නිවාපසුත්තවණ්ණනා අට්ඨකථා
නිවාපසුත්තවණ්ණනා
නිවාප සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති නිවාපසුත්තං. තත්ථ නෙවාපිකොති යො මිගානං ගහණත්ථාය අරඤ්ඤෙ තිණබීජානි වපති “ඉදං තිණං ඛාදිතුං ආගතෙ මිගෙ සුඛං ගණ්හිස්සාමී”ති. නිවාපන්ති වප්පං. නිවුත්තන්ති වපිතං. මිගජාතාති මිගඝටා. අනුපඛජ්ජාති අනුපවිසිත්වා. මුච්ඡිතාති තණ්හාමුච්ඡනාය මුච්ඡිතා, තණ්හාය හදයං පවිසිත්වා මුච්ඡනාකාරං පාපිතාති අත්ථො. මදං ආපජ්ජිස්සන්තීති මානමදං ආපජ්ජිස්සන්ති. පමාදන්ති විස්සට්ඨසතිභාවං. යථාකාමකරණීයා භවිස්සන්තීති යථා ඉච්ඡිස්සාම, තථා කාතබ්බා භවිස්සන්ති. ඉමස්මිං නිවාපෙති ඉමස්මිං නිවාපට්ඨානෙ.
එවම්මෙසුතං යනු නිවාප සූත්‍රයයි. එහි නෙවාපිකො යනු යමෙක් මුවන් ඇල්ලීම පිණිස, මේ තණ කන්නට එන මුවන් පහසුවෙන් අල්ලා ගන්නෙමි යයි කැලෑවෙහි තණ බිජුවට වපුරාද? නිවාපං යනු තණකොලය නිවුත්තං යනු වපුරන ලද, මිගජාතා යනු මුව සමූහයා, අනුපඛජ්ජා යනු ඇතුළතට පිවිස, මුච්ඡිතා යනු තෘෂ්ණාවෙන් මුසපත් වූවාහු, මුච්ඡිතා තෘෂ්ණාව හදවතට ඇතුල් වී (මූර්ඡා) මුසපත් වූ ආකාරයට පමුණුවන ලද්දාහු, මදං ආපජ්ජිසන්ති යනු මාන මදයට පැමිණෙන්නාහුය. පමාදන්ති යනු විසුරුණා වූ සිත් ඇති බවට, යථා කාම කරණීයා භවිස්සන්ති යනු යමක් කැමති වන්නෙම්ද එය එසේ කටයුතු වන්නේ ය. ඉමස්මිං නිවාපෙ යනු මේ තෘණ වැපිරූ තන්හි.
එකං කිර නිවාපතිණං නාම අත්ථි නිදාඝභද්දකං, තං යථා යථා නිදාඝො හොති, තථා තථා නීවාරවනං විය මෙඝමාලා විය ච එකග්ඝනං හොති, තං ලුද්දකා එකස්මිං උදකඵාසුකට්ඨානෙ කසිත්වා වපිත්වා වතිං කත්වා ද්වාරං යොජෙත්වා රක්ඛන්ති. අථ යදා මහානිදාඝෙ සබ්බතිණානි සුක්ඛානි හොන්ති, ජිව්හාතෙමනමත්තම්පි උදකං දුල්ලභං හොති, තදා මිගජාතා සුක්ඛතිණානි චෙව පුරාණපණ්ණානි ච ඛාදන්තා කම්පමානා විය විචරන්තා නිවාපතිණස්ස ගන්ධං ඝායිත්වා වධබන්ධනාදීනි අගණයිත්වා වතිං අජ්ඣොත්ථරන්තා පවිසන්ති. තෙසඤ්හි නිවාපතිණං අතිවිය පියං හොති මනාපං. නෙවාපිකො තෙ දිස්වා ද්වෙ තීණි දිවසානි පමත්තො විය හොති, ද්වාරං විවරිත්වා තිට්ඨති. අන්තොනිවාපට්ඨානෙ තහිං තහිං උදකආවාටකාපි හොන්ති, මිගා විවටද්වාරෙන පවිසිත්වා ඛාදිතමත්තකං පිවිතමත්තකමෙව කත්වා පක්කමන්ති, පුනදිවසෙ කිඤ්චි න කරොන්තීති කණ්ණෙ චාලයමානා ඛාදිත්වා පිවිත්වා අතරමානා ගච්ඡන්ති, පුනදිවසෙ කොචි කිඤ්චි කත්තා නත්ථීති යාවදත්ථං ඛාදිත්වා පිවිත්වා මණ්ඩලගුම්බං පවිසිත්වා නිපජ්ජන්ති. ලුද්දකා තෙසං පමත්තභාවං ජානිත්වා ද්වාරං පිධාය සම්පරිවාරෙත්වා කොටිතො පට්ඨාය කොට්ටෙත්වා ගච්ඡන්ති, එවං තෙ තස්මිං නිවාපෙ නෙවාපිකස්ස යථාකාමකරණීයා භවන්ති.
