යෙදුමෙන් කියවන්න

දසබලඤාණාදිවණ‍්ණනා අට‍්ඨකථා

දසබලඤාණාදිවණ‍්ණනා

දසබලඤාණාදිවණ්ණනා

එත්‍ථ ච කිඤ‍්චාපි චෙතොපරියඤාණානන‍්තරං තිස‍්සො විජ‍්ජා වත‍්තබ‍්බා සියුං, යස‍්මා පන තාසු වුත‍්තාසු උපරි දසබලඤාණං න පරිපූරති, තස‍්මා තා අවත්‍වා තථාගතස‍්ස දසබලඤාණං පරිපූරං කත්‍වා දස‍්සෙන‍්තො දස ඛො පනිමානි සාරිපුත‍්තාතිආදිමාහ. තත්‍ථ තථාගතබලානීති අඤ‍්ඤෙහි අසාධාරණානි තථාගතස‍්සෙව බලානි. යථා වා පුබ‍්බබුද‍්ධානං බලානි පුඤ‍්ඤුස‍්සයසම‍්පත‍්තියා ආගතානි, තථා ආගතබලානීතිපි අත්‍ථො.

මෙහි කිවයුත්තක් ඇත. චේතෝපරියාය ඤාණයට අනතුරුව ත්‍රිවිද්‍යාවෝ කිවයුතුය. එසේ වුවත් ත්‍රිවිද්‍යාවන් කී කල්හී මත්තෙහි තථාගත බල ඤාණය (දසබල ඤාණය) නො පිරේද, එහෙයින් ඔවුන් නො දක්වා තථාගත බල ඤාණයම උසස්කොට දක්වන සේක්, දස ඛො පනිමානි සාරිපුත්තානි ආදිය කීහ. එහි තථාගත බලානි අන්‍යයන්ට අසාධාරණ වූ තථාගතයන්ටම සමාන වූ බලයෝ, පෙර බුදුවරුන්ගේ බලයෝ, පින් බලයෙන්ම පැමිණියාහු වෙති යන අර්ථයි.

තත්‍ථ දුවිධං තථාගතබලං කායබලඤ‍්ච ඤාණබලඤ‍්ච. තෙසු කායබලං හත්‍ථිකුලානුසාරෙන වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

එහි තථාගතයන්ගේ බලය දෙපරිදි වේ. කාය බලය හා ඤාණ බලය වශයෙනි. ඒ අතුරෙන් කාය බලය ඇත් කුල අනුසාරයෙන් ම ම දතයුතුයි. පැරැන්නන් විසින් මෙසේ කියා ඇත.

“කාලාවකඤ‍්ච ගඞ‍්ගෙය්‍යං, පණ‍්ඩරං තම‍්බපිඞ‍්ගලං; ගන්‍ධමඞ‍්ගලහෙමඤ‍්ච, උපොසථඡද‍්දන‍්තිමෙ දසා”ති.

කාලාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තම්බ පිංගලං ගන්‍ධ මංගල හෙමඤ්ච - උපොසථ ඡද්දන්ති මෙ දසා ති

ඉමානි හි දස හත්‍ථිකුලානි. තත්‍ථ කාලාවකන‍්ති පකතිහත්‍ථිකුලං දට‍්ඨබ‍්බං. යං දසන‍්නං පුරිසානං කායබලං, තං එකස‍්ස කාලාවකහත්‍ථිනො. යං දසන‍්නං කාලාවකානං බලං, තං එකස‍්ස ගඞ‍්ගෙය්‍යස‍්ස. යං දසන‍්නං ගඞ‍්ගෙය්‍යානං, තං එකස‍්ස පණ‍්ඩරස‍්ස. යං දසන‍්නං පණ‍්ඩරානං, තං එකස‍්ස තම‍්බස‍්ස. යං දසන‍්නං තම‍්බානං, තං එකස‍්ස පිඞ‍්ගලස‍්ස. යං දසන‍්නං පිඞ‍්ගලානං, තං එකස‍්ස ගන්‍ධහත්‍ථිනො. යං දසන‍්නං ගන්‍ධහත්‍ථීනං, තං එකස‍්ස මඞ‍්ගලස‍්ස. යං දසන‍්නං මඞ‍්ගලානං, තං එකස‍්ස හෙමවතස‍්ස. යං දසන‍්නං හෙමවතානං, තං එකස‍්ස උපොසථස‍්ස. යං දසන‍්නං උපොසථානං, තං එකස‍්ස ඡද‍්දන‍්තස‍්ස. යං දසන‍්නං ඡද‍්දන‍්තානං තං එකස‍්ස තථාගතස‍්ස. නාරායනසඞ‍්ඝාතබලන‍්තිපි ඉදමෙව වුච‍්චති. තදෙතං පකතිහත්‍ථිගණනාය හත්‍ථීනං කොටිසහස‍්සානං පුරිසගණනාය දසන‍්නං පුරිසකොටිසහස‍්සානං බලං හොති. ඉදං තාව තථාගතස‍්ස කායබලං.

මොවුහු දස ඇත් කුලයෝ ය. එහි කාලාවක නම් නිතර පෙනෙන (ප්‍රකෘති) ඇත් කුලයයි. පුරුෂයන් දස දෙනකුගේ ශක්තිය එක් කාලාවක ඇතෙකු ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය එක් ගංගෙය්‍ය ඇතෙකුට වේ. ගංගෙය්‍ය ඇතුන් දස දෙනකුගේ ශක්තිය එක් පණ්ඩර ඇතෙකුට වේ. පණ්ඩර ඇතුන් දස දෙනකුගේ ශක්තිය තම්බ හස්තියෙකුට වේ. තම්බ හස්තීන් දසදෙනකුගේ බලය එක් පිංගල හස්තියෙකුට ඇත. පිංගල ඇතුන් දස දෙනකුගේ බලය ගන්‍ධ කුලයේ එක් හස්තියෙකුට ඇත. ගන්‍ධ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ බලය මංගල කුලයේ එක් හස්තියෙකුට ඇත. මංගල කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය හේම කුලයේ එක් ඇතෙකුට තිබේ. හේම කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය උපෝසථ කුලයේ එක් ඇතෙකුට ඇත. උපෝසථ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඡද්දන්ත කුලයේ එක් ඇතෙකුට ඇත. ඡද්දන්ත කුලයේ ඇතුන් දස දෙනෙකුට යම් බලයක් වේ නම් එය එක් තථාගතවරයකුගේ කාය බලයට සමාන වේ. මෙය නාරායන සංඝාත බලය යයි ද කියනු ලැබේ. කාලාවක කුලය ද, ගංගෙය්‍ය කුලය ද, පණ්ඩර කුලය ද තම්බ හා පිංගල කුලය ද, ගන්‍ධ කුලය, මංගල කුලය, හේම කුලය යන මොවුහුද උපෝසථ කුලය හා ඡද්දන්ත කුලය යන මොව්හු දස ඇත්කුලයෝ වෙති. ඒ මේ බලය කෙළ දහසක් ප්‍රකෘති ඇතුන්ගේ ද, දස කෙළ දහසක් මිනිසුන්ගේ ද බලයට සමාන බලයක් වේ. ඒ තථාගත කාය බලයයි.

ඤාණබලං පන පාළියං තාව ආගතමෙව. දසබලඤාණං, චතුවෙසාරජ‍්ජඤාණං, අට‍්ඨසු පරිසාසු අකම‍්පනඤාණං, චතුයොනිපරිච‍්ඡෙදකඤාණං, පඤ‍්චගතිපරිච‍්ඡෙදකඤාණං. සංයුත‍්තකෙ (සං· නි· 2.34) ආගතානි තෙසත‍්තති ඤාණානි සත‍්තසත‍්තති ඤාණානීති එවං අඤ‍්ඤානිපි අනෙකානි ඤාණසහස‍්සානි, එතං ඤාණබලං නාම. ඉධාපි ඤාණබලමෙව අධිප‍්පෙතං. ඤාණඤ‍්හි අකම‍්පියට‍්ඨෙන උපත්‍ථම‍්භනට‍්ඨෙන ච බලන‍්ති වුත‍්තං.

