නිවාපසුත්තං
1. 3. 5.
1. 3. 5.
නිවාපසුත්තං
නිවාප සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. න භික්ඛවෙ නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං “ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා පරිභුඤ්ජන්තා දීඝායුකා වණ්ණවන්තො චිරං දීඝමද්ධානං යාපෙන්තූ”ති. එවඤ්ච ඛො භික්ඛවෙ නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං “ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සන්ති. අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිස්සන්ති. මත්තා සමානා පමාදං ආපජ්ජිස්සන්ති. පමත්තා සමානා යථාකාමකරණීයා භවිස්සන්ති ඉමස්මිං නිවාපෙ”ති.
2. මහණෙනි, නිමවැද්දෙක් (තෘණාදි ගොදුරු කරණ වැද්දෙක්) “මා විසින් වපුළ මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමූහයෝ දිගා ඇත්තෝ පැහැපත් වූවෝ බොහෝ කලක් යැපෙත්වා”යි (සිතා) මුව සමූහයකට තණ (ඇට) නො වපුරයි. මහණෙනි, නේවාපික තෙමේ මුවන් සඳහා “මා විසින් වපුළ මේ කෙතට මුවසමූහයෝ වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමත්ත වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය”යි මෙසේ (සිතා) ම තණ වපුරයි.
3. තත්ර භික්ඛවෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
3. මහණෙනි, ඒ මුවසමූහයන් අතර පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි නැති වීමට පත් වූහ. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍදධිඅනුභාවයෙන් (වසඟයෙන්) නො මිදුණාහු ය.
4. තත්ර භික්ඛවෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා”ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භික්ඛවෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
4. මහණෙනි, එහි දී දෙවන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවාහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහිදී කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාට වසඟ වීමෙන් නො මිදුණාහු ය. අපි සර්වප්රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නෙමු නම්, භය සහිත තණ කෑමෙන් වැළකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ” යි කියායි. ඔහු සර්වප්රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණාහ. බිය සහිත වූ පරිභෝගයෙන් වැලකුණෝ වනළැහැබට වැද වාසය කළහ. ගිම්හානයේ පශ්චිමමාසයෙහි තණ හා ජලය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. ඉතා කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයාගේ වපුළ ඒ තණ කොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවේදී කැමැති සේ කටයුතු බවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මුවරැළ ද නිවාපිකයාගේ වසඟයෙන් නො මිදුණාහ.
5. තත්ර භික්ඛවෙ තතියා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
5. මහණෙනි, එහි තුන්වන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා වපුළ ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු ගොදුරු කෑවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණ කොටුවේදී නේවාපිකයා විසින් කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ ඍධ්‍යානුභාවයෙන් නො මිදුණාහු ය. -
“යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස ඉමුස්මිං නිවාපෙ. එවං තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
“යම් ඒ දෙවන මුවසමූහ කෙනෙක් මෙසේ සිතූහු ද - ‘යම් ඒ පළමුවන මුවසමූහ කෙනෙක් නේවාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහුය. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහු ය. අපි තෘණභෝජනයෙන් සර්වප්රකාරයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කෑමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සම්පූර්ණයෙන් තෘණභෝජනයෙන් වෙන් වූහ. භයජනක කෑමෙන් වැළකුණාහු වනයට වැද වාසය කළහ. ගිම්හානයේ අන්තිම මාසයේ තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ඒ නේවාපිකයාගේ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාබවට පැමිණියාහුය. සිහි මුළා වූවාහු මේ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහ.
“යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි. භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ”ති. තෙ අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ.
“එහෙයින් අපි නේවාපිකයාගේ වපුළ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙළ කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වධයට නො පැමිණෙන්නෙමු. මත් නො වූවමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු, සිහි මුළා බවට නො පැමිණියමෝ, නේවාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට විසූහ. නේවාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නො වැද නො මුසපත්ව තණ කෑහ. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි මුළා බවට නො පැමිණියහ. සිහිමුළා නො වූවාහු මේ තණ කොටුවෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.
