යෙදුමෙන් කියවන්න

කකචූපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

කකචූපමසුත‍්තවණ‍්ණනා

කකචූපම සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කකචූපමසුත‍්තං. තත්‍ථ මොළියඵග‍්ගුනොති මොළීති චූළා වුච‍්චති. යථාහ –

එවම්මෙසුතං යනු කකචූපම සූත්‍රයයි. එහි මොලිය එග්ගුන්නො මෝලිය නම් (සිළුව) කොණ්ඩය යයි කියනු ලැබේ.

“ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං, වෙහායසං උක‍්ඛිපි සක්‍යපුඞ‍්ගවො; රතනචඞ‍්කොටවරෙන වාසවො, සහස‍්සනෙත‍්තො සිරසා පටිග‍්ගහී”ති.

ඡෙත්‍වාන මොලිං වර ගන්‍ධ වාසිතං වෙහාසයං උක්ඛිපි සක්‍ය පුඞ්ගවො රතනස්ස චඞ්ගොටවරෙන වාසවො සහස්ස නෙත්තො සිරසා පටිග්ගහි

බෝසත් තෙම උතුම් වූ සුවඳ ගල්වන ලද කොණ්ඩය සිඳ අහසට දැමීය. ශක්‍ර දේවේන්ද්‍රයා උතුම් වූ රන් කරඬුවකින් මුදුනින් පිළිගත්තේ ය.

සා තස‍්ස ගිහිකාලෙ මහතී අහොසි, තෙනස‍්ස මොළියඵග‍්ගුනොති සඞ‍්ඛා උදපාදි. පබ‍්බජිතම‍්පි නං තෙනෙව නාමෙන සඤ‍්ජානන‍්ති. අතිවෙලන‍්ති වෙලං අතික‍්කමිත්‍වා. තත්‍ථ කාලවෙලා, සීමවෙලා, සීලවෙලාති තිවිධා වෙලා. “තායං වෙලායං ඉමං උදානං උදානෙසී”ති (ධම‍්මපදෙ වග‍්ගානමුද‍්දානං, ගාථානමුද‍්දානං; මහාව· 1-3) අයං කාලවෙලා නාම. “ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තතී”ති (චූළව· 384; උදා· 45; අ· නි· 8.19) අයං සීමවෙලා නාම. “වෙලාඅනතික‍්කමො සෙතුඝාතො”ති (ධ· ස· 299-301) ච, “වෙලා චෙසා අවීතික‍්කමනට‍්ඨෙනා”ති ච, අයං සීලවෙලා නාම. තං තිවිධම‍්පි සො අතික‍්කමියෙව. භික‍්ඛුනියො හි ඔවදිතුං කාලො නාම අත්‍ථි, සො අත්‍ථඞ‍්ගතෙපි සූරියෙ ඔවදන‍්තො තං කාලවෙලම‍්පි අතික‍්කමි. භික‍්ඛුනීනං ඔවාදෙ පමාණං නාම අත්‍ථි සීමා මරියාදා. සො උත‍්තරිඡප‍්පඤ‍්චවාචාහි ඔවදන‍්තො තං සීමවෙලම‍්පි අතික‍්කමි. කථෙන‍්තො පන දවසහගතං කත්‍වා දුට‍්ඨුල‍්ලාපත‍්තිපහොනකං කථෙති, එවං සීලවෙලම‍්පි අතික‍්කමි.

ඔහුගේ කොණ්ඩය ‘මොලිය’ ගිහි කල විශාල විය. එහෙයින් ඔහුට මොලිය එග්ගුණ යන නාමය උපන. පැවිදි වුව ද ඔහු ඒ නමින් ම හඳුන්වති. අතිවෙලං වේලා ඉක්මවා, එහි කාලවේලා, සීමා වෙලා - සීල වේලායයි වෙලාව තෙ පරිදි වේ. තායං වෙලායං ඉමං උදානං උදානෙසි යන මෙහි කාල වේලාවය. ඨිත ධම්මො වෙලං නාති වත්තති යන මෙහි සීමවේලාවය නමි. වෙලා අනතික්කම්මො සෙතුඝාතො, යිද, වෙලා වෙසා අනතික්කමනට්ඨෙන යනු ද සීලවේලා නමි. මේ ත්‍රිවිධ වූ වේලාවන්ම ඔහු ඉක්මවූයේය. භික්‍ෂුණීන්ට අවවාද කරන්නට කාලයක් නම් ඇත. හෙතෙම හිරු අස්තංගත වූ කල්හිද, අවවාද කරන්නේ ඒ සීම වේලාවද ඉක්මවීය. භික්‍ෂුණීන්ට අවවාද කිරීමෙහි ප්‍රමාණයක් සීමාවක් චාරිත්‍රයක් ඇත. හෙතෙම වචන පහකින් හයකින් මත්තෙහි අවවාද කරන්නේ කාල වේලාවද ඉක්මවීය. යළි කථා කරන්නේ ක්‍රීඩා සහගතකොට දුට්ඨුල්ලාපත්ති ඇවතට පොහොනක් කොට කථා කරති. මෙසේ සීල වේලාව ඉක්මවීය.

සංසට‍්ඨොති මිස‍්සීභූතො සමානසුඛදුක‍්ඛො හුත්‍වා. සම‍්මුඛාති පුරතො. අවණ‍්ණං භාසතීති තා පන පචනකොට‍්ටනාදීනි කරොන‍්තියො දිස‍්වා නත්‍ථි ඉමාසං අනාපත‍්ති නාම, ඉමා භික‍්ඛුනියො අනාචාරා දුබ‍්බචා පගබ‍්භාති අගුණං කථෙති. අධිකරණම‍්පි කරොතීති ඉමෙසං භික‍්ඛූනං ඉමා භික‍්ඛුනියො දිට‍්ඨකාලතො පට‍්ඨාය අක‍්ඛීනි දය‍්හන‍්ති, ඉමස‍්මිං විහාරෙ පුප‍්ඵපූජා වා ආසනධොවනපරිභණ‍්ඩකරණාදීනි වා ඉමාසං වසෙන වත‍්තන‍්ති. කුලධීතරො එතා ලජ‍්ජිනියො, තුම‍්හෙ ඉමා ඉදඤ‍්චිදඤ‍්ච වදථ, අයං නාම තුම‍්හාකං ආපත‍්ති හොති, විනයධරානං සන‍්තිකං ආගන‍්ත්‍වා විනිච‍්ඡයං මෙ දෙථාති අධිකරණං ආකඩ‍්ඪති.

සංසට්ඨො මිශ්‍ර වූයේ සමාන සුවදුක් ඇතියෙක් ව, සම්මුඛා අභිමුඛයෙහි, අවණ්ණං භාසති ඔවුන් පිසීම්, කෙටීම්, ආදිය කරන්නවුන් දැක, මොවුන්ට නො ඇවැත් නම් නැත. (ඇවැත් ඇති) මේ භික්‍ෂුණීහු අනාචාර ඇත්තාහුය. නරක ව්‍රත ඇත්තාහුය. ප්‍රගල්හ (කාය වාග්) වූවාහු යයි අගුණ කියයි. අධිකරණම්පි කරොති මේ භික්‍ෂූහු මේ භික්‍ෂුණීන් දුටුකල පටන් මේ භික්‍ෂූන්ගේ ඇස් දැවෙති. මේ විහාරයෙහි මල් පිදීම හෝ ආසන සේදීම් හෝ පිරිබඩ කිරීම් ආදිය හෝ මොවුන්ගේ වශයෙන් පවතිත්. මෑලා ලජ්ජා ඇති කුල දූවරුන්ය. තෙපි මේ අයට මේ මේ වචන කියහු ද, තොපට මේ නම් ඇවැත් වෙති. විනයධරයන් වෙත පැමිණිවිට විනිශ්චය දුන මැනවැයි අධිකරණය ඉදිරියට අදියි.

