යෙදුමෙන් කියවන්න

මධුපිණ‍්ඩිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මධුපිණ‍්ඩිකසුත‍්තවණ‍්ණනා

මධුපිණ්ඩික සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මධුපිණ‍්ඩිකසුත‍්තං. තත්‍ථ මහාවනන‍්ති හිමවන‍්තෙන සද‍්ධිං එකාබද‍්ධං අරොපිමං ජාතිවනං, න යථා වෙසාලියං රොපිතාරොපිතමිස‍්සකං. දිවාවිහාරායාති දිවා පටිසල‍්ලානත්‍ථාය. බෙලුවලට‍්ඨිකායාති තරුණබෙලුවරුක‍්ඛස‍්ස. දණ‍්ඩපාණීති න ජරාදුබ‍්බලතාය දණ‍්ඩහත්‍ථො. අයඤ‍්හි තරුණො පඨමවයෙ ඨිතො, දණ‍්ඩචිත‍්තතාය පන සුවණ‍්ණදණ‍්ඩං ගහෙත්‍වා විචරති, තස‍්මා දණ‍්ඩපාණීති වුත‍්තො. ජඞ‍්ඝාවිහාරන‍්ති ජඞ‍්ඝාකිලමථවිනොදනත්‍ථං ජඞ‍්ඝාචාරං. අනුචඞ‍්කමමානො අනුවිචරමානොති ආරාමදස‍්සන-වනදස‍්සන-පබ‍්බතදස‍්සනාදීනං අත්‍ථාය ඉතො චිතො ච විචරමානො. අධිච‍්චනික‍්ඛමනො කිරෙස කදාචි දෙව නික‍්ඛමිත්‍වා එවං විචරති. දණ‍්ඩමොලුබ‍්භාති දණ‍්ඩං ඔලුම‍්භිත්‍වා ගොපාලකදාරකො විය දණ‍්ඩං පුරතො ඨපෙත්‍වා දණ‍්ඩමත්‍ථකෙ ද‍්වෙ හත්‍ථෙ පතිට‍්ඨාපෙත්‍වා පිට‍්ඨිපාණිං හනුකෙන උප‍්පීළෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.

එවම්මෙසුතං යනු මධුපිණ්ඩික සූත්‍රයයි. එහි මහාවනං හිමවත සමග එකට බැඳුනු, රෝපණය නොකොට තෙමේ ම හටගත් ස්වාභාවික වනය විසාලාවෙහි රෝපණය කොට හැදුණු හා ස්වයංජාතව හැදුණු මිශ්‍ර වනය මෙන් නොවේ. දිවා විහාරායාති දහවල් දවස සමවතින් විසීම පිණිස බෙලුවලට්ඨිකාය තරුණ බෙලි ගසේ දණ්ඩපාණි, ජරාවෙන් දුබලවීමෙන් දඬුගත් අත් ඇත්තේ නොවේ. මොහු තරුණ වියේ ප්‍රථම වයම්සේ සිටියේය. එහෙත් සැරයටියක් ගෙන ඇවිදීමේ කැමැත්ත නිසා රන්වන් වූ සැරයටියක් ගෙන හැසිරෙති. එහෙයින් දණ්ඩපානී යයි කියන ලදී. ජංඝා විහාරං කෙණ්ඩ විඩාව දුරලනු පිණිස, ශරීර සුවය සඳහා ඇවිදීමෙන් අනුචංකමානො අනුවිචර මානො ආරාම, වන, පර්වත ආදිය දැකීම සඳහා ඔබමොබ හැසිරෙන මෙතෙම, නිතර නික්මීම් ඇති හෙයින් එක් දිනක මෙසේ නික්ම ගියේලු. දණ්ඩමොලුබ්භා කෝටුව (සැරයටිය) ඉදිරියට දිගුකරගෙන යන ගොපලු දරුවකු මෙන්, සැරයටිය ඉදිරියෙහි තබා ඒ මත දෙඅත් පිහිටුවා පිටිඅත්ල හක්කෙන් විකා එකත්පස්ව සිටියේය.

කිංවාදීති කිංදිට‍්ඨිකො. කිමක‍්ඛායීති කිං කථෙති. අයං රාජා භගවන‍්තං අවන්‍දිත්‍වා පටිසන්‍ථාරමත‍්තකමෙව කත්‍වා පඤ‍්හං පුච‍්ඡති. තම‍්පි න අඤ‍්ඤාතුකාමතාය, අචිත‍්තීකාරෙන පුච‍්ඡති. කස‍්මා? දෙවදත‍්තස‍්ස පක‍්ඛිකො කිරෙස. දෙවදත‍්තො අත‍්තනො සන‍්තිකං ආගච‍්ඡමානෙ තථාගතෙ භින්‍දති. සො කිර එවං වදෙති “සමණො ගොතමො අම‍්හාකං කුලෙන සද‍්ධිං වෙරී, න නො කුලස‍්ස වුද‍්ධිං ඉච‍්ඡති. භගිනීපි මෙ චක‍්කවත‍්තිපරිභොගා, තං පහාය ‘නස‍්සතෙසා’ති නික‍්ඛමිත්‍වා පබ‍්බජි. භාගිනෙය්‍යොපි මෙ චක‍්කවත‍්තිබීජන‍්ති ඤත්‍වා අම‍්හාකං කුලස‍්ස වඩ‍්ඪියා අතුස‍්සන‍්තො ‘නස‍්සතෙත’න‍්ති තම‍්පි දහරකාලෙයෙව පබ‍්බාජෙසි. අහං පන තෙන විනා වත‍්තිතුං අසක‍්කොන‍්තො අනුපබ‍්බජිතො. එවං පබ‍්බජිතම‍්පි මං පබ‍්බජිතදිවසතො පට‍්ඨාය න උජුකෙහි අක‍්ඛීහි ඔලොකෙති. පරිසමජ‍්ඣෙ භාසන‍්තොපි මහාඵරසුනා පහරන‍්තො විය ආපායිකො දෙවදත‍්තොතිආදීනි භාසතී”ති. එවං අයම‍්පි රාජා දෙවදත‍්තෙන භින‍්නො, තස‍්මා එවමකාසි.

