ද්වෙධාවිතක්කසුත්තවණ්ණනා අට්ඨකථා
ද්වෙධාවිතක්කසුත්තවණ්ණනා
ද්වෙධා විතක්ක සූත්‍ර වර්ණනාව
මෙ සුතන්ති ද්වෙධාවිතක්කසුත්තං. තත්ථ ද්විධා කත්වා ද්විධා කත්වාති ද්වෙ ද්වෙ භාගෙ කත්වා. කාමවිතක්කොති කාමපටිසංයුත්තො විතක්කො. බ්යාපාදවිතක්කොති බ්යාපාදපටිසංයුත්තො විතක්කො. විහිංසාවිතක්කොති විහිංසාපටිසංයුත්තො විතක්කො. එකං භාගන්ති අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකො වා සුඛුමො වා සබ්බො පායං විතක්කො අකුසලපක්ඛිකොයෙවාති තයොපි කාමබ්යාපාදවිහිංසාවිතක්කෙ එකං කොට්ඨාසමකාසිං. කාමෙහි නිස්සටො නෙක්ඛම්මපටිසංයුත්තො විතක්කො නෙක්ඛම්මවිතක්කො නාම, සො යාව පඨමජ්ඣානා වට්ටති. අබ්යාපාදපටිසංයුත්තො විතක්කො අබ්යාපාදවිතක්කො, සො මෙත්තාපුබ්බභාගතො පට්ඨාය යාව පඨමජ්ඣානා වට්ටති. අවිහිංසාපටිසංයුත්තො විතක්කො අවිහිංසාවිතක්කො, සො කරුණාපුබ්බභාගතො පට්ඨාය යාව පඨමජ්ඣානා වට්ටති. දුතියං භාගන්ති සබ්බොපායං කුසලපක්ඛිකොයෙවාති දුතියං කොට්ඨාසමකාසිං. ඉමිනා බොධිසත්තස්ස විතක්කනිග්ගහණකාලො කථිතො.
එවම්මෙ සුතං යනු ද්වෙධා විතක්ක සූත්‍රයයි. එහි ද්වෙධා කත්වා ද්වෙධා කත්වා කොටස් දෙකක් දෙකක් කොට කාමවිතක්කො කාම ප්‍රතිසංයුක්ත වූ විතර්කය, බ්යාපාද විතක්කො ව්‍යාපාද ප්‍රතිසංයුත්ත වූ විතර්කය, විහිංසා විතක්කො විහිංසා ප්‍රතිසංයුක්ත වූ විතර්කය. එකං භාගං අධ්‍යත්ම වූ හෝ බාහිර වූ හෝ මහත් වූ හෝ සියුම් වූ හෝ මේ සියළු විතර්කයෝ ම අකුසල පක්ෂයේ ම වූයේ ම යයි කාම, ව්‍යාපාද, විහිංසා විතර්කයන් තිදෙන එක් කොටසක් කළෙමි. කාමයෙන් වෙන්වුනා වූ නෛෂ්ක්‍රම්‍ය සමග පවතින වූ විතර්කය. නෙක්ඛම්ම විතක්කො නෙක්ඛම්ම විතර්කය නම් වෙයි. ඒ විතර්කය ප්‍රථම ධ්‍යානය තෙක් වටී. අව්‍යාපාදය සමග පවතින විතර්කය අබ්බ්යාපාද විතක්කො අවිහිංසා විතර්කය නම් වේ. එය කරුණා පූර්වභාගයේ පටන් ප්‍රථමධ්‍යානය තෙක් පවතී. දුතියං භාගන්ති මේ සියලු විතර්කයන්ම කුසල පක්ෂයෙහි වූයේම බැවින් දෙවෙනි කොටස කළෙමි. මේ මගින් බෝසතුන්ගේ විතර්ක නිග්‍රහය කරන කාලය කියන ලදී.
බොධිසත්තස්ස හි ඡබ්බස්සානි පධානං පදහන්තස්ස නෙක්ඛම්මවිතක්කාදයො පුඤ්ජපුඤ්ජා මහානදියං ඔඝා විය පවත්තිංසු. සතිසම්මොසෙන පන සහසා කාමවිතක්කාදයො උප්පජ්ජිත්වා කුසලවාරං පච්ඡින්දිත්වා සයං අකුසලජවනවාරා හුත්වා තිට්ඨන්ති. තතො බොධිසත්තො චින්තෙසි – “මය්හං ඉමෙ කාමවිතක්කාදයො කුසලවාරං පච්ඡින්දිත්වා තිට්ඨන්ති, හන්දාහං ඉමෙ විතක්කෙ ද්වෙ භාගෙ කත්වා විහරාමී”ති කාමවිතක්කාදයො අකුසලපක්ඛිකාති එකං භාගං කරොති නෙක්ඛම්මවිතක්කාදයො කුසලපක්ඛිකාති එකං. අථ පුන චින්තෙසි – “අකුසලපක්ඛතො ආගතං විතක්කං මන්තෙන කණ්හසප්පං උප්පීළෙත්වා ගණ්හන්තො විය අමිත්තං ගීවාය අක්කමන්තො විය ච නිග්ගහෙස්සාමි, නාස්ස වඩ්ඪිතුං දස්සාමි. කුසලපක්ඛතො ආගතං විතක්කං මෙඝසමයෙ මෙඝං විය සුඛෙත්තෙ සාලකල්යාණිපොතකං විය ච සීඝං වඩ්ඪෙස්සාමී”ති. සො තථා කත්වා අකුසලවිතක්කෙ නිග්ගණ්හි, කුසලවිතක්කෙ වඩ්ඪෙසි. එවං ඉමිනා බොධිසත්තස්ස විතක්කනිග්ගහණනකාලො කථිතොති වෙදිතබ්බො.
වසර හයක් ප්‍රධන් වීර්යය කරන්නා වූ බෝසතුන්ට විතර්කාදිය සමූහ සමූහව, මහා ගංගාවක සැඩපහර මෙන් පැවැත්තාහුය. එහෙත් සිහිමුළාවීමකින් වහා කාමවිතර්කාදිය ඉපිද, කුසල වාරය සිඳ, තුමූ අකුසල ජවන වාරයෝ වී සිටිති. එනිසා බෝසත්හු මෙසේ සිතූහ. මාගේ මේ කාම විතර්කාදිය කුසල් වාරය වෙනස්කොට (කඩා) සිටිති. මම මේ විතර්කයන් දෙ කොටසක් කොට වාසය කරමි. කාම විතර්කාදීහු අකුශල පක්ෂයේ වූවාහුයි එක් කොටසක් කරමි. නෛෂ්ක්‍රම්‍ය විතර්කාදිය කුශල පක්ෂයේ වූවහුයි එක් කොටසක් කරමි. ඉක්බිති අකුශල පක්ෂයෙන් ආවා වූ විතර්කය, මන්ත්‍ර බලයකින් කළු සර්පයෙකු දැඩිව පෙළා ගත්තාක් මෙන් ද, සතුරකු බෙල්ලෙන් මැඩ ගත්තකු මෙන් ද දමනය කරන්නෙමි. වැඩෙන්නට ඉඩ නො දෙන්නෙමි. කුශල පක්ෂයෙන් ආ විතර්කය වැසි කලෙක මේඝයක් මෙන් ද, මනා කෙතක හොඳින් වැඩෙන සල් පැළයක් මෙන් ද, වහ වහා වර්ධනය කරන්නෙමි යි (සිතීය.) හේ එසේ කොට අකුසල විතර්කයන් දුරු කළේය. කුසල විතර්කයන් වර්ධනය කළේය. මෙසේ බෝසතුන්ගේ විතර්ක නිග්‍රහ කාලය කියන ලද්දේ යයි දතයුතුය.
