යෙදුමෙන් කියවන්න

වම‍්මිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

වම‍්මිකසුත‍්තවණ‍්ණනා

වම්මික සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති වම‍්මිකසුත‍්තං. තත්‍ථ ආයස‍්මාති පියවචනමෙතං. කුමාරකස‍්සපොති තස‍්ස නාමං. කුමාරකාලෙ පබ‍්බජිතත‍්තා පන භගවතා, “කස‍්සපං පක‍්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස‍්සපස‍්ස දෙථා”ති වුත‍්තෙ, කතරස‍්ස කස‍්සපස‍්සාති කුමාරකස‍්සපස‍්සාති එවං ගහිතනාමත‍්තා තතො පට‍්ඨාය වුඩ‍්ඪකාලෙපි “කුමාරකස‍්සපො” ත්‍වෙව වුච‍්චති. අපිච රඤ‍්ඤා පොසාවනිකපුත‍්තත‍්තාපි තං “කුමාරකස‍්සපො”ති සඤ‍්ජානිංසු. අයං පනස‍්ස පුබ‍්බයොගතො පට‍්ඨාය ආවිභාවකථා –

එවම්මෙ සුතං වම්මික සූත්‍රයයි. එහි ආයස්මා මේ ප්‍රියවචනයයි. කුමාර කස්සපො ඔහුගේ නමය. කුමාර කාලයෙහි පැවිදි වූ බැවින්, භාග්‍යවතුන් වහන්සේ විසින් කාශ්‍යපයන් කැඳවවු. මේ ඵලය හෝ කන දෙය කාශ්‍යපට දෙවු යයි කී කල කවර කාශ්‍යපටදැයි ඇසූ විට) කුමාර කාශ්‍යපට යයි කී හෙයින්, එතැන් පටන් මහළු වූ කාලයෙහි පවා ‘කුමාර කස්සප’ යයි ම කියයි. තව ද රජුන් විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ද කුමාර කාශ්‍යප යයි හැඳින්වූහ. මේ වනාහි ඔහුගේ පෙර ආත්ම චරිතයේ පටන් පවසන කථාවයි -

ථෙරො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සෙට‍්ඨිපුත‍්තො අහොසි. අථෙකදිවසං භගවන‍්තං චිත්‍රකථිං එකං අත‍්තනො සාවකං ඨානන‍්තරෙ ඨපෙන‍්තං දිස‍්වා භගවතො සත‍්තාහං දානං දත්‍වා, “අහම‍්පි භගවා අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස අයං ථෙරො විය චිත්‍රකථී සාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං කත්‍වා පුඤ‍්ඤානි කරොන‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා විසෙසං නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි.

මේ තෙරුන් වනාහි පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයෙහි සිටු පුතෙක් වුයේය. එකල එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයෙහි එක් ශ්‍රාවකයකු, චිත්‍ර කථිකයන් අතුරෙන් අග්‍රස්ථානයේ පිහිටවනු දැක, භාග්‍යවතුන් වහන්සේට සත්දිනක් මහා දන් දී ‘භාග්‍යවතුන් වහන්ස, මම ද අනාගතයේ දී එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙක, මේ තෙරුන් වහන්සේ මෙන්, චිත්‍රකථික අග තනතුරු ලබන ශ්‍රාවකයෙක් වන්නෙමි යි ප්‍රාර්ථනා කොට පින් කරන්නේ කාශ්‍යප බුදුන් වහන්සේ ශාසනයෙහි පැවිදි වී විශේෂයක් උපදවන්නට නො හැකි විය. එය මෙසේ අසනු ලැබේ.

තදා කිර පරිනිබ‍්බුතස‍්ස භගවතො සාසනෙ ඔසක‍්කන‍්තෙ පඤ‍්ච භික‍්ඛූ නිස‍්සෙණිං බන්‍ධිත්‍වා පබ‍්බතං අභිරුය‍්හ සමණධම‍්මං අකංසු. සඞ‍්ඝත්‍ථෙරො තතියදිවසෙ අරහත‍්තං පත‍්තො. අනුථෙරො චතුත්‍ථදිවසෙ අනාගාමී අහොසි. ඉතරෙ තයො විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තා දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු.

එකල පිරිනිවියා වූ භාග්‍යවතුන්ගේ ශාසනයෙහි භික්‍ෂූන් පස්දෙනෙක් හිණිමගක් බැඳ පර්වතයකට නැගී මහණදම් කළාහුය. එහි සංඝ ස්ථවිර තෙමේ තුන්වන දිනයෙහි රහත්බවට පැමිණියේය. දෙවෙනි ස්ථවිර තෙම සතරවැනි දවසේ අනාගාමී ඵලයට පැමිණියේය. ඉතිරි තෙනම විශේෂයක් උපදවන්නට නොහැකිව දෙව්ලොව උපන්නාහුය.

තෙසං එකං බුද‍්ධන‍්තරං දෙවෙසු ච මනුස‍්සෙසු ච සම‍්පත‍්තිං අනුභොන‍්තානං එකො තක‍්කසිලායං රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පුක‍්කුසාති නාම රාජා හුත්‍වා භගවන‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිත්‍වා රාජගහං ගච‍්ඡන‍්තො කුම‍්භකාරසාලායං භගවතො ධම‍්මදෙසනං සුත්‍වා අනාගාමිඵලං පත‍්තො. එකො එකස‍්මිං සමුද‍්දපට‍්ටනෙ කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා නාවං ආරුය‍්හ භින‍්නනාවො දාරුචීරානි නිවාසෙත්‍වා ලාභසම‍්පත‍්තිං පත‍්තො, “අහං අරහා”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා, “න ත්‍වං අරහා, ගච‍්ඡ සත්‍ථාරං පඤ‍්හං පුච‍්ඡා”ති අත්‍ථකාමාය දෙවතාය චොදිතො තථා කත්‍වා අරහත‍්තඵලං පත‍්තො.

එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ද මිනිස්ලොව ද සම්පත් වළඳන්නා වූ ඔවුන් අතුරෙන් එක් අයෙක් තක්සිලාවේ රජගෙදර ඉපිද පුක්කුසාති නම් රජ වැ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී රජගහ නුවරට එන්නේ කුම්භකාර ශාලාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණියේය. එක් අයෙක් එක් මුහුදු පටුනෙක කුලගෙයක ඉපදී නැවකට නැගී (යන්නේ) නැව බිඳී ගිය කල්හි දැව වැහැරි කඳ ලාභ සම්පත්තියට පැමිණියේ තමන් රහත් කෙනෙකැයි සිත් උපදවා සිටි කල්හී) එක් වැඩ කැමති දේවතාවෙකු විසින් තොප රහත් කෙනෙක් නොව, යව ශාස්තෲන් වහන්සේ හමුවී ප්‍රශ්න විචාරවයි මෙහෙයවන ලදින් එසේ කොට රහත්ඵලයට පැමිණියේය.

එකො රාජගහෙ එකිස‍්සා කුලදාරිකාය කුච‍්ඡිම‍්හි උප‍්පන‍්නො. සා ච පඨමං මාතාපිතරො යාචිත්‍වා පබ‍්බජ‍්ජං අලභමානා කුලඝරං ගතා ගබ‍්භසණ‍්ඨිතම‍්පි අජානන‍්තී සාමිකං ආරාධෙත්‍වා තෙන අනුඤ‍්ඤාතා භික‍්ඛුනීසු පබ‍්බජිතා. තස‍්සා ගබ‍්භිනිනිමිත‍්තං දිස‍්වා භික‍්ඛුනියො දෙවදත‍්තං පුච‍්ඡිංසු, සො “අස‍්සමණී”ති ආහ. දසබලං පුච‍්ඡිංසු, සත්‍ථා උපාලිත්‍ථෙරං පටිච‍්ඡාපෙසි. ථෙරො සාවත්‍ථිනගරවාසීනි කුලානි විසාඛඤ‍්ච උපාසිකං පක‍්කොසාපෙත්‍වා සොධෙන‍්තො, – “පුරෙ ලද‍්ධො ගබ‍්භො, පබ‍්බජ‍්ජා අරොගා”ති ආහ. සත්‍ථා “සුවිනිච‍්ඡිතං අධිකරණ”න‍්ති ථෙරස‍්ස සාධුකාරං අදාසි. සා භික‍්ඛුනී සුවණ‍්ණබිම‍්බසදිසං පුත‍්තං විජායි, තං ගහෙත්‍වා රාජා පසෙනදි කොසලො පොසාපෙසි. “කස‍්සපො”ති චස‍්ස නාමං කත්‍වා අපරභාගෙ අලඞ‍්කරිත්‍වා සත්‍ථු සන‍්තිකං නෙත්‍වා පබ‍්බාජෙසි. ඉති රඤ‍්ඤො පොසාවනිකපුත‍්තත‍්තාපි තං “කුමාරකස‍්සපො”ති සඤ‍්ජානිංසූති.

තුන්වැන්නා රජගහනුවර එක් කුල දැරියකගේ කුස උපන. ඕ තොමෝ පළමුකොට මව්පියන් අයැද පැවිදිවීමට අවස්ථාව නො ලද්දී, විවාහ වීමෙන් පසුව පිහිටියා වූ ගැබ නො දන්නී ස්වාමියා සතුටුකොට ඔහුගේ අනුමැතිය ලබා භික්‍ෂුණීන් කෙරෙහි පැවිදි වූවාය. ඇගේ ගැබ් නිමිති දැක භික්‍ෂුණීන් දෙව්දත්ගෙන් (කළ යුත්ත) විචාළාහුය. හෙතෙම අශ්‍රමණික යයි කීය. (පසුව) දශබලධාරින් වහන්සේගෙන් විමසූහ. ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට පැවරීය. උන්වහන්සේ සැවැත්නුවරවාසී කුලන් ද, විශාඛා උපාසිකාව ද කැඳවා, ඔවුන් ලවා පරික්‍ෂා කරවන්නාහු (පැවිද්දෙන්) පෙර ලත් ගරභයෙක පැවිද්ද නිදොස් වූයේ යයි (ඔව්හූ) තීරණය කළහ. අධිකරණය මනාකොට කරන ලද්දේ යයි ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට සාධුකාර දුන්හ. ඕ මෙහෙණ රන් පිළිමයක් වැනි පුතකු වැදූය. ඔහු ගෙන පසේනදී කොසොල් රජු පෝෂණය කළේය. ඔහුට කස්සප යයි නම්කොට පසුකලෙක ශාස්තෲන් වහන්සේ වෙත ගෙන ගොස් පැවිදි කරවීය. මෙසේ ඔහු රජු විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ‘කුමාර කස්සප’ යයි හැඳින්වීය.

අන්‍ධවනෙති එවංනාමකෙ වනෙ. තං කිර වනං ද‍්වින‍්නං බුද‍්ධානං කාලෙ අවිජහිතනාමං අන්‍ධවනංත්‍වෙව පඤ‍්ඤායති. තත්‍රායං පඤ‍්ඤත‍්තිවිභාවනා – අප‍්පායුකබුද‍්ධානඤ‍්හි සරීරධාතු න එකග‍්ඝනා හොති. අධිට‍්ඨානානුභාවෙන විප‍්පකිරියති. තෙනෙව අම‍්හාකම‍්පි භගවා, – “අහං න චිරට‍්ඨිතිකො, අප‍්පකෙහි සත‍්තෙහි අහං දිට‍්ඨො, යෙහි න දිට‍්ඨො, තෙව බහුතරා, තෙ මෙ ධාතුයො ආදාය තත්‍ථ තත්‍ථ පූජෙන‍්තා සග‍්ගපරායණා භවිස‍්සන‍්තී”ති පරිනිබ‍්බානකාලෙ, “අත‍්තනො සරීරං විප‍්පකිරියතූ”ති අධිට‍්ඨාසි. දීඝායුකබුද‍්ධානං පන සුවණ‍්ණක‍්ඛන්‍ධො විය එකග‍්ඝනං ධාතුසරීරං තිට‍්ඨති.

අන්‍ධවනෙ එසේනම් ඇති වනයෙහි ඒ වනය බුදුවරුන් දෙදෙනකුගේ කාලයෙහි අන්ධ වනයයි කියාම නො හරනා ලද නාමය පෙනේ. මේ එහි ව්‍යවහාරය පැහැදිලි කිරීමයි. අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාරිරික ඒකඝන නොවේ. අධිෂ්ඨාන පරිද්දෙන් විසිරී යයි. ඒ අනුව අප බුදුන් වහන්සේ ද මම බොහෝකල් සිටියේ නො වෙමි. ස්වල්ප වූ සත්ත්වයන් විසින් මම දක්නා ලද්දෙමි. නො දක්නා ලද අය බොහෝ වෙති. ඔව්හූ මගේ ධාතූන් ගෙන ඒ ඒ තැන්වල පිදීමෙන් නිවනට මග පාදා ගන්නාහු වෙති යි පරිනිර්වාණය සමීපවන කල්හි තමන්ගේ ශරීරය ධාතු විසිරේවායි අධිෂ්ඨාන කළේය. දීඝායුෂ්ක බුදුන් වහන්සේලාගේ වනාහි රන්කඳක් මෙන් ඒකඝන වූ ධාතු ශරීරය සිටී.