එක් නිවාප තණ වර්ගයක් නම් ඇත. එය යම් යම් සේ නියඟය ඒද ඒ ඒ පරිද්දෙන් හූරුහැල් වනයක් මෙන් ද, මේඝමාලාවක් මෙන් ද, එකට ගුටි වෙයි. වැද්දෝ එය එක් දිය පහසුකම් ඇති තැනක කැස (හා) වපුරා වැටක් බැඳ දොරක් දමා ආරක්ෂා කරත්. අනතුරුව යම් මහා නියඟයක් පැමිණි කල්හි සියලු තණකොළ වියලී ගියේද, දිව තෙමන පමණකුත් ජලය නැති වූයේ ද, එකල්හි මුව සමූහයෝ වියලි තණ ද, පරඬැල් ද කමින් වෙවුලමින් මෙන් හැසිරෙන කල්හි, නිවාප තෘණයාගේ සුවඳ ආඝ්‍රාණය කොට වධ බන්ධනාදිය නො සලකා වැට කඩමින් ඇතුල් වෙති. ඔවුන්ට නිවාප තණ අතිශයින් ප්‍රියමනාප වන බැවිනි. නෙවාපික තෙපීමේ (අයිතිකරුවන්) එය දැක දෙතුන් දිනක් ප්‍රමාද ද ඇත. මුවේ විවරකළ දොරෙන් ඇතුල් වී හැකිතරම් කා දිය බී පැනයති. දෙවන දවසෙහි කිසිවක් සිදු නොවේ. කන් සලමින් කා දිය බී නො වෙවුලන ගතියෙන් යෙති. ඊළඟ දවසේ කිසිවක් කිරීමට කිසිවෙක් නැතැයි යැපෙන තාක් කා වතුර බී සෙවන තැනකට වී නිදති. ඔවුන්ගේ ප්‍රමාද බව දුටු වැද්දෝ දොර වසා පිරිවර සමගින් වටකොට, කෙළවරක සිට කොට කොට යති. මෙසේ ඔවුන් ඒ නිවාපස්ථානයේ නේවාපිකයා විසින් කැමති පරිද්දෙන් තමන්ගේ කටයුතු කරති.
තත්ර, භික්ඛවෙති, භික්ඛවෙ, තෙසු මිගජාතෙසු. පඨමා මිගජාතාති, මිගජාතා පඨමදුතියා නාම නත්ථි. භගවා පන ආගතපටිපාටිවසෙන කප්පෙත්වා පඨමා, දුතියා, තතියා, චතුත්ථාති නාමං ආරොපෙත්වා දස්සෙසි. ඉද්ධානුභාවාති යථාකාමං කත්තබ්බභාවතො; වසීභාවොයෙව හි එත්ථ ඉද්ධීති ච ආනුභාවොති ච අධිප්පෙතො.
තත්ර භික්ඛවෙ මහණෙනි! ඒ මෘග සමූහයන් කෙරෙහි පඨමා මිගජාතා මෘග සමූහයෝ පළමුවෙනි දෙවෙනි කියා නැත. එහෙත් භාග්‍යවතුන් වහන්සේ පැමිණ පිළිවෙළින් පළමුවෙනි දෙවෙනි තෙවැනි සිව්වෙනි වශයෙන් නම් කොට දැක්වීය. ඉද්ධානු භාවා යනු කැමති පරිද්දෙන් කළයුතු බැවින්, මෙහි වසඟ බවම ඉද්ධි යයි ද ආනුභාවයයිද අදහස් කළහ.