ඥාන බලය වනාහි පෙළෙහි ආ පරිද්දෙනි. සිව් වැදෑරුම් විශාරද නුවණ, අටපිරිස්හි කම්පා නොවන නුවණ, සිව් යෝනීන් පිළිබඳ පිරිසිඳි නුවණ, පංච ගති පිළිබඳ පිරිසිඳි නුවණ, සංයුත්තයෙහි ආවා වූ තෙ සැත්තෑ නුවණ, සත් සත්තෑ නුවණ සහ අනෙක් දහස් ගණන් ඥානයෝ මේ ඤාණ බලය ම වේ. මෙම ඤාණ අකම්පියාර්ථයෙන් ද, උපස්ථම්භාර්ථයෙන් ද, බලය මැයි කියන ලදී.

යෙහි බලෙහි සමන‍්නාගතොති යෙහි දසහි ඤාණබලෙහි උපෙතො සමුපෙතො. ආසභං ඨානන‍්ති සෙට‍්ඨට‍්ඨානං උත‍්තමට‍්ඨානං. ආසභා වා පුබ‍්බබුද‍්ධා, තෙසං ඨානන‍්ති අත්‍ථො. අපිච ගවසතජෙට‍්ඨකො උසභො, ගවසහස‍්සජෙට‍්ඨකො වසභො. වජසතජෙට‍්ඨකො වා උසභො, වජසහස‍්සජෙට‍්ඨකො වසභො. සබ‍්බගවසෙට‍්ඨො සබ‍්බපරිස‍්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද‍්දෙහිපි අකම‍්පනියො නිසභො, සො ඉධ උසභොති අධිප‍්පෙතො. ඉදම‍්පි හි තස‍්ස පරියායවචනං. උසභස‍්ස ඉදන‍්ති ආසභං. ඨානන‍්ති චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානං. ඉදං පන ආසභං වියාති ආසභං. යථෙව හි නිසභසඞ‍්ඛාතො උසභො උසභබලෙන සමන‍්නාගතො චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානෙන තිට‍්ඨති, එවං තථාගතොපි දසහි තථාගතබලෙහි සමන‍්නාගතො චතූහි වෙසාරජ‍්ජපාදෙහි අට‍්ඨපරිසපථවිං උප‍්පීළෙත්‍වා සදෙවකෙ ලොකෙ කෙනචි පච‍්චත්‍ථිකෙන පච‍්චාමිත‍්තෙන අකම‍්පියො අචලට‍්ඨානෙන තිට‍්ඨති. එවං තිට‍්ඨමානොව තං ආසභං ඨානං පටිජානාති, උපගච‍්ඡති න පච‍්චක‍්ඛාති අත‍්තනි ආරොපෙති. තෙන වුත‍්තං “ආසභං ඨානං පටිජානාතී”ති.

යෙහි බලෙහි සමන්නාගතො යම් ඥාන බල දසයකින් යුක්ත වූයේ, මැනවින් යුක්ත වුයේ අසභංඨානං ශ්‍රේෂ්ඨ ස්ථානය, උත්තම ස්ථානය නොහොත් ආසභයෝ පූර්ව බුදුවරයෝමය. ඔවුන්ගේ ස්ථානය යන අර්ථයි. තව ද ගවයන් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ, ‘උසභ’ නම් ය. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ ‘වසභ’ නම් වේ. සියළු ගවයන්ට ශ්‍රේෂ්ඨ වූ, සියළු උවදුරු ඉවසන සුදු වූ ප්‍රසාද උපදවන, සියළු බර උසුලන හෙන හඬකින් වුවද කම්පා නොවන්නේ ‘නිසභ’ නම් වේ. හෙතෙම (නිසභයා) මෙහි උසභ යන්නෙන් අදහස් කරන ලදී. මෙය වනාහි ඔහුට පරියාය වචනයකි. ‘උසභස්ස ඉදං’ උසභයාගේ මෙයනුයි ආසභ නම් වේ. ඨානං යනු සතර පයින් පෘථුවිය වෙළා සිටීමය. මේ සිටීම වනාහි ආසභට්ඨානය වැනිනුයි, ආසභ නම් වේ. යම් සේ නිසභ සංඛ්‍යාත උසභ තෙම, වෘෂභ බලයෙන් යුක්ත වූයේ සතර පාදයන්ගෙන් පෘථුවිය පෙළා නිශ්චල භාවයෙන්ම සිටීද, එපරිද්දෙන් තථාගතයන් වහන්සේ ද දශවිධ තථාගත බලයෙන් යුක්ත වූයේ, චතුර් වෛශාරද්‍යය නමැති කකුල් සතරින් අට පිරිස නමැති පෘථුවිය පෙළා දෙවියන් සහිත ලෝකයෙහි, කිසියම් සතුරෙකු විසින් හෝ පසමිතුරෙකු විසින් කම්පා නොවූයේ නොසෙල්වී ස්ථාවරව සිටින සේක. මෙසේ සිටින්නේම ඒ ආසභට්ඨානය ප්‍රතිඥා කෙරෙති. එළඹෙයි. ප්‍රතික්‍ෂේප නො කරයි. තමන්වහන්සේ කෙරෙහි ආරෝපණය කෙරෙත්. එහෙයින් කියන ලදී. ආසභං ඨානං පටිජානාති

පරිසාසූති අට‍්ඨසු පරිසාසු. සීහනාදං නදතීති සෙට‍්ඨනාදං අභීතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. අයමත්‍ථො සීහනාදසුත‍්තෙන දීපෙතබ‍්බො. යථා වා සීහො සහනතො හනනතො ච සීහොති වුච‍්චති, එවං තථාගතො ලොකධම‍්මානං සහනතො පරප‍්පවාදානඤ‍්ච හනනතො සීහොති වුච‍්චති. එවං වුත‍්තස‍්ස සීහස‍්ස නාදං සීහනාදං. තත්‍ථ යථා සීහො සීහබලෙන සමන‍්නාගතො සබ‍්බත්‍ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන‍්නාගතො අට‍්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො ඉති රූපන‍්තිආදිනා නයෙන නානාවිධදෙසනාවිලාසසම‍්පන‍්නං සීහනාදං නදති. තෙන වුත‍්තං “පරිසාසු සීහනාදං නදතී”ති.

පරියාසු අටපිරිස්හී සීහනාදං නදති ශ්‍රේෂ්ඨ නාදය අභීත නාදය නගයි. සිංහනාදය සමාන වූ නාදය නගයි. මේ අර්ථය සීහනාද සූත්‍රයෙන් දැක්විය යුත්තේය. සිංහතෙම (සිවලුන් වැනි ලාමක සතුන්ගේ සහනයෙන් ද (ඇතුන් ආදී සතුන්) විනාශ කිරීමෙන් ද සිංහ වේ. තථාගතයන් වහන්සේ ලෝක ධර්මයන්ගේ ඉවසීමෙන් ද පරප්‍රවාදයන් (විරුද්ධ වාදයන්) නසන හෙයින් ද, ‘සිංහ’ යයි කියනු ලැබේ. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහනාද නම් වේ. එහි යම් සේ සිංහ තෙමේ සිංහ බලයෙන් යුක්ත වූයේ, සියළු තන්හි විශාරද වූයේ, පහ වූ මයිල් කෙලින් වීම් ඇත්තේ, ‘රෝමහර්ෂ’ ඇත්තේ සිංහනාදය නගයි. මෙසේ තථාගත සිංහයාද තථාගත බලයෙන් යුක්ත වූයේ, අටපිරිස්හී විශාරද වූයේ, පහ වූ රෝමහර්ෂ ඇත්තේ, ‘ඉති රූපං’ ආදී ක්‍රමයෙන් නානාවිධ දේශනා විලාස සම්පන්න වූ, සිංහනාදය නගයි. පරිසාසු සීහනාදං නදති යනු එහෙයින් කියන ලදී.

බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙතීති එත්‍ථ බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨං උත‍්තමං විසිට‍්ඨං. චක‍්ක-සද‍්දො පනායං –

බ්‍රහ්මචක්කං පවත්තෙතීති, මෙහි බ්‍රහ්මං යනු ශ්‍රේෂ්ඨය. උත්තමය. විශිෂ්ටය යන අර්ථයි. චක්ක ශබ්දය වනාහී, -

සම‍්පත‍්තියං ලක‍්ඛණෙ ච, රථඞ‍්ගෙ ඉරියාපථෙ; දානෙ රතනධම‍්මූර-චක‍්කාදීසු ච දිස‍්සති; ධම‍්මචක‍්කෙ ඉධ මතො, තඤ‍්ච ද‍්වෙධා විභාවයෙ.

