යෙදුමෙන් කියවන්න

රථවිනීතසුත‍්තං

1. 3. 4.

1. 3. 4.

රථවිනීතසුත‍්තං

රථවිනීත සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො සම‍්බහුලා ජාතිභූමකා භික‍්ඛූ ජාතිභූමියං වස‍්සං වුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිභූමක භික්‍ෂූහු ජාතිභූමියෙහි වස්වැස පැවරුවාහු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

2. “කො නු ඛො භික‍්ඛවෙ ජාතිභූමියං ජාතිභූමකානං භික‍්ඛූනං සබ්‍රහ‍්මචාරීනං එවං සම‍්භාවිතො: “අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සන‍්තුට‍්ඨො සන‍්තුට‍්ඨිකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච පවිවිත‍්තො පවිවෙකකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච අසංසට‍්ඨො අසංසග‍්ගකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච ආරද‍්ධවිරියො විරියාරම‍්භකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සීලසම‍්පන‍්නො සීලසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො සමාධිසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො විමුත‍්තිසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, ඔවාදකො විඤ‍්ඤාපකො සන්‍දස‍්සකො සමාදපකො සමුත‍්තෙජකො සම‍්පහංසකො සබ්‍රහ‍්මචාරීන”න‍්ති?

2. මහණෙනි, ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේකයෙන් යුක්ත වූයේ විවෙකකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් (පංචවිධ-) සංසර්‍ගය නැති වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්ති (ආර්‍ය්‍යඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥාන දර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථාවස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිළිබඳ කරණු දක්වන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය කරවීම් වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිභූමියෙහි ජාතිභූමක වූ සබ්‍රහ්මචාරීභික්‍ෂූන් විසින් කවරෙක් තෙමේ සම්භාවනා කරණ ලද්දේ ද?’

3. “පුණ‍්ණො නාම භන‍්තෙ ආයස‍්මා මන‍්තාණිපුත‍්තො ජාතිභූමියං ජාතිභූමකානං භික‍්ඛූනං සබ්‍රහ‍්මචාරීනං එවං සම‍්භාවිතො: අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සන‍්තුට‍්ඨො සන‍්තුට‍්ඨිකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච පවිවිත‍්තො පවිවෙකකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච අසංසට‍්ඨො අසංසග‍්ගකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච ආරද‍්ධවිරියො විරියාරම‍්භකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සීලසම‍්පන‍්නො සීලසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච සමාධිසම‍්පන‍්නො සමාධිසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච පඤ‍්ඤාසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච විමුත‍්තිසම‍්පන‍්නො විමුත‍්තිසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, අත‍්තනා ච විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නො විමුත‍්තිඤාණදස‍්සනසම‍්පදාකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා, ඔවාදකො විඤ‍්ඤාපකො සන්‍දස‍්සකො සමාදපකො සමුත‍්තෙජකො සම‍්පහංසකො සබ්‍රහ‍්මචාරීන”න‍්ති.

3. “වහන්ස, මන්තාණි බැමිණියගේ පුත්‍ර වූ පූර්‍ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්‍රහ්මචාරී භික්‍ෂූන් විසින් ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂවිවේකය පිළිබඳ කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් අසංසෘෂ්ට වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පදා කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථා වස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සම්භාවනා කරණ ලද්දේ ය.”

4. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තා භගවතො අවිදූරෙ නිසින‍්නො හොති. අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: “ලාභා ආයස‍්මතො පුණ‍්ණස‍්ස මන‍්තාණිපුත‍්තස‍්ස, සුලද‍්ධලාභා ආයස‍්මතො පුණ‍්ණස‍්ස මන‍්තාණිපුත‍්තස‍්ස, යස‍්ස විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී සත්‍ථු සම‍්මුඛා අනුමාස‍්ස අනුමාස‍්ස වණ‍්ණං භාසන‍්ති, තඤ‍්ච සත්‍ථා අබ‍්භනුමොදති, අප‍්පෙවනාම මයං කදාචි කරහචි ආයස‍්මතා පුණ‍්ණෙන මන‍්තාණිපුත‍්තෙන සද‍්ධිං සමාගච‍්ඡෙය්‍යාම, අප‍්පෙවනාම සියා කොචිදෙව කථාසල‍්ලාපො”ති.

