අරියපරියෙසනසුත්තවණ්ණනා අට්ඨකථා
අරියපරියෙසනසුත්තවණ්ණනා
අරියපරියෙසන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති පාසරාසිසුත්තං. තත්ථ සාධු මයං, ආවුසොති ආයාචන්තා භණන්ති. එතෙ කිර පඤ්චසතා භික්ඛූ ජනපදවාසිනො “දසබලං පස්සිස්සාමා”ති සාවත්ථිං අනුප්පත්තා. සත්ථුදස්සනං පන එතෙහි ලද්ධං, ධම්මිං කථං න තාව සුණන්ති. තෙ සත්ථුගාරවෙන “අම්හාකං, භන්තෙ, ධම්මකථං කථෙථා”ති වත්තුං න සක්කොන්ති. බුද්ධා හි ගරූ හොන්ති, එකචාරිකො සීහො මිගරාජා විය, පභින්නකුඤ්ජරො විය, ඵණකතආසීවිසො විය, මහාඅග්ගික්ඛන්ධො විය ච දුරාසදා වුත්තම්පි චෙතං –
එවම්මෙසුතං මේ පාසරාසි සූත්‍රයයි. එහි සාධු මයං ආවුසො යනු ආයාචනා කරමින් කියත්. මේ දනව්වැසි පන්සියයක් භික්ෂූහු දශබලධාරීන් වහන්සේ දකින්නෙමුයි සැවැත්නුවරට පැමිණියාහුය. මේ පිරිස ශාස්තෲන් වහන්සේ දුටහ. එහෙත් ධර්මකථාවක් නො ඇසූහ. ඔවුන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසා අපට ධර්මකථාවක් වදාරන්නැයි කියන්නට අපොහොසත් වූහ. බුදුවරු නම් ගෞරව කළයුත්තේමය. තනිව හැසිරෙන මෘගරාජන් වූ සිංහයෙකු බඳුය. මදය ඇති ඇතෙකු මෙනි. පෙණය කළ සර්පයකු මෙනි. ගිනිකඳක් මෙනි. එබැවින් ළංවිය නොහැක. මෙසේ කියන ලද්දේය.
“ආසීවිසො යථා ඝොරො, මිගරාජාව කෙසරී; නාගොව කුඤ්ජරො දන්තී, එවං බුද්ධා දුරාසදා”ති.
අසිවිසො යථා ඝොරො - මිගරාජාච කෙසරී නාගො ච කුඤ්ජරො දන්තී - එවං බුද්ධා දුරාසදා
දරුණු ආශීර්විෂයක්හු වෙත, ශෙර සිංහයකු වෙත, දන්තී නම් වූ ඇතකු වෙත ළංවිය නොහැක්කේ ද, එසේ සර්වඥ බුදුවරයන් වෙත ද ළංවිය නො හැක්කේය.
එවං දුරාසදං සත්ථාරං තෙ භික්ඛූ සයං යාචිතුං අසක්කොන්තා ආයස්මන්තං ආනන්දං යාචමානා “සාධු මයං, ආවුසො”ති ආහංසු.
මෙසේ ළංවිය නො හැක්කා වූ බුදුරජුන් වෙත යාඥා කරන්නට නො හැකි වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද හිමියන් වෙත යාඥා කරන්නාහු සාධූ මයං ආවුසො යයි කීහූ.
අප්පෙව නාමාති අපි නාම ලභෙය්යාථ. කස්මා පන ථෙරො තෙ භික්ඛූ “රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමං උපසඞ්කමෙය්යාථා”ති ආහ? පාකටකිරියතාය. දසබලස්ස හි කිරියා ථෙරස්ස පාකටා හොති; ජානාති ථෙරො, “අජ්ජ සත්ථා ජෙතවනෙ වසිත්වා පුබ්බාරාමෙ දිවාවිහාරං කරිස්සති; අජ්ජ පුබ්බාරාමෙ වසිත්වා ජෙතවනෙ දිවාවිහාරං කරිස්සති; අජ්ජ එකකොව පිණ්ඩාය පවිසිස්සති; අජ්ජ භික්ඛුසඞ්ඝපරිවුතො ඉමස්මිං කාලෙ ජනපදචාරිකං නික්ඛමිස්සතී”ති. කිං පනස්ස එවං ජානනත්ථං චෙතොපරියඤාණං අත්ථීති? නත්ථි. අනුමානබුද්ධියා පන කතකිරියාය නයග්ගාහෙන ජානාති. යඤ්හි දිවසං භගවා ජෙතවනෙ වසිත්වා පුබ්බාරාමෙ දිවාවිහාරං කාතුකාමො හොති, තදා සෙනාසනපරික්ඛාරභණ්ඩානං පටිසාමනාකාරං දස්සෙති, ථෙරො සම්මජ්ජනිසඞ්කාරඡඩ්ඩනකාදීනි පටිසාමෙති. පුබ්බාරාමෙ වසිත්වා ජෙතවනං දිවාවිහාරාය ආගමනකාලෙපි එසෙව නයො.
අප්පෙවනාම ලබන්නෙමු නම් ඉතා යහපත්ය. කුමක් හෙයින් ඒ තෙරවරුන්ට රම්මක බමුණාගේ ආශ්රමයට පැමිණෙන්න යයි ආනන්ද තෙරුන් කීයේ ද, බුදුන් වහන්සේගේ ක්‍රියා තමන්ට පළපුරුදු බැවිනි. අද ශාස්තෲන් වහන්සේ දෙව්රම වැස පූර්වාරාමයේ දී දිවා විහාර කරන්නේය. අද පූර්වාරාමයෙහි වැස දෙව්රමැ දිවා විහාර කරන්නේය. අද හුදෙකලාවම පිඬු පිණිස පිවිසෙන්නේය. අද භික්ෂු සංඝයා පිරිවරා මෙකල ජනපද චාරිකාවේ සැරිසරන්නේය. මෙසේ දකින්නට ඔහුට චෙතොපරියාය ඤාණය තිබේද? නැත. අනුමාන බුද්ධියෙන් මෙතෙක් කරන ලද ක්‍රියාවන් පිළිබඳ දැනීමෙන් මේ පිළිවෙළ දනියි. යම් දවසක භාග්‍යවතුන් වහන්සේ ජේතවනයෙහි වැස පූර්වාරාමයෙහි දිවා විහාරය කරනු කැමති වේද, එකල්හි සේනාසන පරිෂ්කාර භාණ්ඩයන්ගේ සකස්කරන අයුරු දැක්වෙයි. තෙරුන්වහන්සේ මුසුන් කසල දමන කූඩ ආදිය සකස් කෙරේ. පූර්වාරාමයේ වැස දෙව්රම් වෙහෙර දිවා විහාරය කරනු කැමති වේද, එකල්හි ද මේ ක්‍රමයමැයි.
යදා පන එකකො පිණ්ඩාය පවිසිතුකාමො හොති, තදා පාතොව සරීරපටිජග්ගනං කත්වා ගන්ධකුටිං පවිසිත්වා ද්වාරං පිධාය ඵලසමාපත්තිං අප්පෙත්වා නිසීදති. ථෙරො “අජ්ජ භගවා බොධනෙය්යබන්ධවං දිස්වා නිසින්නො”ති තාය සඤ්ඤාය ඤත්වා “අජ්ජ, ආවුසො, භගවා එකකො පවිසිතුකාමො, තුම්හෙ භික්ඛාචාරසජ්ජා හොථා”ති භික්ඛූනං සඤ්ඤං දෙති. යදා පන භික්ඛුසඞ්ඝපරිවාරො පවිසිතුකාමො හොති, තදා ගන්ධකුටිද්වාරං උපඩ්ඪපිදහිතං කත්වා ඵලසමාපත්තිං අප්පෙත්වා නිසීදති, ථෙරො තාය සඤ්ඤාය ඤත්වා පත්තචීවරග්ගහණත්ථාය භික්ඛූනං සඤ්ඤං දෙති. යදා ජනපදචාරිකං නික්ඛමිතුකාමො හොති, තදා එකං ද්වෙ ආලොපෙ අතිරෙකං භුඤ්ජති, සබ්බකාලං චඞ්කමනඤ්චාරුය්හ අපරාපරං චඞ්කමති, ථෙරො තාය සඤ්ඤාය ඤත්වා “භගවා, ආවුසො, ජනපදචාරිකං චරිතුකාමො, තුම්හාකං කත්තබ්බං කරොථා”ති භික්ඛූනං සඤ්ඤං දෙති.
යම් දවසක හුදෙකලාව පිඩු පිණිස හැසිරීම කැමති වේද, එදා උදෙන්ම සිරුර පිළිදැගුම් කොට, ගඳකිළියට වැඩමවා දොර වසා ඵල සමාපත්තියට වඩා හිඳියි. අද භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුත්තෙකු දැක හුන්නේ ය යන සංඥාව දැන, අද භාග්‍යවතුන් වහන්සේ තනිවම පිඬුසිඟා වඩින්නේ ය. තෙපි පිඩුසිඟා යාමට, භික්ෂාචාරයට සැරසෙවු යයි භික්ෂූන්ට දැනුම් දෙයි. යම්කිසි දවස භික්ෂූන් පිරිවරා වැඩමවනු කැමැත්තේ වේද, එදින ගඳකිළියේ දොර අඩක් පමණක් වසා ඵලසමවත් සුවය විඳිමින් සිටියි. ආනන්ද තෙරුන් එයින් දැන පා සිවුරු ගෙන පිඬු පිණිස හැසිරීමට සූදානම් වන්නැයි භික්ෂූන්ට දන්වයි. යම්කිසි දවසක ජනපදචාරිකාවේ පිවිසෙනු කැමති වන්නේ ද එදිනට පිඩු දෙක තුනක් වැඩිපුර වළඳා සක්මනට නැගී ඔබිනොබ සක්මන් කරති. ඒ සලකුණෙන් ආනන්ද තෙරුන්, භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන්නේ ය. ඔබලාද කළයුතු දේ දනිවු යයි භික්ෂූන්ට දන්වයි.
භගවා පඨමබොධියං වීසති වස්සානි අනිබද්ධවාසො අහොසි, පච්ඡා පඤ්චවීසති වස්සානි අබ්බොකිණ්ණං සාවත්ථිංයෙව උපනිස්සාය වසන්තො එකදිවසෙ ද්වෙ ඨානානි පරිභුඤ්ජති. ජෙතවනෙ රත්තිං වසිත්වා පුනදිවසෙ භික්ඛුසඞ්ඝපරිවුතො දක්ඛිණද්වාරෙන සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා පාචීනද්වාරෙන නික්ඛමිත්වා පුබ්බාරාමෙ දිවාවිහාරං කරොති. පුබ්බාරාමෙ රත්තිං වසිත්වා පුනදිවසෙ පාචීනද්වාරෙන සාවත්ථිං පිණ්ඩාය පවිසිත්වා දක්ඛිණද්වාරෙන නික්ඛමිත්වා ජෙතවනෙ දිවාවිහාරං කරොති. කස්මා? ද්වින්නං කුලානං අනුකම්පාය. මනුස්සත්තභාවෙ ඨිතෙන හි අනාථපිණ්ඩිකෙන විය අඤ්ඤෙන කෙනචි, මාතුගාමත්තභාවෙ ඨිතාය ච විසාඛාය විය අඤ්ඤාය ඉත්ථියා තථාගතං උද්දිස්ස ධනපරිච්චාගො කතො නාම නත්ථි, තස්මා භගවා තෙසං අනුකම්පාය එකදිවසෙ ඉමානි ද්වෙ ඨානානි පරිභුඤ්ජති. තස්මිං පන දිවසෙ ජෙතවනෙ වසි, තස්මා ථෙරො – “අජ්ජ භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා සායන්හකාලෙ ගත්තානි පරිසිඤ්චනත්ථාය පුබ්බකොට්ඨකං ගමිස්සති; අථාහං ගත්තානි පරිසිඤ්චිත්වා ඨිතං භගවන්තං යාචිත්වා රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමං ගහෙත්වා ගමිස්සාමි. එවමිමෙ භික්ඛූ භගවතො සම්මුඛා ලභිස්සන්ති ධම්මකථං සවනායා”ති චින්තෙත්වා තෙ භික්ඛූ එවමාහ.
භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම බෝධියෙහි විසිවසක් අනිබද්ධවාසික වූයේය. පසුව විසිපස් වසක් සැවැත්නුවරම ඇසුරුකොට වාසය කරන්නේ එක් දවස දෙතැනක් පරිභෝග කරති. දෙරම් වෙහෙර රාත්‍රියෙහි වැඩසිට දෙවන දවසේ භික්ෂු සංඝයා පිරිවරා දකුණු දොරින් පිණ්ඩපාතය සඳහා පිවිස, පෙරදිග දොරින් නික්ම පූර්වාරාමයෙහි දිවා විහරණය කරයි. පූර්වාරාමයේ රාත්‍රියේ වැඩසිට දෙවන දවසේ නැගෙනහිර දොරටුවෙන් සැවැත්නුවර පිඬු පිණිස හැසිර, දකුණු දොරින් නික්ම දෙව්රම දිවා විහාරය කරති. කවර හෙයින් ද, දෙපසම මහජනයාට අනුකම්පාව පිණිසය. පුරුෂයෙකු වශයෙන් ජීවත්ව අනේපිඬු සිටාණන් මෙන් ද, ස්ත්‍රියක වශයෙන් ජීවත්ව විශාඛාව මෙන් ද තථාගතයන් උදෙසා ධන පරිත්‍යාග කළ වෙනත් පුරුෂයකු හෝ ස්ත්‍රියක නැත. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කිරීම පිණිස මේ දෙතැනම පරිභෝග කළ සේක. මේ කියන දවසේ ජේතවනයේ විසූහ. එහෙයින් ආනන්ද ස්ථවිර තෙමේ අද භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි සිරුර සේදීම සඳහා පැදුන් කොටුවට යන සේක. එහිදී මම ඇඟ සෝදා සිටියා වූ භාග්‍යවතුන් යැද, රම්මක බමුණාගේ අසපුවට ගෙන යන්නෙමි. එහිදී මේ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් දැහැමි කථා අසන්නට හැකි වන්නේ යයි සිතා එම භික්ෂූන්ට (එහි යන ලෙස) මෙසේ කීහ.
මිගාරමාතුපාසාදොති විසාඛාය පාසාදො. සා හි මිගාරෙන සෙට්ඨිනා මාතුට්ඨානෙ ඨපිතත්තා මිගාරමාතාති වුච්චති. පටිසල්ලානා වුට්ඨිතොති තස්මිං කිර පාසාදෙ ද්වින්නං මහාසාවකානං සිරිගබ්භානං මජ්ඣෙ භගවතො සිරිගබ්භො අහොසි. ථෙරො ද්වාරං විවරිත්වා අන්තොගබ්භං සම්මජ්ජිත්වා මාලාකචවරං නීහරිත්වා මඤ්චපීඨං පඤ්ඤපෙත්වා සත්ථු සඤ්ඤං අදාසි. සත්ථා සිරිගබ්භං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො සීහසෙය්යං උපගම්ම දරථං පටිප්පස්සම්භෙත්වා උට්ඨාය ඵලසමාපත්තිං අප්පෙත්වා නිසීදිත්වා සායන්හසමයෙ තතො වුට්ඨාසි. තං සන්ධාය වුත්තං “පටිසල්ලානා වුට්ඨිතො”ති.
මිගාරමාතු පාසාදො විශාඛාව විසින් ඉදිකළ ප්‍රාසාදය. ඕ තොමෝ මිගාර සිටුවරයා විසින්, මව් තන්හි තැබූ බැවින් මිගාර මාතා යයි කියයි. පටිසල්ලානා වුට්ඨිතො ඒ ප්‍රාසාදයෙහි දෑගසව්වන් ගේ සැතපෙන කාමර දෙක මැද, භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය වූයේ ය. තෙරුන්වහන්සේ දොර විවරකොට ඇතුළු කාමරය හැමද පරවුණු මල් කසළ බැහැරකොට ඇඳ පුටු ආදිය සකසා පණවා ශාස්තෲන් වහන්සේ දැන් වූ කල්හි, ශාස්තෲන් වහන්සේ ඇතුළු ගැබට පිවිස සතිසම්පජඤ්ඤයෙන් යුතුව, දකුණු පසට හැරී සිංහ සෙය්යාවට පැමිණ වෙහෙස නිමවා නැගිට ඵල සමවතට සමවැද හිඳ, සවස් භාගයෙහි එයින් නැගී සිටියේය. පටිසල්ලාණ වුට්ඨිතො යනු ඒ සඳහා කියන ලදී.
පරිසිඤ්චිතුන්ති යො හි චුණ්ණමත්තිකාදීහි ගත්තානි උබ්බට්ටෙන්තො මල්ලකමුට්ඨාදීහි වා ඝංසන්තො න්හායති, සො න්හායතීති වුච්චති. යො තථා අකත්වා පකතියාව න්හායති, සො පරිසිඤ්චතීති වුච්චති. භගවතොපි සරීරෙ තථා හරිතබ්බං රජොජල්ලං නාම න උපලිම්පති, උතුග්ගහණත්ථං පන භගවා කෙවලං උදකං ඔතරති. තෙනාහ – “ගත්තානි පරිසිඤ්චිතු”න්ති. පුබ්බකොට්ඨකොති පාචීනකොට්ඨකො.
පරිසිඤ්චිතුං යමෙක් වනාහි හුණු මැටි ආදියෙන් අත් පා අවයව උලමින්, මූලාදියෙන් ගටමින් නාන්නේද, හෙතෙම ජලස්නානය කරන්නේ යයි කියනු ලැබේ. යමෙක් එසේ නොකොට ප්‍රකෘතියෙන්ම නහා ද හෙතෙම පරිෂේක කෙරේයයි කියනු ලැබේ. බුදු සිරුරෙහි එසේ හළයුතු රජස් දැලි ආදිය නො තැවරෙයි. එහෙත් ඍතු ගැනීම සඳහා තථාගතයෝ හුදෙක් ජලයට බසිති. ගත්තානි පරිසිඤ්චිතුං යන්න එබැවින් කීහ. පුබ්බ කොට්ඨකො පැදුන් කොටුව,
සාවත්ථියං කිර විහාරො කදාචි මහා හොති කදාචි ඛුද්දකො. තථා හි සො විපස්සිස්ස භගවතො කාලෙ යොජනිකො අහොසි, සිඛිස්ස තිගාවුතො, වෙස්සභුස්ස අඩ්ඪයොජනිකො, කකුසන්ධස්ස ගාවුතප්පමාණො, කොණාගමනස්ස අඩ්ඪගාවුතප්පමාණො, කස්සපස්ස වීසතිඋසභප්පමාණො, අම්හාකං භගවතො කාලෙ අට්ඨකරීසප්පමාණො ජාතො. තම්පි නගරං තස්ස විහාරස්ස කදාචි පාචීනතො හොති, කදාචි දක්ඛිණතො, කදාචි පච්ඡිමතො, කදාචි උත්තරතො. ජෙතවනෙ ගන්ධකුටියං පන චතුන්නං මඤ්චපාදානං පතිට්ඨිතට්ඨානං අචලමෙව.
සැවැත්නුවර විහාරය සමහර කලෙක විශාල වෙයි. සමහර කලෙක කුඩා වෙයි. විපස්සී භගවතුන්ගේ කාලයෙහි එය යොදුනක් පමණ විය. සිඛී බුද්ධ කාලයෙහි තුන්ගව්වක්ද, වෙස්සභූ බුදුන් දවස අඩ යොදුනක් ද, කකුසඳ බුද්ධ කාලයේ ගව්වක් පමණද, කෝනාගමන බුදුන් දවස අඩගව්වක් පමණද, කාශ්‍යප බුද්ධ කාලයේ විසි ඉස්බක් පමණ ද, අප බුදුන් දවස අටකිරියක් පමණ ද වූයේය. ඒ නගරය ඒ විහාරයට සමහර කාලවල පෙරදිගින් පිහිටියේය. සමහර කාලවල දකුණු පසින් පිහිටියේය. සමහර කාලවල පෑලදිගින් ද සමහර කාලවල උතුරුදිගින් ද පිහිටියේය.
චත්තාරි හි අචලචෙතියට්ඨානානි නාම මහාබොධිපල්ලඞ්කට්ඨානං ඉසිපතනෙ ධම්මචක්කප්පවත්තනට්ඨානං සඞ්කස්සනගරද්වාරෙ දෙවොරොහණකාලෙ සොපානස්ස පතිට්ඨට්ඨානං මඤ්චපාදට්ඨානන්ති.
එසේ වුවත් දෙව්රම් වෙහෙර ගඳකිළිය පිහිටි තැන හා බුදුන් සැතපෙන ඇඳේ සතර පා පිහිටි තැන් වෙනස් නො වන්නේම ය. අචලය. එසේ වෙනස් නො වන්නා වූ ස්ථාන සතරක් වෙති. මහබෝමැඩ පිහිටි තැන, දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ තැන, සංකස්සපුර දොරටුව, දේවාවරෝහණ කාලයේ හිණිපෙළ පිහිටි තැන සහ ඇඳේ පා සතර පිහිටි තැන යන හතරයි.
අයං පන පුබ්බකොට්ඨකො කස්සපදසබලස්ස වීසතිඋසභවිහාරකාලෙ පාචීනද්වාරෙ කොට්ඨකො අහොසි. සො ඉදානිපි පුබ්බකොට්ඨකොත්වෙව පඤ්ඤායති. කස්සපදසබලස්ස කාලෙ අචිරවතී නගරං පරික්ඛිපිත්වා සන්දමානා පුබ්බකොට්ඨකං පත්වා උදකෙන භින්දිත්වා මහන්තං උදකරහදං මාපෙසි සමතිත්ථං අනුපුබ්බගම්භීරං. තත්ථ එකං රඤ්ඤො න්හානතිත්ථං, එකං නාගරානං, එකං භික්ඛුසඞ්ඝස්ස, එකං බුද්ධානන්ති එවං පාටියෙක්කානි න්හානතිත්ථානි හොන්ති රමණීයානි විප්පකිණ්ණරජතපට්ටසදිසවාලිකානි.
මේ පූර්වකොටුව වනාහි කසුප් දශබලධාරීන් දවස විසි ඉස්බක් පමණ විහාරය පිහිටි කල්හි, පෙරදිග දොරටුවෙහි විය. එය දැනුදු පැදුන් කොටුව නම් වන්නේ ම ය. කාශ්‍යප දශබලධාරීන්ගේ කාලයේ අචිරවතී නගරය වටකොට ගලා බසින්නී පැදුන්කොටුවට පැමිණ ජලයෙන් බිඳී ගැඹුරු වූ සමකොට ඇති, මහත් වූ දිය වළක් මැවිණ. එහි එකක් රජු නාන තොටය. එකක් පුරවැසියන් නාන තොටය. එකක් භික්ෂු සංඝයා නාන තොටය. එකක් සර්වඥයන් නහන තොටයයි සිත්කලු වූ රිදීපට වැනි සුදුවැලි විසිරුණු නහන තොටවල් විය.
ඉති භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන අයං එවරූපො පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. අථායස්මා ආනන්දො උදකසාටිකං උපනෙසි. භගවා රත්තදුපට්ටං අපනෙත්වා උදකසාටිකං නිවාසෙසි. ථෙරො දුපට්ටෙන සද්ධිං මහාචීවරං අත්තනො හත්ථගතමකාසි. භගවා උදකං ඔතරි. සහොතරණෙනෙවස්ස උදකෙ මච්ඡකච්ඡපා සබ්බෙ සුවණ්ණවණ්ණා අහෙසුං. යන්තනාලිකාහි සුවණ්ණරසධාරානිසිඤ්චමානකාලො විය සුවණ්ණපටපසාරණකාලො විය ච අහොසි. අථ භගවතො න්හානවත්තං දස්සෙත්වා න්හත්වා පච්චුත්තිණ්ණස්ස ථෙරො රත්තදුපට්ටං උපනෙසි. භගවා තං නිවාසෙත්වා විජ්ජුලතාසදිසං කායබන්ධනං බන්ධිත්වා මහාචීවරං අන්තන්තෙන සංහරිත්වා පදුමගබ්භසදිසං කත්වා උපනීතං ද්වීසු කණ්ණෙසු ගහෙත්වා අට්ඨාසි. තෙන වුත්තං – “පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසී”ති.
භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් සමග මෙවැනි වූ පැදුන්කොටුව වෙත එළඹ සිරුර සෝදන්නට විය. ඉක්බිති ආනන්ද තෙරණුවෝ දියසළුව එලවූහ. භාග්‍යවතුන් වහන්සේ රත් දෙපට අඳනය ඉවත්කොට දියසළුව හැන්දේය. අනඳ හිමි අඳනය සමග සිවුරු තම අතට ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ දියට බැස්සේය. උන්වහන්සේ දියට බැසීමත් සමග දියේ සිටි මසුන් සියල්ලෝ රන්වන් වූහ. යතුරු නළවලින් රත්රස දහර විසුරුවන කලක මෙන් ද, රට අතුරන කලක මෙන් ද විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නහා අවසන් වූ පසු අනඳ තෙරහු අඳනය හා සිවුරු ලබාදුන්හ. භාග්‍යවතුන් වහන්සේ අඳනය හැඳ විදුලියක් වැනි වූ කාය බන්ධනය (පටිය) බැඳ මහා චීවරය දෙකොන්හි ගෙන සිටියහ. පුබ්බකොට්ඨකෙ ගන්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි යන්න එහෙයින් කියන ලදී.
එවං ඨිතස්ස පන භගවතො සරීරං විකසිතකමලුප්පලසරං සබ්බපාලිඵුල්ලං පාරිච්ඡත්තකං තාරාමරීචිවිකසිතං ච ගගනතලං සිරියා අවහසමානං විය විරොචිත්ථ. බ්යාමප්පභාපරික්ඛෙපවිලාසිනී චස්ස ද්වත්තිංසවරලක්ඛණමාලා ගන්ථෙත්වා ඨපිතා ද්වත්තිංසචන්දමාලා විය, ද්වත්තිංසසූරියමාලා විය, පටිපාටියා ඨපිතා ද්වත්තිංසචක්කවත්ති ද්වත්තිංසදෙවරාජා ද්වත්තිංසමහාබ්රහ්මානො විය ච අතිවිය විරොචිත්ථ, වණ්ණභූමිනාමෙසා. එවරූපෙසු ඨානෙසු බුද්ධානං සරීරවණ්ණං වා ගුණවණ්ණං වා චුණ්ණියපදෙහි වා ගාථාහි වා අත්ථඤ්ච උපමායො ච කාරණානි ච ආහරිත්වා පටිබලෙන ධම්මකථිකෙන පූරෙත්වා කථෙතුං වට්ටතීති එවරූපෙසු ඨානෙසු ධම්මකථිකස්ස ථාමො වෙදිතබ්බො.
