යෙදුමෙන් කියවන්න

රථවිනීතසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

රථවිනීත සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති රථවිනීතසුත‍්තං. තත්‍ථ රාජගහෙති එවංනාමකෙ නගරෙ, තඤ‍්හි මන්‍ධාතුමහාගොවින්‍දාදීහි පරිග‍්ගහිතත‍්තා රාජගහන‍්ති වුච‍්චති. අඤ‍්ඤෙපෙත්‍ථ පකාරෙ වණ‍්ණයන‍්ති. කිං තෙහි? නාමමෙතං තස‍්ස නගරස‍්ස. තං පනෙතං බුද‍්ධකාලෙ ච චක‍්කවත‍්තිකාලෙ ච නගරං හොති, සෙසකාලෙ සුඤ‍්ඤං හොති යක‍්ඛපරිග‍්ගහිතං, තෙසං වසන‍්තවනං හුත්‍වා තිට‍්ඨති. වෙළුවනෙ කලන්‍දකනිවාපෙති වෙළුවනන‍්ති තස‍්ස උය්‍යානස‍්ස නාමං, තං කිර වෙළූහි පරික‍්ඛිත‍්තං අහොසි අට‍්ඨාරසහත්‍ථෙන ච පාකාරෙන, ගොපුරට‍්ටාලකයුත‍්තං නීලොභාසං මනොරමං, තෙන වෙළුවනන‍්ති වුච‍්චති. කලන්‍දකානඤ‍්චෙත්‍ථ නිවාපං අදංසු, තෙන කලන්‍දකනිවාපොති වුච‍්චති.

එවම්මෙසුතං යනු රථවිනීත සූත්‍රයයි. එහි රාජගහෙ එනම් නගරයෙහි ඒ නගරය වනාහී මහා මන්ධාතු මහා ගෝවින්ද ආදීන් විසින් පරිහරණය කරන ලද බැවින් රාජගහ යයි කියනු ලැබේ. මෙහි අන්‍ය වූ ප්‍රකාරයන් වර්ණනා කරති. ඔවුන්ගෙන් කිම මේ ඒ නගරයේ නාමයයි. මේ නගරය බුද්ධ කාලයෙහි ද, චක්‍රවර්ති කාලයෙහි ද, නගරය වේ. සෙසු කල හිස් වූයේ යක්‍ෂයන් විසින් අරක් ගන්නා ලදී. ඔවුන්ට වසන්ත වනයක්ව සිටී. වෙළුවනෙ කලන්‍දක නිවාපෙ වෙළුවනං ඒ උද්‍යානයේ නාමයයි. එය වනාහි හුණ ගසින්ද අටළොස් රියන් පවුරකින් ද, ගෝ පුර අට්ටාල ආදියෙන් යුක්තය. නීලවරණ වූයේ මනහර වෙයි. එහෙයින් වෙළුවන යයි කියයි. තව ද මෙහි ලෙහෙනුන්ට වැටුප් දුන්නාහු, එහෙයින් කලන්‍දක නිවාප යයි කියනු ලැබේ.

පුබ‍්බෙ කිර අඤ‍්ඤතරො රාජා තත්‍ථ උය්‍යානකීළනත්‍ථං ආගතො සුරාමදෙන මත‍්තො දිවාසෙය්‍යං උපගතො සුපි. පරිජනොපිස‍්ස, “සුත‍්තො රාජා”ති පුප‍්ඵඵලාදීහි පලොභියමානො ඉතො චිතො ච පක‍්කාමි, අථ සුරාගන්‍ධෙන අඤ‍්ඤතරස‍්මා සුසිරරුක‍්ඛා කණ‍්හසප‍්පො නික‍්ඛමිත්‍වා රඤ‍්ඤාභිමුඛො ආගච‍්ඡති. තං දිස‍්වා රුක‍්ඛදෙවතා, “රඤ‍්ඤො ජීවිතං දම‍්මී”ති කාළකවෙසෙන ආගන‍්ත්‍වා කණ‍්ණමූලෙ සද‍්දමකාසි. රාජා පටිබුජ‍්ඣි, කණ‍්හසප‍්පො නිවත‍්තො. සො තං දිස‍්වා, “ඉමාය මම ජීවිතං දින‍්න”න‍්ති කාළකානං තත්‍ථ නිවාපං පට‍්ඨපෙසි, අභයඝොසනඤ‍්ච ඝොසාපෙසි. තස‍්මා තං තතො පභුති කලන්‍දකනිවාපන‍්ති සඞ‍්ඛ්‍යං ගතං. කලන්‍දකාති කාළකානං නාමං.

