යෙදුමෙන් කියවන්න

මහාසීහනාදසුත‍්තං

1. 2. 2.

1. 2. 2.

මහාසීහනාදසුත‍්තං

මහාසීහනාද සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති බහිනගරෙ අවරපුරෙ වනසණ‍්ඩෙ. තෙන ඛො පන සමයෙන සුනක‍්ඛත‍්තො ලිච‍්ඡවිපුත‍්තො අචිරපක‍්කන‍්තො හොති ඉමස‍්මා ධම‍්මවිනයා. සො වෙසාලියං පරිසතිං එවං වාචං භාසති: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො. තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයම‍්පටිභානං. යස‍්ස ච ඛ‍්වාස‍්ස අත්‍ථාය ධම‍්මො දෙසිතො, සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා”ති.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පැළදිග වනලැහැබෙහි වැඩ වසන සේක. ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මේ ශාසනයෙන් නික්ම ගිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙයින් තෙපලයි: “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය පිණිස සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් පර්‍ය්‍යාහත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු වු දහමක් දේශනා කරයි. (එහෙත්) යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය දේශිත පරිදි කරනුවාගේ දුක් මැනැවින් නස්නා පිණිස වැටේය” කියා යි.

2. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි. අස‍්සොසි ඛො ආයස‍්මා සාරිපුත‍්තො සුනක‍්ඛත‍්තස‍්ස ලිච‍්ඡවිපුත‍්තස‍්ස වෙසාලියං පරිසතිං එවං වාචං භාසමානස‍්ස: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො. තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස‍්ස ච ඛ‍්වාස‍්ස අත්‍ථාය ධම‍්මො දෙසිතො, සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා”ති.

2. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු සිවුරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන විශාලානුවරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය” යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්තයාගේ කථාව ඇසූහ.

3. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො වෙසාලියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: සුනක‍්ඛත‍්තො භන‍්තෙ ලිච‍්ඡවිපුත‍්තො අචිරපක‍්කන‍්තො ඉමස‍්මා ධම‍්මවිනයා. සො වෙසාලියං පරිසතිං එවං වාචං භාසති: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො. තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයම‍්පටිභානං. යස‍්ස ච ඛ‍්වාස‍්ස අත්‍ථාය ධම‍්මො දෙසිතො, සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා”ති.

3. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මෙ සස්නෙන් පහව ගිය විරූ නොබෝකල් ඇත්තෙක. විශාලා නගරයෙහි පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි මෙබඳු වචනයක් කියයි.

4. කොධනො සාරිපුත‍්ත සුනක‍්ඛත‍්තො මොඝපුරිසො. කොධා ච පනස‍්ස එසා වාචා භාසිතා ‘අවණ‍්ණං භාසිස‍්සාමී’ති. සො සාරිපුත‍්ත සුනක‍්ඛත‍්තො මොඝපුරිසො වණ‍්ණංයෙව තථාගතස‍්ස භාසති. වණ‍්ණො හෙසො සාරිපුත‍්ත තථාගතස‍්ස, යො එවං වදෙය්‍ය: ‘යස‍්ස ච ඛ‍්වාස‍්ස අත්‍ථාය ධම‍්මො දෙසිතො, සො නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා’ති.

4. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂ ක්‍රෝධ කරන සුලුය. ක්‍රෝධ හේතුයෙන් තුලුන් විසින් මේ වචනය කියන ලදි. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත මෝඝපුරුෂ ‘නුගුණ කියමි’ යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරිපුත්‍රය, “තථාගතයන් විසින් යම් අර්‍ත්‍ථයක් පිණිස යමකුට ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නාහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි යමෙක් කියා නම්, එය තථාගතයන්ගේ ගුණයෙක් ම ය.

5. අයම‍්පි හි නාම සාරිපුත‍්ත, සුනක‍්ඛත‍්තස‍්ස මොඝපුරිසස‍්ස මයි ධම‍්මන්‍වයො න භවිස‍්සති: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති.

5. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් හා යුක්තයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථීහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ” යි මා කෙරෙහි මේ (සර්‍වඥතාඥාන සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමර්‍ත්‍ථ ඥානය වූ) ධර්‍මාන්‍වය ද නො වෙයි.

6. අයම‍්පි හි නාම සාරිපුත‍්ත සුනක‍්ඛත‍්තස‍්ස මොඝපුරිසස‍්ස මයි ධම‍්මන්‍වයො න භවිස‍්සති: “ඉතිපි සො භගවා අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති: එකොපි හුත්‍වා බහුධා හොති. බහුධාපි හුත්‍වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති. සෙය්‍යථාපි ආකාසෙ. පඨවියම‍්පි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති. සෙය්‍යථාපි උදකෙ. උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියං. ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමති සෙය්‍යථාපි පක‍්ඛීසකුණො. ඉමෙපි චන්‍දිමසුරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ‍්ජති. යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙතී”ති.

6. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනු දු නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති: එකෙක් වූහු බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. බිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැටෙමින් යන සේක. ජලයෙහි සෙයින් පොළොවෙහි ද ඉල්පීම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙයින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පක්‍ෂීශකූනීන් සෙයින් පර්‍ය්‍යඞ්කයෙන් යන සේක. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා කරතලයෙන් පරාමර්‍ශන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද තෙක් කයින් විසිය පවත්වන සේකැ”යි මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය (ඍද්ධිවිධඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා ඥානය) ද නො වෙයි.

7. අයම‍්පි හි නාම සාරිපුත‍්ත, සුනක‍්ඛත‍්තස‍්ස මොඝපුරිසස‍්ස මයි ධම‍්මන්‍වයො න භවිස‍්සති: “ඉතිපි සො භගවා දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාති දිබ‍්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන‍්තිකෙ චා”ති.

7. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය ද (දිව්‍ය ශ්‍රෝතධාතුඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනගන්නා ප්‍රඥා) නො වෙයි. එනම්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් ඉතා පිරිසිදු මිනිසැස ඉක්ම වූ දිව්‍ය ශ්‍රොතධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුරැ වූත් සමීප වූත් ද්විවිධ ශබ්දයන් අසන සේකැ” කියා ය.

8. අයම‍්පි හි නාම සාරිපුත‍්ත, සුනක‍්ඛත‍්තස‍්ස මොඝපුරිසස‍්ස මයි ධම‍්මන්‍වයො න භවිස‍්සති: “ඉතිපි සො භගවා පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාති: සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානාති. වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානාති. සදොසං වා චිත‍්තං සදොසං චිත‍්තන‍්ති පජානාති. වීතදොසං වා චිත‍්තං වීතදොසං චිත‍්තන‍්ති පජානාති. සමොහං වා චිත‍්තං සමොහං චිත‍්තන‍්ති පජානාති. වීතමොහං වා චිත‍්තං වීතමොහං චිත‍්තන‍්ති පජානාති. සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති. වික‍්ඛිත‍්තං වා චිත‍්තං වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානාති. මහග‍්ගතං වා චිත‍්තං මහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති. අමහග‍්ගතං වා චිත‍්තං අමහග‍්ගතං චිත‍්තන‍්ති පජානාති. සඋත‍්තරං වා චිත‍්තං සඋත‍්තරං චිත‍්තන‍්ති පජානාති. අනුත‍්තරං වා චිත‍්තං අනුත‍්තරං චිත‍්තන‍්ති පජානාති. සමාහිතං වා චිත‍්තං සමාහිතං චිත‍්තන‍්ති පජානාති. අසමාහිතං වා චිත‍්තං අසමාහිතං චිත‍්තන‍්ති පජානාති. විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානාති. අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානාති.”

8. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාට - “භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැන ගන්නා සේක. රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැ යි දන්නා සේක. රාග රහිත වූ හෝ සිත රාග රහිත සිතැ යි දන්නා සේක. ද්වේෂ සහිත වූ හෝ සිත ද්වේෂ සහිත සිතැ යි දන්නා සේක. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ රහිත සිතැ යි දන්නා සේක. මෝහ සහිත වූ හෝ සිත මෝහ සහිත සිතැ යි දන්නා සේක. මෝහ රහිත වූ හෝ සිත මෝහ රහිත සිතැ යි දන්නා සේක. (ථීනමිද්ධයෙන්) සංක්‍ෂිප්ත වූ හෝ සිත සංක්‍ෂිප්ත වූ සිතැ යි දන්නා සේක. (උද්ධච්චයෙන්) වික්‍ෂිප්ත වූ හෝ සිත වික්‍ෂිප්ත වූ සිතැ යි දන්නා සේක. මහග්‍ගත වූ හෝ සිත මහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. අමහග්‍ගත වූ හෝ සිත අමහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. සඋත්තර වූ හෝ සිත සඋත්තර වූ සිතැ යි දන්නා සේක. නිරුත්තර වූ හෝ සිත නිරුත්තර වූ සිතැ යි දන්නා සේක. සමාහිත වූ හෝ සිත සමාහිත වූ සිතැ යි දන්නා සේක. අසමාහිත වූ හෝ සිත අසමාහිත වූ සිතැ යි දන්නා සේක. විමුත්ත වූ හෝ සිත විමුත්ත වූ සිතැ යි දන්නා සේක. අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත වූ සිතැ යි දන්නා සේකැ”යි මෙසේ මා කෙරෙහි ඇති මේ (චේතෝපරියඤාණ සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා) ඥානය ද නො වෙයි.

9. දස ඛො පනිමානි සාරිපුත‍්ත තථාගතස‍්ස තථාගතබලානි යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති. කතමානි දස? ඉධ සාරිපුත‍්ත, තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

9. ශාරිපුත්‍රය, යම් බඳු බලයන්ගෙන් යුත් තථාගත තෙම ශ්‍රේෂ්ඨ ස්ථානය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත බල දසයෙක් වෙයි. කවර දසයෙක් ද යත්: ශාරිපුත්‍රය, මෙහි තථාගත තෙමෙ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තතු ලෙස දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ කාරණය කාරණය වශයෙනුත් අකාරණය අකාරණය වශයෙනුත් තත් වූ පරිදි දනී යන යමක් ඇද්ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ ස්ථානාස්ථානඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

10. පුන චපරං සාරිපුත‍්ත තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

10. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

11. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

11. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී (නිරයාදී හැම තැන් යන) ප්‍රතිපදාව තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී ප්‍රතිපදාව තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

12. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

12. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

13. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත තථාගතො සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

13. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

14. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත තථාගතො පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

14. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා (වෘද්ධිය හානිය) තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

15. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සඞ‍්කිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සංකිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං, හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

15. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම ද පිරිසිදු බව ද එයින් නැගී සිටීම ද තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකෙලශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන තතුසේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

16. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසතිම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, “අමුත්‍රාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං.–

16. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ නන් වැදෑරුම් පූර්වේනිවාසය සිහි කෙරෙයි. එනම්: ඒකජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියක් දහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් හටගන්නා කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද “අසුවල් තැන උපන්නෙමි. මේ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි වර්‍ණ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙවැනි සැප දුක් වින්දෙම් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි.