කිං වාදී කවර දෘෂ්ටි ඇත්තේද? කිමක්ඛායී කුමක් කියන්නේද? මේ රජු භාග්‍යවතුන් වහන්සේට නොවැඳ, පිළිසඳර පමණක් මැ කොට ප්‍රශ්න විචාරයි. කුමක් හෙයින්ද? දේවදත්ත පාක්‍ෂිකයෙක් නිසාය. දෙව්දත්හු තමන් හමුවට පැමිණෙන්නන් තථාගතයන් කෙරෙහි බිඳුවයි. හේ මෙසේ කියත්ල. ශ්‍රමණ ගෞතමයෝ අපගේ කුලය සමගින් වෛරය, අපගේ කුලයේ වැඩීම දියුණුව නො ඉවසයි. සක්විත්තෙකු විසින් පරිභෝග කටයුතු මගේ නැගණියය ද අත්හැර දමා, මෝ නසීවායි නික්ම ගොස් පැවිදි විය. මාගේ බෑනා ද සක්විති බීජයකැයි දැන, අපගේ කුලයාගේ වැඩීම සංවර්ධනය නො රුස්සන්නේ, ඔහු ද විනාශ වේවා යි සිතා ළදරු කාලයේ ම පැවිදි කරවීය. මා වූ කලී ඔවුන්ගෙන් වෙන්ව පවතින්නට නොහැක්කේ පසුව පැවිදිවීමි. එසේ පැවිදි වූ දින පටන් මා පිළිබඳව සෘජු ඇස්වලින් නො බලයි. පිරිස් මැද කථා කරන්නේ ද මහා පොරවකින් පහර දෙන්නාක් මෙන් දෙව්දත් අපායේ උපදිනෙකි යනාදිය කියමිනි. මේ ආදී වශයෙන් මේ රජු ද දෙව්දතුන් විසින් බිඳවන ලද්දකි. එහෙයින් එසේ නොවැඳ සිටියේය.

අථ භගවා යථා අයං රාජා මයා පඤ‍්හෙ පුච‍්ඡිතෙ න කථෙතීති වත‍්තුං න ලභති, යථා ච භාසිතස‍්ස අත්‍ථං න ජානාති, එවමස‍්ස කථෙස‍්සාමීති තස‍්සානුච‍්ඡවිකං කථෙන‍්තො යථාවාදී ඛොතිආදිමාහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ මේ රජ මගෙන් ප්‍රශ්න විචාරන්නේ පිළිතුරු නොදී සිටියේ යයි කියන්නට ඔහුට නුපුළුවන් වේද? යම්සේක් දෙන ලද පිළිතුරෙහි අර්ථය මොහුට නො වැටහේද? එසේ සුදුසු කොට කිය යුතු යයි සිතා යථාවාදි ඛො ආදිය වදාළේය.

තත්‍ථ න කෙනචි ලොකෙ විග‍්ගය‍්හ තිට‍්ඨතීති ලොකෙ කෙනචි සද‍්ධිං විග‍්ගාහිකකථං න කරොති න විවදති. තථාගතො හි ලොකෙන සද‍්ධිං න විවදති; ලොකො පන තථාගතෙන සද‍්ධිං අනිච‍්චන‍්ති වුත‍්තෙ නිච‍්චන‍්ති වදමානො, දුක‍්ඛං, අනත‍්තා, අසුභන‍්ති වුත‍්තෙ සුභන‍්ති වදමානො විවදති. තෙනෙවාහ “නාහං, භික‍්ඛවෙ, ලොකෙන විවදාමි, ලොකොව ඛො, භික‍්ඛවෙ, මයා විවදති, තථා න, භික‍්ඛවෙ, ධම‍්මවාදී කෙනචි ලොකස‍්මිං විවදති, අධම‍්මවාදීව ඛො, භික‍්ඛවෙ, විවදතී”ති (සං· නි· 3.94). යථාති යෙන කාරණෙන. කාමෙහීති වත්‍ථුකාමෙහිපි කිලෙසකාමෙහිපි. තං බ්‍රාහ‍්මණන‍්ති තං ඛීණාසවං බ්‍රාහ‍්මණං. අකථංකථින‍්ති නිබ‍්බිචිකිච‍්ඡං. ඡින‍්නකුක‍්කුච‍්චන‍්ති විප‍්පටිසාරකුක‍්කුච‍්චස‍්ස චෙව හත්‍ථපාදකුක‍්කුච‍්චස‍්ස ච ඡින‍්නත‍්තා ඡින‍්නකුක‍්කුච‍්චං. භවාභවෙති පුනප‍්පුනබ‍්භවෙ, හීනපණීතෙ වා භවෙ, පණීතො හි භවො වුද‍්ධිප‍්පත‍්තො අභවොති වුච‍්චති. සඤ‍්ඤාති කිලෙසසඤ‍්ඤා. කිලෙසායෙව වා ඉධ සඤ‍්ඤානාමෙන වුත‍්තා, තස‍්මා යෙන කාරණෙන කාමෙහි විසංයුත‍්තං විහරන‍්තං තං ලොකෙ නින‍්නාවාදිං ඛීණාසවබ්‍රාහ‍්මණං කිලෙසසඤ‍්ඤා නානුසෙන‍්ති, තඤ‍්ච කාරණං අහං වදාමීති අයමෙත්‍ථ අත්‍ථො. ඉති භගවා අත‍්තනො ඛීණාසවභාවං දීපෙති.

එහි න කෙනචි ලොකෙ විග්ගය්හ ලොවෙහි කිසිකෙනෙකු සමග විරුද්ධ ග්‍රහණයෙන් යුත් කථාවක් නො කෙරේද? විවාද නො කෙරේද? තථාගතයෝ ලෝකයා සමග විවාද නො කෙරෙති. එසේ ජනයාද තථාගතයන් අනිත්‍යයයි කී කල, නිත්‍ය යයි කියමින් ද, දුක් ය, අනාත්මය, අශුභය කී කල සුවය, ආත්මය, ශුභය යයි කියමින් විවාද කෙරෙති. එහෙයින් වදාළහ. නාහං භික්ඛවෙ ලොකෙන විවදාමි ලොකො ච ඛො භික්ඛවෙ මයා විවදති මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. එහෙත් ලෝකයා මා සමග විවාද කෙරේ. න භික්ඛවෙ! ධම්මවාදී කෙනචි විවදති - අධම්මවාදී ච ඛො භික්ඛවෙ විවදති මහණෙනි, ධර්මාදී තෙම කිසිවකු සමග විවාද නො කෙරෙයි. මහණෙනි, අධර්මවාදීහු විවාද කෙරේ. යථා යම් කරුණෙකින් කාමෙහි වස්තු කාමයගෙන් ද, ක්ලේශ කාමයන්ගෙන් ද, තං බ්‍රාහ්මණං ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා අකථං කථිං සැක රහිත වූවහු ඡින්න කුක්කුච්චං විපිළිසර කුකුස හා අත් පා කුකුසද, සිඳිනා ලද බැවින් පහ වූ සැක ඇත්තාහු, භවා භවෙ නැවත නැවත භවයෙහි, නොහොත් හීන ප්‍රණීත භවයෙහි, ප්‍රණීත වූ භවය වෘද්ධියට පැමිණියේ ‘අභව’ යයි කියයි. සඤ්ඤා ක්ලේස සංඥා, ක්ලේශයෝම මෙහි ‘සඤ්ඤා’ නාමයෙන් කියන ලද්දේය. එහෙයින් යම් කරුණකින් කාමයන්ගෙන් වෙන් වී වාසය කරන්නා වූ, ලෝකයෙහි විවාද රහිත වූ ඒ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා කෙරෙහි ක්ලේශ සංඥාවෝ නො නැගෙත් ද නො පිබිදෙත් ද ඒ කාරණය මම දනිමි යනු මෙහි අදහසයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ක්ෂීණාශ්‍ර භාවය දැක්වූ සේක.