ඉදානි යථාස්ස තෙ විතක්කා උප්පජ්ජිංසු, යථා ච නෙ නිග්ගහෙසි, තං දස්සෙන්තො තස්ස මය්හං, භික්ඛවෙතිආදිමාහ. තත්ථ අප්පමත්තස්සාති සතියා අවිප්පවාසෙ ඨිතස්ස. ආතාපිනොති ආතාපවීරියවන්තස්ස. පහිතත්තස්සාති පෙසිතචිත්තස්ස. උප්පජ්ජති කාමවිතක්කොති බොධිසත්තස්ස ඡබ්බස්සානි පධානං පදහතො රජ්ජසුඛං වා ආරබ්භ, පාසාදෙ වා නාටකානි වා ඔරොධෙ වා කිඤ්චිදෙව වා සම්පත්තිං ආරබ්භ කාමවිතක්කො නාම න උප්පන්නපුබ්බො. දුක්කරකාරිකාය පනස්ස ආහාරූපච්ඡෙදෙන අධිමත්තකසිමානං පත්තස්ස එතදහොසි – “න සක්කා ආහාරූපච්ඡෙදෙන විසෙසං නිබ්බත්තෙතුං, යංනූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්ය”න්ති. සො උරුවෙලං පිණ්ඩාය පාවිසි. මනුස්සා – “මහාපුරිසො පුබ්බෙ ආහරිත්වා දින්නම්පි න ගණ්හි, අද්ධාස්ස ඉදානි මනොරථො මත්ථකං පත්තො, තස්මා සයමෙව ආගතො”ති පණීතපණීතං ආහාරං උපහරිංසු. බොධිසත්තස්ස අත්තභාවො නචිරස්සෙව පාකතිකො අහොසි. ජරාජිණ්ණත්තභාවො හි සප්පායභොජනං ලභිත්වාපි පාකතිකො න හොති. බොධිසත්තො පන දහරො. තෙනස්ස සප්පායභොජනං භුඤ්ජතො අත්තභාවො න චිරස්සෙව පාකතිකො ජාතො, විප්පසන්නානි ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො, සමුග්ගතතාරාගණං විය නභං පරිපුණ්ණද්වත්තිංසමහාපුරිසලක්ඛණප්පටිමණ්ඩිතසරීරං අහොසි. සො තං ඔලොකෙත්වා “තාව කිලන්තො නාම අත්තභාවො එවං පටිපාකතිකො ජාතො”ති චින්තෙත්වා අත්තනො පඤ්ඤාමහන්තතාය එවං පරිත්තකම්පි විතක්කං ගහෙත්වා කාමවිතක්කොති අකාසි.
දැන් මෙවිට, යම්සේ ඔහුට විතර්කයෝ උපන්නාහු ද යම් සේ ඔවුන් නිග්‍රහ කළේද? එය දැක්වීම සඳහා තස්ස මයහං භික්ඛවෙ යනාදිය කීහ. එහි අප්පමත්තස්සා සිහියෙන් වෙන් නොවී සිටියාහු ආතාපිනො කෙළෙස් තවන වීර්යය ඇත්තා වූ පහිතත්තස්ස යවන ලද සිත් ඇත්තාහු, උප්පජ්ජති කාම විතක්කො වසර සයක් ප්‍රධන් වීර්යය වඩන බෝසතුන්ට රජසුව පිළිබඳව හෝ ප්‍රාසාද පිළිබඳව හෝ, නිළියන් පිළිබඳව හෝ, අන්තඃපුරය පිළිබඳව හෝ කිසියම් සැපතක් පිළිබඳව කාම විතර්කයක් පහළ වූයේ නැත. දුෂ්කර ක්‍රියාවෙහි ආහාර නොගැනීමෙන්, පමණ ඉක්මගිය කෘෂ භාවයට (කෙට්ටු වීමට) පැමිණි ඔහුට මෙසේ සිතිණ. ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් විශේෂයක් උපදවන්නට නො හැකිය. යම් හෙයකින් ඕළාරික ආහාර ගන්නේ නම් ඉතා යෙහෙක. හෙතෙම පිඬු පිණිස උරුවෙල් දනව්වට පිවිසියේය. මිනිස්සු, පෙර මහා පුරුෂයා සමීපයට ගෙනත් දෙන ලද්ද ද නො පිළිගත්හ. දැන් ඒකාන්තයෙන් ඔහුගේ මනදොළ මුදන් පැමිණියේ වන. එහෙයින් තෙමේ ම ආයේ වනැයි ප්‍රණීත ආහාර පිදූහ. බෝසතුන්ගේ ජීවිත පැවැත්ම වැඩිකල් නොගොස්ම ප්‍රකෘති ස්වභාවයට පත්විය. ජරාවෙන් දිරීම් ස්වභාවයට පැමිණි ආත්ම භාවයක් සැප බොජුන් ලැබීමෙන් ප්‍රකෘති තත්ත්වයට නො පැමිණේ. එහෙත් බෝසත්තුමා වනාහි සැප වූ ආහාර ගැනීමෙන් වැළිත් තරුණ වූයේ නොබෝ කලකින් ම ආත්මභාවය ප්‍රකෘති ස්වභාවයට පැමිණියේය. ඉන්ද්රියයෝ වෙසෙසින් පැහැදුනහ. සමේ පැහැය පිරිසිදු විය. තාරකා සමූහයෙන් ශෝභන වූ අහස මෙන් දෙතිස් මහා පුරිස් ලකුණු වලින් සැරසුණු ශරීරය විය. හෙතෙම ඒ සිරුර බලා ‘ඒ තාක් ක්ලාන්ත වූ ආත්මභාවය මෙසේ පෙරළා ප්‍රකෘති තත්ත්වයට පත්විනැයි සිතා තමාගේ ප්‍රඥා මහන්තත්වය හේතුකොටගෙන මෙසේ විනැයි මද වූද විතර්කය ගෙන කාම විතර්කය යයි (මෙනෙහි) කළේය.
පණ්ණසාලාය පුරතො නිසින්නො චමරපසදගවයරොහිතමිගාදිකෙ මගගණෙ මනුඤ්ඤසද්දරවනෙ මොරවනකුක්කුටාදිකෙ පක්ඛිගණෙ නීලුප්පලකුමුදකමලාදිසඤ්ඡන්නානි පල්ලලානි නානාකුසුමසඤ්ඡන්නවිටපා වනරාජියො මණික්ඛන්ධනිම්මලජලපවාහඤ්ච නදිං නෙරඤ්ජරං පස්සති. තස්ස එවං හොති “සොභනා වතිමෙ මිගජාතා පක්ඛිගණා පල්ලලානි වනරාජියො නදී නෙරඤ්ජරා”ති. සො තම්පි එවං පරිත්තකං විතක්කං ගහෙත්වා කාමවිතක්කමකාසි, තෙනාහ “උප්පජ්ජති කාමවිතක්කො”ති.
