අලගද්දූපමසුත්තවණ්ණනා අට්ඨකථා
අලගද්දූපමසුත්තවණ්ණනා
අලගද්දූපම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අලගද්දූපමසුත්තං. තත්ථ ගද්ධෙ බාධයිංසූති ගද්ධබාධිනො, ගද්ධබාධිනො පුබ්බපුරිසා අස්සාති ගද්ධබාධිපුබ්බො, තස්ස ගද්ධබාධිපුබ්බස්ස, ගිජ්ඣඝාතකකුලප්පසුතස්සාති අත්ථො. සග්ගමොක්ඛානං අන්තරායං කරොන්තීති අන්තරායිකා. තෙ කම්මකිලෙසවිපාකඋපවාදආණාවීතික්කමවසෙන පඤ්චවිධා. තත්ථ පඤ්චානන්තරියධම්මා කම්මන්තරායිකා නාම. තථා භික්ඛුනීදූසකකම්මං, තං පන මොක්ඛස්සෙව අන්තරායං කරොති, න සග්ගස්ස. නියතමිච්ඡාදිට්ඨිධම්මා කිලෙසන්තරායිකා නාම. පණ්ඩකතිරච්ඡානගතඋභතොබ්යඤ්ජනකානං පටිසන්ධිධම්මා විපාකන්තරායිකා නාම. අරියූපවාදධම්මා උපවාදන්තරායිකා නාම, තෙ පන යාව අරියෙ න ඛමාපෙන්ති, තාවදෙව, න තතො පරං. සඤ්චිච්ච වීතික්කන්තා සත්ත ආපත්තික්ඛන්ධා ආණාවීතික්කමන්තරායිකා නාම. තෙපි යාව භික්ඛුභාවං වා පටිජානාති, න වුට්ඨාති වා, න දෙසෙති වා, තාවදෙව, න තතො පරං.
එවම්මෙසුතං මේ අල ගද්දූපම සූත්‍රයයි. එහි ගිජුලිහිණියන් නැසුවේනුයි ‘ගද්ධබාධි’ නම් වේ. ගිජුලිහිණියන් නැසූ පෙර පුරුෂයෝ මේ අය වෙත්නුයි ‘ගද්ධබාධිපුබබ’ නම් වෙයි. ගද්ධබාධිපුබ්බස්ස ගිජුලිහිණියන් නසන කුලයෙහි උපන්නහුගේ යන අර්ථයි. සගමොක් සුවයන්ට අන්තරාය කෙරෙත්නුයි අන්තරායික නම් වෙයි. ඔව්හූ කම්ම- කිලෙස විපාක-උපවාද-ආණාවීතික්කම වශයෙන් පස්වැදෑරුම් වේ. ඔවුන් අතරෙහි පංච ආනන්තරිය කර්මයෝ කර්මාන්තරායික නම් වෙත්. භික්ෂුණි දූෂක කර්මය ද එසේයි. එහෙත් එය මෝක්ෂයටම අනතුරු කරයි. ස්වර්ගයට අනතුරක් නැත. නියත මිථ්‍යාදෘෂ්ටි ධර්මයෝ ක්ලේශ අන්තරායික නම් වේ. පණ්ඩක තිරශ්චීනගතික උභතෝඛ්යඤ්ජනක යන අයගේ ප්රතිසන්ධි ධර්මයෝ විපාක අන්තරායික වෙත්. ආර්යෝපවාද ධර්මයෝ උපවාද අන්තරායික වේ. ඔව්හූ වූ කලී යම්තාක් ආර්යයන් ක්ෂමා නොකරවත්ද ඒ තාක්ම වෙති. එයින් මත්තෙහි නොවෙති. දැන දැන ඉක්මවන සප්ත ආපත්ති ස්කන්ධයෝ ආඥා ව්යතික්රම අන්තරාය වෙති. (අණ ඉක්මවීමේ අනතුර) ඔව්හුද යම්තාක් භික්ෂුභාවය ප්‍රාර්ථනා කෙරේ ද (ඇවතින්) නො නැගිටි හෝ වේද? නො දෙසා හෝ වේද ඒ තාක්ම වෙති. එයින් මත්තෙහි නො වෙති.
තත්රායං භික්ඛු බහුස්සුතො ධම්මකථිකො සෙසන්තරායිකෙ ජානාති, විනයෙ පන අකොවිදත්තා පණ්ණත්තිවීතික්කමන්තරායිකෙ න ජානාති, තස්මා රහොගතො එවං චින්තෙසි – ඉමෙ ආගාරිකා පඤ්ච කාමගුණෙ පරිභුඤ්ජන්තා සොතාපන්නාපි සකදාගාමිනොපි අනාගාමිනොපි හොන්ති. භික්ඛූපි මනාපිකානි චක්ඛුවිඤ්ඤෙය්යානි රූපානි පස්සන්ති…පෙ… කායවිඤ්ඤෙය්යෙ ඵොට්ඨබ්බෙ ඵුසන්ති, මුදුකානි අත්ථරණපාවුරණාදීනි පරිභුඤ්ජන්ති, එතං සබ්බං වට්ටති. කස්මා ඉත්ථීනංයෙව රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා න වට්ටන්ති? එතෙපි වට්ටන්තීති. එවං රසෙන රසං සංසන්දෙත්වා සච්ඡන්දරාගපරිභොගඤ්ච නිච්ඡන්දරාගපරිභොගඤ්ච එකං කත්වා ථූලවාකෙහි සද්ධිං අතිසුඛුමසුත්තං උපනෙන්තො විය, සාසපෙන සද්ධිං සිනෙරුං උපසංහරන්තො විය, පාපකං දිට්ඨිගතං උප්පාදෙත්වා, “කිං භගවතා මහාසමුද්දං බන්ධන්තෙන විය මහතා උස්සාහෙන පඨමපාරාජිකං පඤ්ඤත්තං, නත්ථි එත්ථ දොසො”ති සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං පටිවිරුජ්ඣන්තො වෙසාරජ්ජඤාණං පටිබාහන්තො අරියමග්ගෙ ඛාණුකණ්ටකාදීනි පක්ඛිපන්තො මෙථුනධම්මෙ දොසො නත්ථීති ජිනස්ස ආණාචක්කෙ පහාරං අදාසි. තෙනාහ – “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමී”තිආදි.
එහි භික්ෂුව ඇසූ පිරූ තැන් ඇතියහ. ධර්ම කථිකයහ. සෙසු අන්තරායකර ධර්මයන් දනී. එහෙත් විනයෙහි අදක්ෂ බැවින් ව්‍යවහාරය පැණවීම ඉක්මවීමේ අන්තරායකර ධර්මයන් නොදනී. එහෙයින් රහසිගතව මෙසේ සිතයි. මේ ගිහියෝ පස්කම් සුව වළඳමින්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ග ඵලවල පැමිණෙත්. භික්ෂූහු මන වඩන්නා වූ රූපයෝ චක්ෂුර් විඥානයෙන් දකිති. කයින් විඳිය යුතු වූ ස්පර්ශයන් ස්පර්ශ කරති. මෘදු වූ සුවදායක වූ ඇතිරිලි ආදිය පරිහරණය කරති. මේ සියල්ල සුදුසුය. කවරහෙයින්ද ස්ත්රීන්ගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෝ පමණක් නුසුදුසුද නොවටිත්ද, මෙසේ වරද රහිත වූ ප්‍රත්‍ය පරිභෝග රසය ද, වරද සහිත වූ කාම පරිභෝගය ද එකක් කොට, ගොරෝසු රුක් පට්ටා සමග ඉතා සිනිඳු නූලක් සම කරන්නෙකු මෙන්, අබ ඇටයක් සමග මහමෙර සමාන කරන්නාක් මෙන් පාපී දෘෂ්ටියක් උපදවා ඇයි භාග්‍යවතුන් වහන්සේ මහා සමුද්‍රය බඳින්නෙකු මෙන් මහත් උත්සාහයෙන් ප්‍රථම පාරාජිකා පත්තිය පනවන ලද්දේද? මෙහි වරදක් නැත. සවඥතාඥානය සමග ප්‍රතිවිරුද්ධ වෙමින් වෛශාරද්‍ය ඥානය වලක්වමින් ආර්ය මාර්ගයේ කණු කටු ආදිය හෙලමින් මෙවුන්දම් සෙවීමෙහි දොසක් වරදක් නැතැයි ජිනයන් වහන්සේ ආඥා චක්‍රයෙහි පහර දුන්නේ ය. එහෙයින් කීහ. තථාහං භවෙතා ධමමං දෙසිතං අජානාමීති යනාදිය.
එවං බ්යා ඛොති එවං විය ඛො. සමනුයුඤ්ජන්තීතිආදීසු කිං ලද්ධිකො ත්වං, ලද්ධිං වදෙහීති පුච්ඡමානා සමනුයුඤ්ජන්ති නාම. දිට්ඨිං පතිට්ඨාපෙන්තා සමනුග්ගාහන්ති නාම. කෙන කාරණෙන එවං වදසීති කාරණං පුච්ඡන්තා සමනුභාසන්ති නාම. අට්ඨිකඞ්කලූපමාතිආදීසු (ම· නි· 2.42-48) අට්ඨිකඞ්කලූපමා අප්පස්සාදට්ඨෙන. මංසපෙසූපමා බහුසාධාරණට්ඨෙන. තිණුක්කූපමා අනුදහනට්ඨෙන. අඞ්ගාරකාසූපමා මහාභිතාපනට්ඨෙන. සුපිනකූපමා ඉත්තරපච්චුපට්ඨානට්ඨෙන. යාචිතකූපමා තාවකාලිකට්ඨෙන. රුක්ඛඵලූපමා සබ්බඞ්ගපච්චඞ්ගපලිභඤ්ජනට්ඨෙන. අසිසූනූපමා අධිකුට්ටනට්ඨෙන. සත්තිසූලූපමා විනිවිජ්ඣනට්ඨෙන. සප්පසිරූපමා සාසඞ්කසප්පටිභයට්ඨෙන. ථාමසාති දිට්ඨිථාමෙන. පරාමාසාති දිට්ඨිපරාමාසෙන. අභිනිවිස්ස වොහරතීති අධිට්ඨහිත්වා වොහරති දීපෙති වා.
එවං ව්යං ඛො එවං+විය ඛො එසේම සමනුයුඤ්ජන්ති ආදියෙහි කවර ලබ්ධියෙක්ද? ඔබ ලබ්ධිය කියනු මැනවැයි විචාරන්නාහු සමනුයුඤ්ජන්ති නම් වේ. ලබ්ධියෙහි පිහිටුවන්නේ, සමනුගාහන්ති යනුවෙන් කවර කාරණයකින් මෙසේ කියත්දැයි කරුණු විමසන්නේය. සමනුභාසන්ති නම් වේ. අට්ඨිකංඛලූපමා කාමා මද වූ රසවිඳීම් අර්ථයෙන් ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තේ, මංසපෙසූපමා බොහෝදෙනාට සාධාරණ අර්ථයෙන් මස් වැදැල්ලකට බඳු උපමා ඇත්තේ අංගාරකාසූපමා මහත් වූ අභිතාප අර්ථයෙන් අඟුරු වලකට බඳු උපමා ඇත්තේ, සුපිනකූපමා මද කලක් එළඹ සිටීම අර්ථයෙන් සිහිනයකට බඳු උපමා ඇත්තාහුය. යාචිතකූපමා තාවකාලික අර්ථයෙන් පිරුළුවකට බඳු උපමා ඇත්තාහුය. රුක්ඛඵලූපමා සියළු අගපසඟ බිඳීම් අර්ථයෙන් රුෂ්ඵල හා උපමා ඇත්තාහු, අසිසූනුපමා දංගෙඩිය - මස්ලොඹුව යන අර්ථයෙන් කඩුව හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහුය. සත්තිසුලූපමා විනිවිද යන අර්ථයෙන් සැත් හලකට බඳු උපමා ඇතියහ. සප්පසිරූපමා සැක සහිත බිය යන අර්ථයෙන් සර්ප හිසකට බඳු උපමා ඇතියහ. ථාමසා දෘෂ්ටි ශක්තියෙන්, පරාමාසා දෘෂ්ටිය ස්පර්ශ කිරීමෙන්, අභිනිවිසස වොහරති ඇතුළත්ව ව්‍යවහාර කෙරෙයි. ඇතුළත්ව දක්වයි.
යතො ඛො තෙ භික්ඛූති යදා තෙ භික්ඛූ. එවං බ්යා ඛො අහං, භන්තෙ, භගවතාති ඉදං එස අත්තනො අජ්ඣාසයෙන නත්ථීති වත්තුකාමොපි භගවතො ආනුභාවෙන සම්පටිච්ඡති, බුද්ධානං කිර සම්මුඛා ද්වෙ කථා කථෙතුං සමත්ථො නාම නත්ථි.
යතො ඛො තෙ භික්ඛු යම් කලෙක ඒ භික්ෂූහු, එවං ව්යා ඛො අහං භන්තෙ භගවතා මෙය මොහු තමන්ගේ අදහසක් නැතැයි කියනු කැමැත්තේ වුවද, භාග්‍යවතුන්ගේ ආනුභාවයෙන් පිළිගනී. බුදුන්වහන්සේ හමුයෙහි කථා දෙකක් කීමට සමර්ථ කෙනෙක් නැත.
කස්ස ඛො නාම ත්වං මොඝපුරිසාති ත්වං මොඝපුරිස කස්ස ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වා මයා එවං ධම්මං දෙසිතං ආජානාසි.
කස්ස ඛො නාම ත්වං මොස පුරිසා හිස් පුරුෂය, ඔබ මා විසින්, කවර ක්ෂත්රියයකුට - බ්‍රාහ්මණයකුට, වෛශ්‍යයකුට ශුද්රයෙකුට, ගිහියෙකුට හෝ පැවිද්දෙකුට මෙවැනි ධර්මයක් දේශනා කරන ලද්දේ යයි දන්නේද?
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසීති අයං පාටියෙක්කො අනුසන්ධි.
අථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි මෙය වෙනම ගැළපීමෙකි.
අරිට්ඨො කිර චින්තෙසි – “භගවා මං මොඝපුරිසොති වදති, න ඛො පන මොඝපුරිසාති වුත්තමත්තකෙන මග්ගඵලානං උපනිස්සයො න හොති. උපසෙනම්පි හි වඞ්ගන්තපුත්තං, ‘අතිලහුං ඛො ත්වං, මොඝපුරිස, බාහුල්ලාය ආවත්තො’ති (මහාව· 75) භගවා මොඝපුරිසවාදෙන ඔවදි. ථෙරො අපරභාගෙ ඝටෙන්තො වායමන්තො ඡ අභිඤ්ඤා සච්ඡාකාසි. අහම්පි තථාරූපං වීරියං පග්ගණ්හිත්‍වා මග්ගඵලානි නිබ්බත්තෙස්සාමී”ති. අථස්ස භගවා බන්ධනා පවුත්තස්ස පණ්ඩුපලාසස්ස විය අවිරුළ්හිභාවං දස්සෙන්තො ඉමං දෙසනං ආරභි.
අරිට්ඨතෙම මෙසේ සිතුවේල, භාග්‍යවතුන් වහන්සේ මට හිස් පුරුෂයා යයි කියයි. එහෙත් හිස් පුරුෂයා යයි කී පමණින් මාර්ග ඵලයන්ට හේතුසම්පත් නැතිවන්නේ නොවෙයි. වංගන්ත පුත්‍ර වූ උපසේන තෙරුන්ටද, අතිලහුං ඛො ත්වං මොඝපුරිස බාහුල්ලාය ආවත්තො යනුවෙන් හිස් පුරුෂය යි අමතා අවවාද කළේය. තෙරුන්වහන්සේ ඊට පසු මෑතකදී වෑයම් කරමින් ෂට් අභිඥා අවබෝධ කළේය. මම ද එසේ වීර්යය වඩා මාර්ගඵල උපදවන්නෙමි. එවිට භාග්‍යවතුන් වහන්සේ නටුවෙන් ගිලිහුණු පඬුවන් පැහැ ඇති ඉදුණු කොළයක් මෙන් සසුන්හි නොවැඩෙන බැව් දක්වමින් මෙම දේශනාව ඇරඹීය.
උස්මීකතොපීති, භික්ඛවෙ, තුම්හෙ කින්ති මඤ්ඤථ, අයං අරිට්ඨො එවංලද්ධිකො සබ්බඤ්ඤුතඤ්ඤාණෙන පටිවිරුජ්ඣිත්වා වෙසාරජ්ජඤාණං පටිබාහිත්වා තථාගතස්ස ආණාචක්කෙ පහාරං දදමානො අපි නු ඉමස්මිං ධම්මවිනයෙ උස්මීකතොපි? යථා නිබ්බුතෙපි මහන්තෙ අග්ගික්ඛන්ධෙ ඛජ්ජුපනකමත්තාපි අග්ගිපපටිකා හොතියෙව, යං නිස්සාය පුන මහාඅග්ගික්ඛන්ධො භවෙය්ය. කිං නු ඛො එවං ඉමස්ස අප්පමත්තිකාපි ඤාණුස්මා අත්ථි, යං නිස්සාය වායමන්තො මග්ගඵලානි නිබ්බත්තෙය්යාති? නො හෙතං, භන්තෙති, භන්තෙ, එවංලද්ධිකස්ස කුතො එවරූපා ඤාණුස්මාති? මග්ගඵලානං පච්චයසමත්ථාය ඤාණුස්මාය උස්මීකතභාවං පටික්ඛිපන්තා වදන්ති. මඞ්කුභූතොති නිත්තෙජභූතො. පත්තක්ඛන්ධොති පතිතක්ඛන්ධො. අප්පටිභානොති කිඤ්චි පටිභානං අපස්සන්තො භින්නපටිභානො එවරූපම්පි නාම නිය්යානිකසාසනං ලභිත්වා අවිරුළ්හිධම්මො කිරම්හි සමුග්ඝාතිතපච්චයො ජාතොති අත්තනො අභබ්බතං පච්චවෙක්ඛන්තො පාදඞ්ගුට්ඨකෙන භූමිං ඛණමානො නිසීදි.