මෙසේ සිටියා වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරුර, විකසිත කමල උපුල ආදියෙන් ශෝභාමත් වූ විලක් මෙන් ද, මුල සිට අග දක්වා මල් පිපුණු පරසතු රුක මෙන් ද, තරු කිරණින් විසිතුරු වූ අහස්තලය මෙන්ද බැබළුණේය. බඹයක් විහිදෙන්නා වූ ෂඩ්වර්ණ රශ්මියෙන් ඔප්නැංවුණු දෙතිස්මහා පුරිස් ලකුණු දෙතිස් සඳමාලාවක් මෙන්, දෙතිස් හිරු මාලාවක් මෙන් ද, බැබළුනේය. තව ද පිළිවෙළට සිටින ලද දෙතිස් සක්විත්තන් මෙන් ද, දෙතිස් දිව්යරාජයන් මෙන් ද, දෙතිස් මහා බ්‍රහ්මරාජයන් මෙන් ද අතිශයින් බැබලූහ. මෙබඳු තන්හි බුදුවරුන්ගේ ශරීර වර්ණය හෝ ගුණය හෝ වර්ණනා කිරීමට ගාථා හෝ උපමා හෝ නැත්තේමය. විචිත්‍ර භාණක ප්‍රතිභා පූර්ණ ධර්ම කථිකයෙකු විසින්ම ඔහුගේ ශක්තියෙන්ම කළ යුත්තේය.
ගත්තානි පුබ්බාපයමානොති පකතිභාවං ගමයමානො නිරුදකානි කුරුමානො, සුක්ඛාපයමානොති අත්ථො. සොදකෙන ගත්තෙන චීවරං පාරුපන්තස්ස හි චීවරෙ කණ්ණිකා උට්ඨහන්ති, පරික්ඛාරභණ්ඩං දුස්සති. බුද්ධානං පන සරීරෙ රජොජල්ලං න උපලිම්පති; පදුමපත්තෙ පක්ඛිත්තඋදකබින්දු විය උදකං විනිවත්තෙත්වා ගච්ඡති, එවං සන්තෙපි සික්ඛාගාරවතාය භගවා, “පබ්බජිතවත්තං නාමෙත”න්ති මහාචීවරං උභොසු කණ්ණෙසු ගහෙත්වා පුරතො කායං පටිච්ඡාදෙත්වා අට්ඨාසි.
ගතතානි පුබ්බායමානො ශරීරය ප්‍රකෘති භාවයට පමුණුවමින්, නිරුදක කෙරෙමින්, වියලවමින් යන අර්ථයි. දිය සහිත සිරුරෙහි සිවුරු පොරවන්නහුගේ සිවුර තැනින් තැන පැල්ලම් ඇති වේ. එසේ සිවුරේ තෙත් පැල්ලම් නිසා පුස් නැගීමෙන් පරිෂ්කාර කෙළෙසෙයි. එහෙත් බුදු සිරුරෙහි රජස් දැලි නො තැවරෙයි. නෙළුම් කොළයක වැටුණු දියබිඳු මෙන් ජලය පෙරලී යයි. මෙසේ ඇති කල්හි ද භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාවට ගරුකිරීම සඳහා මේ පැවිදි වතෙකැයි මහ සිවුර දෙකොනින් අල්ලා කයෙහි ඉදිරිපස වසා සිටියේය.
තස්මිං ඛණෙ ථෙරො චින්තෙසි – “භගවා මහාචීවරං පාරුපිත්වා මිගාරමාතුපාසාදං ආරබ්භ ගමනාභිහාරතො පට්ඨාය දුන්නිවත්තියො භවිස්සති; බුද්ධානඤ්හි අධිප්පායකොපනං නාම එකචාරිකසීහස්ස ගහණත්ථං හත්ථප්පසාරණං විය; පභින්නවරවාරණස්ස සොණ්ඩාය පරාමසනං විය; උග්ගතෙජස්ස ආසීවිසස්ස ගීවාය ගහණං විය ච භාරියං හොති. ඉධෙව රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමස්ස වණ්ණං කථෙත්වා තත්ථ ගමනත්ථාය භගවන්තං යාචිස්සාමී”ති. සො තථා අකාසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මා ආනන්දො…පෙ… අනුකම්පං උපාදායා”ති.
එකෙණෙහි ආනන්ද තෙරහු මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ මහා සිවුර පොරවා මිගාරමාතු ප්‍රාසාදය වෙත ගමන් ඇරඹූ කල්හි නො නැවැත්විය හැක්කේය. බුදුවරයන්ගේ අභිප්රායයෙහි ස්වභාවය නම් තනිව හැසිරෙන්නා වූ සිංහයකු ගැනීම පිණිස අත දිගු කරන්නාක් මෙන් ද, මද ඇතෙකුගේ සොඬ පිරිමදින්නාක් මෙන් ද උග්‍ර තේජස් ඇති සර්පයකු බෙල්ලෙන් අල්ලා ගැනීමක් මෙන් ද, බරපතළ කාර්යයක් වෙයි. දැන් මෙහිදීම රම්මක බ්‍රාහ්මණයාගේ අසපුව පිළිබඳව වර්ණනා කොට එහි වැඩමවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ යාඥා කරමි. හෙතෙම එසේ කළේය. අථඛො ආයස්මා ආනන්දො -පෙ- අනුකම්පංදාය යනුවෙන්
තත්ථ අනුකම්පං උපාදායාති භගවතො සම්මුඛා ධම්මිං කථං සොස්සාමාති තං අස්සමං ගතානං පඤ්චන්නං භික්ඛුසතානං අනුකම්පං පටිච්ච, තෙසු කාරුඤ්ඤං කත්වාති අත්ථො.
එහි අනුකම්පං උපාදාය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් දැහැමි කථාවක් අසන්නෙමු යයි ධම්මික අසපුවට ගිය පන්සියයක් භික්ෂූන්ට අනුකම්පා පිණිස ඔවුන් කෙරෙහි කරුණාවෙන් මේ යාඥාව කළේය යන අර්ථයි.
ධම්මියා කථායාති දසසු පාරමිතාසු අඤ්ඤතරාය පාරමියා චෙව මහාභිනික්ඛමනස්ස ච වණ්ණං කථයමානා සන්නිසින්නා හොන්ති. ආගමයමානොති ඔලොකයමානො. අහං බුද්ධොති සහසා අප්පවිසිත්වා යාව සා කථා නිට්ඨාති, තාව අට්ඨාසීති අත්ථො. අග්ගළං ආකොටෙසීති අග්ගනඛෙන කවාටෙ සඤ්ඤං අදාසි. විවරිංසූති සොතං ඔදහිත්වාව නිසින්නත්තා තඞ්ඛණංයෙව ආගන්ත්වා විවරිංසු.
ධම්මියාකථායා දස පාරමිතාවන් අතුරෙන් එක්තරා පාරමිතාවක් පිළිබඳ වූද, මහාභිනිෂ්ක්‍රමණය පිළිබඳව ද ගුණ කථා කරමින් ඒ භික්ෂූහු සිටියාහුය. ආගමයමානො යනු බලමින්, මම බුද්ධයෙමි. වහාම නො පිවිස භික්ෂූන්ගේ කථා අවසන් වන තෙක් සිටියේය යන අදහසයි. අග්ගලං ආකොටෙසි යනු නියපිටින් දොරටු තට්ටු කළේය. විවරිංසු ඒ හඬ ඇසු කෙණෙහිම හුන් තැනින් නැගිට අවුත් දොර විවර කළහ.
පඤ්ඤත්තෙ ආසනෙති බුද්ධකාලෙ කිර යත්ථ යත්ථ එකොපි භික්ඛු විහරති, සබ්බත්ථ බුද්ධාසනං පඤ්ඤත්තමෙව හොති. කස්මා? භගවා කිර අත්තනො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඵාසුකට්ඨානෙ විහරන්තෙ මනසි කරොති “අසුකො මය්හං සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ගතො, සක්ඛිස්සති නු ඛො විසෙසං නිබ්බත්තෙතුං නො වා”ති. අථ නං පස්සති කම්මට්ඨානං විස්සජ්ජෙත්වා අකුසලවිතක්කෙ විතක්කයමානං, තතො “කථඤ්හි නාම මාදිසස්ස සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා විහරන්තං ඉමං කුලපුත්තං අකුසලවිතක්කා අභිභවිත්වා අනමතග්ගෙ වට්ටදුක්ඛෙ සංසාරෙස්සන්තී”ති තස්ස අනුග්ගහත්ථං තත්ථෙව අත්තානං දස්සෙත්වා තං කුලපුත්තං ඔවදිත්වා ආකාසං උප්පතිත්වා පුන අත්තනො වසනට්ඨානමෙව ගච්ඡති. අථෙවං ඔවදියමානා තෙ භික්ඛූ චින්තයිංසු – “සත්ථා අම්හාකං මනං ජානිත්වා ආගන්ත්වා අම්හාකං සමීපෙ ඨිතංයෙව අත්තානං දස්සෙති; තස්මිං ඛණෙ, ‘භන්තෙ, ඉධ නිසීදථ, ඉධ නිසීදථා’ති ආසනපරියෙසනං නාම භාරො”ති. තෙ ආසනං පඤ්ඤපෙත්වාව විහරන්ති. යස්ස පීඨං අත්ථි, සො තං පඤ්ඤපෙති. යස්ස නත්ථි, සො මඤ්චං වා ඵලකං වා කට්ඨං වා පාසාණං වා වාලිකපුඤ්ජං වා පඤ්ඤපෙති. තං අලභමානා පුරාණපණ්ණානිපි සඞ්කඩ්ඪිත්වා තත්ථ පංසුකූලං පත්ථරිත්වා ඨපෙන්ති. ඉධ පන පකතිපඤ්ඤත්තමෙව ආසනං අහොසි, තං සන්ධාය වුත්තං – “පඤ්ඤත්තෙ ආසනෙ නිසීදී”ති.
පඤ්ඤත්තෙ ආසනෙ බුද්ධ කාලයෙහි ඒ ඒ තැන භික්ෂුවක් හෝ වාසය කළේය. ඒ සියළු තන්හිම බුද්ධාසන පනවන ලද්දේම වේ. තස්මා කවර හෙයින්ද යත්, තමන් සමීපයෙන් කමටහන් ගෙන පහසු තැන්වලට ගිය භික්ෂූන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ (වරින්වර) සිහිකරන සේක. අසවල් භික්ෂුව මා සමීපයෙන් කමටහන් ගෙන ගියේය. ඔහුට මාර්ගාධිගමයක් උපදවන්නට හැකිවීද නැද්දැයි උන්වහන්සේ ඔවුන් පිළිබඳ බලති. එකල්හි ඔව්හූ කමටහන් හැර දමා අකුසල විපාකයක් උපදවාගෙන සිටීනම්, උන්වහන්සේ දකිති. නැවත, මා සමාන වූ ශාස්තෲවරයෙකු සමීපයෙන් කර්මස්ථාන ගෙන වසන්නා වූ මේ කුලපුත්‍රයා අකුශල විතර්කයන් මැඩපවත්වා අනවරාග්ර වූ මේ සංසාර දුකෙහි ගිල්වන්නේ කෙසේදැයි ඔහුට අනුග්‍රහ පිණිස ඒ කුලපුත්‍රයාට එහිදීම තමන් දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද කොට අහසින් තමන් වසන තැනටම වැඩමවන්නේ ය. එකල්හි ඔවදන් ලබන්නා වූ භික්ෂුව මෙසේ සිතයි. ශාස්තෲන් වහන්සේ අපගේ සිත් දැන වැඩමවා අපගේ සමීපයේ සිටම අපට දක්වන්නේ ය. ඒ අවස්ථාවේ මෙහි වැඩ සිටින්න, මෙහි වැඩ සිටින්න යැයි අසුන් සෙවීම කළ නො හැක්කේය. ඒ නිසා බුදුන් සඳහා ආසන පනවාම ඔහු වාසය කරති. යමෙකුට පුටුවක් ඇත්ද ඔහු එය පනවයි. යමෙකුට නැත්තේද, හෙතෙම ඇඳක් හෝ පුවරුවක් හෝ, ලී කොටයක් හෝ ගලක් හෝ වැලි ගොඩක් හෝ ඒ සඳහා පනවයි. එයත් නො ලබන්නාහු පැරණි පරණලා රැස්කොට ඒ මත පාංශුකූල රෙද්දක් අතුරා තබති. මේ වනාහි ස්වභාවිකවම පනවන ලද්දා වූ අසුනක් වන්නේ ය. පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි යන්න ඒ සඳහා කියන ලදී.)
කාය නුත්ථාති කතමාය නු කථාය සන්නිසින්නා භවථාති අත්ථො. “කාය නෙත්ථා”තිපි පාළි, තස්සා කතමාය නු එත්ථාති අත්ථො. “කාය නොත්ථා”තිපි පාළි, තස්සාපි පුරිමොයෙව අත්ථො. අන්තරා කථාති කම්මට්ඨානමනසිකාරඋද්දෙසපරිපුච්ඡාදීනං අන්තරා අඤ්ඤා එකා කථා. විප්පකතාති මම ආගමනපච්චයා අපරිනිට්ඨිතා සිඛං අප්පත්තා. අථ භගවා අනුප්පත්තොති අථ එතස්මිං කාලෙ භගවා ආගතො. ධම්මී වා කථාති දසකථාවත්ථුනිස්සිතා වා ධම්මී කථා. අරියො වා තුණ්හීභාවොති එත්ථ පන දුතියජ්ඣානම්පි අරියො තුණ්හීභාවො මූලකම්මට්ඨානම්පි. තස්මා තං ඣානං අප්පෙත්වා නිසින්නොපි, මූලකම්මට්ඨානං ගහෙත්වා නිසින්නොපි භික්ඛු අරියෙන තුණ්හීභාවෙන නිසින්නොති වෙදිතබ්බො.
කායනුත්ථා කවර කථාවකින් යුක්තව රැස්ව හුන්නේද යන අර්ථයි. ‘කාය වෙත්ථාති’ යනුවෙන් ද පෙළේ සඳහන්ය. ඇගේ මෙහි කවර කථාවක නියැළී සිටියාහුද යන අදහසයි. කාය නොත්ථාති යනුවෙන්ද එයි. පළමු අදහසමැයි. අන්තරා කථා යනු කර්මස්ථාන, මනසිකාර, උද්දෙස, කමටහන්, මෙනෙහි කිරීම්, උදෙසීම්, පිළිවිසීම් ආදීන් අතුරෙන් එක් කථාවක, විප්පකා මගේ පැමිණීමෙන් අවසන් නොවූ, මුදුන්පත් නොවූ, අථ භගවා අනුප්පත්තො මේ කාලයෙහිම භාග්‍යවතුන් වහන්සේ වැඩමවූහ. ධම්මීවා කථා දශකථා වස්තුවලින් වෙන් වූ දැහැමි කථා, අරියොවා තුණ්හීභාවො මෙහි වනාහි උතුම් වූ ද්විතීය කර්මස්ථානය ද ආර්ය වූ නිශ්ශබ්දතාවය වේ. එහෙයින් ඒ ධ්‍යානය වඩා උන්නා වූ ද, මූල කර්මස්ථානය ගෙන උන්නා වූද භික්ෂූන් ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූයේ යයි දතයුතු.
ද්වෙමා, භික්ඛවෙ, පරියෙසනාති කො අනුසන්ධි? තෙ භික්ඛූ සම්මුඛා ධම්මිං කථං සොස්සාමාති ථෙරස්ස භාරං අකංසු, ථෙරො තෙසං අස්සමගමනමකාසි. තෙ තත්ථ නිසීදිත්වා අතිරච්ඡානකථිකා හුත්වා ධම්මියා කථාය නිසීදිංසු. අථ භගවා “අයං තුම්හාකං පරියෙසනා අරියපරියෙසනා නාමා”ති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්ථ කතමා ච, භික්ඛවෙ, අනරියපරියෙසනාති එත්ථ යථා මග්ගකුසලො පුරිසො පඨමං වජ්ජෙතබ්බං අපායමග්ගං දස්සෙන්තො “වාමං මුඤ්චිත්වා දක්ඛිණං ගණ්හා”ති වදති. එවං භගවා දෙසනාකුසලතාය පඨමං වජ්ජෙතබ්බං අනරියපරියෙසනං ආචික්ඛිත්වා පච්ඡා ඉතරං ආචික්ඛිස්සාමීති උද්දෙසානුක්කමං භින්දිත්වා එවමාහ. ජාතිධම්මොති ජායනසභාවො.
ද්වෙ මා භික්ඛවෙ පරියෙසනා යනු අනුසන්ධි කවරේද? ඒ භික්ෂූහු තථාගතයන්ගේ ධර්ම කථාවක් අසන්නෙමු’යි ආනන්ද තෙරුන්ට භාර කළහ. ඔව්හූ එහි හිඳ තිරශ්චීන කථා නොකොට ධාර්මික කථාවකින්ම හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ තොපගේ පර්යේෂණය ආර්ය පර්යේෂණයයි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළ සේක. එහි කතමාච භික්ඛවෙ අනරියා පරියෙසණා මෙහි යම්සේ මාර්ගයෙහි දක්ෂ වූවෙක් පළමුකොට දුරුකළයුතු අපාය මාර්ගය දක්වන්නේ වම හැර දකුණු ගනුවයි කියාද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවෙහි දක්ෂ බැවින්, පළමුව දුරුකළයුතු අනාර්ය පර්යේෂණය වදාරා පසුව අරිය පරියේසනය කියන්නෙමැයි උදෙසීමේ අනුක්‍රමය බිඳ මෙසේ වදාළහ.
ජරාධම්මොති ජීරණසභාවො. බ්යාධිධම්මොති බ්යාධිසභාවො. මරණධම්මොති මරණසභාවො. සොකධම්මොති සොචනකසභාවො. සංකිලෙසධම්මොති සංකිලිස්සනසභාවො.
ජාතිධම්මො උපදින ස්වභාව ඇති, ජරා ධම්මො දිරණ ස්වභාව ඇති, බ්යාධී ධම්මො රෝගී ස්වභාව ඇති, මරණ ධම්මො මියෙන ස්වභාව ඇති, සොක ධම්මො ශෝක කරන ස්වභාව ඇති, සංකිලෙස ධම්මො කෙළෙසන ස්වභාව ඇති,
පුත්තභරියන්ති පුත්තා ච භරියා ච. එස නයො සබ්බත්ථ. ජාතරූපරජතන්ති එත්ථ පන ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති යංකිඤ්චි වොහාරූපගං ලොහමාසකාදි. ජාතිධම්මා හෙතෙ, භික්ඛවෙ, උපධයොති එතෙ පඤ්චකාමගුණූපධයො නාම හොන්ති, තෙ සබ්බෙපි ජාතිධම්මාති දස්සෙති. බ්යාධිධම්මවාරාදීසු ජාතරූපරජතං න ගහිතං, න හෙතස්ස සීසරොගාදයො බ්යාධයො නාම හොන්ති, න සත්තානං විය චුතිසඞ්ඛාතං මරණං, න සොකො උප්පජ්ජති. අයාදීහි පන සංකිලෙසෙහි සංකිලිස්සතීති සංකිලෙසධම්මවාරෙ ගහිතං. තථා උතුසමුට්ඨානත්තා ජාතිධම්මවාරෙ. මලං ගහෙත්වා ජීරණතො ජරාධම්මවාරෙ ච.
පුත්ත භරියා පුත්‍රයෝ ද භාර්යාවෝ ද, සියලු තන්හි මේ ක්‍රමයයි. ජාතරූප රජතං මෙහි වනාහි ජාතරූපං යනු රත්රන්ය. රජතං රිදීය. යම්කිසි එදිනෙදා ව්‍යවහාරයට පැමිණි ලෝහ මසු මුදල් ආදියයි. ජාතිධම්මා හෙතෙ භික්ඛවෙ උපදයො මේ පස්කම් ගුණයෝ උපධීහු නම් වෙති. ඒ සියල්ල ජාතිධම්ම යන්නෙන් දක්වන්නේය. උපදින ස්වභාව ඇත්තේය යන තේරුමයි. ව්‍යාධිධම්ම ආදියෙහි ජාතරූප නොගනී. ශීර්ෂ රෝගාදිය ව්‍යාධි නම් වෙති. ජාතරූප ආදියෙන් සත්ත්වයන්ගේ උපත් මරණ සිදු නොවේ. ශෝකය නූපදී. එහෙත් අයස් ආදී කෙලෙසිලිවලින් කෙලෙස් වේයයි සංකිලෙස ධර්මාචාරයෙහි ගන්නා ලදී. එසේ ඍතු විපර්යාසයෙන් ජාති ධර්ම චාරයෙහි ද, මල හටගෙන දිරන හෙයින් ජරා ධම්මචාරයි ද ගන්නා ලදී.
අයං, භික්ඛවෙ, අරියා පරියෙසනාති, භික්ඛවෙ, අයං නිද්දොසතායපි අරියෙහි පරියෙසිතබ්බතායපි අරියපරියෙසනාති වෙදිතබ්බා.
අයං භික්ඛවෙ අරියා පරියෙසනා මහණෙනි, මේ නිදොස් බැවින් ද, ආර්යයන් විසින් සේවිය යුතු බැවින් ද, අරිය පරියේසනා යයි දතයුතුයි.
අහම්පි සුදං, භික්ඛවෙති කස්මා ආරභි? මූලතො පට්ඨාය මහාභිනික්ඛමනං දස්සෙතුං. එවං කිරස්ස අහොසි – “භික්ඛවෙ, අහම්පි පුබ්බෙ අනරියපරියෙසනං පරියෙසිං. ස්වාහං තං පහාය අරියපරියෙසනං පරියෙසිත්වා සබ්බඤ්ඤුතං පත්තො. පඤ්චවග්ගියාපි අනරියපරියෙසනං පරියෙසිංසු. තෙ තං පහාය අරියපරියෙසනං පරියෙසිත්වා ඛීණාසවභූමිං පත්තා. තුම්හෙපි මම චෙව පඤ්චවග්ගියානඤ්ච මග්ගං ආරුළ්හා. අරියපරියෙසනා තුම්හාකං පරියෙසනා”ති මූලතො පට්ඨාය අත්තනො මහාභිනික්ඛමනං දස්සෙතුං ඉමං දෙසනං ආරභි.
අහම්පි සුදං භික්ඛවෙ යනු කුමක් හෙයින් ඇරඹියේද, මුලපටන් මහාභිනිෂ්ක්‍රමණය දැක්වීමටය. ආදියේ මෙසේ සිදුවීල. මහණෙනි, මම පෙර අනාර්ය වූ පරියේසනය සේවනය කෙළෙමි. ඒ මම එය අත්හැර අරිය පරියේසනය පරිශීලනය කොට සර්වඥ භාවයට පැමිණියෙමි. පස්වග මහණෝ ද අනාර්ය පරියේසනය පරිශීලනය කළාහු වෙති. ඔව්හූ එය අත්හැර ආර්ය පරියේසනය පරිශීලනය කොට රහත්බවට පැමිණියාහුය. ඔබලාද මගේ හා පස්වග මහණුන්ගේ ගමන්මගට පිළිපන්හ. ආර්ය පරියේෂණය මුලපටන් ඔබලාගේ පරියේෂණයයි. මුලපටන් මහාභිනිෂ්ක්‍රමණය දැක්වීමට මේ දේශනාව ආරම්භ කළහ.
තත්ථ දහරොව සමානොති තරුණොව සමානො. සුසුකාළකෙසොති සුට්ඨු කාළකෙසො, අඤ්ජනවණ්ණකෙසොව හුත්වාති අත්ථො. භද්රෙනාති භද්දකෙන. පඨමෙන වයසාති තිණ්ණං වයානං පඨමවයෙන. අකාමකානන්ති අනිච්ඡමානානං, අනාදරත්ථෙ සාමිවචනං. අස්සූනි මුඛෙ එතෙසන්ති අස්සුමුඛා; තෙසං අස්සුමුඛානං, අස්සුකිලින්නමුඛානන්ති අත්ථො. රුදන්තානන්ති කන්දිත්වා රොදමානානං.
එහි දහරොව සමානොති තරුණ වූයේම, සුසුකාළකෙහොති මනාව කළු වූ හිසකෙස් ඇති, අඳුන්වන් හිසකෙසින් යුක්ත වූයේ යන අර්ථයි. භද්රෙන සිත්කළු වූ භද්‍ර යෞවනයේ, පඨමෙන වස්සා තුන් වයස් අතුරෙන් පළමුවන වයම්සේ, අකාමකානං නොකැමැති වන්නවුන්ට, අනාදරාර්ථයෙහි සාමි වචනයි. මොවුන්ගේ මුහුණු වල කඳුළු ඇත්තේනුයි අස්සුමුඛ නම් වේ. ඔවුන්ගේ අස්සුමුඛානං කඳුළුවලින් තෙත් වූ මුහුණු ඇතිකල්හිම රදන්තානං හඬා කඳුළු වගුරුවන්නවුන්ට,
කිං කුසලගවෙසීති කිං කුසලන්ති ගවෙසමානො. අනුත්තරං සන්තිවරපදන්ති උත්තමං සන්තිසඞ්ඛාතං වරපදං, නිබ්බානං පරියෙසමානොති අත්ථො. යෙන ආළාරො කාලාමොති එත්ථ ආළාරොති තස්ස නාමං, දීඝපිඞ්ගලො කිරෙසො. තෙනස්ස ආළාරොති නාමං අහොසි. කාලාමොති ගොත්තං. විහරතායස්මාති විහරතු ආයස්මා. යත්ථ විඤ්ඤූ පුරිසොති යස්මිං ධම්මෙ පණ්ඩිතො පුරිසො. සකං ආචරියකන්ති අත්තනො ආචරියසමයං. උපසම්පජ්ජ විහරෙය්යාති පටිලභිත්වා විහරෙය්ය. එත්තාවතා තෙන ඔකාසො කතො හොති. තං ධම්මන්ති තං තෙසං සමයං තන්තිං. පරියාපුණින්ති සුත්වාව උග්ගණ්හිං.
කිං කුසල ගවෙසී කුසලය කුමක්දැයි සොයනෙමි. අනුත්තරං සන්තිවරං පදං උතුම් වූ ශාන්ති සංඛ්‍යාත වූ, උතුම් ධර්මය, නිර්වාණය සොයන්නේ යන අර්ථයි. යෙන ආළාරො මෙහි ආළාර යනු ඔහුගේ නමයි. දීර්ඝ පිංගලයෙක් නිසා ඔහුට ඒ නම වීය. කාලාමො යනු ගෝත්‍රයයි. විහාරතායස්මා ආයුෂ්මත්හු වාසය කෙරේවා. යත්ථ විඤ්ඤූ පුරිසො යම් යම් ධර්මයෙක්හි පණ්ඩිත පුරුෂයෙක් තෙම සකං ආචරියකං තමන්ගේ ආචාර්ය කාලය, උපසම්පජ්ජ විහරෙය්ය අවසර ලැබ වාසය කරන්නේය. මෙයින් ඔහු විසින් අවසර දෙන ලද බව කියයි. තං ධම්මං ඒ ඔහුගේ සමය පෙළ පරියුපණින්ති අසා උගත්තේය.
ඔට්ඨපහතමත්තෙනාති තෙන වුත්තස්ස පටිග්ගහණත්ථං ඔට්ඨපහරණමත්තෙන; අපරාපරං කත්වා ඔට්ඨසඤ්චරණමත්තකෙනාති අත්ථො. ලපිතලාපනමත්තෙනාති තෙන ලපිතස්ස පටිලාපනමත්තකෙන. ඤාණවාදන්ති ජානාමීති වාදං. ථෙරවාදන්ති ථිරභාවවාදං, ථෙරො අහමෙත්ථාති එතං වචනං. අහඤ්චෙව අඤ්ඤෙ චාති න කෙවලං අහං, අඤ්ඤෙපි බහූ එවං වදන්ති. කෙවලං සද්ධාමත්තකෙනාති පඤ්ඤාය අසච්ඡිකත්වා සුද්ධෙන සද්ධාමත්තකෙනෙව. බොධිසත්තො කිර වාචාය ධම්මං උග්ගණ්හන්තොයෙව, “න කාලාමස්ස වාචාය පරියත්තිමත්තමෙව අස්මිං ධම්මෙ, අද්ධා එස සත්තන්නං සමාපත්තීනං ලාභී”ති අඤ්ඤාසි, තෙනස්ස එතදහොසි.
