යෙදුමෙන් කියවන්න

වනපත්‍ථසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

වනපත්‍ථසුත‍්තවණ‍්ණනා

වනපත්ථ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති වනපත්‍ථපරියායං. තත්‍ථ වනපත්‍ථපරියායන‍්ති වනපත්‍ථකාරණං, වනපත්‍ථදෙසනං වා.

එවම්මෙසුතං යනු වනපත්‍ථ සූත්‍රයයි. එහි වනපත්‍ථ පරියායන්ති ගමින් නුදුරු සෙනසුනක සිටින කාරණය. ගමින් නුදුරු සෙනසුනක සිට කළ දේශනය වේ.

වනපත්‍ථං උපනිස‍්සාය විහරතීති මනුස‍්සූපචාරාතික‍්කන‍්තං වනසණ‍්ඩසෙනාසනං නිස‍්සාය සමණධම‍්මං කරොන‍්තො විහරති. අනුපට‍්ඨිතාතිආදීසු පුබ‍්බෙ අනුපට‍්ඨිතා සති තං උපනිස‍්සාය විහරතොපි න උපට‍්ඨාති, පුබ‍්බෙ අසමාහිතං චිත‍්තං න සමාධියති, පුබ‍්බෙ අපරික‍්ඛීණා ආසවා න පරික‍්ඛයං ගච‍්ඡන‍්ති, පුබ‍්බෙ අනනුප‍්පත‍්තං අනුත‍්තරං යොගක‍්ඛෙමසඞ‍්ඛාතං අරහත‍්තඤ‍්ච න පාපුණාතීති අත්‍ථො.

වනපත්‍ථ උපනිස්සාය විහරති මිනිසුන්ගේ ඇසුර ඉක්මවන ලද වනලැහැබ් සෙනසුනක් ඇසුරුකොට මහණදම් පුරමින් වාසය කරයි. අනුපටඨිතා යනාදියෙහි පුබ්බෙ අනුපට්ඨිතා සති පෙර නො එළඹ සිටි සිහිය. එය ඇසුරුකොට වසන්නහුට න උපට්ඨාති නො එළඹේද? පුබ්බෙ අසමාහිතං චිත්තං න සමාධියති පෙර සමාධියට නො පැමිණි සිත, සමාධියට නො පැමිණේද? පුබ්බෙ අපරීක්ඛීණා ආසවා න පරික්ඛයං ගච්ඡන්ති පෙර තුනී නො කළ කෙළෙස් ප්‍රහීණයට නොයත්ද? පුබ්බෙ අනනුප්පත්තං අනුත්තරං යොගක්ඛෙම සංඛාතං පෙර නොපැමිණෙන ලද නිරුත්තර වූ යෝගක්‍ෂේම සංඛ්‍යාත වූ අර්හත්වයට නො පැමිණේ ද යන තේරුමයි.

ජීවිතපරික‍්ඛාරාති ජීවිතසම‍්භාරා. සමුදානෙතබ‍්බාති සමාහරිතබ‍්බා. කසිරෙන සමුදාගච‍්ඡන‍්තීති දුක‍්ඛෙන උප‍්පජ‍්ජන‍්ති. රත‍්තිභාගං වා දිවසභාගං වාති රත‍්තිකොට‍්ඨාසෙ වා දිවසකොට‍්ඨාසෙ වා. එත්‍ථ ච රත‍්තිභාගෙ පටිසඤ‍්චික‍්ඛමානෙන ඤත්‍වා රත‍්තිංයෙව පක‍්කමිතබ‍්බං, රත‍්තිං චණ‍්ඩවාළාදීනං පරිබන්‍ධෙ සති අරුණුග‍්ගමනං ආගමෙතබ‍්බං. දිවසභාගෙ ඤත්‍වා දිවාව පක‍්කමිතබ‍්බං, දිවා පරිබන්‍ධෙ සති සූරියත්‍ථඞ‍්ගමනං ආගමෙතබ‍්බං.

