විතක්කසණ්ඨානසුත්තවණ්ණනා අට්ඨකථා
විතක්කසණ්ඨානසුත්තවණ්ණනා
විතක්කසණ්ඨාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති විතක්කසණ්ඨානසුත්තං. තත්ථ අධිචිත්තමනුයුත්තෙනාති දසකුසලකම්මපථවසෙන උප්පන්නං චිත්තං චිත්තමෙව, විපස්සනාපාදකඅට්ඨසමාපත්තිචිත්තං තතො චිත්තතො අධිකං චිත්තන්ති අධිචිත්තං. අනුයුත්තෙනාති තං අධිචිත්තං අනුයුත්තෙන, තත්ථ යුත්තප්පයුත්තෙනාති අත්ථො.
එවම්මෙ සුතං විතක්ක සණ්ඨාන සූත්‍රයයි. එහි අධිචිත්ත මනුයුත්තෙන දස කුසල කර්මපථ වශයෙන් උපන් සිත සිතම මයි. විදර්ශනා පාදක වූ අෂ්ට සමාපත්ති චිත්තය ඒ සිතට වඩා අධික වූ චිත්ත යනුයි අධිචිත්ත නම් වේ. අධිචිත්තං අනුයුත්තෙන ඒ අධිචිත්තයෙහි යෙදුනහු විසින් එහි යෙදුණු මනාව යෙදුණු යන අර්ථයි.
තත්රායං භික්ඛු පුරෙභත්තං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තො නිසීදනං ආදාය අසුකස්මිං රුක්ඛමූලෙ වා වනසණ්ඩෙ වා පබ්බතපාදෙ වා පබ්භාරෙ වා සමණධම්මං කරිස්සාමීති නික්ඛමන්තොපි, තත්ථ ගන්ත්වා හත්ථෙහි වා පාදෙහි වා නිසජ්ජට්ඨානතො තිණපණ්ණානි අපනෙන්තොපි අධිචිත්තං අනුයුත්තොයෙව. නිසීදිත්වා පන හත්ථපාදෙ ධොවිත්වා පල්ලඞ්කං ආභුජිත්වා මූලකම්මට්ඨානං ගහෙත්වා විහරන්තොපි අධිචිත්තං අනුයුත්තොයෙව.
එහි මේ භික්ෂුව පෙරබත පිණ්ඩපාතයේ හැසිර, බතින් පසුව පිණ්ඩපාතය ප්‍රතික්ෂේප කරන්නේ, නිසීදනය (පත්කඩය) අසවල් රුක්මුල හෝ වනලැහැබෙහි හෝ පර්වත පාදයෙහි හෝ පල්ලමෙහි හෝ මහණකම් කරමියි නික්මෙන්නේ ද, එහි ගොස් අතින් හෝ පයින් හෝ හිඳිනා තැන තණ පරණලා ඉවත් කරයිද, ඔහු අධිචිත්තයෙහි යෙදුනාම වේ. හිඳගෙන මුහුණ කට සෝදා (අත් පා) එරමිණිය ගොතා වාඩි වී මූල කර්මස්ථානය ගෙන වාසය කරන්නේ අධි චිත්තයෙහි යෙදුනේම වේ.
නිමිත්තානීති කාරණානි. කාලෙන කාලන්ති සමයෙ සමයෙ. න නු ච කම්මට්ඨානං නාම මුහුත්තම්පි අඡඩ්ඩෙත්වා නිරන්තරං මනසිකාතබ්බං, කස්මා භගවා “කාලෙන කාල”න්ති ආහාති. පාළියඤ්හි අට්ඨතිංස කම්මට්ඨානානි විභත්තානි, තෙසු භික්ඛුනා අත්තනො චිත්තරුචිතං කම්මට්ඨානං ගහෙත්වා නිසින්නෙන යාව කොචිදෙව උපක්කිලෙසො නුප්පජ්ජති, තාව ඉමෙසං නිමිත්තානං මනසිකාරකිච්චං නත්ථි. යදා පන උප්පජ්ජති, තදා ඉමානි ගහෙත්වා චිත්තෙ උප්පන්නං අබ්බුදං නීහරිතබ්බන්ති දස්සෙන්තො එවමාහ.
නිමිත්තානි කාරණයෝ කාලෙන කාලං කලින් කල, කර්මස්ථානය නම් මොහොතක්වත් නො හැර නිරතුරුව මෙනෙහි කළයුතු නොවේද? භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ‘කලින් කල’ යයි වදාළේ ද, පෙලෙහි කර්මස්ථානයේ තිස්අටක් බෙදන ලදහ. ඔවුන් අතුරෙන් තමන්ගේ සිතට රුචි වූ කර්මස්ථානයක් ගෙන, හුන්නා වූ මහණ විසින් යම් කිසියම් උපක්ලේශයක් නො උපදී ද, ඒ තාක් මේ නිමිත්තයන්ගේ මනසිකාර කෘත්‍යයක් නැත. යළිත් යම්විටක උපක්ලේශයක් උපදීද, එකල මේ නිමිති ගෙන සිතෙහි උපන් අර්බුදය බැහැර කටයුතු යයි දැක්වීමට මෙසේ වදාළහ.
ඡන්දූපසංහිතාති ඡන්දසහගතා රාගසම්පයුත්තා. ඉමෙසං පන තිණ්ණං විතක්කානං ඛෙත්තඤ්ච ආරම්මණඤ්ච ජානිතබ්බං. තත්ථ ඡන්දූපසඤ්හිතානං අට්ඨ ලොභසහගතචිත්තානි ඛෙත්තං, දොසූපසඤ්හිතානං ද්වෙ දොමනස්සසහගතානි, මොහූපසඤ්හිතානං ද්වාදසපි අකුසලචිත්තානි. විචිකිච්ඡාඋද්ධච්චසම්පයුත්තචිත්තානි පන ද්වෙ එතෙසං පාටිපුග්ගලිකං ඛෙත්තං. සබ්බෙසම්පි සත්තා චෙව සඞ්ඛාරා ච ආරම්මණං, ඉට්ඨානිට්ඨඅසමපෙක්ඛිතෙසු හි සත්තෙසු ච සඞ්ඛාරෙසු ච තෙ උප්පජ්ජන්ති.
ඡන්දූපසංහිතානි ඡන්ද සහගත වූ රාගය හා යෙදුනා වූ මේ තුන් විතර්කයන්ගේ උත්පත්ති ස්ථානය ද, අරමුණ ද දතයුතුයි. එහි ඡන්ද සහගත වූ විතර්කයන්ට ලෝභ සහගත සිත් අටදෙන ක්ෂේත්රයයි. උපන් බිමයි. ද්වේෂ සහගත විතර්කයන්ට, දෝස සහගත සිත් දෙදෙන උපන් බිමයි. මෝහ සහගත විතර්කයන්ට අකුසල් සිත් දොළසම උපන් බිම වන්නාහ. විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත් දෙදෙන මොවුන්ට තම තමන්ට අයත් ක්ෂේත්‍රයි. සියල්ලන්ට ම සත්ත්වයෝ ද සංස්කාරයෝ ද අරමුණු වේ. ඉෂ්ට අනිෂ්ට වශයෙන් නො සමව බලන ලද සත්ත්වයන් කෙරෙහි ද සංස්කාරයන්හි ද විතර්කයෝ උපදිත්.
