මහාදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා අට්ඨකථා
මහාදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා
මහාදුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාදුක්ඛක්ඛන්ධසුත්තං. තත්ථ විනයපරියායෙන තයො ජනා සම්බහුලාති වුච්චන්ති, තතො පරං සඞ්ඝො. සුත්තන්තපරියායෙන තයො තයො එව, තතො උද්ධං සම්බහුලාති වුච්චන්ති. ඉධ සුත්තන්තපරියායෙන සම්බහුලාති වෙදිතබ්බා. පිණ්ඩාය පාවිසිංසූති පවිට්ඨා, තෙ පන න තාව පවිට්ඨා, පවිසිස්සාමාති නික්ඛන්තත්තා පන පවිසිංසූති වුත්තා. යථා ගාමං ගමිස්සාමීති නික්ඛන්තපුරිසො තං ගාමං අප්පත්තොපි “කුහිං ඉත්ථන්නාමො”ති වුත්තෙ “ගාමං ගතො”ති වුච්චති, එවං. පරිබ්බාජකානං ආරාමොති ජෙතවනතො අවිදූරෙ අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො අත්ථි, තං සන්ධාය එවමාහංසු. සමණො, ආවුසොති, ආවුසො, තුම්හාකං සත්ථා සමණො ගොතමො. කාමානං පරිඤ්ඤන්ති කාමානං පහානං සමතික්කමං පඤ්ඤපෙති. රූපවෙදනාසුපි එසෙව නයො.
එවම්මෙසුතං යනු මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයයි. එහි සම්බහුලා විනයට අනුකූලව තුන්දෙනෙක් ‘සම්බහුලා’ යයි කියති. එයින් මත්තෙහි ‘සංඝ’ය. සූත්‍රාන්තයන්ට අනුකූලව තුන්දෙන, තුන්දෙනම වේ. ඊට වැඩි වූ පිරිස ‘සම්බහුලා’ය නම් වේ. මෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් සම්බහුල වූයේ යයි දතයුතු. පිණ්ඩාය පවිසිංසු පිඬු පිණිස පිවිසියාහුය. එහෙත් ඔව්හූ ඒ තාක් නො පිවිසියාහුය. පිවිසෙන්නෙමුයි පිටත් වූ බැවින් ‘පවිසිංසූ’ යයි කීහ. කුමක් මෙන්ද යත්, ගමට යන්නෙමියි පිටත් වූ පුද්ගලයෙක් ගමට නොගියේ නමුත්, අසවලා කොහිදැයි කී කල්හි ගමට ගියේ යයි කියන්නාක් මෙනි. පරිබ්බාජකානං ආරාමො ජේතවනාරාමයට නුදුරින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයක් ඇත. ඒ සඳහා කියන ලදී. සමණො ආවුසො ඇවැත්නි, ඔබලාගේ ශාස්තෲ වූ ශ්‍රමණ ගෞතම තෙම කාමානං පරිඤ්ඤන්ති කාමයන්ගේ ප්රහාණය ඉක්මවීම පනවයි. රූප වේදනා ආදිය පිළිබඳව ද මෙම පිළිවෙතමයි.
තත්ථ තිත්ථියා සකසමයං ජානන්තා කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙය්යුං පඨමජ්ඣානං වදමානා, රූපානං පරිඤ්ඤං පඤ්ඤපෙය්යුං අරූපභවං වදමානා, වෙදනානං පරිඤ්ඤං පඤ්ඤපෙය්යුං අසඤ්ඤභවං වදමානා. තෙ පන “ඉදං නාම පඨමජ්ඣානං අයං රූපභවො අයං අරූපභවො”තිපි න ජානන්ති. තෙ පඤ්ඤපෙතුං අසක්කොන්තාපි කෙවලං “පඤ්ඤපෙම පඤ්ඤපෙමා”ති වදන්ති. තථාගතො කාමානං පරිඤ්ඤං අනාගාමිමග්ගෙන පඤ්ඤපෙති, රූපවෙදනානං අරහත්තමග්ගෙන. තෙ එවං මහන්තෙ විසෙසෙ විජ්ජමානෙපි ඉධ නො, ආවුසො, කො විවෙසොතිආදිමාහංසු.
එහි තීර්ථකයෝ ස්වසමය දන්නාවූ ප්‍රථමධ්‍යනය කියමින් කාමයන්ගේ දුරුකිරීම (විනාශය) පනවන්නාහුය. එතකුදු වුවත් ඔව්හූ මේ ප්‍රථමධ්‍යනය මේ අරූපභවය මේ අසංඥ භවයයි නොදනිති. ඔව්හූ පැනවීමට නොහැකි වන්නාහුම හුදෙක් පනවමු පනවමු’යයි කියති. තථාගතයන් වහන්සේ වනාහි කාමයන් දුරුකිරිම අනාගාමී මාර්ගයෙන් පනවයි. රූප වේදනාවන් දුරුකිරීම රහත් මාර්ගයෙන් පනවයි. ඔව්හූ මේ මහත් වූ වෙනස දැක දැක ද ඉධ නො ආවුසො කො විසෙසො (මෙහි විශේෂයක් කොහින්දැයි) කීහ.
තත්ථ ඉධාති ඉමස්මිං පඤ්ඤාපනෙ. ධම්මදෙසනාය වා ධම්මදෙසනන්ති යදිදං සමණස්ස වා ගොතමස්ස ධම්මදෙසනාය සද්ධිං අම්හාකං ධම්මදෙසනං, අම්හාකං වා ධම්මදෙසනාය සද්ධිං සමණස්ස ගොතමස්ස ධම්මදෙසනං ආරබ්භ නානාකරණං වුච්චෙථ, තං කින්නාමාති වදන්ති. දුතියපදෙපි එසෙව නයො. ඉති වෙමජ්ඣෙ භින්නසුවණ්ණං විය සාසනෙන සද්ධිං අත්තනො ලද්ධිවචනමත්තෙන සමධුරං ඨපයිංසු. නෙව අභිනන්දිංසූති එවමෙතන්ති න සම්පටිච්ඡිංසු. නප්පටික්කොසිංසූති නයිදං එවන්ති නප්පටිසෙධෙසුං. කස්මා? තෙ කිර තිත්ථියා නාම අන්ධසදිසා, ජානිත්වා වා අජානිත්වා වා කථෙය්යුන්ති නාභිනන්දිංසු, පරිඤ්ඤන්ති වචනෙන ඊසකං සාසනගන්ධො අත්ථීති නප්පටික්කොසිංසු. ජනපදවාසිනො වා තෙ සකසමයපරසමයෙසු න සුට්ඨු කුසලාතිපි උභයං නාකංසු.
