යෙදුමෙන් කියවන්න

චෙතොඛිලසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

චෙතොඛිලසුත‍්තවණ‍්ණනා

චෙතොඛිල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චෙතොඛිලසුත‍්තං. තත්‍ථ චෙතොඛිලාති චිත‍්තස‍්ස ථද‍්ධභාවා කචවරභාවා ඛාණුකභාවා. චෙතසො විනිබන්‍ධාති චිත‍්තං බන්‍ධිත්‍වා මුට‍්ඨියං කත්‍වා විය ගණ‍්හන‍්තීති චෙතසො විනිබන්‍ධා. වුද‍්ධින‍්තිආදීසු සීලෙන වුද‍්ධිං, මග‍්ගෙන විරුළ‍්හිං, නිබ‍්බානෙන වෙපුල‍්ලං. සීලසමාධීහි වා වුද‍්ධිං, විපස‍්සනාමග‍්ගෙහි විරුළ‍්හිං, ඵලනිබ‍්බානෙහි වෙපුල‍්ලං. සත්‍ථරි කඞ‍්ඛතීති සත්‍ථු සරීරෙ වා ගුණෙ වා කඞ‍්ඛති. සරීරෙ කඞ‍්ඛමානො ද‍්වත‍්තිංසවරලක‍්ඛණප‍්පටිමණ‍්ඩිතං නාම සරීරං අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති, ගුණෙ කඞ‍්ඛමානො අතීතානාගතපච‍්චුප‍්පන‍්නජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති. විචිකිච‍්ඡතීති විචිනන‍්තො කිච‍්ඡති, දුක‍්ඛං ආපජ‍්ජති, විනිච‍්ඡෙතුං න සක‍්කොති. නාධිමුච‍්චතීති එවමෙතන‍්ති අධිමොක‍්ඛං න පටිලභති. න සම‍්පසීදතීති ගුණෙසු ඔතරිත්‍වා නිබ‍්බිචිකිච‍්ඡභාවෙන පසීදිතුං, අනාවිලො භවිතුං න සක‍්කොති. ආතප‍්පායාති කිලෙසසන‍්තාපකවීරියකරණත්‍ථාය. අනුයොගායාති පුනප‍්පුනං යොගාය. සාතච‍්චායාති සතතකිරියාය පධානායාති පදහනත්‍ථාය. අයං පඨමො චෙතොඛිලොති අයං සත්‍ථරි විචිකිච‍්ඡාසඞ‍්ඛාතො පඨමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො, එවමෙතස‍්ස භික‍්ඛුනො අප‍්පහීනො හොති.

එවම්මෙසුතං යනු චේතෝඛීල සූත්‍රයයි. එහි චෙතොඛිලා යනු සිතෙහි තද බැව්, කසළ බැව්, කණු බැව් යනුයි. චෙතසො විනිබද්ධා සිත බැඳ එකමිටට ගනිත්නුයි ‘චෙතසො විනිබද්ධ’ නම් වේ. වුද්ධිං යනු සීලයෙන් වැඩීමට, මාර්ගයෙන් නැගීමට, නිර්වාණයෙන් විපුලබවට, නොහොත් සීල සමාධීන්ගෙන් වැඩීමට, විදර්ශනා මාර්ගයෙන් නැගීමට, ඵල නිර්වාණයන්ගෙන් විපුල බවට, සත්‍ථරි කංඛති ශාස්තෲන්ගේ ශරීරය ගැන හෝ ගුණය ගැන සැක කෙරෙයි. ශරීරය පිළිබඳව සැක කරන්නේ උතුම් වූ දෙතිස් ලකුණෙන් පිරි ශරීරයක් ඇත්දැයි නැත්දැයි සැක කෙරෙයි. ගුණය පිළිබඳව සැක කරන්නේ අතීත අනාගත වර්තමාන දැනීමෙහි සමත් වූ සර්වඥතා ඥානය ඇත්දැයි හෝ නැත්දැයි සැක කෙරෙයි. විචිකිච්ඡති විමසමින් වෙහෙසෙයි. දුකට පැමිණෙයි. විනිශ්චය කරන්නට නො හැකි වෙයි. නාධිමුච්ඡති මෙය මෙසේ යයි නිශ්චයට නො පැමිණෙයි. නසම්පසීදති ගුණයන් නිසා නුවණින් පිවිස නිසැක බවින් පහදින්නට නො කැළඹුනෙක් වන්නට නො හැකි වෙයි. ආතප්පාය කෙලෙස් තවන වීර්යය කරන්නට, අනුයොගාය නැවත නැවත යෙදෙන්නට සාතච්චාය සත්තක්‍රියා කරන්නට, පධානාය, ප්‍රධන් වීර්යය වඩන්නට, අයං පඨමො චෙතොඛිලො මේ ශාස්තෲන් කෙරෙහි සැක සහිත වූ පළමුවන සිතෙහි තදබව, මෙසේ මේ භික්‍ෂුවගේ අප්‍රහීණ වූයේ වේ.