උස්මීකතො මහණෙනි, ඔබලා කුමක් සිතන්නහුද? මේ අරිට්ඨ තෙමේ මෙබඳු ලබ්ධි ඇත්තේ සර්වඥතාඥානය හා ප්රතිවිරුද්ධව වෛශාරද්‍ය ඥානය වළක්වා තථාගතයන්ගේ ආඥා චක්‍රයෙහි පහර දෙමින් මේ ශාසනයෙහි උණුසුම් කරන ලද්දේ වේද? යම්සේ මහත් වූ ගිනිකඳක් නිවීගිය කල්හි, යළි මහා ගිනිකඳක් වන්නේද? කලාමැදිරියෙකු පමණ වූ ගිනි පුපුරක් වේ මැයි, එපරිද්දෙන් මොහුට ඉතාම සුළු වූ යම් නුවණක් නිසා වෑයම් කරන්නේ මගපල උපදවන්නේ ද එබඳු මද පමණ වූත් ඤාණයක් ඇත්ද? නො හෙතං භන්තෙ ස්වාමීනි, මෙබඳු ලබ්ධි ඇත්තෙකුට ඤාණෝස්මයක් කොයින්ද? මාර්ග ඵලයන්ට ප්රත්යවීමට සමර්ථ වූ ඥානෝස්මයෙන් උණුසුම් කළ බැව් ප්‍රතික්ෂේප කරමින් කියත්. මංකුභූතො තෙද රහිත වූයේ, පත්තක්ඛන්ධො පහතට හෙලූ කඳ ඇති, අප්පටිභානො කිසිදු වැටහීමක් නොදක්නේ, සුන් වූ වැටහීම් ඇත්තේ, මෙබඳු වූ නෛර්යාණික ශාසනයක් ලැබ නොවැඩෙන ස්වභාව ඇත්තෙමි වූයෙම්ල, නසන ලද ප්‍රත්‍ය ඇත්තෙමි වීම්ල, තමන්ගේ නුසුදුසු බව සිහිකල්පනා කරමින් පයෙහි ඇගිලිවලින් බිම සාරමින් හුන්නේය.
පඤ්ඤායිස්සසි ඛොති අයම්පි පාටියෙක්කො අනුසන්ධි. අරිට්ඨො කිර චින්තෙසි – “භගවා මය්හං මග්ගඵලානං උපනිස්සයො පච්ඡින්නොති වදති, න ඛො පන බුද්ධා සඋපනිස්සයානංයෙව ධම්මං දෙසෙන්ති, අනුපනිස්සයානම්පි දෙසෙන්ති, අහං සත්ථු සන්තිකා සුගතොවාදං ලභිත්වා අත්තනො සම්පත්තූපගං කුසලං කරිස්සාමී”ති. අථස්ස භගවා ඔවාදං පටිපස්සම්භෙන්තො “පඤ්ඤායිස්සසී”තිආදිමාහ. තස්සත්ථො, ත්වංයෙව, මොඝපුරිස, ඉමිනා පාපකෙන දිට්ඨිගතෙන නිරයාදීසු පඤ්ඤායිස්සසි, මම සන්තිකා තුය්හං සුගතොවාදො නාම නත්ථි, න මෙ තයා අත්ථො, ඉධාහං භික්ඛූ පටිපුච්ඡිස්සාමීති.
පඤ්ඤායිස්සසි මෙයද වෙනම ගැළපීමෙකි. අරිට්ඨ තෙම මෙසේ සිතුවේල. භාග්‍යවතුන් වහන්සේ මගේ මාර්ගඵලයන්ට හේතු සම්පත් පසිඳුනා ලදැයි කියති. එහෙත් බුදුවරු දහම් දෙසන්නේ හේතුසම්පත් ඇති අයට පමණක්ම නොවේ. හේතුසම්පත් නැති අයටද දහම් දෙසති. මම ශාස්තෲන් වහන්සේ සමීපයෙන් බුද්ධාවවාද ලැබ තමාගේ සම්පත්තියට පැමිණෙන කුසලයක් කරන්නෙමි. ඉක්බිති, ශාස්තෲන් වහන්සේ ඔහුට අවවාද දීම ප්‍රතික්ෂේප කරන්නේ පඤ්ඤායිස්සසි යනාදිය වදාළහ. හිස්පුරුෂය, තෙපිම මේ පාපකෙන දිට්ඨිගතෙන පාපී වූ ලාමක වූ දෘෂ්ටිය නිසා නිරයාදියෙහි (පැනෙන්නෙහි) දුක් විඳින්නෙහි. මා සමීපයේ තොපට බුද්ධාවවාදයක් නම් නැත. මට තොපගෙන් වැඩක් නැත. අර්ථයක් නැත. ඉධාහං භික්ඛු පටිපුච්ඡස්සාමි මම මේ පිළිබඳව භික්ෂූන්ගෙන් නැවත විචාරන්නෙමි.
අථ ඛො භගවාති අයම්පි පාටියෙක්කො අනුසන්ධි. ඉමස්මිඤ්හි ඨානෙ භගවා පරිසං සොධෙති, අරිට්ඨං ගණතො නිස්සාරෙති. සචෙ හි පරිසගතානං කස්සචි එවං භවෙය්ය – “අයං අරිට්ඨො භගවතා අකථිතං කථෙතුං කිං සක්ඛිස්සති, කච්චි නු ඛො පරිසමජ්ඣෙ භගවතා කථාය සමාරද්ධාය සහසා කථිත”න්ති. එවං කථිතං පන න අරිට්ඨොව සුණාති, අඤ්ඤෙනපි සුතං භවිස්සති. අථාපිස්ස සියා “යථා සත්ථා අරිට්ඨං නිග්ගණ්හාති, මම්පි එවං නිග්ගණ්හෙය්යාති සුත්වාපි තුණ්හීභාවං ආපජ්ජෙය්යා”ති. “තං සබ්බං න කරිස්සන්තී”ති. මයාපි න කථිතං, අඤ්ඤෙන සුතම්පි නත්ථීති “තුම්හෙපිමෙ, භික්ඛවෙ”තිආදිනා පරිසාය ලද්ධිං සොධෙති. පරිසාය පන ලද්ධිසොධනෙනෙව අරිට්ඨො ගණතො නිස්සාරිතො නාම හොති.
අථඛො භගවා මෙය ද වෙනම ගැලපීමෙකි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පිරිස පිරිසිදු කරන සේක. අරිට්ඨ මහණ ගණයෙන් බැහැර කරන සේක. ඉදින් පිරිසෙහි සිටිය අය අතරින් කිසිවකුට මෙවැනි සිතක් උපදින්නේද? මේ අරිට්ඨ භාග්‍යවතුන් විසින් නොකියන ලද්දක් කියන්නට කෙසේ පුළුවන් වන්නේද? පිරිස් මැද භාග්‍යවතුන් වහන්සේ කථාව පටන්ගත් කල්හි වහා කියන ලද්දේ ද කියායි. මෙසේ කියන ලද අරිට්ඨ තෙමේම නො අසයි. අනෙක් අය විසින් ද අසන ලද්දේය. ශාස්තෲන් වහන්සේ අරිට්ඨ මහණ නිග්‍රහ කෙරේද එපරිද්දෙන්ම මට ද නිග්‍රහ කරන සේක. මෙසේ අසාත් නිහඬ බවට පැමිණෙන්නේ ය. ඒ සියල්ල නො කරන්නාහුය. මා විසින් ද නො කියන ලද්දක් අන්‍යයන් විසින්ද අසන ලද්දේ නැතැයි තුම්හෙපි මෙ භික්ඛවෙ ආදී වශයෙන් පිරිසෙහි ලබ්ධිය නිරවුල් කරන සේක. මෙසේ පිරිසෙහි ලබ්ධිය නිරවුල්, නිවැරදි කිරීමෙන්ම අරිට්ඨ භික්ෂුව සමූහයෙන් බැහැර කරන ලද්දේ වේ.
ඉදානි අරිට්ඨස්ස ලද්ධිං පකාසෙන්තො සො වත, භික්ඛවෙතිආදිමාහ. තත්ථ අඤ්ඤත්රෙව කාමෙහීතිආදීසු යො සො, භික්ඛවෙ, භික්ඛු “තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති එවංලද්ධිකො, සො වත කිලෙසකාමෙහි චෙව කිලෙසකාමසම්පයුත්තෙහි සඤ්ඤාවිතක්කෙහි ච අඤ්ඤත්ර, එතෙ ධම්මෙ පහාය, විනා එතෙහි ධම්මෙහි, වත්ථුකාමෙ පටිසෙවිස්සති, මෙථුනසමාචාරං සමාචරිස්සතීති නෙතං ඨානං විජ්ජති. ඉදං කාරණං නාම නත්ථි, අට්ඨානමෙතං අනවකාසොති.
දැන් අරිට්ඨගේ ලබ්ධිය ප්‍රකාශ කරන සේක් සො වත භික්ඛවෙ යනාදිය කීහ. එහි අඤ්ඤත්රෙව කාමෙහි යනාදියෙහි මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක්, ‘අනතරාය කරහ’යි කියන ලද ධර්මයන් සේවනය කරන්නාට, එම ධර්මයන් ස්වර්ගමෝක්ෂ සම්පත්තියට අන්තරාය පිණිස හේතු නොවේයයි මතවාදයක් පිලිගැනීමක් ඇත්තේ ද? හෙතෙම ඒකාන්තයෙන් ක්ලේශ කාමයන්ගෙන් ද, ක්ලේශකාම සම්ප්‍රයුක්ත සඤ්ඤා විතර්කයන්ගෙන්ද, වෙන්ව මේ ධර්මයන් හැර මේ ධර්මයන්ගෙන් වෙන්ව වස්තුකාමයන් සේවනය කරන්නේය. මෛථුන සමාචාරයෙහි හැසිරෙන්නේය. නෙතං ඨානං විජ්ජති මේ කාරණය නම් නැත. මෙය කරුණු රහිතය. අනවකාශය,
එවං භගවා අයං අරිට්ඨො යථා නාම රජකො සුගන්ධානිපි දුග්ගන්ධානිපි ජිණ්ණානිපි නවානිපි සුද්ධානිපි අසුද්ධානිපි වත්ථානි එකතො භණ්ඩිකං කරොති, එවමෙව භික්ඛූනං නිච්ඡන්දරාගපණීතචීවරාදිපරිභොගඤ්ච අනිබද්ධසීලානං ගහට්ඨානං අන්තරායකරං සච්ඡන්දරාගපරිභොගඤ්ච නිබද්ධසීලානං භික්ඛූනං ආවරණකරං සච්ඡන්දරාගපරිභොගඤ්ච සබ්බං එකසදිසං කරොතීති අරිට්ඨස්ස ලද්ධිං පකාසෙත්වා ඉදානි දුග්ගහිතාය පරියත්තියා දොසං දස්සෙන්තො ඉධ, භික්ඛවෙ, එකච්චෙතිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, යම්සේ රෙදි සෝදන්නෙක් සුවඳ වූද, දුගඳ වූද, පරණ වූද, අලුත් වූද, පිරිසිදු වූද, අපිරිසිදු වූද, රෙදි සියල්ල එක්කොට පොදියක් කෙරේද? එපරිද්දෙන් භික්ෂූන්ගේ අහිතකර ආශාවක් වන ප්‍රණීත චීවරාදීන්ගේ පරිභෝගයද, නිබඳ සිල් නැත්තවුන්ට අන්තරායකර වූ සච්ඡන්ද රාග පරිභෝගයද නිබඳ සිල් ඇති භික්ෂූන්ට ආවරණය කරවූ සච්ඡන්දරාග පරිභෝගය ද, සියල්ල එක සමාන කෙරේයයි අරිෂ්ඨගේ මතවාදය ප්‍රකාශකොට, අනතුරුව වරදවා ගන්නා ලද පර්යාප්ති දෝෂය දක්වන සේක් ඉධ භික්ඛවෙ එකච්ච යනාදිය වදාළහ.
තත්ථ පරියාපුණන්තීති උග්ගණ්හන්ති. සුත්තන්තිආදීසු උභතොවිභඞ්ගනිද්දෙසඛන්ධකපරිවාරා, සුත්තනිපාතෙ මඞ්ගලසුත්තරතනසුත්තනාලකසුආතුවට්ටකසුත්තානි, අඤ්ඤම්පි ච සුත්තනාමකං තථාගතවචනං සුත්තන්ති වෙදිතබ්බං. සබ්බම්පි සගාථකං සුත්තං ගෙය්යන්ති වෙදිතබ්බං, විසෙසෙන සංයුත්තකෙ සකලොපි සගාථාවග්ගො. සකලං අභිධම්මපිටකං, නිග්ගාථකං සුත්තං, යඤ්ච අඤ්ඤම්පි අට්ඨහි අඞ්ගෙහි අසඞ්ගහිතං බුද්ධවචනං, තං වෙය්යාකරණන්ති වෙදිතබ්බං. ධම්මපදං, ථෙරගාථා, ථෙරිගාථා, සුත්තනිපාතෙ නොසුත්තනාමිකා සුද්ධිකගාථා ච ගාථාති වෙදිතබ්බා. සොමනස්සඤාණමයිකගාථාපටිසංයුත්තා ද්වෙඅසීතිසුත්තන්තා උදානන්ති වෙදිතබ්බා. “වුත්තඤ්හෙතං භගවතා”තිආදිනයප්පවත්තා (ඉතිවු· 1,2) දසුත්තරසතසුත්තන්තා ඉතිවුත්තකන්ති වෙදිතබ්බා. අපණ්ණකජාතකාදීනි පණ්ණාසාධිකානි පඤ්චජාතකසතානි ජාතකන්ති වෙදිතබ්බානි. “චත්තාරොමෙ, භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ”තිආදිනයප්පවත්තා (අ· නි· 4.129) සබ්බෙපි අච්ඡරියඅබ්භුතධම්මප්පටිසංයුත්තා සුත්තන්තා අබ්භුතධම්මන්ති වෙදිතබ්බා. චූළවෙදල්ලමහාවෙදල්ලසම්මාදිට්ඨිසක්කපඤ්හසඞ්ඛාරභාජනියමහාපුණ්ණමසුත්තාදයො සබ්බෙපි වෙදඤ්ච තුට්ඨිඤ්ච ලද්ධා ලද්ධා පුච්ඡිතසුත්තන්තා වෙදල්ලන්ති වෙදිතබ්බා.
එහි පරියාපුණන්ත උගනිත්. සුත්තං යනාදියෙහි උභතො විභංග නිද්දේස - ඛන්ධක - පරිවාරයෝ ද, සුත්ත නිපාතයෙහි මංගල සූත්‍රය, රතන සූත්‍රය, නාලක සූත්‍රය, තුවටක සූත්‍රයෝ ද අන්‍ය වූ සූත්‍ර නාමය ඇති තථාගත වචනය ද, සුත්ත යයි දතයුතු. සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්ය යයි දතයුතු. විශේෂයෙන් සංයුක්ත නිකායෙහි සියලුම සගාථක වර්ගයයි. සියළු අභිධර්ම පිටකය ද, ගාථා රහිත සූත්‍රද, අෂ්ඨාංගයෙන් සංග්‍රහ නොකරන ලද අන්‍ය වූත් යම් බුද්ධ වචනයක් වේනම් එයද වෙය්‍යාකරණ යයි දතයුතු. ධම්මපද, ථෙරගාථා, ථෙරිගාථා ද සූත්‍ර නිපාතයෙහි සූත්‍ර නාමය නොලත්, සුද්ධික ගාථාද ගාථා යයි දත යුත්තීය. සොම්නස් සහගත නුවණින් වදාළ ගාථා ප්‍රතිසංයුක්ත වූ ද අසූවක් සූත්‍රාන්තයෝ උදාන යයි දතයුතුය. වුත්තමිදං භගවතා යනාදී නයින් දසාධික සූත්‍රාන්ත සියය ඉතිවුත්තක යයි දතයුත්තාහ. අපණ්ණක ජාතකය ආදිකොට ඇති පන්සියපනසක් අධික කොට ඇති ජාතක ජාතක නමැයි දතයුත්තාහ. චත්තාරො මෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූත ධම්මා ආතංන්දො යනාදි නයින් පැවති ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුත්ත වූ සූත්‍රාන්තයෝ අබ්භූතධම්ම යයි දතයුතුය. චුල්ලවේදල්ල මහාවේදල්ල සම්මාදිට්ඨි සක්කපඤ්හ, සංඛාර භාජනීය, මහා පුණ්ණම සූත්‍රාදිය නුවණ ද සතුට ද ලබමින් විමසන ලද සූත්‍රාන්තයෝ වෙදල්ල යයි දතයුතු.