භයභොගාති භයෙන භොගතො. බලවීරියන්ති අපරාපරං සඤ්චරණවායොධාතු, සා පරිහායීති අත්ථො.
භයභොගා බියෙන් කළයුතු පරිභෝගයෙන්, බලවිරියං යනු ඔබිනොබ හැසිරෙන වායෝ ධාතුව පරිහායි පිරිහුනේය යන අර්ථයි.
උපනිස්සාය ආසයං කප්පෙය්යාමාති අන්තො නිපජ්ජිත්වා ඛාදන්තානම්පි භයමෙව, බාහිරතො ආගන්ත්වා ඛාදන්තානම්පි භයමෙව, මයං පන අමුං නිවාපට්ඨානං නිස්සාය එකමන්තෙ ආසයං කප්පෙය්යාමාති චින්තයිංසු. උපනිස්සාය ආසයං කප්පයිංසූති ලුද්දකා නාම න සබ්බකාලං අප්පමත්තා හොන්ති. මයං තත්ථ තත්ථ මණ්ඩලගුම්බෙසු චෙව වතිපාදෙසු ච නිපජ්ජිත්වා එතෙසු මුඛධොවනත්ථං වා ආහාරකිච්චකරණත්ථං වා පක්කන්තෙසු නිවාපවත්ථුං පවිසිත්වා ඛාදිතමත්තං කත්වා අම්හාකං වසනට්ඨානං පවිසිස්සාමාති නිවාපවත්ථුං උපනිස්සාය ගහනෙසු ගුම්බවතිපාදාදීසු ආසයං කප්පයිංසු. භුඤ්ජිංසූති වුත්තනයෙන ලුද්දකානං පමාදකාලං ඤත්වා සීඝං සීඝං පවිසිත්වා භුඤ්ජිංසු.
උපනිස්සාය ආසයං කප්පෙය්යාම යනු ඇතුළතට වැදී කන්නවුනට බයම වෙයි. පිටතින් අවුත් කන්නවුන්ටද එයම වෙයි. අපි වනාහි මේ නිවාපන ස්ථානය ඇසුරු කොට එක පැත්තක (පිටත) වාසය කරන්නේ නම් ඉතා හොඳයයි සිතුවෙමු. උපනිස්සාය ආසයං කප්පයිංසු වැද්දෝ වූ කලී හැමදාම ප්‍රමාද වන්නේ නොවෙති. අපි තැන් තැන්වල සෙවණ ඇති තැන්වල ලැහැබ්වල, වැට අයිනේ එක්පසෙක සිටින්නෙමු. වැද්දන් කෑමට හෝ මුව දෙවීමට හෝ පිටත ගියකල්හි නිවාස වත්තට පැන කෑ පමණක් බිව් පමණක් කොට අප වසන තැන්වලටම පිවිසෙන්නෙමු යයි නිවාප වත්ත ඇසුරුකොට වනයෙහි ගස් මුල් සෙවණ තැන්, පඳුරු තුළ ආදියෙහි විසූහ. භුඤ්ජිංසු යට කී ආකාරයෙන් වැද්දන්ගේ ප්‍රමාද කාලය දැක වහ වහා පිවිස තණ කෑවාහු වෙති.
කෙතබිනොති සික්ඛිතකෙරාටිකා. ඉද්ධිමන්තාති ඉද්ධිමන්තො විය. පරජනාති යක්ඛා. ඉමෙ න මිගජාතාති. ආගතිං වා ගතිං වාති ඉමිනා නාම ඨානෙන ආගච්ඡන්ති, අමුත්ර ගච්ඡන්තීති ඉදං නෙසං න ජානාම. දණ්ඩවාකරාහීති දණ්ඩවාකරජාලෙහි. සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුන්ති අතිමායාවිනො එතෙ, න දූරං ගමිස්සන්ති, සන්තිකෙයෙව නිපන්නා භවිස්සන්තීති නිවාපක්ඛෙත්තස්ස සමන්තා සප්පදෙසං මහන්තං ඔකාසං අනුපරිවාරෙසුං. අද්දසංසූති එවං පරිවාරෙත්වා වාකරජාලං සමන්තතො චාලෙත්වා ඔලොකෙන්තා අද්දසංසු. යත්ථ තෙති යස්මිං ඨානෙ තෙ ගාහං අගමංසු, තං ඨානං අද්දසංසූති අත්ථො.
