චූළදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා අට්ඨකථා
චූළදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා
චුළදුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළදුක්ඛක්ඛන්ධසුත්තං. තත්ථ සක්කෙසූති එවංනාමකෙ ජනපදෙ. සො හි ජනපදො සක්යානං රාජකුමාරානං වසනට්ඨානත්තා සක්යාත්වෙව සඞ්ඛ්‍යං ගතො. සක්යානං පන උප්පත්ති අම්බට්ඨසුත්තෙ ආගතාව. කපිලවත්ථුස්මින්ති එවංනාමකෙ නගරෙ. තඤ්හි කපිලස්ස ඉසිනො නිවාසට්ඨානෙ කතත්තා කපිලවත්ථූති වුත්තං, තං ගොචරගාමං කත්වා. නිග්රොධාරාමෙති නිග්රොධො නාම සක්කො, සො ඤාතිසමාගමකාලෙ කපිලවත්ථුං ආගතෙ භගවති අත්තනො ආරාමෙ විහාරං කාරෙත්වා භගවතො නිය්යාතෙසි, තස්මිං විහරතීති අත්ථො.
එවම්මෙසුතං යනු චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රයයි. එහි සක්කෙසු එනම් ජනපදයෙහි, ඒ ජනපදය ශාක්‍යරාජ කුමාරවරුන්ගේ වාසස්ථාන වූ බැවින් ‘සක්ක’ යයි ප්‍රසිද්ධියට පත්විය. ශාක්‍යයන්ගේ උත්පත්ති කථාව අම්බට්ඨ සූත්‍රයේ ආයේමැයි. කපිලවත්ථුස්මිං එනම් නගරයෙහි එය වනාහි කපිල සෘෂීහුගේ නිවාසස්ථානයේ කළ බැවින් ‘කපිලවත්ථු’ යයි කියන ලදී. එය ගොදුරු ගම්කොට නිග්රෝධාරාමෙ නිග්රොධ නම් ශාක්‍යයෙකි. හෙතෙම ඥාති සමාගම් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩමකළ කල්හි තමන්ගේ නගරයට නුදුරුව රෝපණය කළ උද්‍යානයෙහි විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පිදීය. එම විහාරයේ වාසය කරන සේක යන අර්ථයි.
මහානාමොති අනුරුද්ධත්ථෙරස්ස භාතා භගවතො චුළපිතුපුත්තො. සුද්ධොදනො සුක්කොදනො සක්කොදනො ධොතොදනො අමිතොදනොති ඉමෙ පඤ්ච ජනා භාතරො. අමිතා නාම දෙවී තෙසං භගිනී. තිස්සත්ථෙරො තස්සා පුත්තො. තථාගතො ච නන්දත්ථෙරො ච සුද්ධොදනස්ස පුත්තා, මහානාමො ච අනුරුද්ධත්ථෙරො ච සුක්කොදනස්ස. ආනන්දත්ථෙරො අමිතොදනස්ස, සො භගවතො කනිට්ඨො. මහානාමො මහල්ලකතරො සකදාගාමී අරියසාවකො.
මහානාමො අනුරුද්ධ ස්ථවිරයන්ගේ සහෝදරයාය. බුදුන්වහන්සේගේ සුළුපියාගේ පුතාය. සුද්ධෝදන, සුක්කොදන, සක්කොදන, ධොතොදන, අමිතොදන යන පස්දෙන සහෝදරයෝයි. අමිතා නම් දේවිය ඔවුන්ගේ නැගනියයි. තිස්ස තෙර ඇගේ පුත්‍රයාය. තථාගතයන්ද නන්ද ස්ථවිරයන් ද, සුද්ධෝදන රජුගේ පුත්‍රයෝය. මහානාම රජුද අනුරුද්ධ ස්ථවිරයන්ද සුක්කොදන ගේ පුත්‍රයෝය. ආනන්ද ස්ථවිරයන් අමිතෝදනගේ පුත්‍රයාය. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට බාලය, මහානාමට වැඩිමහල්ය. සකෘදාගාමී ආර්ය ශ්‍රාවකයෙකි.