එහි ඉධ මේ පැනවීමෙහි ධම්ම දෙසනාය වා ධම්ම දෙසනං ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව සමග අපගේ ධර්මදේශනාව හෝ අපගේ ධර්මදේශනාව අනුව ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව හෝ අරභයා යම් මේ වෙනස් කරුණක් කියව්ද, ඒ කිනම්දැයි කියති. දෙවෙනි පදයේ ද මෙම ක්‍රමයමයි. මෙසේ ඔව්හූ මැදින් බිඳීගිය රනක් මෙන් වූ තමන්ගේ ලබ්ධිය, ශාසනය සමග සම තත්වයෙන් වචන මාත්‍රයෙන් තැබූහ. නෙව අභිනන්දිංසු මෙය එසේ යයි නොපිළිගත්තාහුය. න පටිකොසිං මෙය එසේ නොවේ යයි ප්රතික්ෂේපද නොකළහුය. කවර හෙයින්ද, ඒ තීර්ථකයෝ වනාහි අන්ධ වූවාහු දැන හෝ නොදැන හෝ කියන්නහු යයි නොපිළිගත්තාහුය. පරිඤ්ඤං යන වචනයෙන් මදක් ශාසන ගන්ධය ඇතැයි ප්‍රතික්ෂේප නොකළාහුය. නොහොත් ජනපදවාසී වූ ඒ භික්ෂූහු බුදු සමය හා තීර්ථක සමය පිළිබඳව අතිශයින් සමර්ථ නොවූවාහූ නිසා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මත නොකළාහුය.
න චෙව සම්පායිස්සන්තීති සම්පාදෙත්වා කථෙතුං න සක්ඛිස්සන්ති. උත්තරිඤ්ච විඝාතන්ති අසම්පායනතො උත්තරිම්පි දුක්ඛං ආපජ්ජිස්සන්ති. සම්පාදෙත්වා කථෙතුං අසක්කොන්තානං නාම හි දුක්ඛං උප්පජ්ජති. යථා තං, භික්ඛවෙ, අවිසයස්මින්ති එත්ථ යථාති කාරණවචනං, තන්ති නිපාතමත්තං. යස්මා අවිසයෙ පඤ්හො පුච්ඡිතො හොතීති අත්ථො. සදෙවකෙති සහ දෙවෙහි සදෙවකෙ. සමාරකාදීසුපි එසෙව නයො. එවං තීණි ඨානානි ලොකෙ පක්ඛිපිත්වා ද්වෙ පජායාති පඤ්චහිපි සත්තලොකමෙව පරියාදියිත්වා එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ තං දෙවං වා මනුස්සං වා න පස්සාමීති දීපෙති. ඉතො වා පන සුත්වාති ඉතො වා පන මම සාසනතො සුත්වා අතථාගතොපි අතථාගතසාවකොපි ආරාධෙය්ය පරිතොසෙය්ය. අඤ්ඤථා ආරාධනං නාම නත්ථීති දස්සෙති.
න චෙව සම්පායිස්සන්ති සම්පාදනය කොට කියන්නට නොහැකි වන්නාහුය. උත්තරිඤ්ච විඝාතං සකසා නොකියහැකි හෙයින් මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඒ සත්‍යය සකස්කොට මනාව කීමට නොහැකි වන්නන්ට දුක් උපදනේමය. යථා තං භික්ඛවෙ අවිසයස්මිං මෙහි යථා යනු කළයුතු වචනය. තං යනු නිපාතයකි. යම්හෙයකින් අවිෂය වූ ප්‍රශ්නයක් විචාරන ලද්දේය යන අර්ථයයි. සදෙවකෙ දෙවියන් සහිත වූයේ, සමාරකෙ ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ තුන් තැනක් ‘ලොකෙ යිද, දෙතැනක් ‘පජාය’යී ද, තබා පද පසින් ම සත්ත්ව ලෝකය ම ඇතුළත් කොටගෙන මේ සදේවකාදී භේද ඇති ලෝකයෙහි ඒ දෙවියා හෝ මිනිසා නොදක්මියි දක්වයි. ඉතො වා පන සුත්වා මේ මාගේ ශාසනයෙන් හෝ අසා, ඒ එසේමයි. මේ ශාසනයෙන් අසා තථාගත නොවූයේ ද. තඝාත ශ්‍රාවක නොවූයේද ආරාධනා කරන්නේය. සතුටු කරන්නේය. අන් පරිද්දෙකින් සතුටු කිරීමක් නම් නැතැයි දක්වයි.
ඉදානි අත්තනො තෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තාරාධනං දස්සෙන්තො කො ච, භික්ඛවෙතිආදිමාහ. කාමගුණාති කාමයිතබ්බට්ඨෙන කාමා. බන්ධනට්ඨෙන ගුණා. “අනුජානාමි, භික්ඛවෙ, අහතානං වත්ථානං ද්විගුණං සඞ්ඝාටි”න්ති (මහාව· 348) එත්ථ හි පටලට්ඨො ගුණට්ඨො. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො, වයොගුණා අනුපුබ්බං ජහන්තී”ති (සං· නි· 1.4) එත්ථ රාසට්ඨො ගුණට්ඨො. “සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා”ති (ම· නි· 3.379) එත්ථ ආනිසංසට්ඨො ගුණට්ඨො. “අන්තං අන්තගුණං (ඛු· පා· 3 ද්වත්තිංසාකාරෙ; දී· නි· 2.377) කයිරා මාලාගුණෙ බහූ”ති (ධ· ප· 53) එත්ථ බන්ධනට්ඨො ගුණට්ඨො. ඉධාපි එසෙව අධිප්පෙතො, තෙන වුත්තං “බන්ධනට්ඨෙන ගුණා”ති. චක්ඛුවිඤ්ඤෙය්යාති චක්ඛුවිඤ්ඤාණෙන පස්සිතබ්බා. එතෙනුපායෙන සොතවිඤ්ඤෙය්යාදීසුපි අත්ථො වෙදිතබ්බො. ඉට්ඨාති පරියිට්ඨා වා හොන්තු මා වා, ඉට්ඨාරම්මණභූතාති අත්ථො. කන්තාති කමනීයා. මනාපාති මනවඩ්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසංහිතාති ආරම්මණං කත්වා උප්පජ්ජමානෙන කාමෙන උපසංහිතා. රජනීයාති රජ්ජනියා, රාගුප්පත්තිකාරණභූතාති අත්ථො.
