යෙදුමෙන් කියවන්න

අට‍්ඨපරිසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අට‍්ඨපරිසවණ‍්ණනා

අට්ඨපරිසවණ්ණනා

“අට‍්ඨ ඛො ඉමා සාරිපුත‍්තා”ති ඉදං කස‍්මා ආරද‍්ධං? වෙසාරජ‍්ජඤාණස‍්ස බලදස‍්සනත්‍ථං. යථා හි බ්‍යත‍්තං පරිසං අජ‍්ඣොගාහෙත්‍වා විඤ‍්ඤූනං චිත‍්තං ආරාධනසමත්‍ථාය කථාය ධම‍්මකථිකස‍්ස ඡෙකභාවො පඤ‍්ඤායති, එවං ඉමා අට‍්ඨ පරිසා පත්‍වා වෙසාරජ‍්ජඤාණස‍්ස වෙසාරජ‍්ජභාවො සක‍්කා ඤාතුන‍්ති වෙසාරජ‍්ජඤාණස‍්ස බලං දස‍්සෙන‍්තො, අට‍්ඨ ඛො ඉමා සාරිපුත‍්තාතිආදිමාහ.

අථ ඛො ඉමෙ සාරිපුත්ත මෙය කුමක් සඳහා ආරම්භ කළේද? වෛසාරද්‍ය ඥානයාගේ බලය දැක්වීම පිණිසය. යම් සේ වියත් පිරිසක් මැදට පැමිණි උගතුන්ගේ සිත් ගැනීමෙහි සමත් වූ කථාවෙන් ධර්ම කථිකයාගේ දක්‍ෂතාවය පෙනේද? මෙසේ මෙම අට පිරිස කරා පැමිණ වෛශාරද්‍ය ඥානයාගේ විශාරද බව දැකගන්නට හැකිවේනුයි වෛශාරද්‍ය ඤාණයාගේ බලය දක්වන සේක් අට්ඨ ඛො මො සාරිපුත්තා යනාදිය වදාළහ.

තත්‍ථ ඛත‍්තියපරිසාති ඛත‍්තියානං සන‍්නිපතිත්‍වා නිසින‍්නට‍්ඨානං, එස නයො සබ‍්බත්‍ථ. මාරකායිකානං පන සන‍්නිපතිත්‍වා නිසින‍්නට‍්ඨානං මාරපරිසා වෙදිතබ‍්බා, න මාරානං. සබ‍්බාපි චෙතා පරිසා උග‍්ගට‍්ඨානදස‍්සනවසෙන ගහිතා. මනුස‍්සා හි “එත්‍ථ රාජා නිසින‍්නො”ති පකතිවචනම‍්පි වත‍්තුං න සක‍්කොන‍්ති, කච‍්ඡෙහි සෙදා මුච‍්චන‍්ති. එවං උග‍්ගා ඛත‍්තියපරිසා. බ්‍රාහ‍්මණා තීසු වෙදෙසු කුසලා හොන‍්ති, ගහපතයො නානාවොහාරෙසු චෙව අක‍්ඛරචින‍්තාය ච. සමණා සකවාදපරවාදෙසු කුසලා හොන‍්ති. තෙසං මජ‍්ඣෙ ධම‍්මකථාකථනං නාම අතිවිය භාරො. අමනුස‍්සාපි උග‍්ගා හොන‍්ති. අමනුස‍්සොති හි වුත‍්තමත‍්තෙපි මනුස‍්සානං සකලසරීරං සඞ‍්කම‍්පති, තෙසං රූපං වා දිස‍්වා සද‍්දං වා සුත්‍වා සත‍්තා විසඤ‍්ඤිනො හොන‍්ති. එවං අමනුස‍්සපරිසා උග‍්ගා. තාසුපි ධම‍්මකථාකථනං නාම අතිවිය භාරො. ඉති උග‍්ගට‍්ඨානදස‍්සනවසෙන තා ගහිතාති වෙදිතබ‍්බා.

එහි ඛත්තිය පුරිසා ක්‍ෂත්‍රියයන් රැස්ව හුන් තැන සෑම තන්හිම මෙම ක්‍රමයමැයි. මාරකායික දෙවියන් රැස්ව හුන් තැන, මාරපරිසා යයි දතයුතුය. මාරයන් නොවේ. තව ද මේ සියලු පිරිස්ම උග්‍ර වූ ස්ථානයක් දැක්වීම් වශයෙන් ගන්නා ලදී. මිනිස්සු මෙහි රජතුමා හුන්නේයයි ප්‍රකෘති වචනය පවා කියන්නට නොහැකි වෙයි. දෙකිසිල්ලෙන් දහදිය වැගිරෙත්. මෙසේ ක්‍ෂත්‍රිය පිරිස උගයි. බමුණෝ ත්‍රිවේදයෙහි දක්‍ෂයෝ වෙති. ගෘහපතියෝ විවිධ ව්‍යවහාරයන්හි ද, අක්‍ෂර චින්තාවෙහි ද (දක්‍ෂ) වෙති. ශ්‍රමණයෝ ස්වවාද හා පරවාදයන්හි දක්‍ෂ වෙති. ඔවුන් මැද ධර්මදේශනා කිරීම නම් ඉතා බැරෑරුම්ය. අමනුෂ්‍යයෝ ද බොහෝ වෙති. අමනුෂ්‍යයන් යයි කී ඇසිල්ලෙහිම සියලු සිරුරු කම්පා වෙයි. ඔහුගේ රූපය දැක හෝ ශබ්දය අසා හෝ සත්ත්වයෝ සිහි නැතිවෙත්. මෙසේ අමනුෂ්‍ය පිරිසද බොහෝ විය. ඒ පිරිස මැද ධර්මදේශනය ද ඉතා බැරෑරුම්ය. මෙසේ උග්‍ර වූ ස්ථාන දැක්වීම් වශයෙන් ඒ පිරිස් ගත්තේ යයි දතයුතු.

අජ‍්ඣොගාහතීති අනුපවිසති. අනෙකසතං ඛත‍්තියපරිසන‍්ති බිම‍්බිසාරසමාගම ඤාතිසමාගම ලිච‍්ඡවීසමාගමසදිසං. අඤ‍්ඤෙසුපි චක‍්කවාළෙසු ලබ‍්භතියෙව. කිං පන භගවා අඤ‍්ඤානි චක‍්කවාළානිපි ගච‍්ඡතීති? ආම ගච‍්ඡති. කීදිසො හුත්‍වා? යාදිසා තෙ, තාදිසොයෙව. තෙනෙවාහ “අභිජානාමි ඛො පනාහං, ආනන්‍ද, අනෙකසතං ඛත‍්තියපරිසං උපසඞ‍්කමිතා, තත්‍ථ යාදිසකො තෙසං වණ‍්ණො හොති, තාදිසකො මය‍්හං වණ‍්ණො හොති. යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය‍්හං සරො හොති. ධම‍්මියා කථාය සන්‍දස‍්සෙමි සමාදපෙමි සමුත‍්තෙජෙමි සම‍්පහංසෙමි. භාසමානඤ‍්ච මං න ජානන‍්ති ‘කො නු ඛො අයං භාසති දෙවො වා මනුස‍්සො වා’ති. ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා අන‍්තරධායාමි. අන‍්තරහිතඤ‍්ච මං න ජානන‍්ති ‘කො නු ඛො අයං අන‍්තරහිතො දෙවො වා මනුස‍්සො වා’”ති (දී· නි· 2.172).