දීඝරත්තන්ති මය්හං සකදාගාමිඵලුප්පත්තිතො පට්ඨාය චිරරත්තං ජානාමීති දස්සෙති. ලොභධම්මාති ලොභසඞ්ඛාතා ධම්මා, නානප්පකාරකං ලොභංයෙව සන්ධාය වදති. ඉතරෙසුපි ද්වීසු එසෙව නයො. පරියාදාය තිට්ඨන්තීති ඛෙපෙත්වා තිට්ඨන්ති. ඉදඤ්හි පරියාදානං නාම “සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං සබ්බං රථකායං සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තංයෙව නං ඔසජ්ජෙය්ය”න්ති (සං· නි· 1.126) එත්ථ ගහණෙ ආගතං. “අනිච්චසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියතී”ති (සං· නි· 3.102) එත්ථ ඛෙපනෙ. ඉධාපි ඛෙපනෙ අධිප්පෙතං. තෙන වුත්තං “පරියාදියිත්වාති ඛෙපෙත්වා”ති.
දීසරත්තං මාගේ සකෘදාගාමී පැමිණිම පටන් බොහෝකල් දනිමියි දක්වයි. ලොභධම්මා ලෝභ සංඛ්‍යාත ධර්මයෝ නානාවිධ ලෝභය සඳහාම කියයි. ඉතිරි දෙතැන්හි ද මෙම ක්‍රමයයි. පරියාදාය තිට්ඨන්ති ක්ෂය කොට සිටිත්. මේ ‘පරියාදානය’ නම් ‘සබ්බං හත්ථිකායං පරියාදියිත්වා, සබ්බං අස්සකායං, සබ්බං රථකායං, සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තං යෙව න අග්ගහෙසි’ යන මෙහි ගැනීමෙහි ආයේය. ‘අනිච්ච සඤ්ඤා භික්ඛවෙ! භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති’ යන මෙහි ක්ෂය කිරීමෙහිය. මෙහි ද ක්ෂය කිරීම අදහස් කර ඇත. එයින් කියන ලදී. ‘පරියාදියිත්වාති ඛෙපෙත්වා’ යනු
යෙන මෙ එකදා ලොභධම්මාපීති යෙන මය්හං එකෙකස්මිං කාලෙ ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තීති පුච්ඡති. අයං කිර රාජා “සකදාගාමිමග්ගෙන ලොභදොසමොහා නිරවසෙසා පහීයන්තී”ති සඤ්ඤී අහොසි, අයං “අප්පහීනං මෙ අත්ථී”තිපි ජානාති, අප්පහීනකං උපාදාය පහීනකම්පි පුන පච්ඡතොවාවත්තතීති සඤ්ඤී හොති. අරියසාවකස්ස එවං සන්දෙහො උප්පජ්ජතීති? ආම උප්පජ්ජති. කස්මා? පණ්ණත්තියා අකොවිදත්තා. “අයං කිලෙසො අසුකමග්ගවජ්ඣො”ති ඉමිස්සා පණ්ණත්තියා අකොවිදස්ස හි අරියසාවකස්සපි එවං හොති. කිං තස්ස පච්චවෙක්ඛණා නත්ථීති? අත්ථි. සා පන න සබ්බෙසං පරිපුණ්ණා හොති. එකො හි පහීනකිලෙසමෙව පච්චවෙක්ඛති. එකො අවසිට්ඨකිලෙසමෙව, එකො මග්ගමෙව, එකො ඵලමෙව, එකො නිබ්බානමෙව. ඉමාසු පන පඤ්චසු පච්චවෙක්ඛණාසු එකං වා ද්වෙ වා නො ලද්ධුං න වට්ටති. ඉති යස්ස පච්චවෙක්ඛණා න පරිපුණ්ණා, තස්ස මග්ගවජ්ඣකිලෙසපණ්ණත්තියං අකොවිදත්තා එවං හොති.