අඤ්ඤම්පි නිමිත්තං මනසිකාතබ්බං කුසලූපසංහිතන්ති තතො නිමිත්තතො අඤ්ඤං කුසලනිස්සිතං නිමිත්තං මනසිකාතබ්බං. තත්ථ අඤ්ඤං නිමිත්තං නාම ඡන්දූපසඤ්හිතෙ විතක්කෙ සත්තෙසු උප්පන්නෙ අසුභභාවනා අඤ්ඤං නිමිත්තං නාම. සඞ්ඛාරෙසු උප්පන්නෙ අනිච්චමනසිකාරො අඤ්ඤං නිමිත්තං නාම. දොසූපසඤ්හිතෙ සත්තෙසු උප්පන්නෙ මෙත්තාභාවනා අඤ්ඤං නිමිත්තං නාම. සඞ්ඛාරෙසු උප්පන්නෙ ධාතුමනසිකාරො අඤ්ඤං නිමිත්තං නාම. මොහූපසඤ්හිතෙ යත්ථ කත්ථචි උප්පන්නෙ පඤ්චධම්මූපනිස්සයො අඤ්ඤං නිමිත්තං නාම.
අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලූපසංහිතං එහෙයින් ඒ නිමිත්තට අන්‍ය වූ කුසල නිමිත්තක් මෙනෙහි කළ යුතුය. එහි අනෙක් නිමිත්ත නම් ඡන්ද සහගත වූ විතර්කයක් සත්ත්වයන් තුළ උපන් කල්හි අශුභ භාවනාව අන්‍ය නිමිත්ත නම් වේ. සංස්කාරයන් කෙරෙහි උපන් කල්හී අනිත්‍යය මෙනෙහි කිරීම අන්‍ය නිමිත්ත නම් වෙයි. ද්වේෂ සහගත විතර්කයක් සත්ත්වයන් තුළ උපන් කල්හි මෛත්‍රී භාවනාව අනෙක් නිමිත්ත වේ. සංස්කාරයන් කෙරෙහි උපන් කල්හි ධාතු මනසිකාරය අනෙක් නිමිත්ත නම් වේ. මෝහ සහගත විතර්කයක් යම්කිසි තැනෙක උපන් කල්හි පංච ධර්මයන් ඇසුරු කිරීම අනෙක් නිමිත්ත වේ.
ඉමස්ස හත්ථා වා සොභනා පාදා වාතිආදිනා නයෙන හි සත්තෙසු ලොභෙ උප්පන්නෙ අසුභතො උපසංහරිතබ්බං. කිම්හි සාරත්තොසි? කෙසෙසු සාරත්තොසි. ලොමෙසු…පෙ… මුත්තෙසු සාරත්තොසි. අයං අත්තභාවො නාම තීහි අට්ඨිසතෙහි උස්සාපිතො, නවහි න්හාරුසතෙහි ආබද්ධො, නවහි මංසපෙසිසතෙහි අනුලිත්තො, අල්ලචම්මෙන පරියොනද්ධො, ඡවිරාගෙන පටිච්ඡන්නො, නවහි වණමුඛෙහි නවනවුතිලොමකූපසහස්සෙහි ච අසුචි පග්ඝරති, කුණපපූරිතො, දුග්ගන්ධො, ජෙගුච්ඡො, පටිකූලො, ද්වත්තිංසකුණපසඤ්චයො, නත්ථෙත්ථ සාරං වා වරං වාති එවං අසුභතො උපසංහරන්තස්ස සත්තෙසු උප්පන්නො ලොභො පහීයති, තෙනස්ස අසුභතො උපසංහරණං අඤ්ඤං නිමිත්තං නාම හොති.
මොහුගේ අත් හෝ පා හෝ හොබනාහුය යනාදී ක්‍රමයෙන් සත්ත්වයන් කෙරෙහි ලෝභය (ආශාව) උපන් කල්හි අශුභ වශයෙන් කල්පනා කළ යුතුය. කුමක් කෙරෙහි ඇලුනේද? කේශයන්හි ඇලුනේ වෙයි. ලෝමයන්හි ඇලුනේ වෙයි. මුත්‍රයෙහි ඇලුනේ වෙයි. මේ ආත්මභාවයෙහි නම්, තුන්සියයක් ඇටවලින් ඔසවන ලද්දේය. නවසියයක් නහරවලින් බඳන ලද්දේය. මාංශපේශි නවසියයකින් අනුලිප්තය. තෙත් සමින් හාත්පස වසන ලද්දේය. සිවියෙන් වසන ලද්දේය. නව වණ දොරින් ද නවානූදහසක් රෝම කූපයන්ගෙන් ද, අසූචි වැගිරෙයි. ඇටසැකිලිවලින් පූරිතය. දුගඳය. පිළිකුල්ය. ජුගුප්සිතය. දෙතිස් කුණපයන්ගේ සමූහය ය. මෙහි සාරයක් හෝ උතුම් වුවක් නැතැයි, මෙසේ අසුභ වශයෙන් සිතන්නහුට සත්ත්වයන් කෙරෙහි උපන් ආශාව ප්‍රහීණ වෙයි. එහෙයින් අශුභ වශයෙන් මෙනෙහි කිරීම ඒ නිමිත්තේ අන්‍ය නිමිත්තයි.
පත්තචීවරාදීසු සඞ්ඛාරෙසු ලොභෙ උප්පන්නෙ ද්වීහාකාරෙහි සඞ්ඛාරමජ්ඣත්තතං සමුට්ඨාපෙතීති සතිපට්ඨානවණ්ණනායං වුත්තනයෙන අස්සාමිකතාවකාලිකභාවවසෙන මනසිකරොතො සො පහීයති. තෙනස්ස අනිච්චතො මනසිකාරො අඤ්ඤං නිමිත්තං නාම හොති. සත්තෙසු දොසෙ උප්පන්නෙ පන ආඝාතවිනයකකචොපමොවාදාදීනං වසෙන මෙත්තා භාවෙතබ්බා, තං භාවයතො දොසො පහීයති, තෙනස්ස මෙත්තාභාවනා අඤ්ඤං නිමිත්තං නාම හොති. ඛාණුකණ්ටකතිණපණ්ණාදීසු පන දොසෙ උප්පන්නෙ ත්වං කස්ස කුප්පසි, කිං පථවීධාතුයා, උදාහු ආපොධාතුයා, කො වා පනායං කුප්පති නාම, කිං පථවීධාතු උදාහු ආපොධාතූතිආදිනා නයෙන ධාතුමනසිකාරං කරොන්තස්ස දොසො පහීයති. තෙනස්ස ධාතුමනසිකාරො අඤ්ඤං නිමිත්තං නාම හොති.
පාත්‍රා සිවුරු ආදී සංස්කාරයන් පිළිබඳව ආශාව උපන් කල්හි දෙපරිද්දෙකින් සංස්කාර මධ්‍යස්ථතාව උපදවානුයි, සතිපට්ඨාන වර්ණනාවෙහි කී ආකාරයෙන් අස්වාමික තාවකාලික භාව වශයෙන් මෙනෙහි කරන්නහුට එය ප්‍රහීණ වෙයි. එහෙයින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම ඔහුගේ අනෙක් නිමිත්ත වේ. සත්ත්වයන් කෙරෙහි ආඝාතය උපන් කල්හී ක්‍රෝධය ඉවත්කර ගැනීමට කකචූපම උපමා ආදීන්ගේ වශයෙන් මෙත් වැඩිය යුතුය. එය වඩන්නහුගේ ඒ ද්වේෂය ප්‍රහීණ වෙයි. එහෙයින් මෛත්‍රී භාවනාව අනෙක් නිමිත්ත නම් වේ. යළි කණු කටු තණ පරණලා ආදියෙහි ද්වේෂය උපන් කල්හි තෙපි කාට කිපෙහිද? පෘථුවි ධාතුවට ද? ආපෝ ධාතුවට ද? මේ කවරෙක් කිපෙන්නේද? කිම පෘථුවි ධාතුවට ද නැතිනම් ආපෝ ධාතුවටද යනාදී ක්‍රමයෙන් ධාතු මනසිකාරය කරන්නහුට ඒ ද්වේෂය ප්‍රහීණ වෙයි. එහෙයින් ධාතු මනසිකාරය ඔහුගේ අන්‍ය නිමිත්ත වේ.
