යෙදුමෙන් කියවන්න

දුක‍්කරකාරිකාදිසුද‍්ධිවණ‍්ණනා අට‍්ඨකථා

දුක‍්කරකාරිකාදිසුද‍්ධිවණ‍්ණනා

දුක්කරකාරිකාදිසුද්ධිවණ්ණනා

“අභිජානාමි ඛො පනාහං, සාරිපුත‍්ත, චතුරඞ‍්ගසමන‍්නාගත”න‍්ති ඉදං කස‍්මා ආරද‍්ධං? පාටියෙක‍්කං අනුසන්‍ධිවසෙන ආරද‍්ධං. අයං කිර සුනක‍්ඛත‍්තො දුක‍්කරකාරිකාය සුද‍්ධි හොතීති එවං ලද‍්ධිකො. අථස‍්ස භගවා මයා එකස‍්මිං අත‍්තභාවෙ ඨත්‍වා චතුරඞ‍්ගසමන‍්නාගතං දුක‍්කරං කතං, දුක‍්කරකාරකො නාම මයා සදිසො නත්‍ථි. දුක‍්කරකාරෙන සුද‍්ධියා සති අහමෙව සුද‍්ධො භවෙය්‍යන‍්ති දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි.

අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත - චතුරංග සමන්නාගතං යන මෙය කුමක් අරභයා කියන ලද ද? වෙනම අනුසන්ධි වශයෙන් ආරබ්ධයහ. මේ වනාහි සුනක්ඛත්ත දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය වේයයි කියන පිළිගැනීම ඇත්තේල. එහෙයින් ඔහුට භාග්‍යවතුන් වහන්සේ මා විසිනුදු එක් ආත්ම භාවයක සිට චතුරංගයෙන් සමන්විත වූ දුෂ්කරකියා කරන ලද, දුෂ්කර ක්‍රියා කරන්නවුන් අතරින් නම් මා හා සමානයෙක් නැත. දුෂ්කර ක්‍රියාවෙන් ශුද්ධිය ඇතිවන්නේ නම් මම ම ශුද්ධ වූවෙක් වන්නෙමි යි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළේය.

අපිච අයං සුනක‍්ඛත‍්තො දුක‍්කරකාරිකාය පසන‍්නො, සො චස‍්ස පසන‍්නභාවො, “අද‍්දසා ඛො, භග‍්ගව, සුනක‍්ඛත‍්තො ලිච‍්ඡවිපුත‍්තො අචෙලං කොරක‍්ඛත‍්තියං චතුක‍්කුණ‍්ඩිකං ඡමානිකිණ‍්ණං භක‍්ඛසං මුඛෙන ඛාදන‍්තං මුඛෙන භුඤ‍්ජන‍්තං. දිස‍්වානස‍්ස එතදහොසි ‘සාධු රූපො වත, භො, අයං සමණො චතුක‍්කුණ‍්ඩිකො ඡමානිකිණ‍්ණං භක‍්ඛසං මුඛෙනෙව ඛාදති, මුඛෙනෙව භුඤ‍්ජතී’”ති එවමාදිනා පාථිකසුත‍්තෙ (දී· නි· 3.7) ආගතනයෙන වෙදිතබ‍්බො.

තව ද මේ සුනක්ඛත්ත තෙම දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. ඔහුගේ ඒ ප්‍රසන්න භාවය අද්දසා ඛො භග්ගව සුනක්ඛත්තො ලිච්ඡවි පුත්තො අචෙලකං කොරක්ඛත්තිකං චතුකුණ්ඩිකං ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙව ඛාදන්තං මුඛෙන භුඤ්ජන්තං දිස්වානස්ස එතදහොසි. සාධුරූපො වතභො අරහං සමණෙ චතුකුණ්ඩිකො ඡමානිකිණ්ණං භක්ඛාසං මුඛෙනෙ ඛාදති මුඛෙන භුඤ්ජති ති මේ ආදී වූ පාටික සූත්‍රයෙහි ආ පිළිවෙළින් දතයුතු.

අථ භගවා අයං දුක‍්කරකාරිකාය පසන‍්නො, මයා ච එතස‍්මිං අත‍්තභාවෙ ඨත්‍වා චතුරඞ‍්ගසමන‍්නාගතං දුක‍්කරං කතං, දුක‍්කරකාරෙ පසීදන‍්තෙනාපි අනෙන මයි පසීදිතබ‍්බං සියා, සොපිස‍්ස පසාදො මයි නත්‍ථීති දස‍්සෙන‍්තො ඉමං දෙසනං ආරභි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙතෙමේ ද දුෂ්කර ක්‍රියාවෙහි ප්‍රසන්න වූවෙක. මා විසින් ද එක් ආත්ම භාවයක සිට සිව්රහින් යුත් දුෂ්කර ක්‍රියාව කරන ලද, දුෂ්කර ක්‍රියාවෙහි පහදනා වූ මොහු විසින් මා කෙරෙහි පැහැදිය යුතු වන්නේ ය. ඔහුගේ ඒ ප්‍රසාදය මා කෙරෙහි නැතැයි දක්වන්නාහු ද මේ දේශනාව ආරම්භ කළහ.

තත්‍ර බ්‍රහ‍්මචරියන‍්ති දානම‍්පි වෙය්‍යාවච‍්චම‍්පි සික‍්ඛාපදම‍්පි බ්‍රහ‍්මවිහාරාපි ධම‍්මදෙසනාපි මෙථුනවිරතිපි සදාරසන‍්තොසොපි උපොසථොපි අරියමග‍්ගොපි සකලසාසනම‍්පි අජ‍්ඣාසයොපි වීරියම‍්පි වුච‍්චති.

එහි බ්‍රහ්මචරියං යනු දානය ද, වතාවත් ද, ශික්‍ෂාපද ද, බ්‍රහ්ම විහාරය ද, ධර්ම දේශනාව ද, මෛථුන විරතිය ද, ස්වදාර සන්තෝෂය ද උපෝසථය ද, ආර්ය මාර්ග ද, මුළු සසුන ද, අධ්‍යාශය ද, වීර්යය ද කියනු ලැබේ.

භග්ගවය, සුනක්ඛත්ත නම් ලිච්ඡවී පුත්‍රයා කොරක්ඛත්තිය නම් නග්නයා දෙදන වැලමිට බිම තබා හැසිරෙන්නහු, බිම දමන ලද ආහාරය මුඛයෙන් ම කන්නහු, මුඛයෙන් ම බුදින්නහු දුටුයේය. දැක ඔහුට මෙසේ සිතිණ. ඒකාන්තයෙන් සොඳුරු පියවි ඇති රහත් මහණෙක. දෙදණ වැලමිට බිම තබා බිම දමන ලද ආහාරය මුඛයෙන්ම කයි.

“කිං තෙ වතං කිං පන බ්‍රහ‍්මචරියං, කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො; ඉද‍්ධී ජුතී බලවීරියූපපත‍්ති, ඉදඤ‍්ච තෙ නාග මහාවිමානං.

කිං තෙ වතං කිංපන බ්‍රහ්මචරියං - කිස්ස සුචිණ්ණසස අයං විපාකො ඉද්ධි ජුතී බල විරියූපපත්ති - අක්බාභි මෙ නාග මහා විමානං

නාගරාජය, තොප විසින් සමාදාන වන ලද ව්‍රතය කිම! දාන සංඛ්‍යාත බ්‍රහ්මචරියාව, ශ්‍රේෂ්ට චරියාව කිමෙක්ද? මනාකොට රැස්කරන ලද කවර කර්මයක විපාක වේද? ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් හා උත්සාහයෙන් ද සමන්විත වූයේ මහත් වූ විමානයක් ද වේ. මේ මා විසින් විචාරණ ලද්දේ කියව!

අහඤ‍්ච භරියා ච මනුස‍්සලොකෙ, සද‍්ධා උභො දානපතී අහුම‍්හා; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන‍්තප‍්පිතා සමණබ්‍රාහ‍්මණා ච.

අහඤ්ච භරියාව මනුස්ස ලෝකෙ - සද්ධා උභො දානපතී අහුම්හ ඔපාන භූතං මෙ සරං තදාසී - සන්තප්පිතා සමණ බ්‍රාහ්මණාච

මම ද භාර්යාව ද අපි දෙදෙන මිනිස් ලොව ශ්‍රද්ධාව ඇත්තේ දානපතියෝ වීමු. එකල්හි මගේ ගෙය සතරමං සන්ධියක කණින ලද පොකුණක් මෙන් විය. මහණ බමුණෝ ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී.

