඛො භික‍්ඛු බහිද‍්ධා අසති අපරිතස‍්සනා හොතී”ති.

31. “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් නො වන්නේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක: “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට (රන් රුවන් ආදී ධනයක්) වීය. එය මට නැත. මට (ලැබියයුතු ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි යි මෙබඳු අදහසෙක් නො වේ. හෙතෙම ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළය අත් පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දේ නැති කල්හි තැති ගැන්ම නො වේ ය”යි වදාළ සේක.

32. සියා නු ඛො භන‍්තෙ අජ‍්ඣත‍්තං අසති පරිතස‍්සනාති? සියා භික‍්ඛූති භගවා අවොච: –

32. “වහන්ස, තමා පිළිබඳ දේ නැති කල්හි තැති ගැන්මක් වන්නේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:

“ඉධ භික‍්ඛු එකච‍්චස‍්ස එවං දිට‍්ඨි හොති: ‘සො ලොකො සො අත‍්තා, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො. සස‍්සතිසමං තථෙව ඨස‍්සාමී’ති. සො සුණාති තථාගතස‍්ස වා තථාගතසාවකස‍්ස වා සබ‍්බෙසං දිට‍්ඨිට‍්ඨානාධිට‍්ඨානපරියුට‍්ඨානාභිනිවෙසානුසයානං සමුග‍්ඝාතාය සබ‍්බසඞ‍්ඛාරසමථාය සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගාය තණ‍්හක‍්ඛයාය විරාගාය නිරොධාය නිබ‍්බානාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස. තස‍්ස එවං හොති: ‘උච‍්ඡිජ‍්ජිස‍්සාමි නාම සු, විනස‍්සිස‍්සාමි නාම සු, න සු නාම භවිස‍්සාමී’ති. සො සොචති කිලමති පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති. එවං ඛො භික‍්ඛු අජ‍්ඣත‍්තං අසති පරිතස‍්සනා හොතී”ති.

“මහණ, මේ ලෝකයෙහි ඇතැම් එකකුට ‘ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් නිත්‍ය වන්නෙමි. ස්ථිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නො පෙරළෙන ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වතයක් මෙන් එසේම සිටින්නෙමි’යි මෙබඳු දෘෂ්ටිය වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැගී සිටීම්, දෘෂ්ටීන්ට බැස ගැනීම්, දෘෂ්ටින් සිතෙහි ලැග පැවැතුම් යන මොවුන් මුල් සුන් කිරීමට ද, සියලු සංස්කාරයන් සංසිඳවීම පිණිස ද, සියලු උපධීන් බැහැර කිරීම පිණිස ද, තෘෂ්ණා ක්‍ෂය කිරීම පිණිස ද, නො ඇලීම පිණිස ද, නිරෝධය පිණිස ද, නිර්‍වාණය පිණිස ද, දහම් දෙසන තථාගතයන් වහන්සේ ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ දේශනාව අසයි. ඔහුට මෙවැනි අදහසෙක් වෙයි: ‘අනුත්පත්ති වශයෙන් සිඳී යන්නෙම් ල. වැනසී යන්නෙම් ල. උත්පත්ති වශයෙන් නො වන්නෙම් ලයි’ හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළය ඇත පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ තමා පිළිබඳ වූවක් නැති කල්හි තැති ගැන්ම වෙයි”

33. සියා පන භන‍්තෙ අජ‍්ඣත‍්තං අසති අපරිතස‍්සනාති? සියා භික‍්ඛූති භගවා අවොච: “ඉධ භික‍්ඛු එකච‍්චස‍්ස න එවං දිට‍්ඨි හොති: ‘සො ලොකො සො අත‍්තා, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො. සස‍්සතිසමං තථෙව ඨස‍්සාමී’ති. සො සුණාති තථාගතස‍්ස වා තථාගතසාවකස‍්ස වා සබ‍්බෙසං දිට‍්ඨිට‍්ඨානාධිට‍්ඨානපරියුට‍්ඨානාභිනිවෙසානුසයානං සමුග‍්ඝාතාය සබ‍්බසඞ‍්ඛාරසමථාය සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගාය තණ‍්හක‍්ඛයාය විරාගාය නිරොධාය නිබ‍්බානාය ධම‍්මං දෙසෙන‍්තස‍්ස. තස‍්ස න එවං හොති: ‘උච‍්ඡිජ‍්ජිස‍්සාමි නාම සු, විනස‍්සිස‍්සාමි නාම සු, න සු නාම භවිස‍්සාමී’ති. සො න සොචති න කිලමති න පරිදෙවති, න උරත‍්තාළිං කන්‍දති, න සම‍්මොහං ආපජ‍්ජති. එවං ඛො භික‍්ඛු අජ‍්ඣත‍්තං අසති අපරිතස‍්සනා හොති.”