මොහෙ පන යත්ථ කත්ථචි උප්පන්නෙ –
මෝහය වනාහි යම්කිසි තැනක උපන් කල්හි -
“ගරූසංවාසො උද්දෙසො, උද්දිට්ඨපරිපුච්ඡනං; කාලෙන ධම්මස්සවනං, ඨානාට්ඨානවිනිච්ඡයො; පඤ්ච ධම්මූපනිස්සාය, මොහධාතු පහීයතී”ති. –
ගරූපවාසො උද්දෙසො - උද්දිට්ඨ පරි පුච්ඡනං කාලෙන ධම්ම සවණං - ඨානාඨාන විනිච්ඡයො පඤ්ච ධම්මූපනිස්සාය - මොහධාතු පහීයති
ගුරුවරුන් ආශ්‍රය කිරීම, පර්යාප්ති ධර්මයෙහි උද්ග්‍රහණය, උදෙසන ලද ධර්මයෙහි අර්ථ විචාරීම, සුදුසු කල්හි ධර්මශ්රවණය, කාරණයෙන් කාරණය විසඳීම යන ධර්මයන් පස්දෙන නිසා මෝහය ප්‍රහීණ වෙයි.
ඉමෙ පඤ්ච ධම්මා උපනිස්සිතබ්බා. ගරුං උපනිස්සාය විහරන්තො හි භික්ඛු – “ආචරියො ගාමප්පවෙසනං අනාපුච්ඡන්තස්ස පත්තකාලෙ වත්තං අකරොන්තස්ස ඝටසතඋදකාහරණාදිදණ්ඩකම්මං කරොතී”ති යත්තප්පටියත්තො හොති, අථස්ස මොහො පහීයති. උද්දෙසං ගණ්හන්තොපි – “ආචරියො උද්දෙසකාලෙ උද්දෙසං අග්ගණ්හන්තස්ස අසාධුකං සජ්ඣායන්තස්ස ච දණ්ඩකම්මං කරොතී”ති යත්තප්පටියත්තො හොති, එවම්පිස්ස මොහො පහීයති. ගරුභාවනීයෙ භික්ඛූ උපසංකමිත්වා “ඉදං භන්තෙ කථං ඉමස්ස කො අත්ථො”ති පරිපුච්ඡන්තො කංඛං විනොදෙති, එවම්පිස්ස මොහො පහීයති. කාලෙන ධම්මසවනට්ඨානං ගන්ත්වා සක්කච්චං ධම්මං සුණන්තස්සාපි තෙසු තෙසු ඨානෙසු අත්ථො පාකටො හොති. එවම්පිස්ස මොහො පහීයති. ඉදමස්ස කාරණං, ඉදං න කාරණන්ති ඨානාට්ඨානවිනිච්ඡයෙ ඡෙකො හොති, එවම්පිස්ස මොහො පහීයති. තෙනස්ස පඤ්චධම්මූපනිස්සයො අඤ්ඤං නිමිත්තං නාම හොති.
මේ පංච ධර්මයෝ ඇසුරු කළ යුත්තාහ. ගුරුවරයා ඇසුරෙහි වාසය කරන භික්ෂුව නොවිචාරා ඇවිදීමට යන්නහුට, පා දෝනා තැනට නො පැමිණෙන්නහුට, වත් පිරිය යුතු වේලේ වත්පිළිවෙත් නො කරන්නහුට, ආචාර්යවරයා විසින් දිය කළ සියයක් ඇදීම ආදී වූ (වැලිදඬුවම්) දඬුවම් කෙරේයයි උත්සාහවත් වූයේ වේද මෙසේ ඔහුගේ මෝහය ප්‍රහීණ වෙයි. බණ ඉගෙන ගතයුතු කාලයෙහි උගෙන නොගන්නහුට ද, නො මනාකොට හදාරන්නහුට ද. නොහදාරන්නහුට ද ගුරුවරයා දඬුවම් කෙරේනුයි උත්සාහවත් වූයේ ද එයිනුත් මොහුගේ මෝහය ප්‍රහීණ වෙයි. ගරුකටයුතු බුහුමන් කටයුතු භික්ෂූන් කරා එළඹ ස්වාමීනි, මෙය කෙසේ වේද? මෙහි අර්ථය කුමක්ද ආදී වශයෙන් විමසන්නහුගේ ද සැකය දුරුවෙයි. ඒ මගින්ද මොහුගේ මෝහය ප්‍රහීණ වෙයි. සුදුසු කල්හි ධර්මශ්රවණය කරන තැන්වලට ගොස් සකසා මැනවින් ධර්මය ශ්‍රවණය කරන්නේද ඒ ඒ තැන්වල අර්ථය පැහැදිලි කරගන්නේද මෙසේත් මෝහය දුරුවෙයි. මේ මෙයට කාරණයයි. මේ මෙයට ආකාරණයයි ආදී වශයෙන් තැන නොතැන විමසීමෙහි දක්ෂ වේද, මේ මගින්ද මෝහය දුරුවෙයි. එහෙයින් මේ පංච ධර්මයන් ඇසුරු කිරීමම නිමිත්තයාගේ අනෙක් නිමිත්ත වේ.
අපිච අට්ඨතිංසාය ආරම්මණෙසු යංකිඤ්චි භාවෙන්තස්සාපි ඉමෙ විතක්කා පහීයන්ති එව. ඉමානි පන නිමිත්තානි උජුවිපච්චනීකානි පටිපක්ඛභූතානි. ඉමෙහි පහීනා රාගාදයො සුප්පහීනා හොන්ති. යථා හි අග්ගිං අල්ලකට්ඨෙහිපි පංසූහිපි සාඛාදීහිපි පොථෙත්වා නිබ්බාපෙන්තියෙව, උදකං පන අග්ගිස්ස උජුවිපච්චනීකං, තෙන නිබ්බුතො සුනිබ්බුතො හොති, එවමිමෙහි නිමිත්තෙහි පහීනා රාගාදයො සුප්පහීනා හොන්ති. තස්මා එතානි කථිතානීති වෙදිතබ්බානි.
තව ද අටතිස් අරමුණු අතරින් යම්කිසි අරමුණක් මඩන්නහුට ද මේ විතර්කයෝ ප්‍රහීණ වෙත්. මේ නිමිත්තයෝ වනාහි රාගාදීන්ට ඍජුව විරුද්ධ වූවාහුය. ප්රතිපක්ෂ වූවාහුය. මේ නිසා ප්‍රහීණ වූ රාගාදීහු මනාකොට ප්‍රහීණ වූවාහු වෙත්. යම්සේ ගින්න දරවලින් ද පස්වලින්ද අතුවලින්ද ගසා නිවන්නේද, එහෙත් ජලය ගින්නට ඍජුවම විරුද්ධය. වතුරෙන් නිවන ලද්දේ සහමුලින්ම නිවුනා වෙයි. මෙසේ මේ නිමිත්තයන්ගෙන් ප්‍රහීණ වූ රාගාදීහු මනාකොට ප්‍රහීණ වූවාහු වෙත්. එහෙයින් මොව්හු කියන ලද්දාහුමය.
