ආහාරසුද්ධිවණ්ණනා අට්ඨකථා
ආහාරසුද්ධිවණ්ණනා
ආහාරසුද්ධිවණ්ණනා
ආහාරෙන සුද්ධීති කොලාදිනා එකච්චෙන පරිත්තකආහාරෙන සක්කා සුජ්ඣිතුන්ති එවංදිට්ඨිනො හොන්ති. එවමාහංසූති එවං වදන්ති. කොලෙහීති පදරෙහි. කොලොදකන්ති කොලානි මද්දිත්වා කතපානකං. කොලවිකතින්ති කොලසාළවකොලපූවකොලගුළාදිකොලවිකාරං. එතපරමොති එතං පමාණං පරමං අස්සාති එතපරමො. තදා එකනවුතිකප්පමත්ථකෙ පන න බෙලුවපක්කතාලපක්කපමාණො කොලො හොති, යං එතරහි කොලස්ස පමාණං, එත්තකොව හොතීති අත්ථො.
ආහාරෙන සුද්ධි ඩෙබර ආදී එක්තරා ස්වල්ප වූ ආහාරයකින් ශුද්ධිය ලබන්ට හැක්කේ යයි මෙබඳු පිළිගැනීම් ඇත්තාහු වෙති. එවමාහංසු මෙසේ කියත්. කොලෙහි, ඩෙබරවලින් කොළො දකං ඩෙබර මිරිකා කළ පානය. කොල විකති ඩෙබරවලින් කළ විවිධාකාර ආහාර, එක පරමො මේ ප්‍රමාණය සීමා වූයේ මොහුට යයි ඒත පරම වේ. එදා මෙයට ඒකානූ කපකට පෙර ඩෙබර ගෙඩි බෙලි ගෙඩි තල්ගෙඩි පමණ වූයේ නොවේ. අද ඩෙබර ගෙඩියක් යම් ප්‍රමාණ වේද, එදා ද එම ප්‍රමාණයම වෙයි.
අධිමත්තකසිමානන්ති අතිවිය කිසභාවං. ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වාති යථා ආසීතිකවල්ලියා වා කාළවල්ලියා වා සන්ධිට්ඨානෙසු මිලායිත්වා මජ්ඣෙ උන්නතුන්නතානි හොන්ති, එවං මය්හං අඞ්ගපච්චඞ්ගානි හොන්තීති දස්සෙති. ඔට්ඨපදන්ති යථා ඔට්ඨස්ස පදං මජ්ඣෙ ගම්භීරං හොති, එවමෙවං බොධිසත්තස්ස මිලාතෙ මංසලොහිතෙ වච්චද්වාරස්ස අන්තොපවිට්ඨත්තා ආනිසදං මජ්ඣෙ ගම්භීරං හොති. අථස්ස භූමියං නිසින්නට්ඨානං සරපොඞ්ඛෙන අක්කන්තං විය මජ්ඣෙ උන්නතං හොති. වට්ටනාවළීති යථා රජ්ජුයා ආවුනිත්වා කතා වට්ටනාවළී වට්ටනානං අන්තරන්තරා නින්නා හොති, වට්ටනට්ඨානෙසු උන්නතා, එවං පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති, ජරසාලාය ගොපානසියොති ජිණ්ණසාලාය ගොපානසියො, තා වංසතො මුච්චිත්වා මණ්ඩලෙ පතිට්ඨහන්ති, මණ්ඩලතො මුච්චිත්වා භූමියන්ති; එවං එකා උපරි හොති, එකා හෙට්ඨාති ඔලුග්ගවිලුග්ගා භවන්ති. බොධිසත්තස්ස පන න එවං ඵාසුළියො, තස්ස හි ලොහිතෙ ඡින්නෙ මංසෙ මිලාතෙ ඵාසුළන්තරෙහි චම්මානි හෙට්ඨා ඔතිණ්ණානි, තං සන්ධායෙතං වුත්තං.
