අනුමානසුත්තවණ්ණනා අට්ඨකථා
අනුමානසුත්තවණ්ණනා
අනුමාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අනුමානසුත්තං. තත්ථ භග්ගෙසූති එවංනාමකෙ ජනපදෙ, වචනත්ථො පනෙත්ථ වුත්තානුසාරෙනෙව වෙදිතබ්බො. සුසුමාරගිරෙති එවංනාමකෙ නගරෙ. තස්ස කිර නගරස්ස වත්ථුපරිග්ගහදිවසෙ අවිදූරෙ උදකරහදෙ සුංසුමාරො සද්දමකාසි, ගිරං නිච්ඡාරෙසි. අථ නගරෙ නිට්ඨිතෙ සුංසුමාරගිරං ත්වෙවස්ස නාමං අකංසු. භෙසකළාවනෙති භෙසකළානාමකෙ වනෙ. “භෙසගළාවනෙ”තිපි පාඨො. මිගදායෙති තං වනං මිගපක්ඛීනං අභයදින්නට්ඨානෙ ජාතං, තස්මා මිගදායොති වුච්චති.
එවම්මෙසුතං යි අනුමාණ සූත්‍රයයි. එහි භග්ගෙසු එනම් ජනපදයෙහි, මෙහි වචනාර්ථය කී අනුසාරයෙන්ම දතයුතු. සුංසුමාරගිරෙ එනම නගරයෙහි, ඒ නගර වස්තුව ගන්නා දිනයෙහි, නොදුරු තන්හි දිය විලක කිඹුලෙක් ශබ්ද කළේල. වචන කීයේල. එකල නගර නිර්මාණය කරන කල්හි ‘සුංසුමාරගිර’ යයි එයට නම් කළාහුය. භෙසකලා වනෙ භෙසකලා නම් වනයෙහි ‘භෙසකලා වනෙ’ යනු ද පාඨයි. මිගදායෙ ඒ පෙදෙස මුව පක්ෂීන්ට අභය දුන් තැන පිහිටියේය. එහෙයින් මිගදාය යයි කියනු ලැබේ.
පවාරෙතීති ඉච්ඡාපෙති. වදන්තූති ඔවාදානුසාසනිවසෙන වදන්තු, අනුසාසන්තූති අත්ථො. වචනීයොම්හීති අහං තුම්හෙහි වත්තබ්බො, අනුසාසිතබ්බො ඔවදිතබ්බොති අත්ථො. සො ච හොති දුබ්බචොති සො ච දුක්ඛෙන වත්තබ්බො හොති, වුත්තො න සහති. දොවචස්සකරණෙහීති දුබ්බචභාවකාරකෙහි උපරි ආගතෙහි සොළසහි ධම්මෙහි. අප්පදක්ඛිණග්ගාහී අනුසාසනින්ති යො හි වුච්චමානො තුම්හෙ මං කස්මා වදථ, අහං අත්තනො කප්පියාකප්පියං සාවජ්ජානවජ්ජං අත්ථානත්ථං ජානාමීති වදති. අයං අනුසාසනිං පදක්ඛිණතො න ගණ්හාති, වාමතො ගණ්හාති, තස්මා අප්පදක්ඛිණග්ගාහීති වුච්චති.
පවාරෙති කැමති කරවයි. වදන්තු අවවාද අනුශාසනා වශයෙන් කියත්වා! අවවාද කෙරෙත්වා. අනුශාසනා කෙරෙත්වා! යන අර්ථයි. සොච හොති දුබ්බචො හෙතෙමේ ද දුකසේ කියයුතු වූයේ වෙයි. කියන ලද්දේ නොඉවසයි. දොවචස්ස කරණෙහි දුර්වච බව කරන්නා වූ, මත්තෙහි ආ සොළොස් ධර්මයන්ගෙන් අප්පදක්ඛිණග්ගාහි අනුසාසති යම්හෙයකින් යමක් කියන්නේ තෙපි මට කුමක් හෙයින් කියවුද? මම තමාහට කැප අකැප වරද නිවරද වැඩ අවැඩ දනිමියි කියාද, මෙතෙම අනුශාසනාව දකුණින් නො ගනීද, වමතින්ම ගනීද, එහෙයින් ‘අප්පදක්ඛිණග්ගාහී’ යයි කියනු ලැබේ.
