යෙදුමෙන් කියවන්න

චූළසීහනාදසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

චූළසීහනාදසුත‍්තවණ‍්ණනා

චුළසීහනාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චූළසීහනාදසුත‍්තං. යස‍්මා පනස‍්ස අත්‍ථුප‍්පත‍්තිකො නික‍්ඛෙපො, තස‍්මා තං දස‍්සෙත්‍වා චස‍්ස අනුපුබ‍්බපදවණ‍්ණනං කරිස‍්සාම. කතරාය පනිදං අත්‍ථුප‍්පත‍්තියා නික‍්ඛිත‍්තන‍්ති? ලාභසක‍්කාරපච‍්චයා තිත්‍ථියපරිදෙවිතෙ. භගවතො කිර ධම‍්මදායාදසුත‍්තෙ වුත‍්තනයෙන මහාලාභසක‍්කාරො උප‍්පජ‍්ජි. චතුප‍්පමාණිකො හි අයං ලොකසන‍්නිවාසො, රූපප‍්පමාණො රූපප‍්පසන‍්නො, ඝොසප‍්පමාණො ඝොසප‍්පසන‍්නො, ලූඛප‍්පමාණො ලූඛප‍්පසන‍්නො, ධම‍්මප‍්පමාණො ධම‍්මප‍්පසන‍්නොති ඉමෙසං පුග‍්ගලානං වසෙන චතුධා ඨිතො.

එවම්මෙ සුතං යනු චූලසීහනාද සූත්‍රයයි. යම් හෙයකින් මෙම සුත්‍ර ධර්මය දේශනා කිරීමට හේතුකාරකයක් වී ද? එම හේතුකාරකය දක්වමින්ම සූත්‍රයාගේ පෙර විස්තර නොකළ අපුර්ව පදයන්ගේ අර්ථ වර්ණනාව කරන්නෙමු. කවර හෙයකින් මෙම සූත්‍රය වදාරන ලද්දේද යත්? ලාභ සත්කාර ප්‍රත්‍යයෙන් තීර්ථකයන්ගේ විලාප කීම හේතුවෙන් වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේට වනාහී ‘ධම්ම දායාද’ සූත්‍රයේ කී පරිද්දෙන් මහත් වූ ලාභසත්කාර උපන. මේ ලෝක සත්ත්ව තෙම සතරාකාර (සතර ප්‍රමාණික) වේ. රූප ප්‍රමාණ වූවෝ රූපයෙහි ප්‍රසන්නය හ. ඝෝෂ ප්‍රමාණ වූවෝ ඝෝෂයෙහි (ශබ්දයෙහි) ප්‍රසන්නය හ. ධර්ම ප්‍රමාණ වූවෝ ධර්මයෙහි ප්‍රසන්නයහ. රළු බවෙහි රූක්‍ෂ ප්‍රමාණ වූවෝ රළු බවෙහි (රූක්ෂ ප්‍රතිපදාවෙහි) ප්‍රසන්නයහ.

තෙසං ඉදං නානාකරණං – කතමො ච පුග‍්ගලො රූපප‍්පමාණො රූපප‍්පසන‍්නො? ඉධෙකච‍්චො පුග‍්ගලො ආරොහං වා පස‍්සිත්‍වා පරිණාහං වා පස‍්සිත්‍වා සණ‍්ඨානං වා පස‍්සිත්‍වා පාරිපූරිං වා පස‍්සිත්‍වා තත්‍ථ පමාණං ගහෙත්‍වා පසාදං ජනෙති, අයං වුච‍්චති පුග‍්ගලො රූපප‍්පමාණො රූපප‍්පසන‍්නො.

පුද්ගලයන් වශයෙන් මොවුහු සතර පරිද්දෙකින් සිටීම ඔවුන්ගේ නානත්වයයි. රූපප්‍රමාණ වූ රූපයෙහි පහදිනෝ නම් කවරහුද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආරෝහ පරිණාහ තත්ත්වය (රූ සපුව) දැක පහදින්නෝය. මේ පුද්ගල තෙම රූප ප්‍රමාණ වූ රූප ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ඝොසප‍්පමාණො ඝොසප‍්පසන‍්නො? ඉධෙකච‍්චො පුග‍්ගලො පරවණ‍්ණනාය පරථොමනාය පරපසංසනාය පරවණ‍්ණහාරිකාය, තත්‍ථ පමාණං ගහෙත්‍වා පසාදං ජනෙති, අයං වුච‍්චති පුග‍්ගලො ඝොසප‍්පමාණො ඝොසප‍්පසන‍්නො.

ඝෝෂ ප්‍රමාණ වූ සෝෂ ප්‍රසන්න පුද්ගලතෙම කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අන් අයගේ වර්ණනාවෙන්, අන් අයගේ ස්තුතියෙන්, අන් අයගේ ප්‍රශංසාවෙන්, අන් අයගේ වර්ණහාරිත්වයෙන්, එහි ප්‍රමාණය ගෙන ප්‍රසාදය උපදවති. මෙතෙම සෝෂ ප්‍රමාණ වූ ඝෝෂ ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ලූඛප‍්පමාණො ලූඛප‍්පසන‍්නො? ඉධෙකච‍්චො පුග‍්ගලො චීවරලූඛං වා පස‍්සිත්‍වා පත‍්තලූඛං වා පස‍්සිත්‍වා, සෙනාසනලූඛං වා පස‍්සිත්‍වා විවිධං වා දුක‍්කරකාරිකං පස‍්සිත්‍වා තත්‍ථ පමාණං ගහෙත්‍වා පසාදං ජනෙති, අයං වුච‍්චති පුග‍්ගලො ලූඛප‍්පමාණො ලූඛප‍්පසන‍්නො.

රූක්‍ෂප්‍රමාණ වූ රූක්‍ෂ ප්‍රසන්න පුද්ගලයා කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිවුරෙහි රළු බව දැක හෝ පාත්‍රයෙහි ගොරහැඩි බව දැක හෝ, සෙනසුන්වල කටුක බව දැක හෝ විවිධ වූ දුෂ්කර ක්‍රියාවන් දැක හෝ, ප්‍රසාදය උපදවති. මේතෙමේ රූක්‍ෂ ප්‍රමාණ වූ රූක්‍ෂ ප්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො ධම‍්මප‍්පමාණො ධම‍්මප‍්පසන‍්නො? ඉධෙකච‍්චො පුග‍්ගලො සීලං වා පස‍්සිත්‍වා සමාධිං වා පස‍්සිත්‍වා පඤ‍්ඤං වා පස‍්සිත්‍වා තත්‍ථ පමාණං ගහෙත්‍වා පසාදං ජනෙති, අයං වුච‍්චති පුග‍්ගලො ධම‍්මප‍්පමාණො ධම‍්මප‍්පසන‍්නොති.

මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ධර්මප්‍රමාණ වූ ධර්මප්‍රසන්න පුද්ගල තෙම කවරේද? මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය හෝ දැක, සමාධිය හෝ දැක, ප්‍රඥාව හෝ දැක එහි ප්‍රමාණය ගෙන ප්‍රසාදය උපදවති. මේ තෙමේ ධර්මප්‍රමාණ වූ ධර්මප‍්‍රසන්න පුද්ගලයා යයි කියනු ලැබේ.

ඉමෙසු චතූසු පුග‍්ගලෙසු රූපප‍්පමාණොපි භගවතො ආරොහපරිණාහසණ‍්ඨානපාරිපූරිවණ‍්ණපොක‍්ඛරතං, අසීතිඅනුබ්‍යඤ‍්ජනප‍්පටිමණ‍්ඩිතත‍්තා නානාරතනවිචිත‍්තමිව සුවණ‍්ණමහාපටං, ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසමාකිණ‍්ණතාය තාරාගණසමුජ‍්ජලං විය ගගනතලං සබ‍්බඵාලිඵුල‍්ලං විය ච යොජනසතුබ‍්බෙධං පාරිච‍්ඡත‍්තකං අට‍්ඨාරසරතනුබ‍්බෙධං බ්‍යාමප‍්පභාපරික‍්ඛෙපං සස‍්සිරිකං අනොපමසරීරං දිස‍්වා සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති.

මේ පුද්ගලයන් සතරදෙනා අතුරෙන් රූපප්‍රමාණ පුද්ගලයා වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ආරෝහ පරිණාහ යුක්ත වූ, පරිපූර්ණ වූ වර්ණ සෞන්දර්යය ඇති, අසූ අනු ව්‍යඤ්ජනයන්ගෙන් පිරිපුන් බැවින්, විවිධ වර්ණයන්ගෙන් විසිතුරු වූ, රන්පටක් වැනි දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ගැවසීගත් බැවින්, තාරකා සමූහයෙන් බබළන අහස්තලය වැනි, සියළුතැන්හි හාත්පස හටගත් මල් ඇති, සියක්යොදුන් පරසතු රුක් වැනි වූ, අටළොස් රියන් උස් වූ, ශරීරය වටා වූ ව්‍යාමප්‍රභා මාලාවෙන් අලංකාර වූ අනූපම වූ ශරීරය දැක සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහිම ප්‍රසන්න වෙයි. පහදියි.

ඝොසප‍්පමාණොපි, භගවතා කප‍්පසතසහස‍්සාධිකානි චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි දස පාරමියො දස උපපාරමියො දස පරමත්‍ථපාරමියො පූරිතා අඞ‍්ගපරිච‍්චාගො පුත‍්තදාරපරිච‍්චාගො, රජ‍්ජපරිච‍්චාගො අත‍්තපරිච‍්චාගො නයනපරිච‍්චාගො ච කතොතිආදිනා නයෙන පවත‍්තං ඝොසං සුත්‍වා සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති.

ඝෝෂය පමණ කොටගෙන ප්‍රසන්න වන්නා ද ‘භාග්‍යවතුන් වහන්සේ විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට අධික කාලයක් දශ පාරමීහූ, දශ උපපාරමීහූ, දශ පරමත්‍ථ පාරමීහූ පුරන ලද්දාහු ය. අඟ පසඟ පරිත්‍යාගය. අඹුදරු පරිත්‍යාගය, රාජ්‍ය පරිත්‍යාගය, ආත්ම පරිත්‍යාගය, දෑස් පරිත්‍යාගය ද කරන ලද්දේය.’ යනාදී වශයෙන් පවත්නා වූ ගුණසෝෂය (ගුණරාවය) අසා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි ම පහදියි.

ලූඛප‍්පමාණොපි භගවතො චීවරලූඛං දිස‍්වා “සචෙ භගවා අගාරං අජ‍්ඣාවසිස‍්ස, කාසිකවත්‍ථමෙව අධාරයිස‍්ස. පබ‍්බජිත්‍වා පනානෙන සාණපංසුකූලචීවරෙන සන‍්තුස‍්සමානෙන භාරියං කත”න‍්ති සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති. පත‍්තලූඛම‍්පි දිස‍්වා – “ඉමිනා අගාරං අජ‍්ඣාවසන‍්තෙන රත‍්තවරසුවණ‍්ණභාජනෙසු චක‍්කවත‍්තිභොජනාරහං සුගන්‍ධසාලිභොජනං පරිභුත‍්තං, පබ‍්බජිත්‍වා පන පාසාණමයං පත‍්තං ආදාය උච‍්චනීචකුලද‍්වාරෙසු සපදානං පිණ‍්ඩාය චරිත්‍වා ලද‍්ධපිණ‍්ඩියාලොපෙන සන‍්තුස‍්සමානො භාරියං කරොතී”ති සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති. සෙනාසනලූඛං දිස‍්වාපි – “අයං අගාරං අජ‍්ඣාවසන‍්තො තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙසු තීසු පාසාදෙසු තිවිධනාටකපරිවාරො දිබ‍්බසම‍්පත‍්තිං විය රජ‍්ජසිරිං අනුභවිත්‍වා ඉදානි පබ‍්බජ‍්ජූපගතො රුක‍්ඛමූලසෙනාසනාදීසු දාරුඵලකසිලාපට‍්ටපීඨමඤ‍්චකාදීහි සන‍්තුස‍්සමානො භාරියං කරොතී”ති සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති. දුක‍්කරකාරිකමස‍්ස දිස‍්වාපි – “ඡබ‍්බස‍්සානි නාම මුග‍්ගයූසකුලත්‍ථයූසහරෙණුයූසාදීනං පසටමත‍්තෙන යාපෙස‍්සති, අප‍්පාණකං ඣානං ඣායිස‍්සති, සරීරෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛො විහරිස‍්සති, අහො දුක‍්කරකාරකො භගවා”ති සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති.

රූක්‍ෂ ප්‍රතිපත්ති පමණ කොටගෙන ප්‍රසන්න වන්නා ද භාග්‍යවතුන් වහන්සේ ගේ චීවරයෙහි රළු බව දැක, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙයි වාසය කළේ නම් කසීසළු ම දරන්නාහු ය. එතකුදු වුවත් පැවිදි වී ඝණ පාංශුකූල සිවුරෙන් ම සතුටු වන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර වූවක්ම කරන ලදැයි සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහිම පහදියි. පාත්‍රයෙහි ගොරහැඩි බව දැක මුන්වහන්සේ ගිහිගෙයි වාසය කළේ නම් උතුම් වූ රත්රන් බඳුන්හි සක්විති රජෙකුගේ භෝජනයට සුදුසු වූ සුවඳහැල් සහලේ භෝජනයම වළඳන ලද. එතකුදු වුවත් පැවිදිව සෙල්මුවා පාත්‍රයක් ගෙන උසස් පහත් කුලදොර සපදානයෙන් පිඬු පිණිස හැසිර ලත් පිණ්ඩපාත ආහාරයෙන් ම සතුටුවෙමින් දුෂ්කර වූවක්ම කෙරෙති’යි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි ම පහදියි. සෙනස්නෙහි රූක්‍ෂ බව දැක මෙ තෙමේ ගිහිගෙයි වසත් නම් තුන් සෘතූන්ට සුදුසු වූ තුන් පහයෙක්හි ත්‍රිවිධ නළුනිළියන් පිරිවරකොට ඇතිව දිවසැපක් මෙන් රජසැප විඳියි. දැන් පැවිදි වූවාහු රුක්මුල් සෙනසුන් ආදියෙහි දැවපුවරු, ගල්තල, විදල් මැසි ආදියෙහි සැතපෙමින් දුෂ්කර වූවක්ම කරතියි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහිම පහදියි. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා දැක ද සාවුරුද්දක් මං යුස, කොල්ලු යුස, කලත් යුස ආදීන්ගේ අඩපතක් අඩපතක් පමණකින් යැපුනේය. අප්‍රාණික ධ්‍යානයෙන් ධ්‍යාන කළේය. පුදුමයෙකි. ආශ්චර්යය. භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා ඇතිසේකැයි සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහිම පහදියි.

ධම‍්මප‍්පමාණොපි භගවතො සීලගුණං සමාධිගුණං පඤ‍්ඤාගුණං ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තිසම‍්පදං අභිඤ‍්ඤාපාරිපූරිං යමකපාටිහාරියං දෙවොරොහණං පාථිකපුත‍්තදමනාදීනි ච අනෙකානි අච‍්ඡරියානි දිස‍්වා සම‍්මාසම‍්බුද‍්ධෙයෙව පසීදති, තෙ එවං පසන‍්නා භගවතො මහන‍්තං ලාභසක‍්කාරං අභිහරන‍්ති. තිත්‍ථියානං පන බාවෙරුජාතකෙ කාකස‍්ස විය ලාභසක‍්කාරො පරිහායිත්‍ථ. යථාහ –

ධර්මය ප්‍රමාණකොට ඇත්තේ ද භාග්‍යවතුන් වහන්සේ ගේ ශීල ගුණය සමාධි ගුණය ද ප්‍රඥා ගුණය ද ධ්‍යාන විමෝක්‍ෂ සමාපත්ති සම්පත්තිය ද, අභිඥාවන්ගේ පාරිපූරිත්වය ද යමක මහා ප්‍රාතිහාර්යය ද, දේවාවරෝහණය ද, පාටියපුත්‍ර දමනාදිය ද, යන නොයෙක් ආශ්චර්යයන් දැක සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි ම පහදියි. ඔව්හු මෙසේ ප්‍රසන්න වූවාහු භාග්‍යවතුන් වහන්සේට මහත් වූ සත්කාර එලවති. තීර්ථකයන්ට වනාහි බාවෙරු ජාතකයෙහි කවුඩාට මෙන් ලාභ සත්කාරයෙහි පිරිහුනේ යි. වදාළේ මය -

“අදස‍්සනෙන මොරස‍්ස, සිඛිනො මඤ‍්ජුභාණිනො; කාකං තත්‍ථ අපූජෙසුං, මංසෙන ච ඵලෙන ච.

අදස්සනෙන මොරස්ස - සිඛිනො මඤ්ජු භාණිනො කාකං තත්‍ථ අපූජෙසුං - මංසෙන ච ඵලෙනච

යදා ච සරසම‍්පන‍්නො, මොරො බාවෙරුමාගමා; අථ ලාභො ච සක‍්කාරො, වායසස‍්ස අහායථ.

යදා ච සර සම්පන්නො - මොරො බාවෙරු මාගමා අථ ලා හො ච සක්කාරො - වායසස්ස අභායථ

යාව නුප‍්පජ‍්ජති බුද‍්ධො, ධම‍්මරාජා පභඞ‍්කරො; තාව අඤ‍්ඤෙ අපූජෙසුං, පුථූ සමණබ්‍රාහ‍්මණෙ.

යාව නූප්පජ්ජතී බුද්ධො - ධම්මරාජා පභංකරො අථ අඤ්ඤෙ අපූජෙසුං - පුථු සමණ බ්‍රාහ්මණෙ

යදා ච සරසම‍්පන‍්නො, බුද‍්ධො ධම‍්මමදෙසයි; අථ ලාභො ච සක‍්කාරො, තිත්‍ථියානං අහායථා”ති. (ජා· 1.4.153-156);

යදා ච සර සම්පන්තො - බුද්ධො ධම්මං අදෙසයී අථ ලාභොච සක්කාරො - තිත්‍ථියානං අභායථා

ශිඛායෙන් යුක්ත වූ මියුරු හඬ ඇති මොනරාගේ නොදැක්මෙන් බාවේරු රට ජනයෝ එහි විසූ කපුටෙකුට මාංසයෙන් ද නන්වැදෑරුම් ඵලයෙන් ද පිදූහ.

නැවත යම් කලෙක මිහිරි හඬින් යුක්ත වූ මොනර තෙමේ බාවේරු රටට ආයේද? එකල්හි කවුඩාගේ ලාභය ද සත්කාරය ද පිරිහුනේය.