ඔට්ඨ පහත මත්තෙන ඔහු විසින් කියන ලද්ද පිළිගත්තේ යයි තොල් හැසිරවීම් පමණකින් පමණකින් අනුමත කළේ යන අර්ථයි. ලපිතලාපන මත්තෙ ඔහු විසින් කියන ලද්දට පෙරලා කියන පමණින් ඤාණවාදං වාදය දනිමි. ථෙරවාදං ස්ථිරභාව වාදය, මේ වචනයෙහි මම ස්ථිර වෙමි. පිළිගනිමි. අහඤ්චෙව අඤ්ඤෙචාති තනිව මම පමණක් නොවේ. අනිත් අය ද මෙසේ කියති. කෙවලං සද්ධා මත්ථකෙන නුවණින් ප්රත්යක්ෂ නො කොට පිරිසිදු වූ ශ්‍රද්ධාව පමණකින් බෝසත් තෙමේ වචනයෙන් පමණක් ධර්මය උගත්තේ, කාලාම විසින් වවනයෙන් පමණක් නොව, මේ ධර්මයෙහි මෙතෙම ඒකාන්තයෙන් සමාපත්තිලාභී වීයයි දැනගත්තේය. එහෙයින් ඔහු මෙසේ කීවේය.
ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසීති ආකිඤ්චඤ්ඤායතනපරියොසානා සත්ත සමාපත්තියො මං ජානාපෙසි. සද්ධාති ඉමාසං සත්තන්නං සමාපත්තීනං නිබ්බත්තනත්ථාය සද්ධා. වීරියාදීසුපි එසෙව නයො. පදහෙය්යන්ති පයොගං කරෙය්යං.
ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි ආකිඤ්චඤ්ඤායතනය අවසන්කොට ඇති සත් (සමාපත්ති) සමවත් ලාභීයයි මා දැනගත්තේය. සද්ධා මේ සත් සමවත් ඉපදවීම පිණිස ශ්රද්ධාවද වීර්යය ද (උපයෝගී) විය යන කාරණයයි න්‍යායයි. පද භෙය්යං උත්සාහ කරන්නෙමි.
නචිරස්සෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසින්ති බොධිසත්තො කිර වීරියං පග්ගහෙත්වා කතිපාහඤ්ඤෙව සත්ත සුවණ්ණනිස්සෙණියො පසාරෙන්තො විය සත්ත සමාපත්තියො නිබ්බත්තෙසි; තස්මා එවමාහ.
න චිරස්සෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහාසිං බෝසත් තෙමේ වීර්යය දැඩිකොට වැඩිකල් නො යවාම සත්රුවන් හිණිමගක් ගලපන්නෙකු මෙන් සත් සමවත් ඉපිදවීය. එහෙයින් මෙසේ කීය.
ලාභා නො, ආවුසොති අනුසූයකො කිරෙස කාලාමො. තස්මා “අයං අධුනාගතො, කින්ති කත්වා ඉමං ධම්මං නිබ්බත්තෙසී”ති උසූයං අකත්වා පසන්නො පසාදං පවෙදෙන්තො එවමාහ. උභොව සන්තා ඉමං ගණං පරිහරාමාති “මහා අයං ගණො, ද්වෙපි ජනා පරිහරාමා”ති වත්වා ගණස්ස සඤ්ඤං අදාසි, “අහම්පි සත්තන්නං සමාපත්තීනං ලාභී, මහාපුරිසොපි සත්තන්නමෙව, එත්තකා ජනා මහාපුරිසස්ස සන්තිකෙ පරිකම්මං උග්ගණ්හථ, එත්තකා මය්හ”න්ති මජ්ඣෙ භින්දිත්වා අදාසි. උළාරායාති උත්තමාය. පූජායාති කාලාමස්ස කිර උපට්ඨාකා ඉත්ථියොපි පුරිසාපි ගන්ධමාලාදීනි ගහෙත්වා ආගච්ඡන්ති. කාලාමො – “ගච්ඡථ, මහාපුරිසං පූජෙථා”ති වදති. තෙ තං පූජෙත්වා යං අවසිට්ඨං හොති, තෙන කාලාමං පූජෙන්ති. මහග්ඝානි මඤ්චපීඨානි ආහරන්ති; තානිපි මහාපුරිසස්ස දාපෙත්වා යදි අවසිට්ඨං හොති, අත්තනා ගණ්හාති. ගතගතට්ඨානෙ වරසෙනාසනං බොධිසත්තස්ස ජග්ගාපෙත්වා සෙසකං අත්තනා ගණ්හාති. එවං උළාරාය පූජාය පූජෙසි.
ලාභානො ආවුසො මේ කාලාම තෙමේ ඊර්ෂ්‍යා නොකරන්නෙක්ල. එහෙයින් මේ ආධුනිකයා කුමක්කොට මේ සත් සමවත් ඉපිදවූයේදැයි ඊර්ෂ්‍යා නොකොට තමන්ගේ ප්‍රසාදය පළ කරන්නේ මෙසේ කීය. උභො සන්තා ඉමංගණං පරිහරාම මගේ මේ පිරිස ඉතා විශාලය. දෙදෙනාම පරිහරණය කරමුයි කියා සමූහයාට අදහසක් දුන්නේය. මම ද සත් සමවත්ලාභී වෙමි. මේ මහා පුරුෂයා ද සත් සමවත්ලාභී වේ. මෙතෙක් දෙනා (කොටසක් මේ මහා පුරුෂයා සමීපයෙන් පරිකර්ම උගනිව්. මෙපමණක් මා සමීපයෙන් උගනිව් යයි භාගයක් බෙදා දුන්නේය. උළාරාය උතුම් වූ, පූජාය කාලාමගේ උපස්ථායක ස්ත්‍රී පුරුෂයෝ සුවඳ ද්‍රව්‍ය හා මල් රැගෙන එති. කාලාම තෙමේ යව්, මහා පුරුෂයා පුදන්නැයි කියයි. ඔව්හූ මහා පුරුෂයා පුදා ඉතිරි වූ දෙයින් කාලාම පුදත්. මහාර්ඝ වූ ඇඳ පුටු ආදිය ගෙන එති. ඒවාද මහා පුරුෂයාට දී යමක් ඉතිරි වූයේ නම් තමන් ගනියි. ගිය ගිය තැන උතුම් වූ සෙනසුන් බෝසතුන්ට පමුණුවා සෙස්ස තමන් ගනියි. මෙසේ ශ්‍රේෂ්ඨ වූ පූජාවෙන් පිදීය.
නායං ධම්මො නිබ්බිදායාතිආදීසු අයං සත්තසමාපත්තිධම්මො නෙව වට්ටෙ නිබ්බින්දනත්ථාය, න විරජ්ජනත්ථාය, න රාගාදිනිරොධත්ථාය, න උපසමත්ථාය, න අභිඤ්ඤෙය්යධම්මං අභිජානනත්ථාය, න චතුමග්ගසම්බොධාය, න නිබ්බානසච්ඡිකිරියාය සංවත්තතීති අත්ථො.
නායං ධම්මො නිබ්බිදාය ආදිය මේ සත් සමවත් ධර්ම සසරින් එතරවීමට, සසර කලකිරීමට, රාගාදිය ප්‍රහීණ කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස දතයුතුව සර්ව ධර්මයන් දැනගැනීමට, සිව්මග අවබෝධය පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස නො පවත්නේය යන අර්ථයි.
යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියාති යාව සට්ඨිකප්පසහස්සායුපරිමාණෙ ආකිඤ්චඤ්ඤායතනභවෙ උපපත්ති, තාවදෙව සංවත්තති, න තතො උද්ධං. එවමයං පුනරාවත්තනධම්මොයෙව; යඤ්ච ඨානං පාපෙති, තං ජාතිජරාමරණෙහි අපරිමුත්තමෙව මච්චුපාසපරික්ඛිත්තමෙවාති.
යාවදෙව ආකිඤ්චඤ්ඤා යතනූපපත්තියා කල්ප සැටදහසක් ආකිඤ්චඤ්ඤායතන භවයෙහි ඉපදීමට පමණක් ප්‍රමාණවත් වේ. එයින් මත්තෙහි නො පවතී. මෙය නැවත ආපසු එන ස්වභාවයක්ම ඇත්තේය. යම් තැනකට පමුණුවාද එතැනද ජාති ජරා මරණවලින් පිරිපුන් තැනක්මය. මාර පාසයෙන් වටකරන ලද්දේමය.
තතො පට්ඨාය ච පන මහාසත්තො යථා නාම ඡාතජ්ඣත්තපුරිසො මනුඤ්ඤභොජනං ලභිත්වා සම්පියායමානොපි භුඤ්ජිත්වා පිත්තවසෙන වා සෙම්හවසෙන වා මක්ඛිකාවසෙන වා ඡඩ්ඩෙත්වා පුන එකං පිණ්ඩම්පි භුඤ්ජිස්සාමීති මනං න උප්පාදෙති; එවමෙව ඉමා සත්ත සමාපත්තියො මහන්තෙන උස්සාහෙන නිබ්බත්තෙත්වාපි, තාසු ඉමං පුනරාවත්තිකාදිභෙදං ආදීනවං දිස්වා, පුන ඉමං ධම්මං ආවජ්ජිස්සාමි වා සමාපජ්ජිස්සාමි වා අධිට්ඨහිස්සාමි වා වුට්ඨහිස්සාමි වා පච්චවෙක්ඛිස්සාමි වාති චිත්තමෙව න උප්පාදෙසි. අනලඞ්කරිත්වාති අලං ඉමිනා, අලං ඉමිනාති පුනප්පුනං අලඞ්කරිත්වා. නිබ්බිජ්ජාති නිබ්බින්දිත්වා. අපක්කමින්ති අගමාසිං.
එතැන් පටන් මහසත් තෙමේ, යම් සේ සාදුකින් පෙළෙන පුද්ගලයෙක් මිහිරි ආහාරයක් ලැබ අතිශයින් ප්රියකරනු ලබන්නේ, මදක් වළඳා පිත් වශයෙන් හෝ සෙම් වශයෙන් හෝ මැස්සෙකු සිටීමෙන් හෝ ඉවත දමයිද එක පිඩක්වත් බුදින්නට අකමැති වේද, සිත් නූපදවාද, එසේම මහත් උත්සාහයකින් මේ සප්ත සමාපත්තීන් ලැබී ද, එයද නැවත ඉපදීම ආදී ආදීනව භේදයන් දැක, නැවත මේ ධර්මය ආවර්ජනා කරන්නෙමි. සමාදන් වන්නෙමි. සමවදින්නෙමි. අධිෂ්ඨාන කරන්නෙමි. නැගී සිටින්නෙමි. ප්රත්යවේක්ෂා කරන්නෙමි යන සිතක් පමණවත් නො ඉපදවීය. අනලං කරිත්වා මෙයින් කම් නැත. මෙයින් කම් නැත. නැවත නැවත ප්‍රතික්ෂේප කොට නිබ්බිජ්ජා කළකිරි. අපක්කමිං ගියේය.
න ඛො රාමො ඉමං ධම්මන්ති ඉධාපි බොධිසත්තො තං ධම්මං උග්ගණ්හන්තොයෙව අඤ්ඤාසි – “නායං අට්ඨසමාපත්තිධම්මො උදකස්ස වාචාය උග්ගහිතමත්තොව, අද්ධා පනෙස අට්ඨසමාපත්තිලාභී”ති. තෙනස්ස එතදහොසි – “න ඛො රාමො…පෙ… ජානං පස්සං විහාසී”ති. සෙසමෙත්ථ පුරිමවාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
නඛොරාමො ඉමං ධම්මං මෙහි ද බෝසත් තෙම ඒ ධර්මය ඉගෙන ගත්තා පමණක් නොව, මේ අෂ්ට සමාපත්ති ධර්මය ද, උද්දකරාම තවුසාගේ වචනයෙන් උගත්තා පමණක් නොව, ඒකාන්තයෙන් මොහු අෂ්ට සමාපත්තිලාභීයයි දැනගත්තේය. එබැවින් ඔහුට ද මේ සිත විය. න ඛො රාමො -පෙ- ජානං පස්සං විහාසී පෙර කියන ලද පරිදිම මෙහි අර්ථය දතයුතුයි.
යෙන උරුවෙලා සෙනානිගමොති එත්ථ උරුවෙලාති මහාවෙලා, මහාවාලිකරාසීති අත්ථො. අථ වා උරූති වාලිකා වුච්චති; වෙලාති මරියාදා, වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. අතීතෙ කිර අනුප්පන්නෙ බුද්ධෙ දසසහස්සා කුලපුත්තා තාපසපබ්බජ්ජං පබ්බජිත්වා තස්මිං පදෙසෙ විහරන්තා එකදිවසං සන්නිපතිත්වා කතිකවත්තං අකංසු – “කායකම්මවචීකම්මානි නාම පරෙසම්පි පාකටානි හොන්ති, මනොකම්මං පන අපාකටං. තස්මා යො කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා විතක්කෙති, තස්ස අඤ්ඤො චොදකො නාම නත්ථි; සො අත්තනාව අත්තානං චොදෙත්වා පත්තපුටෙන වාලිකං ආහරිත්වා ඉමස්මිං ඨානෙ ආකිරතු, ඉදමස්ස දණ්ඩකම්ම”න්ති. තතො පට්ඨාය යො තාදිසං විතක්කං විතක්කෙති, සො තත්ථ පත්තපුටෙන වාලිකං ආකිරති, එවං තත්ථ අනුක්කමෙන මහාවාලිකරාසි ජාතො. තතො තං පච්ඡිමා ජනතා පරික්ඛිපිත්වා චෙතියට්ඨානමකාසි; තං සන්ධාය වුත්තං – “උරුවෙලාති මහාවෙලා, මහාවාලිකරාසීති අත්ථො”ති. තමෙව සන්ධාය වුත්තං – “අථ වා උරූති වාලිකා වුච්චති, වෙලාති මරියාදා. වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො”ති.
යෙන උරුවෙලා සෙනානිගමො යන මෙහි උරුවෙලා මහත් වූ වැලි රැස (ගොඩ) යන අර්ථයි. නොහොත් උරු යන්නෙන් වැලි කියයි. වෙලා යන්නෙන් සීමාව කියයි. සීමාව ඉක්මවීමෙන් ගෙන එන ලද වැලි උරුවෙලා යි මෙහි අරුත් දතයුතු. බුදුන් උපදින්නටත් පෙර ඈත අතීතයේ දස දහසක් කුල පුත්‍රයෝ තවුස් පැවිද්දෙන් පැවිදිව එම ප්‍රදේශයෙහි වාසය කරන්නේ, එක් දවස් සියලු දෙන රැස් වී කතිකාවක් ඇතිකර ගත්හ. කයින් කරන ක්‍රියා සහ වචනයෙන් කරන ක්‍රියා (කීම්) අන්‍යයන්ට ප්‍රකට වෙයි. සිතින් කරන ක්‍රියා ප්‍රකට නොවේ. එහෙයින් යමෙකුට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පහළ වුවහොත් ඔහුට අනික් චෝදකයෙක් නැත. හෙතෙම තම තමන්ම චෝදනා කර ගනිමින්, පාත්‍රය පුරවා වැලි ගෙනවුත් (කොළ ගොටුවකින් වැලි ගෙනවිත්) මෙතැන්හි විසුරුවා හළයුතුය. මෙය ඔහුම ඔහුටම කරගන්නා දඬුවමයි. එතැන් පටන් යමෙකුට එබඳු විතර්කයක් පහළ වූයේද, හෙතෙම එහි වැලි විසුරුවයි. මෙසේ එහි ක්‍රමයෙන් වැලි රැසක් විය. ඊට පසුව පශ්චිම ජනයා පරික්ඛිපෙත්වා - වටකොට (චෛත්‍ය ස්ථානයක්) පූජනීය ස්ථානයක් කළේය. ඒ සඳහා උරුවෙලා යයි කියන ලදී. මහත් වූ සමූහය, මහා වැලි රැස යන අර්ථයි. ඒ සඳහාම කියන ලදී. තව ද, උරු යනු වැලි වලට නමකි. වෙලා යනු සීමාවයි. සීමාව ඉක්මවා වැලි ගෙන එන ලද හෙයින් උරුවෙලා යන අර්ථය වීයයි මෙසේත් අර්ථ දතයුතු.
සෙනානිගමොති සෙනාය නිගමො. පඨමකප්පිකානං කිර තස්මිං ඨානෙ සෙනානිවෙසො අහොසි; තස්මා සො පදෙසො සෙනානිගමොති වුච්චති. “සෙනානි-ගාමො”තිපි පාඨො. සෙනානී නාම සුජාතාය පිතා, තස්ස ගාමොති අත්ථො. තදවසරින්ති තත්ථ ඔසරිං. රමණීයං භූමිභාගන්ති සුපුප්ඵිතනානප්පකාරජලජථලජපුප්ඵවිචිත්තං මනොරම්මං භූමිභාගං. පාසාදිකඤ්ච වනසණ්ඩන්ති මොරපිඤ්ඡකලාපසදිසං පසාදජනනවනසණ්ඩඤ්ච අද්දසං. නදිඤ්ච සන්දන්තින්ති සන්දමානඤ්ච මණික්ඛන්ධසදිසං විමලනීලසීතලසලිලං නෙරඤ්ජරං නදිං අද්දසං. සෙතකන්ති පරිසුද්ධං නික්කද්දමං. සුපතිත්ථන්ති අනුපුබ්බගම්භීරෙහි සුන්දරෙහි තිත්ථෙහි උපෙතං. රමණීයන්ති රජතපට්ටසදිසං විප්පකිණ්ණවාලිකං පහූතමච්ඡකච්ඡපං අභිරාමදස්සනං. සමන්තා ච ගොචරගාමන්ති තස්ස පදෙසස්ස සමන්තා අවිදූරෙ ගමනාගමනසම්පන්නං සම්පත්තපබ්බජිතානං සුලභපිණ්ඩං ගොචරගාමඤ්ච අද්දසං. අලං වතාති සමත්ථං වත. තත්ථෙව නිසීදින්ති බොධිපල්ලඞ්කෙ නිසජ්ජං සන්ධායාහ. උපරිසුත්තස්මිඤ්හි තත්ථෙවාති දුක්කරකාරිකට්ඨානං අධිප්පෙතං, ඉධ පන බොධිපල්ලඞ්කො. තෙනාහ – “තත්ථෙව නිසීදි”න්ති. අලමිදං පධානායාති ඉදං ඨානං පධානත්ථාය සමත්ථන්ති එවං චින්තෙත්වා නිසීදින්ති අත්ථො.
සෙනානිගමො සේනාවගේ නියම්ගම, ප්‍රථම කල්පයෙහි දී එතැන සේනාවගේ නිවෙසය කඳවුර පිහිටියේල. ඒ පෙදෙස සේනානි ගමයයි කියයි. සෙනානිගාමො යනු ද පාඨයි. සේනානි යනු සුජාතාවගේ පියාය. ඔහුගේ නියම්ගමය යන අර්ථයි. තදවසරි එහි ගියෙමි. රමණියං භූමිභාගං සිත්කළු වූ බිම් පෙදෙස, මනාව පිපුණු නොයෙක් වර්ණ වූ ගොඩ හටගන්නා මලින් විසිතුරු වූ මනරම් බිම් පෙදෙස, පාසාදිකංච වනසණ්ඩං මොනරපිල් කලප් හා සමාන වූ ප්‍රසාදය උපදවන්නා වූ නිල්වන් වන පෙදෙස දුටුවේය. නදිඤ්ච සන්දන්ති ගලා බසින්නා වූ නිල් මැණිකක් සමාන වූ පිරිසිදු වූ සීතල වූ නිල් දියදහර ඇති නේරංජරා නදිය ද දුටුවේය. සෙතකං පිරිසිදු වූ මඩ රහිත වූ, සුප්පතිත්ථං පිළිවෙළින් ගැඹුරු වූ සුන්දරව පිහිටියා වූ තොටුපල ඇති, රමණීයං රිදීපටක් හා සමානව විසිරුණු වැලි ඇති බොහෝ මස් කැසුබුවන් ඇති, මන වඩන දැකුම් ඇති, සමන්තාච ගොචර ගාමං හාත්පස නො දුරෙහි ගමන් පහසුකම් ඇති, පැමිණි පැවිද්දන්ට සුලභ ආහාරපාන ඇති ගොදුරුගම දුටුවේය. අලං වත ඒකාන්තයෙන්ම සුදුසුය. තත්ථෙව නිසීදිං බෝ පලඟ හිඳීම සඳහා කීය. උපරි සූත්‍රයෙහි තත්ථෙව යන්නෙන් දුෂ්කර ක්‍රියා ස්ථානය අදහස් කර ඇත. මෙහි වනාහි බෝ පලඟ ස්ථානය අභිප්‍රේතයි. මේ වනාහි බෝ පලඟයි. තත්ථෙව නිසීදි යන්න එහෙයින් කීහ. අලමිදං පධානාය මෙතැන පධන් වීර්යය වැඩීම සඳහා සුදුසුයයි සිතා හුන්නෙමි යන අර්ථයි.
අජ්ඣගමන්ති අධිගච්ඡිං පටිලභිං. ඤාණඤ්ච පන මෙ දස්සනන්ති සබ්බධම්මදස්සනසමත්ථඤ්ච මෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං උදපාදි. අකුප්පා මෙ විමුත්තීති මය්හං අරහත්තඵලවිමුත්ති අකුප්පතාය ච අකුප්පාරම්මණතාය ච අකුප්පා, සා හි රාගාදීහි න කුප්පතීති අකුප්පතායපි අකුප්පා, අකුප්පං නිබ්බානමස්සාරම්මණන්තිපි අකුප්පා. අයමන්තිමා ජාතීති අයං සබ්බපච්ඡිමා ජාති. නත්ථි දානි පුනබ්භවොති ඉදානි මෙ පුන පටිසන්ධි නාම නත්ථීති එවං පච්චවෙක්ඛණඤාණම්පි මෙ උප්පන්නන්ති දස්සෙති.
අජ්ඣගමං ලැබීම්, ඤාණඤ්ච පෙන මෙ දස්සනං සියළු ධර්මයන් දැකීමෙහි සමර්ථ වූ සර්වඥතාඥානය පහළවිය. අකුප්පා මෙ චෙතො විමුත්ති මාගේ අර්හත්ඵල විමුක්තිය, අකෝප්‍ය බැවින් ද, අකෝප්‍ය වූ අරමුණු ඇති බැවින් ද අකෝප්‍යය, ඕ විමුක්ති රාගාදියෙන් නො කිපේනුයි අකෝප්‍ය වේ. අකෝප්‍ය වූ නිවන අරමුණු වී ඇති බැවින් ද අකොප්යාලම්බණ බැවින් ද අකුප්පා නම් වේ. අයමන්තිමා ජාති මේ සියල්ලට පසුව එන අන්තිම ජාතියයි. නත්ථිදානි පුනබ්භවො දැන් නැවත මට අලුත් ප්‍රතිසන්ධියක් නම් නැත්තේමය. මෙසේ ප්රත්යවේක්ෂා ඤාණය මට උපන්නේයයි දක්වයි.
අධිගතොති පටිවිද්ධො. ධම්මොති චතුසච්චධම්මො. ගම්භීරොති උත්තානභාවපටික්ඛෙපවචනමෙතං. දුද්දසොති ගම්භීරත්තාව දුද්දසො දුක්ඛෙන දට්ඨබ්බො, න සක්කා සුඛෙන දට්ඨුං. දුද්දසත්තාව දුරනුබොධො, දුක්ඛෙන අවබුජ්ඣිතබ්බො, න සක්කා සුඛෙන අවබුජ්ඣිතුං. සන්තොති නිබ්බුතො. පණීතොති අතප්පකො. ඉදං ද්වයං ලොකුත්තරමෙව සන්ධාය වුත්තං. අතක්කාවචරොති තක්කෙන අවචරිතබ්බො ඔගාහිතබ්බො න හොති, ඤාණෙනෙව අවචරිතබ්බො. නිපුණොති සණ්හො. පණ්ඩිතවෙදනීයොති සම්මාපටිපදං පටිපන්නෙහි පණ්ඩිතෙහි වෙදිතබ්බො.
අධිගතො ප්‍රතිවේධ කරන ලද, අවබෝධ කරන ලද, ධම්මො චතුරාර්ය සත්‍ය ධර්මයි. ගම්හීරො ගැඹුරුය. දුරවබෝධය. මේ ප්‍රකට බවට විරුද්ධ වචනයි. දුද්දකෙ ගැඹුරු බැවින්ම දුකසේ දැකිය යුතුය. පහසුවෙන් දක්නට නො හැකිය. දුරනුබොධො දුකසේ අවබෝධ කළයුතුය. සන්තො නිවුණෝය. පණීතො අතෘප්තිකරය. මේ වචන දෙක ලෝකෝත්තර තත්ත්වය සඳහාම කියන ලදී. අතක්කාවචරො තර්කයෙන් බැසගත යුත්තේ, පැමිණිය යුත්තේ අවබෝධ කරගත යුත්තේ නොවෙයි. නුවණින්ම අවබෝධ කළයුතුය. නිපුණො සිලුටුය. පණ්ඩිත වෙදනීයො සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපන් නුවණැත්තන් විසින්ම දත යුත්තේය.
ආලයරාමාති සත්තා පඤ්චසු කාමගුණෙසු අල්ලීයන්ති. තස්මා තෙ ආලයාති වුච්චන්ති. අට්ඨසතතණ්හාවිචරිතානි ආලයන්ති, තස්මා ආලයාති වුච්චන්ති. තෙහි ආලයෙහි රමන්තීති ආලයරාමා. ආලයෙසු රතාති ආලයරතා. ආලයෙසු සුට්ඨු මුදිතාති ආලයසම්මුදිතා. යථෙව හි සුසජ්ජිතං පුප්ඵඵලභරිතරුක්ඛාදිසම්පන්නං උය්යානං පවිට්ඨො රාජා තාය තාය සම්පත්තියා රමති, සම්මුදිතො ආමොදිතපමොදිතො හොති, න උක්කණ්ඨති, සායම්පි නික්ඛමිතුං න ඉච්ඡති; එවමිමෙහිපි කාමාලයතණ්හාලයෙහි සත්තා රමන්ති, සංසාරවට්ටෙ සම්මුදිතා අනුක්කණ්ඨිතා වසන්ති. තෙන නෙසං භගවා දුවිධම්පි ආලයං උය්යානභූමිං විය දස්සෙන්තො “ආලයරාමා”තිආදිමාහ.
