වෙසාලිනගරවණ්ණනා අට්ඨකථා
වෙසාලිනගරවණ්ණනා
වෙසාලිනගරවණ්ණනා
එවං මෙ සුතන්ති මහාසීහනාදසුත්තං. තත්ථ වෙසාලියන්ති එවංනාමකෙ නගරෙ. තං කිර අපරාපරං විසාලීභූතතාය “වෙසාලී”ති සඞ්ඛං ගතං. තත්රායං අනුපුබ්බකථා – බාරාණසිරඤ්ඤො කිර අග්ගමහෙසියා කුච්ඡිම්හි ගබ්භො සණ්ඨාසි. සා ඤත්වා රඤ්ඤො නිවෙදෙසි. රාජා ගබ්භපරිහාරං අදාසි. සා සම්මා පරිහරීයමානා ගබ්භපරිපාකකාලෙ විජායනඝරං පාවිසි. පුඤ්ඤවන්තීනං පච්චූසසමයෙ ගබ්භවුට්ඨානං හොති, සා ච තාසං අඤ්ඤතරා, තෙන පච්චූසසමයෙ අලත්තකපටලබන්ධුජීවකපුප්ඵසදිසං මංසපෙසිං විජායි. තතො “අඤ්ඤා දෙවියො සුවණ්ණබිම්බසදිසෙ පුත්තෙ විජායන්ති, අග්ගමහෙසී මංසපෙසින්ති රඤ්ඤො පුරතො මම අවණ්ණො උප්පජ්ජෙය්යා”ති චින්තෙත්වා තෙන අවණ්ණභයෙන තං මංසපෙසිං එකස්මිං භාජනෙ පක්ඛිපිත්වා පටිකුජ්ජිත්වා රාජමුද්දිකාය ලඤ්ඡෙත්වා ගඞ්ගාය සොතෙ පක්ඛිපාපෙසි. මනුස්සෙහි ඡඩ්ඩිතමත්තෙ දෙවතා ආරක්ඛං සංවිදහිංසු. සුවණ්ණපට්ටකඤ්චෙත්ථ ජාතිහිඞ්ගුලකෙන “බාරාණසිරඤ්ඤො අග්ගමහෙසියා පජා”ති ලිඛිත්වා බන්ධිංසු. තතො තං භාජනං ඌමිභයාදීහි අනුපද්දුතං ගඞ්ගාසොතෙන පායාසි.
එවම්මෙසුතං යනු මහා සීහනාද සූත්‍රයයි. එහි වෙසාලියං යනු ඒ නම් ඇති නගරයෙහි, ඔබිනොබ විශාල වූ බැවින් වෙසාලී ‘විසාලා’ යයි ප්‍රසිද්ධියට ගියේය. මේ එහි පිළිවෙළ කථාවයි. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේය. ඕ තොමෝ එය දැන රජුට දැන්වූ (කල්හි ) රජතෙමේ ගැබ් පෙරහර දුන්නේ ය. ඕ තොමෝ මනාකොට ගැබ පරිහරණය කරනු ලබන්නී, ගැබ මේරීමට ගිය කල්හි තිඹිරිගෙට පිවිසියාය. පිනැත්තියන් ගේ ගැබ් බිහිවීම අළුයම් කාලයේම සිදුවේ. ඕතොමෝ පිනැත්තියන් අතුරෙක් එක් තැනැත්තියකි. එහෙයින් අළුයම් කාලයෙහි, ලතුයෙන් ආලේප කළ බඳු වදමලක් මෙන් මස් වැදැල්ලක් වැදුවාය. එය දුටු අගමෙහෙසිය ‘අනෙක් දේවීහූ රන් බිඹු වැනි පුතුන් වදති. අග මෙහෙසිය (වැදූයේ) මස්වදැල්ලකැයි රජු ඉදිරියෙහි මගේ අගුණ පහළ වන්නේ යයි’ සිතා ඒ නුගුණ බියෙන් ඒ මස් වැදැල්ල එක් භාජනයෙක බහා වසා රාජ මුද්‍රායෙන් ලස් තබා ගංගා ජලයෙහි දැම්මවීය. මිනිසුන් විසින් අත්හළ මොහොතේ පටන් දෙවියෝ ආරක්ෂාව සැලසූහ. එම බඳුනෙහි ‘බරණැස් රජුගේ අගමෙහෙසියගේ දරුවෝ’ යයි දෑ හිඟුලෙන් ලියූ රන්පටක් ද බැන්දහ. එතැන් සිට එම බඳුන රළ භයාදියෙන් ආරක්ෂිතව ගංගා ජලයෙහි පාවී ගියේය.
තෙන ච සමයෙන අඤ්ඤතරො තාපසො ගොපාලකකුලං නිස්සාය ගඞ්ගාතීරෙ විහරති. සො පාතොව ගඞ්ගං ඔතිණ්ණො තං භාජනං ආගච්ඡන්තං දිස්වා පංසුකූලසඤ්ඤාය අග්ගහෙසි. අථෙත්ථ තං අක්ඛරපට්ටිකං රාජමුද්දිකාලඤ්ඡනං ච දිස්වා මුඤ්චිත්වා තං මංසපෙසිං අද්දස, දිස්වානස්ස එතදහොසි “සියා ගබ්භො, තථා හිස්ස දුග්ගන්ධපූතිකභාවො නත්ථී”ති. අස්සමං නෙත්වා සුද්ධෙ ඔකාසෙ ඨපෙසි. අථ අඩ්ඪමාසච්චයෙන ද්වෙ මංසපෙසියො අහෙසුං. තාපසො දිස්වා සාධුතරං ඨපෙසි. තතො පුන අඩ්ඪමාසච්චයෙන එකමෙකිස්සා මංසපෙසියා හත්ථපාදසීසානමත්ථාය පඤ්ච පඤ්ච පිළකා උට්ඨහිංසු. අථ තතො අඩ්ඪමාසච්චයෙන එකා මංසපෙසි සුවණ්ණබිම්බසදිසො දාරකො, එකා දාරිකා අහොසි.