දැන් තමන් විසින් ඒ ප්‍රශ්නයක් විසඳීමෙන් චිත්තාරාධනය දක්වන්නේ කොච භික්ඛවෙ යනාදිය වදාළහ. කාමගුණ කැමති කරවිය යුතුය යන අර්ථයෙන් කාම යෝම, බැඳීම් අර්ථයෙන් ‘ගුණ’ නම් වෙති. ‘අනුජානාමි භික්ඛවෙ අහතාන වත්ථානං ද්විගුණං සංඝාටින්ති’ යන මෙහි ගුණ ශබ්දය පට යන අරුතින් යෙදී ඇත. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහනති’ යන මෙහි ‘රැස’ යන අරුත්හි ගුණ ශබ්දය දැක්වේ. ‘සතගුණා දක්ඛිණා පාටිකංබිතබ්බා’ යන මෙහි ‘ආනිසංස’ යන අරුත්හි ගුණ ශබ්දය වැටේ. ‘අන්තං අන්තගුණං’ - ‘කයිරමාලා ගුණ බහූ’ යන මෙහි බන්ධනාර්ථයෙහි ගුණ ශබ්දය වැටේ. මෙහිද මේ බන්ධනාර්ථයම අදහස් කරන ලදී. එහෙයින් කියන ලදී. ‘බන්ධනාර්ථයෙන් ගුණ නම් වෙති’ චක්ඛු විඤ්ඤෙය්යා චක්ෂුර් විඥානයෙන් දැක්ක යුත්තාහුය. මෙම ක්‍රමයෙන් ‘සොත විඤ්ඤෙය්යාදිය’ පිළිබඳවද අර්ථ දතයුතුය. ඉට්ඨා සොයන ලද්දාහු හෝ නොසොයන ලද්දාහු හෝ වේවා ඉෂ්ටාරම්මණ වූවාහු, අරමුණු ඉටු වූ යන අර්ථයි. කන්තා කමනීය වූවාහු, මනාපා සිත් අලවන්නාහු පියරූපා ප්‍රිය ස්වභාව ඇත්තාහු, කාමූපසංහිතා අරමුණුකොට උපදනා වූ පංච කාමයෙන් යුක්ත වූවාහු, රජනීයා ඇළුම් කටයුතු වූ, රාගෝත්පත්තියට කරුණු වූවාහු යන අර්ථයි.
යදි මුද්දායාතිආදීසු මුද්දාති අඞ්ගුලිපබ්බෙසු සඤ්ඤං ඨපෙත්වා හත්ථමුද්දා. ගණනාති අච්ඡිද්දගණනා. සඞ්ඛානන්ති පිණ්ඩගණනා. යාය ඛෙත්තං ඔලොකෙත්වා ඉධ එත්තකා වීහී භවිස්සන්ති, රුක්ඛං ඔලොකෙත්වා ඉධ එත්තකානි ඵලානි භවිස්සන්ති, ආකාසං ඔලොකෙත්වා ඉමෙ ආකාසෙ සකුණා එත්තකා නාම භවිස්සන්තීති ජානන්ති.
යදි මුද්දාය යනාදියෙහි මුද්දා යනු ඇඟිලි පුරුක්වල සලකුණු තබා කරන හස්ත මුද්රාවය. ගණනා නො සිඳුණු ගණන් කිරීමය. (එක දෙක ආදී වශයෙන්) සංඛානං යනු පිඬු ගණනය. යම් විද්‍යාවකින් කෙතක් බලා මෙහි මෙපමණ වී තිබෙන්නාහ. ගසක් බලා මෙහි මෙපමණ ගෙඩි තිබෙන්නේය. අහස බලා මෙහි මෙපමණ පක්ෂීහූ වන්නාහ යයි දනිත් ද එයයි.
කසීති කසිකම්මං. වණිජ්ජාති ජඞ්ඝවණිජ්ජථලවණිජ්ජාදිවණිප්පථො. ගොරක්ඛන්ති අත්තනො වා පරෙසං වා ගාවො රක්ඛිත්වා පඤ්චගොරසවික්කයෙන ජීවනකම්මං. ඉස්සත්ථො වුච්චති ආවුධං ගහෙත්වා උපට්ඨානකම්මං. රාජපොරිසන්ති ආවුධෙන රාජකම්මං කත්වා උපට්ඨානං. සිප්පඤ්ඤතරන්ති ගහිතාවසෙසං හත්ථිඅස්සසිප්පාදි. සීතස්ස පුරක්ඛතොති ලක්ඛං විය සරස්ස සීතස්ස පුරතො, සීතෙන බාධීයමානොති අත්ථො. උණ්හෙපි එසෙව නයො. ඩංසාදීසු ඩංසාති පිඞ්ගලමක්ඛිකා. මකසාති සබ්බමක්ඛිකා, සරීසපාති යෙ කෙචි සරිත්වා ගච්ඡන්ති. රිස්සමානොති රුප්පමානො, ඝට්ටියමානො. මීයමානොති මරමානො. අයං, භික්ඛවෙති, භික්ඛවෙ, අයං මුද්දාදීහි ජීවිකකප්පනං ආගම්ම සීතාදිපච්චයො ආබාධො. කාමානං ආදීනවොති කාමෙසු උපද්දවො, උපස්සග්ගොති අත්ථො. සන්දිට්ඨිකොති පච්චක්ඛො සාමං පස්සිතබ්බො. දුක්ඛක්ඛන්ධොති දුක්ඛරාසි. කාමහෙතූතිආදීසු පච්චයට්ඨෙන කාමා අස්ස හෙතූති කාමහෙතු. මූලට්ඨෙන කාමා නිදානමස්සාති කාමනිදානො. ලිඞ්ගවිපල්ලාසෙන පන කාමනිදානන්ති වුත්තො. කාරණට්ඨෙන කාමා අධිකරණං අස්සාති කාමාධිකරණො. ලිඞ්ගවිපල්ලාසෙනෙව පන කාමාධිකරණන්ති වුත්තො. කාමානමෙව හෙතූති ඉදං නියමවචනං, කාමපච්චයා උප්පජ්ජතියෙවාති අත්ථො.