33. “වහන්ස, අධ්‍යාත්මික ස්කන්‍ධ නැති කල්හි නො තැති ගැන්ම වන්නේ ද? ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මහණ මේ ලෝකයෙහි ඇතැම් එකකුට මෙවැනි දෘෂ්ටියෙක් නො වෙයි: ලෝකය ඒ ය. ආත්මය ඒ ය. ඒ මම පරලොව ගොස් නිත්‍ය වන්නෙමි. ස්ථිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නොපෙරළෙන ස්වභාව ඇත්තෙම් වන්නෙමි. හැමදා පවතින දෙයක් මෙන් සිටින්නෙමි’යි මෙබඳු දෘෂ්ටිය නො වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැගීම්, දෘෂ්ටින්ට බැස ගැනීම්, දෘෂ්ටිය සිතෙහි ලැග ගැනීම් යන් මොවුන් මුලුසුන් කිරීම පිණිස ද, සියලු සංස්කාරයන් සංසිඳවීම් පිණිස ද සියලු උපධීන් බැහැර කිරීම පිණිස ද, තෘෂ්ණාක්‍ෂය කිරීම් පිණිස ද, නො ඇලීම පිණිස ද, නිරෝධය පිණිස ද, නිර්‍වාණය පිණිස ද,දහම් දෙසන තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ දේශනාව අසයි. ඔහුට මෙ වැනි අදහසෙක් නො වේ: ‘අනුත්පත්ති වශයෙන් සිඳී යන්නෙම් ල. වැනසී යන්නෙම් ල. උත්පත්ති වශයෙන් නො වන්නෙම් ල කියා යි. හෙතෙම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළය ඇත පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණ, මෙසේ ආධ්‍යාත්මික ස්කන්‍ධය නැති කල්හි නො තැති ගැන්ම වේ.

34. තං භික‍්ඛවෙ පරිග‍්ගහං පරිගණ‍්හෙය්‍යාථ ය‍්වාස‍්ස පරිග‍්ගහො නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව තිට‍්ඨෙය්‍ය. පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ තං පරිග‍්ගහං ය‍්වාස‍්ස පරිග‍්ගහො නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව තිට‍්ඨෙය්‍යාති? ‘නො හෙතං භන‍්තෙ.’ සාධු භික‍්ඛවෙ, අහම‍්පි ඛො තං භික‍්ඛවෙ පරිග‍්ගහං න සමනුපස‍්සාමි ය‍්වාස‍්ස පරිග‍්ගහො නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව තිට‍්ඨෙය්‍ය.

34. “මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වූ පරිග්‍රහයක් (තමා අයත් යම් බැහැරි පිරිකරක්) වන්නේ ද, ශාශ්වත වස්තූන් සම ව එසේ ම (එය) සිටින්නේ නම්, ඒ බැහැරි දෙය පිළිගනිවු. මහණෙනි, තෙපි නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වූ තමා අයත් යම් බැහැරි දෙයක් ශාශ්වත වස්තූන් සම ව එසේ ම එය සිටින්නේ නම්, ඒ බැහැරි දෙය මහණෙනි, තෙපි දක්නහු ද? ‘වහන්ස, එය නො වේ ම ය.’ මහණෙනි, මැනවි. මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය ද ධ්‍රැව ද සදාකාලික ද අවිපරිණාමධර්‍ම ද ශාශ්වත දෙයක් මෙන් එසේ ම සිටින්නේ ද එබඳු පරිග්‍රහයක් මම ද නො දකිමි.

35. තං භික‍්ඛවෙ අත‍්තවාදූපාදානං උපාදියෙථ යංස අත‍්තවාදූපාදානං උපාදියතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ තං අත‍්තවාදූපාදානං යංස අත‍්තවාදූපාදානං උපාදියතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? ‘නො හෙතං භන‍්තෙ’. සාධු භික‍්ඛවෙ, අහම‍්පි ඛො තං භික‍්ඛවෙ අත‍්තවාදූපාදානං න සමනුපස‍්සාමි යංස අත‍්තවාදූපාදානං උපාදියතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා.