අජ්ඣොගාහති ඇතුළත පිවිසෙයි. අනෙකසතං ඛත්තිය පරිසං බිම්බිසාර සමාගම, ඤාති සමාගම, ලිච්ඡවි සමාගම සමාන වූ (සමාගම්) අන් සක්වළද ලැබේ. කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේ අන් සක්වළ වලටත් යන සේක්ද, එසේය යති. කෙබඳුවද, ඔවුහු යම්බඳු වූයේද එබඳුවම යත්. එහෙයින් වදාළහ. මම යම්කිසි සියගණන් ක්‍ෂත්‍රිය පිරිස් කරා එළඹුන බව දනිමි. එහි ඔවුන්ගේ යම්බඳු වර්ණයක් වීද මාගේ ද එබඳු වූ වර්ණයම වෙයි. ඔවුන්ගේ යම්කිසි ස්වරයක් වේද මාගේ ද එබඳුම ස්වරය වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. -පෙ- සතුටු කරවමි. කථා කරන්නා වූ මා (හා) කවරෙක් කථා කෙරේද දෙවියෙක් හෝ මිනිසෙක් හෝ දැයි නො දනිති. යළි දැහැමි කථාවෙන් කරුණු දක්වා -පෙ- සතුටු කරවා අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා මේ කවරෙක් අතුරුදහන් වූයේද දෙවියෙක් හෝ මිනිසෙක්දැයි නොදනිත්.

ඛත‍්තියා කෙයූරඞ‍්ගදමාලාගන්‍ධාදිවිභූසිතා නානාවිරාගවසනා ආමුක‍්කමණිකුණ‍්ඩලා මොළිධරා හොන‍්ති. කිං භගවාපි එවං අත‍්තානං මණ‍්ඩෙති? තෙ ච ඔදාතාපි හොන‍්ති කාළාපි මංගුලච‍්ඡවීපි. කිං සත්‍ථාපි එවරූපො හොතීති? සත්‍ථා අත‍්තනො පබ‍්බජිතවසෙනෙව ගච‍්ඡති, තෙසං පන තාදිසො හුත්‍වා උපට‍්ඨාති, ගන‍්ත්‍වා රාජාසනෙ නිසින‍්නං අත‍්තානං දස‍්සෙති, තෙසං “අජ‍්ජ අම‍්හාකං රාජා අතිවිය විරොචතී”ති හොති. තෙ ච භින‍්නස‍්සරාපි හොන‍්ති ගග‍්ගස‍්සරාපි කාකස‍්සරාපි. සත්‍ථා බ්‍රහ‍්මස‍්සරෙනෙව ධම‍්මං කථෙති. තාදිසකො මය‍්හං සරො හොතීති ඉදං පන භාසන‍්තරං සන්‍ධාය කථිතං. මනුස‍්සානං පන තං සුත්‍වා “අජ‍්ජ රාජා මධුරෙන සරෙන කථෙතී”ති හොති. කථෙත්‍වා පක‍්කන‍්තෙ ච භගවති පුන රාජානං ආගතං දිස‍්වා “කො නු ඛො අය”න‍්ති වීමංසා උප‍්පජ‍්ජති.

ක්‍ෂත්‍රියයෝ වළලු අඟු පළඳනා මල් ගඳ ආදියෙන් සැරසුණාහූ විවිධ වර්ණ වස්ත්‍ර ඇත්තාහු පළන් මිණිකොඬොල් ඇත්තාහූ මුහුළු දරන්නාහු වෙති. කිම භාග්‍යවතුන් වහන්සේ ද එපරිද්දෙන් සැරසෙත්ද? තව ද ඔවුහූ සුදු වූවාහු කළු වූවාහු වගුරුවන් සිවි ඇත්තාහු වෙති. කිම ශාස්තෲන් වහන්සේත් එබඳු වෙත්ද? ශාස්තෲන් වහන්සේ තමන්ගේ පැවිදි වෙසින්ම වඩියි. එසේ වුවත් ඔවුන්ට එබඳුම වැටහෙත්. ගොස් රාජාසනයෙහි හුන්නාහු තමන් දක්වති. ඔවුන්ට අපේ රජ්ජුරුවෝ වෙසෙසින් බබළතියි සිත්වෙයි. ඔව්හූ සිඳුණු ස්වර ඇත්තාහු බැඳුණු ස්වර ඇත්තාහු කාක ස්වර ඇත්තාහු වෙති. තථාගතයෝ බ්‍රහ්ම ස්වරයෙන්ම බණ වදාරති. තාදිසකො මය්හං ඝරො මෙය වනාහි භාෂාන්තරය සඳහා කියන ලදී. මිනිස්සු ඒ අසා අද රජතුමා මිහිරි හඬින් කථා කරතියි සිතයි. තව ද භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ආපසු නික්මගිය කල්හි, යළි ආවා වූ රජු දැක මොහු කවරෙක්දැයි විමති උපදියි.

ඉදං වුත‍්තං හොති – කො නු ඛො අයං ඉමස‍්මිං ඨානෙ ඉදානෙව මාගධභාසාය සීහළභාසාය මධුරෙන සරෙන කථෙන‍්තො අන‍්තරහිතො, කිං දෙවො, උදාහු මනුස‍්සොති? කිමත්‍ථං පනෙවං අජානන‍්තානං ධම‍්මං දෙසෙතීති? වාසනත්‍ථාය. එවං සුතොපි හි ධම‍්මො අනාගතෙ පච‍්චයො හොතියෙවාති අනාගතං පටිච‍්ච දෙසෙතීති.

මෙය කියන ලදී. මේ ස්ථානයෙහි මෙවිටම මගද බසින් සිංහල බසින් මිහිරි හඬින් කථා කරමින් අතුරුදහන් වුයේ කවරෙක්ද? කිම දෙවියෙක් ද, මිනිසෙක්ද? කුමක් පිණිස මෙසේ නොදත්තවුන්ට දහම් දෙසත්ද? වාසනාව පිණිසය. මෙසේ අසන ලද ධර්මය අනාගතයෙහි ප්‍රත්‍යයම වේ යයි අනාගතය සඳහා දේශනා කරන සේක.

සන‍්නිසින‍්නපුබ‍්බන‍්ති සඞ‍්ගම‍්ම නිසින‍්නපුබ‍්බං. සල‍්ලපිතපුබ‍්බන‍්ති ආලාපසල‍්ලාපො කතපුබ‍්බො. සාකච‍්ඡාති ධම‍්මසාකච‍්ඡාපි සමාපජ‍්ජිතපුබ‍්බා. අනෙකසතං බ්‍රාහ‍්මණපරිසන‍්තිආදීනම‍්පි සොණදණ‍්ඩසමාගමාදිවසෙන චෙව අඤ‍්ඤචක‍්කවාළවසෙන ච සම‍්භවො වෙදිතබ‍්බො.