කසී යනු කෘෂිකර්මයයි. වණිජ්ජා ගොඩ වෙළඳාම, දිය වෙළඳාම ආදී වෙළඳ ක්‍රමයි. ගොරක්ඛන්ති තමන්ගේ හෝ අනුන්ගේ ගෙරි සරක් රැකීමෙන්, පස්ගෝරස විකිණීමෙන් ජීවත්වන රැකියාවය. ඉස්සත්ථො අවි ගෙන උවැටන් කරන කර්මයයි. ආරක්ෂක කාර්යයි. රාජපොරිසං අවි ආයුධවලින් තොරව රාජ්‍ය සේවයේ යෙදීමයි. සිප්පඤ්ඤත ඉතිරි වූ හස්ති ශිල්ප අශ්ව ශිල්ප ආදියයි. සීතස්ස පුරක්ඛතො ඊතලයට ඉලක්කය මෙන්, සීතලට පෙරටුව සිටියේ, සීතලෙන් පෙළෙනු ලබන්නේ යන අර්ථයි. උෂ්ණයෙහි ද මෙම පිළිවෙතමයි. ඩංස ඇට ලේ මැස්සො, මකසා සියලු මැස්සෝ සිරිංසප බිම හැසිරෙන, බඩගා යන සත්ත්වයෝ, දළඹු විශේෂයක්, රිස්සමානො පෙළෙන්නේ ගැටෙන්නේ, ද්වීයමානො මිරිකෙන්නේ, මැරෙන්නේ, අයං භික්ඛවෙ මහණෙනි, හස්ත මුද්රාදියෙන් ජීවිකාව කිරීමට පැමිණ, ශීතාදී ප්රත්යයන්ගෙන් ආබාධිතව පෙළෙන්නේ, කාමානං ආදීනවො කාමයන්හී උපද්‍රවය, උවදුරු යන අර්ථයි. සන්දිට්ඨිකො ප්රත්යක්ෂ වූ තමා විසින් දැක්කයුතු වූ, දුක්ඛක්ඛන්ධො දුක් රැස - කාමහෙතු ප්රත්යයාර්ථයෙන් කාමයෝ මොහුට හේතු වන්නේ යයි ‘කාමහෙතු’ යනු වේ. මූලාර්ථයෙන් කාමයෝ මොහුට නිදාන වේනුයි කාම නිදාන යනු වේ. ලිඟු පෙරලියෙන් කාමනිදානං යි කියන ලදී. කාරණාර්ථයෙන් කාමයෝ මොහුට කාරණානුයි. කාමාධිකරණො යනු වේ. එහෙත් ලිංග විපර්යාසයෙන් කාමාධිකරණං වේ. කාමාන මෙව හෙතු මේ නියම වචනයි. කාම ප්‍රත්‍යයෙන් උපදීමය යන අර්ථයි.
උට්ඨහතොති ආජීවසමුට්ඨාපකවීරියෙන උට්ඨහන්තස්ස. ඝටතොති තං වීරියං පුබ්බෙනාපරං ඝටෙන්තස්ස. වායමතොති වායාමං පරක්කමං පයොගං කරොන්තස්ස. නාභිනිප්ඵජ්ජන්තීති න නිප්ඵජ්ජන්ති, හත්ථං නාභිරුහන්ති. සොචතීති චිත්තෙ උප්පන්නබලවසොකෙන සොචති. කිලමතීති කායෙ උප්පන්නදුක්ඛෙන කිලමති. පරිදෙවතීති වාචාය පරිදෙවති. උරත්තාළින්ති උරං තාළෙත්වා. කන්දතීති රොදති. සම්මොහං ආපජ්ජතීති විසඤ්ඤී විය සම්මූළ්හො හොති. මොඝන්ති තුච්ඡං. අඵලොති නිප්ඵලො. ආරක්ඛාධිකරණන්ති ආරක්ඛකාරණා. කින්තීති කෙන නු ඛො උපායෙන. යම්පි මෙති යම්පි මය්හං කසිකම්මාදීනි කත්වා උප්පාදිතං ධනං අහොසි. තම්පි නො නත්ථීති තම්පි අම්හාකං ඉදානි නත්ථි.
උට්ඨහතො ආජීව සමුට්ඨානක (උට්ඨාන) වීර්යයෙන් නැගී සිටින්නහුගේ ඝටතො ආරම්භයෙහි පටන් නිරතුරුව ගලපන්නහුගේ, වායමතො උත්සාහය, පරාක්‍රමය, ප්‍රයෝගය කරන්නහුගේ නාභිනිප්ඵජ්ජන්ති නො නිපදිති. අතට පත් නොවෙති. සෝචති සිත උපන් බලවත් ශෝකයෙන් ශෝක කෙරෙයි. කිලමති ශරීරයේ උපන් දුකින් ක්ලාන්ත වෙති. පරිදෙවති වචනයෙන් වැළපෙයි. උරත්තාලිං ළය පෙළා - කන්දති හඬයි. සම්මොහං ආපජ්ජති විසඥ වූවාක් මෙන් (සිහි මුලා වූවාක් මෙන්) අතිශයින් මුළා වූයේ වෙයි. මොඝං හිස්ය. අළුලො ප්‍රතිඵල රහිතය. ආරක්ඛාධිකරණං ආරක්ෂාව කරණකොට, කින්ති කවර උපායකින් යම්පිමෙ මා විසින්, ගොවිතැන් ආදිය කොට උපදනා ලද යම් ධනයක් වේ නම් තම්පි නො නත්ථි ඒ කිසිවක් අද අපට නැත.