තත්‍රාපාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො”ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, ඉදම‍්පි සාරිපුත‍්ත තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

එහි දී ද මෙනම් ඇත්තෙකිමි මෙනම් ගෝත්‍ර ඇත්තෙකිමි මෙවැනි වර්‍ණ ඇත්තෙකිමි මෙවැනි සැප දුක් වින්දෙකිමි මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි.” මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පූර්වේනිවාසය සිහි කරයි. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ නන්වැදෑරුම් පූර්වේනිවාසය සිහි කෙරේ ද, එනම් ජාති එකක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ ද, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

17. පුන චපරං සාරිපුත‍්ත, තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති: චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ. යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: “ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා; ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා”ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ. යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. යම‍්පි සාරිපුත‍්ත තථාගතො -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත තථාගතස‍්ස තථාගතබලං හොති. යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

17. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු පහත් උසස් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්‍වයන් දක්නේය: “කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දන්නේය. මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්‍චරිතයෙන් යුක්ත වූවාහුය. වාග්දුශ්‍චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යෝපවාදය කළාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නරකයට ඉපදීම් වශයෙන් පැමිණියාහුය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහුය. වාග්සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝසුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහුය. සම්‍යග්දෘෂ්ටිකයෝය. සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය.” මෙසේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු දිවැසින් මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

18. පුන චපරං සාරිපුත‍්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. යම‍්පි සාරිපුත‍්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, ඉදම‍්පි සාරිපුත‍්ත තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

18. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ආස්‍රවයන් නැති වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.

19. ඉමානි ඛො සාරිපුත‍්ත දස තථාගතස‍්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

19. ශාරිපුත්‍රය, යම් බඳු බලයෙකින් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ දශ තථාගත බලයෝ යි.

20. යො ඛො මං සාරිපුත‍්ත එවං ජානන‍්තං එවං පස‍්සන‍්තං එවං වදෙය්‍ය: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො, තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයම‍්පටිභාන”න‍්ති. තං සාරිපුත‍්ත වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. සෙය්‍යථාපි සාරිපුත‍්ත භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවං සම‍්පදමිදං සාරිපුත‍්ත වදාමි: තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

20. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා මෙසේ දක්නා මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශනයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කපර්‍ය්‍යාහත කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සිය වටහනු දහමක් දේශනා කෙරේ” ය යි කියා නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ ය. ශාරිපුත්‍රය, සීලසම්පන්න සමාධිසම්පන්න ප්‍රඥාසම්පන්න මහණ යම්සේ ඉහාත්මයේ දී ම රහත් බවට පැමිණේද, ශාරිපුත්‍රය, මේ කාරණය ද මෙසේය යි කියමි: ඒ කීම නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ වේ.

21. චත‍්තාරිමානි සාරිපුත‍්ත තථාගතස‍්ස වෙසාරජ‍්ජානි යෙහි වෙසාරජ‍්ජෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති. කතමානි චත‍්තාරි?

21. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුත් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ මේ සතර දෙනෙක් වෙත්. ඒ කවර සතර දෙනෙක යත්:

22. “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතො ඉමෙ ධම‍්මා අනභිසම‍්බුද‍්ධා”ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

22. “සම්‍යක්සම්බුද්ධයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මෙනම් ධර්‍මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය, යි එහි ලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, මම නොදක්මි. ශාරිපුත්‍රය, “මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි”.

23. “ඛීණාසවස‍්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික‍්ඛීණා”ති, තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

23. ක්‍ෂීණාස්‍රවයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ආස්‍රවයෝ ක්‍ෂය නොකරන ලදහ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

24. “යෙ ඛො පන තෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

24. “මාර්‍ගඵලයන්ට අන්තරායකර යම් ධර්‍ම කෙනෙක් තොප විසින් ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ ධර්‍මයන් සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො පවත්නාහු ය” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

25. “යස‍්ස ඛො පන තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතො සො න නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා”ති. තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

25. “තොප විසින් යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දේශනා කරන ලද නම්, ඒ ධර්‍මය ඊට අනුව පිළිපදින්නහුගේ මැනවින් දුක් කෙළවර කිරීම පිණිස නොවන්නේ යැ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

26. ඉමානි ඛො සාරිපුත‍්ත චත‍්තාරි තථාගතස‍්ස වෙසාරජ‍්ජානි යෙහි වෙසාරජ‍්ජෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.

26. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ සතරහු තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ යි.

27. යො ඛො මං සාරිපුත‍්ත එවං ජානන‍්තං එවං පස‍්සන‍්තං එවං වදෙය්‍ය: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො, තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයම‍්පටිභාන”න‍්ති, තං සාරිපුත‍්ත වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. සෙය්‍යථාපි සාරිපුත‍්ත භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවං සම‍්පදමිදං සාරිපුත‍්ත වදාමි: තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

27. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානවිශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය සියවටහනු දහමක් දේශනා කෙරේ” ය යි මෙසේ කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන අවුත් තබන ලද්දක් සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත්‍වය ලබාද, මේ කාරණය ත් එසේ ය යි කියමි. ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදනේ වේ.

28. අට‍්ඨ ඛො ඉමා සාරිපුත‍්ත පරිසා: කතමා අට‍්ඨ? ඛත‍්තියපරිසා, බ්‍රාහ‍්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම‍්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්‍රහ‍්මපරිසා. ඉමා ඛො සාරිපුත‍්ත අට‍්ඨ පරිසා. ඉමෙහි ඛො සාරිපුත‍්ත චතූහි වෙසාරජ‍්ජෙහි සමන‍්නාගතො තථාගතො ඉමා අට‍්ඨ පරිසා උපසඞ‍්කමති අජ‍්ඣොගාහති.

28. ශාරිපුත්‍රය, මේ පිරිස් අටෙකි. කවර අටෙක් ද යත්: කැත් පිරිස ය, බමුණු පිරිසය, ගැහැවි පිරිසය, මහණ පිරිසය, සිවුමහරැජි පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බඹ පිරිසය. ශාරිපුත්‍රය, මේ සිවු වෙසරද බැවින් යුත් තථාගත තෙමේ මේ අටපිරිස ම කරා එළඹෙයි, පිවිසෙයි.

29. අභිජානාමි ඛො පනාහං සාරිපුත‍්ත අනෙකසතං ඛත‍්තියපරිසං උපසඞ‍්කමිතා. තත්‍රපි මයා සන‍්නිසින‍්නපුබ‍්බඤ‍්චෙව සල‍්ලපිතපුබ‍්බඤ‍්ච සාකච‍්ඡා ච සමාපජ‍්ජිතපුබ‍්බා. තත්‍ර වත මං භයං වා සාරජ‍්ජං වා ඔක‍්කමිස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

29. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් කැත්පිරිස් වෙතට පැමිණියෙමි යි දනිමි. එපිරිස්හි මා හුන්විරූ ද කථාකළ විරූ ද සාකච්ඡා කළ විරූ ද වෙයි. ශාරිපුත්‍රය, එහි දී ඒකාන්තයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, නිර්‍භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

30. අභිජානාමි ඛො පනාහං සාරිපුත‍්ත අනෙකසතං බ්‍රාහ‍්මණපරිසං -පෙ- ගහපතිපරිසං -පෙ- සමණපරිසං -පෙ- චාතුම‍්මහාරාජිකපරිසං -පෙ- තාවතිංසපරිසං -පෙ- මාරපරිසං -පෙ- බ්‍රහ‍්මපරිසං උපසඞ‍්කමිතා. තත්‍රපි මයා සන‍්නිසින‍්නපුබ‍්බඤ‍්චෙව සල‍්ලපිතපුබ‍්බඤ‍්ච සාකච‍්ඡා ච සමාපජ‍්ජිතපුබ‍්බා තත්‍ර වත මං භයං වා සාරජ‍්ජං වා ඔක‍්කමිස‍්සතීති නිමිත‍්තමෙතං සාරිපුත‍්ත න සමනුපස‍්සාමි. එතම‍්පහං සාරිපුත‍්ත නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි.

30. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරැජි පිරිස් වෙත ... තව්තිසා පිරිස් වෙත ... මාර පිරිස් වෙත ... බඹ පිරිස් වෙත ... එළඹියෙමි යි දනිමි. එහි දීත් මා හුන්විරූ ද කථාකළවිරූ ද සාකච්ඡා කළවිරූ ද වෙයි. ශාරිපුත්‍රය, එපිරිස්හි මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, නිර්‍භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

31. යො ඛො මං සාරිපුත‍්ත එවං ජානන‍්තං එවං පස‍්සන‍්තං එවං වදෙය්‍ය: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො, තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන”න‍්ති තං සාරිපුත‍්ත වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. සෙය්‍යථාපි සාරිපුත‍්ත භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවං සම‍්පදමිදං සාරිපුත‍්ත වදාමි: තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

31. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය තමාට වැටහුනු සේ ධර්‍මය දේශනා කෙරේය” යි කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන ඇර සිටුවූවකු සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් තෙමේ ඉහාත්මයේ දී ම යම්සේ (මාර්‍ගයට අනතුරුව ඵලය මෙන්) අර්‍හත්‍වයට පැමිණියේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටි හේ) ගෙන එන ලද්දක් බහා තබන්නා සේ (චුතියට අනතුරුව පතිසන්‍ධිය මෙන්) නරකයෙහි උපදිනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

32. චතස‍්සො ඛො ඉමා සාරිපුත‍්ත යොනියො. කතමා චතස‍්සො? අණ‍්ඩජා යොනි, ජලාබුජා යොනි, සංසෙදජා යොනි, ඔපපාතිකා යොනි. කතමා ච සාරිපුත‍්ත අණ‍්ඩජා යොනි? යෙ ඛො තෙ සාරිපුත‍්ත සත‍්තා අණ‍්ඩකොසං අභිනිබ‍්භිජ‍්ජ ජායන‍්ති, අයං වුච‍්චති සාරිපුත‍්ත අණ‍්ඩජා යොනි. කතමා ච සාරිපුත‍්ත ජලාබුජා යොනි? යෙ ඛො තෙ සාරිපුත‍්ත සත‍්තා වත්‍ථිකොසං අභිනිබ‍්භිජ‍්ජ ජායන‍්ති, අයං වුච‍්චති සාරිපුත‍්ත ජලාබුජා යොනි. කතමා ච සාරිපුත‍්ත සංසෙදජා යොනි? යෙ ඛො තෙ සාරිපුත‍්ත සත‍්තා පූතිමච‍්ඡෙ වා ජායන‍්ති පූතිකුණපෙ වා පූතිකුම‍්මාසෙ වා චන්‍දනිකායෙ වා ඔළිගල‍්ලෙ වා ජායන‍්ති, අයං වුච‍්චති සාරිපුත‍්ත සංසෙදජා යොනි. කතමා ච සාරිපුත‍්ත ඔපපාතිකා යොනි? දෙවා නෙරයිකා එකච‍්චෙ ච මනුස‍්සා එකච‍්චෙ ච විනිපාතිකා. අයං වුච‍්චති සාරිපුත‍්ත ඔපපාතිකා යොනි. ඉමා ඛො සාරිපුත‍්ත චතස‍්සො යොනියො.