අත්ථං න උපපරික්ඛන්තීති අත්ථත්ථං කාරණත්ථං න පස්සන්ති න පරිග්ගණ්හන්ති. අනුපපරික්ඛතන්ති අනුපපරික්ඛන්තානං. න නිජ්ඣානං ඛමන්තීති න උපට්ඨහන්ති න ආපාථං ආගච්ඡන්ති, ඉමස්මිං ඨානෙ සීලං සමාධි විපස්සනා මග්ගො ඵලං වට්ටං විවට්ටං කථිතන්ති එවං ජානිතුං න සක්කා හොන්තීති අත්ථො. තෙ උපාරම්භානිසංසා චෙවාති තෙ පරෙසං වාදෙ දොසාරොපනානිසංසා හුත්වා පරියාපුණන්තීති අත්ථො. ඉතිවාදප්පමොක්ඛානිසංසා චාති එවං වාදපමොක්ඛානිසංසා, පරෙහි සකවාදෙ දොසෙ ආරොපිතෙ තං දොසං එවං මොචෙස්සාමාති ඉමිනාව කාරණෙන පරියාපුණන්තීති අත්ථො. තඤ්චස්ස අත්ථං නානුභොන්තීති යස්ස ච මග්ගස්ස වා ඵලස්ස වා අත්ථාය කුලපුත්තා ධම්මං පරියාපුණන්ති, තඤ්චස්ස ධම්මස්ස අත්ථං එතෙ දුග්ගහිතග්ගාහිනො නානුභොන්ති. අපිච පරස්ස වාදෙ උපාරම්භං ආරොපෙතුං අත්තනො වාදං මොචෙතුං අසක්කොන්තාපි තඤ්ච අත්ථං නානුභොන්තියෙව.
අත්ථ නං උප පරික්ඛන්ති ප්‍රයෝජන ලැබෙන අර්ථය කාරණාර්ථය. තුලනය නොකරති. නොවිමසති. අනුපරික්ඛතං නො විමසන්නවුන්ට නිජ්ඣානං ඛමන්ති නොවැටහෙත්, ඇස් හමුවට නො පැමිණෙත්. මෙතැන්හී සීලය, සමාධිය, විදර්ශනාවය, මාර්ගය, ඵලය, වෘත්තය, විවෘත්තය හෝ කියන ලදැයි දැනගන්නට හෝ නොහැකි වේය යන අදහසයි. තෙ උපාරම්භානිසංසාචෙවා යනු ඔහුගේ අනුන්ගේ වාදයෙහි දෝෂාරෝපණය අනුසස් කොට ඇත්තාහූ වැ ප්‍රගුණ කෙරෙත් යන අර්ථයි. ඉති වාදප්ප මොක්ඛානි සරසාච මෙසේ තමන්ගේ වාදයෙහි දොෂාරෝපණයෙන් මිදීම අනුසස්කොට ඇත්තාහූවැ අන්‍යයන් විසින් ස්ව වාදයෙහි දොස් නැගූ කල්හී ඒ දෝෂය මෙසේත් මෙසේත් මුදන්නෙමුයි යන මේ කාරණයෙන් ප්‍රගුණ කෙරෙත් යන අර්ථයි. තඤ්චස්ස අත්ථං නානු භොන්ති යම් මාර්ගයක් හෝ ඵලයක් සඳහා කුලපුත්‍රයෝ ධර්මය පුහුණු කරත්ද, ඒ ධර්මයේ අර්ථය වරදවා ගන්නාහු නොවෙති. නැවතද පරවාදයෙහි දොස් නගන්නට, ස්වකීය වාදයෙන් මුදන්නට නොහැකි වන්නාහුද ඒ අර්ථය නො ලබත්.
අලගද්දත්ථිකොති ආසිවිසඅත්ථිකො. ගදොති හි විසස්ස නාමං, තං තස්ස අලං පරිපුණ්ණං අත්ථීති අලගද්දො. භොගෙති සරීරෙ. ඉධ පන, භික්ඛවෙ, එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්තීති නිත්ථරණපරියත්තිවසෙන උග්ගණ්හන්ති. තිස්සො හි පරියත්තියො අලගද්දපරියත්ති නිත්ථරණපරියත්ති භණ්ඩාගාරිකපරියත්තීති.
අලගද්දත්ථිකො යනු සර්පයෙකු කැමති වූයේ ගදො යනු විසට නමකි. එය ඔහුට සම්පූර්ණයෙන් ඇත්තේනුයි, විසෙන් යුක්ත වෙයි යන අරුතින් අලගද්දො අලගද්ද නම් වේ. භොගෙ ශරීරයෙහි. ඉධපන භික්ඛවෙ එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති එතෙරවීම් වශයෙන් පර්යාප්තිය උගනිත්. පර්යාප්ති තුනෙකි. අලගද්ද පරියත්ති නිත්ථරණ පරියත්ති භණ්ඩාගාරික පරියත්ති යනුවෙනි.
තත්ථ යො බුද්ධවචනං උග්ගහෙත්වා එවං චීවරාදීනි වා ලභිස්සාමි, චතුපරිසමජ්ඣෙ වා මං ජානිස්සන්තීති ලාභසක්කාරහෙතු පරියාපුණාති, තස්ස සා පරියත්ති අලගද්දපරියත්ති නාම. එවං පරියාපුණතො හි බුද්ධවචනං අපරියාපුණිත්වා නිද්දොක්කමනං වරතරං.
එහි යම්කිසිවෙක් සිවුරු ආදිය ලබාගැනීමේ අදහසින් ද සිව්පිරිස් මැද කැපී පෙනීමේ අදහසින් ද, ලාභසත්කාර ලැබීමෙන් අදහසින් ද, බුද්ධ වචනය උගන්නේ නම් ඒ ‘අලගද්ද පරියත්ති’ නමි. මෙසේ බුද්ධ වචනය පුහුණු කිරීමට වඩා පුහුණු නොකොට නින්දට යාම ඉතා උතුම් වේ.
යො පන බුද්ධවචනං උග්ගණ්හිත්වා සීලස්ස ආගතට්ඨානෙ සීලං පූරෙත්වා සමාධිස්ස ආගතට්ඨානෙ සමාධිගබ්භං ගණ්හාපෙත්වා විපස්සනාය ආගතට්ඨානෙ විපස්සනං පට්ඨපෙත්වා මග්ගඵලානං ආගතට්ඨානෙ මග්ගං භාවෙස්සාමි ඵලං සච්ඡිකරිස්සාමීති උග්ගණ්හාති, තස්ස සා පරියත්ති නිත්ථරණපරියත්ති නාම හොති.
යම් කෙනෙක් බුද්ධ වචනය උගෙන, සීලය පැමිණි තන්හි සිල් පුරා, සමාධිය පැමිණි තන්හි සමාධියට සමවැදී, විදර්ශනාව පැමිණි තන්හි විදර්ශනා වඩා, මාර්ගඵලයන් පැමිණි තන්හි මාර්ගය වඩන්නෙමි. ඵලය ප්රත්යක්ෂ කරන්නෙමියි බුද්ධ වචනය උගනී ද, ඔහුගේ එම පර්යාප්තිය නිත්ථරණ පර්යාප්තිය වේ.
ඛීණාසවස්ස පන පරියත්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති නාම. තස්ස හි අපරිඤ්ඤාතං අප්පහීනං අභාවිතං අසච්ඡිකතං වා නත්ථි. සො හි පරිඤ්ඤාතක්ඛන්ධො පහීනකිලෙසො භාවිතමග්ගො සච්ඡිකතඵලො, තස්මා බුද්ධවචනං පරියාපුණන්තො තන්තිධාරකො පවෙණිපාලකො වංසානුරක්ඛකොව හුත්වා උග්ගණ්හාති. ඉතිස්ස සා පරියත්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති නාම හොති.
ක්ෂීණාශ්රවයාගේ පරියාප්තිය වනාහි භාණ්ඩාගාරික පර්යාප්ති නම් වේ. ඔහු විසින් පරිඥානය නො කළ, ප්‍රහීණ නොකළ, අභාවිත වූ ප්රත්යක්ෂ නොකළ ඵලයෙක් නැත. යම්හෙයකින් හෙතෙම පරිඥානය කළ ස්කන්ධ ඇත්තේ ද, ප්‍රහීණ කළ කෙලෙස් ඇත්තේද වැඩූ මාර්ගය ඇත්තේද ප්රත්යක්ෂ කළ ඵලය ඇත්තේද එහෙයින් බුදු වදන් පුහුණු කරන්නේ පාලිය රකින්නේ ප්‍රවේණිය, පාලනය කරන්නේ වංශය රකින්නෙක්ම වී උගනියි. මෙසේ ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේ.
යො පන පුථුජ්ජනො ඡාතභයාදීසු ගන්ථධරෙසු එකස්මිං ඨානෙ වසිතුං අසක්කොන්තෙසු සයං භික්ඛාචාරෙන අකිලමමානො අතිමධුරං බුද්ධවචනං මා නස්සතු, තන්තිං ධාරෙස්සාමි, වංසං ඨපෙස්සාමි, පවෙණිං පාලෙස්සාමීති පරියාපුණාති, තස්ස පරියත්ති භණ‍්ඩාගාරිකපරියත‍්ති හොති, න හොතීති? න හොති. කස්මා? න අත්තනො ඨානෙ ඨත්වා පරියාපුතත්තා. පුථුජ්ජනස්ස හි පරියත්ති නාම අලගද්දා වා හොති නිත්ථරණා වා, සත්තන්නං සෙක්ඛානං නිත්ථරණාව, ඛීණාසවස්ස භණ්ඩාගාරිකපරියත්තියෙව. ඉමස්මිං පන ඨානෙ නිත්ථරණපරියත්ති අධිප්පෙතා.
යම්කිසි පෘථග්ජනයෙක් සාගින්න හා බිය ඇති කල්හි ග්රන්ථධාරීව එකතැනක විසීමට අපහසු වන්නේ තෙමේ (භික්ෂාචාරයෙන්) පිණ්ඩපාතයෙන් අතිශයින් ක්ලාන්ත වෙමින් ඉතා මිහිරි වූ බුද්ධවචනය නොනසීවා. පරම්පරාව දරන්නෙමි. වංසය තබන්නෙමි. ප්‍රවේණිය පාලනය කරන්නෙමි. පුහුණු කරන්නේ ද ඔහුගේ පර්යාප්තිය භාණ්ඩාගාරික පරියාප්තිය වේද නොවේද? නොවෙයි කුමක් හෙයින් ද ස්වකීය ස්ථානයෙහි නොසිට පුහුණු කළ හෙයිනි. පෘථග්ජනයාගේ පර්යාප්තිය නම් ‘අලගද්දා’ හෝ ‘නිත්ථරණ’ නම් වෙයි. සප්ත ශෛක්ෂයන්ගේ පර්යාප්තිය ‘නිත්ථරණ’ මය. ක්ෂීණාශ්රවයාගේ භාණ්ඩාගාරික පර්යාප්තියමැයි. මෙතන්හි නිත්ථරණ පරියාප්තිය අදහස් කරයි.
නිජ්ඣානං ඛමන්තීති සීලාදීනං ආගතට්ඨානෙසු ඉධ සීලං කථිතං, ඉධ සමාධි, ඉධ විපස්සනා, ඉධ මග්ගො, ඉධ ඵලං, ඉධ වට්ටං, ඉධ විවට්ටන්ති ආපාථං ආගච්ඡන්ති. තඤ්චස්ස අත්ථං අනුභොන්තීති යෙසං මග්ගඵලානං අත්ථාය පරියාපුණන්ති. සුග්ගහිතපරියත්තිං නිස්සාය මග්ගං භාවෙත්වා ඵලං සච්ඡිකරොන්තා තඤ්චස්ස ධම්මස්ස අත්ථං අනුභවන්ති. පරවාදෙ උපාරම්භං ආරොපෙතුං සක්කොන්තාපි සකවාදෙ ආරොපිතං දොසං ඉච්ඡිතිච්ඡිතට්ඨානං ගහෙත්වා මොචෙතුං සක්කොන්තාපි අනුභොන්තියෙව. දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්තීති සීලාදීනං ආගතට්ඨානෙ සීලාදීනි පූරෙන්තානම්පි, පරෙසං වාදෙ සහධම්මෙන උපාරම්භං ආරොපෙන්තානම්පි, සකවාදතො දොසං හරන්තානම්පි, අරහත්තං පත්වා පරිසමජ්ඣෙ ධම්මං දෙසෙත්වා ධම්මදෙසනාය පසන්නෙහි උපනීතෙ චත්තාරො පච්චයෙ පරිභුඤ්ජන්තානම්පි දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති.
නිජ්ඣාවං ඛමන්තීති ශීලාදිය ආ තැන්හි මෙහි ශීලය කියන ලදී. මෙහි සමාධිය මෙහි විදර්ශනාය, මෙහි මාර්ගය - මෙහි ඵලය මෙහි වෘත්තය, මෙහි විවෘත්තය, මිථ්‍යා මාර්ගයට පැමිණෙත්. තඤ්චස්ස අත්ථං අනුභොන්තී යම් මාර්ග ඵලයන් සඳහා ප්‍රගුණ කෙරෙත්ද, මනාකොට ගන්නා ලද පර්යාප්තිය නිසා මාර්ගය වඩා ඵලය ප්රත්යක්ෂ කරන්නාහූ ඒ ධර්මයේ ප්‍රයෝජනය ලබත්ද? අනුන්ගේ දොස් පෙන්වා දෙන්නට හැකිවන්නේද, තමන්ගේ වාදයට ආරෝපණය කළ දෝෂය කැමති කැමති තැනකින්, නිවැරදි කරන්නට මුදවන්නට හැකිවන්නේද ඒ ප්‍රයෝජනය ලබත්මයි. දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති ශීලාදිය ආ තැන්හි ශීලාදිය පුරන්නවුන්ට ද, අන්‍යයන්ගේ වාදයෙහි කරුණු සහිතව දොස් නගන්නවුන්ට ද ස්වකීය වාදයෙන් දෝෂය බැහැර කරන්නවුන්ට ද, රහත්බවට පැමිණ පිරිස් මැද දහම් දෙසා, ධර්ම ශ්‍රවණයෙන් සතුටු වූවන් විසින් එළවූ සිව්පසය වළඳන්නවුන්ට ද, දිගුකලක් හිතසුව පිණිස පවතිත්.
එවං සුග්ගහිතෙ බුද්ධවචනෙ ආනිසංසං දස්සෙත්වා ඉදානි තත්ථෙව නියොජෙන්තො තස්මා තිහ, භික්ඛවෙතිආදිමාහ. තත්ථ තස්මාති යස්මා දුග්ගහිතපරියත්ති දුග්ගහිතඅලගද්දො විය දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තති, සුග්ගහිතපරියත්ති සුග්ගහිතඅලගද්දො විය දීඝරත්තං හිතාය සුඛාය සංවත්තති, තස්මාති අත්ථො. තථා නං ධාරෙය්යාථාති තථෙව නං ධාරෙය්යාථ, තෙනෙව අත්ථෙන ගණ්හෙය්යාථ. යෙ වා පනාස්සු වියත්තා භික්ඛූති යෙ වා පන අඤ්ඤෙ සාරිපුත්තමොග්ගල්ලානමහාකස්සපමහාකච්චානාදිකා බ්යත්තා පණ්ඩිතා භික්ඛූ අස්සු, තෙ පුච්ඡිතබ්බා. අරිට්ඨෙන විය පන මම සාසනෙ න කලලං වා කචවරං වා පක්ඛිපිතබ්බං.
මෙසේ මනාකොට උගන්නා ලද බුද්ධ වචනයෙහි අනුසස් දක්වා එහිම යොදවන්නේ තස්මාතිහ භික්ඛවෙ යනාදිය වදාළහ. එහි තස්මා යම්හෙයකින් වරදවා ගත්තා වූ පර්යාප්තිය වරදවා ගත් සර්පයෙකු මෙන් දිගුකලක් අහිත පිණිස දුක් පිණිස පවතී යන අර්ථයි. තථානං ධාරෙය්යාථ එසේම එය දරන්නහුය. ඒ අර්ථයෙන්ම ගන්නාහුය. යෙ වා පනස්ස ව්යත්තා භික්ඛූ අන්‍ය වූ සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, කච්චායන ආදී ව්‍යක්ත වූද ප්‍රඥාවන්ත වූද භික්ෂූන්ගෙන් විමසිය යුතුය. මගේ ශාසනයෙහි අරිට්ඨ භික්ෂුව මෙන් මඩ හෝ කසළ නොදැමිය යුතුය. නොබහාළිය යුතුය.
කුල්ලූපමන්ති කුල්ලසදිසං. නිත්ථරණත්ථායාති චතුරොඝනිත්ථරණත්ථාය. උදකණ්ණවන්ති යඤ්හි උදකං ගම්භීරං න පුථුලං. පුථුලං වා පන න ගම්භීරං, න තං අණ්ණවොති වුච්චති. යං පන ගම්භීරඤ්චෙව පුථුලඤ්ච, තං අණ්ණවොති වුච්චති.
කුලලූපමං පසුරක් සමානකොට, නිත්ථරණත්ථාය චතුරෝඝයෙන් එතෙරවීම පිණිස උදකණ්ණවං යම් ජලයක් වනාහි ගැඹුරුද පුළුල් නොවේද නැතිනම් පුළුල් ද ගැඹුරු නොවේ ද එය අර්ණවයයි කියනු නොලැබේ. යම් ජලයක් ගැඹුරුත් වේද, පුළුලුත් වේද, එය අර්ණවයයි කියනු ලැබේ.
