යෙදුමෙන් කියවන්න

විතක‍්කසණ‍්ඨානසුත‍්තං

1. 2. 10.

1. 2. 10.

විතක‍්කසණ‍්ඨානසුත‍්තං

විතක්කසණ්ඨාන සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු වහන්ස, යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

2. අධිචිත‍්තමනුයුත‍්තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා පඤ‍්ච නිමිත‍්තානි කාලෙන කාලං මනසිකාතබ‍්බානි. කතමානි පඤ‍්ච?

2. මහණෙනි, අධිචිත්තයෙහි (විදර්‍ශනාපාදක අෂ්ටසමාපත්ති චිත්තයෙහි) යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කළයුතුය. කවර පසෙක් ද යත්:

3. ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනො යං නිමිත‍්තං ආගම‍්ම යං නිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තම‍්හා නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකාතබ‍්බං කුසලූපසංහිතං. තස‍්ස තම‍්හා නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකරොතො කුසලූපසංහිතං, යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති, සමාධියති. සෙය්‍යථාපි භික‍්ඛවෙ දක‍්ඛො පලගණ‍්ඩො වා පලගණ‍්ඩන‍්තෙවාසී වා සුඛුමාය ආණියා ඔළාරිකං ආණිං අභිනීහනෙය්‍ය අභිනීහරෙය්‍ය අභිනිවජ‍්ජෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො යං නිමිත‍්තං ආගම‍්ම යං නිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තම‍්හා නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකාතබ‍්බං කුසලූපසංහිතං. යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. [1. අඤ‍්ඤනිමිත‍්තපබ‍්බං.]

3. මහණෙනි, මේ ශාසනයෙහි යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මහණහුට ලෝභභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගතවූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්තවූ නිමිත්තෙක් මෙනෙහි කළ යුතුය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සිය සතන්හි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් ඇණයකින් මහා ඇණයකට ගසන්නේ ද, (ගසමින් පුවරුවෙන්) බැහැර කරන්නේ ද, (අතින්) ඇද දමන්නේ ද, මහණෙනි, එසේ ම යම් අරමුණකට පැමිණ යම් අරමුණක්මෙනෙහි කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහ සහගත් වූත් ලාමක අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙක් මෙනෙහි කළයුතු ය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔව්හු ප්‍රහීණ වෙත්. විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (1)

4. තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො තම‍්හා නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකරොතො කුසලූපසංහිතං උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං ආදීනවො උපපරික‍්ඛිතබ‍්බො: ඉතිපිමෙ විතක‍්කා අකුසලා, ඉතිපිමෙ විතක‍්කා සාවජ‍්ජා, ඉතිපිමෙ විතක‍්කා දුක‍්ඛවිපාකාති. තස‍්ස තෙසං විතක‍්කානං ආදීනවං උපපරික‍්ඛතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.–

4. මහණෙනි, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ දුඃඛ විපාකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පිරික්සිය යුතුයි. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො අහිකුණපෙන වා කුක‍්කුරකුණපෙන වා මනුස‍්සකුණපෙන වා කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයෙය්‍ය හරායෙය්‍ය ජිගුච‍්ඡෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තස‍්ස චෙ භික‍්ඛුනො තම‍්හාපි නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකරොතො කුසලූපසංහිතං උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං ආදීනවො උපපරික‍්ඛිතබ‍්බො: ඉතිපිමෙ විතක‍්කා අකුසලා, ඉතිපිමෙ විතක‍්කා සාවජ‍්ජා, ඉතිපිමෙ විතක‍්කා දුක‍්ඛවිපාකාති. තස‍්ස තෙසං විතක‍්කානං ආදීනවං උපපරික‍්ඛතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. [2. ආදීනවපබ‍්බං.]

