අනුමානසුත්තං
1. 2. 5.
1. 2. 5.
අනුමානසුත්තං
අනුමාන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: පවාරෙති චෙපි ආවුසො භික්ඛු වදන්තු මං ආයස්මන්තො, වචනීයොම්හි ආයස්මන්තෙහීති. සො ච හොති දුබ්බචො දොවචස්සකරණීයෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛො නං සබ්රහ්මචාරී න චෙව වත්තබ්බං මඤ්ඤන්ති. න ච අනුසාසිතබ්බං මඤ්ඤන්ති න ච තස්මිං පුග්ගලෙ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්ෂූන් ඇමැතූහු. ඒ භික්ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්වච වූයේ දුර්වචභාවය කරන (මතු එන සොළොස්) ධර්මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.
2. කතමෙ චාවුසො දොවචස්සකරණා ධම්මා?
2. ඇවැත්නි, දුර්වචභාවය කරන ධර්මයෝ කවරහ?
ඉධාවුසො භික්ඛු පාපිච්ඡො හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො භික්ඛු පාපිච්ඡො හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයම්පි ධම්මො දොවචස්සකරණො. (1)
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපේච්ඡ වූයේ, ලාමකඉච්ඡාවන්ගේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ ලමු ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (1)
3. පුන චපරං ආවුසො භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී. යම්පාවුසො භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (2)
3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා දක්නේ පරා හෙළා වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (2)
4. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධාභිභූතො. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධාභිභූතො, අයම්පි ධම්මො දොවචස්සකරණො. (3)
4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (3)
5. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු උපනාහී. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු උපනාහී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (4)
5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (4)
6. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (5)
6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (5)
7. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයම්පි ධම්මො දොවචස්සකරණො. (6)
7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (6)
8. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං පටිප්ඵරති. යම්පාවුසො භික්ඛු චොදිතො චොදකෙන චොදකං පටිප්ඵරති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (7)
8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටුනේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට ප්‍රත්‍යනීක ව සිටී ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (7)
9. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං අපසාදෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං අපසාදෙති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (8)
9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගටා ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (8)
10. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (9)
10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට වටාලා චෝදනා කරයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (9)
11. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (10)
11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (10)
12. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (11)
12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (11)
13. පුන චපරං ආවුසො භික්ඛු මක්ඛී හොති පළාසී. යම්පාවුසො භික්ඛු මක්ඛී හොති පළාසී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (12)
13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (12)
14. පුන චපරං ආවුසො භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී. යම්පාවුසො භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (13)
14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (13)
15. පුන චපරං ආවුසො භික්ඛු සඨො හොති මායාවී. යම්පාවුසො භික්ඛු සඨො හොති මායාවී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (14)
15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (14)
16. පුන චපරං ආවුසො භික්ඛු ථද්ධො හොති අතිමානී. යම්පාවුසො භික්ඛු ථද්ධො හොති අතිමානී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (15)
16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (15)
17. පුන චපරං ආවුසො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යම්පාවුසො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (16)
17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ හරනට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුර්වචභාවය කරන ධර්මයෙකි. (16)
ඉමෙ වුච්චන්තාවුසො දොවචස්සකරණා ධම්මා.
ඇවැත්නි, මොහු (සොළස) දුර්වචභාවය කරන ධර්මයෝ යැ යි කියනු ලැබෙත්.
18. නො චෙපි ආවුසො භික්ඛු පවාරෙති: වදන්තු මං ආයස්මන්තො, වචනීයොම්හි ආයස්මන්තෙහීති. සො ච හොති සුවචො සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛො නං සබ්රහ්මචාරී වත්තබ්බඤ්චෙව මඤ්ඤන්ති. අනුසාසිතබ්බඤ්ච මඤ්ඤන්ති. තස්මිඤ්ච පුග්ගලෙ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.
18. ඇවැත්නි, මහණ “මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වා”යි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.
19. කතමෙ චාවුසො, සොවචස්සකරණා ධම්මා?