නිල‍්ලාළෙත්‍වාති නීහරිත්‍වා කීළාපෙත්‍වා. තිවිසාඛන‍්ති තිසාඛං. නලාටිකන‍්ති වලිභඞ‍්ගං නලාටෙ තිස‍්සො රාජියො දස‍්සෙන‍්තො වලිභඞ‍්ගං වුට‍්ඨාපෙත්‍වාති අත්‍ථො. දණ‍්ඩමොලුබ‍්භාති දණ‍්ඩං උප‍්පීළෙත්‍වා. “දණ‍්ඩමාලුබ‍්භා”තිපි පාඨො, ගහෙත්‍වා පක‍්කාමීති අත්‍ථො.

නිල්ලොත්‍වො බැහැර කොට, ක්‍රීඩා කරවා, තිවිසාධං රේඛා තුනක් ඇති, නළාටිකං නළල රැළිගන්වා, නළලෙහි ඉරි තුන දක්වමින් දණ්ඩ මොලබ්භ සැරයටිය පෙළා, තදින් සැරයටිය පොළවේ ඇන ගියේය යන අදහසයි.

අඤ‍්ඤතරොති නාමෙන අපාකටො එකො භික‍්ඛු. සො කිර අනුසන්‍ධිකුසලො, භගවතා යථා දණ‍්ඩපාණී න ජානාති, තථා මයා කථිතන‍්ති වුත‍්තෙ කින‍්ති නු ඛො භගවතා අවිඤ‍්ඤෙය්‍යං කත්‍වා පඤ‍්හො කථිතොති අනුසන්‍ධිං ගහෙත්‍වා දසබලං යාචිත්‍වා ඉමං පඤ‍්හං භික‍්ඛුසඞ‍්ඝස‍්ස පාකටං කරිස‍්සාමීති උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දසනඛසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ කිංවාදී පන, භන‍්තෙ භගවාතිආදිමාහ.

අඤ්ඤතරො නමින් අප්‍රකට වූ එක් මහණෙක්, ඔහු ගැළපීමෙහි දක්‍ෂයෙකි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් සේ දණ්ඩපානී තෙම නො දනී ද එපරිද්දෙන් මා විසින් කියන ලදැයි’ වදාළ කල්හි කවර කරුණකින් භාග්‍යවතුන් වහන්සේ නොදතහැකි පරිද්දෙන් ප්‍රශ්නය වදාරණ ලදදැයි මැනවින් ගලපා, භික්‍ෂු සංඝයා හට මේ ප්‍රශ්නය ප්‍රකට කරන්නෙමියි දසබලයන් අයැද, හුනස්නෙන් නැගිට සිවුර ඒකාංශකොට, ඇඟිලි දසය එක්කොට දොහොත්මුදුන් දී ඇඳිලි බැඳ, කිංවාදි භන්තෙ භගවා යනාදිය කීහ.

යතොනිදානන‍්ති භාවනපුංසකං එතං, යෙන කාරණෙන යස‍්මිං කාරණෙ සතීති අත්‍ථො. පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛාති එත්‍ථ සඞ‍්ඛාති කොට‍්ඨාසො. පපඤ‍්චසඤ‍්ඤාති තණ‍්හාමානදිට‍්ඨිපපඤ‍්චසම‍්පයුත‍්තා සඤ‍්ඤා, සඤ‍්ඤානාමෙන වා පපඤ‍්චායෙව වුත‍්තා. තස‍්මා පපඤ‍්චකොට‍්ඨාසාති අයමෙත්‍ථ අත්‍ථො. සමුදාචරන‍්තීති පවත‍්තන‍්ති. එත්‍ථ චෙ නත්‍ථි අභිනන්‍දිතබ‍්බන‍්ති යස‍්මිං ද‍්වාදසායතනසඞ‍්ඛාතෙ කාරණෙ සති පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛා සමුදාචරන‍්ති, එත්‍ථ එකායතනම‍්පි චෙ අභිනන්‍දිතබ‍්බං අභිවදිතබ‍්බං අජ‍්ඣොසිතබ‍්බං නත්‍ථීති අත්‍ථො. තත්‍ථ අභිනින්‍දිතබ‍්බන‍්ති අහං මමන‍්ති අභිනන්‍දිතබ‍්බං. අභිවදිතබ‍්බන‍්ති අහං මමාති වත‍්තබ‍්බං. අජ‍්ඣොසිතබ‍්බන‍්ති අජ‍්ඣොසිත්‍වා ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගහෙතබ‍්බයුත‍්තං. එතෙනෙත්‍ථ තණ‍්හාදීනංයෙව අප‍්පවත‍්තිං කථෙති. එසෙවන‍්තොති අයං අභිනන්‍දනාදීනං නත්‍ථිභාවොව රාගානුසයාදීනං අන‍්තො. එසෙව නයො සබ‍්බත්‍ථ.