අධිමත්තක සීමානං අතිශය කෙට්ටු බවට. ආසීතික පබ්බානි වා කාළ පබ්බානි වා ආසීතික නම් පැළෑටි වර්ගයේ හෝ කළුවැලේ ගැට තැන්හි මැළවී මැද උස් උස් වූවාහු වෙත් ද, මගේ අඟපසඟ ද ඒ සමාන වූයේය. ඔට්ඨපදන්ති ඔටුවාගේ පිය මැද ගැඹුරු වේ ද, එපරිද්දෙන් බෝසතුන්ගේ මස් ලේ මැලවිණ. වස් දොර ඇතුළත පිවිසි බැවින් තට්ටම් මැද ගැඹුරු විය. එකල ඔහු බිම හුන් කල ඊ පගලියකින් ඇක්මුණු කලක් මෙන් මැද උස් වෙයි. වට්ටනාවලී යම්සේ නූලකින් අමුණන ලද නවගුණවැලේ ඇට අතරින් අතර පහත් වේ ද, ඇට පිහිටි තැන් උස් වේද, එපරිද්දෙන් කොඳුඇට පේලිය උස්පහත් වෙයි. ජරසාලාය ගොපානසියො දිරාපත් වූ ගොඩනැගිල්ලක ගොනැස්ස (පරාල යටලී ආදිය) බිත්තිවලින් වැටී බිම සිටියේ ද එකක් යට වී එකක් උඩ සිටී ද, බෝ සතුන්ගේ ඉලඇට එසේ නොවෙති. එහෙත් ලේ සිඳුනු විට මස් මැළවුණු විට, (දිය වූ විට) ඉලඇට අතරින් සම යටට බැස්සහ. ඒ සඳහා මෙය කියන ලදී.
ඔක්ඛායිකාති හෙට්ඨා අනුපවිට්ඨා. තස්ස කිර ලොහිතෙ ඡින්නෙ මංසෙ මිලාතෙ අක්ඛිආවාටකා මත්ථලුඞ්ගං ආහච්ච අට්ඨංසු, තෙනස්ස එවරූපා අක්ඛිතාරකා අහෙසුං. ආමකච්ඡින්නොති අතිතරුණකාලෙ ඡින්නො, සො හි වාතාතපෙන සංඵුසති චෙව මිලායති ච.
ඔක්ඛායිකා යටට ගියාහු, ඔහුගේ ලේ සිඳුණු කල, මස් දියවුණු කල ඇස්වටය හිස්මුලට හැපී සිටියේය. ඇස් තාරකා බඳු විය. ආමකච්ඡින්තො ඉතා තරුණ කාලයේ සිඳින ලදුයේ, ඔහු අව් සුළගින් පැලෙන්නේ ද මැලවෙන්නේ ද විය.
යාවස්සු මෙ, සාරිපුත්තාති, සාරිපුත්ත, මය්හං උදරච්ඡවි යාව පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති. අථ වා යාවස්සු මෙ, සාරිපුත්ත, භාරියභාරියා අහොසි දුක්කරකාරිකා, මය්හං උදරච්ඡවි යාව පිට්ඨිකණ්ටකං අල්ලීනා අහොසීති එවමෙත්ථ සම්බන්ධො වෙදිතබ්බො. පිට්ඨිකණ්ටකංයෙව පරිග්ගණ්හාමීති සහඋදරච්ඡවිං ගණ්හාමි. උදරච්ඡවිංයෙව පරිග්ගණ්හාමීති සහපිට්ඨිකණ්ටකං ගණ්හාමි. අවකුජ්ජො පපතාමීති තස්ස හි උච්චාරපස්සාවත්ථාය නිසින්නස්ස පස්සාවො නෙව නික්ඛමති, වච්චං පන එකං ද්වෙ කටකට්ඨිමත්තං නික්ඛමති. බලවදුක්ඛං උප්පාදෙති. සරීරතො සෙදා මුච්චන්ති, තත්ථෙව අවකුජ්ජො භූමියං පතති. තෙනාහ “අවකුජ්ජො පපතාමී”ති. තමෙව කායන්ති තං එකනවුතිකප්පමත්ථකෙ කායං. මහාසච්චකසුත්තෙ පන පච්ඡිමභවිකකායං සන්ධාය ඉමමෙව කායන්ති ආහ. පූතිමූලානීති මංසෙ වා ලොහිතෙ වා සති තිට්ඨන්ති. තස්ස පන අභාවෙ චම්මඛණ්ඩෙ ලොමානි විය හත්ථෙයෙව ලග්ගන්ති, තං සන්ධායාහ “පූතිමූලානි ලොමානි කායස්මා පතන්තී”ති.
යාවස්සු මෙ සාරිපුත්තා ශාරිපුත්‍රය, මගේ උදරයේ සිවිය පිටකටුව දක්වා ඇලුණි වෙයි. නොහොත් මගේ දුෂ්කරක්‍රියාව යම්තරම් බැරෑරුම් වූයේ ද මගේ උදර සිවිය පිටකටුවට ඇලුනේ යයි මෙහි සම්බන්ධය දතයුතු. පිට්ඨි කණ්ටකං යෙව පරිගණ්හාමි පිටකටුව සමග ගනිමි. උදරච්ඡවිං යෙව පරිගණ්හාමි උදර සිවිය සමග ගනිමි. අවකුජ්ජො පපතාමි මළ මූ කිරීම පිණිස උන්නා වූ ඔහුගේ මුත්‍රා නො නික්මේ. මලය වූ කලී ඉගිනි ඇට එකක් දෙකක් පමණ නික්මේ. බලවත් වූ දුක් උපදවයි. සිරුරින් ඩාදිය වැගිරේ. එහිමැ යටිකුරුව බිම වැටේ. ‘අවකුජ්ජො පපතාමි’ යනු එහෙයින් කීහ. තමෙමකායං ඒ එකුන් අනූවන කපට පෙර ශරීරය මහා සච්චක සූත්‍රයෙහි පශ්චිමභවික ශරීරය සඳහා ‘ඉමමෙව කායං’ යනුවෙන් වදාළහ. පූතිමුලානි මස් හෝ ලේ ඇතිකල්හි (ලෝම) පවතී. මස් ලේ නැති කල්හි සම්කඩක ලෝමයන් මෙන් අතෙහිම ඇලෙති. ‘පූතිමූලානි කායසමා පතනති’ යනු එහෙයින් වදාළහ.