19. ඇවැත්නි, සුවචභාවය කරන ධර්මයෝ කවරහ?
ඉධාවුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයම්පි ධම්මො සොවචස්සකරණො.
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
20. පුන චපරං ආවුසො භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී. යම්පාවුසො භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
20. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
21. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො, අයම්පි ධම්මො සොවචස්සකරණො.
21. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
22. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
22. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
23. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
23. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
24. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයම්පි ධම්මො සොවචස්සකරණො.
24. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නිකුත් නො කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නො විහිදනුයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
25. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
25. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටියි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටීද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
26. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න අපසාදෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න අපසාදෙති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
26. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටාද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
27. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
27. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
28. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
28. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො පිළිසොයයි. කථාව බැහැර නො කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො වසා ද, කථාව බැහැර නො නෙරා ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
29. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ සම්පායති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ සම්පායති. අයම්පි ධම්මො සොවචස්සකරණො.
29. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැක්කේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැකි වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
30. පුන චපරං ආවුසො භික්ඛු අමක්ඛී හොති අපළාසී. යම්පාවුසො භික්ඛු අමක්ඛී හොති අපළාසී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
30. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
31. පුන චපරං ආවුසො භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී. යම්පාවුසො භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
31. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
32. පුන චපරං ආවුසො භික්ඛු අසඨො හොති අමායාවී. යම්පාවුසො භික්ඛු අසඨො හොති අමායාවී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
32. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
33. පුන චපරං ආවුසො භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී. යම්පාවුසො භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
33. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
34. පුන චපරං ආවුසො භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී. යම්පාවුසො භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
34. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්මයෙකි.
ඉමෙ වුච්චන්තාවුසො සොවචස්සකරණා ධම්මා.
ඇවැත්නි, මොහු (සොළස) සුවචභාවය කරන ධර්මයෝ යි කියනු ලැබෙත්.
35. තත්රාවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං අනුමිනිතබ්බං: “යො ඛ්වායං පුග්ගලො පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා න පාපිච්ඡො භවිස්සාමි න පාපිකානං ඉච්ඡානං වසං ගතොති චිත්තං උප්පාදෙතබ්බං.
35. ඇවැත්නි, මේ සොළොස් වැදෑරුම් ධර්මයෙහි ලා මහණහු විසින් තමා ම මෙසේ තුලනා කටයුතුයි: (සසඳා තීරණය කටයුතුයි: ) “යම් මේ පුද්ගලයෙක් පාපේච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වන්නෙමි. අමනාප වන්නෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නාවූ මහණහු විසින් “පාපේච්ඡා නැත්තෙම් ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වන්නෙමි”යි සිත ඉපිදවිය යුතු ය.
36. “යො ඛ්වායං පුග්ගලො අත්තුක්කංසකො පරවම්භී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං අත්තුක්කංසකො පරවම්භී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘අනත්තුක්කංසකො භවිස්සාමි අපරවම්භී’ති චිත්තං උප්පාදෙතබ්බං.
36. “යම් මේ පුද්ගලයෙක් වනාහි තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් තමා හුවා දක්නෙම් පරා හෙළා දක්නෙම් වන්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
37. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධාභිභූතො, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධාභිභූතො, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා, ‘න කොධනො භවිස්සාමි න කොධාභිභූතො’ති චිත්තං උප්පාදෙතබ්බං.
37. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධයෙන් නො මඩනා ලද්දෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
38. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධහෙතු උපනාහී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධහෙතු උපනාහී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධහෙතු උපනාහී’ති චිත්තං උප්පාදෙතබ්බං.
38. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම් ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධය හේතු කොට බද්ධවෛර නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
39. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධහෙතු අභිසඞ්ගී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධහෙතු අභිසඞ්ගී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධහෙතු අභිසඞ්ගී’ති චිත්තං උප්පාදෙතබ්බං.
39. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගැටෙනසුලු වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මම ද ක්‍රෝධ කරන සුල්ලෙම් වෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට නො ගැටෙන සුල්ලෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
40. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “න කොධනො භවිස්සාමි. න කොධසාමන්තා වාචං නිච්ඡාරෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
40. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරනසුලු වූයෙම් ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නො නිකුත් කරමි” යි සිත ඉපදවිය යුතු ය.
41. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන පටිප්ඵරති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකං පටිප්ඵරෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
41. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටී ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පටහැනි ව සිටින්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො පටහැනි ව සිටින්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.
42. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන චොදකං අපසාදෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකං අපසාදෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන චොදකං න අපසාදෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
42. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහා ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයා ගරහම් නම්, “මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො ගරහමි” යි සිත ඉපදවිය යුතු ය.
43. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
43. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයාට පෙරළා චෝදනා කරන්නෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පෙරළා චෝදනා නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
44. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරෙය්යං බහිද්ධා කථං අපනාමෙය්යං කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සාමි. න බහිද්ධා කථං අපනාමෙස්සාමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
44. “යම් මේ පුද්ගලයෙක් වනාහි ද, චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසා ද, බැහැරට කථාව නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් නම්, බැහැරට කථාව නතු කරම් නම්, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි, බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
45. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන අපදානෙ න සම්පායෙය්‍යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන අපදානෙ සම්පායිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
45. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැකි වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියමි” යි සිත ඉපදවිය යුතු ය.
46. “යො ඛ්වායං පුග්ගලො මක්ඛී පළාසී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං මක්ඛී පළාසී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අමක්ඛී භවිස්සාමි අපළාසී”ති චිත්තං උප්පාදෙතබ්බං.
46. “යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණ මකන්නේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ගුණ මකන්නෙම් යුගග්‍රාහ ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ගුණ නො මකන්නෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
47. “යො ඛ්වායං පුග්ගලො ඉස්සුකී මච්ඡරී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං ඉස්සුකී මච්ඡරී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අනිස්සුකී භවිස්සාමි අමච්ඡරී”ති චිත්තං උප්පාදෙතබ්බං.
47. “යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්ෂ්‍යා කරන්නේ මසුරු බැව් ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ඊර්ෂ්‍යා කරන්නෙම්, මසුරු බැව් ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ඊර්ෂ්‍යා නො කරන්නෙම්, නො මසුරු බැව් ඇත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
48. “යො ඛ්වායං පුග්ගලො සඨො මායාවී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං සඨො මායාවී අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අසඨො භවිස්සාමි අමායාවී”ති චිත්තං උප්පාදෙතබ්බං.
48. “යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් කෛරාටික වූයෙම් මායා ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “කෛරාටික නො වූයෙම්, මායා නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
49. “යො ඛ්වායං පුග්ගලො ථද්ධො අතිමානී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං ථද්ධො අතිමානී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා “අත්ථද්ධො භවිස්සාමි අනතිමානී”ති චිත්තං උප්පාදෙතබ්බං.
49. “යම් මේ පුද්ගලයෙක් වනාහි තදබැව් ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “නො තදබැව් ඇත්තෙම් අධිකමාන නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
50. “යො ඛ්වායං පුග්ගලො සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා “අසන්දිට්ඨිපරාමාසී භවිස්සාමි අනාධානගාහී සුප්පටිනිස්සග්ගී”ති චිත්තං උප්පාදෙතබ්බං.