යතො නිදානං මෙය භාව නපුංසකය. යම් කරුණකින්, යම් කරුණක් ඇති කල්හි යන අර්ථයි. පපඤ්ච සඤ්ඤානි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච යන සමග යෙදුනු සංඥාවෝ, සංඥා නාමයෙන් තෘෂ්ණාදී ප්‍රපඤ්චයෝමැ කියන ලදී. එහෙයින් ප්‍රපඤ්ච කොට්ඨාසයෝ යනු මෙහි අර්ථයි. සමුදා චරන්ති පවතිත්. එත්‍ථ චෙ නත්‍ථි අභිනන්‍දි තබ්බං ද්වාදශායතන සංඛ්‍යාත වූ යම් කරුණක් ඇති කල්හි ප්‍රපඤ්ච සම්ප්‍රයුක්ත වූ සංඥා කොට්ඨාශයෝ පවතිද්ද? මෙහි එක ආයතනයක ද, සතුටුවිය යුත්තක්, කිය යුත්තක්, ඇතුළත් කරගත යුත්තක් නැත යන අර්ථයි. (මම ය මාගේ යයි ගත යුත්තක් නැත යන අර්ථයි) එත්‍ථ චෙ නත්‍ථි අභිනන්‍දිතබ්බං මම ය මාගේ යයි සතුටුවිය යුත්තක් අභිවදි තබ්බං මම ය මාගේ යයි පැවැතිය යුත්තක්, අජ්ඣෙසෙ තබ්බං ඇතුළත්ව ගිල අවසන්කොට ගතයුත්තක් (නැත) මෙයින් මෙම ආයතන විෂයයෙහි තෘෂ්ණාදීන්ගේ නො පැවැත්මම කියති. එසවන්තො මේ සතුටුවිය යුතු බව පැවැතිය යුතු බව ආදිය නැති බවම රාගානුසයන්ගේ අන්තය ය. සියලුතැන්හි මෙම ක්‍රමයයි.

දණ‍්ඩාදානාදීසු පන යාය චෙතනාය දණ‍්ඩං ආදියති, සා දණ‍්ඩාදානං. යාය සත්‍ථං ආදියති පරාමසති, සා සත්‍ථාදානං. මත්‍ථකප‍්පත‍්තං කලහං. නානාගාහමත‍්තං විග‍්ගහං. නානාවාදමත‍්තං විවාදං. තුවං තුවන‍්ති එවං පවත‍්තං තුවං තුවං. පියසුඤ‍්ඤකරණං පෙසුඤ‍්ඤං. අයථාසභාවං මුසාවාදං කරොති, සා මුසාවාදොති වෙදිතබ‍්බා.

දණ්ඩදාන යනාදියෙහි යම් චේතනාවකින් දඬු ගනී ද එය ‘දණඩ දාන’ නමි. යම් චේතනාවකින් ආයුධ ගනී ද පරාමර්ශ කෙරේද ඒ චේතනාව සත්‍ථදාන නමි. මුදුන් පැමිණියේ කලහ නමි. විවිධ එල්බගැනීම්වලට පැමිණියේ විග්ගහ නමි විවිධ වාදයට පැමිණියේ විවාද නමි. ‘තෝ තෝ’ යයි වචන පැවැත්තේ තුවං තුවං නමි. ප්‍රිය බව ශුන්‍ය කිරීම පෙසුඤ්ඤ නමි. අයථා ස්වභාවය වූ බොරු කියා ද ඕ මුසාවාද නමි.

එත්‍ථෙතෙති එත්‍ථ ද‍්වාදසසු ආයතනෙසු එතෙ කිලෙසා. කිලෙසා හි උප‍්පජ‍්ජමානාපි ද‍්වාදසායතනානි නිස‍්සාය උප‍්පජ‍්ජන‍්ති, නිරුජ‍්ඣමානාපි ද‍්වාදසසු ආයතනෙසුයෙව නිරුජ‍්ඣන‍්ති. එවං යත්‍ථුප‍්පන‍්නා, තත්‍ථෙව නිරුද‍්ධා හොන‍්ති. ස‍්වායමත්‍ථො සමුදයසච‍්චපඤ‍්හෙන දීපෙතබ‍්බො –

එත්‍ථෙ තෙ මේ දොළොස් ආයතනයන්හි, කෙලෙස් උපදනාහු මේ දොළොස් ආයතනයන් ඇසුරුකොට උපදිති. නිරුද්ධ වන්නාහු ද දොළොස් ආයතනයන්හිම නිරුද්ධ වෙති. මෙසේ යම්තැනෙක උපන්නාහුද එහිම නිරුද්ධ වෙති. ඒ මේ කාරණය සමුදය සත්‍ය ප්‍රශ්නයෙන් පැහැදිලි කළ යුතුය.

“සා ඛො පනෙසා තණ‍්හා කත්‍ථ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, කත්‍ථ නිවිසමානා නිවිසතී”ති වත්‍වා – “යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. කිඤ‍්ච ලොකෙ පියරූපං සාතරූපං? චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූප”න‍්තිආදිනා (විභ· 203) නයෙන ද‍්වාදසසුයෙව ආයතනෙසු තස‍්සා උප‍්පත‍්ති ච නිරොධො ච වුත‍්තො. යථෙව ච තණ‍්හා ද‍්වාදසසු ආයතනෙසු උප‍්පජ‍්ජිත්‍වා නිබ‍්බානං ආගම‍්ම නිරුද‍්ධාපි ආයතනෙසු පුන සමුදාචාරස‍්ස අභාවතො ආයතනෙසුයෙව නිරුද‍්ධාති වුත‍්තා, එවමිමෙපි පාපකා අකුසලා ධම‍්මා ආයතනෙසු නිරුජ‍්ඣන‍්තීති වෙදිතබ‍්බා. අථ වා ය‍්වායං අභිනන්‍දනාදීනං අභාවොව රාගානුසයාදීනං අන‍්තොති වුත‍්තො. එත්‍ථෙතෙ රාගානුසයාදීනං අන‍්තොති ලද‍්ධවොහාරෙ නිබ‍්බානෙ පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. යඤ‍්හි යත්‍ථ නත්‍ථි, තං තත්‍ථ නිරුද‍්ධං නාම හොති, ස‍්වායමත්‍ථො නිරොධපඤ‍්හෙන දීපෙතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං “දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරා පටිප‍්පස‍්සද‍්ධා හොන‍්තී”තිආදි (පටි· ම· 1.83).