කුසලූපසංහිතන්ති කුසලනිස්සිතං කුසලස්ස පච්චයභූතං. අජ්ඣත්තමෙවාති ගොචරජ්ඣත්තංයෙව. පලගණ්ඩොති වඩ්ඪකී. සුඛුමාය ආණියාති යං ආණිං නීහරිතුකාමො හොති, තතො සුඛුමතරාය සාරදාරුආණියා. ඔළාරිකං ආණින්ති චන්දඵලකෙ වා සාරඵලකෙ වා ආකොටිතං විසමාණිං. අභිනිහනෙය්යාති මුග්ගරෙන ආකොටෙන්තො හනෙය්‍ය. අභිනීහරෙය්යාති එවං අභිනිහනන්තො ඵලකතො නීහරෙය්ය. අභිනිවසෙය්යාති ඉදානි බහු නික්ඛන්තාති ඤත්වා හත්ථෙන චාලෙත්වා නික්කඩ්ඪෙය්ය. තත්ථ ඵලකං විය චිත්තං, ඵලකෙ විසමාණී විය අකුසලවිතක්කා, සුඛුමාණී විය අඤ්ඤං අසුභභාවනාදිකුසලනිමිත්තං, සුඛුමාණියා ඔළාරිකාණිනීහරණං විය අසුභභාවනාදීහි කුසලනිමිත්තෙහි තෙසං විතක්කානං නීහරණං.
කුසලූපසංහිතං කුසලයට සම්බන්ධ වූ, කුසලයට ප්‍රත්‍යය වූ, අජ්ඣත්තමෙව ගෝචර අධ්යාත්මයෙහිම, පලගණ්ඩකො වඩුතෙම සුඛුමාය ආණියා යම් ඇණයක් ඉවත්කරනු කැමති වේද? ඊට වඩා සියුම් වූ ලී ඇණයකින් ඔළාරිකං ආණිං සඳුන් ලෑල්ලක හෝ හර ලෑල්ලක හෝ ගසන ලද විෂම ඇණයක් අභිනීහනෙය්ය මිටියකින් ගසමින් පෙළෙන්නේද, අභිනීහරෙය්ය මෙසේ ගසමින් ලෑල්ලෙන් ඉවත් කරන්නේය. අභිනිවජ්ජෙය්ය දැන් බොහෝ නික්මුණේ යයි දැන අතින් අල්ලා ඇද දමන්නේය. මේ උපමාවෙහි ලෑල්ල මෙන් සිත දතයුතු ය. අකුශල විතර්කයෝ ලෑල්ලේ ගැසූ විෂම ඇණය මෙන් ය. අනෙක් අශුභ භාවනාදී කුශල නිමිති සියුම් ලී ඇණය මෙනි. ඒ සියුම් ලී ඇණයෙන් මහත් විෂම ඇණය බැහැර කිරීම මෙන් අශුභ භාවනාදී කුශල නිමිතිවලින් ඒ විතර්කයන්ගේ බැහැර කිරීම වේ.
අහිකුණපෙනාතිආදි අතිජෙගුච්ඡපටිකූලකුණපදස්සනත්ථං වුත්තං. කණ්ඨෙ ආසත්තෙනාති කෙනචිදෙව පච්චත්ථිකෙන ආනෙත්වා කණ්ඨෙ බද්ධෙන පටිමුක්කෙන. අට්ටියෙය්යාති අට්ටො දුක්ඛිතො භවෙය්ය. හරායෙය්යාති ලජ්ජෙය්ය. ජිගුච්ඡෙය්යාති සඤ්ජාතජිගුච්ඡො භවෙය්ය.
අහිකුණපෙන යනාදිය ඉතා ජුගුප්සාජනක, පිළිකුල් වූ කුණපය දැක්වීම සඳහා වදාළහ. කණ්ඨෙ ආසත්තෙන කිසියම් පසමිතුරෙකු විසින් ගෙනැවිත් ගෙලෙහි බඳින ලද, එල්වන ලද අටඨියෙය්ය ආර්ත වූයේ දුකට පැමිණියේ හරායෙය්ය ලජ්ජාවට පත්වූයේ ජිගුච්ඡෙය්ය හටගත් ජුගුප්සා ඇත්තේ වන්නේය.
පහීයන්තීති එවං ඉමිනාපි කාරණෙන එතෙ අකුසලා ධම්මා සාවජ්ජා දුක්ඛවිපාකාති අත්තනො පඤ්ඤාබලෙන උපපරික්ඛතො අහිකුණපාදීනි විය ජිගුච්ඡන්තස්ස පහීයන්ති. යො පන අත්තනො පඤ්ඤාබලෙන උපපරික්ඛිතුං න සක්කොති, තෙන ආචරියං වා උපජ්ඣායං වා අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං සඞ්ඝත්ථෙරං වා උපසඞ්කමිත්වා ඝණ්ඩිං පහරිත්වා භික්ඛුසඞ්ඝමෙව වා සන්නිපාතෙත්වා ආරොචෙතබ්බං, බහුනඤ්හි සන්නිපාතෙ භවිස්සතෙව එකො පණ්ඩිතමනුස්සො, ස්වායං එවං එතෙසු ආදීනවො දට්ඨබ්බොති කථෙස්සති, කායවිච්ඡින්දනීයකථාදීහි වා පන තෙ විතක්කෙ නිග්ගණ්හිස්සතීති.
පහීයන්තී මෙසේ මේ මේ කාරණයෙන් මේ අකුසල ධර්මයෝ වරද සහිතය. දුක්විපාක ගෙන දෙන්නේ යයි තමාගේ නුවණ බලයෙන් විමසන්නහුට ගැරඬි කුණක් මෙන් පිළිකුල් කරන්නහුට ප්‍රහීණ වෙති. යමෙකුට තමන්ගේ ප්‍රඥා බලයෙන් විමසන්නට නො හැකිවන්නේ නම්, ඔහු විසින් ගුරුවරුන් හෝ උපාධ්‍යයයන් හෝ අනෙක් ගරු තන්හි සිටින නුවණැති සබ්රම්සරුන්ගෙන් හෝ සංඝ ස්ථවිරයන් හෝ වෙත එළඹ ගෙඩිය (සීනුව) ගසා භික්ෂු සංඝයා කැඳවා පැහැදිළි කළ යුතුය. බොහෝදෙනාගේ රැස්වීමකදී යමෙක් මේ විතර්ක විෂයෙහි ආදීනව දතයුතු යයි කියන්නේ ද, කාය ව්යවච්ඡන්දනීය කථාදියෙන් හෝ ඒ විතර්කයන් නිග්‍රහ කරන්නේද, (එබඳු වූ) එක් පණ්ඩිත මනුෂ්‍යයෙක් වන්නේම ය.
අසතිඅමනසිකාරො ආපජ්ජිතබ්බොති නෙව සො විතක්කො සරිතබ්බො න මනසිකාතබ්බො, අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. යථා හි රූපං අපස්සිතුකාමො පුරිසො අක්ඛීනි නිමීලෙය්ය, එවමෙව මූලකම්මට්ඨානං ගහෙත්වා නිසින්නෙන භික්ඛුනා චිත්තම්හි විතක්කෙ උප්පන්නෙ අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. එවමස්ස සො විතක්කො පහීයති, තස්මිං පහීනෙ පුන කම්මට්ඨානං ගහෙත්වා නිසීදිතබ්බං.