පන්සල ඉදිරිපිට උන්නා වූ රූරු මෘග, පසද මෘග, ගවර, රෝහිත මෘග ආදී මෘග සමූහයන් ද, සිත්කලු වූ පියාපත් හා හඬ ඇති. මොනර වළිකුකුළු ආදී වූ කුරුළු සමූහයා ද, නිලුපුල්, කුමුදු, නෙළුම් ආදියෙන් ගැවසීගත් කුඩා විල් ද, නන්වැදෑරුම් මල්වලින් ගැවසීගත් පඳුරු ඇති වනරොදවල් ද, මැණික් මෙන් පිරිසුදු ජලය ගලා යන නේරංජරා නදියද, දැකීමෙන් ඔහුට මෙසේ සිත්විය. ‘මේ මුව සමූහයෝ ද, පක්ෂි සමූහයෝද කුඩා විල් වන ලැහැබ් නේරංජරා නදිය ඒකාන්තයෙන් දැකුම්කළුය. හොබනේය. හෙතෙම ඉතා සුළු වූ ද ඒ විතර්කය ගෙන කාම විතර්කයක් කළේය. එහෙයින් වදාළහ. උප්පජ්ජති කාම විතක්කො
අත්තබ්යාබාධායපීති අත්තදුක්ඛායපි. එසෙවනයො සබ්බත්ථ. කිං පන මහාසත්තස්ස උභයදුක්ඛාය සංවත්තනකවිතක්කො නාම අත්ථීති? නත්ථි. අපරිඤ්ඤායං ඨිතස්ස පන විතක්කො යාව උභයබ්‍යාබාධාය සංවත්තතීති එතානි තීණි නාමානි ලභති, තස්මා එවමාහ. පඤ්ඤානිරොධිකොති අනුප්පන්නාය ලොකියලොකුත්තරාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙති, ලොකියපඤ්ඤං පන අට්ඨසමාපත්තිපඤ්චාභිඤ්ඤාවසෙන උප්පන්නම්පි සමුච්ඡින්දිත්වා ඛිපතීති පඤ්ඤානිරොධිකො. විඝාතපක්ඛිකොති දුක්ඛකොට්ඨාසිකො. අසඞ්ඛතං නිබ්බානං නාම, තං පච්චක්ඛං කාතුං න දෙතීති අනිබ්බානසංවත්තනිකො. අබ්භත්ථං ගච්ඡතීති ඛයං නත්ථිභාවං ගච්ඡති. උදකපුප්ඵුළකො විය නිරුජ්ඣති. පජහමෙවාති පජහිමෙව. විනොදමෙවාති නීහරිමෙව. බ්‍යන්තමෙව නං අකාසින්ති විගතන්තං නිස්සෙසං පරිවටුමං පරිච්ඡින්නමෙව නං අකාසිං.
අත්තව්යා බාධායපි තමහට දුක් පිණිස සියලු තන්හි මෙම ක්‍රමය මැයි. කිම? යළිත් මහා සත්ත්වයන්ට ද්විවිධ දුක් පිණිස පවත්නා වූ විතර්කයෙක් ඇත්ද? නැත. එසේ වුවත් ප්රහාණය නොකොට සිටියහුගේ විතර්කය යම්තාක් උභය දුක් පිණිස පවතීනුයි මේ නම් තුන ලබයි. එහෙයින් මෙසේ වදාළහ. පඤ්ඤා නිරොධිකො නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවන් උපදින්නට ඉඩ නො දෙයි. ලෞකික ප්‍රඥාව අෂ්ට සමාපත්ති, පංචභිඥා වශයෙන් උපන්නත් සිඳ දමනුයි පඤ්ඤා නිරෝධික නම් වේ. විඝාත පක්බිකො දුක් කොටසෙහි වූයේ සංස්කරණය නොකළ නිර්වාණාමෘතය ප්රත්යක්ෂ කරන්නට ඉඩ නො දේනුයි අනිබ්බාන සංවත්තනික නම් වේ. අබ්භත්ථං ගච්ඡති ක්ෂය වීමට නැති බවට පත්වෙයි. දියබුබුළක් මෙන් නොපෙනී යයි. පජහාමෙව දුරු කෙළේම ය. විනොදමෙව බැහැර කළෙමිම ය. ව්යන්තෙව නං අකාසි යනු විගතාන්ත වූවක්, ඉතිරි නොවූවක්, හාත්පසින් පරිච්ඡින්න වූවක්ම පිරිසිඳින ලද්දක්ම කළෙමි.
බ්යාපාදවිතක්කොති න බොධිසත්තස්ස පරූපඝාතප්පටිසංයුත්තො නාම විතක්කො චිත්තෙ උප්පජ්ජති, අථස්ස අතිවස්සඅච්චුණ්හඅතිසීතාදීනි පන පටිච්ච චිත්තවිපරිණාමභාවො හොති, තං සන්ධාය “බ්යාපාදවිතක්කො”ති ආහ. විහිංසාවිතක්කොති න මහාසත්තස්ස පරෙසං දුක්ඛුප්පාදනප්පටිසංයුත්තො විතක්කො උප්පජ්ජති, චිත්තෙ පන උද්ධතාකාරො අනෙකග්ගතාකාරො හොති, තං ගහෙත්වා විහිංසාවිතක්කමකාසි. පණ්ණසාලාද්වාරෙ නිසින්නො හි සීහබ්යග්ඝාදිකෙ වාළමිගෙ සූකරාදයො ඛුද්දමිගෙ විහිංසන්තෙ පස්සති. අථ බොධිසත්තො ඉමස්මිම්පි නාම අකුතොභයෙ අරඤ්ඤෙ ඉමෙසං තිරච්ඡානගතානං පච්චත්ථිකා උප්පජ්ජන්ති, බලවන්තො දුබ්බලෙ ඛාදන්ති, බලවන්තඛාදිතා වත්තන්තීති කාරුඤ්ඤං උප්පාදෙති. අඤ්ඤෙපි බිළාරාදයො කුක්කුටමූසිකාදීනි ඛාදන්තෙ පස්සති, ගාමං පිණ්ඩාය පවිට්ඨො මනුස්සෙ රාජකම්මිකෙහි උපද්දුතෙ වධබන්ධාදීනි අනුභවන්තෙ අත්තනො කසිවණිජ්ජාදීනි කම්මානි කත්වා ජීවිතුං න ලභන්තීති කාරුඤ්ඤං උප්පාදෙති, තං සන්ධාය “උප්පජ්ජති විහිංසාවිතක්කො”ති ආහ. තථා තථාති තෙන තෙන ආකාරෙන. ඉදං වුත්තං හොති – කාමවිතක්කාදීසු යං යං විතක්කෙති, යං යං විතක්කං පවත්තෙති, තෙන තෙනෙ චස්සාකාරෙන කාමවිතක්කාදිභාවො චෙතසො න හි හොතීති. පහාසි නෙක්ඛම්මවිතක්කන්ති නෙක්ඛම්මවිතක්කං පජහති. බහුලමකාසීති බහුලං කරොති. තස්ස තං කාමවිතක්කාය චිත්තන්ති තස්ස තං චිත්තං කාමවිතක්කත්ථාය. යථා කාමවිතක්කසම්පයුත්තං හොති, එවමෙවං නමතීති අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො.
බ්යාපාද විතක්කො අනුන් පෙලීම පිළිබඳ විතර්කයක් නම් බෝසතුන් ගේ සිතෙහි නූපදී. එහෙත් අධික වර්ෂාව, අධික උෂ්ණය, අධික ශීතල ආදිය නිසා ඔහුගේ සිතෙහි වෙනස්වීම් ස්වභාවය ඇතිවෙයි. ඒ සඳහා බ්යාපාදවිතක්කො යයි කීහ. විහිංසා විතක්කො මෙරමා කෙරෙහි දුක් ඉපිදවීම පිළිබඳ විතර්කයක් බෝසතුන්ට නූපදී. එහෙත් සිත්හී උඩඟු වූ ආකාරය එකඟ නොවූ ආකාරය එයි. එය ගෙන විහිංසා විතර්කය කළේ ය. පන්සල් දොරකඩ හුන්නේ සිංහ ව්යාඝ්ර ආදී ව්‍යාල මෘගයන්, ඌරන් ආදී වූ කුඩා සතුන් නසන්නවුන් දකී. එකල්හි බෝසත්හු බිය රහිත වූ මෙම වනයෙහි ද මේ තිරිසන්ගත සතුන්ට ද සතුරෝ උපදිති. බලවත්හු දුබලයන් ගොදුරු කරගනිති. දුර්වලයන් කන්නේ යයි කරුණාව උපදවයි. අනෙක් බළල් ආදීන් ද, කුකුළු, මී ආදීන් කන්නවුන් දකී. ගමට පිණ්ඩපාතයේ යනවිට රාජ්‍ය නිලධාරීන් විසින් මිනිසුන්ට වධ බන්ධන පමුණුවනු දකී. තමන්ගේ ගොවිතැන් වෙළඳාම් කරගෙන ජීවත් වන්නට ඉඩ නොලබයි. මේවා දැක කරුණාව උපදී. ඒ සඳහා උප්පජ්ජති විහිංසා විතක්කො යනාදිය වදාළහ. තථාතථා ඒ ඒ කියන ලද ආකාරයෙන් මේ කියන ලද වේ. කාම විතර්කාදීන් අතුරෙන් යමක් විතර්ක කෙරේද? යම් යම් විතර්කයන් පවත්වාද? ඒ ආකාර වූම කාම විතර්කාදි භාවයෙන් ඔහුගේ සිතේ නැමීම වෙයි. පභාසි නෙක්ඛම්ම විතක්කං නෛෂ්කම්‍ය විතර්කය දුරු කෙරෙයි. බහුල ඔකාසි බහුල කෙරෙයි. තස්ස තං කාම විතක්කාය චිතතං ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස, යම්සේ කාම විතර්ක සම්ප්‍රයුක්ත වූයේ ද, එපරිද්දෙන් නැමෙයි යන අර්ථයි. සෙසු පදයන්හි ද මෙම ක්‍රමයමැයි.