එ සමයෙහි එක්තරා තාපසයෙක් ගොපලු කුලයක් නිසා ගංඉවුරේ වසයි. හෙතෙම උදේම ගඟට බටුයේ එන්නා වූ එම භාජනය දැක පාංශුකූල හැඟීමෙන් ගත්තේ ය. නැවත එහි අකුරුපට ද, රාජ මුද්‍රිකාවද දැක මුදා මස්වැදැල්ල දුටුයේය. එය දුටු තවුසාට මෙසේ සිතිණ. ‘දරු ගැබක් විය හැක. එසේ වුවද දුගඳක් කුණු බවක් නැත’යි අසපුවට ගෙන ගොස් පිරිසිදු තැනෙක තැබුයේය. ඉක්බිති අඩ මසකින් මස්වැදලි දෙකක් වූහ. තාපසයා එය දැක ඉතා මැනවින් තැන්පත් කළේය. නැවත අඩමසක් ගිය තැන්හී එකී එකී පේශියෙහි අත් පා හිස් පිණිස පස පස බැගින් පේශීහු නැගියාහුය. ඉක්බිති ඉන් අඩමසක් ඇවෑමෙන් එක් මස් වැදැල්ලක් ස්වර්ණ බිම්බයක් වැනි දරුවෙක් විය. අනික දැරියක් වූවාය.
තෙසු තාපසස්ස පුත්තසිනෙහො උප්පජ්ජි, අඞ්ගුට්ඨකතො චස්ස ඛීරං නිබ්බත්ති. තතො පභුති ච ඛීරභත්තං අලභිත්ථ, සො භත්තං භුඤ්ජිත්වා ඛීරං දාරකානං මුඛෙ ආසිඤ්චති. තෙසං උදරං යං යං පවිසති, තං තං සබ්බං මණිභාජනගතං විය දිස්සති, එවං නිච්ඡවී අහෙසුං. අපරෙ ආහු “සිබ්බෙත්වා ඨපිතා විය නෙසං අඤ්ඤමඤ්ඤං ලීනා ඡවි අහොසී”ති. එවං තෙ නිච්ඡවිතාය වා ලීනච්ඡවිතාය වා ලිච්ඡවීති පඤ්ඤායිංසු.
ඔවුන් කෙරෙහි තවුසාට පුත්‍ර සෙනෙහස පහළ විය. යළි ඔහුගේ මාපටඇගිල්ලෙන් කිරි උපන. එතැන් පටන් කිරි හා බත් ද ලැබිණ. තාපසයා බත් වළඳා, කිරි දරුවන්ට පොවයි. ඔවුන්ගේ උදරයට යමක් යමක් පිවිසේද ඒ ඒ සියල්ල වීදුරු බඳුන්ගත වූවා සේ පෙනෙයි. මෙසේ නිඡවි වූයේයි. වෙනත් ආචාර්ය කෙනෙක් (මෙසේ) කීහ. වියා තබන ලද්දාක් මෙන් ඔවුන්ගේ එකිනෙක වැළඳගත් සිවිය වූවාය. මෙසේ ඔව්හූ අපගත ඡවි ඇති බැවින් මෙම හෝ වැළඳගත් ඡවි ඇති බැවින් ‘ලිච්ඡවී” යයි ප්‍රසිද්ධ වූහ.
තාපසො දාරකෙ පොසෙන්තො උස්සූරෙ ගාමං සික්ඛාය පවිසති, අතිදිවා පටික්කමති. තස්ස තං බ්යාපාරං ඤත්වා ගොපාලකා ආහංසු – “භන්තෙ, පබ්බජිතානං දාරකපොසනං පලිබොධො, අම්හාකං දාරකෙ දෙථ, මයං පොසෙස්සාම, තුම්හෙ අත්තනො කම්මං කරොථා”ති. තාපසො සාධූති පටිස්සුණි. ගොපාලකා දුතියදිවසෙ මග්ගං සමං කත්වා පුප්ඵෙහි ඔකිරිත්වා ධජපටාකා උස්සාපෙත්වා තූරියෙහි වජ්ජමානෙහි අස්සමං ආගතා. තාපසො – “මහාපුඤ්ඤා දාරකා අප්පමාදෙන වඩ්ඪෙථ, වඩ්ඪෙත්වා ච අඤ්ඤමඤ්ඤං ආවාහවිවාහං කරොථ, පඤ්චගොරසෙන රාජානං තොසෙත්වා භූමිභාගං ගහෙත්වා නගරං මාපෙථ, තත්ථ කුමාරං අභිසිඤ්චථා”ති වත්වා දාරකෙ අදාසි. තෙ සාධූති පටිස්සුණිත්වා දාරකෙ නෙත්වා පොසෙසුං.
තවුස්තෙම දරුවන් පෝෂණය කරන්නේ හිරු නැගි කල්හි ගමෙහි පිඬු පිණිස හැසිරේ. ඉතා දහවල්ව (ගමින්) නික්මෙයි. ඔහුගේ ඒ හැසිරීම් පිළිවෙළ දත් ගෝපාලකයෝ කීහ. ස්වාමීනි! පැවිද්දන්ට දරුවන් පෝෂණය කිරීම පලිබෝධ සහිතය. දරුවන්. අපට දෙනු මැනවි. අපි පෝෂණය කරන්නෙමු. නුඹවහන්සේ තපස්කම් කළ මැනව. තවුසා මැනවැයි පිළිගත්ය. ගොපල්ලෝ දෙවන දවස් මග සමතලා කොට, මල් විසුරුවා, ධජ පතාක ඔසවා තුර්ය වාදනයෙන් යුක්තව ආශ්රමයට ආවාහුය. තවුස් තෙම මොව්හු මහා පින්වත් දරුවෝය. අප්‍රමාදයෙන් වර්ධනය කරවු. හොඳින් වඩා ඔවුනොවුන් ආවාහ කරවු. පස්ගෝරසයෙන් රජු සතුටට පත්කොට සුදුසු බිමක් ගෙන නුවරක් කරවු. එහි කුමාරයා අභිෂේක කරවු යයි (ගොපල්ලන්ට) කියා දරුවන් දුන්නේය. ඔව්හූ මැනවැයි පිළිගෙන දරුවන් ගෙනගොස් පෝෂණය කළහ.
දාරකා වුද්ධිමන්වාය කීළන්තා විවාදට්ඨානෙසු අඤ්ඤෙ ගොපාලකදාරකෙ හත්ථෙනපි පාදෙනපි පහරන්ති. තෙ රොදන්ති. “කිස්ස රොදථා”ති ච මාතාපිතූහි වුත්තා “ඉමෙ නිම්මාතාපිතිකා තාපසපොසිතා අම්හෙ අතිපහරන්තී”ති වදන්ති. තතො තෙසං මාතාපිතරො “ඉමෙ දාරකා අඤ්ඤෙ දාරකෙ විනාසෙන්ති දුක්ඛාපෙන්ති, න ඉමෙ සඞ්ගහෙතබ්බා, වජ්ජෙතබ්බා ඉමෙ”ති ආහංසු. තතො පභුති කිර සො පදෙසො වජ්ජීති වුච්චති යොජනසතිකො පරිමාණෙන.