ධර්මරාජන් වූ පභංකර වූ බුදුන්වහන්සේ යම්තාක් පහළ නොවන සේක් ද ඒ තාක් අන්‍ය වූ බොහෝ මහණ බමුණන් පිදූහ.

නැවත යම් කලෙක බ්‍රහ්මස්වරයෙන් යුත් බුදුන් වහන්සේ සිව්සස් දහම් වදාළ සේක් ද? එකල්හී තීර්ථකයන්ගේ ලාභය ද සත්කාරය ද පිරිහුණේ ය.

තෙ එවං පහීනලාභසක‍්කාරා රත‍්තිං එකද‍්වඞ‍්ගුලමත‍්තං ඔභාසෙත්‍වාපි සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකා විය හතප‍්පභා අහෙසුං.

මෙසේ ලාභ සත්කාරයෙන් පිරිහුණු ඔවුහු, රාත්‍රියෙහි අඟලක් දෙකක් පමණ ආලෝක කොට ද හිරු නැගෙනකල්හි කලාමැදිරියන් මෙන් නටුවා වූ ප්‍රභා ඇත්තාහු වූහ.

යථා හි ඛජ‍්ජොපනකා, කාළපක‍්ඛම‍්හි රත‍්තියා; නිදස‍්සයන‍්ති ඔභාසං, එතෙසං විසයො හි සො.

යථාහි ඛජ්ජුපනකා - කාලපක්ඛම්හි රත්තියා නිදස්සයන්ති ඕභාසං - එතෙසං විසයො භිසො

යදා ච රස‍්මිසම‍්පන‍්නො, අබ‍්භුදෙති පභඞ‍්කරො; අථ ඛජ‍්ජුපසඞ‍්ඝානං, පභා අන‍්තරධායති.

යදා ච රස්මි සම්පන්නො - අබභුදෙති පභංකරො අථ ඛජ්ජූපසංඛානං - පභා අන්තරධායිති

එවං ඛජ‍්ජුපසදිසා, තිත්‍ථියාපි පුථූ ඉධ; කාළපක‍්ඛූපමෙ ලොකෙ, දීපයන‍්ති සකං ගුණං.

එවං ඛජ්ජූපසදිසා - තිත්‍ථියාපි පුථු ඉධ කාල පක්ඛූපමෙ ලොකෙ - දීපයන්ති සකං ගුණං

යදා ච බුද‍්ධො ලොකස‍්මිං, උදෙති අමිතප‍්පභො; නිප‍්පභා තිත්‍ථියා හොන‍්ති, සූරියෙ ඛජ‍්ජුපකා යථාති.

යදා ච බුද්ධො ලොකස්මිං - උදෙති අමිතප්පභො නිප්පභා තිත්‍ථියා ලොකස්මිං - උදෙති අමිතප්පභො නිප්පභා තිත්‍ථියා හොන්ති - සුරියෙ ඛජ්ජපකා යථා ති

යම් සේ කලාමැදිරියෝ කරුවල දවස්හි රාත්‍රියෙහි ආලෝකය දක්වත් ද? ඒ කරුවල කාලය කලාමැදිරියන්ට සුදුසු කාලය වන හෙයිනි.

යළිදු යම් කලෙක දහසක් රැස් ඇති සූර්යයා උදාවේද එකල්හි කදෝපැනියන්ගේ ආලෝකය දිලිසීම අතුරුදහන් වේ.

එපරිද්දෙන් මේ ලෝකයෙහි කදෝපැනියන් සමාන වූ බොහෝ තීර්ථකයෝ ද කරුවල කාලය හා සමාන වූ ලෝකයෙහි ස්වකීය ගුණය ප්‍රකාශ කරත්.

නැවත යම්කලෙක්හි අප්‍රමාණ වූ ප්‍රභා ඇති බුදුන්වහන්සේ ලෝකයෙහි පහළ වේද? තීර්ථකයෝ හිරු උදා වූ කල්හි කදෝපැනියන් මෙන් නිෂ්ප්‍රභා වේ.

තෙ එවං නිප‍්පභා හුත්‍වා කච‍්ඡුපිළකාදීහි කිණ‍්ණසරීරා පරමපාරිජුඤ‍්ඤපත‍්තා යෙන බුද‍්ධො යෙන ධම‍්මො යෙන සඞ‍්ඝො යෙන ච මහාජනස‍්ස සන‍්නිපාතො, තෙන තෙන ගන‍්ත්‍වා අන‍්තරවීථියම‍්පි සිඞ‍්ඝාටකෙපි චතුක‍්කෙපි සභායම‍්පි ඨත්‍වා පරිදෙවන‍්ති –

ඔවුහු මෙසේ නිෂ්ප්‍රභා වී සිරුරු කැසීම නිසා ඇති වූ බිබිළි ආදියෙන් ගැවසුණු සිරුරු ඇත්තාහූ අතිශයින් පිරිහීමට පැමිණියාහු බුදුහු යම් තැනක ද, ධර්මය යම් තැනක ද, සංඝයා යම් තැනක ද මහජන රැස්වීම් යම් තැනක ද ඒ ඒ තැන්වලට ගොස් අතුරු වීථිවල ද, දෙමංසන්ධිවල ද, සතරමංසන්ධිවල ද, සභායෙහි ද සිට විලාප කියති.

“කිං භො සමණොයෙව ගොතමො සමණො, මයං අස‍්සමණා; සමණස‍්සෙව ගොතමස‍්ස සාවකා සමණා, අම‍්හාකං සාවකා අස‍්සමණා? සමණස‍්සෙව ගොතමස‍්ස සාවකානඤ‍්චස‍්ස දින‍්නං මහප‍්ඵලං, න අම‍්හාකං, සාවකානඤ‍්ච නො දින‍්නං මහප‍්ඵලං? නනු සමණොපි ගොතමො සමණො, මයම‍්පි සමණා. සමණස‍්සපි ගොතමස‍්ස සාවකා සමණා, අම‍්හාකම‍්පි සාවකා සමණා. සමණස‍්සපි ගොතමස‍්ස සාවකානඤ‍්චස‍්ස දින‍්නං මහප‍්ඵලං, අම‍්හාකම‍්පි සාවකානඤ‍්ච නො දින‍්නං මහප‍්ඵලඤ‍්චෙව? සමණස‍්සපි ගොතමස‍්ස සාවකානඤ‍්චස‍්ස දෙථ කරොථ, අම‍්හාකම‍්පි සාවකානඤ‍්ච නො දෙථ සක‍්කරොථ? නනු සමණො ගොතමො පුරිමානි දිවසානි උප‍්පන‍්නො, මයං පන ලොකෙ උප‍්පජ‍්ජමානෙයෙව උප‍්පන‍්නා”ති.

කිම පින්වත්නි! ශ්‍රමණ භවත් ගෞතමයෝම ශ්‍රමණ වෙත් ද? අපි ශ්‍රමණයෝ නොවමුද? කිම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ම ශ්‍රමණයෝ වෙත් ද? අපගේ ශ්‍රාවකයෝ අශ්‍රමණ වෙත් ද? ශ්‍රමණ භවත් ගෞතමයන්ට සහ ඔහුගේ ශ්‍රාවකයන්ට දෙන ලද්දම මහත්ඵල ද? අපට දෙන ලද මහත්ඵල නොවේ ද? ශ්‍රමණ භවත් ගෞතමයෝ ශ්‍රමණ වූයේ නම් අපිත් ශ්‍රමණයෝ නොවමෝද? ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ශ්‍රමණයෝ ය. ශ්‍රමණ භවත් ගෞතමයන්ටත් ඔහුගේ ශ්‍රාවකයන්ටත් දෙන ලද්ද මහත්ඵලය. අපටත් අපගේ ශ්‍රාවකයන්ටත් දෙන ලද්ද ද මහත්ඵලමය. ශ්‍රමණ භවත් ගෞතමයන්ට ද, ඔහුගේ ශ්‍රාවකයන්ට ද (දන්) දෙව්! (පූජා) කරව්. අපට ද අපගේ ශ්‍රාවකයන්ට ද (දන්) දෙව්! (පූජා) කරව්. ශ්‍රමණ ගෞතම තෙමේ පළමු දිනයන්හි උපන්නෝ නොවේ ද? අපි වූ කලී ලොව උපදනා කලම උපන්නමෝ වෙමු යයි

එවං නානප‍්පකාරං විරවන‍්ති. අථ භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායොති චතස‍්සො පරිසා තෙසං සද‍්දං සුත්‍වා භගවතො ආරොචෙසුං “තිත්‍ථියා භන‍්තෙ ඉදඤ‍්චිදඤ‍්ච කථෙන‍්තී”ති. තං සුත්‍වා භගවා – “මා තුම‍්හෙ, භික‍්ඛවෙ, තිත්‍ථියානං වචනෙන ‘අඤ‍්ඤත්‍ර සමණො අත්‍ථී’ති සඤ‍්ඤිනො අහුවත්‍ථා”ති වත්‍වා අඤ‍්ඤතිත්‍ථියෙසු සමණභාවං පටිසෙධෙන‍්තො ඉධෙව ච අනුජානන‍්තො ඉමිස‍්සා අත්‍ථුප‍්පත‍්තියා ඉධෙව, භික‍්ඛවෙ, සමණොති ඉදං සුත‍්තං අභාසි.

මෙසේ නන් අයුරින් කෑ ගසත්. එකල්හි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස ඔවුන්ගේ ශබ්දය අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ‘ස්වාමීනි, තීර්ථකයෝ මේ මේවා කියති’. ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, තෙපි තීර්ථකයන්ගේ වචනයෙන් (ශාසනයෙන්) බැහැර අන්තැනෙක මහණෙක් ඇතැයි නො සිතවු. පිළිගැනීම් ඇත්තෝ නොවව්’යයි වදාරා අන්‍ය තීර්ථකයන් කෙරෙහි ශ්‍රමණ භාවය (මහණකම) ප්‍රතික්‍ෂේප කරන සේක් යළි මේ සසුන්හිම (මහණකම) අනුදන්නා සේක්, මෙම අදාළ ඉධෙව භික්ඛවෙ සමණො යනාදී මෙම සූත්‍රය වදාළ සේක.

තත්‍ථ ඉධෙවාති ඉමස‍්මිංයෙව සාසනෙ. අයං පන නියමො සෙසපදෙසුපි වෙදිතබ‍්බො. දුතියාදයොපි හි සමණා ඉධෙව, න අඤ‍්ඤත්‍ථ. සමණොති සොතාපන‍්නො. තෙනෙවාහ – “කතමො ච, භික‍්ඛවෙ, පඨමො සමණො? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සොතාපන‍්නො හොති අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණො, අයං, භික‍්ඛවෙ, පඨමො සමණො”ති (අ· නි· 4.241).

එහි ඉධෙව යනු මේ ශාසනයෙහි ම (යන අර්ථයි) මෙම නියමය සෙසු පදයන්හි ද දතයුතුය. දෙවැනි ශ්‍රමණාදීහු ද මේ ශාසනයෙහි ම වෙති. අන් තැනෙක නැත. සමණො - සෝවාන් පුද්ගලයා. එහෙයින් ම වදාළහ. කතමොච භිකඛවෙ! සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායණො අයං භික්ඛවෙ සමණෙ ‘මහණෙනි, ශ්‍රමණ තෙම කවරෙක් ද? මහණෙනි! මේ ශාසනයෙහි භික්‍ෂුව ත්‍රිවිධ සංයෝජනයන් දුරු කිරීමෙන් සෝවාන් බවට පැමිණියේ ද? ධර්ම නියාමයෙන් නියත වූයේ මතු තුන්මග පිහිටකොට ඇත්තේ ද? මහණෙනි, මේ ශ්‍රමණයා වේ.

දුතියොති සකදාගාමී. තෙනෙවාහ – “කතමො ච? භික‍්ඛවෙ, දුතියො සමණො. ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං, භික‍්ඛවෙ, දුතියො සමණො”ති.

දුතියො සකෘදාගාමී පුද්ගලයා යි. එහෙයින් වදාළහ. කතමොච භිකඛවෙ දුතියො සමණො ඉධ භිකඛවෙ භිකඛු තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාග දොස මොහානං තනුත්තා සකදාගාමී හොති. සකිදෙව ඉමං ලොකං ආගන්ත්‍වා දුක්ඛස්සන්තං කරොති. අයං භික්ඛවෙ දුතියො සමණො ‘මහණෙනි, දෙවැනි ශ්‍රමණයා කවරෙක් ද? මේ ශාසනයෙහි භික්‍ෂුව තුන් සංයෝජනයන් දුරු කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී බවට පැමිණියේ ද? එක්වරක් පමණක් මෙලොවට අවුත් සසර දුක් කෙළවර කරයි ද? මොහු දෙවැනි ශ්‍රමණයා වේ.

තතියොති අනාගාමී. තෙනෙවාහ – “කතමො ච, භික‍්ඛවෙ, තතියො සමණො? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. අයං, භික‍්ඛවෙ, තතියො සමණො”ති.

තතියො අනාගාමී පුද්ගලයා ය. කතමො ච භික්ඛවෙ තතියො සමණෙ? ඉධ භිකඛවෙ භික්ඛූ පඤ්චන්නාං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති. තත්‍ථ පරිනිබ්බායි අනාවත්ති ධම්මො තස්මා ලොකා, අයං භික්ඛවෙ තතියො සමණො තුන්වැනි. ශ්‍රමණයා කවරෙක් ද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඕරම්භාගිය සංයෝජනයන් පස දුරු කිරීමෙන් ඕපපාතික වේද? ඒ භවයෙහිම පිරිනිවෙනසුලු වූයේ ඒ බඹලොවින් නැවත පිළිසිඳ නොගන්නා ස්වභාව ඇත්තේ වේද, මොහු තුන්වැනි ශ්‍රමණයා වේ.

චතුත්‍ථොති අරහා. තෙනෙවාහ – “කතමො ච, භික‍්ඛවෙ, චතුත්‍ථො සමණො? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං, භික‍්ඛවෙ, චතුත්‍ථො සමණො”ති (අ· නි· 4.241). ඉති ඉමස‍්මිං ඨානෙ චත‍්තාරො ඵලට‍්ඨකසමණාව අධිප‍්පෙතා.

චතුත්‍ථො රහතන් වහන්සේ ය. එහෙයින් වදාළහ. කතමො ච භික්ඛවෙ චතුත්‍ථො සමණො - ඉධ භික්ඛවෙ භික්ඛූ ආසවානං ඛයා අනාසවං චේතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්‍වා උපසම්පජජ විහරති. අයං භික්ඛවෙ චතුත්‍ථො සමණො මහණෙනි, සතරවැනි ශ්‍රමණයා කවරෙක්ද? මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් රහත්ඵල සිත ද රහත්ඵල ප්‍රඥාව ද මේ ආත්මයෙහිම තෙමේම මනාකොට අවබෝධ කරගෙන ඊට පැමිණ වාසය කරයි ද මේ සතරවැනි ශ්‍රමණයා වේ. මෙතැන්හී සතර ඵලයෙහි පිහිටි ශ්‍රමණයෝ ම අදහස් කර ඇත.

සුඤ‍්ඤාති රිත‍්තා තුච‍්ඡා. පරප‍්පවාදාති චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්චසමුප‍්පන‍්නිකා, සොළස සඤ‍්ඤීවාදා, අට‍්ඨ අසඤ‍්ඤීවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදාති ඉමෙ සබ‍්බෙපි බ්‍රහ‍්මජාලෙ ආගතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො. ඉතො බාහිරානං පරෙසං වාදා පරප‍්පවාදා නාම. තෙ සබ‍්බෙපි ඉමෙහි චතූහි ඵලට‍්ඨකසමණෙහි සුඤ‍්ඤා, න හි තෙ එත්‍ථ සන‍්ති. න කෙවලඤ‍්ච එතෙහෙව සුඤ‍්ඤා, චතූහි පන මග‍්ගට‍්ඨකසමණෙහිපි චතුන‍්නං මග‍්ගානං අත්‍ථාය ආරද‍්ධවිපස‍්සකෙහිපීති ද‍්වාදසහිපි සමණෙහි සුඤ‍්ඤා එව. ඉමමෙව අත්‍ථං සන්‍ධාය භගවතා මහාපරිනිබ‍්බානෙ වුත‍්තං –

සුඤ්ඤා යනු හිස් වූවාහුය. පරප්පවාදා යනු සතර ශාස්වත වාදයෝය. සතර ඒකත්‍ය ශාස්වතයෝය. සතර අන්තානන්තිකයෝය. සතර අමරා වික්ඛෙපවාදීහුය. අධිත්‍ය සමුත්පන්නයෝ දෙදෙනය. සොළොස් ආකාර සංඥීවාදයෝය. අටවැදෑරුම් අසංඥීවාදයෝය. අටවැදෑරුම් නේවසඤ්ඤීනාසඤ්ඤී වාදයෝය. සත්වැදෑරුම් උච්ඡේදවාදයෝය. පස්වැදෑරුම් දිට්ඨධර්ම නිර්වාණ වාදයෝය. මේ සියළු දේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි ආවා වූ දෙසැට දෘෂ්ටීහු මේ සසුනෙන් බැහැර වූ අනුන්ගේ වාදයෝ ‘පරප්පවාදා නම් වේ. ඒ සියල්ල (කලින් දැක් වූ) සතරවිධ ඵලස්ථයන්ගෙන් ශූන්‍යය. ඒ දෘෂ්ටි මේ ශාසනයෙහි නැත්මය. හුදෙක් මේ ඵලස්ථයන්ගෙන් (පමණක්) ශුන්‍ය වූයේ නොවේ. සතර මාර්ගස්ථ ශ්‍රමණයන්ගෙන් ද සතර මාර්ග සඳහා ආරම්භ කළ විදර්ශනා ඇත්තවුන්ගෙන් ද දොළොස් ආකාර ශ්‍රමණයන් කෙරෙන් ද ශුන්‍ය වූවෝම වෙති. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේ දී වදාරන ලදී.

“එකූනතිංසො වයසා සුභද‍්ද, යං පබ‍්බජිං කිං කුසලානුඑසී; වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි, යතො අහං පබ‍්බජිතො සුභද‍්ද; ඤායස‍්ස ධම‍්මස‍්ස පදෙසවත‍්තී, ඉතො බහිද‍්ධා සමණොපි නත්‍ථි.