පුන චපරං, භික්ඛවෙ, කාමහෙතූතිආදිනාපි කාරණං දස්සෙත්වාව ආදීනවං දීපෙති. තත්ථ කාමහෙතූති කාමපච්චයා රාජානොපි රාජූහි විවදන්ති. කාමනිදානන්ති භාවනපුංසකං, කාමෙ නිදානං කත්වා විවදන්තීති අත්ථො. කාමාධිකරණන්තිපි භාවනපුංසකමෙව, කාමෙ අධිකරණං කත්වා විවදන්තීති අත්ථො. කාමානමෙව හෙතූති ගාමනිගමනගරසෙනාපතිපුරොහිතට්ඨානන්තරාදීනං කාමානමෙව හෙතු විවදන්තීති අත්ථො. උපක්කමන්තීති පහරන්ති.
පුන චපරං භික්ඛවෙ - කාම හෙතු යනාදියෙන් හේතුව දක්වා ම ආදීනව දක්වයි. එහි කාමහෙතු කාම හේතුවෙන් රාජානොපි රජුන් සමගද විවාද කරත්. කාමනිදානං යනු භාව නපුංසකයි. කාමයන් පදනම් කොටගෙන විවාද කරති යනු අර්ථයි. කාමාධිකරණං යනු ද භාව නපුංසකයි. කාමයන් කරණ කොටගෙන විවාද කෙරෙත්. කාමාන මෙව හෙතු ගම් නියම්ගම්, සේනාපති පුරෝහිත ආදීහු කාමයන්ම හේතුකොටගෙන විවාද කරත්. උපක්කමන්ති පහර දෙත්.
අසිචම්මන්ති අසිඤ්චෙව ඛෙටකඵලකාදීනි ච. ධනුකලාපං සන්නය්හිත්වාති ධනුං ගහෙත්වා සරකලාපං සන්නය්හිත්වා. උභතොබ්යූළන්ති උභතො රාසිභූතං. පක්ඛන්දන්තීති පවිසන්ති. උසූසූති කණ්ඩෙසු. විජ්ජොතලන්තෙසූති විපරිවත්තන්තෙසු. තෙ තත්ථාති තෙ තස්මිං සඞ්ගාමෙ.
අසිචම්මන්ති කඩු හා පලිහ ආදියෙන් - ධනු කලාපං සන්නයහිත්වා දුන්න ගෙන හියවුරු බැඳ, උභතො වියූළ්හ දෙපසින් රැස් වූ, පක්ඛන්දන්ති පිවිසෙති. උසූසූති ඊතලයත්, විජ්ජො තලන්තෙ කරකවන කල්හි. තෙ තත්ථා ඔව්හූ ඒ සංග්රාමයෙහි,
අද්දාවලෙපනා උපකාරියොති චෙත්ථ මනුස්සා පාකාරපාදං අස්සඛුරසණ්ඨානෙන ඉට්ඨකාහි චිනිත්වා උපරි සුධාය ලිම්පන්ති. එවං කතා පාකාරපාදා උපකාරියොති වුච්චන්ති. තා තින්තෙන කලලෙන සිත්තා අද්දාවලෙපනා නාම හොන්ති. පක්ඛන්දන්තීති තාසං හෙට්ඨා තිඛිණඅයසූලාදීහි විජ්ඣීයමානාපි පාකාරස්ස පිච්ඡිලභාවෙන ආරොහිතුං අසක්කොන්තාපි උපධාවන්තියෙව. ඡකණකායාති කුථිතගොමයෙන. අභිවග්ගෙනාති සතදන්තෙන. තං අට්ඨදන්තාකාරෙන කත්වා “නගරද්වාරං භින්දිත්වා පවිසිස්සාමා”ති ආගතෙ උපරිද්වාරෙ ඨිතා තස්ස බන්ධනයොත්තානි ඡින්දිත්වා තෙන අභිවග්ගෙන ඔමද්දන්ති.
අද්දාවලෙපනො උපකාරියො මෙහි මිනිස්සු ප්‍රාකාර පාදය අස්කුර සටහනින් ගඩොල්වලින් බැඳ මතුපිට සුණුවලින් ආලේප කරති. මෙසේ කරන ලද ප්රාකාරයෝ උපකාරියො උපකාරිහු යයි කියනු ලැබේ. ඒවා තෙත් වූ මැටියෙන් ඉසින ලද්දාහු අද්දාවලෙපනා නම් වේ. පක්ඛන්දන්ති ඒ (උපකාරීන්) යට සාරා සිටුවන ලද යකඩඋල්, ලී උල් ආදියෙන් විඳිනු ලබන්නාහූ බෙලසුල් බැවින් නැගීමට නොහැකි වන්නාහු ද, සමීපයට දුවත්. පක්කට්ඨියා කකාරවන ලද ගොමවලින් අභිවග්ගෙන සතදන්තයෙන්, එය අටදන්තාර කොට නුවරදොර බිඳ ඇතුළට පිවිසෙන්නෙමැයි ආ කල්හි, ප්‍රාකාර දොරටුව මත්තෙහි සිටියාහූ ඒ සතදන්තයාගේ ඇඳුම් යොත් බිඳ සතදන්තයෙන් මර්දනය කරත්.
සන්ධිම්පි ඡින්දන්තීති ඝරසන්ධිම්පි ඡින්දන්ති. නිල්ලොපන්ති ගාමෙ පහරිත්වා මහාවිලොපං කරොන්ති. එකාගාරිකන්ති පණ්ණාසමත්තාපි සට්ඨිමත්තාපි පරිවාරෙත්වා ජීවග්ගාහං ගහෙත්වා ආහරාපෙන්ති. පරිපන්ථෙපි තිට්ඨන්තීති පන්ථදූහනකම්මං කරොන්ති.