යෙන මෙ එකදා ලොභ ධම්මාපි යම් කරුණකින් එක් කලෙක ලෝභ සංඛ්‍යාත ධර්මයෝ ද මාගේ සිත ක්ෂය කොට සිටිත්දැයි විචාරයි. මේ රජතෙම වනාහි සකෘදාගාමී මාර්ගයෙන් ලෝභ, ද්වේෂ, මෝහයෝ නිරවශේෂ වූවාහු ප්‍රහීණ වූ සංඥා ඇත්තේ විය. හෙතෙම මාගේ කෙලෙස් ප්‍රහීණ වූයේ ඇතැයි ද දනී. අප්‍රහීණ වූ නිසා ප්‍රහීණ වූයේ මුත් පෙරළා එන්නේ යයි හැඟීම් ඇත්තේ වේ. ආර්ය ශ්‍රාවකයන්ට මෙසේ සැකයක් උපදින්නේ ද යත්, එසේය උපදී. කවර හෙයින් ද? ප්‍රඥප්තියෙහි අදක්ෂ හෙයිනි. මේ ක්ලේශයෝ අසවල් මගින් නැසිය යුතු යයි මේ ප්‍රඥප්තියෙහි අදක්ෂ වූ ආර්ය ශ්රාවකයාට මෙසේ සැක උපදී. කිම, ඔහුට ප්රත්යවේක්ෂා නැත්ද? ඇත. එසේ වුවත් සියල්ලන්ටම එය සම්පූර්ණ වූයේ නොවෙයි. සමහරු ප්‍රහීණ වූ දේශයම ප්රත්යවේක්ෂා කරයි. එකක් අවශේෂ වූ ක්ලේශයමය. එකක් මාර්ගයම ය. එකක් ඵලයමය. එකක් නිර්වාණයමය. එසේ වුවත් මේ පංච ප්රත්යවේක්ෂාවන් අතුරෙන් එකක් හෝ දෙකක් නොලබන්නට නොවටී. මෙසේ යම් කෙනෙකුන්ට ප්රත්යවේක්ෂාව පරිපූර්ණ වූයේ නොවේද, ඔහුගේ මාරවධ්ය වූ ක්ලේශ ප්‍රඥප්තියෙහි අදක්ෂ භාවයෙන් මෙසේ වේ.
සො එව ඛො තෙති සොයෙව ලොභො දොසො මොහො ච තව සන්තානෙ අප්පහීනො, ත්වං පන පහීනසඤ්ඤී අහොසීති දස්සෙති. සො ච හි තෙති සො තුය්හං ලොභදොසමොහධම්මො. කාමෙති දුවිධෙ කාමෙ. න පරිභුඤ්ජෙය්යාසීති මයං විය පබ්බජෙය්යාසීති දස්සෙති.
සො එව ඛො තෙ එම ලෝභයද, ද්වේෂය ද, මෝහය ද තොපගේ සන්තානයෙහි, අප්‍රහීණය. ඔබ වනාහී ප්‍රහීණය යන හැඟීම් ඇත්තේ යයි දක්වයි. සොච හි තෙ ඒ තොපගේ ලෝභ ද්වේෂ මෝහ ධර්මය කාමෙ දෙපරිදි වූ කාමයන් පරිභෝග නොකරන්නෙහි නම්, අප මෙන් පැවිදි වන්නෙහි යයි දක්වයි.
අප්පස්සාදාති පරිත්තසුඛා. බහුදුක්ඛාති දිට්ඨධම්මිකසම්පරායිකදුක්ඛමෙවෙත්ථ බහුකං. බහුපායාසාති දිට්ඨධම්මිකසම්පරායිකො උපායාසකිලෙසොයෙවෙත්ථ බහු. ආදීනවොති දිට්ඨධම්මිකසම්පරායිකො උපද්දවො. එත්ථ භිය්යොති එතෙසු කාමෙසු අයං ආදීනවොයෙව බහු. අස්සාදො පන හිමවන්තං උපනිධාය සාසපො විය අප්පො, පරිත්තකො. ඉති චෙපි මහානාමාති මහානාම එවං චෙපි අරියසාවකස්ස. යථාභූතන්ති යථාසභාවං. සම්මා නයෙන කාරණෙන පඤ්ඤාය සුට්ඨු දිට්ඨං හොතීති දස්සෙති. තත්ථ පඤ්ඤායාති විපස්සනාපඤ්ඤාය, හෙට්ඨාමග්ගද්වයඤාණෙනාති අත්ථො.