දරුවෝ වැඩීමට පැමිණ ක්‍රීඩා කරන්නාහු, යම් යම් ප්රශ්නවල දී අනෙක් ගොපලු දරුවන්ට අතින් ද පයින් ද පහර දෙති. ඔව්හූ හඬති. හඬන්නේ මන්දැයි දෙමාපියන් විචාල කල්හි මේ මව්පියන් නැති තවුසා හැදු වැඩු (ළමයින්) අපට පහර දෙතී යි කියත්. ඉක්බිති ඔවුන්ගේ මව්පියෝ ‘මේ අනුන්ගේ දරුවෝ ය. අපේ දරුවන් පිටස්තර දරුවන්ගෙන් විනාශයට පත්වෙතියි දුවෙති. මොවුන්ට සංග්‍රහ නොකළ යුතුය. මොවුන් වර්ජනය කළ යුතුයයි’ කීවාහුය. එතැන් පටන් යොදුන් සියයක් පමණ වූ ඒ පෙදෙස ‘වජ්ජි’ යයි කියයි.
අථ තං පදෙසං ගොපාලකා රාජානං තොසෙත්වා අග්ගහෙසුං. තත්ථ ච නගරං මාපෙත්වා සොළසවස්සුද්දෙසිකං කුමාරං අභිසිඤ්චිත්වා රාජානං අකංසු. තාය චස්ස දාරිකාය සද්ධිං විවාහං කත්වා කතිකං අකංසු “බාහිරකදාරිකා න ආනෙතබ්බා, ඉතො දාරිකා න කස්සචි දාතබ්බා”ති. තෙසං පඨමසංවාසෙන ද්වෙ දාරකා ජාතා ධීතා ච පුත්තො ච. එවං සොළසක්ඛත්තුං ද්වෙ ද්වෙ ජාතා. තතො තෙසං දාරකානං යථාක්කමං වඩ්ඪන්තානං ආරාමුය්යානනිවාසට්ඨානපරිවාරසම්පත්තිං ගහෙතුං අප්පහොන්තා නගරං තික්ඛත්තුං ගාවුතන්තරෙන ගාවුතන්තරෙන පරික්ඛිපිංසු. තස්ස පුනප්පුනං විසාලීකතත්තා වෙසාලීත්වෙව නාමං ජාතං. තෙන වුත්තං “වෙසාලියන්ති එවං නාමකෙ නගරෙ”ති.
ඉක්බිති ගොපල්ලෝ ඒ ප්‍රදේශය රජුන් සතුටට පත්කොට ලබාගත්හ. එහි නුවරක් කරවා සොළොස් වයස් වූ කුමරු අභිෂේක කරවා, රජ කළහ. එම වයම්සේ වූ දැරිය සමග විවාහ කොට, ‘බැහැරින් දැරියක් නො කැඳවන ලෙසට ද, මෙයින් දැරියක් කිසිවෙකුට පිටතට නොදෙන ලෙසට ද සම්මත කළහ. ඔවුන්ගේ පළමු සංවාසයෙන් දුවක් ද පුතෙක්දැයි දරුවෝ දෙදෙනෙක් වූහ. මෙසේ සොළොස්වරක් දෙදෙනා බැගින් උපන්නහ. ඉක්බිති අනුක්රමයෙන් වැඩෙන්නා වූ, (දරුවන්ට අවශ්‍ය) පිරිවර සම්පතට අවශ්‍ය ආරාම උයන් ගෙවතු නිවාස ආදිය සැපයීමට තුන්වරක් ගව්වෙන් ගව්ව පුළුල් (විශාල) කළාහ. නැවත නැවතත් විශාල වන බැවින් වෙසාලි’ යයි නම් විය. එයින් කියන ලදී. වෙසාලියං යනු එනම් නගරයයි.
බහිනගරෙති නගරස්ස බහි, න අම්බපාලිවනං විය අන්තොනගරස්මිං. අයං පන ජීවකම්බවනං විය නගරස්ස බහිද්ධා වනසණ්ඩො. තෙන වුත්තං “බහිනගරෙ”ති. අපරපුරෙති පුරස්ස අපරෙ, පච්ඡිමදිසායන්ති අත්ථො. වනසණ්ඩෙති සො කිර වනසණ්ඩො නගරස්ස පච්ඡිමදිසායං ගාවුතමත්තෙ ඨානෙ. තත්ථ මනුස්සා භගවතො ගන්ධකුටිං කත්වා තං පරිවාරෙත්වා භික්ඛූනං රත්තිට්ඨානදිවාට්ඨානචඞ්කමලෙණකුටිමණ්ඩපාදීනි පතිට්ඨපෙසුං, භගවා තත්ථ විහරති. තෙන වුත්තං “අපරපුරෙ වනසණ්ඩෙ”ති.
බහිනගරෙ නගරයෙන් පිටත, අම්බපාලි වනය මෙන් ඇතුළු නගරයෙහි නොවේ. මෙය වූ කලී ජීවක අඹ වනය මෙන් නගරයෙන් පිටත වූ වනලැහැබෙකි. එහෙයින් කීහ. බහිනගරෙකි පිටත නගරය, අවරපුරෙ පුරයේ අවරයෙහි, බටහිර දිසාවෙහි යන අර්ථයි. වනසණ්ඩෙ ඒ වනලැහැබ නගරයෙන් බටහිර දිසාවේ ගව්වක් පමණ දුරිනි. එහි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක් කොට එය පිරිවරා භික්ෂූන් සඳහා රාත්රිස්ථාන, දිවාස්ථාන, සක්මන්මළු, ලෙන්, කුටි, මණ්ඩප ආදිය ඉදිකළහ. භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරන සේක. අවරපුරෙ වනසණ්ඩෙ යන්න එහෙයින් කියන ලදී.