පාපිකානං ඉච්ඡානන්ති ලාමකානං අසන්තසම්භවනපත්ථනානං. පටිප්ඵරතීති පටිවිරුද්ධො, පච්චනීකො හුත්වා තිට්ඨති, අපසාදෙතීති කිං නු ඛො තුය්හං බාලස්ස අබ්යත්තස්ස භණිතෙන, ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤිස්සසීති එවං ඝට්ටෙති. පච්චාරොපෙතීති, ත්වම්පි ඛොසි ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං තාව පටිකරොහීති එවං පටිආරොපෙති.
පාපිකානං ඉචඡානං ලාමක වූ අසත් සම්භාවන ප්‍රාර්ථනාවන්ගේ පටිප්ඵරති ප්රතිවිරුද්ධව සතුරුව සිටී. අපසාදෙති බාල වූ, අව්‍යක්ත වූ තොප විසින් කියන ලද්දේ කුමක්ද? තෙපිද කිය යුතුයයි සිතූයෙහි යයි මෙසේ ගැටුම් ඇතිකරයි. පච්චාරොපෙති ඔබත් මෙනම් ඇවතට පැමිණියේ වෙහි පළමු කොට එයට පිළියම් කරවයි මෙසේ පෙරළා ආරෝපණය කෙරෙයි.
අඤ්ඤෙනඤ්ඤං පටිචරතීති අඤ්ඤෙන කාරණෙන වචනෙන වා අඤ්ඤං කාරණං වචනං වා පටිච්ඡාදෙති. “ආපත්තිං ආපන්නොසී”ති වුත්තෙ “කො ආපන්නො, කිං ආපන්නො, කිස්මිං ආපන්නො, කං භණථ, කිං භණථා”ති වා වදති. “එවරූපං කිඤ්චි තයා දිට්ඨ”න්ති වුත්තෙ “න සුණාමී”ති සොතං වා උපනෙති. බහිද්ධා කථං අපනාමෙතීති “ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නොසී”ති පුට්ඨො “පාටලිපුත්තං ගතොම්හී”ති වත්වා පුන “න තව පාටලිපුත්තගමනං පුච්ඡාම, ආපත්තිං පුච්ඡාමා”ති වුත්තෙ “තතො රාජගෙහං ගතොම්හී”ති, රාජගෙහං වා යාහි බ්රාහ්මණගෙහං වා, ආපත්තිං ආපන්නොසීති. තත්ථ මෙ සූකරමංසං ලද්ධන්තිආදීනි වදන්තො කථං බහිද්ධා වික්ඛිපති.
අඤ්ඤෙන අඤ්ඤං පටිචරති අනිත් කරුණකින් හෝ වචනයකින්, අනෙක් කරුණක් හෝ වචනයක් වසයි. ‘ඇවතට පැමිණියෙහි’ කී කල්හි කවරෙක් පැමිණියේද? කුමකට පැමිණියේද? කොහි පැමිණියේද? කවරෙකුට කියවුද? කුමක් කියයිදැයි කියයි. මෙබඳු වූ කිසිවක් තා විසින් දක්නා ලදදැයි කී කල්හි නො අසමියි කන හෝ එළවයි. බහිද්ධා කථං අපනාමෙති මෙනම් ඇවතට පැමිණියේ වෙහිද?යි විචාරන ලද්දේ පැළලුප් නුවරට ගියෙමියි කියා, යළිත් තොපගේ පැළලුප් නුවර ගමන නො විචාරමි. ඇවත විචාරමු කියන ලද්දේ එයින් රජගෙදරට ගියෙමියි කියයි. රජ ගෙදරට හෝ බමුණු ගෙදරට යව, ඇවතට පැමිණියේ වෙහි යි. එහිදී ඌරුමස් ලද්දේය යනාදිය කියමින් කථාව බැහැර විසුරුවයි.
අපදානෙති අත්තනො චරියාය. න සම්පායතීති, ආවුසො, ත්වං කුහිං වසසි, කං නිස්සාය වසසීති වා, යං ත්වං වදෙසි “මයා එස ආපත්තිං ආපජ්ජන්නො දිට්ඨො”ති. ත්වං තස්මිං සමයෙ කිං කරොසි, අයං කිං කරොති, කත්ථ වා ත්වං අච්ඡසි කත්ථ වා අයන්තිආදිනා නයෙන චරියං පුට්ඨො සම්පාදෙත්වා කථෙතුං න සක්කොති.