ආලයරාමා සත්ත්වයෝ පස්කම් ගුණයන්හි ඇලී පවතිත්. එහෙයින් ඒ පස්කම් ගුණයෝ ආලය නමැයි කියනු ලැබේ. එකසිය අටක් වූ තෘෂ්ණා විචරිතයෝ අලවතී. එහෙයින් ආලය යයි කියනු ලැබෙති. ඒ තෘෂ්ණා සංඛ්‍යාත ආලයෙහි හැසිරී ක්‍රීඩාකරන තේරුමින් ආලයරාමා නම් වේ. ආලයෙහි ඇලෙනේනුයි ආලයරතා නම් වේ. ආලයන්හි මනාකොට මුදිත (සතුටු) වූයේ නුයි ආලය සමුද්දිතා නම් වේ. එසේම යි. යම්සේ මනාව මල් පිපුණු පලබරින් යුතු වූ රුප්පෙළකින් සමන්විත උයනකට පිවිසි රජ කෙනෙක් ඒ උයනේ සම්පත් දැක එහි ඇලේද, අතිශයින් සතුටු වී ප්රමෝදිතව, ප්‍රීතිමත්ව, උකටලී නොවී සවස ආපසු නික්ම යන්නට ද අකැමති වේද, එපරිද්දෙන් කාමයෙහි ද තෘෂ්ණාවෙහි ද සත්ත්වයෝ ඇලෙති. සංසාර වෘතයෙහි අතිශයින් සතුටු වී උකටලී නොවී වසත්. එහෙයින් ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ දෙවදෑරුම් වූ ආලය උද්‍යාන භූමියක් මෙන් දක්වමින් ආලයරාමා යනාදිය කීහ.
යදිදන්ති නිපාතො, තස්ස ඨානං සන්ධාය “යං ඉද”න්ති, පටිච්චසමුප්පාදං සන්ධාය “යො අය”න්ති එවමත්ථො දට්ඨබ්බො. ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදොති ඉමෙසං පච්චයා ඉදප්පච්චයා; ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා; ඉදප්පච්චයතා ච සා පටිච්චසමුප්පාදො චාති ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. සඞ්ඛාරාදිපච්චයානමෙතං අධිවචනං. සබ්බසඞ්ඛාරසමථොතිආදි සබ්බං නිබ්බානමෙව. යස්මා හි තං ආගම්ම සබ්බසඞ්ඛාරවිප්ඵන්දිතානි සම්මන්ති වූපසම්මන්ති, තස්මා සබ්බසඞ්ඛාරසමථොති වුච්චති. යස්මා ච තං ආගම්ම සබ්බෙ උපධයො පටිනිස්සට්ඨා හොන්ති, සබ්බා තණ්හා ඛීයන්ති, සබ්බෙ කිලෙසරාගා විරජ්ජන්ති, සබ්බං දුක්ඛං නිරුජ්ඣති; තස්මා සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හාක්ඛයො විරාගො නිරොධොති වුච්චති. සා පනෙසා තණ්හා භවෙන භවං, ඵලෙන වා සද්ධිං කම්මං විනති සංසිබ්බතීති කත්වා වානන්ති වුච්චති, තතො නික්ඛන්තං වානතොති නිබ්බානං.
යදිදං යනු නිපාතයෙකි. ඔහුගේ ස්ථානය සඳහා යං ඉදං යන්නද, පටිච්ච සමුප්පාදය සඳහා යො ඉදං යන්න ද යොදන ලදැයි අර්ථ දතයුතුයි. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදො මොවුන්ගේ ප්‍රත්‍යය ඉදප්පච්චයා, ඉදප්පච්චයා එව ඉදපච්චයතා මොවුන්ගේ ප්රත්යයෝම ඉදප්පචචය නම් වෙයි. ඉදප්පච්චයතා වූයේ ද පටිච්ච සමුප්පාද වූයේ ද හේ නුයි ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාද නම් වේ. සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යා ආදීන්ට මේ නමයි. සබ්බසංඛාර සමථො යනාදී සියල්ල නිර්වාණයම වේ. යම්හෙයකින් ඒ නිවනට පැමිණ සියලු සංස්කාර විප්ඵන්දිතයෝ සන්සිඳෙත් ද වෙසෙසින් සන්සිඳෙත්ද ව්‍යපසමනය වේද එහෙයින් සබ්බසංඛාර සමථො යයි කියන ලදී. යම්හෙයකින් නිවනට පැමිණ සියලු උපධීහු දුරලනු ලද්දාහු වෙත්ද, සියළු තෘෂ්ණාවෝ ක්ෂය වෙද, සියලු ක්ලේශ රාගයෝ නොඇලෙත් ද, සියළු දුක්වලින් මිදෙන්නේද එහෙයින් සබ්බූපධි පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො යයි කියයි. ඒ තෘෂ්ණාව වනාහි භවයෙන් භවය ඵලය සමග හෝ කර්මය සමග හෝ ගළපයි. විශේෂයෙන් ගළපන්නේ වාන යයි කියයි. ඒ වාන යෙන් නික්මෙන්නේය යන අරුතින් නිබ්බාන යයි කියති.
සො මමස්ස කිලමථොති යා අජානන්තානං දෙසනා නාම, සො මම කිලමථො අස්ස, සා මම විහෙසා අස්සාති අත්ථො. කායකිලමථො චෙව කායවිහෙසා ච අස්සාති වුත්තං හොති. චිත්තෙ පන උභයම්පෙතං බුද්ධානං නත්ථි. අපිස්සූති අනුබ්රූහනත්ථෙ නිපාතො, සො “න කෙවලං එතදහොසි, ඉමාපි ගාථා පටිභංසූ”ති දීපෙති. මන්ති මම. අනච්ඡරියාති අනුඅච්ඡරියා. පටිභංසූති පටිභානසඞ්ඛාතස්ස ඤාණස්ස ගොචරා අහෙසුං; පරිවිතක්කයිතබ්බතං පාපුණිංසු.
සො මමස්ස කිලමථා නො දන්නවුන්ට යම් දේශනාවක් නම් එය මට විඩාවක් ක්ලාන්ත බවක් වෙහෙසක් ගෙන දෙන්නේය යන අර්ථයි. කාය කිලමථයක් කයට වෙහෙසක් වන්නේයයි කියන ලදී. එහෙත් බුදුවරයන්ගේ සිතෙහි මේ දෙකම නැත. අපිස්සූ අනුබ්රෑහනාර්ථයේ නිපාතයි. හුදෙක් ඒ සිතම වුයේ නොවේ. මේ ගාථා වැටහුනේ යයි අවබෝධ වූයේ යයි දක්වයි. මං යනු මට, අනච්ඡරියා - අනු + අච්ඡරියා අතිශයින් පුදුම සහගත වූ. පටිහංසූ ප්‍රතිභාන සංඛ්‍යාත නුවණට ගොදුරු වූහ. විමසිය යුතු බවට පැමිණියාහුය.
කිච්ඡෙනාති දුක්ඛෙන, න දුක්ඛාය පටිපදාය. බුද්ධානඤ්හි චත්තාරොපි මග්ගා සුඛප්පටිපදාව හොන්ති. පාරමීපූරණකාලෙ පන සරාගසදොසසමොහස්සෙව සතො ආගතාගතානං යාචකානං, අලඞ්කතප්පටියත්තං සීසං කන්තිත්වා, ගලලොහිතං නීහරිත්වා, සුඅඤ්ජිතානි අක්ඛීනි උප්පාටෙත්වා, කුලවංසප්පදීපං පුත්තං මනාපචාරිනිං භරියන්ති එවමාදීනි දෙන්තස්ස, අඤ්ඤානි ච ඛන්තිවාදිසදිසෙසු අත්තභාවෙසු ඡෙජ්ජභෙජ්ජාදීනි පාපුණන්තස්ස ආගමනියපටිපදං සන්ධායෙතං වුත්තං. හලන්ති එත්ථ හ-කාරො නිපාතමත්තො, අලන්ති අත්ථො. පකාසිතුන්ති දෙසිතුං, එවං කිච්ඡෙන අධිගතස්ස ධම්මස්ස අලං දෙසිතුං, පරියත්තං දෙසිතුං, කො අත්ථො දෙසිතෙනාති වුත්තං හොති. රාගදොසපරෙතෙහීති රාගදොසපරිඵුට්ඨෙහි රාගදොසානුගතෙහි වා.
කිච්ඡෙන දුකසේ, දුක් සහිත වූ ප්‍රතිපදාව. බුදුවරුන්ට දුක් ප්‍රතිපදාවක් නැත. සතර මාර්ගයෝම සුඛ ප්රතිපදාම වෙති. පෙරුම් පුරන කාලයෙහි රාග දෝස මෝහ සහිතවම ආ ආ යදියන්ට ලස්සනට සරසන ලද හිස ගලවා ගල ලෝහිතය බැහැරකොට (දුන්හ) මනාව අඳුන් ගල්වන ලද ඇස් උගුලුවා (දුන්හ) කුලවංශය බබළවන්නට සිටි දූ දරුවන්, මන වඩන්නා වූ භාර්යාවරුන්, (දුන්හ) මෙසේ දෙන්නහුගේ අනෙක් ක්ෂාන්තිවාදී ආත්ම භාවයන්හි සිඳුම් බිඳුම් ආදියට පැමිණෙන්නහුගේ පැමිණ පිළිවෙළ සඳහා මෙය කියන ලදී. හලං මෙහි හකාරය නිපාතයක් පමණි. අලං - කම් නැත යන අර්ථයි. පකාසිතුං දේශනා කරන්නට මෙසේ අධිගමනය කරන ලද ධර්මය දේශනා කම් නැත. දේශනා කිරීමෙන් කවර ප්‍රයෝජනද, රාග දොස පරෙතෙහි රාග ද්වේෂයන් ස්පර්ශ කරන ලද්දවුන් විසින් නැතහොත් රාග ද්වේෂ අනුව ගියවුන් විසිනි.
පටිසොතගාමින්ති නිච්චාදීනං පටිසොතං අනිච්චං දුක්ඛමනත්තා අසුභන්ති එවං ගතං චතුසච්චධම්මං. රාගරත්තාති කාමරාගෙන භවරාගෙන දිට්ඨිරාගෙන ච රත්තා. න දක්ඛන්තීති අනිච්චං දුක්ඛමනත්තා අසුභන්ති ඉමිනා සභාවෙන න පස්සිස්සන්ති, තෙ අපස්සන්තෙ කො සක්ඛිස්සති එවං ගාහාපෙතුං. තමොඛන්ධෙන ආවුටාති අවිජ්ජාරාසිනා අජ්ඣොත්ථතා.
පටිසොතගාමිං අනිත්‍ය, දුක්ඛ-අනාත්මය, නිත්‍යයයි ගත් නිත්යාදීන්ගේ ප්රතිශෝතයට ගිය චතුරාර්ය සත්‍ය ධර්මය රාගරත්තානි කාමරාග, භවරාග දෘෂ්ටි රාගයන්හි ඇලුණාහු නදක්ඛින්ති අනිත්‍ය දුක්ඛ අනාත්ම අශුභයයි ස්වභාවයයෙන් නො දකිත්. එසේ නො දක්නා ඔවුන්ට මෙය පිළිගන්වන්නට කවුරුනම් සමත් වේද? තමොක්ඛන්ධෙන ආවටා අවිද්‍යා රාශියකින් වෙළුනාහූ අවිද්‍යා රාශියකින් පැතිරෙන ලද්දාහූ.
අප්පොස්සුක්කතායාති නිරුස්සුක්කභාවෙන, අදෙසෙතුකාමතායාති අත්ථො. කස්මා පනස්ස එවං චිත්තං නමි, නනු එස මුත්තො මොචෙස්සාමි, තිණ්ණො තාරෙස්සාමි.
අප්පොස්සුක්කතාය උත්සාහ රහිත බැවින්, නො දෙසනු කැමති බැවින් යන අර්ථයි. කුමක් හෙයින් මෙසේ උන්වහන්සේගේ සිත නැමුනේද? (ශාස්තෲන් වහන්සේ) මිදුනේ මුදවන්නෙමි එතෙර වුයේ එතෙර කරවන්නෙමි.
“කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරයිස්සං සදෙවක”න්ති. (බු· වං· 2.56) –
කිම්මෙ අඤ්ඤාත වෙසෙන - ධම්මං සච්ඡිකතෙනිධ සබ්බඤ්ඤුතං පාපුණිත්වා - තාරයිස්සං සදෙවකෙ
පත්ථනං කත්වා පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතං පත්තොති. සච්චමෙතං, තදෙවං පච්චවෙක්ඛණානුභාවෙන පනස්ස එවං චිත්තං නමි. තස්ස හි සබ්බඤ්ඤුතං පත්වා සත්තානං කිලෙසගහනතං, ධම්මස්ස ච ගම්භීරතං පච්චවෙක්ඛන්තස්ස සත්තානං කිලෙසගහනතා ච ධම්මගම්භීරතා ච සබ්බාකාරෙන පාකටා ජාතා. අථස්ස “ඉමෙ සත්තා කඤ්ජිකපුණ්ණා ලාබු විය, තක්කභරිතා චාටි විය, වසාතෙලපීතපිලොතිකා විය, අඤ්ජනමක්ඛිතහත්ථො විය ච කිලෙසභරිතා අතිසංකිලිට්ඨා රාගරත්තා දොසදුට්ඨා මොහමූළ්හා, තෙ කිං නාම පටිවිජ්ඣිස්සන්තී”ති චින්තයතො කිලෙසගහනපච්චවෙක්ඛණානුභාවෙනාපි එවං චිත්තං නමි.
මේ ශාසනයෙහි භික්ෂුවක් අප්‍රකට වේශයෙන් සිව්සස් දහම් ප්රත්යක්ෂ කරන ලද්දේ ද, මා විසින් කවර ප්‍රයෝජන ද, සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත වූ සත්ත්වයන් එතෙර කරවන්නෙමි යි පෙරුම් පුරා සර්වඥ බවට පැමිණියේ නොවේද, ඇත්ත එයයි. එහෙත් ප්රත්යවේක්ෂානු භාවයෙන් මෙසේ සිත නැමුනේය. සර්වඥ බවට පැමිණ, ප්රත්යවේක්ෂා කරන්නා වූ උන්වහන්සේට සත්ත්වයන් කෙලෙස් බර ද, ධර්මයේ ගැඹුරු බව ද සර්වප්රකාරයෙන් ප්‍රකට වූයේය. එකල්හි උන්වහන්සේට මේ සත්ත්වයෝ කැඳ පිරුණු ලබුකබල් මෙන් ද, මෝරු පිරුණු හැළි මෙන් ද, චුරුණුතෙල් උරාගත් රෙදි කැබලි මෙන් ද, අඳුන් වැකුණු අතක් මෙන් ද, ක්ලේශ භරිතයහ. ඉතාම සංකීර්ණයහ. රාගයෙන් රත් වූවෝය. ද්වේෂයෙන් දූෂිත වූවෝය. මෝහයෙන් මුලා වූවෝය. ඔව්හූ කුමක්නම් අවබෝධ කරන්නහුද යනුවෙන් සිතන්නහුට, සත්ත්වයෝ කෙළෙස් ගහණ බව නැවත නැවත සිහිපත් වන්නේ මෙසේ සිත නැමුනේය.
“අයඤ්ච ධම්මො පථවීසන්ධාරකඋදකක්ඛන්ධො විය ගම්භීරො, පබ්බතෙන පටිච්ඡාදෙත්වා ඨපිතො සාසපො විය දුද්දසො, සතධා භින්නස්ස වාලස්ස කොටියා කොටිපටිපාදනං විය දුරනුබොධො. නනු මයා හි ඉමං ධම්මං පටිවිජ්ඣිතුං වායමන්තෙන අදින්නං දානං නාම නත්ථි, අරක්ඛිතං සීලං නාම නත්ථි, අපරිපූරිතා කාචි පාරමී නාම නත්ථි? තස්ස මෙ නිරුස්සාහං විය මාරබලං විධමන්තස්සාපි පථවී න කම්පිත්ථ, පඨමයාමෙ පුබ්බෙනිවාසං අනුස්සරන්තස්සාපි න කම්පිත්ථ, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං සොධෙන්තස්සාපි න කම්පිත්ථ, පච්ඡිමයාමෙ පන පටිච්චසමුප්පාදං පටිවිජ්ඣන්තස්සෙව මෙ දසසහස්සිලොකධාතු කම්පිත්ථ. ඉති මාදිසෙනාපි තික්ඛඤාණෙන කිච්ඡෙනෙවායං ධම්මො පටිවිද්ධො, තං ලොකියමහාජනා කථං පටිවිජ්ඣිස්සන්තී”ති ධම්මගම්භීරතාපච්චවෙක්ඛණානුභාවෙනාපි එවං චිත්තං නමීති වෙදිතබ්බං.
මේ ධර්මය තෙමේ පෘථුවි සන්ධාරක පෘථුවිය දරා සිටින ජලස්කන්ධය මෙන් ගැඹුරුය. පර්වතයකින් ඇති අබ ඇටයක් මෙන් දැකීම අපහසුය. සියවරක් පලන ලද අස්ලොමක කෙළවරයන් කොනින් කොන ගැලපීම මෙන්, අවබෝධ කිරීම අපහසුය. මේ ධර්මය අවබෝධ කරගනු සඳහා උත්සාහ ගන්නා වූ මා විසින් නො දුන් දනක් නම් නැත. නොරැකි සීලයක් නැත. නො පිරූ කිසියම් පාරමිතාවක් නැත. ඒ (පාරමීදම් බලයෙන්) නිරුත්සාහයෙන් මාරබලය පරාජය කරන කල්හි කම්පා නොවූ පොළව, ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ අවබෝධ කරත්. කම්පා නොවූ පොළව, මැදුම්යම දිවැස් නුවණ අවබෝධ කරගනිත්ම කම්පා නොවූ පොළව පැසුළුයම හේතුඵල ධර්මය (පටිච්ච සමුප්පාදය) අවබෝධ කරත්ම දස සහශ්‍රී ලෝකධාතුව කම්පා විය. මෙසේ මා වැනි. තියුණු නුවණැත්තෙකු විසින් ද දුකසේ ම මේ ධර්මය අවබෝධ කරගත්තේය. එසේ වූ කල ලෞකික (පෘථග්ජන) මහජනයා කෙසේ අවබෝධ කරගනිත්ද, ධර්මයේ ගැඹුරු බවම නුවණින් සිතා බැලීමේ ආනුභාවයෙන්ම මෙසේ සිත නැමුනේයයි දතයුතුය.
අපිච බ්රහ්මුනා යාචිතෙ දෙසෙතුකාමතායපිස්ස එවං චිත්තං නමි. ජානාති හි භගවා – “මම අප්පොස්සුක්කතාය චිත්තෙ නමමානෙ මං මහාබ්රහ්මා ධම්මදෙසනං යාචිස්සති, ඉමෙ ච සත්තා බ්රහ්මගරුකා, තෙ ‘සත්ථා කිර ධම්මං න දෙසෙතුකාමො අහොසි, අථ නං මහාබ්රහ්මා යාචිත්වා දෙසාපෙසි, සන්තො වත, භො, ධම්මො පණීතො වත, භො, ධම්මො’ති මඤ්ඤමානා සුස්සූසිස්සන්තී”ති. ඉදම්පිස්ස කාරණං පටිච්ච අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනායාති වෙදිතබ්බං.
මගේ සිත අල්පෝත්සුක භාවයට (ධර්මචක්රය පැවැත්වීමට පසුබැසීමට) සිත නැමෙන කල්හි මහා බ්‍රහ්ම තෙමේ ධර්ම දේශනාවට යාඥා කළේය. මේ සත්ත්වයෝ මහා බ්‍රහ්මයාට ගරු කරන්නෝ ය. මහා බ්‍රහ්මයා අදහන්නෝ ය. දහම් නො දෙසීමට භාග්‍යවතුන් වහන්සේ පසුබැස සිටිනවිට, මහා බ්‍රහ්මයා උන්වහන්සේට ආරාධනා කොට දහම් දෙසීමට උත්සාහවත් වීල. (මේ සිතිවිල්ල ජනයා අතර පැතිර ගියේය) ඒකාන්තයෙන් මේ ධර්මය ශාන්තය. ප්‍රණීතයයි සිතමින් ජනයා අසනු කැමති වන්නේ යයි දන්නා සේක. මේ කාරණය නිසා ද ධර්මය දේශනා කිරීමට අල්ප උත්සාහ ඇත්තේ වීයයි දතයුතුය.
සහම්පතිස්සාති සො කිර කස්සපස්ස භගවතො සාසනෙ සහකො නාම ථෙරො පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා පඨමජ්ඣානභූමියං කප්පායුකබ්රහ්මා හුත්වා නිබ්බත්තො. තත්ර නං සහම්පතිබ්රහ්මාති පටිසඤ්ජානන්ති, තං සන්ධායාහ – “බ්රහ්මුනො සහම්පතිස්සා”ති. නස්සති වත, භොති සො කිර ඉමං සද්දං තථා නිච්ඡාරෙසි, යථා දසසහස්සිලොකධාතුබ්රහ්මානො සුත්වා සබ්බෙ සන්නිපතිංසු. යත්ර හි නාමාති යස්මිං නාම ලොකෙ. පුරතො පාතුරහොසීති තෙහි දසහි බ්රහ්මසහස්සෙහි සද්ධිං පාතුරහොසි. අප්පරජක්ඛජාතිකාති පඤ්ඤාමයෙ අක්ඛිම්හි අප්පං පරිත්තං රාගදොසමොහරජං එතෙසං, එවංසභාවාති අප්පරජක්ඛජාතිකා. අස්සවනතාති අස්සවනතාය. භවිස්සන්තීති පුරිමබුද්ධෙසු දසපුඤ්ඤකිරියවසෙන කතාධිකාරා පරිපාකගතපදුමානි විය සූරියරස්මිසම්ඵස්සං, ධම්මදෙසනංයෙව ආකඞ්ඛමානා චතුප්පදිකගාථාවසානෙ අරියභූමිං ඔක්කමනාරහා න එකො, න ද්වෙ, අනෙකසතසහස්සා ධම්මස්ස අඤ්ඤාතාරො භවිස්සන්තීති දස්සෙති.
සහම්පතිස්ස හෙතෙම වනාහි කාශ්‍යප බුද්ධ ශාසනයෙහි සහක නම් ස්ථවිර විය. ප්‍රථම ධ්‍යානය උපදවා ප්‍රථම ධ්‍යානයෙහි කල්පායුෂ්ක මහා බ්‍රහ්මව උපනි. ඔහු සහම්පති මහා බ්‍රහ්මයයි හඳුන්වති. බ්රහ්මුනො සහම්පතිස්ස යනු ඒ සඳහා කීයේය. නස්සති වත ඔහුගේ මේ ශබ්දය දස සහශ්‍රී ලෝකධාතුවෙහි බ්‍රහ්මයෝ අසා සියලු දෙනම රැස්වූහ. යත්රභිනාම යම් ලෝකයෙක්හි නම්, පුරතො පාතුරභොසි ඒ දස දහසක් බ්‍රහ්මයන් සමග (තථාගතයන් සිටි තැනට) පහළ විය. අප්පරජක්ඛ ජාතිකා ප්‍රඥාමය ඇසෙහි, අල්ප වූ ස්වල්ප වූ, රාග ද්වේෂ මෝහ රජස් මොවුන්ට ඇත්තේනුයි අප්පරජක්ඛජාතික නම් වේ. අස්සවනතා නො අසන බැවින්. භවිස්සන්ති පෙර බුදුවරුන් කෙරෙහි දශ පුණ්‍යක්‍රියා වශයෙන් කරන ලද පළපුරුද්ද මුහුකුරා ගිය, මොවුන්, පියුම් හිරුරැස් කැමති වන්නාක් මෙන් දහම් දෙසුම්ම කැමති වෙමින් සතරපද ගාථාවසානයේ ආර්ය භූමියට බැස ගැනීමට සුදුසු වූවාහු කෙනෙකු දෙන්නකු නොව, නොයෙක් සියදහස් ගණනක් දහම් අවබෝධ කරන්නාහු වන්නෝය යයි දක්වයි.
පාතුරහොසීති පාතුභවි. සමලෙහි චින්තිතොති සමලෙහි ඡහි සත්ථාරෙහි චින්තිතො. තෙ හි පුරෙතරං උප්පජ්ජිත්වා සකලජම්බුදීපෙ කණ්ටකෙ පත්ථරමානා විය, විසං සිඤ්චමානා විය ච සමලං මිච්ඡාදිට්ඨිධම්මං දෙසයිංසු. අපාපුරෙතන්ති විවර එතං. අමතස්ස ද්වාරන්ති අමතස්ස නිබ්බානස්ස ද්වාරභූතං අරියමග්ගං. සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධන්ති ඉමෙ සත්තා රාගාදිමලානං අභාවතො විමලෙන සම්මාසම්බුද්ධෙන අනුබුද්ධං චතුසච්චධම්මං සුණන්තු තාව භගවාති යාචති.
පාතුරහොසි පහළ විය. සමලෙහි චින්තිතො කෙළෙස් සහිත ෂට් ශාස්තෲන් විසින් සිතන ලද, ඔවුන් වනාහි පළමුව ඉපිද මුළු දඹදිව කටු පතුරවන්නාහු මෙන් ද, විෂ ඉසින්නවුන් මෙන් ද, කෙළෙස්මල සහිත මිසදිටු දහම් පැතිරවූහ. අවාපුරෙතං මෙය විවෘත කරනු මැන. අමතස්ස ද්වාරං නිර්වාණයට දොර වන්නා වූ ආර්ය මාර්ගය, සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං මේ සත්ත්වයෝ රාගාදී ක්ලේෂයන්ගේ අභාවය පිණිස සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් දේසිත නිර්මල වූ චතුරාර්ය සත්‍ය ධර්මය අසත්වායි ඉල්ලීමක් කරයි.
සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතොති සෙලමයෙ එකග්ඝනෙ පබ්බතමුද්ධනි යථා ඨිතොව. න හි තස්ස ඨිතස්ස දස්සනත්ථං ගීවුක්ඛිපනපසාරණාදිකිච්චං අත්ථි. තථූපමන්ති තප්පටිභාගං සෙලපබ්බතූපමං. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – යථා සෙලපබ්බතමුද්ධනි ඨිතොව චක්ඛුමා පුරිසො සමන්තතො ජනතං පස්සෙය්ය, තථා ත්වම්පි, සුමෙධ, සුන්දරපඤ්ඤ-සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සමන්තචක්ඛු භගවා ධම්මමයං පාසාදමාරුය්හ සයං අපෙතසොකො සොකාවතිණ්ණං ජාතිජරාභිභූතං ජනතං අවෙක්ඛස්සු උපධාරය උපපරික්ඛ.
සෙලො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො ඒකඝන වූ ශෛලමය වූ, පර්වතයක් මුදුනෙහි සිටිය එකකු මෙන්, එහි සිටිය කෙනෙකු දැකීම පිණිස ගෙළ දිගුකිරීම ආදී කටයුත්තක් නො කළ යුතු වේද තථූපමං ඒ ශෛල පර්වතයට බඳු උපමා ඇති, මේ වනාහි මෙහි කෙටි අදහසයි. යම්සේ ගල් පර්වතය මුදුනෙහි සිටියා වූම ඇස් ඇති පුද්ගලයෙක් හාත්පස පහළ ඉන්නා වූ ජන සමූහයා දකින්නේද, එපරිද්දෙන් ඔබ ද, සුන්දර වූ ප්‍රඥා ඇති, සර්වඥතා ඥානයෙන් හෙබි සමන්ත චක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ ධම්මමයං - පඤ්ඤාමයං ධර්මමය වූ ප්‍රඥාමය වූ, ප්‍රාසාදයට නැගී තෙමේ පහ වූ ශෝක ඇති ශෝකයට බැස ගත්තා වූ ජාති ජරාවෙන් මඩනා ලද, ජන සමූහය අවෙක්ඛස්සූ බලනු මැනවි. පිරික්සනු මැනවි.