4. එ සමහයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: “නුවණ ඇත්තා වූ සබ්‍රහ්මචාරීහු ශාස්තෲන් වහන්සේගේ හමුවෙහි දශකථාවස්තූන්ට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාස්තෲන් වහන්සේ මනා කොට අනුමෝදන් වනසේක් ද, ඒ මන්ත්‍රාණිපුත්‍ර වූ පූර්‍ණ ආයුෂ්මතුන් වහන්සේට ලාභයෙකි. මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ස්ථවිරයන්ට සුලබලාභයකි. අපි කිසියම් කලෙක මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවන් හා එක් වන්නමෝ නම් මැනව. කිසියම් කථාසල්ලාපයකුත් වන්නේ නම් මැනව” කියායි.

5. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අස‍්සොසි ඛො ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො “භගවා කිර සාවත්‍ථිං අනුප‍්පත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ.

6. අථ ඛො ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි ජෙතවනං අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන අන්‍ධවනං තෙන පක‍්කාමි දිවාවිහාරාය.

6. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවෝ සෙනසුන් තැන්පත්කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ. එහි සතුටු කරවූහ. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනයට වැඩියහ.

7. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “යස‍්ස ඛො ත්‍වං ආවුසො සාරිපුත‍්ත පුණ‍්ණස‍්ස නාම භික‍්ඛුනො මන‍්තාණිපුත‍්තස‍්ස අභිණ‍්හං කිත‍්තයමානො අහොසි, සො භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන අන්‍ධවනං තෙන පක‍්කන‍්තො දිවාවිහාරායා”ති.

7. ඉක්බිති එක්තරා භික්‍ෂු නමක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මන්ත්‍රාණි පුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙර කෙනකුන් ගැණ නිතර කියමින් විසූ සේක් ද, ඒ පූර්‍ණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමෝදන් ව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනය කරා ගියේ ය” යි කියා යි.

8. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො තරමානරූපො නිසීදනං ආදාය ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි සීසානුලොකී. අථ ඛො ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. ආයස‍්මාපි ඛො සාරිපුත‍්තො අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා පුණ‍්ණෙන මන‍්තාණිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං එතදවොච:

8. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙළෙවිසැහැවී ඇතියාහු හිඳිනාකඩ ගෙණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් හිස්කෙළිය බලනසුලුව පසු පසින් ලුහුබැන්දෝ ය. අනතුරු ව මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ අන්‍ධවනයට වැද එක්තරා ගසක් මුල දිවාවිහරණයට හුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද, අන්‍ධවනයට පැමිණ එක්තරා ගසක්මුල දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කාලයෙහි පලසමවතින් නැගී සිටියාහු මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ තෙරණුවන්ට මෙය කීහ:

9. භගවති නො ආවුසො බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘එවමාවුසො’ති. කින‍්නු ඛො ආවුසො සීලවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. කිම‍්පනාවුසො, චිත‍්තවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො දිට‍්ඨිවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. කිම‍්පනාවුසො කඞ‍්ඛාවිතරණවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. ‘කිම‍්පනාවුසො පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො ඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘නො හිදං ආවුසො’.

9. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, එසේය’. කිමෙක් ද, ඇවැත්නි, ශීලවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, චිත්තවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, දෘෂ්ටිවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, කඞ්කාවිතරණවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, පටිපදාඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’

10. “කින‍්නු ඛො ආවුසො සීලවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. “කිම‍්පනාවුසො චිත‍්තවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී”ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි “කින‍්නු ඛො ආවුසො දිට‍්ඨිවිසුද‍්ධත්‍ථං භගවති -පෙ- “කින‍්නු ඛො ආවුසො ඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිමත්‍ථං චරහාවුසො භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? ‘අනුපාදාපරිනිබ‍්බානත්‍ථං ඛො ආවුසො භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතී’ති.