මොළියඵග‍්ගුනස‍්ස අවණ‍්ණං භාසතීති නත්‍ථි ඉමස‍්ස භික‍්ඛුනො අනාපත‍්ති නාම. නිච‍්චකාලං ඉමස‍්ස පරිවෙණද‍්වාරං අසුඤ‍්ඤං භික‍්ඛුනීහීති අගුණං කථෙති. අධිකරණම‍්පි කරොන‍්තීති ඉමෙසං භික‍්ඛූනං මොළියඵග‍්ගුනත්‍ථෙරස‍්ස දිට‍්ඨකාලතො පට‍්ඨාය අක‍්ඛීනි දය‍්හන‍්ති. ඉමස‍්මිං විහාරෙ අඤ‍්ඤෙසං වසනට‍්ඨානං ඔලොකෙතුම‍්පි න සක‍්කා. විහාරං ආගතභික‍්ඛුනියො ඔවාදං වා පටිසන්‍ථාරං වා උද‍්දෙසපදං වා ථෙරමෙව නිස‍්සාය ලභන‍්ති, කුලපුත‍්තකො ලජ‍්ජී කුක‍්කුච‍්චකො, එවරූපං නාම තුම‍්හෙ ඉදඤ‍්චිදඤ‍්ච වදථ, එථ විනයධරානං සන‍්තිකෙ විනිච‍්ඡයං දෙථාති අධිකරණං ආකඩ‍්ඪන‍්ති.

මොලිය ඒග්ගුන්නස්ස අවණ්ණං භාසති මේ මහණ හට ඇවැත් ඇත. නිරතුරු මොහුගේ පිරිවෙන් දොර භික්‍ෂුණීන්ගෙන් නොසිස් යයි අගුණ කියයි. අධිකරණම්පි කරොන්ති මෝලිය එග්ගුන තෙරුන් දුටු කල පටන් මේ භික්‍ෂූන්ගේ ඇස් දැවෙති. මේ විහාරයෙහි අන්‍යයන්ගේ වාසස්ථානයක් බලන්නට ද නො හැකිය. විහාරයට පැමිණි භික්‍ෂුණීහු අවවාද හෝ පිළිසඳර හෝ උද්දේස පද හෝ තෙරුන් නිසාම ලබති. මෙතෙම කුල පුත්‍රයෙක, ලජ්ජා ඇත්තෙක. කුකුස් ඇත්තෙක. මෙබඳු භික්‍ෂුවකට තෙපි මේ වචන කියහුද? එවූ විනයධරයන් ඉදිරියේ විනිශ්චය දෙවු යයි අධිකරණයට ඉදිරිපත් කරත්.

සො භික‍්ඛු භගවන‍්තං එතදවොචාති නෙව පියකම්‍යතාය න භෙදාධිප‍්පායෙන, අත්‍ථකාමතාය අවොච. එකං කිරස‍්ස අහොසි – “ඉමස‍්ස භික‍්ඛුස‍්ස එවං සංසට‍්ඨස‍්ස විහරතො අයසො උප‍්පජ‍්ජිස‍්සති. සො සාසනස‍්සාපි අවණ‍්ණොයෙව. අඤ‍්ඤෙන පන කථිතො අයං න ඔරමිස‍්සති, භගවතා ධම‍්මං දෙසෙත්‍වා ඔවදිතො ඔරමිස‍්සතී”ති තස‍්ස අත්‍ථකාමතාය භගවන‍්තං එතං, “ආයස‍්මා, භන‍්තෙ”තිආදිවචනං අවොච.

සො භික්ඛු භගවන්තං එතදවොච ප්‍රිය බව කැමැත්තෙන් නොම වෙයි. භේදාධ්‍යාශයෙන් නොවෙයි. වැඩ කැමති බැවින් හිතවත්ව කීය. ඔහුට මෙසේ සිතීල, මෙසේ සංසර්ගව වාසය කරන්නා වූ මේ භික්‍ෂුවට අයස උපදින්නේ ය. හෙතෙම ශාසනයාගේ ද අගුණයෙක් විය. එතකුදු වුවත් වෙනත් කෙනෙකු විසින් කීවත් මොහු මෙය නො නවත්නේ ය. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා අවවාද දී නැවැත්විය යුතු වන්නේය. ඔහුට වැඩ කැමති බැවින් භාග්‍යවතුන් වහන්සේ ආයස්මා භන්තෙ ආදී වචන කීයේය.

ආමන‍්තෙහීති ජානාපෙහි. ආමන‍්තෙතීති පක‍්කොසති.

ආමන්තෙහි දන්වව, ආමන්තෙහි කැඳවව.

සද‍්ධාති සද‍්ධාය. තස‍්මාති යස‍්මා ත්‍වං කුලපුත‍්තො චෙව සද‍්ධාපබ‍්බජිතො ච, යස‍්මා වා තෙ එතාහි සද‍්ධිං සංසට‍්ඨස‍්ස විහරතො යෙ තා අක‍්කොසිස‍්සන‍්ති වා, පහරිස‍්සන‍්ති වා, තෙසු දොමනස‍්සං උප‍්පජ‍්ජිස‍්සති, සංසග‍්ගෙ පහීනෙ නුප‍්පජ‍්ජිස‍්සති, තස‍්මා. තත්‍රාති තස‍්මිං අවණ‍්ණභාසනෙ. ගෙහසිතාති පඤ‍්චකාමගුණනිස‍්සිතා. ඡන්‍දාති තණ‍්හාඡන්‍දාපි පටිඝඡන්‍දාපි. විපරිණතන‍්ති රත‍්තම‍්පි චිත‍්තං විපරිණතං. දුට‍්ඨම‍්පි, මූළ‍්හම‍්පි චිත‍්තං විපරිණතං. ඉධ පන තණ‍්හාඡන්‍දවසෙන රත‍්තම‍්පි වට‍්ටති, පටිඝඡන්‍දවසෙන දුට‍්ඨම‍්පි වට‍්ටති. හිතානුකම‍්පීති හිතෙන අනුකම‍්පමානො හිතෙන ඵරමානො. න දොසන‍්තරොති න දොසචිත‍්තො භවිස‍්සාමි.

තස්මා යම්හෙයකින් තෙපි සද්ධාය, සැදැහැයෙන් කුලපුත්‍ර වූයේ ද සැදැහැයෙන් පැවිදි වූයේ ද? යම්හෙයකින් හෝ මොවුන් සමග සංසර්ගව වාසය කරන්නා වූ තොපට යමෙක් තුමූ ඒ භික්‍ෂුණීන්ට ආක්‍රෝශ කරන්නාහු පහර දෙන්නාහූ වෙත් ද ඔවුන් කෙරෙහි දොම්නස උපදින්නේද? සංසර්ග ප්‍රහීණ වූ කල්හි නූපදින්නේ ද එහෙයින් තත්‍ර ඒ නුගුණ කීමෙහි ගෙහසිතා පංචකාම ගුණ නිශ්‍රිත වූ, ඡන්‍දා තෘෂ්ණා ඡන්‍දයෝද, ප්‍රතිඝ ඡන්‍දයෝ ද, විපරිණතං රාගයෙන් රත් වූ සිත ද විපර්යාස වේ. දුෂ්ට වූ සිත ද මුළා වූ සිත ද, විපර්යාස වේ. මෙහි තෘෂ්ණා ඡන්‍ද වශයෙන් රත් වූ, ප්‍රතිඝ ඡන්‍ද වශයෙන් දුෂ්ට වූ සිත වටී. හිතානුකම්පී හිතවත්ව අනුකම්පා කරන්නේ හිතයෙන් පතුරුවන්නේ න දොසන්තරෙ ද්වේෂ සිත් ඇත්තේ නො වන්නෙමි.