35. මහණෙනි, යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ (දැඩි කොට ගන්නා වූ) ඔහුට ශෝකය, වැලපීම, කායිකචෛතසික දුක, දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, ඒ ආත්මවාදෝපාදානය උපාදාන කරවු. මහණෙනි, තෙපි යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම් ‘එබඳු ආත්මවාදෝපාදානයක් දනිවු ද? ‘වහන්ස, එය නො වේ ම ය. මහණෙනි, මැනවි, මහණෙනි, යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට ශෝකය වැලපීම දුක දොම්නස දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, මහණෙනි, එබඳු ආත්මවාදෝපාදානයක් මම ද නො දකිමි.

36. තං භික‍්ඛවෙ දිට‍්ඨිනිස‍්සයං නිස‍්සෙය්‍යාථ යංස දිට‍්ඨිනිස‍්සයං නිස‍්සයතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ තං දිට‍්ඨිනිස‍්සයං යංස දිට‍්ඨිනිස‍්සයං නිස‍්සයතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාති? ‘නො හෙතං, භන‍්තෙ’. සාධු භික‍්ඛවෙ, අහම‍්පි ඛො තං භික‍්ඛවෙ දිට‍්ඨිනිස‍්සයං න සමනුපස‍්සාමි යංස දිට‍්ඨිනිස‍්සයං නිස‍්සයතො න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා.

36. මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට ශෝකය වැලපීම දුක දොම්නස දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරවූ. මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම්, එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් දකිවු ද? ‘වහන්ස, එය නො වේ ම ය.’ මහණෙනි, මැනවි, මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම්, මමත් එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් නො දකිමි.

37. අත‍්තනි වා භික‍්ඛවෙ සති ‘අත‍්තනියං මෙ’ති අස‍්සාති? ‘එවං භන‍්තෙ’. අත‍්තනියෙ වා භික‍්ඛවෙ සති ‘අත‍්තා මෙ’ති අස‍්සාති? එවං භන‍්තෙ. අත‍්තනි ච භික‍්ඛවෙ අත‍්තනියෙ ච සච‍්චතො ථෙතතො අනුපලබ‍්භමානෙ යම‍්පිදං දිට‍්ඨිට‍්ඨානං ‘සො ලොකො සො අත‍්තා, සො පෙච‍්ච භවිස‍්සාමි නිච‍්චො ධුවො සස‍්සතො අවිපරිණාමධම‍්මො, සස‍්සතිසමං තථෙව ඨස‍්සාමී’ති, නනායං භික‍්ඛවෙ කෙවලො පරිපූරො බාලධම‍්මොති? ‘කිං හි නො සියා භන‍්තෙ, කෙවලො පරිපූරො බාලධම‍්මො’ති.

37. මහණෙනි, ආත්මය (මම) ඇතිකල්හි අත්තනිය (මට අයත් දෙය) මාගේ ය’යි යන අදහස වන්නේ ද? ‘වහන්ස, එසේ ය.’ මහණෙනි, අත්තනිය ඇතිකල්හි ‘ආත්මය මාගේ’යි යන අදහස වන්නේ ද? ‘වහන්ස, එසේ ය.’ මහණෙනි, ආත්මය ද ආත්මය පිළිබඳ දෙයක් ද සත්‍යවශයෙන් සථිරවශයෙන් නො ලැබෙන කල්හි ‘ඒ ලෝකය, ඒ ආත්මය ය යි. ඒ මම පරලොව ගොස් නිච්ච ධුව සස්‍සත අවිපරිණාම ධම්ම වන්නෙමි. ශාශ්වත වස්තූන් වැනි ව එසේ මැ සිටින්නෙමි’යි යම් ඒ දෘෂ්ටිකාරණයෙක් වේ ද, මහණෙනි, මෙය හුදු පිරිපුන් බාල(අඥ) ධර්‍මයක් නො වේ ද? ‘වහන්ස, කිම නො වන්නේ ද, හුදු පිරිපුන් බාලධර්‍මයක් වේ මය’.

38. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නො හෙතං භන‍්තෙ’.

38. මහණෙනි, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද? ‘වහන්ස, දුක ය.’ යමක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව අත්තේ ද, ‘මෙය මගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආත්ම ය’යි දැක්මට සුදුසු ද? ‘වහන්ස, එය සුදුසු නො වේ ම ය.’

39. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ වෙදනා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නො හෙතං භන‍්තෙ’.

39. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වනසුලු නම්, ‘මේ මාගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’

40. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ සඤ‍්ඤා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නො හෙතං භන‍්තෙ’.

40. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, සංඥාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, එය දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වනසුලු නම්, ‘එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’

41. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ සංඛාරා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නො හෙතං භන‍්තෙ’.

41. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, සංස්කාරයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වනසුලු නම්, ‘එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’

42. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති? ‘දුක‍්ඛං භන‍්තෙ’. යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලන‍්නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති? ‘නො හෙතං භන‍්තෙ’.

42. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වනසුලු නම්, ‘එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’

43. තස‍්මාතිහ භික‍්ඛවෙ යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

43. මහණෙනි, එහෙයින් මෙහි අතීත වූ ද වර්‍තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද, ඖදාරික වූ ද සූක්‍ෂම වූ ද, හීන වූ ද ප්‍රණීත වූ ද, යම් කිසි රූපයක් වේ ද, දුර වූ ද සමීප වූ ද යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නො වෙයි. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නො වෙයි’ මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දතයුතු ය. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාරයෝ ... අතීත වූත් අනාගත වූත් වර්‍තමාන වූත් ආධ්‍යාත්මික වූත් බාහිර වූත් සූක්‍ෂම වූත් හීන වූත් ප්‍රණීත වූත් යම් කිසි විඥානයක් වේ ද, දුර වූත් ළඟ වූත් යම් විඥානයකුත් වේ ද, ඒ සියලු විඥානය ‘මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දැක්ක යුතු ය.

44. එවං පස‍්සං භික‍්ඛවෙ සුතවා අරියසාවකො රූපස‍්මිං නිබ‍්බින්‍දති, වෙදනාය නිබ‍්බින්‍දති, සඤ‍්ඤාය නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු උක‍්ඛිත‍්තපලිඝො ඉතිපි, සඞ‍්කිණ‍්ණපරිඛො ඉතිපි, අබ‍්බූළ‍්හෙසිකො ඉතිපි, නිරග‍්ගළො ඉතිපි, අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො ඉතිපි.

44. මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි ... විඤ්ඤාණයෙහි කලකිරෙයි. කළකිරුනේ නො ඇලෙයි. නො ඇලීමෙන් කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂීණ වූයේ වෙයි. බඹසර වැස නිමවන ලදි. සිවුමගින් කළ යුත්ත කරන ලදි. අර්‍හත්ත්‍වය සඳහා අනෙකක් නැතැ’යි දැන ගනි යි. මහණෙනි, මේ මහණ තෙමේ ඉගුළූ අවිද්‍යා නැමැති හිදි අගුළු ඇත්තෙකැ යි ද, විසුරුවන ලද කර්‍මාභිසංස්කාර නමැති පරිඛා ඇත්තෙකැ යි ද, උපුළ තෘෂ්ණා නැමැති ඉන්‍ද්‍රකීලය ඇත්තෙකැ යි ද, බිඳලූ ඕරම්භාගිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැ යි ද, ආර්‍ය්‍යයෙකැ යි ද, හෙළූ මානධ්වජ ඇත්තෙකැ යි ද, බහා තැබූ සකන්‍ධභාරාදිය ඇත්තෙකැ යි ද, කෙලෙසුන්ගෙන් වෙන් වූවෙකැ යි ද කියනු ලැබේ.

45. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු උක‍්ඛිත‍්තපලිඝො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අවිජ‍්ජා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු උක‍්ඛිත‍්තපලිඝො හොති.

45. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් උක්ඛිත්තපළිඝ (උපුළ හිදි අගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වූවා ද, සුන් වූ මුල් ඇත්තී ද, මුදුන් සුං තලක් මෙන් කරන ලද ද, නො වැඩීමට පමුණුවන ලද්දී ද, මත්තෙහි නූපදින ස්වභාව ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ උක්ඛිත්තපළිඝ වේ.

46. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු සංකිණ‍්ණපරිඛො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො පොනොභවිකො ජාතිසංසාරො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු සංකිණ‍්ණපරිඛො හොති.

46. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සංකිණ්ණපරිඛ (විසුරුවන ලද දිය අගල ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පුනර්‍භවය දෙන්නා වූ ජාති සංසාරය ප්‍රහීණ වූයේ ද, සුන් කළ මුල් ඇත්තේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩීමට පමුණුවන ලද්දේ ද, මතු නූපදින ස්වභාව ඇත්තේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ සංකිණ්ණපරිඛ වේ.

47. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්බූළ‍්හෙසිකො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො තණ‍්හා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්බූළ‍්හෙසිකො හොති.

47. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අබ්බුළෙහසික (උපුළ ඉන්‍ද්‍රකීලය ඇත්තේ) වේ ද, මහණෙනි, මෙහි මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ද, සිඳුණු මුල් ඇත්තී ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දී ද, නැවත නොවැඩීම කරන ලද්දී ද, මත්තෙහි නූපදින ස්වභාවය ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ අබ්බුළෙහසික වේ.

48. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු නිරග‍්ගළො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි හොන‍්ති උච‍්ඡින‍්නමූලානි තාලාවත්‍ථුකතානි අනභාවකතානි ආයතිං අනුප‍්පාදධම‍්මානි. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු නිරග‍්ගළො හොති.

48. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ නිරග්ගල (බුන් දොරගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු වෙත් ද, සිඳුණු මුල් ඇත්තාහු හිස් සුන් තලක් මෙන් කරන ලද්දාහු ද, නො වැඩීමට පමුණුවන ලද්දාහු ද, මතු නූපදින ස්වභාව ඇත්තාහු ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ නිරග්ගළ වේ.

49. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො අස‍්මිමානො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවංකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අරියො පන‍්නද‍්ධජො පන‍්නභාරො විසංයුත‍්තො හොති.

49. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් හෙළූ මානධ්වජ ඇති බහා තැබූ ස්කන්‍ධභාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආර්‍ය්‍යයෙක් වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ වේ ද, සිඳුනු මුල් ඇත්තේ වේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩීමට පමුණුවන ලද්දේ ද, නූපදින ස්වභාවය ඇත්තේ ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ පතිත වූ මානධ්වජ ඇති බහා තැබූ ස්කන්‍ධභාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආර්‍ය්‍යයෙක් වෙයි.

50. එවං විමුත‍්තචිත‍්තං ඛො භික‍්ඛවෙ භික‍්ඛුං සඉන්‍දා දෙවා සබ්‍රහ‍්මකා සපජාපතිකා අන්‍වෙසං නාධිගච‍්ඡන‍්ති: ‘ඉදං නිස‍්සිතං තථාගතස‍්ස විඤ‍්ඤාණ’න‍්ති. තං කිස‍්ස හෙතු: දිට‍්ඨෙවාහං භික‍්ඛවෙ ධම‍්මෙ තථාගතං අනනුවෙජ‍්ජොති වදාමි.

50. මහණෙනි, මෙසේ මිදුණු සිත් ඇති මහණහු ශක්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ සොයන්නාහු නමුත් ‘තථාගතයාගේ නොහොත් රහතුන් වහන්සේගේ විඥානය මේ අරමුණ ඇසුරු කොට පවතී ය’යි දැන නො ගනිත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මම මේ ආත්මයේ දී ම (ධරමාන) තථාගතයා (ක්‍ෂීණාස්‍රවයා) (සත්ත්‍ව ප්‍රඥප්තීන්) අනනුවේද යැ යි - අසංවිද්‍යාමාන යයි (නොහොත් ඔහුගේ අප්‍රතිසන්‍ධික විඥානය නො ලැබිය හැකි යැ යි - දත හැකි නොවේ යයි) කියමි.

51. එවංවාදිං ඛො මං භික‍්ඛවෙ එවමක‍්ඛායිං එකෙ සමණබ්‍රාහ‍්මණා අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති: වෙනයිකො සමණො ගොතමො, සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙතීති. යථා වාහං භික‍්ඛවෙ න, යථා වාහං න වදාමි, තථා මං තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති: වෙනයිකො සමණො ගොතමො, සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙතීති.

51. මහණෙනි, මෙබඳු වාද ඇති මෙසේ කියනසුලු මට “ශ්‍රමණ ගෞතම තෙමේ සත්ත්‍ව විනාශය කරන්නෙකි. ඇත්තාවූ සත්ත්‍වයාගේ සිඳීම වැනැසීමැ හට නො ගැන්ම පනවන්නේ යැ”යි ඇතැම් මහණ බමුණෝ අසත්‍ය වූ හිස් වූ බොරුවෙන්, නො වූයෙන් දොස් කියත්. මහණෙනි, මම යම්සේ විනාශකයෙකිම් නො වෙම් ද, මම යම් පරිද්දෙකින් හෝ සත්ත්‍වවිනාශයක් නොපණවම් ද, එසේ වූ මට ඒ භවත් මහණ බමුණෝ “ශ්‍රමණ ගෞතම තෙමේ සත්ත්‍ව විනාශය කරන්නෙකි. ඇත්තාවූ සත්ත්‍වයාගේ සිඳීම වැනැසීම හට නො ගැන්ම පනවා”යි අසත්‍යයෙන්, හිස් දෙයින්, බොරුවෙන්, අභූතයෙන් දෝෂාරෝපණය කෙරෙත්.