අලමරියඤාණදස්සනවිසෙසන්ති අරියභාවං කාතුං සමත්ථං ලොකුත්තරමග්ගං. ඉමිස්සායෙව අරියාය පඤ්ඤායාති විපස්සනාපඤ්ඤාය අනධිගමා. යායං අරියාති යා අයං මග්ගපඤ්ඤා අධිගතා. ඉදං වුත්තං හොති – යථා එතරහි විපස්සනාපඤ්ඤාය අධිගතත්තා මග්ගපඤ්ඤා අධිගතා, එවං එකනවුතිකප්පමත්ථකෙ විපස්සනාපඤ්ඤාය අනධිගතත්තා ලොකුත්තරමග්ගපඤ්ඤං නාධිගතොස්මීති, මජ්ඣිමභාණකත්ථෙරා පනාහු, ඉමිස්සායෙවාති වුත්තපඤ්ඤාපි යායං අරියාති වුත්තපඤ්ඤාපි මග්ගපඤ්ඤායෙව. අථ නෙ භික්ඛූ ආහංසු “එවං සන්තෙ මග්ගස්ස අනධිගතත්තා මග්ගං නාධිගතොස්මීති ඉදං වුත්තං හොති, භන්තෙ”ති. ආවුසො, කිඤ්චාපි දීපෙතුං න සක්කොමි, ද්වෙපි පන මග්ගපඤ්ඤායෙවාති, එතදෙව චෙත්ථ යුත්තං. ඉතරථා හි යා අයන්ති නිද්දෙසො අනනුරූපො සියා.
අලමරියඤාණ දස්සන විසෙසං ආර්යභාවය කරන්නට සමත් වූ, ලෝකෝත්තර මාර්ගය. ඉමිස්සා යෙව අරියාය පඤ්ඤායාති විදර්ශන ප්‍රඥාව නො ලැබීමෙන්, යායං අරියා යම් ආර්ය මාර්ග ප්රඥාවකට පැමිණෙන ලද්දේ ද මේ කියන ලදී. යම් සේ මෙකල්හි විදර්ශනා ප්‍රඥාව ලැබූ බැවින් මාර්ග ප්‍රඥාව ලබන ලද්දේ ද, එපරිද්දෙන් මෙයින් එක් අනූ කපකට පෙර විදර්ශනා ප්‍රඥාව නො ලැබූ බැවින් ලෝකෝත්තර මාර්ග ප්‍රඥාවට නො පැමිණියෙමි. තෙරුන්වහන්සේ මෙසේ කීහ. ‘ඉමිස්සායෙව’ යනුවෙන් වදාළ ප්‍රඥාවද ‘යායං අරියා’ යන්නෙන් වදාළ ප්‍රඥාවද මාර්ග ප්‍රඥාව මැයි. එකල්හි ඔහුට භික්ෂූහු මෙසේ කීහ. ‘වහන්ස, එසේ ඇති කල්හි මාර්ගයට නොපැමිණියේ ම මාර්ගයට නො පැමිණියේ යයි කියන ලදී. ඇවැත්නි, යම්කිසිවක් දක්වන්නට නො හැකි වෙමි. එසේ වුවත් දෙකම මාර්ග ප්‍රඥාව මැයි’ මෙය ම මෙහි සුදුසුය. වෙනත් අයුරකින් සිදු වූයේ නම් ‘යා අයං’ යන නිර්දේශය සුදුසු නො වන්නේ ය.
ආහාරසුද්ධිවණ්ණනා නිට්ඨිතා.