අයං පනෙත්ථ අධිප්පායො – යථා හි පබ්බතපාදෙ සමන්තා මහන්තං ඛෙත්තං කත්වා තත්ථ කෙදාරපාළීසු කුටිකායො කත්වා රත්තිං අග්ගිං ජාලෙය්යුං. චතුරඞ්ගසමන්නාගතඤ්ච අන්ධකාරං අස්ස, අථ තස්ස පබ්බතස්ස මත්ථකෙ ඨත්වා චක්ඛුමතො පුරිසස්ස භූමිං ඔලොකයතො නෙව ඛෙත්තං, න කෙදාරපාළියො, න කුටියො, න තත්ථ සයිතමනුස්සා පඤ්ඤායෙය්යුං. කුටිකාසු පන අග්ගිජාලාමත්තකමෙව පඤ්ඤායෙය්ය. එවං ධම්මපාසාදං ආරුය්හ සත්තනිකායං ඔලොකයතො තථාගතස්ස, යෙ තෙ අකතකල්යාණා සත්තා, තෙ එකවිහාරෙ දක්ඛිණජාණුපස්සෙ නිසින්නාපි බුද්ධචක්ඛුස්ස ආපාථං නාගච්ඡන්ති, රත්තිං ඛිත්තා සරා විය හොන්ති. යෙ පන කතකල්යාණා වෙනෙය්යපුග්ගලා, තෙ එවස්ස දූරෙපි ඨිතා ආපාථං ආගච්ඡන්ති, සො අග්ගි විය හිමවන්තපබ්බතො විය ච. වුත්තම්පි චෙතං –
මේ වනාහි මෙහි අදහසයි. යම්සේ පර්වත පාදයේ හාත්පස මහත් වූ කුඹුරක් වපුරා, එහි ලියදි, පැල්පත් නිමවා රාත්‍රියෙහි ගිනි දල්වන්නාහුද, චතුරංග සමන්නාගත අඳුරක් එහි වන්නේද ඉක්බිති එම පර්වතය මත සිට බිම බලන්නා වූ ඇස් ඇති පුරුෂයකුට කුඹුර නො පෙන්නේ ද, එහි නිදිගත් මිනිසුන් නො පෙනේද, පැල් වළ ගිනිදැල් පමණක්ම පෙනේ ද, එපරිද්දෙන් දහම් නමැති පහයට නැගී සත්ත්ව සමුහයා බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේට, නොකළ කුසල් ඇති සත්ත්වයෝ එක වෙහෙර දකුණ දණමඬුලු පස උන්නේ නමුත් බුදු ඇසට හමු නොවෙති. රාත්‍රියෙහි විදින ලද ඊතල මෙන් වෙති. එහෙත් යම් කුසල් කළ වෛනේය පුද්ගලයෝ වෙත් ද ඔවුන් දුර සිටියේ නමුත් උන්වහන්සේගේ ඇස් හමුවට යොමු වෙති. ඔව්හූ ගින්න මෙන් ද හිමවත් පර්වතය මෙන් ද වෙති.
“දූරෙ සන්තො පකාසෙන්ති, හිමවන්තොව පබ්බතො; අසන්තෙත්ථ න දිස්සන්ති, රත්තිං ඛිත්තා යථා සරා”ති. (ධ· ප· 304);
දූරෙ සන්තො පකාසෙන්ති - හිමවන්තොව පබ්බතො අසන්තෙත්ථ න දිස්සනති - රත්ති ඛිත්තා සරා යථා
සත්පුරුෂයෝ දුර සිටියාහුද හිමාලය පර්වතය මෙන් ප්‍රකට වේ. මේ ලෝකයේ බාල පුද්ගලයෝ රාත්‍රියෙහි විදින ඊතල මෙන් නො පෙනෙති.
උට්ඨෙහීති භගවතො ධම්මදෙසනත්ථං චාරිකචරණං යාචන්තො භණති. වීරාතිආදීසු භගවා වීරියවන්තතාය වීරො. දෙවපුත්තමච්චුකිලෙසමාරානං විජිතත්තා විජිතසඞ්ගාමො. ජාතිකන්තාරාදිනිත්ථරණත්ථාය වෙනෙය්යසත්ථවාහනසමත්ථතාය සත්ථවාහො. කාමච්ඡන්දඉණස්ස අභාවතො අණණොති වෙදිතබ්බො.
උට්ඨෙහි දහම් දෙසීම සඳහා චාරිකාවෙහි සැරිසරන මෙන් භාග්‍යවතුන් වහන්සේට යාඥා කරයි. වීරා උත්සාහවන්ත බැවින් වීරනම් වෙති. දේවපුත්‍ර මාර, මෘත්‍යුමාර, ක්ලේශ මාරයන් දිනූ බැවින් විජිත සංගාම වෙති. සසර තරණය කොට එතරවීම පිණිස වෛනෙය ජනයන් ගමන් කරවන බැවින්, මෙහෙයවන බැවින් සත්ථවාහ නම් වෙති. කාමච්ඡන්ද නමැති නමැති ණය නැති බැවින් අනණෙ යි දතයුතුයි.
අජ්ඣෙසනන්ති යාචනං. බුද්ධචක්ඛුනාති ඉන්ද්රියපරොපරියත්තඤාණෙන ච ආසයානුසයඤාණෙන ච. ඉමෙසඤ්හි ද්වින්නං ඤාණානං බුද්ධචක්ඛූති නාමං, සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස සමන්තචක්ඛූති, තිණ්ණං මග්ගඤාණානං ධම්මචක්ඛූති. අප්පරජක්ඛෙතිආදීසු යෙසං වුත්තනයෙනෙව පඤ්ඤාචක්ඛුම්හි රාගාදිරජං අප්පං, තෙ අප්පරජක්ඛා. යෙසං තං මහන්තං, තෙ මහාරජක්ඛා. යෙසං සද්ධාදීනි ඉන්ද්රියානි තික්ඛානි, තෙ තික්ඛින්ද්රියා. යෙසං තානි මුදූනි, තෙ මුදින්ද්රියා. යෙසං තෙයෙව සද්ධාදයො ආකාරා සුන්දරා, තෙ ස්වාකාරා. යෙ කථිතකාරණං සල්ලක්ඛෙන්ති, සුඛෙන සක්කා හොන්ති විඤ්ඤාපෙතුං, තෙ සුවිඤ්ඤාපයා. යෙ පරලොකඤ්චෙව වජ්ජඤ්ච භයතො පස්සන්ති, තෙ පරලොකවජ්ජභයදස්සාවිනො නාම.
අජ්ඣෙසනං යාඥාව, බුද්ධචක්ඛුනා ඉන්ද්රිය පරො පරියත්ති ඤාණය ආසයානුසය ඤාණය, මේ ඤාණ දෙක බුද්ධ චක්ඛු නමි. සර්වඥතාඥානය සමන්තචක්ඛු නමි. තුන්වැදෑරුම් මාර්ගඥාන, ධම්මචක්ඛු නම් වේ. අප්පරජක්ඛෙ ආදී වශයෙන් කියන ලද පරිදි යම්කෙනෙකුගේ නුවණැසෙහි රාගාදී රජස් මද වේද ඔහු අප්පරජක්ඛ නම් වේ. යම් කෙනෙකුන්ගේ එය බොහෝ වේද ඔහු මහා රජක්ඛ නම් වේ. යම් කෙනෙකුන් ගේ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් තියුණු වේද ඔව්හූ තික්ඛින්ද්රිය නම් වේ. යම්කිසි කෙනෙකුන්ගේ එය මෘදු වේද ඔහු මුදුන්ද්‍රිය නම් වේ. යම්කිසි කෙනෙකුන්ගේ ඒ ශ්‍රද්ධාදී ආකාර යහපත් වේද ඔව්හූ ස්වාකාර නම් වේ. යමෙක් තමන් කී කරුණු සලකත්ද, සුව සේ දක්වන්නට හැකිවේද, ඔව්හූ සුවිඤ්ඤාපය නම් වේ. පරලොව පිළිබඳ භය දකින්නේද ඔව්හූ පරලොක වජ්ජ භය දස්සාවී නම් වේ.
අයං පනෙත්ථ පාළි – “සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො. ආරද්ධවීරියො…, කුසිතො…, උපට්ඨිතස්සති…, මුට්ඨස්සති…, සමාහිතො…, අසමාහිතො…, පඤ්ඤවා…, දුප්පඤ්ඤො පුග්ගලො මහාරජක්ඛො. තථා සද්ධො පුග්ගලො තික්ඛින්ද්රියො…පෙ… පඤ්ඤවා පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවී, දුප්පඤ්ඤො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවී. ලොකොති ඛන්ධලොකො, ආයතනලොකො, ධාතුලොකො, සම්පත්තිභවලොකො, සම්පත්තිසම්භවලොකො, විපත්තිභවලොකො, විපත්තිසම්භවලොකො, එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ලොකා – නාමඤ්ච රූපඤ්ච. තයො ලොකා – තිස්සො වෙදනා. චත්තාරො ලොකා – චත්තාරො ආහාරා. පඤ්ච ලොකා – පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා – ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා – සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා – අට්ඨ ලොකධම්මා. නව ලොකා – නව සත්තාවාසා. දස ලොකා – දසායතනානි. ද්වාදස ලොකා – ද්වාදසායතනානි. අට්ඨාරස ලොකා – අට්ඨාරස්ස ධාතුයො. වජ්ජන්ති සබ්බෙ කිලෙසා වජ්ජා, සබ්බෙ දුච්චරිතා වජ්ජා, සබ්බෙ අභිසඞ්ඛාරා වජ්ජා, සබ්බෙ භවගාමිකම්මා වජ්ජා. ඉති ඉමස්මිඤ්ච ලොකෙ ඉමස්මිඤ්ච වජ්ජෙ තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි ඉමානි පඤ්චින්ද්රියානි ජානාති පස්සති අඤ්ඤාසි පටිවිජ්ඣි. ඉදං තථාගතස්ස ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණ”න්ති (පටි· ම· 1.112).
මේ වනාහි මෙහි පෙළය. [missing pali]
උප්පලිනියන්ති උප්පලවනෙ. ඉතරෙසුපි එසෙව නයො. අන්තොනිමුග්ගපොසීනීති යානි අන්තො නිමුග්ගානෙව පොසියන්ති. උදකං අච්චුග්ගම්ම ඨිතානීති උදකං අතික්කමිත්වා ඨිතානි. තත්ථ යානි අච්චුග්ගම්ම ඨිතානි, තානි සූරියරස්මිසම්ඵස්සං ආගමයමානානි ඨිතානි අජ්ජ පුප්ඵනකානි. යානි සමොදකං ඨිතානි, තානි ස්වෙ පුප්ඵනකානි. යානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි තතියදිවසෙ පුප්ඵනකානි. උදකා පන අනුග්ගතානි අඤ්ඤානිපි සරොගඋප්පලාදීනි නාම අත්ථි, යානි නෙව පුප්ඵිස්සන්ති, මච්ඡකච්ඡපභක්ඛානෙව භවිස්සන්ති. තානි පාළිං නාරුළ්හානි. ආහරිත්වා පන දීපෙතබ්බානීති දීපිතානි.
උප්පලිතීයං උපුල් වනයෙක්හි, අනෙක් තන්හිද, මෙම ක්රමයම යි. අත්තො නිමුග්ග පොසිනී යමෙක් ඇතුළත ගිලුනාහුට පෝෂණය වෙත් ද, උදකං අච්චුග්ගම්ම තිට්ඨන්ති ජලය ඉක්මවා සිටිති. ඔවුන් අතුරෙන් යමෙක් ජලයෙන් මතු වී සිටියාහු ද, ඔව්හූ හිරු රැස් පහස කැමති වෙමින් සිටිති. අද පිපෙන්නාහුය. යමෙක් ජලය හා සම සමව සිටියාහුද ඔව්හූ හෙට පිපෙන්නාහුය. යමෙක් ජලයෙන් උඩට නො ආවාහුද, ඔව්හූ තෙවෙනි දවසේ පිපෙන්නාහුය. ජලයෙන් උඩට මතු නොවුනු තවත් සරෝග නෙළුම් ආදීහු ඇත්තේය. ඒවා විකසිත නොවන සේ කුසුම් වූවාහුම වෙති. ඔව්හූ පෙළට නො ආවෝමය. එහෙත් මතුපිටට ගෙන ප්‍රකට කළ යුත්තාහුම යයි දක්වන ලදී.
යථෙව හි තානි චතුබ්බිධානි පුප්ඵානි, එවමෙව උග්ඝටිතඤ්ඤූ විපඤ්චිතඤ්ඤූ නෙය්යො පදපරමොති චත්තාරො පුග්ගලා. තත්ථ “යස්ස පුග්ගලස්ස සහ උදාහටවෙලාය ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤූ. යස්ස පුග්ගලස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථෙ විභජියමානෙ ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපඤ්චිතඤ්ඤූ. යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසො මනසිකරොතො කල්යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබ්බෙන ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො නෙය්යො. යස්ස පුග්ගලස්ස බහුම්පි සුණතො බහුම්පි භණතො බහුම්පි ධාරයතො බහුම්පි වාචයතො න තාය ජාතියා ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො පදපරමො” (පු· ප· 151).
ඒ සිව්වැදෑරුම් පුෂ්පයෝ යම්සේද එපරිද්දෙන්ම උග්ඝටිතඥ, විපචිතඥ, නෙය්‍ය, පද පරම යන සතර පුද්ගලයෝ වෙති. ඔවුන් අතරෙහි යම් කෙනෙකුට කියන ලද කල්හිම වහා අවබෝධ වේද, හේ උග්ඝටිතඥ නම් වන්නේය. යම් පුද්ගලයකුට කෙටියෙන් කියන ලද්ද විස්තර කිරීමෙන් පසුව අවබෝධ වේද හේ විපටිතඥ නම් වේ. දෙසීම් වශයෙන් ප්‍රශ්න උත්තර විචාරීම් වශයෙන් කලණ මිතුරන්ගේ සේවනයෙන් වඩාත් පැහැදිලි කිරීමෙන් පසුව අවබෝධ වේද, මේ තැනැත්තා ඤෙග්ය නම් වේ. යම් පුද්ගලයෙකුට කොතෙක් කීවත්, කොතෙක් ඇසුවත්, කොතෙක් පරිශීලනය කරත්, කොතෙක් දැරුවත් අවබෝධ නො වන්නේ නම් හේ පදපරම නම් වන්නේය.
තත්ථ භගවා උප්පලවනාදිසදිසං දසසහස්සිලොකධාතුං ඔලොකෙන්තො “අජ්ජ පුප්ඵනකානි විය උග්ඝටිතඤ්ඤූ, ස්වෙ පුප්ඵනකානි විය විපඤ්චිතඤ්ඤූ, තතියදිවසෙ පුප්ඵනකානි විය නෙය්යො, මච්ඡකච්ඡපභක්ඛානි පුප්ඵානි විය පදපරමො”ති අද්දස. පස්සන්තො ච “එත්තකා අප්පරජක්ඛා, එත්තකා මහාරජක්ඛා, තත්රාපි එත්තකා උග්ඝටිතඤ්ඤූ”ති එවං සබ්බාකාරතොව අද්දස.
එහි භාග්‍යවතුන් වහන්සේ උපුල් වනය සමානකොට දස දහසක් ලෝකධාතුව බලනසේක් අද පිපෙන මල් මෙන් උද්ඝටිතඥයන් ද, හෙට පිපෙන මල් මෙන් විපචිතඥයන් ද, තෙවෙනි දවසේ පිපෙන මල් මෙන් ඤෙය්‍ය පුද්ගලයන් ද, මස් කැසුබුවන් විසින් කන ලද මල් මෙන් පදපරමයන්ද දකින්නේ ය. එසේ දැකීමෙන් ම මෙතෙක් අල්ප රජස්කයෝය. මෙතෙක් මහා රජස්කයෝය. ඔවුන් අතරින් මෙතෙක් උද්ඝටිතඥයෝ යයි සියලු ආකාරයෙන් දුටු සේක.
තත්ථ තිණ්ණං පුග්ගලානං ඉමස්මිංයෙව අත්තභාවෙ භගවතො ධම්මදෙසනා අත්ථං සාධෙති. පදපරමානං අනාගතෙ වාසනත්ථාය හොති. අථ භගවා ඉමෙසං චතුන්නං පුග්ගලානං අත්ථාවහං ධම්මදෙසනං විදිත්වා දෙසෙතුකම්යතං උප්පාදෙත්වා පුන සබ්බෙපි තීසු භවෙසු සත්තෙ භබ්බාභබ්බවසෙන ද්වෙ කොට්ඨාසෙ අකාසි. යෙ සන්ධාය වුත්තං – “කතමෙ තෙ සත්තා අභබ්බා, යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා කිලෙසාවරණෙන සමන්නාගතා විපාකාවරණෙන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, ඉමෙ තෙ සත්තා අභබ්බා. කතමෙ තෙ සත්තා භබ්බා? යෙ තෙ සත්තා න කම්මාවරණෙන…පෙ… ඉමෙ තෙ සත්තා භබ්බා”ති (විභ· 827; පටි· ම· 1.115). තත්ථ සබ්බෙපි අභබ්බපුග්ගලෙ පහාය භබ්බපුග්ගලෙයෙව ඤාණෙන පරිග්ගහෙත්වා “එත්තකා රාගචරිතා, එත්තකා දොසමොහචරිතා විතක්කසද්ධාබුද්ධිචරිතා”ති ඡ කොට්ඨාසෙ අකාසි; එවං කත්වා ධම්මං දෙසිස්සාමීති චින්තෙසි.
ඒ තුන් පුද්ගලයන්ට මෙම අත්බැව්හිදීම භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් වැඩක්ම සිදුවන්නේය. පදපරමයන් අනාගතය සඳහා මගහෙලිවන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ සතර පුද්ගලයන්ට සුව එළවන්නා වූ ධර්ම දේශනාව දැන දෙසීමට කැමැත්ත උපදවා, නැවත තුන් භවයෙහි සියලු සත්ත්වයින් සුදුසු නුසුදුසු පරිද්දෙන් කොටස් දෙකක් කළේය. ඒ සඳහා කියන ලදී. යම්කිසි සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ද යම්කිසි සත්ත්ව කෙනෙක් විපාකාවරණයෙන් යුක්ත වූවාහුද, යම්කිසි සත්ත්ව කෙනෙක් ක්ලේශාවරණයෙන් යුක්ත වූවාහු ද, සැදැහැ නැත්තෝ වන්නාහු ද, කුසලච්ඡන්ද රහිත වූවාහු ද, නුවණින් පිරිහුණාහුද, ආර්ය මාර්ගයට පිවිසීමට නුසුදුස්සන් වූවාහුද ඒ සියල්ලෝ නුසුදුස්සෝමය. එසේම් සුදුස්සෝ කවරහුද? යම්කිසි සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නොවූවාහු ආදීන් වෙත්ද ඒ සත්ත්වයෝ සුදුස්සෝ වෙති. ඒ සියලු පුද්ගලයන් අතුරෙන් නුසුදුසු පුද්ගලයන් හැර සුදුසු පුද්ගලයන් නුවණින් සලකා බලා, මෙපමණ දෙනෙක් රාග චරිතයෝය. මෙපමණ දෙනෙක් මෝහ චරිතයෝය. විතර්ක, ශ්‍රද්ධා බුද්ධ චරිතයෝ යයි කොටස් සයකට බෙදා, දහම් දෙසන්නෙමි යයි සිතූ සේක.
පච්චභාසින්ති පතිඅභාසිං. අපාරුතාති විවටා. අමතස්ස ද්වාරාති අරියමග්ගො. සො හි අමතසඞ්ඛාතස්ස නිබ්බානස්ස ද්වාරං, සො මයා විවරිත්වා ඨපිතොති දස්සෙති. පමුඤ්චන්තු සද්ධන්ති සබ්බෙ අත්තනො සද්ධං පමුඤ්චන්තු, විස්සජ්ජෙන්තු. පච්ඡිමපදද්වයෙ අයමත්ථො, අහඤ්හි අත්තනො පගුණං සුප්පවත්තිතම්පි ඉමං පණීතං උත්තමං ධම්මං කායවාචාකිලමථසඤ්ඤී හුත්වා න භාසිං. ඉදානි පන සබ්බො ජනො සද්ධාභාජනං උපනෙතු, පූරෙස්සාමි නෙසං සඞ්කප්පන්ති.
පච්චභාසිං පෙරලා කීමි. අපාරුතා විවෘත වූවාහු, අමතස්සද්වාරා ආර්ය මාර්ගයෙහි දොරටුව අමෘත සංඛ්‍යාත වූ නිර්වාණ මාර්ගයේ දොර, මා විසින් විවෘත කර තබන ලද්දේ යයි දැක්වෙයි. පමුඤ්චන්තු සද්ධං සියල්ලෝ තමන්ගේ ශ්‍රද්ධාව පමුණුවත්වා. විහිදුවත්වා. පසු පාඨ දෙක්හිද අර්ථය මෙසේමයි. මම වනාහි පුහුණු කළා වූ යහපත්ව පැවැත්තා වූ මේ ප්‍රණීත වූ උතුම් ධර්මය කයට හා වචනයට වෙහෙසය යන හැඟීමක් ඇතිව නොදෙසීමි. දැන් වනාහි සියලු ජනයා සැදැහැ නමැති බඳුන පමුණුවාවා, එළවාවා. ඔවුන්ගේ සංකල්පය අදහස පුරවන්නෙමි.
තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසීති එතං අහොසි – කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යන්ති අයං ධම්මදෙසනාපටිසංයුත්තො විතක්කො උදපාදීති අත්ථො. කදා පනෙස උදපාදීති? බුද්ධභූතස්ස අට්ඨමෙ සත්තාහෙ.
තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි මහණෙනි එවේලේ මට මේ සිත විය. කස්සනුඛො අහං පඨමං ධම්ම දෙසෙය්යන්ති මේ ධර්මය දෙසීම පිළිබඳව විතර්කයක් (අපැහැදිලි අවිනිශ්චිත තත්ත්වයක්) පහළවිය යන අදහසයි. කවර කලෙක මෙය උපන්නේද, බුදු වී අටවෙනි සතියේය.
තත්රායං අනුපුබ්බිකථා – බොධිසත්තො කිර මහාභිනික්ඛමනදිවසෙ විවටං ඉත්ථාගාරං දිස්වා සංවිග්ගහදයො, “කණ්ඩකං ආහරා”ති ඡන්නං ආමන්තෙත්වා ඡන්නසහායො අස්සරාජපිට්ඨිගතො නගරතො නික්ඛමිත්වා කණ්ඩකනිවත්තනචෙතියට්ඨානං නාම දස්සෙත්වා තීණි රජ්ජානි අතික්කම්ම අනොමානදීතීරෙ පබ්බජිත්වා අනුපුබ්බෙන චාරිකං චරමානො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පණ්ඩවපබ්බතෙ නිසින්නො මගධිස්සරෙන රඤ්ඤා නාමගොත්තං පුච්ඡිත්වා, “ඉමං රජ්ජං සම්පටිච්ඡාහී”ති වුත්තො, “අලං මහාරාජ, න මය්හං රජ්ජෙන අත්ථො, අහං රජ්ජං පහාය ලොකහිතත්ථාය පධානං අනුයුඤ්ජිත්වා ලොකෙ විවටච්ඡදො භවිස්සාමීති නික්ඛන්තො”ති වත්වා, “තෙන හි බුද්ධො හුත්වා පඨමං මය්හං විජිතං ඔසරෙය්යාසී”ති පටිඤ්ඤං ගහිතො කාලාමඤ්ච උදකඤ්ච උපසඞ්කමිත්වා තෙසං ධම්මදෙසනාය සාරං අවින්දන්තො තතො පක්කමිත්වා උරුවෙළාය ඡබ්බස්සානි දුක්කරකාරිකං කරොන්තොපි අමතං පටිවිජ්ඣිතුං අසක්කොන්තො ඔළාරිකාහාරපටිසෙවනෙන කායං සන්තප්පෙසි.
මේ එහි පිළිවෙළ කථාවයි - බෝසතුන් වනාහි ගිහිගෙයින් වෙන්වීමේ දිනයෙහි විවෘත කරන ලද අන්තඃපුරය දැක සංවේගයට පත් හදින් යුතුව, කන්ථක රැගෙන එන්නැයි ඡන්නට නියමකොට, ඡන්නයන් සහාය කොටගෙන නගරයෙන් නික්මී, කන්ථක නැවතුනු තැන් දක්වා තුන් රාජ්‍යයක් ඉක්මවා අනෝමා ගංතෙර දී පැවිදි වී පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ රජගහනුවර පිඬු පිණිස හැසිර පාණ්ඩව පර්වතයෙහි වැඩ හුන්නේ මගධ රාජේශ්වරයා විසින් නම් ගොත් විචාරා, මේ රාජ්‍යය විචාරවයි, මහරජ කම් නැත. මට රජයෙන් වැඩක් නැත. මම රජකම හැරදා ලොවට හිතවැඩ පිණිස ප්‍රධන් වීර්යයෙහි යෙදී, ලෝකයේ හරන ලද රාගාදී කෙලෙස් ඇති බුදු කෙනෙක් වන්නෙමියි නික්ම ආවෙමි. එසේ වී නම් බුදු වැ පළමුව මගේ රාජ්‍යයට වැඩමවනු යන ආරාධනය පිළිගන්නා ලද්දේ. කාලාම හා උද්දක තවුසන් වෙත එළඹ ඔවුන්ගේ ධර්මදේශනාවන්හි සාරයක් නොවිඳින්නේ එයින් නික්ම උරුවෙලාවෙහි සය වසරක් දුෂ්කරක්‍රියා කළත්, නිවන අවබෝධ කරන්නට නොහැකි වූයෙන් සාමාන්‍ය පොදු ආහාර ගැනීමෙන් ශරීරය සන්තර්පනය කළෙමි.