ජීවිත පරික්ඛාරා ජීවිත රැකීම පිණිස වූ උපකරණයෝ සමුදානෙ තබ්බා රැස්කළ යුත්තාහ. කසිරෙන සමුදා ගචඡන්ති දුකසේ උපදිත්ද, රත්තිභාගං වා දිවසාභාගංවා දිවා රෑ දෙක්හි, මෙහි රාත්‍රී කාලයේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු රාත්‍රියෙහිම නික්ම යායුතුය. රාත්‍රියෙහි වග වළසුන් ආදීන්ගේ උවදුරු ඇති කල්හි හිරු උදාවීම බලාපොරොත්තු විය යුතුයි. දවල් කාලය දැන දවල් නික්ම යා යුතුයි. දවල් උවදුරු ඇති කල්හි හිරු බැසයාම (අත්ගල් පැමිණීම) බලාපොරොත්තු විය යුතුයි.

සඞ‍්ඛාපීති එවං සමණධම‍්මස‍්ස අනිප‍්ඵජ‍්ජනභාවං ජානිත්‍වා. අනන‍්තරවාරෙ පන සඞ‍්ඛාපීති එවං සමණධම‍්මස‍්ස නිප‍්ඵජ‍්ජනභාවං ජානිත්‍වා.

සංඛාපි මෙසේ මහණදම් නොවැඩෙන බව දැන, වැලි අනතුරු වාරයෙහි සංඛාපි මහණදම් වැඩෙන බව දැන,

යාවජීවන‍්ති යාව ජීවිතං පවත‍්තති, තාව වත්‍ථබ‍්බමෙව.

යාවජීවං දිවි ඇතිතාක් විසිය යුතුයි.

සො පුග‍්ගලොති පදස‍්ස නානුබන්‍ධිතබ‍්බොති ඉමිනා සම‍්බන්‍ධො. අනාපුච‍්ඡාති ඉධ පන තං පුග‍්ගලං අනාපුච‍්ඡා පක‍්කමිතබ‍්බන‍්ති අත්‍ථො.

සො පුග්ගලො යන පදයෙහි නා’නු බන්‍ධිතබ්බො යන මෙය සමග සම්බන්‍ධ වේ. අනාපුච්ඡා මෙහි වනාහි එම පුද්ගලයා නො විචාරා, පක්කමි තබ්බං නික්ම යා යුතුය යන අදහසයි.

සඞ‍්ඛාපීති එවං සමණධම‍්මස‍්ස අනිප‍්ඵජ‍්ජනභාවං ඤත්‍වා සො පුග‍්ගලො නානුබන්‍ධිතබ‍්බො, තං ආපුච‍්ඡා පක‍්කමිතබ‍්බං.

සංඛාපි මෙසේ මහණදම් නොවැඩෙන බව දැන, සො පුග්ගලො නානු බන්‍ධිතබ්බො ඒ පුද්ගලයා අනුව ලුහුබැඳීම නො කළ යුතුයි. තං අපුච්ඡා පක්කමි තබ්බං ඔහු විචාරා නික්ම යා යුතු.

අපි පනුජ‍්ජමානෙනාපීති අපි නික‍්කඩ‍්ඪීයමානෙනාපි. එවරූපො හි පුග‍්ගලො සචෙපි දාරුකලාපසතං වා උදකඝටසතං වා වාලිකම‍්බණසතං වා දණ‍්ඩං ආහරාපෙති, මා ඉධ වසීති නික‍්කඩ‍්ඪාපෙති වා, තං තං ඛමාපෙත්‍වා යාවජීවං වත්‍ථබ‍්බමෙවාති.

අපි පනුජ්ජමානෙන’පි බැහැර කරනු ලබන්නහු විසින්ද එය එසේමයි. මෙබඳු පුද්ගලයා දරමිටි සියයක්, දිය කළ සියයක්, වැළි අමුණු සියයක් හෝ දඬුවමක් හෝ නියම කරයි ද, මෙහි නො වසවයි හෝ බැහැර කරයි ද, ඔහු සමා කරවා දිවි ඇති තාක් වාසය කළ යුත්තේමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය වනපත්‍ථපරියායසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

වනපත්‍ථ සූත්‍ර වර්ණනාව නිමියේය.