එකූනතිංසො වයසා සුභද්ද යං පබ්බජිං කිං කුසලානු එසී වස්සානි පඤ්ඤාස සමාධිකානු යතො අහං පබ්බජිතො සුභද්ද ඤායස්ස ධම්මස්ස පදෙසවත්තී ඉතො බහිද්ධා සමණොපි නත්‍ථී

එම්බා සුභද්‍රය, වයසින් එකුන්තිස් අවුරුද්දේ කුසලය කුසලය කවරේදැයි සොයමින් පැවිදි වූයෙමි. යම්තැනක පටන් මා පැවිදි වූයෙම් ද, වසක් අධික කොට පනස් වසක් වේ. මේ ශාසනයෙන් බැහැර ආර්ය ධර්මයාගේ ප්‍රදේශ සංඛ්‍යාත විදර්ශනා මාර්ගයෙහි පිහිටියෙක් ද සෝවාන් මාර්ගයට පැමිණියෙක් ද නැත්තේය.

“දුතියොපි සමණො නත්‍ථි, තතියොපි සමණො නත්‍ථි, චතුත්‍ථොපි සමණො නත්‍ථි. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (දී· නි· 2.214).

[missing trans]

එත්‍ථ හි පදෙසවත‍්තීති ආරද‍්ධවිපස‍්සකො අධිප‍්පෙතො. තස‍්මා සොතාපත‍්තිමග‍්ගස‍්ස ආරද‍්ධවිපස‍්සකං මග‍්ගට‍්ඨං ඵලට‍්ඨන‍්ති තයොපි එකතො කත්‍වා සමණොපි නත්‍ථීති ආහ. සකදාගාමිමග‍්ගස‍්ස ආරද‍්ධවිපස‍්සකං මග‍්ගට‍්ඨං ඵලට‍්ඨන‍්ති තයොපි එකතො කත්‍වා දුතියොපි සමණො නත්‍ථීති ආහ. ඉතරෙසුපි ද‍්වීසු එසෙව නයො.

සෝවාන් මගට පිළිපන් විදර්ශනා ඇත්තාහුය. මාර්ගස්ථයාය. ඵලස්ථයාය. යන තිදෙනම ගෙන ‘සමණොපි’ ‘නත්‍ථි’ යනු වදාළහ. සකදාගාමී මගට පිළිපන් විදර්ශනා ඇත්තහුය. මාර්ගස්ථය ඵලස්ථය යන තිදෙනම ගෙන, ‘දුතියොපි සමණෙ නත්‍ථි’ යනු වදාළහ. අනෙක් දෙතැන්හි ද මේ නියම මයි.

කස‍්මා පනෙතෙ අඤ‍්ඤත්‍ථ නත්‍ථීති? අඛෙත‍්තතාය. යථා හි න ආරග‍්ගෙ සාසපො තිට‍්ඨති, න උදකපිට‍්ඨෙ අග‍්ගි ජලති, න පිට‍්ඨිපාසාණෙ බීජානි රුහන‍්ති, එවමෙව බාහිරෙසු තිත්‍ථායතනෙසු න ඉමෙ සමණා උප‍්පජ‍්ජන‍්ති, ඉමස‍්මිංයෙව පන සාසනෙ උප‍්පජ‍්ජන‍්ති. කස‍්මා? ඛෙත‍්තතාය. තෙසං අඛෙත‍්තතා ච ඛෙත‍්තතා ච අරියමග‍්ගස‍්ස අභාවතො ච භාවතො ච වෙදිතබ‍්බා. තෙනාහ භගවා –

කුමක් හෙයින් අන්‍ය තීර්ථකයන් අතර ශ්‍රමණයෙක් නැතැයි කියන ලද ද? සුදුසු බිමක් නො වන හෙයිනි. යම් සේ හිඳිකටු මූණ අග අබඇටයක් නොරැඳේ ද? දිය පිට ගිනි නො දැල්වේද? පිටිගලෙක බීජ නො වැඩේද? එසේම බාහිර තීර්ථායතනයන්හී මේ ශ්‍රමණයෝ නොඋපදිත්. මේ සසුන් බිමේ ම උපදිත්. කවර හෙයින් ද? ක්‍ෂේත්‍රය වන බැවිනි. මේ ඵල රහිත භූමිය හා ඵල සහිත භූමිය ආර්ය මාර්ග නොහට ගැනීමෙන් හා හටගැනීමෙන් දතයුත්තාහ. භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළ සේක.

“යස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො න උපලබ‍්භති, සමණොපි තත්‍ථ න උපලබ‍්භති, දුතියොපි තත්‍ථ සමණො න උපලබ‍්භති, තතියොපි තත්‍ථ සමණො න උපලබ‍්භති, චතුත්‍ථොපි තත්‍ථ සමණො න උපලබ‍්භති. යස‍්මිඤ‍්ච ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භති, සමණොපි තත්‍ථ උපලබ‍්භති, දුතියොපි තත්‍ථ…පෙ…. චතුත්‍ථොපි තත්‍ථ සමණො උපලබ‍්භති. ඉමස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භති, ඉධෙව, සුභද‍්ද, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො, සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (දී· නි· 2.214).

යම් ශාසනයෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය නො ලැබේ ද සෝවාන් මහණ ද එහි නො ලැබෙයි. දෙවැනි මහණ ද එහි නො ලැබෙයි. තුන්වැනි මහණ ද එහි නො ලැබෙයි. සිව්වෙනි මහණ ද එහි නො ලැබේ. තව ද සුභද්‍රය, යම්කිසි ශාසනයෙක්හි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලැබේද, සෝවාන් මහණ ද, දෙවෙනි මහණ ද, තුන්වෙනි මහණ ද සිව්වෙනි මහණ ද එහි ලැබේ. සුභද්‍රය, මේ මාගේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලැබෙයි. එහෙයින් පළමුවැනි මහණ ද දෙවෙනි මහණ ද තෙවෙනි මහණ ද සිව්වෙනි මහණ ද මේ ශාසනයෙහිම ය. අනෙක් පරවාදයෝ මේ සතර ශ්‍රමණයන් කෙරෙන් සිස් වූහ.

එවං යස‍්මා තිත්‍ථායතනං අඛෙත‍්තං, සාසනං ඛෙත‍්තං, තස‍්මා යථා සුරත‍්තහත්‍ථපාදො සූරකෙසරකො සීහො මිගරාජා න සුසානෙ වා සඞ‍්කාරකූටෙ වා පටිවසති, තියොජනසහස‍්සවිත්‍ථතං පන හිමවන‍්තං අජ‍්ඣොගාහෙත්‍වා මණිගුහායංයෙව පටිවසති. යථා ච ඡද‍්දන‍්තො නාගරාජා න ගොචරියහත්‍ථිකුලාදීසු නවසු නාගකුලෙසු උප‍්පජ‍්ජති, ඡද‍්දන‍්තකුලෙයෙව උප‍්පජ‍්ජති. යථා ච වලාහකො අස‍්සරාජා න ගද්‍රභකුලෙ වා ඝොටකකුලෙ වා උප‍්පජ‍්ජති, සින්‍ධුයා තීරෙ පන සින්‍ධවකුලෙයෙව උප‍්පජ‍්ජති. යථා ච සබ‍්බකාමදදං මනොහරං මණිරතනං න සඞ‍්කාරකූටෙ වා පංසුපබ‍්බතාදීසු වා උප‍්පජ‍්ජති, වෙපුල‍්ලපබ‍්බතබ‍්භන‍්තරෙයෙව උප‍්පජ‍්ජති. යථා ච තිමිරපිඞ‍්ගලො මච‍්ඡරාජා න ඛුද‍්දකපොක‍්ඛරණීසු උප‍්පජ‍්ජති, චතුරාසීතියොජනසහස‍්සගම‍්භීරෙ මහාසමුද‍්දෙයෙව උප‍්පජ‍්ජති. යථා ච දියඩ‍්ඪයොජනසතිකො සුපණ‍්ණරාජා න ගාමද‍්වාරෙ එරණ‍්ඩවනාදීසු පටිවසති, මහාසමුද‍්දං පන අජ‍්ඣොගාහෙත්‍වා සිම‍්බලිදහවනෙයෙව පටිවසති. යථා ච ධතරට‍්ඨො සුවණ‍්ණහංසො න ගාමද‍්වාරෙ ආවාටකාදීසු පටිවසති, නවුතිහංසසහස‍්සපරිවාරො හුත්‍වා චිත‍්තකූටපබ‍්බතෙයෙව පටිවසති. යථා ච චතුද‍්දීපිස‍්සරො චක‍්කවත‍්තිරාජා න නීචකුලෙ උප‍්පජ‍්ජති, අසම‍්භින‍්නජාතිඛත‍්තියකුලෙයෙව පන උප‍්පජ‍්ජති. එවමෙව ඉමෙසු සමණෙසු එකසමණොපි න අඤ‍්ඤතිත්‍ථායතනෙ උප‍්පජ‍්ජති, අරියමග‍්ගපරික‍්ඛිත‍්තෙ පන බුද‍්ධසාසනෙයෙව උප‍්පජ‍්ජති. තෙනාහ භගවා “ඉධෙව, භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි සමණෙභි අඤ‍්ඤෙහී”ති.

මෙසේ යම් හෙයකින් තීර්ථායතනය සරුකෙත නොවූයේ ද, ශාසනය සරු කෙත වූයේ ද, එහෙයින් සුරත් අත්පා ඇති බාසුරු කෙසරු සළා ඇති මිගරාජන් වූ සිංහයෙක් සොහොනෙහි කසළ ගොඩෙහි හෝ නොවෙසෙත්ද, තුන්දහසක් යොදුන් විතරැති හිමවතට පිවිස මැණික් ගුහාවක වෙසෙත් ද, යම් සේ සද්දන්ත ඇති රජෙක් ගෝචරිය ඇත්කුලය ආදී නවකුලයන්හි නූපදිත් ද, සද්දන්ත කුලයෙහිම උපදිත්ද, යම්සේ වලාහක අශ්ව රාජයෙක් කොටළු කුලයෙහි හෝ අස්කුඩ කුලයෙහි නූපදිත්ද, සින්ධු නදීතෙර සෛන්‍ධව කුලයෙහි ම උපදිත්ද, යම් සේ කැමති කැමති සියළු සම්පත් දෙන මනහර මිණිරුවන කසළ ගොඩෙක්හි හෝ පස්කඳුවල හෝ නූපදිත්ද, වෙඵුල්ල කඳුවැටිය තුළ ම උපදිත් ද, යම්සේ තිමිර පිංගල මත්ස්‍ය රාජයෝ කුඩා පොකුණුවල නූපදිත් ද, අසූහාර දහසක් යොදුන් ගැඹුරු වූ මහ මුහුදෙහිම උපදිත්ද, දෙඅඩ සියයක් යොදුන් ගුරුළු රජෙක් ගම්දොර එරඬු වනයක නො වෙසේද මහ සමුදුරට පිවිස හිඹුල් වනයේ ම වෙසේද, යම් සේ ධ්‍රතරාෂ්ට නම් ස්වර්ණ හංසයා ගම්දොර කුඩා වළෙක නො වෙසේද, යම් සේ දිවයින් සතරකට අධිපති වූ සක්විති රජ පහත් කුලයෙක නූපදින්නේ ද, අසම්භින්න වූ ක්‍ෂත්‍රිය කුලයෙහි ම උපදින්නේ ද, එසේම සතර ශ්‍රමණයන් අතුරෙන් එක් ශ්‍රමණයෙකු හෝ අන්‍ය තීර්ථායතනයක නො උපදී. එහෙයින් වදාළහ. ඉධෙව භික්ඛවෙ සමණො -පෙ- සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ ති’

සම‍්මා සීහනාදං නදථාති එත්‍ථ සම‍්මාති හෙතුනා නයෙන කාරණෙන. සීහනාදන‍්ති සෙට‍්ඨනාදං අභීතනාදං අප‍්පටිනාදං. ඉමෙසඤ‍්හි චතුන‍්නං සමණානං ඉධෙව අත්‍ථිතාය අයං නාදො සෙට‍්ඨනාදො නාම හොති උත‍්තමනාදො. “ඉමෙ සමණා ඉධෙව අත්‍ථී”ති වදන‍්තස‍්ස අඤ‍්ඤතො භයං වා ආසඞ‍්කා වා නත්‍ථීති අභීතනාදො නාම හොති. “අම‍්හාකම‍්පි සාසනෙ ඉමෙ සමණා අත්‍ථී”ති පූරණාදීසු එකස‍්සාපි උට‍්ඨහිත්‍වා වත‍්තුං අසමත්‍ථතාය අයං නාදො අප‍්පටිනාදො නාම හොති. තෙන වුත‍්තං “සීහනාදන‍්ති සෙට‍්ඨනාදං අභීතනාදං අප‍්පටිනාද”න‍්ති.

සම්මා සීහනාදං නදථ යනු මෙහි සම්මා හේතුවෙන්, නයෙන්, කාරණායෙන්, සීහනාදං ශ්‍රේෂ්ඨ නාදය, බිය නැති නාදය, අනිකෙකුට අසමාන වූ නාදය, මේ සතරවැදෑරුම් ශ්‍රමණයන් මේ ශාසනයේ ම ඇති බැවින් මෙම ශ්‍රේෂ්ඨ නාදය, උත්තම නාදය නම් වෙයි. මේ ශ්‍රමණයෝ මෙහිම ඇත්තාහු යයි කියන්නහුට අනුන් කෙරෙන් භයක් හෝ සැකයක් හෝ නැතැයි අභීත නම් වේ. මේ සතර වැදෑරුම් ශ්‍රමණයන් මෙහිම ඇති බැවින් මේ නාදය ශ්‍රේෂ්ඨ නාදය උත්තම නාදය නම් වෙයි. මේ ශ්‍රමණයෝ මෙහි ම ඇත්තේ යයි කියන්නකුට අනිකෙකු කෙරෙන් භයක් හෝ සැකයක් නැතැයි ‘අභීතනාද’ නම් වේ. අපගේ ශාසනයෙහි මේ ශ්‍රමණයෝ ඇත්තාහුයි පූරණාදීන් අතුරෙහි කෙනෙකුවත් නැගිට කියන්නට අසමත් හෙයින් මේ නාදය ‘අප්පටිනාද’ නම් වේ. සීහනාද, ශ්‍රේෂ්ඨ නාද, අභීතනාද, අප්පටිවාද යනු එහෙයින් කියන ලදී.

ඨානං ඛො පනෙතං විජ‍්ජතීති ඉදං ඛො පන කාරණං විජ‍්ජති. යං අඤ‍්ඤතිත්‍ථියාති යෙන කාරණෙන අඤ‍්ඤතිත්‍ථියා. එත්‍ථ ච තිත්‍ථං ජානිතබ‍්බං, තිත්‍ථකරො ජානිතබ‍්බො තිත්‍ථියා ජානිතබ‍්බා, තිත්‍ථියසාවකා ජානිතබ‍්බා. තිත්‍ථංනාම ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො. එත්‍ථ හි සත‍්තා තරන‍්ති උප‍්පලවන‍්ති උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්ති, තස‍්මා තිත්‍ථන‍්ති වුච‍්චන‍්ති. තාසං දිට‍්ඨීනං උප‍්පාදෙතා තිත්‍ථකරො නාම. තස‍්ස ලද‍්ධිං ගහෙත්‍වා පබ‍්බජිතා තිත්‍ථියා නාම. තෙසං පච‍්චයදායකා තිත්‍ථියසාවකාති වෙදිතබ‍්බා. පරිබ‍්බාජකාති ගිහිබන්‍ධනං පහාය පබ‍්බජ‍්ජූපගතා. අස‍්සාසොති අවස‍්සයො පතිට‍්ඨා උපත්‍ථම‍්භො. බලන‍්ති ථාමො. යෙන තුම‍්හෙති යෙන අස‍්සාසෙන වා බලෙන වා එවං වදෙථ.

ඨානං ඛො පනෙතං විජ්ජති යනු මේ කාරණය වනාහි විද්‍යමාන වේ. මෙහිදු තීර්ථය දතයුතුයි. යං අඤ්ඤතිත්‍ථියාති. යම් කරුණකින් අන්‍ය තීර්ථකයෝ මෙහි ද තිර්ථයන් වශයෙන් දතයුතු ය. තීර්ථකයෝ දතයුත්තාහ. තීර්ථ ශ්‍රාවකයෝ දතයුත්තාහ. තීර්ථ නමි. දෙසැට මිසදිටු ය. යම්හෙයකින් මේ දෙසැට දෘෂ්ටියෙහි සත්ත්වයෝ තරණය කෙරෙත්ද, ඉල්පෙත් ද, ගිලීම නැගීම කෙරෙත් ද, එහෙයින් තීර්ථ යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටීන් උපදවන්නෝ ‘තීර්ථකර’ නම් වේ. ඔවුන්ගේ ලබ්ධිය ගෙන පැවිදි වූවාහු ‘තීර්ථකයෝ’ නම් වෙති. ඔවුන්ගේ ප්‍රත්‍යදායකයෝ තීර්ථක ශ්‍රාවකයෝ යයි දතයුතුය. පබ්බාජක යනු ගිහි ඇඳුම් හැර පැවිදි වූවාහුය. අස්සාසො අස්වැසීම, පිහිටීම, උපකාර වීම, මලං යනු ශක්තියයි. යෙන තුම්හෙ යම්කිසි විධියකින් තෙපි අස්වැසීමකින් හෝ බලයකින් මෙසේ කියමුද?

අත්‍ථි ඛො නො, ආවුසො, තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙනාති එත්‍ථ අයං සඞ‍්ඛෙපත්‍ථො – යො සො භගවා සමතිංස පාරමියො පූරෙත්‍වා සබ‍්බකිලෙසෙ භඤ‍්ජිත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, තෙන භගවතා තෙසං තෙසං සත‍්තානං ආසයානුසයං ජානතා, හත්‍ථතලෙ ඨපිතං ආමලකං විය සබ‍්බං ඤෙය්‍යධම‍්මං පස‍්සතා. අපිච පුබ‍්බෙනිවාසාදීහි ජානතා, දිබ‍්බෙන චක‍්ඛුනා පස‍්සතා. තීහි විජ‍්ජාහි ඡහි වා පන අභිඤ‍්ඤාහි ජානතා, සබ‍්බත්‍ථ අප‍්පටිහතෙන සමන‍්තචක‍්ඛුනා පස‍්සතා. සබ‍්බධම‍්මජානනසමත්‍ථාය පඤ‍්ඤාය ජානතා, සබ‍්බසත‍්තානං චක‍්ඛුවිසයාතීතානි තිරොකුට‍්ටාදිගතානි වාපි රූපානි අතිවිසුද‍්ධෙන මංසචක‍්ඛුනා පස‍්සතා. අත‍්තහිතසාධිකාය සමාධිපදට‍්ඨානාය පටිවෙධපඤ‍්ඤාය ජානතා, පරහිතසාධිකාය කරුණාපදට‍්ඨානාය දෙසනාපඤ‍්ඤාය පස‍්සතා. අරීනං හතත‍්තා පච‍්චයාදීනං අරහත‍්තා ච අරහතා, සම‍්මා සාමඤ‍්ච සච‍්චානං බුද‍්ධත‍්තා සම‍්මාසම‍්බුද‍්ධෙන. අන‍්තරායිකධම‍්මෙ වා ජානතා, නිය්‍යානිකධම‍්මෙ පස‍්සතා. කිලෙසාරීනං හතත‍්තා අරහතා, සම‍්මා සාමං සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා සම‍්මාසම‍්බුද‍්ධෙනාති, එවං චතුවෙසාරජ‍්ජවසෙන චතූහි ආකාරෙහි ථොමිතෙන චත‍්තාරො ධම‍්මා අක‍්ඛාතා, යෙ මයං අත‍්තනි සම‍්පස‍්සමානා එවං වදෙම, න රාජරාජමහාමත‍්තාදීනං උපත්‍ථම‍්භං කායබලන‍්ති.