තදා ච උරුවෙලගාමෙ සුජාතා නාම කුටුම්බියධීතා එකස්මිං නිග්රොධරුක්ඛෙ පත්ථනමකාසි – “සචාහං සමානජාතිකං කුලඝරං ගන්ත්වා පඨමගබ්භෙ පුත්තං ලභිස්සාමි, බලිකම්මං කරිස්සාමී”ති. තස්සා සා පත්ථනා සමිජ්ඣි. සා විසාඛපුණ්ණමදිවසෙ පාතොව බලිකම්මං කරිස්සාමීති රත්තියා පච්චූසසමයෙ එව පායසං පටියාදෙසි. තස්මිං පායසෙ පච්චමානෙ මහන්තමහන්තා පුප්ඵුළා උට්ඨහිත්වා දක්ඛිණාවට්ටා හුත්වා සඤ්චරන්ති. එකඵුසිතම්පි බහි න ගච්ඡති. මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි. චත්තාරො ලොකපාලා ඛග්ගහත්ථා ආරක්ඛං ගණ්හිංසු. සක්කො අලාතානි සමානෙන්තො අග්ගිං ජාලෙසි. දෙවතා චතූසු දීපෙසු ඔජං සංහරිත්වා තත්ථ පක්ඛිපිංසු. බොධිසත්තො භික්ඛාචාරකාලං ආගමයමානො පාතොව ගන්ත්වා රුක්ඛමූලෙ නිසීදි. රුක්ඛමූලෙ සොධනත්ථාය ගතා ධාතී ආගන්ත්වා සුජාතාය ආරොචෙසි – “දෙවතා රුක්ඛමූලෙ නිසින්නා”ති. සුජාතා, සබ්බං පසාධනං පසාධෙත්වා සතසහස්සග්ඝනිකෙ සුවණ්ණථාලෙ පායසං වඩ්ඪෙත්වා අපරාය සුවණ්ණපාතියා පිදහිත්වා උක්ඛිපිත්වා ගතා මහාපුරිසං දිස්වා සහෙව පාතියා හත්ථෙ ඨපෙත්වා වන්දිත්වා “යථා මය්හං මනොරථො නිප්ඵන්නො, එවං තුම්හාකම්පි නිප්ඵජ්ජතූ”ති වත්වා පක්කාමි.
එකල උරුවෙල් ගම සුජාතා නම් සිටු දියණිය එක් නුගරුකක් මුලදී ප්‍රාර්ථනාවක් කළාය. ඒ මම සමජාති ගැලපෙන කුලයක කුල ගෙයකට ගොස් පළමු ගැබ පුතකු ලබම්ද, බලිකර්මයක් කරන්නෙමි. ඇගේ ඒ ප්‍රාර්ථනාව ඉටුවිය. වෙසක් පුණු පොහෝ දින උදෑසනම ඒ බලිකර්මය (භාරය ඔප්පු) කරන්නෙමැයි රෑ අළුයම් කල කිරිබත් පිළියෙල කළාය. එම කිරිබත පැසෙන කල්හි මහත් මහත් බුබුළු නැගී දකුණට කරකැවෙමින් පවතී. එක් බිඳකුදු උතුරා නොයයි. මහබඹු (කිරිබතට) කුඩය ඉසිලීය. ලෝකපාලක සිව් දෙවියෝ කඩු ගෙන රැකවරණ සැලසූහ. ශක්‍රයා දර දමමින් ගිනි ඇවිලවීය. දෙවිවරු සිව් දිවයින්හි ඕජා රැස්කොට කිරිබතෙහි බහාලූහ. බෝසත් තෙමේ පිඬුසිඟා යන වේලාව බලමින්, හිමිදිරියේම රුක්මුල වාඩිවිය. රුක්මුල පිරිසිදු කිරීම පිණිස ගිය කිරිමව ආපසු පැමිණ සුජාතාවට මෙසේ දැන්වූවාය. ඔබේ දේවතාවා රුක්මුල සිටී. සුජාතා සියලු අබරණ පැළඳ ලක්ෂයක් අගනා රන්තලියක කිරිබත් වඩා තවත් රන් පියනකින් වසා, ඔසවාගෙන ගොස් බෝසත් තවුසා දැක තැටිය සමගම අතැ තබා වැඳ යම්සේ මාගේ මනදොළ සපුරා ගියේද එසේම ඔබගේ මනදොළ ද සපිරේවායි පතා නික්ම ගියාය.
බොධිසත්තො නෙරඤ්ජරාය තීරං ගන්ත්වා සුවණ්ණථාලං තීරෙ ඨපෙත්වා න්හත්වා පච්චුත්තරිත්වා එකූනපණ්ණාසපිණ්ඩෙ කරොන්තො පායසං පරිභුඤ්ජිත්වා “සචාහං අජ්ජ බුද්ධො භවාමි, ථාලං පටිසොතං ගච්ඡතූ”ති ඛිපි. ථාලං පටිසොතං ගන්ත්වා ථොකං ඨත්වා කාලනාගරාජස්ස භවනං පවිසිත්වා තිණ්ණං බුද්ධානං ථාලානි උක්ඛිපිත්වා අට්ඨාසි.
බෝසත් තෙමේ නේරංජරා ගංඉවුරට ගොස් රන්තලිය ඉවුරෙහි තබා දිය නා ගොඩට විත් පිඬු හතලිස් නවයක් කොට කිරිබත් වළඳා අද මා ඒකාන්තයෙන් බුදුවන්නේ නම් මේ තලිය ගඟේ උඩුඅතට යේවායි ‘ගඟ දියට දැමීය. තලිය ටිකදුරක් උඩුගං බලාගොස් නැවතී කාලනාග රාජයාගේ භවනට ගොස් තුන් බුදුවරුන්ගේ තලිවලට උඩින් පිහිටියේය.
මහාසත්තො වනසණ්ඩෙ දිවාවිහාරං කත්වා සායන්හසමයෙ සොත්තියෙන දින්නා අට්ඨ තිණමුට්ඨියො ගහෙත්වා බොධිමණ්ඩං ආරුය්හ දක්ඛිණදිසාභාගෙ අට්ඨාසි. සො පදෙසො පදුමිනිපත්තෙ උදකබින්දු විය අකම්පිත්ථ. මහාසත්තො, “අයං මම ගුණං ධාරෙතුං න සක්කොතී”ති පච්ඡිමදිසාභාගං අගමාසි, සොපි තථෙව අකම්පිත්ථ. උත්තරදිසාභාගං අගමාසි, සොපි තථෙව අකම්පිත්ථ. පුරත්ථිමදිසාභාගං අගමාසි, තත්ථ පල්ලඞ්කප්පමාණං ඨානං සුනිඛාතඉන්දඛිලො විය නිච්චලමහොසි. මහාසත්තො “ඉදං ඨානං සබ්බබුද්ධානං කිලෙසභඤ්ජනවිද්ධංසනට්ඨාන”න්ති තානි තිණානි අග්ගෙ ගහෙත්වා චාලෙසි. තානි චිත්තකාරෙන තූලිකග්ගෙන පරිච්ඡින්නානි විය අහෙසුං. බොධිසත්තො, “බොධිං අප්පත්වා ඉමං පල්ලඞ්කං න භින්දිස්සාමී”ති චතුරඞ්ගවීරියං අධිට්ඨහිත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසීදි.
මහසත් තෙමේ වනලැහැබෙහි දී දවල් දවස ගෙවා සවස් වරුවෙහි සොත්ථික බමුණා විසින් දුන් තණමිටි අට රැගෙන බෝමැඩට නැගී දකුණු පැත්තේ සිටියේය. ඒ පෙදෙස නෙළුම් කොළයකට වැටුණු දියබිඳක් මෙන් කම්පා විය. මහසත් තෙමේ මේ ප්‍රදේශය මගේ ගුණ දරන්නට අපොහොසත් යයි බටහිර පැත්තට ගියේය. ඒ පැත්ත ද එසේම කම්පා විය. ඉක්බිතිව උතුරු පැත්තට පිවිසියේය. ඒ පැත්තද ඒසේමය. අනතුරුව නැගෙනහිර පැත්තට ගියේය. එහි පර්යංකය පිහිටන කොටස මනාව පිහිටුවන ලද ඉන්ද්‍රඛීලයක් මෙන් ස්ථාවර විය. මහා සත්ත්වයෝ මේ තැන සියලු බුදුවරුන් කෙළෙස් පඳුරු උදුරා හළ ප්‍රදේශය යයි, සියලු තණමිටි අගින් ගෙන සැළය. ඒවා සිත්තරෙකු විසින් තෙලිතුඩින් රූපවත් කලක් මෙන් පිහිටියේය. බෝසත් තෙමේ, බුදුබවට නො පැමිණ මේ අසුනින් නො නැගිටින්නෙමියි, සිව්රඟ වීර්යය අධිෂ්ඨාන කොට පර්යංකයට නැගී උන්නේ ය.
තඞ්ඛණඤ්ඤෙව මාරො බාහුසහස්සං මාපෙත්වා දියඩ්ඪයොජනසතිකං ගිරිමෙඛලං නාම හත්ථිං ආරුය්හ නවයොජනං මාරබලං ගහෙත්වා අද්ධක්ඛිකෙන ඔලොකයමානො පබ්බතො විය අජ්ඣොත්ථරන්තො උපසඞ්කමි. මහාසත්තො, “මය්හං දස පාරමියො පූරෙන්තස්ස අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා සක්ඛි නත්ථි, වෙස්සන්තරත්තභාවෙ පන මය්හං සත්තසු වාරෙසු මහාපථවී සක්ඛි අහොසි; ඉදානිපි මෙ අයමෙව අචෙතනා කට්ඨකලිඞ්ගරූපමා මහාපථවී සක්ඛී”ති හත්ථං පසාරෙති. මහාපථවී තාවදෙව අයදණ්ඩෙන පහතං කංසථාලං විය රවසතං රවසහස්සං මුඤ්චමානා විරවිත්වා පරිවත්තමානා මාරබලං චක්කවාළමුඛවට්ටියං මුඤ්චනමකාසි.
එකෙණෙහිම මාර තෙමේ අත් දහසක් මවා, යෙළ සියයක් යොදුන් ප්‍රමාණ ගිරිමෙවුල් නම් ඇතුපිට නැගී, නව යොදුනක් වූ මාර බලයක් ගෙන, අඩඇසින් බලමින් පර්වතයක් මෙන් යටපත් කරමින් එළඹියේය. මහසත් තෙමේ දස පාරමිතාවන් පුරන්නා වූ මට කිසිදු ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් අහලකවත් සාක්ෂියට නො සිටියේය. වෙස්සන්තර ආත්ම භාවයෙහි පමණක් මා විසින් සත් තැනෙකදී සත් වරක් මහපොළව සාක්ෂි විය. දැනුදු මේ සිත් පිත් නැති, වියලි දඬු කඳක් වැනි මහපොළවම සාක්ෂි යයි අත දිගු කළේය. එකල්හි මහපොළව යකඩ පොල්ලකින් පහර දුන් කස්තළියක් (ලෝහ තලියක්) මෙන් සිය දහස් ගණනින් රාව ප්රතිරාව නංවමින් හඩා පෙරලෙමින් මාරස්තාව සක්වළ මුවවිට දක්වා පළවා හැරියේය.
මහාසත්තො සූරියෙ ධරමානෙයෙව මාරබලං විධමිත්වා පඨමයාමෙ පුබ්බෙනිවාසඤාණං, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං විසොධෙත්වා පච්ඡිමයාමෙ පටිච්චසමුප්පාදෙ ඤාණං ඔතාරෙත්වා වට්ටවිවට්ටං සම්මසිත්වා අරුණොදයෙ බුද්ධො හුත්වා, “මයා අනෙකකප්පකොටිසතසහස්සං අද්ධානං ඉමස්ස පල්ලඞ්කස්ස අත්ථාය වායාමො කතො”ති සත්තාහං එකපල්ලඞ්කෙන නිසීදි. අථෙකච්චානං දෙවතානං, “කිං නු ඛො අඤ්ඤෙපි බුද්ධත්තකරා ධම්මා අත්ථී”ති කඞ්ඛා උදපාදි.
මහසත් තෙමේ සූර්යයා අහසෙහි පෙනෙද්දීම මාර බලය පළවා හැර ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණ ලැබ, මැදුම් යට දිවැස පිරිසිදු කොට, පැසුළු යාමයෙහි හේතුඵල ඤාණයෙහි නුවණ බස්වා, වෘත්තය හා විවෘත්තය නැවත නැවත සිහි කරමින් හිරු නැගෙන අරුණෝදයේ දී ම බුදුවී මා විසින් නොයෙක් කප් කෝටි සිය දහස් කලක් මේ පලඟ සඳහා වෑයම් කරන ලද්දේය යයි සත් දිනක් එම පර්යංකයෙහිම වැඩ හුන්නේය. එකල්හී ඇතැම් දේවතාවන් තුල කිමෙක්ද බුදුබැව් සිදුකරන තවත් ධර්මයෝ ඇත්දැයි සැක උපන.
අථ භගවා අට්ඨමෙ දිවසෙ සමාපත්තිතො වුට්ඨාය දෙවතානං කඞ්ඛං ඤත්වා කඞ්ඛාවිධමනත්ථං ආකාසෙ උප්පතිත්වා යමකපාටිහාරියං දස්සෙත්වා තාසං කඞ්ඛං විධමිත්වා පල්ලඞ්කතො ඊසකං පාචීනනිස්සිතෙ උත්තරදිසාභාගෙ ඨත්වා චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච පූරිතානං පාරමීනං ඵලාධිගමට්ඨානං පල්ලඞ්කඤ්චෙව බොධිරුක්ඛඤ්ච අනිමිසෙහි අක්ඛීහි ඔලොකයමානො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං.
ඉක්බිතිවැ භාග්‍යවතුන් වහන්සේ දින අටක් ඉකුත්වීමෙන් සමාපත්තියෙන් නැගී සිට, දෙවියන්ගේ සැකය දැන, ඒ සැක දුරුකිරීම සඳහා අහසැ පැනනැගී යමක ප්රාතිහාර්යය දක්වා, ඒ සැකය දුරුකොට පර්යංකයෙන් මදක් පෙරදිග ඇසුරු කොට උතුරු දෙස සිට, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතාවන්ගේ අවසාන ඵලයට පැමිණි තැන වූ පළඟ ද බෝ රුක ද ඇස්පිල්ලන් ගැසීමෙන් තොර වූ ඇසින් බලමින් සත්දිනක් කල් ගෙවීය. ඒ ස්ථානය අනිමිස චේතිය ස්ථානය නම් විය.
අථ පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරා පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං. තතො පච්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු, තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විසෙසතො චෙත්ථ අනන්තනයසමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං.
ඉක්බිති පලඟට ද සිටි තැනට ද අතර පෙරදිග ඇසුරුකොට පෑල දිගින් දික් වූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් සත්දිනක් කාලය යැවීය. එතැන රුවන් සක්මන් සෑය නම් විය. එයින් බටහිර පෙදෙසෙහි දෙවියන් විසින් රුවන් ගෙයක් මවන ලදී. එහි පලඟින් හිඳ අභිධර්ම පිටකය ද, විශේෂයෙන් එහි අනන්ත නය සමන්ත පට්ඨානය ද විමසමින් සත්දිනක් කල් ගෙවීය. එතැන රුවන්ගෙය සෑය යයි නම් විය.
එවං බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්රොධො තෙනුපසඞ්කමි, තත්රාපි ධම්මං විචිනන්තොයෙව විමුත්තිසුඛඤ්ච පටිසංවෙදෙන්තො නිසීදි, ධම්මං විචිනන්තො චෙත්ථ එවං අභිධම්මෙ නයමග්ගං සම්මසි – පඨමං ධම්මසඞ්ගණීපකරණං නාම, තතො විභඞ්ගපකරණං, ධාතුකථාපකරණං, පුග්ගලපඤ්ඤත්තිපකරණං, කථාවත්ථු නාම පකරණං, යමකං නාම පකරණං, තතො මහාපකරණං පට්ඨානං නාමාති.
මෙසේ බෝමැඩ අසලම සති හතරක් කල්ගෙවා, පස්වෙනි සතියෙහි බෝමැඩ සිට අජපාල නුගරුක වෙත වැඩම කළේය. එහිදී දහම් විමසමින්ම, විමුක්ති සුවය විඳිමින් වැඩහුන්හ. මෙහි දහම් විමසන්නේ අභිධර්මයෙහි න්‍යය මාර්ගය සිහි කළේ ය. පළමුවැන්න ධම්මසංගණිප්පකරණ නමි. නැවත විභංගප්පකරණය, ධාතුකථා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය, කථා වත්ථුප්පකරණය නමි. යමකය නම් නැවත මහා ප්‍රකරණය වූ පට්ඨානය මැයි.
තත්ථස්ස සණ්හසුඛුමපට්ඨානම්හි චිත්තෙ ඔතිණ්ණෙ පීති උප්පජ්ජි; පීතියා උප්පන්නාය ලොහිතං පසීදි, ලොහිතෙ පසන්නෙ ඡවි පසීදි. ඡවියා පසන්නාය පුරත්ථිමකායතො කූටාගාරාදිප්පමාණා රස්මියො උට්ඨහිත්වා ආකාසෙ පක්ඛන්දඡද්දන්තනාගකුලං විය පාචීනදිසාය අනන්තානි චක්කවාළානි පක්ඛන්දා, පච්ඡිමකායතො උට්ඨහිත්වා පච්ඡිමදිසාය, දක්ඛිණංසකූටතො උට්ඨහිත්වා දක්ඛිණදිසාය, වාමංසකූටතො උට්ඨහිත්වා උත්තරදිසාය අනන්තානි චක්කවාළානි පක්ඛන්දා, පාදතලෙහි පවාළඞ්කුරවණ්ණා රස්මියො නික්ඛමිත්වා මහාපථවිං විනිවිජ්ඣිත්වා උදකං ද්විධා භින්දිත්වා වාතක්ඛන්ධං පදාලෙත්වා අජටාකාසං පක්ඛන්දා, සීසතො සම්පරිවත්තියමානං මණිදාමං විය නීලවණ්ණා රස්මිවට්ටි උට්ඨහිත්වා ඡ දෙවලොකෙ විනිවිජ්ඣිත්වා නව බ්රහ්මලොකෙ වෙහප්ඵලෙ පඤ්ච සුද්ධාවාසෙ ච විනිවිජ්ඣිත්වා චත්තාරො ආරුප්පෙ අතික්කම්ම අජටාකාසං පක්ඛන්දා. තස්මිං දිවසෙ අපරිමාණෙසු චක්කවාළෙසු අපරිමාණා සත්තා සබ්බෙ සුවණ්ණවණ්ණාව අහෙසුං. තං දිවසඤ්ච පන භගවතො සරීරා නික්ඛන්තා යාවජ්ජදිවසාපි තා රස්මියො අනන්තා ලොකධාතුයො ගච්ඡන්තියෙව.
එහි සිලුටු සිනිඳු වූ පට්ඨානයෙහි උන්වහන්සේගේ සිතෙහි බැසගත් කල්හි ප්‍රීතිය උපන්හ. ප්‍රීතිය උපන්කල්හි ලේ පැහැපත් විය. ලේ පැහැපත් වූ කල්හි සිවිය පැහැපත් විය. සිවිය පැහැපත් වූ කල්හි පෙර කයින් කුළුගෙවල් පමණ වූ, බුදුරැස් පැන නැගී අහසෙහි පැන නැගුණි. එය සද්දන්ත ඇත්කලයක් සෙයින් පෙරදිග අප්‍රමාණ සක්වළ පැන නැංගාහ. පැසුළුකයින් නැගී පැසුළු (බටහිර) දෙස ද, දකුණු දසරුවෙන් නැගී දකුණු දිසාවෙහි ද, වම් දසරුවෙන් නැගී උතුරු දිසාවෙහි ද, කෙළවරක් නැති චක්රවාටයන්හී පැන ගියාහුය. පා පියුමෙන් පබළුකුරු පැහැති රැස් නැගී මහපොළව විනිවිද, ජලකඳ දෙබෑකොට, වා කඳ පලාගෙන අජටාකාශය දක්වා නික්මුණේය. හිසින් මනාකොට පරිවර්තනය වෙමින් මැණික්දමක් මෙන් නීලවර්ණ රශ්මිය පැන නැගී සදෙව් ලෝ විනිවිද නවවිධ බඹතලයන් ඉක්මවා අජටාකාශයේ විහිදුනි. එම දවසෙහි අප්‍රමාණ වූ සක්වළයන්හී, අප්‍රමාණ වූ සත්ත්වයෝ සියළු දෙන රන්වන් වූහ. ඒ දවසෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණු ඒ රශ්මීහූ අද දවසේ ද අනන්ත ලෝකධාතූන් කරා යන්නේ ම ය.
එවං භගවා අජපාලනිග්රොධෙ සත්තාහං වීතිනාමෙත්වා තතො අපරං සත්තාහං මුචලින්දෙ නිසීදි, නිසින්නමත්තස්සෙව චස්ස සකලං චක්කවාළගබ්භං පූරෙන්තො මහාඅකාලමෙඝො උදපාදි. එවරූපො කිර මහාමෙඝො ද්වීසුයෙව කාලෙසු වස්සති චක්කවත්තිම්හි වා උප්පන්නෙ බුද්ධෙ වා. ඉධ බුද්ධකාලෙ උදපාදි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අජපල් නුගරුක මුල සත්දිනක් ගෙවා එයින් නික්මී සත්දිනක් මිදෙල් රුක මුල වැඩ උන්හ. උන්වහන්සේ වැඩහුන් ඇසිල්ලෙහිම මුළු සක්වළ ගැබ පුරවන්නාක් මෙන් අකාල මහා මේඝයක් ආරම්භ විය. එබඳු මහා වැස්සක් වූ කලී අවස්ථා දෙකක දී වසින්නේල. සක්විති රජෙක් රජ වූ කල්හි හා බුදුවරයෙක් බුදු වූ කල්හිද වේ. මේ බුද්ධ කාලයෙහි හටගත්තේය.
තස්මිං පන උප්පන්නෙ මුචලින්දො නාගරාජා චින්තෙසි – “අයං මෙඝො සත්ථරි මය්හං භවනං පවිට්ඨමත්තෙව උප්පන්නො, වාසාගාරමස්ස ලද්ධුං වට්ටතී”ති. සො සත්තරතනමයං පාසාදං නිම්මිනිතුං සක්කොන්තොපි එවං කතෙ මය්හං මහප්ඵලං න භවිස්සති, දසබලස්ස කායවෙය්යාවච්චං කරිස්සාමීති මහන්තං අත්තභාවං කත්වා සත්ථාරං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි ඵණං ධාරෙසි. පරික්ඛෙපස්ස අන්තො ඔකාසො හෙට්ඨා ලොහපාසාදප්පමාණො අහොසි. ඉච්ඡිතිච්ඡිතෙන ඉරියාපථෙන සත්ථා විහරිස්සතීති නාගරාජස්ස අජ්ඣාසයො අහොසි. තස්මා එවං මහන්තං ඔකාසං පරික්ඛිපි. මජ්ඣෙ රතනපල්ලඞ්කො පඤ්ඤත්තො හොති, උපරි සුවණ්ණතාරකවිචිත්තං සමොසරිතගන්ධදාමකුසුමදාමචෙලවිතානං අහොසි. චතූසු කොණෙසු ගන්ධතෙලෙන දීපා ජලිතා, චතූසු දිසාසු විවරිත්වා චන්දනකරණ්ඩකා ඨපිතා. එවං භගවා තං සත්තාහං තත්ථ වීතිනාමෙත්වා තතො අපරං සත්තාහං රාජායතනෙ නිසීදි.
තව ද ඒ වැස්ස උපන් කල්හි මුචලින්ද නම් නා රජු මෙසේ සිතීය. මේ මේඝය භාග්‍යවතුන් වහන්සේ මාගේ භවනට, විමානයට පිවිසි කල්හිම උපන්නේ ය. උන්වහන්සේට ඉඳීමට ගෙයක් ලබන්නට වටින්නේය. හෙතෙමේ සත්රුවන්මය වූ පාසාදයක් නිමවීමට පුළුවන්කම තමන්ට ඇතත්, එසේ කළ කල්හී මට මහත්ඵල නොවන්නේ ය. දශබලධාරී වහසේ කයින් වතාවතක් කරන්නෙමියි මහා ආත්මභාවයක් මවා, ශාස්තෲන් වහන්සේ දරණවැල් සතකින් වටකොට හිස මත්තෙහි පෙනය දැරීය. දරණවැල ඇතුළත ඉඩකඩ ලොහෝ පහය පමණ විය. කැමති කැමති ඉරියව්වකින් ශාස්තෲන් වහන්සේ ඉරියව් පවත්වනු මැනැවැයි නාරජුගේ බලාපොරොත්තුව විය. එහෙයින් මෙවැනි මහත් ඉඩකඩක් සැකසීය. මධ්‍යයෙහි රුවන් පළඟක් පනවන ලද්දේ වේ. මත්තෙහි රන්තරුයෙන් විසිතුරු කළ රැස් කළ මල් හා සුවඳ මල්දම් වියනක් විය. සතරකොන්හී සුවඳින් යුතු තෙලින් පහන් දල්වන ලදී. සිව්දෙස විවරකොට සඳුන් කරඬු සතරක් තැබ්බවීය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එහි සත්දිනක් කල් ගෙවීය. එයින් මත්තෙහි සත්දිනක් රාජායතනයෙහි වැඩ හුන්නේය.
අට්ඨමෙ සත්තාහෙ සක්කෙන දෙවානමින්දෙන ආභතං දන්තකට්ඨඤ්ච ඔසධහරීතකඤ්ච ඛාදිත්වා මුඛං ධොවිත්වා චතූහි ලොකපාලෙහි උපනීතෙ පච්චග්ඝෙ සෙලමයෙ පත්තෙ තපුස්සභල්ලිකානං පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා පුන පච්චාගන්ත්වා අජපාලනිග්රොධෙ නිසින්නස්ස සබ්බබුද්ධානං ආචිණ්ණො අයං විතක්කො උදපාදි.
රාජායතනයෙන් නික්ම අටවන සතියෙහි සක්දෙවිඳුන් විසින් පිළිගන්වන ලද දැහැටි දඬුද, ඖෂධ වූ අරළු ද, වළඳා මුව සෝදා සතරවරම් දෙවිවරුන් විසින් පමුණුවන ලද, ගල්මුවා පාත්‍රයෙන් තපස්සුභල්ලිකයන් විසින් පිරිනමන ලද පිණ්ඩපාතය වළඳා ආපසු නැවත අවුත් අජපල් නුගරුකමුල වැඩහුන් බුදුනට, සියලු බුදුවරයන්ට පොදු වූ මේ විතර්කය පහළ විය.
තත්ථ පණ්ඩිතොති පණ්ඩිච්චෙන සමන්නාගතො. වියත්තොති වෙය්යත්තියෙන සමන්නාගතො. මෙධාවීති ඨානුප්පත්තියා පඤ්ඤාය සමන්නාගතො. අප්පරජක්ඛජාතිකොති සමාපත්තියා වික්ඛම්භිතත්තා නික්කිලෙසජාතිකො විසුද්ධසත්තො. ආජානිස්සතීති සල්ලක්ඛෙස්සති පටිවිජ්ඣිස්සති. ඤාණඤ්ච පන මෙති මය්හම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණං උප්පජ්ජි. භගවා කිර දෙවතාය කථිතෙනෙව නිට්ඨං අගන්ත්වා සයම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ඔලොකෙන්තො ඉතො සත්තමදිවසමත්ථකෙ කාලං කත්වා ආකිඤ්චඤ්ඤායතනෙ නිබ්බත්තොති අද්දස. තං සන්ධායාහ – “ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදී”ති. මහාජානියොති සත්තදිවසබ්භන්තරෙ පත්තබ්බමග්ගඵලතො පරිහීනත්තා මහතී ජානි අස්සාති මහාජානියො. අක්ඛණෙ නිබ්බත්තත්තා ගන්ත්වා දෙසියමානං ධම්මම්පිස්ස සොතුං සොතප්පසාදො නත්ථි, ඉධ ධම්මදෙසනට්ඨානං ආගමනපාදාපි නත්ථි, එවං මහාජානියො ජාතොති දස්සෙති. අභිදොසකාලඞ්කතොති අඩ්ඪරත්තෙ කාලඞ්කතො. ඤාණඤ්ච පන මෙති මය්හම්පි සබ්බඤ්ඤුතඤ්ඤාණං උදපාදි. ඉධාපි කිර භගවා දෙවතාය වචනෙන සන්නිට්ඨානං අකත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණෙන ඔලොකෙන්තො “හිය්යො අඩ්ඪරත්තෙ කාලඞ්කත්වා උදකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නිබ්බත්තො”ති අද්දස. තස්මා එවමාහ. සෙසං පුරිමනයසදිසමෙව.
