යෙදුමෙන් කියවන්න

මහාදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං

1. 2. 3.

1. 2. 3.

මහාදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං

මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූන මයං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමාති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.

2. අථ ඛො තෙ භික‍්ඛූ යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං: සමණො ආවුසො ගොතමො කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම. සමණො ආවුසො ගොතමො රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම. සමණො ආවුසො ගොතමො වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං, සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින‍්ති?

2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනා සමඟ ධර්‍මදේශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයෝග කවරේ ද? නානාකාරණය කුමක් ද?

3. අථ ඛො තෙ භික‍්ඛූ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිංසු. නප‍්පටික‍්කොසිංසු අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමාති.

3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.

4. අථ ඛො තෙ භික‍්ඛූ සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉධ මයං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිම‍්හ. තෙසං නො භන‍්තෙ අම‍්හාකං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූන මයං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති. අථ ඛො මයං භන‍්තෙ යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිම‍්හ. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිම‍්හ. එකමන‍්තං නිසින‍්නෙ ඛො භන‍්තෙ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අම‍්හෙ එතදවොචුං: සමණො ආවුසො ගොතමො කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම. සමණො ආවුසො ගොතමො රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි රූපානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම.–

4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නෙමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු.

සමණො ආවුසො ගොතමො වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. මයම‍්පි වෙදනානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙම. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං, සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින‍්ති? අථ ඛො මයං භන‍්තෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිම‍්හ නප‍්පටික‍්කොසිම‍්හ. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිම‍්හ “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමා”ති.

ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනාව සමග ධර්‍මදේශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයෝගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.

5. එවංවාදිනො භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: කො පනාවුසො කාමානං අස‍්සාදො? කො ආදීනවො? කිං නිස‍්සරණං? කො රූපානං අස‍්සාදො? කො ආදීනවො? කිං නිස‍්සරණං? කො වෙදනානං අස‍්සාදො? කො ආදීනවො? කිං නිස‍්සරණන‍්ති? එවං පුට‍්ඨා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා න චෙව සම‍්පායිස‍්සන‍්ති. උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජිස‍්සන‍්ති. තං කිස‍්ස හෙතු? යථා තං භික‍්ඛවෙ අවිසයස‍්මිං. නාහං තං භික‍්ඛවෙ පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යො ඉමෙසං පඤ‍්හානං වෙය්‍යාකරණෙන චිත‍්තං ආරාධෙය්‍ය, අඤ‍්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්‍වා.

5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.

6. කො ච භික‍්ඛවෙ කාමානං අස‍්සාදො? පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච? චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්ච කාමගුණා. යං ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං කාමානං අස‍්සාදො.

6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමෝපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.

7. කො ච භික‍්ඛවෙ කාමානං ආදීනවො? ඉධ භික‍්ඛවෙ කුලපුත‍්තො යෙන සිප‍්පට‍්ඨානෙන ජීවිකං කප‍්පෙති: යදි මුද‍්දාය, යදි ගණනාය, යදි සඞ‍්ඛානෙන, යදි කසියා, යදි වණිජ‍්ජාය, යදි ගොරක‍්ඛෙන, යදි ඉස‍්සත්‍ථෙන, යදි රාජපොරිසෙන, යදි සිප‍්පඤ‍්ඤතරෙන, සීතස‍්ස පුරක‍්ඛතො උණ‍්හස‍්ස පුරක‍්ඛතො, ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙහි රිස‍්සමානො, ඛුප‍්පිපාසාය මීයමානො. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුළං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

8. තස‍්ස චෙ භික‍්ඛවෙ කුලපුත‍්තස‍්ස එවං උට‍්ඨහතො ඝටතො වායමතො භොගා නාභිනිප‍්ඵජ‍්ජන‍්ති, සො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහං ආපජ‍්ජති: “මොඝං වත මෙ උට‍්ඨානං, අඵලො වත මෙ වායාමොති.” අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘ඒකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය’යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හේතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

9. තස‍්ස චෙ භික‍්ඛවෙ කුලපුත‍්තස‍්ස එවං උට‍්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප‍්ඵජ‍්ජන‍්ති. සො තෙසං භොගානං ආරක‍්ඛාධිකරණං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති: “කින‍්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං න චොරා හරෙය්‍යුං න අග‍්ගි ඩහෙය්‍ය න උදකං වහෙය්‍ය න අප‍්පියා දායාදා හරෙය්‍යු”න‍්ති. තස‍්ස එවං ආරක‍්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන‍්ති, චොරා වා හරන‍්ති, අග‍්ගි වා ඩහති, උදකං වා වහති, අප‍්පියා වා දායාදා හරන‍්ති. සො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති: ‘යම‍්පි මෙ අහොසි තම‍්පි නො නත්‍ථී’ති. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භෝගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භෝගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගෝපනය කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.

