යෙදුමෙන් කියවන්න

චූළදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං

1. 2. 4.

1. 2. 4.

චූළදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං

චුළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.

2. දීඝරත‍්තාහං භන‍්තෙ භගවතා එවං ධම‍්මං දෙසිතං ආජානාමි: ලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො, දොසො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො, මොහො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො’ති. එවඤ‍්චාහං භන‍්තෙ භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි: ලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො, දොසො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො, මොහො චිත‍්තස‍්ස උපක‍්කිලෙසොති. අථ ච පන මෙ එකදා ලොභධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. දොසධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. මොහධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. තස‍්ස මය‍්හං භන‍්තෙ එවං හොති: කොසු නාම මෙ ධම‍්මො අජ‍්ඣත‍්තං අප‍්පහීනො යෙන මෙ එකදා ලොභධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, දොසධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, මොහධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්තීති.

2. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු විසින් දෙසූ දහම මෙසේ මම දීර්‍ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වේෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මෝහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වේෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මෝහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්‍දේහ සහිත සිත) යි.

3. සො එව ඛො තෙ මහානාම ධම‍්මො අජ‍්ඣත‍්තං අප‍්පහීනො යෙන තෙ එකදා ලොභධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, දොසධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, මොහධම‍්මාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. සො ච හි තෙ මහානාම ධම‍්මො අජ‍්ඣත‍්තං පහීනො අභවිස‍්ස, න ත්‍වං අගාරං අජ‍්ඣාවසෙය්‍යාසි, න කාමෙ පරිභුඤ‍්ජෙය්‍යාසි. යස‍්මා ච ඛො තෙ මහානාම සො එව ධම‍්මො අජ‍්ඣත‍්තං අප‍්පහීනො, තස‍්මා ත්‍වං අගාරං අජ‍්ඣාවසසි, කාමෙ පරිභුඤ‍්ජසි.

3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වේෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලෝභද්වේෂමෝහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලෝභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලෝභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.

4. අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති ඉති චෙපි මහානාම අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං හොති, සො ච අඤ‍්ඤත්‍රෙවකාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි පීතිසුඛං නාධිගච‍්ඡති අඤ‍්ඤං වා තතො සන‍්තතරං, අථ ඛො සො නෙව තාව අනාවට‍්ටී කාමෙසු හොති.

4. මහානාමය, ඉදින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලේශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සෝවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)

5. යතො ච ඛො මහානාම අරියසාවකස‍්ස අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං හොති, සො ච අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි පීතිසුඛං අධිගච‍්ඡති අඤ‍්ඤං වා තතො සන‍්තතරං, අථ ඛො සො අනාවට‍්ටී කාමෙසු හොති.

5. මහානාමය, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)

6. මය‍්හම‍්පි ඛො මහානාම පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො: “අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං අහොසි, සො ච අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි පීතිසුඛං නාජ‍්ඣගමං අඤ‍්ඤං වා තතො සන‍්තතරං, අථ ඛ‍්වාහං නෙව තාව අනාවට‍්ටී කාමෙසු පච‍්චඤ‍්ඤාසිං.

6. මහානාමය, මාර්‍ගසම්බෝධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබෝධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.

7. යතො ච ඛො මෙ මහානාම: “අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං අහොසි, සො ච අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි පීතිසුඛං අජ‍්ඣගමං, අඤ‍්ඤඤ‍්ච තතො සන‍්තතරං, අථාහං අනාවට‍්ටී කාමෙසු පච‍්චඤ‍්ඤාසිං.

7. මහානාමය, යම්කලෙක් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහූපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුල යැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයින් ප්‍රඥායෙන් දක්නා ලදුයේ වී ද, මම ද කාමයන් විනාමැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම කෙළෙම් වෙම් ද, එ වරා ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙළෙම් වෙම් ද, එකල මම “කාමයෙහි අනාවර්තීයෙමි”යි පිළින කෙළෙමි.

8. කො ච මහානාම කාමානං අස‍්සාදො? පඤ‍්චිමෙ මහානාම කාමගුණා. කතමෙ පඤ‍්ච? චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො මහානාම පඤ‍්ච කාමගුණා. යං ඛො මහානාම ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං කාමානං අස‍්සාදො.

