යෙදුමෙන් කියවන්න

චූළසීහනාදසුත‍්තං

1. 2. 1.

1. 2. 1.

චූළසීහනාදසුත‍්තං

චුළසීහනාද සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ සේක. එ භික්‍ෂූහු “වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

2. ඉධෙව භික‍්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙති. එවමෙව භික‍්ඛවෙ සම‍්මා සීහනාදං නදථ. ඨානං ඛො පනෙතං භික‍්ඛවෙ විජ‍්ජති යං ඉධ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං වදෙය්‍යුං: කො පනායස‍්මන‍්තානං අස‍්සාසො? කිං බලං? යෙන තුම‍්හෙ ආයස‍්මන‍්තො එවං වදෙථ: ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙ’ති.

2. මහණෙනි, පළමු මහණ (සෝවාන්) මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ (සෙදගැමි) මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ (අනගැමි) මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ (රහත්) මේ සස්නෙහිමය. අන්‍යත් ද්වාෂෂ‍්ටිවාද සඞ්‍ඛ්‍යාත පරප්‍රවාදයෝ (සමයාන්තරයෝ) ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ. මහණෙනි, මෙසේ ම මනා කොට සිංහනාද කරවු. මහණෙනි, මේ අන්තොටු පිරිවැජියෝ “ආයුෂ්මත්නි, යම් හෙයකින් තෙපි කරණ කොට ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියන්නාහු නම් එහිලා ආයුෂ‍්මතුන්ට ඇති ආශ්වාසය කිමෙක? බලය කිමෙකැ? යි මෙසේ කියන්නාහු ය” යන තෙල කරුණෙක් ඇති වෙයි.

3. එවංවාදිනො භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: අත්‍ථි ඛො නො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන චත‍්තාරො ධම‍්මා අක‍්ඛාතා යෙ මයං අත‍්තනි සම‍්පස‍්සමානා එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙ’ති. කතමෙ චත‍්තාරො? අත්‍ථි ඛො නො ආවුසො සත්‍ථරි පසාදො. අත්‍ථි ධම‍්මෙ පසාදො. අත්‍ථි සීලෙසු පරිපූරකාරිතා සහධම‍්මිකා ඛො පන පියා මනාපා ගහට‍්ඨා චෙව පබ‍්බජිතා ච. ඉමෙ ඛො නො ආවුසො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන චත‍්තාරො ධම‍්මා අක‍්ඛාතා යෙ මයං අත‍්තනි සම‍්පස‍්සමානා එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙ’ති.

3. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ තෙල සෙයින් කියයුතු වෙති: ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමා කෙරෙහි මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. තෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. සියුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍ම සතරෙක් ඇත. කවර සතරෙක යත්: ඇවැත්නි, අපගේ ශාස‍්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇත. ධර්‍මය කෙරෙහි පැහැදීම ඇත. ශීලයෙහි පරිපූර්‍ණකාරිත‍්වය ඇත. ගිහියෝ ද පැවිද්දෝ ද යන ආර්‍ය්‍යශ්‍රාවක සහ ධාර්මික පිරිස්හු දු උනුනට ප්‍රිය වෙති. මනාප(කල්) වෙති. ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමන් තුළ මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි මය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෝ සතර දෙන වෙති.

4. ඨානං ඛො පනෙතං භික‍්ඛවෙ විජ‍්ජති යං අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං වදෙය්‍යුං: අම‍්හාකම‍්පි ඛො ආවුසො අත්‍ථි සත්‍ථරි පසාදො යො අම‍්හාකං සත්‍ථා. අම‍්හාකම‍්පි අත්‍ථි ධම‍්මෙ පසාදො යො අම‍්හාකං ධම‍්මො. මයම‍්පි සීලෙසු පරිපූරකාරිනො යානි අම‍්හාකං සීලානි. අම‍්හාකම‍්පි සහධම‍්මිකා පියා මනාපා ගහට‍්ඨා චෙව පබ‍්බජිතා ච. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං යදිදං තුම‍්හාකඤ‍්චෙව අම‍්හාකඤ‍්චාති.