තං මෙ වතං තං පන බ්‍රහ‍්මචරියං, තස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො; ඉද‍්ධී ජුතී බලවීරියූපපත‍්ති, ඉදඤ‍්ච මෙ ධීර මහාවිමාන”න‍්ති. (ජා· 2.22.1592, 1593, 1595) –

තම්මෙ වතං තං පන බ්‍රහ්මචරියං - තස්ස සුචිණ්ණසස අයං විපාකො ඉද්ධී ජුතී බලවිරියූපපත්ති - ඉධංච මෙ ධීර මහා විමානං

වීර්යයන් වහන්ස! මා විසින් සමාදන් වන ලද ඒ ව්‍රතය වෙයි. ඒ දාන සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ චරියාව වෙයි. මනාකොට රැස්කරන ලද ඒ කර්මයාගේ මේ විපාකයයි. ආනුභාවය ද කාන්තිය ද වෙයි. කාය බලයෙන් ද හා උත්සාහයෙන් යුක්ත වෙමි. මේ මහත් වූ විමානය ද වේ.

ඉමස‍්මිඤ‍්හි පුණ‍්ණකජාතකෙ දානං බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තං.

මේ පුණ්ණක ජාතකයෙහි ‘දානය’ බ්‍රහ්මචරියයි කියන ලද

“කෙන පාණි කාමදදො, කෙන පාණි මධුස‍්සවො; කෙන තෙ බ්‍රහ‍්මචරියෙන, පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣති. තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස‍්සවො; තෙන මෙ බ්‍රහ‍්මචරියෙන, පුඤ‍්ඤං පාණිම‍්හි ඉජ‍්ඣතී”ති. (පෙ· ව· 275) –

කෙන පාණි කාම දදො - කෙන පාණි මධුස්ස වො කෙන තෙ බ්‍රහ්මචරියෙන - පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති තෙන පාණි කාමදදො - තෙන පාණි මධුස්සවො තෙන මෙ බ්‍රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති

ඉමස‍්මිං අඞ‍්කුරපෙතවත්‍ථුස‍්මිං වෙය්‍යාවච‍්චං බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තං.

මේ අංකුර ප්‍රේත වත්‍ථුවෙහි ‘වතාවත’ බ්‍රහ්මචරියයි කියන ලදී.

“එවං ඛො තං, භික‍්ඛවෙ, තිත‍්තිරියං නාම බ්‍රහ‍්මචරියං අහොසී”ති (චූළව· 311) ඉමස‍්මිං තිත‍්තිරජාතකෙ පඤ‍්චසික‍්ඛාපදං බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තං. “තං ඛො පන මෙ පඤ‍්චසිඛ බ්‍රහ‍්මචරියං නෙව නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය, යාවදෙව බ්‍රහ‍්මලොකූපපත‍්තියා”ති (දී· නි· 2.329) ඉමස‍්මිං මහාගොවින්‍දසුත‍්තෙ බ්‍රහ‍්මවිහාරා බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තං. “එකස‍්මිං බ්‍රහ‍්මචරියස‍්මිං, සහස‍්සං මච‍්චුහායින”න‍්ති (සං· නි· 1.184) එත්‍ථ ධම‍්මදෙසනා බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තා. “පරෙ අබ්‍රහ‍්මචාරී භවිස‍්සන‍්ති, මයමෙත්‍ථ බ්‍රහ‍්මචාරී භවිස‍්සාමා”ති (ම· නි· 1.83) සල‍්ලෙඛසුත‍්තෙ මෙථුනවිරති බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තා.

‘ඉදං වො තං’ භිකඛවෙ තිත්තිරියං නාම බ්‍රහ්මචරියං අහොසි’ යයි. තිත්තිර ජාතකයෙහි පංච ශික්‍ෂාපදය ‘බ්‍රහ්මචරිය’ යයි කියන ලදී. ‘තං ඛොපන පඤ්චසිඛ බ්‍රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය යාවදෙව බ්‍රහ්මලොකුප්පත්තියා’ යයි මහා ගෝවින්ද සූත්‍රයෙහි ‘බ්‍රහ්ම විහාරයෝ බ්‍රහ්මචරියයි කියන ලදී. එකස්මිං බ්‍රහ්මචරියස්මිං සහස්සං මච්චු භායිනො යන මෙහි ධර්මදේශනාව ‘බ්‍රහ්ම චරියයි’ කියන ලදී. පරෙ අබ්‍රහ්මචාරි භවිස්සන්ති මයමෙත්‍ථ බ්‍රහ්මචාරී භවිස්සාමී, සල්ලෙඛ සූත්‍රයෙහි ‘මෛථුන විරතිය’ බ්‍රහ්මචරිය යයි කියන ලදී.

“මයඤ‍්ච භරියා නාතික‍්කමාම, අම‍්හෙ ච භරියා නාතික‍්කමන‍්ති; අඤ‍්ඤත්‍ර තාහි බ්‍රහ‍්මචරියං චරාම, තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ”ති. (ජා· 1.10.97) –

මයඤ්ච භරියා නාතික්කමාය - අම්හෙ ච භරියා නාතික්කමන්ති අඤ්ඤත්‍ර තාහි බ්‍රහ්මචරියං චරාම - තස්මාති අම්හං දහරා නමීයරෙ

මහාධම‍්මපාලජාතකෙ සදාරසන‍්තොසො බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තො.

මහා ධම්මපාල ජාතකයෙහි ස්වදාර සන්තෝෂය බ්‍රහ්මචරිය යයි කියන ලදී.

“හීනෙන බ්‍රහ‍්මචරියෙන, ඛත‍්තියෙ උපපජ‍්ජති; මජ‍්ඣිමෙන ච දෙවත‍්තං, උත‍්තමෙන විසුජ‍්ඣතී”ති. (ජා· 1.8.75) –

හීනෙන බ්‍රහ්මචරියෙන - ඛත්තියෙ උප පජ්ජති මජ්ඣිමෙනච දෙවදත්තං - උත්තමෙන විසුජ්ඣති

එවං නිමිජාතකෙ අත‍්තදමනවසෙන කතො අට‍්ඨඞ‍්ගිකො උපොසථො බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තො.

මෙසේ නිමි ජාතකයෙහි ආත්ම දමන වශයෙන් කරන ලද අෂ්ටාංගික උපෝසථය බ්‍රහ්මචරිය යයි කියන ලදී.

“ඉදං ඛො පන මෙ, පඤ‍්චසිඛ, බ්‍රහ‍්මචරියං එකන‍්තනිබ‍්බිදාය විරාගාය…පෙ… අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති (දී· නි· 2.329)

ඉදං ඛො පන පඤ්චසිඛ බ්‍රහ්මචරියං එකන්ත නිබ්බිදාය විරාගාය -පෙ- අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො

මහාගොවින්‍දසුත‍්තස‍්මිඤ‍්ඤෙව අරියමග‍්ගො බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තො. “තයිදං බ්‍රහ‍්මචරියං ඉද‍්ධඤ‍්චෙව ඵීතඤ‍්ච විත්‍ථාරිකං බාහුජඤ‍්ඤං පුථුභූතං යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිත”න‍්ති (දී· නි· 3.174) පාසාදිකසුත‍්තෙ සික‍්ඛත‍්තයසඞ‍්ගහං සාසනං බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තං.

මහා ගෝවින්ද සූත්‍රයෙහි ම ‘ආර්ය මාර්ගය’ බ්‍රහ්මචරිය යයි කියන ලදී. තයිදං බ්‍රහ්මචරියං ඉධඤ්චෙව ථිතඤ්ච විත්‍ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසි තන්ති’ පාසාදික සූත්‍රයෙහි ශික්‍ෂාත්‍රය සංග්‍රහ වූ සියළු ශාසනය ‘බ්‍රහ්මචරිය’ යයි කියන ලදී.

“අපි අතරමානානං, ඵලාසාව සමිජ‍්ඣති; විපක‍්කබ්‍රහ‍්මචරියොස‍්මි, එවං ජානාහි ගාමණී”ති. (ජා· 1.1.8) –

අපි අතරමානානං ඵලසාව සමිජ්ඣති විපක්ක බ්‍රහ්මචරියොස්මි - එවං ජානාහි ගාමිණි

එත්‍ථ අජ‍්ඣාසයො බ්‍රහ‍්මචරියන‍්ති වුත‍්තො.

මෙහි අධ්‍යාශය බ්‍රහ්මචරිය යයි කියන ලදී.