අථ ඛො භගවාති කස‍්මා ආරභි? ඵග‍්ගුනස‍්ස කිර එත‍්තකං ඔවාදං සුත්‍වාපි, “භික‍්ඛුනිසංසග‍්ගතො ඔරමිස‍්සාමි විරමිස‍්සාමී”ති චිත‍්තම‍්පි න උප‍්පන‍්නං, භගවතා පන සද‍්ධිං පටාණී විය පටිවිරුද‍්ධො අට‍්ඨාසි, අථස‍්ස භගවතො යථා නාම ජිඝච‍්ඡිතස‍්ස භොජනෙ, පිපාසිතස‍්ස පානීයෙ, සීතෙන ඵුට‍්ඨස‍්ස උණ‍්හෙ දුක‍්ඛිතස‍්ස සුඛෙ පත්‍ථනා උප‍්පජ‍්ජති. එවමෙව ඉමං දුබ‍්බචං භික‍්ඛුං දිස‍්වා පඨමබොධියං සුබ‍්බචා භික‍්ඛූ ආපාථං ආගමිංසු. අථ තෙසං වණ‍්ණං කථෙතුකාමො හුත්‍වා ඉමං දෙසනං ආරභි.

අථඛො භගවා කවර හෙයින් ආරම්භ කළේද? එග්ගුන හට මෙතෙක් අවවාද අසා ද, භික්‍ෂුණී සංසර්ගය නවත්වන්නෙමි. වළක්වන්නෙමි යන අදහසක් නූපදිති. භාග්‍යවතුන් වහන්සේ සමග විලොම්ව සිටි ඇණයක් මෙන් ප්‍රතිවිරුද්ධව සිටියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බඩගිනි ඇත්තෙකුට භෝජනය මෙන් ද, පිපාසිත වූවහුට දියපොදක් මෙන් ද, සීතලෙන් වෙවුලන්නෙකුට උණුසුම මෙන් ද දුකින් පීඩිත වූවෙකුට සුව ප්‍රාර්ථනා උපදින්නාක් මෙන් ද මේ දුර්වච වූ භික්‍ෂුව දැක, ප්‍රථම බෝධියෙහි සුවච වූ භික්‍ෂූන් ද මිථ්‍යා මාර්ගයට පැමිණියාහු. ඒ භික්‍ෂූන්ගේ විස්තර කියනු කැමැත්තේ මේ දේශනාව ආරම්භ කළහ.

තත්‍ථ ආරාධයිංසූති ගණ‍්හිංසු පූරයිංසු. එකං සමයන‍්ති එකස‍්මිං සමයෙ. එකාසනභොජනන‍්ති එකං පුරෙභත‍්තභොජනං. සූරියුග‍්ගමනතො හි යාව මජ‍්ඣන‍්හිකා සත‍්තක‍්ඛත‍්තුං භුත‍්තභොජනම‍්පි ඉධ එකාසනභොජනන‍්තෙව අධිප‍්පෙතං. අප‍්පාබාධතන‍්ති නිරාබාධතං. අප‍්පාතඞ‍්කතන‍්ති නිද‍්දුක‍්ඛතං. ලහුට‍්ඨානන‍්ති සරීරස‍්ස සල‍්ලහුකං උට‍්ඨානං. බලන‍්ති කායබලං. ඵාසුවිහාරන‍්ති කායස‍්ස සුඛවිහාරං. ඉමිනා කිං කථිතං? දිවා විකාලභොජනං පජහාපිතකාලො කථිතො. භද‍්දාලිසුත‍්තෙ පන රත‍්තිං විකාලභොජනං පජහාපිතකාලො කථිතො. ඉමානි හි ද‍්වෙ භොජනානි භගවා න එකප‍්පහාරෙන පජහාපෙසි. කස‍්මා? ඉමානෙව හි ද‍්වෙ භොජනානි වට‍්ටෙ සත‍්තානං ආචිණ‍්ණානි. සන‍්ති කුලපුත‍්තා සුඛුමාලා, තෙ එකතො ද‍්වෙපි භොජනානි පජහන‍්තා කිලමන‍්ති. තස‍්මා එකතො අපජහාපෙත්‍වා එකස‍්මිං කාලෙ දිවා විකාලභොජනං, එකස‍්මිං රත‍්තිං විකාලභොජනන‍්ති විසුං පජහාපෙසි. තෙසු ඉධ දිවා විකාලභොජනං පජහාපිතකාලො කථිතො. තත්‍ථ යස‍්මා බුද‍්ධා න භයං දස‍්සෙත්‍වා තජ‍්ජෙත්‍වා පජහාපෙන‍්ති, ආනිසංසං පන දස‍්සෙත්‍වා පජහාපෙන‍්ති, එවඤ‍්හි සත‍්තා සුඛෙන පජහන‍්ති. තස‍්මා ආනිසංසං දස‍්සෙන‍්තො ඉමෙ පඤ‍්ච ගුණෙ දස‍්සෙසි.

ආරාධයිංසු ගත්තාහුය, පිරුවාහුය. එකං සමයං එක් කාලයෙක්හි එකාසන භොජනං එක් පෙරබත වැළඳීමි. ඒ එසේමැයි. හිරු නැගීමේ පටන් මධ්‍යහ්නය දක්වා සියක් වර වැළඳූ භෝජනය වුවද මෙහි ඒකාසන භෝජන නමින් ගැනේ. අප්පබාධතං නිරෝගී බව, අප්පාතංක තං නිදුක් බව ලහුට්ඨානං ශරීරයේ සැහැල්ලු පැවතුම, බලං කාය බලය, ඵාසු විහාරං ශරීරයේ සැප විහරණය, මෙයින් කුමක් කියන ලදද? දහවල් විකාල භෝජනය දුරු කරවූ කාලය කියන ලද, භද්දාලි සූත්‍රයෙහි දී රාත්‍රි විකාල භෝජනය දුරුකරවූ කාලය කියන ලදී. මේ විකාල භෝජන දෙක භාග්‍යවතුන් වහන්සේ එක්වරම දුර නොකරවූහ. කුමක් හෙයින්ද? යම්හෙයකින් මේ භෝජන දෙක සසර වසන්නාහු විසින් පුරුදු කරන ලද්දාහුද? සියුමැලි කුලදරුවෝ ඇත්තාහුය. ඔව්හූ එක්වරම භෝජන දෙකම දුරුකරන්නාහු ක්ලාන්ත වෙත්ද? එහෙයින් එක්විට දුරු නො කරවා, එක් කලෙක දිවා විකාල භෝජනය, එක් කලෙක රාත්‍රි විකාල භෝජනයැයි වෙන වෙනම දුරු කරවූ සේක. ඔවුනතුරෙන් මෙහි දිවා විකාල භෝජනය දුරු කරවූ කාලය වදාරන ලදී. එහි යම් හෙයකින් බුදුවරයෝ භය දක්වා තැති ගන්වා දුරු නො කරවත්ද, නැවත අනුසස් දක්වා දුරු කරවත්ද? මෙපරිද්දෙන් සත්ත්වයෝ සුවසේ දුරු කෙරෙත්ද, එහෙයින් අනුසස් දක්වන සේක් මේ පස් ගුණයක් දැක්වූහ.

අනුසාසනී කරණීයාති පුනප‍්පුනං සාසනෙ කත‍්තබ‍්බං නාහොසි. “ඉදං කරොථ, ඉදං මා කරොථා”ති සතුප‍්පාදකරණීයමත‍්තමෙව අහොසි. තාවත‍්තකෙනෙව තෙ කත‍්තබ‍්බං අකංසු, පහාතබ‍්බං පජහිංසු, පඨමබොධියං, භික‍්ඛවෙ, සුබ‍්බචා භික‍්ඛූ අහෙසුං අස‍්සවා ඔවාදපටිකරාති.