4. මහණෙනි, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ “අවැත්නි යමෙක් අපගේ ශාස්තෘ වේ ද, ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අප ද ගේ පැහැදීම ඇත. යමක් අපගේ ධර්‍මය වේද, (ඒ) ධර්‍මය කෙරෙහි අපගේ ද පැහැදීම ඇත. අපගේ යම් ශීලයෝ වෙත් ද, අපි දු ඒ සිල් පුරන සුල්ලමෝ වම්හ. අප ද ගේ සහධාර්මික වූ ගිහියෝ ද පැවිද්දෝ ද උනුනට ප්‍රිය වෙති. කල් වෙති. ඇවැත්නි, තෙල ප්‍රසාදයෙහි ලා තොප සහ අපගේත් විශේෂය කවරේ ය? අධික ප්‍රයෝගය කවරේය? වෙනස කවරේය? යි මෙසේ කියන්නාහු ය” යන මේ කාරණය විද්‍යාමාන වෙයි.

5. එවං වාදිනො භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: කිම‍්පනාවුසො එකා නිට‍්ඨා? උදාහු පුථු නිට‍්ඨා’ති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: එකා හාවුසො නිට‍්ඨා, න පුථු නිට‍්ඨා’ති.

5. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කිම (ඒ ප්‍රසාදයාගේ) නිෂ්ඨාව එකෙක් ද? නොහොත් බොහෝ නිෂ්‍ඨා ඇත්දැ?යි” මෙසේ කියයුතු වෙත්. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මනාකොට(කරුණු සහිතව) ප්‍රකාශ කරන්නාහු “ඇවැත්නි, නිෂ්‍ඨාව එකෙක් ම ය. නිෂ්‍ඨාවෝ බොහෝ නො වෙති” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

6. සා පනාවුසො නිට‍්ඨා සරාගස‍්ස? උදාහු වීතරාගස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතරාගස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා සරාගස‍්සාති.

6. ඇවැත්නි, එ නිෂ්‍ඨාව රාග සහිතයාහට වේ ද? නොහොත් රාග රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව වීතරාගයාහට වෙයි. එ නිෂ්‍ඨාව සරාගයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා සදොසස‍්ස? උදාහු වීතදොසස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතදොසස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා සදොසස‍්සාති.

ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට වේ ද? නොහොත් ද්වේෂ රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ රහිතයාහට වෙයි. එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා සමොහස‍්ස? උදාහු වීතමොහස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතමොහස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා සමොහස‍්සාති.

ඇවැත්නි, එ නිෂ්ඨාව මෝහ සහිතයාට වේ ද? නොහොත් මෝහ රහිතයාට වේද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව මෝහ රහිතයාහට වෙයි. මෝහ සහිතයාහට නො වෙයි”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා සතණ‍්හස‍්ස? උදාහු වීතතණ‍්හස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: වීතතණ‍්හස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා සතණ‍්හස‍්සාති.

ඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණා සහිතයාහට වේ ද? නොහොත් තෘෂ්ණා රහිතයාහට වේ ද? මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව තෘෂ්ණා රහිතයාහට වෙයි, තෘෂ්ණා සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා සඋපාදානස‍්ස? උදාහු අනුපාදානස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: අනුපාදානස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා සඋපාදානස‍්සාති.

ඇවැත්නි, එ නිෂ්ඨාව උපාදාන සහිතයාට වේ ද? නොහොත් උපාදාන රහිතයාහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව උපාදාන රහිතයාහට වෙයි, උපාදාන සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා විද‍්දසුනො උදාහු අවිද‍්දසුනො’ති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: විද‍්දසුනො ආවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා අවිද‍්දසුනො’ති.

ඇවැත්නි, එ නිෂ්ඨාව පණ්ඩිතයාහට වේ ද? නොහොත් අපණ්ඩිතයාහට වේද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව නුවණැත්තහුට වෙයි. නුවණනැත්තහුට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.

සා පනාවුසො නිට‍්ඨා අනුරුද‍්ධපටිවිරුද‍්ධස‍්ස? උදාහු අනනුරුද‍්ධඅප‍්පටිවිරුද‍්ධස‍්සාති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: අනනුරුද‍්ධඅප‍්පටිවිරුද‍්ධස‍්සාවුසො සා නිට‍්ඨා, න සා නිට‍්ඨා අනුරුද‍්ධපටිවිරුද‍්ධස‍්සාති.