10. “කිම, ඇවැත්නි, ශීලවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, චිත්තවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, දිට්ඨිවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත ... කිම ඇවැත්නි, ඤාණදස්සනවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, එසේ වී නම්, කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, (මේ තෙමේ) අනුපාදා පරිනිර්‍වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ.’

11. කින‍්නු ඛො ආවුසො සීලවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. ‘කිම‍්පනාවුසො චිත‍්තවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො දිට‍්ඨිවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. කිම‍්පනාවුසො කඞ‍්ඛාවිතරණවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. කිම‍්පනාවුසො පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. කින‍්නු ඛො ආවුසො ඤාණදස‍්සනවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’. අඤ‍්ඤත්‍ර ඉමෙහි ධම‍්මෙහි අනුපාදාපරිනිබ‍්බානන‍්ති? ‘නො හිදං ආවුසො’.

11. ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’.

12. “කින‍්නු ඛො ආවුසො සීලවිසුද‍්ධි අනුපාදාපරිනිබ‍්බානන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම‍්පනාවුසො චිත‍්තවිසුද‍්ධි, අනුපාදාපරිනිබ‍්බානන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කින‍්නු ඛො ආවුසො දිට‍්ඨිවිසුද‍්ධි, අනුපාදාපරිනිබ‍්බානන‍්ති -පෙ- කින‍්නු ඛො ආවුසො ඤාණදස‍්සනවිසුද‍්ධි, අනුපාදාපරිනිබ‍්බානන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම‍්පනාවුසො අඤ‍්ඤත්‍ර ඉමෙහි ධම‍්මෙහි අනුපාදාපරිනිබ‍්බානන‍්ති ඉති පුට‍්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි”. යථා කථං පනාවුසො ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො දට‍්ඨබ‍්බොති?

12. “ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි … ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ දැ යි. මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’ යි කියහු.” ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ දත යුතු දැ යි ඇසූහ.

[පුණ‍්ණත්‍ථෙරො:]

[පුණ්ණතෙරණුවෝ:]

13. සීලවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. චිත‍්තවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. දිට‍්ඨිවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. ඤාණදස‍්සනවිසුද‍්ධිඤ‍්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ‍්බානං පඤ‍්ඤාපෙස‍්ස. අඤ‍්ඤත්‍ර චෙ ආවුසො ඉමෙහි ධම‍්මෙහි අනුපාදාපරිනිබ‍්බානං අභවිස‍්ස, පුථුජ‍්ජනො පරිනිබ‍්බායෙය්‍ය. පුථුජ‍්ජනො හි ආවුසො අඤ‍්ඤත්‍ර ඉමෙහි ධම‍්මෙහි.

13. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි, පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ යයි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් මේ ධර්‍මයන් හැර (අනිකක්) අනුපාදාපරිනිර්‍වාණය වන්නේ නම්, පෘථග්ජන තෙමේ පිරිනිවෙන්නේය. ඇවැත්නි, පෘථග්ජන තෙමේ මේ ධර්‍මයන්ගෙන් වෙන් වූයේ වෙයි.

14. තෙන හාවුසො උපමං තෙ කරිස‍්සාමි. උපමායපිධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති. සෙය්‍යථාපි ආවුසො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස සාවත්‍ථියං පටිවසන‍්තස‍්ස සාකෙතෙ කිඤ‍්චිදෙව අච‍්චායිකං කරණීයං උප‍්පජ‍්ජෙය්‍ය, තස‍්ස අන‍්තරා ච සාවත්‍ථිං අන‍්තරා ච සාකෙතං සත‍්ත රථවිනීතානි උපට‍්ඨපෙය්‍යුං. අථ ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සාවත්‍ථියා නික‍්ඛමිත්‍වා අන‍්තෙ පුරද‍්වාරා පඨමං රථවිනීතං අභිරූහෙය්‍ය පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්‍ය, පඨමං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය, දුතියං රථවිනීතං අභිරූහෙය්‍ය. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණෙය්‍ය, දුතියං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය, තතියං රථවිනීතං අභිරූහෙය්‍ය. තතියෙන රථවිනීතෙන චතුත්‍ථං රථවිනීතං පාපුණෙය්‍ය, තතියං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය,