6. තත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: ‘සඨස්සු නාමිමෙ තතියා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු නාමිමෙ තතියා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. –
6. මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසෙක් විය: මේ තුන්වන මුවසමූහයෝ නම් කපටියෝය. පුහුණු වූ කෛරාටික කම් ඇත්තෝය. ඍද්ධි ඇත්තා වූ මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු වපුළ තණ ද කත් ඔවුන්ගේ ඊමත් යාමත් නො ද දනිමු. -
යන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම, අප්පෙවනාම තතියානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යුන්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. අද්දසාසුං ඛො භික්ඛවෙ නෙවාපිකො ච නෙවාපිකපරිසා ච තතියානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං අගමංසු. එවං හි තෙ භික්ඛවෙ තතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම්, මැනව, යම් තැනෙක ඔහු ග්‍රාහයට (අල්ලා ගැනීමට) පැමිණෙන්නාහු ද, තුන්වන මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය යම් තැනෙක දක්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වපුළ ඒ තණකොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළාහුය. මහණෙනි, මුවවැද්දාත් ඔහුගේ පිරිසත් ඒ තුන්වන මුවරැළ යම් තැනක ග්‍රාහයට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමූහයාගේ ආශයස්ථානය දුටුවාහු ය. මහණෙනි, මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය.
7. තත්ර භික්ඛවෙ චතුත්ථා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. -
7. මහණෙනි, එහි දී සතරවන මුවසමූහයෝ මෙසේ කල්පනා කළාහුය: “යම් ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහුද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහිමුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු ඒ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහු ය.-
“යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තාසමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා -පෙ- යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
“යම් ඒ දෙවන මුවසමූහයෝ මෙසේ සිතුවාහු ද ‘යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු නම් ඔහු එහි වැද මුසපත් ව තණ කෑවාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූහ. සිහි නැති වූවාහු මේ තණ කොටුවෙහි වැද්දා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය. යම් ඒ දෙවන මුව සමූහයෝ ... ‘අපි මේ තණ කෑමෙන් සම්පූර්ණයෙන් වලකින්නෙමු නම්, භයජනක තෘණපරිභෝජනයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරමු නම්, යෙහෙකැ’යි සිතූහ. ඔහු නිවාපභෝජනයෙන් සම්පුර්ණයෙන් වැළකුණාහු ය. භය ජනක තෘණපරිභෝගයෙන් වැළකුණාහු වනයට වැදී විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහිණු කල්හි ඒ මුවවැද්දාගේ තණකොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔවු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළා බවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුව සමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුනුභාවයෙන් නොමිදුණාහ. –
“යෙපි තෙ තතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං. නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු, තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමාති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පෙය්යාම. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම. අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම. අමත්තා සමානා නප්පපමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානා, න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. තත්ර නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි. ‘සඨස්සු නාමිමෙ තතියා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු නාමිමෙ තතියා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. යන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීති දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම, අප්පෙවනාම තතියානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යු’න්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීති දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. අද්දසංසු ඛො නෙවාපිකො ච නෙවාපිකපරිසා ච තතියානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං අගමංසු. එවං හි තෙ තතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