‘සා ඛො පනෙසා තණ්හා කත්‍ථ උප්පජ්ජ මාතා උප්පජ්ජති! කත්‍ථ නිවිසමානා භිවිසති’ උපදනා වූ මේ ත්‍රිවිධ තෘෂ්ණාවෝ කොතැන්හි උපදීද? නැවත නැවත පැවතීම වශයෙන් පිහිටා සිටින්නී කොතැන පිහිටා සිටී ද? ‘යං ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති - එත්‍ථ නිවිසමානා නිවිසති කිඤ්චි ලොකෙ පියරූපං සාතරූපං චක්ඛුං ලොකෙ පියරූපං සාතරූප ලෝකයෙහි යම්කිසිවක් ප්‍රිය වූ ස්වභාව ඇත්තේ ද? මනාප වූ ස්වභාව ඇත්ද? උපදනා වූ මේ ත්‍රිවිධ තෘෂ්ණාව මේ ප්‍රිය වූ මනාප වූ ස්වභාවයෙහි උපදී. පැවතීම වශයෙන් පිහිටා සිටින්නේ මෙහි පිහිටා සිටී. ලෝකයේ එබඳු වූ ප්‍රිය ස්වභාවය මනාප ස්වභාවය කුමක්ද? ඇස ලෝකයේ ප්‍රිය ස්වභාවය මනාප ස්වභාවය මධුර ස්වභාවය ඇත්තේ වේ යනාදී වශයෙන් දොළොස් ආයතනයන්හිම ඒ තෘෂ්ණාවගේ උපත ද විපත ද කියන ලදී. යම් පරිද්දෙකින් තෘෂ්ණාව දොළොස් ආයතනයන්හි ඉපිද, නිර්වාණයට පැමිණ නිරුද්ධ වූවාහු ද, යළි ආයතනයන්හිම නිරුද්ධ වීයයි කියන ලදී. එපරිද්දෙන් මේ ලාමක අකුසල ධර්මයෝ ආයතනයන්හි නිරුද්ධ වේයයි දතයුතුය. නොහොත් යම් මේ සතුටින් පිළිගන්නා වස්තුවල අභාවයම රාගානුසයාදීන්ගේ කෙළවර යයි ලබන ලද ව්‍යවහාර ඇති, නිර්වාණයෙහි ලාමක අකුශල ධර්මයෝ ඉතිරි නැතිවම නිරුද්ධ වෙත්. යමක් යමක් යම්තැනෙක නැද්ද, එය එතැන්හි නිරුද්ධ වූයේ නම් වේ. ඒ කාරණය නිරෝධ ප්‍රශ්නයෙන් දැක්විය යුතුය. දුතියජ්ඣාන සමාපත්තස්ස විතක්ක විචාර වචී සංඛාර පටිප්පස්සද්ධි හොන්ති දුතියධ්‍යාන සමාපත්තියට පැමිණීමෙන් විතර්ක විචාර, වචී සංඛාර කෙළෙස් බර හැරීම සිදුවේ ආදිය.

සත්‍ථු චෙව සංවණ‍්ණිතොති සත්‍ථාරා ච පසංසිතො. විඤ‍්ඤූනන‍්ති ඉදම‍්පි කරණත්‍ථෙ සාමිවචනං, පණ‍්ඩිතෙහි සබ්‍රහ‍්මචාරීහි ච සම‍්භාවිතොති අත්‍ථො. පහොතීති සක‍්කොති.

සත්‍ථු චෙව සංවණ්ණිතො ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලන්දේය. විඤ්ඤූනං මෙය කරණාර්ථයෙහි සාමි වචනයි. පණ්ඩිත වූ සබ්‍රම්සරුන් විසින් ප්‍රශංසා කරන ලද්දේය යන අදහසයි. පහොති හැකිවෙයි.

අතික‍්කම‍්මෙව මූලං අතික‍්කම‍්ම ඛන්‍ධන‍්ති සාරො නාම මූලෙ වා ඛන්‍ධෙ වා භවෙය්‍ය, තම‍්පි අතික‍්කමිත්‍වාති අත්‍ථො. එවංසම‍්පදන‍්ති එවංසම‍්පත‍්තිකං, ඊදිසන‍්ති අත්‍ථො. අතිසිත්‍වාති අතික‍්කමිත්‍වා. ජානං ජානාතීති ජානිතබ‍්බමෙව ජානාති. පස‍්සං පස‍්සතීති පස‍්සිතබ‍්බමෙව පස‍්සති. යථා වා එකච‍්චො විපරීතං ගණ‍්හන‍්තො ජානන‍්තොපි න ජානාති, පස‍්සන‍්තොපි න පස‍්සති, න එවං භගවා. භගවා පන ජානන‍්තො ජානාතියෙව, පස‍්සන‍්තො පස‍්සතියෙව. ස‍්වායං දස‍්සනපරිණායකට‍්ඨෙන චක‍්ඛුභූතො. විදිතකරණට‍්ඨෙන ඤාණභූතො. අවිපරීතසභාවට‍්ඨෙන පරියත‍්තිධම‍්මප‍්පවත‍්තනතො වා හදයෙන චින‍්තෙත්‍වා වාචාය නිච‍්ඡාරිතධම‍්මමයොති ධම‍්මභූතො. සෙට‍්ඨට‍්ඨෙන බ්‍රහ‍්මභූතො. අථ වා චක‍්ඛු විය භූතොති චක‍්ඛුභූතොති එවමෙතෙසු පදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. ස‍්වායං ධම‍්මස‍්ස වත‍්තනතො වත‍්තා. පවත‍්තාපනතො පවත‍්තා. අත්‍ථං නීහරිත්‍වා දස‍්සනසමත්‍ථතාය අත්‍ථස‍්ස නින‍්නෙතා. අමතාධිගමාය පටිපත‍්තිං දදාතීති අමතස‍්ස දාතා.

අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්‍ධං හරය නම් මුලෙහි හෝ කඳෙහි හෝ වන්නේ ද එය ද ඉක්මවා යන අර්ථයි. එවං සම්පදමිදං මෙසේ සම්පත් ඇත්තේ, මෙබඳුය යන අර්ථයි. අතිසිත්‍වා ඉක්මවා - ජානං ජානාති දතයුත්තම දනී. පස්සං පස්සති දැක්ක යුත්තම දකී. යම්සේ ඇතැම් කෙනෙක් විපරීත වැ ගන්නේ දන්නේත් නොදනීද? දක්නේත් නො දකීද? භාග්‍යවතුන් වහන්සේ එසේ නො වෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහී දක්නා සේක් දනිති. දක්නා සේක් දකිති. එය මේ කෘත්‍යයෙහි මගපෙන්වන්නා යන අර්ථයෙන් චක්ඛුභූතය. විදීත කරණාර්ථයෙන් ඤාණභූතය. අවිපරීත ස්වභාව අර්ථයෙන් සද්ධර්මය පවත්වන හෙයින් හෝ සිතින් සිතා වචනයෙන් දේශනා කළ ධර්මයම වන්නේ යයි ධම්මභූත නම්ය. ශ්‍රේෂ්ඨ අර්ථයෙන් බ්‍රහ්මභූත ය. තව ද ඇසක් මෙන් වූයේ චක්බුභූත ය. මෙසේ මේ පදයන් ගේ අර්ථ දතයුතු. ඒ මේ (සිව්සස්) දෙසන හෙයින් වත්තා ය. පවත්නා හෙයින් පවත්තා ය. අර්ථය වඩ වඩාත් පැහැදිලි කර දැක්වීමෙහි සමත් හෙයින් අත්‍ථස්ස නින්නෙතා ය. නිවන් අවබෝධය පිණිස පිළිවෙත දක්වන්නේ නුයි අමතස්සදාතා ය.

