යෙදුමෙන් කියවන්න

ද‍්වෙධාවිතක‍්කසුත‍්තං

1. 2. 9.

1. 2. 9.

ද‍්වෙධාවිතක‍්කසුත‍්තං

ද්වේධා විතක්ක සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: යන‍්නූනාහං ද‍්වෙධා කත්‍වා ද‍්වෙධා කත්‍වා විතක‍්කෙ විහරෙය්‍යන‍්ති. සො ඛො අහං භික‍්ඛවෙ යො චායං කාමවිතක‍්කො යො ච බ්‍යාපාදවිතක‍්කො යො ච විහිංසාවිතක‍්කො, ඉමං එකං භාගමකාසිං. යො චායං නෙක‍්ඛම‍්මවිතක‍්කො යො ච අබ්‍යාපාදවිතක‍්කො යො ච අවිහිංසාවිතක‍්කො, ඉමං දුතියං භාගමකාසිං.

2. මහණෙනි, බුදුවීමට පෙර ම බුදු නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතර්‍කයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙම් නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතර්‍කයකුත් යම් මේ ව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ විහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයකුත් යම් මේ අව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ අවිහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙළෙමි.

3. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එවං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති කාමවිතක‍්කො. සො එවං පජානාමි: උප‍්පන‍්නො ඛො මෙ අයං කාමවිතක‍්කො. සො ච ඛො අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, පඤ‍්ඤානිරොධිකො විඝාතපක‍්ඛිකො අනිබ‍්බානසංවත‍්තනිකො. අත‍්තව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. පරව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. උභයව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. පඤ‍්ඤානිරොධිකො විඝාතපක‍්ඛිකො අනිබ‍්බානසංවත‍්තනිකොතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. සො ඛො අහං භික‍්ඛවෙ උප‍්පන‍්නුප‍්පන‍්නං කාමවිතක‍්කං පජහමෙව විනොදමෙව බ්‍යන‍්තෙව නං අකාසිං.

3. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතර්‍ක උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතර්‍ක උපන්නේ ය. ඒ කාමවිතර්‍ක තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ”යි. මහණෙනි, තමහට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපන් කාමවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.

4. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එවං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති බ්‍යාපාදවිතක‍්කො -පෙ- උප‍්පජ‍්ජති විහිංසාවිතක‍්කො. සො එවං පජානාමි: උප‍්පන‍්නො ඛො මෙ අයං විහිංසාවිතක‍්කො. සො ච ඛො අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, පඤ‍්ඤානිරොධිකො විඝාතපක‍්ඛිකො අනිබ‍්බානසංවත‍්තනිකො. අත‍්තව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති පරව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. උභයව්‍යාබාධාය සංවත‍්තතීතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. පඤ‍්ඤානිරොධිකො විඝාතපක‍්ඛිකො අනිබ‍්බානසංවත‍්තනිකොතිපි මෙ භික‍්ඛවෙ පටිසඤ‍්චික‍්ඛතො අබ‍්භත්‍ථං ගච‍්ඡති. සො ඛො අහං භික‍්ඛවෙ උප‍්පන‍්නුප‍්පන‍්නං විහිංසාවිතක‍්කං පජහමෙව විනොදමෙව බ්‍යන‍්තෙව නං අකාසිං.

4. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්‍යාපාදවිතර්‍කය උපදී ... විහිංසාවිතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: ‘මට මේ විහිංසා විතර්‍ක උපන්නේ ය. ඒ විහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවති යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම් උපනුපන් විහිංසාවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.

5. යඤ‍්ඤදෙව භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති තථා තථා නති හොති චෙතසො. කාමවිතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි නෙක‍්ඛම‍්මවිතක‍්කං. කාමවිතක‍්කං බහුලමකාසි. තස‍්ස තං කාමවිතක‍්කාය චිත‍්තං නමති. බ්‍යාපාදවිතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි අබ්‍යාපාදවිතක‍්කං. බ්‍යාපාදවිතක‍්කං බහුලමකාසි. තස‍්ස තං බ්‍යාපාදවිතක‍්කාය චිත‍්තං නමති. විහිංසාවිතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි අවිහිංසාවිතක‍්කං. විහිංසාවිතක‍්කං බහුලමකාසි. තස‍්ස තං විහිංසාවිතක‍්කාය චිත‍්තං නමති.