ඉදානි අත්ථදීපිකං උපමං දස්සෙන්තො සෙය්යථාපී තිආදිමාහ. තත්ථ කිට්ඨසම්බාධෙති සස්සසම්බාධෙ. ආකොටෙය්යාති උජුකං පිට්ඨියං පහරෙය්ය. පටිකොටෙය්යාති තිරියං ඵාසුකාසු පහරෙය්ය. සන්නිරුන්ධෙය්යාති ආවරිත්වා තිට්ඨෙය්ය. සන්නිවාරෙය්යාති ඉතො චිතො ච ගන්තුං න දදෙය්ය. තතොනිදානන්ති තෙන කාරණෙන, එවං අරක්ඛිතානං ගුන්නං පරෙසං සස්සඛාදනකාරණෙනාති අත්ථො. බාලො හි ගොපාලොකො එවං ගාවො අරක්ඛමානො “අයං අම්හාකං භත්තවෙතනං ඛාදති, උජුං ගාවො රක්ඛිතුම්පි න සක්කොති, කුලෙහි සද්ධිං වෙරං ගණ්හාපෙතී”ති ගොසාමිකානම්පි සන්තිකා වධාදීනි පාපුණාති, කිට්ඨසාමිකානම්පි. පණ්ඩිතො පන ඉමානි චත්තාරි භයානි සම්පස්සන්තො ගාවො සාධුකං රක්ඛති, තං සන්ධායෙතං වුත්තං. ආදීනවන්ති උපද්දවං. ඔකාරන්ති ලාමකං, ඛන්ධෙසු වා ඔතාරං. සංකිලෙසන්ති කිලිට්ඨභාවං. නෙක්ඛම්මෙති නෙක්ඛම්මම්හි. ආනිසංසන්ති විසුද්ධිපක්ඛං. වොදානපක්ඛන්ති ඉදං තස්සෙව වෙවචනං, කුසලානං ධම්මානං නෙක්ඛම්මම්හි විසුද්ධිපක්ඛං අද්දසන්ති අත්ථො.
දැන් අර්ථය පැහැදිලි කරන උපමාවක් දක්වන්නේ සෙය්යථාපි යනාදිය වදාළහ. එහි කිට්ඨ සමබාධෙ වගාවෙන් හිරිහැර ඇති කල්හි, ආකොටෙය්ය කෙලින්ම පිටට පහර දෙන්නේය. පතිකොටෙය්ය පිට හරහා ඉල ඇටවලට පහර දෙන්නේ ය. සන්නිරුද්ධෙය්ය ආවරණය කොට සිටින්නේය, සන්නීවාරෙය්ය ඇවිදීමට නො දෙන්නේය. තතො නිදානං ඒ කරුණින්, නොරක්නා වූ ගවයන් විසින් අනුන්ගේ වගාවන් පාළු කරයි යන අර්ථයි. අඥාන වූ ගොපල්ලා ගෙරි හරකුන් නො රක්නේ ‘මොහු අපගේ බත් වැටුප් කයි. හරිහැටි හරකුන් රකින්නට ද නො හැකි වේ. අනෙක් කුලයන් සමග ආරවුල් ඇතිකරන්නේ යයි ගව හිමියන්ගෙන් ද කුඹුරු හිමියන්ගෙන් ද දඩුවම් ලබයි. එහෙත් නුවණැති ගොපල්ලා මේ සතර භය දකිමින් හරකුන් මැනවින් රැකබලා ගනියි. ඒ සඳහා මෙය කියන ලද්දේය. ආදීනවං ආදිනව, උපද්‍රව, ඔකාරං ලාමක බව නොහොත් ස්කන්ධයන්ගේ පිවිසීම, සංකිලෙසනං කිලුටු බව, නෙක්ඛම්මෙ ගිහිගෙයින් වෙන්ව යාමෙහි ආනිසංස ඉතා පිරිසිදු බව, වොදානපක්ඛං මෙය සමාන අර්ථ ඇත්තේය. (පිරිසිදු බව) කුසල ධර්මයන් සම්බන්ධව නෛෂ්ක්‍රම්‍යයෙහි යහපත් පැත්ත දුටුවෙමි යන අර්ථයි.
නෙක්ඛම්මන්ති ච කාමෙහි නිස්සටං සබ්බකුසලං, එකධම්මෙ සඞ්ගය්හමානෙ නිබ්බානමෙව. තත්රිදං ඔපම්මසංසන්දනං – කිට්ඨසම්බාධං විය හි රූපාදිආරම්මණං, කූටගාවො විය කූටචිත්තං, පණ්ඩිතගොපාලකො විය බොධිසත්තො, චතුබ්බිධභයං විය අත්තපරූභයබ්යාබාධාය සංවත්තනවිතක්කො, පණ්ඩිතගොපාලකස්ස චතුබ්බිධං භයං දිස්වා කිට්ඨසම්බාධෙ අප්පමාදෙන ගොරක්ඛණං විය බොධිසත්තස්ස ඡබ්බස්සානි පධානං පදහතො අත්තබ්යාබාධාදිභයං දිස්වා රූපාදීසු ආරම්මණෙසු යථා කාමවිතක්කාදයො න උප්පජ්ජන්ති, එවං චිත්තරක්ඛණං.
තව ද නෙක්ඛම්මං යනු කාමයන්ගෙන් වෙන් වූ සියලු කුශලය යන අදහසයි. එක් ධර්මයක් ගනු ලබන කල්හිම නිර්වාණය ම අදහස් වේ. එහි උපමා සන්සන්දනය මෙසේ දතයුතු - වගාවට ඇති හිරිහැරය මෙන් රූපාදී අරමුණු ද, නො හික්මුණු ගවයා මෙන් දමනය නො කළ සිත ද, නැණවත් ගොපල්ලා මෙන් බෝසතුන් ද, චතුර්විධ භය මෙන්, උභය දුක්ඛයන් සඳහා වන ස්ව පර විතර්කයෝ ද, නැණවත් ගොපල්ලාගේ චතුර්විධ භය දැක, වගාවන් පාඨ නොකරන අයුරින් ගෙරින් රැකීම මෙන්, සාවුරුද්දක් ප්‍රධන් වීර්යය කරන්නා වූ බෝසතුන්ගේ ආත්ම පීඩාදී භය දැක රූපාදී අරමුණුවල කාම විතර්කාදිය නො ඉපදීම ද, එපරිද්දෙන් සිත රැකීම ද, දතයුතුය.
