මධුපිණ්ඩිකසුත්තං
1. 2. 8.
1. 2. 8.
මධුපිණ්ඩිකසුත්තං
මධුපිණ්ඩික සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. මහාවනං අජ්ඣොගහෙත්වා බෙලුවලට්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදි. දණ්ඩපාණිපි ඛො සක්කො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං තෙනුපසඞ්කමි. මහාවනං අජ්ඣොගහෙත්වා යෙන බෙලුවලට්ඨිකා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා දණ්ඩමොලුබ්භ එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දණ්ඩපාණි සක්කො භගවන්තං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිම්බුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළැකුණු සේක් දිවා විහරණය පිණිස මහාවනයට එළඹි සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මුල දිවාවිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩපාණී සැහැරජරද ජඞ්ඝාවිහරණය පිණිස (කෙණ්ඩා විඩා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. තුස්නට නිසි සිහි කරණට නිසි කථා කොට නිමවා දඬුහිස එල්බ ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“කිංවාදී සමණො කිමක්ඛායී”ති?
“ශ්‍රමණ තෙමේ කිබඳු දිටුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?” යි.
“යථාවාදී ඛො ආවුසො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති. එවංවාදී ඛො අහං ආවුසො එවමක්ඛායී”ති. එවං වුත්තෙ දණ්ඩපාණි සක්කො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා තිවිසාඛං නළාටිකං නළාටෙ වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමි.
“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද කොට නො සිටී ද, යම් කරුණින් කාමයෙන් විසංයුක්ත කොට විහරණ කරණ විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති, කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්ෂීණාස්රව බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ (ක්ලේශයෝ) ලැග නො හොවිත් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව නෙරැනළවා (වෙන්ව පෙණෙන සේ) රැළි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන දඬිය හයාගෙන බැස ගියේ ය.
2. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන නිග්රොධාරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ඉධාහං භික්ඛවෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසිං. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමිං දිවාවිහාරාය. මහාවනං අජ්ඣොගහෙත්වා බෙලුවලට්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදිං. දණ්ඩපාණිපි ඛො භික්ඛවෙ සක්කො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං තෙනුපසඞ්කමි. මහාවනං අජ්ඣොගහෙත්වා යෙන බෙලුවලට්ඨිකා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා දණ්ඩමොලුබ්භ එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ දණ්ඩපාණි සක්කො මං එතදවොච: “කිංවාදී සමණො, කිමක්ඛායී”ති?
2. එක්බිති, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිසලණින් නැගී සිටි සේක් න්යග්රෝධාරාමයට වැඩි සේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසියෙමි. කිම්බුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කෙම් දිවාවිහරණය පිණිස මහාවනයට එළඹියෙමි. මහාවනයට වැද තරුණ බෙලිගසක් මුල දිවාවිහරණයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපානී ශාක්‍යරජ ද ජඞ්ඝාවිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (හුන්) මා වෙත එළඹියේ ය. එළඹ මා සමග සතුටු වීය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්බ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපානී ශාක්‍ය මට තෙල සැළ කෙළේ ය: “ශ්‍රමණ තෙමේ කෙබඳු දෘෂ්ටි ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?”යි.
3. එවං වුත්තෙ අහං භික්ඛවෙ දණ්ඩපාණිං සක්කං එතදවොචං: “යථාවාදී ඛො ආවුසො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති, එවංවාදී ඛො අහං ආවුසො එවමක්ඛායී”ති. එවං වුත්තෙ භික්ඛවෙ දණ්ඩපාණි සක්කො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා තිවිසාඛං නළාටිකං නළාටෙ වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමී”ති.
3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලෝකයෙහි කිසිවකුත් හා විවාද කොට නො සිටී ද, යම් කරුණෙකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විචිකිච්ඡා රහිත වූ සිඳලූ කුකුස් ඇත්තා වූ කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති ඒ බමුණා වෙත ක්ලේශයෝ ලැග නො විහිත් ද, ඇවැත, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි”යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපානී ශාක්‍ය හිස සලා දිව නෙරා නළවා රැළි තුනක් ඇති නළල්රැල්ල නළලෙහි නංවා සෝලු දණ්ඩ සනාගෙන (තල්ලුයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.
4. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “කිංවාදී පන භන්තෙ භගවා සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති? කථඤ්ච පන භන්තෙ භගවන්තං කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්තී”ති?
4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක්, ලෝකයෙහි කිසිවකුත් හා විරුද්ධවාද නො කොට සිටින සේක් ද, වහන්ස, කෙසේ නම් කාමයෙන් වෙන් ව වාසය කරන කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලූ කුකුස් ඇති කුදු මහත් භාවයෙහි පහ වූ තෘෂ්ණා ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ ලැග නො හොවිත් දැ?” යි.
5. යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
5. මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙකරුණෙහි (මම ය මාගේ ය යි) සතුටු වියයුත්තෙක් කිවයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
6. අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදාන කලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති.
6. එක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගී වැඩි නො බෝ වෙලායෙහි ඒ භික්ෂූන්ට මෙබඳු අදහසෙක් වී: “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන් ගේ කෙළවර. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවරය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ’ ය යි මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා අසුනෙන් නැගී විහාරයට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේ දැ?” යි.
7. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති.
7. යළි ඒ භික්ෂූන්ට මේ අදහස වී: “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුත් සම්භාවිත ය. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට සමර්ත්ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මෙහි අර්ත්ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි”
8. අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො කච්චාන භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. “යතොනිදානං භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. තෙසං නො ආවුසො කච්චාන අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති? තෙසං නො ආවුසො කච්චාන අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති. විභජතායස්මා මහාකච්චානොති.
8. ඉක්බිති ඒ භික්ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට මෙය කීහු: ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා වෙත පවතිද්ද. ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් (මම ය මාගේ යැයි) කියයුත්තෙක් ගිලගත යුත්තෙක් නැති නම්, මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය… මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ නො බෝ වේලෙහි මේ අදහස විය: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිත් ද … මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය කවරෙක් විස්තර විසින් බෙදා දක්වන්නේ දැ යි. ඇවැත් කාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්ත්ථ වෙයි. යම් හෙයකින් අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්ත්ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ මෙය විභාග කෙරේවා යි.
9. සෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය, එවං සම්පදමිදං, ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සො හාවුසො භගවා ජානං ජානාති. පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාථාති.
9. ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර සොයන හර සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නො වැටී සිටුනා හර ඇති මහරුකෙක මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හරය සෙවිය යුතු කොට සලකන්නේ ද, ආයුෂ්මත්නට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අර්ත්ථය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතියේ ය. ඇවැත්නි, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්ම) වර්තක ය, ප්රවර්තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්ත්ථය ගෙණ දෙන්නේ)ය, අමුර්තදාතෘ ය, ධර්මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්ත්ථය පිළිවිසින්නහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරව යි.
10. අද්ධාවුසො කච්චාන භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො, ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාම.
10. ඇවැත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්ම) වර්තක ය, ප්රවර්තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්ත්ථය ගෙණ දෙන්නේ) ය, අමුර්තදාතෘ ය, ධර්මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්ත්ථය පිළිවිසින්නමෝ නම් එයට මෙකල් ම විය. යම් සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරන්නමු.
අපි චායස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුකත්වාති.
තවද ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය විස්තර විසින් බෙදා දක්වන්නට ද සමර්ත්ථ වෙයි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ බර නො කොට අර්ත්ථ විභාග කෙරේවා යි.
11. තෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාකච්චානො එතදවොච: යං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති”. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි:
11. එසේ නම් ඇවැත්නි, අසව මොනවට මෙනෙහි කරව කියන්නෙමි යි. ඇවැත්නි, එසේ යැයි ඒ භික්ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට පිළිවදන් දුන්හු. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිද්ද … මෙහි ඒ ලාමක අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය මම මෙසේ විස්තර විසින් දනිමි:
12. චක්ඛුඤ්චාවුසො පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. යං වෙදෙති, තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කෙති. යං විතක්කෙති තං පපඤ්චෙති. යං පපඤ්චෙති තතොනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු. සොතඤ්චාවුසො පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්චාවුසො පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්චාවුසො පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්චාවුසො පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං -පෙ- මනඤ්චාවුසො පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. යං වෙදෙති තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කෙති. යං විතක්කෙති තං පපඤ්චෙති. යං පපඤ්චෙති තතොනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
12. ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ඇවැත්නි, කණ ද ශබ්දයන් ද නිසා ශොත්‍රවිඥානය උපදී … ඇවැත්නි, නැහැය ද ගඳ ද නිසා ඝ්‍රාණවිඥානය උපදී … ඇවැත්නි, දිව ද රසයන් ද නිසා ජිව්හාවිඥානය උපදී … ඇවැත්නි, කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී … ඇවැත්නි, සිත ද ධර්මයන් ද නිසා මනෝවිඥානය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනෝධර්මාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ සිතින් දතයුතු වූ ධර්මයන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.
13. සො වතාවුසො චක්ඛුස්මිං සති රූපෙ සති චක්ඛුවිඤ්ඤාණෙ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති.
13. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්ෂුර්විඥානය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්කයැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්කයැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
14. සො වතාවුසො සොතස්මිං සති සද්දෙ සති සොතවිඤ්ඤාණෙ සති -පෙ- ඝානස්මිං සති ගන්ධෙ සති ඝානවිඤ්ඤාණෙ සති -පෙ- ජිව්හාය සති රසෙ සති ජිව්හාවිඤ්ඤාණෙ සති -පෙ- කායස්මිං සති ඵොට්ඨබ්බෙ සති කායවිඤ්ඤාණෙ සති -පෙ- මනස්මිං සති ධම්මෙ සති මනොවිඤ්ඤාණෙ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති.
14. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සෝතවිඤ්ඤාණය ඇති කල්හි … නැහැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝානවිඤ්ඤාණය ඇති කල්හි … දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිව්හාවිඤ්ඤාණය ඇති කල්හි … කය ඇති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය ඇති කල්හි කායවිඤ්ඤාණය ඇති කල්හි … සිත ඇති කල්හි ධර්මය ඇති කල්හි මනෝවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
15. සො වතාවුසො චක්ඛුස්මිං අසති රූපෙ අසති චක්ඛුවිඤ්ඤාණෙ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
15. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්ෂුර්විඥානය නැති කල්හි ස්පර්ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් නැති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැයි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතර්ක යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
16. සො වතාවුසො සොතස්මිං අසති සද්දෙ අසති සොතවිඤ්ඤාණෙ අසති -පෙ- ඝානස්මිං අසති ගන්ධෙ අසති ඝානවිඤ්ඤාණෙ අසති -පෙ- ජිව්හාය අසති රසෙ අසති ජිව්හාවිඤ්ඤාණෙ අසති -පෙ- කායස්මිං අසති ඵොට්ඨබ්බෙ අසති කායවිඤ්ඤාණෙ අසති -පෙ- මනස්මිං අසති ධම්මෙ අසති මනොවිඤ්ඤාණෙ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
16. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි සෝතවිඤ්ඤාණය නැති කල්හි … නැහැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාන විඤ්ඤාණය නැති කල්හි … දිව නැති කල්හි රසය නැති කල්හි ජිව්හාවිඤ්ඤාණය නැති කල්හි … කය නැති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි … සිත නැති කල්හි ධර්ම නැති කල්හි මනෝවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැයි පැනවීමක් නැති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
17. යං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතො නිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා නො භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාථාති.
17. ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මේ කරුණෙහි (ද්වාදශායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කියා යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්දනාදිය නැති බව ම) රාගානුසයයන්ගේ කෙළවර ය … මේ ද්වාදශායතනයන්හි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනන්ස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අර්ත්ථය මෙසේ දනිමි. ආයුෂ්මත්නි, තෙපි කැමතියව්හු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්ත්ථය පුළුවුස්ව. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරනසේක් නම් එය එසේ ධරව යි.
18. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
18. එක්බිති, ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගේ දේශනාව අභිමුඛව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂුහු භාග්‍යවතුන්හට තෙල සැළ කළහ:
19. “යං ඛො නො භන්තෙ භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වාඋට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං. එසෙවන්තො රාගානුසයානං -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, ‘යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං. එසෙවන්තො රාගානුසයානං එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති.
19. “වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයාහට පවතිත් ද, ඉදින් මෙහි සතුටුවිය යුත්තෙක් කිය යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය … මෙහි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක් ද, වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලායෙකින් ඒ අපට මේ අදහස වී: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියායුත්තෙක් ගිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර ය. මෙහි ම මේ ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්ත්ථය විස්තර විසින් කවරෙක් බෙදා දක්වන්නේ දැ” යි.
20. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො. සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති.
20. “වහන්ස, ඒ අපට මේ අදහස වී ය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘහු විසිනුදු වර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්ත්ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම්, එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් මේ අර්ත්ථය පිළිවිසින්නමෝ නම් මැනැවැ” යි.
21. අථ ඛො මයං භන්තෙ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි අත්ථො විභත්තො”ති.
21. “එක්බිති, වහන්ස, අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත් එළඹියම්හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්ත්ථය පිළිවිසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් විසින් මේ ආකාරයෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්ත්ථය බෙදා දක්වන ලද්දේ ය.”
22. පණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො, මහාපඤ්ඤො භික්ඛවෙ මහාකච්චානො. මඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි නං එවමෙවං ව්යාකරෙය්යං යථා තං මහාකච්චානෙන ව්යාකතං. එසො චෙවෙතස්ස අත්ථො. එවඤ්ච නං ධාරෙථාති.
22. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ පණ්ඩිතය. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අර්ත්ථය පිළිවිසුවහු නම් මහාකාත්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ත්ථය මේ ම ය. එසේ ම දරව.
23. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සෙය්යථාපි භන්තෙ පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය, සො යතො යතො සායෙය්ය ලභෙථෙව සාදුං රසං අසෙචනකං. එවමෙව ඛො භන්තෙ චෙතසො භික්ඛු දබ්බජාතිකො යතො යතො ඉමස්ස ධම්මපරියායස්ස පඤ්ඤාය අත්ථං උපපරික්ඛෙය්ය ලභෙථෙව අත්තමනතං ලභෙථ චෙතසො පසාදං. කො නාමො අයං භන්තෙ ධම්මපරියායොති? තස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං මධුපිණ්ඩිකපරියායොත්වෙව නං ධාරෙහීති.
23. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රස නො ඉසිය යුත් මීපිඬුවක් (බදහත්වටක්) ලබා ද, හෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආස්වාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රසයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්මදේශනාවගෙ අර්ත්ථය නුවණින් පරීක්ෂා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුබව ලබන්නේ ම ය සිතේ පැහැදී ම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්මපර්ය්යාය ය කිනම් ඇත්තේ ද? ආනන්දය, එසේ නම් තෝ මෙහි ලා මේ ධර්මදේශනාව මධුපිණ්ඩිකපර්ය්යාය යැ යි දරව යි වදාළ සේක.”
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවැ යි සතුටින් පිළිගත්තේයි.
මධුපිණ්ඩිකසුත්තං අට්ඨමං.
මධුපිණ්ඩිකසූත්රය අටවැනි යි.