කස‍්සපස‍්සාපි භගවතො තථෙව අට‍්ඨාසි. තතො මහාජනා සන‍්නිපතිත්‍වා, “ධාතුයො එකග‍්ඝනා න සක‍්කා වියොජෙතුං, කිං කරිස‍්සාමා”ති සම‍්මන‍්තයිත්‍වා එකග‍්ඝනමෙව චෙතියං කරිස‍්සාම, කිත‍්තකං පන හොතු තන‍්ති ආහංසු. එකෙ සත‍්තයොජනියන‍්ති ආහංසු. එතං අතිමහන‍්තං, අනාගතෙ ජග‍්ගිතුං න සක‍්කා, ඡයොජනං හොතු, පඤ‍්චයොජනං… චතුයොජනං… තියොජනං… ද‍්වියොජනං… එකයොජනං හොතූති සන‍්නිට‍්ඨානං කත්‍වා ඉට‍්ඨකා කීදිසා හොන‍්තූති බාහිරන‍්තෙ ඉට‍්ඨකා රත‍්තසුවණ‍්ණමයා එකග‍්ඝනා සතසහස‍්සග‍්ඝනිකා හොන‍්තු, අබ‍්භන‍්තරිමන‍්තෙ පඤ‍්ඤාසසහස‍්සග‍්ඝනිකා. හරිතාලමනොසිලාහි මත‍්තිකාකිච‍්චං කයිරතු, තෙලෙන උදකකිච‍්චන‍්ති නිට‍්ඨං ගන‍්ත්‍වා චත‍්තාරි මුඛානි චතුධා විභජිංසු. රාජා එකං මුඛං ගණ‍්හි, රාජපුත‍්තො පථවින්‍දරකුමාරො එකං, අමච‍්චානං ජෙට‍්ඨකො හුත්‍වා සෙනාපති එකං, ජනපදානං ජෙට‍්ඨකො හුත්‍වා සෙට‍්ඨි එකං.

කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ද එසේ සිටියහ. ඉක්බිතිව මහාජනයා රැස්ව ධාතු ඒකඝන වූයේය. වෙන් කරන්නට නොහැක. කුමක් කරන්නෙමුදැයි කථාකොට එකම සෑයක් කරන්නෙමුයි තීරණය කළහ. එක් අයෙක් සත්යොදුනක් යයි යෝජනා කළේය. මෙය ඉතා විශාලය. අනාගතයේ පිළිදැගුම් කරන්නට නුපුළුවන් වේ. යොදුන් සය, යොදුන් පහ, යොදුන් සතර, යොදුන් තුන, යොදුන් දෙක, එක් යොදුනයයි සම්මත කොට ගඩොල් කෙබඳු වන්නාහුදැයි? පිටිපස ගඩොල් රක්ත ස්වර්ණමය වූ ඒකඝන වූ ලක්‍ෂයක් අගනාහු විය යුතුය. ඇතුළුපස ගඩොල් පනස්දහසක් අගනාහු විය යුතුය. සිරියල් මනෝසීල මැටි සඳහා ගතයුතුය. තල තෙලින් දිය කිස කළ යුතුය. මේ අයුරින් හතර පැත්ත කොටස් හතරකට බෙදූහ. රජු එක් පැත්තක් භාර ගත්හ. රාජ පුත්‍ර වූ පඨවින්ධර කුමරු එක් පැත්තක් ද, ඇමතියන්ට ප්‍රධාන වූ සෙනෙවි තෙම එක් පැත්තක් ද, ජනපදවාසීන්ට ප්‍රධාන වූ සිටුවරයා එක් පැත්තක් ද භාර ගත්තේය.

තත්‍ථ ධනසම‍්පන‍්නතාය රාජාපි සුවණ‍්ණං නීහරාපෙත්‍වා අත‍්තනා ගහිතමුඛෙ කම‍්මං ආරභි, උපරාජාපි, සෙනාපතිපි. සෙට‍්ඨිනා ගහිතමුඛෙ පන කම‍්මං ඔලීයති. තතො යසොරතො නාම එකො උපාසකො තෙපිටකො භාණකො අනාගාමී අරියසාවකො, සො කම‍්මං ඔලීයතීති ඤත්‍වා පඤ‍්ච සකටසතානි යොජාපෙත්‍වා ජනපදං ගන‍්ත්‍වා “කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධො වීසතිවස‍්සසහස‍්සානි ඨත්‍වා පරිනිබ‍්බුතො. තස‍්ස යොජනිකං රතනචෙතියං කයිරති, යො යං දාතුං උස‍්සහති සුවණ‍්ණං වා හිරඤ‍්ඤං වා සත‍්තරතනං වා හරිතාලං වා මනොසිලං වා, සො තං දෙතූ”ති සමාදපෙසි. මනුස‍්සා අත‍්තනො අත‍්තනො ථාමෙන හිරඤ‍්ඤසුවණ‍්ණාදීනි අදංසු. අසක‍්කොන‍්තා තෙලතණ‍්ඩුලාදීනි දෙන‍්තියෙව. උපාසකො තෙලතණ‍්ඩුලාදීනි කම‍්මකාරානං භත‍්තවෙතනත්‍ථං පහිණාති, අවසෙසෙහි සුවණ‍්ණං චෙතාපෙත්‍වා පහිණාති, එවං සකලජම‍්බුදීපං අචරි.

ඔවුන් අතුරින් රජු ධන සම්පන්න බැවින් රන් බැහැර කරවා තමා විසින් ගන්නා ලද පැත්තෙහි කර්මාන්ත ආරම්භ කළේය. යුවරජු ද, සේනාපති ද බාරගත් පැතිවල කර්මාන්ත ඇරඹිණි. එහෙත් සිටුවරයා ගත් පැත්තේ කර්මාන්ත පමා වෙයි. මේ අතර ත්‍රිපිටක භාණක වූ, අනාගාමී ආර්ය ශ්‍රාවකයකු වූ සෝරත නම් උපාසකයෙක් විය. හෙතෙම කර්මාන්ත පසුබසී යයි දැන, පන්සියයක් ගැල් යොදවා ජනපදයට ගොස්, කාශ්‍යප බුදුන් වහන්සේ විසිදහසක් අවුරුදු සිට පිරිනිවන්පෑ සේක. උන්වහන්සේ වෙනුවෙන් යොදුනක රුවන්සෑයක් ඉදිකරයි. යම්කිසි කෙනෙක් රන් හෝ අමුරන් හෝ සප්තවිධ රත්න හෝ, සිරියල් හෝ මනෝසීල හෝ යමක් දීමට කැමැත්තේ නම් එය දෙවයි මහජනයා සම්මාදම් කරවීය. මිනිස්සු තම තමන්ගේ ශක්ති පරිද්දෙන් රන් අමුරන් ආදිය පූජා කළහ. නොහැකි වූ අය තෙල් සහල් ආදිය දුන්හ. උපාසක තෙමේ තෙල් සහල් ආදිය කම්කරුවන්ගේ බත් වැටුප් පිණිස යවයි. තවදුරටත් රන් රැස්කරවා යවයි. මේ අයුරින් මුළු දඹදිව පින්කමට සම්මාදන් වූහ.

චෙතියෙ කම‍්මං නිට‍්ඨිතන‍්ති චෙතියට‍්ඨානතො පණ‍්ණං පහිණිංසු – “නිට‍්ඨිතං කම‍්මං ආචරියො ආගන‍්ත්‍වා චෙතියං වන්‍දතූ”ති. සොපි පණ‍්ණං පහිණි – “මයා සකලජම‍්බුදීපො සමාදපිතො, යං අත්‍ථි, තං ගහෙත්‍වා කම‍්මං නිට‍්ඨාපෙන‍්තූ”ති. ද‍්වෙපි පණ‍්ණානි අන‍්තරාමග‍්ගෙ සමාගමිංසු. ආචරියස‍්ස පණ‍්ණතො පන චෙතියට‍්ඨානතො පණ‍්ණං පඨමතරං ආචරියස‍්ස හත්‍ථං අගමාසි.

චෛත්‍ය කර්මාන්තය නිමියේය. චෛත්‍ය ස්ථානයෙන් ලිපියක් යැවීය. චෛත්‍ය කර්මාන්තය නිමියේය. ආචාරීන් වහන්සේ පැමිණ චෛත්‍යය වඳීවා. ඔහු ද ලිපියක් යැවීය. මා විසින් මුළු දඹදිව සමාදන් කරන ලද්දේය. යමක් ඇද්ද එය ගෙන කර්මාන්ත නිමා කෙරෙත්වා. ලියුම් දෙකම අතරමගට පැමිණියහ. ආචාරීන්ගේ ලියමනට පෙර චෛත්‍යස්ථානයෙන් එවූ ලිපිය ආචාරීන් අතට හමුවිය.

සො පණ‍්ණං වාචෙත්‍වා චෙතියං වන්‍දිස‍්සාමීති එකකොව නික‍්ඛමි. අන‍්තරාමග‍්ගෙ අටවියං පඤ‍්ච චොරසතානි උට‍්ඨහිංසු. තත්‍රෙකච‍්චෙ තං දිස‍්වා ඉමිනා සකලජම‍්බුදීපතො හිරඤ‍්ඤසුවණ‍්ණං සම‍්පිණ‍්ඩිතං, නිධිකුම‍්භී නො පවට‍්ටමානා ආගතාති අවසෙසානං ආරොචෙත්‍වා තං අග‍්ගහෙසුං. කස‍්මා තාතා, මං ගණ‍්හථාති? තයා සකලජම‍්බුදීපතො සබ‍්බං හිරඤ‍්ඤසුවණ‍්ණං සම‍්පිණ‍්ඩිතං, අම‍්හාකම‍්පි ථොකං ථොකං දෙහීති. කිං තුම‍්හෙ න ජානාථ, කස‍්සපො භගවා පරිනිබ‍්බුතො, තස‍්ස යොජනිකං රතනචෙතියං කයිරති, තදත්‍ථාය මයා සමාදපිතං, නො අත‍්තනො අත්‍ථාය. තං තං ලද‍්ධලද‍්ධට‍්ඨානතො තත්‍ථෙව පෙසිතං, මය‍්හං පන නිවත්‍ථසාටකමත‍්තං ඨපෙත්‍වා අඤ‍්ඤං විත‍්තං කාකණිකම‍්පි නත්‍ථීති.

හෙතෙම ලිපිය කියවා චෛත්‍යය වඳින්නෙමැයි හුදෙකලාවම ගියේය. අතරමග කැලෑවේ සොරු පන්සියයක් සිටියහ. සොරුන් අතරින් කෙනෙකු ඔහු දැක, ‘මොහු විසින් මුළු දඹදිවින් රන් අමුරන් රැස්කරන ලදී. අපට නිධිකුම්භියක් (නිධන් කළ සැලියක්) පෙරලමින් ආවේ යයි සෙස්සන්ට දන්වා එය අරගත්හ. දරුවනි, කවර හෙයින් මා රඳවා ගත්තහුද? තොප විසින් මුළු දඹදිව සියලු රන් රිදී එකතු කරන ලදී. අපටත් ටිකක් දෙව! කිම තෙපි නො දනිවුද? කාශ්‍යප බුදුන් පිරිනිවන්පෑහ. උන්වහන්සේ උදෙසා රුවන් චෛත්‍යයක් ඉදිකරවයි. ඒ සඳහා මා විසින් (ජනයා) සමාදන් කරවන ලදී. මා පිණිස නොවෙයි. එය ලද ලද විගස එහි යවන ලදී. මාගේ ඇඳි වස්ත්‍රය පමණක් මිස වෙනත් කහවණුකුදු ධනයක් නැත.

එකෙ, “එවමෙතං විස‍්සජෙථ ආචරිය”න‍්ති ආහංසු. එකෙ, “අයං රාජපූජිතො අමච‍්චපූජිතො, අම‍්හෙසු කඤ‍්චිදෙව නගරවීථියං දිස‍්වා රාජරාජමහාමත‍්තාදීනං ආරොචෙත්‍වා අනයව්‍යසනං පාපුණාපෙය්‍යා”ති ආහංසු. උපාසකො, “තාතා, නාහං එවං කරිස‍්සාමී”ති ආහ. තඤ‍්ච ඛො තෙසු කාරුඤ‍්ඤෙන, න අත‍්තනො ජීවිතනිකන‍්තියා. අථ තෙසු ගහෙතබ‍්බො විස‍්සජ‍්ජෙතබ‍්බොති විවදන‍්තෙසු ගහෙතබ‍්බොති ලද‍්ධිකා එව බහුතරා හුත්‍වා ජීවිතා වොරොපයිංසු.

කිසිවෙක් එසේය ආචාරීන් අත්හරිවු කීහ. කිසිවෙක් මෙතෙම රාජ පූජිතයහ. අමාත්‍ය පූජිතයහ. අප අතුරෙන් කිසිවෙක් නගර වීදියේදී දැක රාජ රාජ මහ ඇමතින්ට දන්වා කරදරයකට හිරිහැරයකට පමුණුවනු ඇතැයි කීහ. උපාසක තෙමේ, මම එසේ නො කරන්නෙමියි කීය. ඔහු වනාහි ඔවුන් කෙරෙහි කාරුණික විය. ඒ තමාගේ ජීවිත ආසාවෙන් නොවේ. එකල්හි ‘මොහු ගත යුතු’ යයි ද ‘හළ යුතු යයි ද විවාද කරන්නා වූ ඔවුන් අතුරෙහි ගත යුතුය යන අදහස ඇත්තේ බොහෝ වූ හෙයින් ඔහු මරණයට පත් කළේය.

තෙසං බලවගුණෙ අරියසාවකෙ අපරාධෙන නිබ‍්බුතදීපසිඛා විය අක‍්ඛීනි අන‍්තරධායිංසු. තෙ, “කහං භො චක‍්ඛු, කහං භො චක‍්ඛූ”ති විප‍්පලපන‍්තා එකච‍්චෙ ඤාතකෙහි ගෙහං නීතා. එකච‍්චෙ නොඤාතකා අනාථාති තත්‍ථෙව අටවියං රුක‍්ඛමූලෙ පණ‍්ණසාලායං වසිංසු. අටවිං ආගතමනුස‍්සා කාරුඤ‍්ඤෙන තෙසං තණ‍්ඩුලං වා පුටභත‍්තං වා පරිබ‍්බයං වා දෙන‍්ති. දාරුපණ‍්ණාදීනං අත්‍ථාය ගන‍්ත්‍වා ආගතා මනුස‍්සා කුහිං ගතත්‍ථාති වුත‍්තෙ අන්‍ධවනං ගතම‍්හාති වදන‍්ති.