ධම‍්මෙති පරියත‍්තිධම‍්මෙ ච පටිවෙධධම‍්මෙ ච. පරියත‍්තිධම‍්මෙ කඞ‍්ඛමානො, තෙපිටකං බුද‍්ධවචනං චතුරාසීති ධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති වදන‍්ති, අත්‍ථි නු ඛො එතං නත්‍ථීති කඞ‍්ඛති. පටිවෙධධම‍්මෙ කඞ‍්ඛමානො විපස‍්සනානිස‍්සන්‍දො මග‍්ගො නාම, මග‍්ගනිස‍්සන්‍දො ඵලං නාම, සබ‍්බසඞ‍්ඛාරපටිනිස‍්සග‍්ගො නිබ‍්බානං නාමාති වදන‍්ති. තං අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති.

ධම්මෙ පරියාප්ති ධර්මයේ ද, ප්‍රතිවේධ ධර්මයේ ද, පරියාප්ති ධර්මය පිළිබඳව සැක කරන්නේ, ත්‍රිපිටක බුද්ධ වචනය. සුවාසුදහසක් ධර්මස්කන්ධය යයි කියති. මෙය ඇද්ද නැද්දැයි සැක කිරීමයි. ප්‍රතිවේධ ධර්මය පිළිබඳව සැක කරන්නේ විදර්ශනානිසංස මාර්ගය නමි. මාර්ගානිසංස ඵලය නම් සියලු සංස්කාරයන්ගේ දුරලීම නිර්වාණය නමැයි කියයි. එය ඇද්ද නැද්දැයි සැක කරයි.

සඞ‍්ඝෙ කඞ‍්ඛතීති සුප‍්පටිපන‍්නොතිආදීනං පදානං වසෙන එවරූපං පටිපදං පටිපන‍්නා චත‍්තාරො මග‍්ගට‍්ඨා චත‍්තාරො ඵලට‍්ඨාති අට‍්ඨන‍්නං පුග‍්ගලානං සමූහභූතො සඞ‍්ඝො නාම, සො අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති. සික‍්ඛාය කඞ‍්ඛමානො අධිසීලසික‍්ඛා නාම අධිචිත‍්තසික‍්ඛා නාම අධිපඤ‍්ඤාසික‍්ඛා නාමාති වදන‍්ති. සා අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති. අයං පඤ‍්චමොති අයං සබ්‍රහ‍්මචාරීසු කොපසඞ‍්ඛාතො පඤ‍්චමො චිත‍්තස‍්ස ථද‍්ධභාවො කචවරභාවො ඛාණුකභාවො.

සසංඝෙ කංඛති සුපටිපන්න යනාදී පදයන්ගෙන් දැක්වෙන, එබඳු වූ පිළිවෙතට පිළිපන් සතර මාර්ගස්ථයෝය. සතරඵලයට පැමිණි ඇත්තෝය. අෂ්ට ආර්ය පුද්ගලයන්ගේ සමූහය වූ සංඝයා ඇත්තේද නැත්තේදැයි සැක කරයි. ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්‍ෂා, අධිචිත්ත ශික්‍ෂා, අධිපඤ්ඤා ශික්‍ෂා නම් වේ. ඒ ශික්‍ෂා ඇද්ද නැද්දැයි සැක කරයි. අයං පඤ්චමො මේ සබ්‍රම්සරුන් කෙරෙහි කෝපසංඛ්‍යාත වූ පස්වැනි සිතේ තදබව, කසළ බව කණුහුල් බව වේ.