අපදානෙ තමාගේ චරිතයෙහි න සමපායති ඇවැත්නි, ඔබ කොහි වෙසෙහිද? කවරක් නිසා වෙසෙයිද? හෝ මා විසින් ඇවතට පැමිණෙන්නා වූ මෙතෙම දක්නා ලදැයි’ තෙපි යමෙකුට කීයෙහිද? මෙතෙම කුමක් කෙරේද? එකල්හි තෙපි කුමක් කෙරෙහිද? යළි තෙපි කොහි වූයෙහිද? මෙතෙමේ කොහි වූයේද? හෝ මේ ආදී වශයෙන් චරිතය විචාරන ලද්දේය. සකස්කොට කියන්නට නොහැකි වෙයි.
තත්රාවුසොති, ආවුසො, තෙසු සොළසසු ධම්මෙසු. අත්තනාව අත්තානං එවං අනුමිනිතබ්බන්ති එවං අත්තනාව අත්තා අනුමෙතබ්බො තුලෙතබ්බො තීරෙතබ්බො.
තත්රාවුසො ඇවැත්නි, ඒ සොළොස් ධර්මයන්හි අත්තනාව අත්තානං එවං අනුමිතිතබ්බං මෙසේ තමන් විසින්ම තෙමේ ම ප්‍රමාණ කළයුතු, තුලනය කළයුතු, තීරණය කළයුතු
පච්චවෙක්ඛිතබ්බන්ති පච්චවෙක්ඛිතබ්බො. අහොරත්තානුසික්ඛිනාති දිවාපි රත්තිම්පි සික්ඛන්තෙන, රතිඤ්ච දිවා ච කුසලෙසු ධම්මෙසු සික්ඛන්තෙන පීතිපාමොජ්ජමෙව උප්පාදෙතබ්බන්ති අත්ථො.
පච්චවෙක්ඛිතබ්බා ප්රත්යවේක්ෂා කළයුතු, අහො රත්තානු සික්ඛිනා දවල් ද, රෑද හික්මෙන්නාහු විසින්, රෑ ද දවල්ද කුසල්දහම්හි හික්මෙන්නාහු විසින් ප්‍රීති ප්‍රමෝදයම ඉපදවිය යුතුය යන අර්ථයි.
අච්ඡෙ වා උදකපත්තෙති පසන්නෙ වා උදකභාජනෙ. මුඛනිමිත්තන්ති මුඛපටිබිම්බං. රජන්ති ආගන්තුකරජං. අඞ්ගණන්ති තත්ථ ජාතකං තිලකං වා පිළකං වා. සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙති ඉමිනා සබ්බප්පහානං කථෙසි. කථං? එත්තකා අකුසලා ධම්මා පබ්බජිතස්ස නානුච්ඡවිකාති පටිසඞ්ඛානං උප්පාදයතො හි පටිසඞ්ඛානප්පහානංකථිතං හොති. සීලං පදට්ඨානං කත්වා කසිණපරිකම්මං ආරභිත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙන්තස්ස වික්ඛම්භනප්පහානං කථිතං. සමාපත්තිං පදට්ඨානං කත්වා විපස්සනං වඩ්ඪෙන්තස්ස තදඞ්ගප්පහානං කථිතං. විපස්සනං වඩ්ඪෙත්වා මග්ගං භාවෙන්තස්ස සමුච්ඡෙදප්පහානං කථිතං. ඵලෙ ආගතෙ පටිප්පස්සද්ධිප්පහානං, නිබ්බානෙ ආගතෙ නිස්සරණප්පහානන්ති එවං ඉමස්මිං සුත්තෙ සබ්බප්පහානං කථිතංව හොති.