“යම් ඒ තෙවන මුවසමූහයෝ වූවාහු ද, ඔහු මෙසේ සිතූහ: යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවාහු සිහි මුළා වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ වශයට යාමෙන් නො මිදුණාහ. යම් ඒ දෙවන මුවසමූහයෝ ... අපි මේ තණ කෑමෙන් සම්පුර්ණයෙන් වැළකෙන් නෙමු නම්, භයජනක තෘණපරිභෝගයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරන්නෙමු නම්, යෙහෙකැයි ඔහු තණ කෑමෙන් සම්පුර්ණයෙන් වැළකුණාහ. භයජනක තෘණ පරිභෝගයෙන් වැළකුණාහු වනයට වැද විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහුය. මත් වූවාහු සිහිමුළාබවට පැමිණියාහුය. සිහිමුළාවූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. - අපි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, යෙහෙකැ යි එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වූවාහු තණ කන්නෙමු. නො වැද නො මුසපත් ව තණ කන්නමෝ මදයට නො පැමිණෙන්නෙමු. මදයට නො පැමිණියමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු. එහි මුළාබවට නො පැමිණියමෝ ඒ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු” කියා යි. ඔහු නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහිමුළාබවට නො පැමිණියහ. සිහි මුළා බවට නො පැමිණියාහු මේ තණ කොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ. එහිදී නේවාපිකයාටත් ඔහුගේ පිරිසටත් මේ අදහස වී ය: ‘මේ තුන්වැනි මුව සමූහයෝ කපටියෝය. හික්මුණු කෛරාටිකයෝය. ඍද්ධිමතුන් වැනි මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු මේ වපුළ තණකොටුව කත්. ඔවුන්ගේ ඊමක් හෝ යෑමක් නො දනිමු. අපි වපුළ මේ කොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. ඒ තුන්වන මුවසමූහයෝ යම් තැනක අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, ඒ තුන්වන මෘගසමූහයන්ගේ ආශයස්ථානය දකින්නෙමු නම් යෙහෙකැ’යි කියා යි. ඔහු වපුළ ඒ තණබිම හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට මහත් වූ දඬු වරදැලින් වට කළාහු ය. නේවාපිකයා ද නේවාපික පිරිස ද තුන්වන ඒ මුවසමූහයෝ යම් තැනකදී හසු කර ගැනීමට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමුහයන්ගේ ආශයස්ථානය දුටහ. මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ.
“යන්නූන මයං යත්ථ අගති නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච, තත්රාසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ”ති. තෙ යත්ථ අගති නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච තත්රාසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ.
“යම් තැනෙක්හි නේවාපිකයාගේ ද නේවාපිකපිරිසගේ ද ගමන් නො වේ ද, අපි එහි ආශයස්ථානයක් කරන්නෙමු. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තැන කන්නෙමු. නො වැද මුසපත් නොවී තණ කන්නමෝ මදයට පත් නො වන්නෙමු. මත් නො වූවමෝ සිහිමුළාබවට නො පැමිණෙන්නෙමු. සිහි මුළා නො වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ”යි සිතා යම් තැනෙක නෙවාපිකයාගේත් නේවාපිකපිරිසේත් ගමන් නොවේ ද, ඔහු එහි ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ කොටුවට නො වැද නො මුසපත් ව ගොදුරු කන්නාහු මදයට පත් නොවූහ. මත් නො වූවාහු සිහි මුළා බවට පත් නොවූහ. නො මුළා වූවාහු මේ නිවාපයෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නොවූහ.
8. තත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: “සඨස්සු නාමිමෙ චතුත්ථා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු නාමිමෙ චතුත්ථා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. යන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම අප්පෙවනාම චතුත්ථානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යු”න්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. නෙව ඛො භික්ඛවෙ අද්දසාසුං නෙවාපිකො ච නෙවාපිකපරිසා ච චතුත්ථානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යුං.
8. “මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපික පිරිසටත් මේ අදහස විය: “මේ සතර වැනි මුවසමූහයෝ කපටියෝ ය. හික්මුණු කෛරාටිකයෝ ය. මේ සතර වැනි මුවසමූහයෝ ඍද්ධිමතුන් වැනි යක්කුය. වපුළ මේ තණකොටුව කත්. ඔවුන්ගේ ඊම හෝ යාම නො ද දනිමු. අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වටකරන්නෙමු නම් යෙහෙක. යම් තැනෙක්හි ඒ මෘගසමූහයෝ අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, මේ සතර වන මුව සමුහයන්ගේ ඒ ආශයස්ථානය දක්නෙමු නම් ඉතා මැනැව” කියා යි. ඔහු ඒ වපුළ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළහ. මහණෙනි, ඒ නේවාපිකයාත් නේවාපික පිරිසත් යම් තැනක ඒ මුවසමූහයෝ ග්‍රාහයට පැමිණෙන්නාහු නම්, සතර වැනි මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය නො ම දුටහ.