ඉධ පන වීරියං බ්‍රහ‍්මචරියන‍්ති අධිප‍්පෙතං. වීරියබ්‍රහ‍්මචරියස‍්ස හි ඉදමෙව සුත‍්තං. තදෙතං එකස‍්මිං අත‍්තභාවෙ චතුබ‍්බිධස‍්ස දුක‍්කරස‍්ස කතත‍්තා චතුරඞ‍්ගසමන‍්නාගතන‍්ති වුත‍්තං.

මෙහි වනාහි වීර්යය බ්‍රහ්මචරිය යයි අදහස් කරන ලදී. වීර්ය බ්‍රහ්මචරියාවට මෙම සූත්‍රයම නිදසුන් වේ. ඒ මේ වීරියය එක් අත්බවෙක්හී සිව් වැදෑරුම් දුෂ්කර ක්‍රියාව කළ බැවින්, චතුරංග සමන්නාගත යයි වදාළහ.

තපස‍්සී සුදං හොමීති සුදන‍්ති නිපාතමත‍්තං, තපනිස‍්සිතකො හොමීති අත්‍ථො. පරමතපස‍්සීති පරමො තපස‍්සී, තපනිස‍්සිතකානං උත‍්තමො. ලූඛො සුදං හොමීති ලූඛො හොමි. ජෙගුච‍්ඡීති පාපජෙගුච‍්ඡිකො. පවිවිත‍්තො සුදං හොමීති පවිවිත‍්තො අහං හොමි.

තපස්සී සුදං හොමී යන මෙහි සුදං යනු නිපාතයි. තපස් ඇත්තෙක් වීමි යන අර්ථයි. පරමතපස්සී උතුම් වූ තපස් ඇත්තෙක්, පස් ඇත්තවුන් අතුරෙන් උතුම් වූවෙක් ලූඛස්සුදං හොමි රූක්‍ෂ වූයෙම් වෙමි. ජෙගුච්ඡි පාපයට ජිගුප්සා කරන්නෙමි. පවිචිතස්සුදං හොමි මම උතුම් විවේකය ඇතියෙක් වෙමි.

තත්‍රාස‍්සු මෙ ඉදං, සාරිපුත‍්තාති තත්‍ර චතුරඞ‍්ගෙ බ්‍රහ‍්මචරියෙ ඉදං මම තපස‍්සිතාය හොති, තපනිස‍්සිතකභාවෙ මය‍්හං ඉදං අචෙලකාදිතපස‍්සිතකත‍්තං හොතීති දස‍්සෙති.

තත්‍රස්සු මෙ ඉදං සාරිපුත්ත ඒ චතුරංග බ්‍රහ්මචරියාවෙහි මේ මාගේ තපස් ඇති බව වෙයි. තපසින් යුක්ත භාවයෙහි මාගේ මේ අචේලකාදී තපසින් යුක්ත බව වේයයි දක්වති.

තත්‍ථ අචෙලකොති නිච‍්චෙලො නග‍්ගො. මුත‍්තාචාරොති විසට‍්ඨාචාරො, උච‍්චාරකම‍්මාදීසු ලොකියකුලපුත‍්තාචාරෙන විරහිතො, ඨිතකොව උච‍්චාරං කරොමි, පස‍්සාවං කරොමි, ඛාදාමි භුඤ‍්ජාමි ච. හත්‍ථාපලෙඛනොති හත්‍ථෙ පිණ‍්ඩම‍්හි ඨිතෙ ජිව‍්හාය හත්‍ථං අපලිඛාමි, උච‍්චාරං වා කත්‍වා හත්‍ථස‍්මිඤ‍්ඤෙව දණ‍්ඩකසඤ‍්ඤී හුත්‍වා හත්‍ථෙන අපලිඛාමීති දස‍්සෙති. තෙ කිර දණ‍්ඩකං සත‍්තොති පඤ‍්ඤපෙන‍්ති, තස‍්මා තෙසං පටිපදං පූරෙන‍්තො එවමකාසි. භික‍්ඛාගහණත්‍ථං එහි භද‍්දන‍්තෙති වුත‍්තො න එතීති න එහිභද‍්දන‍්තිකො. තෙන හි තිට‍්ඨ භද‍්දන‍්තෙති වුත‍්තොපි න තිට‍්ඨතීති න තිට‍්ඨභද‍්දන‍්තිකො. තදුභයම‍්පි තිත්‍ථියා එවං එතස‍්ස වචනං කතං භවිස‍්සතීති න කරොන‍්ති. අහම‍්පි එවං අකාසින‍්ති දස‍්සෙති. අභිහටන‍්ති පුරෙතරං ගහෙත්‍වා ආහටං භික‍්ඛං. උද‍්දිස‍්සකතන‍්ති ඉදං තුම‍්හෙ උද‍්දිස‍්ස කතන‍්ති එවං ආරොචිතභික‍්ඛං. න නිමන‍්තනන‍්ති අසුකං නාම කුලං වා වීථිං වා ගාමං වා පවිසෙය්‍යාථාති එවං නිමන‍්තිතභික‍්ඛම‍්පි න සාදියාමි න ගණ‍්හාමි.

එහි අචෙලකො සෙල් රහිත වූයේ, නග්න වූයේ මුත්තාචාරො හරින ලද ආචාර ඇත්තේ උච්චාර කර්මාදියෙහි ලෞකික කුලපුත්‍රයන්ගේ හැසිරීමෙන් වෙන් වූයේ, මළ මූ කෙරෙහි කමි බුදිමි. හත්‍ථාපලෙචනො අතෙහි බත්පිඩ නිමිකල්හි දිවෙන් අත ලෝනෙමි. මළ හෝ කොට අතෙහිම දඬුකඩෙක යන හැඟීම ඇතිව, අතින්ම පිස දමමි. ඔව්හූ දඬුකඳ සත්ත්වයෙකැයි පනවත්ල. එහෙයින් ඔවුන්ගේ පිළිවෙත පුරමින් මෙසේ කළේය. භික්‍ෂාව පිළිගැනීම සඳහා එනු මැනැවි වහන්ස’යි කියන ලදුයේත් නොඒනුයි න එහි භදන්තික නම් වෙයි. එසේ වී නම් සිටිනු මැනවි වහන්ස’යි කියන ලද්දේ නොසිටීනුයි නතිට්ඨභදන්තික නම් වෙයි. ඒ දෙකම තීර්ථකයෝ මොහුගේ වචනය කරන ලද්දේ යයි නොකරති. මම ද එසේ කළෙමියි දක්වති. අභිහට - පළමුකොට ගෙන එලවන ලද භික්‍ෂාව, උද්දිස්සකටං මෙය ඔබ උදෙසා කරන ලදැයි ආරොචනය කළ භික්‍ෂාව, න නිමන්තනං අසවල් නම් කුලයට හෝ වීදියට හෝ ගමට හෝ පිවිසෙනු මැනවැයි නිමන්ත්‍රණය කළ භික්‍ෂාව නො ඉවසමි. නොපිළිගනිමි.

න කුම‍්භිමුඛාති කුම‍්භිතො උද‍්ධරිත්‍වා දිය්‍යමානං භික‍්ඛං න ගණ‍්හාමි. න කළොපිමුඛාති කළොපීති උක‍්ඛලි වා පච‍්ඡි වා. තතොපි න ගණ‍්හාමි. කස‍්මා? කුම‍්භිකළොපියො මං නිස‍්සාය කටච‍්ඡුනා පහාරං ලභන‍්තීති. න එළකමන‍්තරන‍්ති උම‍්මාරං අන‍්තරං කත්‍වා දිය්‍යමානං න ගණ‍්හාමි. කස‍්මා? අයං මං නිස‍්සාය අන‍්තරකරණං ලභතීති. දණ‍්ඩමුසලෙසුපි එසෙව නයො. න ද‍්වින‍්නන‍්ති ද‍්වීසු භුඤ‍්ජමානෙසු එකස‍්මිං උට‍්ඨාය දෙන‍්තෙ න ගණ‍්හාමි. කස‍්මා? කබළන‍්තරායො හොතීති. න ගබ‍්භිනියාතිආදීසු පන ගබ‍්භිනියා කුච‍්ඡියං දාරකො කිලමති, පායන‍්තියා දාරකස‍්ස ඛීරන‍්තරායො හොති, පුරිසන‍්තරගතාය රතිඅන‍්තරායො හොතීති න ගණ‍්හාමි. න සංකිත‍්තීසූති සංකිත‍්තෙත්‍වා කතභත‍්තෙසු. දුබ‍්භික‍්ඛසමයෙ කිර අචෙලකසාවකා අචෙලකානං අත්‍ථාය තතො තතො තණ‍්ඩුලාදීනි සමාදපෙත්‍වා භත‍්තං පචන‍්ති. උක‍්කට‍්ඨාචෙලකො තතොපි න පටිග‍්ගණ‍්හාති.