අගරුං කත්‍වාති පුනප‍්පුනං ආයාචාපෙන‍්තොපි හි ගරුං කරොති නාම, අත‍්තනො සාවකපාරමීඤාණෙ ඨත්‍වා සිනෙරූපාදතො වාලුකං උද‍්ධරමානො විය දුබ‍්බිඤ‍්ඤෙය්‍යං කත්‍වා කථෙන‍්තොපි ගරුං කරොතියෙව නාම. එවං අකත්‍වා අම‍්හෙ පුනප‍්පුනං අයාචාපෙත්‍වා සුවිඤ‍්ඤෙය්‍යම‍්පි නො කත්‍වා කථෙහීති වුත‍්තං හොති.

අගරුකත්‍වා නැවත නැවත යාඥා කරන්නේ ම ගරුකරන්නේ නම් වේ. තමන්ගේ ශ්‍රාවක පාරමී ඤාණයේ සිට, මහමෙර පතුලෙන් වැලි නගන්නෙකු මෙන් නො දත හැකි කොට කියන්නේ ද ගරු කරන්නේ නම් වේ. එසේ නො කොට අප විසින් නැවත නැවත යඥා නො කරවා අපට පහසුවෙන් දතහැකි ලෙස වදාළ මැනැවැයි කියන ලද්දේ වේ.

යං ඛො නො ආවුසොති එත්‍ථ කිඤ‍්චාපි “යං ඛො වො”ති වත‍්තබ‍්බං සියා, තෙ පන භික‍්ඛූ අත‍්තනා සද‍්ධිං සඞ‍්ගණ‍්හන‍්තො “යං ඛො නො”ති ආහ. යස‍්මා වා උද‍්දෙසොව තෙසං උද‍්දිට‍්ඨොව. භගවා පන ථෙරස‍්සාපි තෙසම‍්පි භගවාව. තස‍්මා භගවාති පදං සන්‍ධායපි එවමාහ, යං ඛො අම‍්හාකං භගවා තුම‍්හාකං සංඛිත‍්තෙන උද‍්දෙසං උද‍්දිසිත්‍වාති අත්‍ථො.

යං ඛො නො ආවුසො මෙහි කිසිවක් ඇත. කියයුතු වන්නේ නමුත්, ඒ භික්‍ෂූන් ද තමන් සමග ඇසුරු කරන්නෝ ‘යං ඛො නො’ යි කීහ. යම්හෙයකින් උද්දේශය ද ඔවුනට උදෙසන ලද ද, භාග්‍යවතුන් වහන්සේ නැවත තෙරුන්ට ද ඒ භික්‍ෂූන්ට ද භාග්‍යවත්හු ම වෙත්ද? එහෙයින් භගවා යන පදය සඳහා මෙසේ කීය. යම්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ තොපට සැකෙවින් යම් උද්දේසයක් උදෙසා යන අර්ථයි.

චක‍්ඛුඤ‍්චාවුසොතිආදීසු අයමත්‍ථො, ආවුසො, නිස‍්සයභාවෙන චක‍්ඛුපසාදඤ‍්ච ආරම‍්මණභාවෙන චතුසමුට‍්ඨානිකරූපෙ ච පටිච‍්ච චක‍්ඛුවිඤ‍්ඤාණං නාම උප‍්පජ‍්ජති. තිණ‍්ණං සඞ‍්ගති ඵස‍්සොති තෙසං තිණ‍්ණං සඞ‍්ගතියා ඵස‍්සො නාම උප‍්පජ‍්ජති. තං ඵස‍්සං පටිච‍්ච සහජාතාදිවසෙන ඵස‍්සපච‍්චයා වෙදනා උප‍්පජ‍්ජති. තාය වෙදනාය යං ආරම‍්මණං වෙදෙති, තදෙව සඤ‍්ඤා සඤ‍්ජානාති, යං සඤ‍්ඤා සඤ‍්ජානාති, තදෙව ආරම‍්මණං විතක‍්කො විතක‍්කෙති. යං විතක‍්කො විතක‍්කෙති, තදෙවාරම‍්මණං පපඤ‍්චො පපඤ‍්චෙති. තතොනිදානන‍්ති එතෙහි චක‍්ඛුරූපාදීහි කාරණෙහි. පුරිසං පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛා සමුදාචරන‍්තීති තං අපරිඤ‍්ඤාතකාරණං පුරිසං පපඤ‍්චකොට‍්ඨාසා අභිභවන‍්ති, තස‍්ස පවත‍්තන‍්තීති අත්‍ථො.

චක්ඛුඤ්චාවුසො ආදියෙහි අර්ථය මෙසේය. ඇවැත්නි, ඇලීමේ හේතුවෙන් චක්‍ෂු ප්‍රසාදය ද, අරමුණු ස්වභාවයෙන් චතු සමුට්ඨානික රූපයන් ද නිසා චක්‍ෂුර් විඤ්ඤාණය උපදී. තිණ්ණං සංඝාති ඵස්සො ඔවුන් තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී. ඒ ස්පර්ශය නිසා සහජාතාදි වශයෙන් ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව උපදී. ඒ වේදනාව පිළිබඳව යම් අරමුණක් වෙදෙති විදී ද? තදෙව සඤ්ඤා තොමෝ ඒ අරමුණම හැඳින ගනී. සංඥාව යම් අරමුණක් හැඳින ගනී ද, තදෙව විතර්කය ඒ අරමුණම විතර්ක කෙරේ. විතර්තකය යමක් විතර්ක කෙරේද? ප්‍රපඤ්චය ඒ අරමුණම ප්‍රපඤ්ච කෙරේ. තතො නිදානං මේ චක්ඛු රූපාදී කරණයන්ගෙන් පුරිසං පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්ති ඒ පමණ නොදන්නා ලද කාරණය ඇති පුරුෂයා ප්‍රපඤ්ච කොට්ඨාසයෝ මැඩපවත්වති. ඔහු පිළිබඳව පවතිත් යන අදහසයි.