සංසාරසුද්ධිආදිවණ්ණනා
සංසාරසුද්ධිආදිවණ්ණනා
සංසාරෙන සුද්ධීති බහුකං සංසරිත්වා සුජ්ඣන්තීති වදන්ති. උපපත්තියා සුද්ධීති බහුකං උපපජ්ජිත්වා සුජ්ඣන්තීති වදන්ති. ආවාසෙන සුද්ධීති බහූසු ඨානෙසු වසිත්වා සුජ්ඣන්තීති වදන්ති. තීසුපි ඨානෙසු සංසරණකවසෙන සංසාරො. උපපජ්ජනකවසෙන උපපත්ති. වසනකවසෙන ආවාසොති ඛන්ධායෙව වුත්තා. යඤ්ඤෙනාති බහුයාගෙ යජිත්වා සුජ්ඣන්තීති වදන්ති. මුද්ධාවසිත්තෙනාති තීහි සඞ්ඛෙහි ඛත්තියාභිසෙකෙන මුද්ධනි අභිසිත්තෙන. අග්ගිපාරිචරියායාති බහුඅග්ගිපරිචරණෙන සුජ්ඣන්තීති වදන්ති.
සංසාරෙන සුද්ධිති බොහෝ කලක් සැරිසරා පිරිසිදු වෙති යි කියත්. උප්පත්තියා සුද්ධි බොහෝවර ඉපදීමෙන් සිද්ධ වෙතියි කියති. ආවාසෙන සුද්ධි බොහෝ තැන්වල විසීමෙන් සුද්ධ වේයයි කියති. තුන් තන්හි සැරිසැරීම් වශයෙන් ‘සංසාරය’ ඉපදීම් වශයෙන් ‘උත්පත්ති’ බොහෝ තැන්වල විසීම් වශයෙන් ‘ආවාසො’ යයි ස්කන්ධ වශයෙන් ම කියන ලදී. යඤ්ඤෙන බොහෝ යාගයන් යැද සුද්ධ වේයයි කියති. මුද්ධා වසත්තෙන සක් තුනකින් ක්ෂත්රිය රාජාභිෂේකයෙන් මුදුනෙහි අභිෂේක කරන ලද්දහු විසින් අග්ගි පරිචරියායා බොහෝ ගිනි පිදීමෙන් සුද්ධ වෙතියි කියති.
දහරොති තරුණො. යුවාති යොබ්බනෙන සමන්නාගතො. සුසුකාළකෙසොති සුට්ඨු කාළකෙසො. භද්රෙන යොබ්බනෙන සමන්නාගතොති ඉමිනාස්ස යෙන යොබ්බනෙන සමන්නාගතො යුවා, තං යොබ්බනං භද්දං ලද්ධකන්ති දස්සෙති. පඨමෙන වයසාති පඨමවයො නාම තෙත්තිංස වස්සානි, තෙන සමන්නාගතොති අත්ථො, පඤ්ඤාවෙය්යත්තියෙනාති පඤ්ඤාවෙය්යත්තිභාවෙන. ජිණ්ණොති ජරාජිණ්ණො. වුද්ධොති වඩ්ඪිත්වා ඨිතඅඞ්ගපච්චඞ්ගො. මහල්ලකොති ජාතිමහල්ලකො. අද්ධගතොති බහුඅද්ධානං ගතො චිරකාලාතික්කන්තො. වයො අනුප්පත්තොති වස්සසතස්ස තතියකොට්ඨාසං පච්ඡිමවයං අනුප්පත්තො. ආසීතිකො මෙ වයො වත්තතීති ඉමං කිර සුත්තං භගවා පරිනිබ්බානසංවච්ඡරෙ කථෙසි. තස්මා එවමාහ. පරමායාති උත්තමාය. සතියාතිආදීසු පදසතම්පි පදසහස්සම්පි වදන්තස්සෙව ගහණසමත්ථතා සති නාම. තදෙව ආධාරණඋපනිබන්ධනසමත්ථතා ගති නාම. එවං ගහිතං ධාරිතං සජ්ඣායං කාතුං සමත්ථවීරියං ධිති නාම. තස්ස අත්ථඤ්ච කාරණඤ්ච දස්සනසමත්ථතා පඤ්ඤාවෙය්යත්තියං නාම.