බලවත් ගුණ ඇති ආර්ය ශ්‍රාවකයාට කරන ලද අපරාධය නිසා නිවුණු පන්සිළු මෙන් ඔවුන් හැම දෙනාගේ ඇස් අතුරුදහන් වූහ. ඔව්හූ අහෝ ඇස අහෝ ඇස යයි විලාප කියන්නාහූ කිසිවෙක් නෑයන් විසින් ගෙට ගෙන යන ලදහ. නෑයන් නැත්තවුන් අනාථ වූහ. එහිම වනයෙහි රුක්මුල පන්සලෙහි විසූහ. වනයට ගිය මිනිස්සු ඔවුන්ට සහල් හෝ බත්මුල් හෝ මුදල් දෙති. දර, පළා කොළ ආදිය සඳහා වනයට යන එන මිනිස්සු කොහේ ගියේදැයි විමසූ කල්හි අන්ධ වනයට ගියෙමුයි කියති.

එවං ද‍්වින‍්නම‍්පි බුද‍්ධානං කාලෙ තං වනං අන්‍ධවනංත්‍වෙව පඤ‍්ඤායති. කස‍්සපබුද‍්ධකාලෙ පනෙතං ඡඩ‍්ඩිතජනපදෙ අටවි අහොසි. අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථියා අවිදූරෙ ජෙතවනස‍්ස පිට‍්ඨිභාගෙ පවිවෙකකාමානං කුලපුත‍්තානං වසනට‍්ඨානං පධානඝරං අහොසි, තත්‍ථ ආයස‍්මා කුමාරකස‍්සපො තෙන සමයෙන සෙඛපටිපදං පූරයමානො විහරති. තෙන වුත‍්තං “අන්‍ධවනෙ විහරතී”ති.

මෙසේ බුදුවරුන් දෙදෙනෙකුගේ ම කාලයෙහි ඒ වනය අන්ධ වනය වශයෙන්ම පැනේ. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි මේ වනය ඇත්හරනා ලද අඩවියක් විය. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවරට සමීපව දෙව්රමට පිටුපස විවේකය කැමැත්තන්ට වාසස්ථාන වූ ප්‍රධාන ඝරයක් ප්‍රධන් වීරිය වඩන සථානයක් විය. එහි ආයුෂ්මත් කුමාර කාශ්‍යප තෙරුන් ශෛක්‍ෂ ප්‍රතිපදාව පුරමින් වාසය කරයි. අන්‍ධවනෙ විහරති යයි එහෙයින් කියන ලදී.

අඤ‍්ඤතරා දෙවතාති නාමගොත‍්තවසෙන අපාකටා එකා දෙවතාති අත්‍ථො. “අභිජානාති නො, භන‍්තෙ, භගවා අහුඤාතඤ‍්ඤතරස‍්ස මහෙසක‍්ඛස‍්ස සංඛිත‍්තෙන තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තිං භාසිතා”ති (ම· නි· 1.365) එත්‍ථ පන අභිඤ‍්ඤාතො සක‍්කොපි දෙවරාජා අඤ‍්ඤතරොති වුත‍්තො. දෙවතාති ච ඉදං දෙවානම‍්පි දෙවධීතානම‍්පි සාධාරණවචනං. ඉමස‍්මිං පනත්‍ථෙ දෙවො අධිප‍්පෙතො.

අඤ්ඤතරා දෙවතා නම් හා ගෝත වශයෙන් අප්‍රකට වූ දේවතාවෙක්, ‘අභිජානාති නො භන්තෙ භගවා අහූනං යෙව අඤ්ඤතරස්ස මහෙසක්ඛස්ස යක්ඛසස සංඛිත්තෙන තණ්හා සංඛය විමුත්තිං අභාසිත්‍ථා’ මේ අනුව ප්‍රසිද්ධ වූ සක්දෙව් ද අන්‍යතර යයි කියන ලදී. දෙවතා මෙය දෙවිවරුන්ට ද දෙව් දූවරුන්ට ද සාධාරණ වචනයකි. මෙහි දෙවියන් අදහස් කරන ලදී.

අභික‍්කන‍්තාය රත‍්තියාති එත්‍ථ අභික‍්කන‍්තසද‍්දො ඛයසුන්‍දරාභිරූපඅබ‍්භනුමොදනාදීසු දිස‍්සති. තත්‍ථ – “අභික‍්කන‍්තා, භන‍්තෙ, රත‍්ති, නික‍්ඛන‍්තො පඨමො යාමො, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, උද‍්දිසතු, භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛ”න‍්ති එවමාදීසු (අ· නි· 8.20) ඛයෙ දිස‍්සති. “අයං ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චා”ති (අ· නි· 4.100) එවමාදීසු සුන්‍දරෙ.

අභික්කන්තාය රත්තියා යන මෙහි අභික්කන්ත යන පය, ක්‍ෂය, සුන්දර, අභිරූප, අනුමෝදන්වීම යන අර්ථයන්හි දක්නා ලැබේ. එහි ‘අභික්කන්තා භන්තෙ රත්ති නික්ඛන්තො පඨමොයාමො, චිර නිසින්නො භික්ඛු සංඝො, උද්දිස්සතු භන්තෙ භගවා භික්ඛූනං පාතිමොකඛං’ යනාදී තන්හි ක්‍ෂය වීමෙහි දක්නා ලදී. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීතතරොච’ යනාදී තන්හි සුන්දර අර්ථයෙහිය.

“කො මෙ වන්‍දති පාදානි, ඉද‍්ධියා යසසා ජලං; අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”ති. (වි· ව· 857) –

කො මෙ වන්‍දති පාදානි - ඉද්ධියා යසසා ජලං අභික්කන්තෙ න වණ්ණෙන - සබ්බා ඔහාසයං දිසා

එවමාදීසු අභිරූපෙ. “අභික‍්කන‍්තං, භො ගොතමා”ති එවමාදීසු (පාරා· 15) අබ‍්භනුමොදනෙ. ඉධ පන ඛයෙ. තෙන අභික‍්කන‍්තාය රත‍්තියාති පරික‍්ඛීණාය රත‍්තියාති වුත‍්තං හොති. තත්‍ථායං දෙවපුත‍්තො මජ‍්ඣිමයාමසමනන‍්තරෙ ආගතොති වෙදිතබ‍්බො.

මේ ආදී තන්හි අභිරූපයෙහි ය. අභික්කන්තං භො ගොතම යනාදී තන්හි අනුමෝදනාවෙහිය. මෙහි ක්‍ෂයෙහි වේ. අභික්කන්තාය රත්තියා රාත්‍රිය ක්‍ෂය වූ කල්හි යයි කියන ලදී. එහි මේ දේවපුත්‍රයා මධ්‍යම යාමයට අනතුරුව ආයේ යයි දතයුතුය.

අභික‍්කන‍්තවණ‍්ණාති ඉධ අභික‍්කන‍්තසද‍්දො අභිරූපෙ. වණ‍්ණසද‍්දො පන ඡවි-ථුති-කුලවග‍්ගකාරණ-සණ‍්ඨානපමාණරූපායතනාදීසු දිස‍්සති. තත්‍ථ, “සුවණ‍්ණවණ‍්ණොසි භගවා”ති එවමාදීසු ඡවියා. “කදා සඤ‍්ඤූළ‍්හා පන තෙ ගහපති සමණස‍්ස ගොතමස‍්ස වණ‍්ණා”ති (ම· නි· 2.77) එවමාදීසු ථුතියං. “චත‍්තාරොමෙ, භො ගොතම, වණ‍්ණා”ති එවමාදීසු (දී· නි· 3.115) කුලවග‍්ගෙ. “අථ කෙන නු වණ‍්ණෙන, ගන්‍ධථෙනොති වුච‍්චතී”ති එවමාදීසු (සං· නි· 1.234) කාරණෙ. “මහන‍්තං හත්‍ථිරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා”ති එවමාදීසු (සං· නි· 1.138) සණ‍්ඨානෙ. “තයො පත‍්තස‍්ස වණ‍්ණා”ති එවමාදීසු (පාරා· 602) පමාණෙ. “වණ‍්ණො ගන්‍ධො රසො ඔජා”ති එවමාදීසු රූපායතනෙ. සො ඉධ ඡවියං දට‍්ඨබ‍්බො. තෙන අභික‍්කන‍්තවණ‍්ණාති අභිරූපඡවිඉට‍්ඨවණ‍්ණා, මනාපවණ‍්ණාති වුත‍්තං හොති. දෙවතා හි මනුස‍්සලොකං ආගච‍්ඡමානා පකතිවණ‍්ණං පකතිඉද‍්ධිං පජහිත්‍වා ඔළාරිකං අත‍්තභාවං කත්‍වා අතිරෙකවණ‍්ණං අතිරෙකඉද‍්ධිං මාපෙත්‍වා නටසමජ‍්ජාදීනි ගච‍්ඡන‍්තා මනුස‍්සා විය අභිසඞ‍්ඛතෙන කායෙන ආගච‍්ඡන‍්ති. අයම‍්පි දෙවපුත‍්තො තථෙව ආගතො. තෙන වුත‍්තං “අභික‍්කන‍්තවණ‍්ණා”ති.

අභික්කන්ත වණ්ණා මෙහි අභික්කන්ත ශබ්දය අභිරූපයෙහි ය. වණ්ණ ශබ්දය ඡවි, ස්තුති, කුල වර්ග, කාරණා, සංස්ථාන - ප්‍රමාණා රූපායතන ආදියෙහි දැක්වේ. එහි ‘සුවණ්ණ වණ්ණෙති භගවා’ ආදී තන්හි ඡවිය, සිවිය (සම) ‘කදා සංයූළ්හා පන තෙ ගහපති සමණස්ස ගොතමස්ස වණ්ණ මේ ආදී තන්හි ස්තුතියෙහිය, ‘චත්තාරො මෙ හො ගොතමො වණ්ණ’ මේ ආදී තන්හි කුල වර්ගයෙහිය. ‘අළු කෙ කෙන නු වණ්ණෙන ගන්‍ධත්‍ථෙනොති වුච්චති’ මේ ආදී තන්හි කාරණයෙහිය. ‘මහන්තං හත්‍ථිරාජ වණ්ණං අභිනිම්මිනිත්‍වා’ මේ තන්හි සටහනෙහිය. ‘තයො පත්තස්ස වණ්ණා’ මේ තැන්හි ප්‍රමාණයෙහිය. ‘වණ්ණො ගන්‍ධො රසො ඔජො’ මේ ආදී තන්හි රූපායතනයෙහිය. එය ඡවියෙහි දැක්ක යුතුය. එහෙයින් අභික්කන්ත වණ්ණා අභිරූප වූ හම ඇති ඉෂ්ට වූ ඡවි ඇති, මන වඩන්නා වූ සිවිය ඇති, යයි කියන ලද වේ. ඒ එසේමයි. මිනිස්ලොවට එන්නා වූ දිව්‍යපුත්‍රයෝ ස්වභාවික වර්ණය, ස්වභාවික සෘද්ධිය හැර, උජාරු වූ ආත්මභාවයක් මවාගෙන අතිරේක වර්ණ, අතිරේක සෘද්ධි මවා නාට්‍ය උත්සවවලට යන මිනිසුන් මෙන් සකස් කරන ලද ශරීරයෙන් පැමිණේ. මේ දේවපුත්‍රයා ද එසේම ආයේය. ‘අභික්කන්ත වණ්ණා’ යනුවෙන් එහෙයින් කියන ලදී.

කෙවලකප‍්පන‍්ති එත්‍ථ කෙවලසද‍්දො අනවසෙස-යෙභූය්‍ය-අබ්‍යාමිස‍්සානතිරෙකදළ‍්හත්‍ථ-විසංයොගාදිඅනෙකත්‍ථො. තථා හිස‍්ස, “කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරිය”න‍්ති (පාරා· 1) එවමාදීසු අනවසෙසත‍්තමත්‍ථො. “කෙවලකප‍්පා ච අඞ‍්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ‍්කමිස‍්සන‍්තී”ති එවමාදීසු යෙභුය්‍යතා. “කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති (විභ· 225) එවමාදීසු අබ්‍යාමිස‍්සතා. “කෙවලං සද‍්ධාමත‍්තකං නූන අයමායස‍්මා”ති (මහාව· 244) එවමාදීසු අනතිරෙකතා. “ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස බාහියො නාම සද‍්ධිවිහාරිකො කෙවලකප‍්පං සඞ‍්ඝභෙදාය ඨිතො”ති (අ· නි· 4.243) එවමාදීසු දළ‍්හත්‍ථතා. “කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වුච‍්චතී”ති (සං· නි· 3.57) එවමාදීසු විසංයොගො. ඉධ පනස‍්ස අනවසෙසත‍්තමත්‍ථොති අධිප‍්පෙතො.

කෙවලකප්පං මෙහි ‘කෙවල’ ශබ්දය ඉතුරු නැති, බොහෝ සෙයින්, බොහෝ දෙය, අව්‍යාමිශ්‍ර, ඉතිරි නැති, දෘඪාර්ථ, වෙන්ව යෙදීම විවේකය ආදී නොයෙක් අර්ථයන්හි යෙදේ. ‘කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං’ මේ ආදී තන්හි අනවශේෂ බව ද, ‘කෙවලකප්පා ච අංග මගධා පහූතා ඛාදනීයං භෝජනීයං, ආදාය උපසංකමිස්සන්ති’ මේ තන්හි අව්‍යාමිශ්‍රත්‍වය ද, කෙවලං සද්ධාමත්තකං නූන අධිමාසමා’ මේ ආදියෙහි ඉතිරි නැති බව ද, ආයස්මතො අනුරුද්ධස්ස බාහිකො නාම සද්ධි විහාරිකො කෙවලකප්පං සංඝභෙදාය ඨීතො’ මේ ආදියෙහි දණ්ඩාර්ථය ද, කෙවලී වුසිතවා උත්තම පුරිසොති වුච්චති’ ආදී තන්හි වෙන්ව යෙදීම - විවේකය යන අරුත්හි ද යෙදේ. මෙහි වනාහි මේ ශබ්දයාගේ අනවශේෂ භාවය අර්ථයයි අදහස් කරන ලදී.