14. ඇවැත්නි, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද අර්‍ත්‍ථය දැන ගණිත්. ඇවැත්නි, යම්සේ සැවැත්නුවර වසන පසේනදි කොසොල් රජහට සාකේත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ ය. ඔහුට සැවැතටත් සාකේතයටත් අතර හික්මුණු අසුන් යෙදූ රිය හතක් එළවා තබන්නාහු ය. ඇවැත්නි, ඉක්බිති පසේනදි කොසොල් රජ සැවැත් නුවරින් නික්ම ඇතුළු පුරදොරින් පළමුවැනි විනීතරථයට ගනින්නේ ය. පළමු වැනි විනීතරථයෙන් දෙවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. පළමුවැනි විනීතරථය අත්හරින්නේ ය. දෙවැනි විනීතරථයට නගින්නේය. දෙවැනි විනීතරථයෙන් තුන්වැනි විනීතරථයට පැමිණෙන්නේ ය. දෙවැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයට නගින්නේය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයෙන් සතරවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය.

චතුත්‍ථං රථවිනීතං අභිරූහෙය්‍ය. චතුත්‍ථෙන රථවිනීතෙන පඤ‍්චමං රථවිනීතං පාපුණෙය්‍ය, චතුත්‍ථං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය, පඤ‍්චමං රථවිනීතං අභිරූහෙය්‍ය. පඤ‍්චමෙන රථවිනීතෙන ඡට‍්ඨං රථවිනීතං පාපුණෙය්‍ය, පඤ‍්චමං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය, ඡට‍්ඨං රථවිනීතං අභිරූහෙය්‍ය. ඡට‍්ඨෙන රථවිනීතෙන සත‍්තමං රථවිනීතං පාපුණෙය්‍ය, ඡට‍්ඨං රථවිනීතං විස‍්සජ‍්ජෙය්‍ය, සත‍්තමං රථවිනීතං අභිරූහෙය්‍ය. සත‍්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්‍ය අන‍්තෙපුරද‍්වාරං.

සතරවන විනීතරථයට නගින්නේ ය. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණෙන්නේ ය. සතරවන විනීතරථය අත්හරින්නේ ය. පස්වන විනීතරථයට නගින්නේ ය. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණෙන්නේ ය. පස්වන විනීතරථය අත්හරින්නේ ය. සවන විනීතරථයට නගින්නේ ය. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිනෙනේ ය. සවන විනීතරථය අත්හරින්නේ ය. සත්වන විනීතරථයෙන් සාකේතයෙහි ඇතුළුනුවර දොරටුව කරා පැමිණෙන්නේ ය.