පඤ්ඤාවුද්ධිකොතිආදීසු අනුප්පන්නාය ලොකියලොකුත්තරපඤ්ඤාය උප්පාදාය, උප්පන්නාය ච වුද්ධියා සංවත්තතීති පඤ්ඤාවුද්ධිකො. න දුක්ඛකොට්ඨාසාය සංවත්තතීති අවිඝාතපක්ඛිකො. නිබ්බානධාතුසච්ඡිකිරියාය සංවත්තතීති නිබ්බානසංවත්තනිකො. රත්තිං චෙපි නං, භික්ඛවෙ, අනුවිතක්කෙය්යන්ති සකලරත්තිං චෙපි තං විතක්කං පවත්තෙය්යං. තතොනිදානන්ති තංමූලකං. ඔහඤ්ඤෙය්යාති උග්ඝාතීයෙය්ය, උද්ධච්චාය සංවත්තෙය්යාති අත්ථො. ආරාති දූරෙ. සමාධිම්හාති උපචාරසමාධිතොපි අප්පනාසමාධිතොපි. සො ඛො අහං, භික්ඛවෙ, අජ්ඣත්තමෙව චිත්තන්ති සො අහං, භික්ඛවෙ, මා මෙ චිත්තං සමාධිම්හා දූරෙ හොතූති අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි, ගොචරජ්ඣත්තෙ ඨපෙමීති අත්ථො. සන්නිසාදෙමීති තත්ථෙව ච නං සන්නිසීදාපෙමි. එකොදිං කරොමීති එකග්ගං කරොමි. සමාදහාමීති සම්මා ආදහාමි, සුට්ඨු ආරොපෙමීති අත්ථො. මා මෙ චිත්තං ඌහඤ්ඤීති මා මය්හං චිත්තං උග්ඝාතීයිත්ථ, මා උද්ධච්චාය සංවත්තතූති අත්ථො.
පඤ්ඤාදධිකො යනාදියෙහි නූපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ඉපදීම පිණිස ද, උපන් ප්‍රඥාව වැඩීම පිණිස ද, පවතීනුයි පඤ්ඤාවුද්ධිකො නම් වේ. දුක් කොට්ඨාසයන්හි නො පවත්තීනුයි අවිඝාත පක්ඛිකො නම් වෙයි. නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස පවතීනුයි නිබ්බාණ සංවත්තනිකො නම් වෙයි. රත්තිඤ්චෙපි නං භිකඛත්ව අනුවිතක්කෙය්යං සෑම රාත්‍රියකම ඒ විතර්කය පවතින්නේ නම්, තතො නිදානං එය නිමිති කොට ඌහඤ්ඤෙය්ය ගැටෙන්නේය. උඩඟු බව පිණිස පවත්නේය. ආරා දුරෙහි සමාධිම්හා උපචාර සමාධියෙන් ද අර්පනා සමාධියෙන් ද, සො ඛො අහං භික්ඛවෙ අජ්ඣත්තමෙව විත්තන්ති මහණෙනි! මට මාගේ සිත සමාධියෙන් දුරු නොවේවා’යි, අධ්‍යාත්මයෙහි ම සිත පිහිටුවමි. ගෝචරාධ්‍යාත්මයෙහි තබමි යන අදහසයි. සන්තිසාදෙමි එහිම සිත හිඳුවමි. එකොදිං කරොමි එකඟ කරමි. සමාදහාමි මනාකොට පිහිටුවමි. මනාකොට අරමුණෙහි ආරෝපණය කරමි. මා මෙ විතතං ඌහඤ්ඤි මාගේ සිට නො ගැටේවා. නො සන්සුන්කම පිණිස, උඩඟුකම පිණිස නො පවතීවා.
උප්පජ්ජති අබ්යාපාදවිතක්කො…පෙ… අවිහිංසාවිතක්කොති එත්ථ යො සො ඉමාය හෙට්ඨා වුත්තතරුණවිපස්සනාය සද්ධිං උප්පන්නවිතක්කො කාමපච්චනීකට්ඨෙන නෙක්ඛම්මවිතක්කොති වුත්තො. සොයෙව බ්යාපාදපච්චනීකට්ඨෙන අබ්යාපාදවිතක්කොති ච විහිංසාපච්චනීකට්ඨෙන අවිහිංසාවිතක්කොති ච වුත්තො.
උප්පජ්ජති අඛ්යාපාද විතක්කො අවිහිංසා විතක්කො මෙහි යට කියන ලද තරුණ විදර්ශනාව සමග උපන් යම් ඒ විතර්කයන් කාමයන්ට විරුද්ධ අර්ථයෙන් නෙක්ඛම්ම විතර්කයයි කියන ලද ද, ඒ විතර්කයම, ව්‍යාපාදයට විරුද්ධ අර්ථයෙන් අව්‍යාපාද විතර්කයයි ද, පීඩාවට විරුද්ධ අර්ථයෙන් අවිහිංසා විතක්ක යයි කියන ලදී.
එත්තාවතා බොධිසත්තස්ස සමාපත්තිං නිස්සාය විපස්සනාපට්ඨපනකාලො කථිතො. යස්ස හි සමාධිපි තරුණො, විපස්සනාපි. තස්ස විපස්සනං පට්ඨපෙත්වා අතිචිරං නිසින්නස්ස කායො කිලමති, අන්තො අග්ගි විය උට්ඨහති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, මත්ථකතො උසුමවට්ටි විය උට්ඨහති, චිත්තං හඤ්ඤති විහඤ්ඤති විප්ඵන්දති. සො පුන සමාපත්තිං සමාපජ්ජිත්වා තං පරිදමෙත්වා මුදුකං කත්වා සමස්සාසෙත්‍වා පුන විපස්සනං පට්ඨපෙති. තස්ස පුන අතිචිරං නිසින්නස්ස තථෙව හොති. සො පුන සමාපත්තිං සමාපජ්ජිත්වා තථෙව කරොති. විපස්සනාය හි බහූපකාරා සමාපත්ති.
මෙතෙකින් බෝසතුන්ගේ සමාපත්තිය නිසා විදර්ශනා පිහිටුවන කාලය කියන ලදී. බෝසත්හුගේ සමාධිය ද විපස්සනාව ද තරුණය. විදර්ශනා පිහිටුවා ඉතා බොහෝ කලක් හුන්නා වූ බෝසතුන්ගේ ශරීරය ක්ලාන්ත වෙයි. ඇතුළත ගින්නක් මෙන් වැටහෙයි. කිසිළිවලින් දහදිය ගළයි. මුදුනින් ගිනි වැටියක් මෙන් වැටහෙයි. සිත ගැටෙයි. වෙසෙසින් ගැටෙයි. සැලෙයි. ගැහෙයි. උපුටයි. ඔසවයි. යළි හෙතෙම සමවතට සමවැද ඒ සිත දමනයකොට, මෘදු වූවත් කොට, අස්වසා නැවත විදර්ශනාව පිහිටුවයි. නැවත බොහෝ වේලාවක් සිටින්නහුට එසේ වෙයි. හෙතෙම නැවත සමවතට වැද එසේම කරයි. විදර්ශනාවට සමාපත්තිය බොහෝ උපකාර වෙයි.
යථා යොධස්ස ඵලකකොට්ඨකො නාම බහූපකාරො හොති, සො තං නිස්සාය සඞ්ගාමං පවිසති, තත්ථ හත්ථීහිපි අස්සෙහිපි යොධෙහිපි සද්ධිං කම්මං කත්වා ආවුධෙසු වා ඛීණෙසු භුඤ්ජිතුකාමතාදිභාවෙ වා සති නිවත්තිත්වා ඵලකකොට්ඨකං පවිසිත්වා ආවුධානිපි ගණ්හාති, විස්සමතිපි, භුඤ්ජතිපි, පානීයම්පි පිවති, සන්නාහම්පි පටිසන්නය්හති, තං තං කත්වා පුන සඞ්ගාමං පවිසති, තත්ථ කම්මං කත්වා පුන උච්චාරාදිපීළිතො වා කෙනචිදෙව වා කරණීයෙන ඵලකකොට්ඨකං පවිසති. තත්ථ සන්ථම්භිත්වා පුන සඞ්ගාමං පවිසති, එවං යොධස්ස ඵලකකොට්ඨකො විය විපස්සනාය බහූපකාරා සමාපත්ති.