කප‍්පසද‍්දො පනායං අභිසද‍්දහන-වොහාර-කාල-පඤ‍්ඤත‍්ති- ඡෙදන-විකප‍්ප-ලෙස-සමන‍්තභාවාදි-අනෙකත්‍ථො. තථා හිස‍්ස, “ඔකප‍්පනියමෙතං භොතො ගොතමස‍්ස, යථා තං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති (ම· නි· 1.387) එවමාදීසු අභිසද‍්දහනමත්‍ථො. “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතු”න‍්ති (චූළව· 250) එවමාදීසු වොහාරො. “යෙන සුදං නිච‍්චකප‍්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච‍්චායස‍්මා කප‍්පො”ති (සං· නි· 3.124) එවමාදීසු පඤ‍්ඤත‍්ති. “අලඞ‍්කතා කප‍්පිතකෙසමස‍්සූ”ති (සං· නි· 4.365) එවමාදීසු ඡෙදනං. “කප‍්පති ද‍්වඞ‍්ගුලකප‍්පො”ති (චූළව· 446) එවමාදීසු විකප‍්පො. “අත්‍ථි කප‍්පො නිපජ‍්ජිතු”න‍්ති (අ· නි· 8.80) එවමාදීසු ලෙසො. “කෙවලකප‍්පං වෙළුවනං ඔභාසෙත්‍වා”ති (සං· නි· 1.94) එවමාදීසු සමන‍්තභාවො. ඉධ පනස‍්ස සමන‍්තභාවො අත්‍ථො අධිප‍්පෙතො. තස‍්මා කෙවලකප‍්පං අන්‍ධවනන‍්ති එත්‍ථ අනවසෙසං සමන‍්තතො අන්‍ධවනන‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

මේ ‘කප්ප’ ශබ්දය (අභිසද්දහන) ඇදහීම - විශ්වාසය, ශ්‍රද්ධාව, ව්‍යවහාර, කාල, ප්‍රඥප්ති, ඡේදන - විතර්කය, සැකය, අදහස, ස්වල්පය, ටික, ඡායාව, සමන්තභාව (හාත්පස, වටේට) ආදී නොයෙක් අර්ථයන්හි යෙදේ. ‘ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස’ ආදියෙහි අභිසද්දහන අර්ථයි. ‘අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ ආදියෙහි ව්‍යවහාරයයි. ‘යෙන සූදං නිච්චකප්පං විහරාමි’ මේ තැන්හිදී කාලය කියයි. ‘ඉච්චායස්මා කප්පො’ ආදී තන්හි ප්‍රඥප්තියයි. ‘අලංකතො කප්පිත කෙසමස්සු’ ආදියෙහි ඡෙදන අර්ථයි. (කපයි. දෙපළු කරයි.) ‘කප්පති ද්වංගුල කප්පො’ මේ ආදී තන්හි විකල්පයයි. අත්‍ථිකප්පො නිපජ්ජිතුං’ මේ ආදියෙහි ලෙස (ස්වල්පය-ටික) අර්ථයි. ‘කෙවල කප්පං වෙළුවනං ඔභාසෙත්‍වා’ මේ ආදියෙහි හාත්පස යන අර්ථයි. මෙහි මෙම ශබ්දයෙන් සමන්තභාවය හාත්පස යන අර්ථය අදහස් කරන ලදී. එහෙයින් කෙවලකප්පං අන්‍ධවනං යන මෙහි නිරවශේෂයෙන් අන්‍ධවනයේ හාත්පසින් යන තේරුම ගතයුතුයි.

ඔභාසෙත්‍වාති වත්‍ථාලඞ‍්කාරසරීරසමුට‍්ඨිතාය ආභාය ඵරිත්‍වා, චන්‍දිමා විය ච සූරියො විය ච එකොභාසං එකපජ‍්ජොතං කරිත්‍වාති අත්‍ථො. එකමන‍්තං අට‍්ඨාසීති එකස‍්මිං අන‍්තෙ, එකස‍්මිං ඔකාසෙ අට‍්ඨාසි. එතදවොචාති එතං “භික‍්ඛු භික‍්ඛූ”තිආදිවචනමවොච. කස‍්මා පනායං අවන්‍දිත්‍වා සමණවොහාරෙනෙව කථෙතීති? සමණසඤ‍්ඤාසමුදාචාරෙනෙව. එවං කිරස‍්ස අහොසි – “අයං අන‍්තරා කාමාවචරෙ වසි. අහං පන අස‍්මි තතො කාලතො පට‍්ඨාය බ්‍රහ‍්මචාරී”ති සමණසඤ‍්ඤාවස‍්ස සමුදාචරති, තස‍්මා අවන්‍දිත්‍වා සමණවොහාරෙනෙව කථෙති. පුබ‍්බසහායො කිරෙසො දෙවපුත‍්තො ථෙරස‍්ස. කුතො පට‍්ඨායාති? කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලතො පට‍්ඨාය. යො හි පුබ‍්බයොගෙ ආගතෙසු පඤ‍්චසු සහායෙසු අනුථෙරො චතුත්‍ථදිවසෙ අනාගාමී අහොසීති වුත‍්තො, අයං සො. තදා කිර තෙසු සඞ‍්ඝත්‍ථෙරස‍්ස අරහත‍්තෙනෙව සද‍්ධිං අභිඤ‍්ඤා ආගමිංසු. සො, “මය‍්හං කිච‍්චං මත්‍ථකං පත‍්ත”න‍්ති වෙහාසං උප‍්පතිත්‍වා අනොතත‍්තදහෙ මුඛං ධොවිත්‍වා උත‍්තරකුරුතො පිණ‍්ඩපාතං ආදාය ආගන‍්ත්‍වා, “ඉමං, ආවුසො, පිණ‍්ඩපාතං භුඤ‍්ජිත්‍වා අප‍්පමත‍්තා සමණධම‍්මං කරොථා”ති ආහ. ඉතරෙ ආහංසු – “න, ආවුසො, අම‍්හාකං එවං කතිකා අත්‍ථි – ‘යො පඨමං විසෙසං නිබ‍්බත‍්තෙත්‍වා පිණ‍්ඩපාතං ආහරති, තෙනාභතං භුඤ‍්ජිත්‍වා සෙසෙහි සමණධම‍්මො කාතබ‍්බො’ති. තුම‍්හෙ අත‍්තනො උපනිස‍්සයෙන කිච‍්චං මත්‍ථකං පාපයිත්‍ථ. මයම‍්පි සචෙ නො උපනිස‍්සයො භවිස‍්සති, කිච‍්චං මත්‍ථකං පාපෙස‍්සාම. පපඤ‍්චො එස අම‍්හාකං, ගච‍්ඡථ තුම‍්හෙ”ති. සො යථාඵාසුකං ගන‍්ත්‍වා ආයුපරියොසානෙ පරිනිබ‍්බායි.

ඔභාසෙත්‍වා ඇඳි වස්ත්‍රවලින් හා පැළඳි අබරණවලින් ද, ශරීරයෙන් ද උපන් ආලෝකය පතුරුවා, සඳ මෙන් ද හිරු මෙන් ද, ආලෝකමත් කොට, බබුළුවා යන අර්ථයි. එකමන්තං අට්ඨාසි එක්පසෙක එක් අවකාශයෙක සිටියේය. එතදවොච මේ භික්ඛු භික්ඛු ආදී වචන කීහ. කුමක් හෙයින් නොවැඳ ශ්‍රමණ ව්‍යවහාරයෙන් කථා කළේද? ශ්‍රමණ සංඥාව පවත්නා හෙයිනි. ඔහුට මෙසේ සිතිණ. මෙතෙම අතරතුර කාමාවචරයෙහි විසීය. මම වනාහි ඒ කාලයේ පටන් බඹසර ඇත්තෙම් වෙමි. ඕහට ශ්‍රමණ සංඥාවම පවතී. එහෙයින් නොවැඳම ශ්‍රමණ ව්‍යවහාරයෙන් කථා කරයි. මේ දේවපුත්‍රයා තෙරුන්ගේ පෙර මිත්‍රයෙක් වීලු. කවර තැනක පටන්ද, කාශ්‍යප බුදුන්ගේ කාලයේ පටන්ය. පූර්වාධිකාර කථාවෙහි ආ මිත්‍රයන් පස්දෙනා අතුරෙන් යම් අනුතෙර කෙනෙක් සතරවැනි දවසේ අනාගාමී වූයේ ද, මේ හෙතෙමේ ය. එකල ඔවුන් අතුරෙහි සංඝස්ථවිරයන්ට රහත් බව සමග අභිඥාවෝ පැමිණියාහුය. හෙතෙම මගේ කෘත්‍යය මුදුන් පැමිණියේ යයි අහසට පැන නැගී අනෝතත්ත විලෙන් මුව සෝදා, උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය ගෙන අවුත් ඇවැත්නි, මේ පිණ්ඩපාතය වළඳා නො පමාව මහණ දම් පුරව්’ යයි. (කීය.) අනෙක් අය මෙසේ කීහු. යමෙක් පළමුව අධිගමය උපදවා පිණ්ඩපාතය ගෙන ඒද? ඔහු විසින් ගෙන එන පිණ්ඩපාතය වළඳා සෙස්සන් මහණදම් කටයුතු යයි අපගේ කතිකාවතක් නැත. නුඹවහන්සේ තමන්ගේ හේතුසම්පත් හේතුවෙන් පළමුව කාර්යය මුදුන් පමුණුවන ලදී. අපි ද අපේ උපනිශ්‍රයක් වන්නේ නම්, එය හේතුකොටගෙන කටයුතු මුදුන් පමුණුවමු. එය අපට උත්තරයකි. ප්‍රපඤ්චයෙකි. නුඹවහන්සේ යනු මැනවී. උන්වහන්සේ යම් පහසු තැනකට ගොස් ආයු කෙළවර පිරිනිවන්පෑහ.

පුනදිවසෙ අනුථෙරො අනාගාමිඵලං සච‍්ඡකාසි, තස‍්ස අභිඤ‍්ඤායො ආගමිංසු. සොපි තථෙව පිණ‍්ඩපාතං ආහරිත්‍වා තෙහි පටික‍්ඛිත‍්තො යථාඵාසුකං ගන‍්ත්‍වා ආයුපරියොසානෙ සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්ති. සො සුද‍්ධාවාසෙ ඨත්‍වා තෙ සහායෙ ඔලොකෙන‍්තො, එකො තදාව පරිනිබ‍්බුතො, එකො අධුනා භගවතො සන‍්තිකෙ අරියභූමිං පත‍්තො, එකො ලාභසක‍්කාරං නිස‍්සාය, “අහං අරහා”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා සුප‍්පාරකපට‍්ටනෙ වසතීති දිස‍්වා තං උපසඞ‍්කමිත්‍වා, “න ත්‍වං අරහා, න අරහත‍්තමග‍්ගං පටිපන‍්නො, ගච‍්ඡ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුණාහී”ති උය්‍යොජෙසි. සොපි අන‍්තරඝරෙ භගවන‍්තං ඔවාදං යාචිත්‍වා, “තස‍්මා තිහ තෙ බාහිය එවං සික‍්ඛිතබ‍්බං දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තං හොතූ”ති (උදා· 10) භගවතා සංඛිත‍්තෙන ඔවදිතො අරියභූමිං සම‍්පාපුණි.

දෙවන දවස්හි දෙවැනි තෙරුන් වහන්සේ අනාගාමී ඵලය පසක් කළහ. උන්වහන්සේට ද අභිඥා පැමිණියාහු ය. හෙතෙමේ ද එසේම පිණ්ඩපාතය ගෙනවුත් අනෙක් අය විසින් පිළිකෙව් කරන ලදින් පහසු තැනකට ගොස් ආයු කෙළවර ශුද්ධාවාසයෙහි උපන. හෙතෙම ශුද්ධාවාසයේ සිට තමන්ගේ සහායකයන් බලන්නේ, ඒ වනවිට එක් අයෙක් පිරිනිවියේය. එක් අයෙක් දැන් භාග්‍යවතුන් සමීපයෙහි ආර්ය භාවයට පැමිණියේය. එක් අයෙක් ලාභ සත්කාර උදෙසා මම රහත්මියි. සිත් උපදවා සුප්පාරක පටුනෙහි වසන බව දැන, එහි එළඹ තොපි රහත් නොවේ. රහත් මගට පිළිපන්නේ නොවේ. යන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය කරව’යි උනන්දු කරවීය. හෙතෙමේ ද ඇතුළු ගමේ දී භාග්‍යවතුන් වහන්සේගෙන් අවවාද යාඥා කොට ‘තස්මාතිහ තෙ බාහිය දිට්ඨෙ දිට්ඨමත්තං හොතූ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂේපයෙන් අවවාද දෙන ලද්දේ, ආර්යභූමියට පැමිණියේය.

තතො අඤ‍්ඤො එකො අත්‍ථි, සො කුහින‍්ති ඔලොකෙන‍්තො අන්‍ධවනෙ සෙක‍්ඛපටිපදං පූරයමානො විහරතීති දිස‍්වා චින‍්තෙසි – “සහායකස‍්ස සන‍්තිකෙ ගමිස‍්සාමීති, ගච‍්ඡන‍්තෙන පන තුච‍්ඡහත්‍ථෙන අගන‍්ත්‍වා කිඤ‍්චි පණ‍්ණාකාරං ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටති, සහායො ඛො පන මෙ නිරාමිසො පබ‍්බතමත්‍ථකෙ වසන‍්තො මයා ආකාසෙ ඨත්‍වා දින‍්නං පිණ‍්ඩපාතම‍්පි අපරිභුඤ‍්ජිත්‍වා සමණධම‍්මං අකාසි, ඉදානි ආමිසපණ‍්ණාකාරං කිං ගණ‍්හිස‍්සති? ධම‍්මපණ‍්ණාකාරං ගහෙත්‍වා ගමිස‍්සාමී”ති බ්‍රහ‍්මලොකෙ ඨිතොව රතනාවළිං ගන්‍ථෙන‍්තො විය පන‍්නරස පඤ‍්හෙ විභජිත්‍වා තං ධම‍්මපණ‍්ණාකාරං ආදාය ආගන‍්ත්‍වා සහායස‍්ස අවිදූරෙ ඨත්‍වා අත‍්තනො සමණසඤ‍්ඤාසමුදාචාරවසෙන තං අනභිවාදෙත්‍වාව, “භික‍්ඛු භික‍්ඛූ”ති ආලපිත්‍වා අයං වම‍්මිකොතිආදිමාහ.