තත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: “සචෙ ඛො මයං චතුත්ථෙ මිගජාතෙ ඝට්ටෙස්සාම, තෙ ඝට්ටිතා අඤ්ඤෙ ඝට්ටෙස්සන්ති. තෙපි ඝට්ටිතා අඤ්ඤෙ ඝට්ටෙස්සන්ති. එවං ඉමං නිවාපං නිවුත්තං සබ්බසො මිගජාතා රිඤ්චිස්සන්ති. යන්නූන මයං චතුත්ථෙ මිගජාතෙ අජ්ඣුපෙක්ඛෙය්යාමා”ති. අජ්ඣුපෙක්ඛිංසු ඛො භික්ඛවෙ නෙවාපිකො ච නෙවාපිකපරිසා ච චතුත්ථෙ මිගජාතෙ. එවං හි තෙ භික්ඛවෙ චතුත්ථා මිගජාතා පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
මහණෙනි, එහි නේවාපිකයාට ද නේවාපික පිරිසට ද මේ අදහස විය: “ඉදින් වනාහි අපි සතර වන මුවසමුහයන් ගටන්නෙමු නම්, ගටන ලද ඔහු ද අන්‍යයන් ගටන්නාහ. එසේ ඇති කල්හි මුවසමූහයෝ වපුළා වූ මේ තණකොටුව හිස් කෙරෙත්. අපි සතර වන මුවසමූහයන් කෙරෙහි මැදහත් වෙමු නම් යෙහෙක” යනු යි. මහණෙනි, නේවාපිකයාත් නේවාපිකපිරිසත් සතර වන මුවසමූහයන් කෙරෙහි මධ්‍යස්ථ වූවාහුය. මහණෙනි, මෙසේ වනාහි සතරවැනි මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණාහුය.
9. උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්ථ අත්ථො: නිවාපොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. නෙවාපිකොති ඛො භික්ඛවෙ මාරස්සෙතං පාපිමතො අධිවචනං. නෙවාපිකපරිසාති ඛො භික්ඛවෙ මාරපරිසායෙතං අධිවචනං. මිගජාතාති ඛො භික්ඛවෙ සමණබ්රාහ්මණානෙතං අධිවචනං.
9. මහණෙනි, අර්ත්ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරණ ලදු. මේ මෙහි අර්ත්ථ යි: මහණෙනි, ‘නිවාප’ යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණෙනි, ‘නේවාපික’ යනු පවිටු මාරයාට මේ නමෙකි. මහණෙනි, ‘නෙවාපිකපිරිස’ යනු මාරපිරිසට මේ නමෙකි. මහණෙනි, ‘මුව සමූහය’ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ නමෙකි.
තත්ර භික්ඛවෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු –
මහණෙනි, පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළ ඒ තණකොටුව වූ පඤ්චකාමයන්ට වැදී මුසපත් වූවාහු කාමගුණ නමැති බොජුන් අනුභව කළහ. ඔහු එහි පිවිස මුසපත්ව පස්කම් බොජුන් අනුභවකළාහු මත් වූහ.
මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ පඨමා මිගජාතා, තථූපමෙ අහං ඉමෙ පඨමෙ සමණබ්රාහ්මණෙ වදාමි.
මත් වූවාහු සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණ කෙතෙහි මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති පරිදි කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, පළමුවන මුව සමූහයෝ යම්සේ ද, මේ පළමුවන මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
10. තත්ර භික්ඛවෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු, තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථා කාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා”ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙ තත්ථ සාකභක්ඛාපි අහෙසුං, සාමාක භක්ඛාපි අහෙසුං, නීවාරභක්ඛාපි අහෙසුං, දද්දුලභක්ඛාපි අහෙසුං, හටභක්ඛාපි අහෙසුං, කණභක්ඛාපි අහෙසුං, ආචාමභක්ඛාපි අහෙසුං, පිඤ්ඤාකභක්ඛාපි අහෙසුං, තිණභක්ඛාපි අහෙසුං, ගොමයභක්ඛාපි අහෙසුං, වනමූලඵලාහාරා යාපෙසුං පවත්තඵලභොජී. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ චෙතොවිමුත්ති පරිහායි. චෙතොවිමුත්තියා පරිහීනාය තමෙව නිවාපං නිවුත්තං මාරස්ස පච්චාගමිංසු තානි ච ලොකාමිසානි. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ දුතියා මිගජාතා තථූපමෙ අහං ඉමෙ දුතියෙ සමණබ්රාහ්මණෙ වදාමි.