අත්‍ථි ඛො නො ආවුසො තෙන භගවතා ජානතා පක්‍ෂතා අරහතා සම්මා සමබුද්ධෙ න යන මෙහි කෙටි අදහස (කියනු ලැබේ) යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සමතිස් පෙරුම් පුරා සියළු කෙළෙසුන් බිඳ අර්හත් වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද, තෙන භගවතා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ සත්ත්වයන් ගේ සිත්වල පවත්නා තත්ත්වයන් ජානතා දන්නහු විසින්, අත්තලෙහි තැබූ නෙල්ලි ගෙඩියක් මෙන් සියළු දතයුතු ධර්මයන් පස්සතා දක්නහු විසින් පූර්වේනිවාසාදියෙන් දන්නහු විසින් දිවැසින් දක්නහු විසින්, ත්‍රිවිද්‍යාවන්ගෙන් හා ෂඩ් අභිඥාවන්ගෙන් දන්නහු විසින් ජානතා සියළු තැන්හී අප්‍රතිහත වූ සමතැසින්, පස්සතා - සියළු ධර්මයන් දැනීමෙහි ප්‍රඥාවෙන්, ජානතා සියළු සත්ත්වයන්ගේ ඇස් විෂය ඉක්මවන තිරොකුඩ්ඩාදියට පැමිණියා වූ හෝ රූපයන් පවා ඉතා නිර්මල වූ පියවි මසැසින් දක්නා වූ, අක්වැඩ සිදුකරන සමාධියට පදස්ථාන වූ පටිවේධ ප්‍රඥාවෙන් ජානතා දන්නා වූ අනුන්ගේ යහපත සඳහා සිදුකරන සමාධියට පදස්ථාන වූ පටිවේධ ප්‍රඥාවෙන් ජානතා දන්නා වූ අනුන්ගේ යහපත සඳහා සිදුකරන (පරවැඩ) කරුණාවට පදට්ඨාන වූ, දේශනා ප්‍රඥාවෙන් පස්සතා දක්නා වූ, කෙලෙස් සතුරන් නැසූ හෙයින්, ප්‍රත්‍යාදියට සුදුසු වූ හෙයින් අර්හත් වූ, අරහතා - මනාකොට තෙමේම අවබෝධ කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූවහු විසිනැයි සම්මා සම්බුද්ධෙන, අන්තරායික ධර්මයන් හෝ, නෛර්යානික ධර්මයන්, පස්සතා දක්නා වූ, සියළු කෙලෙස් දුරුකළ බැවින් අරහතා, සියළු ධර්මයන් අවබෝධ කරගැනීම නිසා සම්මා සම්බුද්ධෙන මෙසේ චතු වෛශාරද්‍ය වශයෙන් සතර ආකාරයෙන් ස්තුති කරන ලද (බුදුන් වහන්සේ විසින්) සතර ධර්ම කෙනෙක් ප්‍රකාශ කරන ලද්දාහුය. චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම යම් සතර ධර්ම කෙනෙක් අපි මනාකොට දකින්නමෝ මෙසේ කියමු. රජ රජමහඇමති ආදීන්ගේ මැදිහත්වීම දක්නමෝ නො කියමුද, කාය බලය දක්නමෝ නො කියමුද?

සත්‍ථරි පසාදොති “ඉතිපි සො භගවා”තිආදිනා නයෙන බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තානං උප‍්පන‍්නප‍්පසාදො. ධම‍්මෙ පසාදොති “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො”තිආදිනා නයෙන ධම‍්මගුණෙ අනුස‍්සරන‍්තානං උප‍්පන‍්නප‍්පසාදො. සීලෙසු පරිපූරකාරිතාති අරියකන‍්තෙසු සීලෙසු පරිපූරකාරිතා. අරියකන‍්තසීලානි නාම පඤ‍්චසීලානි. තානි හි භවන‍්තරගතොපි අරියසාවකො අත‍්තනො අරියසාවකභාවං අජානන‍්තොපි න වීතික‍්කමති. සචෙපි හි නං කොචි වදෙය්‍ය – “ඉමං සකලං චක‍්කවත‍්තිරජ‍්ජං සම‍්පටිච‍්ඡිත්‍වා ඛුද‍්දකමක‍්ඛිකං ජීවිතා වොරොපෙහී”ති, අට‍්ඨානමෙතං, යං සො තස‍්ස වචනං කරෙය්‍ය. එවං අරියානං සීලානි කන‍්තානි පියානි මනාපානි. තානි සන්‍ධාය වුත‍්තං “සීලෙසු පරිපූරකාරිතා”ති.

සත්‍ථරි පසාදො ‘ඉතිපි සො භගවා’ යනාදී වශයෙන් බුදුගුණ සිහිකරන්නවුන්ට උපන් පැහැදීම වේ. ධම්මපසාදො යනු ‘සවාක්ඛාතො භගවතා ධම්මො’ යනාදී වශයෙන් දහම් ගුණ සිහිකරනවුන්ට උපන් පැහැදීම වේ. සීලෙසු පරිපූරකාරිතා යනු ආර්යකාන්ත සීලයන් සම්පූර්ණ කරන බවය. ආර්යයන්ට රුචි වූ ශීලය නම් පන්සිල්ය. අන්‍ය භවයකට ගියා වූ ද ආර්ය ශ්‍රාවක තෙම තමන්ගේ ආර්ය ශ්‍රාවක භාවය නො දන්නේ නමුදු ඒ ශීලය නො ඉක්මවයි. යම්කිසිවෙක් මේ සියළු සක්විති රජය පිළිගෙන කුඩා මැස්සකු මරන්නයැයි ඔහුට කියන්නේ නම්, එහෙත් ඔහු එය නො කරන්නේ ය. මෙසේ ආර්යයන්ට ශීලය කාන්තයහ. ප්‍රියයහ. මනාපයහ. සීලෙසු පරිපූරිකාරිතානි යනු ඒ ශීලයන් සඳහා කියන ලදී.

සහධම‍්මිකා ඛො පනාති භික‍්ඛු භික‍්ඛුනී සික‍්ඛමානා සාමණෙරො සාමණෙරී උපාසකො උපාසිකාති එතෙ සත‍්ත සහධම‍්මචාරිනො. එතෙසු හි භික‍්ඛු භික‍්ඛූහි සද‍්ධිං සහධම‍්මං චරති සමානසික‍්ඛතාය. තථා භික‍්ඛුනී භික‍්ඛුනීහි…පෙ… උපාසිකා උපාසිකාහි, සොතාපන‍්නො සොතාපන‍්නෙහි, සකදාගාමී…පෙ… අනාගාමීහි සහධම‍්මං චරති. තස‍්මා සබ‍්බෙපෙතෙ සහධම‍්මිකාති වුච‍්චන‍්ති. අපිචෙත්‍ථ අරියසාවකායෙව අධිප‍්පෙතා. තෙසඤ‍්හි භවන‍්තරෙපි මග‍්ගදස‍්සනම‍්හි විවාදො නත්‍ථි, තස‍්මා තෙ අච‍්චන‍්තං එකධම‍්මචාරිතාය සහධම‍්මිකා. ඉමිනා, “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”තිආදිනා නයෙන සඞ‍්ඝං අනුස‍්සරන‍්තානං උප‍්පන‍්නප‍්පසාදො කථිතො. එත‍්තාවතා චත‍්තාරි සොතාපන‍්නස‍්ස අඞ‍්ගානි කථිතානි හොන‍්ති.

සහ ධම්මිකා ඛොපන යනු භික්‍ෂු, භික්‍ෂුණී, ශික්‍ෂමාන සාමණේර, සාමණේරී, උපාසක, උපාසිකා යන සත්දෙන වේ. මොව්හූ සමාන ධර්මයෙහි හැසිරෙන්නාහු වෙති. භික්‍ෂුව භික්‍ෂූන් සමග සමාන ධර්මයෙහි හැසිරෙයි. සමාන ශික්‍ෂා ඇති බැවිනි. භික්‍ෂුණිය භික්‍ෂුණීන් සමග -පෙ- උපාසිකාවන් සමග සමාන ධර්මයෙහි හැසිරේ. සෝවාන් පුද්ගලයා සෝවාන් පුද්ගලයන් සමග ද, සකෘදාගාමී පුද්ගලයා සකෘදාගාමී පුද්ගලයන් සමග ද, අනාගාමී පුද්ගලයා අනාගාමීන් සමග ද, සමාන ධර්මයෙහි හැසිරෙති. එහෙයින් මේ සියල්ලෝ ම සහධාර්මිකයෝ නම් වෙති. තව ද මෙහි ආර්ය ශ්‍රාවකයෝ ම අදහස් කරන ලදහ. යම්හෙයකින් භවාන්තරයෙහි පවා ඔවුන්ගේ මාර්ග දර්ශනයෙහි විවාදයක් නැත. එහෙයින් ඔව්හු ඒකාන්තයෙන් සමාන ධර්මයෙහි හැසිරෙන බැවිනි. සහධාර්මිකයෝමය. මෙයින් ‘සුපරිපන්නො භගවතො සාවකසංඝො’ යනාදී ක්‍රමයෙන් සංඝයා සිහිකරන්නවුනට උපන් පැහැදිම කිවයුතුය. මෙතෙකින් සෝවාන් වූවහුගේ සතර අංගයෝ (කියන ලද්දේ වේ.) පවසන ලද්දාහු වෙති.

ඉමෙ ඛො නො, ආවුසොති, ආවුසො, ඉමෙ චත‍්තාරො ධම‍්මා තෙන භගවතා අම‍්හාකං අස‍්සාසො චෙව බලඤ‍්චාති අක‍්ඛාතා, යෙ මයං අත‍්තනි සම‍්පස‍්සමානා එවං වදෙම.

ඉමෙ ඛො නො ආවුසො යනු ඇවැත්නි, අපි යම් ධර්ම කෙනෙක් තමන් කෙරෙහි දක්නමෝ මෙසේ කියමු. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර ධර්මයෝ අපගේ අස්වැසීම ද බලය ද වෙතියි වදාරන ලදී.

යො අම‍්හාකං සත්‍ථාති ඉමිනා පූරණකස‍්සපාදිකෙ ඡ සත්‍ථාරො අපදිස‍්සන‍්ති. යථා පන ඉදානි සාසනෙ ආචරියුපජ‍්ඣායාදීසු “අම‍්හාකං ආචරියො, අම‍්හාකං උපජ‍්ඣායො”ති ගෙහසිතපෙමං හොති. එවරූපං පෙමං සන්‍ධාය “සත්‍ථරි පසාදො”ති වදන‍්ති. ථෙරො පනාහ – “යස‍්මා සත්‍ථා නාම න එකස‍්ස, න ද‍්වින‍්නං හොති, සදෙවකස‍්ස ලොකස‍්ස එකොව සත්‍ථා, තස‍්මා තිත්‍ථියා ‘අම‍්හාකං සත්‍ථා’ ති එකපදෙනෙව සත්‍ථාරං විසුං කත්‍වා ඉමිනාව පදෙන විරුද‍්ධා පරාජිතා”ති.

යො අම්හාකං සත්‍ථා යන මෙයින් පූර්ණ කාශ්‍යප ආදී ශාස්තෲවරුන් සදෙන දක්වත්. යම් සේ වනාහි මෙම සසුන්හි ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහි අපගේ ආචාර්යය අපගේ උපාධ්‍යාය යන ගේහ නිශ්‍රිත ප්‍රේමයක් වේද? මෙබඳු වූ ප්‍රේමය සඳහා ‘සත්‍ථරි පසාදො’ යයි කියත්. ස්ථවිරයෝ මෙසේ කීහ. යම්සේ ශාස්තෲවරු වනාහි එකෙකුට හෝ දෙදෙනෙකුට නොවේද, දෙවියන් සහිත වූ ලෝවැස්සන් සඳහා එකම ශාස්තෲහු වේද, එහෙයින් තීර්ථකයෝ ‘අම්හාකං සත්‍ථා’ යන එකම පදයකින් ශාස්තෲහු වෙන්කොට මේ පදයෙන්ම වදාරන ලද්දාහු, පරදවන ලද්දාහුය.

ධම‍්මෙ පසාදොති ඉදං පන යථා ඉදානි සාසනෙ “අම‍්හාකං දීඝනිකායො අම‍්හාකං මජ‍්ඣිමනිකායො”ති මමායන‍්ති, එවං අත‍්තනො අත‍්තනො පරියත‍්තිධම‍්මෙ ගෙහසිතපෙමං සන්‍ධාය වදන‍්ති. සීලෙසූති අජසීලගොසීලමෙණ‍්ඩකසීලකුක‍්කුරසීලාදීසු. ඉධ නො ආවුසොති එත්‍ථ ඉධාති පසාදං සන්‍ධාය වදන‍්ති. කො අධිප‍්පයාසොති කො අධිකප‍්පයොගො. යදිදන‍්ති යමිදං තුම‍්හාකඤ‍්චෙව අම‍්හාකඤ‍්ච නානාකරණං වදෙය්‍යාථ. තං කිං නාම? තුම‍්හාකම‍්පි හි චතූසු ඨානෙසු පසාදො, අම‍්හාකම‍්පි. නනු එතස‍්මිං පසාදෙ තුම‍්හෙ ච අම‍්හෙ ච ද‍්වෙධා භින‍්නසුවණ‍්ණං විය එකසදිසාති වාචාය සමධුරා හුත්‍වා අට‍්ඨංසු.

ධම්මෙ පසාදො යනු මේ වනාහි දැනට අපගේ ශාසනයෙහි අපගේ දීඝනිකාය ය, අපගේ මජ්ඣිම නිකාය ය, යනුවෙන් මමත්වයක් කෙරේ ද, එපරිද්දෙන් තම තමන්ගේ පර්යාප්ති ධර්මය පිළිබඳව ගෘහාශ්‍රිත ප්‍රේමය සඳහා කියත්. සීලෙසු අජ සීල, ගෝ සීල, බැටළු සීල, සුනඛ සීල ආදියෙහි, ඉධ නො ආවුසො යන මෙහි ‘ඉධ’ යනු ප්‍රසාදය සඳහා කියත්. කො අධිප්පායො අධික ප්‍රයෝගය කවරේද? යදිදං තොපගේ හා අපගේ විවිධ කාරණා කියන්නෙහි ද? ඒ කිනම්ද? තොපගේ සතර තැනෙක්හි ප්‍රසාදය වෙයි. අපගේ ද සතර තැනෙක්හි ප්‍රසාදය වෙයි. මේ ප්‍රසාදයෙහි තෙපි ද අපි ද දෙකට බෙදුනු ස්වර්ණයක් සෙයින් එක සමාන වූවාහු නොවමෝද? වචනයෙන් සමධුරව සිටියාහුද,

අථ නෙසං තං සමධුරතං භින්‍දන‍්තො භගවා එවං වාදිනොතිආදිමාහ. තත්‍ථ එකා නිට‍්ඨාති යා තස‍්ස පසාදස‍්ස පරියොසානභූතා නිට‍්ඨා, කිං සා එකා, උදාහු පුථූති එවං පුච‍්ඡථාති වදති. යස‍්මා පන තස‍්මිං තස‍්මිං සමයෙ නිට‍්ඨං අපඤ‍්ඤපෙන‍්තො නාම නත්‍ථි, බ්‍රාහ‍්මණානඤ‍්හි බ්‍රහ‍්මලොකො නිට‍්ඨා, මහාතාපසානං ආභස‍්සරා, පරිබ‍්බාජකානං සුභකිණ‍්හා, ආජීවකානං “අනන‍්තමානසො”ති එවං පරිකප‍්පිතො අසඤ‍්ඤීභවො. ඉමස‍්මිං සාසනෙ පන අරහත‍්තං නිට‍්ඨා. සබ‍්බෙව චෙතෙ අරහත‍්තමෙව නිට‍්ඨාති වදන‍්ති. දිට‍්ඨිවසෙන පන බ්‍රහ‍්මලොකාදීනි පඤ‍්ඤපෙන‍්ති. තස‍්මා අත‍්තනො අත‍්තනො ලද‍්ධිවසෙන එකමෙව නිට‍්ඨං පඤ‍්ඤපෙන‍්ති, තං දස‍්සෙතුං භගවා සම‍්මා බ්‍යාකරමානාතිආදිමාහ.

එබැවින් ඒ සමධුර බව (මිහිරි) බිඳින්නා වූ භාග්‍යවතුන් වහන්සේ එවං වාදිනො මෙසේ වදාළ සේක. එහි එකා නිට්ඨා ඒ ප්‍රසාදයාගේ කෙළවර වූ යම් අවසානයක් වේද කිම ඒ නිෂ්ඨාව එකක්ද? නොහොත් වෙන්වූවක්දැයි මෙසේ විචාරවු කියයි. යම් හෙයකින් ඒ ඒ ලබ්ධියෙහි නිෂ්ඨාවක් නො පනවන්නෙක් නැත් ද බ්‍රාහ්මණයන්ගේ විශ්වාසයෙහි බඹලොව නිෂ්ඨාවය. තවුසන්ගේ ආභරස්සරය ය. පරිබ්‍රාජකයන්ගේ සුභකිණ්හකය ය. ආජීවකයන්ගේ අනන්තමානස යයි. මෙසේ සලකන ලද අසංඥී භවයයි. මේ ශාසනයේ අර්හත්වය නිෂ්ඨාවයි. මොහු සියල්ලෝම රහත්බව නිෂ්ඨාවයයි කියත් ද, දෘෂ්ටි වශයෙන් බඹලොවම පනවත්ද, එහෙයින් තම තමන්ගේ ලබ්ධි වශයෙන් එකම නිෂ්ඨාවක් පනවත්. එය දක්වන්නට බුදුහු සම්මා ව්‍යාකරමානො යනාදිය වදාළහ.