අසති අමනසිකාරො ආපජ්ජිතබ්බො ඒ විතර්කයෝ සිහි නොකළ යුතුය. මෙනෙහි නොකළ යුතුය. අන් අරමුණු පවත්වන ලද්දකු විය යුතුය. යම්සේ රූපයක් දකිනු අකමැති වූ පුරුෂයෙක් ඇස් පියා ගනීද, එසේම මූල කර්මස්ථානය ගෙන ඉන්නා වූ භික්ෂුව විසින් සිතෙහි විතර්කයක් උපන් කල්හි අන් අරමුණුවල සිත පවත්වන්නකු විය යුතුය. මෙසේ උන්වහන්සේ ඒ විතර්කය ප්‍රහීණ වේ. එය ප්‍රහීණ වූ කල්හි නැවත කර්මස්ථානය ගෙන හිඳගත යුතුය.
සචෙ න පහීයති, උග්ගහිතො ධම්මකථාපබන්ධො හොති, සො මහාසද්දෙන සජ්ඣායිතබ්බො. එවම්පි චෙ අඤ්ඤවිහිතකස්ස සතො සො න පහීයති. ථවිකාය මුට්ඨිපොත්ථකො හොති, යත්ථ ච බුද්ධවණ්ණාපි ධම්මවණ්ණාපි ලිඛිතා හොන්ති, තං නීහරිත්වා වාචෙන්තෙන අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. එවම්පි චෙ න පහීයති, ථවිකතො අරණිසහිතානි නීහරිත්වා “අයං උත්තරාරණී අයං අධරාරණී”ති ආවජ්ජෙන්තෙන අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. එවම්පි චෙ න පහීයති, සිපාටිකං නීහරිත්වා “ඉදං ආරකණ්ටකං නාම, අයං පිප්ඵලකො නාම, ඉදං නඛච්ඡෙදනං නාම, අයං සූචි නාමා”ති පරික්ඛාරං සමන්නානෙන්තෙන අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. එවම්පි චෙ න පහීයති, සූචිං ගහෙත්වා චීවරෙ ජිණ්ණට්ඨානං සිබ්බන්තෙන අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. එවං යාව න පහීයති, තාව තං තං කුසලකම්මං කරොන්තෙන අඤ්ඤවිහිතකෙන භවිතබ්බං. පහීනෙ පුන මූලකම්මට්ඨානං ගහෙත්වා නිසීදිතබ්බං, නවකම්මං පන න පට්ඨපෙතබ්බං. කස්මා? විතක්කෙ පච්ඡින්නෙ කම්මට්ඨානමනසිකාරස්ස ඔකාසො න හොති.
එසේත් ප්‍රහීණ නොවේ නම්, උගන්නා ලද ධර්මකථා ප්‍රබන්ධයක් ඇත්නම් ඒ ප්‍රබන්ධය මහත් හඬින් ශබ්ද නගා සජ්ඣායනා කළ යුතුය. මෙසේත් අන් අරමුණු ගත්තහුගේ විතර්කය ප්‍රහීණ නොවේ නම්, බුදුගුණ දහම් ගුණ ලියන ලද අත්පොතක් පසුම්බිය ඇතුළේ වේ නම් එය ගෙන කියවමින්, අන් අරමුණක සිත යෙදවීම කළ යුතුය. මෙසේත් විතර්කය ප්‍රහීණ නොවීනම්, පසුම්බියෙන් ගිනිගානා දඬු යුගලය ගෙන, මේ උඩ දණ්ඩය මේ යට දණ්ඩය යයි ආවර්ජනය කරමින් වෙනත් අරමුණක හිත යොදවන්නකු විය යුතුය. මෙසේත් ප්‍රහීණ නොවේ නම්, කොපුව බැහැරකොට, මේ ඉඳිකටුවය, මේ මහන නුල්ය, මේ කඩ කතුරය, මේ නියසැතය යනුවෙන් නම් වශයෙන් පිරිකර පිළිබඳව බලමින් සිත වෙනත් අරමුණක පිහිටවිය යුතුය. එසේත් ප්‍රවීණ නොවීනම් හිඳිකටුව ගෙන සිවුරෙහි ඉරුණු තැන් මහමින් එළලමින් සිත වෙනත් අරමුණක පිහිටුවන්නකු විය යුතුයි. මෙසේ යම් තාක් විතර්කය ප්‍රහීණ නො වේද, ඒ තාක් කුශල කර්මයන් මෙනෙහි කරමින් සිත වෙනත් අරමුණක පිහිටුවන්නකු විය යුතුයි. ප්‍රහීණ වූ කල්හි යළි මුල් කර්මස්ථානය ගෙන හිඳගත යුතුයි. අලුත් කර්මාන්ත පටන් නොගත යුතුයි. කවරහෙයින්ද යත්, විතර්කය සංසිඳුණු කල්හි කමටහන් මෙනෙහි කිරීමට අවස්ථාවක් නො ලැබෙන බැවිනි.
පොරාණකපණ්ඩිතා පන නවකම්මං කත්වාපි විතක්කං පච්ඡින්දිංසු. තත්රිදං වත්ථු – තිස්සසාමණෙරස්ස කිර උපජ්ඣායො තිස්සමහාවිහාරෙ වසති. තිස්සසාමණෙරො “භන්තෙ උක්කණ්ඨිතොම්හී”ති ආහ. අථ නං ථෙරො “ඉමස්මිං විහාරෙ න්හානඋදකං දුල්ලභං, මං ගහෙත්වා චිත්තලපබ්බතං ගච්ඡාහී”ති ආහ. සො තථා අකාසි. තත්ථ නං ථෙරො ආහ “අයං විහාරො අච්චන්තසඞ්ඝිකො, එකං පුග්ගලිකට්ඨානං කරොහී”ති. සො සාධු භන්තෙති ආදිතො පට්ඨාය සංයුත්තනිකායං පබ්භාරසොධනං තෙජොධාතුකසිණපරිකම්මන්ති තීණීපි එකතො ආරභිත්වා කම්මට්ඨානං අප්පනං පාපෙසි, සංයුත්තනිකායං පරියොසාපෙසි, ලෙණකම්මං නිට්ඨාපෙසි, සබ්බං කත්වා උපජ්ඣායස්ස සඤ්ඤං අදාසි. උපජ්ඣායො “දුක්ඛෙන තෙ සාමණෙර කතං, අජ්ජ තාව ත්වංයෙව වසාහී”ති ආහ. සො තං රත්තිං ලෙණෙ වසන්තො උතුසප්පායං ලභිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා තත්ථෙව පරිනිබ්බායි. තස්ස ධාතුයො ගහෙත්වා චෙතියං අකංසු. අජ්ජාපි තිස්සත්ථෙරචෙතියන්ති පඤ්ඤායති. ඉදං පබ්බං අසතිපබ්බං නාම.