තස්මා මහන්තං උදකණ්ණවන්ති මහන්තං පුථුලං ගම්භීරං උදකන්ති අයමෙත්ථ අත්ථො. සාසඞ්කං නාම යත්ථ චොරානං නිවුත්ථොකාසො දිස්සති. ඨිතොකාසො, නිසින්නොකාසො, නිපන්නොකාසො දිස්සති. සප්පටිභයං නාම යත්ථ චොරෙහි මනුස්සා හතා දිස්සන්ති, විලුත්තා දිස්සන්ති, ආකොටිතා දිස්සන්ති. උත්තරසෙතූති උදකණ්ණවස්ස උපරි බද්ධො සෙතු. කුල්ලං බන්ධිත්වාති කුල්ලො නාම තරණත්ථාය කලාපං කත්වා බද්ධො. පත්ථරිත්වා බද්ධා පන පදරචාටිආදයො උළුම්පොති වුච්චන්ති. උච්චාරෙත්වාති ඨපෙත්වා. කිච්චකාරීති පත්තකාරී යුත්තකාරී, පතිරූපකාරීති අත්ථො.
මහන්තං උදකණ්ණවං යනු මහත් වූද, පුළුල් වූද, ගැඹුරු වූද, ජලයකැයි මෙසේ අර්ථ වේ. සාසංකං යම්කිසි තැනෙක සොරුන් විසූ තැන පෙනේද සිටි තැන පෙනේද හොත් තැන පෙනේද, හුන් තැන පෙනේද එයයි. සප්පටිභයං යනු යම්කිසි පෙදෙසක සොරුන් විසින් මිනිස්සු නසන ලද්දාහු දක්නට ලැබේද, පැහැර ගන්නාහු දක්නා ලද්දේද, තලන ලද්දාහු දක්නට ලැබේද (එයයි) උත්තර සෙතුං ගඟට ඉහලින් තනන ලද පාලම, කුල්ලං බන්ධිත්වා කුල්ල නම් දියෙන් එතෙරවීම සඳහා මිටිකොට බඳනා ලද්ද පහුරු ආදියයි. යමෙක් ‘උළුම්ප’ පාරුව යයි ද කියනු ලැබේ. උස්සාදෙත්වා ඔසවා තබා, නිච්චකාරී කරනසුළු වූයේ, යෝග්‍ය සේ කරනසුළු වූයේ, සුදුසු සේ කරන සුළු වූයේ යන අර්ථයි.
ධම්මාපි වො පහාතබ්බාති එත්ථ ධම්මාති සමථවිපස්සනා. භගවා හි සමථෙපි ඡන්දරාගං පජහාපෙසි, විපස්සනායපි. සමථෙ ඡන්දරාගං කත්ථ පජහාපෙසි? “ඉති ඛො, උදායි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්සපි පහානං වදාමි, පස්සසි නො ත්වං, උදායි, තං සංයොජනං අණුං වා ථූලං වා, යස්සාහං නො පහානං වදාමී”ති (ම· නි· 2.156) එත්ථ සමථෙ ඡන්දරාගං පජහාපෙසි. “ඉමං චෙ තුම්හෙ, භික්ඛවෙ, දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං න අල්ලීයෙථ න කෙලායෙථ න ධනායෙථා”ති (ම· නි· 1.401) එත්ථ විපස්සනාය ඡන්දරාගං පජහාපෙසි. ඉධ පන උභයත්ථ පජහාපෙන්තො “ධම්මාපි වො පහාතබ්බා, පගෙව අධම්මා”ති ආහ.
ධම්මාපි වො පහාතබ්බා මෙහි ධමමා යනු සමථ විදර්ශනාය. භාග්‍යවතුන් වහන්සේ සමථයෙහි ද විදර්ශනාවෙහි ද, ඡන්දරාගය දුරුකරවන සේක. සමථයෙහි ඡන්දරාගය කෙසේනම් දුරු කරන්නේද? ‘ඉති ඛො උදායි නෙවසඤ්ඤා නාසඤ්ඤායතනස්සපි පහානං වදාමි පස්සසි නො ත්වං උදායි තං සංයෝජනං අණුංවා ථූලංවා යස්සාහං නො පහානං වදාමි’ උදායී මෙසේ වනාහී නේවසඤ්ඤා නාසඤ්ඤායතනයාගේ ද ප්රහාණය කියමි. උදායි! මම යම් සංයෝජනයක්හුගේ ප්රහාණය නො කියම්ද, සියුම් වූ හෝ මහත් වූ හෝ ඒ සංයෝජනය තෙපි දක්නහුද? යන මෙහි ශමථයෙහි ඡන්දරාගය දුරුකර වූයේය. ඉමඤ්ච තුම්හෙ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුද්ධං පරියොදාතං න අල්ලීයෙථ, න කෙළායෙථ, න ධනායෙථා ති එත්ථ විපස්සනාය ඡන්දරාගං පජහාපෙසි මහණෙනි, තෙපි මෙසේ පිරිසිදු වූ හාත්පසින් සිදු වූ මේ දෘෂ්ටිය නොඇලෙන්නාහුය. මමත්වය නොකරන්නාහුය. ධනයක් මෙන් නොගන්නාහුය. මෙසේ විදර්ශනාවෙහි ඡන්දරාගය දුරු කරවූහ. මෙහි දෙතැන්හිම ඡන්දරාගය දුරුකරන අයුරු පෙන්වීය. ධම්මාපි වො පහාතබබා පගෙව අධම්මාති ආහ යී වදාළහ.
තත්රායං අධිප්පායො – භික්ඛවෙ, අහං එවරූපෙසු සන්තප්පණීතෙසු ධම්මෙසු ඡන්දරාගප්පහානං වදාමි, කිං පන ඉමස්මිං අසද්ධම්මෙ ගාමධම්මෙ වසලධම්මෙ දුට්ඨුල්ලෙ ඔදකන්තිකෙ, යත්ථ අයං අරිට්ඨො මොඝපුරිසො නිද්දොසසඤ්ඤී පඤ්චසු කාමගුණෙසු ඡන්දරාගං නාලං අන්තරායායාති වදති. අරිට්ඨෙන විය න තුම්හෙහි මය්හං සාසනෙ කලලං වා කචවරං වා පක්ඛිපිතබ්බන්ති එවං භගවා ඉමිනාපි ඔවාදෙන අරිට්ඨංයෙව නිග්ගණ්හාති.
එහි අදහස මෙසේය. මහණෙනි, මම මෙබඳු වූ ශාන්ත වූද, ප්‍රණීත වූද ධර්මයෙහි ඡන්දරාග ප්රහාණය කියමි. නැවතත් යම්හෙයකින් මේ අරිට්ඨ නම් වූ හිස් පුරුෂයා වරද රහිතය යන හැඟීම ඇතිව පස්කම් ගුණයන්හි ඡන්දරාගය අන්තරායකර නොවේයයි කියාද, ගම්වැසියන්ගේ හීන ධර්මයක් වූ, දූෂිත නො සියුම් වූ, දිය කිස අවසන්කොට ඇති, අසද්ධර්මයෙහි (ඡන්දරාග ප්රහාණය නොකියයිද) අරිට්ඨ විසින් මෙන් තොප විසින් මාගේ ශාසනයෙහි මඩ හෝ කසල නොදැමිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද මගින් අරිට්ඨ භික්ෂුවම නිග්‍රහයට පත් කෙරේ.
ඉදානි යො පඤ්චසු ඛන්ධෙසු තිවිධග්ගාහවසෙන අහං මමන්ති ගණ්හාති, සො මය්හං සාසනෙ අයං අරිට්ඨො විය කලලං කචවරං පක්ඛිපතීති දස්සෙන්තො ඡයිමානි, භික්ඛවෙතිආදිමාහ. තත්ථ දිට්ඨිට්ඨානානීති දිට්ඨිපි දිට්ඨිට්ඨානං, දිට්ඨියා ආරම්මණම්පි දිට්ඨිට්ඨානං, දිට්ඨියා පච්චයොපි. රූපං එතං මමාතිආදීසු එතං මමාති තණ්හාග්ගාහො. එසොහමස්මීති මානග්ගාහො. එසො මෙ අත්තාති දිට්ඨිග්ගාහො. එවං රූපාරම්මණා තණ්හාමානදිට්ඨියො කථිතා හොන්ති. රූපං පන අත්තාති න වත්තබ්බං. වෙදනාදීසුපි එසෙව නයො. දිට්ඨං රූපායතනං, සුතං සද්දායතනං, මුතං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, තඤ්හි පත්වා ගහෙතබ්බතො මුතන්ති වුත්තං. අවසෙසානි සත්තායතනානි විඤ්ඤාතං නාම.
දැන් යමෙක් පංචස්කන්ධයෙහි තෙපරිදි ගැනීම් වශයෙන් මම ය මාගේ ය යයි ගනීද හෙතෙම මාගේ සසුන්හි අරිට්ඨ මෙන්ම මඩ කසල දමන්නේ යයි දක්වමින් ඡ ඉමානි භික්ඛවෙ යනාදිය කීහ. එහි දිට්ඨිට්ඨානානි යනු ලබ්ධිය ය. ලබ්ධි ස්ථානය, ලබ්ධියේ අරමුණු, ලබ්ධියේ ප්‍රත්‍යයද, දිට්ඨිට්ඨානයයි. රූපං එතං මම යනාදියෙහි එතං මම යනු තෘෂ්ණා වශයෙන් ගැනීමයි. එසොහමස්මි යනු මාන වශයෙන් ගැනීමයි. එසො මෙ අත්තා අරමුණු වශයෙන් ගැනීමයි. මෙහි රූපය අරමුණුකොට ඇති තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන ලදී. රූපය වනාහි ආත්මය යයි නොකිය යුතු. වේදනා යනාදියෙහි ද මෙම ක්‍රමයමැයි. දිට්ඨං රූපායතනය. සුතං ශබ්දායතනය. මුතං ගන්ධායතනය - රසායතනය - ස්පර්‍ශායතනය, එය පැමිණ ගතයුතු බැවින් මුත යයි කියන ලදී. ඉතිරි සප්තායතනයෝ විඤ්ඤාත නම් වේ.
පත්තන්ති පරියෙසිත්වා වා අපරියෙසිත්වා වා පත්තං. පරියෙසිතන්ති පත්තං වා අප්පත්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත්තෙන අනුසඤ්චරිතං. ලොකස්මිඤ්හි පරියෙසිත්වා පත්තම්පි අත්ථි, පරියෙසිත්වා නොපත්තම්පි. අපරියෙසිත්වා පත්තම්පි අත්ථි, අපරියෙසිත්වා නොපත්තම්පි. තත්ථ පරියෙසිත්වා පත්තං පත්තං නාම. පරියෙසිත්වා නොපත්තං පරියෙසිතං නාම. අපරියෙසිත්වා පත්තඤ්ච, අපරියෙසිත්වා නොපත්තඤ්ච මනසානුවිචරිතං නාම.
පත්තං යනු සොයා හෝ නොසොයා පැමිණෙන ලද්ද, පරියෙසිතං පැමිණෙන ලද හෝ නොපැමිණෙන ලද හෝ සොයන ලද්ද, අනුවිචරිතං මනසං නම් සිතෙන් හැසිරෙන ලද්ද, ලෝකයෙහි සොයා පැමිණෙන ලද්දේ ද ඇත. සොයා නො පැමිණෙන ලද්දේ ද ඇත. එහි සොයා පැමිණෙන ලද්දේ ‘පත්ත’ නම් වේ. සොයා නො පැමිණෙන ලද්දේ. ‘පරියේසිත’ නම් වේ. නො සොයා පැමිණෙන ලද්දේ ද, නො සොයා නො පැමිණෙන ලද්දේ ද ‘මනසානු විචරිත’ නම් වේ.
අථ වා පරියෙසිත්වා පත්තම්පි අපරියෙසිත්වා පත්තම්පි පත්තට්ඨෙන පත්තං නාම. පරියෙසිත්වා නොපත්තං පරියෙසිතං නාම. අපරියෙසිත්වා නොපත්තං මනසානුවිචරිතං නාම. සබ්බං වා එතං මනසා අනුවිචරිතත්තා මනසානුවිචරිතං නාම. ඉමිනා විඤ්ඤාණාරම්මණා තණ්හාමානදිට්ඨියො කථිතා, දෙසනාවිලාසෙන හෙට්ඨා දිට්ඨාදිආරම්මණවසෙන විඤ්ඤාණං දස්සිතං.
නොහොත් සොයා පැමිණෙන ලද්දේ ද, නො සොයා නො පැමිණෙන ලද්දේ ද පරියෙසිත අර්ථයෙන් ‘පතත’ නමි. සොයා නොපැණෙන ලද්දේ ‘පරියේසිත’ නමි. නො සොයා නො පැමිණෙන ලද්දේ ‘මනසානු විචරිත’ නමි. මේ සියල්ල හෝ සිතින් අනුවිචරිත හෙයින් මනසානු විචරිත නම් වෙයි. මෙයින් විඥානය අරමුණුකොට ඇති තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන ලදී. මෙහි දේශනා විලාසයෙන්ම දෘෂ්ටාදී අරමුණු වශයෙන් විඥානය දක්වන ලදි.
යම්පි තං දිට්ඨිට්ඨානන්ති යම්පි එතං සො ලොකොතිආදිනා නයෙන පවත්තං දිට්ඨිට්ඨානං.
යම්පිදං දිට්ඨිට්ඨානං හේ ලෝකය යනාදී ක්‍රමයෙන් පැවැති යම් මේ දෘෂ්ටි ස්ථානයක්
සො ලොකො සො අත්තාති යා එසා “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිනා නයෙන පවත්තා දිට්ඨි ලොකො ච අත්තා චාති ගණ්හාති, තං සන්ධාය වුත්තං. සො පෙච්ච භවිස්සාමීති සො අහං පරලොකං ගන්ත්වා නිච්චො භවිස්සාමි, ධුවො සස්සතො අවිපරිණාමධම්මො භවිස්සාමි, සිනෙරුමහාපථවීමහාසමුද්දාදීහි සස්සතීහි සමං තථෙව ඨස්සාමි. තම්පි එතං මමාති තම්පි දස්සනං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති සමනුපස්සති. ඉමිනා දිට්ඨාරම්මණා තණ්හාමානදිට්ඨියො කථිතා. විපස්සනාය පටිවිපස්සනාකාලෙ විය පච්ඡිමදිට්ඨියා පුරිමදිට්ඨිග්ගහණකාලෙ එවං හොති.
සො ලොකො සො අත්තා යම් මෝ රූපං අත්තනො සමනුපස්සති ආදී වශයෙන් පවත්නා දෘෂ්ටියත්, ලෝකයත් ආත්මයත් වේ යයි ගනීද, ඒ දෘෂ්ටිය සඳහා මෙය කියන ලදී. සො පෙච්ච භවිස්සාමි මම පරලොව ගොස් නිත්‍ය වූවෙක් වන්නෙමි. නො නස්නා කෙනෙක් වන්නෙමි. ශාස්වතයෙක්, නොවෙනස්වන ස්වභාව ඇත්තෙක් වන්නෙමි. මහමෙර, මහා පෘථිවිය, මහා සමුද්‍රය ආදිය මෙන් ශාස්වතීන් සමග එසේ සිටින්නෙමි. තම්පි එතං මම ඒ දර්ශනයද මෙය මාගේ ය, මම ම වෙමි, මේ මාගේ ආත්මයයි දකී. මෙයින් රූපායතනය අරමුණු කොට ඇති, මාන දෘෂ්ටීහු කියන ලද්දාහුමය. විදර්ශනාවෙන් ප්‍රති විදර්ශනා කාලයෙහි මෙන්, පශ්චිම දෘෂ්ටියෙන් පූර්ව දෘෂ්ටිය ගන්නා කාලයෙහි මෙසේ වෙයි.
සුක්කපක්ඛෙ රූපං නෙතං මමාති රූපෙ තණ්හාමානදිට්ඨිග්ගාහා පටික්ඛිත්තා. වෙදනාදීසුපි එසෙව නයො. සමනුපස්සතීති ඉමස්ස පන පදස්ස තණ්හාසමනුපස්සනා මානසමනුපස්සනා දිට්ඨිසමනුපස්සනා ඤාණසමනුපස්සනාති චතස්සො සමනුපස්සනාති අත්ථො. තා කණ්හපක්ඛෙ තිස්සන්නං සමනුපස්සනානං, සුක්කපක්ඛෙ ඤාණසමනුපස්සනාය වසෙන වෙදිතබ්බා. අසති න පරිතස්සතීති අවිජ්ජමානෙ භයපරිතස්සනාය තණ්හාපරිතස්සනාය වා න පරිතස්සති. ඉමිනා භගවා අජ්ඣත්තක්ඛන්ධවිනාසෙ අපරිතස්සමානං ඛීණාසවං දස්සෙන්තො දෙසනං මත්ථකං පාපෙසි.