8. මහානාමය, කාමයන්ගේ ආස්වාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමෝපසංහෘත වූ සිත්රඳනට නිසි වූ චක්‍ෂුර් විඥේය රූපායතනයෝ ය ... ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ ය ... ජිහ්වාවිඥේය රසායතනයෝ ය, ඉෂ්ටාරම්මණවූ මනාපවූ ප්‍රියරූපවූ කාමෝපසංහෘතවූ, රජනීයවූ, කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ ය. මහානාමය, මොහු පඤ්චකාමගුණයෝ යි. මහානාමය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආස්වාද නම් වෙයි.

9. කො ච මහානාම කාමානං ආදීනවො? ඉධ මහානාම කුලපුත‍්තො යෙන සිප‍්පට‍්ඨානෙන ජීවිකං කප‍්පෙති: යදි මුද‍්දාය යදි ගණනාය යදි සඞ‍්ඛානෙන යදි කසියා යදි වණිජ‍්ජාය යදි ගොරක‍්ඛෙන යදි ඉස‍්සත්‍ථෙන යදි රාජපොරිසෙන යදි සිප‍්පඤ‍්ඤතරෙන, සීතස‍්ස පුරක‍්ඛතො උණ‍්හස‍්ස පුරක‍්ඛතො, ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙහි රිස‍්සමානො, ඛුප‍්පිපාසාය මීයමානො. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවැ කුලපුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩගණනායෙන් වේව යි, කෘෂිකර්‍මයෙන් වේව යි, වෙණෙදාමෙන් වේව යි, ගෝරක්‍ෂායෙන් වේව යි, අවි වටනින් වේව යි, රාජපුරුෂකර්‍මයෙන් වේව යි, ශීතයට පුරෂ්කෘත වැ (ශීතයට පෙරට වැ) උෂ්ණයට පුරෂ්කෘත වැ මැසි මදුරු වාසුළඟසපු යන මුන්ගේ දළපහසින් ගැටෙමින් සාපවසින් මියමින් යම්මැ ශිල්පයෙකින් දිවිවැටුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබඳ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇති වෙයි.

10. තස‍්ස චෙ මහානාම කුලපුත‍්තස‍්ස එවං උට‍්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප‍්ඵජ‍්ජන‍්ති, සො සොචති කිලමති පරිදෙවති, උරත‍්තාළිං කන්‍දති, සම‍්මොහං ආපජ‍්ජති: “මොඝං වත මෙ උට‍්ඨානං. අඵලො වත මෙ වායාමොති”. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

10. මහානාමය, ඉදින් මෙසෙයින් (ආජීවසමුත්‍ථාපක වීර්‍ය්‍යයෙන් උසා කරන, (පූර්‍වාපරවීර්‍ය්‍යය) ඝටනා කරන, ඵලනිෂ්පත්ති සඳහා පියෝ කරන, ඒ කුලපුත්හට ඒ භෝගයෝ පලදාවිසින් අභිනිෂ්පත්ති නො කෙරෙත් නම්, හෙ සොන්නේ ය. කළ කිරෙන්නේ ය. වලපන්නේ ය. ළමිඩියෙහි අත් පුනපුනා පැහැර හඬන්නේ ය. (විසංඥයකු සෙයින්) සම්මෝහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මා උසා සිස් වී. එකැතින් මා උසා අඵල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.

11. තස‍්ස චෙ මහානාම කුලපුත‍්තස‍්ස එවං උට‍්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප‍්ඵජ‍්ජන‍්ති, සො තෙසං භොගානං ආරක‍්ඛාධිකරණං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති: “කින‍්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං, න චොරා හරෙය්‍යුං, න අග‍්ගි දහෙය්‍ය, න උදකං වහෙය්‍ය, න අප‍්පියා වා දායාදා හරෙය්‍යුන‍්ති”.

11. මහානාමය, ඉදින් මෙසෙයින් උසා කරන, ඝටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ පලදා විසින් නිපදිත් නම්, හෙ ඒ භෝගයන්ගේ ආරක්‍ෂා කාරණ කොට ගෙන දුක් දොම්නස් වළඳ කෙරෙයි. කෙසේය යත්: “කිනම් උපායෙකින් මා අයත් භෝගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, ගිනි නො දවා ද, දිය උල්පවා නො වහා ද, අප්‍රියදායාදයෝ නො නෙරත් ද” කියා යි.