සුනක්ඛත්තොති තස්ස නාමං. ලිච්ඡවීනං පන පුත්තත්තා ලිච්ඡවිපුත්තොති වුත්තො. අචිරපක්කන්තොති විබ්භමිත්වා ගිහිභාවූපගමනෙන අධුනාපක්කන්තො. පරිසතීති පරිසමජ්ඣෙ. උත්තරිමනුස්සධම්මාති එත්ථ මනුස්සධම්මා නාම දසකුසලකම්මපථා. තෙ පටිසෙධෙතුං න සක්කොති. කස්මා? උපාරම්භභයා. වෙසාලියඤ්හි බහූ මනුස්සා රතනත්තයෙ පසන්නා බුද්ධමාමකා ධම්මමාමකා සඞ්ඝමාමකා. තෙ දසකුසලකම්මපථමත්තම්පි නත්ථි සමණස්ස ගොතමස්සාති වුත්තෙ ත්වං කත්ථ භගවන්තං පාණං හනන්තං අද්දස, කත්ථ අදින්නං ආදියන්තන්තිආදීනි වත්වා අත්තනො පමාණං න ජානාසි? කිං දන්තා මෙ අත්ථීති පාසාණසක්ඛරා ඛාදසි, අහිනඞ්ගුට්ඨෙ ගණ්හිතුං වායමසි, කකචදන්තෙසු පුප්ඵාවළිකං කීළිතුං ඉච්ඡසි? මුඛතො තෙ දන්තෙ පාතෙස්සාමාති වදෙය්යුං. සො තෙසං උපාරම්භභයා එවං වත්තුං න සක්කොති.
සුනක්ඛත්තො යනු ඔහුගේ නමයි. ලිච්ඡවි රජුගේ පුත්‍ර වූ බැවින් ලිච්ඡවි පුත්තො යි කියයි. අචිරපක්කන්තො සිවුරු හැර ගිහි බවට පැමිණීමෙන් අලුත නික්ම ගියේ, පරිසති, පිරිස් මැද, උත්තරි මනුස්ස ධම්මා මෙහි මනුෂ්‍ය ධර්ම නම් දශකුසල කර්මපථයෝය. එය වැලැක්වීමට ප්‍රතික්ෂේප කිරීමට නො හැක්කේය. කවර හෙයින් ද? දෝෂාරෝපණ බියෙනි. විසාලා නුවර බොහෝ මිනිස්සු රත්නත්‍රයෙහි පැහැදුනේ බුදුන් කෙරෙහි මමත්වය, සඟුන් කෙරෙහි මමත්වය, ඇත්තාහුය. ඔව්හූ දශකුශල මාත්‍රයකුදු ශ්‍රමණ ගෞතමයන්ට නැතැයි කී කල්හි, ඔබ කොතැන්හිදී භාග්‍යවත්හු සතුන්ගේ දිවි තොරකරනු දුටුවෙහිද? නුදුන් දෙය ගන්නා වූ භාග්‍යවතුන් කොතැනදී දුටුවෙහිද? ආදිය කියා, තමාගේ පමණ නො දන්නෙහි? කිම මට දත් ඇත්තේ යයි කියා ගල්බොරළු කන්නෙහිද? සර්පයකුගේ නගුට කසන්නට වෑයම් කරයිද? කියති. දත්වල මල්දමක් යයි සිතා ක්‍රීඩා කරන්නට කැමැත්තෙහිද? ඔබගේ කටින් දත් හෙලන්නෙමු යයි කියන්නාහුය. දෝෂාරෝපණ භීතියෙන් මෙසේ කියන්නට ඔහුට නොහැකි වෙයි.
වෙසාලිනගරවණ්ණනා නිට්ඨිතා.
උත්තරිමනුස්සධම්මාදිවණ්ණනා
උත්තරිමනුස්සධම්මාදිවණ්ණනා
තතො උත්තරිං පන විසෙසාධිගමං පටිසෙධෙන්තො උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසොති ආහ.
එසේ වුවත් එයින් මත්තෙහි (සමථ විදර්ශනා ආදී) විශේෂ අධිගමය වලකන්නේ, උත්තරි මනුස්ස ධම්ම අලමරියඤාණ දස්සන විසෙසො යි කීය.
තත්ථ අලමරියං ඤාතුන්ති අලමරියො, අරියභාවාය සමත්ථොති වුත්තං හොති. ඤාණදස්සනමෙව ඤාණදස්සනවිසෙසො. අලමරියො ච සො ඤාණදස්සනවිසෙසො චාති අලමරියඤාණදස්සනවිසෙසො. ඤාණදස්සනන්ති දිබ්බචක්ඛුපි විපස්සනාපි මග්ගොපි ඵලම්පි පච්චවෙක්ඛණඤාණම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි වුච්චති. “අප්පමත්තො සමානො ඤාණදස්සනං ආරාධෙතී”ති (ම· නි· 1.311) හි එත්ථ දිබ්බචක්ඛු ඤාණදස්සනං නාම. “ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙතී”ති (දී· නි· 1.235) එත්ථ විපස්සනාඤාණං. “අභබ්බා තෙ ඤාණදස්සනාය අනුත්තරාය සම්බොධායා”ති (අ· නි· 4.196) එත්ථ මග්ගො. “අයමඤ්ඤො උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසු විහාරො”ති (ම· නි· 1.328) එත්ථ ඵලං. “ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො”ති (මහාව· 16) එත්ථ පච්චවෙක්ඛණඤාණං. “ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි සත්තාහකාලඞ්කතො ආළාරො කාළාමො”ති (ම· නි· 2.340) එත්ථ සබ්බඤ්ඤුතඤ්ඤාණං. ඉධ පන ලොකුත්තරමග්ගො අධිප්පෙතො. තඤ්හි සො භගවතො පටිසෙධෙති.
එහි ආර්යයෙකු කරන්නට ප්‍රමාණවත් යයි ‘අලමරිය’ නමි. ආර්ය භාවයට සමර්ථයයි කියන ලද්දේය. ඥාන දර්ශනයම ඥාන දර්ශන වෙයි. අලමරිය වූයේත් ඤාණ දර්ශන වූයේත් එමනුයි අලමරියඤාණ දස්සන විසෙසො වෙයි. ඤාණදස්සනං යනු දිවැස ද විදර්ශනාවද, මාර්ගයද, ඵලයද, ප්රත්යවේක්ෂා ඤාණය ද, සර්වඥතා ඤාණය ද වේ. ‘අප්පමත්තො සමානො ඤාණ දස්සනං ආරාධෙති යන මෙහි දිවැස ම ඤාණදර්ශන නමි. ‘ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභින්නාමෙති’ යන මෙහි විදර්ශනා ඤාණයයි. ‘අභබ්බා තෙ ඤාණ දස්සනාය අනුත්තරාය සම්බොධාය’ යන තන්හි මාර්ගයයි. ‘අයමඤ්ඤො උත්තරි මනුස්ස ධම්ම අලමරිය ඤාණ දස්සන විසෙසො අධිගතො ඵාසු විහාරො’ යන මෙහි ඵලයයි. ‘ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවො’ මෙහි ප්රත්යවේක්ෂා ඤාණයයි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි. සත්තාහ කාලකතො ආළාරො කාලා මො’ යන මෙහි සර්වඥතා ඥානයයි. මෙහි වූ කලී ලෝකෝත්තර මාර්ගය අදහස් කරන ලදී. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ඒ මාර්ගය ප්‍රතික්ෂේප කිරීම කරයි.