න අනුසාසනී කරණීයා නැවත නැවත අනුසාසනයෙන් කටයුතු නොවීය. මෙය කරවු මෙය නොකරවු යයි සිහි ඉපදීම පමණක්ම කළයුතු වී. එපමණකින්ම ඔව්හූ කටයුතු කළාහුය. පහ කළයුතු දේ පහ කළාහුය. මහණෙනි, ප්‍රථම බෝධියෙහි භික්‍ෂූහු සුවච වූහ. කීකරු වූහ. අවවාදය පිළිගෙන කරන්නෝ වූහ.

ඉදානි නෙසං සුබ‍්බචභාවදීපිකං උපමං ආහරන‍්තො සෙය්‍යථාපීතිආදිමාහ. තත්‍ථ සුභූමියන‍්ති සමභූමියං. “සුභූම්‍යං සුඛෙත‍්තෙ විහතඛාණුකෙ බීජානි පතිට‍්ඨපෙය්‍යා”ති (දී· නි· 2.438) එත්‍ථ පන මණ‍්ඩභූමි සුභූමීති ආගතා. චතුමහාපථෙති ද‍්වින‍්නං මහාමග‍්ගානං විනිවිජ‍්ඣිත්‍වා ගතට‍්ඨානෙ. ආජඤ‍්ඤරථොති විනීතඅස‍්සරථො. ඔධස‍්තපතොදොති යථා රථං අභිරුහිත්‍වා ඨිතෙන සක‍්කා හොති ගණ‍්හිතුං, එවං ආලම‍්බනං නිස‍්සාය තිරියතො ඨපිතපතොදො. යොග‍්ගාචරියොති අස‍්සාචරියො. ස‍්වෙව අස‍්සදම‍්මෙ සාරෙතීති අස‍්සදම‍්මසාරථි. යෙනිච‍්ඡකන‍්ති යෙන යෙන මග‍්ගෙන ඉච‍්ඡති. යදිච‍්ඡකන‍්ති යං යං ගතිං ඉච‍්ඡති. සාරෙය්‍යාති උජුකං පුරතො පෙසෙය්‍ය. පච‍්චාසාරෙය්‍යාති පටිනිවත‍්තෙය්‍ය.

මෙවිට ඔවුන්ගේ සුවච බව ප්‍රකාශක වූ උපමාවක් ගෙනහැර දක්වන්නේ සෙය්‍යථාපි යනාදිය වදාළහ. සුභූමියං සම බිමෙහි, සුභුමෙ සුඛෙත්තෙ විහත ඛාණුකෙ බීජානි පතිට්ඨාපෙය්‍ය සකස් කළ භූමිය ‘සුභූමි’ නම් වේ. චාතුම්මහාපථෙ මහා මාර්ග දෙකක් විනිවිද ගිය තැන්හි ආජඤ්ඤරථො හික්මවන ලද අසුන් යෙදූ රථයක් මධ්‍යසතපතොදො යම්සේ රථයට නැගී සිටියහු විසින් ගන්නට හැකිවේද එපරිද්දෙන් අරමුණට එළඹීම නිසා සරසට තබන ලද කැවිටි ඇතියේ යොග්ගාචරියො අශ්වයන් පුහුණු කරන්නෙක් තෙමේම හීලෑ කළයුතු අසුන් හීලෑ කෙරේනුයි අස්සදම්මසාරථී නම් වෙයි. යෙනිච්ඡකං යම් යම් මගකින් කැමති වේද යදිච්ඡකං යම් යම් ගමනක් කැමති වේද, සාරෙය්‍ය ඍජුව ඉදිරියට යවන්නේ ය. පච්චාසාරෙය්‍ය පෙරලා නවත්වන්නේ ය.

එවමෙව ඛොති යථා හි සො යොග‍්ගාචරියො යෙන යෙන මග‍්ගෙන ගමනං ඉච‍්ඡති, තං තං අස‍්සා ආරුළ‍්හාව හොන‍්ති. යාය යාය ච ගතියා ඉච‍්ඡති, සා සා ගති ගහිතාව හොති. රථං පෙසෙත්‍වා අස‍්සා නෙව වාරෙතබ‍්බා න විජ‍්ඣිතබ‍්බා හොන‍්ති. කෙවලං තෙසං සමෙ භූමිභාගෙ ඛුරෙසු නිමිත‍්තං ඨපෙත්‍වා ගමනමෙව පස‍්සිතබ‍්බං හොති. එවං මය‍්හම‍්පි තෙසු භික‍්ඛූසු පුනප‍්පුනං වත‍්තබ‍්බං නාහොසි. ඉදං කරොථ ඉදං මා කරොථාති සතුප‍්පාදනමත‍්තමෙව කත‍්තබ‍්බං හොති. තෙහිපි තාවදෙව කත‍්තබ‍්බං කතමෙව හොති, අකත‍්තබ‍්බං ජහිතමෙව. තස‍්මාති යස‍්මා සුබ‍්බචා යුත‍්තයානපටිභාගා හුත්‍වා සතුප‍්පාදනමත‍්තෙනෙව පජහිංසු, තස‍්මා තුම‍්හෙපි පජහථාති අත්‍ථො.

එවමෙව ඛො යම්සේ ඒ අස් රියැදුරා යම් යම් මගකින් ගමන යන්න කැමති වේද ඒ ඒ මගට අශ්වයෝ ආරූඪ වූවෝම වෙති. තව ද යම් යම් ස්වභාවයක් කැමති වේද ඒ ඒ ස්වභාවයම ගන්නා ලද්දේම වෙයි. රථය යවා අශ්වයන් නො වැළැක්විය යුතු නොවේ. කෙවිටෙන් පහර නො දිය යුත්තාහු වෙති. හුදෙක් සම වූ භූමි භාගයෙහි ඔවුන්ගේ කුරයන්හි සලකුණු තබා ගමනම බැලිය යුතු වේ. එපරිද්දෙන් මට ද ඒ භික්‍ෂූන් කෙරෙහි නැවත නැවත කිවයුත්තෙක් නොවී ය. මේ කරවු මෙය නො කරව් යයි සිහි ඉපදවීම් පමණක්ම කළ යුතු විය. ඔවුන් විසින්ද එකෙණෙහිම කටයුතු කරන ලද්දේ විය. නො කළ යුතු දේ අත්හරින ලද්දේම විය. තස්මා යම්හෙයකින් සුවච වූ අසුන් යෙදූ යානයක් සමාන වූවෝ ම, සිහි ඉපිදවීම් පමණකින්ම අත්හළේ ද එසේම තෙපි ද අත්හළ යුතුය යන අර්ථයි.

එලණ‍්ඩෙහීති එලණ‍්ඩා කිර සාලදූසනා හොන‍්ති, තස‍්මා එවමාහ. විසොධෙය්‍යාති එලණ‍්ඩෙ චෙව අඤ‍්ඤා ච වල‍්ලියො ඡින්‍දිත්‍වා බහි නීහරණෙන සොධෙය්‍ය. සුජාතාති සුසණ‍්ඨිතා. සම‍්මා පරිහරෙය්‍යාති මරියාදං බන්‍ධිත්‍වා උදකාසිඤ‍්චනෙනපි කාලෙනකාලං මූලමූලෙ ඛණනෙනපි වල‍්ලිගුම‍්බාදිච‍්ඡෙදනෙනපි කිපිල‍්ලපූටකහරණෙනපි මක‍්කටකජාලසුක‍්ඛදණ‍්ඩකහරණෙනපි සම‍්මා වඩ‍්ඪෙත්‍වා පොසෙය්‍ය. වුද‍්ධිආදීනි වුත‍්තත්‍ථානෙව.