එසේ වුවත් පැරණි පණ්ඩිතයෝ නවකම් කොට ද විතර්කය සංසිඳලූහ. එහි මේ උදාහරණ වස්තුවෙකි. තිස්ස සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ තිස්සමහා විහාරයෙහි වාසය කෙරෙයි. උන්වහන්සේට තිස්ස සාමණේරයෝ ‘ස්වාමීනි, උකටලී වුයෙමි’ යි කීය. එකල්හි උපාධ්‍යායයන් වහන්සේ ඔහුට ‘මේ විහාරයෙහි නහන ජලය දුර්ලභය. මා ගෙන සිතුල්පව්වට යව’යි කීය. හෙතෙම එසේ කළේය. එහිදී ස්ථවිර තෙමේ ඔහුට මෙසේ කීය. ‘මේ විහාරය අතිශයින්ම සඟසතුය. එනිසා මෙහි පුද්ගලික ස්ථානයක් කරව’ එය ඇසූ හෙතෙම මැනවි ස්වාමීනි’යි මුල පටන් සංයුක්ත නිකාය ද පර්වත ප්රපාතය ශුද්ධ කිරීමද, තේජෝ කසිණ පරිකර්මය ද, යන තුනම එකවිට පටන්ගෙන කර්මස්ථානය අර්පණාවට පැමිණවීය. සංයුක්ත නිකාය අවසන් කළේය. ලෙන් කර්මාන්තය නිම වීය. සියල්ල කොට උපාධ්‍යායන්ට දැන්වීය. උපාධ්‍යායයෝ ‘සාමණේරය, තොප විසින් දුකසේ කරන ලද ලෙනෙහි අද පළමුකොට තෙපිම වාසය කරව’යි කීය. හේ ඒ රැය ලෙණෙහිම වෙසෙමින් සෘතු පහසුව ලැබ විදසුන් වඩා රහත් බවට පැමිණ එහිම පිරිනිවීය. උන්වහන්සේගේ ධාතූන් ගෙන සෑයක් කළහ. අද ද එය තිස්ස ස්ථවිර චෛත්‍යයයි ප්‍රකට වේ. මේ පර්වය ‘අසති පර්වය’ නම් වේ.
ඉමස්මිං ඨත්වා විතක්කෙ නිග්ගණ්හිතුං අසක්කොන්තො ඉධ ඨත්වා නිග්ගණ්හිස්සතීති විතක්කමූලභෙදං පබ්බං දස්සෙන්තො පුන තස්ස චෙ භික්ඛවෙතිආදිමාහ. තත්ථ විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකාතබ්බන්ති සඞ්ඛරොතීති සඞ්ඛාරො, පච්චයො, කාරණං මූලන්ති අත්ථො. සන්තිට්ඨති එත්ථාති සණ්ඨානං, විතක්කසඞ්ඛාරස්ස සණ්ඨානං විතක්කසඞ්ඛාරසණ්ඨානං, තං මනසිකාතබ්බන්ති. ඉදං වුත්තං හොති, අයං විතක්කො කිං හෙතු කිං පච්චයා කිං කාරණා උප්පන්නොති විතක්කානං මූලඤ්ච මූලමූලඤ්ච මනසිකාතබ්බන්ති. කිං නු ඛො අහං සීඝං ගච්ඡාමීති කෙන නු ඛො කාරණෙන අහං සීඝං ගච්ඡාමි? යංනූනාහං සණිකං ගච්ඡෙය්යන්ති කිං මෙ ඉමිනා සීඝගමනෙන, සණිකං ගච්ඡිස්සාමීති චින්තෙසි. සො සණිකං ගච්ඡෙය්යාති සො එවං චින්තෙත්වා සණිකං ගච්ඡෙය්ය. එස නයො සබ්බත්ථ.
මෙහි සිට විතර්කයන් නිග්‍රහ කරන්නට නො හැකි වෙත් නම්, මෙහි සිට නිග්‍රහ කළ යුතු යයි ‘විතර්ක මූල භේද පර්වය’ දක්වමින් නැවත තස්ස චෙ භික්ඛවෙ යනාදිය වදාළහ. එහි විතක්ක සංඛාර සත්ථානං මනසිකාතබ්බං රැස් කෙරේනුයි ‘සංඛාර’ නමි. ප්‍රත්‍යය, කාරණය, මූලය යන අර්ථයි. මෙහි පිහිටා සිටීනුයි ‘සන්ථාන’ නම් වේ. විතර්ක සංස්කාරයාගේ පිහිටා සිටීම ‘විතක්ක සංඛාර සන්ථාන නමි. එය මෙනෙහි කටයුතු. මෙය කියන ලද්දේ වේ. මේ විතර්කය කුමක් හේතුවෙන්, කුමන ප්රත්යයකින්, කවර කරුණකින් උපන්නේද? විතර්කයන්ගේ මූලය ද, මූලයෙන් මූලය ද මෙනෙහි කළයුතුයි. කින්නුඛො අහං සීඝං ගච්ඡාමි කුමන කරුණකින් මම වහා යම්ද, යන්නූනාහං සණිකං ගච්ඡෙය්ය ඉක්මන් ගමනින් මට කවර ප්‍රයෝජනයක්ද? සෙමින් යන්නෙම් නම් මැනවැයි සිතයි. සො සණිකං ගච්ඡෙය්ය හේ මෙසේ සිතා සෙමින් යන්නේ ය. සියලු තන්හි මෙම ක්‍රමයයි.
තත්ථ තස්ස පුරිසස්ස සීඝගමනකාලො විය ඉමස්ස භික්ඛුනො විතක්කසමාරුළ්හකාලො. තස්ස සණිකගමනකාලො විය ඉමස්ස විතක්කචාරපච්ඡෙදනකාලො. තස්ස ඨිතකාලො විය ඉමස්ස විතක්කචාරෙ පච්ඡින්නෙ මූලකම්මට්ඨානං චිත්තොතරණකාලො. තස්ස නිසින්නකාලො විය ඉමස්ස විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තප්පත්තකාලො. තස්ස නිපන්නකාලො විය ඉමස්ස නිබ්බානාරම්මණාය ඵලසමාපත්තියා දිවසං වීතිවත්තනකාලො. තත්ථ ඉමෙ විතක්කා කිං හෙතුකා කිං පච්චයාති විතක්කානං මූලමූලං ගච්ඡන්තස්ස විතක්කචාරො සිථිලො හොති. තස්මිං සිථිලීභූතෙ මත්ථකං ගච්ඡන්තෙ විතක්කා සබ්බසො නිරුජ්ඣන්ති. අයමත්ථො දුද්දුභජාතකෙනපි දීපෙතබ්බො –
මේ භික්ෂුවගේ විතර්කයට නැගි කාලය එහි ඒ පුරුෂයා ශීඝ්‍රව ගමන් කරන කාලය මෙනි. මොහුගේ විතර්කයන්ගේ හැසිරීම් සිඳින කාලය ඔහු සෙමින් ගමන් කරන කාලය මෙනි. මොහුගේ විතර්ක වාරය සිඳ මූල කර්මස්ථානය සිතට බසින කාලය ඔහුගේ සිටි කාලය මෙනි. මොහු විදසුන් වඩා රහත් බවට පැමිණි කාලය ඔහු හුන් කාලය මෙනි. මොහු නිවන් අරමුණු කොට ඵල සමවතින් දවස ඉක්මවන කාලය ඔහු වැදහොත් කාලය මෙනි. එහි මේ විතර්කයෝ කුමක් හේතුකොට ඇත්තාහු ද කුමක් ප්‍රත්‍යය කොට ඇත්තාහුදැයි විතර්කයන්ගේ මුලින් මුලට යන්නහුගේ විතර්ක වාරය ලිහිල් වෙයි. එය ලිහිල් වූ කල්හි, මස්තකයට පැමිණෙන කල්හි විතර්කයෝ සියලු පරිද්දෙන් නිරුද්ධ වෙති. මේ අර්ථය ‘දද්දභ’ ජාතකයෙන් පැහැදිලි කළ යුතුය.