අප්පස්සාදා මද වූ සුව ඇත්තාහු, බහුදුක්ඛා මෙලොවදී ලබන ඵලය හා පරලොවදී ලබන ඵලය වූ දුක් රැසම මෙහි බොහෝය. බහුපායාසා මෙලොව හා පරලොවදී ලබන ඵලයන් වූ උපද්‍රවම මෙහි බොහෝය. ආදීනවො මෙලොව හා පරලොව උපද්‍රවයන් එත්ථ භීය්‍යො මේ කාමයන්හි ආදීනව මෙහි බොහෝය. ආස්වාදය වූ කලී හිමවත නිසා අබ ඇටයක් මෙන් අල්පය. මද වේ. ඉති චෙපි මහානාම මහානාමය, මෙසේත් ආර්ය ශ්රාවකයා විසින්, යථාභූතං, තත් වූ පරිදි ස්වභාව වූ, සම්මා මනාකොට න්‍යායයෙන් කාරණයෙන්, පඤ්ඤාය ප්‍රඥාවෙන් මොනවට දක්වන ලද වේයයි දක්වයි. එහි පඤ්ඤාය විදර්ශනා ප්‍රඥාවෙන් - අනාගාමී, අරහත් මාර්ග දෙකින් යන අර්ථයි.
සො චාති සො එව මග්ගද්වයෙන දිට්ඨකාමාදීනවො අරියසාවකො. පීතිසුඛන්ති ඉමිනා සප්පීතිකානි ද්වෙ ඣානානි දස්සෙති. අඤ්ඤං වා තතො සන්තතරන්ති තතො ඣානද්වයතො සන්තතරං අඤ්ඤං උපරිඣානද්වයඤ්චෙව මග්ගද්වයඤ්ච. නෙව තාව අනාවට්ටී කාමෙසු හොතීති අථ ඛො සො ද්වෙ මග්ගෙ පටිවිජ්ඣිත්වා ඨිතොපි අරියසාවකො උපරි ඣානානං වා මග්ගානං වා අනධිගතත්තා නෙව තාව කාමෙසු අනාවට්ටී හොති, අනාවට්ටිනො අනාභොගො න හොති. ආවට්ටිනො සාභොගොයෙව හොති. කස්මා? චතූහි ඣානෙහි වික්ඛම්භනප්පහානස්ස, ද්වීහි මග්ගෙහි සමුච්ඡෙදප්පහානස්ස අභාවා.
සොච ඒ දෙමගින් දුටු කාමාදීනව ඇති ආර්ය ශ්‍රාවක තෙමේ පීති සුඛන්ති මෙයින් සප්පීතික වූ ඤාණයන් දෙක දක්වයි. අඤ්ඤං වා සතො සත්ත තරන්ති ඒ ධ්‍යාන දෙකට හෝ වඩා අතිශයින් ශාන්ත වූ, අනෙක් මත්තෙහි ධ්‍යාන දෙකද මාර්ග දෙකද, නෙව තාව අනාවට්ඨි කාමෙසු හොති ඒ දෙමග පිළිබඳ සිටියා වූ ද, ආර්ය ශ්‍රාවක තෙම චතු ධ්‍යානයන්ට හෝ මාර්ගයන්ට හෝ නො පැමිණි බැවින් ඒ තාක් කාමයන්හි නොවැටෙනසුලු වූයේ නොම වෙයි. අනාවර්තන වූයේ අනොභෝග වූයේ නොවෙයි. ආවර්තත සහිත වූයේ ආභෝග සහිත වූයේම වෙයි. කවර හෙයින්ද? සතර ධ්‍යානයෙන් විෂ්කම්භන ප්‍රහාණයාගේ ද අභාවය වන හෙයිනි.
මය්හම්පි ඛොති න කෙවලං තුය්හෙව, අථ ඛො මය්හම්පි. පුබ්බෙව සම්බොධාති මග්ගසම්බොධිතො පඨමතරමෙව. පඤ්ඤාය සුදිට්ඨං හොතීති එත්ථ ඔරොධනාටකා පජහනපඤ්ඤා අධිප්පෙතා. පීතිසුඛං නාජ්ඣගමන්ති සප්පීතිකානි ද්වෙ ඣානානි න පටිලභිං. අඤ්ඤං වා තතො සන්තතරන්ති ඉධ උපරි ඣානද්වයං චෙව චත්තාරො ච මග්ගා අධිප්පෙතා. පච්චඤ්ඤාසින්ති පටිඅඤ්ඤාසිං.