නැවත, තව එක් අයෙක් ඇත. ඔහු කොහේදැයි බලන්නේ අන්‍ධ වනයෙහි ශෛක්‍ෂ ප්‍රතිපදාව පුරමින් වසනු දැක මෙසේ සිතීය. සහායකයා සමීපයට යන්නෙමි. යන්නහු විසින් හිස් අතින් නොගොස් පඬුරක් ගෙන යන්නට වටී. එහෙත් යහළුවා නිරාමිස තැනැත්තෙක. පර්වතය මුදුනෙහි වසන්නා වූ ඔහුට මා විසින් අහසෙහි සිට දෙන ලද පිණ්ඩපාතයවත් පරිභෝග නොකර මහණදම් කළේය. දැන් ආමිස පඬුරු කෙසේ ගන්නෙහිද? දහම් පඬුරක් රැගෙන යන්නෙමි’යි බඹලොව සිටිමින්ම රුවන් වැලක් ගොතන්නකු මෙන්, ප්‍රශ්න පසළොසක් විභාගකොට, ඒ දහම් පඬුර ගෙන පැමිණ සහායකයාට නුදුරෙහි සිට තමන්ගේ ශ්‍රමණ සංඥාව පැවැත්වීම් වශයෙන් ඒ තෙරුන් නොවැඳ ම ‘මහණ! මහණ!! යයි අමතා ‘අයං වම්මිකො’ යනාදිය කීහ.

තත්‍ථ තුරිතාලපනවසෙන භික‍්ඛු භික‍්ඛූති ආමෙඩිතං වෙදිතබ‍්බං. යථා වා එකනෙව තිලකෙන නලාටං න සොභති, තං පරිවාරෙත්‍වා අඤ‍්ඤෙසුපි දින‍්නෙසු ඵුල‍්ලිතමණ‍්ඩිතං විය සොභති, එවං එකෙනෙව පදෙන වචනං න සොභති, පරිවාරිකපදෙන සද‍්ධිං ඵුල‍්ලිතමණ‍්ඩිතං විය සොභතීති තං පරිවාරිකපදවසෙන වචනං ඵුල‍්ලිතමණ‍්ඩිතං විය කරොන‍්තොපි එවමාහ.

එහි සීඝ්‍රව ඇමතීම් වශයෙන් භික්ඛු භික්ඛු යයි නැවත නැවත දෙවරක් කීම දතයුතුය. යම්සේ එකම තිලකයකින් නළල නොහොබීද? එය වටකොට අනෙක් තිලකයන් ද දුන් කල්හි, පිපී සැරසුණාක් මෙන් හොබනේය. මෙසේ හුදෙකලා තනි වචනයම නො හොබී. පිරිවර පද සමග පිපී සැරසුණාක් මෙන් හොබනේ යයි පිරිවර පද වශයෙන් වචනය පිපී සැරසුණාක් මෙන් කරන්නේ මෙසේ කීය.

අයං වම‍්මිකොති පුරතො ඨිතො වම‍්මිකො නාම නත්‍ථි, දෙසනාවසෙන පන පුරතො ඨිතං දස‍්සෙන‍්තො විය අයන‍්ති ආහ. ලඞ‍්ගින‍්ති සත්‍ථං ආදාය ඛණන‍්තො පලිඝං අද‍්දස. උක‍්ඛිප ලඞ‍්ගිං අභික‍්ඛණ සුමෙධාති තාත, පණ‍්ඩිත, ලඞ‍්ගී නාම රත‍්තිං ධූමායති දිවා පජ‍්ජලති. උක‍්ඛිපෙත පරං පරතො ඛණාති. එවං සබ‍්බපදෙසු අත්‍ථො දට‍්ඨබ‍්බො. උද‍්ධුමායිකන‍්ති මණ‍්ඩූකං. චඞ‍්කවාරන‍්ති ඛාරපරිස‍්සාවනං. කුම‍්මන‍්ති කච‍්ඡපං. අසිසූනන‍්ති මංසච‍්ඡෙදකං අසිඤ‍්චෙව අධිකුට‍්ටනඤ‍්ච. මංසපෙසින‍්ති නිසදපොතප‍්පමාණං අල‍්ලමංසපිණ‍්ඩං. නාගන‍්ති සුමනපුප‍්ඵකලාපසදිසං මහාඵණං තිවිධසොවත්‍ථිකපරික‍්ඛිත‍්තං අහිනාගං අද‍්දස. මා නාගං ඝට‍්ටෙසීති දණ‍්ඩකකොටියා වා වල‍්ලිකොටියා වා පංසුචුණ‍්ණං වා පන ඛිපමානො මා නාගං ඝට‍්ටයි. නමො කරොහි නාගස‍්සාති උපරිවාතතො අපගම‍්ම සුද‍්ධවත්‍ථං නිවාසෙත්‍වා නාගස‍්ස නමක‍්කාරං කරොහි. නාගෙන අධිසයිතං ධනං නාම යාව සත‍්තමා කුලපරිවට‍්ටා ඛාදතො න ඛීයති, නාගො තෙ අධිසයිතං ධනං දස‍්සති, තස‍්මා නමො කරොහි නාගස‍්සාති. ඉතො වා පන සුත්‍වාති යථා දුක‍්ඛක‍්ඛන්‍ධෙ ඉතොති සාසනෙ නිස‍්සකං, න තථා ඉධ. ඉධ පන දෙවපුත‍්තෙ නිස‍්සක‍්කං, තස‍්මා ඉතො වා පනාති මම වා පන සන‍්තිකා සුත්‍වාති අයමෙත්‍ථ අත්‍ථො.

අයං වම්මිකො පෙරටව සිටි තුඹසක් නම් නැත. දේශනා වශයෙන් පෙරටුව සිටියකු දක්වන්නකු මෙන් අයං යයි කීය. ලංගිං ආයුධයක් ගෙන හාරන්නේ කණායමක් දැක්කේය. උක්ඛිප්පලංඝිං අභික්ඛණ සුමෙධ දරුව! පණ්ඩිතය! කණායමක් නම් රාත්‍රියෙහි දුම් නො දමයි. දහවල් දිලිසෙයි. ඒ කණායම ඔසවා හැර ගනුව. ඔසවන්න. මත්තෙහි (තව තවත්) සාරව. මෙසේ සියලු පදයන්හි අර්ථ දතයුතුයි. උද්ධුමායිකං මැඩියෙකු චංගවාරං කර පෙරහනක්, කුම්මං ඉබ්බෙක්, (කැස්බෙක්) අසිසූනං මස් කපන පිහියක් හා මස් ලොඹුවක්, මංසපෙසිං අත්ගලක් පමණ වූ අමු මස් ගොඩක්, නාගං සමන් මලන් කළඹක් ප්‍රමාණ සෝවැති තුනකින් යුතු මහා පෙනයක් ඇති නාගයකු දුටුවේය. මා නාගං ඝට්ටෙසි දඬු කෙළවරකින් හෝ වැල්පොටකින් හෝ පස් වැලි ආදියකින් හෝ නාගයා නොගටව. නමො කරොති නාගස්ස උඩු සුළඟින් ඉවත්ව පිරිසිදු වතක් හැඳ නාගයා වඳිව්. නාගයා විසින් අධිෂ්ඨාන කළ ධනය සත්මුතු පරම්පරාව දක්වා පරිභෝග කළ ද අවසන් නොවේ. නාගයා තමන් සතු ධනය දෙන්නේය. නාගයාට නමස්කාර කරව, ඉතොවා පන සුත්‍වා දුක්ඛක්ඛන්‍ධ සූත්‍රයෙහි ඉතො යනු ශාසනයෙහි අධිවචන වීද මෙහි එසේ නොවේ. මෙහි වනාහි දෙවපුත්තෙ යන්න අවධි වචනයි. එහෙයින් ඉතොවා පන නැවත මගෙන් විමසා වා යන අර්ථයි.

චාතුම‍්මහාභූතිකස‍්සාති චතුමහාභූතමයස‍්ස. කායස‍්සෙතං අධිවචනන‍්ති සරීරස‍්ස නාමං. යථෙව හි බාහිරකො වම‍්මිකො, වමතීති වන‍්තකොති වන‍්තුස‍්සයොති වන‍්තසිනෙහසම‍්බන්‍ධොති චතූහි කාරණෙහි වම‍්මිකොති වුච‍්චති. සො හි අහිමඞ‍්ගුසඋන්‍දූරඝරගොළිකාදයො නානප‍්පකාරෙ පාණකෙ වමතීති වම‍්මිකො. උපචිකාහි වන‍්තකොති වම‍්මිකො. උපචිකාහි වමිත්‍වා මුඛතුණ‍්ඩකෙන උක‍්ඛිත‍්තපංසුචුණ‍්ණෙන කටිප‍්පමාණෙනපි පොරිසප‍්පමාණෙනපි උස‍්සිතොති වම‍්මිකො. උපචිකාහි වන‍්තඛෙළසිනෙහෙන ආබද‍්ධතාය සත‍්තසත‍්තාහං දෙවෙ වස‍්සන‍්තෙපි න විප‍්පකිරියති, නිදාඝෙපි තතො පංසුමුට‍්ඨිං ගහෙත්‍වා තස‍්මිං මුට‍්ඨිනා පීළියමානෙ සිනෙහො නික‍්ඛමති, එවං වන‍්තසිනෙහෙන සම‍්බද‍්ධොති වම‍්මිකො. එවමයං කායොපි, “අක‍්ඛිම‍්හා අක‍්ඛිගූථකො”තිආදිනා නයෙන නානප‍්පකාරකං අසුචිකලිමලං වමතීති වම‍්මිකො. බුද‍්ධපච‍්චෙකබුද‍්ධඛීණාසවා ඉමස‍්මිං අත‍්තභාවෙ නිකන‍්තිපරියාදානෙන අත‍්තභාවං ඡඩ‍්ඩෙත්‍වා ගතාති අරියෙහි වන‍්තකොතිපි වම‍්මිකො. යෙහි චායං තීහි අට‍්ඨිසතෙහි උස‍්සිතො න‍්හාරුසම‍්බද‍්ධො මංසාවලෙපනො අල‍්ලචම‍්මපරියොනද‍්ධො ඡවිරඤ‍්ජිතො සත‍්තෙ වඤ‍්චෙති, තං සබ‍්බං අරියෙහි වන‍්තමෙවාති වන‍්තුස‍්සයොතිපි වම‍්මිකො. “තණ‍්හා ජනෙති පුරිසං, චිත‍්තමස‍්ස විධාවතී”ති (සං· නි· 1.55) එවං තණ‍්හාය ජනිතත‍්තා අරියෙහි වන‍්තෙනෙව තණ‍්හාසිනෙහෙන සම‍්බද‍්ධො අයන‍්ති වන‍්තසිනෙහෙන සම‍්බද‍්ධොතිපි වම‍්මිකො.

චාතුම්මහා භතිකස්ස සතර මහා භූතමය වූ, කායස්ස අධිවචනං ශරීරයට නමකි. යම්සේ බාහිර වම්මිකය තුඹස වමනය කෙරේනුයි වමනය කරන ලදනුයි, වමනය කරන ලද්දෙන් ඔසවන ලදනුයි වමනය කරන ලද ස්නේහය බඳනා ලදනුයි සතර කරුණින් වම්මික යයි කියන ලදී. ඒ තුඹස මත මුගටි, මී, සිකනල් ආදී නන්වැදෑරුම් ප්‍රාණීන් වමනය කරන ලදනුයි වම්මික නමි. වේයන් විසින් වමනය වමනය කොට මුවතුඩින් නගන ලද පස්වලින් උකුළු පමණටද මිනිස් පමණටද, උඩට නංවන ලදනුයි වම්මික නමි. වේයන් විසින් වමනය කළ කෙළ හා බැඳීමෙන් හාත්පසින් බඳනා ලද බැවින් සතියක් වැසි වැස්ස ද, නො විසිරෙන බැවින් වම්මික නමි. නියඟ කාලයෙහි එයින් පස්මිටක් ගෙන එය තමාගේ මිටින් පොඩිකරන කල්හි ස්නේහය නික්මෙයි. මෙසේ වමනය කළ ස්නේහයෙන් බඳනා ලද්දේනුයි වම්මික නමි. එපරිද්දෙන් මේ කයද, අක්ඛිම්හා අක්ඛිගූථකො ආදී වශයෙන් නන්වැදෑරුම් අසූචි කිළුටු මල වමනය කෙරේනුයි වම්මික නමි. බුදු පසේබුදු ක්‍ෂීණාශ්‍රවයෝ මේ අත්බැව්හිදීම, නිකාන්තිය දැඩිව ගැනීම ක්‍ෂය කිරීමෙන් ආත්මභාවය හැරගියාහු නිසාද, ආර්යයන් විසින් වමනය කරන ලදනුයි ද වම්මික නමි. මේ ශරීරය ඇට තුන්සීයකින් ඔසවන ලද්දේ, නහරවැලින් බඳනා ලද්දේ මසින් පුරවන ලද්දේ, තෙල් සහිත සමින් ඔතන ලද්දේ සත්ත්වයන් සත්ත්වයන් මුලා කෙරේද ඒ සියල්ල සියළු ආර්යයන් විසින් වමනය කරන ලද්දේනුයි වම්මික නමි. මෙසේ තෘෂ්ණාව විසින් උපදවන ලද බැවින් ආර්යයන් විසින් ඉවත දමන ලද්දා වූ ආශාවෙන් ස්නේහයෙන් මේ කය බඳනා ලදනුයි වම්මික නම් වේ.