සම්පත්තියං ලක්ඛණෙච රථංගෙ ඉරියාපථෙ දානෙ රතන ධම්මූර චක්කාසු ච දිස්සති, ධම්මචක්කෙ ඉධ මතො තඤ්ච දෙවාධා විභාවයෙ

සම්පත්තියෙහි ද, ලක්‍ෂණියෙහි ද, රථ අවයවයෙහි ද, ඉරියව්වෙහි ද, දානයෙහි ද, රතන චක්‍ර, ධර්ම චක්‍ර, උර චක්‍ර යනාදී තැන්වල ද චක්‍ර ශබ්දය දක්නට ලැබේ. මෙහි ධර්ම චක්‍රයෙහි දන්නා ලදී. එය ද දෙපරිද්දෙකින් දක්වන්නේ ය.

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, චක‍්කානි, යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සාන”න‍්තිආදීසු (අ· නි· 4.31) හි අයං සම‍්පත‍්තියං දිස‍්සති. “පාදතලෙසු චක‍්කානි ජාතානී”ති (දී· නි· 2.35) එත්‍ථ ලක‍්ඛණෙ. “චක‍්කංව වහතො පද”න‍්ති (ධ· ප· 1) එත්‍ථ රථඞ‍්ගෙ. “චතුචක‍්කං නවද‍්වාර”න‍්ති (සං· නි· 1.29) එත්‍ථ ඉරියාපථෙ. “දදං භුඤ‍්ජ මා ච පමාදො, චක‍්කං පවත‍්තය සබ‍්බපාණින”න‍්ති (ජා· 1.7.149) එත්‍ථ දානෙ. “දිබ‍්බං චක‍්කරතනං පාතුරහොසී”ති (දී· නි· 2.243) එත්‍ථ රතනචක‍්කෙ. “මයා පවත‍්තිතං චක‍්ක”න‍්ති (සු· නි· 562) එත්‍ථ ධම‍්මචක‍්කෙ. “ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස, චක‍්කං භමති මත්‍ථකෙ”ති (ජා· 1.1.104; 1.5.103) එත්‍ථ උරචක‍්කෙ. “ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙනා”ති (දී· නි· 1.166) එත්‍ථ පහරණචක‍්කෙ. “අසනිවිචක‍්ක”න‍්ති (දී· නි· 3.61; සං· නි· 2.162) එත්‍ථ අසනිමණ‍්ඩලෙ. ඉධ පනායං ධම‍්මචක‍්කෙ අධිප‍්පෙතො.

චත්තාරිමානි භික්ඛවෙ චක්කානි යෙහි සමන්නාගතානං දෙවමනුස්සානං ආදියෙහි සම්පත්තියෙහි දක්නා ලැබේ. පාදතලෙසු චක්කානි ජාතානි මෙහි ලක්‍ෂණයෙහිය. චක්කංව වහතො පදං මෙහි රථංගයෙහිය. චතුචක්කං නවද්වාරං මෙහි ඉරියව්වෙහිය. දද භූඤ්ජ ච මාව පමාදො චක්කං වත්තය සබ්බපාණිනං එහි දීමෙහි ය. දිබ්බං චක්කරතනං පාතුරහොසි - එහි රුවන් සක්හි ය. මයා පවත්තිතං චක්කං යන තන්හි දම්සක් හිය. ඉච්ඡා හතස්ස පොසස්‍ය චක්කං භවති මත්‍ථකෙ මෙහි උර චක්‍රයෙහිය. ඛුර පරියන්තෙන චෙපි චක්කෙන යන මෙහි ප්‍රහරණ චක්‍රයෙහිය. අසනි විය චක්කන්ති මෙහි අසනි (හෙණ) මණ්ඩලයෙහිය. මෙහි වනාහි ධර්ම චක්‍රයෙහිම දන්නා ලදී.

තං පන ධම‍්මචක‍්කං දුවිධං හොති පටිවෙධඤාණඤ‍්චෙව දෙසනාඤාණඤ‍්ච. තත්‍ථ පඤ‍්ඤාපභාවිතං අත‍්තනො අරියබලාවහං පටිවෙධඤාණං. කරුණාපභාවිතං සාවකානං අරියබලාවහං දෙසනාඤාණං. තත්‍ථ පටිවෙධඤාණං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති දුවිධං. තඤ‍්හි අභිනික‍්ඛමනතො යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. තුසිතභවනතො වා යාව මහාබොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දීපඞ‍්කරදසබලතො පට‍්ඨාය වා යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දෙසනාඤාණම‍්පි පවත‍්තමානං පවත‍්තන‍්ති දුවිධං. තඤ‍්හි යාව අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤස‍්ස සොතාපත‍්තිමග‍්ගා පවත‍්තමානං, ඵලක‍්ඛණෙ පවත‍්තං නාම. තෙසු පටිවෙධඤාණං ලොකුත‍්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම‍්පි පනෙතං අඤ‍්ඤෙහි අසාධාරණං, බුද‍්ධානංයෙව ඔරසඤාණං.

ඒ ධර්ම චක්‍රය දෙපරිදි වෙයි. ප්‍රතිවේධ ඤාණයද, දේශනා ඤාණයද කියායි. එහි තමන්ගේ ආර්යඵලය ප්‍රකට වන්නා වූ ප්‍රඥාවෙන් උපදවන ලද්දේ ප්‍රතිවේධ ඤාණයයි. ශ්‍රාවකයන්ගේ ආර්යඵලය ප්‍රකට කරන්නා වූ කරුණාවෙන් උපදවන ලද්දේ දේශනා ඤාණයයි. එහි ප්‍රතිවේධ ඤාණය උපදිමින් පවතින්නේය. උපන්නේ යයි, දෙආකාර වේ. ඒ ප්‍රතිවේධ ඤාණය අභිනිෂ්ක්‍රමණයෙහි පටන් අරහත් මග තෙක් උපදිමින් පවත්නේයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නම් වෙයි. තුසිත භවනයෙහි පටන් මහාබෝධි පර්යංකයෙහි රහත් මග තෙක් උපදිමින් පවත්නේ වෙයි. ඵලක්‍ෂණයෙහි උපන්නේ නම් වෙයි. දේශනා ඤාණය ද පැවතෙමින් සිටියේය. පැවැත්තේ යයි දෙපරිදි වෙයි. එය (දේශනා ඤාණය) අඤඤා කොණ්ඩඤ්ඤ ස්ථවිරයන්ගේ සෝවාන් මග තෙක් පැවැත්වෙමින් සිටියේ වෙයි. සෝවාන් පෙලෙහි පැවැත්තේ නම් වේ. ඔවුන් අතුරෙන් ප්‍රතිවේධ ඤාණය ලෝකෝත්තරය. දේශනා ඤාණය ලෞකිකය. මේ නුවණ දෙකම අන්‍යයන් හා අසාධාරණ වූ, බුදුවරයන්ගේම ළෙහි උපන්නා වූ ඖරස ඤාණයක් වේ.

ඉදානි යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, යානි ආදිතොව “දස ඛො පනිමානි, සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලානී”ති නික‍්ඛිත‍්තානි, තානි විත්‍ථාරතො දස‍්සෙතුං කතමානි දස? ඉධ, සාරිපුත‍්ත, තථාගතො ඨානඤ‍්ච ඨානතොතිආදිමාහ. තත්‍ථ ඨානඤ‍්ච ඨානතොති කාරණඤ‍්ච කාරණතො. කාරණඤ‍්හි යස‍්මා තත්‍ථ ඵලං තිට‍්ඨති තදායත‍්තවුත‍්තියාය උප‍්පජ‍්ජති චෙව පවත‍්තති ච, තස‍්මා ඨානන‍්ති වුච‍්චති. තං භගවා “යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං හෙතූ පච‍්චයා උප‍්පාදාය, තං තං ඨානං. යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං න හෙතූ න පච‍්චයා උප‍්පාදාය, තං තං අට‍්ඨාන”න‍්ති පජානන‍්තො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. අභිධම‍්මෙ පනෙතං, “තත්‍ථ කතමං තථාගතස‍්ස ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං ඤාණ”න‍්තිආදිනා (විභ· 809) නයෙන විත්‍ථාරිතමෙව. යම‍්පීති යෙන ඤාණෙන. ඉදම‍්පි, සාරිපුත‍්ත, තථාගතස‍්සාති ඉදම‍්පි ඨානාට‍්ඨානඤාණං තථාගතස‍්ස තථාගතබලං නාම හොතීති අත්‍ථො. එවං සබ‍්බපදෙසු යොජනා වෙදිතබ‍්බා.