සන්නිසින්න පුබ්බන්ති එක්ව හුන් පරිදිය. සල්ලපිත පුබ්බ ආලාප සල්ලාප කළ පරිදිය. සාකච්ඡාති ‘ධර්ම සාකච්ඡා පැමිණෙන ලද විරූය. අනෙකසතං බ්‍රාහ්මණ පරිසම්පි යනාදීන්ගේ සෝමදණ්ඩ සමාගම ආදී වශයෙන් ද අන්‍ය චක්‍රාවාට වශයෙන් ද ස්වභාවය දතයුතුය.

අට‍්ඨපරිසවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුයොනිවණ‍්ණනා

චතුයොනිවණ්ණනා

චතස‍්සො ඛො ඉමා, සාරිපුත‍්ත, යොනියොති එත්‍ථ යොනීති ඛන්‍ධකොට‍්ඨාසස‍්සපි කාරණස‍්සපි පස‍්සාවමග‍්ගස‍්සපි නාමං. “චතස‍්සො නාගයොනියො චතස‍්සො සුපණ‍්ණයොනියො”ති (සං· නි· 3.342, 392) එත්‍ථ හි ඛන්‍ධකොට‍්ඨාසො යොනි නාම. “යොනි හෙසා භූමිජ ඵලස‍්ස අධිගමායා”ති (ම· නි· 2.227) එත්‍ථ කාරණං. “න චාහං බ්‍රාහ‍්මණං බ්‍රූමි, යොනිජං මත‍්තිසම‍්භව”න‍්ති (ම· නි· 2.457; ධ· ප· 396) එත්‍ථ පස‍්සාවමග‍්ගො. ඉධ පන ඛන්‍ධකොට‍්ඨාසො යොනීති අධිප‍්පෙතො. තත්‍ථ අණ‍්ඩෙ ජාතා අණ‍්ඩජා. ජලාබුම‍්හි ජාතා ජලාබුජා. සංසෙදෙ ජාතා සංසෙදජා. විනා එතෙහි කාරණෙහි උප‍්පතිත්‍වා විය නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තාති ඔපපාතිකා. අභිනිබ‍්භිජ‍්ජ ජායන‍්තීති භින්‍දිත්‍වා නික‍්ඛමනවසෙන ජායන‍්ති. පූතිකුණපෙ වාතිආදීහි අනිට‍්ඨට‍්ඨානානෙව දස‍්සිතානි. ඉට‍්ඨෙසුපි සප‍්පිතෙලමධුඵාණිතාදීසු සත‍්තා ජායන‍්ති එව.

චතස්සො ඛො ඉමෙ සාරිපුත්ත යොනියො මෙහි යොනි යනු ස්කන්‍ධ කොට්ඨාශයකට ද, කාරණයට ද, ප්‍රසව මාර්ගයට ද නමකි. චතස්සො නාගයොනියො චතස්සො සුපණ්ණ යොනියො ආදී තැන්වල ස්කන්‍ධ කොට්ඨාශයෝම යෝනි නම් වේ. යෝනි හෙසා භූමිජ ඵලස්ස අධිගමාය යන මෙහි කාරණයයි. නවාහං බ්‍රාහ්මණ බ්‍රෑමි යොනිජං මත්ති සම්භවං මෙහි ප්‍රසව මාර්ගය ‘යොනි’ යයි අදහස් කෙරේ. එහි බිජුවටෙහි උපන්නාහු අණ්ඩජ නම් වෙති. දළබුවෙහි උපන්නාහු ජලාබුජ නම් වෙති. වැදෑමසෙහි උපන්නාහු සංසෙදජ නම් වෙති. මේ හැර උපදින්නාහු ඕපපාතික නම් වෙති. අභිනබ්භිජ්ජ ජායන්ති බිඳ නික්මීම් වශයෙන් උපදිත්. පූති කුණාපෙවා යනාදීහු වනාහි අනිෂ්ට වූවාහුම දක්වන ලදී. එතකුදු වුවත් ඉෂ්ට වූ ද ගිතෙල් තලතෙල් - මීපැණි ආදීන්හි සත්ත්වයෝ උපදිත්මැයි.

දෙවාතිආදීසු චාතුමහාරාජිකතො පට‍්ඨාය උපරිදෙවා ඔපපාතිකාව හොන‍්ති. භූමදෙවා පන චතුයොනිකා. එකච‍්චෙ ච මනුස‍්සාති මනුස‍්සෙසු කෙචි දෙවා විය ඔපපාතිකා ච හොන‍්ති. යෙභුය්‍යෙන පනෙතෙ ජලාබුජාව, අණ‍්ඩජාපි එත්‍ථ කොන‍්තපුත‍්තා ද‍්වෙභාතියත්‍ථෙරා විය, සංසෙදජාපි පදුමගබ‍්භෙ නිබ‍්බත‍්තපොක‍්ඛරසාතිබ්‍රාහ‍්මණපදුමවතිදෙවීආදයො විය, එවං විනිපාතිකෙසු නිජ‍්ඣාමතණ‍්හිකපෙතා නෙරයිකා විය ඔපපාතිකායෙව, අවසෙසා චතුයොනිකාපි හොන‍්ති. යථා තෙ එවං යක‍්ඛාපි සබ‍්බචතුප‍්පදපක‍්ඛිජාතිදීඝජාතිආදයොපි සබ‍්බෙ චතුයොනිකායෙව.

දෙවා යනාදියෙහි චාතුර්මහා රාජිකයෙහි පටන් මත්තෙහි දෙවිවරු ඕපපාතික වෙති. භූමාටු දෙවියෝ වනාහි සිව්යෝනි වෙති. එකච්චෙව මනුස්සා මිනිසුන් අතුරෙන් කිසිවෙක්ම ඕපපාතික වෙති. මොව්හු වනාහි බොහෝසෙයින් ජලාබුජයෝමය. කුන්තක පුත්‍ර වූ දෙබෑ තෙරුන් මෙන් අණ්ඩජයෝ ද වෙත්. පියුම්ගැබ උපන් පොක්ඛරසාති බ්‍රාහ්මණ හා පද්මාවතී දේවී ආදීන් මෙන් සංසේදජයෝ ද වෙත්. විනිපාතිකයන් අතුරෙහි නිජ්ඣාම තන්භික ප්‍රේතයෝ නිරිසතුන් මෙන් ඕපපාතිකයෝමයි. සෙස්සෝ සිව්යෝනි ඇත්තාහු ද වෙති. ඔවුන් යම්සේ ද යක්‍ෂයෝ ද සියලු සිවුපාවුන්, පක්‍ෂි ජාති - දීර්ඝ ජාති ආදී වූ සියල්ලෝ සතරයෝනි ඇත්තාහුමය.

චතුයොනිවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ‍්චගතිවණ‍්ණනා

පඤ්චගතිවණ්ණනා

පඤ‍්ච ඛො ඉමා, සාරිපුත‍්ත, ගතියොති එත්‍ථ සුකතදුක‍්කටකම‍්මවසෙන ගන‍්තබ‍්බාති ගතියො. අපිච ගතිගති නිබ‍්බත‍්තිගති අජ‍්ඣාසයගති විභවගති නිප‍්ඵත‍්තිගතීති බහුවිධා ගති නාම. තත්‍ථ “තං ගතිං පෙච‍්ච ගච‍්ඡාමී”ති (අ· නි· 4.184) ච, “යස‍්ස ගතිං න ජානන‍්ති, දෙවා ගන්‍ධබ‍්බමානුසා”ති (ධ· ප· 420) ච අයං ගතිගති නාම. “ඉමෙසං ඛො අහං භික‍්ඛූනං සීලවන‍්තානං නෙව ජානාමි ගතිං වා අගතිං වා”ති (ම· නි· 1.508) අයං නිබ‍්බත‍්තිගති නාම. “එවම‍්පි ඛො තෙ අහං බ්‍රහ‍්මෙ ගතිං ච පජානාමි ජුතිඤ‍්ච පජානාමී”ති (ම· නි· 1.503) අයං අජ‍්ඣාසයගති නාම. “විභවො ගති ධම‍්මානං, නිබ‍්බානං අරහතො ගතී”ති (පරි· 339) අයං විභවගති නාම. “ද‍්වෙයෙව ගතියො භවන‍්ති අනඤ‍්ඤා”ති (දී· නි· 1.258; 2.34) අයං නිප‍්ඵත‍්තිගති නාම. තාසු ඉධ ගතිගති අධිප‍්පෙතා.

පංච ඛො ඉමා සාරිපුත්තගතියො යන මෙහි මනාව කළ කර්ම හා නපුරුකොට කළ කර්ම වශයෙන් යා යුතු වන්නේ යයි ගති නම් වේ. තවද ගති ගති, පවත්නා ගති, අධ්‍යාශය ගති, විභව ගති, නිෂ්පත්ති ගති යයි ගතිය බහුවිධ වන්නීය. එහි කං ගතිං පෙච්චගච්ඡාමියි ද, යස්ස ගතිං න ජානත්ති දෙවා ගන්‍ධබ්බ මනුස්සා යි ද, මොව්හූ ‘ගති ගති’ නමි. ඉමෙසං ඛො අහං භික්ඛුනං සීලවන්තානං නෙව ජානාමි ගතිං වා ආගතිං වා යන මොව්හූ ‘නිබ්බන්ති ගති’ නමි. එවම්පි ඛො තෙ අහං බ්‍රහ්ම ගතිඤ්ච පජානාමි චුතිඤ්ච පජානාමි යන මොව්හූ අජ්ඣාසයගති’ නමු. විභවො ගති ධම්මානං නිබ්බානං අරහතො ගති යන මොව්හු ‘විභව ගති’ නමු. දෙව එව ගතියො භවන්ති අනඤ්ඤා යන මොවුහු ‘නිපවත්තිගති’ නමු. ඔවුනතුරෙන් මෙහි ‘ගති ගති’ය අදහස් කරන ලදී.

නිරයොතිආදීසු නිරතිඅත්‍ථෙන නිරස‍්සාදට‍්ඨෙන නිරයො. තිරියං අඤ‍්ඡිතාති තිරච‍්ඡානා. තෙසං යොනි තිරච‍්ඡානයොනි. පෙච‍්චභාවං පත‍්තානං විසයොති පෙත‍්තිවිසයො. මනසො උස‍්සන‍්නත‍්තා මනුස‍්සා. පඤ‍්චහි කාමගුණෙහි අත‍්තනො අත‍්තනො ආනුභාවෙහි ච දිබ‍්බන‍්තීති දෙවා. නිරයඤ‍්චාහං, සාරිපුත‍්තාතිආදීසු නිරයොති සද‍්ධිං ඔකාසෙන ඛන්‍ධා. තිරච‍්ඡානයොනිං චාතිආදීසුපි එසෙව නයො. මග‍්ගං පටිපදන‍්ති උභයෙනාපි වුත‍්තගතිසංවත‍්තනික කම‍්මමෙව දස‍්සෙති. යථා ච පටිපන‍්නොති යෙන මග‍්ගෙන යාය පටිපදාය පටිපන‍්නොති උභයම‍්පි එකතො කත්‍වා නිද‍්දිසති. අපායන‍්තිආදීසු වඩ‍්ඪිසඞ‍්ඛාතා සුඛසඞ‍්ඛාතා වා අයා අපෙතත‍්තා අපායො. දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති දුග‍්ගති. දුක‍්කටකාරිනො එත්‍ථ විනිපතන‍්තීති විනිපාතො. නිබ‍්බානඤ‍්චාහන‍්ති ඉදං පන න කෙවලං ගතිගතිමෙව, ගතිනිස‍්සරණං නිබ‍්බානම‍්පි ජානාමීති දස‍්සනත්‍ථමාහ. ඉධ මග‍්ගො පටිපදාති උභයෙනාපි අරියමග‍්ගොව වුත‍්තො.

නිරයො යනාදියෙහි ආශාවන් නැති අර්ථයෙන් ද, ආශ්වාද රහිත අර්ථයෙන් ද ‘නිරය” නම් වේ. සරසට ගියේනුයි ‘තිරච්ඡාන’ නම් වේ. ඔවුන්ගේ යෝනිය තිරච්ඡාන යෝනි වේ. ප්‍රේතභාවයට පැමිණියවුන්ගේ විෂයනුයි. පෙත්ති විසය නම් වේ. මනසින් උත්සන්න බැවින් මනුස්සා නම් වේ. පංචකාමයන් නිසා ද තම තමන්ගේ ආනුභාවයෙන් ද ක්‍රීඩා කෙරෙත්නුයි ද්වෙ නම් වේ. නිරයඤ්චාහං සාරිපුත්ත යනාදියෙහි නිරයො යනු අවකාශය සමග ස්කන්‍ධයෝයි. තිරච්ඡාන යොනිඤ්ච ආදියෙහි මෙම න්‍යායමැයි. මග්ගං පටිපදං යන දෙකින් ම ඒ ඒ ගතිය පිණිස පවත්නා වූ කර්මයම දක්වයි. යථා පටිපන්නො යම් මාර්ගයකින් යම් ප්‍රතිපදාවකින් පිළිපන්නේ යයි දෙකම එකක් වශයෙන් ගෙන දක්වයි. අපායං යනාදියෙහි වැඩීම් වශයෙන් හෝ සුව විදීම් වශයෙන් අයයෙන් පහවූ බැවින් අපාය නම් වෙයි. දුකට ගතිය පිළිසරණනුයි දුග්ගති නමි. දුෂ්කර කාර්යයන් මෙහි විවසව වැටෙත්නුයි විනිපාත නමි. නිබ්බාණඤ්චාහං යන මෙහි හුදෙක් ගතියම නොවේ. ගති නිස්සරණය (ගතියෙන් වැළකීම) වූ නිවන ද දනිමියි දක්වනු පිණිස වදාළහ. මෙහි මග්ගො, පටිපදා යන දෙකින්ම ආර්ය මාර්ගයම කියන ලද්දේය.

පඤ‍්චගතිවණ‍්ණනා නිට‍්ඨිතා.

ඤාණප‍්පවත‍්තාකාරවණ‍්ණනා

ඤාණප්පවත්තාකාරවණ්ණනා

ඉදානි යථාවුත‍්තෙසු සත‍්තසු ඨානෙසු අට‍්ඨසු ඨානෙසු අත‍්තනො ඤාණප‍්පවත‍්තාකාරං දස‍්සෙන‍්තො ඉධාහං, සාරිපුත‍්තාතිආදිමාහ.