යථා ච වම‍්මිකස‍්ස අන‍්තො නානප‍්පකාරා පාණකා තත්‍ථෙව ජායන‍්ති, උච‍්චාරපස‍්සාවං කරොන‍්ති, ගිලානා සයන‍්ති, මතා පතන‍්ති. ඉති සො තෙසං සූතිඝරං වච‍්චකුටි ගිලානසාලා සුසානඤ‍්ච හොති. එවං ඛත‍්තියමහාසාලාදීනම‍්පි කායො අයං ගොපිතරක‍්ඛිතො මණ‍්ඩිතප‍්පසාධිතො මහානුභාවානං කායොති අචින‍්තෙත්‍වා ඡවිනිස‍්සිතා පාණා චම‍්මනිස‍්සිතා පාණා මංසනිස‍්සිතා පාණා න‍්හාරුනිස‍්සිතා පාණා අට‍්ඨිනිස‍්සිතා පාණා අට‍්ඨිමිඤ‍්ජනිස‍්සිතා පාණාති එවං කුලගණනාය අසීතිමත‍්තානි කිමිකුලසහස‍්සානි අන‍්තොකායස‍්මිංයෙව ජායන‍්ති, උච‍්චාරපස‍්සාවං කරොන‍්ති, ගෙලඤ‍්ඤෙන ආතුරිතානි සයන‍්ති, මතානි පතන‍්ති, ඉති අයම‍්පි තෙසං පාණානං සූතිඝරං වච‍්චකුටි ගිලානසාලා සුසානඤ‍්ච හොතීති “වම‍්මිකො” ත්‍වෙව සඞ‍්ඛං ගතො. තෙනාහ භගවා – “වම‍්මිකොති ඛො, භික‍්ඛු, ඉමස‍්ස චාතුමහාභූතිකස‍්ස කායස‍්සෙතං අධිවචන”න‍්ති.

යම්සේ තුඹස ඇතුළෙහි නොයෙක් ආකාරයේ ප්‍රාණින් එහිම උපදිත්ද, එය මළ මුත්‍ර පහකරයිද, ගිලන්ව නිදියත්ද, මැරී වැටෙත්ද, මෙසේ හෙතෙම ඔවුන්ට වැදුන් ගෙයත්, වැසිකිළියත්, රෝහලත්, සොහොන් බිමත්, එයම වේ. මෙසේ ක්‍ෂත්‍රිය මහාසාර ආදීන්ගේ පවා ශරීරය මුරකරුවන් විසින් ආරක්‍ෂා කරන ලද මනාකොට විසිතුරු සැරසිලි කරන ලද, මහානුභාව වූ ශරීරයක් යයි නො සිතා, සිවිය ඇසුරු කළ කුඩා ප්‍රාණීහුය. සම ඇසුරු කළා වූ, මස් ඇසුරු කළා වූ, නහර ඇසුරු කළා වූ, ඇට ඇසුරු කළා වූ, ඇටමිදුලු ඇසුරු කළා වූ, පණුවෝ කුල ගණනින් අසූ දහසක් පමණ වූ කෘමි කුලයෝ ඇතුළු කයෙහිම උපදිත්. මළ මුත්‍ර පහ කරත්. රෝගීව හොවිති. මැරී වැටෙත්. මෙසේ මේ සියලු ප්‍රාණීන්ගේ වැදුම් ගෙය, වැසිකිළිය, ගිලන්හල, සොහොන්බිම වේනුයි, මේ ශරීරය වම්මික සංඛ්‍යාවටම ගියේය. එහෙයින් වම්මිකොති ඛො භික්ඛූ ඉවස්සෙතං චාතුම්මහා භූතිකස්ස කායස්ස අධිවචනං යනාදිය වදාළහ.

මාතාපෙත‍්තිකසම‍්භවස‍්සාති මාතිතො ච පිතිතො ච නිබ‍්බත‍්තෙන මාතාපෙත‍්තිකෙන සුක‍්කසොණිතෙන සම‍්භූතස‍්ස. ඔදනකුම‍්මාසූපචයස‍්සාති ඔදනෙන චෙව කුම‍්මාසෙන ච උපචිතස‍්ස වඩ‍්ඪිතස‍්ස. අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මස‍්සාති එත්‍ථ අයං කායො හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චධම‍්මො. දුග‍්ගන්‍ධවිඝාතත්‍ථාය තනුවිලෙපනෙන උච‍්ඡාදනධම‍්මො. අඞ‍්ගපච‍්චඞ‍්ගාබාධවිනොදනත්‍ථාය ඛුද‍්දකසම‍්බාහනෙන පරිමද‍්දනධම‍්මො. දහරකාලෙ වා ඌරූසු සයාපෙත්‍වා ගබ‍්භවාසෙන දුස‍්සණ‍්ඨිතානං තෙසං තෙසං අඞ‍්ගානං සණ‍්ඨානසම‍්පාදනත්‍ථං අඤ‍්ඡනපීළනාදිවසෙන පරිමද‍්දනධම‍්මො. එවං පරිහරතොපි ච භෙදනවිද‍්ධංසනධම‍්මො භිජ‍්ජති චෙව විකිරති ච, එවං සභාවොති අත්‍ථො. තත්‍ථ මාතාපෙත‍්තිකසම‍්භවඔදනකුම‍්මාසූපචයඋච‍්ඡාදනපරිමද‍්දනපදෙහි සමුදයො කථිතො, අනිච‍්චභෙදවිද‍්ධංසනපදෙහි අත්‍ථඞ‍්ගමො. එවං සත‍්තහිපි පදෙහි චාතුමහාභූතිකස‍්ස කායස‍්ස උච‍්චාවචභාවො වඩ‍්ඪිපරිහානි සමුදයත්‍ථඞ‍්ගමො කථිතොති වෙදිතබ‍්බො.

මාතා පෙත්තික සම්භවස්ස මව නිසා ද පියා නිසා ද උපන්, මව්පියන්ගේ ශුක්‍ර ශ්‍රොණිතයෙන් හටගත්තා වූ, ඔදන කුම්මාසූපචයස්සා ආහාරවලින් ද, කුම්මාසයෙන් ද වඩනා ලද්දා වූ, අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්සාති මෙම ශරීරය ඇතිව නැතිවන අනිත්‍යය ස්වභාව කොට ඇත්තේය. දුගඳ නැතිකිරීම පිණිස ශරීර විලේපනයන් ආලේල්ප කළයුතු ස්වභාව ඇත්තේය. අඟපසඟ පීඩා මගහැරීම පිණිස සම්පබාහන කටයුතු කළ යුතුව ඇත්තේය. ළදරු කාලයෙහි, ගැබ විසීමෙන් වැරදි අන්දමින් පිහිටි අත් පා ආදිය සකස් කිරිම සඳහා අඳුන්ගෑම් අතින් පිරිමැදීම් ආදිය කළයුතු ස්වභාව ඇත්තේය. මෙසේ පරිහරණය කරන්නහුගේ ද කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාව ඇත්තේය. එසේ මාතාපෙත්තික සම්භව ඔදන කුම්මාසූපචය, උච්ඡාදන, පරිකම්මන මද්දන යන පදයන්ගේ හටගැනීම කියන ලදී. අනිච්ච, භෙදන, විධ්වංසන පදයන්ගෙන් බැසයාම - විනාශය කියන ලදී. මෙසේ පද හතෙන්ම සතරමහා භූතමය වූ සිරුරේ උස් පහත් බව ද වැඩීම ද, පිරිහීමද හටගැනීම හා නැසීමද කියන ලද බව දතයුතුය.

දිවා කම‍්මන‍්තෙති දිවා කත‍්තබ‍්බකම‍්මන‍්තෙ. ධූමායනාති එත්‍ථ අයං ධූමසද‍්දො කොධෙ තණ‍්හාය විතක‍්කෙ පඤ‍්චසු කාමගුණෙසු ධම‍්මදෙසනාය පකතිධූමෙති ඉමෙසු අත්‍ථෙසු වත‍්තති. “කොධො ධූමො භස‍්මනිමොසවජ‍්ජ”න‍්ති (සං· නි· 1.165) එත්‍ථ හි කොධෙ වත‍්තති. “ඉච‍්ඡාධූමායිතා සත‍්තා”ති එත්‍ථ තණ‍්හාය. “තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු භගවතො අවිදූරෙ ධූමායන‍්තො නිසින‍්නො හොතී”ති එත්‍ථ විතක‍්කෙ.

දිවා කම්මන්තෙ දවල් දවසේ කළයුතු කමාන්ත, ධූපායනා මෙහි ධූම ශබ්දය ක්‍රෝධය, තෘෂ්ණාව, විතර්කය, පඤ්චකාම ගුණ, ධර්ම දේශනාව සහ ස්වභාවික දුම් යන අර්ථයන්හි වැටේ. ‘කොධො ධූමො භස්මනි - මොඝවජ්ජං’ යන මෙහි ක්‍රෝධය යන අර්ථයෙහි වැටේ. ‘ඉච්ඡා ධූමායිතා සදා’ යන මෙහි තෘෂ්ණ අර්ථයෙහි වැටේ. ‘තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛූ භගවතො අවිදූරෙ ධූපායන්තො නිසින්නො හොති’ මෙහි විතර්ක අර්ථයෙහි ය.

“පඞ‍්කො ච කාමා පලිපො ච කාමා, භයඤ‍්ච මෙතං තිමූලං පවුත‍්තං; රජො ච ධූමො ච මයා පකාසිතා; හිත්‍වා තුවං පබ‍්බජ බ්‍රහ‍්මදත‍්තා”ති. (ජා· 1.6.14) –

පංකො ච කාමා පලිපාච කාමා - භයඤ්ච මෙතං තිමුලං පවුත්තං රජො ච ධූ මොච මයා පකාසිතා - හිත්‍වා තුවං පබ්බජ බ්‍රහ්මදත්තා

(ගාථාවේ අදහස පස්කම් ගුණයෝ පංකයක් ද වේ. මඩක් ද වෙයි. මේ කාම සංඛ්‍යාත භය මූලත්‍රයකින් පිහිටියාක් මෙන් නිශ්චල යයි කියන ලදී. මා විසින් මුල් තුනක් ඇත්තේ යයි කියන ලද රජස් දුම් යයි ද ප්‍රකාශ කරන ලද්දේ ද, ඒ කාමයන් හැර බ්‍රහ්මදත්තය පැවිදි වව).

එත්‍ථ පඤ‍්චකාමගුණෙසු. “ධූමං කත‍්තා හොතී”ති (ම· නි· 1.349) එත්‍ථ ධම‍්මදෙසනාය. “ධජො රථස‍්ස පඤ‍්ඤාණං, ධූමො පඤ‍්ඤාණමග‍්ගිනො”ති (සං· නි· 1.72) එත්‍ථ පකතිධූමෙ. ඉධ පනායං විතක‍්කෙ අධිප‍්පෙතො. තෙනාහ “අයං රත‍්තිං ධූමායනා”ති.

යන මෙහි පස්කම් ගුණයෙහිය. ධූමංකත්තා හොති මෙහි ධර්මදේශනා අර්ථයෙහිය. ‘ඔජො රථස්ස පඤ්ඤාණං ධූමො පඤ්ඤාණ මග්ගිනො’ ස්වභාවික දුමෙහි ය. මෙහි වූ කලී විතර්කයෙහි අදහස් කරන ලදී. අයං රත්ති ධූපායනා යනු එහෙයින් වදාරණ ලදී.

තථාගතස‍්සෙතං අධිවචනන‍්ති තථාගතො හි සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො නාම. යථාහ – “සත‍්තන‍්නං ඛො, භික‍්ඛු, ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො. කතමෙසං සත‍්තන‍්නං? රාගො බාහිතො හොති, දොසො… මොහො… මානො… සක‍්කායදිට‍්ඨි… විචිකිච‍්ඡා… සීලබ‍්බතපරාමාසො බාහිතො හොති. ඉමෙසං භික‍්ඛු සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො”ති (චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 28). සුමෙධොති සුන්‍දරපඤ‍්ඤො. සෙක‍්ඛස‍්සාති එත්‍ථ සික‍්ඛතීති සෙක‍්ඛො. යථාහ – “සික‍්ඛතීති ඛො, භික‍්ඛු, තස‍්මා සෙක‍්ඛොති වුච‍්චති. කිඤ‍්ච සික‍්ඛති? අධිසීලම‍්පි සික‍්ඛති, අධිචිත‍්තම‍්පි සික‍්ඛති, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛතී”ති (අ· නි· 3.86).

තථාගතස්සෙතං අධිවචනං තථාගතයන් වහන්සේ සප්ත ධර්මයන් බැහැර කරන ලද බැවින් බ්‍රාහ්මණ නම් වේ. සප්ත ධර්ම කවරේද? රාගය, ද්වේෂය, මෝහය, මානය, සක්කාය දෘෂ්ටිය, සැකය, සීල-ව්‍රත පරාමාස මේ සප්ත ධර්මයන් බැහැර කරන ලද බැවින්, බ්‍රාහ්මණ නම් සුමෙධො යහපත් වූ ප්‍රඥා ඇත්තේ, සෙඛස්ස මෙහි හික්මේනුයි සෙඛ නමි. භික්‍ෂුව ශික්‍ෂාවන්හි හික්මෙනු ලබන බැවින් සෙඛ යයි කියයි. කුමකින් හික්මේද අධි ශීලයෙහි හික්මෙයි. අධි චිත්තයෙහි හික්මෙයි. අධි ප්‍රඥාවෙන් හික්මෙයි.