10. පුන චපරං භික‍්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන‍්ති. ඛත‍්තියාපි ඛත‍්තියෙහි විවදන‍්ති. බ්‍රාහ‍්මණාපි බ්‍රාහ‍්මණෙහි විවදන‍්ති. ගහපතීපි ගහපතීහි විවදන‍්ති. මාතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි මාතරා විවදති. පිතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්‍ථ කලහවිග‍්ගහවිවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්ති. ලෙඩ‍්ඩූහිපි උපක‍්කමන‍්ති. දණ‍්ඩෙහිපි උපක‍්කමන‍්ති. සත්‍ථෙහිපි උපක‍්කමන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති, මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරයා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරිය සමඟ විවාද කරයි. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

11. පුන චපරං භික‍්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම‍්මං ගහෙත්‍වා ධනුකලාපං සන‍්නය‍්හිත්‍වා උභතො වියූළ‍්හං සඞ‍්ගාමං පක‍්ඛන්‍දන‍්ති උසූසුපි ඛිප‍්පමානෙසු සත‍්තීසුපි ඛිප‍්පමානාසු අසීසුපි විජ‍්ජොතලන‍්තෙසු. තෙ තත්‍ථ උසූහිපි විජ‍්ඣන‍්ති, සත‍්තියාපි විජ‍්ඣන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හේතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

12. පුන චපරං භික‍්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම‍්මං ගහෙත්‍වා ධනුකලාපං සන‍්නය‍්හිත්‍වා අද‍්දාවලෙපනා උපකාරියො පක‍්ඛන්‍දන‍්ති. උසූසුපි ඛිප‍්පමානෙසු සත‍්තීසුපි ඛිප‍්පමානාසු අසීසුපි විජ‍්ජොතලන‍්තෙසු. තෙ තත්‍ථ උසූහිපි විජ‍්ඣන‍්ති, සත‍්තියාපි විජ‍්ඣන‍්ති, පක‍්කට‍්ඨියාපි ඔසිඤ‍්චන‍්ති, අභිවග‍්ගෙනපි ඔමද‍්දන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති, මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො, දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

13. පුන චපරං භික‍්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්‍ධිම‍්පි ඡින්‍දන‍්ති, නිල‍්ලොපම‍්පි හරන‍්ති, එකාගාරිකම‍්පි කරොන‍්ති, පරිපන්‍ථෙපි තිට‍්ඨන‍්ති, පරදාරම‍්පි ගච‍්ඡන‍්ති. තමෙනං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති: කසාහිපි තාළෙන‍්ති, වෙත‍්තෙහිපි තාළෙන‍්ති, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්ති, හත්‍ථම‍්පි ඡින්‍දන‍්ති, පාදම‍්පි ඡින්‍දන‍්ති, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්ති, නාසම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්ති, බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්ති, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්ති, රාහුමුඛම‍්පි කරොන‍්ති, ජොතිමාලිකම‍්පි කරොන‍්ති, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්ති, එරකවත‍්තිකම‍්පි කරොන‍්ති, චීරකවාසිකම‍්පි කරොන‍්ති, එණෙය්‍යකම‍්පි කරොන‍්ති, බළිසමංසිකම‍්පි කරොන‍්ති, කහාපණකම‍්පි කරොන‍්ති–

13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජෝතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජෝතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති.

ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්ති, පලිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්ති. පලාලපීඨකම‍්පි කරොන‍්ති. තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්ති. සුනඛෙහිපි ඛාදාපෙන‍්ති. ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්ති. අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණ මත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි භික‍්ඛවෙ කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

ඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම් ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳුවති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හේතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

14. පුන චපරං භික‍්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච‍්චරිතං චරන‍්ති, වාචාය දුච‍්චරිතං චරන‍්ති, මනසා දුච‍්චරිතං චරන‍්ති. තෙ කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. අයං භික‍්ඛවෙ කාමානං ආදීනවො සම‍්පරායිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

15. කිඤ‍්ච භික‍්ඛවෙ කාමානං නිස‍්සරණං? යො ඛො භික‍්ඛවෙ කාමෙසු ඡන්‍දරාගවිනයො, ඡන්‍දරාගප‍්පහානං, ඉදං කාමානං නිස‍්සරණං.