න කුම්භීමුඛා කළයෙන් නගා දෙන්නා වූ භික්‍ෂාව නො ගනිමි. න කළොපිමුඛා කළොපි යනු සැළිය හෝ පැසයි. එයින් ද නගා දෙන භික්‍ෂාව පිළි නොගනිමි. කුමක් හෙයින් ද යත්, මා නිසා කළ සැළි ආදිය හැන්දෙන් පහර ලබතියි කියාය. න එළකමන්තරෙ එළිපත අතර කොට දෙන භික්‍ෂාව නොගනිමි. කවර හෙයින්ද? මෙතෙමේ (එළිපස අතුරුකිරීම ලබයයි කියාය. දඬු - මෝල්හි ද මේ පිළිවෙතකැයි. න ද්වින්නං දෙදෙනකු වළඳන අතර එකකු නැගිට දෙන දේ නොගනිමි. ආලෝපයට අන්තරාය වේය යන අදහසිනි. න ගබ්හිනියා යනාදියෙහි ගැබිනියගේ කුසෙහි දරුවා වෙහෙසෙයි. පායන්තියා කිරි පොවන තැනැත්තියගේ ළදරුවාට කිරි අනතුරක් වෙයි. පුරිසන්තරගතා පුරුෂයකු අතරට ගිය තැනැත්තියගේ රතියට අන්තරාය වෙයි යන අදහසින් පිළි නොගනියි. න සංකිත්තිසූ ප්‍රසිද්ධියේ එකතුකර සකස්කළ බත නොපිළිගනී. දුර්භික්‍ෂ කාලයේ අචේල ශ්‍රාවකයෝ අචේලකයන් පිණිස තැන් තැන්වලින් සහල් ආදිය සම්මාදන් කර බත් පිසයි. උත්කෘෂ්ඨ වූ අචේළකයෝ එය නොපිළි ගනිති.

න යත්‍ථ සාති යත්‍ථ සුනඛො පිණ‍්ඩං ලභිස‍්සාමීති උපට‍්ඨිතො හොති, තත්‍ථ තස‍්ස අදත්‍වා ආහටං න ගණ‍්හාමි. කස‍්මා? එතස‍්ස පිණ‍්ඩන‍්තරායො හොතීති. සණ‍්ඩසණ‍්ඩචාරිනීති සමූහසමූහචාරිනී, සචෙ හි අචෙලකං දිස‍්වා ඉමස‍්ස භික‍්ඛං දස‍්සාමාති මානුසකා භත‍්තගෙහං පවිසන‍්ති. තෙසු ච පවිසන‍්තෙසු කළොපිමුඛාදීසු නිලීනා මක‍්ඛිකා උප‍්පතිත්‍වා සණ‍්ඩසණ‍්ඩා චරන‍්ති. තතො ආහටං භික‍්ඛං න ගණ‍්හාමි. කස‍්මා? මං නිස‍්සාය මක‍්ඛිකානං ගොචරන‍්තරායො ජාතොති, අහම‍්පි තථා අකාසිං. න ථුසොදකන‍්ති සබ‍්බසස‍්සසම‍්භාරෙහි කතං ලොණසොවීරකං. එත්‍ථ ච සුරාපානමෙව සාවජ‍්ජං, අයං පන සබ‍්බෙසුපි සාවජ‍්ජසඤ‍්ඤී.

න යත්‍ථසා යම්කිසි තැනක සුනඛයකු ආහාරයක් ලබමියි බලාපොරොත්තුව සිටියේද, එවැනි තැනකදී බල්ලාට නොදී (අචේළකයා සඳහා) ගෙන එන ලද්ද නොපිළිගනී. කවර හෙයින්ද අර සුනඛයා ගේ ආහාර වේල නැතිවුනේය යන හැඟීමෙනි. සණ්ඩ සණ්ඩචාරිනී සමූහ සමූහව හැසිරෙන්නාහු අචේළකයකු දැක මොහුට භික්‍ෂාව දෙන්නෙමු යි මනුෂ්‍යයෝ ආහාර ගෙට ගොස්, ඔවුන් ආහාර ගෙන නැවත පිවිසෙද්දී ආහාර සැලිවල වසා සිටි මැස්සො සමූහ සමූහව ඉගිලෙත්ද, එසේ ගෙන එන භික්‍ෂාව නොගනිමි. කවර හෙයින් ද මා නිසි මැස්සන්ගේ ගෝචරය නැති වූයේ ය කියාය. මම ද එසේ කළෙමි. ථුසොදකං සියළු සශ්‍ය එකතුවෙන් කරන ලද සෞවීරකය. මෙහි ද සුරාපානය සාවද්‍යය. මෙතෙම වනාහි සියල්ලෙහි සාවද්‍ය සංඥා ඇත්තේය.

එකාගාරිකොති යො එකස‍්මිඤ‍්ඤෙව ගෙහෙ භික‍්ඛං ලභිත්‍වා නිවත‍්තති. එකාලොපිකොති යො එකෙනෙව ආලොපෙන යාපෙති. ද‍්වාගාරිකාදීසුපි එසෙව නයො. එකිස‍්සාපි දත‍්තියාති එකාය දත‍්තියා. දත‍්ති නාම එකා ඛුද‍්දකපාති හොති, යත්‍ථ අග‍්ගභික‍්ඛං පක‍්ඛිපිත්‍වා ඨපෙන‍්ති. එකාහිකන‍්ති එකදිවසන‍්තරිකං. අද‍්ධමාසිකන‍්ති අද‍්ධමාසන‍්තරිකං. පරියායභත‍්තභොජනන‍්ති වාරභත‍්තභොජනං. එකාහවාරෙන ද‍්වීහවාරෙන සත‍්තාහවාරෙන අඩ‍්ඪමාසවාරෙනාති එවං දිවසවාරෙන ආභතං භත‍්තභොජනං.

එකාගාරිකො යමෙක් එකම ගෙයකින් භික්‍ෂාව ලැබ නවතීද, හෙතෙමේය. එකාලොපිකො යමෙක් එකම බත්පිඩකින් යැපේද ඔහුයි. දවාගාරිකො මෙහිද මෙම ක්‍රමයමැයි. එකිස්සාපිදත්තියා දන්තී නම් යම් බඳුනක අග්‍ර භික්‍ෂාව බහා තබත්ද, එබඳු වූ කුඩා තැටියක් වේ. එක් බත් තැටියකින්, අද්ධමාසිකං අඩමසක් අතර වූ, පරියාය භත්තභොජනං වාර භෝජනයෙහි, එක් දිනකට වරක්, දෙදිනකට වරක්, සත්දිනකට අඩමසකට වරක් යයි මෙසේ දින වාරයෙන් හා භක්ත භෝජනයෙහි,

සාකභක‍්ඛොති අල‍්ලසාකභක‍්ඛො. සාමාකභක‍්ඛොති සාමාකතණ‍්ඩුලභක‍්ඛො. නීවාරාදීසු නීවාරා නාම තාව අරඤ‍්ඤෙ සයංජාතවීහිජාති. දද‍්දුලන‍්ති චම‍්මකාරෙහි චම‍්මං ලිඛිත්‍වා ඡඩ‍්ඩිතකසටං. හටං වුච‍්චති සිලෙසොපි සෙවාලොපි කණිකාරාදිරුක‍්ඛනිය්‍යාසොපි. කණන‍්ති කුණ‍්ඩකං. ආචාමොති භත‍්තඋක‍්ඛලිකාය ලග‍්ගො ඣාමඔදනො, තං ඡඩ‍්ඩිතට‍්ඨානෙ ගහෙත්‍වා ඛාදති. “ඔදනකඤ‍්ජිය”න‍්තිපි වදන‍්ති. පිඤ‍්ඤාකාදයො පාකටා එව. පවත‍්තඵලභොජීති පතිතඵලභොජී.