විනිබන්‍ධෙසු කාමෙති වත්‍ථුකාමෙපි කිලෙසකාමෙපි. කායෙති අත‍්තනො කායෙ. රූපෙති බහිද‍්ධා රූපෙ. යාවදත්‍ථන‍්ති යත‍්තකං ඉච‍්ඡති, තත‍්තකං. උදරාවදෙහකන‍්ති උදරපූරං. තඤ‍්හි උදරං අවදෙහනතො උදරාවදෙහකන‍්ති වුච‍්චති. සෙය්‍යසුඛන‍්ති මඤ‍්චපීඨසුඛං, උතුසුඛං වා. පස‍්සසුඛන‍්ති යථා සම‍්පරිවත‍්තකං සයන‍්තස‍්ස දක‍්ඛිණපස‍්සවාමපස‍්සානං සුඛං හොති, එවං උප‍්පන‍්නසුඛං. මිද‍්ධසුඛන‍්ති නිද‍්දාසුඛං. අනුයුත‍්තොති යුත‍්තපයුත‍්තො විහරති.

විනිබද්ධයන්හි කාමෙ වස්තු කාමයෙහි ද ක්ලේශ කාමයෙහි ද කායෙ තමාගේ ශරීරයෙහි, රූපෙ බාහිර රූපයෙහි, යාවදත්‍ථං යම්තාක් කැමතිවේද ඒතාක්, උදරාව දෙහකං බඩපුරා - එය වනාහි උදරය පිරීම කරන හෙයින් ‘උදරාව දෙහකං’ යයි කියනු ලැබේ. සෙය්‍යසුඛං ඇඳ පුටු සුවය ද සෘතුසුවය ද පස්සසුඛං දකුණු පැත්තට වම් පැත්තට පෙරලෙමිනි. නිදන්නහුට යම් සුවයක් වේද එන්සේ උපන් සුවය මිද්ධසුඛං නිදි සුවය, අනුයුත්තො විඳිමින් මනාව විඳිමින් වෙසේද,

පණිධායාති පත්‍ථයිත්‍වා. සීලෙනාතිආදීසු සීලන‍්ති චතුපාරිසුද‍්ධිසීලං. වතන‍්ති වතසමාදානං. තපොති තපචරණං. බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරති. දෙවො වා භවිස‍්සාමීති මහෙසක‍්ඛදෙවො වා භවිස‍්සාමි. දෙවඤ‍්ඤතරො වාපි අප‍්පෙසක‍්ඛදෙවෙසු වා අඤ‍්ඤතරො.

පණිධාය ප්‍රාර්ථනා කොට, සීලෙන යනාදියෙහි සීලං චතුපාරිශුද්ධි ශීලය, වතං සමාදානය, තපො තපස් රැකීම, බ්‍රහ්මචරියං මෛථුන විරතිය, දෙවො වා භවිස්සාමි මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. දෙවඤ්ඤතරො වා අල්පේශාක්‍ය දෙවියන් කෙරෙහි හෝ එක්තරා කෙනෙක්,

ඉද‍්ධිපාදෙසු ඡන්‍දං නිස‍්සාය පවත‍්තො සමාධි ඡන්‍දසමාධි. පධානභූතා සඞ‍්ඛාරා පධානසඞ‍්ඛාරා. සමන‍්නාගතන‍්ති තෙහි ධම‍්මෙහි උපෙතං. ඉද‍්ධියා පාදං, ඉද‍්ධිභූතං වා පාදන‍්ති ඉද‍්ධිපාදං. සෙසෙසුපි එසෙව නයො, අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ ආගතො යෙව. විසුද‍්ධිමග‍්ගෙපිස‍්ස අත්‍ථො දීපිතො. ඉති ඉමෙහි චතූහි ඉද‍්ධිපාදෙහි වික‍්ඛම‍්භනප‍්පහානං කථිතං. උස‍්සොළ‍්හීයෙව පඤ‍්චමීති එත්‍ථ උස‍්සොළ‍්හීති සබ‍්බත්‍ථ කත‍්තබ‍්බවීරියං දස‍්සෙති.