12. තස‍්ස එවං ආරක‍්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන‍්ති. චොරා වා හරන‍්ති. අග‍්ගි වා ඩහති. උදකං වා වහති. අප‍්පියා වා දායාදා හරන‍්ති. සො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහං ආපජ‍්ජති: යම‍්පි මෙ අහොසි තම‍්පි නො නත්‍ථීති. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

12. මෙසෙයින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උහුගේ ඒ භෝගයන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. ගිනි හෝ දවයි. දිය හෝ පා කෙරෙයි. අප්‍රිය දායාදයෝ හෝ නෙරත්. හෙ සොස්නේ ය, කළකිරෙන්නේ ය, වලප්නේ ය, ළමිඬියෙහි අත් පැහැර හඬන්නේ ය, සම්මෝහයට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙක් මට වී ද, එ ද අපට නැති වී” කියා යි. මහානාමය, මේද කාමයන්ගේ ආදීනවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.

13. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන‍්ති. ඛත‍්තියාපි ඛත‍්තියෙහි විවදන‍්ති. බ්‍රාහ‍්මණාපි බ්‍රාහ‍්මණෙහි විවදන‍්ති. ගහපතීපි ගහපතීහි විවදන‍්ති. මාතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි මාතරා විවදති. පිතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්‍ථ කලහවිග‍්ගහවිවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං පාණීහිපි උපක‍්කමන‍්ති. ලෙඩ‍්ඩූහිපි උපක‍්කමන‍්ති. දණ‍්ඩෙහිපි උපක‍්කමන‍්ති. සත්‍ථෙහිපි උපක‍්කමන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

13. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුද්ධ වාද කෙරෙත් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුදු පුතු හා විවාද කෙරෙයි. පිත් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු දු සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බින්හැඹු හා විවාද කෙරෙයි. බින්හැඹු දු බෑයා හා විවාද කෙරෙයි. යහළු දු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුද්ධග්‍රහණ විරුද්ධවාදයට අවන්නාහු උනුන් අතිනුදු පහරත්. කැටිනුදු පහරත්. දඩියෙනු දු පහරත්. සැතිනුදු පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කාමයන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.

14. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම‍්මං ගහෙත්‍වා ධනුකලාපං සන‍්නය‍්හිත්‍වා උභතො වියූළ‍්හං සඞ‍්ගාමං පක‍්ඛන්‍දන‍්ති උසූසුපි ඛිප‍්පමානෙසු, සත‍්තීසුපි ඛිප‍්පමානාසු අසීසුපි විජ‍්ජොතලන‍්තෙසු. තෙ තත්‍ථ උසූහිපි විජ‍්ඣන‍්ති, සත‍්තියාපි විජ‍්ඣන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

14. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබමොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ, දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට පිවිසෙති. ඔහු එහි දි ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කමායන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් හේතු කොට ගෙන පවත්නේ ය.

15. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම‍්මං ගහෙත්‍වා ධනුකලාපං සන‍්නය‍්හිත්‍වා අද‍්දාවලෙපනා උපකාරියො පක‍්ඛන්‍දන‍්ති උසූසුපි ඛිප‍්පමානෙසු සත‍්තීසුපි ඛිප‍්පමානාසු අසීසුපි විජ‍්ජොතලන‍්තෙසු. තෙ තත්‍ථ උසූහිපි විජ‍්ඣන‍්ති, සත‍්තියාපි විජ‍්ඣන‍්ති, පක‍්කට‍්ඨියාපි ඔසිඤ‍්චන‍්ති, අභිවග‍්ගෙනපි ඔමද‍්දන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

15. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට කාමයන් මැ හේතු කොට, සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබ මොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කකියන ගොමිනු දු තෙමත් ශත දන්තයෙනුදු අවමර්දන කෙරෙත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙත්. මහානාමය, මෙ ද කාමයන්ගේ ආදීනවය වෙයි. සාංදෘෂ්ටික දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.

16. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්‍ධිම‍්පි ඡින්‍දන‍්ති, නිල‍්ලොපම‍්පි හරන‍්ති, එකාගාරිකම‍්පි කරොන‍්ති, පරිපන්‍ථෙපි තිට‍්ඨන‍්ති, පරදාරම‍්පි ගච‍්ඡන‍්ති. තමෙනං රාජානො ගහෙත්‍වා විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති: කසාහිපි තාළෙන‍්ති, වෙත‍්තෙහිපි තාළෙන‍්ති, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්ති, හත්‍ථම‍්පි ඡින්‍දන‍්ති, පාදම‍්පි ඡින්‍දන‍්ති, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්ති, නාසම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්ති, බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්ති, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්ති, රාහුමුඛම‍්පි කරොන‍්ති, ජොතිමාලිකම‍්පි කරොන‍්ති, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්ති, එරකවත‍්තිකම‍්පි කරොන‍්ති, චීරකවාසිකම‍්පි කරොන‍්ති, ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්ති, පලිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්ති, පලාලපීඨකම‍්පි කරොන‍්ති, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්ති, සුනඛෙහිපි ඛාදාපෙන‍්ති, ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. තෙ තත්‍ථ මරණම‍්පි නිගච‍්ඡන‍්ති, මරණමත‍්තම‍්පි දුක‍්ඛං. අයම‍්පි මහානාම කාමානං ආදීනවො සන්‍දිට‍්ඨිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

16. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට, උමඟ ද සිඳිත්. නිර්ලෝප (ගම්පැහැරිම්) කොට නෙරත්. ජීවග්‍රාහයෙන් ගෙනැ ධන නෙරිම් ද කෙරෙත්. මඟනැහිමෙහිදු සිටිත් පරඹුන් කරා ද යෙති. රජදරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙති: කටුමතිගායෙනු දු තළත්. වේවැලිනුදු තළත්. අත ද සිඳිත්. පය ද සිඳිත්. අත්පා ද සිඳිත්. කන ද සිඳිත්. නැහැය ද සිඳිත්. කන්නැහැ ද සිඳිත්. බිළඞ්ගථාලිකවධ ද කෙරෙත්. සඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත්. රාහුමුඛවධ ද කෙරෙත්. ජෝතිමාලිකවධ ද කෙරෙත්. හත්‍ථපජ්ජෝතිකවධ ද කෙරෙත්. ඵරකවත්තිකවධ ද කෙරෙත්. චීරකවාසිකවධ ද කෙරෙත්. එණෙය්‍යකවධ ද කෙරෙත්. බළිසමංසිකවධ ද කෙරෙත්. කහාපණක වධ ද කෙරෙත්. ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත්. පලිඝපරිවත්තිකවධ ද කෙරෙත්. පලාලපීඨකවධ ද කෙරෙත්. තප්තතෛලයෙනුදු තෙමත්. කීණබල්ලන් ලවා කවත්. දිවස් හුලැ හිඳුවත්. දඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද වැදගනිත්. මරණමාත්‍රදුඃඛයට ද යෙත්. මහානාමය, මේද කාමාදිනවය, සාන්දෘෂ්ටික දුඃඛස්කන්‍ධයෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිළිබැදි මැ හේතු ඇතියේ වෙයි.

17. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච‍්චරිතං චරන‍්ති, වාචාය දුච‍්චරිතං චරන‍්ති, මනසා දුච‍්චරිතං චරන‍්ති. තෙ කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. අයං මහානාම කාමානං ආදීනවො සම‍්පරායිකො දුක‍්ඛක‍්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.

17. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට කාමයන් කරණ කොට, කාමයන් මැ හේතුකොට, කයින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් පුරා, වචනයෙන් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා, කාබුන් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුනා නපුරුගතියක් වන විවසව වැ වැටෙන තැන් වන නිරයට එළඹෙත්. මහානාමය, මේ කාමාදිනවය සාම්පරායිකදුඃඛ ස්කන්‍ධයෙකි. කාමයන් ප්‍රත්‍යය කොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.