15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.

16. යෙ හි කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං කාමානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නප‍්පජානන‍්ති. තෙ වත සාමං වා කාමෙ පරිජානිස‍්සන‍්ති පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති යථා පටිපන‍්නො කාමෙ පරිජානිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යෙ ච ඛො කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං කාමානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං පජානන‍්ති. තෙ වත සාමං වා කාමෙ පරිජානිස‍්සන‍්ති, පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති යථා පටිපන‍්නො කාමෙ පරිජානිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

16. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද, තතු සේ නොදනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් විදසුන් විසින් පිරිසිඳ දන්නාහු ය. යම්සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් පිරිසිඳ දන්නාහු ය. යම් සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.

17. කො ච භික‍්ඛවෙ රූපානං අස‍්සාදො? සෙය්‍යථාපි භික‍්ඛවෙ ඛත‍්තියකඤ‍්ඤා වා බ්‍රාහ‍්මණකඤ‍්ඤා වා ගහපතිකඤ‍්ඤා වා පණ‍්ණරස වස‍්සුද‍්දෙසිකා වා සොළස වස‍්සුද‍්දෙසිකා වා නාතිදීඝා නාතිරස‍්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච‍්චොදාතා, පරමා සා භික‍්ඛවෙ තස‍්මිං සමයෙ සුභා වණ‍්ණනිභාති? එවං භන‍්තෙ. යං ඛො භික‍්ඛවෙ සුභං වණ‍්ණනිභං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං. අයං රූපානං අස‍්සාදො.

17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්‍ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.

18. කො ච භික‍්ඛවෙ රූපානං ආදීනවො? ඉධ භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන ආසීතිකං වා නාවුතිකං වා වස‍්සසතිකං වා ජාතියා, ජිණ‍්ණං ගොපානසිවඞ‍්කං භොග‍්ගං දණ‍්ඩපරායනං පවෙධමානං ගච‍්ඡන‍්තිං ආතුරං ගතයොබ‍්බනං ඛණ‍්ඩදන‍්තං පලිතකෙසං විලූනං ඛලිතංසිරං වලිතං තිලකාහත ගත‍්තං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්‍ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රෝගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මේද රූපයන්ගේ ආදීනවය යි.

19. පුන චපරං භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය ආබාධිකං දුක‍්ඛිතං බාළ‍්හගිලානං සකෙ මුත‍්තකරීසෙ පලිපන‍්නං සෙමානං අඤ‍්ඤෙහි වුට‍්ඨාපියමානං අඤ‍්ඤෙහි සංවෙසියමානං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රෝගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.

20. පුන චපරං භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ‍්ඩිතං එකාහමතං වා ද‍්වීහමතං වා තීහමතං වා, උද‍්ධුමාතකං විනීලකං විපුබ‍්බකජාතං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

21. පුන චපරං භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය සරීරං සීවථිකාය ඡඩ‍්ඩිතං කාකෙහි වා ඛජ‍්ජමානං කුලලෙහි වා ඛජ‍්ජමානං ගිජ‍්ඣෙහි වා ඛජ‍්ජමානං සුවාණෙහි වා ඛජ‍්ජමානං සිගාලෙහි වා ඛජ‍්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ‍්ජමානං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

22. පුන චපරං භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකසඞ‍්ඛලිකං සමංසලොහිතං නහාරුසම‍්බන්‍ධං -පෙ- අට‍්ඨිකසඞ‍්ඛලිකං නිමංසලොහිතමක‍්ඛිතං නහාරුසම‍්බන්‍ධං -පෙ- අට‍්ඨිකසඞ‍්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම‍්බන්‍ධං -පෙ- අට‍්ඨිකානි අපගතසම‍්බන්‍ධානි දිසාවිදිසා වික‍්ඛිත‍්තානි අඤ‍්ඤෙන හත්‍ථට‍්ඨිකං අඤ‍්ඤෙන පාදට‍්ඨිකං අඤ‍්ඤෙන ජඞ‍්ඝට‍්ඨිකං අඤ‍්ඤෙන ඌරට‍්ඨිකං අඤ‍්ඤෙන කටට‍්ඨිකං අඤ‍්ඤෙන පිට‍්ඨිකණ‍්ටකං අඤ‍්ඤෙන සීසකටාහං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ... අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