52. පුබ‍්බෙ චාහං භික‍්ඛවෙ එතරහි ච දුක‍්ඛඤ‍්චෙව පඤ‍්ඤාපෙමි දුක‍්ඛස‍්ස ච නිරොධං. තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං අක‍්කොසන‍්ති පරිභාසන‍්ති රොසෙන‍්ති, විහෙසෙන‍්ති, ඝට‍්ටෙන‍්ති, තත්‍ර භික‍්ඛවෙ තථාගතස‍්ස න හොති ආඝාතො න අප‍්පච‍්චයො න චෙතසො අනභිරද‍්ධි. තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තත්‍ර භික‍්ඛවෙ තථාගතස‍්ස න හොති ආනන්‍දො සොමනස‍්සං න චෙතසො උබ‍්බිලාවිතත‍්තං. තත්‍ර චෙ භික‍්ඛවෙ පරෙ තථාගතං සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති, තත්‍ර භික‍්ඛවෙ තථාගතස‍්ස එවං හොති: යං ඛො ඉදං පුබ‍්බෙ පරිඤ‍්ඤාතං, තත්‍රිමෙ එවරූපා කාරා කරීයන‍්තීති.

52. මහණෙනි, මම පෙර (බෝමැඩදී) ද දැනුදු (සිව්සස් පැවැසීමෙහි ද) දුකත් දුක්ඛනිරෝධයත් පනවමි. මහණෙනි, මෙහිලා අන්‍යයෝ තථාගතයනට නින්‍දා කරත් ද, රොස් බස් කියත් ද, වෙහෙසත් ද, ගටා බෙණෙත් ද, මහණෙනි, එහි තථාගතයන්ගේ වෛරයක් නැත. නො සතුටෙක් නැත. සිතේ දොම්නසෙක් නැත. මහණෙනි, එහි ලා අන්‍යයෝ තථාගතයනට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදත් ද, මහණෙනි, එහි තථාගතයන්ට සතුටෙක් නො වෙයි. සොම්නසෙක් නො වෙයි. සිතෙහි ඉල්පෙන ප්‍රීතියෙක් නො වෙයි. මහණෙනි, එහි අන්‍යයෝ තථාගතයන්ට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදත් ද, මහණෙනි, එහි ලා තථාගතයන්ට “යම් මේ පඤ්චස්කන්‍ධයක් බෝමැඩදී පිරිසිඳ දැන ගන්නා ලද්දේ ද, ඒ පඤ්චස්කන්‍ධයට මෙබඳු වූ සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි මෙපමණක් ම අදහස් වෙයි.

53. තස‍්මාතිහ භික‍්ඛවෙ තුම‍්හෙ චෙපි පරෙ අක‍්කොසෙය්‍යුං පරිභාසෙය්‍යුං රොසෙය්‍යුං විහෙසෙය්‍යුං, ඝට‍්ටෙය්‍යුං. තත්‍ර තුම‍්හෙහිපි න ආඝාතො න අප‍්පච‍්චයො න චෙතසො අනභිරද‍්ධි කරණීයා. තස‍්මාතිහ භික‍්ඛවෙ තුම‍්හෙ චෙපි පරෙ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං තත්‍ර තුම‍්හෙහිපි න ආනන්‍දො න සොමනස‍්සං න චෙතසො උබ‍්බිලාවිතත‍්තං කරණීයං. තස‍්මාතිහ භික‍්ඛවෙ තුම‍්හෙ චෙපි පරෙ සක‍්කරෙය්‍යුං ගරුකරෙය්‍යුං මානෙය්‍යුං පූජෙය්‍යුං තත්‍ර තුම‍්හෙපි එවමස‍්ස: යං ඛො ඉදං පුබ‍්බෙ පරිඤ‍්ඤාතං, තත්‍රිමෙ එවරූපා කාරා කරීයන‍්තීති.