ඇවැත්නි, එ නිෂ්ඨාව (රාග විසින්) අනුරුද්ධ (ක්‍රෝධ විසින්) ප්‍රතිවිරුද්ධයාහට වේ ද? නොහොත් අනනුරුද්ධ අප්‍රතිවිරුද්ධයාහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව රාගයෙන් නො බැඳුණු ක්‍රෝධයෙන් නො කිපුණාහට වෙයි. රාගයෙන් බැඳුණු ක්‍රෝධයෙන් කිපුණාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

සා පනාවුසො නිට‍්ඨා පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො? උදාහු නිප‍්පපඤ‍්චාරාමස‍්ස නිප‍්පපඤ‍්චරතිනො’ති? සම‍්මා ව්‍යාකරමානා භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං ව්‍යාකරෙය්‍යුං: නිප‍්පපඤ‍්චාරාමස‍්සාවුසො සා නිට‍්ඨා නිප‍්පපඤ‍්චරතිනො, න සා නිට‍්ඨා පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනො’ති.

ඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලීම් ඇත්තහුට වේ ද? නොහොත් ප්‍රපඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව පඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වෙයි. ඒ නිෂ්ඨාව ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලුණුහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

7. ද‍්වෙමා භික‍්ඛවෙ දිට‍්ඨියො: භවදිට‍්ඨි ච විභවදිට‍්ඨි ච. යෙ හි කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා භවදිට‍්ඨිං අල‍්ලීනා භවදිට‍්ඨිං උපගතා භවදිට‍්ඨිං අජ‍්ඣොසිතා, විභවදිට‍්ඨියා තෙ පටිවිරුද‍්ධා. යෙ හි කෙ චි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා විභවදිට‍්ඨිං අල‍්ලීනා විභවදිට‍්ඨිං උපගතා විභවදිට‍්ඨිං අජ‍්ඣොසිතා, භවදිට‍්ඨියා තෙ පටිවිරුද‍්ධා. යෙ හි කෙ චි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමාසං ද‍්වින‍්නං දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති, තෙ සරාගා තෙ සදොසා තෙ සමොහා තෙ සතණ‍්හා තෙ සඋපාදානා තෙ අවිද‍්දසුනො තෙ අනුරුද‍්ධපටිවිරුද‍්ධා තෙ පපඤ‍්චාරාමා තෙ පපඤ‍්චරතිනො තෙ න පරිමුච‍්චන‍්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. න පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති වදාමි.

7. මහණෙනි, භවදෘෂ්ටිය විභවදෘෂ්ඨිය දැයි මේ දෘෂ්ටීහු දෙදෙනෙක් වෙත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවදෘෂ්ඨියෙහි ඇලුනාහු භවදෘෂ්ඨියට පැමැණියාහු භවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු විභවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ විභවදෘෂ්ඨියෙහි ඇලුනාහු විභවදෘෂ්ඨියට පැමැණියාහු විභවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු භවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂ්ටියෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් නම් ඔහු රාගසහිත වූවාහු ය. ඔහු ද්වේෂසහිත වූවාහු ය. ඔහු මෝහ සහිත වූවාහු ය. ඔහු තෘෂ්ණාසහිත වූවාහු ය. ඔහු උපාදානසහිත වූවාහු ය. ඔහු නුවණ නැත්තාහු ය. ඔහු රාගයෙන් බැඳුණාහු ය. ක්‍රෝධයෙන් කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට ඇත්තාහු ප්‍රපඤ්චෙයහි ඇලුණාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් නො මිදෙත්. සියලු සසර දුකින් නො මිදෙත් යයි කියමි.

8. යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමාසං ද‍්වින‍්නං දිට‍්ඨීනං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානන‍්ති, තෙ වීතරාගා තෙ වීතදොසා තෙ වීතමොහා තෙ වීතතණ‍්හා තෙ අනුපාදානා තෙ විද‍්දසුනො තෙ අනනුරුද‍්ධඅප‍්පටිවිරුද‍්ධා තෙ නිප‍්පපඤ‍්චාරාමා නිප‍්පපඤ‍්චරතිනො තෙ පරිමුච‍්චන‍්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති වදාමි.

8. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂ්ටියෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනිත් නම් ඔහු වීතරාගයෝ ය. ඔහු වීතද්වේෂයෝ ය. විතමෝහයෝ ය. ඔහු පහවූ තෘෂ්ණාව ඇත්තාහු ය. ඔහු උපාදානරහිතයෝ ය. ඔහු නුවණැත්තාහු ය. ඔහු රාගයෙන් නො බැඳුණාහු ය. ක්‍රෝධයෙන් නො කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට නැත්තාහු ය. ප්‍රපඤ්චෙයහි ඇලුම් නැත්තාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් මිදෙත්. ඔහු සියලු සසර දුකින් මිදෙත් යයි කියමි.