තත්‍ථ ඵස‍්සවෙදනාසඤ‍්ඤා චක‍්ඛුවිඤ‍්ඤාණෙන සහජාතා හොන‍්ති. විතක‍්කො චක‍්ඛුවිඤ‍්ඤාණානන‍්තරාදීසු සවිතක‍්කචිත‍්තෙසු දට‍්ඨබ‍්බො. පපඤ‍්චසඞ‍්ඛා ජවනෙන සහජාතා හොන‍්ති. යදි එවං කස‍්මා අතීතානාගතග‍්ගහණං කතන‍්ති? තථා උප‍්පජ‍්ජනතො. යථෙව හි එතරහි චක‍්ඛුද‍්වාරිකො පපඤ‍්චො චක‍්ඛුඤ‍්ච රූපෙ ච ඵස‍්සවෙදනාසඤ‍්ඤාවිතක‍්කෙ ච පටිච‍්ච උප‍්පන‍්නො, එවමෙවං අතීතානාගතෙසුපි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු තස‍්සුප‍්පත‍්තිං දස‍්සෙන‍්තො එවමාහ.

එහි ස්පර්ශ - වේදනා - සංඥාවෝ, චක්‍ෂු විඥානය සහ සහජාත වූවෝ වෙති. විතර්කය වූ චක්ඛු විඤ්ඤාණන්තරාදී වූ සවිතක චිත්තයන්හි දතයුතු. ප්‍රපඤ්ච කොට්ඨාශයෝ තෘෂ්ණාදී ප්‍රපඤ්ච, ජවනය හා සහජාත වූවාහු වෙති. ඉදින් එසේ නම් කුමක් හෙයින් අතීතානාගත ග්‍රහණය කරන ලද ද? එසේ උපදින හෙයින්ය. දැන් යම්සේම චක්‍ෂුර් ද්වාරික වූ ප්‍රපඤ්චය ඇස ද, රූපය ද ස්පර්ශ වේදනා සංඥා විතර්කයන් ද නිසා උපන්නේ ද එපරිද්දෙන් අතීත වූ ද, අනාගත වූ ද, චක්‍ෂුර් විඥෙය වූ රූපයන්හි ඒ ප්‍රපඤ්චයා ගේ උත්පත්තිය දක්වන්නේ මෙසේ කීහ.

සොතඤ‍්චාවුසොතිආදීසුපි එසෙව නයො. ඡට‍්ඨද‍්වාරෙ පන මනන‍්ති භවඞ‍්ගචිත‍්තං. ධම‍්මෙති තෙභූමකධම‍්මාරම‍්මණං. මනොවිඤ‍්ඤාණන‍්ති ආවජ‍්ජනං වා ජවනං වා. ආවජ‍්ජනෙ ගහිතෙ ඵස‍්සවෙදනාසඤ‍්ඤාවිතක‍්කා ආවජ‍්ජනසහජාතා හොන‍්ති. පපඤ‍්චො ජවනසහජාතො. ජවනෙ ගහිතෙ සහාවජ‍්ජනකං භවඞ‍්ග මනො නාම හොති, තතො ඵස‍්සාදයො සබ‍්බෙපි ජවනෙන සහජාතාව. මනොද‍්වාරෙ පන යස‍්මා අතීතාදිභෙදං සබ‍්බම‍්පි ආරම‍්මණං හොති, තස‍්මා අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසූති ඉදං යුත‍්තමෙව.

සොතඤ්චාවුසො ශ්‍රොත ආදියෙහි ද මෙම ක්‍රමයමයි. සවන වාරයෙහි වනාහි මනං භවාංග සිත ධම්මෙ ත්‍රෛභූමක ධම්මාරම්මණය මනො විඤ්ඤාණං ආවර්ජනය හෝ ජවනය හෝ මෙනෙහි කොට ගත් කල්හි ස්පර්ශය වේදනාව සංඥාව විතර්කය යන මොව්හූ ආවර්ජනය හා සහජාත වූවාහු වෙති. ප්‍රපඤ්චය ජවන සහජාත වෙයි. ජවනය ගත් කල්හි ආවර්ජනය සහිත වූ භවාංගය ‘මන’ නම් වෙති. නැවත ස්පර්ශාදී සියල්ලෝම සහජාත වූවාහු වෙති. මනෝද්වාරයෙහි වනාහි යම් හෙයකින් අතීතාදී භේද වූ සියල්ලම අරමුණු වේද? එහෙයින් අතීතානාගත පච්චුප්පන්නෙසු යන මෙය සුදුසුමැයි.

ඉදානි වට‍්ටං දස‍්සෙන‍්තො සො වතාවුසොති දෙසනං ආරභි. ඵස‍්සපඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙස‍්සතීති ඵස‍්සො නාම එකො ධම‍්මො උප‍්පජ‍්ජතීති එවං ඵස‍්සපඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙස‍්සති, දස‍්සෙස‍්සතීති අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ.

මෙවිට වෘත්තය දක්වන්නාහූ සොවතාවුසො යී දේශනාව ආරම්භ කළහ. ඵස්ස පඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සති ස්පර්ශ නම් එක් ධර්මයක් උපදනේ යැයි මෙසේ ස්පර්ශ ප්‍රඥප්තිය පනවන්නේ ය. දක්වන්නේ ය යන අර්ථයි. සියලු තැන්හි මෙම ක්‍රමයයි.

එවං ඉමස‍්මිං සති ඉදං හොතීති ද‍්වාදසායතනවසෙන සකලං වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි ද‍්වාදසායතනපටික‍්ඛෙපවසෙන විවට‍්ටං දස‍්සෙන‍්තො සො වතාවුසො චක‍්ඛුස‍්මිං අසතීති දෙසනං ආරභි. තත්‍ථ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො.

මෙසේ මෙය ඇතිකල්හි මෙය වේයයි දොළොස් ආයතනයන්ගේ වශයෙන් සියළු වෘත්තය දක්වා, දැන් දොළොස් ආයතනයන්ගේ ප්‍රතික්‍ෂේප වශයෙන් විවෘත්තය දක්වන්නේ සො වතාවුසො චක්ඛුස්මිං අසතී යන දේශනාව ආරම්භ කළහ. එහි පෙර කී ආකාරයෙන් ම අර්ථ දතයුතු.