දැන් යම් දසබලයකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ ආසභ ස්ථානය ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරන සේක්ද, ආදියෙහිම දසඛො පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යන්න බැහැර කළේද, එහි විස්තර දැක්වීමට කතමානි දස? ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො ආදිය කීහ. එහි ඨානඤ්ච ඨානතො කාරණය ද කාරණය වශයෙන්, කාරණය වනාහි යම්හෙයකින් එහි ඵලය සිටීද? එය අයත් පැවතුම් ඇති බැවින් උපදින්නේ ද පවතින්නේත් වේද, එහෙයින් ඨාන යයි කියනු ලැබේ. එය භාග්‍යවත්හු, යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට ඉපදීම පිණිස හේතු ප්‍රත්‍යය වෙත්ද, ඒ ඒ ස්ථානය, යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට ඉපදීම පිණිස හේතු ප්‍රත්‍යය නො වෙත් ද, ඒ ඒ ධර්මය අස්ථානයයි දන්නාහූ, ස්ථානය ස්ථානයයි ද අස්ථානය අස්ථානයයි ද සුදුසු පරිද්දෙන් දැනගනී. අභිධර්මයෙහි වනාහි ‘තත්‍ථ කතමං තථාගතසස ඨානඤ්ච ඨානතො, අට්ඨානතො යථා භූතං ඤාණන්ති’ ආදී වශයෙන් විස්තර කරන ලද්දේමය. යම්පි යම් ක්‍ෂණයකින්, ඉදම්පි සාරිපුත්ත! තථාගතස්ස යනු මේ ඨානා ඨාන ඤාණය ද තථාගතයන්ගේ තථාගත බලයෙක් නම් වෙයි යන අර්ථයි. මෙසේ සියලු පදයන්හි යෙදීම දතයුතුයි.

කම‍්මසමාදානානන‍්ති සමාදියිත්‍වා කතානං කුසලාකුසලකම‍්මානං, කම‍්මමෙව වා කම‍්මසමාදානං. ඨානසො හෙතුසොති පච‍්චයතො චෙව හෙතුතො ච. තත්‍ථ ගතිඋපධිකාලපයොගා විපාකස‍්ස ඨානං. කම‍්මං හෙතු. ඉමස‍්ස පන ඤාණස‍්ස විත්‍ථාරකථා “අත්‍ථෙකච‍්චානි පාපකානි කම‍්මසමාදානානි ගතිසම‍්පත‍්තිපටිබාළ‍්හානි න විපච‍්චන‍්තී”තිආදිනා (විභ· 810) නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

කම්ම සමාදානානං සමාදන්ව කරන ලද කුශලාකුශල කර්මයන්ගේ නොහොත් කර්මයම කර්ම සමාදානයයි. ඨානසො හෙතුසො ප්‍රත්‍ය වශයෙන් හා හේතු වශයෙන් එහි ගති, උපධි, කාල, ප්‍රයෝග විපාකයට ස්ථානයයි. කර්මය හේතුයි. මේ ඥානයාගේ විස්තර කථා ‘අත්‍ථෙකච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්ති බාළ්හාන න විපච්චන්ති’ ආදී වශයෙන් අභිධර්මයෙහි විස්තර කර ඇත.

සබ‍්බත්‍ථගාමිනින‍්ති සබ‍්බගතිගාමිනිං අගතිගාමිනිඤ‍්ච. පටිපදන‍්ති මග‍්ගං. යථාභූතං පජානාතීති බහූසුපි මනුස‍්සෙසු එකමෙව පාණං ඝාතෙන‍්තෙසු ඉමස‍්ස චෙතනා නිරයගාමිනී භවිස‍්සති, ඉමස‍්ස චෙතනා තිරච‍්ඡානයොනිගාමිනීති ඉමිනා නයෙන එකවත්‍ථුස‍්මිම‍්පි කුසලාකුසලචෙතනාසඞ‍්ඛාතානං පටිපත‍්තීනං අවිපරීතතො සභාවං ජානාති. ඉමස‍්ස ච ඤාණස‍්ස විත්‍ථාරකථා “තත්‍ථ කතමං තථාගතස‍්ස සබ‍්බත්‍ථගාමිනිං පටිපදං යථාභූතං ඤාණං? ඉධ තථාගතො අයං මග‍්ගො අයං පටිපදා නිරයගාමීති පජානාතී”තිආදිනා (විභ· 811) නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

සබ්බත්‍ථගාමිනී සියලු ගතිගාමිනී වූ ද, අගතිගාමිනී වූ ද, පටිපදං මාර්ගය, යථාභූතං පජානාති බොහෝ මිනිසුන් එකම සතෙකු මරණ කල්හි, මොහුගේ චේතනාව නිරයගාමිනී වන්නේය. මොහුගේ (චේතනාව) තිරිසන් යෝනි ගාමිනී වේ යයි මෙම ක්‍රමයෙන් එක් වස්තුවෙක්හි ද කුශලාකුශල චේතනා සංඛ්‍යාත වූ ප්‍රතිපත්තීන්ගේ ස්වභාවය වෙනස් නොවන සේ දැනගනී. මේ ඤාණයාගේ විස්තර කථාව ද ‘තත්‍ථ කතමං තථාගතස්ස සබ්බත්‍ථ ගාමිණී පටිපදං යථාභූතං ඤාණං ඉධ තථාගතො අයං මග්ගො අයං පටිපදා නිරයගාමිනී ති පජානාති’ ආදී වශයෙන් අභිධර්මයෙහි ආයේය.

අනෙකධාතුන‍්ති චක‍්ඛුධාතුආදීහි කාමධාතුආදීහි වා ධාතූහි බහුධාතුං. නානාධාතුන‍්ති තාසංයෙව ධාතූනං විලක‍්ඛණතාය නානප‍්පකාරධාතුං. ලොකන‍්ති ඛන්‍ධායතනධාතුලොකං. යථාභූතං පජානාතීති තාසං තාසං ධාතූනං අවිපරීතතො සභාවං පටිවිජ‍්ඣති. ඉදම‍්පි ඤාණං “තත්‍ථ කතමං තථාගතස‍්ස අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං ඤාණං, ඉධ තථාගතො ඛන්‍ධනානත‍්තං පජානාතී”තිආදිනා නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතමෙව.

අනෙකධාතුං චක්ඛු ධාතුව ආදී හෝ කාමධාතු ආදී හෝ ධාතූන්ගෙන් බොහෝ ධාතු ඇති, නානාධාතු ඒ ධාතූන්ගේ විවිධ ලක්‍ෂණවලින් යුත් විවිධ ආකාරයේ ධාතු ඇති ලොකං ස්කන්‍ධායතන ධාතු ලෝකය යථාභූතං පජානාති ඒ ඒ ධාතූන්ගේ වෙනස් නොවන ස්වභාවය අවබෝධ කරයි. මේ ඥානයද ‘තත්‍ථ කතමං තථාගතස්ස අනෙක ධාතු නානා ධාතු ලොකං යථාභූතං ඤාණං ඉධ තථාගතො බන්‍ධනා නාත්තං පජානාති’ ආදී වශයෙන් අභිධර්මයෙහි විස්තර කෙරේ.

නානාධිමුත‍්තිකතන‍්ති හීනාදීහි අධිමුත‍්තීහි නානාධිමුත‍්තිකභාවං. ඉදම‍්පි ඤාණං, “තත්‍ථ කතමං තථාගතස‍්ස සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං ඤාණං, ඉධ තථාගතො පජානාති සන‍්ති සත‍්තා හීනාධිමුත‍්තිකා”ති ආදිනා නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතමෙව.