මය්හම්පි ඛො හුදෙක් තොප විසින්ම නොව මා විසින් ද පුබ්බෙව සම්බොධා මාර්ග සම්බෝධියෙන් පළමුකොටම, පඤ්ඤාය සුදිට්ඨං අහොසි ඇතොවුරු නාටකයන් දුරු කිරීමෙහි ප්‍රඥාව අදහස් කරන ලදී. පීති සුඛං නාජ්ඣගමං සප්‍රීතික වූ ධ්‍යානයන් දෙක නොලැබීම. අඤ්ඤංවා සතො සන්තතරං මෙහි මතුයෙහි ධ්‍යානයන් දෙක හා සතර මාර්ග අදහස් කරන ලදී. පච්චඤ්ඤාසිං ප්‍රතිඥා කළෙමි.
එකමිදාහං මහානාම සමයන්ති කස්මා ආරද්ධං? අයං පාටියෙක්කො අනුසන්ධි. හෙට්ඨා කාමානං අස්සාදොපි ආදීනවොපි කථිතො, නිස්සරණං න කථිතං, තං කථෙතුං අයං දෙසනා ආරද්ධා. කාමසුඛල්ලිකානුයොගො හි එකො අන්තො අත්තකිලමථානුයොගො එකොති ඉමෙහි අන්තෙහි මුත්තං මම සාසනන්ති උපරි ඵලසමාපත්තිසීසෙන සකලසාසනං දස්සෙතුම්පි අයං දෙසනා ආරද්ධා.
එකමිදාහං මහානාම සමයන්ති කවර හෙයින් ආරම්භ කළේද, මේ වෙනම අනුසන්ධියෙකි. යට කාමයන්ගේ ආස්වාදය ද, ආදීනවය ද. කියන ලදහ. නිස්සරණය නොකියන ලදී. එය කීම සඳහා මේ සූත්‍රය ආරම්භ කර ඇත. කාමසුඛල්ලිකානු යෝගය එක් අන්තයෙකි. අත්තකිලමථානුයෝගය අනිත් අන්තයයි. මේ අන්ත දෙකින්ම මගේ ශාසනය මිදුනේයයි දැක්වීම සඳහාද, මත්තෙහි ඵල සමාපත්ති ශීර්ෂයෙන් සියලු ශාසනය දැක්වීම සඳහාද මෙම දේශනාව ආරම්භ කර ඇත.
ගිජ්ඣකූටෙ පබ්බතෙති තස්ස පබ්බතස්ස ගිජ්ඣසදිසං කූටං අත්ථි, තස්මා ගිජ්ඣකූටොති වුච්චති. ගිජ්ඣා වා තස්ස කූටෙසු නිවසන්තීතිපි ගිජ්ඣකූටොති වුච්චති. ඉසිගිලිපස්සෙති ඉසිගිලිපබ්බතස්ස පස්සෙ. කාළසිලායන්ති කාළවණ්ණෙ පිට්ඨිපාසාණෙ. උබ්භට්ඨකා හොන්තීති උද්ධංයෙව ඨිතකා හොන්ති අනිසින්නා. ඔපක්කමිකාති උබ්භට්ඨකාදිනා අත්තනො උපක්කමෙන නිබ්බත්තිතා. නිගණ්ඨො, ආවුසොති අඤ්ඤං කාරණං වත්තුං අසක්කොන්තා නිගණ්ඨස්ස උපරි පක්ඛිපිංසු. සබ්බඤ්ඤූ සබ්බදස්සාවීති සො අම්හාකං සත්ථා අතීතානාගතපච්චුප්පන්නං සබ්බං ජානාති පස්සතීති දස්සෙති. අපරිසෙසං ඤාණදස්සනං පටිජානාතීති සො අම්හාකං සත්ථා අපරිසෙසං ධම්මං ජානන්තො අපරිසෙසසඞ්ඛාතං ඤාණදස්සනං පටිජානාති, පටිජානන්තො ච එවං පටිජානාති “චරතො ච මෙ තිට්ඨතො ච…පෙ… පච්චුපට්ඨිත”න්ති. තත්ථ සතතන්ති නිච්චං. සමිතන්ති තස්සෙව වෙවචනං.