දහරො තරුණයා යුවාති යොවුන් බැවින් යුක්ත වූ තැනැත්තා සුසුකාළ කෙසො මනා වූ කළු කෙස් ඇත්තා - සදෙදන යොබ්බන්නෙ සමන්නාගතො යන මෙයින් යම් යොවුන් බවකින් යුක්ත වූවේ තරුණ වේද? ඔහුගේ ඒ යොවුන් බව සොඳුරු යයි සිත්කළු යයි දක්වයි. පඨමෙන වයසාති පළමුවන වයස නම් තිස්වසරයි. එයින් සමන්විත වූයේ යන අදහසයි. පඤ්ඤා වෙය්යත්තියෙන යනු නුවණින් ව්‍යක්ත බවින්, ජිණ්ණො ජරාවෙන් දිරූයෙමි. වුද්ධො වැඩිහිටි බවට පැමිණ අඟපසඟ ඇතියෙමි. මහල්ලකො උපතින් මහළු වූයේ වෙමි. අද්ධගතො බොහෝ කල් ගියේ, දීර්ඝ කාලයක් ඉක්ම ගියේ, වයො අනුසන්තා හොති අවුරුදු සියයේ තුන්වන කොටස වූ අවසාන කොටසට පැමිණියෙමි. අභීතිකො මෙ වයො වත්තතීති මේ සූත්‍රය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයෙන් වදාළ සේක. එහෙයින් කියන ලදී. පරමාය උතුම් වූ, සතියා යනාදියෙහි පද සියයක් ද, පද දහසක් ද, කියත් කියත්ම උගෙනීමට සමර්ථ බව සති නමි. එය ම සිත්හි ලා විමසා ගැනීමෙහි සමත් බව ගති නමි. මෙසේ ගන්නා ලද දරණ ලද්ද, හැදෑරීම් කරන්නට සමර්ථ බව, ධිති නමි. ඔහුගේ අර්ථයෙහි ද කරණයෙහි ද, දැකීමෙහි සමත් බව පඤ්ඤාවෙය්යත්ති නම් වේ.
දළ්හධම්මා ධනුග්ගහොති දළ්හං ධනුං ගහෙත්වා ඨිතො ඉස්සාසො. දළ්හධනු නාම ද්විසහස්සථාමං වුච්චති, ද්විසහස්සථාමං නාම යස්ස ආරොපිතස්ස ජියාබද්ධො ලොහසීසාදීනං භාරො දණ්ඩෙ ගහෙත්වා යාව කණ්ඩප්පමාණා උක්ඛිත්තස්ස පථවිතො මුච්චති. සික්ඛිතොති දස ද්වාදස වස්සානි ආචරියකුලෙ උග්ගහිතසිප්පො. කතහත්ථොති කොචි සිප්පමෙව උග්ගණ්හාති. කතහත්ථො න හොති, අයං පන කතහත්ථො චිණ්ණවසීභාවො. කතූපාසනොති රාජකුලාදීසු දස්සිතසිප්පො. ලහුකෙන අසනෙනාති අන්තො සුසිරං කත්වා තූලාදීනි පූරෙත්වා කතලාඛාපරිකම්මෙන සල්ලහුකකණ්ඩෙන. එවං කතඤ්හි එකඋසභගාමී ද්වෙ උසභානි ගච්ඡති, අට්ඨඋසභගාමී සොළසඋසභානි ගච්ඡති. අප්පකසිරෙනාති නිදුක්ඛෙන. අතිපාතෙය්යාති අතික්කමෙය්ය. එවං අධිමත්තසතිමන්තොති යථා සො ධනුග්ගහො තං විදත්ථිචතුරඞ්ගුලඡායං සීඝං එව අතික්කමෙති, එවං පදසතම්පි පදසහස්සම්පි උග්ගහෙතුං උපධාරෙතුං සජ්ඣායිතුං අත්ථකාරණානි ච උපපරික්ඛිතුං සමත්ථාති අත්ථො. අඤ්ඤත්ර අසිතපීතඛායිතසායිතාති අසිතපීතාදීනි හි භගවතාපි කාතබ්බානි හොන්ති, භික්ඛූහිපි. තස්මා තෙසං කරණමත්තකාලං ඨපෙත්වාති දස්සෙති.
දළ්හධම්මො ධනුග්ගහො දැඩි වූ දුන්නක් ගෙන සිටින දුනුවායෙක් දළ්හධනු නමි. ‘ද්විසහස්සත්ථාමං’ දෙදහසක් පුරුෂයන්ගේ ශක්තිය ඇත්තේ යයි කියනු ලැබේ. ද්විහස්සත්ථාම නම්, නගන ලද දුනු දඬුයෙහි (දුනුදිය ඇදීමෙහි) ගෙල පමණට ඔසොවන ලද ද, එම දුනුදියෙහි බඳනා ලද ලෝහ ඊයම් ආදීන්ගේ බර පොළවෙන් උඩට එසවේද, එයයි. සික්ඛිතො දහ දොළොස් වසක් ගුරු ගෙදර උගන්නා ලද ශිල්පය ඇති, කතහත්ථො සමහරු ශිල්පය උගනියි. පළපුරුද්ද (කෘතහස්ත බව) ඇති නොවේ. මේ වනාහි පළපුරුද්ද ඇත්තේ වෙයි. වශීතාව ඇත්තේ වෙයි. කතුපාසනො රාජකුල ආදියෙහි දක්වන ශිල්ප ඇත්තේ ලහුකෙන අසන්නො ඇතුළත සිදුරුකොට පුලුන් ආදිය පුරවා කරන ලද ලා පිරියම් ඇති සැහැල්ලු ඊයෙන්, මෙසේ කරන ලද්දේ, එක් ඉස්බක් යන රිට දෙඉස්බක් යාමටද අට ඉස්බක් යන ඊය සොළොස් ඉස්බක් යාමටද හැකිවීම සඳහායි. අට්ඨකසිරෙ නිදුකින්, අතිපාතෙය්ය ඉක්මවන්නේය. එවං අධිමන්ත සකිමන්තො යම් සේ ඒ ධනුර්ධර තෙමේ, ඒ වියත් සතරඟුල් සෙවනැල්ල වහාම ඉක්මවාද, එසේ පද සියයක්, පද දහසක්, ඉගෙනගන්ට හදාරන්ට, අර්ථාන්විත කරුණු විමසන්නට සමත් වේ යන අර්ථයි. අඤ්ඤත්ර අසිත පීත ඛායිත සායාතානි වැළඳීම්, පානය කිරීම් ආදිය භාග්‍යවතුන් වහන්සේ විසින් ද, භික්ෂූන් විසින් ද, කළයුත්තාහු වෙත් ද, එම කාර්යයන් කරන පමණට කල්වේලා තබා යයි දක්වත්.