තක්කපරියාහතන්ති ඉමිනා ආචරියං පටිබාහති. එවං කිරස්ස අහොසි – සමණෙන ගොතමෙන ආචරියෙ උපසඞ්කමිත්වා සුඛුමං ධම්මන්තරං ගහිතං නාම නත්ථි, තක්කපරියාහතං පන තක්කෙත්වා එවං භවිස්සති එවං භවිස්සතීති තක්කපරියාහතං ධම්මං දෙසෙතීති. වීමංසානුචරිතන්ති ඉමිනා චස්ස ලොකියපඤ්ඤං අනුජානාති. සමණො ගොතමො පඤ්ඤවා, සො තං පඤ්ඤාසඞ්ඛාතං ඉන්දවජිරූපමං වීමංසං එවං වට්ටිස්සති, එවං වට්ටිස්සතීති ඉතො චිතො ච අනුචරාපෙත්වා වීමංසාය අනුචරිතං ධම්මං දෙසෙති. සයංපටිභානන්ති ඉමිනාස්ස ධම්මෙසු පච්චක්ඛභාවං පටිබාහති. එවං හිස්ස අහොසි – සමණස්ස ගොතමස්ස සුඛුමං ධම්මන්තරං විපස්සනා වා මග්ගො වා ඵලං වා පච්චවෙක්ඛණා වා නත්ථි, අයං පන ලද්ධපරිසො, රාජානං චක්කවත්තිං විය නං චත්තාරො වණ්ණා පරිවාරෙන්ති, සුඵුසිතං පනස්ස දන්තාවරණං, මුදුකා ජිව්හා, මධුරො සරො, අනෙලගළා වාචා, සො යං යදෙවස්ස උපට්ඨාති, තං තං ගහෙත්වා සයංපටිභානං කථෙන්තො මහාජනං රඤ්ජෙතීති.
තත්තපරියාහතනති යන මෙයින් ආචාර්යවරයා වළක්වයි. ඔහුට මෙබඳු සිතක් වීල. ‘ශ්‍රමණ ගෞතමයන් ගුරුවරුන් වෙත එළඹ මනාකොට උගත් ධර්මාන්තරයක් නැත. තර්කකොට විතර්ක කොට මෙසේ වන්නේය මෙසේ වන්නේ යයි ඒ ඒ තත්ත්වයන් අනුව විතර්කයෙන් ගන්නා ලද්දක් කොට දහම් දෙසයි. විමංසානුචරිතං යනු මෙයින් උන්වහන්සේගේ ලෞකික ප්‍රඥාව ප්‍රකට කෙරෙයි. ශ්‍රමණ ගෞතමයෝ ප්‍රඥා ඇත්තෙකි. හෙතෙම ඒ ප්‍රඥා සංඛ්‍යාත වූ ඉන්දියාගේ සිළුමිණ බඳු වූ වීමංසාවම මෙසේ වටනේය මෙසේ වටනේය යි, ඔබමොබ හසුරුවා වීමංසාවෙන් හසුරුවන ලද ධර්මය දේශනා කරයි. සයංපටිභානං මෙයින් මේ බුද්ධ ධර්මයන්හි ප්රත්යක්ෂභාවය වළක්වයි. ඔහුට මෙසේ අදහසක් ඇති විය. ශ්‍රමණ ගෞතමයන්ට සියුම් ධර්මාන්තරයක් විදර්ශනා මාර්ගයක් ඵලයක්, ප්රත්යක්ෂ වූවක් නම් නැත. එතකුදු වුවත් මෙතෙම ලද පිරිස් ඇත්තේය. සක්විති රජෙකු මෙන් සිව්වණක් පිරිස පිරිවරා සිටිත්. ඔහුගේ දෙතොළ මනාකොට පහස් ඇත්තේය. දිව මොළොක්ය. හඬ මිහිරිය. වචනය නිවැරදිය. ඔහුට යමක් යමක් වැටහේද? ඒ ඒ කරුණ ගෙන තමන්ට වැටහුණු කථාව කියමින් හේ මහජනයා සතුටු කරයි.
යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතොති යස්ස ච ඛො අත්ථාය අස්ස ධම්මො දෙසිතො. සෙය්යථිදං, රාගපටිඝාතත්ථාය අසුභකම්මට්ඨානං, දොසප්පටිඝාතත්ථාය මෙත්තාභාවනා, මොහපටිඝාතත්ථාය පඤ්ච ධම්මා, විතක්කූපච්ඡෙදාය ආනාපානස්සති.
යස්සච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො යම් කරුණක් සඳහා ඔහු විසින් ධර්මය දේශනා කරත්ද? රාගය නැසීම පිණිස අශුභ කර්මස්ථානය ය, ද්වේෂය නැසීම සඳහා මෛත්‍රී භාවනාමය. මෝහය නැසීම සඳහා පංච ධර්මයෝ ය. විතර්කය නැසීම සඳහා ආනාපාන සතියය.
සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති සො ධම්මො යො තං යථාදෙසිතං කරොති, තස්ස තක්කරස්ස සම්මා හෙතුනා නයෙන කාරණෙන වට්ටදුක්ඛක්ඛයාය නිය්යාති ගච්ඡති තමත්ථං සාධෙතීති දීපෙති.
සො නීය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය ඒ ධර්මය මනාකොට පිළිපදින්නහු හේතු වශයෙන්, නය වශයෙන් කරුණු වශයෙන් සංසාර දුකින් මිදීමට පැමිණෙයි. ඒ ධර්මය ඒ අර්ථය සිද්ධ කෙරේ යයි දක්වයි.