10. මහණෙනි, එහි දී දෙවන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණු කෙනෙක් මාරයා විසින් වපුළ මේ පඤ්චකාම ගුණ නමැති නිවාපයට වැද මුසපත් වූවාහු පස්කම් බොජුන් වැළඳුවාහු නම් ඔහු එහි වැද මුසපත් වූවාහු පස්කම්බොජුන් වළඳන්නාහු මදයට පැමිණියහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ තණකොටුව වූ මේ පඤ්චකාමයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ වුහ. මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. අපි මේ පස්කම් ගුණ නමැති ලෝකාමිස නිවාපභෝජනයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාමභෝගයෙන් වෙන් වූවමෝ වනයන්ට වැද වාසය කරන්නෙමු නම් මැනව” කියා යි. ඔහු නිවාපභෝජනය වූ ලෝකාමිසයෙන් හැමලෙසින් වෙන් වූවාහු භයජනක පඤ්චකාමපරිභෝගයෙන් වෙන් වූවාහු වනයන්ට වැද විසූහ. ඔහු එහි දී පලා කන්නෝ ද වූහ. අමු බුදින්නෝ ද වූහ. හුරුහැල් අනුභව කරන්නෝ ද වූහ. සම්කසට අනුභව කරන්නෝ ද වූහ. ලාටු අනුභව කරන්නෝ ද වූහ. කුඩු අනුභව කරන්නෝ ද වූහ. දඹුබත් කන්නෝ ද වූහ. පුනක්කු අනුභව කරන්නෝ ද වූහ. තණ අනුභව කරන්නෝ ද වූහ. ගොම අනුභව කරන්නෝ ද වූහ. වනමුල්පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරන්නෝ කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළු මසෙහි තණ දිය නැති වූ කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා වෑරුණු බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි උපන් අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වැනි ඒ පඤ්චකාමගුණයන්ට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නාහු මදයට පැමිණියාහු ය. මදයට පැමිණියාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණකොටුව වූ පඤ්චකාමගුණික නිවාපයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ වනාහි ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. මහණෙනි, දෙවන මුවසමූහයෝ යම් සේ ද, මේ දෙවන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැයි කියමි.
11. තත්ර භික්ඛවෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං –
11. මහණෙනි, එහි දී තුන් වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළා වූ මේ තණ කොටුව වූ මේ ලෝකාමිසයන්ට ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූහු ද, ඔහු මෙසේ සිතූහ: -
“යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමිංසු. තෙ තත්ථ සාකභක්ඛාපි අහෙසුං, සාමාකභක්ඛාපි අහෙසුං, නීවාරභක්ඛාපි අහෙසුං, දද්දුලභක්ඛාපි අහෙසුං, හටභක්ඛාපි අහෙසුං, කණභක්ඛාපි අහෙසුං, ආචාමභක්ඛාපි අහෙසුං, පිඤ්ඤාකභක්ඛාපි අහෙසුං, තිණභක්ඛාපි අහෙසුං, ගොමයභක්ඛාපි අහෙසුං, වනමූලඵලාහාරා යාපෙසුං පවත්තඵලභොජී. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ චෙතොවිමුත්තියා පරිහීනාය තමෙව නිවාපං නිවුත්තං මාරස්ස පච්චාගමිංසු තානි ච ලොකාමිසානි. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. අපි ච ඛො එවං දිට්ඨිකා අහෙසුං: ‘සස්සතො ලොකො ඉතිපි, අසස්සතො ලොකො ඉතිපි; අන්තවා ලොකො ඉතිපි, අනන්තවා ලොකො ඉතිපි; තං ජීවං තං සරීරං ඉතිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉතිපි; හොති තථාගතො පරම්මරණා ඉතිපි, න හොති තථාගතො පරම්මරණා ඉතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි. –
“යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ ඒ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. අපි හැම අතින් ම ලෝකාමිසනිවාප භෝජනයෙන් වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වී වනයට වැදවාසය කරන්නෙමු නම් යෙහෙක කියා යි. ඔහු ලෝකාමිස නිවාපභෝජනයෙන් වෙන් වූහ. භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වූවාහු වනයට වැදී වාසය කළහ. ඔහු එහි දී පලා කන්නෝත් වූහ. අමු බුදින්නෝත් වූහ. හුරුහැල් අනුභව කරන්නෝත් වූහ. සම්කසට අනුභව කරන්නෝත් වූහ. ලහටු අනුභව කරන්නෝත් වූහ. කුඩු අනුභව කරන්නෝත් වූහ. දඹුබත් කන්නෝත් වූහ. මුරුවට අනුභව කරන්නෝත් වූහ. තණ අනුභව කරන්නෝත් වූහ. ගොම අනුභව කරන්නෝත් වූහ. වනමුල් පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරණසුලුව කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ දිය සිඳුණු කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා කෘශ බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි යන අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වූ ඒ ලෝකාමිස නිවාපයට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව ලෝකාමිසය අනුභව කරන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ ලෝකාමිසනිවාපයෙහි කැමැති සේ කළ යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. ‘අපි මේ මාරයා වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට වැස මාරයා විසින් වපුළ නිවාපය වූ ඒ ලෝකාමිසයන් ට නො වැද නො මුසපත් ව ලෝකාමිසභෝජනය අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පස්කම් බොජුන් වළඳන්නමෝ මත් නොවන්නෙමු නම්, නො මත්වුවමෝ ප්‍රමාදයට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නමෝ නම් යෙහෙකැ’යි කියා යි. ඔහු මාරයා වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ නිවාප වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වූවාහු පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි නො වැද මුසපත් නො වී පස්කම්ගුණ බොජුන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. නො පමා වූවාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එතෙකුදු වුවත් ‘ලෝකය ශාශ්වතය කියා ද, ලෝකය අශාශ්වත ය යි කියා ද, ලෝකය කෙළවරක් ඇත්තේ ය කියා ද, ලෝකය කෙළවරක් නැත්තේ ය කියා ද, ඒ ජීවය, ඒ ශරීරය යි කියා ද, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි කියා ද, සත්ත්වයා මරණින් මතු වන්නේ ය කියා ද, සත්ත්වයා මරණින් මතු වන්නේත් වේ, නො වන්නේත් වේ කියා ද, සත්ත්වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙවැනි දෘෂ්ටි ඇත්තෝ වූහ.
“එවං හි තෙ භික්ඛවෙ තතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ තතියා මිගජාතා තථූපමෙ අහං ඉමෙ තතියෙ සමණබ්රාහ්මණෙ වදාමි.