අපරියාදින්නායෙවාති අපරික්ඛීණායෙව. සචෙ හි එකො භික්ඛු කායානුපස්සනං පුච්ඡති, අඤ්ඤො වෙදනානුපස්සනං, අඤ්ඤො චිත්තානුපස්සනං, අය්යො ධම්මානුපස්සනං. ඉමිනා පුට්ඨං අහං පුච්ඡිස්සාමීති එකො එකං න ඔලොකෙති. එවං සන්තෙපි තෙසං වාරො පඤ්ඤායති. එවං බුද්ධානං පන වාරො න පඤ්ඤායති, විදත්ථිචතුරඞ්ගුලඡායං අතික්කමතො පුරෙතරංයෙව භගවා චුද්දසවිධෙන කායානුපස්සනං, නවවිධෙන වෙදනානුපස්සනං, සොළසවිධෙන චිත්තානුපස්සනං, පඤ්චවිධෙන ධම්මානුපස්සනං කථෙති. තිට්ඨන්තු වා තාව එතෙ චත්තාරො. සචෙ හි අඤ්ඤෙ චත්තාරො සම්මප්පධානෙසු, අඤ්ඤෙ ඉද්ධිපාදෙසු, අඤ්ඤෙ පඤ්ච ඉන්ද්රියෙසු, අඤ්ඤෙ පඤ්ච බලෙසු, අඤ්ඤෙ සත්ත බොජ්ඣඞ්ගෙසු, අඤ්ඤෙ අට්ඨ මග්ගඞ්ගෙසු පඤ්හං පුච්ඡෙය්යුං, තම්පි භගවා කථෙය්ය. තිට්ඨන්තු වා එතෙ අට්ඨ. සචෙ අඤ්ඤෙ සත්තතිංස ජනා බොධිපක්ඛියෙසු පඤ්හං පුච්ඡෙය්යුං, තම්පි භගවා තාවදෙව කථෙය්ය. කස්මා? යාවතා හි ලොකියමහාජනා එකං පදං කථෙන්ති. තාව ආනන්දත්ථෙරො අට්ඨ පදානි කථෙති. ආනන්දත්ථෙරෙ පන එකං පදං කථෙන්තෙයෙව භගවා සොළසපදානි කථෙති. කස්මා? භගවතො හි ජිව්හා මුදුකා දන්තාවරණං සුඵුසිතං වචනං අගලිතං භවඞ්ගපරිවාසො ලහුකො. තෙනාහ “අපරියාදින්නායෙවස්ස, සාරිපුත්ත, තථාගතස්ස ධම්මදෙසනා”ති.