ඉදං පනෙස න අත්තනො අජ්ඣාසයෙන වදති. බුද්ධානඤ්හි ධම්මො අනිය්යානිකොති එවමෙවං පවෙදෙය්ය, න පන සක්කොති වත්තුං. කස්මා? උපාරම්භභයා. වෙසාලියඤ්හි බහූ සොතාපන්න-සකදාගාමි-අනාගාමිඋපාසකා. තෙ එවං වදෙය්යුං “සුනක්ඛත්ත ත්වං භගවතා දෙසිතධම්මො අනිය්යානිකොති වදසි, යදි අයං ධම්මො අනිය්යානිකො, ඉමස්මිං නගරෙ ඉමෙ කස්මා එත්තකා සොතාපන්නා ජාතා, එත්තකා සකදාගාමී, එත්තකා අනාගාමීති පුබ්බෙ වුත්තනයෙන උපාරම්භං කරෙය්යු”න්ති. සො ඉමිනා උපාරම්භභයෙන අනිය්යානිකොති වත්තුං අසක්කොන්තො අජ්ජුනෙන විස්සට්ඨකණ්ඩං විය අස්ස ධම්මො අමොඝො නිය්යාති, අබ්භන්තරෙ පනස්ස කිඤ්චි නත්ථීති වදති.
මෙය වනාහි තමාගේ අදහස් වශයෙන් හෙතෙම නො කියයි. බුදුවරුන්ගේ ධර්මය අනෛර්යාණිකයයි හෙතෙමේ කියන්නේ ද? එසේ වුවත් කියන්ට අසමර්ථ වේද, ඒ කුමක් හෙයින් ද? දෝෂාරෝපණ භීතියෙනි. විසාලා මහනුවර සෝවාන් වූ සකෘදාගාමී වූ අනාගාමි වූ බොහෝ උපාසක උපාසිකාවෝ වෙති. ඔව්හූ මෙසේ කියති. සුනක්ඛත්තය! ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනෛර්යානික යයි කීයෙහි. ඉදින් මේ ධර්මය අනෛර්යානික වූයේ නම් මේ නගරයේ මෙතෙක් ජනයෝ කෙසේ සෝවාන් වූවාහුද? මෙතෙක් කෙසේ සකෘදාගාමී වූවහුද? මෙතෙක් කෙසේ අනාගාමී වූවහුද? මේ ආදී ක්‍රමයෙන් දෝෂාරෝපණය කරන්නාහු යයි, දෝෂාරෝපණ භීතියෙන් අනෛර්යාණික යයි කියන්නට නොහැකි වන්නේ අර්ජුන විසින් විදින ලද ඊතලයක් සෙයින් ඔහුගේ ධර්මය නොසිස් වූයේ නිවන් පිණිස ජනයා පැමිණෙති. එසේ වුව ද ඔහුගේ අභ්‍යන්තරයෙහි කිසිවක් නැතැයි කියයි.
අස්සොසි ඛොති වෙසාලියං බ්රාහ්මණකුලසෙට්ඨිකුලාදීසු තත්ථ තත්ථ පරිසමජ්ඣෙ එවං භාසමානස්ස තං වචනං සුණි, න පන පටිසෙධෙසි. කස්මා? කාරුඤ්ඤතාය. එවං කිරස්ස අහොසි අයං කුද්ධො ඣායමානං වෙළුවනං විය පක්ඛිත්තලොණං උද්ධනං විය ච කොධවසෙන පටපටායති, මයා පටිබාහිතො පන මයිපි ආඝාතං බන්ධිස්සති, එවමස්ස තථාගතෙ ච මයි චාති ද්වීසු ජනෙසු ආඝාතො අතිභාරියො භවිස්සතීති කාරුඤ්ඤතාය න පටිසෙධෙසි. අපි චස්ස එවං අහොසි, බුද්ධානං අවණ්ණකථනං නාම පුණ්ණචන්දෙ දොසාරොපනසදිසං, කො ඉමස්ස කථං ගණ්හිස්සති? සයමෙව ඛෙළෙ පච්ඡින්නෙ මුඛෙ සුක්ඛෙ ඔරමිස්සතීති ඉමිනා කාරණෙන න පටිසෙධෙසි. පිණ්ඩපාතපටික්කන්තොති පිණ්ඩපාතපරියෙසනතො අපගතො.
අස්සොසි ඛො විසාලාවෙහි බමුණු කුල සිටු කුල ආදී පිරිස් මැද තැන් තැන්වල මෙසේ කියන්නවුන්ගේ ඒ වචනය ඇසී, එසේ වුවත් නො වැළකීය. කුමක් හෙයින් ද? කරුණාව නිසාය. උන්වහන්සේට මෙසේ සිතිණ. මේ තෙමේ කිපියේ දැවෙන්නා වූ හුණ වනයක් මෙන්, උදුනට ලුණු දැමූ කලක මෙන් ද, ක්‍රෝධයෙන් පිපිරෙයි. මා විසින් වළකන ලද්දේ මා කෙරෙහි ද වෛර බඳින්නේ ය. මෙසේ ඔහුගේ තථාගතයන් කෙරෙහිද, මා කෙරෙහි ද, දෙදෙනා කෙරෙහිම ආඝාතය බඳින අතර එය ඉතා බර වන්නේයයි කරුණාබර බැවින් නො වැළකීය. බුදුවරුන් පිළිබඳව නුගුණ කථා නම් පුන්සඳට බැනීමක් වැනිය. කවරෙක් මොහුගේ කථා අදහයිද? තමාගේ කෙළ සිඳුන කල්හි මුව වියලුනු කල්හි නවත්වනු ඇත. මේ කරුණෙන් ද නොවැළකීය. පිණ්ඩපාත පටික්කන්තො පිණ්ඩපාතය සෙවීමෙන් වෙන්වූයේ,
කොධනොති චණ්ඩො ඵරුසො. මොඝපුරිසොති තුච්ඡපුරිසො. යස්ස හි තස්මිං අත්තභාවෙ මග්ගඵලානං උපනිස්සයො නත්ථි, තං බුද්ධා “මොඝපුරිසො”ති වදන්ති. උපනිස්සයෙ සතිපි තස්මිං ඛණෙ මග්ගෙ වා ඵලෙ වා අසති “මොඝපුරිසො”ති වදන්තියෙව. ඉමස්ස පන තස්මිං අත්තභාවෙ මග්ගඵලානං උපනිස්සයො සමුච්ඡින්නොයෙව, තෙන තං “මොඝපුරිසො”ති ආහ. කොධා ච පනස්ස එසා වාචා භාසිතාති එසා ච පනස්ස වාචා කොධෙන භාසිතා.