32. ශාරිපුත්‍රය, මේ යෝනීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: අණ්ඩජයෝනිය, ජලාබුජයෝනිය, සංසේදජයෝනිය, ඕපපාතිකයෝනිය යි. ශාරිපුත්‍රය, අණ්ඩජයෝනිය කවරේ ය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් බිජුවට බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ අණ්ඩජයෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ජලාබුජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් වස්තිකෝෂය බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ ජලාබුජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, සංසේදජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් දුඟද මසෙහි හෝ උපදිත් ද, දුඟද සිරුරෙහි හෝ දුඟද කොමුයෙහි හෝ මොළෙහි (=අපවිත්‍ර දේ ගලාබස්නා තැන) හෝ ගම්දොර ගවරවළෙහි හෝ උපදිත් ද, ශාරිපුත්‍රය, මේ සංසේදජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ඕපපාතික යෝනිය කවරය? දෙවියෝ ය, නේරයික සත්ත්‍වයෝ ය, ඇතැම් මනුෂ්‍යයෝ ය, ඇතැම් වෛමානිකයෝය. ශාරිපුත්‍රය, මේ ඕපපාතික යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, මේ වනාහි සතර යෝනීහු ය.

33. යො ඛො මං සාරිපුත‍්ත එවං ජානන‍්තං එවං පස‍්සන‍්තං එවං වදෙය්‍ය: නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො, තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයම‍්පටිභානන‍්ති. තං සාරිපුත‍්ත වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. සෙය්‍යථාපි සාරිපුත‍්ත භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවං සම‍්පදමිදං සාරිපුත‍්ත වදාමි: තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

33. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණගෞතම තෙමේ තර්‍කය හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත් බවට පැමිණේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ ය යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

34. පඤ‍්ච ඛො ඉමා සාරිපුත‍්ත ගතියො. කතමා පඤ‍්ච? නිරයො, තිරච‍්ඡානයොනි, පෙත‍්තිවිසයො, මනුස‍්සා, දෙවා. නිරයඤ‍්චාහං සාරිපුත‍්ත පජානාමි, නිරයගාමිඤ‍්ච මග‍්ගං, නිරයගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. තිරච‍්ඡානයොනිඤ‍්චාහං සාරිපුත‍්ත පජානාමි, තිරච‍්ඡානයොනිගාමිඤ‍්ච මග‍්ගං, තිරච‍්ඡානයොනිගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. පෙත‍්තිවිසයඤ‍්චාහං සාරිපුත‍්ත පජානාමි පෙත‍්තිවිසයගාමිඤ‍්ච මග‍්ගං පෙත‍්තිවිසයගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. මනුස‍්සෙචාහං සාරිපුත‍්ත පජානාමි, මනුස‍්සලොකගාමිඤ‍්ච මග‍්ගං, මනුස‍්සලොකගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි. දෙවෙ චාහං සාරිපුත‍්ත පජානාමි. දෙවලොකගාමිඤ‍්ච මග‍්ගං, දෙවලොකගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති, තඤ‍්ච පජානාමි–

34. ශාරිපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසෙක් ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය. ශාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්‍ගයත් නිරයගාමී ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකෙහි පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම තිරිසන් යෝනිය ද තිරිසන් යෝනියට යන මාර්‍ගය ද තිරිසන් යෝනියට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ප්‍රේතවිෂය ද ප්‍රේතවිෂයයට යන මාර්‍ගය ද ප්‍රේතවිෂයයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම මනුෂ්‍යයනුත් මනුෂ්‍යලෝකයට යන මාර්‍ගයත් මනුෂ්‍යලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම දෙවියන් ද දෙවලොකයට යන මාර්‍ගයත් දෙවලොකයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සුගති නම් ස්වර්‍ගලෝකයෙහි උපදී ද, එය ද දනිමි.

නිබ‍්බානඤ‍්චාහං සාරිපුත‍්ත පජානාමි නිබ‍්බානගාමිඤ‍්ච මග‍්ගං නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, තඤ‍්ච පජානාමි.

ශාරිපුත්‍රය, මම ගතිනිස්සරණය වූ නිවන ද නිවනට යන මාර්‍ගය ද නිවනට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් නිරාස්‍රව වූ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, එය ද දනිමි.

35. ඉධාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නං එකන‍්තදුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත‍්ත අඞ‍්ගාරකාසු සාධිකපොරිසා පූරඞ‍්ගාරානං වීතච‍්චිකානං වීතධූමානං, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව අඞ‍්ගාරකාසුං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා ඉමං යෙව අඞ‍්ගාරකාසුං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන තස‍්සා අඞ‍්ගාරකාසුයා පතිතං එකන‍්තදුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නං එකන‍්තදුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං.

35. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක මිනිසැස ඉක්ම පිරිසිදු වූ දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වේදනා විඳින ඒ මේ පුද්ගලයා දකිමි. ශාරිපුත්‍රය, පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති ගිනි අඟුරෙන් පිරුණු පුරුෂ ප්‍රමාණයට අධික වූ අඟුරුවළෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඒ අඟුරුවළ ම උදෙසා ඊට ම වැටී තිබෙන එක ම මගින් එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අඟුරු වලට ම එන්නේ ද, එසේ මේ පින්වත් පුරුෂ තෙමේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේ ය. පසු කාලයෙහි ඒ අඟුරුවළට වැටුණු ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේ ය. ශාරිපුත්‍රය, මම එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම් සේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

36. ඉධ පනාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: ‘තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපන‍්නං දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත‍්ත ගූථකූපො සාධිකපොරිසො පූරො ගූථස‍්ස. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව ගූථකූපං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා ඉමං යෙව ගූථකූපං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන තස‍්මිං ගූථකූපෙ පතිතං දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං.–

36. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පුරුෂප්‍රමාණයට අධික වූ අසූචියෙන් පිරුණු අසූචිවළෙක් යම්සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මගින් එ ම අසූචි වළ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අසූචිවළට එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය” යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ අසූචිවළෙහි වැටුණු දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේය.

එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපන‍්නං දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියමානං.

ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කලෙක කාබුන් මරණින් මතු තිරිසන්යෝනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.

37. ඉධ පනාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති. තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපන‍්නං දුක‍්ඛබහුලා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත‍්ත රුක‍්ඛො විසමෙ භූමිභාගෙ ජාතො තනුපත‍්තපලාසො කබරච‍්ඡායො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව රුක‍්ඛං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ඉමං යෙව රුක‍්ඛං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන තස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසින‍්නං වා නිපන‍්නං වා දුක‍්ඛබහුලා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපන‍්නං දුක‍්ඛබහුලා වෙදනා වෙදියමානං.

37. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, විෂමභූමියෙක හටගත් තුනී කොළ පත් ඇති විරල සෙවණ ඇති රුකෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුකම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ යැ”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ දුක් බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කලෙක කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

38. ඉධ පනාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උපපන‍්නං සුඛබහුලා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත‍්ත රුක‍්ඛො සමෙ භූමිභාගෙ ජාතො බහලපත‍්තපලාසො සන්‍දච‍්ඡායො, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව රුක‍්ඛං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ඉමං යෙව රුක‍්ඛං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන තස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසින‍්නං වා නිපන‍්නං වා සුඛබහුලා වෙදනා වෙදියමානං–

38. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, සමභූමිභාගයෙහි හටගත් බොල් කොළ පත් ඇති ගන සෙවණ ඇති රුකෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ සැප බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය.

එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උපපන‍්නං සුඛබහුලා වෙදනා වෙදියමානං.

ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසුදු වූ මසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.

39. ඉධ පනාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නං එකන‍්තසුඛා වෙදනා වෙදියමානං. සෙය්‍යථාපි සාරිපුත‍්ත පාසාදො, තත්‍රාස‍්ස කූටාගාරං උල‍්ලිත‍්තාවලිත‍්තං නිවාතං ඵුස‍්සිතග‍්ගළං පිහිතවාතපානං. තත්‍රස‍්ස පල‍්ලඞ‍්කො ගොනකත්‍ථතො පටිකත්‍ථතො පටලිකත්‍ථතො කාදලිමිගපවරපච‍්චත්‍ථරණො සඋත‍්තරච‍්ඡදො උභතොලොහිත කූපධානො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව පාසාදං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ඉමංයෙව පාසාදං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය, අපරෙන සමයෙන තස‍්මිං පාසාදෙ තස‍්මිං කූටාගාරෙ තස‍්මිං පල‍්ලඞ‍්කෙ නිසින‍්නං වා නිපන‍්නං වා එකන‍්තසුඛා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති. තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නං එකන‍්තසුඛා වෙදනා වෙදියමානං.

39. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන් ඒකාන්තයෙන් සැප වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, යම් සේ ප්‍රාසාදයෙක් වේ ද, එහි ඇතුළත පිටත අලෙවු දුන් වැළහු වා ඇති පැහැසු අගුළු ඇති, යෙදූ වාකවුළු ඇති කුළුගෙයක් වන්නේ ද, එහි අතුළ කොඳු පලස් ඇති අතුළ සුදු එළුලොම් පලස් ඇති අතුළ ඝනපුප් එළුලොම් පලස් ඇති අතුළ කෙහෙල්මුව සමින් කල උතුම් පසතුරුණු ඇති බැඳි රතු උඩුවියන් ඇති දෙපස තැබූ ලේවන් කන්වයින් ඇති පලඟෙක් වන්නේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ ප්‍රාසාදයම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ ප්‍රසාදය කරා එන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී යේ යැ”යි මෙසේ කියන්නේ ද, පසු කලෙක ඒ ප්‍රාසාදයෙහි ඒ කුළුගෙයි ඒ පලඟෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්තයෙන් සැප වේදනා විඳින ඒ මොහු දකී ද. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක පිරිසුදු වූ මිනිසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන් ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.

40. ඉධ පනාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තං, එකන‍්තසුඛා වෙදනා වෙදියමානං.–

40. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.

සෙය්‍යථාපි සාරිපුත‍්ත පොක‍්ඛරණී අච‍්ඡොදිකා සාතොදිකා සීතොදිකා සෙතකා සුපතිත්‍ථා රමණීයා. අවිදූරෙ චස‍්සා තීරෙ වනසණ‍්ඩො, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඝම‍්මාභිතත‍්තො ඝම‍්මපරෙතො කිලන‍්තො තසිතො පිපාසිතො එකායනෙන මග‍්ගෙන තමෙව පොක‍්ඛරණිං පණිධාය. තමෙනං චක‍්ඛුමා පුරිසො දිස‍්වා එවං වදෙය්‍ය: තථායං භවං පුරිසො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ඉමංයෙව පොක‍්ඛරණිං ආගමිස‍්සතීති. තමෙනං පස‍්සෙය්‍ය අපරෙන සමයෙන තං පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා නහායිත්‍වා පීත්‍වා ච සබ‍්බදරථකිලමථපරිළාහං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා පච‍්චුත‍්තරිත්‍වා තස‍්මිං වනසණ‍්ඩෙ නිසින‍්නං වා නිපන‍්නං වා එකන‍්තසුඛා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත‍්ත ඉධෙකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති, තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සතීති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තං, එකන‍්තසුඛා වෙදනා වෙදියමානං. ඉමා ඛො සාරිපුත‍්ත පඤ‍්ච ගතියො.

ශාරිපුත්‍රය, පහන් දිය ඇති මිහිරි දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා ව පිහිටි තොට ඇති සිත්කලු පොකුණෙක් යම සේ වේ ද, එයට නුදුරෙහි ඝන වන ලැහැබක් වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම යන එකම මගින් ඒ පොකුණ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙම යම් සේ මේ පොකුණ කරා එන්නේ ද, එසේ පිළිපැන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේය. පසු කලෙක ඒ පොකුණට බැස ස්නානය කොට පැන් බී සියලු වෙහෙස විඩා දැවිලි සන්හිඳුවා ඉන් ගොඩ නැගී ඒ වන ලැහැබෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දක්නේ ද, ශාරිපුත්‍රය, එසේම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි. පසු කලෙක ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය,මේ පස් ගතීහු යි.

41. යො ඛො මං සාරිපුත‍්ත එවං ජානන‍්තං එවං පස‍්සන‍්තං එවං වදෙය්‍ය: “නත්‍ථි සමණස‍්ස ගොතමස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො. තක‍්කපරියාහතං සමණො ගොතමො ධම‍්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානන‍්ති.” තං සාරිපුත‍්ත වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ. සෙය්‍යථාපි සාරිපුත‍්ත භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය, එවං සම‍්පදමිදං සාරිපුත‍්ත වදාමි: තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙ.

41. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මිනිස් දහමින් වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍ක හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම අර්‍හත්‍වයට යම්සේ පැමිණෙන්නේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙන එන ලද්දක් තබන්නා සේ නිරයෙහි උපදනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.

42. අභිජානාමි ඛො පනාහං සාරිපුත‍්ත චතුරඞ‍්ගසමන‍්නාගතං බ්‍රහ‍්මචරියං චරිතා: තපස‍්සිස‍්සුදං හොමි පරමතපස‍්සී. ලූඛස‍්සුදං හොමි පරමලූඛො. ජෙගුච‍්ඡී සුදං හොමි පරමජෙගුච‍්ඡී. පවිවිත‍්තස‍්සුදං හොමි පරමපවිවිත‍්තො.

42. ශාරිපුත්‍රය, මම අඞ්‍ග සතරෙකින් යුක්ත වූ බඹසර හෙවත් වීර්‍ය්‍යය කෙළෙමි යි දනිමි: තපස් ඇත්තෙම් තපස් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. රළු පිළිවෙත් ඇත්තෙම් රළු පිළිවෙත් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. පාපයට පිළිකුල් කරන්නෙම් පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් උතුම් වෙමි. ප්‍රකර්‍ෂවිවේක ඇත්තෙම් ප්‍රකර්‍ෂවිවේක ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි.

43. තත්‍රස‍්සු මෙ ඉදං සාරිපුත‍්ත තපස‍්සිතාය හොති: අචෙලකො හොමි මුත‍්තාචාරො හත්‍ථාපලෙඛනො, න එහිභද‍්දන‍්තිකො න තිට‍්ඨභද‍්දන‍්තිකො. න අභිහටං න උද‍්දිස‍්ස කටං න නිමන‍්තනං සාදියාමි. සො න කුම‍්භිමුඛා පතිගණ‍්හාමි, න කළොපිමුඛා පතිගණ‍්හාමි, න එළකමන‍්තරං න දණ‍්ඩමන‍්තරං න මුසලමන‍්තරං, න ද‍්වින‍්නං භුඤ‍්ජමානානං, න ගබ‍්භිනියා, න පායමානාය, න පුරිසන‍්තරගතාය, න සඞ‍්කිත‍්තීසු, න යත්‍ථ සා උපට‍්ඨිතො හොති, න යත්‍ථ මක‍්ඛිකා සණ‍්ඩසණ‍්ඩචාරිනී, න මච‍්ඡං න මංසං, න සුරං න මෙරයං න ථුසොදකං පිවාමි.

43. ශාරිපුත්‍රය, (මේ මතු පැවසෙන අචේලකත්‍වාදිය) මාගේ තපස් බව වෙයි: නග්න වූයෙම් හල ශිෂ්ටකුලාචාර ඇත්තෙම් අත ලොවින්නෙම් නොහොත් මල පහ කොට අතින් පිස දමන්නෙම් වෙමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්සැ යි, සිටින්න වහන්සැ යි කියන ලද්ද නො පිළිගන්නෙමි. පළමු ගොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැතූ භික්‍ෂාව ද නො ඉවසමි. ඒ මම කළමුවින් නගා දෙන දෙය නොපිළිගනිමි. සැළිමුවින් නඟා දෙන දෙය, එළිපත අතර කොට සිට දෙන දෙය, දණ්ඩක් අතර කොට සිට දෙන දෙය, මොහොලක් අතර කොට සිට දෙන දෙය, අනුභව කරන්නවුන් දෙදෙනකුන්ගෙන් එකකු අවුත් දෙන දෙය, ගැබිනිය විසින් දෙන දෙය, කිරි පොවන්නිය විසින් දෙන දෙය, නොපිළිගනිමි. පුරුෂයා වෙත ගිය තැනැත්තිය විසින් දෙන දෙය, සම්මාදම් කළ දෙයින් දෙන දෙය, යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියේ නම්, ඔහුට නො දී දෙන දෙය යම් තැනෙක මැස්සෝ කැටි කැටි ව හැසිරෙත් ද එහිදී දෙන දෙය නොපිළිගනිමි. දියමස් නො වළඳමි. ගොඩමස් නො වළඳමි. සුරා නො බොමි. පුෂ්පාසවය නො බොමි. ලෝණසෝවීකරය (= සියලු සස්‍යාදිය පල්කොට ගත් කාඩිදිය) නො බොමි.

සො එකාගාරිකො වා හොමි එකාලොපිකො, ද‍්වාගාරිකො වා හොමි ද‍්වාලොපිකො, සත‍්තාගාරිකො වා හොමි සත‍්තාලොපිකො. එකිස‍්සාපි දත‍්තියා යාපෙමි. ද‍්වීහිපි දත‍්තීහි යාපෙමි. සත‍්තහිපි දත‍්තීහි යාපෙමි. එකාහිකම‍්පි ආහාරං ආහාරෙමි. ද‍්වීහිකම‍්පි ආහාරං ආහාරෙමි. සත‍්තාහිකම‍්පි ආහාරං ආහාරෙමි. ඉති එවරූපං අද‍්ධමාසිකම‍්පි පරියායභත‍්තභොජනානුයොගමනුයුත‍්තො විහරාමි.

මම පිඬු පිණිස එක ම ගෙයක් පමණ කොට ගත්තෙම් වෙමි. එක ම පිඬෙකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් දෙකක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු දෙකකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් සතක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු සතකින් යැපෙන්නෙම් වෙමි. එක් කුඩා බත්තැටියකින් බත්තැටි දෙකෙකින් බත්තැටි සතෙකින් ද යැපෙමි. දවසකට වරක් දෙදවසකට වරක් සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙසේ මෙලෙසින් අඩමසකට වරක් දැයි වාර වශයෙන් බත් බුදීමෙහි යෙදුනෙම් වාසය කරමි.

සො සාකභක‍්ඛො වා හොමි, සාමාකභක‍්ඛො වා හොමි, නීවාරභක‍්ඛො වා හොමි, දද‍්දුලභක‍්ඛො වා හොමි, හටභක‍්ඛො වා හොමි, කණභක‍්ඛො වා හොමි, ආචාමභක‍්ඛො වා හොමි, පිඤ‍්ඤාකභක‍්ඛො වා හොමි, තිණභක‍්ඛො වා හොමි, ගොමයභක‍්ඛො වා හොමි. වනමූලඵලාහාරො වා යාපෙමි පවත‍්තඵලභොජී.

ඒ මම අමු පලා බුදින්නෙම් හෝ වෙමි. බඩහමු බුදින්නෙම් හෝ වෙමි. ඌරුහැල් බුදින්නෙම් හෝ කපා හළ සම් කසට බුදින්නෙම් හෝ වෙමි. දඹු බත් බුදින්නෙම් හෝ වෙමි. මුරුවට බුදින්නෙම් හෝ වෙමි. තණකොළ බුදින්නෙම් හෝ වෙමි. ගොම බුදින්නෙම් හෝ වෙමි. වනමුල් පල ආහාර කොට ඇත්තෙම් ස්වයංපතිත ඵල බුදින්නෙම් හෝ යැපෙමි.

