වනපත්ථසුත්තං
1. 2. 7.
1. 2. 7.
වනපත්ථසුත්තං
වනපත්ථ සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි, යි භික්ෂූන් ඇමැතූසේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. වනපත්ථපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
2. මහණෙනි, තොපට වනපත් දෙසුමක් දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව, කියමි යි වදාළ සේක. එසේ ය වහන්සැ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
3. ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛොමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බං: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛොමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා රත්තිභාගං වා දිවසභාගං වා තම්හා වනපත්ථා පක්කමිතබ්බං, න වත්ථබ්බං.
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ එක්තරා වනපත් සෙනසුනක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට පළමු නො එළඹ සිටි සිහිය වනපෙත් ඇසුරු කළ ද නො එළඹ සිටියි. පළමු එකඟ නො වූ ද සිත වනපෙත් ඇසුරු කළ ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
4. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි.–
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො ද එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. “මම වනාහි මේ වනපත් ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙමි.
යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. නානුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි තම්හා වනපත්ථා පක්කමිතබ්බං, න වත්ථබ්බං.
පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතුකොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙනබව නුවණින්) දැන ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
5. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි තස්මිං වනපත්ථෙ වත්ථබ්බං, න පක්කමිතබ්බං.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදුවුවත්, මේ වනපත ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද, අනුත්තර අර්හත්ත්වයට පැමිණෙ මි.” මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නිපැදෙනසෙ නුවණින්) දැන ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
6. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන, භික්ඛවෙ, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං:
6. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
“අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා යාවජීවම්පි තස්මිං වනපත්ථෙ වත්ථබ්බං, න පක්කමිතබ්බං.
“මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිමියෙනුදු ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
7. ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නිගමං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නගරං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං ජනපදං උපනිස්සාය විහරති -පෙ-
7. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නියම්ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නුවරක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා ජනවියක් ඇසිරි කොට වෙසෙයි...
8. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා රත්තිභාගං වා දිවසභාගං වා පුග්ගලො අනාපුච්ඡා පක්කමිතබ්බං නානුබන්ධිතබ්බො.
8. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. එක්තරා පුඟුලකු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් ද, ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මා හට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු දුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ නො පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල නො ලුහුබැඳිය යුත්තේ ය.
9. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං:
9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලක්හු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
“අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා: සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි සො පුග්ගලො ආපුච්ඡා පක්කමිතබ්බං නානුබන්ධිතබ්බො.
“මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් සැපයෙත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙන් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්වයට නො පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙන බව නුවණින්) දැන පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල තෙමේ නො නුහුබැඳිය යුත්තේ ය.
10. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො, න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි සො පුග්ගලො අනුබන්ධිතබ්බො, න පක්කමිතබ්බං.
10. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණේ. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය පිඬුවා හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... සෙනසුන් හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්හත්ත්වයට පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් මහණුවන් නිපැදෙන බව (නුවණින් දැන) ඒ පුද්ගල තෙමේ නුහුබැඳිය යුත්තේ යි. බැහැර නොයා යුතු යි.
11. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති, අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා යාවජීවම්පි සො පුග්ගලො අනුබන්ධිතබ්බො, න පක්කමිතබ්බං අපි පනුජ්ජමානෙනපී”ති.
11. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වු ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු ය. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්හත්ත්වයට පැමිණෙමි. පැවිද්දහු විසින් යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිම් කොට ඒ පුද්ගල නුහුබැඳිය යුත්තේ යි. බැහැර කරනු ලබන්නහු විසිනුදු නො යායුතු යි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි සතුටින් පිළිගත්හ.
වනපත්ථසුත්තං සත්තමං.
වනපත්ථ සූත්‍රය සත්වැනි යි.