කෙටුභීනො යනු හික්මුණු කෛරාටිකයෝ ඉද්ධිමන්තා යන ඍද්ධි ඇත්තවුන් මෙන්, පරජනා යක්ෂයෝ, මොවුන් මෘග සමූහයෝ නො වෙති. ආගතිංවා ගතිංවා යනු මෙතැනින් එති. අසවල් තැනින් යති. මේ කිසිවක් නො දන්නමෝ වෙමු. දණ්ඩවාකරාහි යනු දඬුවර දැල්වලින් සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසු යනු මොව්හූ මායා ඇත්තෝය. ඉතා දුර නොයත්. කිට්ටුව ම සිටින්නාහු වෙති. නිවාප ක්ෂේත්රය හාත්පස මහත් වූ අවසරය පිරිවැරුවාහු වෙති. අද්දසාසුං මෙසේ වටකොට හාත්පස දැල් එලා වටකොට බලන්නාහු දුටුවාහුය යන අර්ථයි. යම් තැනකට ඔවුහු ගියාහුද, එතැන දුටුවාහුය.
යංනූන මයං යත්ථ අගතීති තෙ කිර එවං චින්තයිංසු – “අන්තො නිපජ්ජිත්වා අන්තො ඛාදන්තානම්පි භයමෙව, බාහිරතො ආගන්ත්වා ඛාදන්තානම්පි සන්තිකෙ වසිත්වා ඛාදන්තානම්පි භයමෙව, තෙපි හි වාකරජාලෙන පරික්ඛිපිත්වා ගහිතායෙවා”ති, තෙන තෙසං එතදහොසි – “යංනූන මයං යත්ථ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච අගති අවිසයො, තත්ථ තත්ථ සෙය්යං කප්පෙය්යාමා”ති. අඤ්ඤෙ ඝට්ටෙස්සන්තීති තතො තතො දූරතරවාසිනො අඤ්ඤෙ ඝට්ටෙස්සන්ති. තෙ ඝට්ටිතා අඤ්ඤෙති තෙපි ඝට්ටිතා අඤ්ඤෙ තතො දූරතරවාසිනො ඝට්ටෙස්සන්ති. එවං ඉමං නිවාපං නිවුත්තං සබ්බසො මිගජාතා පරිමුච්චිස්සන්තීති එවං ඉමං අම්හෙහි නිවුත්තං නිවාපං සබ්බෙ මිගඝටා මිගසඞ්ඝා විස්සජ්ජෙස්සන්ති පරිච්චජිස්සන්ති. අජ්ඣුපෙක්ඛෙය්යාමාති තෙසං ගහණෙ අබ්යාවටා භවෙය්යාමාති; යථා තථා ආගච්ඡන්තෙසු හි තරුණපොතකො වා මහල්ලකො වා දුබ්බලො වා යූථපරිහීනො වා සක්කා හොන්ති ලද්ධුං, අනාගච්ඡන්තෙසු කිඤ්චි නත්ථි. අජ්ඣුපෙක්ඛිංසු ඛො, භික්ඛවෙති එවං චින්තෙත්වා අබ්යාවටාව අහෙසුං.