මහණෙනි, යම් සේ තරුණ වූ සැරසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුණු සප්කුණකින් හෝ බලුකුණකින් හෝ මිනිස්කුණකින් හෝ හටගත් දුක් ඇත්තේ වන්නේ ද, ලජ්ජිත වන්නේ ද හටගත් පිළිකුල් ඇත්තේ වන්නේ ද, මහණෙනි, ඒ පරිද්දෙන්ම ඒ නිමිත්තයෙන් ද අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ තර්‍කයෝ දුඃඛවිපකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කොට බැලිය යුතුය. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් යම් ලාමක වූ අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (2)

5. තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො තෙසං විතක‍්කානං ආදීනවං උපපරික‍්ඛතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං අසති අමනසිකාරො ආපජ‍්ජිතබ‍්බො. තස‍්ස තෙසං විතක‍්කානං අසති අමනසිකාරං ආපජ‍්ජතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි භික‍්ඛවෙ චක‍්ඛුමා පුරිසො ආපාථගතානං රූපානං අදස‍්සනකාමො අස‍්ස, සො නිමීලෙය්‍ය වා අඤ‍්ඤෙන වා අපලොකෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ තස‍්ස චෙ භික‍්ඛුනො තෙසම‍්පි විතක‍්කානං ආදීනවං උපපරික‍්ඛතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං අසති අමනසිකාරො ආපජ‍්ජිතබ‍්බො. තස‍්ස තෙසං විතක‍්කානං අසති අමනසිකාරං අපජ‍්ජතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. [3. අසතිපබ‍්බං.]

5. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ විතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ අකුශල විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් ඇතුළත ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධි ගත වෙයි. මහණෙනි, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් හමුවට පැමිණි රූපයන් නො දකිනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ ඇස් පියා ගන්නේ හෝ වේ ද, අන් දෙසක් බලන්නේ හෝ වේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනැවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (3)

6. තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො තෙසම‍්පි විතක‍්කානං අසති අමනසිකාරං ආපජ‍්ජතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකාතබ‍්බං. තස‍්ස තෙසං විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.–

6. මහණෙනි, ඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ මුලස්ථානය මෙනෙහි කළයුතුයි. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො සීඝං ගච‍්ඡෙය්‍ය, තස‍්ස එවමස‍්ස: කින‍්නු ඛො අහං සීඝං ගච‍්ඡාමි, යන‍්නූනාහං සණිකං ගච‍්ඡෙය්‍යන‍්ති. සො සණිකං ගච‍්ඡෙය්‍ය. තස‍්ස එවමස‍්ස: කින‍්නුඛො අහං සණිකං ගච‍්ඡාමි, යන‍්නූනාහං තිට‍්ඨෙය්‍යන‍්ති. සො තිට‍්ඨෙය්‍ය. තස‍්ස එවමස‍්ස: කින‍්නු ඛො අහං ඨිතො, යන‍්නූනාහං නිසීදෙය්‍යන‍්ති. සො නිසීදෙය්‍ය. තස‍්ස එවමස‍්ස: කින‍්නු ඛො අහං නිසින‍්නො, යන‍්නූනාහං නිපජ‍්ජෙය්‍යන‍්ති. සො නිපජ‍්ජෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ පුරිසො ඔළාරිකං ඔළාරිකං ඉරියාපථං අභිනිවජ‍්ජෙත්‍වා සුඛුමං සුඛුමං ඉරියාපථං කප‍්පෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ තස‍්ස චෙ භික‍්ඛුනො තෙසම‍්පි විතක‍්කානං අසති අමනසිකාරං ආපජ‍්ජතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා තෙසං විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකාතබ‍්බං. තස‍්ස තෙසං විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. [4. විතක‍්කමූලභෙදපබ‍්බං.]