සාකභක්ඛො අමුපලා බුදින්නේ, සාමාක භක්ඛො බොඩහමු සහල් බුදින්නේ නීවාරාදීසු නීවරාදියෙහි, නීවාර නම් වනයෙහි ස්වයංජාතික වී වර්ගයකි. දද්දුල සම්මරුන් විසින් සම් ලියා දමන ලද කසටය. හටං මැලියම් ද, සෙවෙල්, කිණිහිරි ආදී රුක්ලාටු ද කියයි. කණ අඩුය. ආවාම බත්සැළියෙහි දම්කුඩ, බත්කැඳ යයි ද කියති. පිඤ්ඤාකාදී ප්‍රකටමය. පවත්තඵල භොජී වැටෙන ගෙඩි බුදිනසුළු

සාණානීති සාණවාකචොළානි. මසාණානීති මිස‍්සකචොළානි. ඡවදුස‍්සානීති මතසරීරතො ඡඩ‍්ඩිතවත්‍ථානි. එරකතිණාදීනි වා ගන්‍ථෙත්‍වා කතනිවාසනානි. පංසුකූලානීති පථවියං ඡඩ‍්ඩිතනන‍්තකානි. තිරිතානීති රුක‍්ඛත‍්තචවත්‍ථානි. අජිනන‍්ති අජිනමිගචම‍්මං. අජිනක‍්ඛිපන‍්ති තදෙව මජ‍්ඣෙ ඵාලිතං. සඛුරකන‍්තිපි වදන‍්ති. කුසචීරන‍්ති කුසතිණං ගන්‍ථෙත්‍වා කතචීරං. වාකචීරඵලකචීරෙසුපි එසෙව නයො. කෙසකම‍්බලන‍්ති මනුස‍්සකෙසෙහි කතකම‍්බලං. යං සන්‍ධාය වුත‍්තං “යානි කානිචි, භික‍්ඛවෙ, තන‍්තාවුතානං වත්‍ථානං, කෙසකම‍්බලො තෙසං පටිකුට‍්ඨො අක‍්ඛායති. කෙසකම‍්බලො, භික‍්ඛවෙ, සීතෙ සීතො, උණ‍්හෙ උණ‍්හො, දුබ‍්බණ‍්ණො දුග‍්ගන්‍ධො දුක‍්ඛසම‍්ඵස‍්සො”ති (අ· නි· 3.138). වාලකම‍්බලන‍්ති අස‍්සවාලාදීහි කතකම‍්බලං. උලූකපක‍්ඛකන‍්ති උලූකපත‍්තානි ගන්‍ථෙත්‍වා කතනිවාසනං.

සාණනි, සණවැහැරි, මසාණානි මිශ්‍රක වස්තු, ජවදුසසානි මළ සිරුරෙන් හැරදමන ලද වස්ත්‍ර, එරුපත් තණ ආදිය හෝ ගොතා කළ වත්‍ර පංසකූලානි පොළවෙහි දමන ලද කඩරෙදි, තිරීටානි රුක් සුඹුලුයෙන් කළ වස්තු, අජිනං අඳුන් දිවිසම්, අජිනක්ඛිපං එයම මැද පලන ලද්දේ, කුර සහිත අඳුන් දිවිසම්, කුසචීරං කුසතණ ගොතා කළ වැහැරි, වාකචීරං - ඵලකචීරං මෙහිදු එම ක්‍රමයමයි. කෙසකම්බලං මිනිස් කෙසින් කළ කම්බලය, යමක් සඳහා කියන ලදද, ‘යානි කානිච භික්ඛවෙ තන්තාවුතානි වත්‍ථානි, කෙසකම්බලං, තෙසං පතිකිට්ඨා, සීත කාලෙ සීතං, උණ්හකාලෙ උණ්හං, අප්පග්ඝොච දුක්ඛ සමඵස්සො ච දුග්ගන්‍ධො වායති’ වාලකම්බලං අස් වල්ග ආදියෙන් කළ කම්බිලි, උලූකපක්ඛනති බකමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍රය.

උබ‍්භට‍්ඨකොති උද‍්ධං ඨිතකො. උක‍්කුටිකප‍්පධානමනුයුත‍්තොති උක‍්කුටිකවීරියං අනුයුත‍්තො, ගච‍්ඡන‍්තොපි උක‍්කුටිකොව හුත්‍වා උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා ගච‍්ඡති. කණ‍්ටකාපස‍්සයිකොති අයකණ‍්ටකෙ වා පකතිකණ‍්ටකෙ වා භූමියං කොට‍්ටෙත්‍වා තත්‍ථ චම‍්මං අත්‍ථරිත්‍වා ඨානචඞ‍්කමාදීනි කරොමීති දස‍්සෙති. සෙය්‍යන‍්ති සයන‍්තොපි තත්‍ථෙව සෙය්‍යං කප‍්පෙමි. සායං තතියමස‍්සාති සායතතියකං. පාතො මජ‍්ඣන‍්හිකෙ සායන‍්ති දිවසස‍්ස තික‍්ඛත‍්තුං පාපං පවාහෙස‍්සාමීති උදකොරොහනානුයොගං අනුයුත‍්තො විහරාමීති දස‍්සෙති.

උබ්බට්ඨකො උඩුකුරුව සිටියේ, උක්කුකප්පධාන මනුයුත්තො උක්කුටික වීර්යයෙහි යෙදුනෙ, යන්නේ ද උක්කුටිකවම පැන පැන යති. කණ්ටකාපස්සියිකො ලොහො කටු හෝ පියවි කටු පොළවෙහි සිටවා එහි සමක් අතුරා සිටීම, ඇවිදීම, කෙරේ. සෙය්‍යං එහිම හෝනේ ද වෙයි. සවස තුන්වැනි වූයේ මොහුටනුයි සායතතියක නම් වේ. උදයේ ද මධ්‍යාහ්නයේ ද සවස ද දවසට තුන්වරක් පව් සෝදා හරිමැයි ජලයට බැසීමේ යෝගයෙහි යෙදුනේ, වාසය කෙරෙමියි දක්වයි. උදකොරොහ නානුයොගං අනුයුත්තෙ වසමියි දක්වයි.

නෙකවස‍්සගණිකන‍්ති නෙකවස‍්සගණසඤ‍්ජාතං. රජොජල‍්ලන‍්ති රජමලං, ඉදං අත‍්තනො රජොජල‍්ලකවතසමාදානකාලං සන්‍ධාය වදති. ජෙගුච‍්ඡිස‍්මින‍්ති පාපජිගුච‍්ඡනභාවෙ. යාව උදකබින්‍දුම‍්හිපීති යාව උදකථෙවකෙපි මම දයා පච‍්චුපට‍්ඨිතා හොති, කො පන වාදො අඤ‍්ඤෙසු සක‍්ඛරකඨලදණ‍්ඩකවාලිකාදීසු. තෙ කිර උදකබින්‍දුං ච එතෙ ච සක‍්ඛරකඨලාදයො ඛුද‍්දකපාණාති පඤ‍්ඤපෙන‍්ති. තෙනාහ “යාව උදකබින්‍දුම‍්හිපි මෙ දයා පච‍්චුපට‍්ඨිතා හොතී”ති. උදකබින්‍දුම‍්පි න හනාමි න විනාසෙමි, කිං කාරණා. මාහං ඛුද‍්දකෙ පාණෙ විසමගතෙ සඞ‍්ඝාතං ආපාදෙසින‍්ති. නින‍්නථලතිණග‍්ගරුක‍්ඛසාඛාදීසු විසමට‍්ඨානෙ ගතෙ උදකබින්‍දුසඞ‍්ඛාතෙ ඛුද‍්දකපාණෙ සඞ‍්ඝාතං වධං මා ආපාදෙසින‍්ති. එතමත්‍ථං “සතොව අභික‍්කමාමී”ති දස‍්සෙති. අචෙලකෙසු කිර භූමිං අක‍්කන‍්තකාලතො පභුති සීලවා නාම නත්‍ථි. භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තාපි දුස‍්සීලාව හුත්‍වා ගච‍්ඡන‍්ති, උපට‍්ඨාකානං ගෙහෙ භුඤ‍්ජන‍්තාපි දුස‍්සීලාව හුත්‍වා භුඤ‍්ජන‍්ති. ආගච‍්ඡන‍්තාපි දුස‍්සීලාව හුත්‍වා ආගච‍්ඡන‍්ති. යදා පන මොරපිඤ‍්ඡෙන ඵලකං සම‍්මජ‍්ජිත්‍වා සීලං අධිට‍්ඨාය නිසීදන‍්ති, තදා සීලවන‍්තා නාම හොන‍්ති.