කොධනො සැඩ වූයේ, ඵරුෂ වූයේ, මොඝ පුරිසො හිස් පුරුෂයා, ඒ එසේ ය යමෙකුට එම ආත්මභාවයෙහිදී ම මාර්ගඵල ලැබීමට හේතු සම්පත් නැත්ද? ඔහු මෝඝ පුරුෂයෙකියි බුදුවරු පවසත්. හේතු සම්පත් ඇතිකල්හිදු එකෙණෙහි මාර්ගයක් හෝ ඵලයක් හෝ නැත්තේ නම් ඔහුට ද ‘හිස් මිනිසා’ යයි කියති. මේ පුද්ගලයාට වනාහි මේ ආත්මයේම මගඵල ලබන්නට හේතුසම්පත් තිබියදීම කවර හෙයකින් මෝසපුරිස යයි කීයේද, කොධා ච පනස්ස එසා වාචා තාසිතා ඔහුගේ සිතේ ඇති ක්‍රෝධය නිසාම මේ වචන කියන ලදී.
කස්මා පනෙස භගවතො කුද්ධොති? අයඤ්හි පුබ්බෙ භගවන්තං උපසඞ්කමිත්වා දිබ්බචක්ඛුපරිකම්මං පුච්ඡි. අථස්ස භගවා කථෙසි. සො දිබ්බචක්ඛුං නිබ්බත්තෙත්වා ආලොකං වඩ්ඪෙත්වා දෙවලොකෙ ඔලොකෙන්තො නන්දනවනචිත්තලතාවනඵාරුසකවනමිස්සකවනෙසු දිබ්බසම්පත්තිං අනුභවමානෙ දෙවපුත්තෙ ච දෙවධීතරො ච දිස්වා එතෙසං එවරූපාය අත්තභාවසම්පත්තියා ඨිතානං කීවමධුරො නු ඛො සද්දො භවිස්සතීති සද්දං සොතුකාමො හුත්වා දසබලං උපසඞ්කමිත්වා දිබ්බසොතධාතුපරිකම්මං පුච්ඡි. භගවා පනස්ස දිබ්බසොතධාතුයා උපනිස්සයො නත්ථීති ඤත්වා පරිකම්මං න කථෙසි. න හි බුද්ධා උපනිස්සයවිරහිත තස්ස පරිකම්මං කථෙන්ති. සො භගවති ආඝාතං බන්ධිත්වා චින්තෙසි “අහං සමණං ගොතමං පඨමං දිබ්බචක්ඛුපරිකම්මං පුච්ඡිං, සො ‘මය්හං තං සම්පජ්ජතු වා මා වා සම්පජ්ජතූ’ති කථෙසි. අහං පන පච්චත්තපුරිසකාරෙන තං නිබ්බත්තෙත්වා දිබ්බසොතධාතුපරිකම්මං පුච්ඡිං, තං මෙ න කථෙසි. අද්ධාස්ස එවං හොති ‘අයං රාජපබ්බජිතො දිබ්බචක්ඛුඤාණං නිබ්බත්තෙත්වා දිබ්බසොතධාතුඤාණං නිබ්බත්තෙත්වා චෙතොපරියඤාණං නිබ්බත්තෙත්වා ආසවානං ඛයඤාණං නිබ්බත්තෙත්වා මයා සමසමො භවිස්සතී’ති ඉස්සාමච්ඡරියවසෙන මය්හං න කථෙතී”ති. භිය්‍යොසො ආඝාතං බන්ධිත්වා කාසායානි ඡඩ්ඩෙත්වා ගිහිභාවං පත්වාපි න තුණ්හීභූතො විචරති. දසබලං පන අසතා තුච්ඡෙන අබ්භාචික්ඛන්තො විචරති. තෙනාහ භගවා “කොධා ච පනස්ස එසා වාචා භාසිතා”ති.
කවර හෙයකින් මෙතෙම භාග්‍යවතුන් වහන්සේට කිපියේද? මෙතෙම මෙයට කලින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දිවැස් පිළිබඳ පිළියම් විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට වදාළ සේක. හෙතෙම දිවැස් උපදවා දෙව්ලොව නන්දන උයන, චිත්‍රලතා වනය, ඵාරුසක වන, මිශ්‍රක වන ආදියෙහි දිවසැපත් විඳින දෙව් පුතුන් ද දෙව් දූවරුන් ද, දැක මෙවැනි ආත්මභාවයක සිටින මොවුන්ගේ හඬ කොපමණ මිහිරිදැයි සිතන්නේ, ශබ්දය ඇසීම සඳහා දිවකන් ලබාගැනීම සඳහා අවශ්‍ය පිළියම්, දසබලධාරීන් වහන්සේ වෙත පැමිණ විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට දිවකන් ලැබීමට හේතුවාසනා නැති බව දැන පිළියම් නො වදාළහ. බුදුවරයෝ යමෙකුට (යමක් සඳහා) හේතුවාසනා නැත්නම් එය නොවදාරති. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ආඝාත බැඳ සිතීය. මම පළමුව ශ්‍රමණ ගෞතමයන්ගෙන් දිවැස් සඳහා පිළියම් විචාළෙමි. හෙතෙම මට එය සමෘද්ධ වේවා හෝ නොවේවා හෝ කීයේය. මම ආත්ම ශක්තියෙන් එය උපදවා, දෙවනුව දිවකන් ලැබීමට පිළියම් විචාළෙමි. එය මට නොකීයේය. ඒකාන්තයෙන් ඔහුට (මෙසේ) සිතිණ. මෙතෙම රජකුලයෙන් පැවිදි විය. මොහු දිවැස් උපදවා, දිවකන් උපදවා, චේතොපරිය ඤාණය උපදවා, ආශ්‍රවයන් ක්ෂය කිරීමේ නුවණ උපදවා, මා හා සම සමයෙක් වන්නේ යයි ඊර්ෂ්‍යාවෙන් මසුරුබවින් මට නොකීයේය. හෙතෙම බොහෝ සෙයින් ආඝාත බැඳ කසාවත් හැර, ගිහි බවට පැමිණ ද නිශ්ශබ්දව නොසිටියි. දශබලධාරීන් වහන්සේට හිස් වචනයෙන්, අසත්‍යයෙන් බොරු දෝෂාරෝපණ කෙරෙමින් හැසිරෙයි. කොධාච පනස්ස එසා වාචා භාසිතාති ක්‍රෝධය නිසා මේ දෝෂාරෝපණය කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
වණ්ණො හෙසො, සාරිපුත්තාති, සාරිපුත්ත, තථාගතෙන සතසහස්සකප්පාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි පාරමියො පූරෙන්තෙන එතදත්ථමෙව වායාමො කතො “දෙසනාධම්මො මෙ නිය්යානිකො භවිස්සතී”ති. තස්මා යො එවං වදෙය්ය, සො වණ්ණංයෙව තථාගතස්ස භාසති. වණ්ණො හෙසො, සාරිපුත්ත, තථාගතස්ස ගුණො එසො තථාගතස්ස, න අගුණොති දස්සෙති.