එහි පණ්ඩිතො නුවණැති බවින් සමන්විත වූ, බ්යන්තො ව්‍යක්ත බවින් පරිපූර්ණ වූ, මෙධාවී තැනට උවමනා නුවණින් යුතු වූ, අප්පරජක්ඛ ජාතිකො සමවතින් යටපත් කළ බැවින් කෙළෙස් දුරුකළ ස්වභාව ඇති අති පරිශුද්ධ සත්ත්වයෙකි. අජානිස්සති සළකන්නේ ය. අවබෝධ කරන්නේය. ඤාණඤ්ච පන මෙ මට ද සර්වඥතාඥානය උපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි දේවතාවා කී පමණින් ම නිගමනයට නො පැමිණ තමන් ද සර්වඥතා ඥානයෙන් බලන්නේ මෙයින් සත්දිනක් මත්තෙහි කළුරියකොට ආකිඤ්චඤ්ඤායතනයේ උපදින බව දුටුයේය. ඒ නිසා ඤාණඤ්ච පන දස්සනං උදපාදි යන්න කීහ. මහාජානියො සත් දිනක් ඇතුළත පත් වූ මාර්ගඵලයෙන් පිරිහෙන බැවින් මහත් වූ හානියක් මොහුට අත්වේනුයි මහාජානිය නම් වේ. අක්ෂණයෙහි (අයෝග්‍ය අවස්ථාවේ) උපන. එහි ගොස් දේශනා කරන ධර්මය අසන්නට ඔහුට ශෝත ප්‍රසාදය නැත. මෙහි දහම් දෙසන තැනට පැමිණීමට පාදය ද නැත. මෙසේ මහත් හානියක් වූ බව දක්වයි. අභිදොස කාලකතොති අර්ධ රාත්‍රියේ කළුරිය කළේ. ඤාණඤ්ච පන මෙ මට ද සර්වඥතා ඥානය උපන. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දේවතාවාගේ වචනයෙහිම නො පිහිටා තමන් ද සර්වඥතා ඥානයෙන් බලන්නේ, උද්දකරාමපුත්‍ර තෙමේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනයේ උපන් බව දුටුයේය. එහෙයින් මෙසේ කීහ. ඉතිරිය පෙර කී පරිදිමය.
බහුකාරාති බහූපකාරා. පධානපහිතත්තං උපට්ඨහිංසූති පධානත්ථාය පෙසිතත්තභාවං වසනට්ඨානෙ පරිවෙණසම්මජ්ජනෙන පත්තචීවරං ගහෙත්වා අනුබන්ධනෙන මුඛොදකදන්තකට්ඨදානාදිනා ච උපට්ඨහිංසු. කෙ පන තෙ පඤ්චවග්ගියා නාම? යෙතෙ –
බහුකාර බොහෝ උපකාර ඇති, පධානපහිතත්තං උපට්ඨහිංසු ප්‍රධන් වීර්යය සඳහා මෙහෙයවන ලද පුද්ගලයා වසන තැන මිදුල් ඇමදීමෙන් ද, පා සිවුරු ගැනීමෙන් ද. මුව සෝදන දිය දැහැටි දඬු ගෙන දීමෙන් ද, උපස්ථාන කරන ලද පංචවර්ගියෝ නම් කවරහුද?
රාමො ධජො ලක්ඛණො ජොතිමන්ති, යඤ්ඤො සුභොජො සුයාමො සුදත්තො; එතෙ තදා අට්ඨ අහෙසුං බ්රාහ්මණා, ඡළඞ්ගවා මන්තං වියාකරිංසූති.
රාමය, ධජය, ලක්ඛණය, මන්ත්‍රිය, යඥය, භෝජය, සුයාමය, සුදත්තය යන මේ බමුණෝ අටදෙන, එකල්හි ෂඩ්වේදාංග ඇත්තාහු වූහ. ඔව්හූ අංග ලක්ෂණ විද්‍යාව ප්‍රකාශ කළාහු වෙති.
බොධිසත්තස්ස ජාතකාලෙ සුපිනපටිග්ගාහකා චෙව ලක්ඛණපටිග්ගාහකා ච අට්ඨ බ්රාහ්මණා. තෙසු තයො ද්වෙධා බ්යාකරිංසු – “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතො අගාරං අජ්ඣාවසමානො රාජා හොති චක්කවත්තී, පබ්බජමානො බුද්ධො”ති. පඤ්ච බ්රාහ්මණා එකංසබ්යාකරණා අහෙසුං – “ඉමෙහි ලක්ඛණෙහි සමන්නාගතො අගාරෙ න තිට්ඨති, බුද්ධොව හොතී”ති. තෙසු පුරිමා තයො යථාමන්තපදං ගතා, ඉමෙ පන පඤ්ච මන්තපදං අතික්කන්තා. තෙ අත්තනා ලද්ධං පුණ්ණපත්තං ඤාතකානං විස්සජ්ජෙත්වා “අයං මහාපුරිසො අගාරං න අජ්ඣාවසිස්සති, එකන්තෙන බුද්ධො භවිස්සතී”ති නිබ්බිතක්කා බොධිසත්තං උද්දිස්ස සමණපබ්බජ්ජං පබ්බජිතා. තෙසං පුත්තාතිපි වදන්ති. තං අට්ඨකථාය පටික්ඛිත්තං.
බෝසතුන් උපන් දවස, සිහින පිළිගත්තා වූ, මහා පුරිස් ලකුණු පිළිගත්තා වූ ද, බමුණෝ අටදෙනෙක් වූවාහු ද ඔවුන් අතුරින් තිදෙනෙක් දෙවිධියක් ම ප්‍රකාශ කළහ. මේ ලකුණුවලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවොත් චක්‍රවර්ති රජ වේ. පැවිදි වුවහොත් බුදු වේ යනුවෙනි. ඔවුන් අතුරින් තිදෙනෙක් මන්ත්‍ර පදය ඉක්මවමින් ඔව්හූ තමන් ලත් පූර්ණ පාත්‍රය නෑයින්ට විහිදා මේ මහා පුරුෂයා ගිහිගෙයි නො වසන්නේ ය. ඒකාන්තයෙන් ම බුදුවන්නේ යයි විතර්ක රහිතව බෝසතුන් උදෙසා ශ්‍රමණ ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූහ. ඔවුන්ගේ පුත්‍රයෝ යයි ද කියති. එය අර්ථකථාව ප්‍රතික්ෂේප කරයි.
එතෙ කිර දහරකාලෙයෙව බහූ මන්තෙ ජානිංසු, තස්මා තෙ බ්රාහ්මණා ආචරියට්ඨානෙ ඨපයිංසු. තෙ පච්ඡා අම්හෙහි පුත්තදාරජටං ඡඩ්ඩෙත්වා න සක්කා භවිස්සති පබ්බජිතුන්ති දහරකාලෙයෙව පබ්බජිත්වා රමණීයානි සෙනාසනානි පරිභුඤ්ජන්තා විචරිංසු. කාලෙන කාලං පන “කිං, භො, මහාපුරිසො මහාභිනික්ඛමනං නික්ඛන්තො”ති පුච්ඡන්ති. මනුස්සා, “කුහිං තුම්හෙ මහාපුරිසං පස්සිස්සථ, තීසු පාසාදෙසු තිවිධනාටකමජ්ඣෙ දෙවො විය සම්පත්තිං අනුභොතී”ති වදන්ති. තෙ සුත්වා, “න තාව මහාපුරිසස්ස ඤාණං පරිපාකං ගච්ඡතී”ති අප්පොස්සුක්කා විහරිංසුයෙව.
මොව්හු තරුණ කාලයෙහිම බොහෝ මන්ත්‍ර දැන ගත්තාහුය. එහෙයින් ඒ බ්‍රාහ්මණයෝ ඇදුරුතන්හි තැබූහ. ඔව්හූ පසුව, අප විසින් අඹුදරුවන් පිළිබඳව අවුල, ආශාව බිඳ පැවිදි වන්නට නොහැකි වන්නේ යයි තරුණ කාලයේදී ම පැවිදි වී සිත්කළු වූ සෙනසුන් ඇසුරු කරමින් හැසිරුනාහ. එහෙත් කලින් කල පින්වත් මහා පුරුෂයාණන් මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මුනේදැයි විමසා බලත්. මිනිස්සු තොපගේ මහා පුරුෂයා කොතැන්හි දක්නහුද? ඔහු මාලිගා තුනෙක තුන්වැදෑරුම් නළුනිළියන් මැද දෙවියකු මෙන් සම්පත් අනුභව කරතියි කියත්. එය අසා මෙතෙක් මහා පුරුෂයාගේ නුවණ බිහිකිරීම් බවට නොපැමිණියේ යයි අල්පෝත්සුකව කල්ගත කළහ.
කස්මා පනෙත්ථ භගවා, “බහුකාරා ඛො ඉමෙ පඤ්චවග්ගියා”ති ආහ? කිං උපකාරකානංයෙව එස ධම්මං දෙසෙති, අනුපකාරකානං න දෙසෙතීති? නො න දෙසෙති. පරිචයවසෙන හෙස ආළාරඤ්චෙව කාලාමං උදකඤ්ච රාමපුත්තං ඔලොකෙසි. එතස්මිං පන බුද්ධක්ඛෙත්තෙ ඨපෙත්වා අඤ්ඤාසිකොණ්ඩඤ්ඤං පඨමං ධම්මං සච්ඡිකාතුං සමත්ථො නාම නත්ථි. කස්මා? තථාවිධඋපනිස්සයත්තා.
කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා යයි කීවහුද? ඇයි? උපකාර ඇත්තවුන්ට ම ශාස්තෲහූ බණ කියත්ද? උපකාර නැත්තවුන්ට බණ නොකියද්ද? උන්වහන්සේ පුරුද්ද වශයෙන්ම ආළාර කාලාම, උද්දකරාම තවුසන් ද බැලූහ. තව ද මේ බුද්ධ භූමියේ දී අඤ්ඤා කොණඩඤ්ඤ තෙරුන් හැර පළමුකොට දහම් පසක් කරන්නට ප්‍රාර්ථනා කළ සමර්ථයෙක් නම් නැත. කුමක් හෙයින්ද? ඒ සඳහා උපනිශ්‍රය ඇති බැවිනි.
පුබ්බෙ කිර පුඤ්ඤකරණකාලෙ ද්වෙ භාතරො අහෙසුං. තෙ එකතොව සස්සං අකංසු. තත්ථ ජෙට්ඨකස්ස “එකස්මිං සස්සෙ නවවාරෙ අග්ගසස්සදානං මයා දාතබ්බ”න්ති අහොසි. සො වප්පකාලෙ බීජග්ගං නාම දත්වා ගබ්භකාලෙ කනිට්ඨෙන සද්ධිං මන්තෙසි – “ගබ්භකාලෙ ගබ්භං ඵාලෙත්වා දස්සාමා”ති. කනිට්ඨො “තරුණසස්සං නාසෙතුකාමොසී”ති ආහ. ජෙට්ඨො කනිට්ඨස්ස අනනුවත්තනභාවං ඤත්වා ඛෙත්තං විභජිත්වා අත්තනො කොට්ඨාසතො ගබ්භං ඵාලෙත්වා ඛීරං නීහරිත්වා සප්පිඵාණිතෙහි යොජෙත්වා අදාසි, පුථුකකාලෙ පුථුකං කාරෙත්වා අදාසි, ලායනෙ ලායනග්ගං වෙණිකරණෙ වෙණග්ගං කලාපාදීසු කලාපග්ගං ඛළග්ගං භණ්ඩග්ගං කොට්ඨග්ගන්ති එවං එකසස්සෙ නවවාරෙ අග්ගදානං අදාසි. කනිට්ඨො පනස්ස උද්ධරිත්වා අදාසි, තෙසු ජෙට්ඨො අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරො ජාතො, කනිට්ඨො සුභද්දපරිබ්බාජකො. ඉති එකස්මිං සස්සෙ නවන්නං අග්ගදානානං දින්නත්තා ඨපෙත්වා ථෙරං අඤ්ඤො පඨමං ධම්මං සච්ඡිකාතුං සමත්ථො නාම නත්ථි. “බහුකාරා ඛො ඉමෙ පඤ්චවග්ගියා”ති ඉදං පන උපකාරානුස්සරණමත්තකෙනෙව වුත්තං.
ඈත අතීතයේ පින් කරන කාලයේ සහෝදරවරු දෙදෙනෙක් වූහ. ඔව්හූ එක්ව ගොවිතැන්බත් කළාහුය. එහි වැඩිමලාට එක් ශස්‍ය වාරයකදී නව වරක් අගසස් දන් දිය යුතුයයි කල්පනා විය. හෙතෙම වපුරන කල ‘බීජග්ග’ නම් අගසස් දන් දී, ගැබ් කල සහෝදරයා සමග සාකච්ඡා කළේය. බාලයා ගැබ්කල ගැබ් පලා දී තරුණ ගොයම් නසන්නට කැමැත්තේ දැයි කීහ. වැඩිමලා බාල සොහොයුරා තමන් අනුව නො පවත්නා බව දැන කෙත දෙකට බෙදා තමාගේ කොටසින් ගැබ් පලා කිරි බැහැරකොට ගිතෙල් සකුරු සමග යොදා දන් දුන්නේ ය. පැසෙන කාලයෙහි හබලපෙති කරවා දුන්නේ ය. කපන කාලයෙහි ‘දායනග්ග’ හා වේණි කිරීමෙහි දී ‘වෙණග්ග’ වශයෙන් ද, මිටි බැඳීම් කාලයෙහි දී ‘කලාප’ වශයෙන් ද, ඛලග්ග, බළ භණ්ඩග්ග, කොට්ඨග්ග ආදී වශයෙන් එක් ශස්‍ය වාරයක දී නව වරක් අගසස් (අග්‍රශස්‍ය) දන් දුන්හ. බාලයා වනාහි නගා (උදධරිත්වා) වී රැගෙන ම දුන්නේ ය. ඔවුන් අතුරෙන් වැඩිමලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්ථවිරයෝ වූහ. බාලයා සුභද්ද පරිබ්‍රාජකයා විය. මෙසේ එක් ශස්‍ය වාරයක දී නව වරක් අගසස් දන් දී ප්‍රාර්ථනා කර තිබූ බැවින් තෙරුන් හැර අන් කිසිවෙක් පළමුකොට ධර්මය අවබෝධ කරන්නට සමත් වෙනත් කෙනෙක් නම් නැත. බහුකාරා ඛො මෙ පඤචවග්ගියා මේ වනාහි උපකාර සිහිකිරීම් පමණකින් ම වදාරණ ලදී.
ඉසිපතනෙ මිගදායෙති තස්මිං කිර පදෙසෙ අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකසම්බුද්ධා ගන්ධමාදනපබ්බතෙ සත්තාහං නිරොධසමාපත්තියා වීතිනාමෙත්වා නිරොධා වුට්ඨාය නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තදහෙ මුඛං ධොවිත්වා පත්තචීවරමාදාය ආකාසෙන ආගන්ත්වා නිපතන්ති. තත්ථ චීවරං පාරුපිත්වා නගරෙ පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චා ගමනකාලෙපි තතොයෙව උප්පතිත්වා ගච්ඡන්ති. ඉති ඉසයො එත්ථ නිපතන්ති උප්පතන්ති චාති තං ඨානං ඉසිපතනන්ති සඞ්ඛං ගතං. මිගානං පන අභයත්ථාය දින්නත්තා මිගදායොති වුච්චති. තෙන වුත්තං “ඉසිපතනෙ මිගදායෙ”ති.
ඉසිපතනෙ මිගදායෙ යනු මේ පෙදෙසෙහි බුදුවරුන් නූපන් වකවානුවල පසේ බුදුවරුන් ගන්ධමාදන පර්වතයෙහි සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී කල්යවා සමාපත්තියෙන් නැගිට නාලිය දැහැටිවලින් දත්මැද, අනවතප්ත විලෙන් මුව සෝදා පා සිවුරු ගෙන අහසින් වැඩමවා මේ ස්ථානයේ බසින බැවින් ද, එහි දී සිවුරු පොරවා පිඬු පිණිස හැසිර කරන ලද බත්කිසෙන් පසුව මෙතැනින් ම ආපසු පිටත්වන බැවින් ද, සෘෂීහූ මෙහි බසින නිසා ද මෙතැනින් නගින නිසා ද ‘ඉසිපතන’ නම් විය. තව ද මුවන්ට අභය පිණිස දුන් හෙයින් ‘මිගදාය’ නමින් ද හඳුන්වයි. ඉසිපතනෙ මිගදායෙ යන්න එහෙයින් කියන ලදී.
අන්තරා ච ගයං අන්තරා ච බොධින්ති ගයාය ච බොධිස්ස ච විවරෙ තිගාවුතන්තරෙ ඨානෙ. බොධිමණ්ඩතො හි ගයා තීණි ගාවුතානි. බාරාණසී අට්ඨාරස යොජනානි. උපකො බොධිමණ්ඩස්ස ච ගයාය ච අන්තරෙ භගවන්තං අද්දස. අන්තරාසද්දෙන පන යුත්තත්තා උපයොගවචනං කතං. ඊදිසෙසු ච ඨානෙසු අක්ඛරචින්තකා “අන්තරා ගාමඤ්ච නදිඤ්ච යාතී”ති එවං එකමෙව අන්තරාසද්දං පයුජ්ජන්ති. සො දුතියපදෙනපි යොජෙතබ්බො හොති. අයොජියමානෙ උපයොගවචනං න පාපුණාති. ඉධ පන යොජෙත්වා එව වුත්තොති. අද්ධානමග්ගපටිපන්නන්ති අද්ධානසඞ්ඛාතං මග්ගං පටිපන්නං, දීඝමග්ගපටිපන්නන්ති අත්ථො. අද්ධානමග්ගගමනසමයස්ස හි විභඞ්ගෙ “අද්ධයොජනං ගච්ඡිස්සාමීති භුඤ්ජිතබ්බ”න්තිආදිවචනතො (පාචි· 218) අද්ධයොජනම්පි අද්ධානමග්ගො හොති. බොධිමණ්ඩතො පන ගයා තිගාවුතං.
අන්තරා ච ගයං අන්තරා ච බොධිං ගයාවට ද බෝධියට ද විවර වූ, පොදු වූ තුන්ගවු පමණ ප්‍රදේශය. බෝමැඩ සිට ගයාවට ගවු තුනෙකි. බරණැසට අටළොස් යොදුනෙකි. උපක තෙමේ බෝමැඩට ද ගයාවට ද අතරමග දී භාග්‍යවතුන් මුණගැසිණ. එහෙත් අන්තරාපදය යෙදුන බැවින් කර්ම වචන කරන ලදී. මෙබඳු තන්හී අක්ෂර චින්තකයෝ අන්තරා ගාමංච නදිංච යාති මෙසේ එකම අන්තරා ශබ්දය යොදත්. එය දෙවෙනි පදය හා සම්බන්ධ කළයුතු වේ. නො යොදන කල්හි කර්ම වචන නො යෙදේ. මෙහි යෙදුම කියන ලදී. අද්ධාන මග්ග පටිපන්නං දීර්ඝ මාර්ගයට පිළිපන්නහු විභංග ප්‍රකරණයෙහි අද්ධයොජනං ගච්ඡිස්සාමීති භුඤ්ජිතබ්බං යනුවෙන් වදාළ හෙයින් අඩ යොදුන ද අද්ධාන මාර්ගය වෙයි. ගයාවට බෝමැඩ සිට තුන් ගවුවෙකි.
සබ්බාභිභූති සබ්බං තෙභූමකධම්මං අභිභවිත්වා ඨිතො. සබ්බවිදූති සබ්බං චතුභූමකධම්මං අවෙදිං අඤ්ඤාසිං. සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තොති සබ්බෙසු තෙභූමකධම්මෙසු කිලෙසලෙපනෙන අනුපලිත්තො. සබ්බං ජහොති සබ්බං තෙභූමකධම්මං ජහිත්වා ඨිතො. තණ්හාක්ඛයෙ විමුත්තොති තණ්හාක්ඛයෙ නිබ්බානෙ ආරම්මණතො විමුත්තො. සයං අභිඤ්ඤායාති සබ්බං චතුභූමකධම්මං අත්තනාව ජානිත්වා. කමුද්දිසෙය්යන්ති කං අඤ්ඤං “අයං මෙ ආචරියො”ති උද්දිසෙය්යං.
සබ්බාභිභූ සියළු ත්‍රෛභූමික ධර්මය මැඩපවත්වා සිටියෙමි. සබ්බවිදූ සියලු චාතුර්භූමික ධර්මය අවබෝධ කළෙමි. සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො සියලු ත්‍රෛභූමික ධර්මයන්හි ක්ලේශයන්හි නො ඇලීමෙන් යුක්ත වූයේ, සබ්බං ජහො සියලු ත්‍රෛභූමික ධර්මය හැර සිටියෙමි. තණ්හක්ඛයෙ විමුත්තො තණ්හාව දුරුකළ නිර්වාණයෙහි අරමුණ වශයෙන් නිදහස් වූයෙමි. සයං අභිඤ්ඤායති සියලු චාතුර්භූමක ධර්මය තමන් විසින්ම දැන, කමුද්දිසෙය්යං අන් කවරෙක් මගේ ගුරුවරයා යයි කියම්ද?
න මෙ ආචරියො අත්ථීති ලොකුත්තරධම්මෙ මය්හං ආචරියො නාම නත්ථි. නත්ථි මෙ පටිපුග්ගලොති මය්හං පටිභාගපුග්ගලො නාම නත්ථි. සම්මාසම්බුද්ධොති සහෙතුනා නයෙන චත්තාරි සච්චානි සයං බුද්ධො. සීතිභූතොති සබ්බකිලෙසග්ගිනිබ්බාපනෙන සීතිභූතො. කිලෙසානංයෙව නිබ්බුතත්තා නිබ්බුතො. කාසිනං පුරන්ති කාසිරට්ඨෙ නගරං. ආහඤ්ඡං අමතදුන්දුභින්ති ධම්මචක්කපටිලාභාය අමතභෙරිං පහරිස්සාමීති ගච්ඡාමි.
නමෙ ආචරියො අත්ථි ලෝකෝත්තර ධර්මයෙහි මට ආචාර්යවරයෙක් නැත. නත්ථි මෙ පටිපුග්ගලො මට වඩා උසස් පුද්ගලයෙක් නම් නැත. සම්මා සම්බුද්ධො යහපත් හේතු යුක්තීන් අනුව, චතුරාර්ය සත්‍යයන් තමන් විසින් ම අවබෝධ කරන ලද්දේ, සීතිභූතො සියලු කෙලෙස් ගිනි නිවීමෙන් සිහිල් වූයේ සියලු කෙලෙස්වලින් නිවුනු බැවින්, කාසීන පුරං යනු කසීපුරට, කාසි දේශයට ආමඤ්ජං අමත දුන්දුභිං දම්සක් ලැබීම පිණිස අමාබෙරය ගසන්නෙමයි යමි.
අරහසි අනන්තජිනොති අනන්තජිනොති භවිතුං යුත්තො. හුපෙය්ය පාවුසොති, ආවුසො, එවම්පි නාම භවෙය්ය. පක්කාමීති වඞ්කහාරජනපදං නාම අගමාසි.
අරහසි අනන්ත ජිනො යනු අනන්ත ජින යයි වන්ට සුදුසුය. හූවෙය්ය පාවුසො ඇවැත්නි මෙසේත් නම් වන්නේ ය. පක්කාමි වංගහාර ජනපදයට ගියේය.
තත්ථෙකං මිගලුද්දකගාමකං නිස්සාය වාසං කප්පෙසි. ජෙට්ඨකලුද්දකො තං උපට්ඨාසි. තස්මිඤ්ච ජනපදෙ චණ්ඩා මක්ඛිකා හොන්ති. අථ නං එකාය චාටියා වසාපෙසුං, මිගලුද්දකො දූරෙ මිගවං ගච්ඡන්තො “අම්හාකං අරහන්තෙ මා පමජ්ජී”ති ඡාවං නාම ධීතරං ආණාපෙත්වා අගමාසි සද්ධිං පුත්තභාතුකෙහි. සා චස්ස ධීතා දස්සනීයා හොති කොට්ඨාසසම්පන්නා. දුතියදිවසෙ උපකො ඝරං ආගතො තං දාරිකං සබ්බං උපචාරං කත්වා පරිවිසිතුං උපගතං දිස්වා රාගෙන අභිභූතො භුඤ්ජිතුම්පි අසක්කොන්තො භාජනෙන භත්තං ආදාය වසනට්ඨානං ගන්ත්වා භත්තං එකමන්තෙ නික්ඛිපිත්වා සචෙ ඡාවං ලභාමි, ජීවාමි, නො චෙ, මරාමීති නිරාහාරො සයි. සත්තමෙ දිවසෙ මාගවිකො ආගන්ත්වා ධීතරං උපකස්ස පවත්තිං පුච්ඡි. සා “එකදිවසමෙව ආගන්ත්වා පුන නාගතපුබ්බො”ති ආහ.
එහි එක මුවවැදි ගමකට ගොස් එහි වාසය කළේය. ජ්‍යෙෂ්ඨ මුව වැද්දා ඔහුට උපස්ථාන කළේය. ඒ ජනපදයෙහි බොහෝ සැඩ වූ මැස්සෝ සිටියහ. එකල්හි ඔහු එක් සැළියකින් වැසූහ. මුව වැද්දා මුවන් මැරීම සඳහා දුර පළාතකට යන්නේ, ‘අපගේ රහතන් වහන්සේට නොපමාව උවැටන් කරවයි’ ‘ජවා’ නම් දුවණියට පවරා පුතුන් හා සහෝදරයන් සමග ගියහ. ඕ ඔහුගේ දියණිය දැකුම්කළු රුව ඇත්තී පිරුණු දසරුව ඇත්තේ වෙයි. දෙවන දවසෙහි උපක වැදි ගෙදරට ආවේ ඒ දැරිය සියළු ඇප උපකාර කොට වළඳන්නට එළඹියා දැක, රාගයෙන් මැඩුණු පැවතුම් ඇත්තේ අහර බුදින්නට නො හැකි වූයේ බඳුන පිටින්ම බත් රැගෙන තමන් වසන තැනට ගියේ ය. ආහාර බඳුන පසෙකින් තබා ‘ජවා’ ලදොත් ජීවත් වෙමි. නැතිනම් දිවි හරිමි යි නිරාහාරවම නිදා ගත්තේය. සත්වෙනි දවස මුව වැද්දා පැමිණ දුවගෙන් උපත පිළිබඳ තොරතුරු විමසීය. ඔහු එක් දිනක් ආ බවත්, ඉන්පසුව නො ආ බවත් ඕ කීවාය.