සසකස්ස කිර බෙලුවරුක්ඛමූලෙ නිද්දායන්තස්ස බෙලුවපක්කං වණ්ටතො ඡිජ්ජිත්වා කණ්ණමූලෙ පතිතං. සො තස්ස සද්දෙන “පථවී භිජ්ජතී”ති සඤ්ඤාය උට්ඨහිත්වා වෙගෙන පලායි. තං දිස්වා පුරතො අඤ්ඤෙපි චතුප්පදා පලායිංසු. තදා බොධිසත්තො සීහො හොති. සො චින්තෙසි – “අයං පථවී නාම කප්පවිනාසෙ භිජ්ජති, අන්තරා පථවීභෙදො නාම නත්ථි, යංනූනාහං මූලමූලං ගන්ත්වා අනුවිජ්ජෙය්ය”න්ති. සො හත්ථිනාගතො පට්ඨාය යාව සසකං පුච්ඡි “තයා, තාත, පථවී භිජ්ජමානා දිට්ඨා”ති. සසො “ආම දෙවා”ති ආහ. සීහො “එහි, භො, දස්සෙහී”ති. සසො “න සක්කොමි සාමී”ති. “එහි, රෙ, මා භායී”ති සණ්හමුදුකෙන ගහෙත්වා ගතො සසො රුක්ඛස්ස අවිදූරෙ ඨත්වා –
බෙලි රුකක් මුල සාවෙකු නිදා සිටියදී, නටුවෙන් ගිලිහුණු බෙලි ගෙඩියක් සාවාගේ කණ ළඟට වැටුණි. ඔහු ඒ බෙලි ගෙඩියේ ශබ්දයෙන් පොළව බිඳේයයි යන හැඟීමෙන් නැගිට වේගයෙන් පලා ගියේය. මෙය දැක අනෙක් සිවුපාවෝ ද පළා ගියාහුය. එකල බෝධිසත්ත්වයෝ සිංහයකු වී සිටියේය. හෙතෙම මෙසේ සිතීය. මේ මහපොළව නම් කල්ප විනාසයකදීම බිඳෙයි. ඒ අතරතුර පොළව බිඳීමෙක් නැත. මම මුලින් මුලට ගොස් ඇති සැටි දැනගන්නෙම් නම් යහපත්ය. හෙතෙම ඇතාගේ පටන් සාවා තෙක් විචාළේය. දරුව! තා විසින් පොළව බිඳෙනු දුටුවෙහිද? සාවා එසේය දේවයිනි’යි කීය. සිංහයා එව දරුව මට දක්වව. සාවා නො හැක්කෙමි හිමියනි’යි කීය. භය නොවෙව. එව කොල! ආදී තද මොළොක් වචනයෙන් ගෙන ගියේය. සාවා රුක සමීපයේ සිට -
“දුද්දුභායති භද්දන්තෙ, යස්මිං දෙසෙ වසාමහං; අහම්පෙතං න ජානාමි, කිමෙතං දුද්දුභායතී”ති. (ජා· 1.4.85) –
දද්දභායති භද්දං තෙ - යස්මිං දෙසෙ වසාමහං අහම්පෙතං න ජානාමි - කිමෙතං දද්ද භායති
ඔබට යහපතක් වේවා. යම් පෙදෙසක මම විසීම්ද එහි ‘දද්දභ’ යයි ශබ්ද කෙරේ. මේ කුමක් දද්දභ යයි ශබ්ද කෙරේද? මම මේ කාරණය නො දනිමි.
ගාථමාහ. බොධිසත්තො “ත්වං එත්ථෙව තිට්ඨා”ති රුක්ඛමූලං ගන්ත්වා සසකස්ස නිපන්නට්ඨානං අද්දස, බෙලුවපක්කං අද්දස, උද්ධං ඔලෙකෙත්වා වණ්ටං අද්දස, දිස්වා “අයං සසො එත්ථ නිපන්නො, නිද්දායමානො ඉමස්ස කණ්ණමූලෙ පතිතස්ස සද්දෙන ‘පථවී භිජ්ජතී’ති එවංසඤ්ඤී හුත්වා පලායී”ති ඤත්වා තං කාරණං සසං පුච්ඡි. සසො “ආම, දෙවා”ති ආහ. බොධිසත්තො ඉමං ගාථමාහ –
බෝසත් සිංහයා තෝ මෙහෙම සිටුවයි, ගස මුලට ගොස් සාවා නිදා සිටි තැන දුටුවේය. බෙලිගෙඩිය දුටුයේය. උඩ බලා නටුව දුටුයේය. දැක මේ සාවා මෙහි නිදා සිටියදී කන් මුල වැටුණු මේ ගෙඩියේ ශබ්දයෙන් පොළව බිඳේ යයි හැඟීම් ඇතිව පලා ගියේ යයි දැන ඒ කරුණු සාවාගෙන් විචාළේය. සාවා එසේය දේවයිනි’යි කීහ. බෝධි සත්ත්වයෝ මේ ගාථාව කීහ.
“බෙලුව පතිතං සුත්වා, දුද්දුභන්ති සසො ජවි; සසස්ස වචනං සුත්වා, සන්තත්තා මිගවාහිනී”ති. (ජා· 1.4.86);
බෙල්ලං නිපතිතං සුත්වා - දහක්කන්ති සසොජව සසස්ස වචනං සුත්වා - සන්තත්තා මිගවාහිනී
‘දද්දභ’ යයි හඬ නගමින් බෙලිගෙඩිය වැටුණු හඬ අසා සාවා දිවීය. සාවාගේ වචනය අසා මෘග සේනාව තැතිගෙන දිවූහ.
තතො බොධිසත්තො “මා භායථා”ති මිගගණෙ අස්සාසෙසි. එවං විතක්කානං මූලමූලං ගච්ඡන්තස්ස විතක්කා පහීයන්ති.
ඉක්බිති බෝධිසත්ත්වයෝ භය නොවවු යයි මෘග සමූහය අස්වසාලූහ. මෙසේ විතර්කයන්ගේ මුලින් මුලට යන්නහුගේ විතර්කයෝ ප්‍රහීණ වෙත්.
ඉමස්මිං විතක්කමූලභෙදපබ්බෙ ඨත්වා විතක්කෙ නිග්ගණ්හිතුං අසක්කොන්තෙන පන එවං නිග්ගණ්හිතබ්බාති අපරම්පි කාරණං දස්සෙන්තො පුන තස්ස චෙ, භික්ඛවෙතිආදිමාහ.
මේ විතර්ක භේද මූල පර්වයෙහි සිට, විතර්කයන් කියන්නට නොහැක්කහු විසින්, මෙසේ නිග්‍රහ කටයුතු යයි තවත් කාරණයක් දක්වන්නේ ‘පුන පස මෙ භික්ඛවෙ’ යනාදිය වදාළහ.
දන්තෙභිදන්තමාධායාති හෙට්ඨාදන්තෙ උපරිදන්තං ඨපෙත්වා. චෙතසා චිත්තන්ති කුසලචිත්තෙන අකුසලචිත්තං අභිනිග්ගණ්හිතබ්බං. බලවා පුරිසොති යථා ථාමසම්පන්නො මහාබලො පුරිසො දුබ්බලං පුරිසං සීසෙ වා ගලෙ වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්ය අභිනිප්පීළෙය්ය අභිසන්තාපෙය්ය සන්තත්තං කිලන්තං මුච්ඡාපරෙතං විය කරෙය්ය, එවමෙව භික්ඛුනා විතක්කෙහි සද්ධිං පටිමල්ලෙන හුත්වා “කෙ ච තුම්හෙ කො චාහ”න්ති අභිභවිත්වා – “කාමං තචො ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරෙ උපසුස්සතු මංසලොහිත”න්ති (අ· නි· 2.5) එවං මහාවීරියං පග්ගය්හ විතක්කා නිග්ගණ්හිතබ්බාති දස්සෙන්තො ඉම අත්ථදීපිකං උපමං ආහරි.