යම්සේ යෝධයාට කොටු පවුර බොහෝ උපකාර වේද, හෙතෙම එය ඇසුරුකොට යුද්ධයට පිවිසේද? එහි ඇතුන් අසුන් යෝධයන් ද සමග යුදකොට, ආයුධ අවසන් වූ කල්හි හෝ කෑම බීමේ අවශ්‍යතාවයක් ඇති කල්හි, නැවත කොටුවට පිවිස ආයුධ ගනී ද, විඩාහැර කන්නේ ද බොන්නේ ද සන්නාහයත් නැවත හඳී ද ඒ සියල්ල කොට නැවත යුද්ධයට යේද? එහි යුදකොට යළිත් මළ මුත්රාදියෙන් පීඩිත වේද? කිසියම් කටයුත්තක් සඳහා නැවත කොටුවට පිවිසේද, ඒ අවශ්‍යතා සම්පූර්ණ කොට නැවත යුදබිමට පිවිසේද මෙසේ යෝධයා හට පවුරුකොටුව මෙන් විදර්ශනාවට සමාපත්තිය බොහෝකොට උපකාර වන්නේය.
සමාපත්තියා පන සඞ්ගාමනිත්ථරණකයොධස්ස ඵලකකොට්ඨකතොපි විපස්සනා බහූපකාරතරා. කිඤ්චාපි හි සමාපත්තිං නිස්සාය විපස්සනං පට්ඨපෙති, විපස්සනා පන ථාමජාතා සමාපත්තිම්පි රක්ඛති. ථාමජාතං කරොති.
සංග්‍රාමයට බසින්නා වූ යෝධයාට බලකොටුවට වඩා, සමාපත්තියට විදර්ශනාව අතිශයින් උපකාරී වන්නේය. සමාපත්තිය නිසා විදර්ශනාව පවතී. එහෙත් ස්ථිර වූ විදර්ශනාව සමාපත්තිය රකී. ස්ථිර වුවක් කරයි.
යථා හි ථලෙ නාවම්පි නාවාය භණ්ඩම්පි සකටභාරං කරොන්ති. උදකං පත්වා පන සකටම්පි සකටභණ්ඩම්පි යුත්තගොණෙපි නාවාභාරං කරොන්ති. නාවා තිරියං සොතං ඡින්දිත්වා සොත්ථිනා සුපට්ටනං ගච්ඡති, එවමෙවං කිඤ්චාපි සමාපත්තිං නිස්සාය විපස්සනං පට්ඨපෙති, විපස්සනා පන ථාමජාතා සමාපත්තිම්පි රක්ඛති, ථාමජාතං කරොති. ථලං පත්වා සකටං විය හි සමාපත්ති. උදකං පත්වා නාවා විය විපස්සනා. ඉති බොධිසත්තස්ස එත්තාවතා සමාපත්තිං නිස්සාය විපස්සනාපට්ඨපනකාලො කථිතොති වෙදිතබ්බො.
යම්සේ ගොඩබිමදී, නැව ද නැවෙහි බඩු ද කරත්තය මගින් අදී. දියෙහි දී කරත්තය ද, කරත්තයේ බඩු ද, ගොනුන් ද නැව විසින් අදී. නැව හරස් දිය පහරවල් කපා සුවසේ සුන්දර වූ දිවයිනට යේද, එපරිද්දෙන් සමාපත්තිය නිසා විදර්ශනාව පවතින්නේ නමුත්, ස්ථිර වූ විදර්ශනාව සමාපත්තිය රකී. ස්ථිර වුවක්ම කෙරෙයි. සමාපත්තිය ගොඩබිමට පැමිණි කරත්තය මෙනි. විදර්ශනාව ජලයට පැමිණි නැව මෙනි. මෙසේ බෝසතුන්ගේ සමාපත්තිය නිසා විදර්ශනා පිහිටුවන කාලය වදාරන ලදැයි මෙ නයින් දතයුතු.
යඤ්ඤදෙවාතිආදි කණ්හපක්ඛෙ වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං, ඉධාපි අත්ථදීපිකං උපමං දස්සෙතුං සෙය්යථාපීතිආදිමාහ. තත්ථ ගාමන්තසම්භතෙසූති ගාමන්තං ආහටෙසු. සතිකරණීයමෙව හොතීති එතා ගාවොති සතිඋප්පාදනමත්තමෙව කාතබ්බං හොති. ඉතො චිතො ච ගන්ත්වා ආකොටනාදිකිච්චං නත්ථි. එතෙ ධම්මාති එතෙ සමථවිපස්සනා ධම්මාති සතුප්පාදනමත්තමෙව කාතබ්බං හොති. ඉමිනා බොධිසත්තස්ස සමථවිපස්සනානං ථාමජාතකාලො කථිතො. තදා කිරස්ස සමාපත්තිං අප්පනත්ථාය නිසින්නස්ස අට්ඨ සමාපත්තියො එකාවජ්ජනෙන ආපාථං ආගච්ඡන්ති, විපස්සනං පට්ඨපෙත්වා නිසින්නො සත්ත අනුපස්සනා එකප්පහාරෙනෙව ආරුළ්හො හොති.
යඤ්ඤදෙව යනාදිය කෘෂ්ණ පක්ෂයෙහි කී අනුසාරයෙන්ම දතයුතුය. මෙහි දී අර්ථය පැහැදිලි කිරීම සඳහා උපමාවක් දැක්වීමට සෙය්යථාපි ආදිය කීහ. එහි ගාමන්ත සම්භතෙසූ ගමට ගෙන ආ කල්හී සති කරණීය මෙව හොතීති එතා ගාවො මොව්හූ ගවයෝ යයි සිහිය ඉපිදවීම පමණක්ම කළයුතුය. ඔබ මොබ ගොස් පහරදීම් වැනි කිසිවක් නැත. එතෙ ධම්මා මොහු සමථ විදර්ශනා ධර්මයෝ යයි සිහි ඉපිදවීම් මාත්‍රයක්ම කළයුතු වේ. මෙයින් බෝසතුන්ගේ සමථ විපස්සනා ස්ථාවර වූ කාලය කියන ලදී. එකල්හි වනාහි සමාපත්තිය පිහිටුවීමට සූදානම් වන්නහුට සමාපත්තීහු එක් ආවර්ජනාවකින් ම බැලීමකින් ම ඉන්ද්‍ර ගෝචරයට පැමිණෙත් ල, විදර්ශනාවට පැමිණ හුන්නේ සප්ත අනුපස්සනාවන්ට එක්වරම පැමිණෙන්නේ ල (ආරූඪ වන්නේල)
සෙය්යථාපීති ඉධ කිං දස්සෙති? අයං පාටියෙක්කො අනුසන්ධි, සත්තානඤ්හි හිතූපචාරං අත්තනො සත්ථුභාවසම්පදඤ්ච දස්සෙන්තො භගවා ඉමං දෙසනං ආරභි. තත්ථ අරඤ්ඤෙති අටවියං. පවනෙති වනසණ්ඩෙ. අත්ථතො හි ඉදං ද්වයං එකමෙව, පඨමස්ස පන දුතියං වෙවචනං. අයොගක්ඛෙමකාමොති චතූහි යොගෙහි ඛෙමං නිබ්භයට්ඨානං අනිච්ඡන්තො භයමෙව ඉච්ඡන්තො. සොවත්ථිකොති සුවත්ථිභාවාවහො. පීතිගමනීයොති තුට්ඨිං ගමනීයො. “පීතගමනීයො”ති වා පාඨො. පිදහෙය්යාති සාඛාදීහි ථකෙය්ය. විවරෙය්යාති විසදමුඛං කත්වා විවටං කරෙය්ය. කුම්මග්ගන්ති උදකවනපබ්බතාදීහි සන්නිරුද්ධං අමග්ගං. ඔදහෙය්ය ඔකචරන්ති තෙසං ඔකෙ චරමානං විය එකං දීපකමිගං එකස්මිං ඨානෙ ඨපෙය්ය. ඔකචාරිකන්ති දීඝරජ්ජුයා බන්ධිතංයෙව මිගිං.