මාගවිකො ආගතවෙසෙනෙව නං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාමීති තංඛණංයෙව ගන්ත්වා “කිං, භන්තෙ, අප්ඵාසුක”න්ති පාදෙ පරාමසන්තො පුච්ඡි. උපකො නිත්ථුනන්තො පරිවත්තතියෙව. සො “වදථ භන්තෙ, යං මයා සක්කා කාතුං, තං සබ්බං කරිස්සාමී”ති ආහ. උපකො, “සචෙ ඡාවං ලභාමි, ජීවාමි, නො චෙ, ඉධෙව මරණං සෙය්යො”ති ආහ. ජානාසි පන, භන්තෙ, කිඤ්චි සිප්පන්ති. න ජානාමීති. න, භන්තෙ, කිඤ්චි සිප්පං අජානන්තෙන සක්කා ඝරාවාසං අධිට්ඨාතුන්ති.
මුව වැදි තෙමේ ආ පයින්ම ඔහු වෙත ගොස් විමසන්නෙමි යි ඒ මොහොතේ ම ගොස්, කිම ස්වාමීනි! අපහසුව කුමක්දැයි දෙපා අතගාමින් ඇසීය. උපක තෙමේ තතනමින් එහා මෙහා පෙරළේ. ස්වාමීනි කියනු මැනවි. යමක් මා විසින් කළ හැකිනම් ඒ සියල්ල කරමි යි කීය. උපක තෙමේ ඉදින් ‘ජවා ලැබේ නම් ජීවත් වෙමි. ඉදින් නො ලැබේ නම් මෙහිදීම මරණය උතුමැ’යි කීය. ස්වාමීනි, කිසියම් ශිල්පයක් දනී ද? නොදනිමියි කීය. ස්වාමීනි කිසිම ශිල්පයක් නො දැන ගිහිගෙයි වසන්නට නුපුළුවනැයි වැද්දා කීය.
සො ආහ – “නාහං කිඤ්චි සිප්පං ජානාමි, අපිච තුම්හාකං මංසහාරකො භවිස්සාමි, මංසඤ්ච වික්කීණිස්සාමී”ති. මාගවිකො, “අම්හාකම්පි එතදෙව රුච්චතී”ති උත්තරසාටකං දත්වා ඝරං ආනෙත්වා ධීතරං අදාසි. තෙසං සංවාසමන්වාය පුත්තො විජායි. සුභද්දොතිස්ස නාමං අකංසු. ඡාවා තස්ස රොදනකාලෙ “මංසහාරකස්ස පුත්ත, මිගලුද්දකස්ස පුත්ත මා රොදී”තිආදීනි වදමානා පුත්තතොසනගීතෙන උපකං උප්පණ්ඩෙසි. භද්දෙ ත්වං මං අනාථොති මඤ්ඤසි. අත්ථි මෙ අනන්තජිනො නාම සහායො. තස්සාහං සන්තිකෙ ගමිස්සාමීති ආහ. ඡාවා එවමයං අට්ටීයතීති ඤත්වා පුනප්පුනං කථෙති. සො එකදිවසං අනාරොචෙත්වාව මජ්ඣිමදෙසාභිමුඛො පක්කාමි.
මම කිසි ශිල්පයක් නො දනිමි. එහෙත් ඔබගේ මස් කද ගෙන එන්නට හැකිය. මස් විකුණන්නට පුළුවන. මුව වැසි තෙම මෙය අපට ද ආධාරයක් වේයයි උතුරුසළුව දී ගෙට කැඳවාගෙන ගොස් දියණිය දුන්නේ ය. ඔවුන්ගේ සංවාසයෙන් ඈ පුතකු වැදුවාය. පුතාට සුභද්ද යයි නම් තැබීය. ජාවා තොමෝ පුතු හඬන කල්හි මස් අදින්නාගේ පුත නාඩං, මුව වැද්දාගේ පුත නාඩං යනාදිය කියමින් පුතු නළවයි. මෙයින් උපකට නිග්‍රහ කළාය. (උපක තෙමේ) සොඳුර, මා අනාථයෙකැයි නො සිතව. මට ‘අනන්තජින’ නම් යහළුවෙක් ඇත. මම ඔහු සමීපයට යන්නෙමි යි කීය. ජාවා මෙසේ මෙතෙම ලජ්ජා වේයයි නැවත නැවත කියයි. හෙතෙම එක් දිනක් නො දන්වාම මැදුම් දෙසට මුහුණ ලා ගමනට පිටත්විය.
භගවා ච තෙන සමයෙන සාවත්ථියං විහරති ජෙතවනෙ මහාවිහාරෙ. අථ ඛො භගවා පටිකච්චෙව භික්ඛූ ආණාපෙසි – “යො, භික්ඛවෙ, ‘අනන්තජිනො’ති පුච්ඡමානො ආගච්ඡති, තස්ස මං දස්සෙය්යාථා”ති. උපකොපි ඛො “කුහිං අනන්තජිනො වසතී”ති පුච්ඡන්තො අනුපුබ්බෙන සාවත්ථිං ආගන්ත්වා විහාරමජ්ඣෙ ඨත්වා කුහිං අනන්තජිනොති පුච්ඡි. තං භික්ඛූ භගවතො සන්තිකං නයිංසු. සො භගවන්තං දිස්වා – “සඤ්ජානාථ මං භගවා”ති ආහ. ආම, උපක, සඤ්ජානාමි, කුහිං පන ත්වං වසිත්ථාති. වඞ්කහාරජනපදෙ, භන්තෙති. උපක, මහල්ලකොසි ජාතො පබ්බජිතුං සක්ඛිස්සසීති. පබ්බජිස්සාමි, භන්තෙති. භගවා පබ්බාජෙත්වා තස්ස කම්මට්ඨානං අදාසි. සො කම්මට්ඨානෙ කම්මං කරොන්තො අනාගාමිඵලෙ පතිට්ඨාය කාලං කත්වා අවිහෙසු නිබ්බත්තො. නිබ්බත්තක්ඛණෙයෙව අරහත්තං පාපුණීති. අවිහෙසු නිබ්බත්තමත්තා හි සත්ත ජනා අරහත්තං පාපුණිංසු, තෙසං සො අඤ්ඤතරො.
ඒ වනවිට භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයේ වැඩවසයි. එකල්හි උන්වහන්සේ පළමුව භික්ෂූන් ඇමතූ සේක. ‘යමෙක් අනන්තජින යයි විචාරමින් පැමිණියහොත් ඔහුට මා මුණගස්වනු’යි වදාළහ. උපක තෙමේ ද අනන්තජින කොහි වෙසේදැයි විචාරමින් පිළිවෙළින් සැවැතට පැමිණ, වෙහෙර මැද සිට ‘අනන්තජින’ යන් කොහිදැයි විචාළේය. ඒ භික්ෂූහු ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණවූහ. හෙතෙමේ ද භාග්‍යවතුන් වහන්සේ දැක මා හඳුනන්නහු දැයි ඇසීය. එසේය උපක, හඳුනමි. තෙපි (මෙතෙක් කල්) කොහි විසුවෙහිද? වහන්ස, වංගහාර ජනපදයෙහි ය. උපක මහලු වූයෙහිය. පැවිදි වන්නට හැකිවන්නෙහි ද? වහන්ස, පැවිදි වන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ ඔහු පැවිදි කරවා ඔහුට කමටහන් දුන්නේ ය. හෙතෙම කමටහන් වඩා අනාගාමී ඵලයෙහි පිහිටා කළුරිය කොට අවියෙහි උපන. උපන් කෙනෙහිම රහත්බවට පැමිණියේය. අවියෙහි උපන් ඇසිල්ලේම සක්දෙනෙක් රහත්බවට පැමිණියාහුය. ඔවුන් අතුරෙන් මොහු එක් අයෙකි.
වුත්තඤ්හෙතං –
“අවිහං උපපන්නාසෙ, විමුත්තා සත්ත භික්ඛවො; රාගදොසපරික්ඛීණා, තිණ්ණා ලොකෙ විසත්තිකං.
අවිහ බඹලොවට උත්පත්ති වශයෙන් පැමිණි භික්ෂූහු සත්දෙනෙක් අර්හත්ඵල විමුක්තියෙන් මිදුනාහු, රාග ද්වේෂයන් ක්ෂය කළාහු, සත්ත්ව ලෝකයේ තෘෂ්ණාව තරණය කළාහුය.
උපකො පලගණ්ඩො ච, පුක්කුසාති ච තෙ තයො; භද්දියො ඛණ්ඩදෙවො ච, බහුරග්ගි ච සඞ්ගියො; තෙ හිත්වා මානුසං දෙහං, දිබ්බයොගං උපජ්ඣගු”න්ති. (සං· නි· 1.105);
උපකය, ඵලගණ්ඩය, පුක්කුසාතිය, භද්දිය, ඛණ්ඩදේවය, බාහුදත්තිය, පිංගය යන සත්දෙන ඕරම්භාගිය සංයෝජන පස දුරුකොට, උද්ධංභාගිය සංයෝජන ඉක්ම ගියාහුය.
සණ්ඨපෙසුන්ති කතිකං අකංසු. බාහුල්ලිකොති චීවරබාහුල්ලාදීනං අත්ථාය පටිපන්නො. පධානවිබ්භන්තොති පධානතො විබ්භන්තො භට්ඨො පරිහීනො. ආවත්තො බාහුල්ලායාති චීවරාදීනං බහුලභාවත්ථාය ආවත්තො. අපිච ඛො ආසනං ඨපෙතබ්බන්ති අපිච ඛො පනස්ස උච්චකුලෙ නිබ්බත්තස්ස ආසනමත්තං ඨපෙතබ්බන්ති වදිංසු. නාසක්ඛිංසූති බුද්ධානුභාවෙන බුද්ධතෙජසා අභිභූතා අත්තනො කතිකාය ඨාතුං නාසක්ඛිංසු. නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්තීති ගොතමාති, ආවුසොති ච වදන්ති. ආවුසො ගොතම, මයං උරුවෙලායං පධානකාලෙ තුය්හං පත්තචීවරං ගහෙත්වා විචරිම්හා, මුඛොදකං දන්තකට්ඨං අදම්හා, වුත්ථපරිවෙණං සම්මජ්ජිම්හා, පච්ඡා කො තෙ වත්තප්පටිපත්තිමකාසි, කච්චි අම්හෙසු පක්කන්තෙසු න චින්තයිත්ථාති එවරූපිං කථං කථෙන්තීති අත්ථො.
සණ්ඨපෙසු කතිකා කළාහුය. බාහුලිකො බොහෝ සිවුරු පිරිකර එකතු කිරීමට පිළිපන්නේ, පධාන විබ්භන්තො ප්‍රධන් වීර්යයෙන් පිරිහුනේ, ආවත්තො බාහුල්ලාය සිව්පසයෙහි බහුල බවට පෙරළුනේ, අපිච ඛො ආසනං ඨපෙතබ්බං එතකුදු වුවත් උසස් කුලයෙහි උපන්නහුට ආසනයක් තැබීම පමණක් කළයුතු යයි කීහු. නාසක්ඛිංසු යනු බුද්ධානුභාවයෙන් බුද්ධ තේජසින් මඩනා ලද්දවුන්ට තමන්ගේ කතිකාවතෙහි පිහිටන්නට නුපුළුවන් වූහ. නාමෙනච ආවුසො වාදෙනච සමුද්රචරන්ති යනු ගෝතම යයි කියති. ආවුසො යයි කියති. ඇවැත්නි, අපි ඔබ උරුවේලාවෙහි ප්‍රධන් වීර්ය වඩන කාලයේ ඔබේ පාසිවුරු ගෙන හැසුරුනෙමු. මුව දෝවනයට වතුර හා දැහැටි දුන්නෙමු. වාසය කළ තැන හැමදීමු. (අපෙන්) පසුව ඔබට කවරෙක් වත්පිළිවෙත් කළෝද? කිම අප ඉවත්ව ගිය කල්හි ඒ පිළිබඳ නො සිතුවේද? මෙවැනි කථා කියති යන අර්ථයි.
ඉරියායාති දුක්කරඉරියාය. පටිපදායාති දුක්කරපටිපත්තියා. දුක්කරකාරිකායාති පසතපසත-මුග්ගයූසාදිආහරකරණාදිනා දුක්කරකරණෙන. අභිජානාථ මෙ නොති අභිජානාථ නු මම. එවරූපං පභාවිතමෙතන්ති එතං එවරූපං වාක්යභෙදන්ති අත්ථො. අපි නු අහං උරුවෙලාය පධානෙ තුම්හාකං සඞ්ගණ්හනත්ථං අනුක්කණ්ඨනත්ථං රත්තිං වා දිවා වා ආගන්ත්වා, – “ආවුසො, මා විතක්කයිත්ථ, මය්හං ඔභාසො වා නිමිත්තං වා පඤ්ඤායතී”ති එවරූපං කඤ්චි වචනභෙදං අකාසින්ති අධිප්පායො. තෙ එකපදෙනෙව සතිං ලභිත්වා උප්පන්නගාරවා, “හන්ද අද්ධා එස බුද්ධො ජාතො”ති සද්දහිත්වා නො හෙතං, භන්තෙති ආහංසු.
ඉරියායා යනු දුෂ්කර වූ ඉරියව්වෙන්, පටිපදායා යනු දුෂ්කර ප්‍රතිපත්තියෙන්, දුක්කරකාරිකායා යනු පතක් පතක් පමණ වූ මුංයුෂ ආදිය ආහාරකොට ගැනීම ආදී දුෂ්කරක්‍රියා කිරීමෙන්, අභිජානාථ මෙ නො දන්නහුද මාගේ එවරූපං විබ්භාවිතං මෙතං යනු මෙබඳු වූ වාක්‍ය භේද යන අර්ථයි. කිමෙක්ද මම උරුවෙලාවෙහි ප්‍රධන් වීර්යය වඩන සමයෙහි තොපගේ සිත් ගැනීම පිණිස, උකටලී නොවනු පිණිස රෑ හෝ දවල් හෝ පැමිණ ඇවැත්නි, විතර්ක නො කරවූ. මට ආලෝකයක් හෝ නිමිත්තක් පැනේ යයි මෙබඳු කිසි දෙයක් තොපට කීවෙම් ද? ඔව්හූ එක් පදයෙන්ම සිහි ලැබ උපන් ගෞරව ඇත්තේ මෙතෙමේ ඒකාන්තයෙන් බුදු වූයේ වනැයි අදහා නො හෙතං භන්තෙ නැත ස්වාමීනි යි කීවාහුය.
අසක්ඛිං ඛො අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුන්ති අහං, භික්ඛවෙ, පඤ්චවග්ගියෙ භික්ඛූ බුද්ධො අහන්ති ජානාපෙතුං අසක්ඛිං. තදා පන භගවා උපොසථදිවසෙයෙව ආගච්ඡි. අත්තනො බුද්ධභාවං ජානාපෙත්වා කොණ්ඩඤ්ඤත්ථෙරං කායසක්ඛිං කත්වා ධම්මචක්කප්පවත්තනසුත්තං කථෙසි. සුත්තපරියොසානෙ ථෙරො අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සූරියෙ ධරමානෙයෙව දෙසනා නිට්ඨාසි. භගවා තත්ථෙව වස්සං උපගච්ඡි.
අසක්ඛිං ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං යනු මහණෙනි, මම පස්වග මහණුන්ට ‘මම බුදුමි’යි හඟවන්නට හැකි වීමි. තව ද එකල භාග්‍යවතුන් වහන්සේ පොහෝ දවස්හිම පැමිණියහ. නැවත තමන්ගේ බුද්ධභාවය දන්වා කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් කාය සාක්ෂි කොට දම්සක් පැවතුම් සූත්‍රය දෙසීය. සූත්‍රාවසානයේ තෙරුන් වහන්සේ අටළොස් කෙළක් බ්‍රහ්මයන් සමග සෝවාන් පෙලෙහි පිහිටියේය. හිරු ධරමාන කල්හිම සූත්‍රය නිමියේය. භාග්‍යවතුන් වහන්සේ එහිම වස් එළඹියහ.
ද්වෙපි සුදං, භික්ඛවෙ, භික්ඛූ ඔවදාමීතිආදි පාටිපදදිවසතො පට්ඨාය පිණ්ඩපාතත්ථායපි ගාමං අප්පවිසනදීපනත්ථං වුත්තං. තෙසඤ්හි භික්ඛූනං කම්මට්ඨානෙසු උප්පන්නමලවිසොධනත්ථං භගවා අන්තොවිහාරෙයෙව අහොසි. උප්පන්නෙ උප්පන්නෙ කම්මට්ඨානමලෙ තෙපි භික්ඛූ භගවතො සන්තිකං ගන්ත්වා පුච්ඡන්ති. භගවාපි තෙසං නිසින්නට්ඨානං ගන්ත්වා මලං විනොදෙති.
ද්වෙපි සුදං භික්ඛවෙ භික්ඛු ඔවදාමි පෑළවිය දින පටන් පිඬු පිණිස ද ගමට නොයාම කියන ලදී. ඒ භික්ෂූන්ගේ කමටහන්හි උපන් සැක මුසු තැන් විමර්ශනය කරනු පිණිස බුදුන්වහන්සේ ඇතුළු වෙහෙරම විසූහ. කර්මස්ථානයන් පිළිබඳ උපන් උපන් කුකුස් මල භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් විචාරති. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් හුන් හුන් තැන්වලට කුකුස් දුරුකරති. ඉවත් කෙරෙති.
අථ නෙසං භගවතා එවං නීහටභත්තෙන ඔවදියමානානං වප්පත්ථෙරො පාටිපදදිවසෙ සොතාපන්නො අහොසි. භද්දියත්ථෙරො දුතියායං, මහානාමත්ථෙරො තතියායං, අස්සජිත්ථෙරො චතුත්ථියං. පක්ඛස්ස පන පඤ්චමියං සබ්බෙව තෙ එකතො සන්නිපාතෙත්වා අනත්තලක්ඛණසුත්තං කථෙසි, සුත්තපරියොසානෙ සබ්බෙපි අරහත්තඵලෙ පතිට්ඨහිංසු. තෙනාහ – “අථ ඛො, භික්ඛවෙ, පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා…පෙ… අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු…පෙ… නත්ථි දානි පුනබ්භවො”ති. එත්තකං කථාමග්ගං භගවා යං පුබ්බෙ අවච – “තුම්හෙපි මමඤ්චෙව පඤ්චවග්ගියානඤ්ච මග්ගං ආරුළ්හා, අරියපරියෙසනා තුම්හාකං පරියෙසනා”ති ඉමං එකමෙව අනුසන්ධිං දස්සෙන්තො ආහරි.
මෙසේ බැහැර කළ බත් ඇති භාග්‍යවතුන් විසින් අවවාද කරනු ලබන්නා වූ වප්ප තෙර පෑලවිය දවස් සෝවාන් විය. ‘භද්දිය’ තෙර දියවක ද, මහානාම තෙර තියවක ද අස්සජී තෙර ජලවක ද සෝවාන් වූහ. යළි පොහොය පසු වී පස්වෙනි දවසේ, ‘විසේනිය දා’ ඔවුන් සියල්ලන් රැස්කරවා ‘අනාත්ම ලක්ෂණ සූත්‍රය’ වදාළහ. සූත්‍ර දේශනාවගේ කෙළවර සියලු දෙන අර්හත් ඵලයෙහි පිහිටියාහුය. එහෙයින් කියන ලදී. අථ ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා -පෙ- අනුත්තරං යොගක්ඛෙමං නිබ්බාන අජ්ඣගමංසු -පෙ- නත්ථිදානි පුනබ්භවො මෙතෙක් කථා මාර්ගය වදාළ බුදුහු ‘තෙපි ද මාගේ හා පස්වග භික්ෂූන්ගේ මගට පිළිපන්හ. තොපගේ සෙවීම ආර්යයන්ගේ සෙවීමයි. පළමු වදාළ දේ සමග අනුසන්ධි ගලපා දක්වන්නේ මෙසේ එලවූ සේක.
ඉදානි යස්මා න අගාරියානංයෙව පඤ්චකාමගුණපරියෙසනා හොති, අනගාරියානම්පි චත්තාරො පච්චයෙ අප්පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජන්තානං පඤ්චකාමගුණවසෙන අනරියපරියෙසනා හොති, තස්මා තං දස්සෙතුං පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණාතිආදිමාහ. තත්ථ නවරත්තෙසු පත්තචීවරාදීසු චක්ඛුවිඤ්ඤෙය්යා රූපාතිආදයො චත්තාරො කාමගුණා ලබ්භන්ති. රසො පනෙත්ථ පරිභොගරසො හොති. මනුඤ්ඤෙ පිණ්ඩපාතෙ භෙසජ්ජෙ ච පඤ්චපි ලබ්භන්ති. සෙනාසනම්හි චීවරෙ විය චත්තාරො. රසො පන එත්ථාපි පරිභොගරසොව. යෙ හි කෙචි, භික්ඛවෙති කස්මා ආරභි? එවං පඤ්ච කාමගුණෙ දස්සෙත්වා ඉදානි යෙ එවං වදෙය්යුං, “පබ්බජිතකාලතො පට්ඨාය අනරියපරියෙසනා නාම කුතො, අරියපරියෙසනාව පබ්බජිතාන”න්ති, තෙසං පටිසෙධනත්ථාය “පබ්බජිතානම්පි චතූසු පච්චයෙසු අප්පච්චවෙක්ඛණපරිභොගො අනරියපරියෙසනා එවා”ති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්ථ ගධිතාති තණ්හාගෙධෙන ගධිතා. මුච්ඡිතාති තණ්හාමුච්ඡාය මුච්ඡිතා. අජ්ඣොපන්නාති තණ්හාය අජ්ඣොගාළ්හා. අනාදීනවදස්සාවිනොති ආදීනවං අපස්සන්තා. අනිස්සරණපඤ්ඤාති නිස්සරණං වුච්චති පච්චවෙක්ඛණඤාණං. තෙ තෙන විරහිතා.
මෙවිට යම්හෙයකින් ගිහි ගේ වැසියන්ගේ පස්කම් ගුණ සෙවීම නොවේද? සිව්පසය පස් විකීමෙන් තොරව වළඳන්නා වූ පැවිද්දන්ගේ ද, පස්කම් ගුණ වශයෙන් අනාර්ය පරියේසන වේ. එහෙයින් එය දැක්වීමට පඤ්චිමෙ භික්ඛමෙ කාමගුණ ආදිය කීහ. එහි අළුත පඬු පෙවූ පටසිවුරු ආදිය චක්ඛු විඤ්ඤෙය්යා රූපා යනාදී වූ සතර කාම ගුණයෝ ලැබෙති. රසය වනාහි මෙහි නැවත පරිභෝග රසය වේ. මිහිරි වූ පිණ්ඩපාතයෙහි ද බෙහෙත් ගිලන්පසවල ද පසම ලැබෙති. සෙනස්නෙහි සිවුරෙහි මෙන් හතරකි. රසය වනාහි මෙහි පරිභෝග රසයයි. යෙහි කෙචි භික්ඛවෙ යනු කුමක් හෙයින් ආරම්භ කළේ ද, මෙසේ පස්විධ කාමගුණයන් දක්වා දැන් යමෙක් තුමූ ‘පැවිදි වූ කල පටන් පැවිද්දන්ට අනාපරියේසන නම් කොයින්ද?” ආර්ය පර්යේෂණ ම වේ යයි මෙසේ කියන්නාහු ද ඔවුන් බාධාකරනු පිණිස වළක්වනු පිණිස පැවිද්දන්ගේ ද සිව්පසයෙහි පස් විකීමෙන් තොරව කරන පරිභෝගය අනාර්ය පර්යේෂණ නම් වේයයි දක්වන්නට මේ දේශනාව ආරම්භ කළේය. එහි ගථිතා යනු තෘෂ්ණාවෙන් ගැටගැසුණු මුච්ඡිතා යනු තෘෂ්ණා ක්ලාන්තයෙන් මුසපත් වූ, අජ්ඣාපන්නා තෘෂ්ණාවෙන් ඇතුළත ගැලුනාහු. අනාදීනව දස්සාවිනො ආදීනව නොදක්නාහු අනිස්සරණ පඤ්ඤා නිස්සරණ යනු ප්රත්යවේක්ෂා ඤාණයයි. එයින් තොර වූ.
ඉදානි තස්සත්ථස්ස සාධකං උපමං දස්සෙන්තො සෙය්යථාපි, භික්ඛවෙතිආදිමාහ. තත්රෙවං ඔපම්මසංසන්දනං වෙදිතබ්බං – ආරඤ්ඤකමගො විය හි සමණබ්රාහ්මණා, ලුද්දකෙන අරඤ්ඤෙ ඨපිතපාසො විය චත්තාරො පච්චයා, තස්ස ලුද්දස්ස පාසරාසිං අජ්ඣොත්ථරිත්වා සයනකාලො විය තෙසං චත්තාරො පච්චයෙ අප්පච්චවෙක්ඛිත්වා පරිභොගකාලො. ලුද්දකෙ ආගච්ඡන්තෙ මගස්ස යෙන කාමං අගමනකාලො විය සමණබ්රාහ්මණානං මාරස්ස යථාකාමකරණීයකාලො, මාරවසං උපගතභාවොති අත්ථො. මගස්ස පන අබද්ධස්ස පාසරාසිං අධිසයිතකාලො විය සමණබ්රාහ්මණානං චතූසු පච්චයෙසු පච්චවෙක්ඛණපරිභොගො, ලුද්දකෙ ආගච්ඡන්තෙ මගස්ස යෙන කාමං ගමනං විය සමණබ්රාහ්මණානං මාරවසං අනුපගමනං වෙදිතබ්බං.
මේ අර්ථය පැහැදිලි කරන්නට උපමාවක් දක්වමින් සෙය්යථාපි භික්ඛවෙ ආදිය කීහ. එහි උපමා උපමේය සන්සන්දනය මෙසේ දතයුතු. වන මෘගයෝ මෙන් මහණ බමුණෝ ද, වැද්දා විසින් වනයෙහි තැබූ උගුල මෙන් සිව්පසය ද, ඒ වැද්දාගේ උගුල් රැස මැඩගෙන නිදන කාලය මෙන් පස් විකීමෙන් තොරව පරිභෝග කරන කාලය ද, වැද්දා එන කල්හි මුවා කැමති තැනකට යා නොහැකිව වැද්දාට රිසි සේ හැසිරෙන කාලය මෙන් මහණ බමුණන් ගේ මාරයා විසින් කැමති පරිද්දෙන් හසුරුවන කාලය ද දතයුතුයි. මාර වසඟයට පැමිණියේ යන අර්ථයි. යළි උගුලේ නොබඳිනා ලද මුවාගේ පාශරාශිය මත්තෙහි සිහියෙන් නිදන කාලය මෙන් මහණ බමුණන් සිව්පසය පස්විකා පරිභෝග කරන කාලය ද වැද්දා එන කල්හි මුවා කැමති තැනකට යන කාලය මෙන් මහණ බමුණන් මාර වසඟයට නො පැමිණීමද, දතයුතු.
විස්සත්ථොති නිබ්භයො නිරාසඞ්කො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ඵස්සත්ථො නිර්භය වූයේ, නිසැක වූයේ අනෙක් සියල්ල පළමු කී පරිදිමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය පාසරාසිසුත්තවණ්ණනා නිට්ඨිතා.
පාසරසි සූත්‍රය හෙවත් අරිය පරියේසන සූත්‍ර වර්ණනාව නිමියේය.
අරියපරියෙසනාතිපි එතස්සෙව නාමං.