ශුක්ල පක්ෂයෙහි රූපං නෙතං මම රූපයෙහි තෘෂ්ණා මාන දිට්ඨි ග්රහණයෝ ප්‍රතික්ෂේප කරන ලදහ. වේදනාදියෙහි ද මෙම ක්‍රමයමැයි. සමනුපස්සති යන මේ පදයෙන් තණ්හා සමනුපස්සනා, මාන සමනුපස්සනා, දිට්ඨි සමනුපස්සනා, ඤාණ සමනුපස්සනා යන සිව් සමනුපස්සනාවෝ කියති. ඔව්හූ අකුසල පක්ෂයෙහි තුන් සමනුපස්සනාවන්ද, කුසල පක්ෂයෙහි ඤාණ සමනුපස්සනාවද කියන ලදී. අසති න පරිතස්සති නොපෙනෙන කල්හී භය පරිතස්සනාවෙන් හෝ තණ්හා පරිතස්සනාවෙන් තැති නො ගන්නේ ය, මෙයින් භාග්‍යවතුන් වහන්සේ අධ්‍යාත්ම ස්කන්ධයන්ගේ විනාශය ඇති කල්හි, තැති නොගන්නා වූ රහතන් වහන්සේ දක්වමින් දේශනාව මුදුන් පැමිණවූහ.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛූති එවං භගවතා වුත්තෙ අඤ්ඤතරො අනුසන්ධිකුසලො භික්ඛු – “භගවතා අජ්ඣත්තක්ඛන්ධවිනාසෙ අපරිතස්සන්තං ඛීණාසවං දස්සෙත්වා දෙසනා නිට්ඨාපිතා, අජ්ඣත්තං අපරිතස්සන්තෙ ඛො පන සති අජ්ඣත්තං පරිතස්සකෙන බහිද්ධා පරික්ඛාරවිනාසෙ පරිතස්සකෙන අපරිතස්සකෙන චාපි භවිතබ්බං. ඉති ඉමෙහි චතූහි කාරණෙහි අයං පඤ්හො පුච්ඡිතබ්බො”ති චින්තෙත්වා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පග්ගය්හ භගවන්තං එතදවොච. බහිද්ධා අසතීති බහිද්ධා පරික්ඛාරවිනාසෙ. අහු වත මෙති අහොසි වත මෙ භද්දකං යානං වාහනං හිරඤ්ඤං සුවණ්ණන්ති අත්ථො. තං වත මෙ නත්ථීති තං වත ඉදානි මය්හං නත්ථි, රාජූහි වා චොරෙහි වා හටං, අග්ගිනා වා දඩ්ඪං, උදකෙන වා වුළ්හං, පරිභොගෙන වා ජිණ්ණං. සියා වත මෙති භවෙය්ය වත මය්හං යානං වාහනං හිරඤ්ඤං සුවණ්ණං සාලි වීහි යවො ගොධුමො. තං වතාහං න ලභාමීති තමහං අලභමානො තදනුච්ඡවිකං කම්මං අකත්වා නිසින්නත්තා ඉදානි න ලභාමීති සොචති, අයං අගාරියසොචනා, අනගාරියස්ස පත්තචීවරාදීනං වසෙන වෙදිතබ්බා.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාළ කල්හි එක්තරා බුද්ධ වචන ගැළපීමෙහි දක්ෂ වූ භික්ෂුවක්, භාග්‍යවතුන් වහන්සේ විසින් අධ්‍යාත්ම ස්කන්ධයන්ගේ විනාශය ඇති කල්හි තැති නොගන්නා වූ ක්ෂීණාශ්රවයා දක්වා දේශනාව නිමවන ලදී. එසේ වුවත් ස්කන්ධයන්ගේ විනාශයෙහි තැති නොගන්නහු ඇති කල්හි අධ්‍යාත්මයෙහි තැති ගන්නෙක් ද, බාහිර පරිෂ්කාර විනාශයෙහි තැති ගන්නෙක් ද, තැති නො ගනෙක් ද විය යුතුයි. මෙසේ මේ සතර කාරණයන්ගෙන් මේ ප්රශ්නය විචාළ යුතු යයි සිතා සිවුර ඒකාංස කොට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. බහිද්ධා අසති බාහිර පරිෂ්කාරයන්ගේ විනාශයෙහි අහු වතමෙ ඒකාන්තයෙන් මට සොඳුරු වූ යාන වාහන ධනය ස්වර්ණ වූයේය යන අර්ථයි. තං වත මෙනත්ථි ඒකාන්තයෙන් දැන් මට මේවා නැත. රජුන් විසින් හෝ සොරුන් විසින් හෝ පැහැර ගන්නා ලදී. ගින්නෙන් හෝ දැවෙන ලදී. ජලයෙන් හෝ පාවෙන ලදී. පරිභෝගයෙන් හෝ දිරන ලදී. සියාවත මේ ඒකාන්තයෙන් මට යානය වාහනය ධනය රන්ය. හාල්ය. වීය. යවය. තිරිඟුය යන මේවා වන්නේ ද තං වතාහං නලභාමි මම අලසවීම නිසා, අවශ්‍ය කටයුතු නොකර සිටීම නිසා මම නොලබමියි ශෝක කරයි. මේ ගිහියන්ගේ ශෝක කිරීමයි. අනගාරිකයාගේ ශ්රමණයාගේ ශෝක කිරිම පාසිවුරු ආදීන්ගේ වශයෙන් දතයුතුයි.
අපරිතස්සනාවාරෙ න එවං හොතීති යෙහි කිලෙසෙහි එවං භවෙය්ය, තෙසං පහීනත්තා න එවං හොති.
අපරිතස්සන වාරයෙහි (කෙලෙස් පීඩා රහිත වාරයේ) නං එවං හොති යම් ක්ලේශයක් හේතුකොට ගෙන මෙසේ වන්නේ ද, එම ක්ලේශයන් ප්‍රහීණ කළ බැවින් මෙසේ නොවෙයි.
දිට්ඨිට්ඨානාධිට්ඨානපරියුට්ඨානාභිනිවෙසානුසයානන්ති දිට්ඨීනඤ්ච දිට්ඨිට්ඨානානඤ්ච දිට්ඨාධිට්ඨානානඤ්ච දිට්ඨිපරියුට්ඨානානඤ්ච අභිනිවෙසානුසයානඤ්ච. සබ්බසඞ්ඛාරසමථායාති නිබ්බානත්ථාය. නිබ්බානඤ්හි ආගම්ම සබ්බසඞ්ඛාරාඉඤ්ජිතානි, සබ්බසඞ්ඛාරචලනානි සබ්බසඞ්ඛාරවිප්ඵන්දිතානි සම්මන්ති වූපසම්මන්ති, තස්මා තං, “සබ්බසඞ්ඛාරසමථො”ති වුච්චති. තදෙව ච ආගම්ම ඛන්ධූපධි කිලෙසූපධි අභිසඞ්ඛාරූපධි, පඤ්චකාමගුණූපධීති ඉමෙ උපධයො පටිනිස්සජ්ජියන්ති, තණ්හා ඛීයති විරජ්ජති නිරුජ්ඣති, තස්මා තං, “සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධො”ති වුච්චති. නිබ්බානායාති අයං පනස්ස සරූපනිද්දෙසො, ඉති සබ්බෙහෙව ඉමෙහි පදෙහි නිබ්බානස්ස සච්ඡිකිරියත්ථාය ධම්මං දෙසෙන්තස්සාති අයමත්ථො දීපිතො. තස්සෙවං හොතීති තස්ස දිට්ඨිගතිකස්ස උච්ඡිජ්ජිස්සාමි නාමස්සු, විනස්සිස්සාමි නාමස්සු, නාස්සු නාම භවිස්සාමීති එවං හොති. දිට්ඨිගතිකස්ස හි තිලක්ඛණං ආරොපෙත්වා සුඤ්ඤතාපටිසංයුත්තං කත්වා දෙසියමානං ධම්මං සුණන්තස්ස තාසො උප්පජ්ජති. වුත්තඤ්හෙතං – “තාසො හෙසො, භික්ඛවෙ, අසුතවතො පුථුජ්ජනස්ස නො චස්සං, නො ච මෙ සියා”ති (සං· නි· 3.55).
දිට්ඨිට්ඨානාධිට්ඨාන පරියුට්ඨානා භි නිවෙසානුසයානං විශ්වාසයන්ගේද, විශ්වාස ස්ථානයන්ගේද, විශ්වාස අධිෂ්ඨානයන්ගේ ද විශ්වාසයන් නැගී සිටීමේ ද, ප්රවේශයානුසයන්ගේ ද, සබ්බ සංඛාර සමථාය නිර්වාණය පිණිස, නිවනට පැමිණ සියළු සංස්කාරයන්ගේ කම්පාවන ලද සියලු සංස්කාර චලනයෝ, සැලුනු සියලු සංස්කාරයෝ සංසිඳෙත් ද, වෙසෙසින් සංසිඳෙත් ද එහෙයින් ඒ නිවන සබ්බ සංඛාරසමථ යයි කියනු ලැබේ. තව ද එයටම පැමිණ ස්කන්ධ උපධි, ක්ලේශ උපධි, අභිසංස්කාර උපධි, පංචකාම ගුණ උපධි යන මේ උපධීහූ දුරලනු ලැබෙත්ද, තෘෂ්ණාව ක්ෂය වේද, නො ඇලේ ද නිරුද්ධ වේද එහෙයින් සබ්බූපධිපටිනිස්සග්ගය, තණ්හක්ඛය, විරාගය, නිරෝධයයි කියනු ලැබේ. නිබ්බාණාය මේ වනාහි නිර්වාණයාගේ ස්වරූප දැක්වීමය. මෙසේ මේ සියලු පදයන්ගේම නිවන් පසක් කිරිම පිණිස දහම් දෙසන්නහුගේ යයි අර්ථය දක්වන ලදී. තස්සෙවං හොති ඒ දෘෂ්ටි ගතිකයා හට, උච්ඡිජ්ජිසාමි නාමසු - විනස්සිස්සාම නාමසු - නාස්සු නාම භවිස්සාමි උත්පත්ති වශයෙන් සිඳෙන්නෙමි. වැනසෙන්නෙමි. මතු පහළ නොවන්නෙමි. මෙසේ සිතක් වේ. තිලකුණු නගා ශුන්‍යතා ප්‍රතිසංයුත්ත කොට ධර්මය දෙසනු ලබන්නා වූ ධර්මය අසන දෘෂ්ටි ගතිකයා හට තැති ගැනීම් උපදී. තා සො හෙ සො භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස යදිදං නො වසං නො සියා යයි වදාරන ලදී.
එත්තාවතා බහිද්ධාපරික්ඛාරවිනාසෙ තස්සනකස්ස ච නොතස්සනකස්ස ච අජ්ඣත්තක්ඛන්ධවිනාසෙ තස්සනකස්ස ච නොතස්සනකස්ස චාති ඉමෙසං වසෙන චතුක්කොටිකා සුඤ්ඤතා කථිතා. ඉදානි බහිද්ධා පරික්ඛාරං පරිග්ගහං නාම කත්වා, වීසතිවත්ථුකං සක්කායදිට්ඨිං අත්තවාදුපාදානං නාම කත්වා, සක්කායදිට්ඨිපමුඛා ද්වාසට්ඨි දිට්ඨියො දිට්ඨිනිස්සයං නාම කත්වා තිකොටිකං සුඤ්ඤතං දස්සෙතුං තං, භික්ඛවෙ, පරිග්ගහන්තිආදිමාහ. තත්ථ පරිග්ගහන්ති බහිද්ධා පරික්ඛාරං. පරිග්ගණ්හෙය්යාථාති යථා විඤ්ඤූ මනුස්සො පරිග්ගණ්හෙය්ය. අහම්පි ඛො තං, භික්ඛවෙති, භික්ඛවෙ, තුම්හෙපි න පස්සථ, අහම්පි න පස්සාමි, ඉති එවරූපො පරිග්ගහො නත්ථීති දස්සෙති. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
මෙතෙකින් බාහිර පරිෂ්කාරයන්ගේ විනාශයෙහි තැති ගන්නහුගේ තැති නොගන්නහුගේ ද, අධ්‍යාත්ම ස්කන්ධ විනාශයෙහි තැති ගන්නහුගේද, තැති නොගන්නහුගේදැයි වශයෙන් සිව්කොන් ඇති හිස්බව කියන ලදී. දැන් බාහිර පිරිකර අයිතිය (පරිග්ගහ) නම් කොට විසි ආකාර සක්කාය දෘෂ්ටිය මමය මාගේය යන හැඟීම මුල්කොට ඇති දෙසැට දෘෂ්ටීන් ‘දිට්ඨි නිස්සය’ නම් කොට තුන් කොන් හිස් බව දැක්වීමට තං භික්ඛවෙ පරිග්ගහං යනාදිය වදාළහ. එහි පරිග්ගහං බාහිර පරිෂ්කාරය පරිගණ්හෙය්යාථ යම්සේ නුවණැති මිනිසෙක් පරිග්‍රහණය කරන්නේ ද (එසේ විමසන්නහුය.) අහම්පි ඛො තං භික්ඛවෙ මහණෙනි, තෙපිද නොදක්නහු මම ද නොදක්නෙමි. මෙසේ මෙබඳු පිරිකරක් නැතැයි දක්වති. මෙසේ සියලු තැන්හි අර්ථය දතයුතුය.
එවං තිකොටිකං සුඤ්ඤතං දස්සෙත්වා ඉදානි අජ්ඣත්තක්ඛන්ධෙ අත්තාති බහිද්ධා පරික්ඛාරෙ අත්තනියන්ති කත්වා ද්විකොටිකං දස්සෙන්තො අත්තනි වා, භික්ඛවෙ, සතීතිආදිමාහ. තත්ථ අයං සඞ්ඛෙපත්ථො, භික්ඛවෙ, අත්තනි වා සති ඉදං මෙ පරික්ඛාරජාතං අත්තනියන්ති අස්ස, අත්තනියෙව වා පරික්ඛාරෙ සති අයං මෙ අත්තා ඉමස්ස පරික්ඛාරස්ස සාමීති, එවං අහන්ති. සති මමාති, මමාති සති අහන්ති යුත්තං භවෙය්ය. සච්චතොති භූතතො, ථෙතතොති තථතො ථිරතො වා.
මෙසේ ත්‍රිකෝණාකාර හිස් බව දක්වා, දැන් අධ්‍යාත්ම ස්කන්ධයන් ආත්ම යයි බාහිර පරිෂ්කාරයන් ආත්මනිය යයි කොට දෙකොන් හිස් බව දක්වන සේක් අත්තනි වා භික්ඛවෙ සති ආදිය කීහ. මේ එහි කෙටි අදහසයි. මහණෙනි, ආත්මය ඇති කල්හි මේ මාගේ පිරිකර සමූහය, තමා සතු යයි යන අදහස වන්නේ ය. තමන් සතු පරිෂ්කාර ඇති කල්හි මේ මගේ ආත්මය, මේ පිරිකරවල හිමිකරු මම ය යන අදහස ඇතිවන්නේ ය. මෙසේ මම යයි අදහස ඇති කල්හි, මාගේ යයි අදහස ඇති කල්හි, මම යයි ද සුදුසුය. සච්චතො සත්‍ය වශයෙන් ථෙතතො ස්ථිර වශයෙන්, පිහිටි වශයෙන්.
ඉදානි ඉමෙ පඤ්චක්ඛන්ධෙ අනිච්චං දුක්ඛං අනත්තාති එවං තිපරිවට්ටවසෙන අග්ගණ්හන්තො අයං අරිට්ඨො විය මය්හං සාසනෙ කලලං කචවරං පක්ඛිපතීති දස්සෙන්තො තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වාතිආදිමාහ. තත්ථ අනිච්චං, භන්තෙති, භන්තෙ, යස්මා හුත්වා න හොති, තස්මා අනිච්චං. උප්පාදවයවත්තිතො විපරිණාමතාවකාලිකනිච්චපටික්ඛෙපට්ඨෙන වාති චතූහි කාරණෙහි අනිච්චං. දුක්ඛං, භන්තෙති, භන්තෙ, පටිපීළනාකාරෙන දුක්ඛං, සන්තාපදුක්ඛමදුක්ඛවත්ථුකසුඛපටික්ඛෙපට්ඨෙන වාති චතූහි කාරණෙහි දුක්ඛං. විපරිණාමධම්මන්ති භවසඞ්කන්තිඋපගමනසභාවං පකතිභාවවිජහනසභාවං. කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති යුත්තං නු ඛො තං ඉමෙසං තිණ්ණං තණ්හාමානදිට්ඨිග්ගාහානං වසෙන අහං මමාති එවං ගහෙතුං. නො හෙතං, භන්තෙති ඉමිනා තෙ භික්ඛූ අවසවත්තනාකාරෙන රූපං, භන්තෙ, අනත්තාති පටිජානන්ති. සුඤ්ඤඅස්සාමිකඅනිස්සරඅත්තපටික්ඛෙපට්ඨෙන වාති චතූහි කාරණෙහි අනත්තා.
මෙවිට මේ පංච ස්කන්ධයන් අනිත්‍යය. දුක්ඛය. අනාත්මයයි මෙසේ තිපරිවෘත්ත වශයෙන් නොගන්නේ මේ අරිට්ඨ මෙන් මගේ ශාසනයෙහි කලල කසල දමන්නේ යයි දක්වන්නේ තං කිං මඤ්ඤථ භික්ඛවේරූපං අනිච්චංවා යනාදිය වදාළහ. අනිච්චං භන්තෙ ස්වාමීනි, යම්හෙයකින් ඇතිව නැතිවේද එහෙයින් අනිත්‍ය ය. ඉපදීම, විනාශවීම තාවකාලිකය. නිත්‍ය ප්රතික්ෂේපය යන සතර කරුණින් අනිත්‍යය. දුක්ඛං භන්තෙ වහන්ස, නැවත නැවත පෙළෙන ආකාරයෙන් දුක්ය. තැවීමය. ඉවසිය නොහැකි බවය. දුකට වස්තු බවය. සැපයට විරුද්ධය යන සතරාකාරයන්ගෙන් දුක්ය. විපරිණාම ධම්මං භවය ඉක්මවා ගිය නැවත භවයට නොපැමිණෙන ස්වභාවය පියවි බව හරින ස්වභාවය, කල්ලන්නු තං සමනුපස්සිතං එතං මම එ සො හමස්මි එසො මෙ අතතා එය තෘෂ්ණා, මාන වශයෙන් දෘෂ්ටි ග්රහණයෙන් මම ය මාගේ යයි මෙසේ ගැනීමට සුදුසුද? නොහෙතං භන්තෙ යන මෙයින් ඒ භික්ෂූහු වහන්ස වසඟයෙහි නො පවත්නා ආකාරයෙන් රූපය අනාත්මයයි පිළිණ කෙරෙති. ශුන්‍යත, අස්වාමික, අනීශ්වර, ආත්මය පිළිකෙව් කිරීම යන සතර කාරණයෙන් අනාත්මය.