අපරියාදින්නයෙව ක්ෂය නො වූයේමය. ඉදින් එක භික්ෂුවක් කායානුපස්සනා විචාරයි. තව කෙනෙක් වේදනානුපස්සනාව විචාරයි. තව අයෙක් ධම්මානුපස්සනාව විචාරයි. මොහු විසින් විචාළ කල්හි මම විචාරන්නේ එකෙක් එකකු නොබලා ද, එසේ ඇතිකල්හි ඔවුන්ගේ වාරය පැමිණෙයි. එහෙත් එපරිද්දෙන් සර්වඥවරයන්ගේ වාරය නො පෙනෙයි. එක් වියත් සතරඟුල් ඡායාව පළමුවම භාග්‍යවතුන් වහන්සේ, තුදුස් ආකාරයකින් කායානුපස්සනාව ද, නවවිධ වූ වේදනානුපස්සනාව ද, සොළොස් ආකාර චිත්තානුපස්සනාව ද, පස් අයුරකින් ධම්මානුපස්සනාවද, වදාළහ. පළමුකොට මොව්හු සතරදෙන සිටිත්වා. අනෙක් අය, සතර සම්‍යක් ප්‍රධන් වීර්යයෙහි ද, අනෙක් අය ඉද්ධිපාදයන් විෂයයෙහි ද, අනෙක් අය පංච ඉන්ද්රිය විෂයයෙහි ද, අනෙක් අය පංච බලය විෂයයෙහිද, අනෙක් අය සප්ත බොජ්ඣංග විෂයයෙහි ද අනෙක් අය ආර්ය අෂ්ටාංගික මාර්ග විෂයයෙහි ද, ප්‍රශ්න විචාරන්නාහු නම්, එය ද භාග්‍යවතුන් වහන්සේ විසඳන සේක. ඉදින් මොහු අටදෙන සිටිත්වා. ඉන් අනෙක් තිස්හත් දෙනෙක් බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ප්‍රශ්න විචාරන්නේ නම් එය භාග්‍යවතුන් වහන්සේ එකෙණෙහිම විසඳන සේක. කවර හෙයින්ද, යම් හෙයකින් ලෞකික මහජනයා එක්පදයක් කියත්ද? එකල්හි ආනන්ද හිමියෝ අටපදයක් කියති. ආනන්ද හිමියන් එක පදයක් කියන කල්හි භාග්‍යවතුන් වහන්සේ පද දහසයක් වදාරයි. කුමක් හෙයින්ද? භාග්‍යවතුන් වහන්සේගේ දිව මොළොක් නිසාය. තොළ සුපර්ශිත නිසාය. වචනය නොගිලින ලද නිසාය. භවඞ්ගපරිවාසය ලහු නිසා ය (කෙටි නිසා ය). අපරියාදිණ්ණා යෙවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදෙසනා යනු එහෙයින් කියන ලදී.
තත්ථ ධම්මදසෙනාති තන්තිඨපනා. ධම්මපදබ්යඤ්ජනන්ති පාළියා පදබ්යඤ්ජනං, තස්ස තස්ස අත්ථස්ස බ්යඤ්ජනකං අක්ඛරං. පඤ්හපටිභානන්ති පඤ්හබ්යාකරණං. ඉමිනා කිං දස්සෙති? තථාගතො පුබ්බෙ දහරකාලෙ අක්ඛරානි සම්පිණ්ඩෙත්වා පදං වත්තුං සක්කොති, පදානි සම්පිණ්ඩෙත්වා ගාථං වත්තුං සක්කොති, චතුඅක්ඛරෙහි වා අට්ඨඅක්ඛරෙහි වා සොළසඅක්ඛරෙහි වා පදෙහි යුත්තාය ගාථාය අත්ථං වත්තුං සක්කොති. ඉදානි පන මහල්ලකකාලෙ අක්ඛරානි සම්පිණ්ඩෙත්වා පදං වා, පදානි සම්පිණ්ඩෙත්වා ගාථං වා, ගාථාය අත්ථං වා වත්තුං න සක්කොතීති එවං නත්ථි. දහරකාලෙ ච මහල්ලකකාලෙ ච සබ්බමෙතං තථාගතස්ස අපරියාදින්නමෙවාති ඉමං දස්සෙති. මඤ්චකෙන චෙපි මන්ති ඉදං බුද්ධබලදීපනත්ථමෙව පරිකප්පෙත්වා ආහ. දසබලං පන මඤ්චකෙ ආරොපෙත්වා ගාමනිගමරාජධානියො පරිහරණකාලො නාම නත්ථි. තථාගතා හි පඤ්චමෙ ආයුකොට්ඨාසෙ ඛණ්ඩිච්චාදීහි අනභිභූතා සුවණ්ණවණ්ණසරීරස්ස වෙවණ්ණියෙ අනනුප්පත්තෙ දෙවමනුස්සානං පියමනාපකාලෙයෙව පරිනිබ්බායන්ති.