ඵලණ්ඩෙහි පලණ්ඩයෝ වනාහී පිළිල වෙති. එහෙයින් මෙසේ වදාළහ. විසොධෙය්‍ය පිළිල අනෙක් ගස්වැල් ද සිඳ බැහැර දැමීමෙන් ශුද්ධ කරන්නේ ය. සුජාතා මොනවට පිහිටියාහූ, සම්මාපරිහරෙය්‍ය සීමාව බැඳ ජලය ඉසීමෙන් ද, කලින් කල මුල අවට කෙටීමෙන් ද, වල් පඳුරු ආදිය සිඳීමෙන් ද දිමිගොටු, මකුළුදැල්, වියලිදඩු, හැරීමෙන් ද මනාකොට වඩන්නේ ය. පෝෂණය කරන්නේ ය. වුද්ධි ආදියෙහි කියන ලද අර්ථ ඇත්තේමය.

ඉදානි අක‍්ඛන‍්තියා දොසං දස‍්සෙන‍්තො භූතපුබ‍්බන‍්තිආදිමාහ. තත්‍ථ වෙදෙහිකාති විදෙහරට‍්ඨවාසිකස‍්ස ධීතා. අථ වා වෙදොති පඤ‍්ඤා වුච‍්චති, වෙදෙන ඊහති ඉරියතීති වෙදෙහිකා, පණ‍්ඩිතාති අත්‍ථො. ගහපතානීති ඝරසාමිනී. කිත‍්තිසද‍්දොති කිත‍්තිඝොසො. සොරතාති සොරච‍්චෙන සමන‍්නාගතා. නිවාතාති නිවාතවුත‍්ති. උපසන‍්තාති නිබ‍්බුතා. දක‍්ඛාති භත‍්තපචනසයනත්‍ථරණදීපුජ‍්ජලනාදිකම‍්මෙසු ඡෙකා. අනලසාති උට‍්ඨාහිකා, සුසංවිහිතකම‍්මන‍්තාති සුට‍්ඨු සංවිහිතකම‍්මන‍්තා. එකා අනලසා හොති, යං යං පන භාජනං ගණ‍්හාති, තං තං භින්‍දති වා ඡිද‍්දං වා කරොති, අයං න තාදිසාති දස‍්සෙති.

මෙවිට නො ඉවසීමෙහි දොස් දක්වන්නේ භූතපුබ්බං ආදිය කීහ. වෙදෙහිකා විදේහ රටවැසි කුලයකගේ දියණිය වූ නොහොත් ‘වෙද’ යී ප්‍රඥාව කියන ලදී. ප්‍රඥාවෙන් උත්සාහ කරයි. ඉරියව් පවත්වානුයි වෙදෙහිකා නමි. නුවණැත්තා යන අර්ථයයි. ගහපතානී ගෘහ ස්වාමිනීය, කිත්තිසද්දො යශෝරාවය. සොරතො සුරත බැවින් යුක්ත වූවා නිවාතා පහත් පැවැතුම් ඇත්තී, උපසන්නා නිවුනී, දක්ඛා බත් පිසීම්, යහන් ඇතිරීම්, පහන් දැල්වීම් ආදියෙහි දක්‍ෂ වූවා අනලසා උට්ඨාන වීර්ය ඇති. සුසංවිහිතකම්මන්තා මොනවට පිහිටුවන ලද කර්මාන්ත ඇත්තී, එකක් අනලස වූවා වෙයි. එතකුදු වුවත් යම් යම් බඳුනක් ගනීද. ඒ ඒ බඳුන බිඳී හෝ සිදුරු කරයි. මෝ වනාහි එබඳු නොවූවා යයි දක්වයි.

දිවා උට‍්ඨාසීති පාතොව කත‍්තබ‍්බානි ධෙනුදුහනාදිකම‍්මානි අකත්‍වා උස‍්සූරෙ උට‍්ඨිතා. හෙ ජෙ කාළීති අරෙ කාළි. කිං ජෙ දිවා උට‍්ඨාසීති කිං තෙ කිඤ‍්චි අඵාසුකං අත්‍ථි, කිං දිවා උට‍්ඨාසීති? නො වත රෙ කිඤ‍්චීති අරෙ යදි තෙ න කිඤ‍්චි අඵාසුකං අත්‍ථි, නෙව සීසං රුජ‍්ඣති, න පිට‍්ඨි, අථ කස‍්මා පාපි දාසි දිවා උට‍්ඨාසීති කුපිතා අනත‍්තමනා භාකුටිමකාසි. දිවාතරං උට‍්ඨාසීති පුනදිවසෙ උස‍්සූරතරං උට‍්ඨාසි. අනත‍්තමනවාචන‍්ති අරෙ පාපි දාසි අත‍්තනො පමාණං න ජානාසි; කිං අග‍්ගිං සීතොති මඤ‍්ඤසි, ඉදානි තං සික‍්ඛාපෙස‍්සාමීතිආදීනි වදමානා කුපිතවචනං නිච‍්ඡාරෙසි.

දිවා උට්ඨාසී පාන්දර කළ යුතු දෙනුන් දෙවීම ආදී කටයුතු නො කොට හිරු නැගී සිටි කල්හි (දවල් වී) නැගිටියි. භෙ ජෙ කාලි එම්බා කාලිය, කිං ජෙදිවා උට්ඨාසි දහවල් වී නැගිටින්නේ කිසියම් අපහසුවක් ඇද්ද, නො වත රෙ කිඤ්චි එම්බා කෙල්ල! තොපට අපහසුවක් නැත්නම්, හිසරුදාවක් පිටරුදාවක් ආදී කිසිවක් නැත්නම් දහවල් වී පිබිදෙන්නේ ඇයිදැයි කිපියා නො සතුටු වූවා ඇහිබැම උඩට ගෙන රවා බැළීය. දිවාතරං උට්ඨාසි දෙවන දවසෙහි ඉතා දවල් වී පිබිදුනාහුය. අනත්තමන වාචං එම්බා පාපී කෙල්ල, තමාගේ පමණ දනුව, ඇයි ගිනි සීතලයි කියා සිතයිද දැන් තී මට්ටු කරන්නෙමැයි ආදී කිපුණු වචන කියමින් හික්මවීය.

පටිවිසකානන‍්ති සාමන‍්තගෙහවාසීනං. උජ‍්ඣාපෙසීති අවජානාපෙසි. චණ‍්ඩීති අසොරතා කිබ‍්බිසා. ඉති යත‍්තකා ගුණා, තතො දිගුණා දොසා උප‍්පජ‍්ජිංසු. ගුණා නාම සණිකං සණිකං ආගච‍්ඡන‍්ති; දොසා එකදිවසෙනෙව පත්‍ථටා හොන‍්ති. සොරතසොරතොති අතිවිය සොරතො, සොතාපන‍්නො නු ඛො, සකදාගාමී අනාගාමී අරහා නු ඛොති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. ඵුසන‍්තීති ඵුසන‍්තා ඝට‍්ටෙන‍්තා ආපාථං ආගච‍්ඡන‍්ති.

පටිවිස්සකානං අසල්වැසි ගෙහිමියන්ට, උපජ්ඣාපෙසී අවමන්කොට කීය. චණ්ඩී කීකරු නො වූවා, අපරාධ ඇත්තීය. යම් පමණ හොඳ ගතිගුණ තිබිණිද, එමෙන් දෙගුණයක් නරක් වූවාය. යහපත් දේ ටිකින් ටික පැමිණෙති. දෝෂයෝ එක දවසින් ම ඇතිවේ. ඝොරත සොරතො ඉතාම යහපත් වූයේ (සුරත) සෝවාන් වූවෙක්ද නැතහොත් සකෘදාගාමී, අනාගාමී, අර්හත් වූවෙක්දෝ කිවයුතු බවට පැමිණෙයි. ඵුසන්ති ස්පර්ශ කරමින්, ගැටෙමින්, හමුවට පැමිණෙති.