ඉදානි භික‍්ඛූනම‍්පි එකා නිට‍්ඨා, තිත්‍ථියානම‍්පි එකා නිට‍්ඨාති ද‍්වීසු අට‍්ටකාරකෙසු විය ඨිතෙසු භගවා අනුයොගවත‍්තං දස‍්සෙන‍්තො සා පනාවුසො, නිට‍්ඨා සරාගස‍්ස, උදාහු වීතරාගස‍්සාතිආදිමාහ. තත්‍ථ යස‍්මා රාගරත‍්තාදීනං නිට‍්ඨා නාම නත්‍ථි. යදි සියා, සොණසිඞ‍්ගාලාදීනම‍්පි සියාති ඉමං දොසං පස‍්සන‍්තානං තිත්‍ථියානං “වීතරාගස‍්ස ආවුසො සා නිට‍්ඨා”තිආදිනා නයෙන බ්‍යාකරණං දස‍්සිතං.

දැන් භික්‍ෂූන්ගේ එක නිෂ්ඨාවකි. තීර්ථකයන්ගේ එක නිෂ්ඨාවකි. එක නිෂ්ඨාවයයි යුක්ති ප්‍රකාශ කරන්නවුන් දෙදෙනෙකු සිටි කල්හි භාග්‍යවතුන් වහන්සේ කරුණු දැක්වීම් වත දක්වන සේක් සා පනාවුසො නිට්ඨා සරාගස්ස උදාහු වීතරාගස්ස ආදිය වදාළහ. එහි යම්හෙයකින් රාග රක්තාදීන්ට නිෂ්ඨාවක් නම් නැත්ද? එසේ නැත්නම් බලු සිවල් ආදීන්ට ද එසේම වන්නී යයි මේ දෝෂය දක්වා වූ තීර්ථයන්ගේ ‘වීතරාගස්ස ආවුසො නිටඨ’ යනාදී නිෂ්ඨාව විසඳීම දක්වන ලදී.

තත්‍ථ විද‍්දසුනොති පණ‍්ඩිතස‍්ස. අනුරුද‍්ධපටිවිරුද‍්ධස‍්සාති රාගෙන අනුරුද‍්ධස‍්ස කොධෙන පටිවිරුද‍්ධස‍්ස. පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනොති එත්‍ථ ආරමන‍්ති එත්‍ථාති ආරාමො. පපඤ‍්චො ආරාමො අස‍්සාති පපඤ‍්චාරාමො. පපඤ‍්චෙ රති අස‍්සාති පපඤ‍්චරති. පපඤ‍්චොති ච මත‍්තපමත‍්තාකාරභාවෙන පවත‍්තානං තණ‍්හාදිට‍්ඨිමානානමෙතං අධිවචනං. ඉධ පන තණ‍්හාදිට‍්ඨියොව අධිප‍්පෙතා. සරාගස‍්සාතිආදීසු පඤ‍්චසු ඨානෙසු එකොව කිලෙසො ආගතො. තස‍්ස ආකාරතො නානත‍්තං වෙදිතබ‍්බං.

එහි විදස්සුනො පණ්ඩිතයාගේ, අනුරුද්ධ පටිවිරුද්ධස්ස රාගයෙන් අනුරුද්ධ වූවහුගේ ක්‍රෝධයෙන් ප්‍රතිවිරුද්ධ වූවහුගේ, පපඤ්චරාමස්ස පපඤ්ච රතිනො යන මෙහි සිත්අලවා වෙසෙත්නුයි ආරාම නම් වෙයි. ප්‍රපඤ්චය ආරාම වූයේ මොහුට නුයි පපඤ්චාරාම නම් වේ. ප්‍රපඤ්චයෙහි රතිය මොහුට නුයි පපඤ්චරති නම් වේ. පපඤ්ච යනු ද මත්ත ප්‍රමත්තාකාරයෙන් පවතින්නා වූ කෘෂ්ණා මාන දෘෂ්ටීන්ට ම නමකි. මෙහි වනාහි තෘෂ්ණා දෘෂ්ටිහුම අදහස් කර ඇත.

සරාගස‍්සාති හි වුත‍්තට‍්ඨානෙ පඤ‍්චකාමගුණිකරාගවසෙන ගහිතො. සතණ‍්හස‍්සාති භවතණ‍්හාවසෙන. සඋපාදානස‍්සාති ගහණවසෙන. අනුරුද‍්ධපටිවිරුද‍්ධස‍්සාති යුගළවසෙන. පපඤ‍්චාරාමස‍්සාති පපඤ‍්චුප‍්පත‍්තිදස‍්සනවසෙන. සරාගස‍්සාති වා එත්‍ථ අකුසලමූලවසෙන ගහිතො. සතණ‍්හස‍්සාති එත්‍ථ තණ‍්හාපච‍්චයා උපාදානදස‍්සනවසෙන. සෙසං පුරිමසදිසමෙව. ථෙරො පනාහ “කස‍්මා එවං විද‍්ධංසෙථ? එකොයෙව හි අයං ලොභො රජ‍්ජනවසෙන රාගොති වුත‍්තො. තණ‍්හාකරණවසෙන තණ‍්හා. ගහණට‍්ඨෙන උපාදානං. යුගළවසෙන අනුරොධපටිවිරොධො. පපඤ‍්චුප‍්පත‍්තිදස‍්සනට‍්ඨෙන පපඤ‍්චො”ති.

සරාගස්ස යනාදී ස්ථාන පසෙහි දී එකම ක්ලේශයක් ආයේය. ඔහුගේ ආකාර වශයෙන් නානත්වය දතයුතුයි. සරාගස්ස යයි කියන තන්හි පංචකාමගුණික රාග වශයෙන් ගන්නා ලදී. ස තණ්හස්සා භවතණ්හා වශයෙන් ද, සඋපාදානස්ස යී ග්‍රහණ වශයෙන් ද අනුරුද්ධ පටිවිරුද්ධස්ස ය යුගල වශයෙන් ද පපඤ්චරාමස්ස ප්‍රපඤ්චයා ගේ උත්පත්තිය දැක්වීම් වශයෙන් ද සරාගස්ස යන මෙහි අකුසල මූල වශයෙන් ද ගන්නා ලදී. සතණ්හස්ස යන මෙහි තණ්හා ප්‍රත්‍යයෙන් දැඩිව අල්ලා ගැනීම දැක්වීම් වශයෙන් ද (ගන්නා ලදී) සෙස්ස පෙර කියන ලද පරිදිම ය. ස්ථවිරයන් වහන්සේ කීහු. කුමක් හෙයින් මෙසේ විශේෂයෙන් කීයේද? මේ එකම ලෝභය රැඳීම් වශයෙන් ‘රාග’ යයි කියන ලදී. ආශා කිරීම් වශයෙන් ‘තණහා’ යයි ද, ගැණීම් අර්ථයෙන් උපාදාන යයි ද, උභය වශයෙන් ‘අනුලෝම පටිවිරෝධ’ යයි ද, ප්‍රපඤ්චයන්ගේ ඉපදීම් අර්ථයෙන් ‘පපඤ්ච’ යයි ද වදාරන ලදී.

ඉදානි ඉමෙසං කිලෙසානං මූලභූතං දිට‍්ඨිවාදං දස‍්සෙන‍්තො ද‍්වෙමා, භික‍්ඛවෙ, දිට‍්ඨියොතිආදිමාහ.

දැන් මෙම ක්ලේශයන්ට මුල් වූ දෘෂ්ටි වාදය දක්වන්නේ, ද්වෙමා භික්ඛවෙ දිටඨියො යනාදිය කීහ.

තත්‍ථ භවදිට‍්ඨීති සස‍්සතදිට‍්ඨි. විභවදිට‍්ඨීති උච‍්ඡෙදදිට‍්ඨි. භවදිට‍්ඨිං අල‍්ලීනාති තණ‍්හාදිට‍්ඨිවසෙන සස‍්සතදිට‍්ඨිං අල‍්ලීනා. උපගතාති තණ‍්හාදිට‍්ඨිවසෙනෙව උපගතා. අජ‍්ඣොසිතාති තණ‍්හාදිට‍්ඨිවසෙනෙව අනුපවිට‍්ඨා. විභවදිට‍්ඨියා තෙ පටිවිරුද‍්ධාති තෙ සබ‍්බෙ උච‍්ඡෙදවාදීහි සද‍්ධිං – “තුම‍්හෙ අන්‍ධබාලා න ජානාථ, සස‍්සතො අයං ලොකො, නායං ලොකො උච‍්ඡිජ‍්ජතී”ති පටිවිරුද‍්ධා නිච‍්චං කලහභණ‍්ඩනපසුතා විහරන‍්ති. දුතියවාරෙපි එසෙව නයො.

එහි භවදිට්ඨි යනු ශාස්වත දෘෂ්ටියයි. විභව දිට්ඨි යනු උච්ඡේද දෘෂ්ටියයි. භවදිට්ඨි අල්ලීනා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ශාස්වත දෘෂ්ටිය වැළඳ ගත්තාහු, උපගතා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම පැමිණියාහු. අජ්ඣොසිනා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම ඇතුළත් වූවාහු විභව දිට්ඨියා තෙ පටිවිශුද්ධා ඔවුහු සියල්ලෝ ම උච්ඡේද වාදීන් සමග තෙපි අඳ බාලයෝ ය. නො දන්නහුය. මේ ලොව ශාස්වතය. මේ ලොව නො නැසෙන්නේ ය, යයි ප්‍රතිවිරුද්ධ වූවාහු නිතර රණ්ඩු දබර විවාදයෙහි ඇලුනාහුව වසත්. දෙවන වාරයේ ද මේ න්‍යාය මයි.

සමුදයඤ‍්චාතිආදීසු ද‍්වෙ දිට‍්ඨීනං සමුදයා ඛණිකසමුදයො පච‍්චයසමුදයො ච. ඛණිකසමුදයො දිට‍්ඨීනං නිබ‍්බත‍්ති. පච‍්චයසමුදයො අට‍්ඨ ඨානානි. සෙය්‍යථිදං, ඛන්‍ධාපි දිට‍්ඨිට‍්ඨානං, අවිජ‍්ජාපි, ඵස‍්සොපි, සඤ‍්ඤාපි, විතක‍්කොපි, අයොනිසොමනසිකාරොපි, පාපමිත‍්තොපි, පරතොඝොසොපි දිට‍්ඨිට‍්ඨානං. “ඛන්‍ධා හෙතු ඛන්‍ධා පච‍්චයො දිට‍්ඨීනං උපාදාය සමුට‍්ඨානට‍්ඨෙන. එවං ඛන්‍ධාපි දිට‍්ඨිට‍්ඨානං. අවිජ‍්ජා… ඵස‍්සො… සඤ‍්ඤා… විතක‍්කො… අයොනිසොමනසිකාරො… පාපමිත‍්තො… පරතොඝොසො හෙතු, පරතොඝොසො පච‍්චයො දිට‍්ඨීනං උපාදාය සමුට‍්ඨානට‍්ඨෙන. එවං පරතොඝොසොපි දිට‍්ඨිට‍්ඨානං” (පටි· ම· 1.124). අත්‍ථඞ‍්ගමාපි ද‍්වෙයෙව ඛණිකත්‍ථඞ‍්ගමො පච‍්චයත්‍ථඞ‍්ගමො ච. ඛණිකත්‍ථඞ‍්ගමො නාම ඛයො වයො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධානං. පච‍්චයත්‍ථඞ‍්ගමො නාම සොතාපත‍්තිමග‍්ගො. සොතාපත‍්තිමග‍්ගො හි දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති වුත‍්තො.

සමුදයඤ්ච යනාදියෙහි දෘෂ්ටීන්ගේ ඉපදීම් හටගැනීම් දෙකකි. ක්‍ෂණික සමුදය, පච්චය සමුදය ද (කියායි) ක්‍ෂණික සමුදය නම් දෘෂ්ටීන්ගේ ඉපදීමයි. පච්චය සමුදය නම් අටදෙනෙක් වෙති. ඒ කවරහු ද? ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයකි. අවිද්‍යාව ද, ස්පර්ශය ද, සංඥාව ද, විතර්කය ද අයෝනිසෝ මනසිකාරය ද, පාප මිත්‍රයා ද, පරතෝඝෝසය ද දෘෂ්ටි ස්ථානයකි. දෘෂ්ටීන්ගේ ඉපදීමට සමුත්‍ථානාර්ථයෙන් ස්කන්ධයෝ හේතුවෙයි. ස්කන්ධයෝ ප්‍රත්‍ය වේ. මෙසේ ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයක් වේ. අවිද්‍යාව, ස්පර්ශය, සංඥාව, විතර්කය, අයෝනිසෝ මනසිකාරය, පාපමිත්‍රය, පරතොඝෝෂය සමුත්‍ථානාර්ථයෙන් දෘෂ්ටීන්ගේ ඉපදීමට හේතු වේ. පරතෝඝෝෂය ප්‍රත්‍යය වේ. දෘෂ්ටීන්ගේ අත්‍ථංගමය ද දෙපරිදිය. ක්‍ෂණික අස්තංගමය, ප්‍රත්‍ය අස්තංගමය යනුවෙනි. ක්‍ෂණික අස්තංගමය නම් (ක්ෂණයෙහි) ක්ෂය වීමය. නැසීමය, බිඳීමය, හාත්පසින් බිදීමය, අනිත්‍ය බවය, අතුරුදහන් වීමය. ප්‍රත්‍ය අස්තංගමය නම්, සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගය දෘෂ්ටීන්ගේ සහමුලින් නැසීම යයි කියන ලදී.

අස‍්සාදන‍්ති දිට‍්ඨිමූලකං ආනිසංසං. යං සන්‍ධාය වුත‍්තං – “යංදිට‍්ඨිකො සත්‍ථා හොති, තංදිට‍්ඨිකා සාවකා හොන‍්ති. යංදිට‍්ඨිකා සත්‍ථාරං සාවකා සක‍්කරොන‍්ති, ගරුං කරොන‍්ති, මානෙන‍්ති, පූජෙන‍්ති, ලභන‍්ති තතොනිදානං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. අයං, භික‍්ඛවෙ, දිට‍්ඨියා දිට‍්ඨධම‍්මිකො ආනිසංසො”ති. ආදීනවන‍්ති දිට‍්ඨිග‍්ගහණමූලකං උපද‍්දවං. සො වග‍්ගුලිවතං උක‍්කුටිකප‍්පධානං කණ‍්ටකාපස‍්සයතා පඤ‍්චාතපතප‍්පනං සානුපපාතපතනං කෙසමස‍්සුලුඤ‍්චනං අප‍්පොණකං ඣානන‍්තිආදීනං වසෙනං වෙදිතබ‍්බො. නිස‍්සරණන‍්ති දිට‍්ඨීනං නිස‍්සරණං නාම නිබ‍්බානං. යථාභූතං නප‍්පජානන‍්තීති යෙ එතං සබ‍්බං යථාසභාවං න ජානන‍්ති. න පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති සකලවට‍්ටදුක‍්ඛතො න පරිමුච‍්චන‍්ති. ඉමිනා එතෙසං නිට‍්ඨා නාම නත්‍ථීති දස‍්සෙති. පරිමුච‍්චන‍්ති දුක‍්ඛස‍්මාති සකලවට‍්ටදුක‍්ඛතො පරිමුච‍්චන‍්ති. ඉමිනා එතෙසං නිට‍්ඨා නාම අත්‍ථීති ද‍්වින‍්නං අට‍්ටකාරකානං අට‍්ටං ඡින්‍දන‍්තො විය සාසනස‍්මිංයෙව නිට‍්ඨාය අත්‍ථිතං පතිට‍්ඨපෙති.

අස්සාදං - දෘෂ්ටි මූලික ආනිසංසය යමක් සඳහා කියන ලද ද? ශාස්තෲ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේද ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටියම ඇත්තාහු වෙති. ශ්‍රාවකයෝ යම් දෘෂ්ටියක් ඇති ශාස්තෲවරයෙක් සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පූජා කෙරෙත් ද, ඒ හේතුවෙන් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ ය. මේ වූ කලී දෘෂ්ටිය පිළිබඳ ආනිසංස යි. ආදීනවං - දෘෂ්ටි ග්‍රහණය මුල්කොට ඇති උපද්‍රවය, වග්ගුලි වෘතය. උක්කුටික වීර්යය, කණ්ටකධාරයෙහි හිඳීම ආදියයි. පංචතාපයෙන් තැවීම ගල්හතට පැමිණීම, කෙස් රවුල් ඉදිරීම, අප්‍රාණික ධ්‍යානය යනාදී වශයෙන් දතයුතුයි. නිස්සරණං දෘෂ්ටීන්ගේ නිස්සරණය නම් නිවනයි. යථාභූතං නප්පජානං යමෙක් මේ සියල්ල යථා ස්වරූපයෙන් නො දනිත්ද? න පරිමුච්චන්ති දුක්ඛසමා සියළු වෘත්ත දුක්ඛයෙන් නො මිදෙත්. මෙයින් මොවුන්ගේ නිෂ්ඨාවක් නම් නැත. පරිමුච්චන්ති දුක්ඛසමා සියළු සසර දුකින් මිදෙත්. මෙයින් ඔවුන්ගේ නිෂ්ඨාව ඇතැයි යුක්ති කියන්නවුන් දෙදෙනාගේ යුක්තිය සිඳිමින් මෙන් ශාසනයෙහිම නිෂ්ඨාව ඇතැයි පිහිටුවයි.

ඉදානි දිට‍්ඨිච‍්ඡෙදනං දස‍්සෙන‍්තො චත‍්තාරිමානි, භික‍්ඛවෙ, උපාදානානීතිආදිමාහ. තෙසං විත්‍ථාරකථා විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තායෙව.

ඉදින් දෘෂ්ටීන්ගේ බැඳීම දක්වන්නේ චත්තාරිමානි භික්ඛවෙ උපාදානානි ආදිය කීහ. ඔවුන්ගේ විස්තර කථාව විශුද්ධි මාර්ගයේ කියන ලදී.