සො සාණානිපි ධාරෙමි, මසාණානිපි ධාරෙමි, තිරීටානිපි ධාරෙමි, අජිනම‍්පි ධාරෙමි, අජිනක‍්ඛිපම‍්පි ධාරෙමි, කුසචීරම‍්පි ධාරෙමි, වාකචීරම‍්පි ධාරෙමි, ඵලකචීරම‍්පි ධාරෙමි, කෙසකම‍්බලම‍්පි ධාරෙමි, වාළකම‍්බලම‍්පි ධාරෙමි, උලූකපක‍්ඛම‍්පි ධාරෙමි.

ඒ මම හණ වැහැරිත් දරමි. නන්වැදෑරුම් හූ මුසු කොට වියූ පිළීත් මිනී එතූ පිළීත් දරමි. පවුල් පිළීත් දරමි. රුක්පතුරෙන් කළ පිළී ද දරමි. අඳුන්දිවිසම් ද දරමි. මැදින් පැළූ කුර සහිත අඳුන්මුවසම් ද දරමි. කුසතණවැහැරි ද දරමි. නියදවැහැරි ද දරමි. පුවරුවැහැරි ද දරමි. කෙස්වලින් කළ කම්බිලි ද දරමි. අස්ලොමින් කළ කම්බිලි ද දරමි. බකමුහුණු පියාපතින් කළ වැහැරි ද දරමි.

සො කෙසමස‍්සුලොචකොපි හොමි කෙසමස‍්සුලොචනානුයොගමනුයුත‍්තො. උබ‍්භට‍්ඨකොපි හොමි ආසනපටික‍්ඛිත‍්තො. උක‍්කුටිකොපි හොමි. උක‍්කුටිකප‍්පධානමනුයුත‍්තො. කණ‍්ටකාපස‍්සයිකො පි හොමි කණ‍්ටකාපස‍්සයෙසෙය්‍යං කප‍්පෙමි. සායතතියකම‍්පි උදකොරොහනානුයොගමනුයුත‍්තො විහරාමි.

ඒ මම කෙස් රවුලු ඉදිරීම නමැති අනුයෝගයෙහි නැවත නැවත යෙදුනෙම් කේසමසසුලොවක වෙමි. අසුන් පිළිකෙවු කෙළෙමි. උඩුකුරු ව සිටින්නෙම් ද වෙමි. උළුලුයෙන් හිඳීම නමැති උතකුටික වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් උත්කුටුකයෙන් සිටින්නෙම් ද වෙමි. කටුඇතිරියෙහි සක්මන් ආදිය කරන්නෙම් කටු සවි කළ වැතිරෙණ පුවරුවෙහි ශයනය කරමි. සවස තුන්වැනි කොට දියට බැසීම නමැති අනුයෝගයෙහි යෙදුනෙම් වාසය කරමි.

ඉති එවරූපං අනෙකවිහිතං කායස‍්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත‍්තො විහරාමි. ඉදං සු මෙ සාරිපුත‍්ත තපස‍්සිතාය හොති.

මෙසේ මෙබඳු නන්වැදෑරුම් සිරුර තැවීමෙහි පෙළීමෙහි හාත්පසින් තැවීමෙහි එක්වන් යෙදුනෙම් වෙසෙමි. ශාරිපුත්‍රය, මේ මාගේ තපස්බව වෙයි.

44. තත්‍රස‍්සු මෙ ඉදං සාරිපුත‍්ත ලූඛස‍්මිං හොති: නෙකවස‍්සගණිකං රජොජල‍්ලං කායෙ සන‍්නිචිතං හොති පපටිකජාතං. සෙය්‍යථාපි සාරිපුත‍්ත තින්‍දුකඛාණු නෙකවස‍්සගණිකො සන‍්නිචිතො හොති පපටිකජාතො, එවමෙවස‍්සු මෙ සාරිපුත‍්ත නෙකවස‍්සගණිකං රජොජල‍්ලං කායෙ සන‍්නිචිතං හොති පපටිකජාතං. තස‍්ස මය‍්හං සාරිපුත‍්ත න එවං හොති: අහො වතාහං ඉමං රජොජල‍්ලං පාණිනා පරිමජ‍්ජෙය්‍යං, අඤ‍්ඤෙ වා පන මෙ ඉමං රජොජල‍්ලං පාණිනා පරිමජ‍්ජෙය්‍යුන‍්ති. එවම‍්පි මෙ සාරිපුත‍්ත න හොති. ඉදංසු මෙ සාරිපුත‍්ත ලූඛස‍්මිං හොති.

44. ශාරිපුත්‍රය, එහි මේ මාගේ රළුබව වෙයි: නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙහි හටගත් රජස්දැලි සිරුරෙහි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මහත් වූ තිඹිරි කණුවෙක් යම්සේ වේ ද, ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ සිරුරෙහි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දැලි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, එ මට මෙබඳු අදහසෙක් නො වෙයි: “මම මේ රජස් දැලි අතින් පිරිමදින්නෙම් නම් හෝ යෙහෙකැ” යි මෙසේත් මට අදහස් නො වෙයි. ශාරිපුත්‍රය, මේ මාගේ රළු පිළිවෙත වෙයි.

45. තත්‍රස‍්සු මෙ ඉදං සාරිපුත‍්ත ජෙගුච‍්ඡිස‍්මිං හොති: සො ඛො අහං සාරිපුත‍්ත සතොව අභික‍්කමාමි සතො පටික‍්කමාමි. යාව උදබින්‍දුම‍්හිපි මෙ දයා පච‍්චුපට‍්ඨිතා හොති: මාහං ඛුද‍්දකෙ පාණෙ විසමගතෙ සඞ‍්ඝාතං ආපාදෙස‍්සන‍්ති. ඉදංසු මෙ සාරිපුත‍්ත ජෙගුච‍්ඡිස‍්මිං හොති.

45. ශාරිපුත්‍රය, එහි මේ මාගේ පවට පිළිකුල් බව වෙයි: ශාරිපුත්‍රය, කුඩාපණුවන් (නොමරම්වා යි) ඒ මම සිහි ඇත්තෙම් ම ඉදිරියට යමි. සිහි ඇත්තෙම් ම පෙරළා එමි. “මේ විෂමස්ථාන ගත වූ කුඩාදිය බිඳුය යි කියන ප්‍රාණීන් විනාශයට නො පමුණුවම්වා” යි දියබිඳුවෙහි පවා දයාව එළඹ සිටියා වේ. ශාරිපුත්‍රය, මේ මාගේ පවට පිළිකුල් කරණ බව වෙයි.

46. තත්‍රස‍්සු මෙ ඉදං සාරිපුත‍්ත පවිවිත‍්තස‍්මිං හොති: සො ඛො අහං සාරිපුත‍්ත අඤ‍්ඤතරං අරඤ‍්ඤායතනං අජ‍්ඣොගහෙත්‍වා විහරාමි. යදා පස‍්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට‍්ඨහාරකං වා වනකම‍්මිකං වා, වනෙන වනං ගහනෙන ගහනං නින‍්නෙන නින‍්නං ථලෙන ථලං පපතාමි. තං කිස‍්ස හෙතු: මා මං තෙ අද‍්දසංසු, අහඤ‍්ච මා තෙ අද‍්දසන‍්ති. සෙය්‍යථාපි සාරිපුත‍්ත ආරඤ‍්ඤකො මිගො මනුස‍්සෙ දිස‍්වා වනෙන වනං ගහනෙන ගහනං නින‍්නෙන නින‍්නං ථලෙන ථලං පපතති, එවමෙව ඛො අහං සාරිපුත‍්ත යදා පස‍්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට‍්ඨහාරකං වා වනකම‍්මිකං වා, වනෙන වනං ගහනෙන ගහනං නින‍්නෙන නින‍්නං ථලෙන ථලං පපතාමි. තං කිස‍්ස හෙතු: මා මං තෙ අද‍්දසංසු, අහඤ‍්ච වා තෙ අද‍්දසන‍්ති. ඉදංසු මෙ සාරිපුත‍්ත පවිවිත‍්තස‍්මිං හොති.

46. ශාරිපුත්‍රය, එහි මේ මාගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි: ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම කලෙක ගොපාලයකු පසුපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු හෝ දකිම් ද, එකල මම (සිටි) වනයෙන් (අන්) වනයකට (සිටි) ලැහැබින් (අන්) ලැහැබකට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යමි. කවර හෙයින යත්: ඔහු මා නො දකිත්වා, මම ද ඔවුන් නො දකිම්වා යි යන අදහසිනි. ශාරිපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යම්සේ යේ ද, ශාරිපුත්‍රය, මමත් එපරිද්දෙන් ම යම් කලෙක ගොපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු දැකීම ම් ද, එකල මම වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි තැනින් මිටි තැනට උස් තැනින් උස් තැනට යමි. එය කවර හෙයින? යත්: ඔහු මා නො දකිත්වා, මමත් ඔවුන් නො දකිම්වා යන අදහසිනි. ශාරිපුත්‍රය, මේ මාගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි.

47. [තත්‍රස‍්සු මෙ ඉදං සාරිපුත‍්ත මහාවිකට භොජනස‍්මිං හොති:] සො ඛො අහං සාරිපුත‍්ත යෙ තෙ ගොට‍්ඨා පට‍්ඨිතගාවො අපගතගොපාලා තත්‍ථ චතුකුණ‍්ඩිකො උපසඞ‍්කමිත්‍වා යානි තානි වච‍්ඡකානං තරුණකානං ධෙනුපකානං ගොමයානි, තානි සුදං ආහාරෙමි. යාවකීවඤ‍්ච මෙ සාරිපුත‍්ත සකං මුත‍්තකරීසං අපරියාදින‍්නං හොති, සකං යෙව සුදං මුත‍්තකරීසං ආහාරෙමි. ඉදංසු මෙ සාරිපුත‍්ත මහාවිකටභොජනස‍්මිං හොති.