නෙකවස්ස ගණිකා නොයෙක් වර්ෂ සමුහයෙන් හටගත්, රජොජල්ලං රජස්මල මෙය තමන්ගේ රජො ජල්ලක ව්‍රත සමාදානය ගැන කියයි. ජෙගුච්ඡරිස්මිං පාපයට පිළිකුල් කරන බැව්හි. යාව උදක බින්‍දුම්හි පි දිය බින්දුවෙහි මගේ කරුණාව එළඹ සිටියේ වෙයි. අන්‍ය වූ ගල්කැට, කැබිලිති, දඬු වැල් ආදියෙහි කියනුම කවරේද? ඔව්හු වනාහි දිය බින්දු මෙන් මේ කැටකැබලිති ආදීහු ක්‍ෂුද්‍ර ප්‍රාණීහු යයි පනවති. එයින් කීහ දිය බින්දුවෙහි පවා මගේ දයාව පැතිරුනේ වෙයි. දිය බින්දුවකුදු නොනසමි. විනාශ නොකරමි. කුමන කරුණකින් ද යත්, මාහං චුද්දකෙ පාණෙ විසමගතෙ සංඝාත මා පාදෙසිං මළ ගොඩ තණ රුක් අතු ආදී වූ විෂම ස්ථානයන්හි පැමිණි ජල බින්දු සංඛ්‍යාත වූ කුඩා සතුන් නැසීමට වධයට නො පමුණුවයි කියායි. මේ සඳහා සිහි ඇතිවම ඉදිරියට යෙමියි දක්වයි. අචේලකයන් අතුරෙහි බිම ඇක්මුණු තැන් පටන් සිල්වත් වුයෙක් නම් නැත්ල. පිඬු සිගීමට යන්නා ද දුශ්ශීලයෝවම එත්ල. උපාසකයන්ගේ ගෙදර වළඳන්නාහු ද දුශ්ශීලයෝ ම වළඳත්ල. එන්නාහු ද දුශ්ශීලයෝවමැ එත්ල. යම්කලෙක වනාහි මොනර පිළින් පෝරුව ඇමද, සිල් ඉටා හිඳිත් ද එකල්හි සිල්වත් වූවාහු නම් වෙත්ලු.

වනකම‍්මිකන‍්ති කන්‍දමූලඵලාඵලාදීනං අත්‍ථාය වනෙ විචරන‍්තං. වනෙන වනන‍්ති වනතො වනං, එස නයො සබ‍්බත්‍ථ. සංපතාමීති ගච‍්ඡාමි. ආරඤ‍්ඤකොති අරඤ‍්ඤෙ ජාතවුද‍්ධො, ඉදං අත‍්තනො ආජීවකකාලං සන්‍ධාය වදති. බොධිසත‍්තො කිර පාසණ‍්ඩපරිග‍්ගණ‍්හණත්‍ථාය තං පබ‍්බජ‍්ජං පබ‍්බජි, නිරත්‍ථකභාවං පන ඤත්‍වාපි න උප‍්පබ‍්බජ‍්ජිතො, බොධිසත‍්තා හි යං යං ඨානං උපෙන‍්ති, තතො අනිවත‍්තිතධම‍්මා හොන‍්ති, පබ‍්බජිත්‍වා පන මා මං කොචි අද‍්දසාති තතොව අරඤ‍්ඤං පවිට‍්ඨො. තෙනෙවාහ “මා මං තෙ අද‍්දසංසු අහඤ‍්ච මා තෙ අද‍්දස”න‍්ති.

වනකම්මිකං අල මුල් ආදිය සඳහා වනයෙහි හැසිරෙන්නෙකු වනෙනවනං වනයෙන් වනයට, සියලු තන්හි මෙම ක්‍රමයමැයි. පපතාමි යෙමි. ආරඤ්ඤකො වනයෙහි ඉපිද වැඩුණු, මෙය තමන්ගේ ආජීවක කාලය සඳහා කියයි. බෝසත් තෙම පාසාණ්ඩයන් පරික්‍ෂා කිරීම පිණිස ඒ පැවිද්දට පැමිණියේය. ප්‍රතිඵල රහිත බව දැන, යළි ගිහි නොවූයේය. බෝසත්හු යම් යම් තැනකට පැමිණෙත් ද, එයින්, නොනවතින ස්වභාව ඇත්තාහු වෙති. එසේ පැවිදිව ‘කිසිවෙක් මා නොදකීවා’යි’ එයින්ම වනයට පිවිසියේය. මා මං තෙ අද්දසංසු අහං ච මා නෙ අද්දසං යනු එහෙයින් කීහ.

ගොට‍්ඨාති ගොවජා. පට‍්ඨිතගාවොති නික‍්ඛන‍්තගාවො. තත්‍ථ චතුක‍්කුණ‍්ඩිකොති වනන‍්තෙයෙව ඨිතො ගොපාලකානං ගාවීහි සද‍්ධිං අපගතභාවං දිස‍්වා ද‍්වෙ හත්‍ථෙ ද‍්වෙ ච ජණ‍්ණුකානි භූමියං ඨපෙත්‍වා එවං චතුක‍්කුණ‍්ඩිකො උපසඞ‍්කමිත්‍වාති අත්‍ථො. තානි සුදං ආහාරෙමීති මහල‍්ලකවච‍්ඡකානං ගොමයානි කසටානි නිරොජානි හොන‍්ති, තස‍්මා තානි වජ‍්ජෙත්‍වා යානි තරුණවච‍්ඡකානං ඛීරපානෙනෙව වඩ‍්ඪන‍්තානං සඔජානි ගොමයානි තානි කුච‍්ඡිපූරං ඛාදිත්‍වා පුන වනසණ‍්ඩමෙව පවිසති. තං සන්‍ධායාහ “තානි සුදං ආහාරෙමී”ති. යාවකීවඤ‍්ච මෙති යත‍්තකං කාලං මම සකං මුත‍්තකරීසං අපරික‍්ඛීණං හොති. යාව මෙ ද‍්වාරවළඤ‍්ජො පවත‍්තිත්‍ථ, තාව තදෙව ආහාරෙමීති අත්‍ථො. කාලෙ පන ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ පරික‍්ඛීණමංසලොහිතො උපච‍්ඡින‍්නද‍්වාරවළඤ‍්ජො වච‍්ඡකානං ගොමයානි ආහාරෙමි. මහාවිකටභොජනස‍්මින‍්ති මහන‍්තෙ විකටභොජනෙ, අපකතිභොජනෙති අත්‍ථො.

ගොට්ඨා හරක් ගාල් පට්ඨිතගාවො නික්මුණු ගවයන් ඇත්තාහු, තත්‍ථ චතුකුණ්ඩිකො මහ කුඩා ගස් ඇති කැලෑවේම සිටියේ, ගොපල්ලන් දෙනුන් සමග ආපසු ගිය බැව් දැක දෙ අත් ද දෙ දණද බිම තබා මෙසේ චතු කුණ්ඩිකව එළඹ සිටියේ යන අර්ථයි. තානි සුදං ආහාරෙමිති, මහත් වූ වස්සන්ගේ ගොම කසට වූවාහු ඕජස් රහිත වූවාහු, වෙත් ද එහෙයින් ඒ ගොම හැර තරුණ වූ කිරි බීමෙන් ම වැඩෙන්නවුන්ගේ ඕජස් සහිත වූ ගොම කුස පුරා කා යළි වන ලැහැබටම පිවිසෙයි. තානි සුදං ආහාරෙමි යනු ඒ සඳහා කීහ. යාවකීවඤ්ච මෙ යම් කාලයකට මාගේ සිය මළ මූ ක්‍ෂය නොවූයේ වේද, යම්තාක් මාගේ (නව) දොරවල ප්‍රයෝජන ගැනීම පැවැත්තේ වේද, ඒ තාක් එයම ආහාර කෙරෙමි යන අර්ථයි. අනතුරුව කල් යත් යත් ම ය වූ මස් ලේ ඇත්තේ, නව දොරවල ප්‍රයෝජන ගැනීම සිඳී ගියේ, වස්සන් පිළිබඳ ගොම ආහාර කළේයි. මහා විකට භොජනස්මිං මහත් වු විකෘති භෝජනයෙහි අස්වාභාවික භෝජනයෙහි යන අර්ථයි.

තත්‍රාස‍්සුදං, සාරිපුත‍්ත, භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං හොතීති. තත්‍රාති පුරිමවචනාපෙක‍්ඛනං. සුදන‍්ති පදපූරණමත‍්තෙ නිපාතො. සාරිපුත‍්තාති ආලපනං. අයං පනෙත්‍ථ අත්‍ථයොජනා – තත්‍රාති යං වුත‍්තං අඤ‍්ඤතරං භිංසනකං වනසණ‍්ඩන‍්ති, තත්‍ර යො සො භිංසනකො වනසණ‍්ඩො වුත‍්තො, තස‍්ස භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං හොති, භිංසනකකිරියාය හොතීති අත්‍ථො. කිං හොති? ඉදං හොති, යො කොචි අවීතරාගො…පෙ… ලොමානි හංසන‍්තීති.