භගවා හි කත්ථචි අනිච්චවසෙන අනත්තත්තං දස්සෙති, කත්ථචි දුක්ඛවසෙන, කත්ථචි උභයවසෙන. “චක්ඛු අත්තාති යො වදෙය්ය, තං න උපපජ්ජති, චක්ඛුස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, අත්තා මෙ උප්පජ්ජති ච වෙති චාති ඉච්චස්ස එවමාගතං හොති, තස්මා තං න උපපජ්ජති චක්ඛු අත්තාති යො වදෙය්ය, ඉති චක්ඛු අනත්තා”ති (ම· නි· 3.422) ඉමස්මිඤ්හි ඡඡක්කසුත්තෙ අනිච්චවසෙන අනත්තතං දස්සෙති. “රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්ය, ලබ්භෙථ ච රූපෙ ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො, භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති, න ච ලබ්භති රූපෙ ‘එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’”ති (මහාව· 20; සං· නි· 3.59) ඉමස්මිං අනත්තලක්ඛණසුත්තෙ දුක්ඛවසෙන අනත්තතං දස්සෙති. “රූපං, භික්ඛවෙ, අනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ”න්ති (සං· නි· 3.76) ඉමස්මිං අරහත්තසුත්තෙ උභයවසෙන අනත්තතං දස්සෙති. කස්මා? අනිච්චං දුක්ඛඤ්ච පාකටං. අනත්තාති න පාකටං.
භාග්‍යවතුන් වහන්සේ සමහර තැනක අනිත්‍ය වශයෙන් අනාත්ම බව දක්වති. සමහර තැනෙක දුක් වශයෙන් ද, සමහර තැනෙක දෙදෙනාගේ වශයෙන් ද අනාත්ම බව දක්වති. ඇස ආත්මය යයි යමෙක් කියන්නේද එය නොයෙදේ. ඇසෙහි ඇතිවීම ද නැතිවීම ද පෙනෙයි. යමෙක්හුගේ ඇතිවීමත් නැතිවීමත් පෙනේද මාගේ ආත්මය උපදින්නේ හෝ වේද නොවේ හෝද මෙසේ ඔහුට මෙපරිද්දෙන් ආයේ වේද, එහෙයින් ඇස ආත්මය යයි යමෙක් කියන්නේද එය නොයෙදේ. මෙසේ ඇස අනාත්මය යයි ඡ ඡක්ක සූත්‍රයේදී අනිත්‍ය වශයෙන් අනාත්ම බව දැක්වූහ. මහණෙනි! යම්හෙයකින් මේ රූපයත් ආත්මය වන්නේ නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේය. රූපයෙහි මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවායි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි! යම්හෙයකින් රූපය අනාත්ම වේද එහෙයින් මේ රූපය ආබාධ පිණිස පවති. රූපයෙහි මාගේ රූපය මෙසේ වේවා. මාගේ රූපය මෙසේ නොවේවායි (පැතුවද) නො ලැබෙන්නේ ය. යන මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයෙහි දුක් වශයෙන් අනාත්ම බව දැක්වූ සේක. මහණෙනි! රූපය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය ය. යමක් අනාත්ම නම්, එය මේ මාගේ නොවෙයි. මේ මම නොවෙමි. ඒ ආත්මය මාගේ නොවේයයි මෙසේ මේ රූපය තත් වූ පරිද්දෙන් විදර්ශනා ඤාණයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දතයුතුය. මේ අරහන්ත සූත්‍රයෙහි දෙදෙනාගේ වශයෙන් අනාත්ම බව දැක්වූ අයුරුයි. කවර හෙයින්ද! අනිත්‍යය ද දුක ද ප්රකටයහ. අනාත්ම යනු අප්‍රකටය.
පරිභොගභාජනාදීසු හි භින්නෙසු අහො අනිච්චන්ති වදන්ති, අහො අනත්තාති වත්තා නාම නත්ථි. සරීරෙ ගණ්ඩපිළකාදීසු වා උට්ඨිතාසු කණ්ටකෙන වා විද්ධා අහො දුක්ඛන්ති වදන්ති, අහො අනත්තාති පන වත්තා නාම නත්ථි. කස්මා? ඉදඤ්හි අනත්තලක්ඛණං නාම අවිභූතං දුද්දසං දුප්පඤ්ඤාපනං. තෙන තං භගවා අනිච්චවසෙන වා දුක්ඛවසෙන වා උභයවසෙන වා දස්සෙති. තයිදං ඉමස්මිම්පි තෙපරිවට්ටෙ අනිච්චදුක්ඛවසෙනෙව දස්සිතං. වෙදනාදීසුපි එසෙව නයො.
පරිහරණය කරන භාජන ආදිය බිඳුණු කල්හි ‘අහො අනිචචං’ යී කියති. අනත්තා යයි කිසිවෙක් නො කියයි. සිරුරෙහි ගඩු පොළ ආදිය නැගුණු කල්හි හෝ කටුවකින් විදිනා කල්හි හෝ ‘අහෝ දුක්ඛං’ යනුවෙන් කියති. ‘අහො අනත්තා’ යයි කියන කෙනෙක් නැත. කුමක් හෙයින් ද මේ අනාත්ම ලක්ෂණය නම් අප්‍රකට ද දුකසේ දැක්ක යුතුද? දුකසේ හැඟවිය යුතුද? එහෙයින් භාග්‍යවතුන් වහන්සේ එය අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ උභය වශයෙන් දක්වති. මේ අනාත්ම ලක්ෂණය ත්රිපරිවෘත්තයෙහිද අනිත්‍ය දුක්ඛ වශයෙන් ම දක්වන ලදී. වේදනාදියෙහිද මෙම න්‍යායමයි.
තස්මා තිහ, භික්ඛවෙති, භික්ඛවෙ, යස්මා එතරහි අඤ්ඤදාපි රූපං අනිච්චං දුක්ඛං අනත්තා, තස්මාති අත්ථො. යංකිඤ්චි රූපන්තිආදීනි විසුද්ධිමග්ගෙ ඛන්ධනිද්දෙසෙ විත්ථාරිතානෙව.
තස්මාතිහ භික්ඛවෙ යම් හෙයකින් දැන්ද අන්කල්හි ද රූපය අනිත්‍යය, දුක්ය, අනාත්මය යන අදහසයි. යං කිඤ්චිරූපං ආදිය විසුද්ධි මාර්ගයෙහි ස්කන්ධ නිර්දේශයේ විස්තර වශයෙන් එයි.
නිබ්බින්දතීති උක්කණ්ඨති. එත්ථ ච නිබ්බිදාති වුට්ඨානගාමිනීවිපස්සනා අධිප්පෙතා. වුට්ඨානගාමිනීවිපස්සනාය හි බහූනි නාමානි. එසා හි කත්ථචි සඤ්ඤග්ගන්ති වුත්තා. කත්ථචි ධම්මට්ඨිතිඤාණන්ති. කත්ථචි පාරිසුද්ධිපධානියඞ්ගන්ති. කත්ථචි පටිපදාඤාණදස්සනවිසුද්ධීති. කත්ථචි තම්මයතාපරියාදානන්ති. කත්ථචි තීහි නාමෙහි. කත්ථචි ද්වීහීති.
නිබ්බන්දතී යනු උකටලී වෙයි. මෙහි ද උට්ඨානගාමිනී විදර්ශනාව අදහස් කරයි. උට්ඨානගාමිනී විදර්ශනාවට බොහෝ නම් තිබේ. සමහර තැනක ‘සඤ්ඤග්ගං’ යයි ද සමහර තැනක ‘ධර්මස්ථිති ඤාණය’ යයි ද, සමහර තැනක ‘පාරිසුදධිපධානියංගං’ යනු ද, සමහර තැනෙක ‘පටිපදා ඤාණදස්සන විසුද්ධි යනු ද, සමහර තැනෙක ‘තම්මය පරියාදානං’ යනුද යොදා ඇත. සමහර තැනෙක නම් තුනකින් ද සමහර තැනක නම් දෙකකින් ද දක්වයි.
තත්ථ පොට්ඨපාදසුත්තෙ තාව “සඤ්ඤා ඛො, පොට්ඨපාද, පඨමං උප්පජ්ජති, පච්ඡා ඤාණ”න්ති (දී· නි· 1.416) එවං සඤ්ඤග්ගන්ති වුත්තා. සුසිමසුත්තෙ “පුබ්බෙ ඛො, සුසිම, ධම්මට්ඨිතිඤාණං, පච්ඡා නිබ්බානෙ ඤාණ”න්ති (සං· නි· 2.70) එවං ධම්මට්ඨිතිඤාණන්ති වුත්තා. දසුත්තරසුත්තෙ “පටිපදාඤාණදස්සනවිසුද්ධිපධානියඞ්ග”න්ති (දී· නි· 3.359) එවං පාරිසුද්ධිපදානියඞ්ගන්ති වුත්තා. රථවිනීතෙ “කිං නු ඛො, ආවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී”ති (ම· නි· 1.257) එවං පටිපදාඤාණදස්සනවිසුද්ධීති වුත්තා. සළායතනවිභඞ්ගෙ “අතම්මයතං, භික්ඛවෙ, නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං අභිනිවජ්ජෙත්වා යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා, තං නිස්සාය තං ආගම්ම එවමෙතිස්සා පහානං හොති, එවමෙතිස්සා සමතික්කමො හොතී”ති (දී· නි· 3.310) එවං තම්මයතාපරියාදානන්ති වුත්තා. පටිසම්භිදාමග්ගෙ “යා ච මුඤ්චිතුකම්යතා, යා ච පටිසඞ්ඛානුපස්සනා, යා ච සඞ්ඛාරුපෙක්ඛා, ඉමෙ ධම්මා එකත්ථා බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.54) එවං තීහි නාමෙහි වුත්තා. පට්ඨානෙ “අනුලොමං ගොත්රභුස්ස අනන්තරපච්චයෙන පච්චයො, අනුලොමං වොදානස්ස අනන්තරපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.417) එවං ද්වීහි නාමෙහි වුත්තා. ඉමස්මිං පන අලගද්දසුත්තෙ නිබ්බින්දතීති නිබ්බිදානාමෙන ආගතා.
එහි පළමුකොට පොට්ඨපාද සූත්‍රයෙහි ‘සඤ්ඤා ඛො පොට්ඨපාද පඨමං උපපජ්ජති, පච්ඡා ඤාණං’ මෙසේ ‘සඤ්ඤග්ගං’ යන්න දක්වන ලදී. සුසීම සුත්‍රයෙහි, ‘පුබ්බෙ ඛො සුසීම ධම්මට්ඨිති ඤාණං, පච්ඡා නිබ්බාණෙ ඤාණං’ මෙසේ ‘ධම්මට්ඨිති ඤාණ’ යන්න දක්වන ලදී. දසුත්තර සූත්‍රයෙහි ‘පටිපදා ඤාණ දස්සන විසුද්ධි පාරිසුද්ධි පධානියංගං’ මෙසේ පාරිසද්ධි පධානියංග’ යයි දක්වන ලදී. රථවිනීත සූත්‍රයෙහි ‘කින්නුඛො ආවුසො පටිපදා ඤාණ දස්සන විසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’ මෙසේ පටිපදා ඤාණදස්සන විසුද්ධි යයි දක්වන ලදී. සළායතන විභංගයෙහි ‘අතම්මයතං භික්ඛවෙ නිස්සාය අතම්මයතං ආගම්ම යායං උපෙක්ඛා නානත්තා නා නත්තසිතා තං අභිනිවෙජ්ජිත්වා යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා තං නිස්සාය තං ආගම්ම එවමෙතිස්සා පහානං හොති, සමතික්කමො හොති’ මෙසේ ‘තම්මය පරියාදාන’ කියන ලදී. පටිසම්භිදා මග්ගයෙහි ‘යාව මුඤ්චිතු කම්‍යතා - යාච පටිසංඛානුපස්සනා, යාච සංඛාරුපෙක්ඛො ඉමෙ ධම්මා එකට්ඨා බ්යඤ්ජනමෙව නානං’ මෙසේ නම් තුනකින් කියන ලදී. පට්ඨානයෙහි ‘අනුලොමං ගොත්රභුස්ස අනන්තර පච්චයෙන පචචයා, අනුලොමං වොදානස්ස අන්තර පච්චයෙන පච්චයො’ මෙසේ නම් දෙකකින් කියන ලදී. මෙහි අලගද්ද සූත්‍රයෙහි තිබ්බින්දති නිබ්බිදා නාමයෙන් ආයේය.
නිබ්බිදා විරජ්ජතීති එත්ථ විරාගොති මග්ගො විරාගා විමුච්චතීති එත්ථ විරාගෙන මග්ගෙන විමුච්චතීති ඵලං කථිතං. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොතීති ඉධ පච්චවෙක්ඛණා කථිතා.
නිබ්බින්දං විරජ්ජති මෙහි විරාග යනු මාර්ගයයි. විරාගා විමුච්චති යන මෙහි විරාග නම් වූ මාර්ගයෙන් මිදුනේ යයි ඵලය කියන ලදී. විමුත්තස්මිං විමුත්තිමිති ඤාණං හොති මෙහි ප්රත්යවේක්ෂව (සිහි නුවණින් මෙනෙහි කිරීම) කියන ලදී.
එවං විමුත්තචිත්තං මහාඛීණාසවං දස්සෙත්වා ඉදානි තස්ස යථාභූතෙහි පඤ්චහි කාරණෙහි නාමං ගණ්හන්තො අයං වුච්චති, භික්ඛවෙතිආදිමාහ. අවිජ්ජාති වට්ටමූලිකා අවිජ්ජා. අයඤ්හි දුරුක්ඛිපනට්ඨෙන පලිඝොති වුච්චති. තෙනෙස තස්ස උක්ඛිත්තත්තා උක්ඛිත්තපලිඝොති වුත්තො. තාලාවත්ථුකතාති සීසච්ඡින්නතාලො විය කතා, සමූලං වා තාලං උද්ධරිත්වා තාලස්ස වත්ථු විය කතා, යථා තස්මිං වත්ථුස්මිං පුන සො තාලො න පඤ්ඤායති, එවං පුන අපඤ්ඤත්තිභාවං නීතාති අත්ථො. පොනොබ්භවිකොති පුනබ්භවදායකො. ජාතිසංසාරොතිආදීසු ජායනවසෙන චෙව සංසරණවසෙන ච එවං ලද්ධනාමානං පුනබ්භවඛන්ධානං පච්චයො කම්මාභිසඞ්ඛාරො. සො හි පුනප්පුනං උප්පත්තිකරණවසෙන පරික්ඛිපිත්වා ඨිතත්තා පරික්ඛාති වුච්චති, තෙනෙස තස්සා සංකිණ්ණත්තා විකිණ්ණත්තා සංකිණ්ණපරික්ඛොති වුත්තො.
මෙසේ මිදුන සිත් ඇති මහා රහතුන් දක්වා, අනතුරුව ඔහුට ඇති සැටියෙන් කරුණු පහකින් නාමය ගන්වන්නේ අයං වුච්චති භික්ඛවෙ යනාදිය කීහ. අවිජ්ජා සසරට මුල් වූ අවිද්‍යාව, ඔසවා දමන ලද බැවින්, ‘පලිඝ’ යයි කියයි. එසේ ඔසවා දමන ලද බැවින් (ප්‍රහීණ කරන ලද බැවින්) උක්ඛිත්ත පලිඝ යයි කියන ලදී. තාලාවත්ථුකතා මුදන සිඳින ලද තල් රුකක් මෙන් කරන ලද්දේය. නොහොත් මුල් සහිත වූ තල්ගස උදුරා (භූමියෙහි බීජ විනාශ කරන ලද්දේය) යම් සේ ඒ භූමියෙහි නැවත තල්ගස් නො පැළ වන්නේ ද එසේ කරන ලද්දේය යන අර්ථයි. පොනොභවිකො නැවත ඉපදීම ගෙන දෙන්නා වූ, ජාති සංසාරො ඉපදීම් වශයෙන් ද හැසිරීම් වශයෙන් ද, මෙසේ ලද නම් ඇති නැවත ඉපදීම් සංඛ්‍යාත ස්කන්ධයන්ට ප්‍රත්‍ය වූ කර්මාභිසංඛාරය, හේ නැවත නැවත උත්පත්තිය කිරීම් වශයෙන් විනාශ කිරීම කරන ලද බැවින් පරිඛා කියන ලදී. හෙතෙම ඒ පරිඛාව සංකීර්ණ කළ බැවින් විකීර්ණ කළ බැවින් සංකිණ්ණ පරිඛ යයි කියන ලදී.