47. [ශාරිපුත්‍රය, එහි මේ මාගේ මහාවිකට භෝජනය වෙයි.] ශාරිපුත්‍රය, ඒ මම පිටත්ව ගිය ගෙරින් ඇති පහව ගිය ගොපල්ලන් ඇති යම් ඒ ගොවුදු වේ ද, එහි දෙදණ දෙවැළමිට බිම තබුවෙක් ව එළඹ දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන වසු පැටවුන්ගේ යම් ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරිපුත්‍රය, යම්තාක් මාගේ ස්වකීය මලමුත්‍ර හීන නො වූයේ ද, ඒ තාක් ස්වකීය මලමුත්‍ර අනුභව කරමි. ශාරිපුත්‍රය, මේ මාගේ මහාවිකට භෝජනය වෙයි.

48. සො ඛො අහං සාරිපුත‍්ත අඤ‍්ඤතරං භිංසනකං වනසණ‍්ඩං අජ‍්ඣොගාහෙත්‍වා විහරාමි. තත්‍ර සුදං සාරිපුත‍්ත භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං හොති: යො කො චි අවීතරාගො තං වනසණ‍්ඩං පවිසති යෙභුය්‍යෙන ලොමානි හංසන‍්ති. සො ඛො අහං සාරිපුත‍්ත යා තා රත‍්තියො සීතා හෙමන‍්තිකා අන‍්තරට‍්ඨකෙ හිමපාතසමයෙ, තථාරූපාසු රත‍්තීසු රත‍්තිං අබ‍්භොකාසෙ විහරාමි දිවා වනසණ‍්ඩෙ. ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ දිවා අබ‍්භොකාසෙ විහරාමි රත‍්තිං වනසණ‍්ඩෙ. අපිස‍්සු මං සාරිපුත‍්ත අයං අනච‍්ඡරියා ගාථා පටිභාසි පුබ‍්බෙ අස‍්සුතපුබ‍්බා:

48. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනලැහැබකට වැද වාසය කරමි. ශාරිපුත්‍රය, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ (මතු පැවසෙන) භීෂණ භාවය වෙයි: යම් කිසි අවීතරාගියෙක් ඒ වනලැහැබට පිවිසේ නම්, බොහෝ සෙයින් ලොමුදහ ගනී. ශාරිපුත්‍රය, ඒ මම නවම් මැදින් දෙමස අතර අටදවසෙහි වූ හිම වැටෙන කාලයෙහි හේමන්ත ඍතුවට අයත් සීත වූ යම් ඒ රාත්‍රීහු වෙත් ද, එබඳු රාත්‍රීන්හි මුළු රැයෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනලැහැබෙහි වෙසෙමි. ග්‍රීෂ්ම සමයෙහි පැසුළු මාසයෙහි දවල් එළිමහනෙහි වෙසෙමි. රාත්‍රියෙහි වනලැහැබෙහි වෙසෙමි. ශාරිපුත්‍රය, තව ද මට පෙර නොඇසූ විරූ මතු මතු ආශ්චර්‍ය්‍යය උපදවන මේ ගාථාව වැටහිණි:

සොතත‍්තො සොසීනො එකො භිංසනකෙ වනෙ. නග‍්ගො න චග‍්ගිමාසීනො එසනා පසුතො මුනීති.

“ශුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනි වූ මම ග්‍රීෂ්මයෙන් අතිශයින් තැවුණෙම් හිමයෙන් ඉතා තෙත් වූයෙම් බිහිසුණු වූ වනයෙහි එකලා වූයෙම් නග්න වූයෙම් ද ගින්න වෙත නො එළඹීමි.”

49. සො ඛො අහං සාරිපුත‍්ත, සුසානෙ සෙය්‍යං කප‍්පෙමි ඡවට‍්ඨිකානි උපධාය. අපිස‍්සු මං සාරිපුත‍්ත ගොමණ‍්ඩලා උපසඞ‍්කමිත්‍වා ඔට‍්ඨුභන‍්තිපි, ඔමුත‍්තෙන‍්තිපි, පංසුකෙනපි ඔකිරන‍්ති. කණ‍්ණසොතෙසු’පි සලාකං පවෙසෙන‍්ති. න ඛො පනාහං සාරිපුත‍්ත අභිජානාමි තෙසු පාපකං චිත‍්තං උප‍්පාදෙතා. ඉදං සු මෙ සාරිපුත‍්ත උපෙක‍්ඛාවිහාරස‍්මිං හොති.

49. ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කන්වයින් කොට ගෙන ශයනය කරමි. ශාරිපුත්‍රය, එකල මා වෙතට ගොපලුදරුවෝ පැමිණ (මා මත්තෙහි) කෙළ ද ඔවිත්. මුත්‍ර ද කරත්. පස් ද විසුරු වත්. කන්සිදුරුවල ඉරටු ද ගසත්. ශාරිපුත්‍රය, මම ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූයෙමැ යි නො දනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපේක්‍ෂා විහරණය වේ.

50. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: ආහාරෙන සුද‍්ධීති. තෙ එවමාහංසු: කොලෙහි යාපෙමාති. තෙ කොලම‍්පි ඛාදන‍්ති, කොලචුණ‍්ණම‍්පි ඛාදන‍්ති, කොලොදකම‍්පි පිවන‍්ති, අනෙකවිහිතම‍්පි කොලවිකතිං පරිභුඤ‍්ජන‍්ති. අභිජානාමි ඛො පනාහං සාරිපුත‍්ත එකංයෙව කොලං ආහාරං ආහාරිතා. සියා ඛො පන තෙ සාරිපුත‍්ත එවමස‍්ස: මහා නූන තෙන සමයෙන කොලො අහොසීති. න ඛො පනෙතං සාරිපුත‍්ත එවං දට‍්ඨබ‍්බං. තදාපි එත පරමොයෙව කොලො අහොසි, සෙය්‍යථාපි එතරහි. තස‍්ස මය‍්හං සාරිපුත‍්ත එකංයෙව කොලං ආහාරං ආහාරයතො අධිමත‍්තකසිමානං පත‍්තො කායො හොති: සෙය්‍යථාපි නාම ආසීතිකපබ‍්බානි වා කාළපබ‍්බානි වා, එවමෙවස‍්සු මෙ අඞ‍්ගපච‍්චඞ‍්ගානි භවන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට‍්ඨපදං, එවමෙවස‍්සු මෙ ආනිසදං හොති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට‍්ටනාවළී, එවමෙවස‍්සු මෙ පිට‍්ඨිකණ‍්ටකො උණ‍්ණතාවනතො හොති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග‍්ගවිලුග‍්ගා භවන‍්ති, එවමෙවස‍්සු මෙ ඵාසුළියො ඔලුග‍්ගවිලුග‍්ගා භවන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම‍්භීරෙ උදපානෙ උදකතාරකා ගම‍්භීරගතා ඔක‍්ඛායිකා දිස‍්සන‍්ති, එවමෙවස‍්සු මෙ අක‍්ඛිකූපෙසු අක‍්ඛිතාරකා ගම‍්භීරගතා ඔක‍්ඛායිකා දිස‍්සන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත‍්තකාලාබු ආමකච‍්ඡින‍්නො වාතාතපෙන සම‍්ඵුටිතො හොති සම‍්මිලාතො, එවමෙවස‍්සු මෙ සීසච‍්ඡවි සම‍්ඵුටිතා හොති සම‍්මිලාතා, තායෙවප‍්පාහාරතාය.

50. ශාරිපුත්‍රය, ආහාරයෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔහු ඩෙබරවලින් යැපෙන්නෙමු යි මෙසේ කියත්. ඔහු ඩෙබරපල ද කත්. ඩෙබරසුණු ද කත්. ඩෙබර මැඩගත් දිය ද බොත්. නන් වැදෑරුම් වූ ඩෙබරින් කළ ආහාර ද අනුභව කරත්. තවද, ශාරිපුත්‍රය, මම එකම ඩෙබරපලයක් ආහාර වශයෙන් ගත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් එසමයෙහි ඩෙබරපල මහත් වූයේ දෝ යි, ඔබට මෙබඳු අදහසෙක් විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එසේ නො දතයුතු යි. එකල්හි ද ඩෙබරපල මෙකල යම් පමණ මහත් නම් එපමණ ම වූයේ ය. ශාරිපුත්‍රය, එකම ඩෙබරපලයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ කය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරයෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ ද එ බඳු ම වෙත්. ඔටුපිය යම් සේ වේ ද, මාගේ නිසීදනමාංසය ද් ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි. වට්ටනාවළිය (කුරුඳු වැළය) යම් සේ වේ ද, මාගේ වසට (=කොඳුඇටය) ඒ අල්පාහාර භාවයෙන් එබඳු`උස් පහත් වූයේ වෙයි. දිරූ ශාලාවෙක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුනාහු වෙත් ද, එපරිද්දෙන් මාගේ ඉළ ඇට ඒ නිරාහාරභාවයෙන් ම උඩුයටි ව නැමී ගියාහු වෙත්. ගැඹුරු ළිඳෙක උදක තාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එපරිද්දෙන් ම මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැළී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එපරිද්දෙන් ම මාගේ මේ හිසෙහි සිවිය ඒ අල්පාහාරභාවයෙන් ම පැළී ගියේ මැලවී ගියේ වෙයි.

51. සො ඛො අහං සාරිපුත‍්ත උදරච‍්ඡවිං පරිමසිස‍්සාමීති පිට‍්ඨිකණ‍්ටකං යෙව පරිගණ‍්හාමි. පිට‍්ඨිකණ‍්ටකං පරිමසිස‍්සාමීති උදරච‍්ඡවිංයෙව පරිගණ‍්හාමි. යාවස‍්සු මෙ සාරිපුත‍්ත උදරච‍්ඡවි පිට‍්ඨිකණ‍්ටකං අල‍්ලීනා හොති තායෙවප‍්පාහාරතාය. සො ඛො අහං සාරිපුත‍්ත, වච‍්චං වා මුත‍්තං වා කරිස‍්සාමීති තත්‍ථෙව අවකුජ‍්ජො පපතාමි. තායෙවප‍්පාහාරතාය. සො ඛො අහං සාරිපුත‍්ත තමෙව කායං අස‍්සාසෙන‍්තො පාණිනා ගත‍්තානි අනොමජ‍්ජාමි. තස‍්ස මය‍්හං සාරිපුත‍්ත පාණිනා ගත‍්තානි අනොමජ‍්ජතො පූතිමූලානි ලොමානි කායස‍්මා පපතන‍්ති. තායෙවප‍්පාහාරතාය.