ගිජ්ඣකූටෙ පබ්බතෙ ඒ පර්වතයෙහි ගිජුලිහිණියෙකු වැනි වූ මුදුනක් ඇති එහෙයින් ‘ගිජුකුළු’ යයි කියනු ලැබේ. නොහොත් ඒ පර්වතය මුදුනේ ගිජුලිහිණියෝ වෙසෙති යන අදහසින් ‘ගිජුකුළු’ යයි කියයි. ඉසිගිලි පස්සෙති ඉසිගිලි පර්වතයේ පසෙක, කාළසිලායං කළු පැහැති ගල්තලාවෙක උබ්භට්ඨකා හොන්ති උඩුබැලි අතට සිටියාහු හෝ නොසිටියා හෝ වෙත්. ඔපක්කමිකා උඩුකුරුව සිටීම් ආදී වූ තමාගේ උපක්‍රමයෙන් උපදවන ලද, නිඝණ්ඨො ආවුසො අනෙක් කරුණක් කියන්ට නොහැකි වන්නාහු නිඝණ්ඨයාගේ මතුයෙහි දැමූ. සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපගේ ශාස්තෲ තෙමේ අතීත වර්තමාන අනාගත සියල්ල දනී. දකී යයි දක්වයි. අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති ඒ අපගේ ශාස්තෲන් වහන්සේ ඉතිරි නැතිවම ධර්මය දන්නේ ඒ සේස රහිත ඤාණ දර්ශනය ප්‍රතිඥා කෙරෙයි. ප්‍රතිඥා කරන්නේ මෙසේම ප්‍රතිඥා කෙරෙයි. චරතො ච මෙ තිට්ඨතොච -පෙ- පච්චුපට්ඨිතං එහි සත්තං නිතොර සමිතං ඒ පදයේම සමානාර්ථ ඇති වචනයයි.
කිං පන තුම්හෙ, ආවුසො, නිගණ්ඨා ජානාථ එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණන්ති ඉදං භගවා පුරිසො නාම යං කරොති, තං ජානාති. වීසතිකහාපණෙ ඉණං ගහෙත්වා දස දත්වා “දස මෙ දින්නා දස අවසිට්ඨා”ති ජානාති, තෙපි දත්වා “සබ්බං දින්න”න්ති ජානාති. ඛෙත්තස්ස තතියභාගං ලායිත්වා “එකො භාගො ලායිතො, ද්වෙ අවසිට්ඨා”ති ජානාති. පුන එකං ලායිත්වා “ද්වෙ ලායිතා, එකො අවසිට්ඨො”ති ජානාති. තස්මිම්පි ලායිතෙ “සබ්බං නිට්ඨිත”න්ති ජානාති, එවං සබ්බකිච්චෙසු කතඤ්ච අකතඤ්ච ජානාති, තුම්හෙහිපි තථා ඤාතබ්බං සියාති දස්සෙති. අකුසලානං ධම්මානං පහානන්ති ඉමිනා අකුසලං පහාය කුසලං භාවෙත්වා සුද්ධන්තං පත්තො නිගණ්ඨො නාම තුම්හාකං සාසනෙ අත්ථීති පුච්ඡති.
කිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා! ජානාථ පත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං යන මෙය භාග්‍යවතුන් වහන්සේ, පුරුෂයෙක් යමක් කෙරේද මෙම එය දැනගනී. කහවණු විස්සක් ණයට ගෙන දහයක් දී මා විසින් දහයක් දෙන ලද්දේය. දහයක් ඉතිරියයි දැනගනී. එයද දී සියල්ල දුන්නේ යයි දැනගනී. කුඹුරෙන් තුනෙන් එකක් කපා, එක කොටසක් කපන ලදහ. දෙකොටසක් ඉතිරියයි දැනගනී. එයද කැපූ කල්හි සියල්ල නිමියේ යයි වට දැනගනී. මෙසේ සියලු කටයුතුවල කරන ලද්ද හා නොකරන ලද්ද දැනගනී. තොපි විසින් ද එසේ දතයුතුයයි දක්වයි. අකුසලානං ධම්මානං පහාණං මෙයින් අකුසල් හැර කුසල් වඩා ශුද්ධත්වයට පැමිණි එක් කර නිඝණ්ඨයෙක්වත් තොපගේ ශාසනයේ ඇත්දැයි විචාරයි.