දැන් කියන ලද ස්ථානයන්හි තමන්ගේ ඤාණය පවත්නා ආකාරය දක්වන්නේ ඉදානි සාරිපුත්ත ආදිය කීහ.

තත්‍ථ එකන‍්තදුක‍්ඛාති නිච‍්චදුක‍්ඛා නිරන‍්තරදුක‍්ඛා. තිබ‍්බාති බහලා. කටුකාති ඛරා. සෙය්‍යථාපීතිආදීනි ඔපම‍්මදස‍්සනත්‍ථං වුත‍්තානි. තත්‍ථ කාසූති ආවාටොපි වුච‍්චති රාසිපි.

එහි එකන්ත දුක්ඛාති නිත්‍යයෙන් දුක් වූ නිරන්තරයෙන් දුක් වූ තිප්පා බහුල වූ, කටුකා රළු වූ සෙය්‍යථාපි යනාදිය සමානකම දැක්වීම පිණිස වදාරණ ලදී. එහි කාසූ යන්නෙන් වළඳ රැස ද කියනු ලැබේ.

“කින‍්නු සන‍්තරමානොව, කාසුං ඛණසි සාරථි; පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි, කිං කාසුයා කරිස‍්සසී”ති. (ජා· 2.22.3) –

කින්නු සන්තර මානොව - කාසු බණසි සාරථි පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං කාසුයා කරිස්ස සි

එම්බා රියැදුර, කුමක් හෙයින් වළ සාරයිද? යහළුව, වළෙන් ඔබට කවර ප්‍රයෝජනයක් දැයි අසන මට පිළිතුරු දෙනු මැනවි.

එත්‍ථ හි ආවාටො කාසු නාම.

මෙහි කාසු නම් ආවාටයයි වළයි.

“අඞ‍්ගාරකාසුං අපරෙ ඵුනන‍්ති, නරා රුදන‍්තා පරිදඩ‍්ඪගත‍්තා”ති. (ජා· 2.22.462) –

අංගාර කාසුං අපරෙ පුණන්ති, නරා රුදන්තා පරිදඩ්ඪ ගත්තා

අනෙක් මිනිස්සු හඬන්නාහු හාත්පසින් දැවුණු සිරුරු ඇත්තාහු අඟුරු රැස විසුරුවත්.

එත්‍ථ රාසි. ඉධ පන ආවාටො අධිප‍්පෙතො. තෙනෙවාහ “සාධිකපොරිසා”ති. තත්‍ථ සාධිකං පොරිසං පමාණං අස‍්සාති සාධිකපොරිසා, අතිරෙකපඤ‍්චරතනාති අත්‍ථො. වීතච‍්චිකානං වීතධූමානන‍්ති එතං පරිළාහස‍්ස බලවභාවදීපනත්‍ථං වුත‍්තං, අච‍්චියා වා සති ධූමෙ වා සති, වාතො සමුට‍්ඨාති, තෙන පරිළාහො න බලවා හොති. ඝම‍්මපරෙතොති ඝම‍්මානුගතො. තසිතොති ජාතතණ‍්හො. පිපාසිතොති උදකං පාතුකාමො. එකායනෙන මග‍්ගෙනාති එකපථෙනෙව මග‍්ගෙන, අනුක‍්කමනියෙන උභොසු පස‍්සෙසු නිරන‍්තරකණ‍්ටකරුක‍්ඛගහනෙන. පණිධායාති අඞ‍්ගාරකාසුයං පත්‍ථනා නාම නත්‍ථි, අඞ‍්ගාරකාසුං ආරබ‍්භ පන ඉරියාපථස‍්ස ඨපිතත‍්තා එවං වුත‍්තං.

එහි ‘කාසු’ නම් රාශියයි. මෙහිද ආවාට ‘වළ’ අදහස් කරනු ලැබේ. එහෙයින් කියන ලදී. සාධික පොරිසං පුරංගාරානං යනු අධිකයක් සහිත වූ පුරුෂ ප්‍රමාණය මොහුට ඇත්තේනුයි සාධික පොරිසං පුරංගාරානං යනු වේ. අතිරේක වූ පස්රියනක් යනු අර්ථයි. විච්චිකානං වීතධුමානං යන මෙය පරිදාහයේ බලවත් බව දැක්වීම පිණිස කියන ලදී. ගිනිසිල හෝ දුම ඇති කල්හි වාතය හටගනී. එහෙයින් පරිදාහය බලවත් නොවේ. සම්ම පරතො ග්‍රීෂ්මය අනුව ගියේ තසිතො යනු හටගත් තෘෂ්ණා ඇත්තේ, පිපාසිතො දිය බොනු කැමැත්තේ, එකාසනො මග්ගො නාති එකම මගකින්ම. පිළිවෙළින් යා යුතු වූ දෙපැත්තෙන්ම නිරතුරුවම කටු රුක්වලින් ගහණ වූ පණිධායා අඟුරුවල ප්‍රාර්ථනාවක් නැත්තේම ය. අඟුරුවළ අරභයා ඉරියව් පිහිටවන ලද බැවින් මෙසේ කියන ලදී.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – අඞ‍්ගාරකාසු විය හි නිරයො දට‍්ඨබ‍්බො. අඞ‍්ගාරකාසුමග‍්ගො විය නිරයූපගං කම‍්මං. මග‍්ගාරුළ‍්හො විය කම‍්මසමඞ‍්ගී පුග‍්ගලො. චක‍්ඛුමා පුරිසො විය දිබ‍්බචක‍්ඛුකො භගවා. යථා සො පුරිසො මග‍්ගාරුළ‍්හං දිස‍්වා විජානාති “අයං ඉමිනා මග‍්ගෙන ගන‍්ත්‍වා අඞ‍්ගාරකාසුයං පතිස‍්සතී”ති, එවමෙවං භගවා පාණාතිපාතාදීසු යංකිඤ‍්චි කම‍්මං ආයූහන‍්තං එවං ජානාති “අයං ඉමං කම‍්මං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තිස‍්සත‍්තී”ති. යථා සො පුරිසො අපරභාගෙ තං අඞ‍්ගාරකාසුයා පතිතං පස‍්සති, එවමෙව භගවා අපරභාගෙ “සො පුරිසො තං කම‍්මං කත්‍වා කුහිං නිබ‍්බත‍්තො”ති ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙන‍්තො නිරයෙ නිබ‍්බත‍්තං පස‍්සති පඤ‍්චවිධබන්‍ධනාදිමහාදුක‍්ඛං අනුභවන‍්තං. තත්‍ථ කිඤ‍්චාපි තස‍්ස කම‍්මායූහනකාලෙ අඤ‍්ඤො වණ‍්ණො, නිරයෙ නිබ‍්බත‍්තස‍්ස අඤ‍්ඤො. අථාපි “සො සත‍්තො තං කම‍්මං කත්‍වා කත්‍ථ නිබ‍්බත‍්තො”ති ඔලොකෙන‍්තස‍්ස අනෙකසහස‍්සානං සත‍්තානං මජ‍්ඣෙ ඨිතොපි “අයං සො”ති සොයෙව සත‍්තො ආපාථං ආගච‍්ඡති, “දිබ‍්බචක‍්ඛුබලං නාම එත”න‍්ති වදන‍්ති.