50. “යම් මේ පුද්ගලයෙක් වනාහි ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ, බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, බැහැර කිරීමට නො හැකි වූයෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැකි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
51. තත්රාවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “පාපිච්ඡො ඛොම්හි පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි පාපිච්ඡො න පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
51. ඇවැත්නි, එහි ලා මහණහු විසින් “කිම, මම පාපේච්ඡා ඇත්තෙම් වෙම් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙම් දැ”යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම පාපේච්ඡා ඇත්තෙම් නො වෙමි. ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
52. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි අත්තුක්කංසකො පරවම්භී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්තුක්කංසකො ඛොම්හි පරවම්භී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනත්තුක්කංසකො ඛොම්හි අපරවම්භී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
52. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙම්” දැ යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
53. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධාභිභූතො”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධාභිභූතො”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධාභිභූතො”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
53. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙම්” දැයි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
54. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධහෙතු උපනාහී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධහෙතු උපනාහී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධහෙතු උපනාහී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
54. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
55. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධහෙතු අභිසඞ්ගී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධහෙතු අභිසඞ්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො කොධහෙතු අභිසඞ්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
55. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙන්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
56. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
56. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
57. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකං පටිප්ඵරාමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං පටිප්ඵරාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං න පටිප්ඵරාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
57. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව නො සිටිමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
58. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකං අපසාදෙමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං අපසාදෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං න අපසාදෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
58. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා නො ගරහමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
59. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකස්ස පච්චාරොපෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකස්ස න පච්චාරොපෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
59. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
60. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි. න බහිද්ධා කථං අපනාමෙමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
60. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් ද, බැහැරට කථාව නතු කෙරෙම් ද කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසමි. බැහැරට කථාව නතු කෙරෙමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
61. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන අපදානෙ න සම්පායාමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අපදානෙ න සම්පායාමී”ති, තෙනාවුසො, භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අපදානෙ සම්පායාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
61. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට හැක්කෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
62. “පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි මක්ඛී පළාසී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “මක්ඛී ඛොම්හි පළාසී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අමක්ඛී ඛොම්හි අපළාසී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
62. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙමි”යි දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
63. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ඉස්සුකී මච්ඡරී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ඉස්සුකී ඛොම්හි මච්ඡරී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනිස්සුකී ඛොම්හි අමච්ඡරී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
63. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ඊර්ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ඊර්ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්ෂ්‍යා ඇත්තෙම් නො වෙමි. මසුරුබැව් ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
64. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සඨො මායාවී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “සඨො ඛොම්හි මායාවී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අසඨො ඛොම්හි අමායාවී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
64. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටික වූයෙම්, මායා ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
65. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ථද්ධො අතිමානී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ථද්ධො ඛොම්හි අතිමානී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථද්ධො ඛොම්හි අනතිමානී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
65. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම නො තදබැව් ඇත්තෙම්, අධිකමාන නැත්තෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
66. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “සන්දිට්ඨිපරාමාසී ඛොම්හි ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අසන්දිට්ඨිපරාමාසී ඛොම්හි අනාධානගාහී සුප්පටිනිස්සග්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
66. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැක්කෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
67. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා සබ්බෙසං යෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
67. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ නො පැහූ මේ සියලු ලාමක අකුශල ධර්මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ සියලු ලාමක අකුශල ධර්මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
68. සෙය්යථාපි ආවුසො ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා තෙනෙව අත්තමනො හොති: “ලාභා වත මෙ, පරිසුද්ධං වත මෙ”ති. එවමෙව ඛො ආවුසො සචෙ භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා සබ්බෙසංයෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසූති.
68. ඇවැත්නි, යම්සේ තරුණ වූ යොවුන් විය ඇති සැරසීම සැහැවි කොට ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු හාත්පසින් බබලන කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිති බලන්නේ ඉදින් එහි රජස් හෝ හටගත් තලකැලැල් ඈ දොසක් හෝ දකී ද, එම රජස් හෝ දොස් හෝ දුරුකිරීම පිණිස වෑයම් කෙරේ ද, ඉදින් එහි රජස් හෝ දොස් හෝ නො දකී නම්, “මට ඒකාන්තයෙන් ලාභයෙක, මාගේ මුව පිරිසිදු ය”යි එයින් ම සතුටු වේ ද, එසේ ම ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ නො පැහූ මේ ලාමක අකුශල ධර්මයන් තමා තුළ දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක ධර්මයන්ගේ ප්රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් වනාහි මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ ලාමක අකුශල ධර්මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
ඉදමවොචායස්මා මහාමොග්ගල්ලානො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති.
ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
අනුමානසුත්තං පඤ්චමං.
අනුමාන සූත්‍රය පස්වැනි යි.