9. චත‍්තාරිමානි භික‍්ඛවෙ උපාදානානි. කතමානි චත‍්තාරි? කාමූපාදානං දිට‍්ඨූපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා. තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති න දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. තං කිස‍්ස හෙතු? ඉමානි හි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා තීණි ඨානානි යථාභූතං නප‍්පජානන‍්ති. තස‍්මා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති න දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති.

9. මහණෙනි, මේ උපාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: කාමූපාදානය දිට්ඨූපාදානය සීලබ්බතුපාදානය අත්තවාදූපාදානය යි. මහණෙනි, සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු තුන තතුසේ නො දනිත්. එහෙයින් එ පින්වත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු සියලු උපාදානයන්ගේ ප්‍රහාණය මැනවින් නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

10. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා. තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. තං කිස‍්ස හෙතු? ඉමානි හි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා ද‍්වෙ ඨානානි යථාභූතං නප‍්පජානන‍්ති. තස‍්මා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති.

10. මහණෙනි, ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි පිළින කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු දෙක තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

11. සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. තං කිස‍්ස හෙතු? ඉමං හි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා එකං ඨානං යථාභූතං නප‍්පජානන‍්ති. තස‍්මා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානා තෙ න සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. න අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති.

11. මහණෙනි, ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ එක කරුණ තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.

12. එවරූපෙ ඛො භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො සත්‍ථරි පසාදො, සො න සම‍්මග‍්ගතො අක‍්ඛායති. යො ධම‍්මෙ පසාදො, සො න සම‍්මග‍්ගතො අක‍්ඛායති. යා සීලෙසු පරිපූරකාරිතා, සා න සම‍්මග‍්ගතා අක‍්ඛායති. යා සහධම‍්මිකෙසු පියමනාපතා, සා න සම‍්මග‍්ගතා අක‍්ඛායති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං දුරක‍්ඛාතෙ ධම‍්මවිනයෙ දුප‍්පවෙදිතෙ අනිය්‍යානිකෙ අනුපසමසංවත‍්තනිකෙ අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙ.

12. මහණෙනි, මෙබඳු ධර්‍මවිනයයෙක්හි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූර්‍ණ වූයේ) යි නො කියනු ලැබේ. ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්‍වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි නො කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, වරදවා කියූ වරදවා ඉගැන්වූ, මඟපල පිණිස නො පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස නොපවත්නා වූ, අසම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.

13. තථාගතො ච ඛො භික‍්ඛවෙ අරහං සම‍්මාසම‍්බුද‍්ධො සබ‍්බූපාදානපරිඤ‍්ඤාවාදො පටිජානමානො සම‍්මා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. කාමූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. දිට‍්ඨූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. සීලබ‍්බතූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති. අත‍්තවාදූපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙති.

13. මහණෙනි, අර්‍හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ද ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’ යි ප්‍රතිඥා කරන්නෝ මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය පනවත්. කාමූපදානයයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය පනවත්.

14. එවරූපෙ ඛො භික‍්ඛවෙ ධම‍්මවිනයෙ යො සත්‍ථරි පසාදො, සො සම‍්මග‍්ගතො අක‍්ඛායති. යො ධම‍්මෙ පසාදො, සො සම‍්මග‍්ගතො අක‍්ඛායති. යා සීලෙසු පරිපූරකාරිතා, සා සම‍්මග‍්ගතා අක‍්ඛායති. යා සහධම‍්මිකෙසු පියමනාපතා, සා සම‍්මග‍්ගතා අක‍්ඛායති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ සුප‍්පවෙදිතෙ නිය්‍යානිකෙ උපසමසංවත‍්තනිකෙ සම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙ.

14. මහණෙනි, මෙබඳු ධර්‍මවිනයෙහි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූර්‍ණ වූයේ) යි කියනු ලැබේ. ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්‍වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, මනා කොට කියූ මනා කොට ඉගැන්වූ, මඟපල පිණිස පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස පවත්නා වූ, සම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.