අච්ඡෙ වා උදපත්තෙ ති පැහැදිළි දිය බඳුනෙක හෝ මුඛ නිමිත්තං මුව පිළිබිඹුව, රජං ආගන්තුක දූවිලි, අංගණං එහි හටගත් තිලකයක් හෝ කැළලක් (ගඩුවක්) හෝ සබ්බෙපි මෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීණෙ මෙයින් සියළු ප්රහාණය වදාළහ. කෙසේද මෙතෙක් අකුසල ධර්මයෝ පැවිද්දා සුදුසු නොවෙති. ප්රත්යවේක්ෂාව උපදවන්නහුට ප්රත්යවේක්ෂා ප්රහාණය වදාරන ලද්දේය. ශීලය පදස්ථාන කොටගත් කිසුණු පිරියම් ආරම්භ කර ධ්‍යාන සමවත් උපදන්නහුට (විෂ්කම්භන ප්රහාණය) ධ්‍යාන ලැබීමෙන් පංච නීවරණ දුරුකිරීම වදාරන ලදහ. සමාපත්තිය මූලාරම්භය කොට විදර්ශනා වඩන්නහුට තදංග ප්රහාණය කියන ලදී. ඵලයට පැමිණි පැමිණි කල්හි පටිප්පස්සද්ධි ප්රහාණය (සතර ශ්‍රාමණ්‍යඵල මාර්ගයෙන් කෙලෙස් ප්‍රහීණ කිරීම) කියන ලදී. නිවනට පැමිණි කල්හි නිස්සරණ ප්රහාණය ද මෙසේ මේ සූත්‍රයෙන් සියළු ප්රහාණයන් කියන ලද්දේය.
ඉදඤ්හි සුත්තං භික්ඛුපාතිමොක්ඛං නාමාති පොරාණා වදන්ති. ඉදං දිවසස්ස තික්ඛත්තුං පච්චවෙක්ඛිතබ්බං. පාතො එව වසනට්ඨානං පවිසිත්වා නිසින්නෙන “ඉමෙ එත්තකා කිලෙසා අත්ථි නු ඛො මය්හං නත්ථී”ති පච්චවෙක්ඛිතබ්බා. සචෙ අත්ථීති පස්සති, තෙසං පහානාය වායමිතබ්බං. නො චෙ පස්සති, සුපබ්බජිතොස්මීති අත්තමනෙන භවිතබ්බං. භත්තකිච්චං කත්වා රත්තිට්ඨානෙ වා දිවාට්ඨානෙ වා නිසීදිත්වාපි පච්චවෙක්ඛිතබ්බං. සායං වසනට්ඨානෙ නිසීදිත්වාපි පච්චවෙක්ඛිතබ්බං. තික්ඛත්තුං අසක්කොන්තෙන ද්වෙ වාරෙ පච්චවෙක්ඛිතබ්බං. ද්වෙ වාරෙ අසක්කොන්තෙන පන අවස්සං එකවාරං පච්චවෙක්ඛිතබ්බං, අප්පච්චවෙක්ඛිතුං න වට්ටතීති වදන්ති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
මේ සූත්‍රය භික්ෂු ප්රාතිමෝක්ෂය යයි පෞරාණිකයෝ කියති. මෙය දවසට තුන්වරක් ප්රත්යවේක්ෂා කටයුතුය. උදෑසන වසන තැනට පිවිස හුන්නහු විසින් මේ මෙපමණ කෙලෙස් මට ඇත්ද නැත්දැයි සිහියෙන් කල්පනා කළ යුතුය. ඉදින් ඇතැයි දක්නේ නම්, ඔවුන්ගේ දුරලීම සඳහා වෑයම් කළ යුතුය. ඉදින් නොදකී නම් මනා පැවිද්දෙක්මි යි සතුටුවිය යුතුය. බක්කිස නිමවා රාත්රීස්ථානයෙහි හෝ දිවාස්ථානයේ හිඳ ප්රත්යවේක්ෂා කටයුතුය. සවස් යාමයේ වසන තැන සිට ප්රත්යවේක්ෂ කටයුතුය. තෙවරක් නොහැක්කේ නම්, දෙවරක් හෝ දෙවරක් නොහැක්කේ නම් එක්වරක් වත් අවශ්‍යයෙන්ම ප්රත්යවේක්ෂා කළ යුතුය. ප්රත්යවේක්ෂා නොකරන්ට නොවටීමයි. සෙස්ස සියලු තන්හි කියන ලද පරිද්දෙන්ම නොගැඹුරු අර්ථ ඇති වේ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අනුමානසුත්තවණ්ණනා නිට්ඨිතා.
අනුමාණ සූත්‍ර වර්ණනාව නිමියේය.