එහි ධම්මදෙසනා යනු පෙළතැබීම, ධම්මපද බ්‍යඤ්ජන පෙළ සම්බන්ධී වූ පද ව්‍යඤ්ජනය, ඒ ඒ අර්ථයෙහි ව්‍යඤ්ජන සංඛ්‍යාත අක්ෂරය, පඤ්හ පටිභානං ප්‍රශ්න විසඳීම, මෙයින් කුමක් දක්වන්නේද, තථාගතයන් වහන්සේට පෙර තරුණ කාලයෙහි අකුරු පිඬුකොට පදයක් කියන්ට හැකිවෙයි. පදයන් පිඬුකොට ගාථාවක් කියන්ට හැකිවේ. අකුරු සතරකින් හෝ අටකින් හෝ සොළසකින් හෝ පදයන්ගෙන් යුත් ගාථාවක් හෝ එවැනි ගාථාවක අර්ථ කියන්න හැකිවෙයි. තරුණ කාලයේ පැවැති මේ සියල්ල මහළු කාලයේදී ද. වෙනසක් නැතිවම පවතින්නේ යයි මෙයින් දැක්වේ. මඤ්චකෙන චෙපි මං යන මෙය බුද්ධබලය පැහැදිලි කිරීම සඳහා කල්පනා කොට අදහස් කොට ද වදාළහ. එහෙත් දශබලධාරීන් වහන්සේ ඇඳකට නංවා ගම් නියම්ගම් රාජධානිවලට ඔසවාගෙන යාමක් නම් නැත්තේමය. තථාගතයෝ පස්වන ආයු කොටසෙහි දත් වැටීම් ආදියෙන් නො මඩනා ලද්දාහු, රන්වන් සිරුර විරූප වීමකට පත්නොවීම දෙවි මිනිසුන්ට ප්‍රියමනාප අවදියෙහිම පිරිනිවෙත්.
නාගසමාලොති තස්ස ථෙරස්ස නාමං. පඨමබොධියඤ්හි වීසතිවස්සබ්භන්තරෙ උපවානනාගිතමෙඝියත්ථෙරා විය අයම්පි භගවතො උපට්ඨාකො අහොසි. බීජයමානොති මන්දමන්දෙන තාලවණ්ටවාතෙන භගවතො උතුසුඛං සමුට්ඨාපයමානො. එතදවොචාති සකලසුත්තන්තං සුත්වා භගවතො පුබ්බචරිතං දුක්කරකාරකං ආගම්ම පසන්නො එතං “අච්ඡරියං භන්තෙ”තිආදිවචනං අවොච. තත්ථ අච්ඡරං පහරිතුං යුත්තන්ති අච්ඡරියං. අභූතපුබ්බං භූතන්ති අබ්භුතං. උභයෙනපි අත්තනො විම්හයමෙව දීපෙති. කො නාමො අයං භන්තෙති ඉදං භද්දකො වතායං ධම්මපරියායො, හන්දස්ස භගවන්තං ආයාචිත්වා නාමං ගණ්හාපෙමීති අධිප්පායෙන ආහ. අථස්ස භගවා නාමං ගණ්හන්තො තස්මා තිහ ත්වන්තිආදිමාහ. තස්සත්ථො, යස්මා ඉදං සුත්තං සුත්වා තව ලොමානි හට්ඨානි, තස්මා තිහ ත්වං, නාගසමාල, ඉමං ධම්මපරියායං “ලොමහංසන පරියායො”ත්වෙව නං ධාරෙහීති.
නාගසමාලො යනු ඒ තෙරුන්ගේ නමයි. ප්‍රථම බෝධියේ විසිවසක් ඇතුළත උපවාණ - නාගිත - මේඝිය යන තෙරවරුන් මෙන් මෙතෙමේ ද බුදුන්වහන්සේගේ උපස්ථායකයෙක් විය. විජයමානො මද මද වූ වටාපත් සුළඟින් බුදුනට සුදුසු පරිසරය (ඍතුසුඛය) ඇතිකරමින් එතදවොච සියළු සූත්‍රාන්තයන් අසා භාග්‍යවතුන් වහන්සේගේ පෙර සිරිත වූ දුෂ්කර ක්‍රියාවෙහි පැහැදුනේ එතං අච්ඡරියං හන්තෙ යනාදී වචනය කීය. එහි අසුර ගසන්නාට සුදුසු නුයි අච්ඡරිය නම් වේ. පෙර නොවූ විරූවක් වූයේ නුයි අබ්භූත නමි. දෙකින්ම තමන්ගේ විෂ්මය දක්වයි. කො නාමො අයං භන්තෙ යන මෙය ඒකාන්තයෙන් ධර්ම පර්යායයි. සොඳුරුය. භාග්‍යවතුන් වහන්සේ නැමද අයැද නාමය ගන්වන්නේ නම් මැනව යන අදහසයි. එකල භාග්‍යවතුන් වහන්සේ එයට නාමය ගන්නා සේක් තස්මාතිහ ත්වං යනාදිය වදාළහ. එහි අර්ථය නම් යම්හෙයකින් මේ සූත්‍ර ධර්මය අසා තොපගේ ලොමුදැහැගත්තාහුද එහෙයින් නාගසමාල! තෙපි මෙහිලා මේ ධර්ම පර්යායය. ‘ලොමහංසන පරියාය’ නමින් සිත්හි ධාරණය කරගනුව යනුයි.
සංසාරසුද්ධිආදිවණ්ණනා නිට්ඨිතා.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාසීහනාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා සීහනාද සූත්‍ර වර්ණනාව නිමියේය.