15. ඉමෙ ච භික‍්ඛවෙ චත‍්තාරො උපාදානා. කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? ඉමෙ චත‍්තාරො උපාදානා තණ‍්හානිදානා තණ‍්හාසමුදයා තණ‍්හාජාතිකා තණ‍්හාපභවා. තණ‍්හා චායං භික‍්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? තණ‍්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා. වෙදනා චායං භික‍්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? වෙදනා ඵස‍්සනිදානා ඵස‍්සසමුදයා ඵස‍්සජාතිකා ඵස‍්සපභවා. ඵස‍්සො චායං භික‍්ඛවෙ කිං නිදානො? කිංසමුදයො? කිංජාතිකො? කිංපභවො? ඵස‍්සො සළායතනනිදානො සළායතනසමුදයො.–

15. මහණෙනි, මේ සතර උපාදානයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මේ සතර උපාදානයෝ තෘෂ්ණාව මූලකාරණ කොට ඇත. තෘෂ්ණාව උත්පත්ති හේතු කොට ඇත. තෘෂ්ණාව ජාති කොට ඇත. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? තෘෂ්ණාව වේදනාව මූලකාරණ කොට ඇත. වේදනාව උත්පත්ති හේතු කොට ඇත. වේදනාව ජාති කොට ඇත. වේදනාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ වේදනාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? වේදනාව ස්පර්‍ශය මූලකාරණ කොට ඇත. ස්පර්‍ශය උත්පත්ති හේතු කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ස්පර්‍ශය ෂඩායතන මූලකාරණ කොට ඇත. ෂඩායතන උත්පත්ති හේතු කොට ඇත.

සළායතනජාතිකො සළායතනපභවො. සළායතනඤ‍්චිදං භික‍්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං. නාමරූපඤ‍්චිදං භික‍්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? නාමරූපං විඤ‍්ඤාණනිදානං විඤ‍්ඤාණසමුදයං විඤ‍්ඤාණජාතිකං විඤ‍්ඤාණපභවං. විඤ‍්ඤාණඤ‍්චිදං භික‍්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? විඤ‍්ඤාණං සඞ‍්ඛාරනිදානං සඞ‍්ඛාරසමුදයං සඞ‍්ඛාරජාතිකං සඞ‍්ඛාරපභවං. සඞ‍්ඛාරාචිමෙ භික‍්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? සඞ‍්ඛාරා අවිජ‍්ජානිදානා අවිජ‍්ජාසමුදයා අවිජ‍්ජාජාතිකා අවිජ‍්ජාපභවා.

ෂඩායතන ජාති කොට ඇත. ෂඩායතන ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ෂඩායතන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ෂඩායතන නාම රූප මූලකාරණ කොට ඇත. නාම රූප උත්පත්ති හේතු කොට ඇත. නාම රූප ජාති කොට ඇත. නාම රූප ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ නාම රූප කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? නාම රූප විඤ්ඤාණය මූලකාරණ කොට ඇත. විඤ්ඤාණය උත්පත්ති හේතු කොට ඇත. විඤ්ඤාණය ජාති කොට ඇත. විඤ්ඤාණය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? විඤ්ඤාණය සංස්කාර මූලකාරණ කොට ඇත. සංස්කාර උත්පත්ති හේතු කොට ඇත. සංස්කාර ජාති කොට ඇත. සංස්කාර ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? සංස්කාරයෝ අවිද්‍යාව මූලකාරණ කොට ඇත. අවිද්‍යාව උත්පත්ති හේතු කොට ඇත. අවිද්‍යාව ජාති කොට ඇත. අවිද්‍යාව ප්‍රභව කොට ඇත.

16. යතො ච ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො අවිජ‍්ජා පහීනා හොති විජ‍්ජා උප‍්පන‍්නා. සො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා නෙව කාමූපාදානං උපාදියති. න දිට‍්ඨූපාදානං උපාදියති. න සීලබ‍්බතූපාදානං උපාදියති. න අත‍්තවාදූපාදානං උපාදියති. අනුපාදියං න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තංයෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

16. මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වූවා ද, අර්‍හත්මාර්‍ගවිද්‍යාව උපන ද, හේ අවිද්‍යාව දුරුවීමෙන් කාමූපාදානය නො ගනියි. දිට්ඨූපාදානය නො ගනියි. සීලබ්බතුපාදානය නො ගනියි. අත්තවාදූපාදානය නො ගනියි. උපාදාන වශයෙන් නො ගන්නේ (තණ්හා පරිතස්සනායෙන්) තෘෂ්ණාධීත නොවෙයි. තෘෂ්ණා නො උපදවන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙයි. උත්පත්තිය ක්‍ෂය වූ ය. බඹසර වැස නිමවන ලදි. කරණී කරණ ලදි. මේ අර්‍හත්‍වය පිණිස අනෙක් කටයුත්තෙක් නැතැයි දැන ගනියි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති තෘප්තවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

චූළසීහනාදසුත‍්තං පඨමං.

චූලසීහනාද සූත්‍රය පළමුවැනි යි.