සෙය්යථාපි මෙහි කුමට දක්වත් ද? මේ වෙනම අනුසන්ධියකි. සත්ත්වයන්ට හිතවත් ව හැසිරීම ද, තමන්ගේ ශාස්තෲභාව සම්පත්තිය ද, දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කළේය. එහි අරඤ්ඤෙ කැලෑවෙහි, පවනෙ වනලැහැබෙහි, අර්ථ වශයෙන් මේ පද දෙකම එකක්ය. පළමුවැන්නට දෙවැන්න සමානාර්ථයි. අයොගක්ඛෙම කාමො සතර ඕඝයන්ගෙන් ක්ෂේමවූ බිය රහිත ස්ථානය කැමති නොවන්නේ, භයම කැමති වන්නේ සොවත්ථිකො සුවපත් බව එළවන්නේ පීති ගමනීයො සතුටු සේ යා හැකි වූයේ ‘පීතගමනියො’ යනු ද පාඨයි. පිදහෙය්යා අතු ආදියෙන් වසන්නේය. විවරෙය්ය ප්‍රකට වූ මුඛය ඇතිකොට විවෘත කරන්නේ ය. කුම්මග්ගං ජල-වන-පර්වත ආදියෙන් අවුරන ලද නොමග, ඔදහෙය්ය ඔකචරණං ඔවුන්ගේ ගෙදොර හැසිරෙන්නෙකු මෙන් එක් දඬුමුවෙක් එක්තැනෙක තබන්නේය. ඔකචාරිකං දිග ලණුවකින් බඳින ලද ඔහුගේම මුවදෙන.
මිගලුද්දකො හි අරඤ්ඤං මිගානං වසනට්ඨානං ගන්ත්වා “ඉධ වසන්ති, ඉමිනා මග්ගෙන නික්ඛමන්ති, එත්ථ චරන්ති, එත්ථ පිවන්ති, ඉමිනා මග්ගෙන පවිසන්තී”ති සල්ලක්ඛෙත්වා මග්ගං පිධාය කුම්මග්ගං විවරිත්වා ඔකචරඤ්ච ඔකචාරිකඤ්ච ඨපෙත්වා සයං පටිච්ඡන්නට්ඨානෙ සත්තිං ගහෙත්වා තිට්ඨති. අථ සායන්හසමයෙ මිගා අකුතොභයෙ අරඤ්ඤෙ චරිත්වා පානීයං පිවිත්වා මිගපොතකෙහි සද්ධිං කීළමානා වසනට්ඨානසන්තිකං ආගන්ත්වා ඔකචරඤ්ච ඔකචාරිකඤ්ච දිස්වා “සහායකා නො ආගතා භවිස්සන්තී”ති නිරාසඞ්කා පවිසන්ති, තෙ මග්ගං පිහිතං දිස්වා “නායං මග්ගො, අයං මග්ගො භවිස්සතී”ති කුම්මග්ගං පටිපජ්ජන්ති. මිගලුද්දකො න තාව කිඤ්චි කරොති, පවිට්ඨෙසු පන සබ්බපච්ඡිමං සණිකං පහරති. සො උත්තසති, තතො සබ්බෙ උත්තසිත්වා “භයං උප්පන්න”න්ති පුරතො ඔලොකෙන්තා උදකෙන වා වනෙන වා පබ්බතෙන වා සන්නිරුද්ධං මග්ගං දිස්වා උභොහි පස්සෙහි අඞ්ගුලිසඞ්ඛලිකං විය ගහනවනං පවිසිතුං අසක්කොන්තා පවිට්ඨමග්ගෙනෙව නික්ඛමිතුං ආරභන්ති. ලුද්දකො තෙසං නිවත්තනභාවං ඤත්වා ආදිතො පට්ඨාය තිංසම්පි චත්තාලීසම්පි මිගෙ ඝාතෙති. ඉදං සන්ධාය එවඤ්හි සො, භික්ඛවෙ, මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන අනයබ්යසනං ආපජ්ජෙය්යාති වුත්තං.
වැද්දා වනයෙහි මුවන් හැසිරෙන ප්‍රදේශයට ගොස් එහි වසයි. මේ මගින් නික්මෙති. මේ දිසාවේ හැසිරෙති. මෙහි දිය බොති. මේ මගින් පිවිසෙති ආදී වශයෙන් සලකා නියම මග වසා, නොමග විවෘත කර, කෘතිම මුවා ද කෘතිම මුව දෙන ද තබා තෙමේ ආවරණ සහිත තැනක සැගවී සිටී. ඉක්බිති සවස් කාලයේ මෘගයෝ හාත්පසින්ම ආරක්ෂිත වූ වනයෙහි හැසිරෙ වතුර බී, මුව පැටවුන් සමග ක්‍රීඩාකොට වාසස්ථානවලට ඇවිත් කෘතිම මුවාද කෘතිම මුවදෙන ද දැක, අපගේ යහළුවන් පැමිණියේ වනැයි සිතා නිසැකව පිවිසෙති. ඔවුහු මගට පැවිසි වසා ඇති මග දැක මේ අපගේ මාවත නොවේයි නො මගට ඇතුල් වෙති. මුව වැද්දා ඒ තාක් කිසිවක් නො කරයි. පිවිසි කල්හි රැළේ අන්තිමයාට හෙමින් ගසයි. හෙතෙම තැති ගනී. ඉන්පසු සියල්ලෝම තැතිගෙන භයක් උපන්නේයයි දැන ඉදිරිය බලන්නේ ජලයෙන් හෝ වනයෙන් හෝ පර්වතවලින් හෝ අවුරන ලද මග දැක, පිවිසි මගින්ම නික්මීමට ආරම්භ කරත්. මුව වැද්දා ඔවුන් නැවතුණු බව දැන මුල පටන් මුවන් තිහක් හතලිහක් මරාගනී. මේ සඳහා එවං භි සො භික්ඛවෙ මහා මිගසංඝො අපරෙන සමයෙන අනයව්යසනං තනුත්තං ආපජ්ජෙය්යාති යනාදිය වදාළහ.
“නන්දීරාගස්සෙතං අධිවචනං, අවිජ්ජායෙතං අධිවචන”න්ති එත්ථ යස්මා ඉමෙ සත්තා අවිජ්ජාය අඤ්ඤාණා හුත්වා නන්දීරාගෙන ආබන්ධිත්වා රූපාරම්මණාදීනි උපනීතා වට්ටදුක්ඛසත්තියා ඝාතං ලභන්ති. තස්මා භගවා ඔකචරං නන්දීරාගොති, ඔකචාරිකං අවිජ්ජාති කත්වා දස්සෙසි.
නන්දිරාගස්සෙතං අධිවචනං අවිජ්ජායෙන අධිවචනං යන මෙහි යම්හෙයකින් මේ සත්ත්වයෝ අවිද්‍යාවෙන් නුනුවණයෝ වැ, ඒ ඒ භවයන් පිළිබඳව ආසාවෙන් හාත්පසින් බැඳී රූපාලම්බන ආදියට පමුණුවන ලද්දාහු සසර දුක් නමැති ආයුධ පහර ලබත්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දඩමුවා නන්දිරාග යයි ද දඩමුවදෙන අවිද්‍යාව යයි ද සමකොට දැක්වූහ.
මිගලුද්දකො හි එකදාපි තෙසං සාඛාභඞ්ගෙන සරීරං පුඤ්ඡිත්වා මනුස්සගන්ධං අපනෙත්වා ඔකචරං එකස්මිං ඨානෙ ඨපෙත්වා ඔකචාරිකං සහ රජ්ජුයා විස්සජ්ජෙත්වා අත්තානං පටිච්ඡාදෙත්වා සත්තිං ආදාය ඔකචරස්ස සන්තිකෙ තිට්ඨති, ඔකචාරිකා මිගගණස්ස චරණට්ඨානාභිමුඛී ගච්ඡති. තං දිස්වා මිගා සීසානි උක්ඛිපිත්වා තිට්ඨන්ති, සාපි සීසං උක්ඛිපිත්වා තිට්ඨති, තෙ “අම්හාකං සමජාතිකා අය”න්ති ගොචරං ගණ්හන්ති. සාපි තිණානි ඛාදන්තී විය සණිකං උපගච්ඡති. ආරඤ්ඤිකො යූථපතිමිගො තස්සා වාතං ලභිත්වා සකභරියං විස්සජ්ජෙත්වා තදභිමුඛො හොති.