සතිම්පි ඡන්දන්ති ගෘහ සන්ධි සිඳිත්. නිල්ලොපන්ති ගම් පැහැර වහා විනාශයක් කරති. එකාගාරිකන්ති පනහක් හැටක් පමණ දෙනෙකු විසින් පිරිවරා පණ පිටින් ගෙන ධනය ගෙන්වා ගනිත්. පරිපන්ථෙපි තිට්ඨන්ති මංපැහැරීම් ද කරති.
අඩ්ඪදණ්ඩකෙහීති මුග්ගරෙහි පහාරසාධනත්ථං වා චතුහත්ථදණ්ඩං ද්වෙධා ඡෙත්වා ගහිතදණ්ඩකෙහි. බිලඞ්ගථාලිකන්ති කඤ්ජියඋක්ඛලිකම්මකාරණං, තං කරොන්තා සීසකපාලං උප්පාටෙත්වා තත්තං අයොගුළං සණ්ඩාසෙන ගහෙත්වා තත්ථ පක්ඛිපන්ති, තෙන මත්ථලුඞ්ගං පක්කුථිත්වා උපරි උත්තරති. සඞ්ඛමුණ්ඩිකන්ති සඞ්ඛමුණ්ඩකම්මකාරණං, තං කරොන්තා උත්තරොට්ඨඋභතොකණ්ණචූළිකගළවාටපරිච්ඡෙදෙන චම්මං ඡින්දිත්වා සබ්බකෙසෙ එකතො ගණ්ඨිං කත්වා දණ්ඩකෙන වල්ලිත්වා උප්පාටෙන්ති, සහ කෙසෙහි චම්මං උට්ඨහති. තතො සීසකටාහං ථූලසක්ඛරාහි ඝංසිත්වා ධොවන්තා සඞ්ඛවණ්ණං කරොන්ති.
අද්ධදණ්ඩකෙහි පොලු මුගුරුවලින් පහරදීම සඳහා සතර රියන් පොල්ලක් දෙකට කඩා ගන්නා ලද දඬුවලින්, පොලුවලින්, මිලංගථාලිකා කැඳහැලි නම් වධය (දඬුවම) එය කරන්නාහු හිස්කබල ගලවා (ඔළුකටුව) රත් වූ යකඩ ගුලියක් එහි බහාලයි. එයින් හිස් මුල් කකියා ඇටමිදුලු උතුරා යයි. සංඛමුණ්ඩිකන්ති සංඛ මුණ්ඩික නම් වධය දඬුවම දෙයි. එය කරන්නහු. සම සිඳ සියළු කෙස් එකට ගැටයක් කොට දණ්ඩකින් සොළවා උපුටති. කෙස් සමග සම නැගෙයි. නැවත හිස්කබල බොරළුවලින් ගලා සෝදමින් සක්මන් කෙරෙති.
රාහුමුඛන්ති රාහුමුඛකම්මකාරණං, තං කරොන්තා සඞ්කුනා මුඛං විවරිත්වා අන්තොමුඛෙ දීපං ජාලෙන්ති. කණ්ණචූළිකාහි වා පට්ඨාය මුඛං නිඛාදනෙන ඛණන්ති. ලොහිතං පග්ඝරිත්වා මුඛං පූරෙති. ජොතිමාලිකන්ති සකලසරීරං තෙලපිලොතිකාය වෙඨෙත්වා ආලිම්පන්ති. හත්ථපජ්ජොතිකන්ති හත්ථෙ තෙලපිලොතිකාය වෙඨෙත්වා දීපං විය ජාලෙන්ති. එරකවත්තිකන්ති එරකවත්තකම්මකාරණං, තං කරොන්තා ගීවතො පට්ඨාය චම්මබද්ධෙ කන්තිත්වා ගොප්ඵකෙ ඨපෙන්ති. අථ නං යොත්තෙහි බන්ධිත්වා කඩ්ඪන්ති. සො අත්තනො චම්මබද්ධෙ අක්කමිත්වා අක්කමිත්වා පතති. චීරකවාසිකන්ති චීරකවාසිකකම්මකාරණං, තං කරොන්තා තථෙව චම්මබද්ධෙ කන්තිත්වා කටියං ඨපෙන්ති. කටිතො පට්ඨාය කන්තිත්වා ගොප්ඵකෙසු ඨපෙන්ති. උපරිමෙහි හෙට්ඨිමසරීරං චීරකනිවාසනනිවත්ථං විය හොති.
රාහු මුඛන්ති රාහු මුඛ නම් දඬුවම - එය කරන්නාහු අඬුවකින් මුඛය විවෘත කොට මුව තුළ පහනක් දල්වති. නොහොත් කන්සිළු පටන් මුඛය යකඩ කටුවකින් සාරයි. ලේ වැගිරි මුඛය පුරවයි. ජොතිමාලික සියළු සිරුර තෙල් පොඟවන ලද පාන්කඩවලින් ඔතා ගිනි දල්වති. හත්ථපජ්ජොතිකා දෙඅත් පොල්තෙල් පාන්කඩවලින් වෙලා පන්දමක් මෙන් දල්වති. එරක වත්තිකං එරකවත්තික නම් දඬුවම බෙල්ලේ යට පටන් ශරීරයේ සම ගලවා ගොප්ඇටය මත හෙළති. නැවත ඔහු යොත්වලින් බැඳ අදිති. ඔහු තමාගේම සම්වැටියෙහි පැටලි පැටලී වැටේ. චීරකවාසිකං චීරකවාසික නම් දඬුවම - අච්චුව පෙර සේ සම ගලවා තුනටියෙහි තබති. තුනටිය පටන් සම ගලවා ගොප්ඇටය මත තබති. උඩ යට සිරුර වැහැරි වතක් හැඳි අයෙකු මෙන් පෙනේ.
එණෙය්යකන්ති එණෙය්යකකම්මකාරණං. තං කරොන්තා උභොසු කප්පරෙසු ච ජාණූසු ච අයවලයානි දත්වා අයසූලානි කොට්ටෙන්ති. සො චතූහි අයසූලෙහි භූමියං පතිට්ඨහති. අථ නං පරිවාරෙත්වා අග්ගිං කරොන්ති. “එණෙය්යකො ජොතිපරිග්ගහො යථා”ති ආගතට්ඨානෙපි ඉදමෙව වුත්තං. තං කාලෙන කාලං සූලානි අපනෙත්වා චතූහි අට්ඨිකොටීහියෙව ඨපෙන්ති. එවරූපා කාරණා නාම නත්ථි.