තණ්හාති වට්ටමූලිකා තණ්හා. අයඤ්හි ගම්භීරානුගතට්ඨෙන එසිකාති වුච්චති. තෙනෙස තස්සා අබ්බූළ්හත්තා ලුඤ්චිත්වා ඡඩ්ඩිතත්තා අබ්බූළ්හෙසිකොති වුත්තො. ඔරම්භාගියානීති ඔරං භජනකානි කාමභවෙ උපපත්තිපච්චයානි. එතානි හි කවාටං විය නගරද්වාරං චිත්තං පිදහිත්වා ඨිතත්තා අග්ගළාති වුච්චන්ති. තෙනෙස තෙසං නිරාකතත්තා භින්නත්තා නිරග්ගළොති වුත්තො. අරියොති නික්කිලෙසො පරිසුද්ධො. පන්නද්ධජොති පතිතමානද්ධජො. පන්නභාරොති ඛන්ධභාරකිලෙසභාරඅභිසඞ්ඛාරභාරපඤ්චකාමගුණභාරා පන්නා ඔරොහිතා අස්සාති පන්නභාරො. අපිච ඉධ මානභාරස්සෙව ඔරොපිතත්තා පන්නභාරොති අධිප්පෙතො. විසංයුත්තොති චතූහි යොගෙහි සබ්බකිලෙසෙහි ච විසංයුත්තො. ඉධ පන මානසංයොගෙනෙව විසංයුත්තත්තා විසංයුත්තොති අධිප්පෙතො. අස්මිමානොති රූපෙ අස්මීති මානො, වෙදනාය… සඤ්ඤාය… සඞ්ඛාරෙසු… විඤ්ඤාණෙ අස්මීති මානො.
තණ්හා සසරට මුල් වූ තෘෂ්ණාව, ගම්භීරානුගතාර්ථයෙන් ඵසිකා යයි කියනු ලැබේ. මෙතෙම ඒ තෘෂ්ණාව උදුරාහළ බැවින් පහකරන ලද බැවින්, සිඳින ලද බැවින් අබ්බූළ්හෙසික යයි කියන ලදී. ඔරම්භානි කාමභවය ඇසුරු කරන්නා වූ, කාම භවයෙහි උත්පත්තියට ප්‍රත්‍ය වූ, මොව්හූ නුවර දොර කවුළුව මෙන් සිත වසා ඇති බැවින් අග්ගල යයි කියනු ලැබේ. එහෙයින් මෙතෙම ඒ සංයෝජනයන් නො තැබූ බැවින් බිඳින ලද බැවින් නිරග්ගළ යයි කියන ලදී. අරියො නිකෙළෙස් වූයේ, පිරිසිදු වූයේ, පන්නද්ධජො හෙළන ලද මානද්වජ ඇත්තේ, පන්නභාරො ස්කන්ධ භාර ක්ලේශ භාර අභිසංස්කාර භාර, පංචකාම ගුණභාර, පතිත වූවාහු බහා තබන ලද්දාහු යි ‘පන්නභාර’ නමි. තව ද මෙහි මානභාරය දුරුකරන ලද බැවින් ‘පනාභාර’ යයි අදහස් කරන ලදී. විසංයුත්තො සතර ඕඝයන්ගෙන් ද, සියලු කෙලෙස් වලින් ද වෙන්වූයේ මෙහි වූ කලී මාන යෝගයෙන්ම වෙන් වූ බැවින් විසංයුත්ත යයි අදහස් කරන ලදී. අසතිමානො රූපයෙහි මම වෙමි යන මානය, වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි විඥානයෙහි මම වෙමි යන මානය.
එත්තාවතා භගවතා මග්ගෙන කිලෙසෙ ඛෙපෙත්වා නිරොධසයනවරගතස්ස නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා විහරතො ඛීණාසවස්ස කාලො දස්සිතො. යථා හි ද්වෙ නගරානි එකං චොරනගරං, එකං ඛෙමනගරං. අථ එකස්ස මහායොධස්ස එවං භවෙය්ය – “යාවිමං චොරනගරං තිට්ඨති, තාව ඛෙමනගරං භයතො න මුච්චති, චොරනගරං අනගරං කරිස්සාමී”ති සන්නාහං කත්වා ඛග්ගං ගහෙත්වා චොරනගරං උපසඞ්කමිත්වා නගරද්වාරෙ උස්සාපිතෙ එසිකත්ථම්භෙ ඛග්ගෙන ඡින්දිත්වා සද්වාරබාහකං කවාටං ඡින්දිත්වා පලිඝං උක්ඛිපිත්වා පාකාරං භින්දන්තො පරික්ඛං සංකිරිත්වා නගරසොභනත්ථාය උස්සිතෙ ධජෙ පාතෙත්වා නගරං අග්ගිනා ඣාපෙත්වා ඛෙමනගරං පවිසිත්වා පාසාදං අභිරුය්හ ඤාතිගණපරිවුතො සුරසභොජනං භුඤ්ජෙය්ය, එවං චොරනගරං විය සක්කායො, ඛෙමනගරං විය නිබ්බානං, මහායොධො විය යොගාවචරො.
මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාර්ගයෙන් කෙලෙසුන් ක්ෂයකොට උතුම් වූ නිරෝධයට පැමිණ නිවන් අරමුණුකොට ඇති ඵල සමවතට සමවැද වාසය කරන්නා වූ රහතන් වහන්සේගේ කාලය දක්වන ලදී. උපමාවකින් පැහැදිලි කරයි. චෝර නගරය හා ඛේම නගරය යයි නගර දෙකක් ඇත. එකල මහා යෝධයකුට මෙසේ සිත්වේ. යම්තාක් මේ චෝර නගරය පවතීද? ඒ තාක් මේ ඛේම නගරය භයින් නොමිදෙයි. චෝර නගරය විනාශ කරන්නෙමියි සන්නාහ සන්නද්ධව කඩුව ගෙන චෝර නගරය වෙත පැමිණ නුවරදොර පිහිටුවන ලද එක්ටැම්කුළුණ කඩුවෙන් සිඳ දොරපළු සමග කැණිමඬල ඔසවා පවුර බිඳ දියඅගල විසුරුවා නගර අලංකාරය පිණිස ඔසවන ලද ධජ පතාක හෙළා නුවර ගින්නෙන් දවා ක්ෂේම නගරයට පැමිණ ප්‍රාසාදයට නැගී ඤාති සමූහයා පිරිවරන ලදුව මනා රජබොජුන් වළඳමින් ජයපැන් බොන්නේ ද? මෙහි සත්කායය චෝර නගරය මෙනි. නිර්වාණය ක්ෂේම නගරය මෙනි. යෝගාවචරයා මහා යෝධයා මෙනි.
තස්සෙවං හොති, “යාව සක්කායවට්ටං වත්තති, තාව ද්වත්තිංසකම්මකාරණඅට්ඨනවුතිරොගපඤ්චවීසතිමහාභයෙහි පරිමුච්චනං නත්ථී”ති. සො මහායොධො විය සන්නාහං සීලසන්නාහං කත්වා, පඤ්ඤාඛග්ගං ගහෙත්වා ඛග්ගෙන එසිකත්ථම්භෙ විය අරහත්තමග්ගෙන තණ්හෙසිකං ලුඤ්චිත්වා, සො යොධො සද්වාරබාහකං නගරකවාටං විය පඤ්චොරම්භාගියසංයොජනග්ගළං උග්ඝාටෙත්වා, සො යොධො පලිඝං විය, අවිජ්ජාපලිඝං උක්ඛිපිත්වා, සො යොධො පාකාරං භින්දන්තො පරික්ඛං විය කම්මාභිසඞ්ඛාරං භින්දන්තො ජාතිසංසාරපරික්ඛං සංකිරිත්වා, සො යොධො නගරසොභනත්ථාය උස්සාපිතෙ ධජෙ විය මානද්ධජෙ පාතෙත්වා සක්කායනගරං ඣාපෙත්වා, සො යොධො ඛෙමනගරෙ උපරිපාසාදෙ සුරසභොජනං විය කිලෙසනිබ්බානං නගරං පවිසිත්වා අමතනිරොධාරම්මණං ඵලසමාපත්තිසුඛං අනුභවමානො කාලං වීතිනාමෙති.
ඔහුට මෙසේ සිතෙයි. යම්තාක් සත්කාය පවතීද ඒ තාක් දෙතිස් කම්කටොලු, අටඅනූ රෝග, පස්විසි මහා භය, ආදියෙන් මිදීමක් නැත. ඒ මහා යෝධයාගේ සන්නාහය මෙන් සීල නමැති සන්නාහය ගෙන ප්‍රඥා නමැති කඩුව ගෙන, රහත් මගින් තෘෂ්ණාව නමැති එක්ටැම් කුළුණ ගලවා, ඒ යෝධයා දොරපළුව සහ නුවර කවුළුව මෙන් වූ පංච ඕරම්භාගිය සංයෝජන නමැති අගුළු කණුව උගුළුවා අවිද්‍යාව නමැති කැණිමඩල ඔසවා, පවුර බිඳිමින් දියඅගල මෙන් වූ කර්මාභිසංස්කාර බිඳ, ජාති සංසාර නමැති දියඅගල විසුරුවා, නගරාලංකාරය සඳහා එසවූ කොඩි මෙන් වූ මාන නමැති ධජ පතාක ගලවා, සක්කාය නමැති නගරය දවා ඒ යෝධතෙම නගරයේ ප්‍රාසාද මතුයෙහි සිට ජයපැන් බොන්නාක් මෙන් කෙලෙස් රහිත වූ නිවන්පුර පිවිස අමා නිවන් අරමුණු කොට ඇති ඵල සමවත් සුව විඳිමින් කල් ගෙවයි.
ඉදානි එවං විමුත්තචිත්තස්ස ඛීණාසවස්ස පරෙහි අනධිගමනීයවිඤ්ඤාණතං දස්සෙන්තො එවං විමුත්තචිත්තං ඛොතිආදිමාහ. තත්ථ අන්වෙසන්ති අන්වෙසන්තා ගවෙසන්තා. ඉදං නිස්සිතන්ති ඉදං නාම නිස්සිතං. තථාගතස්සාති එත්ථ සත්තොපි තථාගතොති අධිප්පෙතො, උත්තමපුග්ගලො ඛීණාසවොපි. අනනුවිජ්ජොති අසංවිජ්ජමානො වා අවින්දෙය්යො වා. තථාගතොති හි සත්තෙ ගහිතෙ අසංවිජ්ජමානොති අත්ථො වට්ටති, ඛීණාසවෙ ගහිතෙ අවින්දෙය්යොති අත්ථො වට්ටති.
මෙවිට මෙසේ මිදුණු සිත් ඇති රහතන් වහන්සේ ගේ, අන්‍යයන් විසින් නො ලැබිය හැකි විඥානය දක්වනුයේ එවං විමුත්තචිත්තං ඛො යනාදිය දැක්වීය. එහි අන්වෙසං සොයන්නාහූ ඉදං නිස්සිතං මේ අරමුණ ඇසුරු කළේ තථාගතස්ස මෙහි සත්ත්ව තෙමේ ද තථාගතයෝ ද උතුම් පුද්ගලයන් වූ රහතන් වහන්සේලා ද අදහස් කරන ලදී. අනනුවෙජ්ජො අවිද්‍යාමාන වූයේ හෝ නොලැබිය හැකි වූයේ ‘තථාගතො’ සත්ත්වයා ගත්කල්හි ‘අවිද්‍යමාන වූයේ’ යන අර්ථය සුදුසුය. ක්ෂීණාශ්රවයා ගත්කල්හි නොලැබිය හැක්කේ යන අර්ථය සුදුසුය.
තත්ථ පුරිමනයෙ අයමධිප්පායො – භික්ඛවෙ, අහං දිට්ඨෙව ධම්මෙ ධරමානකංයෙව ඛීණාසවං තථාගතො සත්තො පුග්ගලොති න පඤ්ඤපෙමි. අප්පටිසන්ධිකං පන පරිනිබ්බුතං ඛීණාසවං සත්තොති වා පුග්ගලොති වා කිං පඤ්ඤපෙස්සාමි? අනනුවිජ්ජො තථාගතො. න හි පරමත්ථතො සත්තො නාම කොචි අත්ථි, තස්ස අවිජ්ජමානස්ස ඉදං නිස්සිතං විඤ්ඤාණන්ති අන්වෙසන්තාපි කිං අධිගච්ඡිස්සන්ති? කථං පටිලභිස්සන්තීති අත්ථො. දුතියනයෙ අයමධිප්පායො – භික්ඛවෙ, අහං දිට්ඨෙව ධම්මෙ ධරමානකංයෙව ඛීණාසවං විඤ්ඤාණවසෙන ඉන්දාදීහි අවින්දියං වදාමි. න හි සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා අන්වෙසන්තාපි ඛීණාසවස්ස විපස්සනාචිත්තං වා මග්ගචිත්තං වා ඵලචිත්තං වා, ඉදං නාම ආරම්මණං නිස්සාය වත්තතීති ජානිතුං සක්කොන්ති. තෙ අප්පටිසන්ධිකස්ස පරිනිබ්බුතස්ස කිං ජානිස්සන්තීති?
එහි පළමු න්‍යායයෙහි මේ අදහසයි. මහණෙනි! මම මේ ආත්ම භාවයෙහි ජීවමාන වූම ක්ෂීණාශ්රවයා තථාගතය, සත්ත්වයා පුද්ගල යයි නො පනවමි. යළි පිළිසිඳ නොගත්තා වූ හෝ, පිරිනිවියා වූ හෝ ක්ෂීණාශ්රවයා සත්ත්වයා කියා හෝ පුද්ගලයා කියා කෙසේ පනවන්නේද? ක්ෂීණාශ්රවයා නොලැබිය හැක්කේය. පරමාර්ථ වශයෙන් කිසි සත්ත්වයෙක් නැත්ද? ඒ නොපෙනී ගියාහුගේ විඥානය මෙය ඇසුරු කළේ යයි සොයන්නාහුද? නැතිනම් අධිගමය කරන්නාහුද? කෙසේ ලබන්නහුද? යන අර්ථයි. දෙවෙනි න්යයයෙහි මෙසේ අදහස් වේ. මහණෙනි, මම මේ අත්බවෙහි ජීවමාන වූම ක්ෂීණාශ්රවයා විඥාන වශයෙන් නො ලැබිය හැකියයි කියමි. ශක්‍රයා සහිත වූ, බ්‍රහ්මයා සහිත වූ, මාරයා සහිත වූ දෙවියන් විසින් සොයන්නේ නමුදු, ක්ෂීණාශ්රවයාගේ විදර්ශනා සිත හෝ මාර්ග සිත හෝ ඵල සිත හෝ මෙනම් අරමුණු නිසා පවතීයයි දැනගන්නට නොහැකි වේ. එසේ තිබියදී ඔව්හූ පිළිසිඳ නොගත් හෝ පිරිනිවි හෝ කෙනෙකුගේ සිත කෙසේ දැනගනිත්ද?
අසතාති අසන්තෙන. තුච්ඡාති තුච්ඡකෙන. මුසාති මුසාවාදෙන. අභූතෙනාති යං නත්ථි, තෙන. අබ්භාචික්ඛන්තීති අභිආචික්ඛන්ති, අභිභවිත්වා වදන්ති. වෙනයිකොති විනයති විනාසෙතීති විනයො, සො එව වෙනයිකො, සත්තවිනාසකොති අධිප්පායො. යථා චාහං න, භික්ඛවෙති, භික්ඛවෙ, යෙන වාකාරෙන අහං න සත්තවිනාසකො. යථා චාහං න වදාමීති යෙන වා කාරණෙන අහං සත්තවිනාසං න පඤ්ඤපෙමි. ඉදං වුත්තං හොති – යථාහං න සත්තවිනාසකො, යථා ච න සත්තවිනාසං පඤ්ඤපෙමි, තථා මං තෙ භොන්තො සමණබ්රාහ්මණා “වෙනයිකො සමණො ගොතමො”ති වදන්තා සත්තවිනාසකො සමණො ගොතමොති ච, “සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙතී”ති වදන්තා සත්තවිනාසං පඤ්ඤපෙතීති ච අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්තීති.
අසතා අවිද්‍යමාන වූයෙන්, තුච්ඡා හිස් වචනයෙන්, මුසා බොරුවෙන්, අභූතෙන සිදු නො වූ දෙයින්, අබ්භාවික්කන්ති අභිබවා කියත්. වෙනයිකො ‘විනය’ වනසානුයි ‘විනය’ නමි. එයම වෙනයික නමි. සත්ත්වයන් වනසන්නෙක යන අදහසයි. යථාවාහං භිකඛවෙ -න- මහණෙනි, යම් ආකාරයකින් මම සත්ත්ව විනාශය නොපනවන්නෙමි. යම් පරිද්දෙකින් සතුන් වනසන්නෙක් නොවෙමි. යම්සේත් සත්ත්ව විනාශය නොපනවන්නෙම්ද එපරිද්දෙන් මම ඒ පින්වත් මහණ බමුණෝ වෙනයිකො සමණෙ ගොතමො කියමින් මහණ ගොයුම් සතුන් වනසන්නෙකැයි ද, සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙති කියමින් සත්ත්වයන්ගේ විනාශය පනවා යයි ද අසත්‍ය වූ හිස් වූ බොරු වූ අභූත වචනයෙන් අභිබවා කියත්.