නානාධිමුත්තිකන්ති හීනාධී අධිමුක්තීන් ද, විවිධ ස්වරූප ඇති අධිමුක්තීන් ද (ඉගැන්වීම්) වන ස්වභාව මේ ඤාණයයි. ‘තත්‍ථ කතමං තථාගස්ස සන්තානං නානාධිමුත්ති කථං, යථාභූතං ඤාණං, ඉධ තථාගතො පජානාති, සන්ති සත්තා හීනාධිමුත්තිකා’ ආදී වශයෙන් මෙම ඤාණයද අභිධර්මයෙහි විස්තර වශයෙන් සඳහන් වේ.

පරසත‍්තානන‍්ති පධානසත‍්තානං. පරපුග‍්ගලානන‍්ති තතො පරෙසං හීනසත‍්තානං. එකත්‍ථමෙව වා එතං පදද‍්වයං. වෙනෙය්‍යවසෙන පන ද‍්වෙධා වුත‍්තං. ඉන්‍ද්‍රියපරොපරියත‍්තන‍්ති සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං පරභාවං අපරභාවඤ‍්ච, වුද‍්ධිඤ‍්ච හානිඤ‍්චාති අත්‍ථො. ඉමස‍්සපි ඤාණස‍්ස විත්‍ථාරකථා – “තත්‍ථ කතමං තථාගතස‍්ස පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං ඤාණං, ඉධ තථාගතො සත‍්තානං ආසයං පජානාති අනුසයං පජානාතී”තිආදිනා (විභ· 814) නයෙන අභිධම‍්මෙ ආගතායෙව.

පරසත්තානං ප්‍රධාන සත්ත්වයන්ගේ, පරපුග්ගලානං එයින් අන්‍ය වූ හීන සත්ත්වයන්ගේ, (මේ පද දෙකම එකම අර්ථයයි. ශික්‍ෂණය වූවන්ගේ වශයෙන් දෙපරිදි වේ.) ඉන්‍ද්‍රිය පරො පරියත්තන්ති ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ පරභාවය ද අපරභාවය ද වෘද්ධිය ද හානිය ද යන අර්ථයි. මෙම ඤාණයාගේ විස්තර කථාව ‘තත්‍ථ කතමං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්‍ද්‍රිය පරො පරියත්තං යථාභූතං ඤාණං ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති අනුසයං ජානාති’ ආදී වශයෙන් අභිධර්මයෙහි එන්නේය.

ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනන‍්ති පඨමාදීනං චතුන‍්නං ඣානානං රූපී රූපානි පස‍්සතීතිආදීනං අට‍්ඨන‍්නං විමොක‍්ඛානං සවිතක‍්කසවිචාරාදීනං තිණ‍්ණං සමාධීනං පඨමජ‍්ඣානසමාපත‍්තිආදීනඤ‍්ච නවන‍්නං අනුපුබ‍්බසමාපත‍්තීනං. සංකිලෙසන‍්ති හානභාගියධම‍්මං. වොදානන‍්ති විසෙසභාගියධම‍්මං. වුට‍්ඨානන‍්ති “වොදානම‍්පි වුට‍්ඨානං. තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති (විභ· 828) එවං වුත‍්තපගුණජ‍්ඣානඤ‍්චෙව භවඞ‍්ගඵලසමාපත‍්තියො ච. හෙට‍්ඨිමං හෙට‍්ඨිමඤ‍්හි පගුණජ‍්ඣානං උපරිමස‍්ස උපරිමස‍්ස පදට‍්ඨානං හොති. තස‍්මා “වොදානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. භවඞ‍්ගෙන පන සබ‍්බජ‍්ඣානෙහි වුට‍්ඨානං හොති. ඵලසමාපත‍්තියා නිරොධසමාපත‍්තිතො වුට‍්ඨානං හොති. තං සන්‍ධාය “තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨානම‍්පි වුට‍්ඨාන”න‍්ති වුත‍්තං. ඉදම‍්පි ඤාණං “තත්‍ථ කතමං තථාගතස‍්ස ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සංකිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං ඤාණං, ඣායීති චත‍්තාරො ඣායී, අත්‍ථෙකච‍්චො ඣායී සම‍්පත‍්තිංයෙව සමානං විපත‍්තීති පච‍්චෙතී”තිආදිනා (විභ· 828) නයෙන අභිධම‍්මෙ විත්‍ථාරිතං. සත‍්තන‍්නං ඤාණානං විත්‍ථාරකථාවිනිච‍්ඡයො සම‍්මොහවිනොදනියං විභඞ‍්ගට‍්ඨකථායං වුත‍්තො. පුබ‍්බෙනිවාසානුස‍්සතිදිබ‍්බචක‍්ඛුඤාණකථා විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතා. ආසවක‍්ඛයකථා භයභෙරවෙ.

ඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං යනු සතර ධ්‍යානයන්ගේ ද, ‘රූපී රූපානිපස්සති’ යනාදී වූ අෂ්ට විමෝක්‍ෂයන්ගේ ද, සවිතක්ක සවිචාරාදී වූ තුන් සමාධීන්ගේ ද, ප්‍රථමධ්‍යාන සමාපත්ති ආදී වූ නව අනුපූර්ව සමාපත්තීන්ගේ ද, සංකිලෙසං හානභාගිය ධර්මය. වොදානං විශේෂභාගිය ධර්ම, වුට්ඨානං වොදානය ද වුට්ඨාන මැයි. ඒ ඒ සමාපත්තීන්ගෙන් නැගී සිටීම ද වුට්ඨානයයි. මෙසේ කියන ලද ප්‍රගුණ ධ්‍යානය ද භවාංගය ද, ඵලසමාපත්තීහු ද. (වුට්ඨාන මැයි) යම් හෙයකින් හෙට්ඨිම හෙට්ඨිම වූ (යට දිසාවට අදින) ප්‍රගුණ ධ්‍යානය මතු මතු ධ්‍යානයන්ට පදස්ථාන වේද, එහෙයින් වොදානය ද වුට්ඨාන යයි කියන ලදී. නැවත සියළු ධ්‍යානයන්ගෙන් නැගී සිටීම භවාංගයෙන් වේද, නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම ඵල සමවතින් වේද, ඒ සඳහා ඒ ඒ සමාධියෙන් නැගී සිටීම ද වුට්ඨාන යයි කියන ලදී. මේ ඤාණය ද, ‘තත්‍ථ කතමං තථාගතස්ස ඣාන විමොක්ඛ සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨාන යථාභූතං ඤාණං ඣායති චත්තාරො ඣායී අත්‍ථෙකච්චො ඣායී, සමාපත්තිං යෙව සමානං විපත්තී ති පච්චෙති’ ආදී ක්‍රමයෙන් අභිධර්මයෙහි විස්තර කරන ලදී. සියළු ඤාණයන්ගේ විස්තර කථා පිළිබඳ විනිශ්චය සම්මෝහ විනෝදනී විභංගට්ඨ කථාවෙහි කියන ලද්දේය. පූර්වේ නිවාසානුස්සති, දිබ්බචක්ඛු ඤාණයන් පිළිබඳ විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. ආශ්‍රව ක්‍ෂය කථාව භයභෙරව සූත්‍ර අටුවාවේ විස්තර කර ඇත.

ඉමානි ඛො සාරිපුත‍්තාති යානි පුබ‍්බෙ “දස ඛො පනිමානි, සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලානී”ති අවොචං, ඉමානි තානීති අප‍්පනං කරොති.

ඉමානි ඛො සාරිපුත්ත යනු යම් පූර්වයෙහි. දස ඛො පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි යි කීයෙම්ද මේ ඒවායැයි තානිති නිගමනය කරන සේක.

තත්‍ථ පරවාදීකථා හොති – දසබලඤාණං නාම පාටියෙක‍්කං නත්‍ථි, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්සෙවායං පභෙදොති. තං න තථා දට‍්ඨබ‍්බං. අඤ‍්ඤමෙව හි දසබලඤාණං, අඤ‍්ඤං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං. දසබලඤාණඤ‍්හි සකසකකිච‍්චමෙව ජානාති. සබ‍්බඤ‍්ඤුතඤාණං තම‍්පි තතො අවසෙසම‍්පි පජානාති. දසබලඤාණෙසු හි පඨමං කාරණාකාරණමෙව ජානාති. දුතියං කම‍්මන‍්තරවිපාකන‍්තරමෙව. තතියං කම‍්මපරිච‍්ඡෙදමෙව. චතුත්‍ථං ධාතුනානත‍්තකාරණමෙව. පඤ‍්චමං සත‍්තානං අජ‍්ඣාසයාධිමුත‍්තිමෙව. ඡට‍්ඨං ඉන්‍ද්‍රියානං තික‍්ඛමුදුභාවමෙව. සත‍්තමං ඣානාදීහි සද‍්ධිං තෙසං සංකිලෙසාදිමෙව. අට‍්ඨමං පුබ‍්බෙනිවුත්‍ථඛන්‍ධසන‍්තතිමෙව. නවමං සත‍්තානං චුතිපටිසන්‍ධිමෙව. දසමං සච‍්චපරිච‍්ඡෙදමෙව.