15. තමෙනං අන‍්තෙපුරද‍්වාරගතං සමානං මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා එවං පුච‍්ඡෙය්‍යුං “ඉමිනා ත්‍වං, මහාරාජ, රථවිනීතෙන සාවත්‍ථියා සාකෙතං අනුප‍්පත‍්තො අන‍්තෙපුරද‍්වාරන‍්ති?” කථං බ්‍යාකරමානො නු ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති? එවං බ්‍යාකරමානො ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය: “ඉධ මෙ සාවත්‍ථියං පටිවසන‍්තස‍්ස සාකෙතෙ කිඤ‍්චි දෙව අච‍්චායිකං කරණීයං උප‍්පජ‍්ජි. තස‍්ස මෙ අන‍්තරා ච සාවත්‍ථිං අන‍්තරා ච සාකෙතං සත‍්තරථවිනීතානි උපට‍්ඨපෙසුං. අථ ඛ‍්වාහං සාවත්‍ථියා නික‍්ඛමිත්‍වා අන‍්තෙපුරද‍්වාරා පඨමං රථවිනීතං අභිරූහිං. පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණිං. පඨමං රථවිනීතං නිස‍්සජිං. දුතියං රථවිනීතං අභිරූහිං. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණිං. දුතියං රථවිනීතං නිස‍්සජිං. තතියං රථවිනීතං අභිරූහිං. තතියෙන රථවිනීතෙන චතුත්‍ථං රථවිනීතං පාපුණිං. තතියං රථවිනීතං නිස‍්සජිං. චතුත්‍ථං රථවිනීතං අභිරූහිං. චතුත්‍ථෙන රථවිනීතෙන පඤ‍්චමං රථවිනීතං පාපුණිං. චතුත්‍ථං රථවිනීතං නිස‍්සජිං. පඤ‍්චමං රථවිනීතං අභිරූහිං. පඤ‍්චමෙන රථවිනීතෙන ඡට‍්ඨං රථවිනීතං පාපුණිං. පඤ‍්චමං රථවිනීතං නිස‍්සජිං. ඡට‍්ඨං රථවිනීතං අභිරූහිං. ඡට‍්ඨෙන රථවිනීතෙන සත‍්තමං රථවිනීතං පාපුණිං. ඡට‍්ඨං රථවිනීතං නිස‍්සජිං. සත‍්තමං රථවිනීතං අභිරූහිං. සත‍්තමෙන හි රථවිනීතෙන සාකෙතං අනුප‍්පත‍්තො අන‍්තෙපුරද‍්වාරන‍්ති. එවං බ්‍යාකරමානො ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍යාති.

15. ඇතුළුපුර දොරටුවට පැමිණි ඔහුගෙන් මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේ නෑයෝ මෙසේ අසන්නාහු ය: ‘මහරජ, මුබවහන්සේ මේ විනීත රථයෙන් සැවැත්නුවරින් නික්ම සාකේතයෙහි ඇතුළුනුවර දොරටුවට පැමිණියාහු ද?’ කියා යි. ඇවැත්නි, පසේනදි කොසොල් රජ කෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ද? ඇවැත්නි, පසේනදි කොසොල්රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය. (කෙසේ ද) “මේ සැවැත්නුවර වසන මට සාකේතයෙහි ඉක්මන් කටයුත්තක් උපන. ඒ මට සැවැතටත් සාකේතයටත් අතර විනීත අසුන් යෙදූ රිය සතක් එළවා තැබූහ. ඉක්බිති මම සැවැත්නුවරින් නික්ම ඇතුළුදොරටුවෙන් පළමුවන විනීතරථයට නැංගෙමි. පළමුවන විනීතරථයෙන් දෙවන විනීතරථයට පැමිණියෙමි. පළමුවන විනීතරථය හළෙමි. දෙවන විනීතරථයට නැංගෙමි. දෙවන විනීතරථයෙන් තුන්වන විනීතරථයට පැමිණියෙමි. දෙවන විනීතරථය හළෙමි. තුන්වන විනීතරථයට නැංගෙමි. තුන්වන විනීතරථයෙන් සතරවන විනීතරථයට පැමිණියෙමි. තුන්වන විනීතරථය හළෙමි. සතරවන විනීතරථයට නැංගෙමි. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණියෙමි. සතරවන විනීතරථය හළෙමි. පස්වන විනීතරථයට නැංගෙමි. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණියෙමි. පස්වන විනීතරථය හළෙමි. සවන විනීතරථයට නැංගෙමි. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිණියෙමි. සවන විනීතරථය හළෙමි. සත්වන විනීතරථයට නැංගෙමි. සත්වන විනීතරථයෙන් ම සාකේතයෙහි ඇතුළු නුවර දොරටුවට පැමිණියෙමි” කියායි. ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසේනදි කොසොල් රජතෙමේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය.