තත්‍ර සුදං සාරිපුත්ත හිංසනකස්ස වනසණ්ඩස්ස හිංසන කතස්මිං හොති මෙහි තත්‍ර යනු පළමු වචනය අපේක්‍ෂා කිරීමයි. සුදං යනු පද පූරණ මාත්‍රයෙහි නිපාතය. සාරිපුත්ත යනු ඇමතීමයි. මෙහි මතු කියන්නේ අර්ථ යෝජනායි. තත්‍ර ‘අඤ්ඤතරස්මිං හිංසනකෙ වන සණ්ඩෙ’ යයි යමක් කියන ලද ද, ඒ බිහිසුණු වනලැහැබෙහි හිංසන කතස්මිං හොති බිහිසුණුකම වෙයි යන අර්ථයි. කුමක් වේද? මෙය වෙයි. යම්කිසි අවීතරාගයක් වේද? ඔහුගේ ලොමු දහගනිත්යයි,

අථ වා තත්‍රාති සාමිඅත්‍ථෙ භුම‍්මං. සු ඉති නිපාතො. කිං සු නාම තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණාතිආදීසු විය. ඉදන‍්ති අධිප‍්පෙතමත්‍ථං පච‍්චක‍්ඛං විය කත්‍වා දස‍්සනවචනං. සුදන‍්ති සු ඉදං, සන්‍ධිවසෙන ඉකාරලොපො වෙදිතබ‍්බො. චක‍්ඛුන්‍ද්‍රියං ඉත්‍ථින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං කිං සූධවිත‍්තන‍්තිආදීසු විය.

නොහොත් තත්‍ර යනු ස්වාමී අර්ථයෙහි ආධාරතයයි. සු යනු නිපාතයි. කිංසුනාම තෙ හොන්තො සමණ බ්‍රාහ්මණ යනාදියෙහි මෙනි. ඉදං අදහස් කළ අර්ථය ප්‍රත්‍යක්‍ෂ වූවාක් මෙන් කොට, දක්වන වචනයි. සු+ඉදං සූදං, සන්‍ධි වශයෙන් ඉකාර ලෝපයයි දතයුතු චක්ඛුන්‍ද්‍රියං, ඉත්‍ථීන්‍ද්‍රියං අනඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රියං කිංසූධ චිත්තං යනාදිය මෙනි.

අයං පනෙත්‍ථ අත්‍ථයොජනා, තස‍්ස, සාරිපුත‍්ත, භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං ඉදංසු හොතීති. භිංසනකතස‍්මින‍්ති භිංසනකභාවෙති අත්‍ථො. එකස‍්ස තකාරස‍්ස ලොපො දට‍්ඨබ‍්බො. “භිංසනකත‍්තස‍්මි”න‍්තියෙව වා පාඨො, භිංසනකතාය ඉති වා වත‍්තබ‍්බෙ ලිඞ‍්ගවිපල‍්ලාසො කතො, නිමිත‍්තත්‍ථෙ චෙතං භුම‍්මවචනං. තස‍්මා එවං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො, භිංසනකභාවෙ ඉදංසු හොති, භිංසනකභාවනිමිත‍්තං භිංසනකභාවහෙතු, භිංසනකභාවපච‍්චයා ඉදංසු හොති. යො කොචි අවීතරාගො තං වනසණ‍්ඩං පවිසති. යෙභුය්‍යෙන ලොමානි හංසන‍්ති බහුතරානි ලොමානි හංසන‍්ති, උද‍්ධං මුඛානි සූචිසදිසානි කණ‍්ටකසදිසානි ච හුත්‍වා තිට‍්ඨන‍්ති, අප‍්පානි න හංසන‍්ති, බහුතරානං වා සත‍්තානං හංසන‍්ති, අප‍්පකානං අතිසූරපුරිසානං න හංසන‍්තීති.

මේ වනාහි අර්ථ යෝජනායි. ශාරිපුත්‍රය, ඒ බිහිසුණු වනලැහැබෙහි බිහිසුණු බැව්හි මේ වෙයි. හිංසනකතස්මිං බිහිසුණු බැව්හි යන අර්ථයි. එක් නකාරයක්හු ගේ ලෝපය දක්වයි. භිංසනකතස්මිං කියා හෝ පාඨයි. භිංසනකතාය කියයුතු තන්හි ලිංග විපර්යාස කරන ලද තව ද මේ නිමිත්තාර්ථයෙහි ආධාර වචනයි. එහෙයින් මෙසේ සම්බන්ධය දතයුතු. බිහිසුනු බැව්හිම වෙයි. බිහිසුනු බව නිමිතිකොට, බිහිසුනු බව හේතුකොට, බිහිසුනු බව ප්‍රත්‍යකොට, මේ වෙයි. යො කොචි අවීතරාගො තං වනසණ්ඩං සවිසති යෙභුය්‍යෙන ලොමාති භසත්තී බොහෝ ලොමු දහගනිති. උඩුහුරු වූවාහු හිඳි වැනි ද කටු වැනි ද වී සිටිති. ඉතා බොහෝ සත්ත්වයන්ගේ ලොම් උඩට නැගුණු මුව ඇතිව සිටිති. ස්වල්ප වූ ඉතා ශුර පුරුෂයන්ගේ රෝමහර්ෂ නො වෙත්.

අන‍්තරට‍්ඨකාති මාඝමාසස‍්ස අවසානෙ චතස‍්සො, ඵග‍්ගුණමාසස‍්ස ආදිම‍්හි චතස‍්සොති එවං උභින‍්නං අන‍්තරෙ අට‍්ඨරත‍්ති. අබ‍්භොකාසෙති මහාසත‍්තො හිමපාතසමයෙ රත‍්තිං අබ‍්භොකාසෙ විහරති, අථස‍්ස ලොමකූපෙසු ආවුතමුත‍්තා විය හිමබින්‍දූනි තිට‍්ඨන‍්ති, සරීරං සෙතදුකූලපාරුතං විය හොති. දිවා වනසණ‍්ඩෙති දිවා හිමබින්‍දූසු සූරියාතපසම‍්ඵස‍්සෙන විගතෙසු අස‍්සාසොපි භවෙය්‍ය, අයං පන සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙයෙව වනසණ‍්ඩං පවිසති, තත්‍රාපිස‍්ස සූරියාතපෙන පග‍්ඝරන‍්තං හිමං සරීරෙයෙව පතති. දිවා අබ‍්භොකාසෙ විහරාමි රත‍්තිං වනසණ‍්ඩෙති ගිම‍්හකාලෙ කිරෙස දිවා අබ‍්භොකාසෙ විහාසි, තෙනස‍්ස කච‍්ඡෙහි සෙදධාරා මුච‍්චිංසු, රත‍්තිං අස‍්සාසො භවෙය්‍ය, අයං පන සූරියෙ අත්‍ථං ගච‍්ඡන‍්තෙයෙව වනසණ‍්ඩං පවිසති. අථස‍්ස දිවා ගහිතඋස‍්මෙ වනසණ‍්ඩෙ අඞ‍්ගාරකාසුයං පක‍්ඛිත‍්තො විය අත‍්තභාවො පරිදය‍්හිත්‍ථ. අනච‍්ඡරියාති අනුඅච‍්ඡරියා. පටිභාසීති උපට‍්ඨාසි.

අන්තරාට්ඨතා නවම් මස අවසානයෙහි සතරෙක, මැදින් මස ආදියෙහි සතරෙකැයි මෙසේ දෙමස අතර රාත්‍රීහු අටදෙනා, අබ්භොකාසෙ මහසත් තෙම හිමවැටෙන කල්හී රාත්‍රියෙහි අභ්‍යවකාශයෙහි වෙසෙයි. එකල්හි ඔහුගේ රෝම කූපයන්හි අවුනන ලද මුතු මෙන් හිම බින්දු සිටිති. ශරීරය සුදු දුහුලකින් පොරවන ලද්දාක් මෙන් පෙනෙයි. දිවා වනසණ්ඩෙ දවල් හිරුරැස් පහසින් හිම බින්දු පහව ගියකල්හී අස්වැසිල්ලක් වන්නේය. එහෙත් මෙතෙමේ හිරු නැගෙන කල්හිම වන ලැහැබට පිවිසෙයි. එහිදු හිරු රසින් වැගිරෙන හිම ඔහුගේ සිරුරෙහි වැටේ. දිවා අබ්භොකාසෙ විහරාමි රත්තිං වණසණ්ඩෙ ග්‍රීෂ්ම කාලයෙහි මෙතෙම දවල් අභ්‍යවකාශයෙහි විසීල එබැවින් ඔහුගේ දෙකිසිල්ලෙන් ඩහදිය වැගිරුනාහුය. රාත්‍රියෙහි අස්වැසීමක් වන්නේ ය. එතකුදු වුවත් මෙතෙම හිරු අස්තයට යන කල්හිම වන ලැහැබට පිවිසෙයි. එකල්හි දහවල් ගත් උණුසුම ඇති වන ලැහැබෙහි අඟුරු වලෙක බහාලන ලද්දෙකු මෙන්, ඔහුගේ ආත්මභාවය හාත්පසින් දැවේ. අනච්ඡරියා අනු+අච්ඡරියා - ආශ්චර්ය වූ පටිභාසි වැටහිණි.