පඤ‍්ඤාය අධිවචනන‍්ති ලොකියලොකුත‍්තරාය පඤ‍්ඤාය එතං අධිවචනං, න ආවුධසත්‍ථස‍්ස. වීරියාරම‍්භස‍්සාති කායිකචෙතසිකවීරියස‍්ස. තං පඤ‍්ඤාගතිකමෙව හොති. ලොකියාය පඤ‍්ඤාය ලොකියං, ලොකුත‍්තරාය පඤ‍්ඤාය ලොකුත‍්තරං. එත්‍ථ පනායං අත්‍ථදීපනා –

පඤ්ඤායෙතං ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවට මේ නමකි. ආයුධ සංඛ්‍යාත ශාස්ත්‍රයට නොවේ. විරියාරම්භස්ස කායික චෛතසික වීර්යයට එය ප්‍රඥාගතික වෙයි. ලෞකික ප්‍රඥාව හා ලෞකික වීර්යය ලෝකෝත්තර ප්‍රඥාව හා ලෝකෝත්තර වීර්යය ද වේ. එහි වනාහි අර්ථ දැක්වීමය -

එකො කිර ජානපදො බ්‍රාහ‍්මණො පාතොව මාණවකෙහි සද‍්ධිං ගාමතො නික‍්ඛම‍්ම දිවසං අරඤ‍්ඤෙ මන‍්තෙ වාචෙත්‍වා සායං ගාමං ආගච‍්ඡති. අන‍්තරාමග‍්ගෙ ච එකො වම‍්මිකො අත්‍ථි. සො රත‍්තිං ධූමායති, දිවා පජ‍්ජලති. බ්‍රාහ‍්මණො අන‍්තෙවාසිං සුමෙධං මාණවං ආහ – “තාත, අයං වම‍්මිකො රත‍්තිං ධූමායති, දිවා පජ‍්ජලති, විකාරමස‍්ස පස‍්සිස‍්සාම, භින්‍දිත්‍වා නං චත‍්තාරො කොට‍්ඨාසෙ කත්‍වා ඛිපාහී”ති. සො සාධූති කුදාලං ගහෙත්‍වා සමෙහි පාදෙහි පථවියං පතිට‍්ඨාය තථා අකාසි.

එක් දනව්වැසි බමුණෙක් උදෑසනම මාණවකයන් සමග ගමින් නික්ම දහවල් මන්ත්‍ර කියවා සවස ගමට ආයේය. අතරමග එක් තුඹසක් ඇත්තේය. එය රාත්‍රියෙහි දුම් දමයි. දවල් ඇවිලෙයි. බමුණා අතවැසි වූ සුමන මාණවකයාට කීය. දරුව! මේ තුඹස රෑ දුම් දමයි. දවල් දැල්වෙයි. මොහුගේ විකාරය බලන්නෙමු. එය බිඳ සතර කොටසක් කර විසුරුවව. හෙතෙමේ මැනවැයි උදැල්ලක් ගෙන සම පොළවෙහි පා තබා එසේ කළේය.

තත්‍ර ආචරියබ්‍රාහ‍්මණො විය භගවා. සුමෙධමාණවකො විය සෙක‍්ඛො භික‍්ඛු. වම‍්මිකො විය කායො. “තාත, අයං වම‍්මිකො රත‍්තිං ධූමායති, දිවා පජ‍්ජලති, විකාරමස‍්ස පස‍්සිස‍්සාම, භින්‍දිත්‍වා නං චත‍්තාරො කොට‍්ඨාසෙ කත්‍වා ඛිපාහී”ති බ්‍රාහ‍්මණෙන වුත‍්තකාලො විය, “භික‍්ඛු චාතුමහාභූතිකං කායං චත‍්තාරො කොට‍්ඨාසෙ කත්‍වා පරිග‍්ගණ‍්හාහී”ති භගවතා වුත‍්තකාලො. තස‍්ස සාධූති කුදාලං ගහෙත්‍වා තථාකරණං විය සෙක‍්ඛස‍්ස භික‍්ඛුනො, “යො වීසතියා කොට‍්ඨාසෙසු ථද‍්ධභාවො, අයං පථවීධාතු. යො ද‍්වාදසසු කොට‍්ඨාසෙසු ආබන්‍ධනභාවො, අයං ආපොධාතු. යො චතූසු කොට‍්ඨාසෙසු පරිපාචනභාවො, අයං තෙජොධාතු. යො ඡසු කොට‍්ඨාසෙසු විත්‍ථම‍්භනභාවො, අයං වායොධාතූ”ති එවං චතුධාතුවවත්‍ථානවසෙන කායපරිග‍්ගහො වෙදිතබ‍්බො.

එහි ආචාර්ය බ්‍රාහ්මණයා මෙන් භාග්‍යවතුන් වහන්සේ ද සුමේධ මාණවකයා මෙන් ශෛක්‍ෂ භික්‍ෂුව ද, තුඹස මෙන් ශරීරය ද දරුව! මේ තුඹස රෑ දුම් දවයි. දවල් ඇවිලෙයි. මොහුගේ විකාරය බලන්නෙමු. එය බිඳ සතර කොටසක් කොට විසුරුවවයි බමුණා විසින් කියන ලද කාලය මෙන්, මහණ සතරමහා භූතමය වූ කය සතර කොටසක් කොට විමසව’යි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද කාලය ද, ඔහුගේ මැනවැයි උදැල්ලක් ගෙන එසේ කිරීම මෙන්, ශෛක්‍ෂ භික්‍ෂූහුගේ විසි කොටසෙහි යම් තද බවක් වේද, මේ පෘථිවි ධාතුවයි. යම් දොළොස් කොට්ඨාශයෙහි යම් හාත්පසින් බඳනා බවක් වේද මේ ආපෝ ධාතුවයි. යම් සතර කොටසෙහි යම් පැසවන බවක් වේද, මේ තේජෝ ධාතුවයි. සය කොටසෙහි යම් පුරවන බවක් වේද, මේ වායෝ ධාතුවයි. මෙසේ මෙසේ චතුධාතු වවත්‍ථාන වශයෙන් ශරීරයට ඇති අයිතිය දතයුතුයි.

ලඞ‍්ගීති ඛො, භික‍්ඛූති කස‍්මා භගවා අවිජ‍්ජං ලඞ‍්ගීති කත්‍වා දස‍්සෙසීති? යථා හි නගරස‍්ස ද‍්වාරං පිධාය පලිඝෙ යොජිතෙ මහාජනස‍්ස ගමනං පච‍්ඡිජ‍්ජති, යෙ නගරස‍්ස අන‍්තො, තෙ අන‍්තොයෙව හොන‍්ති. යෙ බහි, තෙ බහියෙව. එවමෙව යස‍්ස ඤාණමුඛෙ අවිජ‍්ජාලඞ‍්ගී පතති, තස‍්ස නිබ‍්බානසම‍්පාපකං ඤාණගමනං පච‍්ඡිජ‍්ජති, තස‍්මා අවිජ‍්ජං ලඞ‍්ගීති කත්‍වා දස‍්සෙසි. පජහ අවිජ‍්ජන‍්ති එත්‍ථ කම‍්මට‍්ඨානඋග‍්ගහපරිපුච‍්ඡාවසෙන අවිජ‍්ජාපහානං කථිතං.

ලංගීති ඛො භික්ඛූ කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව අගුලු කණුව කොට දැක්වූයේද? යම්සේ නගරයේ දොර වසා අගුල දැමූ කල්හි මහජනයාගේ ගමන නවතීද? යමෙක් නගරය තුළ වෙත්ද ඔහු ඇතුලේම වෙයි. යමෙක් පිටිනුවර වෙයි ද ඔහු පිටිනුවරම වේ. මෙසේ යමෙකුගේ නුවන් දොරටුවෙහි අවිද්‍යා නමැති අගුල වැටේද? ඔහුගේ නිවනට පමුණුවන ඥානගමනය නවතියි. එහෙයින් අවිද්‍යාව දොරගුලයයි දැක්වූ සේක. පජහ අවිජ්ජන්ති මෙහි කර්මස්ථානය ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් අවිද්‍යාව නැතිකිරීම කියන ලදී.

උද‍්ධුමායිකාති ඛො, භික‍්ඛූති එත්‍ථ උද‍්ධුමායිකමණ‍්ඩූකො නාම නො මහන‍්තො, නඛපිට‍්ඨිප‍්පමාණො හොති, පුරාණපණ‍්ණන‍්තරෙ වා ගච‍්ඡන‍්තරෙ වා වල‍්ලිඅන‍්තරෙ වා වසති. සො දණ‍්ඩකොටියා වා වල‍්ලිකොටියා වා පංසුචුණ‍්ණකෙන වා ඝට‍්ටිතො ආයමිත්‍වා මහන‍්තො පරිමණ‍්ඩලො බෙලුවපක‍්කප‍්පමාණො හුත්‍වා චත‍්තාරො පාදෙ ආකාසගතෙ කත්‍වා පච‍්ඡින‍්නගමනො හුත්‍වා අමිත‍්තවසං යාති, කාකකුලලාදිභත‍්තමෙව හොති. එවමෙව අයං කොධො පඨමං උප‍්පජ‍්ජන‍්තො චිත‍්තාවිලමත‍්තකොව හොති. තස‍්මිං ඛණෙ අනිග‍්ගහිතො වඩ‍්ඪිත්‍වා මුඛවිකුලනං පාපෙති. තදා අනිග‍්ගහිතො හනුසඤ‍්චොපනං පාපෙති. තදා අනිග‍්ගහිතො ඵරුසවාචානිච‍්ඡාරණං පාපෙති. තදා අනිග‍්ගහිතො දිසාවිලොකනං පාපෙති. තදා අනිග‍්ගහිතො ආකඩ‍්ඪනපරිකඩ‍්ඪනං පාපෙති. තදා අනිග‍්ගහිතො පාණිනා ලෙඩ‍්ඩුදණ‍්ඩසත්‍ථපරාමසනං පාපෙති. තදා අනිග‍්ගහිතො දණ‍්ඩසත්‍ථාභිනිපාතං පාපෙති. තදා අනිග‍්ගහිතො පරඝාතනම‍්පි අත‍්තඝාතනම‍්පි පාපෙති. වුත‍්තම‍්පි හෙතං – “යතො අයං කොධො පරං ඝාතෙත්‍වා අත‍්තානං ඝාතෙති, එත‍්තාවතායං කොධො පරමුස‍්සදගතො හොති පරමවෙපුල‍්ලප‍්පත‍්තො”ති.

උද්ධුමායිකාති ඛො භික්ඛු මෙහි උද්ධුමායික නම් මැඩියා මහත් නොවේ. නියපිටක් පමණ වේ. පරණ කොළ (පරණලා) අතර හෝ ගස් අතරෙහි හෝ වැල් අතරේ සිටී. හෙතෙම දඩු කෙළවරකින් හෝ වැල් කෙළවරකින් හෝ පස් සුන්නෙන් ගටන ලද වෑයම්කොට මහත්වැ වටකුරුව බෙලිගෙඩියක් පමණ, වී සතරපාදයන් අහස්ගත කොට නැවතුනු ගමන් ඇතිව සතුරන්ගේ වසඟයට පැමිණෙයි. කවුඩු උකුසු ආදීන්ට ආහාර පිණිස වේ. මෙසේ මේ ක්‍රෝධය ද පළමුව උපදින්නේ සිත කැළඹීම් මාත්‍රයක්ම වෙයි. එකෙණෙහිම නිග්‍රහ නොකරන ලද්දේ වැඩී මුහුණ හැකිලීමට පමුණුවයි. එකල්හි බැහැර නොකරන ලද්දේ හණු සැලීමට පමුණුවයි. එකල්හි දුරු නො කරන ලද්දේ එරුස වචන කීමට පොළඹවයි. එකල්හි දුරු නො කරන ලද්දේ දිශාවන් බැලීමට පමුණුවයි. එකල්හි දුරු නොකරන ලද්දේ එහෙ මෙහෙ ඇදීමට පමුණුවයි. එකල්හි දුරු නොකරන ලද්දේ අත්, ගල්, දඬු-අවි අතට ගැනීමට පමුණුවයි. එකල්හි දුරු නොකරන ලද්දේ දඬු - අවිවලින් පහර දීමට පමුණුවයි. එකල්හි දුරු නොකරන ලද්දේ අනුන් ඇසීමට හෝ තමන් නැසීමට පමුණුවයි. ‘යතො අයං කොධො පරං ඝාතෙත්‍වා අත්තානං ඝාතෙති. එත්තාවතායං කොධො පරමුස්සද ගතො හොති පරම වෙපුලප්පත්තො’ යනාදිය වදාරණ ලද්දේය.

තත්‍ථ යථා උද‍්ධුමායිකාය චතූසු පාදෙසු ආකාසගතෙසු ගමනං පච‍්ඡිජ‍්ජති, උද‍්ධුමායිකා අමිත‍්තවසං ගන‍්ත්‍වා කාකාදිභත‍්තං හොති, එවමෙව කොධසමඞ‍්ගීපුග‍්ගලො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති, අමිත‍්තවසං යාති, සබ‍්බෙසං මාරානං යථාකාමකරණීයො හොති. තෙනාහ භගවා – “උද‍්ධුමායිකාති ඛො, භික‍්ඛු, කොධූපායාසස‍්සෙතං අධිවචන”න‍්ති. තත්‍ථ බලවප‍්පත‍්තො කොධොව කොධූපායාසො. පජහ කොධූපායාසන‍්ති එත්‍ථ පටිසඞ‍්ඛානප‍්පහානං කථිතං.