සෘද්ධිපාදයන්හි ඡන්‍දය නිසා පැවති සමාධිය ඡන්‍ද සමාධි නමි. ප්‍රධාන වූ සංස්කාරයෝ පධාන සංඛාර නම් වෙති. සමන්නාගතං ඒ ධර්මයන්ගෙන් යුක්ත වූ, සෘද්ධියගේ පාදය නොහොත් සෘද්ධි වූ පාදය ඉද්ධිපාද නමි. ඉතිරි කරුණු සඳහා ද මෙම න්‍යායමැයි. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වනාහි ඉද්ධිපාද විභංගයෙහි ආයේමය. විශුද්ධි මාර්ගයෙහි මේ පදයන්හි අර්ථ දක්වන ලදී. මෙසේ මෙම සතර සෘද්ධිපාදයන්හි විෂ්කම්භණ ප්‍රහාණය රූපාවචර ධ්‍යාන ලැබීමෙන් පංච නීවරණ දුරුකිරීම කියන ලද්දේය. උස්සොළ්හියෙව පඤ්චමී එහි උස්සොළ්හී යන්නෙන් සියළු තන්හි කටයුතු වීර්යය දක්වයි.

උස‍්සොළ‍්හීපන‍්නරසඞ‍්ගසමන‍්නාගතොති පඤ‍්ච චෙතොඛිලප‍්පහානානි පඤ‍්ච විනිබන්‍ධප‍්පහානානි චත‍්තාරො ඉද‍්ධිපාදා උස‍්සොළ‍්හීති එවං උස‍්සොළ‍්හියා සද‍්ධිං පන‍්නරසහි අඞ‍්ගෙහි සමන‍්නාගතො. භබ‍්බොති අනුරූපො, අනුච‍්ඡවිකො. අභිනිබ‍්භිදායාති ඤාණෙන කිලෙසභෙදාය. සම‍්බොධායාති චතුමග‍්ගසම‍්බොධාය. අනුත‍්තරස‍්සාති සෙට‍්ඨස‍්ස. යොගක‍්ඛෙමස‍්සාති චතූහි යොගෙහි ඛෙමස‍්ස අරහත‍්තස‍්ස. අධිගමායාති පටිලාභාය. සෙය්‍යථාති ඔපම‍්මත්‍ථෙ නිපාතො. පීති සම‍්භාවනත්‍ථෙ. උභයෙනපි සෙය්‍යථාපි නාම, භික‍්ඛවෙති දස‍්සෙති.

උස්සොළ්හි පත්තර සංග සමන්නාගතො පංච චෙතොඛීල ප්‍රහාණයෝය. පංච විනිබද්ධ ප්‍රහාණයෝය. සතර සෘද්ධිපාදයෝය. වීර්යය යයි මෙසේ වීර්යය සමග පසළොස් අංගයකින් සමන්විත වූයේ, භබ්බො අනුරූප වූයේ, සුදුසු වූයේ, අභිනිබ්භිදාය නුවණින් කෙළෙස් බිඳීම පිණිස, සම්බොධාය සතර මාර්ගයන්හි අවබෝධය පිණිස, අනුත්තරස්ස ශ්‍රේෂ්ඨ වූ, යොගක්ඛෙමස්ස සතර යෝගයන්ගෙන් උපද්‍රව රහිත වූ, රහත් බැව්හී අධිගමාය ප්‍රතිලාභය පිණිස. සෙය්‍යථා උපමා අර්ථයෙහි නිපාතයි. පී යනු සම්භාවනාර්ථයෙහිය. ‘දෙකින්ම මහණෙනි, යම් සේ නම්’ යනු දක්වයි.