දන්තෙහි දන්ත මාධාය යටිදත උඩු දතැ තබා චෙතසො චිත්තනති කුසල චිත්තයෙන් අකුසල චිත්තය නිග්‍රහ කටයුතුයි. බලවා පුරිසො යම් සේ ශක්ති සම්පන්න වූ මහා බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයකුගේ හිස හෝ කඳ හෝ ගෙන දැඩිව නිගන්නේද, දැඩිව පෙළන්නේද, දැඩිව තවන්නේ ද, තැවුණකු ක්ලාන්ත වූවකු, සිහි මූර්ඡා වූවකු කරන්නේ ද එපරිද්දෙන්ම භික්ෂුව විසින් විතර්කයන් සමග ප්‍රතිමල්ලවයකු වී තෙපි කවරහුද මා කවරෙක්දැයි මැඩ පවත්වා ‘ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ඉතිරි වේවා. ශරීරයෙහි මස් ලේ වියැලේවා’යි මෙසේ මහා වීර්යය වැඩි කොටගෙන විතර්කයෝ නිග්‍රහ කළයුතු යයි දක්වමින් මේ අර්ථ ප්‍රකාශක උපමාව වදාළහ.
යතො ඛො, භික්ඛවෙති ඉදං පරියාදානභාජනියං නාම, තං උත්තානත්ථමෙව. යථා පන සත්ථාචරියො තිරොරට්ඨා ආගතං රාජපුත්තං පඤ්චාවුධසිප්පං උග්ගණ්හාපෙත්වා “ගච්ඡ, අත්තනො රට්ඨෙ රජ්ජං ගණ්හ. සචෙ තෙ අන්තරාමග්ගෙ චොරා උට්ඨහන්ති, ධනුනා කම්මං කත්වා ගච්ඡ. සචෙ තෙ ධනු නස්සති වා භිජ්ජති වා සත්තියා අසිනා”ති එවං පඤ්චහිපි ආවුධෙහි කත්තබ්බං දස්සෙත්වා උය්යොජෙති. සො තථා කත්වා සකරට්ඨං ගන්ත්වා රජ්ජං ගහෙත්වා රජ්ජසිරිං අනුභොති. එවමෙවං භගවා අධිචිත්තමනුයුත්තං භික්ඛුං අරහත්තගහණත්ථාය උය්යොජෙන්තො – “සචස්ස අන්තරා අකුසලවිතක්කා උප්පජ්ජන්ති, අඤ්ඤනිමිත්තපබ්බෙ ඨත්වා තෙ නිග්ගණ්හිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණිස්සති. තත්ථ අසක්කොන්තො ආදීනවපබ්බෙ ඨත්වා, තත්රාපි අසක්කොන්තො අසතිපබ්බෙ ඨත්වා, තත්රාපි අසක්කොන්තො විතක්කමූලභෙදපබ්බෙ ඨත්වා, තත්රාපි අසක්කොන්තො අභිනිග්ගණ්හනපබ්බෙ ඨත්වා විතක්කෙ නිග්ගණ්හිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණිස්සතී”ති ඉමානි පඤ්ච පබ්බානි දෙසෙසි.
යතො ඛො භික්ඛවෙ මෙය සීමා බිඳීම නම් වෙයි. එය ප්‍රකට වූ අර්ථ ඇත්තේය. තව ද යම් සේ, දිසාපාමොක් ආචාර්යවරයා පිටරටින් රජ කුමරෙකුට පංචායුධ ශිල්ප උගන්වා, යන්න තමන් ගේ රටට ගොස් රාජ්‍යය කරව, ඉදින් මා වෙත අතරමග දී සොරුන් එළඹ සිටිත් නම් දුන්නෙන් කටයුතු කර යව, ඉදින් තොපගේ දුන්න නැසේ නම් හෝ බිඳේනම් හෝ කඩුවෙන් ද, සැතින් ද මෙසේ ආයුධ පසින්ම ශිල්ප දක්වා මෙහෙයාද? හෙතෙම එසේ කොට සිය රටට ගොස් රාජ්‍යය ගෙන, රජසිරි වළඳාද? එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ අධි චිත්තයෙහි යෙදුනා වූ භික්ෂුව රහත්බැව් ගැනීම පිණිස මෙහෙයවන්නාහු, ඔහුට අතරතුර අකුසල විතර්කයෝ උපදිත්ද (එකල) අන්‍ය නිමිත්ත පර්වයෙහි සිට ඒ විතර්කයන් දුරුකොට විදසුන් වඩා රහත්බවට පැමිණෙන්නේ ය. එහි නොහැකි වන්නේ ආදීනව පර්වයෙහි සිට, එහි ද නොහැකි වන්නේ, අසති පර්වයෙහි සිට, එහි ද නො හැකි වන්නේ විතර්ක මූලභේද පර්වයෙහි සිට, එහිද නොහැකි වන්නේ අභිනිග්රහණ පර්වයෙහි සිට විතර්කයන් දුරුකොට විදසුන් වඩා රහත්බවට පැමිණෙන්නේ යයි මේ පංච පර්වයන් දේශනා කළ සේක.
වසී විතක්කපරියායපථෙසූති විතක්කචාරපථෙසු චිණ්ණවසී පගුණවසීති වුච්චති. යං විතක්කං ආකඞ්ඛිස්සතීති ඉදං අස්ස වසීභාවාකාරදස්සනත්ථං වුත්තං. අයඤ්හි පුබ්බෙ යං විතක්කං විතක්කෙතුකාමො හොති, තං න විතක්කෙති. යං න විතක්කෙතුකාමො හොති, තං විතක්කෙති. ඉදානි පන වසීභූතත්තා යං විතක්කං විතක්කෙතුකාමො හොති, තංයෙව විතක්කෙති. යං න විතක්කෙතුකාමො, න තං විතක්කෙති. තෙන වුත්තං “යං විතක්කං ආකඞ්ඛිස්සති, තං විතක්කං විතක්කෙස්සති. යං විතක්කං නාකඞ්ඛිස්සති, න තං විතක්කං විතක්ඛෙස්සතී”ති. අච්ඡෙච්ඡි තණ්හන්තිආදි සබ්බාසවසුත්තෙ වුත්තමෙවාති.
වසී විතක්ක පරියාය පථෙසු විතර්ක මාර්ගයන්හි පුරුදු කළ වශී බව ඇතිව, ප්‍රගුණ කළ වසඟ බව ඇතිව, යං විතක්කං ආකංඛිස්සති මෙය ඔහුගේ වසඟ වූ ආකාරය දැක්වීම පිණිස කියන ලදී. මෙතෙම පෙර යම් විතර්කයක් විතර්ක කරනු කැමති වේද, එය විතර්ක නොකෙරේ. යමක් විතර්ක නොකරනු කැමති වේද, එය විතර්ක කෙරේ. යමක් විතර්ක නො කරනු කැමති වේද, එය විතර්ක නො කෙරෙයි. එයින් වදාළහ. යං විතක්කං ආකඞ්ඛිස්සති තං විතක්කං විතක්කෙස්සති, යං විතක්කං නාකඞ්ඛිස්සති තං විතක්කං විතක්කෙස්සති. අච්ඡෙච්ඡි තණ්හං යනාදිය සබ්බාසව සූත්‍රයෙහි කියන ලද්දේ ය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය විතක්කසණ්ඨානසුත්තවණ්ණනා නිට්ඨිතා.
විතක්ක සණ්ඨාන සූත්‍ර වර්ණනාව නිමියේය.
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවෙනි වූ සිංහනාද වර්ගය සමාප්තයි.