එවං සන්තෙති තුම්හාකං එවං අජානනභාවෙ සති. ලුද්දාති ලුද්දාචාරා. ලොහිතපාණිනොති පාණෙ ජීවිතා වොරොපෙන්තා ලොහිතෙන මක්ඛිතපාණිනො. පාණං හි හනන්තස්සපි යස්ස ලොහිතෙන පාණි න මක්ඛියති, සොපි ලොහිතපාණීත්වෙව වුච්චති. කුරූරකම්මන්තාති දාරුණකම්මා. මාතරි පිතරි ධම්මිකසමණබ්රාහ්මණාදීසු ච කතාපරාධා. මාගවිකාදයො වා කක්ඛළකම්මා.
එවං සන්තෙති තොපගේ මෙසේ නොදන්නාකම ඇතිකල්හිම, ලුද්දා රෞද්‍ර වූ, හැසිරීම් ඇති, ලොහිතපාණිනො ති දිවි ඇත්තන් ජීවිතයෙන් තොර කරන්නහු, ලෙයින් තෙත් වූ අත් ඇත්තා වූ, ප්‍රාණීන්ට හිංසා කරන්නහුගේ ද ලෙයින් අත තවරනු ලැබේ. හෙතෙමේ ද ලෝහිතපාණි යයි කියයි. කුරූර කම්මන්තා දරුණු ක්‍රියා ඇත්තාහූ, මව කෙරෙහි ද පියා කෙරෙහි ද ධාර්මික මහණ බමුණන් කෙරෙහි ද කළ අපරාධ ඇත්තාහූ මුව වැදි ආදී කෘෘර ක්‍රියා ඇත්තාහු.
න ඛො, ආවුසො, ගොතමාති ඉදං නිගණ්ඨා “අයං අම්හාකං වාදෙ දොසං දෙති, මයම්පිස්ස දොසං ආරොපෙමා”ති මඤ්ඤමානා ආරභිංසු. තස්සත්ථො, “ආවුසො, ගොතම යථා තුම්හෙ පණීතචීවරානි ධාරෙන්තා සාලිමංසොදනං භුඤ්ජන්තා දෙවවිමානවණ්ණාය ගන්ධකුටියා වසමානා සුඛෙන සුඛං අධිගච්ඡථ, න එවං සුඛෙන සුඛං අධිගන්තබ්බං. යථා පන මයං උක්කුටිකප්පධානාදීහි නානප්පකාරණං දුක්ඛං අනුභවාම, එවං දුක්ඛෙන සුඛං අධිගන්තබ්බ”න්ති. සුඛෙන ච හාවුසොති ඉදං සචෙ සුඛෙන ච සුඛං අධිගන්තබ්බං සියා. රාජා අධිගච්ඡෙය්යාති දස්සනත්ථං වුත්තං. තත්ථ මාගධොති මගධරට්ඨස්ස ඉස්සරො. සෙනියොති තස්ස නාමං. බිම්බීති අත්තභාවස්ස නාමං. සො තස්ස සාරභූතො දස්සනීයො පාසාදිකො අත්තභාවසමිද්ධියා බිම්බිසාරොති වුච්චති. සුඛවිහාරිතරොති ඉදං තෙ නිගණ්ඨා රඤ්ඤො තීසු පාසාදෙසු තිවිධවයෙහි නාටකෙහි සද්ධිං සම්පත්තිඅනුභවනං සන්ධාය වදන්ති.