කුක‍්කුටියා අණ‍්ඩානි අට‍්ඨ වා දස වා ද‍්වාදස වාති එත්‍ථ පන කිඤ‍්චාපි කුක‍්කුටියා වුත‍්තප‍්පකාරතො ඌනාධිකානිපි අණ‍්ඩානි හොන‍්ති, වචනසිලිට‍්ඨතාය පන එවං වුත‍්තං. එවඤ‍්හි ලොකෙ සිලිට‍්ඨං වචනං හොති. තානස‍්සූති තානි අස‍්සු, භවෙය්‍යුන‍්ති අත්‍ථො. කුක‍්කුටියා සම‍්මා අධිසයිතානීති තාය ජනෙත‍්තියා කුක‍්කුටියා පක‍්ඛෙ පසාරෙත්‍වා තෙසං උපරි සයන‍්තියා සම‍්මා අධිසයිතානි. සම‍්මා පරිසෙදිතානීති කාලෙන කාලං උතුං ගාහාපෙන‍්තියා සුට‍්ඨු සමන‍්තතො සෙදිතානි උස‍්මීකතානි. සම‍්මා පරිභාවිතානීති කාලෙන කාලං සුට‍්ඨු සමන‍්තතො භාවිතානි, කුක‍්කුටගන්‍ධං ගාහාපිතානීති අත්‍ථො. කිඤ‍්චාපි තස‍්සා කුක‍්කුටියාති තස‍්සා කුක‍්කුටියා ඉමං තිවිධකිරියාකරණෙන අප‍්පමාදං කත්‍වා කිඤ‍්චාපි න එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජෙය්‍ය. අථ ඛො භබ‍්බාව තෙති අථ ඛො තෙ කුක‍්කුටපොතකා වුත‍්තනයෙන සොත්‍ථිනා අභිනිබ‍්භිජ‍්ජිතුං භබ‍්බාව. තෙ හි යස‍්මා තාය කුක‍්කුටියා එවං තීහාකාරෙහි තානි අණ‍්ඩානි පරිපාලීයමානානි න පූතීනි හොන‍්ති. යොපි නෙසං අල‍්ලසිනෙහො, සොපි පරියාදානං ගච‍්ඡති, කපාලං තනුකං හොති, පාදනඛසිඛා ච මුඛතුණ‍්ඩකඤ‍්ච ඛරං හොති, සයං පරිපාකං ගච‍්ඡති, කපාලස‍්ස තනුත‍්තා බහි ආලොකො අන‍්තො පඤ‍්ඤායති, තස‍්මා “චිරං වත මයං සඞ‍්කුටිතහත්‍ථපාදා සම‍්බාධෙ සයිම‍්හා, අයඤ‍්ච බහි ආලොකො දිස‍්සති, එත්‍ථ දානි නො සුඛවිහාරො භවිස‍්සතී”ති නික‍්ඛමිතුකාමා හුත්‍වා කපාලං පාදෙන පහරන‍්ති, ගීවං පසාරෙන‍්ති, තතො තං කපාලං ද‍්වෙධා භිජ‍්ජති. අථ තෙ පක‍්ඛෙ විධුනන‍්තා තඞ‍්ඛණානුරූපං විරවන‍්තා නික‍්ඛමන‍්තියෙව, නික‍්ඛමිත්‍වා ච ගාමක‍්ඛෙත‍්තං උපසොභයමානා විචරන‍්ති.