53. මහණෙනි, එහෙයින් මෙහි අන්‍යයෝ තොපට ද ආක්‍රෝශ කරන්නාහු නම්, පරිභව කරන්නාහු නම්, රොස් උපදවන්නාහු නම්, වෙහෙසන්නාහු නම්, හටගන්නාහු නම්, ඒ කාරණයෙහි තොප විසින් කෝප නො කළ යුතු ය. දොම්නස් නො කළ යුතු ය. සිතෙහි අසතුටක් ඇති කර නො ගත යුතු ය. මහණෙනි, එහෙයින් මෙහි තොපට අන්‍යයෝ සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, මහණෙනි, ඒ කරුණෙහි තොප විසිනුත් සතුටක් නො කට යුතු යි. සොම්නසක් නො කට යුතු යි. සිතෙහි උපුල්වන ප්‍රීතියෙක් නො කට යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි තොපට ද අන්‍යයෝ සත්කාර කෙරෙත් නම්, ගරු කෙරෙත් නම්, බුහුමන් කෙරෙත් නම්, පුදත් නම්, මහණෙනි, එ කරුණෙහි ලා “යම් මේ පඤ්චස්කන්‍ධයක් පෙර පිරිසිඳ දන්නා ලද්දේ ද, ඒ පඤ්චස්කන්‍ධයට මෙවැනි සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි තොපට ද මේ අදහස වන්නේ ය.

54. තස‍්මාතිහ භික‍්ඛවෙ යං න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං? රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ. සා වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. සඤ‍්ඤා භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. සා වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. සඞ‍්ඛාරා භික‍්ඛවෙ න තුම‍්හාකං. තෙ පජහථ.–

54. මහණෙනි, එහෙයින් මෙහි යමක් තොපගේ නො වේ නම් එය බැහැර කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට බොහෝ කාලයක් හිත පිණිස වන්නේය. සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එහි ඇල් ම දුරු කරවු. එය දුරු කරන ලද්දේ, තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එය දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංඥාව තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එය දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නො වෙත්. ඔවුන් කෙරෙහි ඇල්ම දුරු කරවූ.

තෙ වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සන‍්ති. විඤ‍්ඤාණං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති.

ඔහු දුරු කරන ලද්දෝ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නාහු ය. මහණෙනි, විඥානය තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එහි ඇල්ම දුරු කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.

55. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, යං ඉමස‍්මිං ජෙතවනෙ තිණකට‍්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්‍ය වා ඩහෙය්‍ය වා යථාපච‍්චයං වා කරෙය්‍ය, අපි නු තුම‍්හාකං එවමස‍්ස: අම‍්හෙ ජනො හරති වා ඩහති වා යථාපච‍්චයං කරොතීති? ‘නො හෙතං භන‍්තෙ’. තං කිස‍්ස හෙතු? ‘න හි නො එතං භන‍්තෙ අත‍්තා අත‍්තනියං වා’ති. එවමෙව ඛො භික‍්ඛවෙ යං න තුම‍්හාකං තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං? රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා භික‍්ඛවෙ -පෙ- සඤ‍්ඤා භික‍්ඛවෙ -පෙ- සඞ‍්ඛාරා භික‍්ඛවෙ -පෙ- විඤ‍්ඤාණං භික‍්ඛවෙ න තුම‍්හාකං. තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති.

55. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? මේ ජේතවනයෙහි යම් තෘණ කාෂ්ට ශාඛා පලාශ වේ ද, එය ජන තෙමේ ගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති සේ හෝ කරන්නේ නම්, “ජනතෙමේ අප හැර ගෙන යන්නේ වෙයි. අප දවන්නේ හෝ වෙයි. තමන් කැමැති සේ කරන්නේ හෝ වේ”යි තොපට මෙබඳු අදහසක් වන්නේ ද? “වහන්ස, එය නො වන්නේ ය.” එයට හේතු කිම? “වහන්ස, මේ (තෘණාදිය) අපගේ ආත්මය හෝ තමාට අයත් දෙ නො වෙයි.” මහණෙනි, එ පරිද්දෙන් ම යමක් තොපගේ නොවේ නම් එය දුරු කරවූ. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස පවත්නේ ය. මහණෙනි වේදනාව ... මහණෙනි, සංඥාව ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, විඥානය තොපගේ නො වෙයි. එය ප්‍රහීණ කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.

56. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ, යෙ තෙ භික‍්ඛූ අරහන‍්තො ඛීණාසවා වුසිතවන‍්තො කතකරණීයා ඔහිතභාරා අනුප‍්පත‍්තසදත්‍ථා පරික‍්ඛීණභවසඤ‍්ඤොජනා සම‍්මදඤ‍්ඤා විමුත‍්තා, වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.

56. මහණෙනි, මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳහළ (කිලිටි නමැති) මහළුපිළී ඇති (නොහොත් අලුත් සළු හැඳියකු වැනි) කරණ ලදී. මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කසළ ඇති, මේ ධර්‍මයෙහි රහත් වූ ක්‍ෂීණ වූ ආස්‍රව ඇති, වැස නිමැ වූ බඹසර ඇති, සිවුමගින් කළ කිස ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණ ස්වාර්‍ත්‍ථ (රහත්බව) ඇති, සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂීණ කළ භවසංයෝජන ඇති, මොනවට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද, ඔවුනට ඇතැ යි දක්වන්නට සසරවටෙක් නැත.

57. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ, යෙසං භික‍්ඛූනං පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි පහීනානි, සබ‍්බෙ තෙ ඔපපාතිකා, තත්‍ථ පරිනිබ‍්බායිනො අනාවත‍්තිධම‍්මා තස‍්මා ලොකා.

57. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. පැහැදිලි කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳ හළ කසළ නමැති මහළුපිළී ඇත්‍තක් කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති, ධර්‍මයෙහි (සස්නෙහි) යම් මහණ කෙනකුන්ගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ ද, ඒ සියල්ලෝ මරණින් මතු ඕපපාතික වූවෝ, ඒ ශුද්ධාවාස බඹලොව්හි දී පිරිනිවෙන්නාහු එයින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තෝ වෙත්.

58. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ, යෙසං භික‍්ඛූනං තීණි සංයොජනානි පහීනානි රාගදොසමොහා තනුභූතා, සබ‍්බෙ තෙ සකදාගාමිනො, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්ති.

58. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. පැහැදිලි කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳ හළ කිලිටි කඩමාලු ඇති කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, පිරිසිදු කළ දහම්හි (සස්නෙහි) යම් මහණ කෙනකුන්ගේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ ද, රාග, ද්වේෂ, මෝහයෝ තුනී වූහු ද, ඒ සියල්ලෝ සකෘදාගාමීහු වෙත. එක් වරක් ම උත්පත්ති වශයෙන් මේ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.

59. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ යෙසං භික‍්ඛූනං තීණි සංයොජනානි පහීනානි, සබ‍්බෙ තෙ සොතාපන‍්නා අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායනා.

59. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. හෙළි කරණ ලදී. සිඳහළ කඩමහලු ඇති කරණ ලදී. මහණෙනි, මා විසින් මෙසේ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති කළ, මොනොවට දෙසූ, ධර්‍මයෙහි යම් මහණ කෙනකුන්ගේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ ද, ඒ සියල්ලෝ සිවු අවා දුකට නොවැටෙන සුලු, රහත්බවට නියතවූ, සම්බෝධිය (රහත්පල නුවණ) ප්‍රතිෂ්ඨා කොට ඇති සෝවාන්හු වෙත්.

60. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ යෙ තෙ භික‍්ඛූ ධම‍්මානුසාරිනො සද‍්ධානුසාරිනො සබ‍්බෙ තෙ සම‍්බොධිපරායනා.

60. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී විවෘත කරණ ලදී. පැහැදිලි කරණ ලදී. සිඳහළ කඩමාලු ඇති කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, පැහැදිලි කළ, සිඳ හළ කඩමාලු ඇති කළ, ධර්‍මයෙහි යම් මහණ කෙනෙක් ධර්‍මානුසාරීත්, ශ්‍රද්ධානුසාරීත් වෙත් ද, ඔහු සියල්ලෝ සම්බෝධිය (රහත්පල නුවණ) ප්‍රතිෂ්ඨා කොට ඇත්තෝ වෙත්.

61. එවං ස‍්වාක‍්ඛාතො භික‍්ඛවෙ මයා ධම‍්මො උත‍්තානො විවටො පකාසිතො ඡින‍්නපිලොතිකො. එවං ස‍්වාක‍්ඛාතෙ භික‍්ඛවෙ මයා ධම‍්මෙ උත‍්තානෙ විවටෙ පකාසිතෙ ඡින‍්නපිලොතිකෙ යෙසං මයි සද‍්ධාමත‍්තං පෙමමත‍්තං සබ‍්බෙ තෙ සග‍්ගපරායනාති.

61. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. හෙළි කරණ ලදී. සිඳහළ කඩමාලු ඇති කරණලදී. මහණෙනි, මෙසේ මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති කරණ ලද, ධර්‍මයෙහි යම් මහණ කෙනකුන්ගේ ශ්‍රද්ධාමාත්‍රාවක් ප්‍රේමමාත්‍රාවක් ඇත් නම් ඔහු සියල්ලෝ ස්වර්‍ගපරායණ (මරණින් මතු ස්වර්‍ගය ප්‍රතිෂ්ඨාස්ථාන) කොට ඇතියෝ වෙති.

62. ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

62. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ හු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

අලගද‍්දූපමසුත‍්තං දුතියං.

අලගද්දූපමසුත්‍රය දෙවැනි යි.