ඵණෙය්යකං ඵණ්යෙයකනම් අච්චුව-දඬුවම දෙවැලමිටෙහිද, දෙදණෙහි ද යකඩකූරු ගසා එම යකඩකූරු බිම සිටුවති. හෙතෙම යකඩ කූරු සතර උඩ බිම හොවිති. ඉක්බිතිව වට්ට ගිනි දල්වයි. ‘ඵණෙය්යකො ජොති පරිග්ගහො යථා’ යනුවෙන් කියන තන්හිද මෙසේමැයි. ඔහු සන්ධි සන්ධිවලින් හුල් ඉවත්කොට සතර ඇටකොන්වලින්ම තබති. මෙවැනි වූ කම්කටොල්ලක් නම් නැත.
බළිසමංසිකන්ති උභතොමුඛෙහි බළිසෙහි පහරිත්වා චම්මමංසන්හාරූනි උප්පාටෙන්ති. කහාපණිකන්ති සකලසරීරං තිණ්හාහි වාසීහි කොටිතො පට්ඨාය කහාපණමත්තං කහාපණමත්තං පාතෙන්තා කොට්ටෙන්ති. ඛාරාපතච්ඡිකන්ති සරීරං තත්ථ තත්ථ ආවුධෙහි පහරිත්වා කොච්ඡෙහි ඛාරං ඝංසන්ති. චම්මසංසන්හාරූනි පග්ඝරිත්වා සවන්ති. අට්ඨිකසඞ්ඛලිකාව තිට්ඨති.
බළිසමංසිකං දෙපස මුව ඇති බිළී කොක්කෙන් සම් මස් නහර උගුල්ලති. කහාපණකං සියළු සිරුර තියුණු වෑවලින් කෙළවර පටන් කහවණු පමණට පමුණුවමින් කොටති. ඛාරාපතච්ඡිකං ශරිරය විවිධ ආයුධවලින් කොටා කොසුවලින් කාරම් දමති. සම් මස් නහර වැගිරී ඇටසැකිල්ල පමණක් ඉතිරි වෙයි.
පලිඝපරිවත්තිකන්ති එකෙන පස්සෙන නිපජ්ජාපෙත්වා කණ්ණච්ඡිද්දෙ අයසූලං කොට්ටෙත්වා පථවියා එකාබද්ධං කරොන්ති. අථ නං පාදෙ ගහෙත්වා ආවිජ්ඣන්ති. පලාලපීඨකන්ති ඡෙකො කාරණිකො ඡවිචම්මං අච්ඡින්දිත්වා නිසදපොතෙහි අට්ඨීනි භින්දිත්වා කෙසෙසු ගහෙත්වා උක්ඛිපන්ති. මංසරාසියෙව හොති, අථ නං කෙසෙහෙව පරියොනන්ධිත්වා ගණ්හන්ති. පලාලවට්ටිං විය කත්වා පන වෙඨෙන්ති. සුනඛෙහිපීති කතිපයානි දිවසානි ආහාරං අදත්වා ඡාතකෙහි සුනඛෙහි ඛාදාපෙන්ති. තෙ මුහුත්තෙන අට්ඨිසඞ්ඛලිකමෙව කරොන්ති. සම්පරායිකොති සම්පරායෙ දුතියත්තභාවෙ විපාකොති අත්ථො.
පලිඝපරිවත්තිකං එක් ඇලයකින් හාවා කන් සිදුරෙහි යහුලක් සිටුවා, පෘථුවියේ සිටුවයි. අනතුරුව දෙකකුල්වලින් අල්ලා කරකවති. පලාලපීඨකං දක්ෂ වූ වධකයෙක් සිවිය සම නොසිඳ, ඇඹරුම් ගලකින් ඇට තලා බිඳිති. ඉක්බිති කෙස්වලින් ඔසවයි. මස් රැසක්ම වෙයි. නැවත ඔහු කෙස්වලින්ම වෙළති. පිදුරු මිටියක් වෙන් කොට වෙළත්. සුනඛෙහිපි කීප දිනක් ආහාර නොදී බඩගින්නෙන් පෙළෙන සුනඛයන් ලවා කවති. ඔහු මොහොතකින් ඇටසැකිල්ල පමණක් ඉතිරි කරති. සම්පරායිකො දෙවන ආත්මභාවයේ දී විපාක දේ යන අර්ථයි.
ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානන්ති නිබ්බානං. නිබ්බානඤ්හි ආගම්ම කාමෙසු ඡන්දරාගො විනීයති චෙව පහීයති ච, තස්මා නිබ්බානං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානන්ති ච වුත්තං. සාමං වා කාමෙ පරිජානිස්සන්තීති සයං වා තෙ කාමෙ තීහි පරිඤ්ඤාහි පරිජානිස්සන්ති. තථත්තායාති තථභාවාය. යථාපටිපන්නොති යාය පටිපදාය පටිපන්නො.
ඡන්දරාග විනයො - ඡන්දරාගප්පහානං යනු නිර්වාණයයි. යම්හෙයකින් නිවසට පැමිණ පස්කම්හි ඡන්දරාගය දුරුවන්නේද, ප්‍රහීණ වන්නේද, එහෙයින් නිවණ ඡන්දරාග විනය, ඡන්දරාගප්පහාණ යයි කියන ලදී. සාමං වා කාමෙ පරිජානිස්සන්ති තෙමේ ම හෝ කාමයන් ත්‍රිවිධ පරිඥාවෙන් දැනගනිත්. තථත්තාය එබඳු බව, යථා පටිපන්නො යම් පිළිවෙතකින් පිළිපන්නේ
ඛත්තියකඤ්ඤා වාතිආදි අපරිත්තෙන විපුලෙන කුසලෙන ගහිතපටිසන්ධිකං වත්ථාලඞ්කාරාදීනි ලභනට්ඨානෙ නිබ්බත්තං දස්සෙතුං වුත්තං. පන්නරසවස්සුද්දෙසිකාති පන්නරසවස්සවයා. දුතියපදෙපි එසෙව නයො. වයපදෙසං කස්මා ගණ්හාති? වණ්ණසම්පත්තිදස්සනත්ථං. මාතුගාමස්ස හි දුග්ගතකුලෙ නිබ්බත්තස්සාපි එතස්මිං කාලෙ ථොකං ථොකං වණ්ණායතනං පසීදති. පුරිසානං පන වීසතිවස්සකාලෙ පඤ්චවීසතිවස්සකාලෙ පසන්නං හොති. නාතිදීඝාතිආදීහි ඡදොසවිරහිතං සරීරසම්පත්තිං දීපෙති. වණ්ණනිභාති වණ්ණොයෙව.