5. මහණෙනි, මහණ තෙමේ යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, නැවත නැවත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැඹුරුබව වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතර්‍කය ම බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය දුරු කෙරෙයි. කාමවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්‍යාපාද විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්‍යාපාදවිතර්‍කය දුරු කෙරෙයි. ව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්‍යාපාද විතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතර්‍කය බහුල කොට නැවැත නැවැත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතර්‍කය දුරු කෙරෙයි. විහිංසාවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතර්‍කය පිණිස නැමේ.

6. සෙය්‍යථාපි භික‍්ඛවෙ වස‍්සානං පච‍්ඡිමෙ මාසෙ සරදසමයෙ කිට‍්ඨසම‍්බාධෙ ගොපාලකො ගාවො රක‍්ඛෙය්‍ය. සො තා ගාවො තතො තතො දණ‍්ඩෙන ආකොටෙය්‍ය පතිකොටෙය්‍ය සන‍්නිරුන්‍ධෙය්‍ය සන‍්නිවාරෙය්‍ය. තං කිස‍්ස හෙතු? පස‍්සති හි සො භික‍්ඛවෙ ගොපාලකො තතොනිදානං වධං වා බන්‍ධං වා ජානිං වා ගරහං වා. එවමෙව ඛො අහං භික‍්ඛවෙ අද‍්දසං අකුසලානං ධම‍්මානං ආදීනවං ඔකාරං සඞ‍්කිලෙසං, කුසලානං ධම‍්මානං නෙක‍්ඛම‍්මෙ ආනිසංසං වොදානපක‍්ඛං.

6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හක (හානි) වූ සරාකල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේ ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඬුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඇටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යෑමෙන් අවුරා සිටිනේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හේතු කොට ගෙන වධයක් හෝ බන්‍ධනයක් හෝ ධනහානියක් හෝ ගර්‍හාවක් හෝ දක්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්‍මයන්ගේ දෝෂය ලාමකබව කෙලෙසීම ද කුශල ධර්‍මයන් පිළිබඳ නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද විශුද්ධිපක්‍ෂය ද දිටිමි.

7. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එවං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති නෙක‍්ඛම‍්මවිතක‍්කො. සො එවං පජානාමි: උප‍්පන‍්නො ඛො මෙ අයං නෙක‍්ඛම‍්මවිතක‍්කො. සො ච ඛො නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරබ්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, පඤ‍්ඤාවුද‍්ධිකො අවිඝාතපක‍්ඛිකො නිබ‍්බානසංවත‍්තනිකො. රත‍්තිඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. දිවසඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. රත‍්තින්‍දිවඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක‍්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්‍ය. කායෙ කිලන‍්තෙ චිත‍්තං ඌහඤ‍්ඤෙය්‍ය. ඌහතෙ චිත‍්තෙ ආරා චිත‍්තං සමාධිම‍්හාති. සො ඛො අහං භික‍්ඛවෙ අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙමි සන‍්නිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි. තං කිස‍්ස හෙතු: මා මෙ චිත‍්තං ඌහඤ‍්ඤීති.

7. මහණෙනි, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: මට මේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපන්නේ ය. ඒ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් සඳහා පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දාවල මුළුල්ලෙහි ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්තවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානයෙහි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටු වමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)

8. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එවං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති අබ්‍යාපාදවිතක‍්කො -පෙ- උප‍්පජ‍්ජති අවිහිංසාවිතක‍්කො. සො එවං පජානාමි: උප‍්පන‍්නො ඛො මෙ අයං අවිහිංසාවිතක‍්කො. සො ච ඛො නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, පඤ‍්ඤාවුද‍්ධිකො අවිඝාතපක‍්ඛිකො නිබ‍්බානසංවත‍්තනිකො. රත‍්තිඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. දිවසඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. රත‍්තින්‍දිවඤ‍්චෙපි නං භික‍්ඛවෙ අනුවිතක‍්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නෙව තතොනිදානං භයං සමනුපස‍්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක‍්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්‍ය. කායෙ කිලන‍්තෙ චිත‍්තං ඌහඤ‍්ඤෙය්‍ය. ඌහතෙ චිත‍්තෙ ආරා චිත‍්තං සමාධිම‍්හාති. සො ඛො අහං භික‍්ඛවෙ අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙමි සන‍්නිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි. තං කිස‍්ස හෙතු: මා මෙ චිත‍්තං ඌහඤ‍්ඤීති.

8. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නාවූ ඒ මට අව්‍යාපාද විතර්‍කය උපදී ... අවිහිංසා විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි. මට අවිහිංසා විතර්‍කය උපන්නේ ය. ඒ අවිහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නොවූවෙකි. නිවන් පිණිස පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහි දු නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දහවල මුළුල්ලෙහි දු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතු කොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්ත වූ කල්හි සිත නොසන්හුන් වන්නේ ය. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සියසතන්හි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටුවමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නොසන්හුන් වේවා යි. (සිතීමෙනි.)

9. යඤ‍්ඤදෙව භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති තථා තථා නති හොති චෙතසො. නෙක‍්ඛම‍්මවිතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි කාමවිතක‍්කං. නෙක‍්ඛම‍්මවිතක‍්කං බහුලමකාසි. තස‍්සං තං නෙක‍්ඛම‍්මවිතක‍්කාය චිත‍්තං නමති. අබ්‍යාපාද විතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ, භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි බ්‍යාපාදවිතක‍්කං. අබ්‍යාපාදවිතක‍්කං බහුලමකාසි. තස‍්සං තං අබ්‍යාපාදවිතක‍්කාය චිත‍්තං නමති. අවිහිංසාවිතක‍්කඤ‍්චෙ භික‍්ඛවෙ භික‍්ඛු බහුලමනුවිතක‍්කෙති අනුවිචාරෙති, පහාසි විහිංසාවිතක‍්කං. අවිහිංසාවිතක‍්කං බහුලමකාසි. තස‍්ස තං අවිහිංසාවිතක‍්කාය චිත‍්තං නමති. සෙය්‍යථාපි භික‍්ඛවෙ ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ සබ‍්බසස‍්සෙසු ගාමන‍්තසම‍්භතෙසු ගොපාලකො ගාවො රක‍්ඛෙය්‍ය. තස‍්ස රුක‍්ඛමූලගතස‍්ස වා අබ‍්භොකාසගතස‍්ස වා සතිකරණීයමෙව හොති: එතා ගාවොති. එවමෙව ඛො භික‍්ඛවෙ සතිකරණීයමෙව අහොසි: එතෙ ධම‍්මාති.

9. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, ඒ ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වේ. මහණෙනි, මහණ තෙමේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් කාමවිතර්‍කය දුරු කෙරෙයි. නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයට නැමෙයි. මහණෙනි, මහණ තෙමේ අව්‍යාපාද විතර්‍කය නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් ව්‍යාපාද විතර්‍කය දුරු කෙරෙයි. අව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අව්‍යාපාද විතර්‍කයට නැමෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ අවිහිංසා විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, විහිංසා විතර්‍කය දුරු කෙරෙයි. අවිහිංසා විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අවිහිංසා විතර්‍කයට නැමෙයි. මහණෙනි, යම් සේ ග්‍රීෂ්මඍතුවෙහි පශ්චිම මාසයෙහි සියලු ශෂ්‍යයන් ගමෙහි රැස් කළ කල්හි ගෝපොල්ලෙක් ගවයන් රක්නේ ද, රුක්මුලට ගියාවූ හෝ එලිමහනට ගියාවූ හෝ ඔහු විසින් ‘මොහු ගෙරිහු ය’ යි සිහි කිරීම් පමණෙක් ම වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ‘මොහු ශමථවිදර්‍ශනා ධර්‍මයෝ’ ය යි සිහිකිරීම් පමණෙක් ම වී ය.