සබ‍්බුපාදානපරිඤ‍්ඤාවාදා පටිජානමානාති මයං සබ‍්බෙසං උපාදානානං පරිඤ‍්ඤං සමතික‍්කමං වදාමාති එවං පටිජානමානා. න සම‍්මා සබ‍්බුපාදානපරිඤ‍්ඤන‍්ති සබ‍්බෙසං උපාදානානං සමතික‍්කමං සම‍්මා න පඤ‍්ඤපෙන‍්ති. කෙචි කාමුපාදානමත‍්තස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති. කෙචි දිට‍්ඨුපාදානමත‍්තස‍්ස පඤ‍්ඤපෙන‍්ති, කෙචි සීලබ‍්බතුපාදානස‍්සාපි. අත‍්තවාදුපාදානස‍්ස පන පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තො නාම නත්‍ථි. තෙසං පන භෙදං දස‍්සෙන‍්තො කාමුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තීතිආදිමාහ. තත්‍ථ සබ‍්බෙපි කාමුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තියෙව, ඡන‍්නවුති පාසණ‍්ඩාපි හි “කාමා ඛො පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා”ති වත්‍ථුපටිසෙවනං කාමං කප‍්පතීති න පඤ‍්ඤපෙන‍්ති, අකප‍්පියමෙව කත්‍වා පඤ‍්ඤපෙන‍්ති. යෙ පන සෙවන‍්ති, තෙ ථෙය්‍යෙන සෙවන‍්ති. තෙන වුත‍්තං “කාමුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තී”ති.

සංඛුපාදාන පරිඤ්ඤාවාදා පටිජාමානාති. අපි සියළු උපාදානයන්ගේ ප්‍රහාණය ඉක්මවීම කියමුයි මෙසේ ප්‍රතිඥා කරන්නෝ, න සම්මා සබ්බුපාදාන පරිඤ්ඤන්ති සියළු උපාදානයන්ගේ ඉක්මවීම නො පනවත්. කිසිවෙක් කාම උපාදානයාගේ (ප්‍රහාණය) පනවති. කිසිවෙක් දෘෂ්ටි උපාදානයාගේ ද කිසිවෙක් ශීල ව්‍රත උපාදානයාගේ ද, (ප්‍රහාණය පනවත්) අත්තවාද උපාදානයාගේ ප්‍රහාණය පනවන්නෙක් නැත. එම භේදය දක්වන්නේ කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති ආදිය කීහ. එහි සියල්ලෝම කාම උපාදානයන්ගේ ප්‍රහාණය පනවති. සයානූවක් පාෂාණ්ඩයෝ ද කාමයෝ වනාහි පැවිද්දන් විසින් සේවනය නොකළ යුතුයයි පනවති. වස්තු ප්‍රතිසේවන කාමය කැපයයි නො පනවති. අකැප වූවක්ම කොට පනවති. යමෙක් වනාහි සේවනය කෙරෙත් ද ඔවුහු හොර රහසින් ම සේවනය කරති. එහෙයින් කියන ලදී. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති යනු

යස‍්මා “නත්‍ථි දින‍්න”න‍්තිආදීනි ගහෙත්‍වා චරන‍්ති. “සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි, භාවනාය සුද‍්ධී”ති ගණ‍්හන‍්ති, අත‍්තුපලද‍්ධිං න පජහන‍්ති, තස‍්මා න දිට‍්ඨුපාදානස‍්ස, න සීලබ‍්බතුපාදානස‍්ස, න අත‍්තවාදුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති. තං කිස‍්ස හෙතූති තං අපඤ‍්ඤාපනං එතෙසං කිස‍්ස හෙතු, කිං කාරණා? ඉමානි හි තෙ භොන‍්තොති යස‍්මා තෙ භොන‍්තො ඉමානි තීණි කාරණානි යථාසභාවතො න ජානන‍්තීති අත්‍ථො. යෙ පනෙත්‍ථ ද‍්වින‍්නං පරිඤ‍්ඤානං පඤ‍්ඤාපනකාරණං දිට‍්ඨිඤ‍්චෙව සීලබ‍්බතඤ‍්ච “එතං පහාතබ‍්බ”න‍්ති යථාසභාවතො ජානන‍්ති. තෙ සන්‍ධාය පරතො ද‍්වෙ වාරා වුත‍්තා. තත්‍ථ යෙ “අත්‍ථි දින‍්න”න‍්තිආදීනි ගණ‍්හන‍්ති, තෙ දිට‍්ඨුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති. යෙ පන “න සීලෙන සුද‍්ධි, න වතෙන සුද‍්ධි, න භාවනාය සුද‍්ධී”ති ගණ‍්හන‍්ති, තෙ සීලබ‍්බතුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති. අත‍්තවාදුපාදානස‍්ස පරිඤ‍්ඤං පන එකොපි පඤ‍්ඤපෙතුං න සක‍්කොති. අට‍්ඨසමාපත‍්තිලාභිනොපි හි චන්‍දිමසූරියෙ පාණිනා පරිමජ‍්ජිත්‍වා චරමානාපි ච තිත්‍ථියා තිස‍්සො පරිඤ‍්ඤා පඤ‍්ඤපෙන‍්ති. අත‍්තවාදං මුඤ‍්චිතුං න සක‍්කොන‍්ති. තස‍්මා පුනප‍්පුනං වට‍්ටස‍්මිංයෙව පතන‍්ති. පථවිජිගුච‍්ඡනසසකො විය හි එතෙ.

දෙන කෙනෙක් නැත යනාදිය ගෙන හැසිරෙත් ද සීලයෙන් පිරිසිදු බව, ව්‍රතයෙන් පිරිසිදු බව, භාවනාවෙන් පිරිසිදු බව වේයයි ගනිත්ද, ආත්මයයි දැඩිකොට ගැනීම නොහරිත්ද? එහෙයින් න දිට්ඨූපදානස්ස න සීලබ්බතු පාදානස්ස, න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දෘෂ්ටි උපාදානයාගේත්, සීල ව්‍රත උපාදානයාගේත්, ආත්මවාද උපාදානයාගේත් ඉක්මවීම නො පනවත්. තං කිස්ස හෙතු එයට හේතු කවරේද? එසේ නොපැනවීම කවර හේතුවකින් කවර කාරණයකින් ද? ඉමානි භි තෙ භොන්තො යනු මේ කරුණු තුන පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් ඔවුන් නො දක්නා බැවිනි යන අර්ථයයි. මෙහි යමෙක් වනාහි ප්‍රහාණයන් දෙදෙනා ගේ පැනවීමට කරුණු වූ දෘෂ්ටිය ද සීල ව්‍රතය ද, ප්‍රහාණය කළ යුතු යයි යථා ස්වභාව වශයෙන් දනිත් ද, ඔවුන් සඳහා මත්තෙහි දෙවාරය කියන ලදී. එහි යමෙක් දුන් දෙයෙහි විපාක ඇත ආදිය ගනිත්. තෙ දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දිට්ඨි උපාදානයාගේ පැනවීම පනවති. යමෙක් සීලයෙන් පිරිසිදු වීමක් නැත. ව්‍රතයෙන් පිරිසිදු වීමක් නැත. භාවනාවෙන් පිරිසිදු වීමක් නැතැයි ගනීද? ඔවුහු සීලවුත උපාදානයාගේ ඉක්මවීම පනවති. එසේ වුවද අත්තවාද උපාදානයාගේ ඉක්මවීම පනවන්නට එක් අයෙකුද නොහැකි වෙයි. (යම් හෙයකින්) අෂ්ට සමාපත්ති ලාභී වූයේ ද සඳ හිරු දෙදෙන අතින් පිරිමැද හැසිරෙන්නාහු වුවද තීර්ථකයෝ ප්‍රහාණයන් තිදෙනෙක් පනවත් ද, අත්තවාද උපාදානය මුදාහරින්නට නොහැකි වෙත් ද, එහෙයින් නැවත නැවත සංසාර වෘත්තයෙහි ම වැටෙත්. මොව්හු පොළවට පිළිකුල් කරන සාවෙකු මෙනි.

තත්‍ථායං අත්‍ථසල‍්ලාපිකා උපමා – පථවී කිර සසකං ආහ – “භො සසකා”ති. සසකො ආහ – “කො එසො”ති. “කස‍්මා මමෙව උපරි සබ‍්බඉරියාපථෙ කප‍්පෙන‍්තො උච‍්චාරපස‍්සාවං කරොන‍්තො මං න ජානාසී”ති. “සුට‍්ඨු තයා අහං දිට‍්ඨො, මයා අක‍්කන‍්තට‍්ඨානම‍්පි අඞ‍්ගුලග‍්ගෙහි ඵුට‍්ඨට‍්ඨානං විය හොති, විස‍්සට‍්ඨඋදකං අප‍්පමත‍්තකං, කරීසං කතකඵලමත‍්තං. හත්‍ථිඅස‍්සාදීහි පන අක‍්කන‍්තට‍්ඨානම‍්පි මහන‍්තං, පස‍්සාවොපි නෙසං ඝටමත‍්තො හොති, උච‍්චාරොපි පච‍්ඡිමත‍්තො හොති, අලං මය‍්හං තයා”ති උප‍්පතිත්‍වා අඤ‍්ඤස‍්මිං ඨානෙ පතිතො. තතො නං පථවී ආහ – “අරෙ දූරං ගතොපි නනු මය‍්හං උපරියෙව පතිතොසී”ති. සො පුන තං ජිගුච‍්ඡන‍්තො උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ පතිතො, එවං වස‍්සසහස‍්සම‍්පි උප‍්පතිත්‍වා පතමානො සසකො පථවිං මුඤ‍්චිතුං න සක‍්කොති. එවමෙවං තිත්‍ථියා සබ‍්බූපාදානපරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තොපි කාමුපාදානාදීනං තිණ‍්ණංයෙව සමතික‍්කමං පඤ‍්ඤපෙන‍්ති. අත‍්තවාදං පන මුඤ‍්චිතුං න සක‍්කොන‍්ති, අසක‍්කොන‍්තා පුනප‍්පුනං වට‍්ටස‍්මිංයෙව පතන‍්තීති.

එය වූ කලී අර්ථය ප්‍රකාශ කරන උපමාවෙකි. පෘථිවිය සාවෙකුට මෙසේ කීවේල, එම්බා සාවානෙනි, සාවා කීය. මේ කවරෙක් ද, මගේම මතුපිට සියළු ඉරියව් කරන්නේ මළ මූත්‍ර දමන්නේ කුමක් හෙයින් මා නොහඳුනන්නෙහි ද? තී විසින් මම මනාකොට දක්නා ලදුයෙමි. මා විසින් හැසුරුණු තැන ඇඟිලි අගින් ස්පර්ශ කළ තැනක් මෙන් වෙයි. මුදාහළ මූත්‍ර ප්‍රමාණය අල්මාත්‍රය. මලය ඉඟිනි ඇටයක් පමණ ය. ඇත් අස් ආදීන් විසින් හැසිරුණු තැන අති විශාලය. ඔවුන්ගේ මුත්‍ර ද කළයක් පමණය. වසුරු ද කූඩයක් පමණ වේ. තීගෙන් මට කමක් වැඩක් නැතැයි උඩ පැන වෙනත් තැනක වැටුණෝය. එවිට පෘථිවිය ඔහුට මෙසේ කීය. අපොයි දුර ගිය තරම. මගේ මතුපිටම වැටුනේ නොවේද? හෙතෙම නැවත එසේ පරිභාස කරන්නේ උඩ පැන වෙනත් තැනක වැටුනේය. මෙසේ අවුරුදු දාහක් උඩපැන යළි බිමට වැටෙන්නේ පොළවෙන් මිදෙන්නට නො හැකි වන්නේය. මෙසේ ම තීර්ථකයෝ ද සියළු උපාදානයන්ගේ ඉක්මවීම පනවන්නාහුද කාම උපාදාන ආදී වූ උපාදාන තුනම ඉක්මවීම පනවති. එසේ වුවත් අත්තවාද උපාදානය අත්හරින්නට නොහැකිව නැවත නැවත සංසාර වෘත්තයෙහිම වැටෙති. මෙසේ තීර්ථකයෝ යම් ආත්මවාද උපාදානයක් ඉක්මවන්නට නො හැකි වෙත් ද, නැවත නැවත සංසාර වෘත්තයේම වැටෙත්.

එවං යං තිත්‍ථියා සමතික‍්කමිතුං න සක‍්කොන‍්ති, තස‍්ස වසෙන දිට‍්ඨිච‍්ඡෙදවාදං වත්‍වා ඉදානි පසාදපච‍්ඡෙදවාදං දස‍්සෙන‍්තො එවරූපෙ ඛො, භික‍්ඛවෙ, ධම‍්මවිනයෙතිආදිමාහ. තත්‍ථ ධම‍්මවිනයෙති ධම‍්මෙ චෙව විනයෙ ච, උභයෙනපි අනිය්‍යානිකසාසනං දස‍්සෙති. “යො සත්‍ථරි පසාදො සො න සම‍්මග‍්ගතො”ති අනිය්‍යානිකසාසනම‍්හි හි සත්‍ථා කාලං කත්‍වා සීහොපි හොති, බ්‍යග‍්ඝොපි හොති, දීපිපි අච‍්ඡොපි තරච‍්ඡොපි. සාවකා පනස‍්ස මිගාපි සූකරාපි පසදාපි හොන‍්ති, සො “ඉමෙ මය‍්හං පුබ‍්බෙ උපට‍්ඨාකා පච‍්චයදායකා”ති ඛන‍්තිං වා මෙත‍්තං වා අනුද‍්දයං වා අකත්‍වා තෙසං උපරි පතිත්‍වා ලොහිතං පිවති, ථූලථූලමංසානිපි ඛාදති. සත්‍ථා වා පන බිළාරො හොති, සාවකා කුක‍්කුටා වා මූසිකා වා. අථ නෙ වුත‍්තනයෙනෙව අනුකම‍්පං අකත්‍වා ඛාදති. අථ වා සත්‍ථා නිරයපාලො හොති, සාවකා නෙරයිකසත‍්තා. සො “ඉමෙ මය‍්හං පුබ‍්බෙ උපට‍්ඨාකා පච‍්චයදායකා”ති අනුකම‍්පං අකත්‍වා විවිධා කම‍්මකාරණා කරොති, ආදිත‍්තෙපි රථෙ යොජෙති, අඞ‍්ගාරපබ‍්බතම‍්පි ආරොපෙති, ලොහකුම‍්භියම‍්පි ඛිපති, අනෙකෙහිපි දුක‍්ඛධම‍්මෙහි සම‍්පයොජෙති. සාවකා වා පන කාලං කත්‍වා සීහාදයො හොන‍්ති, සත්‍ථා මිගාදීසු අඤ‍්ඤතරො. තෙ “ඉමං මයං පුබ‍්බෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිම‍්හා, සත්‍ථා නො අය”න‍්ති තස‍්මිං ඛන‍්තිං වා මෙත‍්තං වා අනුද‍්දයං වා අකත්‍වා වුත‍්තනයෙනෙව අනයබ්‍යසනං පාපෙන‍්ති. එවං අනිය්‍යානිකසාසනෙ යො සත්‍ථරි පසාදො, සො න සම‍්මග‍්ගතො හොති, කඤ‍්චි කාලං ගන‍්ත්‍වාපි පච‍්ඡා විනස‍්සතියෙව.

මෙසේ තීර්ථකයෝ යම් ආත්මවාද උපාදානයක් ඉක්මවන්නට නො හැකිවේද, ඔවුනගේ වශයෙන් දෘෂ්ටි බිඳීමේ වාරය කියා, දැන් ප්‍රසාදච්ඡෙදවාරය දක්වන්නේ එවරූපෙ ඛො ධම්මවිනයෙ ආදිය කීහ. එහි ධම්ම විනයෙ ධර්මයෙහි හා විනයෙහි ද දෙපදයෙන් ම අනෛර්යාණික ශාසනය දක්වයි. යො සත්‍ථරි පසාදො සො න සමග්ගතො අනෛර්යාණික ශාසනයෙහි ශාස්තෲවරයා කළුරියකොට සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ දිවියෙක් හෝ වලසෙක් හෝ තිරළුවෙක් හෝ වෙයි. ශ්‍රාවකයෝ වනාහි මෘගයෙක් හෝ ඌරෙක් හෝ වෙත්. හෙතෙම මොවුහු පෙර මාගේ උපස්ථායකයෝ ය. ප්‍රත්‍ය දායකයෝ යයි ශාන්තියක් හෝ මෛත්‍රියක් හෝ දයාවක් හෝ නොකොට ඔවුන් මතුයෙහි පැන ලේ ද බොති. ඝන වූ මස් කයි. (නැවත) ශාස්තෲවරයා බළලෙක් වෙයි. ශ්‍රාවකයෝ කුකුළෝ හෝ මීයෝ වෙති. එකල්හි පළමු කී පරිද්දෙන් ම අනුකම්පාවක් නොකොට මස් කයි. ශාස්තෲවරයා නිරය පාලකයෙක් වෙයි. ශ්‍රාවකයෝ නිරිසත්තු වෙති. හෙතෙම මොවුන් පෙර මගේ ප්‍රත්‍යදායකයෝ යයි අනුකම්පාවක් නොකොට විවිධ දුක් හිරිහැර පමුණුවයි. ගිනි ඇවිලගත් රථයේ යොදයි. අඟුරු කන්දටත් නංවයි. ලොහො කුඹුයෙහිත් දමයි. නොයෙක් දුක් කරදරයන්හි යොදවයි. යළි ශ්‍රාවකයෝ කළුරියකොට සිංහාදීහු වෙති. ශාස්තෲවරයා මෘගාදීන් අතුරෙන් එකෙක් වෙයි. ඔව්හු අපි මොහු පෙර සිව්පසයෙන් උපස්ථාන කළෙමු. මොහු අපගේ ශාස්තෲ යයි ඔහු කෙරෙහි ඉවසීමක්, මෛත්‍රියක්, කරුණාවක් නොකොට පළමු කී ආකාරයෙන්ම විවිධ ව්‍යසනයන්ට පමුණුවත්. මෙසේ අනෛර්යාණික සාසනයෙහි යම් ශාස්තෲවරයෙක් කෙරෙහි පැහැදීමක් වේද, ඒ ප්‍රසාදය යහපතක් සඳහාම නො වන්නේය. යම්කිසි කාලයක් ඉකුත්වැ හෝ පසුව නැසෙන්නේමය.

යො ධම‍්මෙ පසාදොති අනිය්‍යානිකසාසනස‍්මිඤ‍්හි ධම‍්මෙ පසාදො නාම, උග‍්ගහිතපරියාපුට – ධාරිතවාචිත‍්තමත‍්තකෙ තන‍්තිධම‍්මෙ පසාදො හොති, වට‍්ටමොක‍්ඛො පනෙත්‍ථ නත්‍ථි. තස‍්මා යො එත්‍ථ පසාදො, සො පුනප‍්පුනං වට‍්ටමෙව ගම‍්භීරං කරොතීති සාසනස‍්මිං අසම‍්මග‍්ගතො අසභාවතො අක‍්ඛායති.