එවමෙව ඛො යන මෙහි මේ සමානකම සැසදීමයි. අඟුරුවළ මෙන් නිරය දතයුතු, අඟුරුවළට යන මග මෙන් නිරයට පැමිණෙන කර්මය ද, මගට බැසගත්තහු මෙන් කර්මයෙන් යුක්ත පුද්ගලයා ද, ඇස් ඇති පුද්ගලයා මෙන් දිවැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ද, යම් සේ ඒ පුද්ගලයා ගමන් ගන්නා දැක මේ පුද්ගලයා මේ මගින් ගොස් අඟුරුවළට වැටෙන්නේ යයි දැනගනී ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රාණඝාතාදීන් අතුරෙන් යම්කිසි කමයක් රැස් කරන්නේ මොහු මෙම කර්මය කොට කොහේ උපදින්නේදැයි ආලෝකය විහිදුවා දිවැසින් බලන්නේ නිරයෙහි උපදින බව දකියි. පංචවිධ බන්‍ධනාදී මහා දුක් විඳින්නාහු දක්නා සේක. තවෙකක් ඇත. ඔහු එහි (මිනිස්ලොව) කර්ම රැස්කරන කාලයෙහි ඔහුගේ වර්ණය අනිකෙක. නිරයෙහි උපන් කාලයෙහි වර්ණය අනිකෙක. එකල්හිත් ඒ සත්ත්ව තෙමේ කර්මයකොට එහි (නිරයෙහි) උපන්නේ යයි බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ නොයෙක් දහස් ගණන් සත්ත්වයන් මධ්‍යයෙහි සිටියේ නමුත් ‘මේ හෙතෙමේ’ යයි ඒ සත්ත්වයාවම හඳුනාගැනීමට හැකිවෙයි. දිවැස්හුගේ ඵලය නම් එයයි.

දුතියඋපමායං යස‍්මා අඞ‍්ගාරකාසුයං විය ගූථකූපෙ පරිළාහො නත්‍ථි, තස‍්මා “එකන‍්තදුක‍්ඛා”ති අවත්‍වා “දුක‍්ඛා”තිආදිමාහ. එත්‍ථාපි පුරිමනයෙනෙව ඔපම‍්මසංසන්‍දනං වෙදිතබ‍්බං. ඉමම‍්පි හි පුග‍්ගලං භගවා හත්‍ථියොනිආදීසු යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්තං වධබන්‍ධනආකඩ‍්ඪනවිකඩ‍්ඪනාදීහි මහාදුක‍්ඛං අනුභවමානං පස‍්සතියෙව.

දෙවැනි උපමාවෙහි යම්හෙයකින් අඟුරු වළෙහි මෙන් ගූථ කුපයෙහි දැවිල්ලක් නැත්ද එහෙයින් එකන්ත අදුක්ඛා යයි නො කියා දුක්ඛා යනාදිය කීහ. මෙහි ද පළමු ක්‍රමය මෙන් ම සමානකම සසඳන බව දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයා ද හස්ති යෝනි ආදියෙහි යම්කිසි තැනෙක උපන්නහු වධ බන්‍ධන, ඇදීම ඉදිරියට ඇදීම පසුපසට ඇදීම ආදී වශයෙන් මහත් වූ දුක්විඳින බව දකින්නේම ය.

තතියඋපමායං තනුපත‍්තපලාසොති න අබ‍්භපටලං විය තනුපණ‍්ණො, විරළපණ‍්ණත‍්තං පනස‍්ස සන්‍ධාය ඉදං වුත‍්තං. කබරච‍්ඡායොති විරළච‍්ඡායො. දුක‍්ඛබහුලාති පෙත‍්තිවිසයස‍්මිඤ‍්හි දුක‍්ඛමෙව බහුලං, සුඛං පරිත‍්තං කදාචි අනුභවිතබ‍්බං හොති, තස‍්මා එවමාහ. එත්‍ථාපි පුරිමනයෙනෙව ඔපම‍්මසංසන්‍දනං වෙදිතබ‍්බං.

තුන්වැනි උපමාවෙහි තනුපත්ත පලායො යනු වලා පටලයක් මෙන් නොව, තුන් පත්‍ර ඇත්තේ, ඒ ගස විරල වූ, කොළ ඇති බව දැක්වීම සඳහා වදාරන ලදී. කබරච්ඡායො විරල වූ සෙවන ඇත්තේ දුක්ඛ බහුලො ප්‍රේත විෂයෙහි දුකම බහුල වේද මද වූ සැපයම වින්ද යුතු වේ. මෙය ද පෙර කී ආකාරයෙන්ම සමානකම් සැසඳිය යුතු වේ.

චතුත්‍ථඋපමායං බහලපත‍්තපලාසොති නිරන‍්තරපණ‍්ණො පත‍්තසඤ‍්ඡන‍්නො. සන‍්තච‍්ඡායොති පාසාණච‍්ඡත‍්තං විය ඝනච‍්ඡායො. සුඛබහුලා වෙදනාති මනුස‍්සලොකෙ ඛත‍්තියකුලාදීසු සුඛබහුලා වෙදනා වෙදයිතබ‍්බා හොති, තා වෙදයමානං නිපන‍්නං වා නිසින‍්නං වා පස‍්සාමීති දස‍්සෙති. ඉධාපි ඔපම‍්මසංසන්‍දනං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

සතරවැනි උපමාවෙහි බහලපත්ත පලායො බහුල වූ කොළ ඇත්තේ, කොළවලින් ගැවසීගත්තේ, සන්‍දච්ඡායො පහණ සතක් මෙන් ඝණ වූ සෙවන ඇත්තේ සුබ්බහුලා වෙදනා මිනිස් ලොව ක්‍ෂත්‍රිය කුල ආදී සැප බහුල වූ වේදනාවේ විඳිය යුත්තාහු වෙති. ඒ සුව වේදනා විඳීමෙන් උන්නා වූ හෝ හොත්තා වූ හෝ (අය) දකින්නෙමියි දක්වයි. මෙහි ද උපමා සංසන්දනය පෙර පරිදිම දතයුතුයි.

පඤ‍්චමඋපමායං පාසාදොති දීඝපාසාදො. උල‍්ලිත‍්තාවලිත‍්තන‍්ති අන‍්තො චෙව උල‍්ලිත‍්තං බහි ච අවලිත‍්තං. ඵුසිතග‍්ගළන‍්ති ද‍්වාරබාහාහි සද‍්ධිං සුපිහිතකවාටං. ගොනකත්‍ථතොති චතුරඞ‍්ගුලාධිකලොමෙන කාළකොජවෙන අත්‍ථතො. පටිකත්‍ථතොති උණ‍්ණාමයෙන සෙතඅත්‍ථරණෙන අත්‍ථතො. පටලිකත්‍ථතොති ඝනපුප‍්ඵකෙන උණ‍්ණාමයඅත්‍ථරණෙන අත්‍ථතො. කදලිමිගපවරපච‍්චත්‍ථරණොති කදලිමිගචම‍්මමයෙන උත‍්තමපච‍්චත්‍ථරණෙන අත්‍ථතො. තං කිර පච‍්චත්‍ථරණං සෙතවත්‍ථස‍්ස උපරි කදලිමිගචම‍්මං අත්‍ථරිත්‍වා සිබ‍්බෙත්‍වා කරොන‍්ති. සඋත‍්තරච‍්ඡදොති සහ උත‍්තරච‍්ඡදෙන, උත‍්තරිබද‍්ධෙන රත‍්තවිතානෙන සද‍්ධින‍්ති අත්‍ථො. උභතොලොහිතකූපධානොති සීසූපධානඤ‍්ච පාදූපධානඤ‍්චාති පල‍්ලඞ‍්කස‍්ස උභතො ඨපිතලොහිතකූපධානො. ඉධාපි උපමාසංසන්‍දනං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