එහි යම් සේ මැඩියාගේ සතරපාදයන් අහස්ගත කල්හි ගමන නවතීද? මැඩියා සතුරන්ගේ වසඟයට ගොස් කවුඩු ආදීන්ට ආහාර වේද? එසේම ක්‍රෝධයෙන් යුත් තැනැත්තා කමටහන් ගෙන වඩන්නට නොහැකි වෙයි. සතුරන්ගේ වසඟයට යෙයි. සියලු මාරයන් විසින් කැමති සේ කටයුතු කරන්නේ වේ. භාග්‍යවතුන් වහන්සේ, උද්ධමායිකාති ඛො භික්ඛූ කොධූ පායා සස්සෙතං අධිවචනං යන්න වදාළහ. එහි බලයට පත් ක්‍රෝධයම කෝධූපායස නමි. පජහ කොධූපායා සන්ති යන මෙහි ප්‍රත්‍යවේක්‍ෂා ප්‍රහාණය වදාරණ ලදී.

ද‍්විධාපථොති එත්‍ථ, යථා පුරිසො සධනො සභොගො කන‍්තාරද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නො ද‍්වෙධාපථං පත්‍වා, “ඉමිනා නු ඛො ගන‍්තබ‍්බං, ඉමිනා ගන‍්තබ‍්බ”න‍්ති නිච‍්ඡෙතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව තිට‍්ඨති, අථ නං චොරා උට‍්ඨහිත්‍වා අනයබ්‍යසනං පාපෙන‍්ති, එවමෙව ඛො මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වා නිසින‍්නො භික‍්ඛු බුද‍්ධාදීසු කඞ‍්ඛාය උප‍්පන‍්නාය කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙතුං න සක‍්කොති, අථ නං කිලෙසමාරාදයො සබ‍්බෙ මාරා අනයබ්‍යසනං පාපෙන‍්ති, ඉති විචිකිච‍්ඡා ද‍්වෙධාපථසමා හොති. තෙනාහ භගවා – “ද‍්විධාපථොති ඛො, භික‍්ඛු, විචිකිච‍්ඡායෙතං අධිවචන”න‍්ති. පජහ විචිකිච‍්ඡන‍්ති එත්‍ථ කම‍්මට‍්ඨානඋග‍්ගහපරිපුච‍්ඡාවසෙන විචිකිච‍්ඡාපහානං කථිතං.

ද්වෙධාපතො යනු මෙහි යම් සේ පුරුෂයෙක් ධනය සහිත වූයේ සම්පත් සහිත වූයේ කාන්තාර මාර්ගයකට අවතීර්ණ වූයේ, දෙමං සන්ධියකට පැමිණ මේ මගින් යා යුතුද? මේ මගින් යා යුතුදැයි තීරණය කරන්නට නොහැකි වන්නේ එහිම සිටී. ඉක්බිති ඔහු වෙත සොරු පැමිණ හිරිහැර කරදරවලට පමුණුවත්. මෙසේ මූල කර්මස්ථානය ගෙන හික්‍ෂුව බුද්ධාදි අට තැන සැකය උපදවා කර්මස්ථාන වඩන්නට නොහැකි වන්නේ ය. අනතුරුව ඔහුට ක්ලේශ මාරාදී සියලු මාරයෝ හිරිහැර පමුණුවති. එය සැකයෙන් දෙමංසන්ධියේ සිටින්නාක් වැනිය. ‘ද්වෙධා පතොති ඛො භික්ඛු විචිකිච්ඡා යෙත අධිවචනං’ යන්න භාග්‍යවතුන් වහන්සේ එහෙයින් වදාළහ. පජහ විචිකිච්ඡං මෙහි කර්මස්ථානය වැඩීම, පිළිවිසීම වශයෙන් සැකය දුරුකිරීම කියන ලදී.

චඞ‍්ගවාරන‍්ති එත්‍ථ, යථා රජකෙහි ඛාරපරිස‍්සාවනම‍්හි උදකෙ පක‍්ඛිත‍්තෙ එකො උදකඝටො ද‍්වෙපි දසපි වීසතිපි ඝටසතම‍්පි පග‍්ඝරතියෙව, පසටමත‍්තම‍්පි උදකං න තිට‍්ඨති, එවමෙව නීවරණසමඞ‍්ගිනො පුග‍්ගලස‍්ස අබ‍්භන‍්තරෙ කුසලධම‍්මො න තිට‍්ඨති. තෙනාහ භගවා – “චඞ‍්ගවාරන‍්ති ඛො, භික‍්ඛු, පඤ‍්චන‍්නෙතං නීවරණානං අධිවචන”න‍්ති. පජහ පඤ‍්චනීවරණෙති එත්‍ථ වික‍්ඛම‍්භනතදඞ‍්ගවසෙන නීවරණප‍්පහානං කථිතං.

චංගවාරං මෙහි රදවුන් විසින් කර පරහනෙහි දිය වත්කරන කල්හි කළ එකක් ද දෙකක් ද දහයක් විසක් කළ සියයක් වත්කරත් ද, බිඳුවක් පමණකුදු දිය රඳා නොසිටී. මෙසේ නීවරණ සහිත වූ පුද්ගලයාගේ අභ්‍යන්තරයෙහි කුසල ධර්මයන් නො පිහිටයි. ‘චංගවාරන්ති ඛො භික්ඛු පඤ්චන්නෙතං නීවරණානං අධිවචනං’ යන්න එහෙයින් කියන ලදී. පජහ පඤ්ච නීවරණෙහි මෙහි වික්ඛම්භණ තදංග වශයෙන් නීවරණ ප්‍රහාණය වදාරණ ලදී.

කුම‍්මොති එත්‍ථ, යථා කච‍්ඡපස‍්ස චත‍්තාරො පාදා සීසන‍්ති පඤ‍්චෙව අඞ‍්ගානි හොන‍්ති, එවමෙව සබ‍්බෙපි සඞ‍්ඛතා ධම‍්මා ගය‍්හමානා පඤ‍්චෙව ඛන්‍ධා භවන‍්ති. තෙනාහ භගවා – “කුම‍්මොති ඛො, භික‍්ඛු, පඤ‍්චන‍්නෙතං උපාදානක‍්ඛන්‍ධානං අධිවචන”න‍්ති. පජහ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙති එත්‍ථ පඤ‍්චසු ඛන්‍ධෙසු ඡන්‍දරාගප‍්පහානං කථිතං.

කුම්මො මෙහි ඉදිබුවාගේ සතරපාද, හිස යනුවෙන් අංග පසක් වේද? එසේම සියලු සංඛත ධර්මයෝ සංග්‍රහ කරනු ලබන්නා වූ පංචස්කන්ධයම වෙති. ‘කුම්මොති ඛො භික්ඛු පඤ්චන්තෙනං උපාදානක්ඛන්‍ධානං අධිවචනං’ යනාදිය වදාළහ. පජහ පඤ්ච පාදානක්ඛන්‍ධෙහි මෙහි පඤ්ච උපාදානස්කන්ධයන්හී ඡන්‍ද රාගය දුරුකිරීම වදාරණ ලදී.

අසිසූනාති එත්‍ථ, යථා සූනාය උපරි මංසං ඨපෙත්‍වා අසිනා කොට‍්ටෙන‍්ති, එවමිමෙ සත‍්තා වත්‍ථුකාමත්‍ථාය කිලෙසකාමෙහි ඝාතයමානා වත්‍ථුකාමානං උපරි කත්‍වා කිලෙසකාමෙහි කන‍්තිතා කොට‍්ටිතා ච හොන‍්ති. තෙනාහ භගවා – “අසිසූනාති ඛො, භික‍්ඛු, පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචන”න‍්ති. පජහ පඤ‍්ච කාමගුණෙති එත්‍ථ පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගප‍්පහානං කථිතං.

අසිසූනාති මෙහි යම් සේ මස්ලොඹුව මතුයෙහි මස් තබා මන්නයෙන් කපයිද කොටයිද? එපරිද්දෙන් සත්ත්වයෝ වස්තුකාමය පිණිස ක්ලේශ කාමයන් විසින් නසනු ලබන්නේ වේද, වස්තුකාමයන් මත්තෙහි කොට ක්ලේශකාමයන් විසින් කපන ලද්දාහු කොටන ලද්දාහුම වෙත්. ‘අසිසුනාති ඛො භික්ඛු පඤ්චන්නෙතං කාම ගුණානං අධිවචනං’ යන්න එහෙයින් වදාළහ. පජහ පඤ්චකාම ගුණෙති මෙහි පස්කම් ගුණයන්හි ඡන්‍දරාගය දුරුකිරීම කියන ලදී.

මංසපෙසීති ඛො, භික‍්ඛූති එත්‍ථ අයං මංසපෙසි නාම බහුජනපත්‍ථිතා ඛත‍්තියාදයො මනුස‍්සාපි නං පත්‍ථෙන‍්ති කාකාදයො තිරච‍්ඡානාපි. ඉමෙ හි සත‍්තා අවිජ‍්ජාය සම‍්මත‍්තා නන්‍දිරාගං උපගම‍්ම වට‍්ටං වඩ‍්ඪෙන‍්ති. යථා වා මංසපෙසි ඨපිතඨපිතට‍්ඨානෙ ලග‍්ගති, එවමිමෙ සත‍්තා නන්‍දිරාගබද‍්ධා වට‍්ටෙ ලග‍්ගන‍්ති, දුක‍්ඛං පත්‍වාපි න උක‍්කණ‍්ඨන‍්ති, ඉති නන්‍දිරාගො මංසපෙසිසදිසො හොති. තෙනාහ භගවා – “මංසපෙසීති ඛො, භික‍්ඛු, නන්‍දිරාගස‍්සෙතං අධිවචන”න‍්ති. පජහ නන්‍දීරාගන‍්ති එත්‍ථ චතුත්‍ථමග‍්ගෙන නන්‍දීරාගප‍්පහානං කථිතං.

මංසපෙසීති ඛො භික්ඛු මෙහි (මංසපේසී) මස්වැදලි නම් බොහෝ දෙනා විසින් පතන ලදී. ක්‍ෂත්‍රියාදී මිනිස්සු ද එය ප්‍රාර්ථනා කරත්. කවුඩන් ආදී තිරිසන්නු ද ප්‍රාර්ථනා කරති. යම්හෙයකින් මේ සත්ත්වයෝ අවිද්‍යාවෙන් මුළුමනින්ම මුවා වී, නන්දිරාගයට පැමිණ සංසාරය (වෘත්තය) ප්‍රාර්ථනා කෙරෙද්ද? යම්සේ හෝ මස්වදැල්ල තැබූ තුබූ තැන ලැගේද එපරිද්දෙන් මේ සත්ත්වයෝ තෘෂ්ණාවෙන් බඳිනා ලද්දාහූ සසර ලැගෙති. දුකට පැමිණේ ද උකටලී නොවෙති. මෙසේ තෘෂ්ණාව මස් වැදැල්ලක් සමාන වූයේ වේ. ‘මංසපෙසීති ඛො භික්ඛු නන්‍දිරාගස්සෙතං අධිවචනං’ යන්න භාග්‍යවත්හු වදාළහ.

නාගොති ඛො, භික‍්ඛු, ඛීණාසවස‍්සෙතං භික‍්ඛුනො අධිවචනන‍්ති එත්‍ථ යෙනත්‍ථෙන ඛීණාසවො නාගොති වුච‍්චති, සො අනඞ‍්ගණසුත‍්තෙ (ම· නි· අට‍්ඨ· 1.63) පකාසිතො එව. නමො කරොහි නාගස‍්සාති ඛීණාසවස‍්ස බුද‍්ධනාගස‍්ස, “බුද‍්ධො සො භගවා බොධාය ධම‍්මං දෙසෙති, දන‍්තො සො භගවා දමථාය ධම‍්මං දෙසෙති, සන‍්තො සො භගවා සමථාය ධම‍්මං දෙසෙති, තිණ‍්ණො සො භගවා තරණාය ධම‍්මං දෙසෙති, පරිනිබ‍්බුතො සො භගවා පරිනිබ‍්බානාය ධම‍්මං දෙසෙතී”ති (ම· නි· 1.361) එවං නමක‍්කාරං කරොහීති අයමෙත්‍ථ අත්‍ථො.

නාගොතිචො භික්ඛු ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං මෙහි යම් අර්ථයකින් ක්ෂිණාශ්‍රව තෙම නාගයයි කියනු ලැබේද? එය අනඞ්ගන සූත්‍රයෙහි ප්‍රකාශ කරන ලදී. නමො කරොහි නාගස්ස ක්‍ෂීණාශ්‍රව වූ බුද්ධ නාගයා හට ‘ඒ භාග්‍යවත්හු සත්‍යාවබෝධය කළාහු සත්‍යාවබෝධය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු දැමුණාහු ඉන්‍ද්‍රිය දමනය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු සන්සිඳුනාහු ශමථය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු තරණය කළාහු නිත්ථරණය පිණිස දහම් දෙසති. ඒ භාග්‍යවත්හු පිරිනිවියාහූ පරිනිර්වාණය පිණිස දහම් දෙසති. මෙසේ නමස්කාර කරවයි මෙහි අර්ථයි.

ඉති ඉදං සුත‍්තං ථෙරස‍්ස කම‍්මට‍්ඨානං අහොසි. ථෙරොපි ඉදමෙව සුත‍්තං කම‍්මට‍්ඨානං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තො. අයමෙතස‍්ස අත්‍ථොති අයං එතස‍්ස පඤ‍්හස‍්ස අත්‍ථො. ඉති භගවා රතනරාසිම‍්හි මණිකූටං ගණ‍්හන‍්තො විය යථානුසන්‍ධිනාව දෙසනං නිට‍්ඨපෙසීති.

මෙසේ මේ සූත්‍රය තෙරුන් වහන්සේට කර්මස්ථානය විය. තෙරුන් වහන්සේද මේ සූත්‍රයම කර්මස්ථානය කොට විදසුන් වඩා රහත් බවට පැමිණි සේක. අයමෙතස්ස අත්‍ථො මේ එම ප්‍රශ්නයාගේ අර්ථයයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, රුවන් රැසක කුළුගන්වන්නාහු මෙන් අන්සන්ධි වූ පරිද්දෙන් දේශනාව නිමවූ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය වම‍්මිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

වම්මික සූත්‍ර වර්ණනාව නිමියේය.