කුක්කුටියා අණ්ඩාති අට්ඨවා දසවා ද්වාදසවා මෙහි කිකිළියගේ කියන ලද ආකාරයෙන් අඩුවැඩි ඌනාධික වූ ද බිජුවට වෙති. වචනයෙහි සිලුටු බව පිණිස මෙය කියන ලදී. මෙසේ ලෝකයෙහි සිලුටු වචන වෙයි. තානස්සු තානි+අස්සු වන්නාහුය යන අර්ථයි. කුක්කුටියා සම්මා අධිසයිතානි ඒ මව වූ කිකිළිය පියාපත් විහිදුවා ඒ බිජුවට මතුයෙහි සයනය කරන්නෙහි, මනාකොට මතුයෙහි හෝනා ලද්දීය. සම්මා පරිසෙදිතානි කලින් කල ඍතු ගන්වන්නිය විසින් මනාකොට තෙත් කරන්නී, උණුසුම් කරන්නී, සම්මා පරිභාවිතානි කලින් කල මනාකොට හාත්පස භාවිත කරන්නී කුකුළු ගඳ ගන්වන ලද්දී යන අර්ථයි. කිඤ්චාපි තස්සා කුක්කුටියා එම කිකිළිය විසින් මෙහි තුන් පරිද්දෙකින් ක්‍රියා කිරීමෙන් අප්‍රමාදය කොට (පමා නොවී) ද, ඒ කිකිළියට මෙවැනි කැමැත්තක් නූපදනේය. අථ ඛො භබ්බාව තෙ ඉක්බිති ඒ කුකුළු අටුව කියන ලද ආකාරයෙන් සුවසේ පිටත නික්මෙන්නට සුදුසු වූවාහුමය. යම්හෙයකින් ඔවුන් එම කිකිළිය විසින් මෙසේ තුන් ආකාරයකින් ඒ බිත්තර පරිපාලනය කරන්නේ කුණු නොවෙත්ද? ඔවුන්ගේ යම් තෙත් වූ දිය ගතියක් වේද? එය වියලි බවට යේද? කටුව තුනී වේද? එබැවින් දෙස, නිය, කොණ්ඩය, (කුඩුම්බිය) මුව තුඩ ආදිය රළු වේද? තුමුත් මේරිමට යේද? කටුව තුනී බැවින් පිටත ආලෝකය ඇතුළතට පෙන්ද? එහෙයින් ඒකාන්තයෙන් අපි බොහෝ කලක් හකුළන ලද අත් පා ඇත්තමෝ සම්බාධයෙහි ශයනය කළෙමු. දැන් මේ පිටත ආලෝකය පෙනේ. එහි දැන් අපට සැපවිහරණය වන්නේයයි නික්මෙනු කැමතිව කටුව පයින් පහරති. කර දිගු කරති. එවිට ඒ කටුව දෙකක්ම බිඳෙයි. එකල්හි ඔව්හූ පියාපත් සලමින් ඒ මොහොතට ගැලපෙන සේ නාද කරමින් නික්මෙත්මය. නික්මී ගම් කෙත් හොබවමින් හැසිරෙත්.

එවමෙව ඛොති ඉදං ඔපම‍්මසම‍්පටිපාදනං. තං එවං අත්‍ථෙන සංසන්‍දෙත්‍වා වෙදිතබ‍්බං – තස‍්සා කුක‍්කුටියා අණ‍්ඩෙසු තිවිධකිරියාකරණං විය හි ඉමස‍්ස භික‍්ඛුනො උස‍්සොළ‍්හීපන‍්නරසෙහි අඞ‍්ගෙහි සමන‍්නාගතභාවො. කුක‍්කුටියා තිවිධකිරියාසම‍්පාදනෙන අණ‍්ඩානං අපූතිභාවො විය පන‍්නරසඞ‍්ගසමන‍්නාගතස‍්ස භික‍්ඛුනො තිවිධානුපස‍්සනාසම‍්පාදනෙන විපස‍්සනාඤාණස‍්ස අපරිහානි. තස‍්සා තිවිධකිරියාකරණෙන අණ‍්ඩානං අල‍්ලසිනෙහපරියාදානං විය තස‍්ස භික‍්ඛුනො තිවිධානුපස‍්සනාසම‍්පාදනෙන භවත‍්තයානුගතනිකන‍්තිසිනෙහපරියාදානං. අණ‍්ඩකලාපානං තනුභාවො විය භික‍්ඛුනො අවිජ‍්ජණ‍්ඩකොසස‍්ස තනුභාවො. කුක‍්කුටපොතකානං පාදනඛමුතුණ‍්ඩකානං ථද‍්ධඛරභාවො විය භික‍්ඛුනො විපස‍්සනාඤාණස‍්ස තික‍්ඛඛරවිප‍්පසන‍්නසූරභාවො. කුක‍්කුටපොතකානං පරිණාමකාලො විය භික‍්ඛුනො විපස‍්සනාඤාණස‍්ස පරිණාමකාලො වඩ‍්ඪිතකාලො ගබ‍්භග‍්ගහණකාලො. කුක‍්කුටපොතකානං පාදනඛසිඛාය වා මුඛතුණ‍්ඩකෙන වා අණ‍්ඩකොසං පදාලෙත්‍වා පක‍්ඛෙ පප‍්ඵොටෙත්‍වා සොත්‍ථිනා අභිනික‍්ඛමනකාලො විය තස‍්ස භික‍්ඛුනො විපස‍්සනාඤාණගබ‍්භං ගණ‍්හාපෙත්‍වා විචරන‍්තස‍්ස තජ‍්ජාතිකං උතුසප‍්පායං වා භොජනසප‍්පායං වා පුග‍්ගලසප‍්පායං වා ධම‍්මස‍්සවනසප‍්පායං වා ලභිත්‍වා එකාසනෙ නිසින‍්නස‍්සෙව විපස‍්සනං වඩ‍්ඪෙන‍්තස‍්ස අනුපුබ‍්බාධිගතෙන අරහත‍්තමග‍්ගෙන අවිජ‍්ජණ‍්ඩකොසං පදාලෙත්‍වා අභිඤ‍්ඤාපක‍්ඛෙ පප‍්ඵොටෙත්‍වා සොත්‍ථිනා අරහත‍්තප‍්පත‍්තකාලො වෙදිතබ‍්බො.