51. ශාරිපුත්‍රය, ඒ මම උදරසිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදරසිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාවයෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි එහි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාවයෙනි. ශාරිපුත්‍රය, මම ඒ සිරුර අස්වසන්නෙම් සිරුරුඅවයව අතින් පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින ඒ මාගේ සිරුරෙන් දිරූ මුල් ඇති ලෝමයෝ ගිලිහී වැටෙත්. ඒ අල්පාහාර භාවයෙනි

52. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: ආහාරෙන සුද‍්ධීති. තෙ එවමාහංසු: මුග‍්ගෙහි යාපෙම -පෙ- තිලෙහි යාපෙම -පෙ- තණ‍්ඩුලෙහි යාපෙමාති. තෙ තණ‍්ඩුලම‍්පි ඛාදන‍්ති, තණ‍්ඩුලචුණ‍්ණම‍්පි ඛාදන‍්ති, තණ‍්ඩුලොදකම‍්පි පිවන‍්ති, අනෙකවිහිතම‍්පි තණ‍්ඩුලවිකතිං පරිභුඤ‍්ජන‍්ති. අභිජානාමි ඛො පනාහං සාරිපුත‍්ත එකංයෙව තණ‍්ඩුලං ආහාරං ආහරිතා. සියා ඛො පන තෙ සාරිපුත‍්ත එවමස‍්ස: මහා නූන තෙන සමයෙන තණ‍්ඩුලො අහොසීති. න ඛො පනෙතං සාරිපුත‍්ත එවං දට‍්ඨබ‍්බං. තදාපි එතපරමොයෙව තණ‍්ඩුලො අහොසි සෙය්‍යථාපි එතරහි.

52. ශාරිපුත්‍රය, ‘ආහාරයෙන් ශුද්ධිය වෙති’යි මෙසේ වාද ඇති මෙබඳු ලබ්ධි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. ඔහු ‘මුඟුවෙන් යැපෙමු’ යි ... ‘තලයෙන් යැපෙමු’ යි ... ‘සහලෙන් යැපෙමු’ යි මෙසේ කීහ. ඔහු සහල් ද කත්. සහල්සුණු ද කත්. හාල්පානුදු බොත්. සහලින් කළ නන්වැදෑරුම් දැය ද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම එකම සහල්ඇටයක් ආහාර කොට ගත්තෙමි යි දනිමි. ශාරිපුත්‍රය, තොපට ‘ඒ කාලයෙහි සහල්ඇටය මහත් විය හැකි ය’ යි මෙබඳු අදහසෙක් විය හැකිය. ශාරිපුත්‍රය, එය එසේ නො දතයුතු යි. මෙකල යම් සේ ද එකල්හි දු සහල්ඇටය මෙපමණ ම විය.

53. තස‍්ස මය‍්හං සාරිපුත‍්ත එකංයෙව තණ‍්ඩුලං ආහාරං ආහාරයතො අධිමත‍්තකසිමානං පත‍්තො කායො හොති. සෙය්‍යථාපි නාම ආසීතිකපබ‍්බානි වා කාළපබ‍්බානි වා, එවමෙවස‍්සු මෙ අඞ‍්ගපච‍්චඞ‍්ගානි භවන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම ඔට‍්ඨපදං එවමෙවස‍්සු මෙ ආනිසදං හොති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම වට‍්ටනාවළී, එවමෙවස‍්සු මෙ පිට‍්ඨිකණ‍්ටකො උණ‍්ණතාවනතො හොති තායෙවප‍්පාහාරතායං. සෙය්‍යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග‍්ගවිලුග‍්ගා භවන‍්ති, එවමෙවස‍්සු මෙ ඵාසුළියො ඔලුග‍්ගවිලුග‍්ගා භවන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම ගම‍්භීරෙ උදපානෙ උදකතාරකා ගම‍්භීරගතා ඔක‍්ඛායිකා දිස‍්සන‍්ති, එවමෙවස‍්සු මෙ අක‍්ඛිකූපෙසු අක‍්ඛිතාරකා ගම‍්භීරගතා ඔක‍්ඛායිකා දිස‍්සන‍්ති තායෙවප‍්පාහාරතාය. සෙය්‍යථාපි නාම තිත‍්තකාලාබු ආමකච‍්ඡින‍්නො වාතාතපෙන සම‍්ඵුටිතො හොති සම‍්මිලාතො, එවමෙවස‍්සු මෙ සීසච‍්ඡවි සම‍්ඵුටිතා හොති සම‍්මිලාතා තායෙවප‍්පාහාරතාය. සො ඛො අහං සාරිපුත‍්ත, උදරච‍්ඡවිං පරිමසිස‍්සාමීති පිට‍්ඨිකණ‍්ටකංයෙව පරිගණ‍්හාමි. පිට‍්ඨිකණ‍්ටකං පරිමසිස‍්සාමීති උදරච‍්ඡවිං යෙව පරිගණ‍්හාමි. යාවස‍්සු මෙ සාරිපුත‍්ත උදරච‍්ඡවි පිට‍්ඨිකණ‍්ටකං අල‍්ලීනා හොති තායෙවප‍්පාහාරතාය. සො ඛො අහං සාරිපුත‍්ත, වච‍්චං වා මුත‍්තං වා කරිස‍්සාමීති තත්‍ථෙව අවකුජ‍්ජො පපතාමි තායෙවප‍්පාහාරතාය. සො ඛො අහං සාරිපුත‍්ත, තමෙව කායං අස‍්සාසෙන‍්තො පාණිනා ගත‍්තානි අනොමජ‍්ජාමි. තස‍්ස මය‍්හං සාරිපුත‍්ත, පාණිනා ගත‍්තානි අනොමජ‍්ජතො පූතිමූලානි ලොමානි කායස‍්මා පතන‍්ති තායෙවප‍්පාහාරතාය.

53. ශාරිපුත්‍රය, සහල්ඇටයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ ශරීරය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ශරීරාවයවයෝ එසේ වෙත්. ඔටුපිය යම්සේ වේ නම් ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ආනිසදය - හිද්ම ද එසේ වෙයි. ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ වසටද වට්ටනාවළිය (වටඇටවැළ) යම්සේ නම් එසේ උස්පහත් වූයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුණාහු වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ඉළඇට ද එසේ උඩුයටිව නැමුණාහු වෙත්. ගැඹුරු ළිඳක උදකතාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම්සේ පැනෙත් ද, එසේ මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුවක් අමුවෙන් සිඳින ලද්දේ අවුසුළඟින් හැකිළී ගියේ මැලවී ගියේ වේ ද, එසේ ඒ අල්පාහාරභාවයෙන් මාගේ හිසෙහි සිවිය හැකිළී ගියේ මැලවී ගියේ වෙයි. ශාරිපුත්‍රය, මම උදර සිවිය පිරිමදින්නෙමියි පිටකටුව ම පිරිමැද ගනිමි. පිටකටුව පිරිමදිමියි උදර සිවිය ම පිරිමැද ගනිමි. ඒ අල්පාහාරභාවයෙන් උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි ඒ අල්පාහාරභාවයෙන් එහි ම යටි හුරු ව වැටෙමි. ශාරිපුත්‍රය, මම එම ශරීරය අස් වසන්නෙම් අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, ඒ අතින් ශරීරාවයව පිරිමදිමන මාගේ සිරුරෙන් ඒ අල්පාහාරභාවයෙන් ම දිරූ මුල් ඇති ලෝමයෝ ගිලිහී වැටෙත්.

54. තායපි ඛො අහං සාරිපුත‍්ත ඉරියාය තාය පටිපදාය තාය දුක‍්කරකාරිකාය න අජ‍්ඣගමං උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං. තං කිස‍්ස හෙතු: ඉමිස‍්සායෙව අරියාය පඤ‍්ඤාය අනධිගමා යායං අරියා පඤ‍්ඤා අධිගතා අරියා නිය්‍යානිකා නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය.

54. ශාරිපුත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද ඒ පිළිවෙතින් ද ඒ දුෂ්කර ක්‍රියාවෙන් ද මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නො ලදිමි. ඒ කවර හෙයින යත්: යම් මේ ආර්‍ය්‍ය (මාර්‍ග) ප්‍රඥාවක් (දැන් ම විසින්) ලබන ලද ද, ආර්‍ය්‍ය වූ නීයානික වූ, ඒ පිළිපදනහුට මනා කොට දුඃඛක්‍ෂය කිරීම පිණිස පමුණුවන්නා වූ, මේ මාර්‍ග ප්‍රඥාව (එකල මා විසින්) නො ලබන ලදී. එහෙයිනි.

55. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: සංසාරෙන සුද‍්ධීති. න ඛො පෙනසො සාරිපුත‍්ත සංසාරො සුලභරූපො යො මයා අසංසරිතපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා, අඤ‍්ඤත්‍ර සුද‍්ධාවාසෙහි දෙවෙහි. සුද‍්ධාවාසෙ චාහං සාරිපුත‍්ත දෙවෙ සංසරෙය්‍යං, නයිමං ලොකං පුනරාගච‍්ඡෙය්‍යං.

55. ශාරිපුත්‍රය, සංසාරයෙන් (භවසඞ්ක්‍රමණයෙන්) ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො සැරිසැරූ මේ භවයෙක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

56. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: උපපත‍්තියා සුද‍්ධීති. න ඛො පනෙසා සාරිපුත‍්ත උපපත‍්ති සුලභරූපා යා මයා අනුපපන‍්නපුබ‍්බා ඉමිනා දීඝෙන අද‍්ධුනා අඤ‍්ඤත්‍ර සුද‍්ධාවාසෙහි දෙවෙහි. සුද‍්ධාවාසෙ චාහං සාරිපුත‍්ත දෙවෙ උපපජ‍්ජෙය්‍යං, නයිමං ලොකං පුනරාගච‍්ඡෙය්‍යං.

56. ශාරිපුත්‍රය, උත්පත්තියෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නූපන්විරූ මේ උත්පත්තියක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මේ ලෝකයට නො පැමිණෙන්නෙමි.

57. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: ආවාසෙන සුද‍්ධීති. න ඛො පනෙසො සාරිපුත‍්ත ආවාසො සුලභරූපො යො මයා අනාවුත්‍ථපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා, අඤ‍්ඤත්‍ර සුද‍්ධාවාසෙහි දෙවෙහි. සුද‍්ධාවාසෙ චාහං සාරිපුත‍්ත දෙවෙ වසෙය්‍යං, නයිමං ලොකං පුනරාගච‍්ඡෙය්‍යං.

57. ශාරිපුත්‍රය, (බොහෝ භවයන්හි) විසීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො විසූ විරූ ආවාසයෙක් සුලභරූප නො වේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව් ලොවෙහි විසුයෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.

58. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: යඤ‍්ඤෙන සුද‍්ධීති. න ඛො පනෙසො සාරිපුත‍්ත යඤ‍්ඤො සුලභරූපො යො මයා අයිට‍්ඨපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා, තඤ‍්ච ඛො රඤ‍්ඤා ව සතා ඛත‍්තියෙන මුද‍්ධාවසිත‍්තෙන, බ්‍රාහ‍්මණෙන වා මහාසාලෙන.

58. ශාරිපුත්‍රය, යාගයෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො යැපු විරූ මේ යාගයෙක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

59. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: අග‍්ගිපරිචරියාය සුද‍්ධීති. න ඛො පනෙසො සාරිපුත‍්ත අග‍්ගි සුලභරූපො යො මයා අපරිචිණ‍්ණපුබ‍්බො ඉමිනා දීඝෙන අද‍්ධුනා, තඤ‍්ච ඛො රඤ‍්ඤා ව සතා ඛත‍්තියෙන මුද‍්ධාවසිත‍්තෙන, බ්‍රාහ‍්මණෙන වා මහාසාලෙන.

59. ශාරිපුත්‍රය, ගිනි පීදීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො පිදූ විරූ ගින්නක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.

60. සන‍්ති ඛො පන සාරිපුත‍්ත එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: යාවදෙවායං භවං පුරිසො දහරො හොති යුවා සුසුකාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා, තාවදෙව පරමෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියෙන සමන‍්නාගතො හොති. යතො ච ඛො අයං භවං පුරිසො ජිණ‍්ණො හොති වුද‍්ධො මහල‍්ලකො අද‍්ධගතො වයො අනුප‍්පත‍්තො: ආසීතිකො වා නාවුතිකො වා වස‍්සසතිකො වා ජාතියා, අථ තම‍්හා පඤ‍්ඤාවෙය්‍යත‍්තියා පරිහායතී ති. න ඛො පනෙතං සාරිපුත‍්ත එවං දට‍්ඨබ‍්බං. අහං ඛො පන සාරිපුත‍්ත එතරහි ජිණ‍්ණො වුද‍්ධො මහල‍්ලකො අද‍්ධගතො වයො අනුප‍්පත‍්තො, ආසීතිකො මෙ වයො වත‍්තති.

60. ශාරිපුත්‍රය, “යම් තාක් කල් මේ පින්වත් පුරුෂ තෙමේ තරුණ වූයේ මනා කළුකෙස් ඇත්තේ ප්‍රථම වයස වූ යොවුන් බැවින් යුක්ත වූයේ දහර වූයේ වේ ද, එ තාක් කල් උතුම් වූ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ වෙයි. යම් තැනෙක පටන් මේ පින්වත් පුරුෂ තෙමේ දිරුණේ වෘද්ධ වූයේ මහලු වූයේ බොහෝ කල් ඉක්ම වූයේ පැසුළුවයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූවයස් ඇත්තේ හෝ සියවස් ඇත්තේ හෝ වේ ද, එකල්හි ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් පිරිහේ” යැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ කාරණය මෙසේ නො දත යුතු යි. ශාරිපුත්‍රය, මම දැන් ජරාවෙන් ජීර්‍ණයෙමි. වැඩී සිටියෙමි. මහලු වෙමි. බොහෝකල් ඉක්ම වූයෙමි. පැසුළුවයසට පැමිණියෙමි. මාහට දැන් අසූ හැවිරිදි වියෙක් පවතී.

61. ඉධ මෙ අස‍්සු සාරිපුත‍්ත චත‍්තාරො සාවකා වස‍්සසතායුකා වස‍්සසතජීවිනො පරමාය ගතියා සතියා ච ධිතියා ච සමන‍්නාගතා පරමෙන ච පඤ‍්ඤාවෙය්‍යත‍්තියෙන. සෙය්‍යථාපි සාරිපුත‍්ත දළ‍්හධම‍්මො ධනුග‍්ගහො සික‍්ඛිතො කතහත්‍ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප‍්පකසිරෙනෙව තිරියං තාලච‍්ඡායං අතිපාතෙය්‍ය, එවං අධිමත‍්තසතිමන‍්තො එවං අධිමත‍්තගතිමන‍්තො එවං අධිමත‍්තධිතිමන‍්තො එවං පරමෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියෙන සමන‍්නාගතා. තෙ මං චතුන‍්නං සතිපට‍්ඨානානං උපාදායුපාදාය පඤ‍්හං පුච‍්ඡෙය්‍යුං, පුට‍්ඨො පුට‍්ඨො චාහං තෙසං ව්‍යාකරෙය්‍යං. ව්‍යාකතඤ‍්ච මෙ ව්‍යාකතතො ධාරෙය්‍යුං. න ච මං දුතියකං උත‍්තරිං පටිපුච‍්ඡෙය්‍යුං. අඤ‍්ඤත්‍ර අසිතපීතඛායිතසායිතා, අඤ‍්ඤත්‍ර උච‍්චාරපස‍්සාවකම‍්මා, අඤ‍්ඤත්‍ර නිද‍්දාකිළමථපටිවිනොදනා, අපරියාදිණ‍්ණා යෙවස‍්ස සාරිපුත‍්ත තථාගතස‍්ස ධම‍්මදෙසනා. අපරියාදිණ‍්ණං යෙවස‍්ස තථාගතස‍්ස ධම‍්මපද බ්‍යඤ‍්ජනං. අපරියාදිණ‍්ණං යෙවස‍්ස තථාගතස‍්ස පඤ‍්හපටිභානං. අථ මෙ තෙ චත‍්තාරො සාවකා වස‍්සසතායුකා වස‍්සසතජීවිනො වස‍්සසතස‍්ස අච‍්චයෙන කාලං කරෙය්‍යුං. මඤ‍්චකෙන චෙපි මං සාරිපුත‍්ත පරිහරිස‍්සථ නෙවත්‍ථි තථාගතස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියස‍්ස අඤ‍්ඤථත‍්තං.

61. ශාරිපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි සියක් අවුරුදු ආයු ඇති සියක් අවුරුදු ජීවත් වන, (පද සියදහසකුදු එකවර ඇසූ පමණින් ඉගෙනීමට සමර්‍ත්‍ථ) උතුම් ඥාණ ගතියෙන් ද, (උගත් දෙය දරා පවත්වා දැරීමට සමර්‍ත්‍ථ) සිහියෙන් ද, (දැරූ දෙය වණ පොත් කොට දැරීමට සමර්‍ත්‍ථ) ධෘතියෙන් ද, උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් ද යුක්ත වූ ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත් ද, ශාරිපුත්‍රය, උගත් සිප් ඇති, කෘතහස්ත වූ, (රාජකුලාදියෙහි) දැක්වූ ශිල්ප ඇති දැඩි දුන්නක් ගෙන සිටි දුනුවායෙක් සැහැල්ලු ඊයකින් නිදුකින් ම තල්සෙය සරස යම්සේ ඉක්මවන්නේ ද, මෙසේ අධිකමාත්‍ර ස්මෘති ඇත්තාවූ මෙසේ අධිකමාත්‍ර ගති ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර ධෘති ඇත්තා වූ මෙසේ උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූ ඒ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන්ගෙන් එකිනෙක ගෙන මා අතින් ප්‍රශ්න විචාරන්නාහු නම් විචාළ විචාළ ප්‍රශ්නය මම ඔවුන්ට විසඳන්නෙමි. මා විසින් විසඳන ලද්ද විසඳූ සේ ඔහු දරන්නාහුය. මත්තෙහි දෙවෙනි ප්‍රශ්නයක් මා නොපිළිවිස්නාහුය. කන බොන රස විඳින කාලය තබා මල මූ පහ කරන කාලය තබා නිදීම් විඩා හැරීම් දුරු කරන කාලය තබා (සෙසු හැම කල්හි ඔහු ප්‍රශ්න විචාරත්ද), ශාරිපුත්‍රය, තථාගතයන්ගේ ධර්‍මදේශනාව පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ පාළිය පිළිබඳ පද හා අක්‍ෂර පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීම පරික්‍ෂීණ නො වේමය. එසේ වත්ම, අවුරුදු සීයක් ආයු ඇති අවුරුදු සීයක් ජීවත් වනසුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු සීය ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය. ශාරිපුත්‍රය, ඉදින් මා ඇඳක තබා ගෙන පරිහරණය කරන්නාහු නමුදු තථාගතයන්ගේ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙහි වෙනසක් නො ම ඇත.

62. යං ඛො පනෙතං සාරිපුත‍්ත සම‍්මා වදමානො වදෙය්‍ය: අසම‍්මොහධම‍්මො සත‍්තො ලොකෙ උපපන‍්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති, මමෙව තං සම‍්මා වදමානො වදෙය්‍ය: අසම‍්මොහධම‍්මො සත‍්තො ලොකෙ උපපන‍්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පකාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

62. ශාරිපුත්‍රය, මනා කොට (සැබෑ) කියන්නෙක් “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස උපන්නේය,” යි යමකු උදෙසා කියන්නේ නම්, මනා කොට කියන හේ “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස උපන” යන වචනය මා උදෙසා ම කියන්නේ ය.

63. තෙන ඛො පන සමයෙන ආයස‍්මා නාගසමාලො භගවතො පිට‍්ඨිතො ඨිතො හොති භගවන‍්තං වීජයමානො. අථ ඛො ආයස‍්මා නාගසමාලො භගවන‍්තං එතදවොච: “අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ. අපි ච මෙ භන‍්තෙ ඉමං ධම‍්මපරියායං සුත්‍වා ලොමානි හට‍්ඨානි. කො නාමො අයං භන‍්තෙ ධම‍්මපරියායො”ති. තස‍්මාතිහ ත්‍වං නාගසමාල ඉමං ධම‍්මපරියායං ලොමහංසනපරියායො ත්‍වෙව නං ධාරෙහීති.

63. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසමාල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසැ සිටියේ වෙයි. එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය. වහන්ස ආශ්චර්‍ය්‍යය, වහන්ස අද්භූතය. තව ද වහන්ස, මේ ධර්‍මක්‍රමය අසා මාගේ ලෝමයෝ දහ ගත්හ. වහන්ස මේ කිනම් ධර්‍මක්‍රමයෙක් ද? නාගසමාල, එසේ නම තෙපි මේ ධර්‍මපර්‍ය්‍යාය ලෝමහංසනපරියාය යි කියා ම දරව යි වදාළ සේක.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා නාගසමාලො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් නාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තේය.

මහාසීහනාදසුත‍්තං දුතියං.

මහාසීහනාද සූත්‍රය දෙවැනියි.