අථ භික‍්ඛු සොරතොති වෙදිතබ‍්බොති අථ අධිවාසනක‍්ඛන‍්තියං ඨිතො භික‍්ඛු සොරතොති වෙදිතබ‍්බො. යො චීවර…පෙ… පරික‍්ඛාරහෙතූති යො එතානි චීවරාදීනි පණීතපණීතානි ලභන‍්තො පාදපරිකම‍්මපිට‍්ඨිපරිකම‍්මාදීනි එකවචනෙනෙව කරොති. අලභමානොති යථා පුබ‍්බෙ ලභති, එවං අලභන‍්තො. ධම‍්මඤ‍්ඤෙව සක‍්කරොන‍්තොති ධම‍්මංයෙව සක‍්කාරං සුකතකාරං කරොන‍්තො. ගරුං කරොන‍්තොති ගරුභාරියං කරොන‍්තො. මානෙන‍්තොති මනෙන පියං කරොන‍්තො. පූජෙන‍්තොති පච‍්චයපූජාය පූජෙන‍්තො. අපචායමානොති ධම‍්මංයෙව අපචායමානො අපචිතිං නීචවුත‍්තිං දස‍්සෙන‍්තො.

අථ භික්ඛු සොරතොති වෙදිතබ්බො එකල්හි අධිවාසනා ක්‍ෂාන්තියෙහි සිටියා වූ මහණ සුරත වූයේ යයි දතයුතු. යො චීවර -පෙ- පරික්ඛාරහෙතුනි යමෙක් සිවුරු ආදිය ඉතා ප්‍රණීත වූවන් ලබන්නේ පාසේදීම් පිට මිරිකීම් ආදී සේවා ආදිය ලබන්නේ එක් වචනයෙන්ම කෙරේද, අලාභමානො පෙර යම්සේ ලැබීද එසේ නො ලබන්නේ ධම්මඤ්ඤෙව සක්කරොන්තො ධර්මයට ම සත්කාරය මනාසේ පිළිපැදීම් කරන්නේ ගරුකරොන්තො ගරු වූ බර වූ ක්‍රියාවන් කරන්නේ, අපචායමානො ධර්මයටම යටත් පහත් පැවැත්ම දක්වන්නේ

එවං අක‍්ඛන‍්තියා දොසං දස‍්සෙත්‍වා ඉදානි යෙ අධිවාසෙන‍්ති, තෙ එවං අධිවාසෙන‍්තීති පඤ‍්ච වචනපථෙ දස‍්සෙන‍්තො පඤ‍්චිමෙ, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ කාලෙනාති යුත‍්තපත‍්තකාලෙන. භූතෙනාති සතා විජ‍්ජමානෙන. සණ‍්හෙනාති සම‍්මට‍්ඨෙන. අත්‍ථසඤ‍්හිතෙනාති අත්‍ථනිස‍්සිතෙන කාරණනිස‍්සිතෙන. අකාලෙනාතිආදීනි තෙසංයෙව පටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බානි. මෙත‍්තචිත‍්තාති උප‍්පන‍්නමෙත‍්තචිත‍්තා හුත්‍වා. දොසන‍්තරාති දුට‍්ඨචිත‍්තා, අබ‍්භන‍්තරෙ උප‍්පන‍්නදොසා හුත්‍වා. තත්‍රාති තෙසු වචනපථෙසු. ඵරිත්‍වාති අධිමුච‍්චිත්‍වා. තදාරම‍්මණඤ‍්චාති කථං තදාරම‍්මණං සබ‍්බාවන‍්තං ලොකං කරොති? පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතං පුග‍්ගලං මෙත‍්තචිත‍්තස‍්ස ආරම‍්මණං කත්‍වා පුන තස‍්සෙව මෙත‍්තචිත‍්තස‍්ස අවසෙසසත‍්තෙ ආරම‍්මණං කරොන‍්තො සබ‍්බාවන‍්තං ලොකං තදාරම‍්මණං කරොති නාම.

මෙසේ නො ඉවසීමේ දොස් දක්වා, මෙවිට යමෙක් ඉවසත්ද ඔහු මෙසේ ඉවසතියි පස්වැදෑරුම් වාචනා මාර්ගය දක්වන්නේ පඤ්චිමෙ භික්ඛවෙ යනාදිය වදාළහ. එහි කාලෙන සුදුසු පැමිණි කාලයෙන්, භූතෙන ඇත්තා වූ විද්‍යමාන වූ කරුණකින්, සණ්හෙන මට වූ වචනයෙන් අත්‍ථසංහිතෙන අර්ථ නිශ්‍රිත වූ කාරණා නිශ්‍රිත වූ වචනයෙන්, අකාලෙන යනාදිය ඔවුන්ගේම විරුද්ධ වශයෙන් දතයුත්තාහ. මෙත්තචිත්තා උපන් මෙත් සිත් ඇත්තෝව දෙසන්තරා දුෂ්ට වූ සිත් ඇත්තාහූ ඇතුළත උපන් ද්වේෂ ඇත්තෝවැ තත්‍ර ඒ වචන පථයන්හි ඵරිත්‍වා පැතිර තදාරම්මණඤ්ච සියලු සත්ත්වයන් ඇති ලෝකය කෙසේ තදාරම්මණය කෙරේද යත්, පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයා මෙත් සිතට අරමුණු කොට, යළි ඒ මෙත් සිතටම සෙසු සත්ත්වයන් අරමුණු කරන්නේ, සියලු සත්ත්වයන් ඇති ලෝකය තදාරම්මණය කෙරෙයි.

තත්‍රායං වචනත්‍ථො. තදාරම‍්මණඤ‍්චාති තස‍්සෙව මෙත‍්තචිත‍්තස‍්ස ආරම‍්මණං කත්‍වා. සබ‍්බාවන‍්තන‍්ති සබ‍්බසත‍්තවන‍්තං. ලොකන‍්ති සත‍්තලොකං. විපුලෙනාති අනෙකසත‍්තාරම‍්මණෙන. මහග‍්ගතෙනාති මහග‍්ගතභූමිකෙන. අප‍්පමාණෙනාති සුභාවිතෙන. අවෙරෙනාති නිද‍්දොසෙන. අබ්‍යාබජ‍්ඣෙනාති නිද‍්දුක‍්ඛෙන. ඵරිත්‍වා විහරිස‍්සාමාති එවරූපෙන මෙත‍්තාසහගතෙන චෙතසා තඤ‍්ච පුග‍්ගලං සබ‍්බඤ‍්ච ලොකං තස‍්ස චිත‍්තස‍්ස ආරම‍්මණං කත්‍වා අධිමුච‍්චිත්‍වා විහරිස‍්සාම.

මේ එහි වචනාර්ථයයි. තදාරම්මණඤ්ච ඒ මෙත් සිතටම අරමුණු කොට සබ්බාවන්තං සියළු සත්ත්වයන් ඇති ලොකං සත්ත්ව ලෝකය විපුලෙන නොයෙක් සත්ත්වයන් අරමුණුකොට ඇති මහග්ගතෙන මහද්ගත භූමියෙහි වූ අප්පමාණෙන මොනවට වඩන ලද්දා වූ, අවෙරෙන නිදොස් වූ අබ්‍යාපජ්ඣෙන නිදුක් වූ ඵරිත්‍වා විහරිස්සාමි මෙබඳු වූ මෛත්‍රී සහගත සිතින් ඒ පුද්ගලයා ද, සියලු ලෝකය ද ඒ සිතට අරමුණුකොට පතුරුවා වාසය කරන්නෙමු.