එහි අනෙක් මතයක් ද වේ - දසබල ඥානය යනුවෙන් වෙනම නුවණක් නැත සර්වඥතාඥානයේම ප්‍රභේදයකි. එය එසේ නොදත යුතුය. කවර හෙයින්ද යත්, දශබල ඥානය අනිකකි. සර්වඥතා ඥානය අනෙකකි. දශබල ඥානය තම තමන්ගේම කෘත්‍යයන් දැනගනී. සර්වඥතාඥානය නම් එයද එයින් අවශේෂ දේද දැනගනී. දශබල ඤාණයන් අතුරෙහි පළමුවැන්න කාරණා කාරණයම දැනගනී. දෙවැන්න කර්මාන්තරය විපාකාන්තරයම දනී තෙවැන්න කර්ම පරිච්ඡේදයම දනී. සිව්වැන්න ධාතූන්ගේ නානත්වකාරණයම දනී. පස්වැන්න සත්ත්වයන්ගේ අධ්‍යාශය අදිමුත්තියම දනී. සයවැන්න ඉන්‍ද්‍රියයන්ගේ තියුණු බව, මෘදු බව දනී. සත්වැන්න ධ්‍යානාදීන් සමගම ඔවුන්ගේ කෙලෙසීම දනී. අටවැන්න පෙර විසූ ස්කන්‍ධ සංයුතියම දනී. නවවැන්න සත්ත්වයන්ගේ චුති ප්‍රතිසන්ධිය දනී. දසවැන්න සත්‍ය පරිච්ඡේදයම දනී.

සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන එතෙහි ජානිතබ‍්බඤ‍්ච තතො උත‍්තරිඤ‍්ච පජානාති. එතෙසං පන කිච‍්චං න සබ‍්බං කරොති. තඤ‍්හි ඣානං හුත්‍වා අප‍්පෙතුං න සක‍්කොති, ඉද‍්ධි හුත්‍වා විකුබ‍්බිතුං න සක‍්කොති, මග‍්ගො හුත්‍වා කිලෙසෙ ඛෙපෙතුං න සක‍්කොති.

සර්වඥතාඥානය වනාහි මොවුන් විසින් දතයුත්තද, එයින් මත්තෙහි ද දැනගනී. මේ දශබල ඥානයන්ගේ කෘත්‍ය සියල්ල නො කෙරෙයි. එය ධ්‍යානය වී අර්පනය කරන්නට නොහැකි වෙයි. සෘද්ධිය වී විකුර්වනය කරන්නට නොහැකි වෙයි. මාර්ගය වී කෙලෙස් සංසිඳවන්නට නොහැකි වෙයි.

අපිච පරවාදී එවං පුච‍්ඡිතබ‍්බො – “දසබලඤාණං නාම එතං සවිතක‍්කසවිචාරං අවිතක‍්කවිචාරමත‍්තං අවිතක‍්කඅවිචාරං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකියං ලොකුත‍්තර”න‍්ති? ජානන‍්තො පටිපාටියා සත‍්ත ඤාණානි සවිතක‍්කසවිචාරානීති වක‍්ඛති. තතො පරානි ද‍්වෙ අවිතක‍්කඅවිචාරානීති වක‍්ඛති. ආසවක‍්ඛයඤාණං සියා සවිතක‍්කසවිචාරං, සියා අවිතක‍්කවිචාරමත‍්තං, සියා අවිතක‍්කඅවිචාරන‍්ති වක‍්ඛති. තථා පටිපාටියා සත‍්ත කාමාවචරානි, තතො පරානි ද‍්වෙ රූපාවචරානි, අවසානෙ එකං ලොකුත‍්තරන‍්ති වක‍්ඛති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන සවිතක‍්කසවිචාරමෙව කාමාවචරමෙව ලොකියමෙවාති වක‍්ඛති.

තවද පරවාදී තෙමේ මෙසේ විමසිය යුතුය - දශබල ඤාණය නම් සවිතර්ක සවිචාරද, අවිචාර විචාර මාත්‍ර ද, අවිතර්ක අවිචාරද? කාමාවචරද, රූපාවචරද, අරූපාවචරද. ලෞකිකද, ලෝකෝත්තරද, කියායි. (හෙතෙම) දන්නේ පිළිවෙළින් ඥානයෝ සවිතර්ක සවිචාරයෝ යයි කියන්නේ ය. එයින් මත්තෙහි යෙදෙන අවිතර්ක අවිචාරයෝ යයි කියන්නේ ය. ආශ්‍රවක්‍ෂය ඥානය සවිතර්ක සවිචාර වන්නේය. අවිතර්ක විචාර මාත්‍ර වන්නේය. අවිතර්ක අවිචාර යයි කියන්නේය. එසේම පිළිවෙළින් සත්දෙනෙක් කාමාවචරයෝය. දෙදෙනෙක් රූපාවචරයෝය. අවසානයෙහි එකෙක් ලෝකෝත්තර යයි කියන්නේය. සර්වඥතාඥානය වනාහී සවිතර්ක සවිචාරමය. ලෞකිකමයයි කියන්නේය.

එවමෙත්‍ථ අනුපදවණ‍්ණනං කත්‍වා ඉදානි යස‍්මා තථාගතො පඨමංයෙව ඨානාට‍්ඨානඤාණෙන වෙනෙය්‍යසත‍්තානං ආසවක‍්ඛයාධිගමස‍්ස චෙව අනධිගමස‍්ස ච ඨානාට‍්ඨානභූතං කිලෙසාවරණාභාවං පස‍්සති, ලොකියසම‍්මාදිට‍්ඨිට‍්ඨානදස‍්සනතො නියතමිච‍්ඡාදිට‍්ඨිට‍්ඨානාභාවදස‍්සනතො ච. අථ නෙසං කම‍්මවිපාකඤාණෙන විපාකාවරණාභාවං පස‍්සති, තිහෙතුකපටිසන්‍ධිදස‍්සනතො. සබ‍්බත්‍ථගාමිනීපටිපදාඤාණෙන කම‍්මාවරණාභාවං පස‍්සති, අනන‍්තරියකම‍්මාභාවදස‍්සනතො. එවං අනාවරණානං අනෙකධාතුනානාධාතුඤාණෙන අනුකූලධම‍්මදෙසනත්‍ථං චරියවිසෙසං පස‍්සති, ධාතුවෙමත‍්තදස‍්සනතො. අථ නෙසං නානාධිමුත‍්තිකතාඤාණෙන අධිමුත‍්තිං පස‍්සති, පයොගං අනාදියිත්‍වාපි අධිමුත‍්තිවසෙන ධම‍්මදෙසනත්‍ථං. අථෙවං දිට‍්ඨාධිමුත‍්තීනං යථාසත‍්ති යථාබලං ධම‍්මං දෙසෙතුං ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන ඉන්‍ද්‍රියපරොපරියත‍්තං පස‍්සති, සද‍්ධාදීනං තික‍්ඛමුදුභාවදස‍්සනතො. එවං පරිඤ‍්ඤාතින්‍ද්‍රියපරොපරියත‍්තා පන තෙ සචෙ දූරෙ හොන‍්ති, පඨමජ‍්ඣානාදීසු වසීභූතත‍්තා ඉද‍්ධිවිසෙසෙන තෙ ඛිප‍්පං උපගච‍්ඡති. උපගන‍්ත්‍වා ච නෙසං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන පුබ‍්බජාතිභාවනං, දිබ‍්බචක‍්ඛුඤාණානුභාවතො පත‍්තබ‍්බෙන චෙතොපරියඤාණෙන සම‍්පති චිත‍්තවිසෙසං පස‍්සන‍්තො ආසවක‍්ඛයඤාණානුභාවෙන ආසවක‍්ඛයගාමිනියා පටිපදාය විගතසම‍්මොහත‍්තා ආසවක‍්ඛයාය ධම‍්මං දෙසෙති. තස‍්මා ඉමිනා අනුක‍්කමෙන ඉමානි දසබලානි වුත‍්තානීති වෙදිතබ‍්බානි.