යන්නූන මයං තත්ථ අගතීති ඔව්හූ වනාහි මෙසේ සිතූහ. ඇතුළත හෙට ඇතුළත කරන්නවුන්ට ද බිය වේ. පිටතින් ඇවිත් කන්නවුන්ට ද, සමීපයේ ජීවත්ව කන්නවුන්ට ද බියම උපදී. යම්හෙයකින් ඔවුන්ද වරදැලින් වටකොට ගනිත්ද ඒ නිසාම ඔවුන්ට මෙසේ සිතිණ. අපි යම්හෙයකින් නේවාපිකයාට ද, නේවාපික පිරිසට ද සුදුසු නො වේද, විෂය නො වේද, අරමුණු නොවේද, එබඳු තැනෙක්හි වාසය කරන්නෙමු නම් එය ඉතා මැනවි. අඤ්ඤෙ ඝංට්ටෙස්සන්තී එහෙයින් එයින් ඉතා දුර වසන්නා වූ අන්‍යයෝ ද පැමිණ ගැටෙන්නාහ. තෙ ඝට්ටිතා අඤ්ඤෙ ඔවුහු ද ගැටෙන්නාහු එයින් ඉතා දුර වසන්නා වූ අන්‍යයන් සමග ගැටෙන්නාහ. එවං ඉමං නිවාපං නිවුත්තං සබ්බසො මිගජාතා රිඤ්චිස්සන්ති යනු මෙසේ අප විසින් වපුරන ලද නිවාපය සියලු මුවන් විසින්, මුව සමූහයා විසින් අත්හරින්නාහ. දුරු කරන්නාහ. අජ්ඣුපෙක්ඛෙය්යාමා ඔවුන් ගැනීමට අපි අපොහොසත් වෙමු. දුරු කරන්නෙමු. යම් සේ එසේ එන්නා වූ තරුණ මුවකු හෝ පැටියෙකු හෝ මහල්ලෙක් හෝ දුබලයෙක් හෝ රැලින් වෙන් වූ කෙනෙක් හෝ ලබන්නට හැකි වන්නේය. නො එන කල්හි මේ කිසිත් නැත්තේය. අජ්ඣුපෙක්ඛිංසු ඛො භික්ඛවෙ යනු මෙසේ සිතා උත්සාහ නො කරන්නෝ වූහ.
අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානීති එත්ථ නිවාපොති වා ලොකාමිසානීති වා වට්ටාමිසභූතානං පඤ්චන්නං කාමගුණානමෙතං අධිවචනං. මාරො න ච බීජානි විය කාමගුණෙ වපෙන්තො ආහිණ්ඩති, කාමගුණගිද්ධානං පන උපරි වසං වත්තෙති, තස්මා කාමගුණා මාරස්ස නිවාපා නාම හොන්ති. තෙන වුත්තං – “අමුං නිවාපං නිවුත්තං මාරස්සා”ති. න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවාති මාරස්ස වසං ගතා අහෙසුං, යථාකාමකරණීයා. අයං සපුත්තභරියපබ්බජ්ජාය ආගතඋපමා.
අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනිච ලොකොමිසාති මෙහි සංසාරයේ ආමිෂ වූ පස්කම් ගුණයන්ට මේ නමකි. මාර තෙමේ බීජයන් මෙන් පස්කම් ගුණ වපුරමින් නො ඇවිදියි. එහෙත් කාමගුණයන් පිළිබඳව ගිජු වූවන්ගේ මත්තෙහි ආධිපත්‍යය පවත්වයි. එහෙයින් කාම ගුණය මාරයාගේ නිවාපයයි. එහෙයින් කියන ලදී. අමුං නිවාපං නිවුත්තං මාරස්සාති න පරිමච්චිංසු මාරස්ස ඉද්ධානුභාවාති යනු මාරයාගේ වසඟයට ගියාහු වූවෝය. ඔවුහු යම්සේ කැමැත්තේ ද එසේ කටයුතු කළහ. මේ දූපුත් අඹුදරුවන් සහිත ප්‍රව්‍රජ්‍යාවට දක්වන ලද උපමාවයි.
චෙතොවිමුත්ති පරිහායීති එත්ථ චෙතොවිමුත්ති නාම අරඤ්ඤෙ වසිස්සාමාති උප්පන්නඅජ්ඣාසයො; සො පරිහායීති අත්ථො. තථූපමෙ අහං ඉමෙ දුතියෙති අයං බ්රාහ්මණධම්මිකපබ්බජ්ජාය උපමා. බ්රාහ්මණා හි අට්ඨචත්තාලීසවස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා වට්ටුපච්ඡෙදභයෙන පවෙණිං ඝටයිස්සාමාති ධනං පරියෙසිත්වා භරියං ගහෙත්වා අගාරමජ්ඣෙ වසන්තා එකස්මිං පුත්තෙ ජාතෙ “අම්හාකං පුත්තො ජාතො වට්ටං න උච්ඡින්නං පවෙණි ඝටිතා”ති පුන නික්ඛමිත්වා පබ්බජන්ති වා තමෙව වා ස’කලත්තවාසං වසන්ති.