පස්වැනි උපමාවෙහි පාසාදො දීර්ඝ ප්‍රාසාදයක්, උල්ලිත්තාවලිත්තං ඇතුළත හා පිටත හුණු ආලේප කළ, ඵුස්සිතග්ගලං මනාකොට වසන ලද දොර ජනෙල් ඇති, ගොනකත්‍ථතො අඟල් සතරක් පමණ දික් වූ ලොම් ඇති කොඳු පලසින් අතුරන ලද පටිකත්‍ථතො එළුලොම් මුවා සුදු ඇතිරියෙන් අතුරන ලද, පඨලි කත්‍ථතො ඝන වූ සුප් ඇති එළුලොම් මුවා සුදු ඇතිරියෙන් අතුරන ලද, කදලි මිග පවර පච්චත්‍ථරණො කෙසෙල් මුවසම් මුවා උතුම් පසතුරුණෙන් අතුරන ලද, යන අර්ථයි. ඒ පසතුරුණු සුදු වතක් මතුයෙහි කෙසෙල්මුව සම් අතුරා මසා නිම කෙරෙත්ල. ස උත්තරච්ඡාදො උඩුවියන් සහිත වූ මතුයෙහි බඳනා ලද රතු වියන සමග යන අදහසයි. උභතො ලොහිතකූපධානො ශීර්ෂෝපධානයද පාදොපධානය ද පර්යංකයෙහි තබන ලද රතු කොට්ට ඇති, මෙහිද උපමා සැසඳීම පළමු පරිද්දෙන් ම බෙදා දතයුතුයි.

අයං පනෙත්‍ථ අපරභාගයොජනා, යථා සො පුරිසො මග‍්ගාරුළ‍්හමෙව ජානාති “අයං එතෙන මග‍්ගෙන ගන‍්ත්‍වා පාසාදං ආරුය‍්හ කූටාගාරං පවිසිත්‍වා පල‍්ලඞ‍්කෙ නිසීදිස‍්සති වා නිපජ‍්ජිස‍්සති වා”ති, එවමෙවං භගවා දානාදීසු පුඤ‍්ඤකිරියවත්‍ථූසු යංකිඤ‍්චි කුසලකම‍්මං ආයූහන‍්තංයෙව පුග‍්ගලං දිස‍්වා “අයං ඉමං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිස‍්සතී”ති ජානාති. යථා සො පුරිසො අපරභාගෙ තං පාසාදං ආරුය‍්හ කූටාගාරං පවිසිත්‍වා පල‍්ලඞ‍්කෙ නිසින‍්නං වා නිපන‍්නං වා එකන‍්තසුඛං නිරන‍්තරසුඛං වෙදනං වෙදයමානං පස‍්සති, එවමෙවං භගවා අපරභාගෙ “සො තං කල්‍යාණං කත්‍වා කුහිං නිබ‍්බත‍්තො”ති ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බචක‍්ඛුනා ඔලොකෙන‍්තො දෙවලොකෙ නිබ‍්බත‍්තං පස‍්සති, නන්‍දනවනාදීසු අච‍්ඡරාසඞ‍්ඝපරිවුතං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානං.

දැන් කියනු ලබන්නේ පසුභාගයෙහි අර්ථ යෝජනාවයි. මේ පුරුෂයා ඒ මගින්ම ගොස් පාසාදයට නැගි කුළුගෙට පිවිස පර්යංකයෙන් හිඳින්නේ හෝ නිදන්නේ හෝ දැනගනීද, එසේ මේ අයුරින්ම භාග්‍යවතුන් වහන්සේ දානාදී පුණ්‍යක්‍රියා අතුරෙන් යම්කිසි කුසල කර්මයක් රැස්කරන්නා වූ මේ පුද්ගලයා දැක, මේ තෙමේ මේ කර්මය නිසා දෙව්ලොව උපදින්නේ යයි දැනගනී. යම්සේ ඒ පුරිස තම මෑත භාගයෙහි ඒ ප්‍රාසාදයට නැග කුළුගෙට පිවිස පර්යංකයෙන් හුන්නේ ඒකාන්තයෙන් සැප වූ නිරන්තරයෙන් සැප වූ වේදනාවන් විඳින්නාහු දකී ද? එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මෑත කාලයෙහි ඒ පුරුෂයා කුශලකර්ම කොට කොහි උපන්නේදැයි ආලෝකය විහිදා දිවැසින් බලන්නේ දෙව්ලොව ඉපිද නන්දන වන ආදියෙහි දිව්‍ය අප්සරා සමුහයන් පිරිවරා දිව සැපත් විඳින අයුරු දක්නා සේක.

ඤාණප‍්පවත‍්තාකාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ආසවක‍්ඛයවාරවණ‍්ණනා

ආසවක්ඛයවාරවණ්ණනා

ආසවක‍්ඛයවාරෙ “දිබ‍්බෙන චක‍්ඛුනා”ති අවත්‍වා “තමෙනං පස‍්සාමී”ති වුත‍්තං. තං කස‍්මාති චෙ? නියමාභාවා. ඉමඤ‍්හි පුග‍්ගලං දිබ‍්බචක‍්ඛුනාපි පස‍්සිස‍්සති, චෙතොපරියඤාණෙනාපි ජානිස‍්සති, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙනපි ජානිස‍්සතියෙව. එකන‍්තසුඛා වෙදනාති ඉදං කිඤ‍්චාපි දෙවලොකසුඛෙන සද‍්ධිං බ්‍යඤ‍්ජනතො එකං, අත්‍ථතො පන නානා හොති. දෙවලොකසුඛඤ‍්හි රාගපරිළාහාදීනං අත්‍ථිතාය න එකන‍්තෙනෙව සුඛං. නිබ‍්බානසුඛං පන සබ‍්බපරිළාහානං වූපසමාය සබ‍්බාකාරෙන එකන‍්තසුඛං. උපමායම‍්පි “යථා පාසාදෙ එකන‍්තසුඛා”ති වුත‍්තං. තං මග‍්ගපරිළාහස‍්ස අවූපසන‍්තතාය ඡාතජ‍්ඣත‍්තතාය පිපාසාභිභූතතාය ච න එකන‍්තමෙව සුඛං. වනසණ‍්ඩෙ පන පොක‍්ඛරණියං ඔරුය‍්හ රජොජල‍්ලස‍්ස පවාහිතත‍්තා මග‍්ගදරථස‍්ස වූපසන‍්තතාය භිසමූලඛාදනෙන චෙව මධුරොදකපානෙන ච ඛුප‍්පිපාසානං විනීතතාය උදකසාටකං පරිවත‍්තෙත්‍වා මට‍්ඨදුකූලං නිවාසෙත්‍වා තණ‍්ඩුලත්‍ථවිකං උස‍්සීසකෙ කත්‍වා උදකසාටකං පීළෙත්‍වා හදයෙ ඨපෙත්‍වා මන්‍දමන්‍දෙන ච වාතෙන බීජයමානස‍්ස නිපන‍්නත‍්තා සබ‍්බාකාරෙන එකන‍්තසුඛං හොති.