23. පුන චපරං භික‍්ඛවෙ තමෙව භගිනිං පස‍්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ‍්ඩිතං අට‍්ඨිකානි සෙතානි සඞ‍්ඛවණ‍්ණූපනිභානි -පෙ- අට‍්ඨිකානි පුඤ‍්ජකිතානි තෙරොවස‍්සිකානි -පෙ- අට‍්ඨිකානි පූතීනි චුණ‍්ණකජාතානි. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යා පුරිමා සුභා වණ‍්ණනිභා සා අන‍්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන‍්තෙ. අයම‍්පි භික‍්ඛවෙ රූපානං ආදීනවො.

23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්වන් පැහැ ඇට ඇති ... අවුරුදු ගණන් ඉක්ම ගියාවූ රැස් වූ ඇට ඇති ... කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.

24. කිඤ‍්ච භික‍්ඛවෙ රූපානං නිස‍්සරණං? යො භික‍්ඛවෙ රූපෙසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං ඉදං රූපානං නිස‍්සරණං.

24. මහණෙනි, රූපයන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ඡන්‍දරාග විනයයෙක් යම් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයන්ගේ නිස්සරණය යි.

25. යෙ හි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නප‍්පජානන‍්ති, තෙ වත සාමං වා රූපෙ පරිජානිස‍්සන‍්ති, පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති යථා පටිපන‍්නො රූපෙ පරිජානිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යෙ ච ඛො කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං පජානන‍්ති, තෙ වත සාමං වා රූපෙ පරිජානිස‍්සන‍්ති, පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති යථා පටිපන‍්නො රූපෙ පරිජානිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.

25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.

26. කො ච භික‍්ඛවෙ වෙදනානං අස‍්සාදො? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. යස‍්මිං සමයෙ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම‍්පජ‍්ජ විහරති, නෙව තස‍්මිං සමයෙ අත‍්තව්‍යාබාධාය චෙතෙති. න පරව්‍යාබාධාය චෙතෙති. න උභයව්‍යාබාධාය චෙතෙති. අබ්‍යාපජ‍්ඣංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. අබ්‍යාපජ‍්ඣපරමාහං භික‍්ඛවෙ වෙදනානං අස‍්සාදං වදාමි.

26. මහණෙනි, වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වේදනාවක් ම විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.

27. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. යස‍්මිං සමයෙ භික‍්ඛවෙ භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, නෙව තස‍්මිං සමයෙ අත‍්තව්‍යාබාධාය චෙතෙති. න පරව්‍යාබාධාය චෙතෙති. න උභයව්‍යාබාධාය චෙතෙති. අබ්‍යාපජ‍්ඣංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. අබ්‍යාපජ‍්ඣපරමාහං භික‍්ඛවෙ වෙදනානං අස‍්සාදං වදාමි.

27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්‍ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්‍ක රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රහාණියෙන් ද දුඃඛප්‍රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වේදනාව විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.

28. කො ච භික‍්ඛවෙ වෙදනානං ආදීනවො? යං භික‍්ඛවෙ වෙදනා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං වෙදනානං ආදීනවො.

28. මහණෙනි, වේදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වේදනාව අනිත්‍ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වේදනාවන්ගේ ආදීනව ය යි.

29. කිඤ‍්ච භික‍්ඛවෙ වෙදනානං නිස‍්සරණං? යො භික‍්ඛවෙ වෙදනාසු ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං වෙදනානං නිස‍්සරණං.

29. මහණෙනි, වේදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වේදනාවන්හි යම් ඡන්‍දරාග විනයයෙක් වේ ද, ඡන්‍දරාග ප්‍රහාණියෙක් වේ ද, මෙය වේදනාවන්ගේ නිස්සරණය යි.

30. යෙ හි කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නප‍්පජානන‍්ති, තෙ වත සාමං වා වෙදනා පරිජානිස‍්සන‍්ති, පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති, යථා පටිපන‍්නො වෙදනා පරිජානිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. යෙ ච ඛො කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං පජානාති, තෙ වත සාමං වා වෙදනා පරිජානිස‍්සන‍්ති, පරං වා තථත‍්තාය සමාදපෙස‍්සන‍්ති යථා පටිපන‍්නො වෙදනාපරිජානිස‍්සතීති ඨානමෙතං විජ‍්ජතීති.

30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

මහාදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං තතියං.

මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත්‍රය තෙවැනි යි.