චෙතො විමුත්ති පරිහායි මෙහි චෙතො විමුත්ති නම් ආරණ්‍යගතව වසන්නෙමි යයි උපන් අදහසයි. එය පිරිහී ගියේය යන අර්ථයි. තථූපමෙ අයං භික්ඛවෙ ඉමෙ දුතියොති යනු මේ බ්‍රාහ්මණ ධර්ම ප්‍රවෘජ්‍යාවට උපමාවයි. බ්‍රාහ්මණයෝ වනාහි අටසාළිස් වසක් කුමර බඹසරෙහි හැසිර, පරම්පරාව සිඳීමේ බියෙන් පරපුර ගළපන්නෙමැයි ධනය සොයා, බිරිඳක් ගෙන ගෘහවාසයෙහි වැස එක් පුතෙකු වැදූ කල්හි, අපගේ සමීපයට පැමිණ, සසර බිය නොසිඳිනා ලදය. ප්‍රවේණිය ගලපන ලදයැයි නැවත නික්ම පැවිදි වෙයි. එහිම සකලත්රවාසයෙහි හෝ යෙදෙත්.
එවඤ්හි තෙ, භික්ඛවෙ, තතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසූති පුරිමා විය තෙපි මාරස්ස ඉද්ධානුභාවා න මුච්චිංසු; යථාකාමකරණීයාව අහෙසුං. කිං පන තෙ අකංසූති? ගාමනිගමරාජධානියො ඔසරිත්වා තෙසු තෙසු ආරාමඋය්යානට්ඨානෙසු අස්සමං මාපෙත්වා නිවසන්තා කුලදාරකෙ හත්ථිඅස්සරථසිප්පාදීනි නානප්පකාරානි සිප්පානි සික්ඛාපෙසුං. ඉති තෙ වාකරජාලෙන තතියා මිගජාතා විය මාරස්ස පාපිමතො දිට්ඨිජාලෙන පරික්ඛිපිත්වා යථාකාමකරණීයා අහෙසුං.
එවංහි තෙ භික්ඛවෙ තතියා සමණ බ්‍රාහ්මණ න පරිමුච්චිංසු යනු පෙර අය මෙන් ඔහු ද මාරයාගේ අධිපතිභාවයෙන් නො මිදුණහ. කැමති සේ කටයුතු කරන්නෝ ම වූහ. නැවත ඔව්හූ කුමක් කළෝ ද, ගම් නියම්ගම් රාජධානිවල හැසිරෙමින්, ඒ ඒ ඔවුන්ගේ ආරාම උයන් පිහිටි තන්හි ආශ්‍රමයන් තනා පදිංචි වී තම දරුවන්ට ඇත්, අස් රිය ශිල්ප ආදියෙහි හික්මවා, ශිල්ප උගන්වති. මෙසේ ඔවුන්, වරදැලින් තෙවැනි මෘගජාතීන් මෙන් පාපීමත් වූ මාරයාගේ දිමුදැලින් වටකරන ලද්දාහු කැමති සේ කටයුතු කරන්නේ වූහ.
තථූපමෙ අහං ඉමෙ චතුත්ථෙති අයං ඉමස්ස සාසනස්ස උපමා ආහටා.
තථූපමං අහං භික්ඛවෙ - ඉමෙ චතුත්ථෙති යන මෙය ශාසනය පිළිබඳව දැක්වූ උපමාවයි.
අන්ධමකාසි මාරන්ති න මාරස්ස අක්ඛීනි භින්දි. විපස්සනාපාදකජ්ඣානං සමාපන්නස්ස පන භික්ඛුනො ඉමං නාම ආරම්මණං නිස්සාය චිත්තං වත්තතීති මාරො පස්සිතුං න සක්කොති. තෙන වුත්තං – “අන්ධමකාසි මාර”න්ති. අපදං වධිත්වා මාරචක්ඛුන්ති තෙනෙව පරියායෙන යථා මාරස්ස චක්ඛු අපදං හොති නිප්පදං, අප්පතිට්ඨං, නිරාරම්මණං, එවං වධිත්වාති අත්ථො. අදස්සනං ගතො පාපිමතොති තෙනෙව පරියායෙන මාරස්ස පාපිමතො අදස්සනං ගතො. න හි සො අත්තනො මංසචක්ඛුනා තස්ස විපස්සනාපාදකජ්ඣානං සමාපන්නස්ස භික්ඛුනො ඤාණසරීරං දට්ඨුං සක්කොති.