ආශ්‍රවක්‍ෂයකර වාරයෙහි දිබ්බෙන චක්ඛුනායි නොකියා තමෙනං පස්සාමි කියන ලදී. ඒ කුමක් හෙයින්ද? නියමයක් නැති හෙයිනි. මේ පුද්ගලයා දිවැසින් දකියි. චේතෝපරියාය ඤාණයෙන් ද දැනගනී. සර්වඥතා ඥානයෙන් ද දැනගනිත්. එකන්ත සුඛා වෙදනා යන මෙය කිසිසේත් දෙව්ලොව සැප සමග බ්‍යඤ්ජන හෙයින් එකය. එසේ වුවද අර්ථ වශයෙන් විවිධ වෙයි. දෙව්ලෝ සුවය රාග පරිදාහ ආදිය ඇති බැවින් අනිවාර්යයෙන් ම ඒකන්ත සුව නොවේ. නිවන්සුවය වනාහි සියළු පරිදාහයන් ව්‍යුපසමනය කරන හෙයින් ඒකාන්ත සුවය වේ. උපමාවෙහි ද ප්‍රාසාදයෙහි ලා ‘ඒකත්තසුඛ’ යයි යමක් කියන ලද ද, එය මාර්ග පරිදාහය නොසන්සුන් බැවින් ද, බඩසයින් පෙළුන බැවින් ද, පවසින් මඩනා ලද බැවින් ද, ඒකාන්තයෙන් ඒකන්ත සුඛ නොවේ. එසේ වුවත් වනලැහැබෙහි පොකුණට බැස දූවිලි සෝදා හළ බැවින් ද, ගමන් වෙහෙස සන්සිඳුණු බැවින් ද, නෙළුඹුදැලි කෑමෙන් හා මිහිරි දිය බීමෙන් සා පවස සන්සිඳුණු බැවින් ද, දියසළුව පෙරළා දුහුල් පටපිළිය හැඳ, සහල් ථවිකාව හිස්දොර තබා, දියසළුව මිරිකා ලෙහි තබා මද මද සුළඟින් විඩා සන්සිඳුවන බැවින් හැම අතින්ම ඒකාන්ත සුව නම් වේ.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං – පොක‍්ඛරණී විය හි අරියමග‍්ගො දට‍්ඨබ‍්බො. පොක‍්ඛරණිමග‍්ගො විය පුබ‍්බභාගපටිපදා. මග‍්ගාරුළ‍්හො විය පටිපදාසමඞ‍්ගීපුග‍්ගලො. චක‍්ඛුමා පුරිසො විය දිබ‍්බචක‍්ඛු භගවා. වනසණ‍්ඩො විය නිබ‍්බානං. යථා සො පුරිසො මග‍්ගාරුළ‍්හං දිස‍්වාව ජානාති “අයං ඉමිනා මග‍්ගෙන ගන‍්ත්‍වා පොක‍්ඛරණියං න‍්හත්‍වා රමණීයෙ වනසණ‍්ඩෙ රුක‍්ඛමූලෙ නිසීදිස‍්සති වා නිපජ‍්ජිස‍්සති වා”ති, එවමෙවං භගවා පටිපදං පූරෙන‍්තමෙව නාමරූපං පරිච‍්ඡින්‍දන‍්තමෙව පච‍්චයපරිග‍්ගහං කරොන‍්තමෙව ලක‍්ඛණාරම‍්මණාය විපස‍්සනාය කම‍්මං කරොන‍්තමෙව ජානාති “අයං ඉමං පටිපදං පූරෙත්‍වා සබ‍්බආසවෙ ඛෙපෙත්‍වා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තින‍්ති එවං වුත‍්තං ඵලසමාපත‍්තිං උපසම‍්පජ‍්ජ විහරිස‍්සතී”ති. යථා සො පුරිසො අපරභාගෙ තායං පොක‍්ඛරණියං න‍්හත්‍වා වනසණ‍්ඩං පවිසිත්‍වා නිසින‍්නං වා නිපන‍්නං වා එකන‍්තසුඛං වෙදනං වෙදයමානං පස‍්සති, එවමෙව භගවා අපරභාගෙ තං පුග‍්ගලං පටිපදං පූරෙත්‍වා මග‍්ගං භාවෙත්‍වා ඵලං සච‍්ඡිකත්‍වා නිරොධසයනවරගතං නිබ‍්බානාරම‍්මණං ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා එකන‍්තසුඛං වෙදනං වෙදයමානං පස‍්සති.

එවමෙව ඛො යන මෙහි උපමා උපමේය සන්සන්දනය මෙසේය. ආර්ය මාර්ගය පොකුණ මෙන් දතයුතුය. පොකුණට යන මග මෙන් පූර්වභාග ප්‍රතිපදාව ද, මග බැසගත්තහු මෙන් ප්‍රතිපදාවෙන් යුත් පුද්ගලයාද, ඇස් ඇති පුරුෂයා මෙන් අනාවරණ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේද, වනලැහැබ මෙන් නිවනද (දතයුතු) යම්සේ ඒ පුරුෂයා මගට බසිනු දැකම, මෙතෙමේ මේ මගින් ගොස් පොකුණෙහි නා සිත්කළු වූ වනලැහැබෙහි රුක්මුල හිඳින්නේ හෝ නිදන්නේ හෝ යයි දැනගනීද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ, පිළිවෙත් පුරන්නහුම. නාමරූපයන් පිරිසිඳින්නහුම, ප්‍රත්‍යය පරිග්‍රහ කරන්නහුම ලක්‍ෂණාරම්මනයෙහි විදර්ශනා කර්ම කරන්නෙහි යයි දනියි. මෙතෙමේ මෙම ප්‍රතිපදාව පුරා සියළු ආශ්‍රවයන් ක්‍ෂය කොට ‘අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්ති’ යන මෙසේ කියන ලද ඵලසමාපත්තියට පැමිණ වාසය කරන්නේ යයි දැනගන්නේය. යම්සේ ඒ පුරුෂයා සවස් භාගයෙහි ඒ පොකුණෙන් නහා වන ලැහැබට පිවිස හිඳින්නේ හෝ හොවින්නේ ඒකාන්ත වූ සැපවේදනා විඳින්නේ යයි දකීද? එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ මෑතභාගයෙහි ඒ පුද්ගලයා පිළිවෙත් පුරා මාර්ගය වඩා ඵලය ප්‍රත්‍යක්‍ෂ කොට නිරෝධ නමැති උතුම් වූ යහන්ගත වූවහු නිවන් අරමුණු කොට ඇති ඵලසමාපත්තියට පැමිණ, ඒකාන්ත සැප වූ වේදනාව විඳින්නහු දක්නා සේක.

ආසවක‍්ඛයවාරවණ‍්ණනා නිට‍්ඨිතා.