යො ධම්මෙ පසාදො අනෛර්යාණික ශාසනයෙහි ධර්මයෙහි ප්‍රසාදය නම්, ඉගෙන ගත්, පුහුණු කළ, කියන ලද, දරණ ලද ද ධර්මයෙහි ප්‍රසාදය වේ. එසේ වුවද මෙහි සසරින් මිදීමක් නැත. එහෙයින් මෙහි යම් පැහැදීමක් ඇද්ද එය නැවත නැවත සසරම ගැඹුරු කෙරේනුයි මනාකොට නො පැමිණියේ අස්වාභාවික බවටම පැමිණියේ යයි කියයි.

යා සීලෙසු පරිපූරකාරිතාති යාපි ච අනිය්‍යානිකසාසනෙ අජසීලාදීනං වසෙන පරිපූරකාරිතා, සාපි යස‍්මා වට‍්ටමොක‍්ඛං භවනිස‍්සරණං න සම‍්පාපෙති, සම‍්පජ‍්ජමානා පන තිරච‍්ඡානයොනිං ආවහති, විපච‍්චමානා නිරයං, තස‍්මා සා න සම‍්මග‍්ගතා අක‍්ඛායති.

යා සීලෙසු පරිපූරිකාරිතා අනෛර්යාණික ශාසනයෙහි අජ (එළු) සීලාදී වශයෙන් පිළිවෙත් පුරණ බවක් වේද, ඒ පිළිවෙත් සසරින් මිදීමට භවයෙන් නික්ම යාමට පිටිවහලක් උපකාරයක් නොවේද, තිරිසන් යෝනියට පමුණුවාද? නිරයට පමුණුවාද? එහෙයින් න සමග්ගා අක්ඛායති නිසි ලෙස නොපැමිණියේ යයි කියයි.

යා සහධම‍්මිකෙසූති අනිය්‍යානිකසාසනස‍්මිඤ‍්හි යෙ සහධම‍්මිකා, තෙසු යස‍්මා එකච‍්චෙ කාලං කත්‍වා සීහාදයොපි හොන‍්ති, එකච‍්චෙ මිගාදයො, තත්‍ථ සීහාදිභූතා “ඉමෙ අම‍්හාකං සහධම‍්මිකා අහෙසු”න‍්ති මිගාදිභූතෙසු ඛන‍්තිආදීනි අකත්‍වා පුබ‍්බෙ වුත‍්තනයෙනෙව නෙසං මහාදුක‍්ඛං උප‍්පාදෙන‍්ති. තස‍්මා එත්‍ථ සහධම‍්මිකෙසු පියමනාපතාපි අසම‍්මග‍්ගතා අක‍්ඛායති.

[යා සහධම්මිකෙසු යම් අනෛර්යාණික ශාසනයෙහි සහදැමියෝ වෙත් ද? ඔවුන් අතරින් යම්කිසිවෙක් කළුරියකොට සිංහාදීහු වූවහු මේ අපගේ සහධර්මිකයෝ වූවාහු යැයි මුව ආදීන් කෙරෙහි අධිවාසනය නොකොට පෙර කී ආකාරයෙන් ම මහත් දුක් උපදවති. එහෙයින් මෙහි සහදැමියන් කෙරෙහි ප්‍රියමනාප බවටද නොපැමිණියාහු යයි කියයි.] යා සහධම්මිකෙසු අනෛර්යාණික ශාසනයෙහි යම් සහදැමියෝ වෙත්ද, ඔවුන් අතරින් යම්කෙනෙක් යම් හෙයකින් කළුරියකොට, සිංහාදීහු වෙත්ද, ඇතැම් කෙනෙක් මුව ආදීහු වෙත්ද, එයින් සිංහාදි වූවාහු මොව්හු අපේ සහදැමියෝ වූවාහු යයි මුවාදීන් කෙරෙහි අනුකම්පා නොකොට පළමු කී සෙයින්ම ඔවුන්ට මහත් වූ දුක් උපදවද්ද, එහෙයින් මෙහි සහදැමියන් කෙරෙහි ප්‍රියමනාප බවට නොපැමිණියාහු යයි කියයි.

ඉදං පන සබ‍්බම‍්පි කාරණභෙදං එකතො කත්‍වා දස‍්සෙන‍්තො භගවා තං කිස‍්ස හෙතු? එවඤ‍්හෙතං, භික‍්ඛවෙ, හොතීතිආදිමාහ. තත්‍රායං සංඛෙපත්‍ථො – එවඤ‍්හෙතං, භික‍්ඛවෙ, හොති, යං මයා වුත‍්තං “යො සත්‍ථරි පසාදො සො න සම‍්මග‍්ගතො අක‍්ඛායතී”තිආදි, තං එවමෙව හොති. කස‍්මා? යස‍්මා තෙ පසාදාදයො දුරක‍්ඛාතෙ ධම‍්මවිනයෙ …පෙ… අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙති, එත්‍ථ හි යථා තන‍්ති කාරණත්‍ථෙ නිපාතො. තත්‍ථ දුරක‍්ඛාතෙති දුක‍්කථිතෙ, දුක‍්ඛථිතත‍්තායෙව දුප‍්පවෙදිතෙ. සො පනෙස යස‍්මා මග‍්ගඵලත්‍ථාය න නිය්‍යාති, තස‍්මා අනිය්‍යානිකො. රාගාදීනං උපසමාය අසංවත‍්තනතො අනුපසමසංවත‍්තනිකො. න සම‍්මාසම‍්බුද‍්ධෙන සබ‍්බඤ‍්ඤුනා පවෙදිතොති අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතො. තස‍්මිං අනිය්‍යානිකෙ අනුපසමසංවත‍්තනිකෙ අසම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතෙ. එත‍්තාවතා භගවා තිත්‍ථියෙසු පසාදො සුරාපීතසිඞ‍්ගාලෙ පසාදො විය නිරත්‍ථකොති දස‍්සෙති.

මේ සියළු කාරණාවන්ගේ භේදය (නොගැලපීම) එක්තැන්කොට දක්වන භාග්‍යවතුන් වහන්සේ තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොතී ආදිය වදාළහ. ‘එවං හෙතං භික්ඛවෙ හොති යං මයා වුත්තං යො සත්‍ථරි පසාදො’ මහණෙනි, මා විසින් යමක් කියන ලද ද? මේ කාරණය මෙසේ වෙයි. කවර හෙයින් ද යත්, යම්හෙයකින් ඒ ප්‍රසාදාදීහූ දුරනුබෝධ වූ ධර්ම විනයෙහි වරදවා කියන ලද, සම්බුද්ධ නොවූවකු විසින් අවබෝධ කරන ලද ශාසනයක වීද, එහෙයිනි. මෙහි යථාතං යනු හේතුව දැක්වීමේ නිපාතයි. එහි දුරක්ඛාතො වරදවා කියන ලද, වරදවා කියන ලද හෙයින්ම දුරවබෝධ වූ ඒ ධර්මය යම් හෙයකින් මාර්ගඵල පිණිස නොපමුණුවාද එහෙයිනි. අනීය්‍යානිකො අනෛර්යාණිකය. රාගාදීන්ගේ සංසිඳවීම පිණිස නොපවත්නා හෙයින් අනුපසම සංවත්තනිකො සම්මා සම්බුද්ධ වූ සර්වඥ කෙනෙකුන් විසින් අවබෝධ නොකරන ලදනුයි අසම්මා සම්බුද්ධස්ස වෙදිතො එහි අනිය්‍යානිකො, අනුපසම සංවත්තනිකෙ, අසම්මා සම්බුද්ධස්ස වෙදිතෙ මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන් කෙරෙහි ප්‍රසාදය මෙන් නිරර්ථකයයි දැක්වූහ.

එකො කිර කාළසිඞ‍්ගාලො රත‍්තිං නගරං පවිට‍්ඨො සුරාජල‍්ලිකං ඛාදිත්‍වා පුන‍්නාගවනෙ නිපජ‍්ජිත්‍වා නිද‍්දායන‍්තො සූරියුග‍්ගමනෙ පබුජ‍්ඣිත්‍වා චින‍්තෙසි “ඉමස‍්මිං කාලෙ න සක‍්කා ගන‍්තුං, බහූ අම‍්හාකං වෙරිනො, එකං වඤ‍්චෙතුං වට‍්ටතී”ති. සො එකං බ්‍රාහ‍්මණං ගච‍්ඡන‍්තං දිස‍්වා ඉමං වඤ‍්චෙස‍්සාමීති “අය්‍ය බ්‍රාහ‍්මණා”ති ආහ. කො එසො බ්‍රාහ‍්මණං පක‍්කොසතීති. “අහං, සාමී, ඉතො තාව එහීති. කිං භොති? මං බහිගාමං නෙහි, අහං තෙ ද‍්වෙ කහාපණසතානි දස‍්සාමීති. සොපි නයිස‍්සාමීති තං පාදෙසු ගණ‍්හි. අරෙ බාල බ්‍රාහ‍්මණ, න මය‍්හං කහාපණා ඡඩ‍්ඩිතකා අත්‍ථි, දුල‍්ලභා කහාපණා, සාධුකං මං ගණ‍්හාහීති. කථං භො ගණ‍්හාමීති? උත‍්තරාසඞ‍්ගෙන ගණ‍්ඨිකං කත්‍වා අංසෙ ලග‍්ගෙත්‍වා ගණ‍්හාහීති. බ්‍රාහ‍්මණො තං තථා ගහෙත්‍වා දක‍්ඛිණද‍්වාරසමීපට‍්ඨානං ගන‍්ත්‍වා එත්‍ථ ඔතාරෙමීති පුච‍්ඡි. කතරට‍්ඨානං නාම එතන‍්ති? මහාද‍්වාරං එතන‍්ති. අරෙ බාල, බ්‍රාහ‍්මණ, කිං තව ඤාතකා අන‍්තරද‍්වාරෙ කහාපණං ඨපෙන‍්ති, පරතො මං හරා”ති. සො පුනප‍්පුනං ථොකං ථොකං ගන‍්ත්‍වා “එත්‍ථ ඔතාරෙමි එත්‍ථ ඔතාරෙමී”ති පුච‍්ඡිත්‍වා තෙන තජ‍්ජිතො ඛෙමට‍්ඨානං ගන‍්ත්‍වා තත්‍ථ ඔතාරෙහීති වුත‍්තො ඔතාරෙත්‍වා සාටකං ගණ‍්හි.

එක්තරා කණ සිවලෙක් රාත්‍රියෙහි නගරයට පිවිසියේ සුරාමණ්ඩි කා තෝර කැලෑවෙක්හි වැතිරී නිදන්නේ හිරු උදාවන කල්හි පිබිද, මෙසේ සිතී ය. මේ වේලාවේ යාමට නොහැක. අපගේ සතුරෝ බොහෝය. එක් කපටිකමක් කිරීම වටනේ යයි (සිතා) යන්නා වූ එක් බ්‍රාහ්මණයෙක් දැක වංචාවක් කරන්නෙමි යයි ආර්ය බමුණානනි’යි කීහ. කවරෙක් මා කැඳවන්නේ ද බමුණා සිතීය. මමයි සාමිනි! පළමුකොට මෙහි එනු මැනව. කිම පින්වත! මා ගමින් පිටතට ඇරලව. මම නුඹට කහවනු දෙසීයක් දෙමි. හෙතෙම හා ගෙනයන්නෙමියි කකුල්වලින් (එල්ලා) ගත්තේය. කොල! බාල බමුණ, මගේ කහවණු බැහැර (දමා) විසිකොට නැත. කහවණු ඉතා දුර්ලභය. මනාකොට මා ගනුව පින්වත කෙසේ ගනිද? උතුරු සළුපටෙහි ඔතා උරහිසක එල්ලා ගනු මැනව. බමුණා සිවලා කී පරිදි ගෙන දකුණු දොර සමීපයට ගොස් මෙහි තබන්නදැයි විමසීය. මේ කවර නම් තැනක්ද? මේ ප්‍රධාන දොරටුවයි. කොල බාල බමුණ! කිම තොපගේ නෑදෑයෝ ඇතුළු දොරටුවෙහි කහවණු තබත්ද? තව එහාට මා ගෙන යව. ඔහු ද ටික ටික දුර යමින් නැවත නැවත බස්සවමිද බස්සවමිදැයි විචාරා ඒ හිවලා විසින් තර්ජනය කරන ලද්දේ රවටන ලද්දේ බිය රහිත තැනකට ගොස් මෙහි බස්සවයි කියා බස්වා ගත්තේ ය. සළුව ද ගත්තේය.

කාළසිඞ‍්ගාලො ආහ “අහං තෙ ද‍්වෙ කහාපණසතානි දස‍්සාමීති අවොචං. මය‍්හං පන කහාපණා බහූ, න ද‍්වෙ කහාපණසතානෙව, යාව අහං කහාපණෙ ආහරාමි, තාව ත්‍වං සූරියං ඔලොකෙන‍්තො තිට‍්ඨා”ති වත්‍වා ථොකං ගන‍්ත්‍වා නිවත‍්තෙත්‍වා පුන බ්‍රාහ‍්මණං ආහ “අය්‍ය බ්‍රාහ‍්මණ මා ඉතො ඔලොකෙහි, සූරියමෙව ඔලොකෙන‍්තො තිට‍්ඨා”ති. එවඤ‍්ච පන වත්‍වා කෙතකවනං පවිසිත්‍වා යථාරුචිං පක‍්කන‍්තො. බ්‍රාහ‍්මණස‍්සපි සූරියං ඔලොකෙන‍්තස‍්සෙව නලාටතො චෙව කච‍්ඡෙහි ච සෙදා මුච‍්චිංසු. අථ නං රුක‍්ඛදෙවතා ආහ –

කණ සිවලා මෙසේ කීය. මම තොපට කහවණු දෙසියයක් දෙන බව කීමි. මා ළඟ කහවණු බොහෝ ඇත. කහවණු දෙසියයක් පමණක්ම නොවේ. මම කහවණු රැගෙන එමි. ඒ තාක් ඔබ හිරුඑළිය බලමින් සිටිනු මැනවැ, කියා ටික දුරක් ගොස් නැවතී නැවත බ්‍රාහ්මණයාට මෙසේ කීය. ආර්ය බ්‍රාහ්මණය, වෙනත් දෙසක් නො බලනු. සූර්යයා දෙසම බලමින් සිටුව, මෙසේ ද කියා වැටකේ වනයකට පිවිස කැමති පරිද්දෙන් ගියේය. බමුණා ද හිරු බලමින් සිටින්නේ ම බමුණාගේ නළලින් ද කිසිලිවලින් ද ඩහදිය වැගුරුණාහ. ඉක්බිති ඔහුට රුක් දෙවියෙක් මෙසේ කීය -

“සද‍්දහාසි සිඞ‍්ගාලස‍්ස, සුරාපීතස‍්ස බ්‍රාහ‍්මණ; සිප‍්පිකානං සතං නත්‍ථි, කුතො කංසසතා දුවෙ”ති. (ජා· 1.1.113);

සද්දහාසි සිගාලස්ස - සුරා පීතස්ස බ්‍රාහ්මණ සිප්පයා න සතං නත්‍ථි - කුතො කංසසතා දුවෙ

‘බමුණ, සුරාපානය කළ සිවලාගේ වචනය ඇදහූයෙහි, සිප්පි බෙල්ලන් සියයකුදු නැති (සිවලාගෙන්) කහවණු දෙසීයක් කොයින් ලැබේද?

එවං යථා කාළසිඞ‍්ගාලෙ පසාදො නිරත්‍ථකො, එවං තිත්‍ථියෙසුපීති.

මෙසේ කණ සිවලා කෙරෙහි වූ ප්‍රසාදය යම් සේ නිරර්ථක වීද. එපරිද්දෙන් තීර්ථකයන් කෙරෙහි (පැහැදීමද නිරර්ථකය)

අනිය්‍යානිකසාසනෙ පසාදස‍්ස නිරත්‍ථකභාවං දස‍්සෙත්‍වා නිය්‍යානිකසාසනෙ තස‍්ස සාත්‍ථකතං දස‍්සෙතුං තථාගතො ච ඛො, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ කාමුපාදානස‍්ස පරිඤ‍්ඤං පඤ‍්ඤපෙතීති අරහත‍්තමග‍්ගෙන කාමුපාදානස‍්ස පහානපරිඤ‍්ඤං සමතික‍්කමං පඤ‍්ඤපෙති, ඉතරෙසං තිණ‍්ණං උපාදානානං සොතාපත‍්තිමග‍්ගෙන පරිඤ‍්ඤං පඤ‍්ඤපෙති. එවරූපෙ ඛො, භික‍්ඛවෙ, ධම‍්මවිනයෙති, භික‍්ඛවෙ, එවරූපෙ ධම‍්මෙ ච විනයෙ ච. උභයෙනපි නිය්‍යානිකසාසනං දස‍්සෙති. සත්‍ථරි පසාදොති එවරූපෙ සාසනෙ යො සත්‍ථරි පසාදො, සො සම‍්මග‍්ගතො අක‍්ඛායති, භවදුක‍්ඛනිස‍්සරණාය සංවත‍්තති.