අන්ධමකාසිමාරං යනු මාරයාගේ ඇස් නොබිඳි බවයි. එහෙත් විදර්ශනාපාදක ධ්‍යානයට සමවැදුනු භික්ෂූන්ගේ සිත මෙනම් අරමුණු නිසා පවතීයයි මාරයාට දකින්නට නො හැක්කේය. එහෙයින් කියන ලදී. අන්ධමකාසි මාරං යනු අපදං වධිත්වා මාර චක්ඛුං එම පර්යායෙන්ම යම්සේ මාරයාගේ ඇස අස්ථාන වේද, ස්ථාන රහිත වේද, නො පිහිටියේ වේද අරමුණු ගැනීමට නො හැකි වූයේ ද, එපරිද්දෙන් නසා යන අර්ථයි. අදස්සනං ගතො පාපිමතො යනු ඒ අන්දමින්ම ඒ ප්‍රකාරයෙන්ම පාපිමත් වූ මාරයාගේ ඇස් නො පෙනී ගියේ ද, නො දක්නා බවට ගියේද, හෙතෙම තමන්ගේ මසැසින් විදර්ශනා පාදකධ්‍යානයට සමවැදුනු භික්ෂුවගේ ඤාණ ශරීරය දක්නට නො හැකි වන්නේමය.
පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්තීති මග්ගපඤ්ඤාය චත්තාරි අරියසච්චානි දිස්වා චත්තාරො ආසවා පරික්ඛීණා හොන්ති. තිණ්ණො ලොකෙ විසත්තිකන්ති ලොකෙ සත්තවිසත්තභාවෙන විසත්තිකාති එවං සඞ්ඛං ගතං. අථ වා “විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා? විසතාති විසත්තිකා විසටාති විසත්තිකා, විපුලාති විසත්තිකා, විසාලාති විසත්තිකා, විසමාති විසත්තිකා, විසක්කතීති විසත්තිකා, විසං හරතීති විසත්තිකා, විසංවාදිකාති විසත්තිකා, විසමූලාති විසත්තිකා, විසඵලාති විසත්තිකා, විසපරිභොගාති විසත්තිකා, විසාලා වා පන සා තණ්හා රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ”ති (මහානි· 3; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 22, ඛග්ගවිසාණසුත්තනිද්දෙස 124) විසත්තිකා. එවං විසත්තිකාති සඞ්ඛං ගතං තණ්හං තිණ්ණො නිත්තිණ්ණො උත්තිණ්ණො. තෙන වුච්චති – “තිණ්ණො ලොකෙ විසත්තික”න්ති.
පඤ්ඤාය චස්ස දිස්වා මාර්ග ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය දැක සතර ආශ්රවයෝක්ෂය කරන ලද්දාහු වෙති. තිණ්ණෙ ලොකෙ විසත්තිකං ලෝකයෙහි ඇළුණු විශේෂයෙන් ඇළුණු බැවින් විසත්තිකා නම් වූ සංඛ්‍යාවට ගිය නොහොත්, විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා පතළ වූයේ යයි විසත්තිකා නමි. තුන්බිම පතුරුවන බැවින් විසත්තිකා රූපාදියෙහි විශාල වූ අරුතින් විසත්තිකා, ඉවසන සුළු බැවින් විසත්තිකා සිත හකුළුවානුයි විසත්තිකා, දුක් ගෙන එන්නේයයි විසත්තිකා - විසංවාදය කරන බැවින් විසත්තිකා - විෂය මූල වන හෙයින් විසත්තිකා විෂ වල ඇති බැවින් විසත්තිකා, දුක් පරිභෝජනය කරන්නේනුයි විසත්තිකා, රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි තෘෂ්ණා ඇත්තේනුයි විසත්තිකා නම් වේ. තෘෂ්ණාව තරණය කළේනුයි විසත්තිකා. එහෙයින් කියන ලදී. තිණ්ණෙ ලොකෙ විසත්තිකා
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය නිවාපසුත්තවණ්ණනා නිට්ඨිතා.
නිවාප සූත්‍ර වර්ණනාව නිමියේය.