පුබ්බෙ චාති පුබ්බෙ මහාබොධිමණ්ඩම්හියෙව ච. එතරහි චාති එතරහි ධම්මදෙසනායඤ්ච. දුක්ඛඤ්චෙව පඤ්ඤපෙමි, දුක්ඛස්ස ච නිරොධන්ති ධම්මචක්කං අප්පවත්තෙත්වා බොධිමණ්ඩෙ විහරන්තොපි ධම්මචක්කප්පවත්තනතො පට්ඨාය ධම්මං දෙසෙන්තොපි චතුසච්චමෙව පඤ්ඤපෙමීති අත්ථො. එත්ථ හි දුක්ඛග්ගහණෙන තස්ස මූලභූතො සමුදයො, නිරොධග්ගහණෙන තංසම්පාපකො මග්ගො ගහිතොව හොතීති වෙදිතබ්බො. තත්ර චෙති තස්මිං චතුසච්චප්පකාසනෙ. පරෙති සච්චානි ආජානිතුං පටිවිජ්ඣිතුං අසමත්ථපුග්ගලා. අක්කොසන්තීති දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති. පරිභාසන්තීති වාචාය පරිභාසන්ති. රොසෙන්ති විහෙසෙන්තීති රොසෙස්සාම විහෙසෙස්සාමාති අධිප්පායෙන ඝට්ටෙන්ති දුක්ඛාපෙන්ති. තත්රාති තෙසු අක්කොසාදීසු, තෙසු වා පරපුග්ගලෙසු. ආඝාතොති කොපො. අප්පච්චයොති දොමනස්සං. අනභිරද්ධීති අතුට්ඨි.
පුබ්බෙච පෙර ද මහාබෝමැඩදීම, එතරහිච දහම් දෙසුමෙහිද, දුක්ඛඤ්ඤෙව පඤ්ඤාපෙමි දුක්ඛස්ස ච නිරොධං දම්සක් නො පවත්වා බෝමැඩ වසන්නෙම්ද, දම්සක් පැවැත්වීමෙහි පටන් දහම් දෙසන්නෙම්ද, සිව්සස් ම පනවමි යන අර්ථයි. මෙහි දුක ඉපදීමෙන්, ඒ දුකට මුල් වූ සමුදය ද, නිරෝධය ගැනීමෙන් එයට පමුණුවන මාර්ගය ද, ගන්නා ලද්දේම වේ. තත්රචෙ ඒ සිස් ප්‍රකාශ කිරීමෙහි පරෙ සත්‍යයන් දැනගැනීමට අවබෝධ කරගැනීමට අසමර්ථ පුද්ගලයෝ අක්කොසන්ති දස ආක්‍රොශ වස්තූන්ගෙන් පරිභව කෙරෙත්. පරිභාසන්ති වචනයෙන් පරිභාස කෙරෙත්. රොසොනති-විභසෙන්ති කෝප කිරීමේ වෙහෙස කිරීමේ අදහසින් ගැටුම් ඇතිකරත්. දුකට පමුණුවත්. තත්ර ඒ පරිභාස කිරීම්, වෙහෙස කිරීම් ආදියෙහි අනෙක් පුද්ගලයන් කෙරෙහි ආඝාතො වෛරයක් අප්පච්චයො දොම්නසක්, අනභිරද්ධි නොසතුට නොඇල්මක්,
තත්ර චෙති චතුසච්චප්පකාසනෙයෙව. පරෙති චතුසච්චප්පකාසනං ආජානිතුං පටිවිජ්ඣිතුං සමත්ථපුග්ගලා. ආනන්දොති ආනන්දපීති. උප්පිලාවිතත්තන්ති උප්පිලාපනපීති. තත්ර චෙති චතුසච්චප්පකාසනම්හියෙව. තත්රාති සක්කාරාදීසු. යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤාතන්ති ඉදං ඛන්ධපඤ්චකං පුබ්බෙ බොධිමණ්ඩෙ තීහි පරිඤ්ඤාහි පරිඤ්ඤාතං. තත්ථමෙති තස්මිං ඛන්ධපඤ්චකෙ ඉමෙ. කිං වුත්තං හොති? තත්රාපි තථාගතස්ස ඉමෙ සක්කාරා මයි කරීයන්තීති වා අහං එතෙ අනුභවාමීති වා න හොති. පුබ්බෙ පරිඤ්ඤාතක්ඛන්ධපඤ්චකංයෙව එතෙ සක්කාරෙ අනුභොතීති එත්තකමෙව හොතීති. තස්මාති යස්මා සච්චානි පටිවිජ්ඣිතුං අසමත්ථා තථාගතම්පි අක්කොසන්ති, තස්මා. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
තත්ර වෙ සිව්සස් ප්‍රකාශ කිරීමෙහි ම, පරෙ සිවිසස් අවබෝධ කරගැනීමට, ප්‍රතිවේධ කරගැනීමට සමත් පුද්ගලයෝ ආනන්දො ප්‍රීතියක්, උබ්බිලාවිතත්තං ඉල්පෙන ප්‍රීතියක්, තත්රවෙ සිව්සස් ප්‍රකාශ කිරීමෙහි ම, තත්ර සත්කාරාදියෙහි, යං ඛො ඉදං පුබ්බෙ පරිඤ්ඤාතං යම් මේ ස්කන්ධ පහක් බෝමැඩදීම තුන් පරිද්දෙකින් අවබෝධ කරගන්නා ලද්දේ ද, තත්ථ මෙ ඒ ස්කන්ධ පසෙහි මොව්හූ කුමක් කියන ලද වේද, එහි ද තථාගතයන්ට මේ සත්කාරයෝ මා කෙරෙහි කරනු ලැබෙතියි හෝ මම ඒ සත්කාර අනුභව කෙරෙමියි හෝ නොවෙයි. පෙර අවබෝධ කළ ස්කන්ධ පංචකයම ඒ සත්කාර අනුභව කෙරෙයි. තස්මා යම්හෙයකින් සත්‍යයන් අවබෝධ කිරීමට අසමත් වූවෝ තථාගතයන්ට ආක්‍රෝශ කෙරෙත් ද, ඉතිරිය කී නයින්ම දතයුතු.
තස්මා තිහ, භික්ඛවෙ, යං න තුම්හාකන්ති යස්මා අත්තනියෙපි ඡන්දරාගප්පහානං දීඝරත්තං හිතාය සුඛාය සංවත්තති, තස්මා යං න තුම්හාකං, තං පජහථාති අත්ථො. යථාපච්චයං වා කරෙය්යාති යථා යථා ඉච්ඡෙය්ය තථා තථා කරෙය්ය. න හි නො එතං, භන්තෙ, අත්තා වාති, භන්තෙ, එතං තිණකට්ඨසාඛාපලාසං අම්හාකං නෙව අත්තා න අම්හාකං රූපං න විඤ්ඤාණන්ති වදන්ති. අත්තනියං වාති අම්හාකං චීවරාදිපරික්ඛාරොපි න හොතීති අත්ථො. එවමෙව ඛො, භික්ඛවෙ, යං න තුම්හාකං තං පජහථාති භගවා, ඛන්ධපඤ්චකංයෙව න තුම්හාකන්ති දස්සෙත්වා පජහාපෙති, තඤ්ච ඛො න උප්පාටෙත්වා, ලුඤ්චිත්වා වා. ඡන්දරාගවිනයෙන පනෙතං පජහාපෙති.
තස්මාතිහ භික්ඛවෙ යං න තුම්හාකං යම්හෙයකින් තමා කෙරෙහිම ඡන්දරාග ප්රහාණය දිගුකලක් හිතසුව පිණිස පවතීද, එහෙයින් යමක් තොපගේ නොවේද? එය දුරුකරවු යන අර්ථයි. යථාපච්චයං වා කරෙය්ය යම් යම් සේ කැමති වන්නේද ඒ ඒ පරිද්දෙන් කරන්නේය. න හි නො එතං භන්තෙ අත්තා වහන්ස, මේ තණ දර කොළ අපගේ ආත්මය නො වේමය. අපගේ රූපය නො වේමය. විඥානය නොවේමය. අත්තනියංවා අපගේ සිවුරු ආදී පිරිකර ද නො වේමය යන අර්ථයි. එවමෙව ඛො භික්ඛවෙ යං න තුම්හාකං තං පජහථ භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පංචකයම තොපගේ නොවේ යයි දක්වා දුරු කරවති. එය වනාහි උපුටා හෝ ගලවා හෝ නොවේ. ඡන්දරාගයෙන්ම එය දුරුකරවයි.
එවං ස්වාක්ඛාතොති එත්ථ තිපරිවට්ටතො පට්ඨාය යාව ඉමං ඨානං ආහරිතුම්පි වට්ටති, පටිලොමෙන පෙමමත්තකෙන සග්ගපරායණතො පට්ඨාය යාව ඉමං ඨානං ආහරිතුම්පි වට්ටති. ස්වාක්ඛාතොති සුකථිතො. සුකථිතත්තා එව උත්තානො විවටො පකාසිතො. ඡින්නපිලොතිකොති පිලොතිකා වුච්චති ඡින්නං භින්නං තත්ථ තත්ථ සිබ්බිතං ගණ්ඨිකතං ජිණ්ණං වත්ථං, තං යස්ස නත්ථි, අට්ඨහත්ථං වා නවහත්ථං වා අහතසාටකං නිවත්ථො, සො ඡින්නපිලොතිකො නාම. අයම්පි ධම්මො තාදිසො, න හෙත්ථ කොහඤ්ඤාදිවසෙන ඡින්නභින්නසිබ්බිතගණ්ඨිකතභාවො අත්ථි. අපිච කචවරො පිලොතිකොති වුච්චති. ඉමස්මිඤ්ච සාසනෙ සමණකචවරං නාම පතිට්ඨාතුං න ලභති. තෙනෙවාහ –
එවං ස්වක්ඛා තො යන මෙහි ත්රිපරිවෘත්තය පටන් මෙතැන දක්වා ගැනීම සුදුසුය. ප්‍රතිලෝමයෙන් (මුල සිට ගැනීමෙන්) ප්‍රේම මාත්‍රයකින් ස්වර්ග පරායණයේ පටන් මෙතැන දක්වා ගන්නට නිසිය. ස්වාක්ඛාතො මැනවින් කියන ලද්දේ ය. ඉතා හොඳින් කියන ලද බැවින් නො ගැඹුරුය. විවෘතව දක්වන ලද්දේය. පිලොතිකා යනු සුන්බුන් වූ ඒ ඒ තැන මසන ලද, ගැටගසන ලද වස්ත්රයයි. එය යමෙකුට නැත්ද අටරියන් හෝ නවරියන් හෝ අළුත් සළුවක් අඳින ලද්දේ වේද හෙතෙම ඡින්න පිලොතික නම් වෙයි. මේ ධර්මය ද එසේය. කුහක බව ආදී වශයෙන් සුන්බුන් මසන ලද, ගැටගසන ලද බවක් නැත. තව ද කසළ ද ‘පිලොතිකා’ යන්නෙන් ගැනේ. මේ ශාසනයෙහි මහණ කසළක් නම් පිහිටා සිටින්නට නො ලැබේ.
“කාරණ්ඩවං නිද්ධමථ, කසම්බුඤ්චාපකස්සථ; තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ.
කාරණ්ඩවං නිද්ධමථ - කසම්බුඤ්ඤචාව කඩ්ඪථ තතො පලාපෙ වාහෙථ - අස්සමණො සමණ මානිනෙ
නිද්ධමිත්වාන පාපිච්ඡෙ, පාපආචාරගොචරෙ; සුද්ධා සුද්ධෙහි සංවාසං, කප්පයව්හො පතිස්සතා; තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථා”ති. (සු· නි· 283-285);
නිද්ධමිත්වාන පාපිච්ඡෙ - පාප ආචාර ගෝචරෙ සුද්ධා සුද්ධෙහි සංවාසං - කප්පයව්හො පතිස්සතා තතො සමග්ගා නිපකා - දුක්ඛස්සන්තං කරිස්සථා
ශ්‍රමණ කසළය, පිඹහරිමු. ශ්‍රමණ කසටය, බැහැර දමවු - නැත අපි ශ්රමණයන් යයි මාන්නය ඇති අශ්‍රමණයෝ නිසරු බැවින් (වී අතුරෙහි බොල් වී මෙන් ශ්රමණයන් අතුරෙන්) උල්පවා හරිවු.)
ලාමක ආශා ඇති ලාමක හැසිරීම් ඇති ශ්රමණයන් බැහැර කොට නිර්මල වූවාහු සිහි කල්පනාවෙන් යුක්ත වූවාහු පිරිසිදු ඇත්තන් සමග සහවාස කරමු. නැවත සමගි වූවාහු නිපක නම් ප්‍රඥාවෙන් යුක්ත වූවාහු සසර දුක කෙළවර කරවු.
ඉති සමණකචවරස්ස ඡින්නත්තාපි අයං ධම්මො ඡින්නපිලොතිකො නාම හොති.
මෙසේ මහණ කසළය සුන් බැවින් ද මේ ධර්මය ඡින්නපිලොතික නම් වේ.
වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායාති තෙසං වට්ටං අපඤ්ඤත්තිභාවං ගතං නිප්පඤ්ඤත්තිකං ජාතං. එවරූපො මහාඛීණාසවො එවං ස්වාක්ඛාතෙ සාසනෙයෙව උප්පජ්ජති. යථා ච ඛීණාසවො, එවං අනාගාමිආදයොපි.
වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය මොවුන්ගේ වෘත්තීය නොපැනවිය හැකි බවට ගියේය. ප්රඥප්ති රහිත විය. මෙබඳු වූ මහරහතන් වහන්සේ මේ ස්වාක්ඛාත වූ ශාසනයෙහිම උපදී. තව ද අනාගාමී ආදීහුද එසේයි.
තත්ථ ධම්මානුසාරිනො සද්ධානුසාරිනොති ඉමෙ ද්වෙ සොතාපත්තිමග්ගට්ඨා හොන්ති. යථාහ – “කතමො ච පුග්ගලො ධම්මානුසාරී? යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤාවාහිං පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො ධම්මානුසාරී, ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො. කතමො ච පුග්ගලො සද්ධානුසාරී? යස්ස පුග්ගලස්ස සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධාවාහිං සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුග්ගලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො සද්ධානුසාරී, ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො”ති (පු· ප· 30).
එහි ධම්මානුසාරිනො, සද්ධානුසාරිනො යන මේ දෙදෙන සෝවාන් මග සිටියෝ වෙති. ධම්මානුසාරී පුද්ගලයා කවරේද? සෝවාන්ඵල පසක් කිරීම සඳහා පිළිපන්නා වූ යම් පුද්ගලයකුගේ පඤ්ඤෙන්ද්රිය අධිමාත්‍ර වේද? ප්‍රඥාව එළවන සුළු වූයේ ප්‍රඥාව පෙරදැරිකොට ඇති ආර්ය මාර්ගය වඩාද ඔහු ධම්මානුසාරී නම් වේ. සෝවාන් ඵල අවබෝධ කිරීම පිණිස සූදානම් පුද්ගලයා ධම්මානුසාරීය. ඵලයෙහි සිටියේ දෘෂ්ටිප්රාප්තය. සද්ධානුසාරී පුද්ගලයා කවරේද? සෝවාන්ඵල පසක් කිරීම පිණිස පිළිපන්නා වූ යම් පුද්ගලයෙකුගේ ශ්‍රද්ධා ඉන්ද්රිය අධිමාත්‍ර වේද? ශ්‍රද්ධාව එළවනසුළු වූයේ ශ්‍රද්ධාව පෙරදැරිකොට ඇතිව ආර්ය මාර්ගය වඩාද හෙතෙම සද්ධානුසාරී නම් වේ. සෝවාන්ඵල පසක් කිරීම පිළිබඳව පිළිපන් පුද්ගලයා සද්ධානුසාරීය. ඵලයෙහි පිහිටියේ සද්ධා විමුත්ත නම් වේ.
යෙසං මයි සද්ධාමත්තං පෙමමත්තන්ති ඉමිනා යෙසං අඤ්ඤො අරියධම්මො නත්ථි, තථාගතෙ පන සද්ධාමත්තං පෙමමත්තමෙව හොති. තෙ විපස්සකපුග්ගලා අධිප්පෙතා. විපස්සකභික්ඛූනඤ්හි එවං විපස්සනං පට්ඨපෙත්වා නිසින්නානං දසබලෙ එකා සද්ධා එකං පෙමං උප්පජ්ජති. තාය සද්ධාය තෙන පෙමෙන හත්ථෙ ගහෙත්වා සග්ගෙ ඨපිතා විය හොන්ති, නියතගතිකා කිර එතෙ. පොරාණකත්ථෙරා පන එවරූපං භික්ඛුං චූළසොතාපන්නොති වදන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
යෙසං මයි සද්ධාමත්තං පෙම්මත්තං මෙයින් යම් කෙනෙකුන්ට අන්‍ය ආර්ය ධර්මයෙක් නැත්ද? එතකුදු වුවත් තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පමණක් වේද ඒ විදර්ශක පුද්ගලයෝ අදහස් කරන ලදී. විදසුන් පිහිටුවා හුන් විදර්ශක භික්ෂූන්ට දසබලයන් කෙරෙහි හුදු ශ්‍රද්ධාව, හුදු ප්‍රේමය උපදී. ඒ ශ්‍රද්ධාවෙන් ඒ ප්‍රේමයෙන් අත්ගෙන ස්වර්ගයෙහි තබන ලද්දවුන් මෙන් වෙති. මොව්හූ නියති ගතිකයෝය. පෞරාණික ස්ථවිරයෝ වනාහි මෙබඳු මහණ චුල්ල සෝතාපන්න යයි කියති. සෙසු පදයන්හි ප්‍රකට අර්ථ ඇත්තේමැයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අලගද්දූපමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අලගද්දූපම සුත්‍ර වර්ණනාව නිමියේය.