අනෛර්යාණික ශාසනයෙහි පැහැදීම නිරර්ථකභාවය දක්වා, නෛර්යාණික ශාසනයෙහි පැහැදීමේ සාර්ථක බව දැක්වීමට තථාගතො ච ඛො භිකඛවෙ ආදිය කීහ. එහි කාමුපාදානසස පරිඤ්ඤං පඤ්ඤාපෙති රහත් මගින් කාම උපාදානයාගේ ප්‍රහාණ පරිඥාව ඉක්මවීම පනවයි. ඉතිරි තුන් උපාදානයන්ගේ ප්‍රහාණය සෝවාන් මගින් පණවයි. එවමෙව ඛො භිකඛවෙ ධම්මවිනයෙ මහණෙනි, මෙබඳු වූ ධර්මයෙහි ද විනයෙහි ද දෙපදයෙන්ම නෛර්යාණික ශාසනය දක්වයි. සත්‍ථරි පසාදො මෙබඳු වූ ශාසනයෙහි ශාස්තෲන් කෙරෙහි යම් ප්‍රසාදයක් වේද, සො සම්මග්ගතො අක්ඛායති ඒ ප්‍රසාදය මනාකොට පැමිණියේ යයි කියයි. සසර දුක් නිවාරණය පිණිස පවත්නේයි

තත්‍රිමානි වත්‍ථූනි – භගවා කිර වෙදියකපබ‍්බතෙ ඉන්‍දසාලගුහායං පටිවසති. අථෙකො උලූකසකුණො භගවති ගාමං පිණ‍්ඩාය පවිසන‍්තෙ උපඩ‍්ඪමග‍්ගං අනුගච‍්ඡති, නික‍්ඛමන‍්තෙ උපඩ‍්ඪමග‍්ගං පච‍්චුග‍්ගමනං කරොති. සො එකදිවසං සම‍්මාසම‍්බුද‍්ධං සායන‍්හසමයෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතං නිසින‍්නං පබ‍්බතා ඔරුය‍්හ වන්‍දිත්‍වා පක‍්ඛෙ පණාමෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ සීසං හෙට‍්ඨා කත්‍වා දසබලං නමස‍්සමානො අට‍්ඨාසි. භගවා තං ඔලොකෙත්‍වා සිතං පාත්‍වාකාසි. ආනන්‍දත්‍ථෙරො “කො නු ඛො, භන‍්තෙ, හෙතු කො පච‍්චයො සිතස‍්ස පාතුකම‍්මායා”ති පුච‍්ඡි. “පස‍්සානන්‍ද, ඉමං උලූකසකුණං, අයං මයි ච භික‍්ඛුසඞ‍්ඝෙ ච චිත‍්තං පසාදෙත්‍වා සතසහස‍්සකප‍්පෙ දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරිත්‍වා සොමනස‍්සො නාම පච‍්චෙකබුද‍්ධො භවිස‍්සතී”ති ආහ –

මෙහි මේ වස්තු වෙත් - භාග්‍යවතුන් වහන්සේ වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වාසය කරන සේක. එකල්හි එක් බකමූණු පක්‍ෂියෙක් භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු පිණිස වැඩමවන වේලෙහි අඩ මගක් පසුගමන් යයි. (ගමින්) නික්මෙන කල්හි අඩමගක් පෙරගමන් යයි. හෙතෙම එක් දිනක් පර්වතයෙන් බැස සවස් කාලයෙහි භික්‍ෂුසංඝයා පිරිවරාගෙන වැඩසිටින සර්වඥයන් වහන්සේ වැඳ පියාපත් නමා ඇඳිලි ගෙන හිස යටකොට දශබලධාරින් වහන්සේ නමදිමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු බලා සිනහ පහළ කළේය. ආනන්ද ස්ථවිරයෝ, ස්වාමීනි, සිනහ පහළ කිරීමට හේතුකාරණා කවරේදැයි විචාළහ. ආනන්ද, මේ මහමුහුණු පක්‍ෂියා බලව. මේ තෙමේ මා කෙරෙහි ද භික්‍ෂු සංඝයා කෙරෙහි ද, සිත පහදවා සිය දහසක් කල්පයන්හි දෙව්ලොව ද මිනිස් ලොව ද සැරිසරා සෝමනස්ස නමින් පසේබුදු වන්නේ යයි වදාළ සේක.

උලූකමණ‍්ඩලක‍්ඛික, වෙදියකෙ චිරදීඝවාසික; සුඛිතොසි ත්‍වං අය්‍ය කොසිය, කාලුට‍්ඨිතං පස‍්සසි බුද‍්ධවරං.

උලූකක මණ්ඩලක්ඛික වේදියතෙ චිරදීඝවාසක සුඛිතොපි ත්‍වං අය්‍ය - කොසිය කාලුට්ඨිතං පස්සසි බුද්ධවරං

මයි චිත‍්තං පසාදෙත්‍වා, භික‍්ඛුසඞ‍්ඝෙ අනුත‍්තරෙ; කප‍්පානං සතසහස‍්සානි, දුග‍්ගතෙසො න ගච‍්ඡති.

මයි චිත්තං පසාදෙත්‍වා - භික්ඛු සංඝ අනුත්තරෙ කප්පානි සත සහස්සානි - දුග්ගතිං සො න ගච්ඡති

දෙවලොකා චවිත්‍වාන, කුසලමූලෙන චොදිතො; භවිස‍්සති අනන‍්තඤාණො, සොමනස‍්සොති විස‍්සුතොති.

දෙවලොකං චවිත්‍වාන - කුසල මූලෙ න වොදිතෙ භවිස්සති අනන්ත ඤාණො සොමනස්සොති විස්සුතො

මහ මුහුණු සංඛ්‍යාත වූ කවාකාර වූ ඇස් ඇති, ඉතා දිගු කලක සිට වේදිස පර්වතයෙහි වාසය කරන්නා වූ ආර්ය වූ කෝසිය නම් වූ පක්‍ෂිය, සවස් කාලයෙහි දිවා විහරයෙන් නැගී සිටියා වූ, උතුම් සර්වඥයන් දක්නෙහි සුඛිත වූයේ වෙහි.

මා කෙරෙහි ද, අනුත්තර වූ භික්‍ෂු සංඝයා කෙරෙහි ද සිත පැහැදවූ ඔහු කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.

දෙව්ලොවින් චුතව, මෙම කුසල මූලයෙන් මෙහෙයන ලදුයේ සෝමනස්ස නමින් අපරිමිත ඤාණ ඇති (පසේ බුදු කෙනෙක්) වන්නේය.

අඤ‍්ඤානිපි චෙත්‍ථ රාජගහනගරෙ සුමනමාලාකාරවත්‍ථු මහාභෙරිවාදකවත්‍ථු මොරජිකවත්‍ථු වීණාවාදකවත්‍ථු සඞ‍්ඛධමකවත්‍ථූති එවමාදීනි වත්‍ථූනි විත්‍ථාරෙතබ‍්බානි. එවං නිය්‍යානිකසාසනෙ සත්‍ථරි පසාදො සම‍්මග‍්ගතො හොති.

තවද මෙහි රජගහ නුවර සුමන මාලාකාර වස්තුව, මහා භෙරිවාදක වස්තුවය, මෝරජික වස්තුවය, වීණාවාදක වස්තුවය, සංඛ ධමන වස්තුවය, (යන කථාවස්තු) විස්තර කටයුතු ය. මෙසේ නෛර්යාණික ශාසනයෙහි ශාස්තෲන් කෙරෙහි ප්‍රසාදය මනාකොට පැමිණියේ වේ.

ධම‍්මෙ පසාදොති නිය්‍යානිකසාසනම‍්හි ධම‍්මෙ පසාදො සම‍්මග‍්ගතො හොති. සරමත‍්තෙ නිමිත‍්තං ගහෙත්‍වා සුණන‍්තානං තිරච‍්ඡානගතානම‍්පි සම‍්පත‍්තිදායකො හොති, පරමත්‍ථෙ කිං පන වත‍්තබ‍්බං. අයමත්‍ථො මණ‍්ඩූකදෙවපුත‍්තාදීනං වත්‍ථුවසෙන වෙදිතබ‍්බො.

ධම්මෙ පසාදො නෙරියාණික ශාසනයෙහි ධර්මයෙහි ප්‍රසාදය මනාකොට පැමිණියේ වෙයි. ශබ්ද මාත්‍රයෙහි නිමිත්ත ගෙන අසන්නා වූ තිරිසන් සතුන්ට පවා සම්පත් ලබාදෙන්නේ වේ. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කථාවස්තුව ආදිය දතයුතුය.

සීලෙසු පරිපූරකාරිතාති නිය්‍යානිකසාසනම‍්හි සීලෙසු පරිපූරකාරිතාපි සම‍්මග‍්ගතා හොති, සග‍්ගමොක‍්ඛසම‍්පත‍්තිං ආවහති. තත්‍ථ ඡත‍්තමාණවකවත්‍ථුසාමණෙරවත්‍ථුආදීනි දීපෙතබ‍්බානි.

සීලෙසු පරිපූරිකාරිතා නෛර්යාණික ශාසනයෙහි මනාකොට සිල් පුරන්නා වූ අයට ද ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලබාදෙයි. ඒ පිළිබඳව ඡත්ත මාණවක වස්තුව, සාමණේර වස්තුව ආදිය දැක්විය යුතුය.

සහධම‍්මිකෙසූති නිය්‍යානිකසාසනෙ සහධම‍්මිකෙසු පියමනාපතාපි සම‍්මග‍්ගතා හොති, මහාසම‍්පත‍්තිං ආවහති. අයමත්‍ථො විමානපෙතවත්‍ථූහි දීපෙතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං –

සහධම්මිකෙසු නෛර්යාණික ශාසනයෙහි සහදැමියන් කෙරෙහි මනාකොට ප්‍රියමනාප වේද, ඔවුන්ට ද මහත් වූ සම්පත් ලබාදෙයි. මේවායේ විස්තර විමානවත්‍ථු පේතවත්‍ථු ආදියෙහි දැක්වේ. එබැවින් කියන ලදී -

“ඛීරොදනමහමදාසිං, භික‍්ඛුනො පිණ‍්ඩාය චරන‍්තස‍්ස…පෙ… ඵාණිතං…පෙ… උච‍්ඡුඛණ‍්ඩිකං… තිම‍්බරුසකං… කක‍්කාරිකං… එළාලුකං… වල‍්ලිපක‍්කං… ඵාරුසකං… හත්‍ථපතාකං… සාකමුට‍්ඨිං … පුප‍්ඵකමුට‍්ඨිං… මූලකං… නිම‍්බමුට‍්ඨිං… අම‍්බිකඤ‍්ජිකං… දොණිනිම‍්මජ‍්ජනිං… කායබන්‍ධනං… අංසබද‍්ධකං… ආයොගපට‍්ටං… විධූපනං… තාලවණ‍්ටං… මොරහත්‍ථං… ඡත‍්තං… උපාහනං… පූවං මොදකං… සක‍්ඛලිකං අහමදාසිං, භික‍්ඛුනො පිණ‍්ඩාය චරන‍්තස‍්ස…පෙ… තස‍්සා මෙ පස‍්ස විමානං, අච‍්ඡරා කාමවණ‍්ණිනීහමස‍්මී”ති (වි· ව· 406).

ඛීරොදනං අහමදාසිං භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස -පෙ- ඵාණිතං - උච්ඡුඛණ්ඩකං, තිම්බරූසකං - කක්කාරුකං ඵලාලුකං - වල්ලිපකතං - ඵාරුසකං - හත්‍ථපතාකං සාකමුට්ඨිං - පුථුකමුට්ඨිං - මූලකං - නිම්බමුට්ඨිං - අම්බිලකඤ්ජිං දොණි නිමජ්ජනං - කාය බන්‍ධනං - අංසවට්ටකං - අයොගපට්ටං විධූපනං - තාල වණ්ටං - මොරහත්‍ථං ඡත්තං - උපාහනං - පූවං - මොදකං සංකුලිකං - අහමදාසිං - භික්ඛුනො පිණ්ඩාය චරන්තස්ස තස්සා මෙ පස්ස - විමානං - අච්ඡරාකාම වණ්ණි නීහමස්මි

පිඬු පිණිස හැසිරෙන්නා වූ භික්‍ෂුවකට මම කිරිබතක් දුනිමි. උක්සකුරු හෝ පැණි, උක්කඩක් (උක්ගස් කෑල්ලක්) තිඹිරිපලයක්, කැකිරි ගෙඩියක් ද, එළවලු, වැල් ඵලයක්, උගුරැස්ස, ගිනි කබලක්, පලාමිටක්, ළා කොළ මිටක්, හබල පෙත්තක්, අල මුලක්, කොසඹ මිටක්, ඇඹුල් කැඳක්, තෙල් සහිත තල කැරලි, පටියක් (සිවුරු) අංසකඩයක්, උරහිස් පටියක් (උරහිසේ දමන), සිවුරැස් විජිනිපතක්, තල්පතින් කළ කවාකාර විජිනිපතක්, මොනරපිළින් කළ විජිනිපතක්, කුඩයක්, වහන් සඟලක්, අග්ගලා, රසකැවිලි ආදියක්, මම පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුවකට දුනිමි. (ඒ පිණින් පහළ වූ) මාගේ විමානය බලව. මම කැමති විධියේ රූප වර්ණ ඇති දිව්‍ය අප්සරාවක් වෙමි.

තං කිස‍්ස හෙතූතිආදි වුත‍්තනයානුසාරෙනෙව යොජෙත්‍වා වෙදිතබ‍්බං.

තං කිස්ස හෙතු පෙර කී ආකාරයෙන්ම යොදා දතයුතුයි.

ඉදානි යෙසං උපාදානානං තිත්‍ථියා න සම‍්මා පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්ති, තථාගතො පඤ‍්ඤපෙති, තෙසං පච‍්චයං දස‍්සෙතුං ඉමෙ ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ කිංනිදානාතිආදීසු නිදානාදීනි සබ‍්බානෙව කාරණවෙවචනානි. කාරණඤ‍්හි යස‍්මා ඵලං නිදෙති හන්‍ද, නං ගණ‍්හථාති අප‍්පෙති විය, තස‍්මා නිදානන‍්ති වුච‍්චති. යස‍්මා තං තතො ජායති සමුදෙති පභවති, තස‍්මා සමුදයො, ජාති, පභවොති වුච‍්චති. අයං පනෙත්‍ථ පදත්‍ථො – කිං නිදානං එතෙසන‍්ති කිංනිදානා. කො සමුදයො එතෙසන‍්ති කිංසමුදයා. කා ජාති එතෙසන‍්ති කිංජාතිකා. කො පභවො එතෙසන‍්ති කිංපභවා. යස‍්මා පන තෙසං තණ‍්හා යථාවුත‍්තෙන අත්‍ථෙන නිදානඤ‍්චෙව සමුදයො ච ජාති ච පභවො ච, තස‍්මා “තණ‍්හානිදානා”තිආදිමාහ. එවං සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. යස‍්මා පන භගවා න කෙවලං උපාදානස‍්සෙව පච‍්චයං ජානාති, උපාදානස‍්ස පච‍්චයභූතාය තණ‍්හායපි, තණ‍්හාදිපච‍්චයානං වෙදනාදීනම‍්පි පච‍්චයං ජානාතියෙව, තස‍්මා තණ‍්හා චායං, භික‍්ඛවෙතිආදිමාහ.

තීර්ථකයෝ කිසියම් උපාදානයන්ගේ ප්‍රහාණය මනාකොට නො පණවත්ද, තථාගතයෝ පණවත් ද, ඔවුන්ගේ ප්‍රත්‍යය දක්වන්නට භික්ඛවෙ ආදිය වදාළහ. එහි කින්නිදානා යනාදී තන්හි නිදානාදි වූ සියල්ලම අදාළ කාරණය සඳහා වචනයෝ ය. යම්හෙයකින් කාරණය එය ගනිවු යයි පාවාදෙන කලක් මෙන් ඵලය ගෙන දේද, එහෙයින් නිදාන යයි කියයි. යම්හෙයකින් මම ඵලය එහි උපදී ද, හටගනී ද, උදාවේද, එහෙයින් සමුදයො ජාති පභවතො යයි කියයි. මේ වනාහි පදාර්ථයයි. මේ කරුණුවලට කුමක් නිදානය වීදැයි කින්නිදානා නමි. කවරක් හේතුව වූයේනුයි කිං සමුදයා යනු වේ. කවරෙක් ජාති වූයේදැයි කිං ජාති යනු වේ. කුමක් උදා වූයේ දැයි කිං පභවා යනු වේ. යම්හෙයකින් ඔවුන්ට තෘෂ්ණාව ඉහත කියන ලද අර්ථයෙන් නිදානය ද සමුදය ද ජාතිද ප්‍රභව වේද එහෙයින් තණ්හා නිදානා ආදිය කීහ. මෙසේ සියළු පදයන්හි අර්ථය දතයුතුයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ හුදු උපාදානයාගේම ප්‍රත්‍යය දන්නා සේක් නොවෙත්ද, උපාදානයට ප්‍රත්‍ය වූ තෘෂ්ණාවගේ ද, තෘෂ්ණාදීන්ට ප්‍රත්‍ය වූ වේදනාදීන්ගේ ද, ප්‍රත්‍යය දන්නා සේක්මය. එහෙයින් තණ්හා චායං භික්ඛවෙ යනාදිය කීහ.

යතො ච ඛොති යස‍්මිං කාලෙ. අවිජ‍්ජා පහීනා හොතීති වට‍්ටමූලිකා අවිජ‍්ජා අනුප‍්පාදනිරොධෙන පහීනා හොති. විජ‍්ජා උප‍්පන‍්නාති අරහත‍්තමග‍්ගවිජ‍්ජා උප‍්පන‍්නා. සො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදාති. සො භික‍්ඛු අවිජ‍්ජාය ච පහීනත‍්තා විජ‍්ජාය ච උප‍්පන‍්නත‍්තා. නෙව කාමුපාදානං උපාදියතීති නෙව කාමුපාදානං ගණ‍්හාති න උපෙති, න සෙසානි උපාදානානි. අනුපාදියං න පරිතස‍්සතීති එවං කිඤ‍්චි උපාදානං අග‍්ගණ‍්හන‍්තො තණ‍්හාපරිතස‍්සනාය න පරිතස‍්සති. අපරිතස‍්සන‍්ති අපරිතස‍්සන‍්තො තණ‍්හං අනුප‍්පාදෙන‍්තො. පච‍්චත‍්තංයෙව පරිනිබ‍්බායතීති සයමෙව කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බායති. එවමස‍්ස ආසවක‍්ඛයං දස‍්සෙත්‍වා ඉදානි ඛීණාසවස‍්ස භික‍්ඛුනො පච‍්චවෙක‍්ඛණං දස‍්සෙන‍්තො ඛීණා ජාතීතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙවාති.

යතො ච ඛො යම්කලෙක අවිජ්ජා පහීනා හොතීති සසරට මුල් වූ අවිද්‍යාව අනුත්පාද නිරෝධයෙන් ප්‍රහීණ වේද, විජ්ජා උප්පන්නා අර්හත් මාර්ගයෙන් විද්‍යාව උපන්නේ ද, සො අවිජ්ජා විරාගා විජජුපාදා ඒ භික්‍ෂුව අවිද්‍යාව ප්‍රහීණ කළ බැවින් ද, විද්‍යාව උපන් බැවින් ද, නෙව කාමූපාදානං උපාදියති කාම උපාදානය ද සෙසු උපාදානයන් ද හට නොගැනේ. අනුපාදියං න පරිතස්සති මෙසේ කිසිදු උපාදානයක් නොගන්නේ තණ්හා පරිතස්සනාවෙන් තැති නොගනී. අපරිතස්සං ත්‍රස්ත නොවන්නේ තණ්හාව නූපදවන්නේ පච්චත්තං යෙව පරිනිබ්බායති තෙමේම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙයි. මෙසේ ඔහුගේ ආශ්‍රවක්‍ෂය දක්වා ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන්ගේ ප්‍රත්‍යවේක්ෂා දක්වන්නේ ඛීණා ජාති යනාදිය වදාළහ. එහි ඉහතින් කියන ලද අර්ථ ඇත්තේම වේ.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළසීහනාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චූල සීහනාද සූත්‍ර වර්ණනාව නිමියේය.