10. ආරද‍්ධං ඛො පන මෙ භික‍්ඛවෙ විරියං අහොසි අසල‍්ලීනං. උපට‍්ඨිතා සති අසම‍්මුට‍්ඨා. පස‍්සද‍්ධො කායො අසාරද‍්ධො. සමාහිතං චිත‍්තං එකග‍්ගං. සො ඛො අහං භික‍්ඛවෙ විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං.–

10. මහණෙනි, මා විසින් (සිවුරඟින් යුත්) වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. (එබැවින්) එය නො සැඟුනේ වී. සිහිය එළඹ සිටියා ය (එබැවින්ම එය මුළා නොවූ ය. කය සන්සිඳුණේ ය. (එබැවින් ම) පහවූ දැවිලි ඇත්තේ වීය. සිත මැනැවින් පිහිටුවන ලදී. (එබැවින් ම) එකඟ විය. මහණෙනි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහාසිං සතො ච සම‍්පජානො. සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික‍්ඛන‍්ති: උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං.

විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම දනවන සිත්හි එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු වීමෙන් මැදහත්ව ම වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනා නුවණ ඇත්තෙම් කයින් සුවය ද වින්දෙහි. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේ ය’ යි යම් ධ්‍යානයක් වර්‍ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. සුවය ද දුරු කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පෙර ම සොම්නස් දොම්නසුන්ගේ වැනසීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

11. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසතිම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ “අමුත්‍රාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උප‍්පාදිං. තත්‍රාපාසිං එවන‍්නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො”ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරාමි. අයං ඛො මෙ භික‍්ඛවෙ රත‍්තියා පඨමෙ යාමෙ පඨමා විජ‍්ජා අධිගතා අවිජ‍්ජා විහතා. විජ‍්ජා උප‍්පන‍්නා තමො විහතො ආලොකො උප‍්පන‍්නො යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

11. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, ප්‍රභාස්වර කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, භාවනා කර්‍මයට සුදුසු කල්හි, ස්ථිති ප්‍රාප්ත කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. එනම් - ජාති එකක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති සයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාත සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද - “අසුවල් තැන උපනිමි. මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් විඳින්නෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් ච්‍යුතව අසුවල් තැන උපනිමි. එහිදී ද මෙනම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් වින්දෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. එ මම ඉන් ච්‍යුතව මෙහි උපන්නෙම් වෙමැ”යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පළමුයම්හි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමාදව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.

12. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි: –

12. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනා කර්‍මයට සුදුසු කල්හි ස්ථිති ප්‍රාප්තකල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම ඉතා පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - මැරෙන උපදින උසස් පහත් මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි:

“ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා, වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා, මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා, අරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා, වචීසුචරිතෙන සමන‍්නාගතා, මනොසුචරිතෙන සමන‍්නාගතා, අරියානං අනුපවාදකා, සම‍්මාදිට‍්ඨිකා, සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා”ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සාමි චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි. අයං ඛො මෙ භික‍්ඛවෙ රත‍්තියා මජ‍්ඣිමෙ යාමෙ දුතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

“මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. ආර්‍ය්‍යෝපවාද කරන්නෝ ය. මිසදිටුවෝ ය. මිසදිටුකම් සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වන විවසව පතිතවන නරකයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තයෝ ය. වාක්සුචරිතයෙන් යුක්තයෝ ය. මනඃසුචරිතයෙන් යුක්තයෝ ය. ආර්‍ය්‍යෝපවාද නොකරන්නෝ ය. සම්දිටුවෝ ය. සම්දිටුකම් සමාදන් වූ වෝය. ඔහු කාබුන් මරණින් මතු සුගතිනම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන්නෝය.” මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - උපදින මැරෙන උසස් පහත් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ මැදුම්යම්හි මේ දෙවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිතැතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.

13. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. තස‍්ස මෙ එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. භවාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති අබ‍්භඤ‍්ඤාසිං. අයං ඛො මෙ භික‍්ඛවෙ රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ තතියා විජ‍්ජා අධිගතා, අවිජ‍්ජා විහතා, විජ‍්ජා උප‍්පන‍්නා, තමො විහතො, ආලොකො උප‍්පන‍්නො, යථා තං අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො.

13. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනාකර්‍මයට සුදුසු කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවයන් ක්‍ෂය කරන ඥානය පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම මේ දුකය යි තතුලෙස දතිමි. මේ දුක් හට ගැනීමේ හේතුයැ යි තතුලෙස දතිමි. මේ දුක් නැති කිරීම ය යි තතුලෙස දතිමි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙත යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයහ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයන්ගේ සමුදය යැයි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධ යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ යි තතුලෙස දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදිණ යි නුවණ විය. ‘උපත නැති විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු කිස කරන ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අනෙකෙක් නැතැ’ යි දතිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ වේ නම් එසේ ය.

14. සෙය්‍යථාපි භික‍්ඛවෙ අරඤ‍්ඤෙ පවනෙ මහන‍්තං නින‍්නං පල‍්ලලං, තමෙනං මහාමිගසඞ‍්ඝො උපනිස‍්සාය විහරෙය්‍ය. තස‍්ස කොචිදෙව පුරිසො උප‍්පජ‍්ජෙය්‍ය අනත්‍ථකාමො අහිතකාමො අයොගක‍්ඛෙමකාමො, සො ය‍්වාස‍්ස මග‍්ගො ඛෙමො සොවත්‍ථිකො පීතිගමනීයො, තං මග‍්ගං පිදහෙය්‍ය විවරෙය්‍ය කුම‍්මග‍්ගං. ඔදහෙය්‍ය ඔකචරං, ඨපෙය්‍ය ඔකචාරිකං.–

14. මහණෙනි, මහවනයෙහි වනලැහැබෙක යම්බඳු මහත් නොගැඹුරු කුඩා දියවිලෙක් වේ ද, මහත් මුවරැළෙක් එය ඇසුරු කොට වසන්නේ ය. ඒ මුවරැළට අවැඩ කැමැති අහිත කැමැති භය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙතෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මගෙක් වන්නේ ද, ඒ මග වසන්නේ ය. නොමග විවෘත කරන්නේ ය. සේ මුවකු සිටුවන්නේ ය. සේ මුවදෙනක සිටුවන්නේ ය.

එවං හි සො භික‍්ඛවෙ මහාමිගසඞ‍්ඝො අපරෙන සමයෙන අනයව්‍යසනං තනුත‍්තං ආපජ‍්ජෙය්‍ය. තස‍්සෙව ඛො පන භික‍්ඛවෙ, මහතො මිගසඞ‍්ඝස‍්ස කොචිදෙව පුරිසො උප‍්පජ‍්ජෙය්‍ය අත්‍ථකාමො හිතකාමො යොගක‍්ඛෙමකාමො, සො ය‍්වාස‍්ස මග‍්ගො ඛෙමො සොවත්‍ථිකො පීතිගමනීයො, තං මග‍්ගං විවරෙය්‍ය, පිදහෙය්‍ය කුම‍්මග‍්ගං, ඌහනෙය්‍ය ඔකචරං, නාසෙය්‍ය ඔක චාරිකං. එවං හි සො භික‍්ඛවෙ මහාමිගසඞ‍්ඝො අපරෙන සමයෙන වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය.

මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ පසුකලෙක අනයව්‍යසනයට තනුත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මහත් මුවරැළට ම වැඩ කැමැති හිත කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙ තෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි යම් මාර්‍ගයෙක් වන්නේ ද, ඒ මග විවෘත කරන්නේ ය. නොමග වසන්නේ ය. සේ මුවා නසන්නේ ය. සේ මුවදෙන නසන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ තෙමේ පසු කලෙක වැඩීමට පැතිරීමට මහත්බවට පැමිණෙන්නේ ය.

