යෙදුමෙන් කියවන්න

චෙතොඛිලසුත‍්තං

1. 2. 6.

1. 2. 6.

චෙතොඛිලසුත‍්තං

චේතෝඛිල සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2. යස‍්ස කස‍්සචි භික‍්ඛවෙ භික‍්ඛුනො පඤ‍්ච චෙතොඛිලා අප‍්පහීනා, පඤ‍්ච චෙතසො විනිබන්‍ධා අසමුච‍්ඡින‍්නා, සො වතිමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

2. මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසළහු පස්දෙන නො පහ වූහු ද, සිත පිළිබඳ බැඳුම්හු පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

3. කතමස‍්ස පඤ‍්ච චෙතොඛිලා අප‍්පහීනා හොන‍්ති?

3. ඔහුගේ නො පැහු සිත්කසළහු පස්දෙන කවරහු ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඨමො චෙතොඛිලො අප‍්පහීනො හොති.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඒ මහණහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ පළමුවන සිත් කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං දුතියො චෙතොඛිලො අප‍්පහීනො හොති.

4. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මය කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි, නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මය කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං තතියො චෙතොඛිලො අප‍්පහීනො හොති.

5. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.

6. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං චතුත්‍ථො චෙතොඛිලො අප‍්පහීනො හොති.

6. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ සතරවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛිලජාතො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු කුපිතො හොති අනත‍්තමනො ආහතචිත‍්තො ඛිලජාතො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඤ‍්චමො චෙතොඛිලො අප‍්පහීනො හොති.

7. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ප්‍රීතිසෞමනස්‍ය විසින් නොගන්නාලද සිත් ඇතියේ, ගැටුණු සිත් ඇත්තේ, උපන් සිත්කණු ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පස්වන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.

ඉමස‍්ස පඤ‍්ච චෙතොඛිලා අප‍්පහීනා හොන‍්ති.

මොහුගේ සිත පිළිබඳ කසළහු පස්දෙනා ප්‍රහීණ නො වූවාහු වෙත්.

8. කතමස‍්ස පඤ‍්ච චෙතසො විනිබන්‍ධා අසමුච‍්ඡින‍්නා හොන‍්ති.

8. ඔහුගේ සිත පිළිබඳ නො සිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කාමෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු කාමෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඨමො චෙතසො විනිබන්‍ධො අසමුච‍්ඡින‍්නො හොති.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පළමුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.

9. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු කායෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු කායෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං දුතියො චෙතසො විනිබන්‍ධො අසමුච‍්ඡින‍්නො හොති.

9. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර නිතර වැර කිරීම පිණිස කෙලෙස් දැවීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.

10. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු රූපෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු රූපෙ අවීතරාගො හොති අවිගතච‍්ඡන්‍දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ‍්හො, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං තතියො චෙතසො විනිබන්‍ධො අසමුච‍්ඡින‍්නො හොති.

10. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.

11. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං චතුත්‍ථො චෙතසො විනිබන්‍ධො අසමුච‍්ඡින‍්නො හොති.

11. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, හම්මනතාක් කුස් පුරා වළඳා සෙය්‍යසුඛයෙහි (ඇඳ පුටු පහසින් වන සැපයෙහි) පස්සසුඛයෙහි (පෙරළි පෙරළි හෝනාහට වන පාර්ශ්වසුඛයෙහි) මිද්ධසුඛයෙහි (නිදීමෙන් වන සැපයෙහි) යෙදුණේ වෙසෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යුක්තප්‍රයුක්ත ව වෙසේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.

12. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති, තස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං න නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඤ‍්චමො චෙතසො විනිබන්‍ධො අසමුච‍්ඡින‍්නො හොති.

12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.

ඉමස‍්ස පඤ‍්ච චෙතසො විනිබන්‍ධා අසමුච‍්ඡින‍්නා හොන‍්ති.

ඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස් දෙන නො සිඳුණාහු වෙති.

13. යස‍්ස කස‍්ස චි භික‍්ඛවෙ භික‍්ඛුනො ඉමෙ පඤ‍්ච චෙතොඛිලා අප‍්පහීනා, ඉමෙ පඤ‍්ච චෙතසො විනිබන්‍ධා අසමුච‍්ඡින‍්නා, සො වතිමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

13. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරුඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.

14. යස‍්ස කස‍්ස චි භික‍්ඛවෙ භික‍්ඛුනො පඤ‍්ච චෙතොඛිලා පහීනා, පඤ‍්ච චෙතසො විනිබන්‍ධා සුසමුච‍්ඡින‍්නා, සො වතිමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

14. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, චිත්තවිනිබන්‍ධයෝ මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

15. කතමස‍්ස පඤ‍්ච චෙතොඛිලා පහීනා හොන‍්ති?

15. ඔහුගේ කවර නම් සිත් කසළහු පස් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සත්‍ථරි න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඨමො චෙතොඛිලො පහීනො හොති.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.

16. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මෙ න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මෙ න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං දුතියො චෙතොඛිලො පහීනො හොති.

16. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මයෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මයෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.

17. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ඝෙ න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සඞ‍්ඝෙ න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං තතියො චෙතොඛිලො පහීනො හොති.

17. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.

18. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාය න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සික‍්ඛාය න කඞ‍්ඛති න විචිකිච‍්ඡති අධිමුච‍්චති සම‍්පසීදති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං චතුත්‍ථො චෙතොඛිලො පහීනො හොති.

18. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සතරවන සිත් කසළ ප්‍රහීණ වූයේ වෙයි.

19. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු න කුපිතො හොති අත‍්තමනො අනාහතචිත‍්තො අඛිලජාතො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු සබ්‍රහ‍්මචාරීසු න කුපිතො හොති අත‍්තමනො අනාහතචිත‍්තො අඛිලජාතො, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඤ‍්චමො චෙතොඛිලො පහීනො හොති.

19. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.

ඉමාස‍්ස පඤ‍්ච චෙතොඛිලා පහීනා හොන‍්ති.

ඔහුගේ මේ සිත්කසළහු පස් දෙන ප්‍රහීණ වූවාහු වෙත්.

20. කතමස‍්ස පඤ‍්ච චෙතසො විනිබන්‍ධා සුසමුච‍්ඡින‍්නා හොන‍්ති?

20.ඔහුගේ කවර නම් චිත්තවිනිබන්‍ධයෝ පස් දෙනෙක් මොනවට සිඳුණාහු වෙත් ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කාමෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු කාමෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඨමො චෙතසො විනිබන්‍ධො සුසමුච‍්ඡින‍්නො හොති.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.

21. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු කායෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු කායෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං දුතියො චෙතසො විනිබන්‍ධො සුසමුච‍්ඡින‍්නො හොති.

21. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ දෙවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.

22. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු රූපෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො. යො සො භික‍්ඛවෙ භික‍්ඛු රූපෙ වීතරාගො හොති විගතඡන්‍දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ‍්හො, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං තතියො චෙතසො විනිබන්‍ධො සුසමුච‍්ඡින‍්නො හොති.

22. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තුන්වන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.

23. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු න යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු න යාවදත්‍ථං උදරාවදෙහකං භුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං චතුත්‍ථො චෙතසො විනිබන්‍ධො සුසමුච‍්ඡින‍්නො හොති.

23. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, හම්මනතාක් කුස පුරා ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුනේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කුස පිරෙන සේ හම්මනතාක් ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුණේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.

24. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු න අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති. යො සො භික‍්ඛවෙ භික‍්ඛු න අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති, තස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය. යස‍්ස චිත‍්තං නමති ආතප‍්පාය අනුයොගාය සාතච‍්චාය පධානාය, එවමස‍්සායං පඤ‍්චමො චෙතසො විනිබන්‍ධො සුසමුච‍්ඡින‍්නො හොති.

24. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, එක්තරා දේව නිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.

ඉමස‍්ස පඤ‍්ච චෙතසො විනිබන්‍ධා සුසමුච‍්ඡින‍්නා හොන‍්ති.

ඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු වෙත්.

25. යස‍්ස කස‍්ස චි භික‍්ඛවෙ භික‍්ඛුනො ඉමෙ පඤ‍්ච චෙතොඛිලා පහීනා, ඉමෙ පඤ‍්ච චෙතසො විනිබන්‍ධා සුසමුච‍්ඡින‍්නා, සො වතිමස‍්මිං ධම‍්මවිනයෙ වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

25. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත්කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.

26. සො ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. උස‍්සොළ‍්හියෙව පඤ‍්චමී.

26. හෙ ඡන්‍දාධිපති සමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් (උතුම් වීර්‍ය්‍යයෙන්) යුක්ත වූ ඍද්ධි පාදය (ඍද්ධි උපාය) වඩයි. වීර්‍ය්‍යාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. උත්සාහය (හැම තන්හි කටයුතු වීර්‍ය්‍යය) පස්වැනි වෙයි.

27. ස ඛො සො භික‍්ඛවෙ එවං උස‍්සොළ‍්හී පන‍්නරසඞ‍්ගසමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො අභිනිබ‍්භිදාය, භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය. සෙය්‍යථාපි භික‍්ඛවෙ කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වා, තානස‍්සු කුක‍්කුටියා සම‍්මා අධිසයිතානි, සම‍්මා පරිසෙදිතානි, සම‍්මා පරිභාවිතානි, කිඤ‍්චාපිතස‍්සා කුක‍්කුටියා න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය: අහො වතිමෙ කුක‍්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජෙය්‍යුන‍්ති. අථ ඛො භබ‍්බාව තෙ කුක‍්කුට පොතකා පාදනඛ සිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං. එවමෙව ඛො භික‍්ඛවෙ එවං උස‍්සොළ‍්හී පන‍්නරසඞ‍්ගසමන‍්නාගතො භික‍්ඛු භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො අභිනිබ‍්භිදාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමායාති.

27. මහණෙනි, මෙසේ වීර්‍ය්‍යය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ. මහණෙනි, යම්සේ කිකිළියකට බීජ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වේ ද, ඒ බීජයෝ කිකිළිය විසින් මොනවට මතුයෙහි හෝනා ලද්දාහු මොනවට උණුසුම් කිරීමෙන් හිදවන ලද්දාහු කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙත් ද, හුදෙක් ඒ කිකිළියට මාගේ කුකුළු පැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙබඳු ඉච්ඡායෙක් නො උපදනේ ය. එතෙකුදු වුවත් ඒ සියලු කුකුළුපැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නට නිසි වූවාහු ම වෙත්. මහණෙනි, එපරිද්දෙන් ම මෙසේ උත්සාහය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්හ.

චෙතොඛිලසුත‍්තං ඡට‍්ඨං.

චේතෝඛිල සූත්‍රය සවැනි යි.