මහණෙනි, යම් සේ පුරුෂයෙක් වහා යන්නේ ද, “කුමක් නිසා මම වහා යෙම් ද, මම සෙමෙන් යෙම් නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම සෙමෙන් යන්නේය. “කුමක් නිසා මම සෙමෙන් යෙම් ද, මම සිටින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ සිටින්නේය. “කුමක් නිසා මම සිටියෙම් ද, මම හිඳින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හිඳින්නේය. “කුමක් නිසා මම හුන්නෙම් ද, මම හොවින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හොවින්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමෙ ඉතා දැඩි ඉරියවු දුරු කොට ඉතා සියුම් ඉරියවු පවත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඒ මහණ හට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කළයුතුය. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (4)

7. තස‍්ස චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො තෙසම‍්පි විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකරොතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා දන‍්තෙ’භිදන‍්තමාධාය ජිව‍්හාය තාලුං ආහච‍්ච චෙතසා චිත‍්තං අභිනිග‍්ගණ‍්හිතබ‍්බං අභිනිප‍්පීළෙතබ‍්බං අභිසන‍්තාපෙතබ‍්බං. තස‍්ස දන‍්තෙ’භිදන‍්තමාධාය ජිව‍්හාය තාලුං ආහච‍්ච චෙතසා චිත‍්තං අභිනිග‍්ගණ‍්හතො අභිනිප‍්පීළයතො අභිසන‍්තාපයතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්‍යථාපි භික‍්ඛවෙ බලවා පුරිසො දුබ‍්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්‍වා ඛන්‍ධෙ වා ගහෙත්‍වා අභිනිග‍්ගණ‍්හෙය්‍ය අභිනිප‍්පීළෙය්‍ය අභිසන‍්තාපෙය්‍ය, එවමෙව ඛො භික‍්ඛවෙ තස‍්ස චෙ භික‍්ඛුනො තෙසම‍්පි විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසණ‍්ඨානං මනසිකරොතො උප‍්පජ‍්ජන‍්තෙව පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා දන‍්තෙ’භිදන‍්තමාධාය ජිව‍්හාය තාලුං ආහච‍්ච චෙතසා චිත‍්තං අභිනිග‍්ගණ‍්හතො අභිනිප‍්පීළයතො අභිසන‍්තාපයතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති. [5. අභිනිග‍්ගණ‍්හපබ‍්බං.]

7. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් (යට) දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නාවූ වෙසෙසින් තවන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් ඉතා දුබල වූ පුරුෂයකු හිස හෝ ගෙන කඳ හෝ ගෙන වෙසෙසින් නිගන්නේ ද, වෙසෙසින් පෙළන්නේ ද, වෙසෙසින් තවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. වෙසෙසින් තැවිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුගේ ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් නම් ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (5)

8. යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො යං නිමිත‍්තං ආගම‍්ම යං නිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජන‍්ති පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තස‍්ස තම‍්හා නිමිත‍්තා අඤ‍්ඤං නිමිත‍්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

8. මහණෙනි, යම් තැනෙක පටන් යම් අරමුණක් ගෙන යම් අරමුණක් මෙනෙහි කරන මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ද, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

තෙසම‍්පි විතක‍්කානං ආදීනවං උපපරික‍්ඛතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

ඒ විතර්‍කයන්ගේ ද දෝෂය පරීක්‍ෂා කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

තෙසම‍්පි විතක‍්කානං අසති අමනසිකාරං ආපජ‍්ජතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති. තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

ඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

තෙසම‍්පි විතක‍්කානං විතක‍්කසඞ‍්ඛාරසන්‍ථානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

ඒ විතර්‍කයන්ගේ ද විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

දන‍්තෙ’භිදන‍්තමාධාය ජිව‍්හාය තාලුං ආහච‍්ච චෙතසා චිත‍්තං අභිනිග‍්ගණ‍්හතො අභිනිප‍්පීළයතො අභිසන‍්තාපයතො යෙ පාපකා අකුසලා විතක‍්කා ඡන්‍දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන‍්ති තෙ අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. තෙසං පහානා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සන‍්තිට‍්ඨති සන‍්නිසීදති එකොදි හොති සමාධියති.

යට දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා ගෙණ කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.

අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු වසී විතක‍්කපරියායපථෙසු: යං විතක‍්කං ආකඞ‍්ඛිස‍්සති තං විතක‍්කං විතක‍්කෙස‍්සති, යං විතක‍්කං නාකඞ‍්ඛිස‍්සති න තං විතක‍්කං විතක‍්කෙස‍්සති, අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

මහණෙනි, මේ මහණ තෙමේ විතර්‍කවාරමාර්‍ගයන්හි පුරුදු කරනලද වශීභාවය ඇත්තේ යයි ද, යම් විතර්‍කයක් කැමති වන්නේ නම් ඒ විතර්‍කය විතකන්නේ යයි ද, යම් විතර්‍කයක් නොකැමති වන්නේ නම් ඒ විතර්‍කය නො විතකන්නේ යයි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජන උපුටා හළේ යයි ද, මැනැවින් මානය දුරු කිරීමෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.

විතක‍්කසණ‍්ඨානසුත‍්තං දසමං.

විතක්කසණ්ඨාන සූත්‍රය දසවැනි යි.

සීහනාදවග‍්ගො දුතියො.

දෙවෙනි සීහනාද වර්‍ගය යි.

තස‍්ස වග‍්ගස‍්ස උද‍්දානං:

ඒ වර්‍ගයාගේ උද්දානය:

චූළමහාමිගපොපමනාදා දුක‍්ඛ දුවෙ’පි සහත‍්තනුමානා ඛීලපථා මධුද‍්වෙධවිතක‍්කා පඤ‍්චනිමිත‍්තකථෙස දුතියො:

චූළමහාමිගපොපමනාදා දුක්ඛදුවෙ’පි සහත්තනුමානා ඛීලපථා මධු ද්වෙධ විතක්කා පඤ්චනිමිත්තකථෙස දුතීයො

චූළමහා, ‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා; මිගපඋපමනාදා, මෘගාධිපනාදෝපම නාද ඇති සූත්‍රයෝයැ හෙවත් – චූළසීහනාද මහාසීහනාද සූත්‍රයෝ දෙදෙනයැ; සහත්තනුමානා, (ආත්මප්‍රත්‍යවෙක්‍ෂා හා අනුමාන මාර්‍ග වදහළ) අත්තානුමාන සූත්‍රය සහගත කොට ඇති; දුවෙ දුක්ඛා අපි, (‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා) දුක්ඛ සූත්‍රයෝ දෙදෙන ය හෙවත් – චූළදුක්ඛක්ඛන්‍ධ මහාදුක්ඛක්ඛන්‍ධ යන උභය සූත්‍රයෝ යැ; ඛීලපථා, (‘ඛීල’ ශබ්ද හා ‘පත්ථ’ ශබ්ද හා පරපද කොට සිටුනා) චෙතොඛීල වනපත්ථ සූත්‍රයෝ යැ; මධු ද්වෙධවිතක්කා, මධුපිණ්ඩික ද්වෙධාවිතක්කා සූත්‍රයෝ යැ; පඤ්චනිමිත්තකථා, (“අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා පඤ්ව නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි” යනාදීන් වදාළ) පඤ්චනිමිත්තකථා සූත්‍ර යැ හෙවත් – විතක්කසණ්ඨාන සූත්‍ර යැ යන මොහු නිමියහ එසො දුතියො, තෙල දෙවන වගයි. (“නාමෛකදෙශග්‍රහණෙ නාමග්‍රහණං ස්‍යාත්” යනු න්‍යාය වන හෙයින් ‘ඛීලපත්ථ මධු’ ආදීන් කී නාමෛකදේශයෙන් තත් තත් සූත්‍ර සඞ්ග්‍රහ කොට ගන්නේ යැ; ‘ඛීලපත්ථා’ කියුව මනා තැනැ ‘ඛී’ යන දීර්‍ඝය හා ‘පථා’ යන විසංයෝගය ගාථාබන්ධ සඳහා වෙයි)