මුව වැද්දා එක් දවසක් ඒ දඩමුවන්ගේ (කෘතිම) සිරුර, මිනිස් ගඳ ඉවත්කිරීම සඳහා අතුකඩකින් පිසදමා එක්තැනෙක තබා, දඩමුවදෙන රැහැනක් සමග හැරදමා, ආයුධයක් ද අතින් ගෙන දඩමුවා සමීපයේ සැඟවී සිටී. දඩමුවදෙන මුව සමූහයා හැසිරෙන තැනට අභිමුඛව යයි. ඈ දැක මුවෝ හිස් ඔසවා බලා සිටිති. ඕ ද හිස ඔසවා සිටී. ඔව්හූ අපගේ සමජාති ඇත්තියකැයි ගොදුරු ගණිති. ඕ ද තණ කන්නියක මෙන් සෙමින් සෙමින් සමීපයට යයි. වනයෙහි වූ මුවගණයාගේ ප්‍රධානියා ඇගේ වාතය ලැබ සිය පිරිස හැර ඈ වෙතට සමීප වෙයි.
සත්තානඤ්හි නවනවමෙව පියං හොති. ඔකචාරිකා ආරඤ්ඤිකස්ස මිගස්ස අච්චාසන්නභාවං අදත්වා තදභිමුඛීව පච්ඡතො පටික්කමිත්වා ඔකචරස්ස සන්තිකං ගච්ඡති, යත්ථ යත්ථස්සා රජ්ජු ලග්ගති, තත්ථ තත්ථ ඛුරෙන පහරිත්වා මොචෙති, ආරඤ්ඤිකො මිගො ඔකචරං දිස්වා ඔකචාරිකාය සම්මත්තො හුත්වා ඔකචරෙ උසූයං කත්වා පිට්ඨිං නාමෙත්වා සීසං කම්පෙන්තො තිට්ඨති, තස්මිං ඛණෙ සත්තිං ජිව්හාය ලෙහන්තොපි “කිං එත”න්ති න ජානාති, ඔකචරොපි සචස්ස උපරිභාගෙන තං මිගං පහරිතුං සුඛං හොති, පිට්ඨිං නාමෙති. සචස්ස හෙට්ඨාභාගෙන පහරිතුං සුඛං හොති, හදයං උන්නාමෙති. අථ ලුද්දකො ආරඤ්ඤිකං මිගං සත්තියා පහරිත්වා තත්ථෙව ඝාතෙත්වා මංසං ආදාය ගච්ඡති. එවමෙව යථා සො මිගො ඔකචාරිකාය සම්මත්තො ඔකචරෙ උසූයං කත්වා සත්තිං ජිව්හාය ලෙහන්තොපි කිඤ්චි න ජානාති, තථා ඉමෙ සත්තා අවිජ්ජාය සම්මත්තා අන්ධභූතා කිඤ්චි අජානන්තා රූපාදීසු නන්දීරාගං උපගම්ම වට්ටදුක්ඛසත්තියා වධං ලභන්තීති භගවා ඔකචරං නන්දීරාගොති, ඔකචාරිකං අවිජ්ජාති කත්වා දස්සෙසි.
සත්ත්වයන්ට අලුත් අලුත් වූවහු ම ප්‍රිය මනාප වේ. දඩමුවදෙන වනමුවාට ඉතා ආසන්න වන්නට නොදී, ඔහුට අභිවූවාම පිටිපසින් පෙරළා අවුත් දඩමුවා වෙතට යයි. යම් යම් තැනෙක ඇගේ රැහැන පටලැවේද ඒ ඒ තැන කුරයෙන් ගසා මුදයි. වනමුවා දඩමුවා දැක, දඩමුවදෙන කෙරෙහි අතිශයින් මත්ව දඩමුවා කෙරෙහි ඊර්ෂ්‍යා කොට පිට නමා හිස සලමින් සිටී. ඒ අවස්ථාවේ ආයුධයක් දිවින් ලෙවන්නේ නමුදු ඒ කුමක්දැයි නොදනී. දඩමුව තෙමේ ද ඔහුගේ මතුභාගයෙන් ඒ මුවාට පහර දෙන්ට පහසු වේ නම් පිට නමයි. ඔහුගේ යට භාගයෙන් පහර දෙන්නට පහසු වේ නම් ළය උඩට නමයි. එකල්හි වැද්දා වනමුවාට සැතින් පහර දී එහිම හෙළා මස් ගෙන යයි. එපරිද්දෙන්ම යම්සේ ඒ මුවා දඩමුවදෙන කෙරෙහි අතිශයින් මත්වූසේ දඩමුවා වෙත ඊර්ෂ්‍යාකොට ආයුධයක් දිවින් ලොවින්නේ නමුදු ඒ කිසිවක් නො දනීද, එපරිද්දෙන්ම මේ සත්ත්වයෝ අවිද්‍යාවෙන් අතිශයින් අන්ධ වූවෝ කිසිවක් නො දන්නෝ රූපාදිය කෙරෙහි නන්දිරාගයට පැමිණ සසර දුක් නමැති ආයුධයෙන් පීඩාවට පත් වන්නේ යයි දක්වන භාග්‍යවතුන් වහන්සේ, දඩමුවා භව තණ්හාව වශයෙන් ද, දඩමුවදෙන අවිද්‍යාව වශයෙන් ද දැක්වූ සේක.
ඉති ඛො, භික්ඛවෙ, විවටො මයා ඛෙමො මග්ගොති ඉති ඛො, භික්ඛවෙ, මයා ඉමෙසං සත්තානං හිතචරණෙන සම්මාසම්බොධිං පත්වා අහං බුද්ධොස්මීති තුණ්හීභූතෙන අනිසීදිත්වා ධම්මචක්කප්පවත්තනතො පට්ඨාය ධම්මං දෙසෙන්තෙන විවටො ඛෙමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො, පිහිතො කුම්මග්ගො, අඤ්ඤාතකොණ්ඩඤ්ඤාදීනං භබ්බපුග්ගලානං ඌහතො ඔකචරො නන්දීරාගො ද්වෙධා ඡෙත්වා පාතිතො, නාසිතා ඔකචාරිකා අවිජ්ජා සබ්බෙන සබ්බං සමුග්ඝාතිතාති අත්තනො හිතූපචාරං දස්සෙසි. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ඉති ඛො භික්ඛවෙ විවටො මයා ඛෙමො මග්ගො මහණෙනි, මේ සත්ත්වයන්ගේ හිතසුව පිණිස හැසිරෙන මා විසින් සම්‍යක් සම්බෝධියට පැමිණ, ‘මම බුදු වූයෙමි’යි නිශ්ශබ්දව නො සිට දම්සක් පැවැත්වීමෙහි පටන් ධර්මය දේශනා කරන්නහු විසින් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ආදී සුදුසු පුද්ගලයන්ට, ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත කරන ලද්දේමය. පිහිතො කුම්මග්ගො අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී වූ දහම් අවබෝධ කිරීමට සුදුසු පුද්ගලයෝ, ඌහතො කචරො නන්දිරාගය දෙපලුකොට සිඳහෙලන ලද්දේය. නාසිකා ඔකචාරිකා අවිද්‍යාව සියල්ලෙන් සියල්ල මුළුමනින්ම නසන ලද්දේයයි තමන්වහන්සේගේ හිතවත්ව හැසිරීම දැක්වූ සේක. ඉතිරිය සියලු තැන්හි ප්‍රකට අර්ථ ඇත්තේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ද්වෙධාවිතක්කසුත්තවණ්ණනා නිට්ඨිතා.
ද්වෙධාවිතක්ක සූත්‍ර වර්ණනාව නිමි.