ඛත්තිය කඤ්ඤාවා යනාදිය නොමද වූ මහත් වූ කුසලයකින් ගත් පිළිසිඳ ගැනීම් ඇත්තේ වස්ත්රාභරණාදිය ලබන තැනක උපන්නහු දක්වන්නට වදාරන ලදී. පන්නරසවස්සුද්දෙසිකා පසළොස් අවුරුදු වයස් ඇති, දෙවන පදයෙහිද මේ ආකාරමයි. වයස් ප්‍රමාණය කවරහෙයින් ගනීද? වර්ණ සම්පත්තිය දැක්වීම පිණිසයි. දුගී කුලයෙහි උපන්නා වූ මාගමගේ මෙකල පැහැ සටහන ටිකින් ටික පහදී. පුරුෂයන්ගේ වනාහි විසිවැනි වයස විසිපස්වනි වයස කාලයන් රූප සම්පත්තිය ප්‍රසන්න වේ. නාතිදීඝා යනාදියෙන් සදොසින් තොර වූ වර්ණ සම්පත්තිය දක්වයි. වණ්ණනිභා යනු වර්ණයෝමය.
ජිණ්ණන්ති ජරාජිණ්ණං. ගොපානසිවඞ්කන්ති ගොපානසී විය වඞ්කං. භොග්ගන්ති භග්ගං, ඉමිනාපිස්ස වඞ්කභාවමෙව දීපෙති. දණ්ඩපරායණන්ති දණ්ඩපටිසරණං දණ්ඩදුතියං. පවෙධමානන්ති කම්පමානං. ආතුරන්ති ජරාතුරං. ඛණ්ඩදන්තන්ති ජිණ්ණභාවෙන ඛණ්ඩිතදන්තං. පලිතකෙසන්ති පණ්ඩරකෙසං. විලූනන්ති ලුඤ්චිත්වා ගහිතකෙසං විය ඛල්ලාටං. ඛලිතසිරන්ති මහාඛල්ලාටසීසං. වලිනන්ති සඤ්ජාතවලිං. තිලකාහතගත්තන්ති සෙතකාළතිලකෙහි විකිණ්ණසරීරං. ආබාධිකන්ති බ්යාධිකං. දුක්ඛිතන්ති දුක්ඛපත්තං.
ජීණ්ණං ජරාවෙන් දිරූ, ගොපානසිවංකං ගොනැස්සක් මෙන් වක් වූ භාගං මිදුණු, මෙයින් ඔහුගේ කුදු බවම දක්වයි. දණ්ඩපරායනං සැරයටිය පිහිටකොට ඇති, සැරයටිය දෙවැනිකොට ඇති, පවෙධමානං කම්පා වන්නා වූ, ආතුරං ජරාවෙන් ආතුර වූ, ඛණ්ඩදන්තං ජරාවට පැමිණීම නිසා වැටුණු දත් ඇති. පලිතකෙසං සුදුපැහැ වූ කෙස් ඇති, විලූනං තට්ට හිස ඇති, ඛලිතසිරං (පැසුණු) බල්ලාට හිස ඇති මුඩු හිස් ඇති, වලීනං ඇඟ රැළි වැටුණු තිලකාහත ගත්තං සුදු ලප කළු ලපවලින් ගැවසුනු සිරුර ඇති, ආබාධිතං වැළඳුනු රෝග ඇති, දුක්ඛිතං දුකට පත්,
බාළ්හගිලානන්ති අධිමත්තගිලානං. සිවථිකාය ඡඩ්ඩිතන්ති ආමකසුසානෙ පාතිතං. සෙසමෙත්ථ සතිපට්ඨානෙ වුත්තමෙව. ඉධාපි නිබ්බානංයෙව ඡන්දරාගවිනයො.
බාළ්හගිලානං අසාධ්‍ය තත්ත්වයෙන් දැඩිව ගිලන් වූ, සීවථිකාය ඡඩ්ඪීතං අමු සොහොනෙහි දමන ලද, මෙහි ඉතිරි විස්තර සතිපට්ඨාන සූත්‍රයේ ආ පරිදිය. මෙහි ද නිර්වාණයම ඡන්ද රාග විනය නම් වේ.
නෙව තස්මිං සමයෙ අත්තබ්යාබාධායාති තස්මිං සමයෙ අත්තනොපි දුක්ඛත්ථාය න චෙතෙති. අබ්යාබජ්ඣංයෙවාති නිද්දුක්ඛමෙව .
නෙව තස්මිං සමයෙ අත්තව්යාබාධාය එසමයෙහි ද තමන්ට දුක් පිණිස නො සිතයි. අබ්යපජ්ඣංයෙව, නිදුක් වූමය.
යං, භික්ඛවෙ, වෙදනා අනිච්චාති, භික්ඛවෙ, යස්මා වෙදනා අනිච්චා, තස්මා අයං අනිච්චාදිආකාරොව වෙදනාය ආදීනවොති අත්ථො, නිස්සරණං වුත්තප්පකාරමෙවාති.
යං භික්ඛවෙ වෙදනා අනිච්චා මහණෙනි, යම්හෙයකින් වේදනාව අනිත්‍ය වේද, එහෙයින් මේ අනිත්‍යාදී ආකාරය වේදනාවගේ ආදීනවය යන අර්ථයි. නිස්සරණය’ ගමන කියන ලද ආකාරයම වේ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාදුක්ඛක්ඛන්ධසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා දුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව නිමියේය.