ඉදානි තදත්‍ථදීපිකං උපමං ආහරන‍්තො සෙය්‍යථාපීතිආදිමාහ. තත්‍ථ අපථවින‍්ති නිප‍්පථවිං කරිස‍්සාමීති අත්‍ථො. තත්‍ර තත්‍රාති තස‍්මිං තස‍්මිං ඨානෙ. විකිරෙය්‍යාති පච‍්ඡියා පංසුං උද‍්ධරිත්‍වා බීජානි විය විකිරෙය්‍ය. ඔට‍්ඨුභෙය්‍යාති ඛෙළං පාතෙය්‍ය. අපථවිං කරෙය්‍යාති එවං කායෙන ච වාචාය ච පයොගං කත්‍වාපි සක‍්කුණෙය්‍ය අපථවිං කාතුන‍්ති? ගම‍්භීරාති බහලත‍්තෙන ද‍්වියොජනසතසහස‍්සානි චත‍්තාරි ච නහුතානි ගම‍්භීරා. අප‍්පමෙය්‍යාති තිරියං පන අපරිච‍්ඡින‍්නා. එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – පථවී විය හි මෙත‍්තචිත‍්තං දට‍්ඨබ‍්බං. කුදාලපිටකං ගහෙත්‍වා ආගතපුරිසො විය පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො. යථා සො කුදාලපිටකෙන මහාපථවිං අපථවිං කාතුං න සක‍්කොති, එවං වො පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො මෙත‍්තචිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං කාතුං න සක‍්ඛිස‍්සතීති.

මෙවිට එහි අර්ථය ප්‍රකාශ කරන උපමාවක් දක්වන්නේ, සෙය්‍යථාපි යනාදිය කීහ. එහි අපඨවිං නො පොළොවක් කරන්නෙමි - අභාවයට පමුණුවන්නෙමි යන අර්ථයි. තත්‍ර තත්‍රානි ඒ ඒ තන්හි විකිරෙය්‍ය කූඩයකින් පස් ගෙන බිජුවට මෙන් විසුරුවන්නේය. ඔට්ඨුහෙය්‍ය කෙළ ගසන්නේය. අපඨවිං කරෙය්‍ය මෙසේ කයින් ද වචනයෙන් ද උත්සාහ කොටත් නො පොළොවක් කරන්නට හැකිවෙත් ද? ගම්භීරා යොදුන් දෙසිය දහසක් හා සිව් නහුතයක් ද, (දෙලක්‍ෂ හතලිස් දහසක්) පානය ගැඹුරුය. අප්පමෙය්‍යා හරස් අතට වූ කලි නො පිරිසුන් වූහ. එව මෙව ඛො දැන් මෙහි උපමා සන්සන්දනය මෙසේය. පොළව මෙන් මෙත් සිත දතයුතුය. උදැල්ල හා කූඩය ගෙන ආ මිනිසා මෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයා දතයුතුය. යම් සේ හෙතෙම උදැල්ලෙන් හා කූඩයෙන් මහ පොළව නොපොළොවක් කරන්නට ඔහු නො හැකි වේද, එපරිද්දෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගල තෙම තොපගේ මෙත් සිත අන් ආකාරයකට වෙනස් කරන්නට නොහැකි වන්නේම ය.

දුතියඋපමායං හලිද‍්දින‍්ති යංකිඤ‍්චි පීතකවණ‍්ණං. නීලන‍්ති කංසනීලං වා පලාසනීලං වා. අරූපීති අරූපො. නනු ච, ද‍්වින‍්නං කට‍්ඨානං වා ද‍්වින‍්නං රුක‍්ඛානං වා ද‍්වින‍්නං සෙය්‍යානං වා ද‍්වින‍්නං සෙලානං වා අන‍්තරං පරිච‍්ඡින‍්නාකාසරූපන‍්ති ආගතං, කස‍්මා ඉධ අරූපීති වුත‍්තොති? සනිදස‍්සනභාවපටික‍්ඛෙපතො. තෙනෙවාහ “අනිදස‍්සනො”ති. තස‍්මිඤ‍්හි රූපං ලිඛිතුං, රූපපාතුභාවං දස‍්සෙතුං න සක‍්කා, තස‍්මා “අරූපී”ති වුත‍්තො. අනිදස‍්සනොති දස‍්සනස‍්ස චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනාපාථො. උපමාසංසන්‍දනෙ පනෙත්‍ථ ආකාසො විය මෙත‍්තචිත‍්තං. තුලිකපඤ‍්චමා චත‍්තාරො රඞ‍්ගජාතා විය පඤ‍්ච වචනපථා, තුලිකපඤ‍්චමෙ රඞ‍්ගෙ ගහෙත්‍වා ආගතපුරිසො විය පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො. යථා සො තුලිකපඤ‍්චමෙහි රඞ‍්ගෙහි ආකාසෙ රූපපාතුභාවං කාතුං න සක‍්කොති, එවං වො පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො මෙත‍්තචිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං කත්‍වා දොසුප‍්පත‍්තිං දස‍්සෙතුං න සක‍්ඛිස‍්සතීති.

දෙවැනි උපමාවෙහි, හළිද්දිං යම්කිසි කහ පැහැයක් නීලං නිල හෝ පලාවන් නිල, අරූපී රූප රහිත වූයේ, තව ද කාෂ්ඨ දෙකක්හුගේ හෝ රුක් දෙකක්හුගේ හෝ යහන් දෙකක්හුගේ හෝ, ගල් දෙකක්හුගේ අතර පරිච්ඡින්න කාසරූපයයි. ආයේ නොවේද කුමක් හෙයින් මෙහි අරූපී යයි කියන ලදද? නිදර්ශන සහිත බවට ප්‍රතික්‍ෂේප වශයෙනි. එහෙයින් වදාළහ. අනිදස්සනො යම් හෙයකින් එහි රූපයක් අඳින්ට හෝ රූපයේ පහළවීම් දක්වන්නට නොහැකි වේද? එහෙයින් අරූපී යයි වදාරන ලදී. අනිදස්සනො දැකීමට චක්‍ෂු විඥානයට හමු නොවූයේ, මෙහි උපමා සැසඳීමෙහි වනාහි අහස මෙන් මෙත් සිතය. තෙලිකූර පස්වැනි කොට ඇති සතර සතරවිධ සායම් මෙන්, පස්වැදෑරුම් වචනයෝය. තෙලිකූර පස්වැනිකොට ඇති සායම් ගෙන ආ පුරුෂයා මෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයාය. යම්සේ හෙතෙම තෙලිකූර පස්වැනිකොට ඇති සායම්වලින් අහසේ රූප අඳින්නට නො හැකි වේද? එපරිද්දෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයා තොපගේ මෙත්සිත වෙනකොට තරහ ඉපදවීම දක්වන්නට නොහැකි වන්නේ ය.