18. එකමිදාහං මහානාම සමයං රාජගහෙ විහරාමි ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා නිගණ‍්ඨා ඉසිගිලිපස‍්සෙ කාළසිලායං උබ‍්භට‍්ඨකා හොන‍්ති ආසනපටික‍්ඛිත‍්තා. ඔපක‍්කමිකා දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියන‍්ති. අථ ඛොහං මහානාම සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන ඉසිගිලි පස‍්සෙ කාළසිලා යෙන තෙ නිගණ‍්ඨා තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා තෙ නිගණ‍්ඨෙ එතදවොචං: කින‍්නු තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා, උබ‍්භට‍්ඨකා ආසනපටික‍්ඛිත‍්තා ඔපක‍්කමිකා තිප‍්පා කටුකා වෙදනා වෙදියථාති? එවං වුත‍්තෙ මහානාම තෙ නිගණ‍්ඨා මං එතදවොචුං: නිගණ‍්ඨො ආවුසො නාතපුත‍්තො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී අපරිසෙසං ඤාණදස‍්සනං පටිජානාති: චරතො ච මෙ තිට‍්ඨතො ච සුත‍්තස‍්ස ච ජාගරස‍්ස ච සතතං සමිතං ඤාණදස‍්සනං පච‍්චුපට‍්ඨිතන‍්ති–

18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවේදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹියෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තීව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවේදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශේෂ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥානදර්‍ශනය එළඹ සිටුනේ ය කියා” යි.

සො එවමාහ: “අත්‍ථි වො නිගණ‍්ඨා, පුබ‍්බෙ පාපං කම‍්මං කතං. තං ඉමාය කටුකාය දුක‍්කරකාරිකාය නිජ‍්ජරෙථ. යං පනෙත්‍ථ එතරහි කායෙන සංවුතා වාචාය සංවුතා මනසා සංවුතා තං ආයතිං පාපස‍්ස කම‍්මස‍්ස අකරණං. ඉති පුරාණානං කම‍්මානං තපසා ව්‍යන‍්තීභාවා, නවානං කම‍්මානං අකරණා ආයතිං අනවස‍්සවො. ආයතිං අනවස‍්සවා කම‍්මක‍්ඛයො. කම‍්මක‍්ඛයා දුක‍්ඛක‍්ඛයො. දුක‍්ඛක‍්ඛයා වෙදනාක‍්ඛයො. වෙදනාක‍්ඛයා සබ‍්බං දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං භවිස‍්සතී”ති. තඤ‍්ච පනම‍්හාකා රුච‍්චති චෙව ඛමති ච තෙන චම‍්හා අත‍්තමනාති.

හෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි.

19. එවං වුත‍්තෙ අහං මහානාම තෙ නිගණ‍්ඨෙ එතදවොචං: කිම‍්පන තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා ජානාථ: ‘අහුවම‍්හෙව මයං පුබ‍්බෙ න නාහුවම‍්හාති? නො හිදං ආවුසො. කිම‍්පන තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා ජානාථ: අකරම‍්හෙව මයං පුබ‍්බෙ පාපං කම‍්මං. නාකරම‍්හාති? නො හිදං ආවුසො. කිම‍්පන තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා ජානාථ: එවරූපං වා එවරූපං වා පාපං කම‍්මං අකරම‍්හාති? නො හිදං ආවුසො. කිම‍්පන තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා ජානාථ: එත‍්තකං වා දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං, එත‍්තකං වා දුක‍්ඛං, නිජ‍්ජරෙතබ‍්බං එත‍්තකම‍්හි වා දුක‍්ඛෙ නිජ‍්ජිණ‍්ණෙ සබ‍්බං දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං භවිස‍්සතීති? නො හිදං ආවුසො. කිම‍්පන තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා ජානාථ: දිට‍්ඨෙව ධම‍්මෙ අකුසලානං ධම‍්මානං පහානං, කුසලානං ධම‍්මානං උපසම‍්පදන‍්ති? නො හිදං ආවුසො. ඉති කිර තුම‍්හෙ ආවුසො නිගණ‍්ඨා න ජානාථ: අහුවම‍්හෙව මයං පුබ‍්බෙ න නාහුවම‍්හාති. න ජානාථ: අකරම‍්හෙව මයං පුබ‍්බෙ පාපං කම‍්මං න නාකරම‍්හාති. න ජානාථ: එවරූපං වා එවරූපං වා පාපං කම‍්මං අකරම‍්හාති. න ජානාථ: එත‍්තකං වා දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං, එත‍්තකං වා දුක‍්ඛං නිජ‍්ජරෙතබ‍්බං, එත‍්තකම‍්හි වා දුක‍්ඛෙ නිජ‍්ජිණ‍්ණෙ සබ‍්බං දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං භවිස‍්සතීති. න ජානාථ: දිට‍්ඨෙව ධම‍්මෙ අකුසලානං ධම‍්මානං පහානං කුසලානං ධම‍්මානං උපසම‍්පදං. එවං සන‍්තෙ ආවුසො නිගණ‍්ඨා යෙ ලොකෙ ලුද‍්දා ලොහිතපාණිනො කුරූරකම‍්මන‍්තා මනුස‍්සෙසු පච‍්චාජාතා, තෙ නිගණ‍්ඨෙසු පබ‍්බජන‍්තීති.