මෙසේ මෙහි අනුපද වර්ණනාව කොට මෙවිට යම්හෙයකින් තථාගතයන් වහන්සේ පළමුකොට ස්ථානාස්ථාන ඤාණයෙන් ලෞකික සම්‍යග්දෘෂ්ටි ස්ථානය දන්නා හෙයින් ද, නියත මිථ්‍යාදෘෂ්ටියේ අභාවය දක්නා හෙයින් ද, වෛනෙය ජනයාගේ කෙලෙස් දුරු කිරීමේ අධිගමයට හා අනධිගමයට තැන නොතැන වූ ක්ලේශාවරණයාගේ අභාවය දක්නේද, නැවත කර්ම විපාක ඥානයෙන් ඔවුන්ගේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය දක්නා හෙයින්, විපාකාවරණයාගේ අභාවය දක්නා සේක් ද, සරවත්‍රගාමිනී ප්‍රතිපදා ඥානයෙන් ආනන්තරිය කර්මයන්ගේ අභාවය දක්නා හෙයින්ද, කර්මාවරණයන්හි අභාවය දන්නේ ද, මෙසේ හෙළිදරව් වූ සත්ත්වයන්ට සුදුසු ධර්මදේශනය පිණිස අනේකධාතු නානාධාතු ඥානයෙන් ධාතූන්ගේ වෙනස්කම් දැකීම නිසා චරිත විශේෂයන් දකින්නේ, නැවත ප්‍රයෝගය නොගෙනම ඔවුන්ගේ අදහස කැමැත්ත පරිදි ධර්ම දේශනය පිණිස, නානාධිමුත්තික ඥානයෙන් අදහස් දකින්නේ, නැවත කෙසේ දක්නා ලද කැමැත්ත ඇත්තවුන්ගේ ශක්තිය නො ඉක්මවා, බලය නො ඉක්මවා, දහම් දෙසනු පිණිස, ඉන්‍ද්‍රිය පරාවර්තා ඥානයෙන් ශ්‍රද්ධාදීන්ගේ තියුණු බව හා මෘදු බව දක්නා හෙයින් ඉන්‍ද්‍රියයන්ගේ වෘද්ධිය හා හානි බව දක්නේද, යළි මෙසේ දැනගන්නා ලද ඉන්‍ද්‍රිය පරාවරත්වය ඇති හික්මිය යුතු ජනයෝ දුරුවෙත් නම් ප්‍රථමධ්‍යාන ආදියෙහි වැඩි කැමැත්තක් දක්වන බැවින් සෘද්ධි විශේෂයෙන් වහා ඔවුන් වෙත පැමිණෙන සේක. පැමිණද පෙර කඳපිළිවෙල දන්නා නුවණින් ඔවුන්ගේ පෙර ජාති භාවනාවද, දිවැස හේතුකොට ගෙන පැමිණිය යුතු, චේතෝ පරියාය ඥානයෙන් එකෙණෙහි පැමිණිය යුතු චිත්ත විශේෂය ද, දක්නේය. ආශ්‍රවක්‍ෂය ඥානයෙන් ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාවෙහි පහ වූ, මුලාව ඇති බැවින් ආශ්‍රවයන් දුරුකිරිම සඳහා ධර්මදේශනා කරන සේක් ද, එහෙයින් මේ පිළිවෙළින් මේ දශබලයෝ කියන ලද්දේ යයි දතයුතු.

තං, සාරිපුත‍්ත, වාචං අප‍්පහායාතිආදීසු පුන එවරූපිං වාචං න වක‍්ඛාමීති වදන‍්තො තං වාචං පජහති නාම. පුන එවරූපං චිත‍්තං න උප‍්පාදෙස‍්සාමීති චින‍්තෙන‍්තො චිත‍්තං පජහති නාම. පුන එවරූපං දිට‍්ඨිං න ගණ‍්හිස‍්සාමීති පජහන‍්තො දිට‍්ඨිං පටිනිස‍්සජ‍්ජති නාම, තථා අකරොන‍්තො නෙව පජහති, න පටිනිස‍්සජ‍්ජති. සො යථාභතං නික‍්ඛිත‍්තො එවං නිරයෙති යථා නිරයපාලෙහි ආහරිත්‍වා නිරයෙ ඨපිතො, එවං නිරයෙ ඨපිතොයෙවාති වෙදිතබ‍්බො.

තං වාචං අප්පහාය යනාදී තන්හී නැවත මෙබඳු වචනයක් නො කියමියි කියන්නේ වචනය දුරු කරයි නම් වේ. නැවත මෙබඳු සිතක් නූපදවමියි සිතන්නේ සිත දුරු කරයි නම් වේ. නැවත මෙබඳු දෘෂ්ටියක් නොගන්නෙමියි දුරුකරන්නේ දෘෂ්ටිය බැහැර කරයි නම් වේ. එසේ නොකරන්නේ දුරු නොකරයි. බැහැර නොකරයි. යම්සේ නිරය පාලකයන් විසින් ගෙනවුත් නිරයෙහි තබන ලද්දේ, එපරිද්දෙන් නිරයෙහි තබන ලද්දේම වේයයි දතයුතු.

ඉදානිස‍්ස අත්‍ථසාධකං උපමං දස‍්සෙන‍්තො සෙය්‍යථාපීතිආදිමාහ. තත්‍ථ සීලසම‍්පන‍්නොතිආදීසු ලොකියලොකුත‍්තරා සීලසමාධිපඤ‍්ඤා වෙදිතබ‍්බා. ලොකුත‍්තරවසෙනෙව විනිවත‍්තෙතුම‍්පි වට‍්ටති. අයඤ‍්හි සම‍්මාවාචාකම‍්මන‍්තාජීවෙහි සීලසම‍්පන‍්නො, සම‍්මාවායාමසතිසමාධීහි සමාධිසම‍්පන‍්නො, සම‍්මාදිට‍්ඨිසඞ‍්කප‍්පෙහි පඤ‍්ඤාසම‍්පන‍්නො, සො එවං සීලාදිසම‍්පන‍්නො භික‍්ඛු යථා දිට‍්ඨෙව ධම‍්මෙ ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ අඤ‍්ඤං ආරාධෙති අරහත‍්තං පාපුණාති, එවංසම‍්පදමිදං, සාරිපුත‍්ත, වදාමි ඉමම‍්පි කාරණං එවරූපමෙව. යථා හි මග‍්ගානන‍්තරං අවිරජ‍්ඣිත්‍වාව ඵලං නිබ‍්බත‍්තති, එවමෙව ඉමස‍්සාපි පුග‍්ගලස‍්ස චුතිඅනන‍්තරං අවිරජ‍්ඣිත්‍වාව නිරයෙ පටිසන්‍ධි හොතීති දස‍්සෙති. සකලස‍්මිඤ‍්හි බුද‍්ධවචනෙ ඉමාය උපමාය ගාළ‍්හතරං කත්‍වා වුත‍්තඋපමා නාම නත්‍ථි.

මෙවිට අර්ථසාධික උපමාවක් දක්වන්නේ සෙය්‍යථාපි යනාදිය වදාළහ. එහි සීලසම්පන්නො යනාදී තන්හි ලෞකික ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා දතයුතුය. ලෝකෝත්තර වශයෙන් විනිවර්තතනය ද කරන්නට වටී. මෙතෙමේ ‘යහපත් වචන, කර්මාන්ත, ආජීවයන්ගෙන් සීල සම්පන්න වෙයි. යහපත් උත්සාහය සිහිය හා සමාධීන්ගෙන් සමාධි සම්පන්න වෙයි. නිවැරදි දෘෂ්ටි හා සංකල්පයන්ගෙන් ප්‍රඥා සම්පන්න වෙයි. මෙසේ සීලාදියෙන් සම්පූර්ණ වූ ඒ මහණ තෙම දිට්ඨෙව ධම්මෙ මෙම ආත්ම භාවයෙහිම අඤ්ඤං ආරාමෙති රහත්බවට පැමිණෙත්ද, එවං සම්පතමිදං සාරිපුත්ත වදාමි මේ කාරණයද මෙබඳුවැයි. මෙසේ මාර්ගයට අනතුරුව නොවරදවාම ඵලය උපදී ද, එපරිද්දෙන් මේ පුද්ගලයාගේ ද චුතියට අනතුරුව නොවරදවාම නිරයෙහි ප්‍රතිසන්ධිය වේයයි දක්වයි. සියළු බුද්ධ වචනයෙහි මෙම උපමාවට වඩා දැඩිතර කොට දැක්වූ උපමාවක් නම් නැත.