එවං පඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි සාවකෙන පඤ‍්හො කථිතොති මා නික‍්කඞ‍්ඛා අහුවත්‍ථ, අයං භගවා සබ‍්බඤ‍්ඤුතඤාණතුලං ගහෙත්‍වා නිසින‍්නො, ඉච‍්ඡමානා තමෙව උපසඞ‍්කමිත්‍වා නික‍්කඞ‍්ඛා හොථාති උය්‍යොජෙන‍්තො ආකඞ‍්ඛමානා ච පනාතිආදිමාහ.

මෙසේ ප්‍රශ්නය විසඳා දැන් ශ්‍රාවකයකු විසින් ප්‍රශ්නය කියන ලදැයි නිසැක වූවාහු නොවවු. මේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥාන නමැති තුලාව ගෙන හුන් සේක. සිය කැමැත්තෙන්ම භාග්‍යවතුන් කරා මැ එළඹ නිසැක නැත්තෝ වවු යයි යොදවනු වෝ ආකංඛමානා ච පන යනාදිය කීහ.

ඉමෙහි ආකාරෙහීති ඉමෙහි කාරණෙහි පපඤ‍්චුප‍්පත‍්තියා පාටියෙක‍්කකාරණෙහි චෙව වට‍්ටවිවට‍්ටකාරණෙහි ච. ඉමෙහි පදෙහීති ඉමෙහි අක‍්ඛරසම‍්පිණ‍්ඩනෙහි. බ්‍යඤ‍්ජනෙහීති පාටියෙක‍්කඅක‍්ඛරෙහි. පණ‍්ඩිතොති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො. චතූහි වා කාරණෙහි පණ‍්ඩිතො ධාතුකුසලො ආයතනකුසලො පච‍්චයාකාරකුසලො කාරණාකාරණකුසලොති. මහාපඤ‍්ඤොති මහන‍්තෙ අත්‍ථෙ මහන‍්තෙ ධම‍්මෙ මහන‍්තා නිරුත‍්තියො මහන‍්තානි පටිභානානි පරිග‍්ගහණසමත්‍ථාය මහාපඤ‍්ඤාය සමන‍්නාගතො. යථා තං මහාකච‍්චානෙනාති යථා මහාකච‍්චානෙන බ්‍යාකතං, තං සන්‍ධාය තන‍්ති වුත‍්තං. යථා මහාකච‍්චානෙන බ්‍යාකතං, අහම‍්පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යෙන‍්ති අත්‍ථො.

ඉමෙහි ආකාරෙහි මේ කරුණු දැක්වීමෙන් ප්‍රපඤ්චයන්ගේ ඉපදීමට වෙනම කාරණයන්ගෙන් හා වෘත්ත විවෘත්ත කාරණයන්ගෙන් ද, ඉමෙහි පදෙහි මේ අක්‍ෂර කැටිකිරීම් මගින්, ඛ්‍යඤ්ජනෙහි වෙනම අක්‍ෂරයන්ගෙන්, පණ්ඩිතො උගත් බවින් සමන්විත වූයේ නොහොත් ධාතු කුසල, ආයතන කුසල, පච්චයකාර කුසල, කාරණා කාරණ කුසල යන සතර කාරණයන් පිළිබඳ දක්‍ෂයන් වූයේ මහාපඤ්ඤො මහත් වූ අර්ථයන්, මහත් වූ ධර්මයන්, මහත් වූ නිරුක්තීන්, මහත් වූ ප්‍රතිභාණයන් අවබෝධ කිරීමෙහි සමර්ථ වූ, මහා ප්‍රඥාවෙන් සමන්විත වූයේ, යථා තං මහා කච්චානෙන යම් සේ මහා කච්චායන හිමියන් විසින් කියන ලද ද එසේ ඒ සඳහා ‘තං’ යැයි කියන ලදී. යම් සේ මහා කාත්‍යායන තෙරුන් විසින් එය ප්‍රකාශ කරන ලද ද, මම ද එය එපරිද්දෙන් ම ප්‍රකාශ කරන්නෙමි යන අර්ථයි.

මධුපිණ‍්ඩිකන‍්ති මහන‍්තං ගුළපූවං බද‍්ධසත‍්තුගුළකං වා. අසෙචනකන‍්ති අසෙචිතබ‍්බකං. සප‍්පිඵාණිතමධුසක‍්කරාදීසු ඉදං නාමෙත්‍ථ මන්‍දං ඉදං බහුකන‍්ති න වත‍්තබ‍්බං සමයොජිතරසං. චෙතසොති චින‍්තකජාතිකො. දබ‍්බජාතිකොති පණ‍්ඩිතසභාවො. කො නාමො අයන‍්ති ඉදං ථෙරො අතිභද‍්දකො අයං ධම‍්මපරියායො, දසබලස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙනෙවස‍්ස නාමං ගණ‍්හාපෙස‍්සාමීති චින‍්තෙත්‍වා ආහ. තස‍්මාති යස‍්මා මධුපිණ‍්ඩිකො විය මධුරො, තස‍්මා මධුපිණ‍්ඩිකපරියායොත්‍වෙව නං ධාරෙහීති වදති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මධු පිණ්ඩිකං මහත් වූ උක්සකුරු ගුළියක්, බඳනා ලද අග්ගලා ගුලියක් හෝ ආසෙවනකං සමව වැගිරිය යුතු රස ඇති ගිතෙල්, පැණි, මී, හකුරු, ආදීන් අතුරෙහි, සමව යෙදු රස ඇති, චෙතසො (දහම් සිතිවිල්ලෙන්) සිතනසුලු වූ දබ්බජාතිකො පණ්ඩිත ස්වභාව ඇති, කො නාමො අයං මෙය (ආනන්ද) ස්ථවිරයන් වහන්සේ මෙම ධර්ම දේශනාව ඉතා සොඳුරුය, දශබලධාරීන් ගේ සියල්ල දන්නා නුවණින් ම මෙයට නාමය ගන්වන්නෙමි යි සිතා කීයේය. තස්මා යම් හෙයකින් මීපැණි බිඳුවක් මෙන් මිහිරිද? එහෙයින් මධුපිණ්ඩික පරියා යොත්‍ථෙවනං ධාරෙහි මධුපිණ්ඩික යන නම මැ ධරවයි වදාරයි. ඉතිරිය සියලු තන්හි ප්‍රකට අර්ථ ඇත්තේ මැයි.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මධුපිණ‍්ඩිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මධුපිණ්ඩික සූත්‍ර වර්ණනාව නිමියේය.