නඛො ආවුසො ගොතම, මේ නිඝණ්ඨයෝ ‘මෙතෙමේ අපගේ වාදයෙහි දෝස දක්වයි. අප ද මොහුගේ වාදයෙහි දෝෂ දක්වමු යි සිතමින් ආරම්භ කළාහුය. එහි තේරුම නම් ඇවැත්නි, ගෞතමයෙනි, යම් ඒ ඔබ පිණිස සිවුරු දරමින් හැල්, මස්, බත් බුදිමින් දෙව් විමනක් වැනි වූ ගඳකිළියෙහි වෙසෙමින් සැපයෙන් සැපයට පැමිණෙන්නහුද? මෙසේ සැපයෙන් සැපයක් නො ලැබිය හැකියි. යම්සේ අපි උක්කුටිකප්ප ධනාදියෙන් නන්වැදෑරුම් වූ දුක් විඳිමුද? එපරිද්දෙන් දුකින් සැපත ලැබිය යුතුයි. සුඛෙනච හාවුසොති යන මෙය ඉදින් සැපයෙන් සැපයක් ලද හැකි වන්නේ නම් රජ තෙමේත් සැප ලබන්නේ යයි දක්වනු පිණිස කියන ලදී. එහි මාගධො මගධ රට අධිපති වූයේ සෙනියො යනු ඔහුගේ නමයි. බිම්බි යනු ආත්ම භාවයට නමයි. ඔහුගේ එම ආත්මභාවය සාර වූයේය. දර්ශනීයය. ප්‍රසාද එලවන්නේයයි ආත්මභාවයාගේ සමෘද්ධිය හේතුකොටගෙන බිම්බිසාර නම් කියනු ලැබේ. සුඛවිහාරිතරො මෙය ඔහු තුන් පහයෙහි තුන් වයස් ඇති නළුවන් සමග රජුන්ගේ සැපත් විදීම සඳහා කියති.
අද්ධාති එකංසෙන. සහසා අප්පටිසඞ්ඛාති සාහසං කත්වා, අප්පච්චවෙක්ඛිත්වාව යථා රත්තො රාගවසෙන දුට්ඨො දොසවසෙන මූළ්හො මොහවසෙන භාසති, එවමෙවං වාචා භාසිතාති දස්සෙති.
අද්ධා ඒකාන්තයෙන් සහසා අප්පටිසංඛා සැහැසිකමක් කොට නොවිමසා රාග වශයෙන් රත්වූයේ, ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, මෝහ වශයෙන් මුළා වූයේ යම්සේ කියාද, එපරිද්දෙන් වචන කියන ලදැයි දක්වයි.
තත්ථ පටිපුච්ඡිස්සාමීති තස්මිං අත්ථෙ පුච්ඡිස්සාමි. යථා වො ඛමෙය්යාති යථා තුම්හාකං රුච්චෙය්ය. පහොතීති සක්කොති.
එහි පටිපුච්ඡිස්සාමි ඒ අර්ථයෙහි විචාරන්නෙමි. යථා වො ඛමෙය්ය යම් සේ තොපට රුචි වන්නේද, පහොති හැකිවෙයි.
අනිඤ්ජමානොති අචලමානො. එකන්තසුඛං පටිසංවෙදීති නිරන්තරසුඛං පටිසංවෙදී. “අහං ඛො, ආවුසො, නිගණ්ඨා පහොමි…පෙ… එකන්තසුඛං පටිසංවෙදී”ති ඉදං අත්තනො ඵලසමාපත්තිසුඛං දස්සෙන්තො ආහ. එත්ථ ච කථාපතිට්ඨාපනත්ථං රාජවාරෙ සත්ත ආදිං කත්වා පුච්ඡා කතා. සත්ත රත්තින්දිවානි නප්පහොතීති හි වුත්තෙ ඡ පඤ්ච චත්තාරීති සුඛං පුච්ඡිතුං හොති. සුද්ධවාරෙ පන සත්තාති වුත්තෙ පුන ඡ පඤ්ච චත්තාරීති වුච්චමානං අනච්ඡරියං හොති, තස්මා එකං ආදිං කත්වා දෙසනා කතා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අනිඤ්ජමානො නොසැලෙනුයේ, එකන්ත සුබ පටිසංවෙදී ඒකාන්ත වූ සැපය විඳිනසුලු වූයේ අහං ඛො ආවුසො! නිගණ්ඨා පහොමි එකන්ත සුඛ පටිසංවෙදී - මෙය තමන්ගේ ඵල සමවත් සුවය දක්වමින් වදාළහ. මෙහි ද කථාව දක්වනු පිණිස රාජ වාරයෙහි සත්ත යන්න ප්‍රශ්න කිරීම් දක්වන ලදී. සත්ත රත්තින්දිවානි නප්පහොති කී කල්හි සය පස සතර යයි කියනු ලබන්නේ ආශ්චර්ය නොවේද? එහෙයින් එක ආදිකොට දේශනා කරන ලද්දේය. ඉතිරිය සියලු තන්හි නො ගැඹුරු අර්ථ ඇත්තේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා නිට්ඨිතා.
චුල්ල දුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව නිමියේය.