වණ්ණො හෙසො සාරිපුත්තො ශාරිපුත්‍රය, කල්ප ලක්ෂයක් අධික කොට ඇති සිව් අසංඛ්‍යයක් පෙරුම් පුරන්නා වූ තථාගතයන් විසින් ‘මාගේ මේ දේශනා ධර්මය නෛර්යාණික වන්නේ’ මේ සඳහාම උත්සාහ කරන ලද්දේය. එහෙයින් යමෙක් මෙසේ කියන්නේ ද, ඔහු තථාගත ගුණයම කියන්නේය. ශාරිපුත්‍රය, මේ තථාගතයන්ගේ ගුණයමය. අගුණයක් නම් නොවේ යයි දැක්වීය.
අයම්පි හි නාම සාරිපුත්තාතිආදිනා කිං දස්සෙති? සුනක්ඛත්තෙන පටිසිද්ධස්ස උත්තරිමනුස්සධම්මස්ස අත්තනි අත්ථිතං දස්සෙති. භගවා කිර අයං, සාරිපුත්ත, සුනක්ඛත්තො මොඝපුරිසො නත්ථි තථාගතස්ස උත්තරිමනුස්සධම්මොති වදති. මය්හඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණං නාම අත්ථි, ඉද්ධිවිධඤාණං නාම අත්ථි, දිබ්බසොතධාතුඤාණං නාම අත්ථි, චෙතොපරියඤාණං නාම අත්ථි, දසබලඤාණං නාම අත්ථි, චතුවෙසාරජ්ජඤාණං නාම අත්ථි, අට්ඨසු පරිසාසු අකම්පනඤාණං නාම අත්ථි, චතුයොනිපරිච්ඡෙදකඤාණං නාම අත්ථි, පඤ්චගතිපරිච්ඡෙදකඤාණං නාම අත්ථි, සබ්බෙපි චෙතෙ උත්තරිමනුස්සධම්මායෙව. එවරූපෙසු උත්තරිමනුස්සධම්මෙසු එකස්සාපි විජානනසමත්ථං ධම්මන්වයමත්තම්පි නාම එතස්ස මොඝපුරිසස්ස න භවිස්සතීති එතමත්ථං දස්සෙතුං අයම්පි හි නාම සාරිපුත්තාතිආදිනා නයෙන ඉමං දෙසනං ආරභි.
අයම්පි හි නාම සාරිපුත්ත යනාදිය කුමක් දක්වත්ද? සුනක්ඛත්ත විසින් ප්‍රතික්ෂේප කරන ලද උතුරු මිනිස් දම් තමන් වහන්සේ කෙරෙහි ඇති බව දක්වයි. බලන්න ශාරිපුත්‍රය, සුනක්ඛත්ත නම් හිස් මිනිසා තථාගතයන්ට මනුෂ්‍යත්වය ඉක්ම වූ ධර්ම නැතැයි කියයි. එහෙත් මට සර්වඥතා ඥානය ඇත. සෘද්ධිවිධ ඤාණය ඇත. දිව්‍යශ්‍රෝත ධාතු ඤාණය ඇත. චේතෝපරිය ඤාණය ඇත. දශබල ඤාණය ඇත. චතුර් වෛශාරද්‍ය ඤාණය ඇත. අට පිරිස්හි කම්පා නොවන ඤාණය ඇත. සතර උත්පත්තීන් පිළිබඳ පිරිසිඳ දැනීමේ ඤාණය ඇත. පංචගති පිළිබඳ පිරිසිඳ දැනීමේ ඤාණය ඇත. උත්තරී මනුස්ස ධර්ම (මනුෂ්‍යත්වය ඉක්ම වූ) ධර්ම නම් මේවාමයි. මේ උතුරු මිනිස්දම් අතුරෙන් එකක් පිළිබඳව වත් දැනගැනීමේ සමත්කමක් මේ හිස් පුරුෂයාට නැත්තේමය. මේ කාරණය දැක්වීම සඳහා අයම්හි හි නාම සාරිපුත්තා යනාදී ක්‍රමයෙන් මේ දේශනාව ආරම්භ කළේය.
තත්ථ අන්වෙතීති අන්වයො, ජානාති, අනුබුජ්ඣතීති අත්ථො. ධම්මස්ස අන්වයො ධම්මන්වයො, තං තං සබ්බඤ්ඤුතඤ්ඤාණාදිධම්මං ජානනපඤ්ඤායෙතං අධිවචනං. “ඉතිපි සො භගවා”තිආදීහි එවරූපම්පි නාම මය්හං සබ්බඤ්ඤුතඤ්ඤාණසඞ්ඛාතං උත්තරිමනුස්සධම්මං විජ්ජමානමෙව අත්ථීති ජානිතුං තස්ස මොඝපුරිසස්ස ධම්මන්වයොපි න භවිස්සතීති දස්සෙති. ඉද්ධිවිධඤාණාදීසුපි එවං යොජනා වෙදිතබ්බා.
එහි ‘අන්වෙතීති අන්වයො’ දැනගනී. අවබෝධ කෙරේ යන තේරුමයි. ‘ධම්මස්ස අන්වයො’ ධර්මය දැනගැනීම ධර්මන්වයයි. ඒ සර්වඥතා ඥානය ආදී ධර්මයන් දත් ප්‍රඥාවට නමකි. ඉතිපිසො භගවා යනාදියෙන් මෙබඳු වූ සර්වඥතා ඥාන ආදී වූ මනුෂ්‍යත්වය ඉක්මවූ ධර්මයන් (උතුරු මිනිස්දම්) ඇතැයි දැන ගැනීමට ඒ හිස් පුරුෂයාට ධර්මන්වයක් ධර්මාවබෝධයක් නැත්තේම යයි දැක්වීය. ඍද්ධිවිධඥාන ආදියෙහි ද මේ ආකාරයෙන් ම දතයුතුයි.
උත්තරිමනුස්සධම්මාදිවණ්ණනා නිට්ඨිතා.