එවමෙවඛො යන මෙය උපමා ප්‍රතිපාදනයයි. එය මෙසේ අර්ථය හා සසඳා දතයුතුය. ඒ කිකිළියගේ බිත්තර විෂයෙහි ත්‍රිවිධ ක්‍රියා කිරීම මෙන් මේ භික්‍ෂුවගේ වීර්යය පසළොස් වැනි කොට ඇති අංගයන්ගෙන් සමන්විත වේ. කිකිළියගේ ත්‍රිවිධ ක්‍රියා සම්පාදනයෙන් බිජුවට කුණු නොවන්නාක් මෙන් පසළොස් අංගයන්ගෙන් යුත් මහණහුගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයෙන්, විදර්ශනා ඥානයාගේ නො පිරිහීම වෙයි. කිකිළියගේ ත්‍රිවිධ ක්‍රියාකරණයෙන් බිජුවටවල තෙත් දිය ක්‍ෂයවීම මෙන්, මහණහුගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයෙන් භවත්‍රයානුගත වූ නිකාන්ති ස්නේහයාගේ ක්‍ෂයවීම වෙයි. බිජුවට පාලනයෙන් බිජුවට කටු තුනී වන්නාක් මෙන් භික්‍ෂූහුගේ අවිද්‍යා නමැති අණ්ඩකෝෂයාගේ තුනී බව ඇති වෙයි. කුකුළු පැටවුන්ගේ පා, නිය, තුඩුවල තදබව මෙන් ඒ භික්‍ෂූහුගේ විදර්ශනා ඥානය පිළිබඳ තියුණු රළු පැහැදුනු බව වේ. කුකුළු පැටවුන්ගේ බිහිකිරීම් කාලය මෙන් භික්‍ෂූහුගේ විදර්ශනා ඤාණය පිළිබඳ පිරිනැමුණු කාලය, වැඩුණු කාලය, ගැබ්ගන්නා කාලය වෙයි. කුකුළු පැටවුන්ගේ පා නියසිළින් හෝ මුවතුඩින් අණ්ඩකෝෂය (බිත්තර කටුව) පලා පියා සුවසේ නික්මෙන කාලය මෙන් ඒ භික්‍ෂූහුගේ විදර්ශනා ඥානය ගැබ් ගන්වා හැසිරෙන්නාහු තද්ජාතික වූ ඍතු පහසුව හෝ භෝජන පහසුව හෝ පුද්ගල පහසුව හෝ ධර්මශ්‍රවණ පහසුව හෝ ලැබ එක් අසුනක හුන්නාහුම, විදර්ශනා වඩන්නහුගේ පිළිවෙළින් පැමිණෙන ලද රහත් මගින් අවිද්‍යා අණ්ඩකෝෂය පලා අභිඥා නමැති පියා විහිදුවා, සුවසේ රහත් බවට පැමිණි කාලය දතයුතු.