16. එවමෙව ඛො ආවුසො සීලවිසුද‍්ධි යාවදෙව චිත‍්තවිසුද‍්ධත්‍ථා. චිත‍්තවිසුද‍්ධි යාවදෙව දිට‍්ඨිවිසුද‍්ධත්‍ථා. දිට‍්ඨිවිසුද‍්ධි යාවදෙව කඞ‍්ඛාවිතරණවිසුද‍්ධත්‍ථා. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධි යාවදෙව මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථා. මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි යාවදෙව පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථා. පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි යාවදෙව ඤාණදස‍්සනවිසුද‍්ධත්‍ථා. ඤාණදස‍්සනවිසුද‍්ධි යාවදෙව අනුපාදාපරිනිබ‍්බානත්‍ථා. අනුපාදාපරිනිබ‍්බානත්‍ථං ඛො ආවුසො භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති.

16. ඇවැත්නි, මෙපරිද්දෙන් ම ශීලවිසුද්ධිය චිත්තවිසුද්ධිසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය දක්වා ම වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වා ම වෙයි. දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය දක්වා ම වෙයි. කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දක්වා ම වෙයි. ඇවැත්නි, අනුපාදාපරිනිර්‍වාණය (ප්‍රත්‍යයෙන් නූපන් අසඞ්ඛත ධාතු) සංඛ්‍යාත අර්‍ත්‍ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙයි.

17. එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං එතදවොච: “කො නාමො ආයස‍්මා? කථඤ‍්ච පන ආයස‍්මන‍්තං සබ්‍රහ‍්මචාරී ජානන‍්තී”ති? ‘පුණ‍්ණො’ති ඛො මෙ ආවුසො නාමං. මන‍්තාණිපුත‍්තො’ති ච පන මං සබ්‍රහ‍්මචාරී ජානන‍්තීති.

17. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” කියා යි. ඇවැත්නි, මගේ නම ‘පුණ්ණ ය.’ සබ්‍රහ්මචාරීහු මා ‘මන්ත්‍රාණිපුත්‍රය’යි ද දනිති.

18. “අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො. යථා තං සුතවතා සාවකෙන සම‍්මදෙව සත්‍ථුසාසනං ආජානන‍්තෙන, එවමෙවං ආයස‍්මතා පුණ‍්ණෙන මන‍්තාණිපුත‍්තෙන ගම‍්භීරා ගම‍්භීරා පඤ‍්හා අනුමාස‍්ස අනුමාස‍්ස බ්‍යාකතා. ලාභා සබ්‍රහ‍්මචාරීනං, සුලද‍්ධ ලාභා සබ්‍රහ‍්මචාරීනං, යෙ ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං ලභන‍්ති දස‍්සනාය. ලභන‍්ති පයිරුපාසනාය. චෙලණ‍්ඩුකෙන චෙපි සබ්‍රහ‍්මචාරී ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං මුද‍්ධනා පරිහරන‍්තා ලභෙය්‍යුං දස‍්සනාය, ලභෙය්‍යුං පයිරුපාසනාය, තෙසම‍්පි ලාභා. තෙසම‍්පි සුලද‍්ධං. අම‍්හාකම‍්පි ලාභා. අම‍්හාකම‍්පි සුලද‍්ධං, යෙ මයං ආයස‍්මන‍්තං පුණ‍්ණං මන‍්තාණිපුත‍්තං ලභාම දස‍්සනාය, ලභාම පයිරුපාසනායා”ති.

18. “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යි, ඇවැත්නි, අද්භූත යි. මනා කොට ශාස්තෘ ශාසනය දන්නා වූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම්, එපරිද්දෙන් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ආයුෂ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දශකථාවස්තූන්ට පිවිසෙමින් ප්‍රකාශ කරණ ලද්දා හ, යම් කෙනෙක් ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍රපූර්‍ණයන් දැක්මට ලබත් ද, සේවනයට ලබත් ද, ඒ සබ්‍රම්සරුන්ට ලාභය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභය. සබ්‍රම්සරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් මුදුනෙහි පරිහරණය කරමින් දැක්මට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් දක්නට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභය. අපට ද මනා ලැබුමකි.”