15. උපමා ඛො මෙ අයං භික‍්ඛවෙ කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයඤ‍්චෙවෙත්‍ථ අත්‍ථො: මහන‍්තං නින‍්නං පල‍්ලලන‍්ති ඛො භික‍්ඛවෙ කාමානමෙතං අධිවචනං. මහාමිගසඞ‍්ඝොති ඛො භික‍්ඛවෙ සත‍්තානමෙතං අධිවචනං. පුරිසො අනත්‍ථකාමො අහිතකාමො අයොගක‍්ඛෙමකාමොති ඛො භික‍්ඛවෙ මාරස‍්සෙතං පාපිමතො අධිවචනං. කුම‍්මග‍්ගොති ඛො භික‍්ඛවෙ අට‍්ඨඞ‍්ගිකස‍්සෙතං මිච‍්ඡාමග‍්ගස‍්ස අධිවචනං සෙය්‍යථිදං: මිච‍්ඡාදිට‍්ඨියා මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස මිච‍්ඡාවාචාය මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස මිච‍්ඡාආජීවස‍්ස මිච‍්ඡාවායාමස‍්ස මිච‍්ඡාසතියා මිච‍්ඡාසමාධිස‍්ස. ඔකචරොති ඛො භික‍්ඛවෙ නන්‍දිරාගස‍්සෙතං අධිවචනං. ඔකචාරිකාති ඛො භික‍්ඛවෙ අවිජ‍්ජායෙතං අධිවචනං. පුරිසො අත්‍ථකාමො යොගක‍්ඛෙමකාමොති ඛො භික‍්ඛවෙ තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. ඛෙමො මග‍්ගො සොවත්‍ථිකො පීතිගමනීයොති ඛො භික‍්ඛවෙ අරියස‍්සෙතං අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස අධිවචනං. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨියා සම‍්මාසඞ‍්කප‍්පස‍්ස සම‍්මාවාචාය සම‍්මාකම‍්මන‍්තස‍්ස සම‍්මාආජීවස‍්ස සම‍්මාවායාමස‍්ස සම‍්මාසතියා සම‍්මාසමාධිස‍්ස.

15. මහණෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දී ය. මෙහි මේ අදහස වේ: මහණෙනි, “මහන්තං නිත්තං පල්ලං” යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, “මහාමිගසඞ්ඝෝ” යන මෙය සත්ත්‍වයනට නමෙකි. මහණෙනි, “පුරිසො අනත්‍ථකාමේ අහිතකාමෝ අයෝගක්ඛේමකාමෝ” යන මෙය පාපී වූ මාරයාට නමෙකි. “කුම්මග්ගො” යන මෙය මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසංකල්පය මිථ්‍යාවචනය මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධියැ යි අටඟින් යුක්ත වූ මිථ්‍යාමාර්‍ගයට නමෙකි. මහණෙනි, “ඔකචරො” යන මෙය නන්‍දිරාගයට නමෙකි. මහණෙනි, ‘ඔකචාරිකා’ යන මෙය අවිද්‍යාවට නමෙකි. මහණෙනි, “පුරිසො අත්‍ථකාමෝ යොගක්ඛෙමකාමො” යන මෙය තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමෙකි. මහණෙනි, “ඛේමො මග්ගෝ සොවත්‍ථිකො පීතිගමනීයො” යන මෙය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්පය සම්‍යග්වචනය සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය යැයි අටඟින් යුක්ත වූ ආර්‍ය්‍යයමාර්‍ගයට නමෙකි.

16. ඉති ඛො භික‍්ඛවෙ විවටො මයා ඛෙමො මග‍්ගො සොවත්‍ථිකො පීතිගමනීයො, පිහිතො කුම‍්මග‍්ගො, ඌහතො ඔකචරො, නාසිතා ඔකචාරිකා. යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

16. මහණෙනි, මෙසේ මා විසින් නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මාර්‍ගය විවෘත කරන ලද්දේ ය. නොමඟ වසන ලද්දේ ය. සේ මුවා නසන ලද්දේ ය. සේ මුවදෙන නසන ලද්දේ ය. මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, තෙල වෘක්‍ෂමූලයෝ ය, තෙල ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. නාමක් පමාවවු. පසුව නාමක් විපිළිසරවවු මේ තොපට අපගේ අනුශාසනා යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.

ද‍්වෙධාවිතක‍්කසුත‍්තං නවමං.

ද්වේධාවිතක්ක සූත්‍රය නවවැනි යි.