යථා පන කුක‍්කුටපොතකානං පරිණතභාවං ඤත්‍වා මාතාපි අණ‍්ඩකොසං භින්‍දති, එවං තථාරූපස‍්ස භික‍්ඛුනො ඤාණපරිපාකං ඤත්‍වා සත්‍ථාපි –

යම් සේ කුකුළු පැටවුන් මුහු කළ බව දැන මවුතොමෝත් අණ්ඩකෝෂය බිඳී ද? එපරිද්දෙන් එබඳු භික්‍ෂූහුගේ නුවණ බිහිකිරීම දැන ශාස්තෲන් වහන්සේ ද,

“උච‍්ඡින්‍ද සිනෙහමත‍්තනො, කුමුදං සාරදිකංව පාණිනා; සන‍්තිමග‍්ගමෙව බ්‍රූහය, නිබ‍්බානං සුගතෙන දෙසිත”න‍්ති. (ධ· ප· 285) –

උච්ඡින්‍ද සිනෙහ මත්තනො - කුමුදං සාරදිකංව පාණිනා සන්ති මග්ගමෙව බ්‍රෑහය - නිබ්බාණ සුගතෙන දෙසිතං

සරත් කාලයෙහි උපන් කුමුදු මල් අතින් සිඳින්නාක් මෙන්, තමාගේ තෘෂ්ණා සංඛ්‍යාත ස්නේහය සිඳුව. නිර්වාණගාමී වූ අෂ්ඨාංගික මාර්ගයව වඩව, සුගතයන් විසින් නිර්වාණය දේශනා කරන ලද හෙයිනි.

ආදිනා නයෙන ඔභාසං ඵරිත්‍වා ගාථාය අවිජ‍්ජණ‍්ඩකොසං පහරති, සො ගාථාපරියොසානෙ අවිජ‍්ජාණ‍්ඩකොසං භින්‍දිත්‍වා අරහත‍්තං පාපුණාති. තතො පට‍්ඨාය යථා තෙ කුක‍්කුටපොතකා ගාමක‍්ඛෙත‍්තං උපසොභයමානා තත්‍ථ තත්‍ථ විචරන‍්ති, එවං අයම‍්පි මහාඛීණාසවො නිබ‍්බානරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා සඞ‍්ඝාරාමං උපසොභයමානො විචරති.

ආදී වශයෙන් ආලෝකය විහිදුවන්නා වූ ගාථාවකින් අවිද්‍යා අණ්ඩකෝෂය පහකරණ සේක. හෙතෙම ගාථාව අවසානයේ අවිද්‍යා අණ්ඩකෝෂය බිඳ අරහත්වයට පැමිණෙයි. එතැන් පටන් යම් සේ කුකුළු පැටව් ගම් කෙත් හොබවමින් ඒ ඒ තැන හැසිරෙත් ද? එ පරිද්දෙන් මේ මහා ක්‍ෂීණාශ්‍රවයා ද, නිවන් අරමුණු කොට ඇති ඵල සමවතට සමවැද සංඝාරාම හොබවමින් හැසිරෙයි.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ චත‍්තාරි පහානානි කථිතානි. කථං? චෙතොඛිලානඤ‍්හි චෙතොවිනිබන්‍ධානං පහානෙන පටිසඞ‍්ඛානප‍්පපහානං කථිතං, ඉද‍්ධිපාදෙහි වික‍්ඛම‍්භනප‍්පහානං කථිත, මග‍්ගෙ ආගතෙ සමුච‍්ඡෙදප‍්පහානං කථිතං, ඵලෙ ආගතෙ පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං කථිතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මෙසේ මේ සූත්‍රයෙහි සතර ප්‍රහාරණයෝ වදාරණ ලදහ. කෙසේද චේතොඛීලයන්ගේ ද, චේතෝ විනිබද්ධයන්ගේ ද, ප්‍රහාණයෙන් පටිසංඛා ප්‍රහාරණය වදාරණ ලදහ. සෘද්ධිපාදයන්ගේ විෂ්කම්භන ප්‍රහාණයද, මාර්ගය පැමිණි කල්හි සමුච්ඡේද ප්‍රහාණය ද, ඵලය පැමිණි කල්හි ප්‍රතිප්‍රශබ්ධි ප්‍රහාණයද, වදාරණ ලදී. අවශේෂ සියලු තන්හි ප්‍රකට වූ අර්ථ ඇත්තේමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චෙතොඛිලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චේතොඛීල සූත්‍ර වර්ණනාව නිමියේය.