19. එවං වුත‍්තෙ ආයස‍්මා පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: කො නාමො ආයස‍්මා? කථඤ‍්ච පන ආයස‍්මන‍්තං සබ්‍රහ‍්මචාරී ජානන‍්තීති? ‘උපතිස‍්සො’ති ඛො මෙ ආවුසො නාමං. ‘සාරිපුත‍්තො’ති ච පන මං සබ්‍රහ‍්මචාරී ජානන‍්තීති.

19. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්ත්‍රාණි පුත්‍ර පූර්‍ණ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” යනුයි. ඇවැත්නි, මගේ නම ‘උපතිස්ස’ ය. සබ්‍රම්සරහු මා ‘ශාරීපුත්‍ර’ ය යි දනිත්.

20. “සත්‍ථුකප‍්පෙන වත කිර භො සාවකෙන සද‍්ධිං මන‍්තයමානා න ජානිම‍්හ ‘ආයස‍්මා සාරිපුත‍්තො’ති. සචෙ හි මයං ජානෙය්‍යාම ‘ආයස‍්මා සාරිපුත‍්තො’ති එත‍්තකම‍්පි නො නප‍්පටිභාසෙය්‍ය. අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො, යථා තං සුතවතා සාවකෙන සම‍්මදෙව සත්‍ථුසාසනං ආජානන‍්තෙන, එවමෙවං ආයස‍්මතා සාරිපුත‍්තෙන ගම‍්භීරා ගම‍්භීරා පඤ‍්හා අනුමාස‍්ස අනුමාස‍්ස පුච‍්ඡිතා. ලාභා සබ්‍රහ‍්මචාරීනං, සුලද‍්ධලාභා සබ්‍රහ‍්මචාරීනං, යෙ ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ලභන‍්ති දස‍්සනාය. ලභන‍්ති පයිරුපාසනාය. චෙලණ‍්ඩුකෙන චෙපි සබ්‍රහ‍්මචාරී ආයස‍්මන‍්තං සාරිපුත‍්තං මුද‍්ධනා පරිහරන‍්තා ලභෙය්‍යුං දස‍්සනාය, ලභෙය්‍යුං පයිරුපාසනාය, තෙසම‍්පි ලාභා තෙසම‍්පි සුලද‍්ධං. අම‍්හාකම‍්පි ලාභා අම‍්හාකම‍්පි සුලද‍්ධං, යෙ මයං ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ලභාම දස‍්සනාය, ලභාම පයිරුපාසනායා”ති.

20. “බෙහෙවින් බුදුරදුන් වැනි වූ ශ්‍රාවකයකු සමග සාකච්ඡා කරන්නාවූ අපි ‘මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ’ යයි නො දතුම්හ. ඉදින් අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය යි දන්නෙමු නම්, මේ පමණකුත් (මේ උපමාවත්) අපට නො වැටහෙන්නේ ය. ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය. මැනැවින් ශාස්තෘශාසනය දන්නා වූ ශ්‍රාවකයකු යම් සේ ද, එපරිද්දෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තූන්ට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ විචාරණ ලදහ. යම් කෙනෙක් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දර්‍ශනයට ලබත් නම්, සේවනයට ලබත් නම්, ඒ සබ්‍රම්සරුන්ට ලාභ ය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභ ය. සබ්‍රම්සරහු දුහුල්සුඹුළුවකින් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් මුදුනෙන් පරිහරණය කරන්නාහු, දැකීමට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් දැක්මට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභ ය. අපටත් මනා ලැබුමකි.”

ඉතිහ තෙ උභො මහානාගා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසූති.

මෙසේ ඒ මහා(නාග)ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.

රථවිනීතසුත‍්තං චතුත්‍ථං.

රථවිනීත සූත්‍රය සතරවැනි යි.