සොතත‍්තොති දිවා ආතපෙන රත‍්තිං වනඋස‍්මාය සුතත‍්තො. සොසින‍්නොති රත‍්තිං හිමෙන දිවා හිමොදකෙන සුට‍්ඨු තින‍්තො. භිංසනකෙති භයජනකෙ. නග‍්ගොති නිච‍්චෙලො. නිවාසනපාරුපනෙ හි සති සීතං වා උණ‍්හං වා න අතිබාධෙය්‍ය, තම‍්පි මෙ නත්‍ථීති දස‍්සෙති. න චග‍්ගිමාසිනොති අග‍්ගිම‍්පි න උපගතො. එසනාපසුතොති සුද‍්ධිඑසනත්‍ථාය පසුතො, පයුත‍්තො. මුනීති, තදා අත‍්තානං මුනීති කත්‍වා කථෙති.

සොතත්තො දවල් අව්වෙන්, රෑ වන උණුසුමින් අතිශයින් තැවුනේ, සොසිනො රෑ හිමයෙන් දවල් හිම ජලයෙන් අතිශයින් තෙමුනේ, භිංසනකෙ භය උපදවන, නග්ගො නග්න වූයේ, හඳන පොරෝණ ඇති කල්හි සිසිල හෝ උණුසුම අතිශයින් නො පෙළන්නේ ය. ඒවාද තමන්ට නැති බව දක්වයි. නවග්ගිමාසිනො ගින්න කරා ද නොඑළඹියෙමි. එසනා පසුතො සංසාර ශුද්ධිය සෙවීම පිණිස යෙදුනේ, අතිශයින් යෙදුනේ මුනි, එකල්හි තමන්වහන්සේ මුනියයි දක්වන සේක.

ඡවට‍්ඨිකානීති උපඩ‍්ඪදඩ‍්ඪානි අට‍්ඨීනි. උපධායාති යථා සීසූපධානඤ‍්ච පාදූපධානඤ‍්ච පඤ‍්ඤායති, එවං සන්‍ථරිත්‍වා තත්‍ථ සෙය්‍යං කප‍්පෙමීති දස‍්සෙති. ගාමණ‍්ඩලාති ගොපාලදාරකා. තෙ කිර බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, සුමෙධ, ත්‍වං ඉමස‍්මිං ඨානෙ කස‍්මා නිසින‍්නො, කථෙහීති වදන‍්ති. බොධිසත‍්තො අධොමුඛො නිසීදති, න කථෙති. අථ නං තෙ අකථෙතුං න දස‍්සාමාති පරිවාරෙත්‍වා ඔට‍්ඨුභන‍්ති සරීරෙ ඛෙළං පාතෙන‍්ති. බොධිසත‍්තො එවම‍්පි න කථෙති. අථ නං ත්‍වං න කථෙසීති ඔමුත‍්තෙන‍්ති පස‍්සාවමස‍්ස උපරි විස‍්සජ‍්ජෙන‍්ති. බොධිසත‍්තො එවම‍්පි න කථෙතියෙව. තතො නං කථෙහි කථෙහීති පංසුකෙන ඔකිරන‍්ති. බොධිසත‍්තො එවම‍්පි න කථෙතියෙව. අථස‍්ස න කථෙසීති දණ‍්ඩකසලාකා ගහෙත්‍වා කණ‍්ණසොතෙසු පවෙසෙන‍්ති. බොධිසත‍්තො දුක‍්ඛා තිබ‍්බා කටුකා වෙදනා අධිවාසෙන‍්තො කස‍්සචි කිඤ‍්චි න කරිස‍්සාමීති මතකො විය අච‍්ඡති. තෙනාහ “න ඛො පනාහං, සාරිපුත‍්ත, අභිජානාමි තෙසු පාපකං චිත‍්තං උප‍්පාදෙතා”ති. න මයා තෙසු පාපකං චිත‍්තම‍්පි උප‍්පාදිතන‍්ති අත්‍ථො.

ඡවට්ඨිකානි අඩක් පිළිස්සුණු ඇට, උපධායාති යම්සේ හිසට කොට්ටයක් පයට කොට්ටයක් තිබේ ද එසේ අතුරා ශයනය කරමියි දක්වති. ගොමණ්ඩලා ගොපලු දරුවෝ බෝසතුන් සමීපයට ගොස් සුමේධය. නුඹ මෙතැන්හි කුමක් හෙයින් ඉන්නෙහිද, කියවයි කියති ලු. බෝසත්තෙම යට බැලූ මුහුණු ඇතිව හිඳියි. කථා නො කෙරෙයි. එකල්හි ඔව්හූ කථා නො කරන්නට නො දෙමුයි බෝසතුන් පිරිවරා කාරා දමති. ශරිරයෙහි කෙළ ගසති. බෝසත් තෙමේ එසේත් කථා නො කරති. එකල්හි ඔහුට නුඹ කථා නො කෙරෙතියි මුත්‍රා කෙරෙති. ඔහු මතුයෙහි මුත්‍රා ජලය විසුරුවති. බෝසත් තෙමේ මෙසේත් කතා නොකෙරෙත්ම ය. නැවත ඔහුට කථා කරව කථා කරවයි පස් විසුරුවති. බෝසත් තෙමේ මෙසේත් කථා නො කෙරේම ය. එවිට ඔහු කථා නොකෙරේ යයි දඬු කැබලි ගෙන කන්සිදුරුවල පැවති බෝසත් තෙම දුක් වූ තියුණු වූ කටුක වූ වේදනාව ඉවසමින් කිසිවකුට කිසිවක් නො කියන්නෙමියි මළ එකෙකු මෙන් හිඳී. නඛො පනාහං සාරිපුත්ත අභිජානාමි තෙසු පාපකං චිත්තං උප්පාදෙතාති යනාදිය කීහ. මා විසින් ඔවුන් කෙරෙහි පවිටු සිතක් නො උපදවන ලදී යන අර්ථයි.

උපෙක‍්ඛාවිහාරස‍්මිං හොතීති උපෙක‍්ඛාවිහාරො හොති. විහාරො එව හි විහාරස‍්මින‍්ති වුත‍්තො. තෙනෙව ච “ඉදංසු මෙ”ති එත්‍ථාපි අයංසු මෙති එවං අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනා නයෙන අඤ‍්ඤානිපි එවරූපානි පදානි වෙදිතබ‍්බානි. ඉමිනා ඉතො එකනවුතිකප‍්පෙ පූරිතං උපෙක‍්ඛාවිහාරං දස‍්සෙති. යං සන්‍ධායාහ –

උපෙක්ඛා විහාරස්මිං හොතීති උපේක්‍ෂා විහාරය වෙයි. යම් හෙයකින් වාසය කිරීමට විහාර ණයම ‘විහාරස්මිං’ යි කියන ලද ද, එහෙයින් මෙහි, ඉදංසු මෙ යන මෙතැන්හී ‘අයංසු මෙ’ යි මෙසේ අර්ථ දතයුතු. මේ ක්‍රමයෙන් අන්‍ය වූ ද මෙබඳු පදයෝ දතයුත්තාහ. මෙම දේශනාවෙන් මෙයින් (පෙර) එක් අනූවන කල්පයෙහි පිරූ උපේක්‍ෂා විහාරය (පාරමිතාව) දක්වන ලදහ.

“සුඛපත‍්තො න රජ‍්ජාමි, දුක‍්ඛෙ න හොමි දුම‍්මනො; සබ‍්බත්‍ථ තුලිතො හොමි, එසා මෙ උපෙක‍්ඛාපාරමී”ති.

සුඛෙ පත්තෙ න රජ්ජාමි - දුක්ඛෙ හොමි න දුම්ම නො සබ්බත්‍ථ කුලිතො හොමි එසා මෙ උපෙක්ඛා පාරමී

සැපයක් පැමිණි කල්හි නො ඇලෙමි. දුකක් පැමිණි කල්හි නො සතුටු සිත් ඇත්තේ නො වෙමි. සුව දුක් ආදී සියළු තැන්හි තරාදියක් මෙන් වෙමි. මේ මාගේ උපේක්‍ෂා පාරමිතාවයි.

දුක‍්කරකාරිකාදිසුද‍්ධිවණ‍්ණනා නිට‍්ඨිතා.