මහණෙනි, මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, ඒ තුන්වන මුවසමූහයෝ යම්සේ ද, මේ තුන්වන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
12. තත්ර භික්ඛවෙ චතුත්ථා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි] [අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: යෙ තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. [යෙපි තෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං -පෙ- ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. අපි ච ඛො එවංදිට්ඨිකා අහෙසුං: සස්සතො ලොකො ඉතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි. එවං හි තෙ තතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. –
12. මහණෙනි, එහි දී සතර වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් මේ පළමුවන මහණ බමුණෝ වූ ද, ඔහු මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ දෙවන මහණබමුණෝ මෙසේ සිතුවාහු ද, “යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි සම්පුර්ණයෙන් ලෝකාමිස නිවාපභෝජනය වූ පඤ්චකාමගුණයෙන් වෙන් වන්නෙමු නම් යෙහෙකි’ ... මෙසේ වනාහි මේ දෙවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ තුන්වන මහණබමුණෝ වූ ද, ඔහු මෙසේ සිතුවාහු ය: “යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූ ද ඔහු මෙසේ සිතුවාහු ය: යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ වනාහි ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි නිවාප භෝජන වූ ලෝකාමිසයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම් යෙහෙකැ’යි … මෙසේ ඒ දෙවන මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. යම් මේ තෙවන මහණබමුණෝ ‘අපි මේ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නොවී පඤ්චකාම භෝජන අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පඤ්චකාම භෝජන අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැති නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මේ මාරයාගේ නිවාපය වූ මේ පඤ්චකාම ගුණයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’යි මෙසේ සිතුවාහු ද, ඔහු මාරයා වපුළ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ පඤ්චකාමයන්ට නො වැද මුසපත් නො වූවාහු පඤ්චකාමභෝජන අනුභව කළහ. ඔහු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමභෝජනයන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියහ. සිහි නැති බවට නොපැමිණියාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එසේ වුවත් ලෝකය ශාශ්වතය කියා ද, ... සත්වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ.
“යන්නූන මයං යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්රාසයං කප්පෙයාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්රාසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ චතුත්ථා සමණබ්රාහ්මණා පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ චතුත්ථා මිගජාතා තථූපමෙ අහං ඉමෙ චතුත්ථෙ සමණබ්රාහ්මණෙ වදාමි.
යම් තැනක අපි මාරයාගේත් මාරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානයක් කරන්නෙමු නම් ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් බුදින්නෙමු නම්, නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැතිබවට නො පැමිණෙන්නමෝ නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ නො වන්නෙමු නම් යෙහෙකැ යි කියා ය. ඔහු යම් තැනක මාරයාගේත් මරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානක් කළහ. එහි ආශයස්ථානක් කොට මාරයා වපුළ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජන අනුභව කළහ. ඔහු තුමූ එහි නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජනයන් අනුභව කරන්නාහු මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමති සේ කළ යුත්තෝ නො වූහ. මෙසේ වනාහි ඒ සතරවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණහ. මහණෙනි, ඒ සතර වැනි මුවසමූහයෝ යම්බඳු ද, මේ සතර වැනි මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි මම කියමි.
13. කථඤ්ච භික්ඛවෙ අගති මාරස්ස ච මාරපරිසාය ච? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
13. මහණෙනි, මාරයාගේත් මාරපිරිසේත් අගතිය (විෂය නැති තැන) කෙසේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ අකුශල ධර්මයන්ගෙන් වෙන් ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්ධ කෙළේ ය යි ද, මරු ඇස අපද කොට (පිහිට නැති සේ නසා) පවිටු මාරයාගේ නොදැක්මට ගියේ ය යි ද” කියනු ලැබේ.
14. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
14. මහණෙනි, නැවත අනෙකක් වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම වූ සිතේ එකඟබව ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්ධ කෙළේ යයි ද, මාරු ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
15. පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
15. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද වෙන් වීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා නුවණින් යුක්ත වූයේ වාසය කරයි. කයින් සැපය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උදෙසා ‘උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ගුණ වර්ණනා වශයෙන් කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
16. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
16. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පළමු ව සොම්නස් දොම්නස් දුරු වීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂාව හා සිහිය පිළිබඳ පිරිසුදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේය යි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි කියනු ලැබේ.
17. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
17. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් අපවත් කිරීමෙන් නානාත්වසංඥා මෙනෙහි නො කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
18. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
18. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
19. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
19. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
20. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
20. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
21. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො, තිණ්ණො ලොකෙ විසත්තිකන්ති.”
21. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාර්ගප්රඥාවෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යයන්) දැක ආස්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ මහණ “මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”ය යි ද ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙළේ” යයි ද කියනු ලැබේ.
22. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්හ.
නිවාපසුත්තං පඤ්චමං.
නිවාප සූත්‍රය පස්වැනි යි.