පෙර එක්තරා රජෙක් එහි උයකෙළි කෙළීමට පැමිණියේ සුරා මදයෙන් මත් වී දහවල් නින්දට පැමිණියේ ශයනය කළේය. ඔහුගේ පිරිවර ජනයා ද රජු ශයනය කළේයයි මල්පල ආදියෙන් පොළඹවනු ලබන්නේ ඔබනොබ ඇවිද්දේය. එකල රා ගඳ නිසා එක්තරා ගස් සිදුරකින් කළු නයෙක් නික්ම රජු ඉදිරියට ආයේය. ඒ දැක රුක් දේවතාවා රජුගේ ජීවිතය දෙමියි ලෙහෙන වෙසින් අවුත් කණ ළඟ ශබ්ද කළේය. රජු පිබිදියේය. කළු නයා නැවතුනේය. හෙතෙම එය දැක මේ ලෙහෙනා විසින් මට ජීවිත දානය දුන්නේ යයි එහි ලෙහෙනුන්ට වැටුප් පිහිටුවීය. ජීවිත දානයෙන් ද ඝෝෂා කළේය. එතැන් පටන් කලන්‍දක නිවාප යයි ප්‍රසිද්ධියට පත්විය. කලන්‍දක යනු ලෙහෙනුන්ට නමකි.

ජාතිභූමිකාති ජාතිභූමිවාසිනො. තත්‍ථ ජාතිභූමීති ජාතට‍්ඨානං. තං ඛො පනෙතං නෙව කොසලමහාරාජාදීනං න චඞ‍්කීබ්‍රාහමණාදීනං න සක‍්කසුයාමසන‍්තුසිතාදීනං න අසීතිමහාසාවකාදීනං න අඤ‍්ඤෙසං සත‍්තානං ජාතට‍්ඨානං “ජාතිභූමී”ති වුච‍්චති. යස‍්ස පන ජාතදිවසෙ දසසහස‍්සිලොකධාතු එකද‍්ධජමාලාවිප‍්පකිණ‍්ණකුසුමවාසචුණ‍්ණගන්‍ධසුගන්‍ධා සබ‍්බපාලිඵුල‍්ලමිව නන්‍දනවනං විරොචමානා පදුමිනිපණ‍්ණෙ උදකබින්‍දු විය අකම‍්පිත්‍ථ, ජච‍්චන්‍ධාදීනඤ‍්ච රූපදස‍්සනාදීනි අනෙකානි පාටිහාරියානි පවත‍්තිංසු, තස‍්ස සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තස‍්ස ජාතට‍්ඨානසාකියජනපදො කපිලවත්‍ථාහාරො, සා “ජාතිභූමී”ති වුච‍්චති.

ජාතිභූමකා ජාති භූමියෙහි වැසි වූ, එහි ජාති භූමි යනු උපන් තැනයි. ඒ මේ උපන් තැන කොසොල් මහරජු ආදීන්ගේ නොවේ. චංකි බ්‍රාහ්මණ ආදීන්ගේ ද නොවේ. ශක්‍ර සුයාම සන්තුසිත ආදීන්ගේ නොවේ. අසූ මහා ශ්‍රාවක ආදී අන්‍ය සත්ත්වයන්ගේ උපන් තැන ජාතභූමි යයි නො කියනු ලැබේ. යමෙකුගේ උපන්දිනයෙහි දස සහශ්‍රී ලෝකධාතුව එකම ධජපෙල ඇතිව විසුරුණු මල් සුවඳ සුණු ගඳින් සුවඳ වූවා පිපුණා වූ සියළු ගස්වැල්වලින් යුත් නදුනුයන මෙන් බබළන්නී නෙළුම් කොළයක වූ දියබිඳක් සේ කම්පා වූද ජාත්‍යන්ධයන්ගේ රූපයන් දැකීම ආදී නොයෙක් ප්‍රාතිහාර්ය පෑවා වූද, ඒ සර්වඥ බෝධි සත්ත්වයන්ගේ උපන්බිම වූ ශාක්‍ය ජනපදයෙහි, කපිලවස්තු ගෘහය උපන් බිම යයි කියනු ලැබේ.