වෙසාරජ‍්ජානීති එත්‍ථ සාරජ‍්ජපටිපක‍්ඛො වෙසාරජ‍්ජං, චතූසු ඨානෙසු සාරජ‍්ජාභාවං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පන‍්නසොමනස‍්සමයඤාණස‍්සෙතං නාමං. සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතොති අහං සම‍්මාසම‍්බුද‍්ධො, සබ‍්බෙ ධම‍්මා මයා අභිසම‍්බුද‍්ධාති එවං පටිජානතො තව. අනභිසම‍්බුද‍්ධාති ඉමෙ නාම ධම‍්මා තයා අනභිසම‍්බුද‍්ධා. තත්‍ර වතාති තෙසු වත අනභිසම‍්බුද‍්ධාති එවං දස‍්සිතධම‍්මෙසු. සහධම‍්මෙනාති සහෙතුනා සකාරණෙන වචනෙන සුනක‍්ඛත‍්තො විය විප‍්පලපන‍්තො අප‍්පමාණං. නිමිත‍්තමෙතන‍්ති එත්‍ථ පුග‍්ගලොපි ධම‍්මොපි නිමිත‍්තන‍්ති අධිප‍්පෙතො. තං පුග‍්ගලං න පස‍්සාමි, යො මං පටිචොදෙස‍්සති, තං ධම‍්මං න පස‍්සාමි, යං දස‍්සෙත්‍වා අයං නාම ධම‍්මො තයා අනභිසම‍්බුද‍්ධොති මං පටිචොදෙස‍්සතීති අයමෙත්‍ථ අත්‍ථො. ඛෙමප‍්පත‍්තොති ඛෙමං පත‍්තො, සෙසපදද‍්වයං ඉමස‍්සෙව වෙවචනං.

වෙසාරජ්ජානිති මෙහි නොබුහුටි බවට විරුද්ධ වූයේ වෙසාරජ්ජ නම් වෙයි. සතර තැන්හි ශාරද්‍යයාගේ අභාවය ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට උපන් සොම්නස්මය නුවණට නමකි. සම්මා සම්බුද්ධස්ස තෙ පටිජාන තො මම සම්මා සම්බුද්ධයෙමි. සියළු ධර්මයන් මා විසින් අවබෝධ කරගන්නා ලදී. මෙසේ ප්‍රකාශ කරන්නා වූ, ඔබ විසින් අනභිසම්බුද්ධා මෙනම් ධර්මයෝ ඔබ විසින් අවබෝධ නොකරන ලද්දේය. තත්‍ර වත ඒ අනභි සම්බුද්ධයයි. මෙසේ දක්වන ලද ධර්මයන්හි සහධම්මෙන හේතු සහිත වූ කරුණු සහිත වූ වචනයෙන් සුනක්ඛත්තයා මෙන් විප්‍රලාප කියන්නාහු අප්‍රමාණය. නිමිත්ත මෙතං යන මෙහි පුද්ගලයා ද ධර්මය ද ‘නිමිත්ත’ අදහස් කරන ලදී. යමෙක් මට විරුද්ධව චෝදනා කරන්නේ ද ඒ පුද්ගලයා නොදකිමි. යම් ධර්මයක් දක්වා මේ ධර්මය ඔබ විසින් අවබෝධ කරගෙන නැතැයි මට ප්‍රතිචෝදනා කරන්නේද ඒ ධර්මයද නොදකිමි යනු මෙහි අර්ථයි. ඛෙමප්පත්තො ක්‍ෂේමයට පැමිණියේ සෙසු පද දෙකම මේ පදයේම පරියාය වචනයි.

සබ‍්බඤ‍්හෙතං වෙසාරජ‍්ජඤාණමෙව සන්‍ධාය වුත‍්තං. දසබලස‍්ස හි අයං නාම ධම‍්මො තයා අනභිසම‍්බුද‍්ධොති චොදකං පුග‍්ගලං වා චොදනාකාරණං අනභිසම‍්බුද‍්ධධම‍්මං වා අපස‍්සතො සභාවබුද‍්ධොයෙව වා සමානො අහං බුද‍්ධොස‍්මීති වදාමීති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බලවතරං සොමනස‍්සං උප‍්පජ‍්ජති. තෙන සම‍්පයුත‍්තං ඤාණං වෙසාරජ‍්ජං නාම. තං සන්‍ධාය “ඛෙමප‍්පත‍්තො”තිආදිමාහ. එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

මේ සියල්ල වෛසාරද්‍ය ඤාණය සඳහාම වදාරණ ලදී. ‘මේ නම් ධර්මය ඔබ විසින් අවබෝධ කරගෙන නැතැයි’ චෝදනා කරන පුද්ගලයෙක් හෝ චෝදනා කාරණයක් හෝ අවබෝධ නො කළ ධර්මයක් හෝ නොදක්නා වූ දසබලයන් වහන්සේට ඒකාන්ත ස්වභාවයෙන්ම බුද්ධ වූයේ ම ‘මම බුද්ධ වෙමි’යි කියමි යි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට බලවත් සොම්නසක් උපදී. ඒ සෝමනස්ස හා යෙදුනා වූ ඥානය වෛශාරද්‍ය නම් වෙයි. ඒ සඳහා ඛෙමප්පත්තො යනාදිය වදාළහ. මෙසේ සියළු තන්හි අර්ථ දතයුතුයි.

අන‍්තරායිකා ධම‍්මාති එත්‍ථ පන අන‍්තරායං කරොන‍්තීති අන‍්තරායිකා, තෙ අත්‍ථතො සඤ‍්චිච‍්ච වීතික‍්කන‍්තා සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා. සඤ‍්චිච‍්ච වීතික‍්කන‍්තඤ‍්හි අන‍්තමසො දුක‍්කට-දුබ‍්භාසිතම‍්පි මග‍්ගඵලානං අන‍්තරායං කරොති. ඉධ පන මෙථුනධම‍්මො අධිප‍්පෙතො. මෙථුනං සෙවතො හි යස‍්ස කස‍්සචි නිස‍්සංසයමෙව මග‍්ගඵලානං අන‍්තරායො හොති. යස‍්ස ඛො පන තෙසු අත්‍ථායාති රාගක‍්ඛයාදීසු යස‍්ස අත්‍ථාය. ධම‍්මො දෙසිතොති අසුභභාවනාදිධම‍්මො කථිතො. තත්‍ර වත මන‍්ති තස‍්මිං අනිය්‍යානිකධම‍්මෙ මං. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

අන්තරායිකා ධම්මා මෙහි අන්තරාය කෙරෙත්නුයි අන්තරායිකා නම් වේ. ඔවුහු අර්ථ හෙයින් දැන දැන ඉක්මවන ලද සප්ත ආපත්ති ස්කන්‍ධයෝයි. දැන දැන ඉක්මවන ලද යටත් පිරිසෙයින් දුකුළා දුර්භාෂිතයක් වුවද මාර්ග ඵලයන්ට අන්තරාය කරයි. මෙහි වනාහි මෛථුන ධර්මය අදහස් කරන ලදී. මෙවුන්දම් සෙවුනා වූ යම් කෙනෙකුට නිසැකයෙන් ම මාර්ග ඵලයන්ට අන්තරාය කර වේ. යස්ස ඛො පන තෙ අත්‍ථාය රාගාදී කෙලෙස් ධර්ම ක්‍ෂය කිරීම් අතුරෙන් යමක් යමක් පිණිස ධම්මො දෙසිතොති අශුභ භාවනාදී ධර්මය වදාරන ලද ද තත්‍ර වතමං ඒ අනෛර්යානික ධර්මය මට ඉතිරිය කී ආකාරයෙන්ම දතයුතු.

දසබලඤාණාදිවණ‍්ණනා නිට‍්ඨිතා.