19. මහානාමය, මෙසේ කීකල මම එ නුවටුනට තෙල කීයෙමි: ඇවැත්නි, නුවටුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවූමෝ නො වූම්හ”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුම්හ. ඇවැත්නි නුවටුනි, “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ. නොකළාවමෝ නො වූම්හ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්. ඇවැත්නි, නුවටුනි, “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරුණුකල දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, මෙසෙයින් තෙපි “පෙර වූවෝ මය, නුවූවෝ නො වූම්හ” යි නො දනුව. “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ, නොකළාවමෝ නො වූම්හ” යි නො දනුව. “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතු ය. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යැ යි නො දනුව. “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවටුනි, මෙසේ වත් මැ, ලෝකයෙහි රෞද්‍ර, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවටුන් කෙරෙහි පැවිදි වෙති.

20. න ඛො ආවුසො ගොතම සුඛෙන සුඛං අධිගන‍්තබ‍්බං, දුක‍්ඛෙන ඛො සුඛං අධිගන‍්තබ‍්බං. සුඛෙන ච හාවුසො ගොතම සුඛං අධිගන‍්තබ‍්බං අභවිස‍්ස, රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛං අධිගච‍්ඡෙය්‍ය. රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛවිහාරිතරො ආයස‍්මතා ගොතමෙනාති.

20. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය (ලැබිය යුතු) නොවේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, සේනා ඇති, දැකුම්කලු අත් බැව් ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ.

21. අද‍්ධායස‍්මන‍්තෙහි නිගණ‍්ඨෙහි සහසා අප‍්පටිසඞ‍්ඛා වාචා භාසිතා: “න ඛො ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන‍්තබ‍්බං. දුක‍්ඛෙන ඛො සුඛං අධිගන‍්තබ‍්බං. සුඛෙන ච හාවුසො ගොතම, සුඛං අධිගන‍්තබ‍්බං අභවිස‍්ස, රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛං අධිගච‍්ඡෙය්‍ය. රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛවිහාරිතරො ආයස‍්මතා ගොතමෙනා”ති.

21. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම් ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආයුෂ්මත් නුවටුන් විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියන ලද.

22. අපි ච අහමෙව තත්‍ථ පටිපුච‍්ඡිතබ‍්බො: කො නු ඛො ආයස‍්මන‍්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මා වා ගොතමොති?

22. වැළිදු මම මැ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය යුතුයෙමි. කෙසේ ය: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

23. අද‍්ධාවුසො ගොතම අම‍්හෙහි සහසා අප‍්පටිසඞ‍්ඛා වාචා භාසිතා: “න ඛො ආවුසො ගොතම සුඛෙන සුඛං අධිගන‍්තබ‍්බං. දුක‍්ඛෙන ඛො සුඛං අධිගන‍්තබ‍්බං. සුඛෙන ච හාවුසො ගොතම, සුඛං අධිගන‍්තබ‍්බං අභවිස‍්ස, රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛං අධිගච‍්ඡෙය්‍ය. රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සුඛවිහාරිතරො ආයස‍්මතා ගොතමෙනා”ති. අපි ච තිට‍්ඨතෙතං, ඉදානිපි මයං ආයස‍්මන‍්තං ගොතමං පුච‍්ඡාම: කො නු ඛො ආයස‍්මන‍්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම‍්බිසාරො ආයස‍්මා වා ගොතමොති?

23. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ ය. ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා මගධේශ්වර බිම්බිසාර සේනියරජ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, අප විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියනලද මැයි. වැළිත් තෙල තිබේවා. දැන් වේව යි අපි ආයුෂ්මත් ගොයුම්ගොතුවන් විචාරම්හ: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.

24. තෙන හාවුසො නිගණ‍්ඨා තුම‍්හෙව තත්‍ථ පටිපුච‍්ඡිස‍්සාමි. යථා වො ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාථ: තං කිං මඤ‍්ඤථාවුසො නිගණ‍්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො අනිඤ‍්ජමානො කායෙන අභාසමානො වාචං සත‍්ත රත‍්තින්‍දිවානි එකන‍්තසුඛපටිසංවෙදී විහරිතුන‍්ති? නො හිදං ආවුසො. තං කිං මඤ‍්ඤථාවුසො නිගණ‍්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො අනිඤ‍්ජමානො කායෙන අභාසමානො වාචං ඡ රත‍්තින්‍දිවානි -පෙ- පඤ‍්ච රත‍්තින්‍දිවානි -පෙ- චත‍්තාරි රත‍්තින්‍දිවානි -පෙ- තීණි රත‍්තින්‍දිවානි -පෙ- ද‍්වෙ රත‍්තින්‍දිවානි -පෙ- එකං රත‍්තින්‍දිවං එකන‍්තසුඛපටිසංවෙදී විහරිතුන‍්ති? නො හිදං ආවුසො.

24. ඇවැත්නි, නුවටුනි, එකරුණින් තොප මැ එහිලා පුළුවුසුම්හ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්නි, ඒ කිමැ යි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සත් දවරැයක් නරතුරි සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ. ඇවැත්නි, ඒ කිමැයි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නො බෙණෙමින් දවරැය සයක් ... විහරණ කරන්නට හැකියේ ද?... දවරැය පසක් ... දවරැය සතරක් ... දවරැය තුනක් ... දවරැය දෙකක් ... එක් දවරැයක් ... නරතුර සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ.

25. අහං ඛො ආවුසො නිගණ‍්ඨා, පහොමි අනිඤ‍්ජමානො කායෙන අභාසමානො වාචං එකං රත‍්තින්‍දිවං එකන‍්තසුඛපටිසංවෙදී විහරිතුං. අහං ඛො ආවුසො නිගණ‍්ඨා, පහොමි අනිඤ‍්ජමානො කායෙන අභාසමානො වාචං ද‍්වෙ රත‍්තින්‍දිවානි -පෙ- තීණි රත‍්තින්‍දිවානි -පෙ- චත‍්තාරි රත‍්තින්‍දිවානි -පෙ- පඤ‍්ච රත‍්තින්‍දිවානි -පෙ- ඡ රත‍්තින්‍දිවානි -පෙ- සත‍්ත රත‍්තින්‍දිවානි එකන‍්තසුඛපටිසංවෙදී විහරිතුං. තං කිං මඤ‍්ඤථාවුසො නිගණ‍්ඨා, එවං සන‍්තෙ කො සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම‍්බිසාරො අහං වා’ති? එවං සන‍්තෙ ආයස‍්මාව ගොතමො සුඛවිහාරිතරො රඤ‍්ඤා මාගධෙන සෙනියෙන බිම‍්බිසාරෙනාති.

25. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරැයක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරැය දෙකක් ... දවරැය තුනක් ... දවරැය සතරක් ... දවරැය පසක් ... දවරැය සයක් ... දවරැය සතක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, ඒ කිමැ යි සිතන්නාව? මෙසෙයින් වත් මැ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ යැ, මම් හෝ ය? මෙසෙයින් වත් මැ මගධේශ්වර බිම්බිසාර සේනියරජුට වඩා ආයුෂ්මත් ගොයුම්ගොතුවෝ අධික සුඛවිහරණ ඇතියහ යි.

ඉදමවොච භගවා. අත‍්තමනො මහානාමො සක‍්කො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙසුත වදාළහ. සතුටුසිත් ඇති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට පිළි ගත්තේ ය.

චූළදුක‍්ඛක‍්ඛන්‍ධසුත‍්තං චතුත්‍ථං.

චූළදුක්ඛක්ඛන්‍ධසූත්‍රය සතරවැනි යි.