තතියඋපමායං ආදිත‍්තන‍්ති පජ‍්ජලිතං. ගම‍්භීරා අප‍්පමෙය්‍යාති ඉමිස‍්සා ගඞ‍්ගාය ගම‍්භීරට‍්ඨානං ගාවුතම‍්පි අත්‍ථි, අඩ‍්ඪයොජනම‍්පි, යොජනම‍්පි. පුථුලං පනස‍්සා එවරූපංයෙව, දීඝතො පන පඤ‍්චයොජනසතානි. සා කථං ගම‍්භීරා අප‍්පමෙය්‍යාති? එතෙන පයොගෙන පරිවත‍්තෙත්‍වා උද‍්ධනෙ උදකං විය තාපෙතුං අසක‍්කුණෙය්‍යතො. ඨිතොදකං පන කෙනචි උපායෙන අඞ‍්ගුලමත‍්තං වා අඩ‍්ඪඞ‍්ගුලමත‍්තං වා එවං තාපෙතුං සක‍්කා භවෙය්‍ය, අයං පන න සක‍්කා, තස‍්මා එවං වුත‍්තං. උපමාසංසන්‍දනෙ පනෙත්‍ථ ගඞ‍්ගා විය මෙත‍්තචිත‍්තං, තිණුක‍්කං ආදාය ආගතපුරිසො විය පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො. යථා සො ආදිත‍්තාය තිණුක‍්කාය ගඞ‍්ගං තාපෙතුං න සක‍්කොති, එවං වො පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො මෙත‍්තචිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං කාතුං න සක‍්ඛිස‍්සතීති.

තුන්වැනි උපමාවෙහි ආදිත්තං දිලිසෙන ගම්භීරා අප්පමෙය්‍යා මේ ගංගාවෙහි ගැඹුරු තැන ගවුවක් ද අඩ යොදුනක් ද ඇති ගඟේ පුළුල් බව ද එසේමැයි. දිගින් වනාහී යොදුන් පන්සියයක් වෙති. ගංගාව කෙසේ ගැඹුරු වූයේ ද අප්‍රමෙය්‍ය වූයේ ද යත්, මේ ප්‍රයෝගයෙන් පරිවර්තනය කොට උදුනෙහි දියක් මෙන් තවන්ට නො හැකිවන හෙයිනි. සිටි ජලය යම්කිසි උපායකින් අඟලක් හෝ අඟල් භාගයක් පමණ මෙසේ තවන්නට හැකි වේ. එතකුදු වුවත් මේ නදිය තවන්නට නො හැකි වේ. එහෙයින් මෙසේ වදාරන ලදී. මෙහි උපමා සන්සන්දනයෙහි වනාහී ගඟ මෙන් මෙත් සිතය. තණහුල ගෙන ආ පුරුෂයා මෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයාය. යම්සේ හෙතෙම තණ හුලින් නදිය තවන්නට නොහැකි වේද? එපරිද්දෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයා තොපගේ මෙත් සිත අන් පරිද්දෙකින් වෙනස් කරන්නට නොහැකි වන්නේය.

චතුත්‍ථඋපමායං බිළාරභස‍්තාති බිළාරචම‍්මපසිබ‍්බකා. සුමද‍්දිතාති සුට‍්ඨු මද‍්දිතා. සුපරිමද‍්දිතාති අන‍්තො ච බහි ච සමන‍්තතො සුපරිමද‍්දිතා. තූලිනීති සිම‍්බලිතූලලතාතූලසමානා. ඡින‍්නසස‍්සරාති ඡින‍්නසස‍්සරසද‍්දා. ඡින‍්නභබ‍්භරාති ඡින‍්නභබ‍්භරසද‍්දා. උපමාසංසන්‍දනෙ පනෙත්‍ථ බිළාරභස‍්තා විය මෙත‍්තචිත‍්තං, කට‍්ඨකඨලං ආදාය ආගතපුරිසො විය පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො. යථා සො කට‍්ඨෙන වා කඨලෙන වා බිළාරභස‍්තං සරසරං භරභරං සද‍්දං කාතුං න සක‍්කොති, එවං වො පඤ‍්ච වචනපථෙ ගහෙත්‍වා ආගතපුග‍්ගලො මෙත‍්තචිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං කත්‍වා දොසානුගතභාවං කාතුං න සක‍්ඛිස‍්සතීති.

සතරවෙනි උපමාවෙහි බිළාර හසතා බළල් සමින් කළ පසුම්බිය සුමද්දිතා හොඳින් බඳින ලද්දී, සුපරිමද්දිතා ඇතුළත ද පිටතද හාත්පසින් මනාකොට මදින ලද්දී තුලිනී හිඹුල් පුළුන්, ලිය පුළුන් සමාන වූයේ ඡින්න සස්සරා සිඳින ලද සස්සර යන ශබ්ද ඇත්තේ ඡින්නභබ්හරා සිඳින ලද බබ්භර යන ශබ්ද ඇත්තේ, මෙහි උපමා සන්සන්දනයෙහි වනාහී බළල් පසුම්බිය මෙන් මෙත් සිතය. දඬුකැබිලිති ගෙන ආ පුරුෂයෙකු මෙන් පංච වචන පථයන් ගෙන ආ පුද්ගලයාය. යම්සේ හෙතෙම දණ්ඩකින් හෝ කැබලිත්තකින් හෝ බළල් අතකින් හෝ සස්සර ශබ්දය භබ්භර ශබ්දය නගන්නට නොහැකි වේද? එපරිද්දෙන් පංච වචන පථයන් ගෙන පුද්ගලයා තොපගේ මෙත්සිත වෙනස්කොට ද්වේෂය ඇතිකරන්නට නොහැකි වන්නේය.

ඔචරකාති අවචරකා හෙට‍්ඨාචරකා, නීචකම‍්මකාරකාති අත්‍ථො. යො මනො පදූසෙය්‍යාති යො භික‍්ඛු වා භික‍්ඛුනී වා මනො පදූසෙය්‍ය, තං කකචෙන ඔකන‍්තනං නාධිවාසෙය්‍ය. න මෙ සො තෙන සාසනකරොති සො තෙන අනධිවාසනෙන මය‍්හං ඔවාදකරො න හොති. ආපත‍්ති පනෙත්‍ථ නත්‍ථි.

ඔවරකා ලාමක හැසිරීම් ඇත්තාහු පහත් හැසිරීම් ඇත්තාහු නීච ක්‍රියා කරන්නා වූ යන අර්ථයි. යො මනොපදොසෙය්‍ය යම් මහණක් හෝ මෙහෙණක් හෝ සිත දූෂ්‍ය කරන්නේද? කියතින් පහතට කැපීම නො ඉවසන්නේ ද නමො සො තෙන සාසනකරො හෙතෙම ඒ නො ඉවසීමෙන් මගේ අවවාදය කරන්නේ නොවෙයි. එහෙත් මෙහි ඇවතක් නැති.

අණුං වා ථූලං වාති අප‍්පසාවජ‍්ජං වා මහාසාවජ‍්ජං වා. යං තුම‍්හෙ නාධිවාසෙය්‍යාථාති යො තුම‍්හෙහි අධිවාසෙතබ‍්බො න භවෙය්‍යාති අත්‍ථො. නො හෙතං, භන‍්තෙති, භන‍්තෙ, අනධිවාසෙතබ‍්බං නාම වචනපථං න පස‍්සාමාති අධිප‍්පායො. දීඝරත‍්තං හිතාය සුඛායාති ඉති භගවා අරහත‍්තෙන කූටං ගණ‍්හන‍්තො යථානුසන්‍ධිනා දෙසනං නිට‍්ඨපෙසීති.

අණුවො ථූලං වා අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය හෝ යං තුම්හෙ නාධිවාසෙය්‍යාථ යමෙක් තොප විසින් නො ඉවසිය යුතු නො වන්නේ ය යන අර්ථයි. නො හෙතං භන්තෙ වහන්ස, නො ඉවසිය යුතු වචන පථයක් නම් නොදක්නෙමු යන අදහසයි. දීඝරත්තං හිතාය සුඛාය මෙසේ භාග්‍යවතුන් වහන්සේ රහත් බවින් කුළුගන්වමින් අනුසන්‍ධි වශයෙන් දේශනාව නිම වූ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය කකචූපමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කකචූපම සූත්‍ර වර්ණනාව නිමියේය.